Saturday, April 12, 2014

ඒ පා පහර වැදුනේ කාටද?

මාතලේ කයිකාවල පදිංචි පස් හැවිරිදි නාමල් තරංග රනතුංග දරුවාට මාතලේ මූලික රෝහලේ වෛද්‍යවරයෙක් විසින් පයින් ගැසීම පිලිබද පුවත පසුගිය දිනවල පුවත් පත් රාශියක අවධානයට හසු වී තිබුනි. අප්‍රේල් 08 වන දා'දිවයින' පුවත්පතට අනුව මේ දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වී ඇත. ඉන් කෝපයට පත්වී ඇති වෛද්‍යවරයා කාමරයෙන් එලියට පැමින දරුවාට පා පහර දී තිබේ.

මේ සිදුවීම අවශ්‍ය නම් මේ නිශ්චිත වෛද්‍යවරයාගේ පෞද්ගලික වරදක් ලෙස සලකා අමතක කිරීමට පුලුවන. එසේත් නැතිනම් පොදුවේ සියලු වෛද්‍යවරු මෙබදු නරුමයන් යැයි සාමාන්‍යකරනයක් වෙත එලැඹෙමින් වෛද්‍යවරුන් නමැති පුද්ගල කොට්ටාශයට බැන වැදී විනෝද විය හැක. කෙසේ වුවද යමෙක් එවැනි සරල ප්‍රතිචාරයක් දක්වා සෑහීමට පත් නොවීමට සිතන්නේ නම් උත්සාහ කල යුත්තේ මෙබදු සිදුවීම් පසුතලයේ තිබෙන සමාජ අර්බුදය කවරේදැයි වටහා ගැනීමටය.

ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය සමාජය තුල ඔඩු දුවා ඇති සමාජ අසමානතාවයේ ප්‍රතිමූර්තියක් යැයි කිව හැක. 1977 නව ලිබරල් ධනවාදී යුගයට ලංකාව ඇතුලු වීමෙන් පසු පෞද්ගලික සෞඛ්‍ය සේවා රට තුල විහිදී යාම ආරම්භ විය. සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉන් පසු ඇතුලු වූයේ වෙලදපොලකරනයේ සංකීර්න ක්‍රියාවලියක් තුලටය. මුදල් වලට ප්‍රතිකාර දීම ව්‍යාප්ත වීමත් සමග සෞඛ්‍යය වෙලද භාන්ඩයක් බවට පත්වීම ඇරඹින. මෙහි ප්‍රතිඵල ලෙස සමාජයේ ධනවත් කන්ඩායම් වලට මුදල් ගෙවා පහසුවෙන් සෞඛ්‍ය සේවා සදහා ප්‍රවේශ වීමේ අවස්ථා හිමි වන්නට විය. වර්තමානයේ ධනවතුන් සදහා අධික මුදල් අය කරන වෙනම රෝහල් ලංකාව තුල නඩත්තු වේ. මේ රෝහල් තුල සැපයෙන සේවාව ගුනාත්මකව ඉහලය. උදාහරනයක් ලෙස ඇප‍ලෝ රෝහල වැනි ආරෝග්‍යශාලාවක් තුල වෛද්‍යවරුන්ගේ කාමර බිත්තිවලට ‍හේත්තු වන දුගී දරුවන් හෝ එම දරුවන්ට පා පහරවල් දෙන වෛද්‍යවරුන් හෝ නැත. රෝහලට ගෙවනු ලබන අධික මුදලට ප්‍රතිචාර ලෙස විනීත හා ආචාරශීලී සැලකීමක් පෙරලා රෝගීන්ට හිමි වේ.

කෙසේ වුවද සමාජයේ බහුතරයකට මෙබදු සුඛෝපභෝගී රෝහල් වලට ප්‍රවේශ වීමේ 'වාසනාව' නැත. එබදු රෝගීන්ට රජයේ වියදමින් රජයේ රෝහල් පද්ධතියක් පවත්වා ගෙන යනු ලැබේ. 2011 වර්ෂයේ රජය සෞඛ්‍ය සේවා සදහා කල වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.53 තරම් අඩු අගයකි. පොදුවේ මේ අගය සියයට 2 ට වඩා අඩු මට්ටමක රැදී තිබේ. රජයේ රෝහල් අධික රෝගී තදබදයකින් යුක්තය. ඖෂධ හිගයෙන් එම රෝහල් පීඩා විදී. බොහෝ පර්යේෂන බාහිරව මුදල් ගෙවා පුද්ගලික ආයතන වලින් සිදු කරගැනීමට රෝගීන්ට සිදුවේ. බහුජාතික සමාගම් මුදල් වීසි කරමින් වෛද්‍යවරුන්ව සිය වසගයට ගනිමින් සිටින අතර බොහෝ වෛද්‍යවරු තුන්ඩු ලියද්දී රෝගියාගේ රෝගයටත් වඩා සංවේදී වන්නේ බහුජාතික සමාගමේ ඒජන්තයා සමග තමාට තිබෙන ගනුදෙනුවටය.

සෞඛ්‍යය වෙලද භාන්ඩයක් වී තිබෙන තතු යටතේ රජයේ රෝහල් වලට එන්නේ මුදල් ගෙවා එම භාන්ඩය මිලට ගැනීමේ හැකියාවක් නැති 'පිං' රෝගීන්ය. පහසුකම් වල තිබෙන අඩුපාඩුකම් වලට අමතරව රජයේ රෝහල් තුල වෘත්තිකයන්ගේ දැනුම 'බලයක්' බවට පත්වීමේ අත්දැකීම මේ රෝගීන්ට විදින්නට සිදුවේ. සුඛෝපභෝගී පෞද්ගලික රෝහලක දක්නට ලැබෙන විනීත හා ආචාරශීලී සැලකිම නිර්ප්‍රභූ මිනිසුන්ගෙන් පිරී තිබෙන රජයේ රෝහල් වල දැකගත නොහැක. ප්‍රතිකාර ගැනීමට පැමිනියේ නොමිලේ නම් රැවුම් ගෙරවුම් බැන වැදීම් ඕනෑම එකකට මුහුන දීමට සූදානම් වී පැමිනිය යුතුය.

අප ජීවත් වන ධනවාදී සමාජයේ 'වැදගත්' සැලකීමක් ලබා ගැනීමට ඇවැසි නම් එය ලබා ගැනීමට තිබෙන එකම මග 'බලවතෙක්' බවට පත්වීමය .සමාජයේ බලය ධනය මත තීරනය වේ. පාරේ ට්‍රැෆික් හසුරුවන පොලිස් නිලධාරියෙක්ගේ සිට රෝහල් වල වෛද්‍යවරුන් දක්වා සියල්ලෝ තමා ඉදිරියේ සිටින මිනිසාට සලකන ආකාරය තීරනය කරන්නේ ඔහුගේ 'තත්වය' මතය. මේ නිසා සමාජය යනු ධනය පසුපස වියරුවෙන් මෙන් හඹා යන, ධනය අත්පත් කරගැනීම සදහා එකිනෙකා සමග මරා ගන්නා, අනෙකාට එරෙහිව ගේම් ගසන, අනෙකා සමග තරග වදින ස්වාර්ථකාමී මිනිසුන්ගේ එකතුවකි. ධනවාදී සමාජයේ අර්බුදය තිබෙන්නේ කොතැනද? එය තිබෙන්නේ 'ලාභ රේට්ටුව පහත වැටීමේ ප්‍රවනතාවය පිලිබද නියාමය' තුල පමනක් නොව ධනවාදී සමාජය තුල මිනිසා ගොදුරු වී තිබෙන මෙම පරිහානිය ද තුලය.

ඒ නිසා අපට මෙසේ ඇසිය හැක. ඒ පා පහර වැදුනේ කාටද? නාමල් තරංග රනතුංග කුඩා දරුවාට පමනද? රජයේ රෝහල් තුල ඇදවල් මදි නිසා ඇදවල් යට නිදන රෝගීන්? බෙහෙත් නැති නිසා පුද්ගලික ආයතන වලට ගොස් අතේ තිබෙන තුට්ටුව ඒ සදහා වියදම් කරන රෝගීන්? ඒ වියදම පියවා ගැනීම සදහා තමන්ගේ ජීවිතයේ ඉතිරි වී තිබෙන විවේකයත් කැප කරමින් වැඩ කරන්නට සිදුවී ඇති මිනිසුන්? බරපතල සැත්කම් වලට මුදල් සොයනු වස් බස් වල නැග සිගා කන මිනිසුන්? මේ සියල්ලෝ සමාජ අසමානතාවය නමැති පා ප්‍රහාරයේ ගොදුරු නොවේද? සුඛෝපභෝගී රෝහල් වල ආචාරශීලී සැලකිල්ලක් ලැබීමට තරම් වාසනාව නැති සමාජයේ බහුතරයට අමුතුවෙන් තවත් පා පහරවල් වැදිය යුතුද? සමාජ ක්‍රමය විසින් එල්ල කරන මේ පා පහරවල් ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ කවුද? සෞඛ්‍ය යනු සමාජ අයිතියක් ලෙස නොව වෙලද භාන්ඩයක් ලෙස සැලකෙන සමාජයක මෙබදු පා පහරවල් වැලැක්වීමේ හැකියාවක් තිබේද?





49 comments:

  1. කැම්පස් දරුවගේ ප්‍රශ්ණයටත් වඩා ඉහලින් දරුවට ගහපු කේස් එකට අපූරූ විග්‍රහයක් මා මිත්‍ර රාමචන්ද්‍ර විස්න් ඉදිරිපත් කර ඇත. ඔබ කියනා මෙන් රජයේ රෝහල් වල සියළුම රෝගීන්ට මේ ආකාරයෙන් සලකන්නේ නැත. දෙවිවරුන් බඳු වෛද්‍යවරුන්ද ඔනෑ තරම් සිටි. මා සිතනා අන්දමට ඔතනදි බලපාන්නේ රාමා සඳහන් කරන්නාවූ පන්ති බේදයමයි. පහල පන්තියෙන් පැමිණ වෛද්‍ය වෘතිකයකයකු වන මෙවන් කාළකන්නීන් තම වෛරය පිරිමසාගන්නේද තමාගේ පන්තියෙනමය. හොඳම උදාහරණයන් නම් අධ්‍යාපන ඇමතිවරුන් දෙදෙනාමය. උන් කොතරම් මුදල් හදල් හම්බ කර ගත්තද ඉහල සමාජයට කිට්ටූ කිරීමටවත් නොහැක. ඉන්ගිරිසිය චතුර ලෙස හැසිරිය නොහැක. උන්ට ඉහල පන්තියෙන් පලි ගැනීමටද නොහැක. උන් කරන්නේ තමා ආ මුල්ම පන්තියට එලවා එලවා පහරදීමයි. පොලීසියේද, හමුදාවේද. ආන්ඩුවේ ආයතන තුලද, සෑම තැනමද සිඳුවන්නේ මෙයයි. මේ දොස්තරයා. පහළ පන්තියක එකකු බව මට 100% විශ්වාසය. ඉතින් රාමා ප්‍රශ්ණය තිබෙන්නේ ඔබේ පන්තියේම නේද..? එයට ධනවාදය පලිද.. සමාජවාදයේදී මේ වෙනුවෙන් තිබෙනා විකල්පය කුමක්ද. දෙන බෙහෙත බීපීය, නැතිනම් මැරිය පමණි. කණකර හෝ විකුණා පෞද්ගලික රෝහලකින් මේ ක්‍රමය යටතේ බෙහෙතක් හේතක් ගැනීමට හැක. ඇපලෝ රෝහලටම යා යුතු නැත. දැන් සෑම ටවුමකම කුඩා රෝහලක් ඇත. එසේත් නොමැති නම් පෞද්ගලික වෛද්‍ය සේවය ඇත. රුපියල් 300 කින් පමණ බෙහෙත් ටිකක් මිළදී ගැනීමට හැක. හැදෑවට ගල් බෝතලයක් ගන්න 1000 වියම් කරනා එකාට. එදා නොබී සිට දරුවාට බෙහෙත් ටිකක් මිළදී ගත හැක. මෙය ක්‍රමයේ වැරද්ද නොව. ඒක පුගල කාලකනීබාවයයි. එය ධර්මය කොට එයින් යැපෙන්නට දත් කෑම ඊටත් එහා පාපයකි. කාලකන්නින් මෙන් නොමිලේ යැපීම. එසේ නොමැති නම් යැපීම් මානසිකත්වයෙන් හා සහනාධාර මානසිකත්වයෙන් මිනිසුන් මුදවා ගත යුතුය. එසේ නොමැතිව ඇති හැකි මිනිහාත් ආන්ඩුවේ බෙහෙත් පෝලිමට එකතු කරණා ක්‍රමයක් මේ රට තුල නම් කිසිදා ගොඩ නැගිය නොහැක. මේ ඩොකා වෛද්‍ය සංගමය නිසා බේරෙනවා ඇත. මගේ දරුවකුට කලේ නම්, අම්බානක කෑවද, උගේ කන පලා මිස මා නම් රෝහලෙන් පිටවන්නේ නැත. මගේ විප්ලවය නම් එයයි.

    රාමාට හැර, ඇනෝ පොන්නයන්ට මාතලන් පිළිතුරු දෙන්නේ නැත. ඒ නිසා මගේ කොමෙන්ටුවේ නිල මැස්සන්ට වැසුවාට මට කරන්නට දෙයක් නැත. නිල මැස්සන් එලවීම. රාමාගේ කාර්යයකි. මන්ද නිල මැස්සන් කරනුයේ සමාජවාදය තවත් ගඳ ගැස්සිම පමණි.

    ReplyDelete
    Replies
    1. රාමා කරනවානම් කල යුත්තේ මෙවැනි මෝඩ කොමෙන්ට් පල නොකර සිටීමයි. ඩාස් කැපිටාල් කියවා තිබෙනවා කියා කියන මේ පුද්ගලයාගේ මෙවැනි මෝඩ කොමෙන්ට් පලකිරීමෙන් අපට සිතාගැනීමට පුලුවන් වන්නේ මෙවැනි පල් මෝඩයන් සිටින රටක් මෙම තත්වයෙන් වත් තිබීම ගැන අපට සතුටු විය හැකි බවයි. මොහු සලකන්නේ මෝඩකම ආභරනයක් හැටියටයි. නැතිනම් ලජ්ජාවක් නැතිව මෙවැනි ගොන් කොමෙන්ට් පල කරන්නේ කෙසේද.මෙම කොමෙන්ට් එක වැරදි බව වාක්යයක් වාක්යයක් පාසා පෙන්විය හැක.නමුත් වැඩක් නැත.මේ මෝඩයා ඒවා පිලිගන්නේ නැත.

      Delete
    2. මාතලන් ගේ කමෙන්ටුවේ මුල් කොටස කියවූ විට රාමචන්ද්‍ර ඔබ මෙන්ඩිස් ගැන ලියූ තුච්ඡ ලිපිය සිහිවිය!

      Delete
    3. එකායි.... ඒ කියන්නේ කතා නෙමෙයි.. එක නිල මැස්සයි..

      Delete
    4. තෑන්ක්ස් කකා ඒ ළිපිය මතක් කලාට. කෙනෙකුට ලියන්න පුළුවන් තුඡ්ච පහත්ම පහත් ළිපියක් ඒක. ඉහළ පන්තියේ එකෙක් කවදාවත් ලියන්නේ නෑ ඒ වගේ දෙයක්. මාලිංගගේ වච්නයක් මිස් උනාම බස් එකේ යන අනුන්ගේ සිගරට් එක අරක්කු ටික බොන ජඩ මාද්දිය වේදියොයි. ෆේස් බුක් එකේ බඩුවක් හොයන මෙළෝ දෙයක් බැරි මරි මෝඩ කොල්ලොයි ඌව මරාගෙන කන්නේ ලසිතයා උන්ගෙම පන්තියේ එකෙක් නිසා. මහේල කැන්සර් හොස්පිටල් එකෙන් ලක්ෂ කෝටී ගනන් ගහන ඒවා උන්ට පේන්නේ නෑ. ටීම් එකේ ජහග්‍රහණය බුක්ති විඳීමත් හෙලා දකින් ගොබ්බ වම්මු ඉන්න රටක් මේක. මෙයාලට ඕන විප්ලව කරන්න නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහළ නංවන්න නෙමෙයි. තියෙන එකත් හිඟන්නා කරන්න.

      Delete
    5. ඉහල පන්තිය කියන්නේ මොකක්ද මාතලන්.උසස් පෙල පන්තියද?දැන් පන්තිය නෙමේ වසර කියලා නේද කියන්නේ.

      Delete
    6. මේ මාතලන් මෝඩයා හිතාගෙන ඉන්නේ මෙහෙමයි.සල්ලි තියෙනවානම් ඉහල පන්තිය.සල්ලි නැතිනම් පහල පන්තිය.අම්මපාමුන් වගේ එවුන් දේශපාලනේ කතාකරන රටකනේ අපි ඉන්නේ

      Delete
    7. තුනා.......යි...
      නිළමැස්සෝ තුන් දෙනායි...

      Delete
    8. ඇයි කලින් කිව්වේ ලේ මාපිලෝ කියලා නේද?එක පාරටම සතා වෙනස් වුනේ මොකද? දිගට දිගට සතුන්ගේ නම් කියන අයට සතුන්ගේ ගතිගුන පිහිටනවලු.බොරුනම් අර උදිත කියන ඇමරිකානු මනෝචිකිත්සකයාගෙන් අහල බලන්න.

      Delete
    9. ඒ පාර සතෙක් නැද්ද.

      Delete
    10. @ කකා........
      අජන්ත මෙන්ඩිස් සම්බන්ධ ලිපිය ඔතරම් තුච්ඡ වන්නේ මන්දැයි නොතේරේ. මට නම් එය රාමා ලියූ හොඳ ලිපියක්

      Delete
    11. /* මෙය ක්‍රමයේ වැරද්ද නොව. ඒක පුගල කාලකනීබාවයයි.*/

      හරි මේක /*ඒක පුගල කාලකනීබාවයයි*/ නම්, ඒ කාලකන්නි කමට හේතුව මොකක් කියලද ඔබතුමා කියන්නෙ?
      ඒ වගේම දැන් ඔය කියන එක එක පංති වල වෙනස්කම් ඇතවුනේ මොකක් හින්දද?
      කරුමෙද? ලබා උපන් හැටිද?

      /*රුපියල් 300 කින් පමණ බෙහෙත් ටිකක් මිළදී ගැනීමට හැක. හැදෑවට ගල් බෝතලයක් ගන්න 1000 වියම් කරනා එකාට.*/

      හැන්දෑවට ගල් බෝතලයක් ගන්න 100ක් තියා අදවසකට 500ක් වත් උපයන්නෙ නැති පවුල් කීයක් ලංකාවේ ඉන්නව ඇතිද කියන එක ගැන හැඟීමක් ඔයාට තියෙනවද?

      /*මේ දොස්තරයා. පහළ පන්තියක එකකු බව මට 100% විශ්වාසය. ඉතින් රාමා ප්‍රශ්ණය තිබෙන්නේ ඔබේ පන්තියේම නේද..?*/

      එක් එක් සමාජ පංතිවල ඊට අදාල සංස්කෘතිමය ලක්ෂණ, ආකල්පමය වෙනස් කම් තියෙනවා. නමුත් ඒ අනුව ඒ ඒ සමාජ පංතිවල ජීවත් වෙන මිනිසුන් ගැන ඒ පංතියෙ උන් මෙහෙමයි, අර පංතියෙ උන් එහෙමයි වගේ සරල සාමාන්‍යකරණයන්ට එලඹෙන්න බැහැ.

      සරලව දැන් ඔබතුමා ඔය කියන කුමන සමාජ පංතියට අයත් කෙනෙක්ද?

      සමාජවාදය ගැන ඔබතුමාගේ තියෙන ඇලජික් එක නිසා රාමාගෙ සම්පූර්ණ ලිපිය තුල තියෙන තර්කය වටහාගන්න නොහැකි වීම ගැන කණගාටුයි.

      Delete
  2. රාමාගෙ මේ පෝස්ට් නිකම් ටෙනිසන් කුරේගෙ විහිළු වගේ ඒ වෙලාවට හිනාවෙලා අමතක කරන්න හොඳයි. දැන් රාමාට අනුව 1977ට පෙර මාර සෞඛ්‍ය සේවයක් තිබී ඇති අතර ඒකට කෙළවෙලා තියෙන්නේ නව ලිබරල් වාදයක් හින්දාය. 1977ට පෙර සෞඛ‍ය සේවය තිබුණේ කොතැනද කියා මොහු අන්දෝ සංසාරයක් නොදනියි. මළ පැණනු දොස්තරයෙක් ළමයයකුට පා පහර දීමටත් වරද නව ලිබරල් වාදයයි. රාමාගේ අම්මා ඒ කාලයේ මාසෙකට සැරයක් ඔසප් වීමටත් වරද නව ලිබරල් වාදයය සිතමි. රාමාටත් නව ලිබරල් වාදය වීරවංශට අන්තර් ජාතික කුමන්තණ වගේය. පඩයක් ගියත් වරද නව ලිබරල් වාදයේය.

    ReplyDelete
    Replies
    1. පට්ටයි මචෝ... මට බයයි මේක රාමා කපයිද කියලා...

      Delete
    2. හලෝ 'අන්දෝ සංසාරේ',
      ඔයා වරද්දන්නෙ නැතුව මේ බ්ලොග් එක කියවන එකනම් හොදයි. හැබැයි ඔයගේ කොමෙන්ට් නිසා ඔයාගෙයි ඔයාගේ පන්තියේ අනිත් අයගෙයි කුණුවෙලා ඕජස් ගලන මොළ ගෙඩි වල අජුව එළිවෙන එක තමයි අවුල.

      මාතලන් පට්ටයි කියන්න ඇත්තේ මේ කෑල්ලට වෙන්න ඇති.
      'රාමාගේ අම්මා ඒ කාලයේ මාසෙකට සැරයක් ඔසප් වීමටත් ...............'

      අනේ බන් මාතලන් .....!!!!!

      Delete
    3. //දැන් රාමාට අනුව 1977ට පෙර මාර සෞඛ්‍ය සේවයක් තිබී ඇති අතර ඒකට කෙළවෙලා තියෙන්නේ නව ලිබරල් වාදයක් හින්දාය. 1977ට පෙර සෞඛ‍ය සේවය තිබුණේ කොතැනද කියා මොහු අන්දෝ සංසාරයක් නොදනියි. //

      77 ට පෙර මාර සෞඛ්‍ය සේවයක් තිබුනා කියා මා කොහේවත් කියා තිබේද? තිබේ නම් පෙන්වා දෙනු යෙහෙකි.

      //මළ පැණනු දොස්තරයෙක් ළමයයකුට පා පහර දීමටත් වරද නව ලිබරල් වාදයයි. //

      ඔබ ලිපිය කියවා නැත. ලිපියේ කථා කරන්නේ හුදෙක් 'මල පැනපු දොස්තර කෙනෙක්' ගැන නෙමේ. ලිපිය කියවා ප්‍රතිචාර දක්වන්නේ නම් එය අගය කරමි.

      Delete
    4. අනේ ගොන් රාමෝ, උඹ උඹ ලියන දේවත් නොදන්න ගොන් රජෙක්. උඹ ඉස්සර වෙලා ලිපිය කියවලා හිටපන්. ලිපියේ මාතෘකාවේ හා පළවැනි ඡේදයේ ඇත්තේ මළ පැනපු දොස්තර කෙනෙක් ගැන නෙවෙයිද හරකෝ?

      Delete
    5. @AnonymousApril 14, 2014 at 3:33 AM
      ඔයා අර පයින් ගහපු දොස්තරද ?

      Delete
    6. ඔබ ලිපිය කියවා නැත. ලිපියේ කථා කරන්නේ හුදෙක් 'මල පැනපු දොස්තර කෙනෙක්' ගැන නෙමේ. ලිපිය කියවා ප්‍රතිචාර දක්වන්නේ නම් එය අගය කරමි.

      //හුදෙක් 'මල පැනපු දොස්තර කෙනෙක්' // සිංහල තේරෙනවා අඩුයි නේ, අපහු කියවන්න. එත් තේරුනේ නැත්නම් නැවත නැවතත් කියවන්න.

      Delete
  3. //රාමාට හැර, ඇනෝ පොන්නයන්ට මාතලන් පිළිතුරු දෙන්නේ නැත//

    //එකායි.... ඒ කියන්නේ කතා නෙමෙයි.. එක නිල මැස්සයි//

    //එකායි.... ඒ කියන්නේ කතා නෙමෙයි.. එක නිල මැස්සයි//

    //පට්ටයි මචෝ... මට බයයි මේක රාමා කපයිද කියලා//

    අයියෝ මාතලන් .........................!!!!!!!!!!!

    ReplyDelete
  4. බොහෝ වාමාංශිකයන්ට වගේම මේ බ්ලොග් ලියන්නාටද තියෙන්නෙ හීනමානය/ඉරිසියාව පිළිබඳ ගැටළුවක්. සමස්ත වාමාංශික ව්‍යාපාරයම අවසානයේ ඔය වචන දෙකට ඌණනය කළ හැකියි.

    දොස්තර කෙනෙකුට මළ පැනලා ළමයකුට ගැහුවොත් මේ අයට ඒක ධනවාදය විසින් පීඩිත පන්තියට පහර දීමක්. සූරා කෑමක්. රටේ නැති වචන කියයි. හැබැයි අදාළ සිද්ධියට ඇත්ත හේතුව ඒ අවස්ථාවේ ඒ දොස්තර සිටි මානසික තත්ත්වය විය හැකියි. කවුද දන්නේ ඒ මනුස්සයා උදේ භාර්යාව සමඟ අවුලක් ඇති කර ගෙන ආවාද කියලා. මොකද ඉස්කෝලෙ යන කාලෙ අපටත් හිටියා ඔය වගේ සර් කෙනෙක්. සමහර දවස් වල උදේ පාන්දර ළමයකුට දෙන්නකුට ගහනවා. අනෙක් දවස්වල හැසිරීම සාමාන්‍යයි. අපි කිව්වෙම උදේ ගෙදර ගෑනි එක්ක වලි දාගෙන එනවා කියලා. මොකද ඒකට දේශපාලන අර්ථකථන දෙන්න කවුරුත් නොහිටි නිසා.

    දැන් මේකෙ අනෙක් පැත්ත බලන්න. ළමයින්ට අමානුෂිකව පහර දෙන්නෙ දොස්තරලා විතරද? ගොවියො කම්කරුවො ළමයින්ට අමානුෂිකව පහර දෙන්නෙ නැද්ද? තමන්ගෙම දරුවො ලිංගික අපහරණයට ලක් කරන්නෙ නැද්ද? හැබැයි මේ අය ඒවා කිසිවකට දේශපාලන අර්ථ කථන දෙන්නෙ යන්නෙ නැහැ. මොකද මොවුන්ට අනුව ගොවියන්, කම්කරුවන්, සරසවි ශිෂ්‍යයින් වගේ අය අතින් දේශපාලන වැරදි වෙන්න බැහැ. ඔවුන් කවුරුත් සූරා කන්නෙ නැහැ. සූරා කන්නෙ දොස්තරලා විතරයි. ඒ නිසා මේ සිද්ධියම මේ විදිහටම ගොවියකු කම්කරුවකු අතින් උණා නම් ඒක පුද්ගලික දෙයක් කියලා මේ අයමයි කියන්නෙ.

    අර උදිත කියනවා වගේ මුන්ට තියෙන්නේ එක නමයි: මෝඩ වම්මු.

    ReplyDelete
    Replies
    1. උදිත යනු කවුද? නිකම් එහෙන් මෙහෙන් අහුලාගත් වචන කියාදමන විහිලු සපයෙන්නෙක් පමනි.ඔහු කිසිදු දෙයක් ගැන හදාරා නැති බව වැඩි වෙහෙසක් නැතිවම පෙන්විය හැකිය.ඔහු මාක්ස් විසින් ලියා ඇති කිසිදු පොතක් ලැකාන්ගේ පමනක් නොව බොහිම් බවාක්ගේ පොතක් වත් කියවානැත.ඔහු කියන ගොන් කතා උඩ දමන ඔබට දෙවියන්ගේ පිහිටයි.

      Delete
    2. ඕටිසම් සනීපකරන්න පුලුවන් කියලාලිපි ලියපු මිනිහනේ.මිනිහා ලියන බොරු කියවන්නේ බලාගෙන

      Delete
    3. මෝඩ වම්මුනේ. හඳ පෙන්නන කොට ඇඟිල්ල දිහා බලන්න එපා.

      Delete
    4. //හැබැයි අදාළ සිද්ධියට ඇත්ත හේතුව ඒ අවස්ථාවේ ඒ දොස්තර සිටි මානසික තත්ත්වය විය හැකියි. කවුද දන්නේ ඒ මනුස්සයා උදේ භාර්යාව සමඟ අවුලක් ඇති කර ගෙන ආවාද කියලා. //
      //බොහෝ වාමාංශිකයන්ට වගේම මේ බ්ලොග් ලියන්නාටද තියෙන්නෙ හීනමානය/ඉරිසියාව පිළිබඳ ගැටළුවක්. සමස්ත වාමාංශික ව්යායපාරයම අවසානයේ ඔය වචන දෙකට ඌණනය කළ හැකියි.//
      //දැන් මේකෙ අනෙක් පැත්ත බලන්න. ළමයින්ට අමානුෂිකව පහර දෙන්නෙ දොස්තරලා විතරද? ගොවියො කම්කරුවො ළමයින්ට අමානුෂිකව පහර දෙන්නෙ නැද්ද?//
      මෙවැනි ගොන් කතා කියන්නේ කොහොමද?ඔබ අඩු ගනනේ උසස් පෙලටවත් ගිනින් නැද්ද.

      Delete
    5. හද පෙන්නන ඇගිල්ලට හන්දි අමාරුව කියලායි කිව්වේ එතකොට ඇගිල්ල දික් වෙන්නේ හරි දේට නොවෙයි වැරදිපැත්තට

      Delete
    6. තර්කයක් ඉදිරිපත් කල විට ඊට තර්කයකින් උත්තර දෙන්න තරම් වත් බුද්ධියක් නැති මෝඩ වම්මු. තොපිට ඉතින් ජනරළම හොඳයි. අරගෙන කියෝපියව්. මෝඩ හැත්ත.

      Delete
    7. මොකද්ද සුදා ඔයාගේ ඔච්චර වටින තර්කෙ ??

      Delete
    8. ඔයා කියවන පත්තරය මොකක්ද කියන්නකො.නිකමට අරගෙන බලන්න.නුවනක්කාරයෝ කියවන පත්තරේ නමවත් අපි දන්නේ නැහැනේ.අර උදිත කියවන පත්තරේ නමත් අහල කියන්නකෝ පුලුවන්නම්

      Delete
    9. //ඔවුන් කවුරුත් සූරා කන්නෙ නැහැ. සූරා කන්නෙ දොස්තරලා විතරයි. ඒ නිසා මේ සිද්ධියම මේ විදිහටම ගොවියකු කම්කරුවකු අතින් උණා නම් ඒක පුද්ගලික දෙයක් කියලා මේ අයමයි කියන්නෙ.
      //

      දොස්තර විසින් කරන 'සූරාකෑමක්' ගැන මා කථා කරලාම නැත! කමෙන්ට්කරුවෝ තමාගේ හිතේ මා කියනවා කියා මවාගෙන ඉන්න දේවල් වලට උත්තර ලිවීම ගැන මට ගැටලුවක් නැත. එ් ඔවුන්ගේ නිදහසයි. ඒත් ඒවාට ප්‍රති පිලිතුරු දීමේ හැකියාවක් මට නැත.

      Delete
    10. මේ බ්ලොග් එක "ගොන් රාමාගේ ගොන් කතා" කියලා නම් කළොත් නරකද?

      Delete
    11. @@AnonymousApril 14, 2014 at 3:37 AM
      ඔයා අර පයින් ගහපු දොස්තරද ?

      Delete
  5. පල වී තිබෙන විවේචනාත්මක කමෙන්ටු වලට පැහැදිලි කිරීමක් ලෙස මෙය ලියමි. මෙම ලිපියේ දී ම විසින් මතු කරන්නට අදහස් කලේ ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය තුල ගොඩ නැගී තිබෙන අසමානතාවය ගැන ප්‍රශ්නයයි. ප්‍රතිචාර දක්වන විවේචකයින් ඒ ගැන කථා නොකර වෙනත් බොහෝ දේවල් ගැන කථා කර ඇත. වාමාංශිකයන් ගැන හෝ සමාජවාදීන් ගැන තමන්ගේ හිස් වල මවාගත් පූර්ව නිගමන විවිධ අයට තිබේ. ලිපියට දක්වා ඇති ප්‍රතිචාර බොහොමයක තිබෙන්නේ එබදු පූර්ව නිගමනයන්ය. මෙවැනි පූර්ව නිගමන වලින් තොරව මතු කරන කරුනු ගැන කථා කරනවා නම් ඵලදායී සංවාදයක් ගොඩනගා ගත හැකි වනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ එසේනම් ඔබේ විකල්පය ඉදිරිපත් කළ යුතුය. අද කිසිම තැන ක ඇත්තේ හෙලා දැකීම හා විවේචන මිස. විකල්පයන් නොවේ. මේ සියල්ලටම හේතුව ආන්ඩුවේ අකාර්යක්ශම පරිපාළණය නොහොත් මැනේජ්මන්ට් එකයි. රාමාම සඳහන් කරන පරිදි පෞදගලික අංශයේ ඉතා කාර්යක්ශම ඉහල සේවයක් පැවතීමටත්, රජ්‍ය අංශයේ දුර්වල හා අවිනීත සේවයක් පැවතීමටත් ප්‍රධානම හේතුව පරිපාලනයේ ඇති දුර්වල කමයි. වෙන කිසිවක් නොවේ.

      Delete
    2. අපහු පාරක් පොස්ට් එක කියවන්නන බබා.

      Delete
    3. අම්මපා මේ මාතලන් නම් උපන් ගෙයි මෝඩයෙක්.කියවන එකවත් තේරිම් ගන්න බැරි එකෙක්

      Delete
    4. අනේ පලයං බං යන්න උඹ දන්න රෙද්දෙ අසමානතාව!

      Delete
    5. මේ බ්ලොග් එක "ගොන් රාමාගේ ගොන් කතා" කියලා නම් කළොත් නරකද?

      Delete
    6. @AnonymousApril 14, 2014 at 3:37 AM
      ඔයා අර පයින් ගහපු දොස්තරද ?

      Delete
  6. රාමාට ගෙදර වැඩ
    1.මාතොට සගරාව 1999 සැප්තැම්බර් කලාපය
    2. මෙඩිකල් ප්‍රොෆෙශන් ඔෆ් ශ්‍රී ලන්කා කාමලිකාගේ පොත

    ReplyDelete
  7. මේ ලිපිය සමඟ බොහෝ දුරට එකඟයි. සමහර පාඨකයින් නිවැරදිව මෙය තේරුම් ගෙන නැති වීම ගැන කණගාටුයි. වෛද්‍යවරයා විසින් ළමයාට පහරදීම හුවා දක්වමින් රාමා කතාකරන්නේ සමස්ථ සමාජය තුලම සිදුවන මේ ආකාරයේ පහරදීම් ගැනය(භෞත්ක පහරදීම් නොවේ). මම ද දිනපාතා මේ ආකාර පහරදීම් දකිමි. මම පුද්ගලිකව ම ද මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තෙමි. (මට කිසිවෙකු පයින් ගැහුවා කියලා නෙවෙයි මේ කියන්නේ).
    මේ පා පහර (මේ සමාජ ක්‍රමය) වෙනස් කළ යුතු බවට විවාදයක් නැත. නමුත් ප්‍රශ්නය විකල්පය කුමක් ද? යන්නයි. රාමා අයත් වන දේශපාලන පිල අනුව විකල්පය “ සමාජවාදය“ යැයි කියනු ඇත. එය එසේ ම වේද? පූර්ණ සමාජවාදී රාජ්‍යයන් තුල මේ සමාජ අසාධාරණය නැද්ද?
    ධනවාදයෙහි උච්ච සියලුම රටවල් තුල මේ අසාධාරණය තිබේද?

    ReplyDelete
    Replies
    1. විකල්පය හැකි තරම් සමානාත්මතාවාදී සමාජයක් ගොඩනැගීමට උත්සාහ කිරීමය. දියුනු ධනවාදී රටවලත් සමාජ අසමානතාවය දරුනු විදිහට තිබේ. 'සමාජවාදී රාජ්‍යයන්' කියා ඔබ අදහස් කරන්නේ 20 වැනි සියවසේ පැවැති සෝවියට් ආකෘතියේ රාජ්‍ය පද්ධතිය නම් මගේ අදහස වන්නේත් එය සාර්ථක මොඩලයක් නොවන බවයි. එහි අඩුපාඩු දුර්වලතා එමට විය. අප මේ ජීවත් වන්නේ සමානාත්මතාවාදී දේශපාලනය අලුතින් නිර්මානය කල යුතු අවධියක. නැතිනම් මේ සමාජ විෂමතාවය පුපුරා යන්නේ ( අපරාධ, අපචාර, ජාතිවාදී කැරලි වැනි ) ඉතාම නරක ආකාර වලින්ය.

      Delete
  8. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රෝගීන්පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රෝගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්‍යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත​. දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත​. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ තවමත් පවතින්නේ ඉතාම නොදියුණ මට්ටමකය​. මේ පීඨ වල පුද්ගල ගරුත්වයක් නොමැත.ශ්රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්යවරයෙකු අප සමග පැවසිය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්යවරයා පවසයි.

    ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී. කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය​. වරක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලයේ නිලධාරිනියක් "ඩර්ඩන්ස්" රෝහල වෙත ගොස් තිබේ. ඒ අතක ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහාය. එහිදී එම රෝහලේ වෛද්‍යවරයා විසින් ඇය පරීක්‍ෂා කරන අතරවාරයේදී ඇයට ලිංගික අතවරයක් සිදුකර තිබේ. පසුව එම නිලධාරිනිය ඒ බව කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙන අතර කොල්ලූපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත. එලෙස අමෙරිකානු තානාපති කාර්‍යාලයේ නිලධාරිනියට ලිංගික අතවරයක් කර තිබෙන්නේ "ඩර්ඩන්ස්" රෝහලේ වෛද්‍යවරයෙකු වන නුගේගොඩ ගංගොඩවිල පදිංචි මහේඳ්‍ර අබේසිංහ විජයවර්ධන නමැත්තාය. මොහු කොලඹ වෛද්‍ය පීඨයේ නිශ්පාදනයකි. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ.

    ReplyDelete
    Replies
    1. මෙතනත් රීල තියෙන්නේ

      Delete
    2. ග්ලාස්ගෝ විශ්ව විද්යාලයේ කිසිදිනෙක මෙවැනි පර්යේශනයක් කර නැත .මෙය පට්ට පල් බොරුවකි

      Delete