tag:blogger.com,1999:blog-7645413252634993606.post1013790412002451775..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: සිවිල් යුද්ධය ජංගම දුරකථනගත වීමRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7645413252634993606.post-45119110835326519332012-03-19T19:18:57.326-07:002012-03-19T19:18:57.326-07:00ජිනීවා සම්මුති එකක්වත් කඩ නොවෙන පරිදි යුද්ධයක් කරන...ජිනීවා සම්මුති එකක්වත් කඩ නොවෙන පරිදි යුද්ධයක් කරනවා යැයි කීම ග්‍රීස් බිංදුවක් වත් ගෑවෙන්නේ නැතිව ග්‍රීස් ගහේ නගිනවා වැනි අභව්‍ය වැඩකි. ලෝකයේ සිදු වූ සෑම යුද්ධයකදීම අඩු වැඩි වශයෙන් යුධ අපරාධ සිදුවී තිබේ. ඇමරිකන් හමුදා ඉරාකයේදී කළ මෙහෙයුම් වල සිදුවුන දරුණු ගණයේ අපරාධ රැසක් මේ ආකාරයෙන් ම මාධ්‍යට නිකුත් විය. නමුත් අදාළ අපරාධ වලට වැරදි කරුවන් වූ සියලු දෙනාට ප්‍රසිද්ධියේ දඩුවම් දීමට ඇමරිකන් රජය ක්‍රියා කලේය. ඇමරිකන් හමුදා කළ සියලු යුධ අපරාධ හෙලි වූ බව හෝ සියලු යුධ අපරාධ කාරයන්ට දඩුවම් කල බව එයින් අදහස් නොවේ. නමුත් සාක්ෂි ඇතිව ඔප්පු කල හැකි චෝදනා ඉදිරිපත් ව තිබියදී මාධ්‍ය ඉදිරියේ විකාර නටමින් සමස්ත ජතියම යුධ අපරාධකාරයන් ලෙස හංවඩු ගැහෙනකන් බලා ඉන්නවාට වඩා පැහැදිලිව අපරාධකාරයන් ලෙස හදුනා ගත් සෙබලු කිහිප දෙනෙකුටවත් දඩුවම් දී රටේ ගෞරවය බේරා ගෙනීම ඇමරිකන් රජයේ උපාය විය. ලංකාවේ සිදු වී ඇත්තේ යුධ අපරාධ දේශපාලනීකරණය වීම ය. ආණ්ඩුවේ දේශපාලනීක පැවත්ම, යුධ අපරාධ වලට සෙබලුන් පෝරකයට යැවීම හෝ නොයැවීම මත තීරණය වන තැනට පත් කර ගත්තේ ආණ්ඩුවමය. මේ නිසා එක අතකින් තමන් කරන ඕනෑ ම අපරාධයකට සිවිල් සමාජයට ඉහලින් විනිර්මුක්තියක් ලැබෙන බවට අදහසක් සෙබලුන් තුල ඇති විය. අනික් අතට, වැරදි කරුවන් සුලු පිරිසක් පමණක් බිල්ලට දී වැරදි කරුවන් ද නිවැරදි කරුවන් ද අතුලු විශාල පිරිසක් රැක ගැනීමේ ඇමරිකානු සරල උපාය ලංකාණ්ඩුවට අහිමි විය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20355298706761646902012-03-19T02:30:56.851-07:002012-03-19T02:30:56.851-07:00ඉහත පළමු වෙනි ඇනෝ කියනවා වගේ යුද බිමේ විකෘති මානසි...ඉහත පළමු වෙනි ඇනෝ කියනවා වගේ යුද බිමේ විකෘති මානසිකත්වයෙන් සොල්දාදුවෝ හැසිරුනා වෙන්නත් පුලුවන්, ඒ වගේම සොල්දාදුවෝ කියන්නේ අපේ සමාජයේ පහළ සහ පහළ මධ්‍යම ආර්ථික පණ්තියේ පැතිකඩක් කියලා හිතලා අපිට මේක් විශ්ලේෂනය කරන්නත් පුලුවන්.

එකම ආර්ථික පණ්තියේ, විවිධ සමාජ පණ්තීන් තියෙනවා කියන එකත් මතක තියා ගන්න ඕනේ.

ඉතින් අපිට එදිනෙදා අහන්න ලැබෙන ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ, බස් වල කෝච්චි වල යන විකෘති කාමුකයෝ, පර පීඩක කාමුකයෝ ඔක්කොමත් ඔය නියැදියේ එක කොටසකට අහු වෙනවා.
නීතියක් නැතිව, අවි බලය ලැබෙද්දී, ඔය සමාජ විරෝධී මානසිකත්වයන් සමාජ විරෝදී හැසිරීම් වලට පෙරලෙන එක අහන්න දෙයක් ද?

හැබැයි, කොටි, සංවිධානයක් විදිහට සමාජ විරෝදී ක්‍රියා කරද්දී, රජයේ හමුදා සෙබලු තනි පුද්ගලයින් විදිහට සමාජ විරෝදී වුනා කියලයි මම හිතන්නේ... ඒ කියන්නේ, සෙබලුන්ට ඉහලින් එහෙම අන ලැබුණා වෙන්න අමාරුයි. කොටින්ට නම්, එහෙම වෙන්න ඇති කියලයි හිතෙන්නේ.

ඉහත උදිත ගේ කමෙන්ටුව සමග මම ද එකඟ වෙමි.Mahasenhttps://www.blogger.com/profile/02360695598703246075noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-12307260965019434522012-03-18T06:21:08.059-07:002012-03-18T06:21:08.059-07:00රාමා උතුරේ දී රියලිටි සහ රියල් ගැන ඔබේ අවබෝධය නිවැ...රාමා උතුරේ දී රියලිටි සහ රියල් ගැන ඔබේ අවබෝධය නිවැරිදිය "වන්නි සටන","රනබිමෙන් අටට" තුල රියලිටි සටහන් වූ අතර සොල්දාදුවන්ගේ මොබයිල් වීඩියෝ සහ සේයා රූ තුල රියල් සටහන් විය.හාර්ඩ් කෝර් වමේ පොරකගේ ෆැන්ටසි ය තුල ධනවාදය නම් මැක්කාගෙන් සියලු දෙය අවසන් කරන්න යාම නිසා මුලින් වූ ඒ නිවැරිදි අවබෝධය පසුව ගඟේ යයි.
//ධනේශ්වර හමුදාව වූ කලී ධනේශ්වර රාජ්‍යයේ සාහසික මර්ධකයායි// යන්න ඔබගේ රියලිටි ස්වප්නයයි.ධනේශ්වර රාජ්‍යයේ හමුදාව ට වඩා ස්ටාලින් ගේ හමුදා වෙනස් වන්නේ ඔබගේ රියලිටි ස්වප්නය තුල පමනි.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20087536999729009562012-03-18T01:32:16.571-07:002012-03-18T01:32:16.571-07:00රාමා ඔබ අතින් ලියැවුණු, එක්තරා මට්ටමකට අසම්පූර්ණ, ...රාමා ඔබ අතින් ලියැවුණු, එක්තරා මට්ටමකට අසම්පූර්ණ, එහෙත් හොඳ ලිපියක්. ඔබ ඉතිරිකළ රික්තය අනාගතයේදී පුරවනු ඇතැයි සිතනවා.

සොල්දාදුවන් යුදබිමට ජංගම දුරකථන රැගෙන යාම රාජපක්ෂලා නම් අමු ගොඩයින්ට කිසිසේත් සිතන්නට නොහැකි වූ නූතන ප්‍රවණතාවයක්. නිකමට හරි හිතුණා නම් ජංගම දුරකථන යුද බිමට රැගෙන යාම තහනම් කරනවා සහතිකයි. එසේම මේ වැඩවසම් අමු ගොඩයින් viral effect කියා දෙයක් දැන සිටියේත් නැති බව මෙයින් පෙනෙනවා. දැන් ඉතින් විඳවාපන්කො බළලෝ, කුම්බලා මාලු කෑවා නම්!

මට හිතෙන විදියට සිංහල බෞද්ධ අන්තවාදීන් පවා දැන් මේවා සත්‍ය බව පිළිගන්නවා. මේවා ගැන කතා නොකර ඇෆ්ඝනිස්ථානය, ඉරාකය ගැන ඔවුන් කතා කරන්නේ ඒකයි. ඇෆ්ඝනිස්ථානයේ ඉරාකයේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ තැන් වල යුද බිමේ මානව හිමිකම් අහිමි මියැදුණු බවට සැක නෑ. නමුත් අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩට වඩා අපේ ඇහේ තියෙන පොල් පරාලේ අපට පේන්න ඕනැනේ.

මදෑ රාජපක්ෂ ගොයියා නොබෙල් තෑග්ග ගන්න කෙළ හළ හළා හිටියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67828301205006081612012-03-17T23:05:34.677-07:002012-03-17T23:05:34.677-07:00"ඉතිහාසයට බොරු කල නොහැක" - ඇත්ත,වසර 30 ක..."ඉතිහාසයට බොරු කල නොහැක" - ඇත්ත,වසර 30 ක් තිසිසේ මිලේච්ච කොටි ත්රස්තවාදීන් විසින් මනුශ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද සාහසික අපරාධ ඉතිහාසයෙන් වසන් කළ නොහැක.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-56876297440547317272012-03-17T13:42:18.631-07:002012-03-17T13:42:18.631-07:00ලොව සිටි ම්ලේච්ච්තම ත්රස්තවාදියා සමග නිරන්තර සටන්...ලොව සිටි ම්ලේච්ච්තම ත්රස්තවාදියා සමග නිරන්තර සටන් වැඩි සිටි හමුදා සෙබළුන්ගේ මානසික තත්වය එයට අනුරූපව කල්යත්ම වෙනස්වූයෙයය් සිතමි ..... ඔවුන් යුදබිමේ මුහුණදුන් ම්ලේච්ච්ත්වය හමුවේ මෙය ඔවුන්ට සාමාන්‍ය දෙයක් වුවා වියහැක ..... අපගේ මානසිකත්වයෙන් ඔවුන්ගේ මානසිකත්වය විග්රහ කල නොහැකAnonymousnoreply@blogger.com