Friday, February 27, 2015

කිශානි අලංකිගේ වැලන්ටයින් සැමරුම

රුන නිලි කිශානි අලංකි පසුගිය 14 වන දාට යෙදී තිබූ වැලන්ටයින් දිනය සමරා තිබුනේ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දීය. මෙම අවස්ථාවේ ඡුායාරූප අන්තර්ජාලය පුරා ප‍්‍රසිද්ධ විය. ලස්සනට හැඳගත් කිශානි තවත් තරුණ යහලූ යෙහෙලියන් පිරිසක් සමඟ ගොස් වැඩිහිටි නිවාසයේ වයස්ගත/ආබාධිත නේවාසිකයන්ගෙන් දුක සැප අසයි. ඔවුන් සමඟ එකට සිට පින්තූර ගනී. ‘‘ආදරවන්තයින්ගේ දිනයට අලූත් අරුතක්’’. අවශ්‍ය නම් කෙනෙක්ට මේ වාගේ වර්නනාවක් කිශානිගේ ක‍්‍රියාවට එකතු කල හැක.

මෙම අවස්ථාවේ ඡුායාරූප ගෙන තිබෙන්නේ ‘නුවන් උඩවත්ත ෆොටොග‍්‍රැෆි ’ විසිනි. එම නාමය යටතේ අන්තර්ජාලය පිරික්සා බලන්නේ නම් එනමින් හැඳින්වෙන්නේ වෘත්තීමය ඡුායාරූප සේවාවක් බව හඳුනාගැනීමට පුලූවන. දැන් අපට මෙසේ ප‍්‍රශ්නයක් මතු කළ හැක. කිශානි තමන් කල ‘පුන්‍ය ක‍්‍රියාව’ සඳහා වෘත්තීමය ඡුායාරූප ශිල්පියෙක් ගෙන්වා ගන්නේ ඇයි? උපන් දිනය හෝ මෙවැනි දිනයක් අලලා වැඩිහිටි නිවාසයකට දානයක් දීම, ලමා නිවාසයකට යාම ආදිය බොහෝ නලූ නිලියන් ඇතුලූ ප‍්‍රකට පුද්ගලයින් විසින් කරන කටයුත්තකි. කිශානි වාගේම ඒ නලූ නිලියන් ද අදාල අවස්ථාවල ඡුායාරූප ගෙන ඒවා ප‍්‍රසිද්ධ කරති. ‘අසරනයන් ’ සමඟ පෙනී සිටින ඡුායාරූපවලට අමතරව අසරනයන්ට පිහිට වීමට ආ අය එකතු වී සිනාමුසු මුහුනින් ගනු ලබන ඡුායාරූප ද මෙබඳු පින්තූර එකතූන් තුළ දක්නට ලැබේ.

කිශානිගේ වැලන්ටයින් සැමරුම ‘අසරනුන්ට සරන වීම’ නමැති පැරනි අදහස සමකාලීන සමාජය තුළ වෙනස් විදිහකට ප‍්‍රති නිර්වචනය වී තිබෙන ආකාරය පිලිබද කදිම රූපකයකි. අසරනුන්ට සරන වීම පුන්‍ය ක‍්‍රියා (Charity) පිලිබඳ සංකල්පනය තුළින් පැන නගින්නකි. Charity යන ඉංග‍්‍රීසි වචනය බිඳී එන්නේ caritas නම් ලතින් පදයෙනි. එම පදය ‘ලැදියාව’ යන අර්ථය දරයි. ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදාය තුළ caritas යන යෙදුම ‘අනෙකා කෙරෙහි වන කොන්දේසි විරහිත ආදරය’ යන අර්ථයෙන් ද යොදාගන්නා ලදී. එහිම වූ සංකල්පයක් ලෙස වියුක්ත තලයක පුන්‍ය ක‍්‍රියාව යන්න සලකන විට එම සංකල්පයේ යම් මානවවාදී පැතිමානයක් තිබේ යැයි කිව හැක. අනෙකා කෙරෙහි දයාවකින් යුක්තව ස්වකීයත්වය යම් විදිහකට කැප කිරීම මේ මානවවාදී පැතිමානයයි.

අප යම් ක‍්‍රියාවක් කරන්නේ එම ක‍්‍රියාව උදෙසාම නම් අපගේ ක‍්‍රියාවට සැබෑ සාරයක් ලැබෙන්නේ එවිටදීය. ඇතැම්විට යම් ක‍්‍රියාවක් අප කරන්නේ ‘වෙනත් යම් අරමුණක්’ උදෙසාය. නිදසුනක් ලෙස සමකාලීනව බහුතරයක් සරසවි සිසුන් ‘ඉගෙන ගන්නේ’ ඉගෙන ගැනීමේ ආශාව නිසා නොව රැුකියාවක් සොයාගැනීම සඳහාය. කලා ශිල්පීන සිය කලා හැකියාව පාවිචිචි කරන්නේ ‘කලාව සඳහා’ නොව මුදල් ඉපයීම සඳහාය. මෙලෙස අප කරන යම් ක‍්‍රියාවක් වෙනත් අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා වූ හුදු උපකරණයක් වූ විට අප කරන ක‍්‍රියාවේ සාරය ගිලිහී යයි. ඉගෙන ගැනීම සඳහා අර්ථයක් ලැබෙන්නේ අප ඉගෙන ගැනීමේ ආශාව නිසා ඉගෙන ගන්නේ නම්ය. එනම් යම් ක‍්‍රියාවක අවසානය එය තුළම තිබෙනවා නම්ය ( End in itself ) එම ක‍්‍රියාවට එහි සැබෑ අර්ථය හිමි වන්නේ.

අප නැවතත් කිශානි වෙත එමු. අපගේ කථා නායිකාව ආදරවන්තයින්ගේ දිනයේ වෘත්තීමය ඡුායාරූප ශිල්පියෙක් ද සමඟ වැඩිහිටි නිවාසයකට යන්නේ ඇයි? ඇයගේ අරමුන හුදෙක් ආබාධිතයින් සහ වියපත් වූවන් සතුටින් පුබුදු කිරීමද? මෙහිදී සිදුවන්නේ ‘වෙනස් වැඩක් කලා’ යනුවෙන් විශේෂ අනන්‍යතාවයක් ගොඩනැගීමය. පෙම්වතුන්ගේ දිනය දවස වැඩිහිටි නිවාසයේ ගත කිරීමේ ක‍්‍රියාව යනු එම වෙනත් අරමුන සඳහා ( අනන්‍යතාවය ) යොදාගන්නා උපකරනයකි. සැබෑ අරමුන වයස්ගත වූවන් සමග ජීවිතය බෙදාහදා ගැනීම නම් ඒ සඳහා වෘත්තීමය ඡුායාරූප ශිල්පීන් අවශ්‍ය නැත. එවැන්නන් අවශ්‍ය වන්නේ ක‍්‍රියාව එහිම අවසානයක් සහිත ක‍්‍රියාවක් නොවීම නිසාය.

වියුක්ත තලයේ දී මානවවාදී පැතිමානයක් තිබුනත් සමකාලීන සමාජය තුල සංයුක්තව තැබූ විට පුන්‍ය ක‍්‍රියා තුල අන්තර්ගත වන්නේ ආධිපත්‍යයමය සම්බන්ධතාවයකි. එනම් ධූරාවලිමය සම්බන්ධතාවයකි. මෙහිදී ‘වරප‍්‍රසාදිතයෙක්’ සහ ‘වරප‍්‍රසාද විරහිතයෙක්’ සිටී. මෙම සම්බන්ධය පිහිටන්නේ සිරස් අතටය. මෙතැනදී වරප‍්‍රසාදිතයා ස්වකීය ක‍්‍රියාව මගින් තම වරප‍්‍රසාදිතබව පිළිබඳ හැඟීම වඩාත් ශක්තිමත් කරගනී. එනම් පුන්‍ය ක‍්‍රියාවක් කරන හැම වතාවකදීම තමා සමාජයේ පීඩිතයන්ට වඩා ඉහලින් සිටින බවට වන හැගීම ක‍්‍රියාව කරන්නා තුල අවධාරනය වේ. ඔහු ඉන් විනෝදයක් ලබයි. ඔහුට එමගින් ලැබෙන විනෝදයය තව තවත් පුන්‍ය ක‍්‍රියා කිරිම සඳහා ඔහුව යොමු කරනු ලබන්නේ. මෙතැනදී සිදුවන්නේ සමාජයේ තිබෙන ධූරාවලිමය සම්බන්ධතා නැවත ප‍්‍රතිනිෂ්පාදනය වීමක් මිස මිනිසුන් සහ මිනිසුන් අතර සහෝදරාත්මක මානුශීය සම්බන්ධයක් ඇති වීම නොවේ.

කිශානි අලංකිගේ වැලන්ටයින් දිනය යනු පුන්‍ය ක‍්‍රියාවල පසු නූතන වේශයයි. අසරනුන් සමඟ සෙල්ෆි වලට පෙනී සිටීම දක්වා ඇය කල ඡුායාරූප ගැනීම දීර්ඝ කල හැක. අනෙකා සමඟ මානුෂීයව අනන්‍ය වීමක් පිලිබඳ අදහසක් හෝ මෙහි නොමැත. අනන්‍යතාවයක් ලැබීම සහ සිය වරප‍්‍රසාදිතබව තමන්ටම ඒත්තු ගන්වා ගැනීම තුළ ලබන රහසිගත විනෝදය විසිනි කිශානි අලංකි වර්ගයේ පුන්‍ය ක‍්‍රියා සඳහා පුද්ගලයින් යොමු වනු ලබන්නේ. සැබෑ මානුෂීය ක‍්‍රියාව යනු සමාජයට උඩින් ස්ථානගත වී කෙරෙන පුන්‍ය ක‍්‍රියාව නොව එම දෙබෙදුම ඉක්මවා සිදුවන සමූහත්ව ( Solidarity) ක‍්‍රියාවයි.







Wednesday, February 25, 2015

සහෝදර ජොන් බ්ලොමාගේ කොමියුනිස්ට් ප්‍රකාශනය නොහොත් අනුන්ගේ ලේ


ප‍්‍රංශ ලේඛිකා සිමොන් ද බෝවා විසින් රචිත ‘අනුන්ගේ ලේ’ නවකථාව ප‍්‍රකාශයට පත්වන්නේ 1945 දී, එනම් දෙවැනි ලෝක යුද්ධය අවසානයේදීය. මෙම නවකථාව විමුක්ති දේශපාලනය තුල මතු වන ආචාර ධාර්මික සංකීර්නතාව පිලිබඳ ප‍්‍රකාශනයක් ලෙස වර්තමානයට ද අතිශයින් අදාල වන්නකි. දේශපාලනයේ දී අනුන්ගේ ලේ සම්බන්ධව අපට තිබෙන වගකීම කුමක්ද? ස්වකීය අරමුනු ඉෂ්ට කරගැනීමේ ‘මාධ්‍යයක්’ වශයෙන් දේශපාලන ව්‍යාපාරයකට මිනිසුන් යොදාගැනීමට පුලූවන්ද? වියුක්ත සදාචාරවාදී ආස්ථානයක සිට පිලිතුරු දෙන්නේ නම් ඉහත ප‍්‍රශ්නයට නිසැක පිලිතුර ‘නැත’ යන්න විය හැක. එහෙත් ප‍්‍රශ්නය සහ පිලිතුර එතරම් සරල නැත.

සිමොන් ද බෝවාගේ වියමනෙහි ප‍්‍රධාන චරිතය වන ජොන් බ්ලොමා පූර්ව දෙවැනි ලෝක යුද ප‍්‍රංශයේ ජීවත් වූ ඉහල මධ්‍යම පංතික ව්‍යාපාරිකයෙක්ගේ පුත‍්‍රයෙකි. ස්වකීය සුඛෝපභෝගී වරප‍්‍රසාදිත ජීවිතය පිලිබඳ කලකිරීමෙන් යුක්තව ඔහු එම ජීවිතයෙන් කැඩෙන්ට තීරනය කරයි. ඒ අනුව ඔහු ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වන්නේය. තම වරප‍්‍රසාදිත මධ්‍යම පංතික නිවෙස අත්හැර, පියා සමග ගැටුමක් ද ඇති කරගෙන හෙතෙම කම්කරු පන්ති ප‍්‍රදේශයක කාමරයක් කුලියට ගෙන එහි පදිංචියට යයි. මධ්‍යම පංතිකයෙක් ලෙස ඔහු විමුක්ති දේශපාලනයට සම්බන්ධ වන්නේ ආචාරධාර්මික තැනකිනි. එනම් ඔහුව කම්කරු පංති දේශපාලනයට පොලඹවනු ලබන්නේ පෞද්ගලිකව ඔහු අත් විඳින පීඩනයක් නොව සමාජ අසාධාරනය පිලිබඳ ඔහු තූල ඇති වන ආචාරධාර්මික කෝපයයි.

බ්ලොමාගේ පෙලඹවීම උඩ ඔහුගේ මිත‍්‍රයෙක්ගේ සොහොයුරෙක් වන ජැක් ද පක්ෂයට සම්බන්ධ වන්නේය. වීදියක දී ඇති වූ ගැටුමක දී නව යොවුන් වියේ පසු වූ ජැක් මිය යයි. පක්ෂයට මෙම මරනය තවත් එක් ‘දිවි පිදීමකි’. එම මරනයට පසු පක්ෂය පෙර පරිදිම වැඩ කරගෙන යයි. මේ ගැන කලකිරෙන බ්ලොමා පක්ෂය හැර යන්නේය. කොමියුනිස්ට් පක්ෂය මිනිසුන්ට සලකන ආකාරය පිලිබඳ තමා තුල වූ හැඟීම පසුව ඔහු විචිත‍්‍ර උපමාවකින් පැහැදිලි කරයි. ඔහුට අනුව පක්ෂයට මිනිසුන් යනු චෙස් පෙතක ඉත්තන් සමූහයකි. පක්ෂයට වැදගත් කොහොම හරි තරඟය දිනන එකය. ඒ ඒ ‘ඉත්තන්’ ගේ අනන්‍ය වටිනාකමක් පක්ෂයට නැත.

කොමියුනිස්ට් පක්ෂය අත් හරින බ්ලොමා ඉක්බිති වෘත්තීය සමිති කටයුතු වල නිරත වෙන එක්තරා විදිහක අරාජකවාදියෙක් බවට පත් වන්නේය. මා පිලිබඳ තීරන ගත යුත්තේ මාය. එය අනෙකා සම්බන්ධව ද සත්‍යයකි. අනෙකාගේ ජීවිතය පිළිබඳ තීරන ගැනීමට මට අයිතියක් නොමැත. එනයින් අනෙකාගේ ලේ සම්බන්ධයෙන් මට තීරන ගත නොහැක. බ්ලොමා මෙහෙවෙන්නේ පුද්ගල ස්වඡන්දතාවය පිලිබඳ මෙම දාර්ශනික ආස්ථානයෙනි. කොමියුනිස්ට් පක්ෂය වෑයම් කරන්නේ දේශපාලන විඥානය කම්කරු පන්තියට ‘පිටින්’ එන්නත් කිරීමටය. වෘත්තීය සමිති වැඩ කරද්දී බ්ලොමා මේ අදහස එහෙම් පිටින්ම බැහැර කරන අතර කම්කරුවන් තුලට කිසිදු අදහසක් ‘බලෙන්’ ඒත්තු ගැන්විමට තමා ක‍්‍රියා නොකරන බව ඔහු දරන ආස්ථානයයි. හෙලන් නමැති තරුණියක හා හාද වන ඔහු එක්තරා විදිහක ස්වයං තෘප්ත ජීවිතයකට ඇතුලූ වන්නේය. මේ යුරෝපය තුල ෆැසිස්ට්වාදය නැගී එන යුගයයි. ජර්මනියේ දී හිට්ලර් බලය අල්ලා ගනී. ෆැසිස්ට් ආක‍්‍රමනයක තර්ජනය යුරෝපය වසා ගැනීම පටන් ගනී. බ්ලොමාගේ කොමියුනිස්ට් පක්ෂ හිතවතෙක් වන පෝල් බ්ලොමා මුන ගැසී ෆැසිස්ට් යුද අන්තරායට එරෙහි වැඩවර්ජනයකට කම්කරුවන් පෙලඹවීම සඳහා ඔහුගෙන් ආධාර ඉල්ලා සිටී. බ්ලොමා ඒ අදහස ප‍්‍රතික්ෂේප කරන්නේය. දේශපාලන වැඩවර්ජනය පිළිබඳ අදහස කම්කරුවන් තුලින්ම මතු වී ආවොත් විනා එය පිටින් සිට ‘එන්නත් කිරීමේ’ අදහස බ්ලොමාගේ දේශපාලන දර්ශනයට පටහැනිය.

කෙසේ වුවද දෙවැනි ලෝක යුද්ධයේ සම්ප‍්‍රාප්තිය බ්ලොමාගේ සාමකාමී වෘත්තීය සමිති ජීවිතය මත අකුනු පහරක් එල්ල කරයි. නාසි ජර්මනියේ ආක‍්‍රමනික හමුදා ප‍්‍රංශය ස්වකීය ග‍්‍රහනයට ගනී. ෆැසිස්ට්වාදයේ තිරිසන් ආත්මය ජීවමාන යථාර්ථයක් ලෙස ප‍්‍රංශ ජාතිකයා ඉදිරියේ පෙනී සිටින්නේය. ජර්මානු ආක‍්‍රමනය ඉදිරියේ ගත යුතු ස්ථාවරය මත ප‍්‍රංශය දෙකට බෙදුනේය. ප‍්‍රංශයේ ධනපති පංතියේ කොටසක් ජර්මානු ආක‍්‍රමනිකයා සමඟ හවුලකට යමින් නාසිවාදය සමඟ සන්ධානයක් ඇති කරගත්තේය. මීට සමගාමීව නාසි ආක‍්‍රමනයට එරෙහි ප‍්‍රතිවිරෝධය පෑමේ ව්‍යාපාරයක් ද ප‍්‍රංශය තුල පැන නැංගේය. මෙම ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ ඉතාම සටන්කාමී පාර්ශවය වූයේ කොමියුනිස්ට් පක්ෂයයි. යුද්ධය තීරනයක් ගැනීමේ අවස්ථාව බ්ලොමා ඉදිරියේ තැබීය. බ්ලොමා ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ සටන්කාමියෙක් ලෙස ඊට සම්බන්ධ වේ.

නාසි ආක‍්‍රමනිකයාට එරෙහි බෝම්බ පිපිරවීම් ඇතුලූ කඩාකප්පල් කිරීමේ කටයුතු සංවිධානය කිරීමට බ්ලොමා සක‍්‍රීයව සම්බන්ධ වන්නේය. මෙම ව්‍යාපාරයට ඔහු තුල වූ කැපවීම කොතෙක් ද යත් තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කොට බ්ලොමාව යුද අන්තරාය නැති ප‍්‍රදේශයකට මාරු කිරීමට උත්සාහ කල නිසා සිය පෙම්වතිය වූ හෙලන් සමඟ වූ සම්බන්ධය ද බ්ලොමා බිඳ දමයි. ප‍්‍රංශයේ වාඩි ලා ගන්නා නාසිවාදීහු ප‍්‍රංශය තුල ද යුදෙව් සංහාරය අරඹති. මරා දැමීම සඳහා මහමඟදි යුදෙව්වන් පෙල ගස්වන අන්දම දැක කම්පනයට පත්වන තරුන හෙලන් පසුව බ්ලොමාගේ ව්‍යාපාරය සමග සම්බන්ධ විය යුතු යැයි තීරනය කරන්නීය. බෝම්බ පිපිරවීම් ඇතුලූ ප‍්‍රචන්ඩ ක‍්‍රියා වල බ්ලොමාගේ කන්ඩායම නියුතු වන්නේය. එක්තරා අවස්ථාවක ප‍්‍රසිද්ධ ස්ථාන වල බෝම්බ පිපිරවීම සහ ඒ නිසා ප‍්‍රංශ ජාතිකයින් මියයාම ගැන බ්ලොමාගේ මව ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නීය. ‘අපේම අයගේ ලේ හැලීම’ ඇය දකින්නේ වරදක් ලෙසය. බ්ලොමා ඊට දෙන්නේ සෘජු පිලිතුරකි. ඔහුට අනුව එලෙස ලේ හැලෙන එක හොඳය. මන්ද ඒ විදිහට ලේ හැලෙන විට තවදුරටත් නාසිවාදීන් සමඟ හාදකම් පැවැත්වීම ප‍්‍රංශ ප‍්‍රතිගාමීන්ට අසීරු වන නිසාය. කම්කරුවන් සිය දේශපාලන අරමුනු සඳහා ‘මාධ්‍යයක්’ කරගැනීමට අකමැති යැයි කියා ෆැසිස්ට් විරෝධී දේශපාලන වැඩවර්ජනයක් දියත්කිරීම ප‍්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති ක‍්‍රියාධරයා යුදමය සන්දර්භය පැමිනි විට ‘අනුන්ගේ ලේ හැලීම’ සම්බන්ධ ස්වකීය ආස්ථානය වෙනස් කරගෙන තිබෙන්නේ එසේය.

ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරයේ කටයුතු අතර වෙඩි වැදී තුවාල ලැබ බ්ලොමාගේ පෙම්වතිය, හෙලන් මිය යන්නීය. ඇය අවසන් හුස්ම හෙලන අවස්ථාවේ බ්ලොමා ඇය හා කාමරයේ සිටී. ඇය අවසන් හුස්ම හෙලූ ඉක්බිති තීරනයක් ගැනීමට ඔහුට සිදුවන්නේය. හෙලන් මිය ගියේ ඇය සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ නිසාය. එම සන්නද්ධ අරගලය තුල තවදුරටත් නියැලෙනවාද? ඉන් ඉවත් වනවාද? ජොන් බ්ලොමාගේ තීරනය වන්නේ නැවත සටන් බිමට යාමය. තරුන කොමියුනිස්ට්වාදියෙක්ව සිටිය දී සිය මිතුරා ගේ මරනය නිසා ඇති වූ ආචාරධාර්මික කලකිරීම මත කොමියුනිස්ට් පක්ෂය හැර යන බ්ලොමා අවසානයේ සිය පෙම්වතිය මිය ගිය පසු ගන්නා තීරනය වන්නේ ව්‍යාපාරය හැරයාම වෙනුවට දිගටම සන්නද්ධ අරගලය තුළ රැඳී සිටීමය.

ස්වකීය අරමුනු මුදුන් පත් කරගැනීමේ ‘මාධ්‍යයක් ’ ලෙස සංවිධානය වූ දේශපාලන ක‍්‍රියාකාරීන් පිරිසක් බහුජනයාව දැකීම ආචාර ධාර්මික ද? සදාචාරය පිළිබද කාන්ටියානු දැක්ම සදාචාරය සම්බන්ධ වියුක්ත මූලධර්ම ඉදිරිපත් කරයි. ඒ අනුව ගොස් ඉහත ප‍්‍රශ්නයට ‘නැත’ කියා අපි පිලිතුරු දෙන්නෙමු නම්, නාසිවාදයට එරෙහි ප‍්‍රංශ ප‍්‍රතිවිරෝධතා ව්‍යාපාරය කළ යුතුව තිබුනේ කුමක්ද යන ප‍්‍රශ්නය අනිත් පැත්තට මතු කිරීමට සිදු වේ. විප්ලවවාදී පක්ෂය පිලිබඳ ලෙනින්වාදී අදහස තුල එක්තරා විදිහකට තිබෙන්නේ සංවිධානාත්මක වූ ක‍්‍රියාකාරීන් සමූහයක් විසින් පොදු සමාජය ‘මෙහෙයවීමකි’. ඒ අනුව චෙස් පෙත පිලිබඳ බ්ලොමාගේ රූපකය සාවද්‍යය නැත. එහෙත් එසේ කියා අප එම අදහස අත් හරින්නේ නම් අපට අභිමුඛ වන්නේ කුමක්ද? බ්ලොමාට අභිමුඛ වූයේ ජර්මානු නාසිවාදයයි. අපට අභිමුඛ වනු ඇත්තේ පීඩනය ආයතනගත වූ පවතින සමාජ පර්යාය නොවෙනස් ලෙස ගලාගෙන යාමේ ඉරනමයි.

වියුක්ත සදාචාරමය වටිනාකම් මත අපගේ ක‍්‍රියාවන්හි යුක්ති යුක්තභාවය විනිශ්චය කිරීමට සපුරා එරෙහි වූ සාංදෘෂ්ටිකවාදය යම් ක‍්‍රියාවක විනිශ්චය එය සිදුවන සන්දර්භය තුල වටහා ගත යුතු බවට යෝජනා කළේය. මිනිසුන් නිදහස්ය. එහෙත් නිදහස් මිනිසාගේ තීරන සෙසු මිනිසුන්ගේ පැවැත්ම සමග වෙලී තිබෙන නිසා එම නිදහස වගකීම්සහගත විය යුතුය. යම් ක‍්‍රියාවක ‘වගකීම් සහගතභාවය’ විනිශ්චය කල යුත්තේ අදාල ක‍්‍රියාව සිදු වූ සන්දර්භය අනුව මිස සදාචාරය පිළිබඳ යම් ‘උත්තරීතර’ වටිනාකමක් මත නොවේ. විප්ලවවාදී පක්ෂය පිළිබඳ ලෙනින්වාදී සංකල්පනයට තිබෙන ඓතිහාසික වලංගුතාවය වූ කලී එය විසින් නිශ්චිත ඓතිහාසික සන්දර්භයක් තූල ඉටු කරන භූමිකාවයි. ( සියවස් ගනන් පැරනි පංති ධූරාවලින් කඩා බිඳ දැමීමේ ඓතිහාසික ක‍්‍රියාව) එහෙත් එම ලෙනින්වාදී සංකල්පනය තුල බ්ලොමාගේ චෙස් පෙතෙහි යථාර්ථය ද ගැබ්ව පවතී. ලෙනින්වාදී පක්ෂය යනු විප්ලවය සඳහා උපයෝගී කරගැනීමට සිදුවන අත්‍යවශ්‍ය නපුරක්ද? එය තාවකාලික ද? චෙස් තරඟය හා චෙස් ඉත්තන් අතර ගනුදෙනුව විප්ලවයෙන් පසුවත් ක‍්‍රියාත්මක වන්නේ ද? එසේ නම් විප්ලවය විසින් ඇති කරන විමුක්තියට අර්ථයක් තිබේද? ‘අනුන්ගේ ලේ’ වියමන අප ඉදිරියේ එලෙස ප‍්‍රශ්න සමූහයක් තබයි.

Friday, February 20, 2015

මහින්ද ආපසු ඒවිද?

හින්ද ආපසු ඒවිද?’ යන්න මේ දිනවල ජනප්‍රිය සංවාදයකි. ඒ පසුගිය දා නුගේගොඩ දී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කොට තිබූ රැලියත් සමගය. මෙම රැලිය පිලිබඳ එහි සංවිධායකයන්ට සතුටු විය හැක. රාජ්‍ය අනුග‍්‍රහයක් නොමැතිව සංවිධානය කොට තිබූ තතු යටතේ සැලකිය යුතු විශාල පිරිසක් එම රැලියට සහභාගී වී සිටියේය. රැලිය පිලිබඳ කෙරෙන  ඕනෑම විග‍්‍රහයකට පෙර මෙම කරුන අප පිලිගෙන සිටිය යුතුය.

මහින්ද නමැති පුද්ගලයාගෙන් නියෝජනය වන්නේ හුදෙක් මහින්ද නමැති පුද්ගලයා පමනද? නුගේගොඩට රැස්වූ ජන පිරිස් ඉල්ලා සිටින්නේ හුදෙක් මහින්ද රාජපක්ෂව ද? මහින්ද නම් පුද්ගලයා යනු හුදෙක් මහින්ද නමැති පුද්ගලයා නොව ඊට වැඩි යමකි. මහින්ද වූ කලී මේ මොහොතේ රනකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයේ සංකේතාත්මක නියෝජනයයි. නුගේගොඩ රැස්වීම තුල වැඩකල තර්කනය යනු සිංහල ස්වෝත්තමවාදයේ තර්කනයයි. රැලියට පෙර දින ‘සිංහල බල සේනා’ නමැති සංවිධානයක පෝස්ටර් වලින් කොලඹ නගරයේ බිත්ති පිරී ගොස් තිබුනේ ඒ අනුවය. රාජපක්ෂ ආන්ඩුව බලය සඳහා පදනම් වූයේ සිංහල ජනතාව මතය. ස්වකීය බලය සුජාත කරගැනීම සඳහා එම පාලනය විසින් යොදාගත්තේ දෙමල හා මුස්ලිම් ජනයා සිංහලයාට තර්ජනයක් බවට වන මතවාදය සක‍්‍රීය ලෙස නඩත්තු කිරීමය. මේ සඳහා උතුරු ලංකාව මත සාපරාධී මිලිටරි පාලනයක් ඇටවීමේ සිට මුස්ලිම් ජනයාට එරෙහිව අශ්ලීල වාර්ගික ප‍්‍රහාර දියත් කිරීම දක්වා නානා විධ ක‍්‍රියාමාර්ග රාජපක්ෂ පාලනය විසින් අභ්‍යාස කළේය.

රාජපක්ෂ බලයෙන් පහවූවාට රනකාමී සිංහල ස්වෝත්තමවාදය පරාජය වී නැත. එය අතිශය සක‍්‍රීය සංරචකයක් ලෙස දකුනු ලංකාවේ දේශපාලනය තුල ක‍්‍රියාත්මක වන්නේය. මහින්ද නමැති පුද්ගලයා විසින් කරන්නේ මෙම සංරචකයට ශරීරය දීමය. මේ නිසා ‘මහින්ද ආපසු ඒවිද?’ යන ප‍්‍රශ්නයට පිලිතුර සරලය. මහින්ද නැවත එන්න දෙයක් නැත. මහින්ද දැනටමත් සිටී. එම දේශපාලන සංරචකය සමාජ භෞතිකයකි. එය පවතින තුරු  ‘මහින්දලා’ විවිධ වේශයන්ගෙන් කරලියට පිවිසෙති.

මේ නිසා ‘මහින්ද’ ( හුදු මහින්ද නමැති පුද්ගලයා නොවේ )  බලවත්වීම සැබැවින්ම නතර කල යුතු නම් කල යුත්තේ කුමක්ද? ඇතැම් ප‍්‍රගතිශීලී මතධාරීන් සහ වාමාංශිකයන් මෙහිදි ගන්නා ආස්ථානය වන්නේ වැඩි වැඩියෙන් රනිල් - මෛත‍්‍රී කඳවුර වෙත සමීප වීමයි. මහින්දගෙන් නියෝජිත වාර්ගික ස්වෝත්තමවාදය සමඟ සසඳන විට ඔවුන්ට රනිල් - මෛත‍්‍රී ආන්ඩුව ‘අඩු නපුරකි’. රාජපක්ෂ විසින් නව ලිබරල් වෙලඳපොල ක‍්‍රමය සහ සිංහල ස්වෝත්තමවාදය අතර සාර්ථක අනුකලනයක් ගොඩනැංවීය. සිංහල ස්වෝත්තමවාදය සහ රනිල් - මෛත‍්‍රී ආන්ඩුව අතර සම්බන්ධය තරමක් සංකීර්නය. එහි ක‍්‍රියාකාරීත්වය ද අවසන් විග‍්‍රහයේ දී නිර්වචනය වන්නේ සිංහල ස්වෝත්තමවාදී කතිකාව විසින් නිර්මිත සීමාවන් තුළය. ඒ සමඟ බැරෑරුම් ලෙස අභිමුඛ වීමට මෙම ආන්ඩුව උත්සාහ කරන්නේ නැත. එහෙත් ඒ තුල සංයුක්ත ජාතිකවාදය එක්තරා විදිහක ‘නිෂ්ක‍්‍රීය ජාතිකවාදයකි’. එනම් ආන්ඩුවේ ක‍්‍රියාකාරීත්වයේ සීමාව ජාතිකවාදය විසින් නිර්නය කරයි. එහෙත් රාජපක්ෂ රජය මෙන් ( අඩු තරමින් දැනට ) එය ස්වෝත්තමවාදය සක‍්‍රීය පාලන උපකරනයක් ලෙස යොදාගෙන නැත. ඇතැම් වාමාංශිකයන් රනිල් - මෛත‍්‍රී ආන්ඩුව සමග ඇතිකරගන්නා මතවාදී සම්මුතියේ පදනම එයයි.

එහෙත් එබඳු සම්මුතියකට යාමේ දී එම පිරිස්වලට රනිල් - මෛත‍්‍රී ආන්ඩුවේ නව ලිබරල් වෙලඳපොල ආර්ථික චින්තනය ‘මඟහැර යාමේ’ ඉරනමට ලක්වීමට සිදුවන්නේය. සම්මුතියට හිලවු වශයෙන් නව ලිබරල් වෙලඳපොලවාදය කෙරෙහි තිබෙන විවේචනය ද්විතීක කරගැනීමට හෝ පසුපසට ගැනීමට ඔවුන්ට සිදුවේ. උදාහරනයක් ලෙස මහින්දට එරෙහිවීමේ ආවස්ථික පිරිවැය ලෙස පාසල්වල ගාස්තු අයකිරීම නීතිගත කරමින් නව ආන්ඩුව නිකුත් කොට තිබෙන චක‍්‍රලේඛය පිලිබඳ ප‍්‍රශ්නය මතු නොකොට සිටීමට සිදුවේ.

එබඳු ඉරනමට ලක් නොවී මහින්ද මගින් නියෝජිත ප‍්‍රතිගාමී දේශපාලන සංරචකය සමඟ අභිමුඛ විය හැක්කේ කෙසේද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය සමාජය වෙනත් පසමිතුරුතා අක්ෂයක් වටා සංවිධානය කිරීමය. සිංහල සහ සිංහල නොවන නමැති පසමිතුරුතාව තුළ දකුනු ලංකාවේ දේශපාලනය සංවිධානය කිරීම මහින්ද ගේ දේශපාලනයයි. අවශ්‍ය කරන්නේ ප‍්‍රභූ සහ ප‍්‍රභූ නොවන නමැති නව පසමිතුරුතාවය මගින් එම වාර්ගික පසමිතුරුතා අක්ෂය විස්ථාපනය කිරීමකි. සිංහල ස්වෝත්තමවාදය ‘විවේචනය’ කොට එය පරාජය කළ නොහැක. විවේචනය අවශ්‍යයය. නමුත් ජනයා වෙනස් වන්නේ හුදු තර්ක හෝ විවේචන ගැන පැහැදීමක් ඇති කරගැනීම තුළ නොව යම් ව්‍යවහාරික ක‍්‍රියාවලියක් තුලදීය. කම්කරු සටන්, ශිෂ්‍ය සටන්, ගොවි ජනයාගේ සටන් සහ සමාජ ආර්ථික ඉල්ලීම් මූලික කොටගත් එබඳු වෙනත් බහුවිධ සටන් අවශ්‍ය වන්නේ එබඳු විකල්ප දේශපාලන ව්‍යවහාරයක් තුලට ජනතාවන් කැඳවාගැනීම සඳහාය. ‘මහින්ද’ බලවත් වීම නතර කරමින් අධිපති නව ලිබරල් සමාජ සැකැස්මට එරෙහි විකල්ප දිශානතියක් ගොඩනැගිය හැක්කේ එබඳු තුන්වන පෙරමුනක දේශපාලනයක් ශක්තිමත් කිරීම තුළය. රනිල් - මෛත‍්‍රී ආන්ඩුව සමඟ හුරතල් වනවා වෙනුවට ප‍්‍රගතිශීලීන් සහ වාමාංශිකයන් විසින් කල යුත්තේ ඒ සඳහා මූලිකත්වය ගැනීමයි.    





Thursday, February 12, 2015

ජෙයකුමාරී බාලේන්ද්‍රන්ගේ අභියෝගය

ජෙයකුමාරි බාලේන්ද්‍රන් නැවත වතාවක් බන්ධනාගාරගත කරන ලදී. ඒ කොලඹ මහේස්ත‍්‍රාත් අධිකරනයේ නියෝග මතය. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින ජෙයකුමාරි එලෙස අත්අඩංගුවට පත් වී මේ වනවිට දින 331 ක් ගත වී තිබේ. දින 331 ක් ගත වී තිබුනත් තවමත් ඇයට එරෙහි චෝදනාවක් අධිකරනය ඉදිරියේ ගොනු කොට නැත. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එන කාලකන්නි ප‍්‍රතිපාදන උපයෝගී කොට ගෙන ජෙයකුමාරිව දැන් වසරකට ආසන්න කාලයක් රඳවා ගනු ලැබ තිබේ. මේ දින 331 පුරාම ත‍්‍රස්ත විමර්ශන ඒ්කකයේ නිලධාරීන් කරනු ලබන පැහැදිලි කිරීම වන්නේ ‘‘ විමර්ශන කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතින’’ බවයි.

ජෙයකුමාරි බාලේන්ද්‍රන් උතුරු ලංකාවේ සිදුවූ බලහත්කාරී අතුරුදහන් කිරීම් සම්බන්ධව ක‍්‍රියා කල ක‍්‍රියාකාරිනියකි. යුද්ධය අවසාන වූ පසු එල්ටීටීඊ සංවිධානය සමග සබඳතා තිබූ අයට භාරවෙන ලෙස ලංකා රජය නිවේදනය කල අතර ඒ අනුව ජෙයකුමාරිගේ පහලොස් හැවිරිදි පුත‍්‍රයා ආරක්ෂක හමුදාවලට භාර විය. එතැන් පටන් ඔහු ගැන තොරතුරක් නැත. සිය දරුවාගේ අතුරුදහන් කිරීමෙන් පසු ජෙයකුමාරි අතුරුදහන් කිරීම්වලට එරෙහි උද්ඝෝෂනවලට ක‍්‍රියාකාරීව සම්බන්ධ වන්නියක බවට පත්වූවාය. එම උද්ඝෝෂනවලට ඇගේ දොලොස් හැවිරිදි දියනිය විභූෂිකා ද සම්බන්ධ වූවාය. 2014 මාර්තුවේ දී ත‍්‍රස්තවාදියෙක්ට රැකවරන දීමේ චෝදනාව මත ජෙයකුමාරි අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඒ සම්බන්ධව චෝදනාවක් වත් අධිකරනය ඉදිරියේ ගොනු කරගැනීමට තවමත් ආන්ඩුව අසමත්ව සිටී.

ජෙයකුමාරිව යලිත් වතාවක් රිමාන්ඞ්ගත කිරීමට සමගාමීව අතුරුදහන් වූ තම දරුවන් සඳහා යුක්තිය ඉල්ලා දෙමල ජාතික දෙමවුපිය සංවිධාන විසින් කැඳවූ විරෝධතා මාලාවක් පසුගිය සතියේ දී උතුරු ලංකාව සිසාරා පැතිරී ගියේය. යාපනය, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත‍්‍රික්කවල මෙබඳු උද්ඝෝෂන පැවැති අතර ශිරානි බන්ඩාරනායකට, සරත් ෆොන්සේකාට ‘යුක්තිය’ ඉටු කල පරිදි තම ප‍්‍රශ්නයට සාධාරනය ඉටු කරන ලෙස එම දෙමාපියෝ ඉල්ලා සිටියහ. මේ අතර සිවිල් යුද්ධය අවසාන අදියරේ දී දෙමල ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු වූ බවට යෝජනාවක් උතුරු පලාත් සභාව විසින් පසුගිය සතියේ දී සම්මත කරගත්තේය. ජනාධිපතිවරනයේ දී රනිල් - මෛත‍්‍රී සන්ධානය සමඟ ඇතිකරගෙන තිබූ හවුල් ක‍්‍රියාමාර්ගයට පසු දෙමල ජාතික සන්ධානය ජාතික ප‍්‍රශ්නය තීරනාත්මක ලෙස මතු කල පලමු ක‍්‍රියාව වන්නේ මෙම යෝජනා සම්මතයයි. මේ පිලිබද ජනමාධ්‍ය වෙතින් ප‍්‍රශ්නයක් ඉදිරිපත් වූ විට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න පවසා තිබුනේ ජන සංහාරයක් සිදුවීය යන්න ‘පිලිගත නොහැකි අදහසක් ’ බවයි. සේනාරත්න වැඩිදුරටත් කියා තිබුනේ උතුරේ ජනඝාතනයක් සිදුවී නම් සිදුවූයේ එල්ටීටීඊය විසින් දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස යොදාගත් නිසා බවයි. සේනාරත්න මිනිස් ඝාතන පිලිබද රාජපක්ෂ රජය ඉදිරිපත් කල ‘නිදහසට කරුන’ ඒ වචනවලින්ම ප‍්‍රතිරාවය කලේ එසේය.

ඉහත දැක්වූ සිදුවීම්වලින් එලැඹිය හැකි නිගමන දෙකකි. පලමුව, දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් පිලිබඳ ප‍්‍රශ්නය දෙමල සමාජය පැත්තෙන් බරපතල ලෙස මතු කිරීම ආරම්භ වී තිබේ. දේශපාලන සිරකරුවන් ගේ ප‍්‍රශ්නය, හමුදා පාලනය , හමුදාව උතුරේ ඉඩම් අත්පත් කරගෙන සිටීම සහ යුද අපරාධ වින්දිතයන්ට සාධාරනය ඉටු කරවා ගැනීම මෙම පුලූල් ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ සංයුක්ත කරයි. දෙවනුව, රනිල් - මෛත‍්‍රී ආන්ඩුව මෙම ගැටලූවට ප‍්‍රතිචාර දක්වමින් සිටින්නේ අඩු වැඩි වශයෙන් රාජපක්ෂ රෙජිමය ඊට ප‍්‍රතිචාර දැක්වූ තර්කනය තුලම සිටිමිනි. කොලඹ සංස්ථාපිතය විසින් උතුරේ පවත්වා ගෙන යන හමුදා පාලනයේ වෙනසක් තවමත් සිදුවී නැත. උතුරේ හමුදා කඳවුරු අඩු කිරීමක් සිදු නොවන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ප‍්‍රකාශයක් ද සිදුකොට තිබුනේය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ ඉහත කී කිසිදු ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රශ්නයක දී ධනාත්මක ප‍්‍රවේශයක් තවමත් රනිල් - මෛත‍්‍රී ආන්ඩුව පැත්තෙන් පෙන්නුම් කොට නැති බවයි.

එනම් පශ්චාත් රාජපක්ෂ යහපාලන කතිකාවත ගොඩනැගී තිබෙන්නේ ජාතික ප‍්‍රශ්නය බහිෂ්කරනය කොට දමමිනි. දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් පිලිබද ප‍්‍රශ්නය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ගැන සිංහලවාදී කතිකාවක් මේ වන විට දේශපාලන වශයෙන් බලවත් වී තිබේ. උදාහරනයක් ලෙස ‘යහපාලනයේ නාමයෙන්’ අධිකරනයෙන් මොහාන් පීරිස්ව ඉවත් කරනු ලැබේ. එහෙත් එම අධිකරනය පොලිසිය සමග එක්ව ජෙයකුමාරිගේ අත්වලට මාංචු දමයි.

කෙතරම් බැහැර කරන්ට උත්සාහ කලත් දෙමල ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ගැටලූව මග හැර යා නොහැකි භෞතික යථාර්ථයක් ලෙස පවතින්නකි. දශක තුනක සිවිල් යුද්ධයක් ජනනය කල මෙම ප‍්‍රශ්නය තවමත් දෛනික ජීවිතයේ යථාර්ථයක් ලෙස අපට මුන ගැසේ. මේ ප‍්‍රශ්නය බැහැර කොට ගොඩනගමින් තිබෙන වත්මන් සිංහලවාදී දේශපාලන කතිකාවේ අනාගත ප‍්‍රතිඵලය කෙබඳු ද? ස්වකීය ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් අරභයා දෙමල සමාජය තුල වැඩෙන දේශපාලන උනන්දුවක් හා සක‍්‍රීයත්වයක් වර්ධනය වෙමින් පවතී. අද දින අතුරුදහන් වූවන්ගේ මවුපියන් විසින් කරන උද්ඝෝෂන ලෙස ප‍්‍රකාශයට පත්වන එය හෙට දින මහා පරිමාන විරෝධතා ව්‍යාපාර හා සිවිල් නීති කැඞීම් දක්වා වුව වැඞී යා හැක. එම ප‍්‍රජාතාන්ත‍්‍රීය අරගලය මැඞීම සඳහා රාජ්‍යය අලූත් වටයකින් හමුදා බලය යොදාගනු ඇති අතර නීතිඥ සංගමයේ ලිබරල් මහත්වරුන්ට හදිසි නීතිය ඇතුලූ මර්දන නීති නව වටයකින් සම්මුඛ වනු ඇත. ජාතික ප‍්‍රශ්නය මග හැර ඉගිල්ලෙන්න දැගලිය හැක. එහෙත් එම ප‍්‍රශ්නය ඉගිල්ලෙන්න හදන ඔබගේ තටු කපා ඔබට ප‍්‍රතිචාර දක්වනු ඇත.



Thursday, February 5, 2015

අදහසක් නැති සමාජයක නිදහස

සෑම පෙබරවාරි මාසයකම සැමරෙන ‘නිදහස් දිනය’ ඉංග‍්‍රීසියෙන් නම් කොට ඇත්තේ Independence Day නමිනි. Independence යන වචනයේ සිංහල අර්ථය ‘ස්වාධීනත්වය’ යන්නයි. එම යෙදුම සිංහලට හැරවීමේ දී ‘ස්වාධීනත්ව දිනය’ නොවී ‘නිදහස් දිනය’ වූයේ කෙසේද යන්න සොයා බැලීමට වටිනා සිත්ගන්නා සුලූ සිදුවීමකි. ජාතික නිදහස් දිනය ආශ‍්‍රිතව සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන චාරිත‍්‍ර වාරිත‍්‍ර ප‍්‍රමානයක් තිබේ. පසුගිය 04 වැනි දා පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගනයේ දී එම චාරිත‍්‍ර පෙල එලෙසම අනුගමනය කරන ලදී. ‘නිදහස’ ගැන, ‘නිදහසේ අභිමානය’ ගැන රූපවාහිනී වැඩසටහන්වල විවිධ දෑ වර නගන ලදී.

නිදහස යන්න අපට ප‍්‍රවේශ දෙකකින් අර්ථ ගැන්විය හැක. 1948 වූ කලී බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යය වෙත තිබූ දේශපාලන බලයෙන් ලංකාව යම් විදිහක දේශපාලන ස්වාධීනත්වයක් අත්කරගත් සංසිද්ධියකි. අප ප‍්‍රශ්නය දෙස බලන්නේ රාජ්‍යයේ දෘෂ්ටිකෝනයෙන් නම් 1948 දී ලංකා රාජ්‍යය බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් ස්වාධීනත්වය ලැබීය. එය ‘නිදහසට’ අර්ථයක් දිය හැකි එක් ආකාරයකි.

නිදහසට දිය හැකි අනිත් අර්ථය නම් පුරවැසියන්ගේ නිදහස පිිලිබඳ දෘෂ්ටි ආස්ථානයයි. සාදෘශ්‍යයක් ලෙස මෙහිදී අපට දියුනු ධනපති රටවල නිදහස යන්නට ලැබී තිබෙන අර්ථය සලකා බැලීමට පුලූවන. නූතන බටහිර ජාතීන් බොහොමයක් නිර්මානය වන්නේ වැඩවසම් රාජාන්ඩුවාදයට එරෙහිව කරන ලද අරගල හා විප්ලව තුලිනි. මෙකී විප්ලව එම සමාජ තුලින් පැන නැඟි ඒවාය. රාජාන්ඩු විසින් පොදුජන සමාජයට අහිමි කොට තිබූ නිදහස දිනාගැනීම සඳහා පරම්පරා ගනනක් තිස්සේ දිවෙන අරගලයක මෙකී ජාතීන් නියුක්ත වූහ. එම සටන් තුලින් ගොඩනැගුනු ශක්තිමත් ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායක් මේ නිසා එම සමාජවල පවතී.. මේ නිසා බටහිර සමාජ බොහොමයක් තුල නිදහස යන්නට ‘ප‍්‍රජාපීඩක අධිකාරියෙන් පුරවැසියා නිදහස් වීම’ යන අර්ථය පවතී.

ප‍්‍රංශයේ ජාතික ගීය ඉහත අර්ථය සංකේතවත් කරන ප‍්‍රකාශනයක් ලෙස සැලකිය හැක. ප‍්‍රංශ ජාතික ගීය ( මෙය La Marseillaise නමින් හැඳින්වේ )   ලෙස භාවිතාවට නැගෙන්නේ ප‍්‍රංශ විප්ලව සමයේ රාජාන්ඩුවාදීන්ට එරෙහිව විප්ලවවාදීන් විසින් ගායනා කළ යුද ගීතයකි. දුෂ්ට රාජකීය තන්ත‍්‍රයෙන් ස්වකීය නිදහස දිනාගැනීම සඳහා යුද වදින ලෙස එම ගීතය පොදුජනයාට ආයාචනා කරයි. නූතන ප‍්‍රංශය විප්ලවයකින් උපන් ජාතියකි. මිනිස් නිදහස හා ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායන් එබඳු රටක පොදුජන සවිඥානය සමග ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබේ. මේ නිසා එවැනි සමාජයක් තුල ‘නිදහස’ යනු හෘද සාක්ෂියේ නිදහස, ප‍්‍රකාශනයේ නිදහස ආදී නිදහසේ බහුවිධ ස්වභාවයන් අන්තර්ගත කරගත් ගැඹුරු සංකල්පනයකි. ස්වකීය නිදහස සහ අයිතිවාසිකම් පිලිබඳ ගැඹුරු හැඟීමක් පොදුජන සමාජය තුල මුල් බැස ගෙන තිබේ.

නිදහස පිලිබඳ මෙම අර්ථය ලංකාව තුල නැත. මෙයට ප‍්‍රධානතම හේතුව වන්නේ ලංකාව බඳු රටවල ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවයක් සිදු නොවීමයි. ලංකාවේ පැරනි ධනපති නායකයෝ යටත් විජිත ස්වාමිවරුන් වෙත දාසකම් කල දීනයෝ පිරිසක් වූහ. ඞී.එස්.සේනානායක බඳු සාම්ප‍්‍රදායික ප‍්‍රභූන්ට අධිරාජ්‍යයෙන් නිදහස් වීම යන සරල අර්ථයෙන් වත් නිදහස පිලිබඳ අදහසක් තිබුනේ නැත. ඒ යුගයේ ජාතික නිදහස පිලිබඳ සටන් පාඨය ඉදිරිපත් කළේ සමසමාජ පක්ෂයයි. යටත්විජිත ආන්ඩුව යටතේ දේශපාලන තන්ත‍්‍රය හා පොදුජන සමාජය අතර තිබුනේ ස්වාමි-යටත් වැසි සම්බන්ධයකි. 1948 දී සිදුවූයේ මෙම ස්වාමි - යටත් වැසි සම්බන්ධය දේශීයකරනය වීමකි. නූතන ප‍්‍රංශය විප්ලවයකින් උපන් ජාතියක් නම් නූතන ලංකාව යටත් විජිත ස්වාමිවරු සහ ඔවුන්ගේ ස්වදේශික බත්බැලයන් අතර ඇති වූ ඞීල් එකකින් උපන් ජාතියකි.

ඒ අනුව පොදුජන සහභාගීත්වය තිබූ නිදහස් අරගලයක් ලංකාවේ නොවීය. නිදහස පිලිබඳ තිබූ සීමිත කතිකාව පවා සීමා වී තිබුනේ අධිරාජ්‍යයෙන් ලංකා රාජ්‍යය ස්වාධීනත්වය ලබාගැනීම යන්න මත මිස පොදුජනයා ‘නිදහස’ සාක්ෂාත් කරගැනීම පිලිබඳ ප‍්‍රශ්නය මත නොවේ. බටහිර රටවල මහත් කැපකිරීම් තුලින් දිනාගත් ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන විශේෂ ලංකා සමාජය තුල හුදු ආනයනය කරන ලද සැරසිලි බවට පත්වී තිබෙන්නේ ඒ අනුවය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදායන්ගෙන් තොර දේශපාලන සමාජයක් සහ ධනවාදී ආර්ථිකයක් තිබෙන රටක් ලෙස ලංකාව ස්වකීය පරිනාමය අත්පත් කරගෙන ඇත. තමන්ගේ නවීන රූපවාහිනී යන්ත‍්‍රවලින් මෛත‍්‍රීපාල සිරිසේන / මහින්ද රාජපක්ෂ ආදීහු පන්සල් යන හැටි, මල් පූජා කරන හැටි දැක බලා ඊට සාධුකාර දෙන ජනසමාජයක් ශේෂ වී තිබෙන්නේ ඒ අනුවය. එබඳු ජනසමාජයක් තුළ ස්වකීය අයිතිවාසිකම් හෝ දේශපාලන නිදහස පිලිබඳ තිබෙන්නේ දුර්වල හැඟීමකි.

තතු එසේ වූ විට එබඳු සමාජයක් තුල නිදහස හුදු රූපික දෙයක් බවට පත්වන්නේය. ඒ අනුව අපට දැකගැනීමට ලැබෙන්නේ වසරකට වරක් සිදු වන හුදු වතාවත් පෙලකි. කිසිම අදහසක් නැතිව යාන්ත‍්‍රිකව එම වතාවත් නැවත නැවත අනුගමනය කරනු ලැබේ. ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් හා මිනිස් නිදහස පිලිබඳ සංරචකයෙන් වියුක්ත ‘නිදහස’ වූ කලී අර්ථ ශුන්‍ය සංකල්ප මාත‍්‍රයකි. ඒ අනුව පෙබරවාරි 04 වැනි දා සිදුවන්නේ වාර්ෂික චාරිත‍්‍රයක් කිසිදු හැඟීමකින් තොරව ඉෂ්ට කිරීමකි. ‘ජාතික නිදහස් දිනය’ ලෙස ගාම්භීර නමක් දී තිබෙන්නේ එලෙස යාන්ත‍්‍රිකව ඉටු කෙරෙන වාර්ෂික චාරිත‍්‍රයකටය.








Monday, February 2, 2015

නීතියේ 'ආධිපත්‍යය' පුපුරුවා හරිමු

සුගිය දිනවල අලූත්කඩේ උසාවි පරිශ‍්‍රය ආශ‍්‍රිතව සිදු වූ සිදුවීම් පෙළ නාටකීයය. නග්න රාජ්‍ය බලය යොදා අගවිනිසුරු ධූරයට පත් කළ මොහාන් පීරිස් ඊටත් වඩා නග්න ලෙස රාජ්‍ය බලය යොදා ධූරයෙන් පහ කරන ලදී. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් පහ කොට සිටි ශිරානි බන්ඩාරනායක නැවත අගවිනිසුරු පුටුවේ වාඩි කරවන ලදී. මේ සියල්ල සිදුවූයේ ජනාධිපති මෛත‍්‍රීපාල විසින් ලියන ලද ලියුම් මත පදනම්වය.

මේ සිදුවීම් පෙල ‘නීතියේ ආධිපත්‍යයට’ සහ ‘යහපාලනයට’ මොන තරම් දුරට අනුකූල දැයි පැහැදිලි කල යුත්තේ මේ දිනවල එම සංකල්ප තොරොම්බල් කරමින් සිටින මහත්ම මහත්මීන්ය. අධිකරනවලට කෙරෙන පත්කිරීම්වල ඊනියා පටිපාටිය ගැන කිසිදු සැලකිල්ලක් මෙම ලියුම්කරු තුල නැත. එහෙත්  දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව විසින් උතුරේ අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, කුමාර් ගුනරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරීමට තිබෙන අයිතිය පිලිගැනීම වැනි ප‍්‍රශ්න මතු වූ විට ‘නිසි පටිපාටිය‘ හා ‘නීතිය’ නිවැරදි ලෙස අදාල විය යුතු යැයි නිදහසට කරුනු නහුතයක් ඉදිරිපත් කෙරෙන රටක එම නිදහසට කරුනු ඉදිරිපත් කරන අයවලුන් විසින්ම අගවිනිසුරු පටිපාටියෙන් බැහැරව එලවා දැමීම උත්ප‍්‍රාසාත්මකය.

ජනප‍්‍රිය අදහස අනුව මොහාන් පීරිස් එලවා දැමීම ‘අධිකරනය ස්වාධීන’ කිරීමේ සටනේ කොටසකි. ස්වාධීන අධිකරන කොමිෂම ස්ථාපිත කළ පසු එනම් අධිකරනයේ ඉහල විනිසුරුවරුන් පත්කිරීමට ජනාධිපති සතු බලතල කප්පාදු කල පසු අධිකරන ස්වාධීනත්වයේ ඉතිරි අර්ධයත් සම්පූර්න වනු ඇත.

අධිකරන ස්වාධීනත්වය ගැන මේ අධිපති සාකච්ඡාව ගොඩ නැගෙන්නේ ඉහල සිට පහලටය. එනම් විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ දෘෂ්ටිකෝනයෙනි. මෙතැන තිබෙන සාකච්ඡාව නම් විනිසුරුවරුන්ට ‘දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව’ කටයුතු කිරීමට තිබෙන නිදහස පිලිගැනීමයි.

එහෙත් ප‍්‍රශ්නය අපට තවත් දෘෂ්ටිකෝනයකින් සලකා බැලිය හැක. ලංකාවේ උසාවි පද්ධතිය යනු දැඩි ලෙස ධූරාවලිගත වූ පද්ධතියකි. මෙම ධූරාවලියේ ඉහල කොටස විනිසුරන්ගෙන් හා මහේස්ත‍්‍රාත්ලාගෙන් සංයුක්ත වී තිබේ. නීතිඥ සංගමය බඳු ප‍්‍රභූ ආයතන ද මෙම ධූරාවලියේ වරප‍්‍රසාද ලත් ස්ථානයක් උසුලන්නේය. එහි පහලම අඩිය නියෝජනය කරන්නේ ‘යුක්තිය පසිඳලවා ගැනීමට’ උසාවි එන පොදු ජනතාවය. උසාවියක දෛනික කටයුතු පිලිබඳ නිරීක්ෂනයක් කරන  ඕනෑම අයෙක්ට මෙම ධූරාවලිගත සම්බන්ධය ක‍්‍රියාවට නැගෙන ආකාරය දැකබලා ගැනීමට පුලුවන. උසාවි බංකු සහ සිරමැදිරි පිරී තිබෙන්නේ නිර්ප‍්‍රභූ පිරිමි සහ ගැහැනුන්ගෙන්ය. මේ අයට තමා ඉදිරියේ දිග හැරෙන ‘මහේශාක්‍ය ක‍්‍රියාවලිය’ තේරෙන්නේ නැත. ඒවා ඔවුන්ට තම තමන්ගේ අභිමතය පරිදි තෝරාදෙන සියල්ල දත් නීතිඥවරු සිටිති. දැනුම බලයක් වන අතර බලය ප‍්‍රකාශයට පත්වන්නේ මුදල් ලෙසය. පොදු ජනතාව නිර්දය ලෙස නීතිඥවරුන්ගේ සූරාකෑමට ලක්වෙති. මෙකී ක‍්‍රියාවලිය නියාමනය කෙරෙන පද්ධතියක් නැත. මුදල් හදල් යහමින් තිබේ නම් හොඳ නීතිඥවරු මිලදී ගත හැක. හොඳ නීතිඥවරු නැතිව නඩු දිනීම අපහසුය. එනම් මුදල් වැඩිපුර තිබේ නම් වැඩිපුර ‘යුක්තිය’. යුක්තිය ඒ අනුව විවෘත වෙලඳපොලේ කේවල් කොට මිලදී ගත හැකි වෙලඳ භාණ්ඩයකි.

වැඩවසම් යුගයේ රදලයෙක් පාරේ එන විට පොදු ජනයා කානු පල්ලට බැසිය යුත්තේ යම් සේද මහේස්ත‍්‍රාත්ලා පාරේ එන විට පොදු ජනයා දෙපසට වී ඔවුන්ට ඉඩ ලබා දිය යුතුය. උසාවි යාම යනු සාමාන්‍ය මිනිසෙක්ගේ පැත්තෙන් ගත් විට ඉතාම නරක ගනයේ රස්තියාදු වීමකට විෂය වීමකි. මේ රස්තියාදු වීම ගැන කථා කරන්නේ කවුද? අධිකරන නිලධාරීන්ගේ චන්ඩි පාට් ඔවුන් ඉවසා දරා ගත යුතුය. මහේස්ත‍්‍රාත්ලා ඉදිරියේ දෙකට තුනට නැමිය යුතුය. මහේස්ත‍්‍රාත්ලා සහ විනිශ්චයකාරවරු කියන  ඕනෑම දෙයක් අසාගෙන සිටිය යුතුය. ඔවුන් බැන වදිද්දී පවා ඔලූව පාත් කරගෙන සිටිය යුතුය. එනම් ධූරාවලියේ ඉහල සිටින්නවුන්ගේ උද්දච්ච සංස්කෘතිය පොදුජනයා විසින් විඳ දරාගත යුතුය.

ඉහත කී උද්දච්ච හැසිරීම ඒ ඒ මහේස්ත‍්‍රාත්ගේ / විනිසුරුගේ පුද්ගලිකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව අධිකරන ධූරාවලිය ගොඩනැගී තිබෙන ආකාරය පිළිබඳ ව්‍යුහමය ප‍්‍රශ්නයකි. මොහාන් පීරිස් ගේ සිට ශිරානි බන්ඩාරනායක දක්වා සියලූම දෙනා නිර්වචනය වන්නේ මෙම ව්‍යුහය තුළිනි. උසාවි ආශ‍්‍රිත ප‍්‍රභූවාදි සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන්නේම පොදු ජනයා එම ක‍්‍රියාවලිය තුළ ‘යටත් විෂයන් ’ ලෙස පවත්වා ගැනීමේ උවමනාව මතය. උසාවි ආශ‍්‍රිතව ගොඩනගා තිබෙන මෙම ප‍්‍රභූ - නිර්ප‍්‍රභූ සම්බන්ධය එනම් පීඩක - පීඩිත සම්බන්ධය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැඹුරු ප‍්‍රශ්නයකි.

ඒ අනුව අපට මෙසේ ඇසිය හැක. අධිකරනය නිදහස් කරගත යුත්තේ මොහාන් පීරිස්ගෙන් පමනද? උක්ත ප‍්‍රභූ - නිර්ප‍්‍රභූ බෙදීම මගින් නිර්වචනය වී තිබෙන ධූරාවලිගත ව්‍යුහය ගැන කිව හැක්කේ මොනවාද? ධනේශ්වර ස්වභාවයේ සූරාකෑමක සහ පූර්ව ධනේශ්වර පන්නයේ ප‍්‍රභූවාදයක අවලස්සන සම්මිශ‍්‍රනයකි අපගේ අධිකරන ව්‍යුහය. මොහාන් පීරිස්ට ගල් ගැසීමේ කිසිදු ගැටලූවක් නැත. එහෙත් එතැනින් නොනැවතී පොදු ජනතාව බැහැර කොට ගොඩනගා තිබෙන අධිකරන ව්‍යුහයේ සමස්ත තර්කනයටම ගල් ගැසිය යුතුය. ඬේවිඞ් විසින් ගොලායත් පෙරලා දැම්මේ යම් සේද පොදු ජනයා අඟුටුමිට්ටන් කොට ගොඩ නැගී තිබෙන මෙම ව්‍යාජ මහේශාඛ්‍ය පද්ධතිය එහි පදනමින්ම පෙරළා දැමිය යුතුය.