Friday, March 14, 2014

පද්මසිරි ත්‍රිමාවිතාන වෙනුවට ඩෙං ෂියා ඕ පෙං

මේ  'සමාජවාදී චීනයේ ' චීන ලක්ෂනයයි
නතා විමුක්ති පෙරමුනු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති දිනපතා පුවත්පතක් සමග කල සංවාදයක සටහන ලංකා‍ටෲත් වෙබ් අඩවියේ පසුගියදා පල කොට තිබුනි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවලට අවසර දීම ගැන ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් වීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කරන අතර රජයේ නියාමනයට යටත්ව පෞද්ගලික සෞඛ්‍යය සේවා තිබීමේ වරදක් නැතැයි මන්ත්‍රීවරයා පිලිතුරු දෙයි. පෞද්ගලික සෞඛ්‍ය සේවා හොදයි නම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නරක් වෙන්න විදිහක් නෑ නේදැයි ඉක්බිති මාධ්‍යවේදියා විමසයි. හදුන්නෙත්තිගේ පිලිතුර මෙසේය. " සෞඛ්‍ය පහසුකම් සැපයීම රජයේ වියදමින් කල යුතුයි. අධ්‍යාපනයත් එහෙමයි. හැබැයි ඉන් පිටස්තරව පෞද්ගලිකව එය කරගැනීමේ හැකියාව ඇති යමෙක් ඉන්නවා නම් ඔවුන්ගේ නිදහසට බාධා කිරීමේ අයිතියක් අපට නෑ"

අපි දැන් මොහොතකට සුනිල් හදුන්නෙත්තිගේ තැනට උසස් අධ්‍යාපන ඇමති එස්.බී.දිසානායක ආදේශ
පද්මසිරි ත්‍රිමාවිතාන - 80 දශකයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටනේ
 සංකේතයකි. එවකට රජය විසින් තිරශ්චීනව මරා දමන ලදී. 
කරමු. ඔහු කියන දේත් හදුන්නෙත්ති කියන දේත් අතර එතරම් වෙනසක් නැත. රාජ්‍ය අධ්‍යාපනය පවත්වා ගෙන යාම සහ ඊට සමගාමීව පෞද්ගලික අධ්‍යාපනයට අවසර දීම. එම පෞද්ගලික අධ්‍යාපනය නියාමනයට යටත් කිරීම. රජයේ පිලිවෙත සහ ජවිපෙ පිලිවෙත වෙනස් වන්නේ කොතැනදීද?

හදුන්නෙත්ති මන්ත්‍රීවරයා අදාල සම්මුඛ සාකච්ඡාවේ චීනය සමාජවාදී රාජ්‍යයක් ලෙස හදුන්වා දෙයි. චීන ආන්ඩුව සිය අර්ථ ක්‍රමය හදුන්වන නිල නම " චීන ලක්ෂන සහිත සමාජවාදය" යන්නයි. චීන ලක්ෂන සහිත සමාජවාදයේ ඇති "චීන ලක්ෂනය" නම් එය එහෙම් පිටින්ම ධනවාදී ආර්ථික පිලිවෙතක් වීමයි. රාජ්‍යයේ මැදිහත්වීම සහිත උග්‍ර ධනේශ්වර ආර්ථිකයක් චීනයේ මේ මොහොතේ පවතී. ඩෙංග් ෂියා ඕ පෙන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරන වලින් පසු නව ධනපති පංතියක් චීනය තුල බිහිවී සිටී. කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකෑ‍මේ සිට ධනවාදී සමාජයක දක්නට ලැබෙන සියලු ලක්ෂන චීනයේ පවතින අතර චීන ආර්ථික පිලිවෙතත් සමාජ සමානත්මතාවය සහ වැඩකරන ජනතාවගේ දේශපාලන ආධිපත්‍යය යෝජනා කරන මාක්සියානු සමාජවාදයත් අතර මොනම සම්බන්ධයක්වත් නැත. බටහිර ලෝකයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික රාමුව වෙනුවට කොමියුනිස්ට් පක්ෂය විසින් නඩත්තු කරන දරදඩු දේශපාලන රාමුවක් විසින් චීන ධනවාදය සදහා ආරක්ෂාව සපයනු ලැබේ. එය චීන ලක්ෂන සහිත සමාජවාදයක් නොව චීන ලක්ෂන සහිත ධනවාදයකි.

ලංකා වානිජ මන්ඩලය සමග අනුර දිසානායක
චීනය 'සමාජවාදය' යන වචනය නඩත්තු කරන්නේ එරට වැඩකරන ජනතාව ඇතුලු පීඩිත කොටස් වල සහයෝගය පාලන තන්ත්‍රය වෙත රදවා ගැනීම සදහාය. ජවිපෙ මනා ලෙස චීන ආභාෂය උකහාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. පලාත් සභා මැතිවරනය සහ ඉදිරියට ඒමට නියමිත මැතිවරන වලදී ජවිපෙ ඉලක්කයක් වී ඇත්තේ නාගරික මැද පංතියේ සහයෝගය තමා වෙත දිනා ගැනීමයි. මෙම නාගරික මැද පංතිය සංඛ්‍යාත්මකව සාපේක්ෂව කුඩා වුවද මතවාදී තලයේදී මෙහි බලපෑම සැලකිය යුතු තරමින් විශාලය. උදාහරනයක් ලෙස ලංකාවේ ටෙලිවිෂන් අවකාශය සැලකිය යුතු ප්‍රමානයකින් භ්‍රමනය වන්නේ මෙම මැද පංතියේ වටිනාකම්, ඇබ්බැහිකම් හා රුචි අරුචිකම් වටාය. ජවිපෙ විසින් පසුගිය කාලයක් පුරා පවත්වා ගෙන ආ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය වැනි දේවල් මෙම මැද පංතියේ රුචි අරුචිකම් සමග පෑහෙන්නේ නැත. පද්මසිරි ත්‍රිමාවිතාන නියෝජනය කල උරුමය සහ ජවිපෙ මැද පංතික ඡන්ද ඉලක්කය අතර පරස්පරය පැන නගින්නේ මෙතැනදීය.

මෙහිදී කිසිදු දෙගිඩියාවකින් තොරව සිය මුල් පිලිවෙත අත් හැරීමට ජවිපෙ පසුබට නොවේ. සිංහල ජාතිය ගැන ජනප්‍රිය අදහස සමග සන්ධානගත වීමේදී 2000-2009 කාලය තුල ජවිපෙ පෙන්නුම් කලේ මේ ප්‍රවේශයමය. එනම් මැතිවරන ඉලක්ක උඩ මුල් ප්‍රතිපත්ති අත් හැරීමයි.

අධ්‍යාපන පෞද්ගලිකකරනය පිලිබද විවාදය පදනම් වන්නේ හුදෙක් තැනෙක දෙකක පුද්ගලික සරසවියක් දෙකක් ඇරීම පිලිබද ප්‍රශ්නයක් මත නොව අධ්‍යාපනය වෙලද භාන්ඩයක්ද?සමාජ අයිතියක්ද? යන මූලධාර්මික ප්‍රශ්නය මතය. අධ්‍යාපනය වෙලද භාන්ඩයක් ලෙස පිලිගැනීම සියලු දේ වෙලදභාන්ඩකරනය කරමින් සිටින නව ලිබරල් ධනවාදයේ තර්කනයට යටත් වීමකි. එය සමාජ අයිතියක් ලෙස සලකා ඒ සදහා දේශපාලනය කිරීම එම තර්කනය සමග අභිමුඛ වීමකි.ජවිපෙ නව ලිබරල් ධනවාදයේ තර්කනයට යටත් වීම සංකේතාත්මක ලෙස පෙන්නුම් කරන ලස්සන උදාහරනයක් වූයේ පසුගිය දිනෙක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔවුන් ලංකා වානිජ මන්ඩලය වෙත පිලිගැන්වීමේ සිදුවීමයි. ලංකාවේ වෙලද ධනපතීන්ගේ සංගමය සමග සිනාමුසුව අතට අත හුවමාරු කරගන්නා 'සමාජවාදය' කවර වර්ගයේ සමාජවාදයක් වනු ඇද්ද? ජවිපෙ 'නවීන සමාජවාදී' තේමාවේ 'නවීන' කොටස තමා අධිපති දේශපාලන ප්‍රවාහය සමග සම්මුතිගත වනු මිස එය ඉක්මවා යාමට සූදානම් නොවන බව හගවන සලකුනකි. 'සමාජවාදය' කොටස දියුනු න්‍යායික අදහසකින් නොවූවත් තමා සමග භක්තියෙන් රැදී සිටින සමාජවාදය නමැති වචනයට ආදරය කරන බැතිමත් සාමාජිකයින් සනසාලීම සදහා වන මස් කට්ටකි. මෙම මස්කටු දේශපාලනය සමීප වෙනුර-ත්‍රිමා ගිය පාරට නොව ඩෙං ෂියා ඕ පෙන් ගිය පාරටය.




16 comments:

  1. සහෝදරයා ඔබ එතකොට කියන්නේ මොනවගේ සමාජවාදයක් ගැනද ? සෝවියට් දේශයේ අසාර්ථකවූ දැනට කියුබාවේ අසාර්ථක වෙමින් යන එකටද? ඔබ ලෙනින්ගේ NEP එක ගැන කියව තිබෙනවද? ධනවාදය දියුණුවී නැත්නම එකපාරට ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. NEP එකෙන් කිව්වේ ධනවාදය විසින් සම්පූර්ණ නොකළ නිෂ්පාදන බලවේග සංවර්ධනය කරගැනීමට කරන සැලසුම්සහගතව ධනවාදය දෙසට පසුබැසීමක් ගැන. ඒක කම්කරු පංති ආඥාදායකත්වය යටතේ, කම්කරු ගොවි සංධානය තුළ, සෝවියට් සභාවල මෙහෙයවීම යටතේ කෙරෙන පසුබැසීමක්. එහෙම නැතිව ඌරු කොටුවට රිංගලා ඒකේ බලය තහවුරු කිරීම සඳහා කරන රැුවටිලිකාර සුළුධනේශ්වර වැඩපිලිවෙලක් නෙවෙයි.

      Delete
    3. Ajith - මගේ පිලිතුරට ආසන්න උත්තරයක් අභය නාත් දී තිබේ.මාක්ස් හෝ ලෙනින් සමාජවාදය ගැන දරපු සංකල්පනයත් ( සම්භාව්‍ය මාක්ස්වාදය තුල සමාජවාදය ගැන තිබූ අර්ථය) පස්සේ කාලයක සෝවියට් රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය කදවුර 'සමාජවාදය' ගැන දරපු ආස්ථානයත් අතර වෙනසක් තිබෙනවා. ජවිපෙ උරුමය ගලා එන්නේ මෙම පසුකාලීන 'තනි රටේ සමාජවාදය' සංකල්පනය තුලින්. රටක රාජ්‍ය බලය මොනවා හරි කරලා පක්ෂයකට අරගෙන ඒ පක්ෂය 'රට හැදීම' තමයි මේ ජාතිකවාදී ඉදිරි දැක්මේ තර්කය.ඒක අවසන් උනේ උතුරු කොරියාව වගේ විකෘතී රාජ්‍යයන් 'සමාජවාදී' යැයි කියාගන්නා තත්වයක් ඉතිරි කරමින්. ස්ටාලින්වාදය කියල කියන්නේ මේකට.

      එහෙත් දැන් ජවිපෙ එතනිනුත් පස්සට ගිහින්. ඔබ පරිකල්පනය කරන විදිහට ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙත ගිහින් තිබෙන්නේ NEP අර්ථයෙන් නෙමෙයි - චීන කොමියුනිස්ට් පක්ෂය හෝ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ( මාක්ස්වාදී ) සිය මුල් ප්‍රතිපත්ති අත්හැර දැමූ අර්ථයෙන්.

      Delete
    4. අභය හා රාමා , මං කියන්නෙත් ඒකම තමා . ධනවාදී නිෂ්පාදන දියුණුවී නැති තැන් වල එය කල යුතුයි. ඒක හැබැයි සුළු ධනේෂ්වර රාමුවක් ඇතුලත සිද්ධ වෙන්නේ . අභය නැවත බලන්න මොකද සෝවියට් දේශයේ වුනේ කියල. අනික ඒක පසු බැසීමක් නෙමේ . ඉදිරියට යමක්. පසු බැසීමක් හැටියට අර ගෙන තම ස්ටාලින් ඊට පස්සේ ඇන ගත්තේ . රාමගේ ඉහත තර්කයට මාත් එකඟයි. මම ජවිපෙට පක්ෂව කතා කරනවට වඩා ඔබේ විකල්පය ගැනයි ඇහුවේ.

      Delete
  2. රාමචන්ද්‍රෙගෙත් සමාජවාදී තේරුම් ගැනීම ඇතුලේ තියෙන්නේ රාජ්‍ය ධනවාදය මිසක වෙන කුමක් ද. අන්තරය වසින් ඉල්ලන ඉල්ලීම් තුල්න් කියැවෙන්නෙත් ඒ දෙයමයි. ජාතික ප්‍රශ්නය හැරුනකොට, ජවිපේ ගමන් කරන දිශාව ලංකාවට ගැලපෙනවා. ඒකට සමාජවාදය කිව්වට වරදක් නැහැ. ලෝකේ අනෙක් රටවලත් තියෙන්නේ ඒ වගේ මොඩල.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. //රාමචන්ද්‍රෙගෙත් සමාජවාදී තේරුම් ගැනීම ඇතුලේ තියෙන්නේ රාජ්‍ය ධනවාදය මිසක වෙන කුමක් ද.//

      ඔබ අඩු තරමින් සමාජවාදය ගැන මගේ 'තේරුම් ගැනීම' මොකක්ද කියා විමසා ම‍විසින් දෙනු ලබන පිලිතුරෙන් පසු ඔය විචාරය ලීවා නම් සාධාරන යැයි කියාවත් කීමට ඉඩ තිබුනි.

      Delete
  3. සමාජවාදය මොකක්ද ඒ ?

    ReplyDelete
  4. ත්‍රීමා විතාන බිලි බෝයි කෙනෙකු වීද ? පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලක යන්ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ,අතුල සේනා රත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ. අද දිනයේ මෙලෙස අවාසනා වන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය.

    ReplyDelete
    Replies
    1. එතකොට රෝහන විජේවීර එයත් බිලී බෝයි කෙනෙක්ද.උපතිස්ස ගමනායක එයත් නියම බිලී බෝයි කෙනෙක්.මැරුනු මිනිස්සුන්ට අපහාස කරන්න එපා ඇනෝ

      Delete
  5. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය​. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව එකල විමල් වීරවංස (විමලසිරි ගම්ලත්) විශාල හඩක් නැගුවේය. ඔහු සරසවි සිසුන්ට පන්ති පවත්වා පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල වලට ඔවුන්ව යොමු කලේය​. අද දිනයේ විමල් වීරවංසගේ පුතා ඉගෙන ගන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය​. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත​. (2)

    ReplyDelete
    Replies
    1. එතකොට රෝහන විජේවීර එයත් බිලී බෝයි කෙනෙක්ද.උපතිස්ස ගමනායක එයත් නියම බිලී බෝයි කෙනෙක්.මැරුනු මිනිස්සුන්ට අපහාස කරන්න එපා ඇනෝ

      Delete
  6. ඒ කාලයේ මේ විරෝධාතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය​. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයං වරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන්ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.

    ReplyDelete
    Replies
    1. හා මහින්ද අබේසුන්දර කොහොමද?

      Delete
    2. එතකොට රෝහන විජේවීර එයත් බිලී බෝයි කෙනෙක්ද.උපතිස්ස ගමනායක එයත් නියම බිලී බෝයි කෙනෙක්.මේදෙන්නව ෆෝම් කලේ කවුද කියලත් කියන්නකෝ.කී බෝඩ් එකක් තිබුන පලියට ගොන් තර්ක කරන්න එපා

      Delete