Friday, July 5, 2013

ගෝඨාභය ගැන ඔත්තු බැලුවේ එඩ්වර්ඩ් ස්නෝඩ්න් ද?

" ඒ ඔබ විය හැක" 
“රටක බුද්ධි අංශ ආරක්ෂක අවශ්‍යතා මත දුරකථන ටැප් කිරීම ඉතා සාධාරනය.එහෙත් දේශපාලන අවශ්‍යතා මත එ‍සේ කිරීම දුර්දාන්ත ක්‍රියාවකි”

මේ පසුගිය ජූලි 03 (2013.06.03) බදාදා දිවයින පුවත්පතේකතුවැකියෙන් උපුටාගත් කොටසකි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දුරකථනය යම් විදේශ තානාපති කාර්යාලයක් විසින් ටැප් කරනු ලැබී යැයි කියන ප්‍රවෘත්තිය පිලිබද සිය කෝපය පල කිරීමට දිවයින කතුවරයා මෙම කතුවැකිය ලියා තිබුනි. ඔහුට අනුව “රාජ්‍ය ආරක්ෂාව” වෙනුවෙන් වෙනත් පුද්ගලයින්ගේ පුද්ගලික ජීවිත ගැන ඔත්තු බැලීමට රජය වැනි ඉහල අධිකාරින්ට සාධාරන අයිතියක් ඇති අතර, නොහොබින්නේ “දේශපාලන අවශ්‍යතා” වෙනුවෙන් එසේ කිරීමය. දිවයින කතුකම කරන්නේ රාජ්‍ය ආරක්ෂාව කියන්නේත් “දේශපාලන අවශ්‍යතාවයක්” බව නොදන්නා දේශපාලන වෘෂභයෙකි යන්න මොහොතකට අමතක කොට අප මේ ප්‍රකාශයෙන් යෝජිත අදහස තරමක් සැලැකිල්ලෙන් විමසා බලමු.

" ඒ ඔබ විය නොහැකි ද?" 
උත්ප්‍රාසාත්මකව “සිංහල බෞද්ධ” දිවයින මේ පුනරුච්චාරනය කරන්නේ මේ දිනවල “බටහිර අධිරාජ්‍යවාදී” එක්සත් ජනපදය නිතර සජ්ජායනය කරන්නා වූ සූත්‍රයකි. එඩ්වර්ඩ් ස්නෝඩ්න් නමැති විසි හත් හැවිරිදි තරුනයා “ප්‍රජාතන්ත්‍රවාදී” අමෙරිකාවේ ලිබරල් මුහුනු වහන්තරාව තූ තූ කොට ඉරා දැමීමත් සමග එරට සන්නිවේදන ලෝකය කැලැඹී ගොස් තිබේ. අමෙරිකානු රජය එරට ජනතාවගේ දුරකථන වාර්තා, ලෝකයේ ජනයාගේ අන්තර්ජාල, විද්‍යුත් තැපැල් ගනුදෙනු පිලිබද ඔත්තු බලන සාපරාධී යාන්ත්‍රනයක් පවත්වාගෙන යමින් සිටින බව හෙලිදරවු කල එරට ඔත්තු සේවයට අනුබද්ධව සේවය කල ස්නෝඩ්න් දැන් සිටින්නේ “විසා නැති ග්‍රහලෝකයක”ය. ස්ටාලින් විසින් රුසියාවෙන් පිටුවහල් කිරීමෙන් ඉක්බිති ලියොන් ට්‍රොට්ස්කිට දේශපාලන රැකවරන දීමට කිසිදු රටක් ඉදිරිපත් නොවීය. ප්‍රංශය, බ්‍රිතාන්‍යය වැනි අතිශය ප්‍රජාතන්ත්‍රවාදි යැයි කියාගන්නා රටවල් පවා ට්‍රොට්ස්කිට රැකවරන දීම ප්‍රතික්ෂේප කල අතර තමා ජීවත් වන්නේ “වීසා නැති ග්‍රහලෝකයක” යැයි එකල ට්‍රොට්ස්කි ලිවීය. රාජ්‍ය රහස් හෙලිකිරීම උඩ දඩුකදේ ගැසීමට අමෙරිකාව ස්නෝඩ්න් පසුපස ලුහුබදිමින් සිටී. ඔහුට රැකවරන දීමට ( දේශපාලන රැකවරන ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ එන ප්‍රධාන මානව අයිතිවාසිකමකි) මේ ලියන මොහොත වනවිටත් කිසිදු රටක් ඉදිරිපත් වී නැත. ඉන්දියාවේ සිට පෝලන්තය දක්වා රටවල් රාශියක් ඔහුගේ දේශපාලන රැකවරන අයැදුම ප්‍රතික්ෂේප කොට ඇත. පුටින්ගේ රුසියාව ඔහුට දන්වා ඇත්තේ අමෙරිකාවට එරෙහිව තොරතුරු හෙලිකිරීම නතර කරන්නේ නම් පමනක් රුසියාවේ රැකවරන දිය හැකි බවයි. මේට්‍රික්ස් චිත්‍රපටයේ මෝෆියස් මෙන් රතු පෙත්තද?නිල් පෙත්තද? කියා පුටින් ස්නෝඩ්න් ගෙන් ඇසීය. නිල් පෙත්ත ගතහොත් පහසුදායි එහෙත් මායාකාරී ජීවිතයකට එලැඹිය හැක. රතු පෙත්ත තිත්ත යථාර්තය වෙත ඔබව නිරාකරනය කරයි. පුටින්ගේ කොන්දේසිය ප්‍රතික්ෂේප කරමින් ස්නෝඩ්න් රතු පෙත්ත තෝරාගෙන තිබේ.

ස්නෝඩ්න්ව පට්ටා ගසන අමෙරිකානු ජනමාධ්‍ය එරට රජයේ චරපුරුෂ කටයුතු සාධාරනීකරනය කරන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. ඔබාමා ආන්ඩුව පවසන පරිදි ඔවුන් පුරවැසියන්ගේ පුද්ගලික ජීවිත තුලට ඔත්තු බැලීමේ අදහසින් එබිකම් කලා නම් එබිකම් කලේ ත්‍රස්තවාදයෙන් පුරවැසියන් ගලවා ගනු සදහාය! කෙතරම් ලස්සන තර්කයක්ද? ඔබව “ආරක්ෂා කිරීම” සදහා ඔවුහු ඔබ ගැනම “ඔත්තු බලති”. රජයේ මෙම චරපුරුශ හැසිරීම් හෙලිකල ස්නෝඩ්න් එල්ලා දැමිය යුතු දේශද්‍රෝහියෙකි.

රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රටික් භේදයකින් තොරව ඇමරිකානු දේශපාලකයින් හා ජනමාධ්‍ය යොදාගන්නා ඉහත භාෂාව ලංකාවේ අපගේ අත්දැකීම් වලට මොනතරම් සමීපද? වසර කිහිපයකට පෙර දෙමල ජනයා දහස් ගනනින් මරාදැමෙන විට එය සාධාරනීකරනය කරන ලද්දේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. අදත් උතුර මත සාපරාධී හමුදා පාලනයක් පවත්වාගෙන යමින් එම ජනයාගේ නිදහස මැඩ තැබීම සාධාරනීකරනය කෙරෙන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. රට පුරා හමුදා කදවුරු පිහිටුවන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. උතුරේ පමනක් නොව පානම වැනි පෙදෙස්වල පවා අක්කර ගනන් හමුදාවට පවරාගෙන ඒවායේ ජීවත් වන ජනතාව පිටමං කරනු ලැබෙන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. ‍මෙවැනි අපරාධ ප්‍රශ්න කරන්නවුන්ට දේශද්‍රෝහී ලේබල් ගැසෙන්නේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි. ගෝඨාභය විසින් මෙහෙයවෙන රජයේ බුද්ධි අංශ රටේ පුරවැසියන්ගේ දුරකථන ටැප් කරන ආකාරය ගැන/ ජනයා පිලිබද ඔත්තු බලන ආකාරය ගැන හෙලිදරවු කිරීමට ලාංකික ස්නෝඩ්න් කෙනෙක් තවමත් මෙරට බුද්ධි අංශ තුලින් බිහිවී නැත.එසේ බිහි නොවුනද මෙරට රාජ්‍යය පුරවැසියාගේ දෛනික කථාබහ, ගමන්බිමන් නිරන්තරව නිරීක්ෂනය කරන බිග් බ්‍රදර් රාජ්‍යයකි යන්න අමුතුවෙන් වසන් කල යුතු කරුනක් නොවේ.

ගෝඨාභය මහතාගේ දුරකථනය ටැප් කිරීම දිවයින කතෘට මහත් අපරාධයක් සේ දිස්වුවද අපට නම් එහි කිසිදු අමුත්තක් නැත. ගෝඨාභය මහතා මෙරට පුරවැසියන් ගැන ඔත්තු බලයි. ගෝලීය බලවතුන් ගෝඨාභය මහතා ගැන ඔත්තු බලයි. අපව නිරීක්ෂනය කරන බිග්බ්‍රදර් වෙනත් බිග්‍බ්‍රදර් කෙනෙක්ගේ ඇසට හසුවී සිටීම ගැන අප කම්පා විය යුත්තේ ඇයි? පංති සමාජය තුලින් පැන නැගි, පංති සමාජය පවත්වාගෙන යාම උදෙසා පවතින රාජ්‍යය යනු එනයින්ම මිනිස් නිදහසට සතුරු වූ ප්‍රපංචයකි. ඔබාමාගේ “ශිෂ්ට” ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ සිට ලංකාවේ එතරම් ශිෂ්ට නැති රාජ්‍යය දක්වා සියලු රාජ්‍යයන් සම්බන්ධයෙන් මෙම කරුන අදාලය. අප සටන් කල යුත්තේ බටහිර ඔත්තු බැලීම්වලින් ගෝඨාභයව ගලවාගැනීම සදහා නොවේ. ගෝඨාභයගේ මෙන්ම ඔහුගේ බටහිර ස්වාමිවරුන්ගේ ද ඔත්තු බැලීම්වලින් මනුෂ්‍ය වර්ගයා ගලවාගැනීම සදහාය.



20 comments:

  1. සමාජවාදය තුල ඔත්තු බැලීම ඇත්තෙම නැද්ද....?

    ReplyDelete
    Replies
    1. රජය(සමාජවාදී හෝ ධනවාදී) වෙනුවට නිදහස් වෙළඳ පොළ වෙනුවෙන් නොබියව මා පෙනී සිටින්නේ එබැවිනි. මේ මොහොතේ මා විකාරයක් හිතන මෝඩ වම්මුන් කටින් මොනවා කිව්වත් නිදහස් වෙළඳ පොලේ අගය ඔවුන්ගේ දරුවන් අනාගතයේ ශරීරයෙන් වටහා හනු ඇත. රජය තමන්ගේ දත්ත ඉල්ලමින් නියෝග නිකුත් කරමින් පුරවැසියන්ගේ ඔත්තු බලන බව ඇපල් මයික්‍රෝසොෆ්ට් වැනි පුද්ගලික ආයතන ජනතාවට හෙළිදරව් කරන ලදී. බලය අධික රජය වෙනුවට ජනතාවාදී නිදහස් වෙළඳපොල ට ජයවේවා. අනාගත විප්ලවය යනු ඉතිහාසය නැවත සිදුවෙමින් වන මෝඩ වම්මු සිතන සමාජවාදී විප්ලවය නොව රජය පරදවමින් වෙන නිදහස් වෙළඳපොල ජයගන්නා ධනවාදී විප්ලවයයි.

      Delete
    2. ගොං බූරු කතා නොකියා හිටහං මෝඩයෝ. උඹෙ ඔය පූර්ණ නිදහස් වෙලදපොල සමාජෙ තියෙන්නෙ උඹෙ හින ලෝකෙම තමයි. ලෝකෙ නිදහස්ම වෙලදපොල තියෙනව කියන කෙහෙල්මල් රටෙත් එපා කරපු රාජ්‍යයක් බලද්දි තියෙන්නෙ.ලොකු සමාගම් වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇටයක් කථා කරනව මෙතන. සමාගම් කරන කුමන්ත්‍රණ අටවන අගුල් කරන කැරි වැඩ දැක්කම ආණ්ඩු තව හොදයි කියල හිතෙනව අම්මපා!!

      Delete
    3. @AnonymousJuly 11, 2013 at 11:34 AM
      //ගොං බූරු කතා නොකියා හිටහං මෝඩයෝ. උඹෙ// ස්තුතියි බුදු සරණයි ත්‍රිවිධ' රත්නයේ පිහිටයි, ඔහේ මොන ඉස්කෝලෙටද ගියේ මල්ලියේ. ඔය තරම් මොලේ ඇති කතා කියන්න.අනේ මල්ලියේ මෝඩ බූරු ගොන් කම මගේ පූරුවේ කරුමයක්ද කොහෙද ඔහේගේ මොලේ පොඩ්ඩක් මටත් දෙනවද? ඔහේගේ ගම් පැත්ත කොහෙද?

      Delete
    4. මෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ඔයා මේක ගැන හිතන්නේ මොකද ?

      http://avajathaka.blogspot.com

      Delete
  2. මතු පිටින් ඉතාමත් සාධාරණ විවේචනයක් ලෙස පෙනුනද, යෙටි පෙල හරහා දිවෙන ඇමරිකානු විරෝධය ඒකපාක්ෂික කතාවක් කියයි.

    එවන් පසුබිමක, මාතලන්ගේ උත්ප්‍රහාසාත්මක ප්‍රශ්නයම, කියවන්නාගේත් සිතේ නැඟීම අරුමයක් නොවේ :)

    ත්‍රස්තවාදය ජාලගතවී ලෝක ව්‍යාප්තව ඇති මෙවන් අවදියක, මුලු මුස්ලිම් ලෝකයම පොදු සතුරා ලෙස සලකන ඇමරිකාවට, තමන්ගේ ආරාක්ෂාව සලසා ගැනීම , කියන තරම් ලේසි කටයුත්තක් නොවේ.අවශය නම් රටතුල සිටිනා සියලුම මුසල්මානුවන් අතුගා දැමීමට වුවද හැකි සමාජවාදී රටක මෙන් නොව, එසේ කල නොහැකි "අධිරාජ්‍යවාදී" රටක් වන, ඇමරිකාව , තම ජාම බේරා ගැනීමය මෙවැනි " සදාචාරාත්මක" නොවන උපක්‍රම භාවිතා කිරීම අපට නං පුදුමවිය යුතු කාරණයක් ලෙස නොපෙනේ.


    ඇමරිකාවත් තියෙන්නෙ ඕනෙ, ( නැහැයි කියල හිතෙනව නං, චීනෙට ලෝක බලවතා වෙන්න දීලා බලන්න:) ) ස්නෝඩන්ලත් ඉන්නත් ඕනෙ. අප විරුද්ධ වියයුත්තේ, ඇමරිකාව , ස්නෝඩන් කල දෙයට ප්‍රතිචාර දක්වන නිහීන පිලිවෙතටයි

    ReplyDelete
    Replies
    1. cheenaya saha america wa athara athi venasa mokadda? cheenaya yanu communist vadi ratak, ema nisa eya america wa vani liberal dhanawadhi ratakara vikalpayak yana arthaya ehi anthar gatha vanavadha? cheenaya saha americava pamanak nowa sri lanakawa saha indiawada loka dhnawadhaye puruk misaka eeta venas pilivelak anugamanaya nokarathi. mema ratawal athara athi gatalu pragdhana himikaruwange gatalu pamanak wana athara,sama ratakama podu janwathawa peedanayata lak karathi.

      Delete
    2. චීනය සහ ඇමරිකාව අතර ඇති වෙනස නේද? ඊට වඩා හොඳ නැද්ද, මෙතරම් සාධාරණ , ආකර්ෂණීය ලෙස පෙනෙන සමාජවාදය අසාර්ථකවී, සමාජවාදී කඳවුර කඩා වැටීමෙන් ලෝකයේ දේශපාලන සමතුලිතතාවය නැතිවුනේ ඇයි කියල බලන එක?

      මා දේශපාලනය ගැන විශාරදයෙක් නොවේ. මගේ උත්තරය තමයි, ‍"තෝරා ගැනීමේ නිදහස "කියන එක.. මේක සරල දෙයක් ලෙස පෙනුනත්,"‍තෝරා ගැනීමේ නිදහස" නැති වුනාම තමයි ඒකෙ අගය දැනෙන්නෙ. නැත්නම් , ලංකාවෙ වගේ ඒක නාමිකව තිබුණත්, ‍තෝර ගන්න වෙන විකල්පයක් නැති තැනට වැඩ සිද්ද වුනාමත්, ඒ සෙතේම තමයි.

      චීනයෙත්, ඔය අනෙකුත් සමාජවාදී රටවලත්, සම-සමාජයක් තිබුනෙ නෑ. ප්‍රායෝගික සමාජවාදයට පීඩකයා- පීඩිතයා නැති කරන්න බැරි වුනා. බෝනස් විදිහට සදාකාලික විධායක බලතල හිමි ඒකාධිපති පාලනයකුත් ලැබුනා



      Delete
    3. මචං ලා සමාජවාදය කොහොමත් ඉතින් ඔත්තු බලනව නෙ කේජීබී අරව මේව දාල. දැන් ප්‍රශ්නෙ ඒක නෙමෙයිනෙ. සමාජවාදය මාර අවුල් එතකොට අනිත් රටවල් මාර චාටර් බටහිර එක තමයි මෙව්ව එක කියල ලොකු ටෝක් දුන්නේ එහෙ පුද්ගල නිදහසද මොකක්ද එක හොදට තියෙනව කිවුව හින්දනෙ. බලද්දි උන් කරන්නෙත් අර චාටර් කිවුව රටවල් කරපු එකමනෙ. මොන මගුලකට ද එහෙනම් ඕක මාර චෝයි කිව්වෙ?

      Delete
    4. //මොන මගුලකට ද එහෙනම් ඕක මාර චෝයි කිව්වෙ?//

      මචං, ඇත්ත මොකක්ද කියලා සාකච්චා කරන්න අවංක අදහසක් තියනවා නං විතරක් මේ ගැන කතා කරමු. කවුරුත් මේක චෝයි කිව්වෙ නෑ, democracy is not perfect, but it is the next best godamn thing among the worst.

      හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයෙ ප්‍රභේද තියනවා. නාමිකව ප්‍රජාතන්ත්‍රවාදියි කියන, චිනෙ, ලංකාවෙ,ඉංදියාවෙ, පකිස්තානෙ, සිංගප්පූරුවෙ තියෙන්නෙ අමුතුම ප්‍රජාතන්ත්‍රවාදයක්. උදාහරණයක් විදිහට චීනෙ ආර්ථිකේ දියුණුයි, ජපානෙත් අභිබවා ගිහින් කියනවා. ඒත් ඉඩක් ලැබිච්ච ගමන් චීන්නු අනිත් රටවල පදිංචියට යනවා. ඇයි ඒ? චිනෙ දියුණු වෙන්නෙ, තමන්ගෙම මිනිසුන්ගෙ ශ්‍රමය හූරා කාලා. පරිසර දූෂණය උපරිමයි, මානව හිමිකම් නෑ, කොටින්ම මිනිස් ජීවිත වලට කිසිම වටිනා කමක් නෑ.


      උඹල ඔය ධනවාදියි කියන රටවල , අපට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවා. සුදු වෑන් නෑ, . නාඳුනන වෙඩික්කාරයො නෑ., මාමාස්මිව වුනත් පොලෝසියෙන් "ආයුධ පෙන්නන්න" එක්ක යන්නෙ නෑ. නඩු අහල තමයි දඬුවම් කරන්නෙ. රෝයල් කොලීජි නෑ, කොටින්ම, ‍රැකියා අයදුම්පතේ "ඉගෙන ගත් පාසැල" කියල එකක් දාන්නෙ නෑ. පාර්ලිමේන්තුවෙ කුඩ්ඩො, පාතාලයො නෑ.ඇති එකාගෙන් වැඩිය ටැක්ස් ගහලා නැති එකාට දෙනවා. සමාජ සුභසාධන/ අඩු ආදායම් ක්‍රම තියනවා. රස්සාවක් කලත්,නොකලත් හැටපහෙන් පැන්ෂන් එකක් ගෙවනවා. ඉතිං කවුරු හරි " ෂෝයි" කිව්වත් අවුලක් තියවනවද?

      තිස් ගණන්වල " මහා අවපාතය" වෙලාවෙ කඩාවැටෙන්න ඔන්න, මෙන්න තිබිච්ච ධනවාදය, බේරගත්තෙ , ණයට ගත්ත සමාජවාදී ආකල්ප වලින් සක්ක ගහලා. ධනවාදය පරිණාම වෙනවා. අද තියෙන්නෙ මාක්ස්ගෙ කාලෙ තිබ්බ ධනවාදය නෙමෙයි. සමාජවාදය ඩයිනෝසරයෙක් වගේ, පෙනුම උත්කෘෂ්ථයි. වෙනස් වෙන්න කැමති නෑ, වඳ වෙන්නෙ ඒකයි.

      සමහර විට, " අවසාන සම්පූර්ණ සමාජවාදයට මාවත් වැටී ඇත්තේ ධනවාද හරහාය" කියල මාක්ස් කිව්වෙ ඒ හන්දා වෙන්නත් පුළුවනි

      Delete
  3. ඔය ටැප් කරන කතාව මොකක් හරි අලුත් නාඩගමකට වේදීකාව සැකසීමක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. exactly that is more of a lie to distract ppl. I have these questions.

      1. If what Gota says is true it is an attack against the soverenighty of this country. but gov doesnt take any action.It seems more like a 'gothapu kathawak ape eun uda danna'
      2. SRI Lanka is not a threat for any bigger countries. SO powerful countries do not have a need to go to the extent of tapping defence secretary's phone in SL.
      3. Ot was a conclusion Gota came to after a mere observasion of lack of signal, bad sound quality.

      So I dont think there is any truth in what gota says.

      Delete
  4. මම දිවයින කතෘගෙ තාත්ත උනානම්, ප්‍රසිද්ධියේ සමාජය ඉදිරියේ වැඳ වැටිල සමාව ගන්නවා ඕක වගේ අමනයෙක් හදපු එකට. මම දිවයින කතෘගේ අම්ම උනානම් සමාජය ඉදිරියේ වැලපෙනව ඔය වගේ දරුවෙක් කිරි දිල හපපු එකට. ඔඔ ඕකගෙ දරුවෙක් උනා නම්, ගෝටගෙ පුක ලෙවකාල ගෙනෙන සල්ලි වලින් කවල පොවල මම හදපු නිසා වහ ටිකක් කාල මැරෙනවා...

    ReplyDelete
  5. ෂුවර් එකටම ටැප් කරනවා ඇත්තේ පවුලේ අයම වෙන්න ඕන. ඕක ඉතින් අපේ රටේ අයගෙ හැටියක්මනෙ. තමන්ගේ පවුලේ අයගෙ ඕප දූප හොයන එක.. එහෙම නැත්නම් ඇමෙරිකාව විසින් තමන්ගේ පුරවැසියෝ ටැප් කරන ප්‍රොජෙක්ට් එකට මෙයාගෙ ෆෝන් එකත් අහුවෙන්නැති...

    ReplyDelete
  6. වෙන රටක එවුන් ඇවිදිල්ල තමන්ගෙ දුරකථනය ටැප් කළා කියන්න ඇත්තටම ආරක්ෂක ලේකම් කියන ඔය පුද්ගලයට ලජ්ජාවක් නැද්ද? තමන්ගෙ දුරකථනය වත් බේර ගන්න බැරි ආරක්ෂක ලේකම් කෙනෙක් රටේ ආරක්ෂාව සහතික කරන්නෙ කොහොමද? මේක හරියට සේදිරිස් "බබානිසා ඇවිල්ලා මගේ ගෑනිට *කලා යනෝ!" කියනවා වගේ කතාවක් නෙවැ.

    ReplyDelete
  7. තොපේ කසිකබල් කොමියුනිස්ට් මානෝරාජ්‍යවල ඔත්තු නොබල ඉදියි. අපි නොදන්න තොපේ කොමියුන්ස්ට් රාජ්‍ය​. පුක තමයි!

    ReplyDelete
  8. there is no problem in spying if it is done for the defence of one's country. As the author of this article sees defence of the country is as just politics that is a wrong assumption.

    ReplyDelete
  9. Latest News:

    Edward Snowden offered asylum by Venezuelan president.

    http://www.guardian.co.uk/world/2013/jul/06/edward-snowden-venezuela-asylum

    - Dimithri

    ReplyDelete
  10. උන් ඇවිත් මුගෙ අහවල් එක කන්න ඈ...

    මේකත් නාඩගමක් විතරයි බං. ජනතාව ආඩම්බර වෙයි. උන් පත් කළ උන් ගැන ජාත්‍යන්තරය හොයනව කියලවත්..

    ReplyDelete