Monday, May 12, 2014

වැදගත් නලින් ද සිල්වා සහ මදාවිකාර ඥානසාර

මෑතකාලීන ලංකා දේශපාලනයේ කැපී පෙනුනු උද්ගතයක් වන්නේ බොදු බල සේනා හා රාවනා බලය පන්නෙයේ සංවිධානවල පැන නැගීමය. මේ සංවිධාන වල සාමාජිකයින් විසින් සිදු කරන විගඩමක් පිලිබද පුවතකින් තොර ප්‍රවෘත්ති විකාශයක් මෑතකාලීනව දැක ගැනීමට නොහැකි වූ තරම්ය. පසුගිය දිනෙක වටරැක විජිත නමැති භික්ෂුවක් විසින් කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක් කඩාකප්පල් කිරීමට මැදිහත් වූ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව එතැන සිටි ඉස්ලාම් ජාතික පූජකවරුන්ට අශ්ලිල ලෙස බැන වැදුනු අතර හෙතෙම ප්‍රසිද්ධ වේදිකාවල මුස්ලිම් ජාතිකයින් 'පරයින්' ලෙස හෙලා දුටුවේය. සුලු ජාතීන්ට එරෙහිව වෛරීසහගත ප්‍රකාශ කරමින් මෙම සංවිධාන වල සාමාජිකයෝ කිසිදු බාධාවකින් තොරව මහජාතියේ ඉතාම ප්‍රාථමික ආවේගයන්ට ආමන්ත්‍රනය කරමින් සිටිති. මෙලෙස සුලු ජාතීන්ට විරුද්ධව මහජාතියේ ප්‍රාථමික ආවේශයන් කුලප්පු කිරීම මගින් මොවුන් සිදු කරන්නේ ජනවාර්ගික - ආගමික පසමිතුරුතාවය දේශපාලනයේ තීරක පසමිතුරුතාවය ලෙස පවත්වා ගෙන යාමට ආධාර කිරීමයි.

මේ හැසිරීමට සමගාමීව දක්නට ලැබෙන තවත් සිත් ගන්නා සුලු නිරීක්ෂනයක් තිබේ. ලංකාවේ සිංහල බෞද්ධ අයිතිය වැනි අදහස් බෙදාහදා ගන්නා  ඇතැම් සිංහල ජාතිකවාදීන් තමාව බොදු බල සේනා ජාතිකවාදයෙන් වෙන් කොට නිර්වචනය කරගැනීමට උත්සාහ කිරීම ඒ නිරීක්ෂනයයි . මෙසේ තමාව වෙනස් ලෙස නිර්වචනය කරගන්නා සිංහල ජාතිකවාදී අදහස් දරන අය කියන්නේ බොදු බල සේනා සංවිධානය මතු කරන ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න වුවත් ඔවුන් හැසිරෙන ප්‍රචන්ඩ ආකාරය අනුමත කල නොහැකි බවයි. එනම් වඩා 'වැදගත්' ලෙස මේ ප්‍රශ්න බේරා ගත යුතු බවයි. ඒ අදහස ප්‍රකාරව ප්‍රශ්නය තිබෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර විසින් මතු කරන අදහස් වල නොව ඔහු එම අදහස් මතු කරන ශෛලියේය.

මේ අනුව දැන් සිංහල ජාතිවාදයේ ප්‍රකාශන දෙකක් 
ඇත. එකක් 'වැදගත්' ජාතිවාදයයි. එහි උප ප්‍රවනතා දෙකකි. එක් ප්‍රවනතාවයක් නියෝජනය කරන්නේ කොන්ටම් භෞතික විද්‍යාව සහ පෝල් ෆයරාබන්ඩ් ගැන කථා කරන නලින් ද සිල්වා සහ එරික් ෆ්‍රොම් හා සැමුවෙල් පී හන්ටින්ටන් ගැන කථා කරන ගුනදාස අමරසේකර වැන්නවුන්ය. එය බුද්ධිමය ජාතිවාදය යැයි කිව හැක. අනිත් ප්‍රවනතාවය චම්පික රනවක, විමල් වීරවංශ වැනි ප්‍රයෝජ්‍යතාවාදීන් විසින් නියෝජනය කරන අතර එය ප්‍රායෝගික ජාතිවාදය යැයි නම් කල හැක. 'වැදගත්' සිංහල ජාතිකවාදීන්ට මේ කදවුර සමග අනන්‍ය වීමේ ගැටලුවක් නැත. සිංහල ජාතිවාදයේ අනිත් ප්‍රකාශනය ඥානසාර විසින් නියෝජනය කරන මදාවිකාර ජාතිවාදයයි. ලංකාව සිංහල බෞද්ධ රටක් බව එකහෙලා ප්‍රකාශ කරන බො‍‍හෝ මධ්‍යම පංතික සිංහල බොදුනුවන්ට මේ මදාවිකාර ජාතිවාදය සමග අනන්‍ය වීමේ තරමක අපහසුවක් තිබේ. ප්‍රශ්නය 'වැදගත්' විදිහට බේරා ගත යුතු යැයි ඔවුන් කියන්නේ මේ නිසාය.

සිංහල මහජාතිවාදයේ මේ සියලු ප්‍රවනතා බෙදා ගන්නා පොදු සංකල්පනය කුමක්ද? සිංහල ජාතියේ සතුට පැහැර ගන්නා බාහිර දුෂ්ට ඒජන්තයෙක් සංකල්පනය කිරීම මේ සියල්ලන් විසින් සිදු කරනු ලබයි. මේ බාහිර සතුරා බටහිරයා, දෙමලා, මුසල්මානුවා, මාක්ස්වාදියා, එන්ජීඕ කාරයා හෝ එවැනි ඕනෑම කෙනෙක් විය හැක. මොවුන්ගේ සම්පූර්න කතිකාවත රැදී තිබෙන්නේ මෙබදු බාහිර සතුරෙක් පිලිබද සංකල්පනය නඩත්තු කිරීම මතය. මේ සංකල්පනය පවතින සමාජ රටාව තුල පීඩාවට හා අතෘප්තියට පත් වී සිටින සමාජ කොටස් සාර්ථකව ආමන්ත්‍රනය කිරීමේ හැකියාවෙන් යුක්තය.

සිංහල සමාජයේ පරිපූර්නත්වයට බාධා කරන බාහිර සතුරෙක්ගේ තර්ජනය පිලිබද මේ සංකල්පනය සමාජය තුල ප්‍රචලිත කලෝ කවරහුද? නලින් ද සිල්වා වැනි න්‍යායික ජාතිවාදීන් මෙන්ම චම්පික රනවක වැනි ප්‍රායෝගික ජාතිවාදීන් ඉතිහාසය පුරා සිදුකරන ලද්දේ එම කටයුත්තය. සුලු ජාතීන් යනු සිංහලයාගේ උරුමය පැහැර ගැනීමට කුමන්ත්‍රනය කරමින් සිටින ජන කොට්ටාශයක් ලෙස මතවාදීව පින්තාරු කරන ලද්දේ ඔවුහුය. මේ පින්තාරු කිරීම සදහා විවිධ න්‍යායික සහ දේශපාලනික උපමාරු ඔවුහු යොදාගත්හ.

සුලු ජාතීන් ගැන මෙලෙස ගොඩනගන න්‍යාය සහ මතවාදය ප්‍රායෝගිකකරනය කල හැක්කේ කෙසේද? මෙම මතවාදය භෞතිකයක් බවට පත් වන පලමු මොහොතේම ප්‍රචන්ඩත්වය සහ හිංසනය උපදී. දෙමලා නමැති සතුරා පරාජය කිරීම ගැන නලින් ද සිල්වා හා චම්පික රනවක වැන්නන් ගොඩනංවන ලද න්‍යායික හා මතවාදීමය සංකල්පනය යථාර්ථයක් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා හා ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඒ දමිල මල මිනී දස් ගනනක් මතිනි. ඥානාසාර භික්ෂුව කථා කරන විලාස අශෝභන යැයි කියන සිංහල බෞද්ධ මැද පංතික වැදගතුන් යුද්ධ සමයේ නිරායුධ දෙමල හිස් මත අඛන්ඩව බෝම්බ අත් හැරෙද්දී එය අ‍ශෝභන යැයි නොසිතුවේ මන්ද? දෙමල ජනයා සංහාරය කිරීම ඔවුන්ට ශෝභමාන දෙයක් වූවාද? සිවිල් යුද්ධය තුල දී මහින්ද - සරත් - ගෝඨාභය ත්‍රිත්වය විසින් මහා පරිමානයෙන් ක්‍රියාවට නංවන ලද්දේ ඥානසාරගේ මදාවිකාර ජාතිවාදයේම වඩා පද්ධතිගත ආකාරයක් නොවේද? මුස්ලිම්වරුන්ට එරෙහිව ඥානාසාර අද භාවිතයට නංවා තිබෙන හිංසාකාරී භෞතික ක්‍රියාකාරීත්වය වෙන් කල නොහැකි ලෙස සුලු ජාතීන් සතුරන් හා සිංහල උරුමය අපිරිසිදු කිරීමට පැමින සිටින කුමන්ත්‍රනකාරී කැරපොත්තන් ලෙස දකින්නට සමාජය පුරුදු කල 'වැදගත්' ජාතිවාදයේ න්‍යායික හා දේශපාලනික ක්‍රියාකාරීත්වය සමග බැදී තිබේ. ඥානසාරගේ වේශයෙන් එන්නේ නලින් ලා හා චම්පික ලා වගා දිගා කල බීජවල අස්වැන්නය. ඥානසාර යනු නලින්ලාගේ හා චම්පික රනවකලාගේ ජීව විද්‍යාත්මක දරුවාය.

වැදගත් ජාතිවාදය සහ මදාවිකාර ජාතිවාදය අතර බෙදීමක් ඇති කිරීමට දැරෙන වෑයම අතාර්කික එකක් වන්නේ මේ නිසාය. අපට අනුව 'වැදගත්' ජාතිවාදයක් කියා දෙයක් ඇත්ත වශයෙන්ම තිබිය නොහැක. මන්ද ජාතිවාදය එනයින්ම ගත් කල්හි මදාවිකාර සන්තතියක් වන හෙයිනි. 

13 comments:

  1. ඔන්න ඉඳලා ඉඳලා වැදගත් දෙයක් ලියලා තියෙනවා, වෙනදා ලියන වාමාංශික හීන කතා නැතුව. වෙල් රිට්න් රාමා.

    - ධනවාදියෙක්

    ReplyDelete
  2. මටනම් පේන්නෙ උබ බත් නොකා තණකොල ටිකක් කෑවනම් හොඳයි කියල......

    ReplyDelete
  3. උබබත් ඇනෝ සහ ධනවාදියා විසින් නියෝජනය කරනු ලබන සමාජ ස්ථරයන් ගැනත් හිතන්න රා‍මචන්ද්‍ර මහත්තයෝ.

    මහපොළවේ උරුමය ගැන මේ තියන මතවාදය වැරදියි. මහපොළව කාටවත් අයිති නෑ. නෑ. ඒක කාටත් අයිතියි. අර චූටි ගුල් වල ඉන්න කූඹි. උන් සිංහල එවුන්ද? මයිනොන්ට ගිරවුන්ට අහස තියෙන්නෙ, උන් මොකටද පොළවට එන්නෙ. සිංහලයන්ට තියෙන්නෙ මේක විතරයි. ඒකනෙ උන් මේකම තියාගන කන්නෙ.

    (ඇනෝලට කුනුහරප කියන්න අවස්ථාවක්)

    ReplyDelete
  4. සිංහල බෞද්ධ කියන සියල්ලන්ම එක ගොඩට දැමීම මාක්ස්වාදී කියන සියල්ලන්ම එක ගොඩට දැමීමට වෙනස් නොවේ. සමහර විට එකම මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියන කණ්ඩායම් දෙකක ඇත්තේ ඒ මතවාදය හදුන්වන වචනයේ සමානකම පමණි. මට වැටහෙන ආකාරයට නලින් ද සිල්වා මහතා කියන්නේ ලංකාවේ විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය විය යුතු බවයි. ඕනෑම රටක විශේෂිත සංස්කෘතියක් තිබෙන බැවින් එය මහා ආන්දෝලනාත්මක කතාවක් යැයි මා සිතන්නේ නෑ. දැනට ලංකාවේ ඇති විශේෂිත සංස්කෘතිය බටහිර සංස්කෘතියේම අනුකරණයක්. යටත්විජිත යුගයෙන් සහ ඉන් පසුවත් තත්වය එයයි. ලංකාවේ සකලවිධ ක්ෂේත්‍රවල ඇති පරිහානියට එය ප්‍රධාන හේතුවක් බවයි ඔහු කියන්නේ. ඒ නිසා එය වෙනස්කොට නැවත සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය බවට පත්කරගත යුතු බවයි ඔහු කියන්නේ මා හිතන හැටියට. ඒ තුළ විවිධ ආගම් සහ වර්ගවලට අයත් අයට ජීවත් විය හැකියි (බටහිර රටවල ක්‍රිස්තියානි විශේෂිත සංස්කෘතිය තුළ විවිධ ආගම් සහ වර්ගවල අය ඉන්නවා වගේ). ඥාණසාර හිමි නියෝජනය කරන කණ්ඩායම කියන්නේ එවැනි කතාවක් නෙවෙයි. ඔවුන්ට අනුව ජාතිය පැනවෙන්නේ අනෙකාගෙන් වෙන් කර ගැනීමෙන්. මේක යුරෝපීය ජාතිකවාදයට සමානයි. ඒ වෙන් කර ගැනීම නිසා තමයි මුස්ලිම් අය මුස්ලිම් වීමම සිංහලයන්ට තර්ජනයක් ලෙස ඔවුන් දකින්නේ. එතන තියෙන්නේ වෙන් කර ගැනීම මත පනවාගත් ජාතිකවාදයක්. නලින් ද සිල්වා මහතා කතා කරන්නේ එක් කිරීම, අනුකලනය මත පනවාගත් ජාතිකවාදයක්. සිංහල කියලා ජාතියක් නිර්මාණය වන්නේම පඩුඅබා රජු ගෝත්‍ර ගණනාවක් එක් කිරීමෙන්. දැන් කළ යුත්තේ මේ ජාතිය තවත් පුළුල් කිරීමයි. ඒ පුළුල් කරපු ජාතියේ නම ඕන්නං ශ්‍රී ලාංකික විය හැකියි. නමුත් එහිත් විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය විය යුතුයි. ඒ නිසා මෙතන පැහැදිලිවම උපායමාර්ග වෙනසක් නොව න්‍යායේම වෙනසක් තියෙනවා. මතවාදී වෙනසක් තියෙනවා. මෙතන ජාතිකවාදය කියන වචනය භාවිත කරාට ඇත්තටම මෙතන ඇත්තේ ජාතිකවාද දෙකක්. මාක්ස්වාදයේ විවිධ ප්‍රභේද තිබිය හැකිනම් ජාතිකවාදයේ විවිධ ප්‍රභේද තිබිය නොහැකිද? මේ ලිපි දෙකෙන් මේ ගැන වැඩිපුර පැහැදිලි කිරීමට උත්සාහ දරා තිබෙනවා. http://janakawansapura.blogspot.com.au/2013/10/blog-post_9549.html
    http://jathikachinthanaya.blogspot.com.au/2014/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. දර්ශන, පිලිතුරු දීමට පමා වීම ගැන කනගාටුව! ඥානසාරගේ ජාතිවාදය හා නලින් ද සිල්වාගේ ජාතිවාදය අතර ඔබ දැක්වීමට වෑයම් කරන වෙනස මා නම් දකින්නේ නැත. ඇත්ත. ජාතිකත්වය ගැන ජාතිකවාදය ගැන ඥානසාරට වඩා දියුනු ගැඹුරු විග්‍රහයක් සිල්වාට තිබේ. සිල්වා යනු ලංකාවේ මෑතකාලීනව බිහිවූ විශිෂ්ටම බුද්ධිමතෙකි. ඒ ගැන විවාදයක් නැත. සිතිවිලි ක්ෂේත්‍රයේ මෙබදු වෙනසක් තිබිය හැකි වුවත් යථාර්ථයට එද්දී මේ දෙදෙනාමට හිට ගන්නේ එක තැනය. නලින් සිංහල ජාතියට සෙසු අය 'අනුකූලනය' වීම ගැන දක්වන අදහස සහ ඥානසාර පොල්වත්තයි තනකොල ගසුයි ගැන කියන කථාව හරය අතින් ගත් විට එකකි. ජාතිකවාදය‍යේ විවිධ ප්‍රභේද තිබිය නොහැකිද? යන්නට මගේ පිලිතුර තිබිය හැක යන්නයි. ලිපිය තුලම පැහැදිලිව ඒ බව පිලිගෙන තිබේ. ඒත් ඒ ප්‍රභේද අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාරීද? ම‍ගේ පිලිතුර නැත යන්නයි.

      Delete
  5. මොකෙක් ද මූ

    ReplyDelete
  6. මේ ලිපිය සිංහල විරෝධී ලිපියක්.

    ReplyDelete
    Replies
    1. සිංහල කට්ටිය පවු නේද මෙයා. එක නෙමෙයි ඔයත් සෙනාවේද ? මමනම් සේනාවේ. සෙට් වෙමුද දවසක. ගල් බාගයක් තිබුනා, හොදයිනේ !

      Delete
    2. මමත් එන්නද? හැබැයි මචං ගල් බාගෙ හලාල් කරල අරන් වරෙන් හොදේ

      Delete
  7. නිරායුද අහිංසක ජනතාව ගමන් ගත් බස් වල කෝචිචිවල බෝම්බ පුපුරවපු අහිංසක නිරායුද ගම් වැසියන් මරාදැමූ පිරිසක් සමූලාගාතනය කිරීම හැර වෙන කුමක් කරන්නද

    ReplyDelete
  8. දෙමල ජනතාව සමූල ඝාඝාතනය කලේ කව්ද? මූ Ltte කාරයෙක්ද කොහෙද

    ReplyDelete
  9. පට්ට ලිපියක් මචන්. සිංහල මිනිස්සු හිතන් ඉන්නේ මේ රට උන්ගෙයි කියලයි. ඒත් මේ රටට අපිටත් අයිතියක් තියෙනවා. කුවේනි යනු මුස්ලීම් කාන්තාවක්. අතීතයේ සිංහලයො හෙලුවැල්ලෙන් හිටියෙ. ඒත් කුවේනි කපු කැටුවා . රෙදි ඇන්දා. ඒකෙන් ඔප්පු වෙනවා කුවේනි මුස්ලීම් බව. අනික කුවේනිගේ නියම නම කුවාසා. ඒක මුස්ලිම් නමක්. ඉතිහාසයේ මුස්ලීම් රජවරු ඉදන් තියෙනවා. මහසෙන් යනු මුස්ලීම් රජ කෙනෙක්. මසීන් එයාගෙ නියම නම. සිංහල මිනිස්සුන්ට මේ රටේ නියම ඉතිහාසය ඉගැන්විය යුතුයි. නලින් වගේ ජාතිවාදීන් නිසයි සැබෑ මුස්ලීම් ඉතිහාසය යටපත් වෙන්නේ.

    ReplyDelete
  10. madyawedi ya kalakaruwoi kiana lankawe kotasa un hithan inne un thamai siyalla datha minissu anith minissunta me kisiwak therenne na kiyala me gon harak nada deka oyakiyana america wage prejathanthrawadi rataka oayawage lipi liuwoth un dannethna un inne walapalleda kiayala munta puluwanda americawata viruddhawa eka lipiyak liyanna americawata gihin..... karunakara mewesige puthalage lipi danna epa le kopa wenawa mita wada hodai pissakotuwe pisso liyana lipi api dannawa unta hariyatama pissu kiyala.....

    ReplyDelete