Friday, June 27, 2014

රාජපක්ෂගේ තෙරුවන් සරන සහ ඥානසාරගේ අබ සරන

නාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක හම්බන්තොට වරායේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ‘‘සමහරු දැන් සුලු සිද්ධියකටත් මහ ලොකු හර්තාල් කරනවා‘‘ යැයි උදහස් හඩින් පැවැසීය. අලුත්ගමදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුවූ ජාතිවාදී පහර දීම් වලට ප‍්‍රතිචාරාත්මකව මුස්ලිම් කඩ සාප්පු වසා දමන හර්තාල් ව්‍යාපාර රට තුල ක‍්‍රියාත්මක විය. මෙම හර්තාල් ව්‍යාපාර මෙහෙයවීමේ චෝදනාව මත ‘මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය’ නමැති සංවිධානයේ සාමාජිකයන් සිවුදෙනෙක් පොලිසිය විසින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගනු ලැබූ අතර හර්තාල් ව්‍යාපාර ගැන ප‍්‍රශ්න කිරීම සදහා ජූනි 25 දා බස්නාහිර පළාත් එජාප මන්ත‍්‍රී මුජිබර් රහුමාන් හතර වෙනි තට්ටුවට කැදවන ලදී. ඇමති රවුෆ් හකීම් මුස්ලිම් ජනයාට එරෙහිව රට තුළ සිදුවන වෙනස්කොට සැලැකීම් ගැන විදේශ රටවල් දැනුවත් කිරීම සිංහල ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ‘රට පාවා දීමක්’ ලෙසය.

‘සමහරු සුලු සිද්ධියකටත් මහ ලොකු හර්තාල් කරනවා’ කියා ජනාධිපති කියද්දී ඔහු ‘සුලු සිද්ධියක්’ ලෙස මෙතැනදී හදුන්වා දී තිබෙන්නේ කුමක්ද? මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙක්ගේ ජීවිතද ඇතුලු කෝටි ගනනක් වටිනා දේපල විනාශ කරනු ලැබූ අලුත්ගම ජාතිවාදී කෝලාහලයයි මොහුට ‘සුලු සිද්ධියක්’ ලෙස පෙනෙන්නේ. මෙම ජාතිවාදී කලබලය පුපුරා ගියේ බොදු බල සේනා නමැති සිංහල නාසිවාදී සංවිධානයේ වර්ගවාදී මැදිහත්වීම හේතුකොට ගෙනය. වර්ගවාදයෙන් කුප්පනු ලැබූ සිංහල පිරිස් මුස්ලිම් නිවාස කොල්ලකද්දී, මිනිසුන් ඝාතනය කරද්දී මුස්ලිම් පිරිස් වෙතින්ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල වූයේය. සිංහල මැර කන්ඩායම් වලට පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සක‍්‍රීය හා නිෂ්ක‍්‍රීය සහයෝගය ලැබුනු බවට තොරතුරු මේ වනවිට හෙලිදරවු වෙමින් පවතී. සිංහල මැර පිරිස් මුස්ලිම්වරුන්ට පහර දෙද්දී පොලිසිය පසෙකට වී බලා සිට ඇත. මෙය එක්තරා ආකාරයකට ‘83 කලු ජූලියේ ඇති වූ සංසිද්ධීන් වෙනත් ආකාරයකින් පුනරුච්චාරනය වීමකි.

හර්තාල් පැන නගින්නේ මෙම ජාතිවාදී පහරදීම් වලට ප‍්‍රතිචාරීවය. හර්තාල් කල අයට විරුද්ධව දැන් රාජ්‍යය නීතිය බලාත්මක කරමින් සිටී. එහෙත් වර්ගවාදී කෝලාහලයක් පුපුරා යන ලෙස ක‍්‍රියා කල එකදු හෝ සිංහල වර්ගවාදී සංවිධානයක් / නායකයෙක් කිසිදු ආකාරයකට නීතිය ඉදිරියට පමුනුවා නැත. අලුත්ගම සිද්ධියට අත්‍යාසන්නව එම නගරයේ පැවැත්වූ බොදු බල සේනා රැස්වීමේදී ගලගොඩඅත්තේ ඥානසාර කල කථාව පැහැදිලිවම ‘මහජන සාමය’ කඩ කිරීමට තුඩු දෙන්නා වූ කථාවකි. ‘වැඩිය නටන්න ආවොත් මුස්ලිම් කඩ සාප්පු වලට අබ සරනයි‘ කියා එහිදී ඔහු උද්වේගකර පේ‍්‍රක්ෂකාගාරයකට ප‍්‍රසිද්ධියේ පවසයි. මේ කිසිදු ක‍්‍රියාවක් රජයේ නීති ඇස ඉදිරියේ ‘වරදක්‘ ලෙස සටහන් වී නැත.

අලුත්ගම සිදුවීම සහ ඊට පසුව දිගහැරුනු සිද්ධි දාමය ලංකා රාජ්‍යයේ වාර්ගික පක්ෂපාතීත්වය සම්බන්ධ කදිම නිදර්ශනයකි. වාර්ගික සම්බන්ධතා විෂයෙහිලා ගත් විට මෙරට රාජ්‍ය යන්ත‍්‍රනය තුළ සිංහල බෞද්ධ ජනවර්ගය කෙරෙහි නෛසර්ගික පක්ෂපාතීත්වයක් තිබේ. ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර තමන්ගේ කුප‍්‍රකට අලුත්ගම දේශනාවේදී කියූ දේ ඇත්තකි. ‘ මතක තබාගන්න තාම මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක්. සිංහල හමුදාවක්‘ යැයි ඔහු එහිදී කියයි. මුස්ලිම් මිනිසුන් මරා දමද්දී හමුදාව හා පොලිසිය නිෂ්ක‍්‍රීයව බලා සිටින්නේ ඇයි? එම ජාතිවාදී පහරදීම් ජනාධිපතිවරයාට ‘සුලු සිදුවීමක්‘ වන්නේ කෙසේද? සිංහල ජාතිවාදී මැරයින් නීතිය ඉදිරියේ ‘වැරදි’ නොවන්නටත් මුජිබර් රහුමාන් පමනක් හතර වන තට්ටුවට කැදවීමටත් හේතුව කුමක්ද? වර්ගවාදය අවුස්සන ජාතිවාදී රැස්වීම් සංවිධානය කොට එම වේදිකා මත සිට මුස්ලිම් ජාතිකයන්ට පරිභව කිරීම සහ ද්වේශසහගතව බැන වැදීම ‘වරදක්’ නොවන්නේත් හර්තාල් සංවිධානය කිරීම ‘වරදක්’’ වන්නේත් ඇයි? මේවා වූ කලී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තුළ නිධන්ගත වාර්ගික පක්ෂග‍්‍රාහීත්වය සම්බන්ධ නොබිදිය හැකි සාක්ෂි වන්නේය.

ජාතිවාදී කෝලාහලයට පසු ජනාධිපති ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුනි. සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනා එක මවකගෙ දරුවන් මෙන් ජීවත් විය යුතු බව පවසන ජනාධිපති සිය නිවේදනය අවසන් කොට තිබුනේ ‘ඔබ සැමට තෙරුවන් සරනයි’ කියාය. බොදුබල සේනා වැනි සිංහල නාසිවාදී කල්ලි පෝෂනය කරන්නේ රාජපක්ෂ රෙජිමය බව ප‍්‍රසිද්ධ රහසකි. සුලු ජාතීන්ට එරෙහිව වෛරය හා ප‍්‍රචන්ඩත්වය වැපිරීමට අදාළ පරිසරය සකස් කරනු ලබන්නේ රාජපක්ෂ රෙජිමය විසින්ය. සුලු ජාතීන්ට එරෙහිව මෘගත්වය වග දිගා කොට, ඒ අරමුන වෙනුවෙන් පිස්සු බල්ලන් මුදා හැර - සිංහල ජනයා සමග එක මවකගෙ දරුවන් ලෙස ජීවත් වන ලෙස සුලු ජාතීන්ට ඇරයුම් කිරීම තරම් තක්කඩිකමක් තවත් වේද? මුස්ලිමුන්ට ‘අබ සරනයි‘ කියන, මුස්ලිම් ලේ ඉල්ලමින් තලු මරන සුනඛයින් වීදි පුරා ලිහා දමා එම පිස්සු බල්ලන් සමාජය විනාශ කරද්දී ජනාධිපතිවරයා ‘ඔබ සැමට තෙරුවන් සරනයි‘ කියා මධ්‍යස්ථ ලීලාවකින් පවසයි. ඥානසාරගේ ‘අබ සරන’ සහ රාජපක්ෂගේ ‘තෙරුවන් සරන’ අතර තිබෙන වෙනස කවරේද?

සුනඛයාගේ පමනක් නොව ගැලවී යා නොහැකි වන ලෙස සුනඛ ස්වාමියාගේ ද බෙල්ලෙන් අල්ලා ගත යුතුය. ඒ සදහා වන ප‍්‍රගතිශීලී දේශපාලන පැනනැගීමක අවශ්‍යතාවය සමාජය විසින් මේ මොහොතේ උදක්ම ඉල්ලා සිටී.

12 comments:

  1. අබ කියන්නේ බුදුන්ට කියන තව නමක් ලු. ඒ අනුව

    අබ සරණයි = බුදු සරණයි.

    ReplyDelete
    Replies
    1. aba saranayi is said to mean a death will occur. This is from the famous story about the woman who was told by Buddha to find a handful of 'aba' from a house which hasn't seen a death.

      Delete
    2. නැහැ..කකා..අබසරණයි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයටලු.

      Delete
  2. රාමා මේ පෝස්ට් එකට පාදක කර ගත්ත කතාව තුල මේ මුලු සිද්ධි දාමයෙම සත්‍යයය කැටි වෙලා තියෙනවා.

    ReplyDelete
  3. රටේ නීතීය කාටත් එක සේ පොදුව ක්‍රියාත්මක නොවීම,ආයතනගත නීතිය හා ක්‍රියාත්මක වීමේ දුර්වලතා නිසා හටගත් ප්‍රශ්ණයක් වැරදි පැත්තට හරවා තම තමන්ගේ දේශපාලන අභිමතා මුදුන්පමුණුවා ගැනීමට ක්‍රියාත්මක කීරීමක් ලෙසයි මට මෙය පේන්නේ...

    ඥාණසාරලට /ලෙබ්බෙලට කථා කිරීමට ඇති අයිතිය වෙනුවෙන් මා පෙනී සිටින අතරම , ජනතාව අතර වෛරය ක්‍රොධය අසහනය පැතිරවීමටවිරුද්ධව නීතිය සෑමටම එක හා සමානව ක්‍රියත්මක් විය යුතුයි...

    එසේම ප්‍රශ්ණයේ එක පැත්තක් පමනක් බලා ඥාණසාර මුව හමට තැලීම පමනක් ප්‍රමාණවත් නෑ....මේ සිද්ධි දාමය යටින් ඇති සියලු අන්තවාදයන් පි‍ටු දැකිය යුතුය....එහෙත් රාමාට පෙනෙන්නේ සිංහල අන්තවාදයක් පමනි...

    ඒ අතින් ගත් කල අලුත්ගම සිද්දි තම තමන්ගේ දේශපාලන අරමුනු වෙනුවෙන් අර්ථ දක්වන්නන් අතර හා රාමචන්ද්‍ර අතර වෙනසක් මට නොපෙනේ.....

    ReplyDelete
    Replies
    1. මේක මේ දවස් වල නිතර ඇහෙන මෝඩ කතාවක්. සියළු අන්තවාදයන් වැරදියි. සියළු අන්තවාදයන් පිටු දැකිය යුතුයි. ඒක ඇත්ත. නමුත් බොබසේට සමානව මුස්ලිම් හෝ කිතුණු අන්තවාදී සංවිධාන නැහැ. ඉතින් බොබසේ තහනම් කරනවා සමඟ තහනම් කළ යුතු වෙනත් සංවිධාන නැහැ. තහනම් කළ යුතු බොබසේ පමණයි.

      Delete
  4. වින්දිතයා චූදිතයා වීම මේ සිද්ධියේදී විතරක් නොවේ,,ශිෂ්‍ය සටන්, කම්කරු සටන්, ගොවි-ධීවර සටන්වලදීත් පාලකයෝ කරා. අනිකුත් සියළුම සාධරන අරගලවලදී මුක පූට්ටු වෙන අය අළුත්ගමදී නින්දෙන් නැගිට්ටා. එය විය යුතුයි. ඒක වැරදියි කියන්නේ නැහැ. මාටින් නිමොලර් තමයි දැන් හැම සිදුවීමකදිම සිහියට එන්නේ මට නම්.

    ReplyDelete
  5. පලස්තීන තාරකාව සම්මානය රටේ පාලකයාට ලබුනා නේද?.එහෙමනම් මෙහෙම වෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. හැමෝම හිතාගෙන ඉන්නෙ ගෝලීය මුස්ලිම් සමාජය මාර මොනොලිතික් මාර සමගියි කියලා. එහෙම බම්බුවක් නැහැ. බුරුමයේ බෞද්ධයින්ට ගූ යන්න ගහනකොට ලෝකල් බෞද්ධයින්ට ගාණක් නෑ වගේම ලංකාවෙ මුස්ලිම් මිනිස්සුන්ට ගැහුවය කියල පලස්තීනයේ හරි වෙන කොහේ හරි මුස්ලිම් මිනිස්සුන්ට කසන්නෙ නෑ. උන්ට ඕනැ ලෝක මට්ටෙමෙන් උන්ගේ ප්‍රශ්නයට සහාය දෙන නායකයෝ. මහින්ද ඒක කරනවා. ඉතින් උන්ට මහින්ද වීරයෙක්. එච්චරයි.

      Delete
  6. ඔන්න ඔහොම දෙයක් ලියපන්කො බං අපි ඔක්කෝටම ලයික් එකක් දාන්න පුළුවන් වෙන්න. නැතුව හැමදාම මැක්කා වගේ නව ලිබරල් වාදයක් ඇදෙගෙන පට්ටපල් බොරු කියනකොට අපට මළ පනිනවා.

    ReplyDelete
  7. ධර්මරත්නJuly 7, 2014 at 8:19 AM

    ලංකාව ගත්තොත් 'පොරවල්' ලාගෙන් පිරිච්ච රටක්.මහින්ද බලයට එන්න කලින් මේ පොරවල් දෙන පොර ටෝක් වලින් අපි ඉස්මුරුත්තාව හැදිලා වන වෙලා හිටියා මතකද.පටන් ගමු සැකවින්,ප්‍රභාකරන් නොහොත් ගම්මන්පිලගේ පිරිභාහරන්.මැන් හිතුවා මැන් තමයි මැන් කියලා.ඇයි ඉතිං රජීව් ටත් ගම දිලා ලෝකෙම නොම්බර එකට රෑන්ක් වෙලා ටොප් සීඩඩ් බඩුවක්නේ.මහින්ද ප්‍රභාට නන්දිකඩාල් වලදි නස්පුක් වෙන්න දුන්නම අපි කවුරුත් දැක්කා මිනිහා කිසි දෙයක් කරගත නොහැකි පොඩි පූස් පැටියෙක් වග.ඊ ලඟට ෆෝනි.ලෝකේ හොඳම හමුදාපති,ගෞරව සම්මානයත් රාජපක්ෂලාගෙන්.පොරගේ ත‍ටු කපලා 'පියාඹන මාළු' ගානට ෆොනිව ගෙනල්ලා හිරේ දාන කොට ලංකාවේ හමුදාවක් චම්-පකලා,විමල්ලා,ගුණදාසලා ගේ පුක පූට්‍ටු.රාජිත දත් දොස්තර කියනවා ෆොනි එයාගේ ක්ලාස් මේට් ලු.දේශප්‍රේමින් ඒ ටිකවත් කිව්වෙ නෑ.මහින්ද ෆොනිගේ මං පොර ජාතකේ බල්ලට ඇදලා දැම්මා.ජැක්-සං ඇතුලු [වි]කලා කට්ටිය ගෙන් කනක් ඇහිලා ඉන්න බැරි තරමට එකට්ටිය පොරවල්.සෝමරත්නලා හිරිකිතයක් නැතුව කඩේ ගිය හැටි නොදැක්ක නං මේ දැස මක්කටෙයි කියලා අපිට හිතෙන තරමට ඒවා ආතල්.ඒ අස්සේ යු.ඇන්.පි රූකාන්තත් මහින්දගේ ඉස්ටෙසමේ නවාතැන් පොජ්ජ මන්ද කොරාගෙන ...........ශ්‍රියන්තලා.ඇතුගල ලා .........මාරම මර පොරවල්.ජැක්-සොං කියනවා මහින්දයා බුදුං ගේ නෑදෑයෙක් ලු.ගෞතම හිටියනං පුකට පිහියෙන් ඇන ගන්නවා.ඒ කලා කාරයො කියන බුවාලා බුවිලාව මහින්ද මහ දවල් නිරුවත් කරලා දාන කොට මාර ආතල් කාටද......මහින්දටමයි.අර නිළි හම්පඩයක් මහින්දට කියනවා එයාගේ පුතාව ඉඹින්නලු මොකෝ ඒ පොඩි ඒකා මහින්දයාගේ කටවුට් එකක් දැක්කොත් ගිහිං මහින්දයාගේ බඩ ඉඹිනවාලු.හමුදා කාරයො පොලිස් කාරයෝ මාරම මාර පොරවල්.රට බේර ගත් විරුවෝ.උත්තමයෝ.ඒ ගෞරවණීය පොරවල් එළවළු කිරන කොට,කානු සුද්ද කරන කොට,පිට්ටනි මල් වතු අතුගාන කොට,වැලි කොට්ට කරගහන කොට.........ඒ පොරවල් බලු වෙලා මේ ලඟදි ලොක්කෙක් කියනවා කාණු අතුගාන එක,පාරවල් හෝදන එක ඒ ගොල්ලෝන්ට ලැජ්ජාවට කාරනාවක් නෙවෙයිලු.ඒ වුනාට ඒ ගොල්ලන්ගේ පොර මෝල් හේදිලා යන විදිය දැක්කම අපිලාට නිකං මොකකද මොකක්ද වගෙ.ඊ ලඟට මහා උගත්තු,විස්ස විජ්ජාවල අචාර්‍යවරු.අර [අභි]ධම්ම ලා වගේ මාහා උගත්තු දෙකට නැවිලා නැට්ට පුකේ ගහගෙන මේ ආර්ථික විදිය හොඳයි කියලා අපේ කං පොඩි පුරෝනවා.පේරාදෙනියේ ,කොළඹ,ජපුර,කැලණිය හැම තැනම මහා කෙළ මෝල් පොරවල් මොන්ටිසෝරි යනවා ........බලන්න ලස්සනයි.උන්ගේ එක කට්ටියක් මර්වින්ට ආචාර්‍ය කං දෙනවා බලන්න ආසාවේ බෑ,බලං ඉන්න අපිට පුකේං හිනා මාර ආතල් එකක් දෙනවා මහින්ද.................ඔහොම ඇවිත් මිහිඳු මහා රහත්න් වහන්සේගෙ ආශිර්වාදයෙන් ලංකාවේ පළමු භික්ෂුව වන මහා අරිට්ට නාහිමිගෙං පැවත එන සංඝය වහන්සේලාට මේ පොළවෙ තිබුණේ මාරම තැනක්.සංඝයාට ගහන්න මේ රටේ තව පොරවල් හිටියේම නෑ.ඒ සඝ නිල ඇඳුම දැක්කත් අපේ අය බිම දන ගානවා,මොන පඩත්තරයෙක් වුනත්.බණ්ඩාරනායකව මැරුවත් සංඝයාගේ පොර මාක් එක නැතිවුනේම නෑ.ඒත් මහින්ද මහ රජ අවසානයේ ඝණ ගෙඩියන්ව පාරේ කුණුහරුප කියන තැන ඉකමවලා තමන්ගේ බිජ්ජ තමන්ම කපා ගන්නා තැනට වැඩ සිද්ද කරා.පාර්ලිමේන්තුවට ඝණයිනව ගෙනල්ලා ඇට මිරිකලා , බෙන්ස් කාර් දීලා නිවනට මග පහසු කරලා අපිට පෙන්නලා දුන්න මහින්ද අශ්ඨාංගික මාර්ගය කියලා...............ඉතිං ලකාවේ ඉතිහාස කතාව රීරයිට් කරපු මහින්ද කරපු හොඳම වැඩෙ මේ එකි මෙකි නිකි සියලු පොරවල් හිවල්ලු ගානට දාලා අපිට පෙන්නලා දුන්න දැන් ලංකාවේ ඉන්නේ එකම පොරයි ඒ පොරගේ පවුලේ පොරවලුයි විතරයි කියලා.එයින් කියැවෙන්නේ අවශ්‍යතාවයක් තිබේ නං කට්ටියට හරිම ලේසියි පහසුයි වැඩේ.........හරියට 'ප්‍රීති' වගේ කියලා.

    ReplyDelete