Friday, February 27, 2015

කිශානි අලංකිගේ වැලන්ටයින් සැමරුම

රුන නිලි කිශානි අලංකි පසුගිය 14 වන දාට යෙදී තිබූ වැලන්ටයින් දිනය සමරා තිබුනේ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ දීය. මෙම අවස්ථාවේ ඡුායාරූප අන්තර්ජාලය පුරා ප‍්‍රසිද්ධ විය. ලස්සනට හැඳගත් කිශානි තවත් තරුණ යහලූ යෙහෙලියන් පිරිසක් සමඟ ගොස් වැඩිහිටි නිවාසයේ වයස්ගත/ආබාධිත නේවාසිකයන්ගෙන් දුක සැප අසයි. ඔවුන් සමඟ එකට සිට පින්තූර ගනී. ‘‘ආදරවන්තයින්ගේ දිනයට අලූත් අරුතක්’’. අවශ්‍ය නම් කෙනෙක්ට මේ වාගේ වර්නනාවක් කිශානිගේ ක‍්‍රියාවට එකතු කල හැක.

මෙම අවස්ථාවේ ඡුායාරූප ගෙන තිබෙන්නේ ‘නුවන් උඩවත්ත ෆොටොග‍්‍රැෆි ’ විසිනි. එම නාමය යටතේ අන්තර්ජාලය පිරික්සා බලන්නේ නම් එනමින් හැඳින්වෙන්නේ වෘත්තීමය ඡුායාරූප සේවාවක් බව හඳුනාගැනීමට පුලූවන. දැන් අපට මෙසේ ප‍්‍රශ්නයක් මතු කළ හැක. කිශානි තමන් කල ‘පුන්‍ය ක‍්‍රියාව’ සඳහා වෘත්තීමය ඡුායාරූප ශිල්පියෙක් ගෙන්වා ගන්නේ ඇයි? උපන් දිනය හෝ මෙවැනි දිනයක් අලලා වැඩිහිටි නිවාසයකට දානයක් දීම, ලමා නිවාසයකට යාම ආදිය බොහෝ නලූ නිලියන් ඇතුලූ ප‍්‍රකට පුද්ගලයින් විසින් කරන කටයුත්තකි. කිශානි වාගේම ඒ නලූ නිලියන් ද අදාල අවස්ථාවල ඡුායාරූප ගෙන ඒවා ප‍්‍රසිද්ධ කරති. ‘අසරනයන් ’ සමඟ පෙනී සිටින ඡුායාරූපවලට අමතරව අසරනයන්ට පිහිට වීමට ආ අය එකතු වී සිනාමුසු මුහුනින් ගනු ලබන ඡුායාරූප ද මෙබඳු පින්තූර එකතූන් තුළ දක්නට ලැබේ.

කිශානිගේ වැලන්ටයින් සැමරුම ‘අසරනුන්ට සරන වීම’ නමැති පැරනි අදහස සමකාලීන සමාජය තුළ වෙනස් විදිහකට ප‍්‍රති නිර්වචනය වී තිබෙන ආකාරය පිලිබද කදිම රූපකයකි. අසරනුන්ට සරන වීම පුන්‍ය ක‍්‍රියා (Charity) පිලිබඳ සංකල්පනය තුළින් පැන නගින්නකි. Charity යන ඉංග‍්‍රීසි වචනය බිඳී එන්නේ caritas නම් ලතින් පදයෙනි. එම පදය ‘ලැදියාව’ යන අර්ථය දරයි. ක‍්‍රිස්තියානි සම්ප‍්‍රදාය තුළ caritas යන යෙදුම ‘අනෙකා කෙරෙහි වන කොන්දේසි විරහිත ආදරය’ යන අර්ථයෙන් ද යොදාගන්නා ලදී. එහිම වූ සංකල්පයක් ලෙස වියුක්ත තලයක පුන්‍ය ක‍්‍රියාව යන්න සලකන විට එම සංකල්පයේ යම් මානවවාදී පැතිමානයක් තිබේ යැයි කිව හැක. අනෙකා කෙරෙහි දයාවකින් යුක්තව ස්වකීයත්වය යම් විදිහකට කැප කිරීම මේ මානවවාදී පැතිමානයයි.

අප යම් ක‍්‍රියාවක් කරන්නේ එම ක‍්‍රියාව උදෙසාම නම් අපගේ ක‍්‍රියාවට සැබෑ සාරයක් ලැබෙන්නේ එවිටදීය. ඇතැම්විට යම් ක‍්‍රියාවක් අප කරන්නේ ‘වෙනත් යම් අරමුණක්’ උදෙසාය. නිදසුනක් ලෙස සමකාලීනව බහුතරයක් සරසවි සිසුන් ‘ඉගෙන ගන්නේ’ ඉගෙන ගැනීමේ ආශාව නිසා නොව රැුකියාවක් සොයාගැනීම සඳහාය. කලා ශිල්පීන සිය කලා හැකියාව පාවිචිචි කරන්නේ ‘කලාව සඳහා’ නොව මුදල් ඉපයීම සඳහාය. මෙලෙස අප කරන යම් ක‍්‍රියාවක් වෙනත් අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා වූ හුදු උපකරණයක් වූ විට අප කරන ක‍්‍රියාවේ සාරය ගිලිහී යයි. ඉගෙන ගැනීම සඳහා අර්ථයක් ලැබෙන්නේ අප ඉගෙන ගැනීමේ ආශාව නිසා ඉගෙන ගන්නේ නම්ය. එනම් යම් ක‍්‍රියාවක අවසානය එය තුළම තිබෙනවා නම්ය ( End in itself ) එම ක‍්‍රියාවට එහි සැබෑ අර්ථය හිමි වන්නේ.

අප නැවතත් කිශානි වෙත එමු. අපගේ කථා නායිකාව ආදරවන්තයින්ගේ දිනයේ වෘත්තීමය ඡුායාරූප ශිල්පියෙක් ද සමඟ වැඩිහිටි නිවාසයකට යන්නේ ඇයි? ඇයගේ අරමුන හුදෙක් ආබාධිතයින් සහ වියපත් වූවන් සතුටින් පුබුදු කිරීමද? මෙහිදී සිදුවන්නේ ‘වෙනස් වැඩක් කලා’ යනුවෙන් විශේෂ අනන්‍යතාවයක් ගොඩනැගීමය. පෙම්වතුන්ගේ දිනය දවස වැඩිහිටි නිවාසයේ ගත කිරීමේ ක‍්‍රියාව යනු එම වෙනත් අරමුන සඳහා ( අනන්‍යතාවය ) යොදාගන්නා උපකරනයකි. සැබෑ අරමුන වයස්ගත වූවන් සමග ජීවිතය බෙදාහදා ගැනීම නම් ඒ සඳහා වෘත්තීමය ඡුායාරූප ශිල්පීන් අවශ්‍ය නැත. එවැන්නන් අවශ්‍ය වන්නේ ක‍්‍රියාව එහිම අවසානයක් සහිත ක‍්‍රියාවක් නොවීම නිසාය.

වියුක්ත තලයේ දී මානවවාදී පැතිමානයක් තිබුනත් සමකාලීන සමාජය තුල සංයුක්තව තැබූ විට පුන්‍ය ක‍්‍රියා තුල අන්තර්ගත වන්නේ ආධිපත්‍යයමය සම්බන්ධතාවයකි. එනම් ධූරාවලිමය සම්බන්ධතාවයකි. මෙහිදී ‘වරප‍්‍රසාදිතයෙක්’ සහ ‘වරප‍්‍රසාද විරහිතයෙක්’ සිටී. මෙම සම්බන්ධය පිහිටන්නේ සිරස් අතටය. මෙතැනදී වරප‍්‍රසාදිතයා ස්වකීය ක‍්‍රියාව මගින් තම වරප‍්‍රසාදිතබව පිළිබඳ හැඟීම වඩාත් ශක්තිමත් කරගනී. එනම් පුන්‍ය ක‍්‍රියාවක් කරන හැම වතාවකදීම තමා සමාජයේ පීඩිතයන්ට වඩා ඉහලින් සිටින බවට වන හැගීම ක‍්‍රියාව කරන්නා තුල අවධාරනය වේ. ඔහු ඉන් විනෝදයක් ලබයි. ඔහුට එමගින් ලැබෙන විනෝදයය තව තවත් පුන්‍ය ක‍්‍රියා කිරිම සඳහා ඔහුව යොමු කරනු ලබන්නේ. මෙතැනදී සිදුවන්නේ සමාජයේ තිබෙන ධූරාවලිමය සම්බන්ධතා නැවත ප‍්‍රතිනිෂ්පාදනය වීමක් මිස මිනිසුන් සහ මිනිසුන් අතර සහෝදරාත්මක මානුශීය සම්බන්ධයක් ඇති වීම නොවේ.

කිශානි අලංකිගේ වැලන්ටයින් දිනය යනු පුන්‍ය ක‍්‍රියාවල පසු නූතන වේශයයි. අසරනුන් සමඟ සෙල්ෆි වලට පෙනී සිටීම දක්වා ඇය කල ඡුායාරූප ගැනීම දීර්ඝ කල හැක. අනෙකා සමඟ මානුෂීයව අනන්‍ය වීමක් පිලිබඳ අදහසක් හෝ මෙහි නොමැත. අනන්‍යතාවයක් ලැබීම සහ සිය වරප‍්‍රසාදිතබව තමන්ටම ඒත්තු ගන්වා ගැනීම තුළ ලබන රහසිගත විනෝදය විසිනි කිශානි අලංකි වර්ගයේ පුන්‍ය ක‍්‍රියා සඳහා පුද්ගලයින් යොමු වනු ලබන්නේ. සැබෑ මානුෂීය ක‍්‍රියාව යනු සමාජයට උඩින් ස්ථානගත වී කෙරෙන පුන්‍ය ක‍්‍රියාව නොව එම දෙබෙදුම ඉක්මවා සිදුවන සමූහත්ව ( Solidarity) ක‍්‍රියාවයි.







3 comments:

  1. රාමචන්ද්‍රන් සැහේන බර වචන ගාණක් පාවිච්චි කරලා පෙන්වන්න හදන්නේ කිශානි අලංකි දඹුලු වැදලා තලගොයත් මස් කර ගත්ත එකයි...ඔය වගේ සරල සිද්ධියක් පාවිච්චි කරන්න පඬි ටෝකක් දාපු එකත් රාමචන්ද්‍රන් නැමැති ඇනෝනිම්ස් ප්‍රතිරූපය මාකට් කරන්න කරපු ඒකට්ක්....ඒකත් එකතරා ජාතියක කිශානි අලංකිගේ වැඩේ වගේ තමයි

    ReplyDelete
  2. මේවා මාර්කටින්ග් ය. දේශපාලකයින් මල් වට්ටි අරන් පන්සල් යාම, නැද්ද අපේ හාමුදුරුවනේ කියා ඇසීමේ සිට රණවිරු රියල් ස්ටාර් වැනි වැඩසටහනක් සංවිධානය වීම දක්වා ඇත්තේ මාර්කටිං ය. දකින්නට ප්‍රිය දෙයක් පෙන්වා වෙනත් ලාභයක් ලබා ගැනීමය. අවුලක් නැත. ලෝකයේ බොහෝ දේ ඔහෝමමය.

    ReplyDelete
  3. එසේ ට්‍රෙන්ඩ් එකක් පැමිණ හෝ අසරණ මිනිසුන්ට උදව් කිරීමක් සිදුවේනම් වරදක් නැති බව මගේ අදහසයි.

    මෛත්‍රීපාල මහතාගේ නාමය උපයෝගී කරගෙන මෛත්‍රී සහගත දේශපාලනයක් වෙත යා හැකි සහ යා යුතු බව එනම් "මෛත්‍රී පාලනයක්" ඇති කිරීමේ ජන්ද ව්‍යාපාරය පවා එක්තරා ආකාරයක මාකටිං එකකි...

    කෙසේ හෝ වේවා මේ සියල්ලම මාකටින්ය...

    ReplyDelete