Saturday, August 3, 2013

T 56 සහ තබ්ලාව ( මිලිටරි රියැලිටි සංකල්පය )

ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කෙරෙන රනවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය දිනෙක සජීවීව විකාශය කරන ලදී. එහි ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති රාජපක්ෂ සහ එම ආර්යාව සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වී සිටියහ. විනිශ්චය මන්ඩලයේ වාඩි වී සිටියේ යශෝදා විමලර්ධම, එඩ්වර්ඩ් ජයකොඩි හා ජැක්සන් ඇන්තනී යන තිදෙනාය. තරග වදින සොල්දාදුවන් ගීතය ගයා අවසන් වූ විට ඒ ගැන අදහස් දැක්විම මේ විනිසුරන්ට භාර වී තිබුනි. සිය සෑම අදහස් දැක්වීමක්ම පාහේ ජැක්සන් ඇන්තනී ආරම්භ කරන ලද්දේ "මිලිටරි රියැලිටි" සංකල්පය ලෝකයට පලමුවෙන් හදුන්වා දුන් "අතිගරු ජනාධිපතිතුමන්ට" සහ " ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට" ස්වකීය උපහාරය පුද කරමින්ය.

රනවිරු රියල් ස්ටාර් වැඩසටහන වූ කලී වෙලදපොල ධනවාදය සමග සිංහල රනකාමී ස්වෝත්තමවාදයත්, වැඩවසම් පිලිම වන්දනාවත් මිශ්‍ර වී බිහිවුනු අපූර්ව ආකාරයේ ඔලු තුනක සත්වයෙකි. සුපර් ස්ටාර් පන්නයේ රියැලිටි වැඩසටහන් බටහිර රටවල බිහිවූයේ විනේදාස්වාද කර්මාන්තය ( Entertainment industry) දියුනු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කාර්මික ධනවාදයෙන් පශ්චාත් කාර්මික යුගයට මාරු වෙද්දී බටහිර රටවල හටගත් එක් වැදගත් උද්ගතයකි විනෝදාස්වාද කර්මාන්තය වෙත විශාල වශයෙන් ප්‍රාග්ධනය ආයෝජනය වීම. ලංකාවේ රූපවාහිනී නාලිකා මහත් අභිරුචියෙන් විකාශය කරන සුපර් ස්ටාර් තරගවල සිට ලිට්ල් ස්ටාර්/ ලවිං ස්ටාර් තරග දක්වා වූ සියලු රියැලිටි වැඩසටහන් බටහිර විනෝදාස්වාද කර්මාන්තය තුලින් ගෙඩි පිටින් නයට ගත් සංකල්පයෝ වෙති.ජැක්සන් ඇන්තනී ඇතුලු පිරිස වාඩි වී සිටි විනිශ්චයාසනය පසුපස කුඩා පරිමාන තිරයක් සවිකොට තිබුනි. විවිධ සමාගම් වල වෙලද සන්නාම එහි වර්නවත්ව ප්‍රදර්ශනය කෙරෙමින් තිබුනි.

මේ වානිජ ක්‍රීඩාවේ දී කෙසේ වුවද විකුනනු ලැබෙන්නේ "රනවිරුවා"වය. ශිහාන් මිහිරංග වැනි සුකුමාල තරුනයන් සහ නදිනි ප්‍රේමදාස වැනි ගැහැනුන්ගේ භාව භාව ලීලාවන් විකුනනවාට වඩා අභිමානවත් රනවිරුවන් විකිනීම තරමක වෙනස් වැඩකි. යුද්ධ කාලයේ විකාශය වූ මහත් ප්‍රසිද්ධියට පත් " අපි වෙනුවෙන් අපි" වෙලද දැන්වීම ඔබට මතක නම්, එම දැන්වීමේ ‍තේමාව වී තිබුනේ රනවිරුවාගේ නිල ඇදුම තුල සුන්දර මනුශ්‍යයෙක් ජිවත්වන බව පෙන්වාදීමයි. ඔහු " අපෙන් එකෙකි". රනවිරු රියල් ස්ටාර් තුලින් පෙන්වා දෙන්නේ හමුදා සොල්දාදුවා තුල මහත් සෞන්දර්යයාත්මක මිනිසෙක්, රසවතෙක්, සංවේදී කලාකරුවෙක් ජීවත් වන බවයි. කොච්චර ලස්සනද? අපේ රනවිරුවන්ට යුද්ධ කරනවා වගේම සිංදු කියන්නත් පුලුවන්.

මෙහිදී හමුදා සොල්දාදුවා සෞන්දර්යමය වස්තුවක් බවට මාධ්‍යය විසින් පත්කරනු ලැබේ. උත්තුංග දේහධාරී රනකාමී එසේම කලාකාමී රනවිරු පිරිමින්ට එස්එම්එස් ගැසීම සදහා සමාජයේ යෞවනියන් අතර උන්මාදයක් වගාදිගා කරනු ලැබේ. එම එස්එම්එස් තුලින් ඩයලොග් සමාගම ඊට සමගාමීව විශාල ආදායමක් උපයාගනී. සිංහල ජාතිය සමග බහුජාතික ප්‍රාග්ධනය අතිනත ගෙන ඇත්තේ එසේය.

එහෙත් යථාර්ථයේ දී හමුදාව සහ හමුදා සෙබලා යනු මෙවැනි සෞන්දර්යයමය වස්තුවක් නොව පීඩක උපකරනයක් බව අපි දනිමු. පසුගිය දා වැලිවේරිය රතුපස් වලදී ඉතාම විවෘතව හා ඉතාම මිලේච්ඡ ලෙස හෙලිදරවු වූයේ එම කරුන මිස ‍අනෙකක් නොවේ. එය ( හමුදාව) අධිපති පංතිය සහ අධිපති සමාජ රටාව ආරක්ෂා කරගනු වස් නඩත්තු කෙරෙන මර්ධක යන්ත්‍රයකි. අද වැලිවේරිය නිරායුධ ජනයාගේ විරෝධය දැක්වීම් වලට විවෘතව වෙඩි තබා ඒවා විසුරුවා හැරීමට පාලකයින් වෙනුවෙන් මැදිහත් වන්නේ යම් සේද කටුනායක කම්කරු උද්ඝෝෂනවලදී නිරායුධ කම්කරුවන්ට ගිනි බින්දේද, හලාවත ධීවර උද්ඝෝෂනවලදී තරුන ධීවරයෙක්ගේ හිස් කබල පුපුරා යන ලෙස වෙඩි තිබ්බේ ද රනවිරු රියල් ස්ටාර් වේදිකාව මත නර්තන ලීලා දැක්වූ හමුදා සෙබලුන්මය. මියගිය එල්ටීටීඊ සෙබලියන්ගේ සිරුරු නිරුවත් කොට, ඒවා සමග අශ්ලීල බස් තෙපලමින් විනෝද වෙමින්, ඒ විනෝද වීම් සිය ජංගම දුරකථන මගින් රූගත කොට සටහන් කරගනු ලැබුවේ ද මිලිටරි රියැලිටි වැඩසටහන් වල ගී ගයන මෙම සෙබලුන්මය. රියැලිටි වැඩසටහන් යනු යථාර්ථය එලෙසම විකාශය කිරීම නම් සැබෑ "මිලිටරි රියැලිටි" වැඩසටහන රනවිරු රියල් ස්ටාර් නොව චැනල් ෆෝ නාලිකාව විකාශය කල ශ්‍රී ලංකන් කිලිංග් ෆීල්ඩ්ස්ය. සමාජයේ දුගී සහ පීඩිත ස්ථරයන්ට අයත් තරුනයින් අතරින් ශක්තිසම්පන්නයින් තෝරාබේරා බදවාගෙන, ඔවුන් මොල සේදීමකට ලක්කොට, සන්නද්ධ පුහුනුවක් ලබාදී ධනපති රාජ්‍යය වෙනුවෙන් ඕනැම ප්‍රචන්ඩ ක්‍රියාවක් කිරීම සදහා අවිචාරාත්මකව ඔවුන්  පුරුදු පුහුනු කිරීම හමුදාවේ කාර්යය භාරයයි. සොල්දාදුවා යනු මේ අනුව විරුවෙක් හෝ යෝධයෙක් නොව අධිපති පංතිය විසින් සිය අභිමතාර්ථයන් වෙනුවෙන් පාවිච්චි කෙරෙන අධිපති පංතියේ ඉත්තෙකි.ගොදුරකි. 

මිලිටරි රියැලිටි වැඩසටහන් මගින් සිදුකෙරන්නේ හමුදාව පිලිබද ඉහත දේශපාලන යථාව සෞන්දර්යයවාදී කඩතුරාවකින්  වසාදැමීමයි. මේ නිසා රනවිරු රියල් ස්ටාර් යනු හමුදාවේ සිටින දක්ෂයින්ට "අත දීම" සදහා සිදුකෙරෙන අහිංසක සංගීත සාජ්ජයක් නොව අතිශය දේශපාලනික වැඩසටහනකි. බැල්කනියේ ඉහල ආසන අරා මහින්ද - ගෝඨාභය දෙබෑයෝ තෘප්තිමත් සිනහවකින් යුක්තව බලා සිටින්නේ කරලියේ රගදෙන එම දේශපාලන වැඩසටහන දිහාය. සාරංග දිසාසේකර සිය හුරුබුහුටි නිවේදනයෙන්ද, ජැක්සන් ඇන්තනී සිය වාචාල නන් දෙඩවීම් වලින්ද, යශෝදා විමලධර්ම සිය ශාන්ත අභිනයන්ගෙන්ද වර්න ගන්වනු ලබන්නේ සෞන්දර්යයමය කඩතුරාවකින් වසනු ලැබූ එම දේශපාලන වැඩසටහනයි. මේ නිසා නිසැකවම අපට මෙසේ කිව හැක. රනවිරු රියල් ස්ටාර් - එහි කාර්යය අතින් ගත්කල්හි - 'රතු ඉරට' වඩා දේශපාලනිකය.


10 comments:

  1. පාලකයින්ට මෙවැනි පිස්සු කෙළින්නට ඉඩ ලැබී ඇත්තේ පාලකයින් මොන තරම් දුර්දාන්ත ක්‍රියාවක් කළත් ඒවා අනුමත කිරීමට ජනගහණයෙන් යම් කොටසක් නිවට වන නිසාය. මේ නිවටවීම සමහරවිට පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා හෝ සහජයෙන් උරුම නිවටකම නිසා විය හැකිය. බ්ලොග් අවකාශය ගත්තොත් මිගාර වීරක්කොඩි හා චතුශ කුමාර වැන්නන් මෙවන් නිවටයන්ට හොඳ උදාහරණ සපයයි. මෙවන් නිවටයින් වෙනුවට කොන්දා පණ ඇති මින්සුන්ගෙන් පමණක් අප සමාජය සමන්විත වී නම් මේ අවාසනාවන්ත සිදුවීම් අපට අසන්නට නොලැබෙනු ඇත.

    ReplyDelete
  2. I dnt knw th exact wording bt wat is knwn as wikalpa news papers hv gone to th hands of th regime. And blogs hv taken over their role .in a country where all mass media are in th hands of th government blogs are th only way people can indipendantly express their views.this came to my mind after seeing th media reaction th blog reaction to th weluweriya incident.

    ReplyDelete
  3. රාමචන්ද්‍ර......ඔබ නිවැරදිවම ලියා ඇති පරිදි රණවිරු ස්ටාර් කියන්නේත් මිලිටරිකරණයේ එක් පුරුකක් බව මගේත් අදහසයි.මා හමුදා ටින්කිරි යන ලිපියෙන් කියන්නට උත්සාහගත්තේත් හමුදා අවන්හල්,හමුදා රැඟුම්හල් ආදී වශයෙන් සිවිල් පරිපාලනය තුලට හමුදා පාලනය ආදේශ කිරීමට ගන්නා උත්සාහයයි.

    ReplyDelete
  4. ලිපිය ඉතාමත් වැදගත් රාමචන්ද්‍ර.මට එච්චරයි කියන්න පුවවන්.

    ReplyDelete
  5. මේවා බලනවට රාමචන්ද්‍රන්ට ගහන්න ඕන හරක් පයියකින්. (සමාවෙන්න ඒ වචනය භාවිතා කලාට.)

    // සොල්දාදුවා යනු මේ අනුව විරුවෙක් හෝ යෝධයෙක් නොව අධිපති පංතිය විසින් සිය අභිමතාර්ථයන් වෙනුවෙන් පාවිච්චි කෙරෙන අධිපති පංතියේ ඉත්තෙකි.ගොදුරකි.//

    100% එකඟයි , රතුපස්වලදි වූයේත්, රතු චතුරශයේ සිඳු වූයේත් එකම දෙයකි. ඒය තවත් ර්.අකියාවක් පමණි. ඒ කියන්නේ නඩු නැතිව මිනී මරණ රස්සාව.

    ReplyDelete
  6. ඔබ ලියා ඇති දේ සත්‍යක් බව නැවත වරක් වැලිවේරියේදී සනාථ කලා.මොවුන් සියලු දෙනාගේම මූනුවල තවරාගත් සිනහව වෙනුවට මුඛයේ සැබෑ උල් දත් පෙනෙන්නේ මුන් සපා කන විටයි. අවාසනාවනම් මුන් පලමුව සපාකන්නේ තමන්ට අත්පුඩි තැලූ අයවයි.

    ReplyDelete
  7. රාමා පත රාම තෙලක් ඇරියා නේද ඉදලා ඉදලා. දෙමල ජාතිවාදයේ ගද එනවා බ්ලොග් එක පුරාම​. ඒයි බන් උබලගේ කොමියුනිස්ට් රාජ්‍යවල හමුදාවක්, පොලිසියක් නැද්ද බන්. ඒවයේදි නීතිය​, ආර්ක්‍ෂාව තහවුරු කරන්නේ කොහොමද ගොයියෝ..... බලය නැති නිසා මේවගේ ගොන් කථා කිය කිය හිටපන් හැමදාම​. බ්ලොග් බලන මාක්ස්වාදී, සමාජවාදී අපතයන් 10, 15 දෙනාට ඉදලා ඉදලා චූන් එකක් දෙන්ඩත් එපැයි නේද රාමා....

    ReplyDelete
    Replies
    1. හරකෙක් උනාට උම්බෑ කියන්න එපා, මුස්පේන්තුවෝ, ලෝකෙම දැන ගන්නවා උඹ හරකෙක් කියලා

      Delete
    2. අඩේ හරක්ට කමෙන්ට් කරන උබ කවුද බන් එතකොට​. මම හරකා උබ එතකොට බූරුවා. ඇයි අවුල්ද බූරුවා........ හික් හික් හික්.... බු බු බූරුවා.................

      Delete
  8. This is the age of marketing, politics also the same. This is not a problem with the leaders, this is a problem of level of intelligence of the majority. Even though politician knows how disgusting the drama is, it is what can be sell, what majority byes. This is not a problem of system, problem of the era.

    ReplyDelete