Wednesday, April 9, 2014

සමන්මලී සකලසූරිය (ලා) සහ ශ්‍යාමලී ලියනාරච්චි (ලා)

සමන්මලී සකලසූරිය මන්ත්‍රීවරිය
ස්නාහිර පලාත් සභාවට පසුගිය මැතිවරනයෙන් තේරී පත්වූ සමන්මලී සකලසූරිය නවක මන්ත්‍රීවරිය පසුගිය බදාදා දින ( අප්‍රේල් 02) දෙරන රූපවාහිනියේ විකාශය වූ No Politics නමැති වැඩසටහනට සහභාගී වූවාය. දේශපාලකයින් සහභාගී වන මේ වැඩසටහන තුල දේශපාලනය කථා නොකෙරේ. දේශපාලකයින්ගේ පෞද්ගලික වත ගොත, දෛනික ඕපාදූප වෙනුවෙන් වැඩසටහන වෙන්වී ඇත. මේ වැඩසටහනේදී සමන්මලී මන්ත්‍රීවරිය තම නිර්මානාත්මක ලේඛනය වැඩි දියුනු කරගැනීම සදහා තමා පාසල් කාලයේ සමීප මිතුරියන්ට මල් මල් ස්ටිකර් අලවා ලස්සන ලියුම් ලියූ හැටි ආදී සුරතල් ඕපාදූප පිලිබද දොඩමලු වූ අතර වැඩසටහන් නිවේදිකාව ඒ අත්දැකීම් විනෝදාත්මක විලාශයෙන් බෙදා හදා ගත්තාය. මෙවර මැතිවරනයෙන් බොහෝ තරුන තරුනියන් පලාත් සභාවට තේරී ඇති නිසා "අලුත් වැඩක් " කිරීමේ හැකියාව තිබෙන බව සමන්මලී මන්ත්‍රීවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍යාමලී ලියනාරච්චි
කැලනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගත් සමන්මලී තරුන මන්ත්‍රීවරිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහලින්ම මනාප ලබා ගත් අතර ඇය දේශපාලන පවුලකින් පැවත එන්නීය. සමන්මලී සකලසූරිය මෙලෙස ඡන්දය දිනා රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වන විට ශ්‍යාමලී ලියනාරච්චි පසුගිය මාර්තු 26 වන දා මහර මහේස්ත්‍රාත් අධිකරනයේ නියෝග මත බන්ධනාගාරගත කරනු ලැබුවාය. ඒ කැලනිය විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියන් පිරිසක් සමගය. වැලිකඩ බන්ධනාගාරයේ එක්ස් වාට්ටුවේ අපරාධ සැකකාරියන් සමූහයක් මැද ශ්‍යාමලීව රදවන ලදී. කැලනිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් පිලිබද අර්බුදයක් මත පැවැත්වූ විරෝධතා පාගමනක් හේතුවෙන් 'මහජන පීඩාවක්" සිදුවූ බවට මහර පොලිසිය නඩු පවරා ඇති අතර ශ්‍යාමලී යනු එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරියයි. ඇය බන්ධනාගාරගත කරන ලද්දේ එම නඩුව අතරවාරයේය. ඇප ලබාදීම සදහා නඩුව නැවත කැදවු අවස්ථාවේ ශිෂ්‍ය දේශපාලන කටයුතු වලට නායකත්වය දිම ගැන මහර උසාවියේ මහේස්ත්‍රාත්වරිය ශ්‍යාමලීට දැඩි ලෙස දොස් පැවරුවාය.

පලාත් සභාවට තේරී පත්වූ සමන්මලී සහ පාගමනක නායකත්වය දීම නිසා සිරගත වූ ශ්‍යාමලී අතර තිබෙන සමානකම කුමක්ද? මේ දෙදෙනා එකම සරසවියේ එකම පීඨයේ එකම වසරක ඉගෙන ගත් අය වෙති. ශ්‍යාමලී සරසවිය තුල සමන්මලීගේ වසරේ සමකාලීන සිසුවියකි. දෙදෙනාම දේශපාලනය කරති. සමන්මලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරන අතර ශ්‍යාමලී අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ ක්‍රියාකාරිනියකි. දෙදෙනාම ස්ත්‍රීන්ය. තරුනියන්ය.

 මේ දෙදෙනාගේ වෙනස කුමක්ද? වෙනස්කම් බොහෝය. සමන්මලීට තිබෙන ජනප්‍රිය ප්‍රභූ ප්‍රතිරූපය ශ්‍යාමලීට නැත. ඇය බන්ධනාගාරගත වීම ජනමාධ්‍ය වලට තවත් එක් සිදුවීමක් පමනි. දේශපාලනය කිරීම නිසා සමන්මලීට ලැබෙන්නේ සාදර පිලිගැනීමකි. දේශපාලනය කරන නිසා ඇයට ධනේශ්වර මාධ්‍ය වල රූපවාහිනී වැඩසටහන් වලට ආරාධනා ලැබේ. ඒ වෙනුවට ශ්‍යාමලීට ලැබෙන්නේ මොනවාද? අධිකරන නියෝගය. වරෙන්තුය. සිතාසිය. කදුලු ගෑස්ය. මහේස්ත්‍රාත්වරුන්ගේ ඇනුම් බැනුම්ය. වරෙන්තු කොල රැගෙන පොලිසිය ඇගේ නිවෙසට යයි. ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට කැලෑ පත්තර ඇගේ ගම්මානයේ ඇල වේ. ඇගේ දේශපාලන ක්‍රියාකාරීත්වය නතර කිරීමට, ඇය පසුබැස්වීමට රාජ්‍යය සහ රාජ්‍යයේ මර්ධන උපකරන මුලු වැර යොදා ක්‍රියා කරමින් සිටී.
අත්අඩංගුවට පත් විශ්ව විද්‍යාල සිසුවියෝ පිරිසක්

මේ වෙනස කුමක් නිසාද? මේ වූ කලී ප්‍රභූ දේශපාලනය සහ නිර්ප්‍රභූ දේශපාලනය අතර තිබෙන වෙනසයි. සමන්මලී නියැලෙන්නේ ප්‍රභූ දේශපාලනයකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යනු අධිපති ධනේශ්වර සමාජ රටාව ආරක්ෂා කරගැනීමට පිහිටුවන ලද ආයතන දෙකකි. මේ ප්‍රභූ පක්ෂ වල දේශපාලනය කිරීමට ඔබට සම්පූර්න නිදහස ඇත. එම ප්‍රභූ දේශපාලනයට තරුන තරුනියන් සම්බන්ධ වීම 'හොද දෙයකි'. එලෙස සම්බන්ධ වන තරුනයින්ට No Politics වැනි වැඩසටහන් වල සුන්දර ඕපාදූප බිනීමටත් සුරතල් ගීත ගායනා කිරීමටත් අවස්ථාව සපයනු ලැබේ.

ඔබ තෝරා ගන්නේ නිර්ප්‍රභූ දේශපාලනය නම්? එසේ නම් "තරුනයන්ට දේශපාලනය තුල ඉඩ දීම","දේශපාලනය තුල කාන්තා දායකත්වය වැඩි කිරීම" වැනි සුරංගනා කථා කිසිවක් අදාල නැත. අධිපති ධනේශ්වර දේශපාලනය වෙනුවට පීඩිත පංතියේ දේශපාලනය, නිර්ප්‍රභූ රැඩිකල් දේශපාලනය තෝරාගන්නා පලමු මොහොතේ සිට ඔබට මුන ගැසෙන්නේ මර්ධනයයි. එබදු දේශපාලනයක් තෝරා ගන්නා තරුනයන් හෝ වේවා ස්ත්‍රීන් හෝ වේවා - කිසිදු වෙනසකින් තොරව දුර්මුඛ කිරීමට හා පසුබැස්වීමට කටයුතු යොදනු ලැබේ. ශ්‍යාමලී ලියනාරච්චි උසාවියට ඉදිරිපත් කෙරෙන එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරිය ඇයට බැන වදින්නේ ''ගැහැනු ලමයෙක් වෙලා ඔය විදිහට වැඩ කරන්න ලැජ්ජා නැද්ද?" යනුවෙනි. කවුරුත් මේ ප්‍රශ්නය සමන්මලී සකලසූරියගෙන් අසන්නේ නැත. ශ්‍යාමලී කර තිබෙන 'ලැජ්ජා විරහිත' ක්‍රියාව කවරක්ද? අධ්‍යාපන පෞද්ගලිකකරනයට එරෙහිව සටන් කිරීමය. ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සිසුන් සංවිධානය කිරීමය. ඒ වෙනුවෙන් උද්ඝෝෂන කිරීමය. සමන්මලීගේ දේශපාලනය නම්බුකාර එකක් වී ශ්‍යාමලීගේ දේශපාලනය 'ලැජ්ජා විය යුතු දෙයක්' වන්නේ ඇයි? මේ වූ කලී සමාජයේ අධිපති ප්‍රභූ සැකැස්ම ප්‍රභූ දේශපාලනයට හා නිර්ප්‍රභූ දේශපාලනයට ප්‍රතිචාර දක්වන දෙබිඩි ආකාරයයි. මේ දෙබිඩිකම ඉදිරියේ දේශපාලනය කිරීමේ සමාන අයිතිය ගැන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා වල ලියා තිබෙන වාක්‍ය හුදු බොල් වචන කන්ඩ පමනි. මේ දෙබිඩිකම ප්‍රශ්න කිරීම යනු 'දේශපාලනය කිරීමේ සමාන නිදහස' ගැන ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික මායාව ප්‍රශ්න කිරීමය. පංති සමාජයක් තුල 'සමාන අයිතීන්' කියා දෙයක් තිබෙන්නට විදිහක් නැත.






45 comments:

  1. ponna anduwa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. අහිංසක සරසවි සිසු සිසුවියන් කාළකන්නි වමේ දේශපාළණයට බලෙන් ඇඳා ගැනීම වාමංශික පක්ෂ විසින් වහාම නවතා දැමිය යුතුය. විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණ කිරීම වැරදි නැත. එහෙත් ඒවාද කළ යුතු පිලිවෙලක් ඇත. මා මේ සිසුවිය සිර ගත කිරීම අනුමත කරන්නේ නැත. ඒ අපේ කාළකන්නි අධිකරන ක්‍රමයයි. නමුත් සිසුන් මේ සඳහා පොළඹාවාලීමද මා කිසිසේත් අනුමටහ් කරන්නේ නැත. ආදරණිය දරුවනේ. බඩට නොකා, බිම නිදාගෙන හෝ ඒ කාළය ගත කොට උගතෙක් බුද්ධිමතෙක් වන්න. ඉන් පසු ළෝකය වෙනස් කිරීමට උත්සාහ කරන්න. ලංකාවේ මෝඩ වම්මුන්ගේ උගුල් වටට අසු වන්න එපා. කැම්පස් තුල පමණක් ළොව මුළු රටේම අසාධාරණයක පවතින බව මතක තබා ගන්න. අපි එක කෙසේ හෝ ජයගමු. නමුත් ඔබේ වටිනා තරුණ ජීවීතය ඒ වෙනුවෙන් පූජා නොකරන්න. දකුණේ සහ උතුරේ කාළකන්ණීන් තෙවරක් ඔබ වන් තරුණ දූ පුතුන් ජාතියෙන් තුරන් කර හමාරය. නායකයන් අද රජ සැප විඳිති. කාළකන්ණීන් වෙනුවෙන් තම අධ්‍යාපනය කඩා කප්පල් කර නොගනු..

    ReplyDelete
    Replies
    1. මේ රටට කෙලවීමේ මූලික හේතුව රටේ බහුතරය මාතලන් වැනි කාලකන්නි නපුන්සකයන් වීමයි.අසාදාරනයට විරුද්ද වීම මොවුන්ට පෙනන්නේ මෝඩ කමක් හැටියටයි.මොන ජිල්මාට් එකක් හෝ දමා ගානක් කපාගැනීම මොවුන්ගේ මොවුන්ගේ එකම බලාපොරොත්තු වයි. ඉස්සර මෙවැනි ජඩ අදහස් හිතේ තිබුනත් මිනිසුන් ප්‍රසිද්දියේ කිව්වේ නැත .ඒ ඔවුන්ගේ හිතේ පොඩ්ඩක් හෝ ලජ්ජාවක් තිබුන නිසාවෙනි.

      Delete
    2. තොපිට අමාරුවක් තිබෙනවානම්. විප්ලවේ තොපි කරගනිව්. අහිංසක දූ දරුවන් තරුණ පරපුර ඒවාට ගා නොගෙන. දෙසරයක් ලක්ෂ ගනනක් වූ තරුණ තරුණියන්ගේ ලේ රස බලලත් තොපේ ආශාවන් සංසිදිලා නැත්තේ. තොපේ කාළකන්නි කමද. ලේ පිපාසිත කමද?

      Delete
    3. @AnonymousApril 9, 2014 at 12:28 PM
      ඔය මා තලන් කියන අඥානයා දාන්නෙ උගේ දැනුමට සාපේක්ෂ කොමෙන්ට්. එයා වටේ ඉන්න කල්ලිවාදී සිඟිති බ්ලොග්කරුවන් පිරිසක් (සිඟිති කිව්වට වමේ දේශපාලනයක් කරලා ශ්‍රවණාබාධ හැදුනයි කියන පට්ට වාමාංශිකයොත් ඉන්නවා) ඔහුට " මහාචාර්ය" පට්ටමක් දීලයි තියෙන්නෙ. ඉතින් එයා තමන්ගෙ දේශපාලන පරමාදර්ශය වන මර්වින් සිල්වා වගේම ඔය පට්ටම ගැන හිතලා ‍සිහින ලෝකෙක අතරමං වෙලා ඉන්නෙ තමුන් සියල්ල දත් කියලා හිතාගන. ඉතින් ඒ වගේ අය එක්ක වාද කිරීම කොටින්ම කියනවනම් මෝඩ කමක්

      Delete
    4. ලේම ඉල්ලන ලේ මපිලුන් හා මාගේද වාදයක් නොමැත. මා කෝම්න්ට් දමන්නේ රාමචන්ද්‍රන්ගේ බ්ලොග් පිටුවේය. මා හා වාදයට එන්නේද මොවුන්මය. මටත් මේ ගොන් මොට්ට බූරූවන් හා වාදයක් නොමැත. කිව යුතු දේ උඩින්ම කියා ඇත. තෙපි හරක් වූවාට. දරුවන් හරකුන් වනවා දැකිමට අප කැමති නැත.

      Delete
    5. මාාාාතලන්,
      තමුන්ගෙ කොමෙන්ටුවෙ තියන සත්තුන්ගෙ නම් ටික අයින් කළාම ගන්න වෙන කිසිම දෙයක් නෑනෙ... මර්වින්ටම හරියන ගෝලයා. සභ්‍ය විදියට වාදයකට ඇවිත් දෙන්න උත්තර නැතිවුනාම හැම මෝඩයම කරන දේ ඔයත් කරලා. කුණුහරුපයි සත්තු සෙට් එකකයි නම් ටිකක් කියලා මාරු වෙලා. ‍පව් මහාචාර්ය චූච්චං බච්චිච්චා...

      Delete
    6. 1988/1989 කාලයේ මියගිය නිශ්මිලා ඉඩමේගමලා සමග බලන විට මාතලන් යනු හිකනලෙක් පමනි.(මේ කාලයේ මාතලන් ගේ වයසද 20 කි.)තමන්ගේ වයසේ අති දක්ශයන් අනුන් වෙනුවෙන් වැඩ කොට මියයද්දී කාලකන්නියෙකු ලෙස ජීවත්වූ මාතලන් හට ලැජ්ජාවක් කියා දෙයක් ඇත්නම් කල හැක්කේ කට පියාගෙන සිටීම පමනි.නමුත් ඔහු අපහාස කරන විට අප මෙසේ පිලිතුරු දිය යුතුය

      Delete
    7. ලේ මාපිලුන් ඉල්ලන්නේ ලේම පමණි. එයත් තමන්ගේ ලේ නොවේ. තම දරුවන්ගේ ලේද නොවේ. අහිංසක දුප්පත් දරු දැරියන්ගේ රුධිරයයි. මේ කොමෙන්ටු මගින්, නැවත, නැවත සනාත කරන්නේ එයයි. මගේ ගැන කතා කුමටද, තෙපී ජීවත්ව සිටින්නේ කෙසේද. අවසානයේ මහා පාවාදීම් සිඳුකිරිමෙන් නොවේද. මේ ලේ පිපාසතයින්ට අපි යලිත් ඔළුව උස්සන්න දෙන්නේ නම් නැත. දුටු තැන මතවාදීව පහර දෙන්නෙමු. කාළකන්නි..

      Delete
    8. මතවාදීව පහර දෙන්න ඔයාමතවාදය දැනගෙන එපායැ.සමාජ අසාදාරනය ගැන කතාකරන එක ලේ ඉල්ලන එකක් කියලා හිතන ඔයාට මොන මතවාදයක්ද.ඔය වගේ මතවාද දරන අයට කියන්නේ නරුමයෝ කියලා.

      Delete
    9. //තෙපී ජීවත්ව සිටින්නේ කෙසේද. අවසානයේ මහා පාවාදීම් සිඳුකිරිමෙන් නොවේද.//
      මේ කාගැනද කතා කරන්නේ මාතලන්.මන් කවුද කියලා දන්නේවත් නැතිව මේ වගේ මන්ද බුද්දික කතා කියන ඔයාගේ මතවාදය ගැන අපට හිතාගන්න පුලුවන්.
      // මේ ලේ පිපාසතයින්ට අපි යලිත් ඔළුව උස්සන්න දෙන්නේ නම් නැත. දුටු තැන මතවාදීව පහර දෙන්නෙමු. //
      මේක අර අපර් ආම් එකේ කොටනවා කිව්ව පච්චේට හොද අදහසක්

      Delete
    10. මාතලන් හිතාගෙන ඉන්නේ ජේ වී පී එකටයි මාක්ස්ටයි බැන්නහම ඇමරිකාවට හරි එන්ගලන්තෙට හරි වීසා ගන්න පුලුවන් කියලා.ඔය පැන පැන බනින්නේ එකයි.පව් අප්පා.වැඩක් නැහැ මාතලන් ඒ ගොල්ලෝ මෝඩයන්ට වීසා දෙන්නේ නැහැ

      Delete
    11. මට වීසා ඕන නෑ මම ඕවල ගිහින් ඇවිත් ඉන්නේ. ඔහේලා තරම් හරක් ඉන්නවද ගිරාඳුරුකෝට්ටේ ගල් ගෙඩි වල කියුබාවට අත නොතබනු කියලා අමු හින්ගලෙන් ඇමරිකන් කාරයන්ට පේන්න ගහන බුද්ධිමත් මිනිස්සු නේ ඔහේලා. ඔහේලට අර රටවලට යන්න ඕන නම් කියනවා. සෙට් කරලා දෙන්නම් කොහොමත් විප්ලව කාරයෝ යුආන් වලට වඩා කැමති ඩොලර් වලට නේ. හීනෙන් පේන්නෙත් ඩොලර්. යුආන් ගැන දන්නෙත් නෑ දැකලත් නෑ. ඩාස් කැපිටල්ක් එකට විවේචන නෑ කියපු නඩේ නේ මේ. පව් අප්පා. සමාජ අසාධර්‍රනේ ගැන අපි ඔහේලට වඩා කතා කරනවා ව්‍යගයෙන්. ඒවා තේරුම් ගන්න මොළයක් තියෙන්න එපාය. මුන්ට මොළයක් නෑ. දෑකැත්තකුයි මිටියයි ඔළුව ඇතුලේ තියෙන්නේ. ලේ මාපිල්ලු.

      Delete
    12. //මට වීසා ඕන නෑ මම ඕවල ගිහින් ඇවිත් ඉන්නේ.//
      අපොයි මට අමතක වුනා .ඔයා ලන්කාවේ ඉහල පන්තියට අයත් කෙනෙක් නේ
      //ඩාස් කැපිටල්ක් එකට විවේචන නෑ කියපු නඩේ නේ මේ.//
      අනෙ මාතලන් ඔයා කවදාකවත් කියවලා නැති පොතක් ගැන නිතර කියන්නේ ඇයි.ඔයා අඩු ගනනේ මේ පොත දැකලවත් නැතිබව අපි දන්නවා
      //ගිරාඳුරුකෝට්ටේ ගල් ගෙඩි වල කියුබාවට අත නොතබනු කියලා අමු හින්ගලෙන් ඇමරිකන් කාරයන්ට පේන්න ගහන බුද්ධිමත් මිනිස්සු නේ ඔහේලා.//
      ජීවිතේට දැකලාවත් නැති පොතක් කියවලා තියෙනවා කියලාබොරු කියනවාට වඩා ඒක නම්බුයි මාතලන්
      //ඔහේලට අර රටවලට යන්න ඕන නම් කියනවා. සෙට් කරලා දෙන්නම්//
      මේකත් අර ඔයාගේ පන්තිය වගේ තමයි.ඔයාට කරන්න පුලුවන් බක්කක් නැහැ කියලා අපි දන්න වා
      //සමාජ අසාධර්රයනේ ගැන අපි ඔහේලට වඩා කතා කරනවා ව්යකගයෙන්.//
      අපොයි ඔව් අර ඔයාගේ අලුත්ම පෝස්ට් එකෙත් ලියලා තියෙන්නේ
      //ලේ මාපිල්ලු//
      ඒ කාලේ කැලනිය පැත්තේ හිටියලු නේද.ඕකට අපිට බැනල වැඩක් නැහැ.

      Delete
    13. උඹලයි විප්ලවේ උඹලා කර ගනිල්ලා අහිංසක සිසු දරුවෝ ඉස්සරහට දාන්නේ නැතිව. අපි කෙසේ වෙතත් උඹලා තමයි පිට රටවල ඩොලර් වලින් යැපෙන යාචකයෝ. මට රට යන්න ඕන නෑ. උඹලට ඕනම නම් කියපන්. හැබයි ඉතින් දාස් කැපිටල් දැනගෙන වැඩක් නෑ. මොකක් හරි සහතිකයක් තියෙනවනම් කියහන්. පංති පහේ සහතිකේට ජොබ් දෙන්නේ නෑ. හැමදාම හුලං තමයි. ගොබ්බ රැලටත්..

      සුබ අනාගතයක්..!!!

      මේ පෝස්ටුවට කොමෙන්ට් කිරීම මෙතකින් අවසානයි..

      නැවත් ඊළඟ එකේ වරෙව්.. (තොපේ භාෂාව...)

      Delete
    14. පැය ගනන් ට්රැතෆික් වල වාත වෙවී හම්බ කරන දෙයින් වැඩි හරියක් විවිද බදු විදියට ආයිත් ආන්ඩුවට දෙමින් එදිනෙදා හම්බ වෙන කිසිම මිනිහෙක් විස්වාසකරන්න බැරිව හැම තිස්සෙම ගේමක් දෙන හැටි හිතමින් ඔයා ඔය ගත කරන කාලකන්නි ජීවිතේට අපිට බැනලා වැඩක් නැහැ මාතලන්.
      ඔයා ඔය ගත කරන කාලකන්නි ජීවිතේට හේතුව වාමාන්ශිකයෝ කියලා හිතලා හිත සනසා ගත්තාට වැඩක් නැහැ.ඇත්තවටහාගන්න බලන්න

      Delete
    15. මාතලන් ,අපිට රස්සාවල් හොයා දෙන්න කලින් අර ඉක්මනට පොහොසත් වෙන්න කියලාහිතාගෙන සෙලින්කෝ කාරයා ට දීපු සල්ලි ටික ගන්න බලන්න. රස්සාවල් හොයා ගන්න ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් පස්සේ යන්න අපට පිස්සු නැහැ

      Delete
    16. උඹලගේ සක්කිලි ගතිය ඕකයි. අන්තීමට පෞදගලිකත්වය ඇදලා ගන්න එක. තොපි වගේ සමාජයට වෛර කරන්නේ නැතිව. උපරිම තෘප්තිමත් ජීවිතයක් මම ගත කරන්නේ. උඹලට ඒ සැප නැති උනාට මට කරන්න දෙයක් නෑ. බොහෝම දුකයි. තිපිට ළිපියක්වත් ලියාගන්න ටැලන්ට් එකක් නැති කාළකන්නි. කොටින්ම උඹලා අනුන්ගේ බොග් වල වහන නිළ මැස්සෝ. කොන්දක් නැති පොන්නයෝ.

      ගුඩ් බායි ලේ මාපිලෝ.. මරා ගන්න වරෙව් ඊළඟ එකේ. ඒත් පෞද්ගලික දේ ඇදගන්නෙ නැතිව.

      Delete
    17. අපට කාලකන්නියා ලේ මාපිලා සක්කිලියා කියා කියමින් සිටින මාතලන් කියා සිටින්නේ ඔහුට ටුවරිස්ට් ගයිඩ් කියමින් අප අපහාස කරන බවයි.මෙවැනි තර්ක මහදැන මුත්තාවත් කියන්නේ නැත.
      .// තිපිට ළිපියක්වත් ලියාගන්න ටැලන්ට් එකක් නැති කාළකන්නි.//
      ඔච්චර ටැලන්ට් තියෙන ඉන්ග්රීකසි පුලුවන් එක්කෙනා ඔය නිව්ස් වීක් ඩයිජස්ට් වගේ එකකට ලිපියක් ලියලා පෙන්නන්නකෝ.ඔයා ලියන ඔය වැල් බයිලා ඔය කෙන්ජිලාවගේ අයට නම් හොදයි.
      //. උපරිම තෘප්තිමත් ජීවිතයක් මම ගත කරන්නේ. උඹලට ඒ සැප නැති උනාට මට කරන්න දෙයක් නෑ.//
      ජේ ආර් නිතරම කිව්වේ තමන්ගේ පවුලට හරියට සල්ලි කරදර තිබුනා කියලා.නමුත් ප්රේාමදාස නිතරම පෙන්නන්න උත්සාහ කලේ තමන් ගේ තාත්තාට සල්ලි තිබුනා කියලායි.නමුත් ඇත්ත වුනේ දෙන්නාම කියන දෙයෙහි අනෙත් පැත්තයි.
      //කොටින්ම උඹලා අනුන්ගේ බොග් වල වහන නිළ මැස්සෝ//
      දැන් ඔයා මේ නොයෙක් ජරා කතා ලියන්නේ ඔයගේ බ්ලොග් එකේද.

      Delete
  3. 1. සමන්මලී සකලසූරිය (මම ඇගේ දේශපාලනය අනුමත නොකරමි.) හෝ "ධනපති මාධ්‍ය" මෙතැන කිසිම නීති විරෝධී සදාචාර විරෝධී දෙයක් සිදු කොට නැත. එනිසා ඔවුන් මීට ගාවා ගැනීම අවශ්‍ය නොවේ. ධනපති මාධ්‍ය වැඩ සටහන් බොළඳය සිතන්නේ නම් නොබලා ඉන්න. ඔවුන් ඒවා කරන්නේ එආවාට කැමැති යම් පිරිසක් ඉන්නා නිසාය.

    2. ශ්‍2.යාමලී ලියන ආරච්චිද ජවිපෙන් ඡන්දය ඉල්ලා තේරී පත් වූයේ නම් ඇයටද සමන්මලී සකලසූරියට ලැබෙන සියළු වරප්‍රසාද ලැබෙනු ඇත. ජවිපෙට හෝ ඇයට ඒ තරම් වත් ජනතා පදනමක් නැති වීම ගැන වචනයක් වත් නොලියා ඇය සමන්මලී වැනි කෙනකු හා සන්සන්දනය කිරීම ගොං වැඩකි.

    3. ශ්‍යාමලී ලියන ආරච්චිට පමණක් නොව ඕනෑම කෙනකුට තමන් කැමැති දේශපාලනයක නිරත වීමේ අයිතිය තිබිය යුතුය. උසස් අධ්‍යාපනයේ අද ඇතිවෙමින් පවතින වෙනස්කම් යහපත් දේවල් වුවද, අවශ්‍ය නම් ඒවාට පවා විරුද්ධ වීමේ අයිතිය කෙනකුට තිබිය යුතුය. නමුත් ඒ තමන්ගේ සුළුතර මතයට අනෙක් ශිෂ්‍යයින් බලෙන් නතු කරගෙන ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර දැමීමෙන් නොවේ. ඇය එසේ කරන්නේ නම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුය.

    4. උඳු වැපිරුවොත් උඳුද, මුං වැපුරුවොත් මුංද ලැබෙනු ඇත. තමන් මුං වපුරා අනේ අර එහා හේනෙ එකාට උඳු තියෙනවා මට නැත්තෙ ඇයි ඇසීම ගොං කමකි.

    ඒ හැරෙන්නට වෙන කියන්නට තරම් දෙයක් මෙහි නැත.

    ReplyDelete
    Replies
    1. පැටියෝ, උඩ කියලා තියෙන එක ඔයාට ටිකක් බර වැඩියි. ඔයාගෙ චූටි හුරතල් මොලේට ඒ වගේ දෙවල් තෙරෙන්නෙ නෑ. ඒ නිසා නොතේරෙන දේවල් වලට මේ වගේ හුරතල් comments නොදා ඉන්න එක තමයි හොඳ :) :*

      Delete

    2. Politically if we read that text this is what I feel.
      Samanmali is in Provincial council and Shamali is in Jail.
      Anura Disanayaka is in parliament and Shamali is in jail.
      Conclusion - Anura Disanayaka and Samanmali are equal.
      Feel really sorry for Shamali coz she doesn't know what she is doing.

      Delete
    3. SamanmaliApril 9, 2014 at 9:21 PM

      උත්තර දෙන්න බැරි වුණාම මේ වගේ කතවක් වත් කියලා පැණලා යමු. මේ බ්ලොග් එක ලියන එකා නම් දන්නවා අඩුම ගානෙ තමන් කරන්නෙ බොරුවක් කියලා.

      Delete
    4. ඒක ඔයා දන්නේ කොහොමද. ඔයා අනුන්ගේ හිත් කියවන තරමට හිත දියුනු කරපු කෙනෙක්ද

      Delete
    5. Dream maker - අඩු තරමින් ලියන්න ඉස්සෙල්ලා සාමාන්‍ය දැනීම දියුණු කරගෙන හිටපං. අන්තරේ තවදුරටත් ජේවීපිය එක්ක නැහැ. මේ කවුරුත් ජේවීපී නෙමේ. අන්තරය ඉන්නෙ පෙරටුගාමී එකත් එක්ක.

      Delete
  4. මොනවා වුනත් සමන්මලි ලස්සන කෙල්ලක් බොලව් මට ...ඔය දේශපාලනය අමතක කරාම :)))

    ReplyDelete
  5. “ශ්‍යාමලී යනු එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්වරියයි.“
    හිටපු ලේකම්වර්‍රියක් මොකක් කරනවද තාමත් මේ ළමයි අතරේ. ඇය තාමත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවාද? නැතිනම් එයින් ඉවත්ව ගොසින් සිටියදී නැවත පැමිණ දරුවන් උසිගන්නනවාද?

    මාතලං සමග මගේ කිසිඳු දේශපාලන එකඟතාවයක් නැතත් ඔහුගේ ප්‍රකාශයේ එක් කොටසකට ඉතාමත් කැමැත්තෙමි.
    “ආදරණිය දරුවනේ. බඩට නොකා, බිම නිදාගෙන හෝ ඒ කාළය ගත කොට උගතෙක් බුද්ධිමතෙක් වන්න. ඉන් පසු ළෝකය වෙනස් කිරීමට උත්සාහ කරන්න.“
    ඇත්තටම කෝ දැන් මෙච්චර කාලයක් විශ්ව විද්‍යාල තුලදි සමාජ සාධාරණත්වය වෙනුවෙන් මොර දීපු විප්ලව වාදියෝ? සමාජශෝධකයෝ? ඔවුන් විශ්ව විද්‍යාල ජීවිතය හමාර වෙද්දීම මිය ගියාද? නැතහොත් ඔවුන්ද සමාජයේ අනිත් කොටස්වලට එක්ව සීග්‍රෙයන් තම කොඩස වැඩි කරගැනීමේ වැඩට බැස තමාගේ විශ්වවිද්‍යාල දිවියේදී කතා කල සාධාරණත්වය අමතක කලාද..?

    ReplyDelete
    Replies
    1. //හිටපු ලේකම්වර්‍රියක් මොකක් කරනවද තාමත් මේ ළමයි අතරේ.//

      දන්න රෙද්දක් කතා කරපං බං. එක අවුරුද්දක ශිෂ්‍ය සංගම් ලේකම්/සභාපති ඊළඟ අවුරුද්දෙ ශිෂයයෙක් විදියට ඉන්න බැරිද?

      Delete
    2. “ආදරණිය දරුවනේ. බඩට නොකා, බිම නිදාගෙන හෝ ඒ කාළය ගත කොට උගතෙක් බුද්ධිමතෙක් වන්න. ඉන් පසු ළෝකය වෙනස් කිරීමට උත්සාහ කරන්න.“
      මාතලන්ගේ ලිපියේ ඉතාම ආත්මාර්තකාමී පහත්ම අදහස මෙයයි.සරලව මේ කියන්නේ මෙයයි.අනිත් එකාට හෙනගැහුවත් කමක් නැහැ මොන ගේමක් දීලා හරි තමන්ගේ වැඩේ කරගන්න

      Delete
    3. AnonymousApril 10, 2014 at 12:41 AM ඇනෝම වෙමි.

      “දන්න රෙද්දක් කතා කරපං බං. එක අවුරුද්දක ශිෂ්‍ය සංගම් ලේකම්/සභාපති ඊළඟ අවුරුද්දෙ ශිෂයයෙක් විදියට ඉන්න බැරිද?“

      ඒ කියන්නේ තාමත් ශ්‍යාමලී ශිෂ්‍යාවක් ලෙසින් ඉගෙනුම ලබනවද? එතකොට සමන්මලීත් එහෙමමද?

      “මාතලන්ගේ ලිපියේ ඉතාම ආත්මාර්තකාමී පහත්ම අදහස මෙයයි.සරලව මේ කියන්නේ මෙයයි.අනිත් එකාට හෙනගැහුවත් කමක් නැහැ මොන ගේමක් දීලා හරි තමන්ගේ වැඩේ කරගන්න“
      ඔව් එකාතකින් ඒකත් හරි තමා. මාතලන් කියන්නේ මොන ගේමක් දීලා හරි තමන්ගේ වැඩේ කරගන්න කියලා නේන්නං. හරියට මිනී කීයක් උඩින් හරි ජේවීපිය පාර කපා ගන්නවා වගේ වැඩක්. දෙකම එකයි.

      Delete
    4. //ඔව් එකාතකින් ඒකත් හරි තමා. මාතලන් කියන්නේ මොන ගේමක් දීලා හරි තමන්ගේ වැඩේ කරගන්න කියලා නේන්නං. හරියට මිනී කීයක් උඩින් හරි ජේවීපිය පාර කපා ගන්නවා වගේ වැඩක්. දෙකම එකයි.//
      දැන් එතකොට විජේවීර ව බිල්ලට දීලා අනිත් අය පාර කපා ගත්තාද . මේවාට කියන්නේ ගොන් කතා කියලාද පිස්සු කතා කියලාද

      Delete
    5. උඹලාගේම උන් නේ විජේවීර පාවලා දුන්නෙත්, ගමනායක පාවලා දුන්නෙත්. තව මොන කතාද අතීතය නොදන්න අහිංසක දරුවෝ බිල්ලට ගන්න ලේසියිනේ. ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා දැම්මත්. උඹලගේ අවසාන තීරණයත් ඕකම නේ.

      Delete
    6. බහුතරය හීන කුලවලින් පැමිණි අයගෙන් සැදුම් ලත් ජේවීපිය යනු හීනමානය වසා ගැන්මට සමාජයට වෛර කරන වෛරක්කාරී පිරිසක් පමණී. මාතලං උඹ පරිස්සං වෙයං ඕකුන් මිනීමරුවෝ.

      Delete
    7. //උඹලාගේම උන් නේ විජේවීර පාවලා දුන්නෙත්, ගමනායක පාවලා දුන්නෙත්.//
      තමන් නොදන්නා දේ දන්නා ලෙස පෙනී සිටීම නරුම බවේ ලක්ශනයකි.
      //ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා දැම්මත්//
      ආයෙත් කවුරුවත් ඕවා කරන්න ඕනැ නැහැ මාතලන් හම්බ කරන තුට්ටු දෙක ආයෙත් බදු විදියට ආන්ඩුවට දෙන එක තමයි ලේ උරා බොන එක කියන්නේ.ඒක වටහා ගන්න මොලේ කලදක් නැති ඔයාවගේ අය තමයි මේ මෝඩ කතා කියන්නේ.
      //බහුතරය හීන කුලවලින් පැමිණි අයගෙන් සැදුම් ලත් ජේවීපිය යනු හීනමානය වසා ගැන්මට සමාජයට වෛර කරන වෛරක්කාරී පිරිසක් පමණී//
      මේ කතාව දත්ත සහිතව ඔප්පු කර පෙන්නන්න.සමහර විට මේ ඔබගේ පුද්ගලික ප්රවශ්නයක් විය හැක.ඔබගේ කුලය ගැන අප විමසන්නේ නැත.
      // මාතලං උඹ පරිස්සං වෙයං ඕකුන් මිනීමරුවෝ.//
      මාතලන්ටත් ඕනැ මේක තමයි.රට පැනගන්න වීසා එකක් ගන්න කියාපු ප්ලැන් එක

      Delete
    8. //ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා දැම්මත්//

      ආයෙත් කවුරුවත් ඕවා කරන්න ඕනැ නැහැ මාතලන් හම්බ කරන තුට්ටු දෙක ආයෙත් බදු විදියට ආන්ඩුවට දෙන එක තමයි ලේ උරා බොන එක කියන්නේ.ඒක වටහා ගන්න මොලේ කලදක් නැති ඔයාවගේ අය තමයි මේ මෝඩ කතා කියන්නේ

      Ha Ha................. atta rly eka !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
      mathalan gonata owa therum ganna molayak na ban.

      Delete
  6. mathalan narumayak machan. !
    uga narumakama thama oya loketama pennanne .
    thu....nodakin ...............mathalan narumaya ! ! !

    ReplyDelete
    Replies
    1. කොන්දක් නැති ලේ මාපිල්ලු...

      Delete
    2. kauda aanduwada?

      Delete
  7. විජේවීරව බිල්ලට දුන්නෙ නෑ කවුරුත් විසින්.විජේවීර අල්ලපු වෙලාවෙ කිව්වෙ යන් යන් ජනාධිපති හම්බවෙන්න ( මට වචන උඩප්පරන් ගහන්නත් තියෙනව ) කියල

    විජේවීර හැන්ගෙනකොට ළමයි දෙන්නයි අහුවෙන කොට 6 දෙනයි.
    අනුන්ගෙ ළැමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරල මදිවට හමුදාව පොලීසිය ඉස්සරහට දාල තමනෙග් ළමයින්ට ගුරුවරු ගෙදරට ගෙන්නල ඉගැන්නුව.

    විජේවීර විතරක් නොවෙයි ගමනායකල කිය කිය ඉන්න හැම ත්‍රස්තයම තමන් හැංගිල පොඩි උන් ඉස්සරහාට් දැම්ම. තමන්ගෙ ළැමයි උගන්නන්න රට ඇරිය.
    මුන් හිතුවෙ සිරිම කෙරුව වාගෙ පොඩ්ඩො මරල ලොක්කන්ව හුරතල් කරාවි කියල.
    කතාවක් තියෙන්නෙ සිරිම කියනව මම බල්ල බැදල දැම්ම කියල
    ජේ ආර් කියනව මම බල්ල ලෙහෙල දැම්ම කියල
    එතකොට ප්‍රේමදාස කියනව මම බල්ල මරල දැම්ම කියල

    දැන් ජේවීපී කාරයො ඇනෝ ඇවිත් මට පොල්ලෙලි වලිනුත් ගසාවි.

    ReplyDelete
    Replies
    1. //විජේවීරව බිල්ලට දුන්නෙ නෑ කවුරුත් විසින්.විජේවීර අල්ලපු වෙලාවෙ කිව්වෙ යන් යන් ජනාධිපති හම්බවෙන්න ( මට වචන උඩප්පරන් ගහන්නත් තියෙනව ) කියල//
      ඔයා මෙහෙම කියන්නේ ඔයා විජේවීර අල්ලන කොට එතැන හිටියද.මෙහෙම කටට එන ඒව කියන්නේ ඇයි
      //විජේවීර හැන්ගෙනකොට ළමයි දෙන්නයි අහුවෙන කොට 6 දෙනයි//
      මෙහි ඇති වැරැද්ද පැහැදිලි කරන්න.
      //අනුන්ගෙ ළැමයින්ගෙ අධ්යා පනය කඩාකප්පල් කරල මදිවට හමුදාව පොලීසිය ඉස්සරහට දාල තමනෙග් ළමයින්ට ගුරුවරු ගෙදරට ගෙන්නල ඉගැන්නුව.//
      ඔබ මෙවැනි බොරු කියන්නේ ඇයි.මේවා ඔබට ඔප්පු කරන්නට පුලුවන්ද.එම කාලයේ ආන්ඩුව කියූ දෙවල් හැර ඔබට කියන්නට කිසි දෙයක් නැත්තෙ ඇයි
      //විජේවීර විතරක් නොවෙයි ගමනායකල කිය කිය ඉන්න හැම ත්රිස්තයම තමන් හැංගිල පොඩි උන් ඉස්සරහාට් දැම්ම. තමන්ගෙ ළැමයි උගන්නන්න රට ඇරිය..//
      ගමනායක රට ඇරියේ කොයි ලමයාද .පැහැදිලි කරන්න
      //දැන් ජේවීපී කාරයො ඇනෝ ඇවිත් මට පොල්ලෙලි වලිනුත් ගසාවි.//
      අපොයි නැහැ ඔයා වගේ අති උගතෙකුට පොල්ලෙලි වලින් ගහන්න අපි මොක්කුද.ඔයා නොදන්න දෙයක් නැහැනේද.

      Delete
    2. යකා
      ඔයත් ඔය ඇනෝ කෙනෙක් විදියටනේ ඉන්නේ. නැත්නම් ඔය ඔයාට අම්මා තාත්තා දාපු නමද.ගොන් කතා කියන්න ලැජ්ජා නැද්ද
      වචන උඩප්පරන් ගහන්නේ ඔයානේ අර මොකක්ද හරස් තියරියක් ගැන කතාකර කර.
      ඉතින්,බල්ලා මරලාදාපු ප්රේකමදාසට මොකද වුනේ.

      Delete
  8. /ඉතින්,බල්ලා මරලාදාපු ප්රේමදාසට මොකද වුනේ./

    patta kathawa Ano, * * * * * * * * * * * *
    Neyama balla premadasa, ballek widiyatama marum kewa.

    ReplyDelete
  9. අසරණ දැයේ දරුවන් රැසක් මිනී වලට කැඳවාගෙන ගිය හීනමානී කාලකණ්නි අවලං දත් බොල්ලෑ බල්ලාව මරපු ප්‍රේමදාසත් බල්ලෙක් වගේ මලා තමා. හැබැයි ඒ අර බල්ලා මරපු හින්දා නෙවෙයි. බල්ලා කරපු කාලකණ්නි වැඩ හින්දා කුපිත වෙලා ඉවක් බවක් නැතිව අහක හිටිය අහිංසක ළමයින්වත් මරාපු පවට. කොහොම උනත් බල්ලෝ දෙන්නම දැන් අපායේ එක කාමරේ ඇති. හැබැයි බල්ලව මරපු එකා දවසක් හරි කලින් එතැනින් එළියට එයි. මොකද අර බල්ලා කරපු එක හොඳ වැඩක්වත් නැති උනත් ප්‍රේමදාස එයිට වඩා ගොඩාක් මිනිස්සුන්ට වැඩ කරපු හින්දා.

    ReplyDelete
    Replies
    1. //කාලකණ්නි අවලං දත් බොල්ලෑ බල්ලාව//
      පේන විදියටනම් ඔයා එයිටත් වඩා කැත කෙනෙක් වගෙයි පෙනෙන්නේ. පුලුවන්නම් ඔයාගේ පොටෝ එකක් දාලා නැහැකියලා ඔප්පු කරලා පෙන්නන්න.

      Delete