Saturday, December 27, 2014

මෛත්‍රීපාල යනු රැවුල මුඩු කල රාජපක්ෂය

2009 යුද්ධය නිමාවීමෙන් පසු රට තුල තහවුරු වූ හෙජමොනිය වූ කලී නව ලිබරල් ධනවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අතර ඇති වූ සන්ධානයයි. මහින්ද රාජපක්ෂ මෙම හෙජමොනික සැකැස්ම නඩත්තු කල අසහාය පාලකයා ලෙස ඉස්මතු වූයේය. සුලූ ජාතික ප‍්‍රජාවන්ගේ දේශපාලන ඉල්ලීම් ත‍්‍රස්තවාදයක් ලෙස අර්ථ දැක්වූ රාජපක්ෂ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ සංවාදය දේශපාලන සාකච්ඡාවේ මුල්ලකට විසි කොට දැම්මේය. 2009 ට පෙර ජාතික ප‍්‍රශ්නය ගැන සංවාදය භ‍්‍රමනය වූයේ බලය බෙදීමේ ආකෘතිය කුමක් විය යුතුද යන්න වටා නම් රාජපක්ෂ එය ජාතික ගීය දෙමල භාෂාවෙන් ගැයීම පවා ‘මහත් අපරාධයක්’ ලෙස සලකුනු වෙන තැනකට ගෙන ආවේය. දෙමල ජනතාවට ඉතිහාසයේ දී අසාධාරනයක් විය යන අදහස 2009 ට පෙර යුගයේ දකුනු ලංකාවේ ‘සාමාන්‍ය දැනුමේ’ කොටසක් ලෙස තිබුනා නම් රාජපක්ෂ ව්‍යාපෘතිය එම සාමාන්‍ය දැනුම අකා මකා දැමීය. දැන් එම සාමාන්‍ය දැනුම සංයුක්ත වන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය  ඕපපාතිකව බිහි වූ බවටත් දෙමල ජනයාට දෙමල වීම නිසා විශේෂ ප‍්‍රශ්නයක් නැති බවටත් වන සංකල්පනයෙනි.

සංස්කෘතික තලයේ සිංහල ජාතිකවාදය ජයග‍්‍රාහී වූ කැපී පෙනෙන ලක්ෂ්‍යයක් වන්නේ සදාචාරවාදය ලැබූ ජයග‍්‍රහනයයි. දුම්පානය සීමා කරන නීති, මතට තිත, ඉරිදා ටියුෂන් විරෝධය ආදිය හරහා ප‍්‍රකාශයට පත්වූයේ සිංහල බෞද්ධ සදාචාරවාදය ලැබූ ප‍්‍රගමනයයි. මෙම සදාචාරවාදී අලංකාරිකය පසුපස ආර්ථිකමය නව ලිබරල්කරනය සාර්ථක ලෙස සිය අඩු පඩු විදහා ගන්නට වන්නේය. අධ්‍යාපනය ඇතුලූ සමාජ අයිතීන් වෙලඳපොලකරනයට ලක් කිරීමේ සිට සමාජය ප‍්‍රාග්ධන සංසරනයට උචිත ලෙස ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කළ ‘ජාතික භෞතික සැලැස්්ම’ දක්වා මෙම නව ලිබරල්වාදී ආර්ථික චින්තනය විහිදෙන්නේය. මූලික වශයෙන් චීන ආධාර මත සිදු කල යටිතල පහසුකම් නැංවීමේ මෙගා ව්‍යාපෘති වූ කලී කාර්යක්ෂම ප‍්‍රාග්ධන සංසරනයට අවශ්‍ය කරන ලෙස සිදු කල භෞතික ප‍්‍රතිසංස්කරනයන්ය. ව්‍යාපාර වලට නිදහස දීම, ආයෝජන ගෙන්වා ගැනීම ආදිය ගැන මහත් උත්කර්ෂයෙන් කථා කෙරෙන්නට වූ අතර නිෂ්පාදනයේ ඵල බෙදී යාම පිළිබඳ සංවාදයකින් තොරව ද්‍රව්‍යමය ධනය වැඩි කිරීම මෙම උත්කර්ෂය පසුපස පැවැති තාර්කිකයයි. මෙම මොඩලය ‘අයවැය සහන දීම’ වැනි සරල සුබසාධන ක‍්‍රියාවල අයිසිංවලින් සරසා තිබෙන්නකි. සංවර්ධනය වූ කලී ගෝලීය ප‍්‍රාග්ධනයට පහසුකම් සැලසීම සඳහා ඉදිකෙරෙන අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොලවල් සැදීමය යන්න මේ වනවිට පොදුජන ‘සාමාන්‍ය දැනුමේ’ කොටසකි. මෙම ඒකමානීය සංවර්ධනවාදය පශ්චාත් 2009 යුගයේ ශ‍්‍රී ලංකාව තුළ බිහි වූ හෙජමොනික සැකැස්මේ තවත් මානයකි.

ඉහත කී සියලූ ලක්ෂන ශක්තිමත් රාජ්‍යයක් නමැති ව්‍යුහය තුල සවිමත්ව පෙල ගස්වා තිබේ. ඒ අනුව රාජපක්ෂ රෙජිමය යනු හුදෙක් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල නොවේ. එම රෙජිමයේ දේශපාලන වැදගත්කම වූ කලී එය විසින් ලංකාව තුළ බිහි කල නව හෙජමොනික බල සැකැස්මයි.

මෙම සන්දර්භය තුල තබා වර්තමාන ජනාධිපතිවරන ආරෝව සලකා බැලූ විට අපට පෙනෙන්නේ කුමක්ද? රාජපක්ෂට එරෙහි විකල්ප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින මෛත‍්‍රීපාල සිරිසේන ‘අලූත් රටක්’ ගැන පොරොන්දුවක් රට ඉදිරියේ තබයි. එහෙත් හරයෙන් ගත් විට රාජපක්ෂ විසින් ගොඩනැගූ හෙජමොනිය අබිබවා යන ස්වභාවයක් මෛත‍්‍රීපාලගේ ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කරයිද? ජනප‍්‍රියවාදී මැතිවරන වේදිකා වල මේ ගැන කථා නොවුනත් මේ මොහොතේ බැරෑරුම්ව සලකා බැලිය යුත්තේ මේ ප‍්‍රශ්නයයි. රාජපක්ෂ මෙන්ම මෛත‍්‍රීපාල ව්‍යාපෘතිය ද ස්වකීය සුජාතභාවය ලබා ගන්නේ සිංහල මහජාතිවාදී කතිකාව තුලිනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන එය නගන ඝෝෂාව 18 වන සංශෝධනය අහෝසි කිරීමට සීමාවූවකි. ජාතික ප‍්‍රශ්නය ගැන ඔහුගේ ව්‍යාපාරය නිශ්ශබ්දය. ජාතික පීඩනය කියා දෙයක් ගැන ඔහුගේ ව්‍යාපාරය කථාකරන්නේවත් නැත. රාජ්‍යයේ ඒකීයභාවය සහ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන බවට වූ ආන්ඩුක‍්‍රම ප‍්‍රතිපාදනයන්ට ( මේ සංශෝධනය සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වගන්ති වේ ) තමා අත නොතබන බවට හෙතෙම ප‍්‍රතිඥා දෙන්නේය. ජාත්‍යන්තර බලවේග වලින් රනවිරුවන් රැකගන්නා බවට ද ඔහු ශපථ කරයි.

ආර්ථික තලයේදී පවතින නව ලිබරල්වාදී ආර්ථික චින්තනය පිළිබඳ කිසිදු බැරෑරුම් විවේචනයක් ඔහුගේ ව්‍යාපාරය තුල නැත. මෙගා ව්‍යාපෘති සම්බන්ධ ඔහුට තිබෙන ප‍්‍රශ්නය ඒවායෙන් ගසාකෑම් සිදුවීම පමනි. අධ්‍යාපනය සමාජ අයිතියක සිට වෙලඳ භාන්ඩයක් දක්වා පිරිහෙලන ශිෂ්‍ය නය ක‍්‍රම ආදී යෝජනා ඔහු විවෘතව ඉදිරිපත් කරයි. පවතින ඒකමානීය සංවර්ධනවාදය රාජපක්ෂ පවුලේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමය ඔහුගේ ප‍්‍රවේශය වන්නේ. මෙමගින් සිදුවිය හැකි උපරිම දෙය රාජපක්ෂ පවුලේ ගජමිතුරන් කවයක අත පවතින ආර්ථික බලය සාම්ප‍්‍රදායික ධනපති කණ්ඩායම් වෙත යලි මාරු වීමකි. දුම්පානය නතර කිරීම, සුරා සූදුවට වැට බැඳීම, අරක්කු මත්පැන් වලින් තොර රටක් හැදීම බඳු සදාචාරවාදී සටන්පාඨවලට ඔහුගේ ප‍්‍රතිපත්ති තුළ සුවිශේෂී වටිනාකමක් තිබේ.

මෛත‍්‍රීපාලගේ ව්‍යාපාරය සන්දර්භගත වී තිබෙන්නේ රාජපක්ෂ විසින් බිහිකල හෙජමොනික සැකැස්මේ  හතර මායිම තුලය. එය වෙනත් හැඩයකින් ප‍්‍රතිනිෂ්පාදනය කරනවාට වැඩි දෙයක් ඔහුගේ ව්‍යාපෘතිය විසින් අඩු තරමින් යෝජනා කරන්නේවත් නැත. මේ නිසා එලැඹෙන ජනවාරි 08 වන දා කවුරු දින්නත් මෙරට පීඩිත ජනකොටස් වලට අභිමුඛ වනු ඇත්තේ එකම හෙජමොනික බල සැකැස්මකි. පරන වතුර පරන බෝතලයෙන්ම බොනවාද? ඒවා අලූත් බෝතලයකින් බොනවාද? මේ ජනාධිපතිවරනය තුළ ප‍්‍රධාන දහරාව විසින් ඉදිරිපත් කොට තිබෙන තේරීමයි.





8 comments:

  1. රටේ ප්‍රධාන දේශපාලන දිශානතියේ තීරණාත්මකය, සිංහල ජාතික කදවුර බව තවදුරටත් තහවුරු කෙරෙන අදෝනාවකි රාමචන්ද්‍රගේ ලිපිය. මෙවැනි ම වු අදෝනාවක් මෑතකදී කුමාර් ඩේවිඩ් ද කර තිබෙනු දු‍ටුවෙමි.....

    ජාතිකත්වය ගැන මෙලෝ හසරක් නොදැන සිටි මහින්දව , මහින්ද චින්තනය නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්, ජාතික කදවුරේ සිරකරුවෙක් බවට පත්කල චම්පික රණවක, ඒ බෙහෙත් වට්ටෝරූවම මයිත්‍රීටත් පෙවීමට පසුබට වී නැත. මෛත්‍රිගේ ප්‍රතිපත්ති පොතම එයට සාක්ෂිය.

    කෙසේ නමුත් වර්තමානය, අනාගතය ගලපා පවතින දේශපාලන සුවද පහුරක් කොට දේශපාලන සුරාන්තය දැකීම නැමති කාරනයේ, පාඨලී දක්වන සමර්ථයයේ ප්‍රධානම බාදකය මෛත්‍රීවත්, චන්ද්‍රිකාවත් නොව දේශපාලන චෙස් පුවරූවේ කෙල පැමිනියෙකු වූ රනිල් වික්‍රමසිංහය. මෛත්‍රී දින්නත් පැරදුනත් රනිල් හා චම්පික යන දෙදෙනාම දිනුම්ය...ඔවුන් සෙල්ලම ක්‍රීසා කරන්නේ ඒ අවබෝධයෙන්ය.

    කෙල්ලෙක් හා කොටියෙක් සිටියාය. ගමන පටන් ගන්න කොට කෙල්ල හිටියේ කොටියාගේ කර උඩය. ගමන නිමා කරන විට කෙල්ල හිටියේ කොටියාගේ බඩ තුලය...

    හාන්සි පු‍ටු දේශපාලනයේ යෙදෙන වම සිතන් හීටියේ මෛත්‍රිගේ කරේ යෑමටය.එහෙත් වම පන්නා චම්පික රනිල්-මෛත්‍රි කොටියාගේ ඇඟට ගොඩ වී ඇත. ඒත් කොටියා හිතං ඉන්න කෙල්ල අතීතයේ හිටි කෙල්ල මෙන් මට සිළු‍ටු නැත. බ්‍රේව් කාටූන් චිත්‍රපට්යේ මෘග වලසා මැරූ, ලපටි මොලකාර කුමාරිකාව සිහියට නගා ගැනීම ප්‍රමාණවත්ය......

    ReplyDelete
  2. මේකෙ කියවෙන සමහර කාරනා ඇත්තයි.ඒත් දෙමළ ජාතිවාදය කිසිදින පැරදවිය නොහැකි බව පවසමින් කොළබට සීමාවූ ඊනියා සිවිල් ප්‍රජාව යැයි කියන පිරිස ට අවශ්‍ය වුනේ මේ ගැටළුව එක් පැත්තකින් දැකීමටය.ඒ දැක්මේ වක්‍ර වාසිය කොටින්ටය.19 වන සියවසේ සිටි සුදු රැවුලන් ලියා ඇති දේ කටපාඩම් කරගෙන සපත්තුවෙ හැටියට කකුල කපන වර්ගයේ අයට මේ ගැටළුව තේරුම් ගැනීම්මට බැරි විය.එහෙත් බස් එකට නගින විට කොයි වෙලේ පුපුරයිද බියෙන් සිටි ළමයි ඉස්කෝලෙ යැවූ විට ගෙදර එනතුරු මගබලා සිටි දෙමවුපියන්ට අවශ්ය වුනේ කොටි පරදවන්නටය.ත්‍රස්තවාදයට එරෙහි සියළු ලෝවැසියන් එසේය.අල් කයිඩාවට එරෙහිව ඇමරිකානුවන්ද චෙච්නියානුනුවන්ට එරෙහිව රුසියානුවන්ද එසේය.බොරු බුද්ධිමය ගතියක මවමින් කිතුනුවන් බයිබල් පාඨ කටපාඩම් කරන ලෙසින් මාක්ස් ලා ලෙනින් ලාගේ පොත් වල වැකි කටපාඩම් කරගෙන තමන් මහා බුද්ධිමතුන් සේ සිතන මරි මෝඩයන් කීප දෙනෙකුට හැර රටටටම අවශ්‍ය වුනේ ත්‍රස්තවාදය පැරදවීමටය.

    පොදු විපක්ෂයේ චම්පිකලාට කරන්නට දෙයක් නැත.ඔවුහු එහි හුදු පුද්ගලයන් පමානි.මහින්ද ඉදිරියට ගෙනාවේ එවකට වරධනය වෙමින් පැවති ජාතික බලවේගය විසිනි.එය චම්පික නම් හුදු පුද්ගලයෙකුගේ ව්‍යායාමයක් පමනක් නොවේ.

    ReplyDelete
  3. "2009 ට පෙර ජාතික ප‍්‍රශ්නය ගැන සංවාදය භ‍්‍රමනය වූයේ බලය බෙදීමේ ආකෘතිය කුමක් විය යුතුද යන්න වටා නම් රාජපක්ෂ එය ජාතික ගීය දෙමල භාෂාවෙන් ගැයීම පවා ‘මහත් අපරාධයක්’ ලෙස සලකුනු වෙන තැනකට ගෙන ආවේය. දෙමල ජනතාවට ඉතිහාසයේ දී අසාධාරනයක් විය යන අදහස 2009 ට පෙර යුගයේ දකුනු ලංකාවේ ‘සාමාන්‍ය දැනුමේ’ කොටසක් ලෙස තිබුනා නම් රාජපක්ෂ ව්‍යාපෘතිය එම සාමාන්‍ය දැනුම අකා මකා දැමීය. දැන් එම සාමාන්‍ය දැනුම සංයුක්ත වන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ඕපපාතිකව බිහි වූ බවටත් දෙමල ජනයාට දෙමල වීම නිසා විශේෂ ප‍්‍රශ්නයක් නැති බවටත් වන සංකල්පනයෙනි."

    මේ ටික කියෙව්වහම නම් මට රාම ගැන දුකත් හිතෙනව. 2009ට කලින් ඔය කියන බලය බෙදීමට අදාළ සංවාදය කෙරුණෙ මග තොටේ හම්බවෙන මහ පොළොවෙ ජීවත් වුණු මිනිස්සු අතර නෙමේ. ඒක කෙරුණෙ ටීවී වල. ඒත් අහසින් බැහැපු මනෝරාජික NGO තින්ක් ටෑන්ක්ස් අතර. 2009යෙන් පසුව උනේ එක්කො ඒ සංවාද මහපොළවෙ ජීවත් වුණු මිනිසුන්ට විවෘත වුණු එක, එහෙම නැත්තම් ඒ සංවාද අරක් ගෙන හිටපු තින්ක් ටෑන්ක් වලට මහ පොළවෙ මිනිස්සුන්ට දැණුනු ප්‍රශ්ණ කතා කිරීමට පවත්නා තත්ත්වයන් විසින් බල කෙරුණු එක.

    දයාන් ලගෙ පටන් කුමාර් ඩේවිඩ්ල දක්වා සිදු වුණේ ඕක.

    - ප්‍රභංග.

    ReplyDelete
  4. රාමා ලිපිය හොඳයි කියමු. නමුත් වමේ පොදු වම එකතු නොවුනේ සිරිතුංග ස්වයං නිර්නන ප්‍රශ්නේ ඇද්ද නිසා නෙමෙයිද? අනික එයට පිට රටින් එන සල්ලි නිසාත් ඒ ප්‍රශ්නෙම වුන. කුමාර් ගුන්බරත්නම් ප්‍රශ්නෙන් හැම විටම පැනල යනවා. දීප්ති හා බාහු ඉන්නේ හා හිටියේ ස්වයං නිර්නන අයිතිය පිළිගනිමු යන මතයේ. හරි ඇත්ත තම. මෛත්‍රි ලනග අමුතු බේතක් නැහැ. ඒ කියන්නේ මහින්ද අහිටියට කමක් නැහැ. දෙකම එකයි. නැහැ මහින්ද පාලනය දැනට ප්‍රශ්නයක්. මොකද වංචා දුෂණ නිසා. මිනිස්සු මරණ නිසා. නිදහස නැති නිසා. ව්‍යාපාර වැටෙන නිඅස. තියෙනේවනම් එක්කෝ හොඳ ධනවාදයක් තියෙන්නේ ඕනේ. නැත්නම් හොඳ සමාජවාදයක් ඕනේ. සමාජවාදය ගැන කතා කරන හැම පක්ෂයක්ම අලුත් බෝතලේ පරණ වතුරමයි දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් - හොද ධනවාදයක් කියා ඔබ අදහස් කරන්නේ බටහිර යුරෝපයේ තිබෙන ධනවාදය වගේ එකක් නම් මගේ අදහස ඒ වගේ එකක් ලංකාව වගේ පරිධියේ රටක කවදාවත් ඇති නොවන බවයි. ජාත්‍යන්තරව නිෂ්පාදනය සංවිධානය වෙලා තිබෙන විදිහ අනුව ලංකාව වගේ රටවල භූමිකාව බෙහෙවින් පරාධීනයි. දේශීය ධනපති පංතිය කියන්නෙ බෙලහීන ස්තරයක්. එක්තරා යුගයක යුරෝපයේ රටවල සම්භාව්‍ය ධනපති පංතිය කලා වගේ පෙරලි කරනවා තියා පරිකල්පනය කරන්නවත් ඒ අයට බැහැ. මේ නිසා මේ රටවල ධනවාදය හැම වෙලාවෙම ඉස්සරහට යන්නේ සමාජ පසුගාමීත්වයන් එක්ක අත්වැල් බැදගෙන. වම ශක්තිමත් කල යුතුයි කියා කියන්නේ 'සමාජවාදය' නිසාම නෙමෙයි. සමාජවාදය මේ මොහොතේ දුර ඉලක්කයක් බව පැහැදිලියි. ඒ සදහා ආරම්භයක් ගන්න ඕනෙ. ඒක එසේ තිබියදී කෙටිකාලීනව බැලුවත් වම ශක්තිමත් කල යුත්තේ මහජනතාවගේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගැනීම හා ඒවා පුලුල් කරගැනීම කියන අර්ථයෙන්. දැනට ලෝක පරිමාණව නව ලිබරල්වාදය ඇතුලේ ජනතාව එතෙක් භුක්ති විදපු සමාජ හා ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට එරෙහි විශාල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේවාට විරුද්ධව සමාජ සාධාරනත්වය වෙනුවෙන් සටන් කරන්න පුලුවන් වම ශක්තිමත් වෙන විට පමනයි. ඒ සදහා අවස්ථාවක් බවට එලැඹෙන මැතිවරනය පාවිච්චි කරන්න පුලුවන්.

      Delete
    2. ශක්තිමත් වමක් අවශ්‍ය බවට විවාදයක් නැහැ. නමුත් මගේ අද ලිපියක් දාල තිබෙනවා . වෙලාව ඇත්නම් බලන්න. මම කියන්නේ දේශපාලන නිදහස නැති තැනක් එය ලබා ගැනීම සඳහා අපි අකමැති වුනත් ධනවාදී අරගලයක් ඇති වෙනවා නම් එයට එරෙහි රැල්ලකට නොයා එහි නායකයන් සමග ස්සම්මුතියකට නොගොසිනුත් සිටිය යුතුයි. උදාහරණයක් වශයෙන් පෙසපේ හා සසප විරුද්ධව යාමෙන් වෙන්නේ ඒකාධිපති බලයට උදව් දීමක්. ඒ හැර ඔබේ මෙහි කියන දෙයට මගේ විරුධද්ධත්වයක් නැහැ.

      Delete
  5. ඔහේගේ ඔය පට්ට ගැහිච්චි සමාජවාදී ගැඹුරු නිර්වචන වලින් වැඩක් නැහැ. කාලෙන් කාලෙට මේ රටේ සාමාන්‍ය ජනතාව තම පාලකයාව වෙනස් කරනවා. එහෙම කරන්නේ තමන්ගේ ජීවන තත්වය ගැන හිතලා මිසක් තමුසෙලාගේ වගේ ඔය පරණ වෙච්චි කුණු වෙච්චි දේශපාලන මත නිසා නෙවෙයි. මෛත්‍රී දිනනවා. රට පාලනය කරනවා, ප්‍රශ්න ඇතිවෙනවා. විසඳුම් ලැබෙන නොලැබෙන ආකාරයට ඊළඟට මිනිස්සු තීන්දු ගන්නවා. එච්චරයි.

    ReplyDelete
  6. Sorry ano oyata waradila methanata awilla thiyenne, methana oyage level eke sanwada yanne na, api prashnayak diha mathu pitin saha gamburin dekenma wimasana aya. Oya maathalan nemeyi nam maathalange blog ekata hari, paraage ekata hari yanna, oyage yaluwo godak ehe innawa

    ReplyDelete