tag:blogger.com,1999:blog-7645413252634993606.post6533099523598488591..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: දෙමල සමාජය මග හැර - ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ? Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-7645413252634993606.post-44074518973922455992013-09-28T11:23:03.392-07:002013-09-28T11:23:03.392-07:00අඩෝ මේක වැදගත් කතාවක්.
--ishan--අඩෝ මේක වැදගත් කතාවක්.

--ishan--Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-71790152081076913732013-09-19T03:59:26.408-07:002013-09-19T03:59:26.408-07:00දේශපාලනයට උනන්දු කෙනෙකු ලෙස මෙය ඉතාම සාරවත් සංවාදය...දේශපාලනයට උනන්දු කෙනෙකු ලෙස මෙය ඉතාම සාරවත් සංවාදයක් ලෙස දකිමි.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-89168673220411162072013-09-15T23:48:17.390-07:002013-09-15T23:48:17.390-07:00Agreed mathalan hats off for you.Regds NayanAgreed mathalan hats off for you.Regds NayanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-12461602959570479352013-08-22T10:25:52.880-07:002013-08-22T10:25:52.880-07:00Dimithri - ජවිපෙ මූලික වශයෙන් වාම සංවිධානයක් බවයි ...Dimithri - ජවිපෙ මූලික වශයෙන් වාම සංවිධානයක් බවයි මගේ අදහස. ජවිපෙට යමෙක් බැදෙන්නේ හෝ ජවිපෙ සාමාජිකයින් බදවා ගන්නේ සිංහල ජාතිය ගැන කියා නොව සමාජවාදය ගැන කියාය. ජවිපෙ අධ්‍යාපන වැඩ තුල ද කථා කරන්නේ සිංහල ජාතිය ගැන නොව සමාජවාදය ගැනයි. ඒත් ජවිපෙ ඓතිහාසිකව ලංකාවේ ග්‍රාමීය සුලු ධනේශ්වර සමාජය තුලින් පැන නැගුනු පක්ෂයක්.ග්ම්බද සුලු ඉඩම් හිමියාගේ මනෝභාවය ජවිපෙ තුල සැලකිය යුතු මනෝභාවයක් ලෙස වැඩ කරයි. දේශප්‍රේමය ජාතිකවාදය වැනි සංකල්ප වලට ජවිපෙ වශී වන්නේ - හා ජවිපෙ සාමාජිකත්වයට එහි එතරම් "ප්‍රශ්නයක්" නොපෙනෙන්නේ එය පදනව් වී තිබෙන බලවේගයේ, මෙන්න මේ විශේෂිත ස්වභාවය නිසාය. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83255994550760581002013-08-22T10:21:03.050-07:002013-08-22T10:21:03.050-07:00Anonymous - // චම්පිකට සාපේක්ෂව ජවිපෙ දෙමළ ජනයාගේ ...Anonymous - // චම්පිකට සාපේක්ෂව ජවිපෙ දෙමළ ජනයාගේ ඉඩම් ප්රශ්නය / අතුරුදහන් කිරීම ගැන කථා කිරීම //

විමසිල්ලෙන් බැලුවහොත් යුද්ධ කාලය තුල පවා මෙවැනි දේ ගැන ජවිපෙ කථා කර ඇති බව සොයාගත හැක. උදාහරනයක් ලෙස කොලඹ ලොජ් වලින් දෙමල ජනයා පිටමං කරන්නට තීන්දු කල අවස්ථාවේ ජවිපෙ ඊට එරෙහි ප්‍රකාශයක් නිකුත් කලේය. 2000 ට පෙර නම් දෙමල ජනයාගේ ප්‍රශ්න ගැන මීටත් වඩා තීව්රව ජවිපෙ කථා කර ඇත. මෙහිදී චම්පිකට සාපේක්ෂව ජවිපෙ "හොද" බවට නම් සැකයක් නැත.ජවිපෙ සිංහල ජාතිකවාදය තැවරුනු වාමාංශික සංවිධානයක් කියා මා කියන්නේ ඒ නිසාය. මෙවැනි ප්‍රකාශ නිකුත් වන්නේ ජවිපෙ තුල තවමත් ශේෂ වි තිබෙන වාම සංඝටකය නිසාය.

ඒත් ගැටලුව - තීරනාත්මක ප්රශ්නයේදී - එනම් දෙමල ජනයාගේ දේශපාලන ඉරනම තීන්දු කිරීමේ අයිතිය තිබිය යුත්තේ කාටද කියන ප්රශ්නයේදී ජවිපෙ ගන්නා ස්ථාවරය වාමාංශික එකක් නොවීමයි.ජවිපෙ එතැනදී සිටින්නේ ඒකීය රාජ්‍යය දිවි පුදා හෝ රැකිය යුතුයි කියන සිංහල ජාත්යොන්මාදවාදී ස්ථාවරයේය. බලය බෙදාහැරීමේ සීමිත ධනේශ්වර ප්රතිසංස්කරනයකටවත් ඔවුන් එකග නැත. පලාත් සභා ඡන්දය බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා කියා ජවිපෙ කියන්නේ මේ නිසාය. එතැනදී එජාපය වැනි ලිබරල් පක්ෂ පවා ජවිපෙට වඩා ඉදිරියෙන් සිටී. දෙමල ජනයාගේ දේශපාලන අයිතිය පිලිගන්නේ නැතිව අතුරුදහන් කිරීම් හා වෙනත් එබදු ප්‍රශ්න ගැන කථා කිරීම ප්‍රමානවත් නැත. අතුරුදහන් කිරීම් වලට විරුද්ධව අවශ්‍ය නම් හෙළ උරුමයට උනත් ප්‍රකාශ නිකුත් කිරීමේ නොහැකියාවක් නැත.

arugeadaviya - // ජවිපෙ යෝජනාවලිය සෙසු පක්ෂ වලට සාපේක්ෂව හොදද? //

ජවිපෙ යෝජනාවලියේ අලුත් දෙයක් මම නොදකිමි.පලාත් සභා වෙනුවට ඔවුන් යෝජනා කරන "ජනතා සභා" යනු මොනවා දැයි නිශ්චිත පැහැදිලි කිරීමක් මම නොදිටිමි.අවතැන් වූවන් පදිංචි කිරීම, රජයේ වැඩ වලදී දෙමල භාෂාව භාවිතය වැනි කරුනු ගැන අන්තවාදීම එකෙක් දෙදෙනෙක් හැරුනු විට සිංහල ජාතිවාදීන් වුනත් විරුද්ධ වේ යැයි මම නොසිතමි. "ජනතා සභා" යනු යම් හෙයකින් කලාපීය ස්වයං පාලනය පිලිගන්නා ව්‍යුහයක් නම් එය ඉදිරි පියවරක් යැයි සිතමි. එජාපය වැනි ලිබරල් පක්ෂ පවා දැන් දශක කීපයක් තිස්සේ ඒ ස්ථාවරයේ සිටී. ඒත් සිංහල ධනපතීන්ගේ ඒකීය රාජ්‍යය පිලිගන්නා ජවිපෙ "ජනතා සභා" යන්නෙන් අදහස් කරන්නේ එවැනි පලල් ව්‍යුහයක් යැයි මට විශ්වාසයක් නැත.

Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-57702096372288487522013-08-21T00:37:25.814-07:002013-08-21T00:37:25.814-07:00//මම ජවිපෙ තේරුම් ගන්නේ සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙ...//මම ජවිපෙ තේරුම් ගන්නේ සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙස නොව සිංහල ජාතිකවාදය තැවරුනු වාමාංශික සංවිධානයක් ලෙසයි.//

රාමාගේ ඉහත (4) පද එහාමෙහා වීමක් පෙන්නුම් කරයි. එය මෙසේ වෙනස් විය යුතුයයි සිතමි.

"ජවිපෙ.........වාමාංශය තැවරුනු සිංහල ජාතිකවාදී සංවිධානයක් ලෙසයි"

- DimithriAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-79873718307688226562013-08-20T06:46:57.986-07:002013-08-20T06:46:57.986-07:00@ රාමා...ඇනෝගේ ප්‍රශ්නයට හා අදාලවම..........මේ වනව...@ රාමා...ඇනෝගේ ප්‍රශ්නයට හා අදාලවම..........මේ වනවිට ජවිපෙ උතුරේ ද්‍රවිඩ ජනතාවගේ වර්තමාන මූලික ගැටලු හා සම්බන්ධව ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධව සහ අනෙකුත් පක්ෂ[මැතිවරණයට ඉදිරිපත්වී සිටින] දරන අදහස් සසඳා බලන විට ජවිපෙ යම් දුරකට හෝ ඉදිරියෙන් සිටින බව ඔබට හැඟේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-13385030595900215632013-08-20T03:03:36.222-07:002013-08-20T03:03:36.222-07:00පිලිතුරු ලබා දීම ගැන ස්තූතියි වෙනවා. එහෙත් ඔබගේ 0...පිලිතුරු ලබා දීම ගැන ස්තූතියි වෙනවා. එහෙත් ඔබගේ 03 වන පිලිතුරට අදාලව තවත් අතුරු ප්‍රශ්න දෙකක් මට පැන නගිනවා. ඒ,

01. චම්පිකට හා විමල්ට සමගාමීව ඔවුන් මැතිවරණයට විරුද්ධ වුවත් ඔවුන්ට සාපේක්ෂව දෙමල ජනයාගේ ප්‍රශ්ණ විශේෂයෙන් අතුරුදන්වීම්, ඉඩම් ප්රශ්ණයන් ගැන දැන් දැන් ප්‍රකාශ සිදු කිරීම.

02. ඉහත කී හේතුව නිසාම ප්‍රධාන පෙලේ ජාතිකවාදී සංවිධානයන්වල නිරන්තර විවේචනයන්ට ලක්වීම.

මේ දේක නිසා හෝ අපට ඔවුන්ගේ ස්ථාවරයන්වල වෙනසක් ඇති වූවායැයි සිතිය නොහැකිද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-38417068460982212042013-08-19T12:24:30.485-07:002013-08-19T12:24:30.485-07:001.එල්ටීටීඊය හා අනෙත් ඊලාම් සටන්කාමී සංවිධාන ජාතික ...1.එල්ටීටීඊය හා අනෙත් ඊලාම් සටන්කාමී සංවිධාන ජාතික පීඩනයට එරෙහි ප්‍රතික්‍රියාවක් ලෙස දෙමල සමාජය තුලින් පැන නැගුනු සංවිධානයි. මේ සංවිධාන නියෝජනය කල අරමුන (සිංහල ආධිපත්‍යයෙන් නිදහස් වීම ) සදහා දෙමල සමාජයේ සහයෝගය සෑමකල්හිම හිමිවිය.

2. මීට පිලිතුර ජවිපෙ අරමුන මොකක්ද කියන එක මත රදා පවතී.අ) ජවිපෙ අරමුන පංති දේශපාලනය නම් - ඒ කියන්නේ උතුරේ සහ දකුනේ පීඩිත පංති අතර දේශපාලන සන්ධානයක් ඇති කරගන්න එක නම් - උතුරේ පීඩිතයින් මරන්න හමුදාවට සහයෝගය දීම විසින් උතුරේ පීඩිතයාගෙන් ආලෝක වර්ෂ ගනනාවක් ජවිපෙ ඈත් විය. ආ) ජවිපෙ අරමුන "වෙන මොකක් හරි එකක් නම්" - ( උදා - ඒකීය රාජ්‍යය රැකිම ) ඊට සාපේක්ෂව ජවිපෙ ගත් ක්‍රියාමාර්ගය හරි විය හැක. ඒත් ජවිපෙ විසින් ප්‍රකාශිත අරමුන වූයේ ඉහත (ආ) නොව (අ) ය. ඊට සාපේක්ෂව ජවිපෙ ගත් ක්‍රියාමාර්ගය සම්පූර්නයෙන්ම අසාර්ථකය. මේ බව තේරුම් ගැනීමට ලෙනින්ගේ න්‍යාය අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සාමාන්‍ය දැනුම හා දෙමල සමාජයේ මිනිස්සු අද හිතන්නේ මොනවාද කියන එක ගැන සාමාන්‍ය අවබෝධයක් පමනයි.

3. නැත. ජවිපෙ අදත් ප්‍රකාශ කරන්නේ " රට බේරා ගැනීමට රනවිරුවන් කල යුද්ධයට දායක වීමෙන්" තමා මහත් පුන්‍යකර්මයක් සිදුකරගත් බවයි.වෙනෙකක් තබා උතුරේ පලාත් සභා ඡන්දය තැබීම බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නක් බවට චම්පික- විමල් සමග එක පෙලට සිටගනිමින් විජිත හේරත් ප්‍රකාශයක් පවා නිකුත් කර තිබුනි. මොවුන් තවමත් බලා සිටින්නේ සිංහල ජාතිවාදී ධජය මහින්ද අතින් ගිලිහෙන තෙක් එය ඩැහැගන්නටය. මොවුන්ට කවදාවත් නොතේරන්නේ කවදාවත් මහින්ද එම ධජය අත් නොහරින බවය.

4. මේ ප්රශ්නය ජවිපෙන් ඇසිය යුත්තකි. මම ජවිපෙ තේරුම් ගන්නේ සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙස නොව සිංහල ජාතිකවාදය තැවරුනු වාමාංශික සංවිධානයක් ලෙසයි. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-59128411767384797202013-08-19T06:25:12.700-07:002013-08-19T06:25:12.700-07:00@ Rama,
පීඩිත ජාතියක් තුලින් එන අරගලය යැයි ඔබ මෙහ...@ Rama,

පීඩිත ජාතියක් තුලින් එන අරගලය යැයි ඔබ මෙහිදි අදහස් කලේ එල්.ටි.ටි.ඊ සංවිධානය විය යුතුයි. එය එසේ නම්,

01. පිඩිතයන් වෙනුවෙන් අරගලයක් සිදු කිරීමට තරම් එල්.ටි.ටි.ඊ සංවිධානය දෙමල ජාතිය නියෝජනය කළ එකම නියෝජිතයා යැයි ඔබ කියන්නේද? ඔව් නම් එය ස්ථිරවම පැවසිය හැක්කේ කෙසේද?

02. එල්.ටි.ටි. සංවිධානය ප්රජාතන්ත්රවාදය ප්‍රතික්ෂේප කල සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයකි. එවන් ව්‍යාපාරයක් උතුරේ ක්‍රියාත්මක වෙද්දී එය පරාජය කිරීම සඳහා යුද්ධය හැරෙන්නට වෙනත් විකල්පයක් ජ.වි.පෙ සතුව තිබුනා යැයි ඔබ සිතනවාද? එසේ තිබුනානම් ලෙනින්ගේ න්‍යායට අනුව එය පැහැදිලි කල හැකිද?

03. ජ.වි.පෙ, යුද්ධය පැවති හා වර්තමාන කාලයන්වල අනුගමනය කල හා කරන ස්ථාවරයන්වල වෙනසක් ඔබ දකිනවාද? නැද්ද?

04. ජ.වි.පෙ තවදුරටත් සිංහල ජාතිකවාදය නියෝජනය කරනවාද? නැද්ද?

මට මේ ටිකට උත්තර දෙන්න බලන්න. මොකද මටත් එක වෙලාවට ජ.වි.පෙ වාමාංශික ස්ථාවරය තෙරුම් ගන්න අමාරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-3830013442161492422013-08-19T02:56:41.433-07:002013-08-19T02:56:41.433-07:00ඇර ඇර ඇර. ගහපන් සිංහල බෞද්ධයන්ට සහෝ බිමට බෑවෙන කම...ඇර ඇර ඇර. ගහපන් සිංහල බෞද්ධයන්ට සහෝ බිමට බෑවෙන කම්ම. උබ සිංහල බෞද්ධයට ගහන හැම දවසකම මාක්ස්වාදී මගේ ආත්මයට මාර කාලකන්නි සහනයක්, සතුටක් ඇතිවෙන්නේ මචන්. පුලුවන් නම් හැමදාම මේවගේ ලිපියක් පලකරපන්. ඕකුන් හින්දා තමයි මාක්ස්වාදී අපිට මේ රටේ සමාජවාදේ පිහිටුවන්ඩ තාම බැරි උනේ. සිංහල කතෝලිකයෝ, දෙමල ජාතිවාදින් දිනුවම අපිට මේ රටේ තැනක් එන්වා සහෝ. එතකන් ඇර ඇර මචන් බිම දාගෙන ගහ පන්, නහයෙන් පිඹ, පිඹ ගහපන් ඔය සිංහල බෞද්ධ සංස්කෘතියට. අපේ X කාරයෝත් දැන් මේ වැඩේ හරියට කරන් නෑනේ. උබල කිහිප දෙනයි උන්ගේ රෙදි ගලවන්නේ සහෝ.
උබට විප්ලවීය උත්තමාචාරය සහෝදරයා....
මීට උබේ සහෘද
මුස්පේන්තු මාක්ස් Anonymoushttps://www.blogger.com/profile/02219556865296595652noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83868595575885393312013-08-18T13:44:25.014-07:002013-08-18T13:44:25.014-07:00රාමචන්ද්‍ර:
සමස්තයක් ලෙස ඔබේ පැහැදිලි කිරීමට එකඟ...රාමචන්ද්‍ර:

සමස්තයක් ලෙස ඔබේ පැහැදිලි කිරීමට එකඟයි. I can understand where you are coming from. :)

ඔවු කොළඹ සිංහල ප්‍රභූ පන්තියේ පාලනයෙන් කොළඹ දමිළ ප්‍රභූ පන්තියට බැටන් එක මාරු වෙන එක; පළමු වෙනි වටයේ ඉදිරි පියවරක් විදිහට හොඳයි.

ඒත් අවුල මචන් ඔය පහළ පන්තියේ දමිළ මිනිහා කබලෙන් ලිපට වැටෙයිද කියන එක. මොකද මම විශ්වාස කරන විදිහට යාපනයේ සිදමබරන්ට ඕන ෆෙඩරල් පලනය වත් ඊළමවත් නෙමෙයි [එහෙම ලැබෙනවට ඒ අයගේ යට හිතේ කැමැත්තක් ඇති, ඒත් ඒ අයගේ මූලික අවශ්‍යතාව ඒක නෙමෙයි]. ඒ අයට අවශ්‍ය දැන්වත් දෙයියනේ කියලා නිදහසේ හුස්ම ටිකක් ගන්න, මේ රටින් පුළුවන්නම් ඉක්මනින් එළියට පැන ගන්න, එහෙම යන්න බැරිනම් තමන්ගේ නිශ්පාදනවලට වැඩි වටිනකමක් ලබා ගන්න. [මම විශ්වාස කරන විදිහට දමිළයෝ සිංහලයෝ වගේ කම්මැලියෝ නෙමෙයි, යුද්ධය මේතරම් ඒ අයට අදින්න පුළුවන් වෙන්නේ උන්ගේ ඒ ගුණය නිසා].

අවසාන වශයෙන් අපි හිතමු, අර සුද්දා ලංකාව දාලා ගියාට පස්සේ කළු සුද්දා ලංකාව පාලනය කරන්න ගැනීමෙන් සිදුවූ විනාශය මෙතනදීත් සිදු නොවෙයි කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-21631862326489078832013-08-18T11:57:00.297-07:002013-08-18T11:57:00.297-07:00++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-35452561664415689692013-08-18T08:06:26.949-07:002013-08-18T08:06:26.949-07:00රාමා....ඔබේ විග්‍රහය සම්බන්ධව ස්තූතිවන්ත වෙමි.එහිද...රාමා....ඔබේ විග්‍රහය සම්බන්ධව ස්තූතිවන්ත වෙමි.එහිදි මා විසින් සඳහන් කල"පංති දේශපාලණය නිවැරදිව හඳුනගන්නා ජවිපෙ"යන වාක්‍යය "හඳුනගන්නා යැයි කියන ජවිපෙ"විය යුතුය.ටයිප් කිරීමේදි මා අතින්වු අත් වැරදීමකි.ස්තූතියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-30012755061721397322013-08-18T07:35:35.828-07:002013-08-18T07:35:35.828-07:001. ජවිපෙ " පංති දේශපාලනය නිවැරදිව හදුනාගන්නවා...1. ජවිපෙ " පංති දේශපාලනය නිවැරදිව හදුනාගන්නවා" කියන එක ඇත්තද? ජවිපෙ යුද්ධ කාලයේ සිදු කලේ සිංහල ධනේශ්වර රාජ්‍යය සමග සන්ධානගත වී දෙමල සමාජය බුල්ඩෝසර් කිරීම සදහා ඊට සිය සහය පුද කිරීමයි. පීඩිත ජාතියක් තුලින් එන අරගලයක් සමතලා කිරීමට මහජාතිවාදී ප්‍රභූ පංතිය සමග සන්ධාන ගත වීමම ජවිපෙ කොච්චර දුරට පංති දේශපාලනය වරද්දාගෙන තිබුනාද කියන එක හෙලිකරන සාධකයකි. මේ බරපතල වරද පිලිබද ස්වයං විවේචනයක්වත් තවමත් ජවිපෙ විසින් සිදු කොට නැත. තාමත් ඔවුන් කියන්නේ යුද ජයග්‍රහනය වෙනුවෙන් තමා "මහත් කැප කිරීමක්" කල බවයි.ජවිපෙ අද වනවිට සිංහල ප්‍රභූ පංතියේ හෙජමොනික දේශපාලන සැකැස්මට අවශෝෂනය වී සිය විප්ලවවාදී ශක්‍යතාවය අහිමි කරගනිමින් සිටින බවයි මගේ නම් අදහස.මේ විවේචනය ජවිපෙ ක්‍රියාධරයින් ගැන නෙමෙයි - ජවිපෙ නායකත්වය සහ එහි භාවිතය ගැනයි.තම පක්ෂයේ ක්‍රියාකාරීත්වය ගැන විචාරාත්මකව නොසිතා අන්ධ භක්තියෙන් නායකත්වය වන්දනා මාන කරන තාක් ප්‍රමානයට ජවිපෙ ක්‍රියාධරයින්ටත් මේ විවේචනය අදාලයි.

2.ඒ නිසා ජවිපෙ කෙසේ වෙතත් මාක්ස්වාදියෙක්/ වාමාංශිකයෙක් මේ වගේ ප්‍රශ්නයක දී ගත යුතු ස්ථාවරය මොකක්ද කියන එක ගැන නම් කථා කල හැකියි.ලෙනින් "ජාතීන්ගේ ස්වයං නිර්න අයිතිය" කියන ලියැවිල්ලේ දී මීට අදාල උපායික වැඩපිලිවෙල ගැන ප්රශ්නය සාකච්ඡා කරනවා. පීඩිත ජාතියේ ධනේශ්වර ජාතිකවාදය ගැන පීඩක ජාතියේ ජනයා අතර වැඩි පදනමක් සහිත මාක්ස්වාදී ව්‍යාපාරයක ස්ථාවරය විය යුත්තේ කුමක්ද? ලෙනින්ගේ විග්‍රහය අනුව, පීඩිත ජාතියේ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් අ)ජාතික පීඩනයට එරෙහිව සටන් කරන නිසා ප්රජාතන්ත්රවාදී අන්තර්ගතයක් දරන අතර ආ) ඒක "ජාතිකවාදී" ව්‍යාපාරයක් වීම නිසා ස්වෝත්තමවාදී - ජාතිවාදී කියා කිව හැක - අන්තර්ගතයකුත් ලෙස ද්විත්ව ස්වරූපයක් දරනවා.ලෙනින් කියන්නේ මෙන්න මේ ප්රජාතන්ත්රවාදී අන්තර්ගතයට සහය දිය යුතු බවත්,ඒ අතරේ ස්වෝත්තමවාදී අන්තර්ගතයට තරයේ විරුද්ධ විය යුතු බවත්ය.විශේෂයෙන් පීඩිත ජාතියට අයිති මාක්ස්වාදියාගේ කාර්යය - තම ධනපති පංතියේ පංති ස්වභාවය සහ එය විසින් මතු කරන ස්වෝත්තමවාදයට එරෙහි වීම බවයි.පීඩක ජාතියට අයත් මාක්ස්වාදියා පීඩිත ජාතිය විසින් කරන අරගලයේ ප්රජාතන්ත්රවාදී සන්ධාරයට සහය පල කල යුතු බවයි.

මේ විග්‍රහය ලංකාවේ තත්වයන්ට අදාල කලොත් - දෙමල ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් (ටීඑන්ඒ) දැන් සිංහල ප්‍රභූ පංතියට විරුද්ධව ජාතික පීඩනයට එරෙහි අරගලයක යෙදී සිටිනවා.මේ ව්‍යාපාරයට දෙමල පීඩිත පංතිය සිය සහය පල කරයි.සිංහල ආධිපත්‍යයට විරුද්ද නිසා මේ තුල ප්රජාතන්ත්රවාදී අන්තර්ගතයකුත් අනෙත් අතට දෙමල ජාතිකවාදී ව්‍යාපාරයක් වීම නිසා මේ තුල ස්වෝත්තමවාදී අන්තර්ගතයකුත් තිබේ.වමේ ව්‍යාපාරය සම්බන්ධව ගතහොත් - දකුනේ යම් වාමාංශික ක්රියාකාරීත්වයක් තිබුනත් උතුරේ එවැනි තත්වයක් දක්නට ඇත්තේම නැති තරම්ය.උතුරේ බලවත්ව තිබෙන ජාතිකවාදී අදහස් එවැනි වාමාංශික අදහස් පැතිර යාමකට එරෙහි බාධාවක් ලෙස නැගී සිටී. මේ මොහොතේ කල යුත්තේ කුමක්ද යන්න තීන්දු කරන්න ඕනෑ මේ සියලු සංයුක්ති කොන්දේසි සලකා බලායි.

මගේ අදහස - ටීඑන්ඒ හි පංති ස්වභාවය, එහි ස්වෝත්තමවාදී අදහස් ගැන වාමාංශය කොන්දේසි විරහිතව හෙලිදරවු කල යුතුයි.ටීඑන්ඒ හි ස්වෝත්තමවාදයට එරෙහි ප්‍රගතශීලී අදහස් දරන පිරිස් සුලු වශයෙන් හෝ දෙමල සමාජයේ සිටී.( පසුගිය මාස දෙකේ සමබිම පුවත්පතට සාමිනාදන් විමල් ලියූ ලිපි කියවන්න)මේ පිරිස් සමග ශක්තිමත් සංවාදයක් සාදාගැනීමට මහන්සි ගත යුතුයි. ඒ ගමන් ස්වයං පාලන අයිතිය වෙනුවෙන් ටීඑන්ඒ ගෙන යන සටනට විවේචනාත්මකව සහය පල කල යුතුයි.මා කලිනුත් කිවා වගේ - එසේ විවේචනාත්මකව සහය පල කරන්නේ - විග්නේශ්වරන් "හොද" නිසා හෝ ඔහු "උගත්" නිසා හෝ නොව - සිංහල හා දෙමල පීඩිත පංතීන් අතර සන්ධානයක් ඇති කරගැනීම සදහා වූ සංක්රමනීය ක්‍රියාමාර්ගයක් වශයෙනි.දෙමල පීඩිත ජනයාගේ ඉල්ලීම් රටේ පොදු වමේ ව්‍යාපාරයක වැඩපිලිවෙල සමග සම්බන්ධ කරගැනීමට නම් එවැනි ප්‍රවේශයක් අනුගමනය කිරීම මග හල නොහැකියි. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-44373926922159893652013-08-18T06:12:33.582-07:002013-08-18T06:12:33.582-07:00// සිංහල මහජාතිවාදයේ ආධිපත්‍යය දුර්වල වීම සිංහල හා...// සිංහල මහජාතිවාදයේ ආධිපත්‍යය දුර්වල වීම සිංහල හා දෙමල සමාජ තුල පංති දේශපාලනය ශක්තමත් කිරීම අරමුනු කරගත් දේශපාලන ව්‍යවහාරයක් වෙනුවෙන් වඩාත් හොද අවකාශයක් නිර්මානය කරන නිසාය.//
එසේ නම් පංති දේශපාළණය නිවැරදිව හඳුනාගන්නා ජවිපෙ වැනි පක්ෂවලට කලයුතුව තිබුනේ මේ අවකාශය නිර්මාණය කරගැනීම සඳහා තමන් තරඟනොකර විග්නේශ්වරන්ගේ ජයග්‍රහණය උදෙසා ක්‍රියාකිරීම නොවේද?
ජවිපෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක් ඔබෙන් අසනවා යැයි නොසිතන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-50305488225634693472013-08-18T04:06:47.980-07:002013-08-18T04:06:47.980-07:002. දෙමල සමාජය පාලනය කරන්නේ සිංහල ප්‍රභූන් නිසා ඒ ස...2. දෙමල සමාජය පාලනය කරන්නේ සිංහල ප්‍රභූන් නිසා ඒ සමාජය පාලනය කරන්ට සිදුව තිබෙන්නේ හමුදාව යොදා බලහත්කාරයෙනි. මේ මිලිටරි පාලනය තුල අඩු තරමින් දකුනේ සමාජය භුක්ති විදින සීමිත ප්‍රජාතාන්ත්‍රික නිදහස වත් නොමැත.විකල්ප දේශපාලනයක් එවැනි පසුබිමක් යටතේ කිරීම අතිශය දුෂ්කර වි තිබේ. එවැනි දේශපාලනයක් කරන්නට මුල පිරූ ලලිත්-කූගන් වැනි ක්‍රියාකාරීන් පලමු පැයේදිම අතුරුදහන් කර දැමින. උතුර තුල දෙමල ප්‍රභූ පංතිය ජයග්‍රාහී වීමේ අනිවාර්යය ප්‍රතිඵලයක් වෙනනේ මෙන්න මේ මිලිටරි පාලනය දුර්වල වීමයි.එය එක් අතෙකින් දෙමල පොදු ජනයාට ( සාපේක්ෂ) සහනයකි. එසේම විකල්ප දේශපාලනයක් වටේ දෙමල පොදු සමාජය සංවිධානය කිරීම සදහා දැනට වඩා වැඩි නිදහසක් එවැනි පසුබිමක් තුල නිර්මානය වේ.

3. දෙමල සමාජය යටත් කරගෙන සිටින තුරාවට සිංහල පීඩිත ජනයා තුල තමන් "අධිපතියෙක්" කියලා ව්‍යාජ වැටහිමක් වැඩ කරයි.රස්සාවක් නැති, හරියට කන්න අදින්නවත් නැතිව ඉන්න සිංහලයා පවා උතුරට ට්‍රිප් එකක් යද්දී සිතන්නේ තමාට යටත් තමාට අයිති භූමියකට තමා යනවා කියාය.සිංහල පීඩිතයා තුල වැඩකරන මෙන්න මේ පීඩක මනෝභාවය සිංහල පීඩිතයාගේ මනුෂ්‍යභාවය ඔහුට අහිමි කරයි. සිංහල පීඩිතයාගේ ස්වයං පරිපූර්නත්වයට පත්වීම සදහා වූ අරගලයට ලොකුම බාධාවක් වෙන්නේ මෙන්න මේ ව්‍යාජ පීඩක මානසිකත්වයයි.සිංහල පීඩිතයා එදිනෙදා මුහුන දෙන ප්‍රශ්න ( රස්සා ප්‍රශ්න,ජීවන වියදම් ප්‍රශ්න ආදිය) අමතක කරවා, ඔවුන් තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව කලමනාකරනය කරන්නට සිංහල ප්‍රභූ පංතිය පාවිච්චි කරන්නේත් මේ පීඩක මනෝභාවයයි. ( දෙමලා යටත් කරගෙන සිටින තුරු දෙමලා මත 'අපේ' ආධිපත්‍යය දුර්වල වීමේ අනතුරක් තිබේ කියන බිය දිගටම නඩත්තු කරමින් විශාල පොලිස් රාජ්‍යයක් පවත්වා ගනිමින් සිංහල පොදු සමාජය කලමනාකරනය කිරීම සාර්ථකව සිදුකල හැකියි) සිංහල ආධිපත්‍යය දුර්වල වෙනවා කියන්නේ සිංහල නිර්ප්‍රභූ ජනයාගේ විමුක්තිය සදහා වූ සටන ද එක් වටයකින් ඉදිරියට එනවා කියන එකයි. වෙනත් ජාතියක් වහල් භාවයට පත්කරන්ට දායක වන ජාතියක් තමාගේම වහල් බැමි තදකරගනී කියා ප්‍රසිද්ධ කියමනක් තිබෙන්නේ මේ නිසයි.

මෙන්න මේ කරුනු තුන නිසා මම මේ මොහොතේ දෙමල ප්‍රභූ පංතියේ අරමුන ජයග්රහනයෙන් කෙලවර වනවාට කැමතියි.ඒ මම විග්නේශ්වරන් දෙමල සමාජයේ නියෝජිතයෙක් කියා අදහන නිසාවත්, ටිඑන්ඒ බලයට ආ කල්හි දෙමල පොදු සමාජයේ ආර්ථික සමාජ පීඩනය වෙනස් වන බව සිතන නිසාවත්, නිකම්ම නිකම් මහින්ද මාමා ගැන මට පුද්ගලික තරහක් තියෙන නිසාවත් ( මට එවැනි පුද්ගලික තරහක් නැහැ. මහින්ද මාමා මෙන්ම රනිල් අයියා ද මට එකයි) නොව - සිංහල මහජාතිවාදයේ ආධිපත්‍යය දුර්වල වීම සිංහල හා දෙමල සමාජ තුල පංති දේශපාලනය ශක්තමත් කිරීම අරමුනු කරගත් දේශපාලන ව්‍යවහාරයක් වෙනුවෙන් වඩාත් හොද අවකාශයක් නිර්මානය කරන නිසාය.

මගේ මේ පිලිතුරට යමෙක් එකග වීම හෝ නොවීම ඔහු දේශපාලනය ගැන මම අනුදත් ප්‍රවේශය ( පංති නිර්නයකය) පිලිගැනීම හෝ නොපිලිගැනීම මත තීන්දු වන හින්දා ඔබ මීට එකග වීම හෝ නොවීම සිදුවිය හැකියි.මට කියන්නට ඕනෑ කලේ මගේ දේශපාලන ස්ථාවරය ගලා එන්නේ මහින්ද විරෝධය හෝ ටීඑන්ඒ ප්‍රේමය වැනි පටු තැනකින් නොව ඊට වඩා වෙනස් තැනකින්ය යන්නයි. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20429075408354707162013-08-18T04:06:22.291-07:002013-08-18T04:06:22.291-07:00//මෙතන කට්ටිය විග්නේශ්වරන්ට කැමති වෙන්නේ, විග්නේශ්...//මෙතන කට්ටිය විග්නේශ්වරන්ට කැමති වෙන්නේ, විග්නේශ්වරන් ඔය ඔය අයගේ තොටිල්ල නළවන [වෙනත් වචන වලින් කිව්වොත් මහින්ද මාමිට නියම චැලෙනිජ් එකක් දෙන සහ මහින්දගේ කෙළවීම තමන්ගේ ජයග්‍රහණය කියා සිතන] නිසා මිසක් සැබැවින්ම විග්නේශ්වරන් දමිළ ජනයාට විමුක්තිය උදාකරන නිසා නෙමෙයි.//

මෙතැන "කට්ටිය" කියන කුලකයට මාත් අයිති වේ යැයි ඔබ අදහස් කරන බව උපකල්පනය කරන නිසා මගේ ස්ථාවරය කෙටියෙන් පැහැදිලි කල යුතු යැයි සිතමි.වාමාංශිකයෙක් විදිහට මම මගේ දේශපාලනය ස්ථානගත කරන තැන පංති දේශපාලනයයි. කෙටියෙන් කිවුවොත්, සමාජය 'පංති' කියල හැදින්විය හැකි කන්ඩායම් වලට බෙදී තිබෙන බවත්, මෙතැනදී සමාජ දේශපාලන බලය දරන වරප්රසාදිත පංති හා පාලනය කිරිමට යටත් වු, ආන්තිකකරනයට ලක් වූ නිර්ප්‍රභූ සමාජ පංති පවතින බවත් සිතමි. මේ ප්‍රභූ හා නිර්ප්‍රභූ පංති අතර තිබෙන්නේ බල සම්බන්ධතාවයක්.අධිපති පංතියේ බලය හා පාලනයට නිර්ප්‍රභූ කොටස් යටයි.පීඩිත පංති වල මිනිසුන් ස්වයං පරිපූර්නත්වය අත්පත් කරගැනීම සදහා මේ බල සම්බන්ධය ප්‍රශ්න කල යුතු බවත්, එහිදී වරප්රසාදිත පංතියේ ආධිපත්‍යය සමග දේශපාලනිකව හැප්පිය යුතු බවත් මම සිතමි.ඔබ එකග විය හැකි වුවද නොහැකි වුවද මේ දේශපාලනය පිලිබද මගේ ප්රවේශයයි.මම යමක් ගැන ( උතුරේ ප්‍රශ්නයට විසදුම / පලාත් සභා හොදද?නරකද? ආදී ඕනෑම දෙයක් ගැන) මගේ ස්ථාවරය සාදා ගන්නේ මෙන්න මේ මූලික අරමුනට සාපේක්ෂව.

මා කලින් ද කියූ විදිහට දෙමල ජාතික සන්ධානය කියන්නේ දෙමල සමාජයේ ප්‍රභූවරුන්ගේ පක්ෂයයි.විග්නේශ්වරන් දින්නා කියා දෙමල පොදු ජනයාගේ විමුක්තිය උදා වේ යැයි මම නොසිතමි.දෙමල ජාතික සන්ධානය සිය අරගලය ජයගැනීම තුලින් සිදුවන උපරිම දෙය - දැනට සිංහල ප්‍රභූන් අත ඒකාධිකාරයක් වී තිබෙන දේශපාලන බලයේ යම් කොටසක් දෙමල ප්‍රභූ පංතිය සමග බෙදාගැනීමට සිදුවීමයි.( දෙමල ජාතික සන්ධානයේ අරගලය කියලා මං අදහස් කරන්නේ ඔවුන් මේ මොහොතේ ඉල්ලා සිටින ෆෙඩරල් පාලනය)

එසේ තිබියදීම ස්වයං පාලනය පිලිබද මේ සටන ජයග්රහනයෙන් කෙලවර වනවාට මම කැමතියි.

ඇයි ඒ?

හේතු තුනකි.

1. දැනට දෙමල සමාජය පාලනය කරන්නේ සිංහල ප්‍රභූන් විසින්. මෙන්න මේ ජාතික පීඩනය නිසා දෙමල සමාජය තුල නොවැලැක්විය හැකි ලෙස ප්රමුඛ දේශපාලනය ලෙස මතුවන්නේ ටීඑන්ඒ එක විසින් නියෝජනය කරන සුලු ජාතික ජාතිකවාදයයි. දෙමල සමාජය මත ජාතික පීඩනය බලවත්ව තිබෙන තුරු ඒ සමාජය ඇතුලේ තිබෙන ප්රතිවිරෝධතා ( ඒ කියන්නේ පංති ප්රතිවිරෝධතා) එලියට එන්නේ නැත. දෙමල සමාජයේ නිර්ප්‍රභූ ජනයා දෙමල සමාජයේම ප්‍රභූ ආධිපත්‍යයට විරුද්ධව සංවිධානය වීම සිදුවන්නේ ( ඒ සදහා වන සම්භාවිතාවය පලල් වන්නේ) ඒ සමාජය මත වැඩකරන සිංහල ආධිපත්‍යය අවම වන ප්රමානයටයි. සිංහල ආධිපත්‍යය තිබෙන තුරු දෙමල පොදු ජනයාගේ සතුරා වන්නේ දෙමල ප්‍රභූ පංතිය නොව, සිංහල පාලනයයි. සිංහල ආධිපත්‍යයෙන් නිදහස් වන තරමට මේ නිසා දෙමල ප්‍රභූ නොවන කොටස් පංති ඉල්ලීම් වටා සංවිධානය කිරීමට වැඩි අවකාශයක් හිමි වේ.මෙන්න මේ නිසා දෙමලා මත ක්‍රියාකරන සිංහල ආධිපත්‍යය දුර්වල වී දෙමල සමාජයේ ස්වාධීනත්වය වැඩි වන තරටම මම කැමතියි.දෙමල ප්‍රභූවරුන් සමග දෙමල නිර්ප්‍රභූ සමාජය වැඩි වැඩියෙන් අභිමුඛ වෙන්න පටන් ගන්නේ පීඩක සිංහල ආධිපත්‍යය දුර්වල වන තරමටය.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-80259924155944169482013-08-18T03:01:23.517-07:002013-08-18T03:01:23.517-07:00@ මාලන් - විග්නේශ්වරන් / සම්බන්ධන් යනාදී අය නියෝජන...@ මාලන් - විග්නේශ්වරන් / සම්බන්ධන් යනාදී අය නියෝජනය කරන සමාජ කන්ඩායම දෙමල ප්‍රභූ පංතියයි.දෙමල ජාතික සන්ධානය කියන්නේ දෙමල ප්‍රභූ පංතියේ පක්ෂයයි.විග්නේශ්වරන්/සම්බන්ධන් යනු මේ නිසා මහින්දගේ හෝ රනිල්ගේ දෙමල ජාතික වර්ෂන් එකයි. සිංහල නිර්ප්‍රභූ සමාජ කන්ඩායම් වල ජනතාව මහින්දට හෝ රනිල්ට මේ මොහොතේ සහය දක්වන්නේ යම් සේද දෙමල නිර්ප්‍රභූ සමාජය ද මේ මොහොතේ දෙමල ජාතික සන්ධානයට සහය දක්වමින් සිටී. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-55885742922234556452013-08-17T21:56:48.295-07:002013-08-17T21:56:48.295-07:00දකුණෙන් උතුරට ඉම්පොර්ට් කරන්න යන විග්නේශ්වරන්ගෙයි ...දකුණෙන් උතුරට ඉම්පොර්ට් කරන්න යන විග්නේශ්වරන්ගෙයි කොළඹ ඉදන් ගම පාලනය කර සිංහල දේසපාලකයන්ගෙයි වැඩි වෙනසක් මටනම් පේන්නේ නෑ.

මෙතන කට්ටිය විග්නේශ්වරන්ට කැමති වෙන්නේ, විග්නේශ්වරන් ඔය ඔය අයගේ තොටිල්ල නළවන [වෙනත් වචන වලින් කිව්වොත් මහින්ද මාමිට නියම චැලෙනිජ් එකක් දෙන සහ මහින්දගේ කෙළවීම තමන්ගේ ජයග්‍රහණය කියා සිතන] නිසා මිසක් සැබැවින්ම විග්නේශ්වරන් දමිළ ජනයාට විමුක්තිය උදාකරන නිසා නෙමෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-55930835137237478632013-08-17T21:53:47.108-07:002013-08-17T21:53:47.108-07:00කසිප්පු මුදලාලිලා,ළමා අපචාරකාරයෝ වෙනුවට විග්නේශ්වර...කසිප්පු මුදලාලිලා,ළමා අපචාරකාරයෝ වෙනුවට විග්නේශ්වරන් බඳු උගතුන් දේශපාලනයට එන එක ගැන නම් සතුටු වෙන්න පුලුවන්.
බලමුකො ඔහු ගේ කෙරුවාව කොහොම ද කියල ඡන්දය දින්නට පස්සේ.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-46235394490829214932013-08-17T21:10:46.086-07:002013-08-17T21:10:46.086-07:00විග්නේෂ්වරන් සාධාරණ පාලන තන්ත්රයක් උතුරේ ඇතිකරල ම...විග්නේෂ්වරන් සාධාරණ පාලන තන්ත්රයක් උතුරේ ඇතිකරල මෙන්න මේකයි ප්රජාතන්ත්රවාදය කියල දකුණටත් පෙන්නල දේවිය කියන බය නිසයි. අපිටත් සාධාරණත්වය සහ යුක්තිය කියන එව්ව බේතකටවත් හොයාගන්න බැරිවෙලා දැං බොහොම කල් වෙනවනෙ." අප්පටසිරි... අන්න කොහොමද අර මනුස්සය උතුර පාලනය කරන හැටි..අන්න මිනිස්සු " කියල දකුණෙ හන්දියක් හන්දියක් ගානෙ කියවෙන දවසක් ඒවිය කියලයි ඔය තක්කු මුක්කු වෙල ඉන්නෙ...

:Dබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-33043918012668656232013-08-17T11:37:56.843-07:002013-08-17T11:37:56.843-07:00දිවයිනේ තියන පිස්සු විකාරනං ඇතිවෙලයි තියෙන්නෙ...සා...දිවයිනේ තියන පිස්සු විකාරනං ඇතිවෙලයි තියෙන්නෙ...සාමකාමී මාර්ග වලින් ඊළමක් ලබාගැනීමට උත්සාහ කිරීමේ මොකක්ද තියන වරද? ඒක ඒ මිනිස්සුන්ගෙ අයිතියක්....

මේ වෙලාවෙ විග්නේෂ්වරන් තමයි ඉදිරිපත් කරන්ට සුදුසුම අපේක්ෂකයා. ඉන්දියාව කලත්, ඇමරිකාව කලත්, අර බටහිර කුමන්ත්‍රණකාරයො කලත් කවුරු කලත් තේරීම අති විශිෂ්ටයි.

මට හිතෙන්නෙ මෙතන මේ ජාතීවාදී නඩේට කාල ඉන්න බැරිවෙලා තියෙන්නෙ විග්නේෂ්වරන් සාධාරණ පාලන තන්ත්රයක් උතුරේ ඇතිකරල මෙන්න මේකයි ප්රජාතන්ත්රවාදය කියල දකුණටත් පෙන්නල දේවිය කියන බය නිසයි. අපිටත් සාධාරණත්වය සහ යුක්තිය කියන එව්ව බේතකටවත් හොයාගන්න බැරිවෙලා දැං බොහොම කල් වෙනවනෙ." අප්පටසිරි... අන්න කොහොමද අර මනුස්සය උතුර පාලනය කරන හැටි..අන්න මිනිස්සු " කියල දකුණෙ හන්දියක් හන්දියක් ගානෙ කියවෙන දවසක් ඒවිය කියලයි ඔය තක්කු මුක්කු වෙල ඉන්නෙ...

ඒත් හැමදාම අපට වෙනව වගෙ අපේක්ෂා භංගත්වයට පත් වෙන්න සිද්ද උනත් ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ. වැඩි දුර යන්න ඕන නෑ විග්නේෂ්වරන්ගෙ මස්සිනා ඔය ඉන්නෙ..අවස්ථාවාදීව ප්‍රතිපත්ති පාවාදීම පිළිබඳව ජීවමාන උදාහරණයක් ...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67716808359293864782013-08-17T02:56:19.882-07:002013-08-17T02:56:19.882-07:00සමස්ථ දෙමල ජනතාව විග්නේශ්වරන් ගෙන් නිරූපණය වුනත් න...සමස්ථ දෙමල ජනතාව විග්නේශ්වරන් ගෙන් නිරූපණය වුනත් නැතත් , අනිවාර්යෙන්ම දිනන සටනකට උගත් මනුස්සයෙක් ඉදිරිපත් කිරීම සාධනීයයි . ඒ වගේම ඉතින් විමල්ගේ කොපි පේස්ට් ගොබ්බ දෙමල ජාතිවාදියෙක් වෙනුවට විග්නේශ්වරන් පත්වීමෙන් අමාරුවෙ වැටෙන්නේ ආණ්ඩුව , විග්නේශ්වර්න්ට ගන්න ඒකත් හේතුවක් !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-15100658980891207922013-08-17T02:54:01.485-07:002013-08-17T02:54:01.485-07:00This comment has been removed by the author.බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com