Saturday, June 7, 2014

එදිරිවීර සරච්චන්ද්‍ර දෙපයින් සිටුවීම


මහාචාර්ය සරච්චන්ද්‍ර 
හාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති කෘතිය රචනා කරන්නේ ලංකාව නව ලිබරල් ධනවාදය වෙත ඇතුලූ වූ මුල් අවධියේය. මෙම කෘතිය හරහා සරච්චන්ද්‍ර විවෘත ආර්ථිකය ලෙස එකල හැඳින්වූ නව ලිබරල් ධනවාදය විසින් සමාජය තුළ ගොඩනගන හර පද්ධතීන් සහ වටිනාකම් පිලිබඳ තියුනු විවේචනයක් ඉදිරිපත් කරයි. ධනවාදී සමාජය තුළ සෑම දෙයක්ම වෙලඳ භාන්ඩ බවට පත්වන ආකාරයත්, මිනිසා වෙලඳ භාන්ඩ අත්පත් කරගැනීම සිය ජීවිතයේ පරම නිෂ්ඨාව බවට පත්කරගත් ආධ්‍යාත්මික වශයෙන් දිලිදු සත්වයෙක් බවට ඌනනය වන ආකාරයත් මෙහිදී ඔහුගේ අවධානයට හසුවේ. කලාව වෙලඳපොලකරනය වීමේ විපාක ගැන සරච්චන්ද්‍ර එම කෘතිය තුළ විශාල සාකච්ඡාවක් ගොඩ නගයි. සයිබර් යුගයේ ජීවත් වන වත්මන් මිනිස් පරම්පරාව මේ පොත ගැන සමහර විට අසාවත් නැති වීමට ඉඩ තිබේ. උසස් පෙල සිංහල විෂය කරන උදවියට විෂය නිර්දේශයට නියමිත වී තිබෙන නිසා 'මනමේ' හෝ ' මලගිය ඇත්තෝ' පරිශීලනය කිරීමට බල කෙරී තිබෙන නිසා සරච්චන්ද්‍ර ගැන යම් පමනකින් දැන සිටියත් ඒ දැනුම 'ධර්මිෂ්ඨ සමාජය' දක්වා ව්‍යාප්ත වූවක් නොවන බවට නම් සැකයක් නැත.

සරච්චන්ද්‍ර මිය ගොස් දැන් වසර ගනනාවක් ගත වී ඇත. සරච්චන්ද්‍රගේ ’ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය ලියා දැන් දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබේ. සරච්චන්ද්‍රගේ ජීවිතය අවසාන කාලයේ සමාජය මත යම්තම් පතිත වී පැතිරෙමින් තිබුනු නව ලිබරල් ධනවාදය මේ වන විට මුලූ සමාජයම සිය ග‍්‍රහනයට ගත් යථාර්ථයකි. වෙළඳභාන්ඩකරනය සමාජය තුළ එහි තාර්කික උපරිමය කරා ගමන් කරමින් තිබෙන අතර ‘සංවර්ධනය’ ලෙස වර නගා තිබෙන්නේ මෙලෙස සිදුවන වෙලඳභාන්ඩකරන ක‍්‍රියාවලියයි. ජේ.ආර්.ජයවර්ධන 1977 දී බලයට පැමිනියේ ‘ධර්මිෂ්ඨ සමාජයක්’ ගොඩනගන බවට ප‍්‍රතිඥා දෙමිනි. එක් අතෙකින් නව ලිබරල් ප‍්‍රතිසංස්කරන හඳුන්වා දෙන ගමන් අනිත් අතින් ආගම හා ජාතිය ගැන මතවාදී තලයේ අලංකාරිකයක් පවත්වා ගැනීමට ජයවර්ධන රජය දිගටම ක‍්‍රියා කළේය. පන්සල් වලට අතහිත දීම, භික්ෂූන් ඉදිරියේ ව්‍යාජ ගෞරවයක් පෙන්වමින් සංඝ සමාජය සමග වංක සහයෝගයක් පවත්වා ගැනීම ජයවර්ධන විසින්  සිදු කරන ලදී. ජාතික ප‍්‍රශ්නය විෂයෙහි ජයවර්ධන සිංහල වාර්ගික ජාතිවාදය මත පදනම්ව තීරණ ගත් තැනැත්තෙකි. ඒකීය ලංකාව රැකීම සඳහා දෙමළ සන්නද්ධ කන්ඩායම් විනාශ කරදැමිම ජාතික ගැටලුව  සම්බන්ධයෙන් ඔහුගේ ද ඉදිරි දැක්ම වූයේය.

රොනල්ඩ් රේගන්ට ඇතෙක් පූජා කරන ජේආර්
වර්තමානයේ ‘මහින්ද චින්තනය’ නමින් ක‍්‍රියාත්මක වන්නේ ජේ.ආර්.ජයවර්ධනගේ මෙම නව ලිබරල්වාදී මොඩලය මය. වෙළඳභාන්ඩකරන ක‍්‍රියාදාමය සඳහා සියලූ පහසුකම් සපයන ගමන් අනිත් අතට වාර්ගික ජාතිවාදයත්, ආගම පිළිබඳ අලංකාරිකයත් මතවාදී තලයේ මහින්ද රාජපක්ෂ රජය විසින් නඩත්තු කරනු ලබයි. ස්වකීය ප‍්‍රතිසංස්කරන සඳහා වූ මහජනය සහයෝගය පාලකයින් රඳවා ගන්නේ මෙලෙස නඩත්තු කරන මතවාදය හරහාය. මේ අනුව ‘මහින්ද චින්තනය’ වූ කලී ‘ධර්මිෂ්ඨ සමාජය’ සංකල්පයේ දෙවන සංස්කරනය යැයි කිව හැක.

සිංහල සාහිත්‍යය සමාජය තුළ ධනවාදී සමාජයක් තුළ මිනිසා ගොදුරු වන ආධ්‍යාත්මික දිලිදුබව පිලිබඳ අදහස් දැක්වූ බොහෝ ලේඛකයින් හා කලාකරුවන් සොයාගත හැක. සරච්චන්ද්‍ර එම විවේචනය විධිමත්ව ගොනු කළ අතර මහගමසේකර, කේ.ජයතිලක වැන්නවුන්ගේ රචනා තුල ද මේ විවේචනය හඳුනාගත හැක. මාර්ටින් වික‍්‍රමසිංහ ද ධනවාදී සමාජය ගැන විවේචනාත්මකව ලියූ පුද්ගලයෙකි. මොවුහු මාක්ස්වාදීන් නොවෙති. මෙම සාහිත්‍යකරුවන් මධ්‍යම පංතික බුද්ධිමතුන් පිරිසකි. ධනවාදී සමාජය ගැන මොවුන්ගේ විවේචනයේ සීමාවන් රාශියකි. ඒ සීමාවන් මොනවාද කියා වෙනම සාකච්ඡාවක් සිදුකළ හැක. කෙසේ වුවද සැලැකිය යුතු කාරනය වන්නේ ලංකාව තුළ ධනවාදී සමාජ කොන්දේසි යටතේ මනුෂ්‍යයාගේ ගොදුරු වන ඉරනම පිළිබඳ සාරවත් අදහස් දැක්වීමක් සිදුකල ලේඛක පරම්පරාවක පැවැත්මයි.

ලංකාවේ සාම්ප‍්‍රදායික සාහිත්‍යය කතිකාව තුළ මේ ලේඛකයින් ‘මහා සාහිත්‍යවේදීන්’ ලෙස හුවා දක්වනු ලැබේ. පාසල් හා විශ්ව විද්‍යාල විෂය නිර්දේශ වල මොවුන් සහ මොවුන්ගේ කෘතීන් අන්තර්ගත වේ. මාර්ටින් වික‍්‍රමසිංහ ‘හෙලයේ මහා ගත්කරු’ය. සරච්චන්ද්‍ර සම්බන්ධයෙන් ද එවැනි ප‍්‍රතිරූපයක් නඩත්තු කරනු ලැබේ.

එහෙත් මොවුන් විසින් සිදුකළ සමාජ විවේචනය මේ සාකච්ඡාවන් තුළ දී හලා  දමා ඇත. උදාහරනයක් ලෙස එදිරිවීර සරච්චන්ද්‍ර ගැමි නාට්‍ය ගැන පර්යේෂන කළ බුද්ධිමතෙක් ලෙස විනා ධනවාදී සමාජය ගැන විවේචනය කළ විචාරකයෙක් ලෙස හඳුන්වා දීමක් සිදුවන්නේ නැත. මාර්ටින් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් ද එසේය. ධනවාදී සමාජයේ පරිභෝජනවාදී ජීවිතය සහ හරසුන් වටිනාකම් ගැන විවේචනයක් කරන ලේඛකයෙක්ට වඩා සොකරි සහ නාඩගම් ගැන සොයමින් ගම්මාන පුරා ඇවිදින මහාචාර්යවරයෙක් ගේ ඉමේජය විවාදාත්මක බවින් අඩුය.

අධිපති කතිකාව විසින් බහිෂ්කරනය කරන ලද මෙම කොටස - එනම් මෙම සාහිත්‍යකරුවන් විසින් සිදුකරන ලද සමාජ විචාරය - නැවත සාකච්ඡාවට ගැනීම මේ මොහොතට අදාල වැදගත් කටයුත්තකි. උදාහරනයක් ලෙස සරච්චන්ද්‍රගේ ‘ධර්මිෂ්ඨ සමාජය‘ ගැන සංවාදයක් මේ මොහොතේ සමාජය තුළ ඇති කල යුතුය. සයිබර් යුගයේ මිනිස් පරම්රාව සමග 'ධර්මිෂ්ඨ සමාජය' තුල සරච්චන්ද්‍ර සාකච්ඡා කල දේවල් නැවත සාකච්ඡා කිරීම පටන් ගත යුතුය. එනම් සරච්චන්ද්‍ර ධනවාදී සමාජය පිලිබඳ ඉදිරිපත් කළ අදහස් ජනප‍්‍රිය තලයේ සාකච්ඡාවට ගත යුතුය. එම අදහස් වල තිබෙන සාරවත් කොටස සහ ඒවායේ තිබෙන සීමා වෙන් කරනු ලබන දේශපාලන විචාරයක් අවශ්‍ය කෙරෙන අතර එවැනි සංවාදයක් තමා ජීවත් වන සමාජය ගැන නැවත සිතා බලනු වස් මිනිසුන් පොළඹවන සාකච්ඡාවක් බවට පත්කරගැනීමේ විභවතාවයෙන් යුක්තය.




19 comments:

  1. වත්මන් පරපුර ධර්මිෂ්ඨ සමාජය කියවා නැතිව වගේම. රාමා මෙහිදි කියනා දේ ඇත්ත යයි සිතුවොත් වන්නේ ඊටත් වඩා කරුණු විකෘති කර දැක්වීමක් හා, මේවා පිලිබඳ කිසිත් නොදන්නා උදවිය නොමග යෑමයි.

    ජේ ආර් ජයවර්ධණ ආගම් කරේ තියාගෙන ගිය පුද්ගලයකු නොවේ. ඔහුගේ දැක්ම වූයේ සඝ පරපුර යනු මෙළෝ රහක් නැති පඩික්කම් පුරවන්නන් පිරිසක්ය යන්නය. ප්‍රේමදාස නම් හැම පෝයටම ඉනේ පිස්තෝලයක් ගසාගෙන සිල් ගත් කතාව වෙනත් එකකි.

    මෙහි හාස්‍යය උපද්දන් අකරුණ නම්. මේ ළිබරල් ප්‍රතිපත්ති විවේචනයට බඳුන් කලා යයි කියනා කළාකරුවන්, එනම් මාටින් වික්‍රමසිංහ, සරත්චන්ද්‍ර හා ජයතිලකයන් එම ක්‍රමය තුල සාර්ථක වූ ව්‍යවසායයන්ය යන්න අමතක කිරීමයි. මෙහිදි සරත්චන්ද්‍ර, නන්දා ආච්චි සහ සුනිල් සීයාද ඇතුලත් වන්නේ මේ කුලකයටමය.

    කූට ව්‍යාපාරකයින් ජරාව විකුණා කෝටීපතියන් වන්න සේම, වැඩියෙන් විකිනිය හැකි දේ පිළිබඳ පුදුම ඉවක් මේ ව්‍යාපරකයින් සතු විය. ඔවුන් කලේ මරි මෝඩ ජනතාව අකුරු මගින් ගොනාට ඇන්දවීමය. ධනපති ක්‍රමය හා ලිබරල් ධනවාදයට සිනා සුන මොවුන්, ඔවුන්ගේ ගුලි කා ඔවුන් කෝටිපතියන් කරනා ජනතාවටටද හැන්දෑ යාමයේ විස්කි වලින් සප්පායම් වෙමින් සිනාසුනෝය. මොකක්දෝ කරුමයකට සරත්චන්ද්‍රයන් පමණක් පොලීසියෙන් ගුටි කෑවේය. ඒ ගුටු කෑවේද ඔහු සරත්චන්ද්‍රයන් කියා නොදැන් හුන් නිසා වෙනි.

    ගුණදාස කපුගේලා නිහාල් නෙල්සන්ලා ජෝතීපාලලා මුදල් නැතිව වුවද ජනතාව පිනවූ කළාකරුවෝ විය. එහෙත් සරත්චන්ද්‍රලාගේ නාට්ටියක් පාසල් දර්ශණයක සඳහා වූවද මුදල් ගෙවා වෙන්කර ගතයුතුම විය. සරත්චන්ද්‍රයන් යනු ජනතාව සමග ජීවත් වූ කළාකරුවෝ නොවේ. එක අතකට එය සරත්චන්ද්‍රයන්ගේ වැරද්දක්ද නොවේ. 56 බූරූ පුතුන්ගේ සංස්කෙඋතික රටාවේ වැරද්දකි. අදත් මහරජානන්ගේ සට්ටැඹි කම් කරනා සියළු කළාකරුවෝ මේ සරත්චන්ද්‍ර කැටගරිටම අයත් වූවෝ වෙති. සරත්චන්ද්‍රයන් සිටියද ඔහු කරන්නේ ඒ දේමය.

    මෙහි ඇත්තේ ලිබරල් හා ධනපති ක්‍රමයට ඇති විරුද්ධත්වයක්ද, පන්තිය පිළිබඳ ගැටළුවක්ද. තමාගේ එකා මක්කා තියා කක්කා කලත් කම් නැතැයි යන කුහක කමද?

    ReplyDelete
    Replies
    1. හැම කෙනාම හැකි විදියට හැකි අයුරය අලෙවි කරගන්නවා. ඒ ඒ කෝණ අනුව විකිණෙන විදිය වෙනස් වෙනවා.

      Delete
    2. ධර්මිෂ්ඨ සමාජයේ රූපවාහිනිය පවා දරුණු ලෙස විවේචනය කරන සරච්චන්ද්‍රම ඊට වසර කීපයකට පසු තමන්ගේ මනමේ ගෙඩි පිටින් රූපවාහිනියට වික්කේය. මාර්ටින් සීයාගේ (පසු) මහගෙදර දැන් ටුවරිස්ට් හෝටලයකි. ඒ ගැන ඇසූ විට දියණිය රූපා සපරමාදු කියා තිබුණේ එය මාර්ටින් සීයාගේම ඒ කාලයේ තිබුණු අදහසක් බවය. ඔය ඉහත කියන මාර ප්‍රාඥයින් සෙට් එකෙන් ධනවාදයට නතු නොවී සිටීමට හැකි වූ එකම පුද්ගලයා කේ. ජයතිලකය. ඒ මුල පටන්ම මුදලාලි කෙනකු (ප්‍රකාශකයකු) වූ ඔහුගේ මුදල් සෙවීමේ ආශාව මහළු වන විට අඩු වූ නිසාය සිතිය හැකිය.

      Delete
  2. "එහෙත් මොවුන් විසින් සිදුකළ සමාජ විවේචනය මේ සාකච්ඡාවන් තුළ දී හලා දමා ඇත" මගේ මතයත් ඔබේ මේ මතය සමග බොහෝ දුරට එකඟයි රාමා. ඒත් අද කිසිවෙකුත් මේ විවේචනයන් වලට සංවේදීදැයි මටනම් බොහෝ සැක සහිතය. තමන්ගේ ජීවිත දිහා හෝ හැරී බැලීමට ඉස්පාසුවක් ඇද්ද රාමා?. ඉහත කී කාරණා සාකච්ඡා වලින් හැලෙන්නේ එනිසාම නොවේද? බලදේවගේ ලෝකය සෝමවීර සේනානායකයන්ගේ උපාධි නිබන්දනයක් වුවද එයින් මෙහා කියැවෙන සරල සත්‍යය මිනිසුන් අද දවසේ ගනීවිද?
    මග හැරුණු කාරනයක් ඉස්මතු කිරීම ගැන ස්තුති රාමා. ඒත්......

    ReplyDelete
    Replies
    1. මම නම් හිතුවේ ඒ සාකච්ඡාව යුගයේ බුද්ධිමතුන් වන රාමා, පැරා, අරුණි ශපීරෝ, මාතලන්, මාරයා, දමිත් කේතක වගේ අය ඉදිරියට ගෙන යනවා කියලා. මට වැරදෙන්න ඇති.

      Delete
  3. @ mathalan owa mage adahas mata kiyawa ganna bariwa hitiye.
    marketing thami hamathanama thiyenne

    Umbala dannawda Charles gurunnasse. Charless gurunnase nathnam maname, sinahabahu natha. maname , niyama ayithi karaaya charless gurunnase

    ReplyDelete
    Replies
    1. කව්ද බං ඒවා නොදන්නේ මම සරත්චන්ද්‍ර ඒ තරම් පීචං කරන්න ගියේ නෑ.. මම දැක්කා අද කාළේ උඩ දාගෙන වනන වීරයෙක් කියලා තිබුනා. සරත්චන්ද්‍ර එයත් එක්ක බොන්නේ නෑලූ. ඒත් විස්කි 100 විතර එයාට දෙනවලු. නොදොකින් මෙහෙම වීරයෝ. මාත් එක්ක ආවා නම් ඉල්ලන් ජාතියකින් අරගෙන දෙනවා.

      Delete
  4. ධර්මිෂ්ඨ සමාජයක් ලියපු හන්දා තමා එදා වේදිකාව දිගේ බිම දාගන ඇදගන ගිහින් සරච්චන්ද්‍රයන්ට ගුටි පූජා දුන්නේ ජේ ආර් ගේ ගෝලයෝ ටික. මතකද ඒ සිද්ධිය රාමා.

    ReplyDelete
    Replies
    1. ධර්මිෂ්ඨ සමාජයේ පළ වූ අදහස් බොහොමයක් හා මා එකඟ නුවූවත් සරච්චන්ද්‍රයින් වැනි උගතකු මෙසේ කාණු පල්ලේ දමාගෙන අතින් පයින් පහරදීම ඔහුගේ පරම සතුරාට වුව අනුමත කළ නොහැකි ආකාරයේ තුච්ඡ ක්‍රියාවකි.

      Delete
  5. ධර්මිෂ්ඨ සමාජය පොත හොයාගන්න තියෙනවද? මම ගොඩක් පොත් සාප්පුවල හෙව්වා. හම්බවුනේ නෑ. BMICH පොත් ප්‍රදර්ශනෙත් තිබුනේ නෑ.

    ReplyDelete
  6. මහින්ද යුගය කියන්නේ ජේ ආර් ගේ දෙවැනි යුගය එතකොට රනිල් ඇවිල්ලා කරන්න හදන්නේ සිරිමාගේ දෙක වෙන්න ඇති ගංජා පොඩ්ඩක් නැද්ද හොඳ මල් එක කාගේ හරි ගාව? ධනවාදී සමාජය බංගවේවා සමාජවාදී සමාජය උදාවේවා....සමාජවාදී ජිවන විලාසිතාව දිනේවා.

    ReplyDelete
    Replies
    1. මගේ ගාව එක්ස්ටසි ටැබා කීපයක් තියෙනවා. වරෙන් මචෝ වෙලාවක. කාල් මාක්ස්ගේ මල්ලි කෙනෙක් වන වීරවංශ එක්ක ගහලා. අපි පැරාට රාමාට, වීරවංශට කියලා කියමු.. "වරෙන් මලේ පියවර තබලා...." ගහන්නෙයි කියලා.. විමලේ පැදුරු පාටියක සෙට් උනා.. ඌගේ චරිතය මතක කරලා ඌගේ සිගින්ග් ටැලන්ට් එක ගත්තොත් පට්ට ටැලන්ට් එකක් බං ඌට තියෙන්නේ. කින්ඩියට නෙමෙයි.. වෙලාවක අහපන්..

      https://www.youtube.com/watch?v=RWtYahcFz6c

      Delete
  7. රාමාගේ මෑණියන්ට පඩයක් ගියත් එහි වරද නව ලිබරල් වාදයේය. 1977ට පෙර මේ රටේ වෙළඳ භාණ්ඩ හෝ මුදල් කියා දේවල් තිබී නැත. 1977ට පෙර ජීවත් වී ඇත්තේද එකිනෙකා කෙරෙහි අන්යෝන්‍ය සෙනෙහසින් හා ගෞරවයෙන් යුතුව එකිනෙකාගේ වැඩ කර දු සර්ව සාධාරණ හොරුන් හා සූරා කන්නන් නැති මාර කේතුමතී රාජ්‍යයකි. මේ කේතුමතී රාජ්‍යය කාලා දාලා තියෙන්නේ ජේ ආර් පප්පාය. ඒ ඇති වෙච්චි පරිහානියේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ටනෙට් හා බ්ලොග් කියලා දෙයක් නැති වුණා නම් රාමාටත් දෙයියනේ කියා දඹාන පැත්තේ කොරවක්කකු දඩයම් කර ගෙන පළහා, රා කට්ටක් ගසා හේනෙ පැළේ ද්ග ඇදී සීපදයක් කියාගෙන දෙයියනේ කියා ඉන්නට තිබුණේය. එතකොට රාමාගේ මැඑණියන්ට පඩ යන කරදරයක්ද නොවන්නට තිබුණේය.

    ReplyDelete
    Replies
    1. //1977ට පෙර මේ රටේ වෙළඳ භාණ්ඩ හෝ මුදල් කියා දේවල් තිබී නැත. 1977ට පෙර ජීවත් වී ඇත්තේද එකිනෙකා කෙරෙහි අන්යෝන්‍ය සෙනෙහසින් හා ගෞරවයෙන් යුතුව එකිනෙකාගේ වැඩ කර දු සර්ව සාධාරණ හොරුන් හා සූරා කන්නන් නැති මාර කේතුමතී රාජ්‍යයකි.//

      එවැන්නක් කොහේවත් කියා නැත. 77 ට පෙර සමාජය තුල ඊට ආවේනික වූ පසුගාමිතා සහ නිශේධනිය ලක්ෂන තිබුනි. නව ලිබරල් ධනවාදය පැරනි සමාජයේ ඇතැම් පසුගාමීතා වලට පහර ගැසූ අතර එය විසින් ගොඩනගා තිබෙන නව සමාජය ඊටම ආවේනික වූ ගැටලු හා අර්බුද වලින් සමන්විතය. මේ ගැන හොද අන්තර්දෘෂ්ටියක් ලියනගේ අමරකීර්තිගේ අලුත් නවකථාව ( කුරුලු හදවත ) හි ඇත. මේ මොහොත ගැන විවේචනය කරන්නේ මීට වඩා යහපත් වෙනත් මොහොතක් අනාගතයේදී ඇති කරගත යුතුයි යන අනාගතවාදී ස්ථාවරය මත සිට මිස අතීතය මීට වඩා හොදයි කියන අතීතකාමී ආස්ථානය මත සිට නොවේ. මෙවැනි ග්‍රාම්‍ය කමෙන්ටු වලට සාමාන්‍යයෙන් පිලිතුරු නොදක්වමි. එහෙත් මේ පැහැදිලි කිරීම කලේ වැදගත් දේශපාලන ප්‍රශ්නයක් මේ තුල තිබෙන නිසා.

      Delete
    2. 1. ශාස්ත්‍රීය සාකච්චා කළ හැක්කේ ඊට සරිලන බුද්ධිමතකු සමඟය ඔබ වැනි මැට්ටකු සමඟ නොවේ.

      2. යමක් ග්‍රාම්‍ය වන්නේද නොවන්නේද ඉදිරිපත්කිරීම තුළින් නොව අන්තරගතය තුළිනි. ඊනියා මාක්ස්වාදී බහුබූත වලින් ඔහුළුව පුරවා නොගන්නට ගාම්‍ය ඔබේ ප්‍රකාශයද මගේ කමෙන්ට් එකට ඔබටත් වැටහෙන්නට තිබුණේය. නමුත් මොළ සෝදා ගත් කළ රාමා සවුදන් ජෙමාටත් අන්ත වූවෙකි.

      3. තෙවැනි කාරණ‍ය - දැන් ඔය නව ලිබරල් වාදය නැති උත්තර සමාජය තියෙන්නෙ කොහේද රත්තරනේ? ඇයි මේ හැමදාම අහන ප්‍රශ්නයට උත්තරයක් නොදෙන්නෙ? කොහේද ඔයා ඔය කියන නව ලිබරල්වාදී සමාජය විප්ලවීය ලෙස පරාජය කරලා මහා සමාජවාදී උත්තර සමාජය ගොඩ නඟලා තියෙන්නෙ? උදාහරණකෙට එක රටක් කියන්නකෝ. ඇයි හැමදාම මේ ප්‍රශ්ණෙන් පැනලා යන්නෙ?

      Delete
    3. පැරා සහ රාමා කියන රටවල්, "අර්ත්" නමින් හඳුන්වන ප්ලැනට්ටුවේ නම් නැත. ඔවුන් කියනා පරිදි උතුරු කොරියාව හා කියුබාවේ තිබෙන්නේත් නියම මෙව්වා එක නොවේය. චීනයේ තිබෙන්නේත් ඒ මෙව්වා එකම නොවේය.

      ඔය සහෝදරු උනත් මලක සුවඳ බලන වෙලා ඇති නොවැ.. ආන් ඒ වේලාවට පෙනෙනා ළෝක වල සමහර විට මෙවන් කේතුමතී රාජ්ජයක් තිබිය හැක. සමහර විට ඔබට එම රටේදී කාල් මාක්ස් හා ලෙනින් ටකීලා බොමින් කියුබන් සුරුට්ටුවක් උර්මින් සිටිනවා දැක ගත හැක.

      කවදා පායයිද වම්මුන්ට සෝලා බඩ්...

      Delete
  8. රාමා මේ ලිපි ලියන්නේ ජනරළද මොකද්දෝ පත්තරයකටය. ඒකට කමක් නැත. මන්ද ඒ පත්තර කඩ මාල්ල කියවන්නේද රාමාගේ බුද්ධි මට්ටමටම ජාඩියට මූඩිය සේ ගැළපෙන, ගුරු ගීතයට හඳුන්කූරු පත්තු කරන මැටි කොල්ලන් පිරිසක් පමණක් නිසාය. රාමා කරන වරද ඒ ලිපියම මේ බ්ලොග් එකේ දමා මේ බ්ලොග් එක කියවන්නේද ඒ ජාතියේම කොණ්ඩෙ බඳින වම්මුන් කියා උපකල්පනය කිරීමය. නැත. මේවා කියවන්නේ මාක්ස් පප්පාගේ ගූ ගොඩවල් බදාගෙන නිදා ගන්නා මැට්ටන් නොවේ. රාමාට හැමදාම කෙළ වෙන්නේ එනිසාය. මේවා ජනරළේ විතරක් ලියා නිකම් ඉන්න්නවා නම් රාමාටත් බුද්ධිමතකු විය හැක්කේය.

    ReplyDelete
  9. I see the jealous.. seeping through key board. You will never be able to understand how capitalism work because you all are subjects of it's ideology. you poor sods.

    ReplyDelete