Saturday, July 4, 2015

රාජපක්ෂ යලි ඉපදීම සමාජ ප‍්‍රගතියට තර්ජනයකි

හින්ද රාජපක්ෂ නැවත බල දේශපාලනයේ මාතෘකාවක් වී තිබේ. ජනවාරි 08 වන දාට පසු මොහොතකට පෙනෙන්නට තිබුණේ ඉතිහාසයේ ඔහුගේ භූමිකාව අවසාන වූ බවයි. බොහෝ දෙනා යුක්ති යුක්ත ලෙස අනුමාන කළ ලෙස බලහත්කාරයෙන් ජනාධිපති පුටුවේ රැදී සිටීමේ තදබල සූදානමක් ජනවාරි 08 වන දා මැතිවරණ පරාජයෙන් ඉක්බිති ඔහුගේ පාර්ශවයෙන් පෙන්නුම් වූයේ නැත. ජනාධිපතිධූරය මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ද භාර දුන් හෙතෙම මැදමුලනට ගියේය. බැලූ බැල්මට ‘හකුලාගෙන යාමක් ’ ලෙස දිස්වූවත් එය හුදෙක් උපක‍්‍රමික පසුබැසීමක් බව පෙනෙන්නට තිබේ. දැන් එලැඹෙන මහ මැතිවරණයට තරග වැදීමේ සිය සූදානම ඔහු ප‍්‍රකාශයට පත්කොට තිබෙන අතර පෙනෙන්නට තිබෙන ආකාරයට ජනාධිපති සිරිසේනට එම සූදානම පිලිගැනීමට බල කෙරී ඇත.

රාජපක්ෂ ‘නැවත ගෙන ඒමේ’ ව්‍යාපෘතිය උග‍්‍ර සිංහල ජාතිකවාදය මත පදනම් වූවකි. රාජපක්ෂගේ මැතිවරණ පරාජය ඔහුගේ ක්ෂමාලාපකයින් විසින් විස්තර කරන ලද්දේ ‘සුලූ ජාතික ඡන්ද’ නිසා සිදුවූ දෙයක් වශයෙනි. එය රාජපක්ෂ විසින් ද ප‍්‍රකාශ කරන ලදී. මෑතක දී පුවත්පත්වලට දුන් සම්මුඛ සාකච්ඡුවක දී බැසිල් රාජපක්ෂ ද කියා තිබුණේ උතුරේ ඡන්ද සංවිධානාත්මකව රාජපක්ෂට විරුද්ධව පාවිච්චි කළ නිසා මැතිවරණය පරාජය වූ බවයි. පසුගිය කාලයේ විමල් වීරවංශ ආදීන් මූලික කරගෙන රාජපක්ෂවාදී ප‍්‍රචාරක ව්‍යාපාරයේ මුඛ්‍ය තේමාව වූයේ ද සිංහල ජාතිකවාදයයි. රාජපක්ෂ නැති වූ පසු රට කොටින්ට යනවා ආදී කථා එවැනි බලවේග විසින් සංවිධානය කළ ‘වෙනස සැපද?’ ආදී සම්ම්න්ත‍්‍රණවලදී පුනරුච්චාරණය කෙරිණ.

‘රාජපක්ෂවාදය’ වූ කලී ග‍්‍රාමීය පසුගාමීත්වය, සිංහල වර්ගවාදය සහ දූපත්වාදී මුග්ධත්වය මිශ‍්‍ර කොටගත් අජූව දේශපාලන ප‍්‍රවර්ගයකි. 2005 න් පසු සිදුවූ එක් දේශපාලනික විතැන් වීමක් නම් මෙන්න මේ අජූව දේශපාලන ප‍්‍රවර්ගය දකුණු ලංකාවේ හෙජමොනික දේශපාලන මොඩලය බවට පත්වීමයි. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, බලතල බෙදීම ආදී නූතන ප‍්‍රජාතාන්ත‍්‍රීය ව්‍යාපෘතියට අයත් සියලූ සංකල්ප ඒ යටතේ ජෝක් බවට පත්විය. දෛනික ජීවිතය හමුදාකරණයට ලක්කිරීම ස්වභාවික දෙයකට හැරවිණ. විශාල ආයෝජනයක් මත නඩත්තු කරන ජාතික ආරක්ෂක රාජ්‍යයක් පිහිටුවනු ලැබූ අතර මෙම රාජ්‍යයට සිංහල ජනතාව අතර සහයෝගය දිනාගැනීම සඳහා සාහසික ලෙස දෙමළ හා මුස්ලිම් ජනතාවට එරෙහි වර්ගවාදී ප‍්‍රහාර පාවිච්චියට ගන්නා ලදී.

ජනවාරි 08 වන දා රාජපක්ෂ පරාජය වීම එක්තරා විදිහකට රාජපක්ෂවාදය තුළ ආන්තිකකරණයට ලක්වූ ජනකොටස් විසින් ගසනු ලැබූ කැරැල්ලක් ලෙස විස්තර කළ හැක. ශ‍්‍රීලනිපය තුළ ඇති වූ අභ්‍යන්තර භේදය හා ජාතික හෙළ උරුමය රාජපකෂ සමග ඇති කරගත් ගැටීම නිසා රාජපක්ෂගේ සිංහල ඡුන්ද පදනම යම් දෙදරීමකට ලක්විය. මේ දෙදරුම සුලූ ජාතික කොටස්වල අති බහුතර විරෝධතා ඡන්දය සමග සංයුක්ත වී රාජපක්ෂව පරාජය කළ ඡුන්ද ලක්ෂ 62 නිර්මාණය විය.

රාජපක්ෂ පාලනය විස්ථාපනය කරන ලද්දේ විවිධ බලවේගවලින් සමන්විත තාවකාලික ආණ්ඩුවක් විසිනි. එහි ප‍්‍රධානතම සංරචකය වන එජාපය නව ලිබරල්වාදය මත පදනම් වූ ප‍්‍රභූවාදී දක්ෂිණාංශික පක්ෂයකි. ගෝලීය ධනවාදය සමග ලංකාව සුමටව ආබද්ධ කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ආයතනික ප‍්‍රජාතාන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සමූහයක් එය විසින් පසුගිය කාලයේ යෝජනා කරනු ලැබීය. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සාපේක්ෂව ගත්තත් මෙම ප‍්‍රතිසංස්කරණ ඉතාම සීමිත ප‍්‍රතිසංස්කරණයන්ය. රාජපක්ෂ සිය හෙජමොනිය ගොඩනගාගන්නේ සිංහල ජාතිය මත පදනම්ව නම් වික‍්‍රමසිංහ සිය හෙජමොනිය ගොඩනගා ගැනීමට උත්සාහ කරන එක් අක්ෂයක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන බවට වූ පොරොන්දුවයි. ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක අතර ඇති වී තිබෙන දෙබෙදුම එයාකාරය.

මෙලෙස ප‍්‍රභූවාදී පක්ෂ දෙක ඉහලින් සිට දේශපාලනය සංවිධානය කරද්දී වැඩකරන ජනයා ඇතුලූ නිර්ප‍්‍රභූ ජනතාවන්ගේ  ස්වාධීන දේශපාලන ප‍්‍රකාශනයක් නොපවතින තරම්ය. සමසමාජ - කොමියුනිස්ට් දේශපාලනය බලවත් වී තිබූ ‘40 - ‘70 දශකවල වැඩකරන ජනතාව මෙරට තීරණාත්මක දේශපාලන බලවේගයක් ලෙස සංයුක්ත වී සිටියේය. එනම් ප‍්‍රාග්ධනය පමණක් නොව ශ‍්‍රමය ද අඩු වැඩි වශයෙන් දේශපාලනිකව සංවිධානය වී තිබුණි. එහෙත් ශ‍්‍රමය මේ වනවිට දේශපාලන සාධකයක් ලෙස පවතින්නේ අතිශය දුර්වල අඩියකය. මෙය ප‍්‍රබල සාධකයක් ලෙස එසැවී ගන්නා තුරු දේශපාලනය ප‍්‍රභූවාදී බලවේග විසින් හසුරුවනු ඇත.

කෙසේ වූවද පහළ පාන්තික ජනයා ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස සංවිධානය කිරීමේ දෘෂ්ටිකෝණයෙන් ප‍්‍රශ්නය දෙස බලන්නේ නම් ඒ සඳහා තිබෙන මාරාන්තික තර්ජනයක් ලෙස රාජපක්ෂවාදය හඳුනාගත යුතුමය. ඒ අනුව ඉදිරියට එලැඹෙන කාලය තුළ මෙරට වාමාංශික හා ප‍්‍රගතිශීලී බලවේග වල කාර්යය ද්විත්ව ස්වභාවයක් ගනී. පළමුව රාජපක්ෂවාදයට එරෙහි සමා විරහිත අරගලයක් පවත්වා ගත යුතුය. මෙය විශේෂ අවධාරණයක් සහිතව පවත්වාගත යුතු අරගලයකි. ජාතිවාදය බලවත් වීම  ඕනෑම විදිහක වාමාංශික හා ප‍්‍රගතිශීලී දේශපාලනයක මග අහුරයි. රාජපක්ෂවාදයේ නැගීමට එම නිසා මාරාන්තික ලෙස එරෙහි විය යුතුය.

දෙවනුව ධනේශ්වර ලිබරල් කොටස් විසින් ඉදිරිපත් කරන සටන් පාඨ එම කොටස්වලටම ලගා විය නොහැකි මට්ටමට රැඩිකල්කරණය කළ යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතිකාව පහළ පාන්තික ජනයාගේ සහ වෙනත් පීඩිත ජනකොටස්වල දෘෂ්ටිකෝණයෙන් ප‍්‍රතිනිර්වචනය කිරීම මෙයට ඇතුලත්ය. එනම් උද්ඝෝෂණය කිරීමේ පූර්ණ නිදහස, ජාතික ආරක්ෂක රාජ්‍යය විසුරුවා හැරීම, වැඩවර්ජන අයිතිය, වෘත්තීය සමිතිවලට පූර්න නිදහස, ජාතික පීඩනය අවසන් කිරීම ආදියේ සිට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය, පරිසරය සඳහා ඇති අයිතිය දක්වා. වාමාංශයේ ඉදිරි ගමන වැටී තිබෙන්නේ මෙන්න මේ ද්විත්ව උපාය මාර්ගය ඔස්සේය.



11 comments:

  1. මේ සේරටම මුල ලංකාවේ කවදාවත් මිනිස්සු පිළිම ලෙස වන්දනා කිරීම ඇරුනම හරිහමන් සිස්ටම් එකක් හදා නොගැනීම.ජනවාරි 8 උනෙත් මහින්ද පිළිමෙ තිබුණු තැනින් මය්ත්‍රී පිළිමෙ තැබීම පමණකි.සිස්ටම් එක සේම් සේම්ය !එකාතකට දැන් මාස 6ක් තිස්සේ තිබුණු අන්දපයිප්පු දේශපාලනේට වඩා මෙහෙම උනු එක හොඳය.ශ්‍රීලංකා කාරයෝ විපක්ෂයේත් ආණ්ඩුවේත් සිටි කැබිනෙට්ටුවේ එකෙක් ඉර කියද්දී අනෙකා හඳ කියූ ඒ යුගය අහවරව නැවතත් ජනවාරි 8 කට පැමිණ ඇත.අපි කොයි යාද ? බඩු හොඳටම ෂුවර්ය. වන්දනාවට පිළිම ටිකක් හැරුණු කොට මේ මජර සිස්ටම් එක මේ විදිහටම ගඳ ගසනු ඇත

    ReplyDelete
  2. Mr, the human rights you speak of existing only in your deformed brain! 1400000 civilians were butchered by USA in Iraq itself. What does your human rights organizations do? 501 children were massacred in Palestine by Israel, what did your human rights pappala do? Only so-called third world countries are targeted in order to regime change? Having worked for so- called human rights, I personally am aware that all these western funded H.R organizations are being nicely manipulated! When Libya was annihilated by NATO where were your HR panaceas? Please come out from your dream world!

    ReplyDelete
  3. Some body still in the yahapalan dream world..wake up man...when sinhalese argue for a string national state they become a backward tribal movement..when the yapalane is driven by satisfying minority tribal interests at the expense of national interests ..its progress ..progress my foot!

    ReplyDelete
  4. These pro-democratic movements are against only those who love their country. For them LTTE killing innocent civilians is a libertarian struggle but if someone speaks about these killings, he or she is branded a Sinhals racist lost in tribalism! You all are suffering from inferiority complex! What the white nan utters is the ultimate truth for you! You don't care of their racism and tribalism! Only Sinhala Buddhist is attacked, criticized!

    ReplyDelete
  5. පැහැදිලිව සරළව කියනවා නම්, දැන් මේ රටේ තියෙන්නේ බයියන් හා ටොයියන් අතර ප්‍රශ්ණයක්. 2005 දි උනේ පාදඩ ග්‍රාමීය පන්තිය හෙවත් මරි මෝඩ, සට කපට, කුහක, ගෝත්‍රික මානසිකත්වයකින් නොඅඩුව සමන්විත බයියන් පිරිසක් අතට බලය පත් වීම. මේ දේ ලක් ඉතිහාසයේ සිඳුවන්නේ ප්‍රථම වතාවට. ඇත්තටම මේක බයියන්ගේ පැත්තෙන් බැලුවොත් නිහඬ විප්ලවයක්.

    මේකට එරෙහි උන ටොයියෝ කරේ, මේ වෙනුවට ටොයියෙක් පත් කර ගැනීම වෙනුවට, නොම්මර එකේ බයියෙක්ම පත් කර ගැනීම. ඒක පෑහෙන්නේ නැති ක්‍රියාවක්. ටොයියන්ගේ (ටොයි මානසිකත්වක් සහිත උන්ගේ) සියළු සිහිණ කුඩු කරමින් නැවතත් බයියන්ගේ මෝඩ චූන් බලා සැනසීමට රට වැසියාට සිඳු වනු ඇත.

    බයියන්ගේ මඟුල් ගෙවල් වලට වඩා ටොයියන්ගේ මඟුල් ගෙවල් බොහෝ වෙනස්ය. එහෙත් බයියාගේ මඟුල් ගෙදර ගියා නම්, බයියකු මෙන් හැසිරීමට පුරුදු විය යුතුය. නැති නම් අඹ සරණැය.

    ReplyDelete
  6. මහින්ද යනු ග්‍රාමීය ජනතාවගේ ප්‍රොඩක්ට් එකක් කියන කතාවට මම එච්චර ආස නෑ..ඇත්තටම හම්බන්තොට හිටපු මිනිස්සු තමයි මුලින්ම වාමාංශික ජ විපෙ ගැන විශාල විශ්වාසයක් තිවුෙව. ජවිපෙ කියන නාමික වාමාංශිකයින් පවා මතුවන්නෙ බොහෝවිට ගම්බද පැතිවලින්..
    මෙතන පසුගිය මැතිවරණ ප්‍රතිපල බැලුවොත් මහින්ද දිනල තියෙන්නෙ ගම විතරක් නෙමෙයි..මොඩර්්න සිංහල බෞද්ධ මහරගම පානදුර ආදි පැති මහින්ද විසින් නතුකරගන තිබෙනවා. මෙය උගත් මෝඩයින් විසින් මහින්ද පත් කරගන්නා පද්ධතියක් මිස ගමේ ඉන්න මෝඩ ජනයා විසින් සිය උපන් මෝඩකමට කරන දෙයක් නෙමෙයි..

    මේ ජාතික වාදය උපදින්නෙ කොළඹින් එය බෙදාහරින්නෙ කොළඹින්.. මහින්ද ඇත්තටම ඇතිවෙන්නෙ මැදමුලනින් නෙමෙයි සෝම හිමිගේ මරණයේන පස්සෙ මහරගමින්.. 2015ට පෙර සියලු මීඩියා වලින් දෙකට නැමිලා මහින්දව වදින්නෙ ගම් බද පැතිවලින් නෙමෙයි මේ මහා විසාල කොළඹින්ම තමයි..

    කොළඹ තියෙන යූ ඇන්පී ඡන්ද සැබැවින්ම නියෝජනය කරන්නෙ පේමදාස..රණසිංහ පේමදාස ගේ ගෙවල් හැදීම රැකියා දීම ආදී බොහෝ කාරණා කොළඹ යූ ඇන් පී ඡන්ද පදනම ශක්තිමත් කරනවා.. සමස්ථයක් ලෙස ගත්තොතින් මැද කොළඹ පැ්ත්ත ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතික වාදයට යට වෙද්දි මහරගම කඩුවෙල අවිස්සාවේල්ල සිංහල ජාතිකවාදියට අයිති වෙනවා..

    ReplyDelete
    Replies
    1. I like your analysis, especially about educated fools who are MR fans. I have many friends who belong to that category. What to do-education and wisdom are separate things.

      Delete
  7. //පළමුව රාජපක්ෂවාදයට එරෙහි සමා විරහිත අරගලයක් පවත්වා ගත යුතුය. මෙය විශේෂ අවධාරණයක් සහිතව පවත්වාගත යුතු අරගලයකි. ජාතිවාදය බලවත් වීම ඕනෑම විදිහක වාමාංශික හා ප‍්‍රගතිශීලී දේශපාලනයක මග අහුරයි. //
    මෙන්න මේක වාමාංශික දේශපාලන පක්ෂ සමහරක් අඳුනා ගත්තේ නැහැ නේද? මහින්ද තමා ලෙනින් ව අනුගමනය කරලා පියවර දෙකක් පස්සට ගිහින් පියවරක් ඉදිරියට තියන්නේ. එතකොට රනිල් තමා පක්ෂ එකතු කරමින් බලවත් ආණ්ඩු හීන් සීරුවේ වට්ටන්නේ. වාමාංශය කරන්නේ බෙදිලා එකිනෙකා එක්ක ඇර ගන්න එක.
    http://nelumyaya.com/?p=3455

    ReplyDelete
  8. මම සිංහල වර්ගවාදියෙක් (ඒක මගේ අයිතියක්). ඔයා පුලුවන්නම් මං වගේ අයට ප්‍රගතිශීලී සිංහල වර්ගවාදියෙක් වෙන හැටි කියලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ 'සිංහල වර්ගවාදියෙක්' නම් ඔබට පිලිතුරු දීමට මට උනන්දුවක් නැත. එසේ පිලිතුරු නොදී සිටීම මගේ අයිතියක්.

      Delete
  9. @ Ramachandra,

    ඔබගේ මෙම ලිපියේ අවධාරනය කරන, ඉදිරියට එලැඹෙන කාලය තුළ මෙරට වාමාංශික හා ප‍්‍රගතිශීලී බලවේග ඉදිරියේ පවතින ක්‍රියාමාර්ගයේ ද්විත්ව ස්වභාවය ඉතා වැදගත්. එහි වැදගත් කොටස් රාජ්ගේ නවාතැන බ්ලොග් අඩවියේ කෙරෙන සංවාදයකදී උපුටා දැක්වීමට ඔබගේ අවසරය පතමි.

    ඔබ ඇතැම් විට මා සමග එකඟ නොවිය හැකිය. මගේ සිතීම නම්, මේ සමාජය තවත් අඟලක් හෝ ඉදිරියට යාමට නම්, එලඹෙන මැතිවරනයේදී රාජපක්ශ නඩය තීරනාත්මක ලෙස පරාජය කල යුතුයි. (ඔබ එය මැනවින් විග්‍රහ කොට තිබෙනවා). ඒ සඳහා අප ප්‍රායෝගික සහ ප්‍රයෝජනවත් ලෙස දායක විය යුතුයි. මෙම තතු තුල, මම මෙතෙක් රැකගෙන ආ, මගේ වාම මතවාදී චන්ද භාවිතයේ පාරිශුද්ධභාවය පරදුවට තැබීමට පසුබට නොවෙමි.

    - Dimithri

    ReplyDelete