Friday, December 18, 2015

මහින්ද ජයසිංහගේ බිකිනි භීතිකාව සහ නලින්ද ජයතිස්සගේ හෝමොෆෝබියාව


මලිංගික අයිතිවාසිකම්වලට තමා ‘දැඩි ලෙස විරුද්ධ බව’ ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනෙක ඬේලි නිවුස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ප‍්‍රකාශ කොට තිබුනි. ඔහුට අනුව සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් නිසා එයට පිලිගැනීමක් ලබාදිය නොහැක.

නලින්ද ජයතිස්සගේ මේ ප‍්‍රකාශය බෙහෙවින් සිත්ගන්නා සුලq එකක් වන්නේ එය මෙරට වාමාංශයේ එක් ප‍්‍රවනතාවයක් වන ජවිපෙ ප‍්‍රවනතාවයේ එක් වැදගත් පැතිකඩක් පරාවර්තනය කරන බැවිනි. ස්ත‍්‍රී හා පුරුෂ සමලිංගික - පාරලිංගික හා සංක‍්‍රාන්ති ලිංගික ජනතාවගේ විමුක්තිය (LGBT Liberation) පිලිබඳ කතිකාව සමකාලීන ලෝක දේශපාලනයේ සාකච්ඡාවට ගැනෙන වැදගත් ප‍්‍රශ්නයකි. එල්ජීබීටී ප‍්‍රජාවන් වූ කලී ඉතිහාසය තුල විශාල පීඩනයකට හා ආන්තිකකරනයකට ගොදුරු වූ ප‍්‍රජාවකි. විශේෂයෙන්ම ඒබ‍්‍රහමික ආගමික සම්ප‍්‍රදායන් විසින් මෙම වෙනස් ලිංගික නැඹුරුතා සලකන ලද්දේ පාපයක් හා අපරාධයක් ලෙසය.
මිනිස් ඉතිහාසය තුල පැවැති පුරුෂමූලිකත්වය තරම්ම මර්ධනකාරී වූත් බැහැරකිරීම්වාදී වූත් සංස්ථාවක් වන්නේ විෂම ලිංගික ඒකාධිකාරයයි. මෙන්න මේ ඒකාධිකාරය නිසා වෙනස් ලිංගික නැඹුරුවක් සහිත ප‍්‍රජාවන් ස්වකීය දෛනික ජීවිතයේ ඉතාම සාමාන්‍ය ක‍්‍රියාකාරකම්වල සිට ඔවුන්ගේ සමාජයීය පැවැත්ම දක්වා වූ බොහෝ ක්ෂේත‍්‍රවල දී තුච්ඡ ලෙස වෙනස් කොට සැලකීමට ලක්වූහ. දැනුත් ඔවුහු එබඳු පීඩාවකට ගොදුරු වී සිටිති.

මෙකී පීඩිත ප‍්‍රජාවන්ගේ විමුක්තිය පිලිබඳ ප‍්‍රශ්නය දේශපාලන සංවිධානාත්මකභාවයකින් යුක්තව මතු කිරීම ආරම්භ වූයේ ‘60 දශකයේ දීය. නව සමාජ ව්‍යාපාර ලෙස හැඳින්වෙන, නිල කොමියුනිස්ට් පක්ෂවල බල ක්ෂේත්‍රයන්ට පිටින් පැන නැගුනු විවිධ විමුක්ති අරගල අතර එක් අරගලයක් වූයේ එල්ජීබීටී ප‍්‍රජාවන්ගේ විමුක්තිය පිලිබඳ අරගලයයි. ස්ත‍්‍රී විමුක්තිය, යුධ විරෝධය හා පරිසර දේශපාලනය මෙලෙස වර්ධනය වූ වෙනත් දේශපාලන ප‍්‍රවනතාවයෝය.

මුල් කාලයේ එල්ජීබීටී ප්‍රජාවන්ගේ විමුක්තිය සම්බන්ධයෙන් ස්ථාපිත දේශපාලන සංස්ථාවන් තුල පැවැතියේ බැහැරකිරීම්වාදී ආකල්පයකි. යුරෝපයේ එවකට පැවැති විශාල වාමාංශික පක්ෂ තුල මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ආස්ථානය පිලිබඳ විශාල වාද විවාද පැවැති අතර ආර්ථික ඌනිතවාදයක් තුල සිරගතව සිටි බොහෝ ස්ථාපිත පක්ෂ පංති අරගලය නොවන මෙබඳු සෙසු ආකාරවල අරගල කෙරෙහි දැක්වූයේ උදාසීන ආකල්පයකි.

කෙසේ වූවද ‘70-‘80 දශකවල මෙම තත්වයෙහි කැපී පෙනෙන විතැන් වීමක් හට ගනී. මේ කාලය වන විට එල්ජීබීටී විමුක්තිය පිලිබඳ ප‍්‍රශ්නය සුලුතර ප‍්‍රජාවක් විසින් මතුකරන ආන්තික ප‍්‍රශ්නයක තැනෙහි සිට ක‍්‍රමානුකූලව ප‍්‍රධාන දහරාවේ ප‍්‍රශ්නයක තත්වයට විතැන් වූයේය. එල්ජීබීටී අයිතිවාසිකම් ලෙස මෙය ලිබරල් අයිතිවාසිකම් කතිකාවතට ඇතුලූ වූ අතර මෙකී අරගලයන්ගේ ප‍්‍රතිඵල ලෙස වෙනස් ලිංගික නැඹුරුතා අපරාධකරනය කරනු ලැබූ ආචීර්නකල්පික නීති වෙනස් කරන තැනට ඇතැම් රාජ්‍යයන් තල්ලූ විය.
මෙම අරගලය මේ මොහොතේ ද සජීවීව පවතින අරගලයකි. නිදසුන් ලෙස සමලිංගික විවාහ සඳහා විෂමලිංගික විවාහ සඳහා තිබෙන පිලිගැනීම ඉල්ලා බොහෝ රටවල අරගල සක‍්‍රීයව පවතී. සමලිංගිකත්වය හා වෙනස් ලිංගික නැඹුරුතා අස්වාභාවික, පිලිකුල් කටයුතු දෙයක් ලෙස දකින ගතානුගතික දැක්ම හඳුන්වනු ලබන්නේ සමලිංගික භීතිකාව (Homophobia) ලෙසය. ලෝකයේ බොහෝ සමාජවල - විශේෂයෙන් බටහිර සමාජවල - හෝමෝෆෝබියානු අදහස් දරනු ලබන්නේ අන්ත දක්ෂිනාංශික දේශපාලන කන්ඩායම් විසිනි. ආගමික ගතානුගතිකවාදයෙන් මෙහෙයවෙනු ලැබෙන ප‍්‍රතිගාමී කොන්සර්වැටිව් දේශපාලන කල්ලි විසිනි එල්ජීබීටී අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස ස්වකීය විරෝධය දක්වනු ලබන්නේ.

ලෝකයේ සිදු වී තිබෙන මෙම විශාල පැරඩයිම වෙනස ගැන ලංකාවේ ජනතා විමුක්ති පෙරමුනට කිසිදු අදහසක් නැති බව නලින්ද ජයතිස්සගේ ප‍්‍රකාශය මගින් පෙන්නුම් කෙරේ. එම පක්ෂයේ හෝමෝෆෝබියාව වූ කලී හුදෙක් එම පක්ෂය ගිලී සිටින ආර්ථික ඌනිතවාදයක් පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් නොවේ. එම ප‍්‍රශ්නයට අමතර තවත් සංස්කෘතික පැතිමානයක් ද තිබේ. ගම්බද දුගී තරුනයන්ගේ රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුනේ සංස්කෘතික තර්කනය දැඩි ලෙස ග‍්‍රාමීය සිංහල බෞද්ධ ප‍්‍රතිමානයන් විසින් පාලනය කරනු ලැබෙන්නකි. ඒකභාර්යා-ඒකපුරුෂ පවුල කෙරෙහි තිබෙන දැඩි පක්ෂපාතීත්වය, මත්පැන් සිගරට් පරිභෝජනය ආදී ‘සංකර’ පුරුදු ගැන තිබෙන බැහැරකිරීම්වාදී ආකල්පය, නාගරික සංස්කෘතික ලක්ෂන ‘සුලු ධනේශ්වර ලක්ෂන’ ලෙස දැකීමේ නැඹුරුව සහ ඒ වෙනුවට ඊනියා ‘චාම් පැවැත්ම’ රොමෑන්තිකකරනයට ලක්කිරීමට තිබෙන යොමුව ආදී සියල්ල මෙකී ග‍්‍රාමීය සිංහල බෞද්ධ සංස්කෘතික ප‍්‍රතිමානයන්ගේ පරාවර්තනයන්ය.

හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට පිවිසි කාලයේ සිදුවූ එක් සිදුවීමක් මෙහිදී සඳහන් කරනු වටී. ඇය රූප රාජිනී තරගයක දී නාන ඇඳුමක් හැඳීම පදනම් කොට ගෙන ඇතැම් පිරිස් ඇයට එරෙහි ද්වේශසහගත ව්‍යාපාරයක් දියත් කල අතර ඒ යුගයේ හිරු රූපවාහිනියේ එක්තරා දේශපාලන සංවාදයක දී සරත් මනමේන්ද්‍ර ඇගේ එබඳු ඡායාරූපයක් පෙන්වමින් එය දෝශ දර්ශනයට ලක්කලේය. එම අවස්ථාවේ සරත් මනමේන්ද්‍රට යාබදව වාඩි වී සිටි ජවිපෙ නියෝජිත මහින්ද ජයසිංහ ද මනමේන්ද්‍රට එකතු වෙමින් හිරුනිකාගේ නාන ඇඳුම කෙරෙහි විවේචනාත්මක වූයේය. සුනිලා අබේසේකර ජවිපෙ ක‍්‍රියාකාරිනයක වී සිටි යුගයේ ඇය විසින් නාන ඇඳුමක් හැඳීම පක්ෂ උප සංස්කෘතිය තුල ‘ආන්දෝලනයට’ තුඩු දුන් අයුරු ගැන සඳහනක් ජවිපෙ හිටපු ලේකම්වරයෙක් වන ලයනල් බෝපගේ විසින් ඇය මියගිය ඉක්බිති ලියන ලද උපහාර ලිපියක දැක්වේ. ජවිපෙ සංස්කෘතික ජීවිතය පිලිබද අදහසක් ඇති ඕනෑම අයෙක්ට මෙම මනෝභාවය ඉතා හුරුපුරුදුය.

මහින්ද ජයසිංහගේ ‘බිකිනි භීතිකාව’ මෙන්ම නලින්දගේ සමලිංගික භීතිකාව ද පැන නගින්නේ එකම මූලයකිනි. එය ජවිපෙ සම්ප‍්‍රදායේ සංස්කෘතික ලෝක දැක්ම පැනනගින ග‍්‍රාමීය සිංහල බෞද්ධ සදාචාර ප‍්‍රමිතීන් තුලින් ව්‍යුත්පන්න වූවකි. වෙනස් ලිංගික නැඹුරුතා පිලිගත නොහැක්කේ ඒවා ‘අස්වාභාවික’ නිසා යැයි නලින්ද කියන්නේ නම් ඔහුට කිව යුත්තේ සියලූ මිනිසුන්ට සමාන අවස්ථා තිබිය යුතු බවට වූ සමාජවාදී සංකල්පයේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මිනිස් නිදහස ආදී සියලූ වටිනාකම් ‘ස්වභාවික’ ඒවා නොව ශිෂ්ටාචාරය විසින් සාක්ෂත් කරගත් සමාජයීය ජයග‍්‍රහනයන් බවයි. ජවිපෙ පසුගිය කාලයේ ඉදිරිපත් කල අදහසක් වූයේ තම පක්ෂය පෙනී සිටින්නේ 'නවීන සමාජවාදය' වෙනුවෙන් බවයි. සැබැවින්ම නවීන සමාජවාදී ව්‍යාපාරයක් වීමට නම් ජවිපෙ කල යුත්තේ පසුගිය මැතිවරන කාලයේ සිදුකලා මෙන් ලංකා වානිජ මන්ඩලයේ තක්කඩීන් සමග සුරතල් වීම නොව තමාට ජානමය වශයෙන් උරුම වී තිබෙන ඉහත කී ඌනිත පටු ලෝක දැක්මෙන් මිදී ගැනීමය.

15 comments:

  1. ජවිපෙ මෙම කාරණයේදී විවෘතව ම තමන්ගේ සැබෑ මතය ප්‍රකාශ කරනවා. වෙනත් බොහෝ වාමාංශිකයන් මූලධාර්මිකව සමලිංගික අයිතිවාසිකම් පිළි ගනිමින් ප්‍රායෝගික ලෝකයේදී ඔවුන් පිළිකුළෙන් සලකනවා. දෙගොල්ලොම එකයි.

    ReplyDelete
    Replies
    1. පැරා ගොයියාගේ විසන්ධි වී තිබු ලජ්ජා නහරේ හදිසියේ සම්බන්ද වීම නිසා ඉහත කොමෙන්ටුවේ දැමීමට නොහැකි වූ කොටස. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස!;

      " නමුත් එක්සත් ජාතික පක්ෂය මේ කරණයේදී ඉන්නේ මේ වාමාංශික යැයි කියාගන්නා පක්ෂවලට වඩා සෑහෙන ඉදිරියෙන්. ඔවුන්ගේ නායකයා හා නායකගේ විශ්වාසය දිනාගත් තරුණ නායකයින් ක්‍රියාවෙන්ම සමලිංගික අයිතිවාසිකම්වලට තමුන්ගේ ඇති ලැදියාව පෙන්වා තිවෙනේවා. මෙය අතිශය ප්‍රගතිශීලි පියවරක්. ජනවාරි 08 විප්ලවයට සම්බන්ද වූ අප මෙම තත්වය ඉදිරියට පවත්වාගත යුතු වෙනවා මෙන්ම ප්‍රතිවිප්ලව කාරී වමන්ශික මලධර්ම වාදීන් පරාජය කල යුතුද වෙනවා."

      පා.ලි:
      දැන් ඔය මහත්තය සිරිකොතේ මාද්‍ය යුනිට් එකත් එක්ක තියන ඇයි හොදයියෙ තත්වේ කොහොමද? ඒඅය ඉස්සරහ සතියේ වැඩ ගැන කියන්න කදමළු බැඳගෙන ගෙදර එනවද? නැත්නම් ඔයා සෙට් වෙන්න ගිය වෙලාවක මොකක්ද කරන්න ඕන කියල අහන් එනවද ?

      Delete
  2. වෛද්‍යවරයෙකු වූ නලින්ද ජයතිස්ස සමලිංගිකත්වය අස්වාභාවික චර්‍යාවක් නොවන ලෙස සලකා DSM (Diagnostic and Statistical Manual of Mental Disorders) වර්ගීකරණයෙන් ඉවත් කරන ලද බව නොදැන සිටීම බේදජනකයි

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය උපාධියක් ලබාගෙන, පරිවාස කාලය ගත කර ලියා පදිංචි වූ පමණින් සියළු මෝඩකම් නැති නොවේ!

      Delete
    2. බටහිර වෛද්‍ය විද්‍යාවේ දේශපාලනය ගැන කතා කරන එක වටිනවා. ඔය ඇබ්නෝමල් නෝමල් බෙදීම් තියෙන්නෙ කෙස් ගහට. අද ළමයින් සමග සෙක්ස් කරන එක ට ( pedophilia ) පක්ෂව බටහිර රටවල පෙලපාලි ගියොත් හෙට Diagnostic and Statistical Manual of Mental Disorders එකෙන් අයින් කරනවා.DSM එකට මොකක් ඇතුල් කරනවද මොකක් අයින් කරනවද කියල තීරනය කරන්නෙ බටහිර මාධ්‍ය ලොක්කො ,යුදෙව් ලොබිය වගෙ බලවේග.එක ශුද්ධ ග්‍රන්ථයක් නෙමෙයි.බටහිර දේශපාලන වෛද්‍ය විද්‍යාවේ ප්‍රකාශනයක්.

      Delete
  3. ජවිපෙට විතරක් නෙමේ ඇත්තටම නම් රාමචන්ද්‍රලටත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් එහා ගිය පැවැත්මක් නැහැ. ජවිපෙ සමලිංගික විරෝධය සිංහල බෞද්ධ සංස්කෘතියේ පරාවර්ථනයක් කියන එක නෙමෙයි මේකෙ ගැටළුව. ගැටළුව තියෙන්නෙ ඇතැම් වෙනත් වාමාංශික ව්‍යාපාර වල එවන් භීතිකාවක් නැත්නම් එය එසේ වී ඇත්තෙත් කුමන හෝ සංස්කෘතියකට සාපේක්ෂව කියන එක රාමාචන්ද්‍රලට නොතේරෙන එකෙයි. ඒක නොතේරෙන නිසාම රාමචන්ද්‍රල හිතන්නෙ ස්වාභාවිකව විය යුත්තේ වාමාංශික ව්‍යාපාර තුළ එවන් සමලිංගික භීතිකාවන් නොතිබීම වුවත් ජවිපෙ සම්බන්ධයෙන් එය එසේ වී නැත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික බලපෑම නිසා කියලයි. රාමචන්ද්‍රලටත් අවසාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් එහාට ගිය පැවැත්මක් නැහැ කියල කිව්වෙ ඒ තේරුමින්.

    ජවිපෙ සමලිංගික භීතිකාවට රාමචන්ද්‍රලා විරුද්ධ නම් ඒ විරුද්ධත්වය පදනම් වෙන්නෙ ඒ සම්බන්ධව වන සිංහල බෞද්ධ කියවීමට වඩා වෙනත් සංස්කෘතියක එන කියවීමක් තමුන් පිළිගන්න නිසා බව ඇඹරෙන්නෙ නැතුව කියන්න බැරි ඇයි? එහෙම නොකිය සිංහල බෞද්ධ කියවීම යම් ස්වාභාවික තත්ත්වයකට විරුද්ධ නිසා තමුන් ඊට එරෙහි වෙන බව කීමෙන් පේන්නෙ රාමචන්ද්‍රලාගේ දාර්ශනයේ තියෙන සීමාන්තික බව විතරයි.

    ඇතම් මිනිසුන් සමලිංගික නැඹුරුවක් පිහිටන ආකාරයටම තවත් මිනිසුන් තුළ දරුවන් සමග ලිංගිකව එක් වීමේ නැඹුරුවන් තියෙනව (pedophilic). ඒ වගේම තවත් මිනිසුන් තුල සත්තු සමග ලිංගිකව එක් වෙන්න, එහෙමත් නැත්නම් මළ මිනී සමග ලිංගිකව එක් වෙන්න (necrophilic) ආශාවල් තියෙනව. දැං රාමට පුළුවන්ද ඔය වගේ ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් වාමාංශිකයන් ගත යුතු අස්ථානයන් කුමක් විය යුතුද කියන එක සම්බන්ධයෙනුත් අර වගේ අභීත ප්‍රකාෂයන් කරන්න. ළමුන් හෝ මළමිනී සමග ලිංගිකව එක් වීමට වාමාංශිකය විරුද්ධ විය යුතුද? එසේ නම් එසේ විය යුත්තේ ඇයි? ඒ විරුද්ධත්වයන් පදනම් වෙන්නෙ යම් සංස්කෘතියක නෙමේද? යම් සංස්කෘතියකට සාපේක්ෂව රාමලාට එවන් සම්බන්ධතාවලට විරුද්ධ විය හැකි නම් සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව ජවිපෙටත් එවන් අස්ථානයන් කරා එළඹිය නොහැක්කේ ඇයි? ඇයි ජෙප්පො කළුද?

    - ප්‍රභංග

    ReplyDelete
    Replies
    1. හොඳ විග්‍රහයක්. රාමචන්ද්‍රල ළමයින් හා ලිංගික ක්‍රියාකාරකම් ,මලමිනී සමග ලිංගික ක්‍රියාකාරකම් ගැන දරන මතය මොකක්ද .ඒව ස්වාභාවිකද අස්වාභාවිකද . ඔය ස්වාභාවික හා අස්වාභාවික බව ගැන බෙදීම් රාමචන්ද්‍රලට ලැබුනෙ කොහෙන්ද. පැහැදිලිවම වෙන සංස්කෘතියක කියවීමකින්.
      ජවිපෙ මේ රටේ අත්තිවාරමේ පැලවුන පක්ෂයක්. ජවිපෙ ශක්තිය එයයි.

      Delete
  4. //ඒකභාර්යා-ඒකපුරුෂ පවුල කෙරෙහි තිබෙන දැඩි පක්ෂපාතීත්වය, මත්පැන් සිගරට් පරිභෝජනය ආදී ‘සංකර’ පුරුදු ගැන තිබෙන බැහැරකිරීම්වාදී ආකල්පය, නාගරික සංස්කෘතික ලක්ෂණ ‘සුලු ධනේශ්වර ලක්ෂණ’ ලෙස දැකීමේ නැඹුරුව සහ ඒ වෙනුවට ඊනියා ‘චාම් පැවැත්ම’ රොමෑන්තිකකරනයට ලක්කිරීමට තිබෙන යොමුව ආදී සියල්ල මෙකී ග‍්‍රාමීය සිංහල බෞද්ධ සංස්කෘතික ප‍්‍රතිමානයන්ගේ පරාවර්තනයන්ය.//
    ජ.වි.පෙ හිරවුණ තැනක්. සමලිංගික භීතිකාවත් ඒ වගේ තමයි.

    ReplyDelete
  5. මෙතන කවුරු සමලිංගිකත්වය වෙනුවෙන් පෙනී හිටියත් වැඩක් නෑ සමලිංගිකත්වය හා එල්ජීබීටී සියලු කොටස් ස්වභාවිකව ප්‍රතික්ශේප වෙන එක වලක්වන්න බෑ. ඔය සමලිංගික අයිතිය වෙනිවෙන් කතා කරන විසමලින්ගික එවුන් සමලිංගික (ගෑනු හෝ පිරිමි ) කාට හරි තමන්ගේ සිරුර ප්‍රයෝජනයට ගෙන සමලිංගිකයෙකුට ඒ පුද්ගලයගෙ ආසාව සන්සිඳුවගන්න ඉඩ දෙනවද? ඒ වෙනුවෙන් කැප වෙනවද? මේ ඔක්කොම බොරු කතා. සමලිංගිකයොත් දන්නව තමන්ට තියෙන්නේ අස්වාභාවික මානසික තත්වයක් කියලා. තමන් මහ ලොකු මානව හිතවාදියොනම් කරන්න තියෙන්නේ සමලිංගික අයිතිය ගැන කතා කරනවට වඩා ඊට බලපාන හේතු සාධක නැති කරල වරදට පෙළඹුන අයටත් සාමාන්‍ය තත්වයට පැමිනින්න උදවු වෙන එක.ගොන් සමාජවාදෙට දැන් තැනක් නෑ.

    ReplyDelete
    Replies
    1. සමලිංගිකයොත් දන්නව තමන්ට තියෙන්නේ අස්වාභාවික මානසික තත්වයක් කියලා//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      75%ක් සමලිංගික වෙලා තියෙන්නෙ අයිය කෙනෙකුගෙ අක්ක කෙනෙකුගෙ සෙල්ලමකට රහ වැටිල. ඕකෙ ඔය මහලොකු ප්‍රගතිශීලීකමක් නෑ.මෙතන භයානක දෙය තමන් සමරිසි වෙනවද විශම වෙනවද කියල හරි තීරනයක් නැතිව ඉන්න අය සමරිසි වෙන්න යම් ඉඩක් විවර වෙනව.එය මහා පොෂ් ක්‍රියාවක් ලෙස පුකේ වම්මු කියන නිසා.

      Delete
  6. ජනතා විමුක්ති පෙරමුන උපයෝගීතාවාදය න්‍යායක් තරම් දුරට දියුනු කරපු පක්ශයක්. චන්ද ප්‍රමානය විතරක් අරමුනු කරගෙන දකුනේ සිංහල බවුද්ද සමාජයේ බහුතර මතයට "හායි" කිය්න එක ඇරෙන්න මෙයාල වෙන දෙයක් කරල තියනවද ? . සමලිංගිකත්වය පිලිභඳ ඔවුන්ගේ මේ ස්තාවරය හරහා ජාතිවාදය පිලිබඳව ඔවුන්ගේ ස්තාවරයත් වටහාගන්නට පුලුවන්.

    ReplyDelete
    Replies

    1. ජවිපෙ මේ රටේ අත්තිවාරමේ පැලවුන පක්ෂයක්. ජවිපෙ ශක්තිය එයයි. වමේ බලවේග අතරින් ජවිපෙට යම් බලයක් තියෙන්නෙ ඒ නිසා. වෙනත් වමේ ව්‍යාපාර විදේශ තානාපති නිළධාරීන් වගෙයි. ඔවුන්ට තමන්ගෙම මතයක් නෑ. නමුත් ජවිපෙ ට නිර්මානශීලීව සිය මතය ගැලපීමේ හැකියාවක් තියනවා.

      Delete
  7. ජවිපෙ බොහෝ කරුණුවලදී අන්ත පසුගාමී පක්‍ෂයකි!

    ReplyDelete
  8. පේරාදෙනිය ඉංජිනේරුපීඨයට තම දියනිය ඇතුල්කිරීමට ගිය මගේ මිත්‍රයෙක් කල ප්‍රකාශය පේරාදෙනිය තලේබාන්කරණය වී ඇතිසෙයක් පෙන්වයි. කියන හැටියට ශිෂ්‍ය ක්‍රියාකාරීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමනක්නොව ඔවුන්ගේ නංගිලා මල්ලිලාටත් ඩෙස්කෝඩ් එකක් අනුගමනය කරවයි.

    ReplyDelete
  9. පුකේ අරින උන්ට හිරිහැර කරන එකට මාත් විරුද්ධයි. පුක් සෙල්ලමට කැමති වැඩිහිටියො දෙන්නෙක් ලෝකෙට අඩබෙර ගහන්නෙ නැතිව ඒක කරගත්තට අපට කමක් නෑ. නමුත් මේක ශුද්ධ ප්‍රගතිශීලී වැඩක් ලෙස හදුන්වන්න ගියොත් අවුල්. සමලිංගිකයො කසාද බදින්න යන එක පිළිකුල්. මේකෙන් වෙන්න සමලිංගිකයො බෝ වෙන එක. මේක අස්වාභාවිකයි. සොබා දහමට විරුද්ධයි. මේක ප්‍රධාන දහරාවෙ ලිංගික ක්‍රියාවක් විය යුතු නෑ.

    වෙනත් විකෘති හැසිරීම් වලට සමලිංගිකයන්ට වගෙ සහන ලැබිල නෑ. හරිනම් ඒවත් දෙන්න ඕන නේද.

    ReplyDelete