Sunday, March 16, 2014

සමාජවාදය උතුරු කොරියාව වගේද?

කිම් ජොං අන් - 'සමාජවාදී බබා'

සහෝදර බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ සිය බ්ලොග් අඩවිය තුල සමාජවාදය ගැන නව සංවාදයක් ගොඩනගා ගෙන යමින් සිටී. මේ සංවාද වලදී මතු වන සුලභ ප්‍රශ්නයක් නම් - සෝවියට් සංගමය සහ නැගෙනහිර යුරෝපා රටවල් වල 'සමාජවාදය' බිද වැටුනේ ඇයි? යන පැනයයි. කලෙකට ඉහත දී ජනරල පුවත්පතේ පලවූ මෙම ලිපිය මෙලෙස ‍පල කෙරෙන්නේ මේ සංවාදයට දායක වීමක් වශයෙනි.
***

රුසියානු විප්ලවයේ මුල් පෙල නායකයෙක් වූ ලියොන් ට්‍රොට්ස්කි ලියූ 'පාවාදුන් විප්ලවය' (Revolution Betrayed) කෘතියේ සැලකිය යුතු කොටසක් වෙන් කෙරෙන්නේ සෝවියට් සංගමය සමාජවාදීද? යන ප්‍රශ්නයට පිලිතුරු සැපයීම සදහාය. 1936 දී සෝවියට් සංගමය නව ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කල අතර නව ව්‍යවස්ථාවේ පසුබිම පැහැදිලි කරමින් සෝවියට් රජය ප්‍රකාශ කලේ සෝවියට් දේශය තුල සමාජවාදය ගොඩනගා අවසන් බවත් මෙතැනින් මතු එලැඹෙන්නේ කොමියුනිස්ට්වාදය ගොඩනැගීමේ කර්තව්‍යය බවත්ය. එක් රටක් තුල සමාජවාදය ගොඩනගා අහවර කිරීම පිලිබද මේ අදහසට සිය කෘතිය මගින් තියුනු විවේචනයක් ගෙන එන ට්‍රොට්ස්කි ස්ටාලින්ගේ පාලනය විසින් 'සමාජවාදය' නමැති වචනයට විකෘති අර්ථයක් දී ඇති ආකාරය පැහැදිලි කරයි. මෙම පැහැදිලි කිරීම ආර්ථික හා දේශපාලන කරුනු මනා ලෙස පෙල ගස්වා කරනු ලැබෙන දීප්තිමත් විවරනයකි. මෙම කෘතිය ලියන විට ට්‍රොට්ස්කි සිටියේ ස්ටාලින් විසින් පලවා හරිනු ලැබ පිටුවහලේය.

ට්‍රොට්ස්කි මෙම කෘතියේදී සෝවියට් සංගමය විස්තර කරන්නේ ' ධනවාදය හා සමාජවාදය අතරමැද සංක්‍රාන්තික අවධියක පසුවන සමාජයක්' වශයෙනි. නිෂ්පාදන මාධ්‍යයන් වල පුද්ගලික අයිතිය අහෝසි කිරීම නිසා දේපල වල ධනවාදී ස්වභාවය අහෝසි වී තිබුනත් දේපල සම්බන්ධතා සමාජවාදී ස්වරූපයක් අත්කරගැනීම දක්වා තවමත් වර්ධනය වී නැති බවට ඔහු තර්ක කරයි. එබදු උසස් තත්වයක් අත් කරගැනීම තනි හුදෙකලා රටක් තුල - විශේෂයෙන් රුසියාව වැනි ගොවිජන රටක් තුල - සම්පූර්න කල නොහැකි බවද ඔහු දක්වයි.

ජෝසෆ් ස්ටාලින් විසින් මරා දමන ලද ලියොන් ට්‍රොට්ස්කි
කෙසේ වුවද 20 වන ශත වර්ෂය පුරා ලෝකය තුල වාම ව්‍යාපාර තුලත් පොදු ජන මනස තුලත් බලය හෙබවූයේ සෝවියට් සංගමය පිලිබද ට්‍රොට්ස්කිගේ මෙම විග්‍රහය නොව නිල රුසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් කල පැහැදිලි කිරීමයි. 1924 දී ස්ටාලින් හා බුඛාරින් සමාජවාදය 'තනි රටක ගොඩනගා අවසන් කල හැක' යන ප්‍රස්තූතය ඉදිරිපත් කරන තුරුම සම්භාව්‍ය මාක්ස්වාදය තුල සමාජවාදය නමැති වචනයට ලැබී තිබුනේ ජාත්‍යන්තරවාදී අර්ථයකි. ජාත්‍යන්තරකරනය වූ ආර්ථික පද්ධතියක් වන ධනවාදයට විකල්පයක් හුදෙකලා ජාතික රාජ්‍යයන් තුල අත්පත් කරගැනීම සම්භාව්‍ය මාක්ස්වාදය තුල මනෝරාජික අදහසක් ලෙසය සලකන ලද්දේ. මේ සම්භාව්‍ය මාක්ස්වාදී අදහසට පටහැනිව ස්ටාලින්ගේ 'තනි රටක සමාජවාදය' ගැන න්‍යාය පැන නගින්නේ ජාතිකවාදී පදනමකින්ය. එනම් ලෝකයේ වෙනත් රටවල වැඩකරන පංති වල ජනයාගේ සහයෝගය තිබුනත් නැතත් අපිට සමාජවාදය ගොඩනගා 'රට දියුනු කරන්න පුලුවන්' නමැති මනෝභාවය මේ තුල ක්‍රියා කරන්නේය.

ලංකාවේද ට්‍රොට්ස්කිවාදී කන්ඩායම් කීපයක් හැර වාමාංශය පොදුවේ සමාජවාදය පිලිබද බෙදාහදා ගනු ලැබූයේ ස්ටාලින්වාදයෙන් ආභාෂය ලද මේ ජාතිකවාදී නිර්වනයයි. උදාහරනයක් ලෙස උතුරු කොරියාව මේ කතිකාව තුල හදුන්වන ලද්දේ සමාජවාදී සමාජයක් වශයෙනි. ඇත්තටම සමාජවාදය යනුවෙන් අදහස් වන්නේ උතුරු කොරියානු සමාජය වැන්නක්ද? ජාතික ස්වයං පෝෂීබව පිලිබද ජාතිකවාදී අදහස සමග සමාජවාදය අනන්‍ය කිරීමට යාමෙන් බිහිවිය හැකි විපරිත ප්‍රතිඵල කවරේද යන්න විදහා දක්වන කැඩපතක් වැන්න උතුරු කොරියාව. පසුගාමී සමාජ ආර්ථික කොන්දේසි යටතේ උතුරු කොරියාවේ පවතින්නේ නිලධාරිවාදී ප්‍රභූ කල්ලියක අන්තනෝමතික පාලනයකි. සමාජවාදයේ දේශපාලන පූර්වායවයක් වන වැඩකරන ජනතාවගේ දේශපාලන ආධිපත්‍යයේ සේයාවක් හෝ එහි නැත. ශ්‍රමික පංතියේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ( Working class democracy) තොරව සමාජවාදයක් තිබිය නොහැක. කිම් ජොං ඉල්ගෙන් පසු ඔහුගේ ලාබාල පුත්‍රයා එරට ජනාධිපති වීම මහින්දගෙන් පසු නාමල් බබා ජනාධිපති වීම තරම්ම විපරිත සිද්ධියකි. මාක්ස් හෝ ලෙනින් වැනි අයෙක් සමාජවාදය යැයි පරිකල්පනය කලේ ධනවාදයට වඩා උසස් සමාජ සම්බන්ධතා සහිත සමාජයකි. එවැනි සමාජයක් සහ උතුරු කොරියාව වැනි රටවල බිහිවී තිබෙන විකාරය අතර කිසිදු සමානකමක් නැත.

තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය - ස්ටාලින් මෙය 1943 දී විසුරුවා හරී
ස්ටාලින්වාදී ආභාසය ලැබූ ලංකාවේ වාමාංශය තුල ජාත්‍යන්තරවාදය යන වචනය හුදු සැරසිල්ලක් වූවා විනා එය වාමාංශයේ ව්‍යවහාරය තුල දක්නට නොවීය. මේ පිලිබද කදිම උදාහරනයක් මෙම ලියුම්කරුගේ මනසට නැගේ. ජනතා විමුක්ති පෙරමුන 2011 දී දෙකඩ වූ අවස්ථාවේදී ජවිපෙ හිතවතෙක් ජවිපෙ ජාත්‍යන්තරවාදය අත් නොහල පක්ෂයක් යැයි සනාථ කිරීම සදහා ඡායාරූපයක් මුහුනු පොතේ පල කර තිබුනි. එහි දැක්වූයේ විජිත හේරත් මහතා චීන තානාපති සමග අතට අත දෙන අවස්ථාවකි. එක්සත් ජනපදය සමග හරි හරියට ලෝක ගෝලය බෙදා ගැනීම සදහා ගැටෙමින් සිටින චීනයේ තානාපති සමග අතට අත දීමය මේ අනුව පාක්ෂික මනස තුල 'ජාත්‍යන්තරවාදය' ලෙස අර්ථ ගැන්වී තිබෙන්නේ! මෙය හුදු ජවිපෙ ප්‍රශ්නයක් නොවේ. මේ සමාජවාදය හා ජාත්‍යන්තරවාදය ගැන ස්ටාලින්වාදය අපගේ වාමාංශය වෙත ඉතිරි කර දී තිබෙන උරුමයයි.

ජාත්‍යන්තරවාදය සහ ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්වීම යනු දෙකකි. පක්ෂ සම්මේලනයකට විදෙස් නියෝජිතයින් කීප දෙනෙක් ආරාධිතයින් ලෙස සහභාගී වූ පමනින් පක්ෂයක දැක්ම ජාත්‍යන්තරවාදී වන්නේ නැත. ලෝකයේ වෙනත් රටවල් පසෙක තිබියදී අසල්වාසී ඉන්දියාවේ මේ වනවිට මාඕවාදී සටන් කරුවන් විසින් දියත් කර තිබෙන සිවිල් යුද්ධයක් ඇවිලී යමින් ඇත. ලෝකයේ වෙනත් රටවල වැඩ කරන ජනයාගේ විවිධ අරගල දියත් වෙමින් ඇත. ලංකාවේ වාමාංශයට මේවා කෙතරම් 'වැදගත්' සිදුවීම් වීද යන්න ප්‍රශ්න කල යුත්තකි. ස්ටාලින්වාදයේ උරුමයක් වන ජාතිකවාදී චින්තන සිතිජය ඉක්මවූ ගෝලීය සිතීමක් අත්කරගන්නා තුරු වාමාංශයට සිදුවන්නේ මහින්දගෙන් රාජ උරුමය ලබා ගන්නා නාමල් බබාට බනින ගමන් කිම් ජොං අන් ගේ 'සමාජවාදී පාලනය' වර්නනා කරමින් ඊට විප්ලවීය සුභාශිංසන පුද කිරීමේ අභාග්‍යසම්පන්න විරුද්ධාභාසය තුල සිරවී සිටීමටය.




30 comments:

  1. මාක්ස් සීය මොනව ලිව්වත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් ඔය ම්ගේම තමයි යන්න.87/89 ජේවීපී දිනුවනම් ලංකාව උතුරු කොරියාවට හපන් වෙනව.මැරිල්ල ඉවරෙකුත් නැති වෙනව. ජාත්‍යාන්තරයත් නැති නිසා හිතන කොටත් බය හිතෙන හිරිගඩු පිපෙන අති භයානක නරකාදියක් බිහිවෙන්නෙ. රටේ වාසනාවට එහෙම වුනේ නෑ. සමාජවාදය තිබෙන හැම රටක්ම ඔහොමයි. එතකොට පොතේගුරාල කියන්නෙ ඕක හරි සමාජවාදෙ නොවේ මනෝරාජිකයි කියල.

    ReplyDelete
    Replies
    1. අනේ යකා රෙදි නැතිව රජාට කඩේ යන ඔයාට මොන සමාජවාදයක්ද.බොරු විකාර නැතිව ඇත්ත කියන්නකෝ.ජිනීවා විදුලි පුටුවෙන් රට ගලවා ගැනීමට ආන්ඩුවට චන්දේ දෙන්න කියලා .

      Delete
  2. එතකොට ඔය කියන සමාජවාදේ කියන එක.. කවදාවත් එලි නොවන පොතක ලියලා තියෙන හීනයක්ද රාමා...? මම මේ ළඟදි හැරි පොටර් පොතක් කියෙව්වා, ඒක කියවන කොට මට මතක් උනා මම කලිනුත් මේ වගේ පොතක් කියෙව්වා නේද කියලා.. බැලින්නම් ඒ මාක්ස්ගේ දාස් කැපිටල් පොත..

    ඔහේල ඔය කියන සමාජවාදෙත් හරියට අර ගෙවල් වලට පොත් එහෙම අරගෙන එන සුභාරංචිය ගේන එක්කෙනාගේ ආරචිය එනකන් බලාගෙන ඉන්නවා වගේ.. අපි පොඩි කාළේ ඉඳන් එනවා කියනවා, ඒත් තාම නෑ...

    ReplyDelete
    Replies
    1. මාත් ලගදි පොතක් කියෙව්වා ඒකෙ නම ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් දේශපාලන විචාරකයෙකු වූ හැටි.ඒකෙ තියෙන්නේ මෙහෙම කරුනු
      හොදම පාලකයා රජාය.මොනවා නැතත් එයා එක්ක කතා කරන්න පුලුවන්ය.බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන අය මාර සිරා පොරවල්ය.අපි ඔවුන් ආදර්ශයට ගත යුතුය.

      Delete
    2. මේ හරියේ හරකෙක් තප්පූලෑවද...?

      ගොනෝ... තොපේ සමාජවාදේ ඇවිත්.. පෞද්ගලිකත්වයට ගහන එකද..?

      අපි මොකක් හරි ජොබක් කරනවා.. සමාජවාදී කාරයෝ රැවුල් වවාගෙන මල පෙරේතයෝ වගේ පක්ෂ කාර්යලවලට වෙලා කසිප්පු ගහනවා.. කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන හැන්දවට කෝච්චියේ බස් එකේ ජැකක් ගහගෙන ග්දර යනවා.. මෙහේ ඉන්න සමාජවාදියෝ දැක්කම බල්ලෝ බත් කන්නෙත් නෑ.. ඒකයි මේ රටේ උන්ට සමාජවාදේ එපා වෙලා තියෙන්නේ..

      Delete
    3. හැරී පොටර් පොතයි ඩාස් කැපිටාල් පොතයි එක සමාන කරනඔයාට අපි මේ කතා කරනවා හොද වැඩියි මාතලන්.
      රැවුල කපාගෙන,ආෆ්ටර් ශේව් ගාලා දිව්ය කුමාරයෙක් වගේ,බ්ලැක් ඇන්ඩ් වයිට් බිබී මිලියන ගනන් හම්බ කරකර ගස්ලබු පාට කෙල්ලෙක් පැත්තකින් තියාගෙන ප්‍රාඩෝ වලින් ගෙදර යන එක ඔය ගොල්ලන්ගේ හීනය කියලා අපි දන්නවා.ඒ වෙනුවෙන් ඕනැම ජඩ වැඩක් කිච වීමක් කරන්න සූදානම් බවත් අපි දන්නවා.අපිට නම් එහෙම හීන නැහැ.ඔබට ජය

      Delete
    4. ඒවා හීන නෙමෙයි හැබැවිම වෙන දේවල්. ඒවා ඔයාලට නෑ කියලා. තියෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා සහෝදරයා.. කෝටූ පාර රිදුනා නම් සමාවෙයන්. උඹලගේ හැම කොමෙන්ට් එකකම තියෙන්නේ. ඉරිසියාව, වෛරය හා වේදනාව පමණයි. අන් සැපතට ඉරිසියා කරන්න එපා.. ඒ සැපත ළඟා කර ගන්න උත්සාහ කරපන් සහෝ..

      Delete
    5. //උඹලගේ හැම කොමෙන්ට් එකකම තියෙන්නේ. ඉරිසියාව, වෛරය හා වේදනාව පමණයි//
      ඩාස් කැපිටාල් කියවලා නෙමෙයි අල්ලලාවත් තියෙනවා නම් මෙවැනි කතා කියන්නේ නැත.ඔයා ඩාස් කැපිටල් කියලා කියවලා තියෙන්නේ මහින්ද චින්තන පොත වෙන්නැති.
      //ඒවා හීන නෙමෙයි හැබැවිම වෙන දේවල්//
      ලන්කාවේ ඉහල පන්තියට අයත් කිසිවෙකු සින්හල බ්ලොග් අවකාශයේ නැත.ඔබ එම පන්තියට අයත්නැති බව අප දනිමු.
      //ඒ සැපත ළඟා කර ගන්න උත්සාහ කරපන් සහෝ...//
      ඔයාගේ අන්තිම බලාපොරොත්තුව ඒක තමයි කියලා අපි දන්නවා කියලා කලින්ම කිව්වනේ.ආයි රෙදි ගලවාගෙන නටන්න ඕනෙ නැහැ
      එහෙනම් මාතලනුත් හිතන් ඉන්නෙ තමන් ලන්කාවේ ඉහල පන්තියට අයත් කියලා.පව් අප්පා

      Delete
    6. නිකන්ද කිව්වේ.. ඕකට කියන්නේ පන්ති වෛරය කියලා.. බොක්කෙ තියෙන්නේ මොනවද කියල කොමෙන්ට් වලින් පැහ්/දිලිව පේනවා. මම ඉහල පන්තියේවත්, අඩුම ගානේ මධ්‍යම පන්තියේ ඉහළ කොටසෙ වත් නෙමෙයි. ඒත් මම ඒ පන්තිවලට ආදරෙයි. උත්සාහය ඒ තත්වයට ළඟාවිම මිසක්. ඒ පන්තිවල ඉන්න මිනිස්සු උඹලා වගේ පහත්, ඉරිසියාකාර, වෛරක්කාර, කාළකන්නි, මූසල පන්තියට ඇදලා දාන එක නෙමෙයි.

      Delete
    7. //බොක්කෙ තියෙන්නේ මොනවද කියල කොමෙන්ට් වලින් පැහ්/දිලිව පේනවා//
      හරියට හරි මේ තියෙන්නේ පැහැදිලිවම පෙන්නලා
      1. // උඹලා වගේ පහත්, ඉරිසියාකාර, වෛරක්කාර, කාළකන්නි, මූසල//
      2. //උඹලගේ හැම කොමෙන්ට් එකකම තියෙන්නේ. ඉරිසියාව, වෛරය හා වේදනාව පමණයි//
      3. //සමාජවාදී කාරයෝ රැවුල් වවාගෙන මල පෙරේතයෝ වගේ පක්ෂ කාර්යලවලට වෙලා කසිප්පු ගහනවා//
      4. // හැන්දවට කෝච්චියේ බස් එකේ ජැකක් ගහගෙන ග්දර යනවා.//
      5. //ගොනෝ... තොපේ//
      6. //. මෙහේ ඉන්න සමාජවාදියෝ දැක්කම බල්ලෝ බත් කන්නෙත් නෑ.//
      පුලුවන්නම් මගේ කොමෙන්ට්වලින් මේ වගේ එක වචනයක් අරගෙන පෙන්නන්න. පන්ති වයිරය කියන්නේ ඔයාගේ හිතේ තියෙන ඔය වයිරය වගේ දෙයක් නෙවෙයි..
      ආයිත් කියන්නට තියෙන්නේ බොහොම සරල දෙයක්.ඔයාට ගානක් හොයාගන්න බැරිවුනාට මාක්ස්ටවත් සමාජවාදීන්ටවත් බැනලා වැඩක් නැහැ.මාක්ස්වාදය විවේචනය කරන්න උවමනානම් හරියට ඒක දැනගෙන එන්න.නැතුව ඕපාදූප අවලාද කියාගෙන ආවොත් කන්න වෙන්නේ මේ විදියට තමයි.

      Delete
    8. පෞදගලිකත්වයට ගහන්න එපා.. උඹලට වඩා අපි හොඳ තැනක ඉන්නවා. කොහොම හරි මගේ ගැනත් හොඳට දන්න. මූනට දෙයක් කියන්න බැරි, කොන්දක් නැති, අර කලින් කියපු සියළුම දේ අදාල, සහෝ කෙනෙක් තමයි මේ නාන්නේ. ඔහේ වැදගත් විදියට කතා කල එක ඇත්ත. ඒත් විවාදයට එන්නේ මිනිහෙකුට එන්න පුළුවන් පහත්ම ක්‍රමයත් එක්ක. ඒකයි නීච කම.

      Delete
    9. ඩාස් කැපිටාල් කියන්නේ මාක්ස් ඉතා මහන්සියෙන් ලියූ පොතක්.එහි වැරදි තිබෙනවා නම් ඔබට ඒවා පෙන්නා දෙන්නට පුලුවන්.නමුත් ඔබ එවැනි දෙයක් කලේ නැහැ.අපහාසකිරීම පමනයි කලේ.ලෝකයේ ඔබට වඩා ඉතා උගත් බුද්දිමත් මාක්ස් විරෝදීන් සිටිනවා.ඔවුන්වත් මෙවැනි කතා කියන්නේ නැහැ
      ඔබ මාව අදුනන්නේ නැහැ නමුත් ඇනෝ ආවා කියා මාකියන දෙයෙහි වැදගත්කම නැතිවෙන්නේ නැහැ
      ඔබ මට වඩා කොහෙත්ම හොද තැනක නැහැ කිසිම අතකින්
      ඔබගේ පුද්ගලික ප්ර ශ්න වලට මාක්ස් හෝ සමාජවාදීන් පලි නැහැ ඔබට මාක්ස්වාදය විවේචන ය කරන්න පුලුවන්.එය හදාරා නිවැරදිව කරන්න .නැත්නම් මෙහෙම කන්න බලාගෙන කරන්න

      Delete
    10. ඇත්ත තිත්තයි සහෝ.. ඔහේට ඒක බයිබලයක් උනාට. මට ඒක සුරංගනා කතාවක් පමණයි. අපි නම් සුරංගනා කතා කියෙව්වේ සහ ඒවල තියෙන ඒවා පිලිගත්තේ පොඩිම පොඩි කාලේ. දාස් කැපිටල් විවේචන කියවලා නැත්නම්. ඉන්ගිරිසි දන්න එකෙක් හොයාගෙන අන්තර්ජාලයෙන් බාගෙන, උසාවිය ගාවින් හින්ගලට පරිවර්ථනය කරගෙන වෙලාව අරගෙන කියවන්න. බලාගෙන පපුව පැලිලා මැරෙයි. ඔහේගේ දැණුම ඒකෙන්ම පේනවා. බුදු සරණයි...

      Delete
    11. මාතලන්,

      ඇත්තටම ඔබ දාස් කැපිටාල් කියවා තියෙනවද?

      Delete
    12. Mathalan the more u like to defend ur self the more uglier it looks. some people cover them selves with the cloths of a wolf but to see a tiny jackal inside when u look closer

      Delete
  3. මම නම් හිතන්නේ මාක්ස්වාදී බුද්ධිමතුන් විසින් කරන ලද වරදක් තමයි, සමාජවාදී සමාජයේ හැඩරුව පරිකල්පනය කරන්න යන එක. එය හරියට සදා නිම කළ අච්චුවකට ලෝකය රිංගවන්නට උත්සාහ කිරීමක් වගෙයි. සමාජවාදය ධනවාදයට එරෙහි සංවාදයක්, නො නවතින අරගලයක් විය යුතුයි. එය තුළ පරිකල්පනීය නිදහසත් තහවුරු විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. පරිකල්පනීය නිදහස නම් අපූරුවට තිබෙනව මාක්ස්වාදී බ්ලොග්වල

      Delete
    2. කියලා................ වැඩක් නෑ.. නිළධාරි පන්තිය වගේම. අලි ඔළු එකාධිපතිවරු...

      Delete
    3. ඈ බං මාතලන් දාස් කැපිටාල් පොතේ වෙලුම් කී්‍යක් ඔයා කියෙවුවද?

      Delete
    4. mathalag, there are certain things that u dont know, and when try to show that u know those things in front of people who actually know those things this happens, i have been reading ur blogs for some time. and this is pathetic. you bloggers always try to counter attack any one who doesnt agree with u. when will u guys learn that u guys are not perfect and there can be certain things u can agree wit people like us.... your selection of words i would say disgusting. please learn to behave like a grown up... i see a lot of people behaving like teenage girls....

      Delete
  4. මේ ප්‍රශ්න වලට ඔය කිසිම මාක්ස්වාදියෙකුට උත්තර දෙන්න පුළුවන්ද?

    01. මාක්ස්වාදී සමාජවාදය ලොකෙ කොහේ හෝ තිබුනාද? ඒ කියන්නෙ ආදර්ශයක් ලෙස. එහෙම තිබුන ඒවා අත් වැරදීම් නම් එය පොතක පමනක් තිබෙන දෙයක් බව පිළිගන්න වෙනව. මේ පොතේ තිබෙන දේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළ අය අසාර්ථක වුන බව පිළිගන්න වෙනවා.

    02.මාක්ස්වාදය තුල කතාකිරීමේ නිදහස තිබෙනවාද? පළමුවැනි ප්‍රශ්නයේ තිබුන ලෙස ලෝකෙ කොහේවත් නැති මනස්ගාතයක් නම් එය ක්‍රියාත්මක කරන්නේ යයි කියන කල්ලිකාරයන් අන්‍ය මටහ් නො ඉවසන්නේ ඇයි?

    03. ජනතාව විසින් තම නියෝජිතයන් තෝරාගැනීමේ ක්‍රමය,බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මාක්ස්වාදීන් පිලිගන්නේද?

    මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ක්‍රියාත්මක වුන සමාජවාදය ගැන ප්‍රශ්න අහන්න ගියොත් ප්‍රශ්න දහස් ගනනක් අහන්න වෙන නිසා චීනෙ සෝවියට් දේශෙ තිබුනෙ මාක්ස්වාදය නොවෙයි කියලයි මේ ඇහුවෙ.

    දාස් කැපිටාල් පොත බයිබලය කුරානය වගෙ අදහන්න ගිහාම සියවස් දෙකකට පෙර හිටපු මාක්ස් කියන මිනිහ ගෙ අදහස් වලට එරෙවි විද්‍යාතමක සොයා ගැනීම් පවා තහනම් කළ, උගතුන් ගොවිබිම් වලට පලවා හැරි ම්ලේච්ඡ ඉතිහාසයක් මාක්ස්වාදීන්ට තිබෙන්නෙ

    87/89 සිද්ධි විතරක් නොවෙයි කැම්පස් වල මාක්ස්වාදී සංවිධාන හැසිරෙන විදිය චීන සෝවියට් ක්‍රමයමයි.

    ReplyDelete
    Replies
    1. අනේ යකා රෙදි නැතිව රජාට කඩේ යන ඔයාට මොන සමාජවාදයක්ද.බොරු විකාර නැතිව ඇත්ත කියන්නකෝ.ජිනීවා විදුලි පුටුවෙන් රට ගලවා ගැනීමට ආන්ඩුවට චන්දේ දෙන්න කියලා .

      Delete
    2. ඔන්න ප්‍රශ්නෙකට උත්තර දෙන හැටි. මේ ක්‍රමයමයි චීනෙ රුසියාවෙ උතුරු කොරියාවෙත් තියෙන්නෙ. ඊලඟ පියවර මේ වගෙ ප්‍රශ්න අහන අය දේශපාලන කදවුරු වලට යවනව.
      මහ රජෙක් ගැන නොවෙයි මාක්ස්වාදෙ ගැන අහන්නෙ. පුළුවන් නම් උත්තර දීපල්ල.උඹල වගෙ පක්ෂ නායකයො අදහන අය නොවෙයි අපි.

      Delete
    3. යකාගේ ප්‍රශ්න වලට උත්තර
      1.ජිනීවා හරහා ඇමරිකාව ලන්කාව පාගන්නට හදන මේ අවස්තාවේ බත් කන හරකුන් නොවී ආන්ඩුවට චන්දය දී සමලින්ගික විපක්ශය බින්දුවට බැස්සවිය යුතුය.
      2.රටේ බොහොමයක් අපරාදවලට වනාතේ උන් සම්භන්ද නිසා උන් එලවිය යුතුය.
      3.උපාදිදාරීන්ට රස්සා දුන්නේ මේ ආන්ඩුව නිසා සියලු උපාදිදාරීන් ආන්ඩුවට චන්දය දිය යුතුය

      Delete
    4. සමාජවාදීන්ට සිංහල භාෂාව තේරුම් ගැනීමේ මොකක් හරි අවුලක් තියේ වගේද ?

      Delete
  5. මාක්ස්වාදයේ තිබෙන්නෙ වචන උඩප්පරන් ගැසීමක්. අපහාසයයි තර්ජනයයි කියන ආයුධ විතරයි.උන් කියන ඒව ප්‍රශ්න කළොත් වැඩ කදවුරු ,වධකාගාර වලට යවනවනම් බොරු චෝදනා කරනවනම් එතනින් එහාට වැඩක් නෑනෙ.සියල්ල තනි පක්ෂෙට ඌනනය වුනහම ස්වයංක්‍රීයවම ආඥාදායකත්වයක් ගොඩ නැගෙන්නෙ.පුරාණ රාජාන්ඩුව වෙගෙම තමයි.අසරන වෙන කෙනාට කොමියුනිස්ට් පක්ෂ නායකයගෙ අනුකම්පාව මිස වෙන කිසිම පිහිටක් නෑ. ස්වාධීන අධිකරන,මාධ්‍ය,ආගමික බලවේග මේ කිසිම දෙයක් නැහැනෙ. ධනය එක් රැස් වීමෙන් වන අනතුර දකින මාක්ස්වාදියා බලය එක් රැස් වීමෙන් වන අනතුර දකින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ලන්කාවේ සමාජවාදීන් ඉන්නේ බොහොම පොඩ්ඩයිනේ.බහුතරය සමාජවාදීන් නොවෙයිනේ.ඉතින් ඔයාට පුලුවන්නේ සමාජවාදීන් නොවෙන බහුතරයට නායකත්වය දීලා රට හදන්න.මාක්ස්ට බැන බැන ඉන්නේ නැතිව.කරලා පෙන්නන්නකෝ.

      Delete
  6. මට මේන් මේක කියන්නකෝ කවුරු හරි.ලෝකේ සාමාන්‍යයෙන් සමාජවාදී කියලා රුසියාව,චීනය,කියුබාව,වෙනිසියුලාව,උතුරු කොරියාව වගේ රටවල් සැලකුවා කියමුකෝ.සමාජවාදය ඔච්චර හොඳ නම් ඇයි අප්පා ඒ රටවල ඉන්න එවුනුත් ඒ රටවලින් පැනලා එන්නේ අර ධනවාදී ඇමරිකාවට,එංගලන්තයට?ලංකාවේ විදේශ සේවයත් කාලයක් අර්බුධයක හිටියා නේද ඔය සමාජවාදී කියන රටවල සේවයට යන්න ලංකාවේ අය අකමැති වුන හා ධනවාදී රටකට යන්න කැමති වෙච්ච?ඒ මොකද අප්පා ඒ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  7. //දාස් කැපිටාල් පොත බයිබලය කුරානය වගෙ අදහන්න ගිහාම සියවස් දෙකකට පෙර හිටපු මාක්ස් කියන මිනිහ ගෙ අදහස් වලට එරෙවි විද්‍යාතමක සොයා ගැනීම් පවා තහනම් කළ, උගතුන් ගොවිබිම් වලට පලවා හැරි ම්ලේච්ඡ ඉතිහාසයක් මාක්ස්වාදීන්ට තිබෙන්නෙ//
    සහෝදරවරුනි, මචන්ල, මහත්වරුනි, මේ අදහසේ මුල් පදය හරි. කැපිටල් එක අදහන්න ගිය කට්ටියගේ වරදක් තියෙනව කියල මටත් හිතෙනවා. හැබැයි දෙවෙනි එක //ද්‍යාතමක සොයා ගැනීම් පවා තහනම් කළ//සෝවියට් දේශය ගත්තොත් වැරදියි. ඔවුන් තමයි ඉස්සෙල්ලම අජටකාශයට ගියේ. හැබැයි පොල්පොට් ගැන ගත්තොත් එකත් හරි. උගතුන් ගොවි බිම් වලට පලව හරි කතාවත් ඇත්ත .මේ පෙරේද මන් කියෙව්වා ජනරලේ උදම්මිට කියල කෙනෙක්ගේ ලිපියක්. එකට උත්තරායක් ලිව්වට එගොල්ලොඅ පල කරන එකක් නැති නිසා නොලියනවා. නමුත් තාක්ෂණයට විරුද්ධව කතා කරන්නේ. රාමගේ ලිපිය හොඳයි. මාතලන් ට කියන්න තියෙන්නේ ඔයාගේ යාළුවෙක් ඔය හා සමාන අදහස් එක්ක මත එක්ක වෙන බ්ලොග් එකක සංවාදයක් ගියා . මන් සෝවියට් දේශයේ සිට එය වැටුනම දැන් ධනවාදී රටක ඉන්න අයෙක්. හොඳට ජිවත් වෙන නිසා සල්ලි තියෙන අ යට ඉරිසියා කරන්නේ නැහැ. මම නැවත කැපිටල් එක ගැන හා එයට විරුද්ධව ලියපුව ගැන විමර්ශනයක් මේ දිනවල කරමින් ඉන්නේ. මොකද මට හිතෙනවා මාක්ස් හරියට කියවීමක් කල යුතුයි කියල. මම හිතන්නේ ධනවාදයෙන් පස්සේ කොමියුනිස්ට් වාදය එළඹෙන බවට මාක්ස් ඔප්පු කල දේ එහෙමම වෙනවා කියලයි. හැබැයි මේ කවුරුත් හිතන විධිහට නම් නොවේ. මම සෝවියට් දේශයේ ඉන්දැද්දී පිළිගත්තා දෙයක් තමයි එකේ සමාජවාදී ලක්ෂණ තිබ්බට එකත් රාජ්‍ය ධනවාදී රටක් බව. 1991 දී අපට දර්ශනය උගන්නපු ගුරුවරුත් මේ තර්කය පිළිගත්තා. එතකොට චීනය කියුබාව ඒවා ඔක්කොම වැටෙන්නේ ඒ ගණයට. සහෝදරවරු හා මචන්ලා ඔක්කොම මම ලියන කැපිටල් එක ගැන සංක්ෂිප්තයට ඇවිල්ල විරුද්ධ කතා ඔක්කොමදාන්න . හැබැයි links , සාක්ෂි එක්ක , නිකම් ආඩම් ස්මිත් , වොන් bawerk , ricardo මෙහෙම අරම කියල තියෙනවා කියන්නතුව එයාල කියපු ඒවා එක්ක. එතකොට පුළුවන් අපට ඒවා හරිද කියල බලන්න. සමජවදෙත් අත ඇරලා දාන්න පුළුවන් ඔප්පු වෙනවා නම්..

    ReplyDelete
  8. Я коммунист, им гордиться, что.. I'm communist.. im proud about that

    ReplyDelete