Friday, September 27, 2013

සිංහල ජාතිකවාදියාගේ මනෝ ලෝකය සහ දෙමලාගේ නිදහස



තුර සිය පිලිතුර නිශ්චිතවම ලබා දී තිබේ. පසුගිය 21 දා පැවැති පලාත් සභා මැතිවරනයේ ප්‍රතිඵලය පැහැදිලිය. උතුරේදී අන්ත පරාජයට පත්ව තිබෙන්නේ ආන්ඩුව පමනක් නොවේ. උතුර සිය යටත් කොලනියක් ලෙස හගින සමස්ත සිංහල ස්වෝත්තමවාදී කතිකාවම තීරනාත්මක පරාජයකට මුහුන දී සිටී. උතුරු පලාත් සභාවේ මුලු ආසන 38 න් 30 ක්ම දෙමල ජාතික සන්ධානය දිනාගෙන තිබේ. මැතිවරනය සදහා හමුදාව යොදාගැනීමේ සිට ඡන්ද ‍'මිලදී ගැනීම' සදහා තෑගිබෝග, විවිධ බඩු භාන්ඩ බෙදීම වැනි කුප්‍රකට උපක්‍රම කොතෙක් ක්‍රියාත්මක කල ද රජය ලජ්ජාසහගත පරාජයකට මුහුන පා ඇත.

සිංහල ජාතිකවාදී ෆැන්ටසිය තුල උතුර පිලිබදව ඇති චිත්‍රය කවරාකාරද? මානුෂික මෙහෙයුමක් සිදුකොට ප්‍රභාකරන් නමැති දුෂ්ටයාගේ ග්‍රහනයෙන් අපි උතුරේ ජනතාව ගලවා ගත්තෙමු. උතුරේ ජනයාට දේශපාලන අභිලාෂයක් නැත. මංමාවත් තැනීම වැනි භෞතික අවශ්‍යතා ඉටු කල කල්හි උතුර දකුනට හීලෑ වනු ඇත. හමුදාව උතුර පාලනය කිරීම සම්බන්ධයෙන් දෙමල පොදු ජනයාට ප්‍රශ්නයක් නැත. එය ප්‍රශ්නයක් වී තිබෙන්නේ බලලෝභී දෙමල දේශපාලකයින් කීප දෙනෙක්ටය.

කිසිදු සැකයකට ඉඩ නොතබා මෙබදු සියලු තර්ක එකක් නෑර මැතිවරන ප්‍රතිඵලය විසින් නිශේධනය කොට ඇත. එල්ටීටීඊය යටතේ සිටියාට වඩා ආන්ඩුව යටතේ දෙමල ජනයා සතුටින් ඉන්නවා, දෙමල සාමාන්‍ය මිනිසාට නිදහස වෙනුවට අවශ්‍ය කරන්නේ රැකියා,ගෙවල් හා "සංවර්ධනය" පමනයි වැනි තර්ක  තවදුරටත් සිහිබුද්ධිය ඇති අයෙක්ට නම් ඉදිරිපත් කල නොහැක.

උතුරේ ජනයා විරෝධාකල්පික, සටන්කාමී මනෝභාවයක පසුවන බව පැහැදිලිය. දරුනු යුද පරාජයකට පසුව, ඉතා දරුනු ගනයේ රාජ්‍ය මර්දනයක් යටතේ පවා සිය ඉල්ලීම් ඉවතලීමට ඔවුන් සූදානම් නැත. යුද්ධය අවසන් වීමත් සමග ප්‍රාග්ධනය කේන්ද්‍ර කරගත් සම්බන්ධයක් උතුරත් දකුනත් අතර ගොඩනැගෙමින් තිබේ. දකුනේ ප්‍රදර්ශනය වන ව්‍යාපාරික සන්නාම සහිත බිල්බෝඩ් උතුරේ ද සිටුවා ඇත. සංචාරකයින් හා ප්‍රාග්ධනය දකුනේ සිට උතුරට ගලයි. යාපන නගරයේ වෙලෙදුන් සිංහල බස කථා කිරීමට පුරුදු වී සිටී.

මේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාවට නැගෙන්නේ අතිශය දරුනු ජාතික පීඩනයක් පවත්නා සන්දර්භයක් තුලය. මුලුමනින්ම සිංහල භාෂිත සොල්දාදුවන්ගෙන් සමන්විත හමුදාවක් උතුරේ වාඩිලා ගෙන සිටී. උතුර පිලිබද සියලු තීරන ගනු ලබන්නේ කොලඹ සිංහල ප්‍රභූ සංස්ථාපිතය විසින්ය. අධි ආරක්ෂිත කලාප නඩත්තු කිරීමට අමතරව හමුදාව සදහා දෙමල ජනයාගේ ඉඩම් පවරා ගැනීම ද මෙම කොලඹ සංස්ථාපිතය විසින් සිදු කරනු ලැබේ. සිංහල ප්‍රභූ තන්ත්‍රය ‍උතුරේ සමාජය මත අභ්‍යාස කරන මේ බලහත්කාරී ආධිපත්‍යය දෙමල ජනතාව පිලිගන්නේ නැත. ඔවුහු ඊට ද්වේශ කරති. මැතිවරනයේදී දෙමල ජනයා ප්‍රකාශයට පත්කරන ලද්දේ එම බලහත්කාරී ආධිපත්‍යයෙන් නිදහස් වීමට ඔවුන් තුල ඇති අභිලාෂයයි.

ප්‍රශ්නය - මේ අභිලාෂය පිලිගැනීමට දකුන කොතෙක් සූදානම් ද යන්නයි. දකුනේ පීඩිත ජනයා මත පදනම් වන පුරෝගාමී වාමාංශය දෙමල සමාජයේ එම ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය පිලිගැනීම මෙහිදී අතිශය වැදගත්ය. මන්ද උතුරේ දෙමල පීඩිතයා සහ දකුනේ සිංහල පීඩිතයා සමගි කරවන පලල් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමේ යතුර තිබෙන්නේ එම දේශපාලන අභිලාෂය සම්බන්ධයෙන් වාමාංශය දක්වන ප්‍රතිචාරය තුල වන බැවිනි.

එසේම මේ මො‍හොතේ නිදහස පිලිබද දෙමල සමාජයේ  ප්‍රජාතාන්ත්‍රික අභිලාෂය නියෝජනය කරමින් සිටින්නේ දෙමල ධනපති පංතියේ පක්ෂය වන දෙමල ජාතික සන්ධානයයි. දෙමල පීඩිතයින්ගේ ජීවිත සමග මොනම හෝ ඥාතීත්වයක් නැති ප්‍රභූ ශරීර විසින් එම සන්ධානයේ බලය හොබවනු ලැ‍බේ. ආන්ඩු බලය ඉතිහාසයේ කවදාවත් හොබවා නැති නිසා දෙමල ප්‍රභූ පංතිය පොදු දෙමල සමාජය සමග කිසිදිනෙක අභිමුඛ වී නැත. පලාත් ආන්ඩුවේ බලය දෙමල ජාතික සන්ධානය සතු වීම යනු මේ අනුව දෙමල පොදු සමාජයත් දෙමල ප්‍රභූ තන්ත්‍රයත් එකිනෙකා හා අභිමුඛ වීම ආරම්භ වන මොහොතයි. පලාත් සභාවට සාපේක්ෂ ස්වාධීනත්වයකින් සිය කටයුතු කරගෙන යාමට ඉදිරියේදී ඉඩ ලැබුනහොත් දෙමල ප්‍රභූ තන්ත්‍රය සහ දෙමල සමාජය අතර ප්‍රතිවිරෝධතා මතුවන ආකාරය පැහැදිලිවම දැකගැනීමට ලැබෙනු ඇත.

එම ප්‍රතිවිරෝධය මතුවන මොහොත වූ කලී උතුර තුල විකල්ප දේශපාලනයක් සදහා ඉඩ විවර වෙන මොහොතයි. එලෙස විවෘත වන අවකාශය තුල දෙමල ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව සමාජය සංවිධානය කිරීම සදහා වාමාංශයට උතුරේ විශාල විභවයක් නිර්මානය වීම වැලැක්විය නොහැක. එම අවකාශය තුලට ඇතුලු වීමට නම්, ඒ සදහා වන දේශපාලන සංවාදය දෙමල පීඩිතයා සමග ගොඩනගා ගැනීමට නම්, එම ජනයාගේ දේශපාලන නිදහස පිලිගැනීම අතිශය තීරනාත්මක වනු ඇත.දෙමල සමාජයේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන අභිලාෂ සම්බන්ධයෙන් නිහඩව සිටින තාක් දුරට සිංහල සහ දෙමල පීඩිතයින්ගේ එක්සත් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ගොඩනගා ගැනීම හුදු සිහිනයක් පමනි.

උතුර සිය පිලිතුර ලබා දී තිබේ. එම පිලිතුරට දකුනු  ලංකාවේ වාමාංශික හා ප්‍රගතශීලී බලවේග දක්වන ප්‍රතිපිලිතුර හා ප්‍රතිචාරය මේ දිවයිනේ දේශපාලන අනාගතය තීරනය කිරීමෙහිලා අතිශයින් තීරනාත්මක වනු ඇත්තේය.

14 comments:

  1. පැහැදිලිවම මේ මොහොත තමා ඊට සුදුසුම මොහොත බහුතරය මගින් පටවන බලහත්කාරයට දෙමළ ජනතාව නියම පිළිතුර දී හමාරයි.
    දැන් කලයුත්තේ කුමක්ද

    ReplyDelete
  2. මේ පාරෙ රෙන වඩේ දෙමලුන්ගෙන් මල වදේ ඕයි...

    ReplyDelete
  3. අති දරුණු පීඩනයට පිළිතුරක් දීලා තියෙනවා තමයි.. ඒත් ඉතින් ආයෙත් පත්වෙලා ඉන්නේ චෙල්වනායම්ලා, අමිර්තලිංගම්ලම තමයි.. උන් සාමාන්‍ය දෙමළට කරන මෙලෝ දෙයක් නෑ.. සිංහල උන් වගේම තමයි. අපේ උන්ට අන්තයි කුළ බේදේ නිසා.. නාම යෝජනා වලත් වලියක් ගියේ..

    ඒත් ඒ කියලා උන් ආයේ විකල්ප වලට යන්නේ නම් නෑ.. මේ කපේදී.. ඒ කියන්නේ තව අවුරුදු 30 කටවත්... නන්දිකඩාල් මතක තියෙන තාක් කල්..

    ReplyDelete
  4. දකුණේ 35%-45% වත් එ.ජා.ප යක් ඉන්නවා.තුන්වෙනි බලවේගත් ඉන්නවා.ඒත් උතුරේ (එ.ජ.නි.ස හැරුණම) විකල්ප දේශපාලනයක් නෑ නේද?ඉලංගෙය් තමිල් අරසු කච්චි ඒකාධිකාරයක් නේද තියෙන්නේ.ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳද?

    ReplyDelete
    Replies
    1. ජය ශ්‍රී - බාහිර සතුරා ( සිංහල රජය) ගේ තර්ජනය තිබෙන තාක් දෙමල සමාජයේ තිබෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා යටපත් වෙලා තියෙන්නේ. මේ තර්ජනය අඩු වන ප්‍රමානයට ඒ සමාජය තුල ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඉස්මත්තට පැමිනීම දැකගත හැකි වනු ඇති. ඉලංගෙයි තමිල් අරසු කච්චි ඒකාධිකාරය බලවත් වන්නේ දෙමල සමාජය මත පවතින සිංහල රජයේ ආධිපත්‍යය බලවත් වන තරමටයි.

      Delete
    2. එකඟයි රාමා මේකම තමයි සිංහලයන්ටත් උගන්වන්නේ එක්කෝ බටහිර එක්කෝ ඩයස්පෝරාව තමන්ගේ සතුරා කියල පෙන්වල අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තුලනය කරන එක...

      Delete
  5. උතුර උත්තරය දී තිබේ; එතකොට දකුණ දුන්නු උත්තරේ දයාසිරිද මචන්..? [උතුරේ ප්‍රතිඵලය විග්‍රහ කළා වගේ දකුණේ ප්‍රතිඵලයත් විග්‍රහ කරපන්

    මචන් සරලවම මෙච්චරයි, ඡන්ද දායකයෝ කියන්නේ අම්බරුවෝ. උන් ඔහේ රැලට ගිහින් ඡන්දේ දෙනවා. ඒකේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා වෙනසක් නෑ. ඒකනිසා ඔය මැතිවරණ ප්‍රතිඵලයෙන් ලොකු හයිපතිසීස් ගොඩ නඟන්න හද්න්න එපා.

    අර උඹේ කළින් ලිපියට කිව්වා වගේ මෙතන වුනේ සිංහල ප්‍රභූ [ලුම්පන්] පන්තියෙන් බැටන් එක දෙමළ ප්‍රභූ [ලුම්පන්] පන්තියට ගිය එක විතරයි.

    මෙතන උඹලට පොඩි චූන් එකක් යනවා සිංහලයට සහ සිංහල ආණ්ඩුවට රිදුනා කියලා. ඒක උඹලගේ ෆැන්ටසිය මිසක් අහිංසක දෙමළගේ ෆැන්ටසිය නෙමෙයි.

    මටනම් අහින්සක දෙමළව දඩමීමා කරගෙන තමන්ගේ ගේම් ගහන උඹලගෙයි, උතුරු වසන්තය කියල මගෝඩි වැඩ කරන බැසිල්ලගෙයි වැඩි එනසක් නෑ. දෙගොල්ලන්ටම දෙමළා යනු කොස් ඇට බාවන බළල් අතක් විතරයි.

    තව දෙයක්, මේ ඡන්දේ උඩින්ම පරදිනවා කියලා මහින්ද නොදැන ඉන්න කිසිම හේතුවක් නෑ. එහෙම තියෙද්දිත් ඡන්දේ තියල මහින්ද ගත්තේ කැල්කියුලඉටඩ් රිස්ක් එකක්. මගේ කියවීම අනුව, උතුරේ ඡන්දෙන් දිනුවේ මහින්ද, විමල් ඇතුළු ජාතිවාදි බල ඇනිය, දැන් උන්ට දකුණු පළාත් සභාවේ විකුණන්න දෙයක් තියෙනවා. මහින්ද තවත් වටයකින් දිනුම්.

    ReplyDelete
    Replies
    1. මාලන්,

      //මටනම් අහින්සක දෙමළව දඩමීමා කරගෙන තමන්ගේ ගේම් ගහන උඹලගෙයි, උතුරු වසන්තය කියල මගෝඩි වැඩ කරන බැසිල්ලගෙයි වැඩි එනසක් නෑ. දෙගොල්ලන්ටම දෙමළා යනු කොස් ඇට බාවන බළල් අතක් විතරයි.//

      මා 'දෙමලාව දඩ මීමා කරගෙන ගහන ගේම් එක' කුමක්ද? මේ ප්‍රකාශයෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද කියා පැහැදිලි කල හැකි නම් අගෙයි.

      //උතුර උත්තරය දී තිබේ; එතකොට දකුණ දුන්නු උත්තරේ දයාසිරිද මචන්..? [උතුරේ ප්‍රතිඵලය විග්‍රහ කළා වගේ දකුණේ ප්‍රතිඵලයත් විග්‍රහ කරපන්.මචන් සරලවම මෙච්චරයි, ඡන්ද දායකයෝ කියන්නේ අම්බරුවෝ. උන් ඔහේ රැලට ගිහින් ඡන්දේ දෙනවා. ඒකේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා වෙනසක් නෑ.//

      1994 දි දකුන චන්ද්‍රිකාට දෙන ඡන්දය එජාපයේ වසර දාහතක පාලනයට අප්‍රසාදය පල කිරීම සදහා දුන් එකක් යැයි ඔබ පිලිගන්නවාදැයි නොදනිමි. 1977 එජාපයට දෙන ඡන්දය සමගි පෙරමුනේ පාලනයට එරෙහි සිය අප්‍රසාදය පල කිරීමට දෙන ලද්දක් ලෙස ඔබ පිලිගන්නවා දැයි නොදනිමි. 1956 මහජන එක්සත් පෙරමුනට දුන් චන්දය ඩීඑස්-කොතලාවල පාලනයට එරෙහි සිය විරෝධය පල කිරීම සදහා දෙන ලද්දක් ලෙස ඔබ පිලිගන්නවාදැයි නොදනිමි. ඡන්දදායකයින් 'බුද්ධිමත්' අය කියන ජනප්‍රිය කථාව මාත් පිලිගන්නේ නැහැ. ඒත් සමහර අවස්ථා වලදී මේ වගේ ප්‍රතිඵල තුලින් මහජනයාගේ මනෝභාවය ගැන අපට අදහසක් ගත හැකියි. උතුරේ මැතිවරනය හමුදාව යොදාගෙන උතුරේ පසුගිය වසර කිහිපය තුල රජය ගෙන ගිය පාලනයට එරෙහි ජනතාවගේ අප්‍රසාදය සහ කෝපය ප්‍රකාශ කිරීමක්. මැතිවරන කාලයේ මට උතුරේ රැදී සිටින්ට අවස්ථාව ලැබුනා.එහිදී මිනිස්සු කල්පනා කරන ආකාරය ගැන මට පුද්ගලිකව යම් යම් අත්දැකීම් ලැබුනා. දයාසිරිට වයඹ ජනතාව ඡන්දය දීමත්, උතුරේ මැතිවරන ප්‍රතිඵලයත් අතර කිසිම වෙනසක් නැතැයි මා නොසිතන්නේ ඒ නිසා. වයඹ/මධ්‍යම ඡන්දයේදී වැඩ නොකල සාධකයක් ( ජාතික පීඩනය) උතුරේ මැතිවරනයේදී තීරනාත්මකව පවතී.

      //මගේ කියවීම අනුව, උතුරේ ඡන්දෙන් දිනුවේ මහින්ද, විමල් ඇතුළු ජාතිවාදි බල ඇනිය, දැන් උන්ට දකුණු පළාත් සභාවේ විකුණන්න දෙයක් තියෙනවා. මහින්ද තවත් වටයකින් දිනුම්. //

      මේ අදහසේ සත්‍යතාවයක් ඇත. ටීඑන්ඒ ජය පාවිච්චි කරලා නැවත වතාවක් දකුනේ ජාතිවාදය ඇවිස්සීමට රජය ක්‍රියා කරන බව ඇත්තක්. ටීඑන්ඒ දින්නත් නැතත් උතුර පෙන්වා දකුනේ ප්‍රශ්න වසන එක දිගටම රජය සිදුකරන දෙයක්.

      ඒත් එහෙම උනා කියා අපි උතුරට කිව යුත්තේ කුමක්ද? නිදහස පිලිබද ඔබේ අභිලාෂය යොදාගෙන මහින්ද දකුනේ ජාතිවාදය ඇවිස්සීමට ඉඩ තිබෙන නිසා ඔබ දිගටම හමුදා පාලනය යටතේ සිටිය යුතුයි කියාද? මේ මොහොතේ නිවැරදි දේශපාලනය වන්නේ දෙමල සමාජයේ කැමැත්තට පිටින් දෙමල සමාජය බලහත්කාරයෙන් යටකරගෙන සිටීම නිවැරදි නැහැ කියන ( ජනප්‍රිය නොවන) මතය දකුන තුල හැකි තාක් දුරට සංවාදයට ගැනීම සහ එය දකුනට ඒත්තු ගැන්වීම වෙනුවෙන් ක්‍රියා කිරීම නෙමෙයිද?

      //අර උඹේ කළින් ලිපියට කිව්වා වගේ මෙතන වුනේ සිංහල ප්‍රභූ [ලුම්පන්] පන්තියෙන් බැටන් එක දෙමළ ප්‍රභූ [ලුම්පන්] පන්තියට ගිය එක විතරයි.//

      මේකත් ඇත්තක්. ඒත් මේක මා දකින විදිහ ගිය ලිපියේදීත් මා පැහැදිලි කලා. මේ ලිපිය තුලත් ඒ ගැන සදහන් කර තිබේ. කෙටියෙන් නැවත කියනවා නම් - දැන් බැටන් එක තමා වෙත උදුරා ගැනීම සදහා දෙමල පොදු සමාජයට පෙරට වඩා පහසු අවස්ථාවක් ලැබී ඇත. දෙමල ප්‍රභූ පංතිය නිරුවත් කරන දේශපාලනයක් උතුරේ කිරීමට අවස්ථාව ලැබෙන්නේ දැන්. දෙමල සමාජය නිදහස් වන තරමට ඒ සමාජයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මත දේශපාලනය සංවිධානය කිරීමට තිබෙන අවස්ථාව වැඩියි.

      සිංහල ආන්ඩුවට හෝ සිංහල ජාතියට රිද්දීමෙන් මා සතුටක් ලබනවා වගේ අදහසක් ඔබ තුල තිබෙන බව ඔබේ කමෙන්ටු කියැවීමේදී හැගේ.එය වැරදි වටහා ගැනීමකි. සිංහල හෝ දෙමල අනන්‍යතා ගැන අමුතු තරහවක් හෝ අමුතු ආදරයක් මට නැත.මගේ විවේචනය තිබෙන්නේ සිංහල අනන්‍යතාවයට දෙමල සමාජය මත මේ මොහොතේ වැඩ කරන සිංහල ජාතිවාදී ආධිපත්‍යය සම්බන්ධයෙනි.ඒ ආධිපත්‍යයට මා විරුද්ධ වන්නේ මා දෙමල ජාතිවාදය ප්‍රිය කරන නිසා නොව මම විශ්වාස කරන දේශපාලනය ( පංති දේශපාලනය) ඉස්සරහට ගැනීම සම්බන්ධයෙන් එය බාධාකාරී වන බැවිනි.



      Delete
    2. මාලන්, දිවයින පුවත්පතේ මේ ලිපිය බලන්න.

      http://www.divaina.com/2013/09/29/politics05.html

      //හමුදාවත් උතුරේ වැසියනුත් අතර ඇත්තේ මහා විරසකයකි. උතුරේ මහ ඇමැති ලෙස තේරී පත් වූ විග්නේස්‌වරන්ගේ සිට සාමාන්‍ය දෙමළ වැසියා දක්‌වා මේ විරසකය එක පමණටම පවතී. මීට හේතුව සොයා ගැනීම ඉතා අපහසු වුවත් ඒ විරසකය ඇතිවී තිබෙනුයේ දෙපිරිස අතර පවතින සැකය, අවිශ්වාසය මත යෑයි මට පෞද්ගලිකව වැටහුණු කාරණයකි.//

      මේ ලියන්නේ 'සිංහල බෞද්ධ' දිවයින මාධ්‍යවේදියෙක්. මේ උතුරේ විශේෂ ප්‍රශ්නයක් තිබෙන බවට උදාහරන නෙමෙයිද?

      Delete
    3. නිවැරදි කිරීමක් -

      //.මගේ විවේචනය තිබෙන්නේ සිංහල අනන්‍යතාවයට දෙමල සමාජය මත මේ මොහොතේ වැඩ කරන සිංහල ජාතිවාදී ආධිපත්‍යය සම්බන්ධයෙනි//

      මේ ප්‍රකාශය - මා‍ගේ විවේචනය තිබෙන්නේ සිංහල අනන්‍යතාවයට 'නොව' දෙමල සමාජය මත මේ මොහොතේ වැඩ කරන සිංහල ජාතිවාදී ආධිපත්‍ය්‍ය සම්බන්ධයෙනි - ලෙස ‍සංශෝධනය විය යුතුයි.

      Delete
  6. දැන් උතුරේත් දකුණේත් ජනමතය ප්‍රකාශවී ඉවරයි. විග්නේශ්වරම් තුලින් උතුරේ ජනතාවගේ ප්‍රශ්ණවලට උත්තර ලැබීම කෙසේ වෙතත් ,එහි පාලනය සහ ක්‍රමවත් වැඩ කොටසක් ආරම්භ කිරීමටවත් හැකිවේදැයි කියන ප්‍රශ්ණය මතුවෙනවා. ඔවුන් අ යන්නේ සිට වැඩ ඇරඹිය යුතුයි. ඉඩම් බලතල වෙනුවෙන් ඊයේ පෙරේදා දුන් නඩු තීන්දුව, දිස්ත්‍රික් ඇමතිවරුන් පත්කිරීම සඳහා ආණ්ඩුවේ නිහඬ සුදාණම යන කරුණු සැලකිල්ලට ගත් විට, විග්නේශ්ට සිදුවන්නේ බාහිර අතපෙවීම් වලට විරුද්ධව වැඩ ඇල්ලීම මිස, උතුරේ ජනතා ප්‍රශ්ණ කෙරෙහි යොමුවන්නට නොවේ. දකුණේ වාමාංශික බලවේගවලට ඒ වෙනුවෙන් කලහැකි කාර්‍යභාරය ලිප්ටන් එකේ පිකටින් පමනය.රජය උතුරු පලාත් සභාව දැඩි පීඩනයකට ලක් කරනු ඇත. නිසි අයුරින් උතුරු පාලණය පවත්වා ගෙනයාමට ඉඩ නොහැරියොත් තව තවත් ඉන්දීය කණ මිරිකීම් සහ ටොකු ඇණීම් වලට ගොදුරුවෙන බව මේ විකාර පාලකයින් වටහා ගත යුතුය.

    ReplyDelete
  7. රාමා උඹ කියන කතාව බොහොම ලස්සනට ගලාගෙන යනවා. නමුත් උඹ බලාපොරොත්තු වෙන විදිහට උතුරේ වාමාංශික විභවයක් ඇති වෙනවා කියන උඹේ ෆැන්ටසිය සාධාරණීකරනය කරන්න උඹට පුලුවන්ද?

    එහෙම ෆැන්ටසියක් උඹට දකුණ ගැන නැද්ද?

    --ishan--

    ReplyDelete
  8. මුස්ලිමුන් සහ සිංහලයන් පන්නා දමා එත්නික් ක්ලෙන්සිං කල පළාත් සභාවක ඡන්ද ප්‍රතිඵලය මේකට වඩා වෙනස් වෙන්න ඕනද?

    විග්නේශ්වරන් ආයෙත් ඔක්කොම උතුරේ සිංහලයන්ට, මුස්ලිමුන්ට පදිංචි වෙන්න දෙයිද? අපට පේන උත්තරය නෑ කියන එක.

    ReplyDelete
  9. ජන මත‍ය කෙසේ වෙතත් ආණ්ඩුව උතුරු පළාත් සභාවට ලොකු පීඩණයක් එල්ල කරන බව නම් පැහැදිලියි. 'අරූ' කිවුවා වගේ දිසා ඇමතිවරු පත් කිරීමත් එයට තැබූ පියවරක් තමා.

    ReplyDelete