tag:blogger.com,1999:blog-7645413252634993606.post8464229260616985517..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: සරසවි ආචාර්යවරුන්ට එරෙහිව ඇමති එස්.බී.ඊරියගොල්ලRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7645413252634993606.post-73206610717404812482011-09-01T18:10:58.582-07:002011-09-01T18:10:58.582-07:00සරසවි ආචාර්යවරුන්ගේ සටනට පසුවදනක්
This article g...සරසවි ආචාර්යවරුන්ගේ සටනට පසුවදනක්

This article gives a good answer written by Amila Gunarathna

අමිල ගුණරත්න

වැඩි පඩි ඉල්ලා සරසවි ආචාර්යවරුන් මෑතකදී එලියට බැස්සෝය. ඔවුන් එසේ එලියට බැස්සේ සරසවි සිසුන්ට හෝ මෙරටේ ජනතාවට ඇති ආදරයකින් නොවන බව අප දනිමු. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාලවල සිසුන්ට පුස්තකාල , සෞඛ්‍ය , ක්‍රීඩා යනාදී පහසුකම් නොව පෙට්ටි කඩෙන් ලාබෙට ගන්නා ඉටි කොලේ ඔතපු එක ව්‍යංජනයේ නීරස බත් එක කා අත හෝදගන්නට හරි හමන් ටැප් එකක් පවා නැත. එවැනි පහසුකම් සිසුන්ට ඇති කර දීමට සරසවි ආචාර්යවරුන් එලියට බැස්සේ නැත. එලියට බැස්සේ තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් සඳහාය.

පිටරට විශ්ව විද්‍යාල වල මෙන් ලංකාවේ විශ්ව විද්‍යාල වල සරසවි ආචාර්යවරු සහ සරසවි සිසුන් අතර දැනුම , අනාගත වෘත්තිය දැනුම වර්ධනය කර ගැනීමේ කතිකා නැත. ඇත්තේ හූව, කැලෑ පත්තර සහ ගුටි ඇන ගැනීමේ සන්නිවේදන කලාවයි. එම නිසා අපේ විශ්ව විද්‍යාල වලින් ගැඹුරු මිනිසුන් බිහි වෙන්නේ නැත. ලිංගික අසහනය , පන්ති වෛරය සහ හීනමානය යන තුන් කලාව පිරි ඇති ලංකාවේ විශ්ව විද්‍යාලවලවලට සුදුසුකම් ලැබුවද දැන් ඇති හැකි එවුන් එන්නේ නැත. උන් යන්නේ ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලටය. හීනමානය සහ අසහනය ඇති එවුන් සිත් සේ නවක වධ කියා අමු අමුවේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කරති. (මෙවැනි පරිසරයක් විශ්ව විද්‍යාලවල තිබීම ජෙප්පන්ට නම් කල්ල මරේය) ඒවා නැවැත්වීමටවත් සරසවි ආචාර්යවරුන්ට දැක්මක් නැත. අන්තිමේදී එයත් භාර ගත්තේ මිලිටරියයි. ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව සාක්ෂරතාවය අඩු අප්‍රිකාවේ රටවල විශ්ව විද්‍යාල වලටත් වඩා පසු පස සිටින නිසා පෞද්ගලික අංශයේ රැකියා පවා ලැබෙන්නේ බටහිරට ගොස් ව්‍යාපාර කළමනාකරණය ඩිප්ලෝමාවක් හෝ ලබාගත් තැනැත්තාටය. අවශේෂයන් ඉසුරුපාය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගොඩනැගිල්ල ඉදිරියට ගොස් පිනට ආණ්ඩුවෙන් රැකියාවක් දෙන තුරු උපවාස කාල යුතුය. ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් 40,000 රැකියා දුන් නමුත් ඔවුන්ගෙන් රාජ්‍ය කාර්යක්ෂමතාවට වූ පිටුවහලක් නැත. ගිරා දැනුම මිස ප්‍රයෝගික දැනුම බහුතරයකට නැත. මෙය අමිහිරි නමුත් සත්‍ය යථාර්තයයි.

ලංකාවේ විශ්ව විද්‍යාලවල මෙවැනි පහත් තත්වයකට වැටී ඇති බව එස්. බී පමණක් නොවේ රජතුමාද හොඳින් දනියි. එම නිසා එලදායිතාවක් නොමැති අපගේ විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වසා තැබුවත් එය රටට පාඩුවක් නොවන බව මේ දෙපොල හොඳින්ම දනිති. එම නිසා අවශ්‍ය වුවහොත් විශ්ව විද්‍යාල තව අවුරුදු පහක් වුවද වසා තබන බව එස් .බී පාරම් බෑවේය. වෙනත් රටක ඇමතිවරයෙක් (විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ) එසේ කිවේ නම් මුළු විශ්ව විද්‍යාල ප්‍රජාවම විරෝධතාව දැක්වීමට ඉඩ තිබුණි. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාලවල කෙරෙන්නේ සහ තමන්ද කරන්නේ බොරුව බව සරසවි ආචාර්යවරු දනිති. එම නිසා එස් බී ගේ කතාවට කිසිම විරෝධතාවක් නාවේය.

සරසවි ආචාර්යවරුන් තමන්ගේ පර්මිට් වාහනයට දක්වන්න සැලකිල්ලෙන් සහ අවධානයෙන් සියයට එකක් තමන්ගෙන් ඉගෙන ගන්නා සරසවි සිසුවාට යොමු කළේ නම් ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල මෙතරම් පහලට වැටෙන්නේ නැත. බොහෝ සරසවි ආචාර්යවරුන් තමන්ගේ ළමුන්ව උසස් අධ්‍යාපනය සදහා ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවලට යැවීමට සැලසුම් හදනවා මිස තමන් උගන්වන විශ්ව විද්‍යාල වලට තම දරුවන් ඉගෙන ගැනීමට එනවා දැකීමට අකමැතිය. ඊට හේතුව මෙතන සිදුවන්නේ බොරුව බව හොඳාකාරවම දන්නා බැවිනි.

සරසවි ආචාර්යවරු උගන්වන්නේ පරණ දැනුමය. ඔවුන් අලුතින් යමක් නොකියවති. ටියුෂන් දීමට හා දේශපාලන පක්ෂ වලට කඩේ යාමට තිබෙන නිසා එසේ කියවීමට කාල වේලාවද නැත. තමන්ගේ ගුරා තමුන්ට දුන් නෝට්ස් ටික ගෝලයන්ට දෙති. ගෝලයන්ද ඒවා ගිරවුන් මෙන් කටපාඩම් කර ගනිති පරිගණක යුගයට ගැලපෙන නවීකරණයක් නැත. යමක් අධ්‍යනය කරන්නේ හෝ බුද්ධි කලම්බනයක් ප්‍රොජෙක්ට් එකක් කිරීමට හෝ උත්සහයක් නැත. වෙනත් රටවල විශ්ව විද්‍යාල වල මෙන් තමන් උගන්වන විෂයේ විෂය පාඨමාලා ප්‍රසිද්ධ කරන්නේ නැත. ඒවා රස රහස් ය. ඇතැම් සරසවි ආචාර්යවරු සිසුන් ගේ ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ක්‍රමය අපුරුය. කාමරයේ විදුලි පංකාව උපරිමයට දමා පිළිතුරු පත්‍ර උඩ දමති. මධ්‍යට වැටෙන පිළිතුරු පත්‍ර වලට වැඩි ලකුණුද ඈතට පාවී යන ඒවාට අඩු ලකුණුද ලැබේ. බොහෝ විට පන්ති සාමාර්ථයක් ලැබීමට ආචාර්යවරයා සමග යහන් ගතවිය යුතුය. සමහර කථිකාචාර්යවරු සිසුවියන්ගෙන් ප්‍රසිධියේ ලිංගික අල්ලස් ඉල්ලති. වැඩි පඩි ඉල්ලා මිස විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සහය වෙයව් කියා සරසවි ආචාර්යවරුන් එලියට බසින්නේ නැත. එසේ ගුණාත්මකබව වැඩි කිරීමට ඔවුන්ට උවමනාවක් ද නැත. අවසානයේදී අයිවෝ ජෙනිග්ස් සහ අයිවෝ ඩෙනිස් අතර වෙනස නොදන්නා බුද්ධිමය අතින් ලාමක ගිරා පෝතකයන් පරපුරක් පමණක් බිහි කිරීමට දායක වී තිබේ. මෙය අද දවසේ අපි හමුවේ ඇති කටුක සහ විපරිත සත්‍යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-59926607369489784352011-05-15T11:04:15.404-07:002011-05-15T11:04:15.404-07:00Menna sarasawi gena BOONDI site eke thiboona artic...Menna sarasawi gena BOONDI site eke thiboona articles. Read and comment.

1.ADAHAS BOONDIYA අහෝ... "සරසවි දේවී...!" | ආරියනන්ද සමරසිංහ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=1670

2.ADAHAS BOONDIYA විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් කන්‍යාවන් ද? | ගාමිණී වියන්ගොඩ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=1220

3.ADAHAS BOONDIYA 'හොත් පොර'(ණ) ඇදුරු වත| මහාචාර්යවරු හිටගෙන කරන විට චූලාචාර්යවරු දුව දුව කරති!!
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=979

4. ADAHAS BOONDIYA සීටීබී-බස් ඩිපෝවක හැදූ සාහිත්‍ය විචාර සිල-බස් http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=642

5. ADAHAS BOONDIYA සරසවි රැස්වීම් ශාලා වල ඉඩකඩ ප්‍රශ්නයට තවමත් විසඳුම් නෑ | රංජිත් අමරසිංහ http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=ADAH&ArtID=1822Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-54355144075129074102011-05-14T23:48:50.096-07:002011-05-14T23:48:50.096-07:00ඔය මහචාර්ය ආචාර්ය වරු අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන...ඔය මහචාර්ය ආචාර්ය වරු අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන ඉටි ගෙඩියක්ද කරල තියෙන්නෙ. කරල තියෙනවනම් එකම දෙයයි. ඒ තමයි ඡන්ද කාලෙට මහ එවුන් වෙනුවෙන් මිනිස්සුන්ව රවට්ටන එක. ඉතින් එයාලගෙන් ඉගෙන එන අය තමයි රට කරවන්නෙත්. එස්බී ත් එහෙම කෙනෙක්නෙ. බොරු විද්වත් කයිවාරු මිසක් ඇත්තෙන්ම රටේ පොඩි මිනිස්සුන්ට මොකක්ද මේ වෙනකම් මෙයාලගෙන් හෝ මෙයාල බිහිකල අයගෙන් වෙලා තියෙන්නෙ. වෙලා තියෙන එකම දේ තමයි හැමදාම එයාලත් ඇතුඵවන සුඵතරයකට සැප විඳින්න සාමාන්‍ය මිනිස්සු හූරා කන එක විතරයි. ලංකාව ලෝකය ඉදිරියට ගෙන ගියාට වැඩක් නෑ. ඒ රට තුළ ජීවත් වෙන්නෙ අන්ත පීඩාවට පත්වෙන මිනිස්සුනම්. රටේ බහුතර මිනිස්සු සැනසීමෙන්, සතුටින් නම් ලෝකය ඉදිරියට ගියාට වඩා ඒක හොඳයි. රට කියන්නෙ මිනිස්සු කියන කොටස අත්හැරලද? නැත්නම් මිනිස්සු කියන්නෙ උගත්තු, දේශපාලකයො වගේ සිවිල් බලයක් ඇති අය විතරද? ඉතින් අනෙක් අයට වඩා දැන උගත් අය කරන්න ඕනි නූගත් අහිංසක මිනිස්සු වෙනුවෙන් සේවය කිරීම නෙවෙයිද?
හැමදාම මිනිස්සුන්ව සූරාගෙන කන පාලකයින් එක්ක මැතිවරණ කාලෙට සංධානගත වෙලා පස්සෙ කොහොම හරි තමන්ගෙ මල්ල පුරවගැනීම සාධාරණයි කියලද කියන්නෙ. ඇත්තෙන්ම මෙයාල හරියට හිටියනම් දවසින් දවස මේ විෂමතාවයන්, ඇති නැති පරතරයන් ඉහළ යන්නෙ නෑ. මෙයාලගෙ පඩි වැඩි කරන්න ආණ්ඩුව කෙළින්නෙ අහිංසකයගෙ පත් පතට කෙළල කියල රාමචන්ද්‍රටත් පෙනෙන්නෙ නැතිව ඇති. ඇත්තෙන්ම සාධාරණ වෙන්නෙ දැන්වත් හැමදාම අසාධාරණයට, සූරාකෑමට ලක්වුණු අහිංසක මිනිස්සු වෙනුවෙන් දැන්වත් ආත්මාර්ථකාමී බවින් මිදිල කටයුතු කිරීමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-82120799321532480842011-05-14T06:31:46.345-07:002011-05-14T06:31:46.345-07:00ල0කවෙ ගොඩක ඈමතිවරු පිස්ස0කොටුඑ ඉන්නඔන ජාතියෙ,(හොද ...ල0කවෙ ගොඩක ඈමතිවරු පිස්ස0කොටුඑ ඉන්නඔන ජාතියෙ,(හොද මිනිස්සුත් ඉන්නවා).
මෙතුමාත් ඵ්ජාතියෙ තමා.මෙයා මෙහෙම වෑඩිපුර දගලලා ආන්ඩුවත් අපහසුතාවයට පත්කරලා අගමෑතිකමේ තරහා පිරිමහගන්නවද කොහෙද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-1480757540482053462011-05-14T03:14:30.490-07:002011-05-14T03:14:30.490-07:00පැහැදිලි සත්‍යයකි. නමුත් මෙහි තවත් පැත්තක්ද තිබේ. ...පැහැදිලි සත්‍යයකි. නමුත් මෙහි තවත් පැත්තක්ද තිබේ. සරසවි තියන්නේ උගන්වන්න විතරක් නෙමේ කෝ ලංකාවේ පර්යේෂණ මේ දිසානායකලා දන්නවද පර්යේෂණ නැති විශ්ව විද්‍යාල ගැන. ඔබ දන්නවද ලංකාවේ පර්යේෂණ අරමුදලක් හදාගන්න කී දෙනෙක්ට කඩේ යන්න ඕනෙද? සරසවි අක්‍රීය රටක සංවර්ධනය කියන්නේ මොකක්ද. පාරවල් හදන එකද? වහාම කල යුත්තේ සරසවි ආචාර්ය්ය වරුන්ගේ වැටුප් පමණක් නෙමෙයි පර්යේෂණ දීමනා ඇතුළු සියළු දීමනා වැඩි කරලා ඔවුන් රටේ සංවර්ධනයට දායක වෙන විදියට වැඩ කිරීම නේද?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-17168083747526130382011-05-14T02:41:07.175-07:002011-05-14T02:41:07.175-07:00සරසවියක් වශයෙන් හඳුන්වන්නේ නිදහස් උසස් අධ්‍යාපන ආය...සරසවියක් වශයෙන් හඳුන්වන්නේ නිදහස් උසස් අධ්‍යාපන ආයතනයකි. නිදහස් වශයෙන් හඳුන්වන්නේ කිසි කෙනෙකුට ඇඟිලි ගැසිය නොහැකි යන මතය බව මගේ අදහසයි. 1967 වසරේ ඊරියගොල්ල මහතා පනත් කිහිපයක් ඉදිරිපත් කලේය. එකක් වූයේ එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය, කොළඹ, නමින් තිබූ ආයතනය කොලඹ විශ්ව විද්‍යාලය යනුවෙන් නම් කොට වෙනක් ආයතනයක් බවට පත් කිරීමයි. පේරාදෙනියේ තිබෙන විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය නමින් නම් කිරීමයි. අවාසනාවකට මේ සිද්ධිය වන විට මම වෛද්‍ය අංශයේ ශිෂ්‍යයෙක් වීමි. අපි ඇතුලු වූයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයටය. කොලඹ විශ්ව විද්‍යාලයට නොවේ. අපිට තිබූ සියලු අයිතිවාසිකම් ඉබේම වාගේ පේරාදෙනියේ විශ්ව විද්‍යාලයට පැවරුණි. එයින් වෛද්‍ය ශිෂ්‍යයෝ වියරු වැටුනහ. ඒ වසර ගනණක් පුරා ලෝකප්‍රසිද්ධ ශ්‍රී ලංකා වෛද්‍ය වරු උපයා ගත් අධ්‍යාපනික විශේෂතා නිකම්ම වෙනත් ආයතනයකට ගැනීම නිසාය. වෛද්‍ය ශිෂ්‍යයෝ ඒ වෙන තෙක් වැඩ වර්ජනය හෙලා දුටහ. ඒ බලවත් පහරින් කුපිත වුනු වෛද්‍ය ශිෂ්‍යයෝ ආචාර්ය මණ්ඩලයේ සහාය සමගින් වැඩ වර්ජනයකට එළඹුණහ. රාත්‍රි කාලයේ නන්දදාස කෝදාගොඩ මහචාර්ය රාජසූරිය වැනි ආචාර්ය වරු කොලඹ විශ්ව විද්‍යාල භූමියට පැමින සිදුවන්නේ කුමක්දැයි විමසූහ. වැඩ වර්ජනයට එකතු වූවන් අතර ඊරියගොල්ල මහත්මයාගේ පුත්‍ර රත්නය, දේවා ඊරියගොල්ල මහත්මයා ද වූයේය. නම් වශයෙන් සඳහන් කර ඇති කිසිවෙක් අද ජීවතුන් අතර නැත. අවසානයේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල උපාධි පිටරටවල විශ්ව විද්‍යාලවලින් පිලිගැනීම නතර කිරීම දක්වා මේ සිදුවීම දුර දිග ගියේය. දිසානායක මහතාගේ කරනමෙන් විශ්ව විද්‍යාල මොන සැඩ පහරකට අසුවේදැයි සිතාගත නොහැක.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-56431370058002759842011-05-13T20:42:12.446-07:002011-05-13T20:42:12.446-07:00සරසවි ආචාර්යවරුන්ගේ අරගලය සාධාරණය.ශ්‍රී ලංකාව තුන්...සරසවි ආචාර්යවරුන්ගේ අරගලය සාධාරණය.ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ අනෙකුත් රටවල් අතර කැපීපෙනෙන්නේ,ආර්ථිකය අතින් විශාල පසුබෑමකට ලක්ව සිටියත් අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වලදී අප අනෙක් බොහෝ රටවලට වඩා ඉදිරියෙන් සිටින නිසාය.නමුත් ජාතියේ මානව සම්පත ගොඩනගන සරසවි ආචාර්ය වරුන්ට නිසිවැටුපක් දීමට රජය අසමත් නම් එහි ඛේදජනක ප්‍රතිපලය වන්නේ මෙම ආචාර්යවරු විශ්වවිද්‍යල ක්ෂේත්රයෙන් හෝ මෙරටින් පිටවීම නිසා සිසුපරපුරට ඔවුන්ගේ වටනා සේවය නොලැබීයාමයි.මක්නිසා ද සරසවි ක්ෂේත්රයෙන් පිට හෝ විදෙස් රටකදී ඔවුන්ට ආකර්ශනීය වැටුපකට හිමිකම් කීමට හොදටම හැකියාව ඇති බැවිණි. දීර්ගකාලීනව මෙමගින් රටේ දියුණුවට සිදුවන බලපෑම ව්ශාලය.රජය මේ පිලිඹදව වගකීමෙන් කටයුතු නොකලහොත් රටේ අධ්‍යපනය ද බිදවැටී ලෝකය තුල අප තවත් කොන්වී යනු ඇත.ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-73730386775573296172011-05-13T18:52:17.641-07:002011-05-13T18:52:17.641-07:00හොට අනිද්දාට සරසවි සියල්ල පුදගලික අංශයට විකුනාදමා ...හොට අනිද්දාට සරසවි සියල්ල පුදගලික අංශයට විකුනාදමා එය ඉතා දේශප්‍රේමී ප්රගතිශීලී පියවරක් ලෙසත් කාලීන අවශ්‍යතාවයක් ලෙසත් සියලු ජනමාධය වහලුන් ලවා නිරන්තරව කියවමින් එය සාධාරණීකරනය කරනු ඇත. එවිට මෙරට මෝඩ ජනතාව මෙන්ම නිවට බුද්ධිමතුන්ද, සංඝයාවහන්සේලාද සරසවි විකුණාදැමීම නිහඬව අනුමතකොට වෙනතක් බලාගන්නවා ඇත.කණ්ඩුලhttp://sinhala-nazi.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-60950446811232568132011-05-13T13:40:44.261-07:002011-05-13T13:40:44.261-07:00විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් මෙරට ජිවත් වෙන වැදගත...විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් මෙරට ජිවත් වෙන වැදගත්ම බුද්ධිප්රභවයකි. දිර්ඝ කාලයක් පොත පත හා සිමිත සමාජතලයකට නිරාවරණය වන ඔවුනගෙ සිතුම් පැතුම්ද අමුතුය. මෙවැනි සජිවි බුද්ධිමය සම්පත් හැල්ලුවට ලක් කරමින් රට තුල පවත්නා සංසරණයන් එක ලක්ෂයකට නාභිගත කිරිමෙ මෙහෙයුම් සැමදා කළ නොහැක. මෙවැනි බුද්ධිමය සම්පත් නිවැරදිව හැසිරවිමෙන් රට ඉදිරියට ගනු නොහැර තමන්ගෙ මිමුණුබුරන් වෙනුවෙන් සම්පත් රැස්කිරිම විනා මොවුන් හට වෙන කිසිදෙයක් දෙශපාලන තන්ත්රය තුල කල නොහැක.රටේ බහුතරයද දුෂනයට, අල්ලසට ගැතිව බලයට ආවඩන කල ඉහතකී සංඥාව පුස්සක් වන ඇත.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com