Sunday, June 23, 2013

කලම්බෝ ටෙලිග්‍රාෆ් සහ සබරගමුව ටෙලිග්‍රාෆ් / Colombo Telegraph vs Sabaragamuwa Telegraph

සබරගමුවේදී පන ගැහෙන පොලිස් ත්‍රස්තවාදය 
රාජපක්ෂ ආන්ඩුවට විරෝධය පල කරන ජන ‍කොටස් අතර එක් සමාජ ස්ථරයක් වශයෙන් නාගරික ඉහල මධ්‍ය පංතික පිරිස් හදුනාගත හැක. මේ විරෝධය උපදින්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි ආස්ථානයකිනි. උගත් නාගරික ඉහල මැද පංතිය තුල පවතින රාජපක්ෂ විරෝධය සංකේතවත් කරන මෑතකාලීන ප්‍රකටම සංසිද්ධියක් වශයෙන් බොදු බල සේනා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිට මීට මාස කීපයකට ඉහත දී පැවැත්වූ ඉටිපන්දම් එලි දල්වා සිදුකල කැන්ඩ්ල්ලයිට් විරෝධය හැදින්විය හැක. මේ විරෝධය සදහා එක් වූවෝ නිශ්චිතවම සමාජයේ එක් තීරුවක් නියෝජනය කලහ. ජාතිවාදයට විරුද්ධ වීම නමැති ඔවුන් එකතු කල ස්ථාවරය ගලා එන්නේ ලිබරල්වාදී සංකල්පනයන් තුලිනි.

රාජපක්ෂ රජයට එරෙහි මෙම ලිබරල් විරෝධය ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ද අඩු වැඩි වශයෙන් දැකගත හැක. සිංහල පුවත්පත්වලට සාපේක්ෂව ඉංග්‍රීසි ජනමාධ්‍ය තුල මේ ප්‍රවනතාවය වැඩිපුර නියෝජනය වන්නේය. අන්තර්ජාලයේ ක්‍රියාත්මක වන Colombo Telegraph සහ Groundviews වැනි වෙබ් අඩවි ද නියෝජනය කරන්නේ එම ලිබරල්වාදී ප්‍රවනතාවයයි. මෙබදු වෙබ් අඩවි වර්තමානය වනවිට රාජපක්ෂ ආන්ඩුවේ ඒකාධිපති ක්‍රියාකාරකම් වලට එරෙහි ප්‍රබල විවේචකයෙක් බවට සයිබර් අවකාශය තුල පත්වී සිටී. රාජපක්ෂ සොහොයුරන්ගේ පවුල්වාදයට මෙම මාධ්‍යකරුවෝ විරුද්ධය. ස්වයං පාලනය සදහා සුලු ජාතීන්ට ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතිය වෙනුවෙන් ඔවුන් අදහස් පල කරයි. මාධ්‍ය නිදහස වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් සම්බන්ධව මෙබදු වෙබ් අඩවි තුල නිරන්තර ඉඩක් වෙන් කරනු ලැබේ.  උදාහරනයක් ලෙස Colombo Telegraph අඩවියේ සැලකිය යුතු ඉඩක් බොදු බල සේනාවට එරෙහිව සිදුකල ඉටිපන්දම් විරෝධය වෙනුවෙන් වෙන් වී තිබුනි.එය විසුරුවා දැමීමට බොදුබල සේනා සංවිධානය සමග එක්ව පොලිසිය සිදුකල මැදිහත්වීම විශාල ප්‍රජාතන්ත්‍රවාදීමය අයිතීන් කඩ වීමක් ලෙස නැවත නැවතත් හුවා දැක්වීමට කටයුතු යෙදින.
උපවාසයේ යෙදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 

නරක ආගම්වාදයට එරෙහි හොද බෞද්ධයෝ 
ලිබරල් ජනමාධ්‍යයන්හි උක්ත හැසිරීම සිහි තබාගෙන දැන් අපි කොලඹින් දුර බැහැර සබරගමුව පලාතට පිවිසෙමු.සමනල වැව විදුලි ව්‍යාපෘතිය සදහා භාවිතා කල වැඩබිමක අඩු පහසුකම් යටතේ සබරගමුව විශ්ව විද්‍යාලය ස්ථාපනය කරන ලද්දේ 1991 දීය. මෙම විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පසුගිය කාලය තුල විශාල ආතතියක් උද්ගත වූයේය . සරසවියට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදුව, අලුත සිදුකරන බදවාගැනීම් විශාල ප්‍රමානයකින් කපා හැර තිබීම, පහසුකම් හිගය යනාදී වූ තමාට බලපාන ගැටලු පිලිබද සාකච්ඡා කරනු වස් සිසුන් කැදවා තිබූ රැස්වීමක් නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් සරසවි පරිපාලනය විසින් එහි ශිෂ්‍ය සංගම් තහනම් කරනු ලදී. සිසු නායකයින් ලෙස ක්‍රියා කල කීප දෙනෙක්ගේ විභාග ඇතුලු පංති සියල්ල තහනම් කරන ලදී. ඊට එරෙහිව සිසුන් කල සාමකාමී උද්ඝෝෂනයක් පසුගිය ජූනි 1 දා මිලේච්ඡ ලෙස පහරදෙනු ලැබ විසුරුවා හරිනු ලැබින. විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් 47 දෙනෙකුගේ පංති තහනම් කිරීමට කටයුතු කරන ලද්දේය. ප්‍රමානය අතින් ද එල්ල වූ පොලිස් මර්දනය අතින් ද බලන කල්හි ඉටිපන්දම් විරෝධය හා සසදන විට සබරගමුව සිදුවීම බරපතල ගනයේ සංසිද්ධියකි.

මීට සමගාමීව ජූනි මස මුලදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨ සිසුහු විරෝධතාවයක් සංවිධානය කොට තිබුනි. විදෙස් සිසුන් වෙනුවෙන් වූ බදවාගැනීමේ කෝටාවක් මුවාවෙන් මුදල් ගෙවා උගන්වන පදනම මත යම් දේශීය සිසුන් ප්‍රමානයක් හොර පාරෙන් වෛද්‍ය පීඨ වලට ඇතුලත් කරගැනීම සමග මතුවූ ගැටලුවක් මේ විරෝධතාවයට පසුබිම සකසා තිබුනි. විරෝධතාව සංවිධානය කිරීම තුලින් "සරසවි කීර්ති නාමයට හානි කලේය" යන පදනම මත සිසුන් 21 දෙනෙක්ගේ පංති තහනම් කිරීමට කටයුතු කරන ලදී.

අදහස් ප්‍රකාශ කිරීමේ  හා විරෝධය දැක්විමේ අයිතිය ලිබරල් රාමුව තුල ද “අයිතියකි”.  සාමකාමී විරෝධතා පැවැත්වීම යනු එම අයිතිය අභ්‍යාස කෙරෙන එක් ආකාරයකි. හුදු විරෝධය දැක්වීමක් පංති තහනම් කිරීමට තරම් බරපතල වරදක් ලෙස පාලකයින් විසින් මෙහිදී ගනන් ගෙන තිබේ. ලිබරල් අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින ජනමාධ්‍යන් රජයේ සරසවි සිසුන්ගේ මෙම අයිතිවාසිකම් කඩකිරීම අභිමුව ගත් ස්ථාවරය කවරේද? අන්තර්ජාල අඩවිවලට ලිබරල් අයිතීන් ගැන ඉංග්‍රීසි බසින් ලියන එකදු විශේෂඥයෙක්ට/මහත්මයෙක්ට මෙරට සංවිධානාත්මක ශිෂ්‍ය ව්‍යාපාරයට/සරසවි සිසුන්ට එරෙහිව සිදුවන මර්දනය “මර්දනයක්” වශයෙන් පෙනෙන්නේ නැත. මැද පංතික ඉටිපන්දම් විරෝධයට කල මැදිහත්වීම සති ගනන් ලිපි ලිවීමට තරම් වැදගත් ගැටලුවක් වූවද මෙම මහත්වරුන්ට සබරගමුවේදී සිසු සිසුවියන්ට පොලිසිය කුලු පොලු වලින් එලව එලවා පහර දීම එවැනි ප්‍රශ්නයක් ලෙස දිස්වූයේ නැත.

තීරනාත්මක ප්‍රශ්නය - එසේ වන්නේ ඇයි? අපගේ ගෞරවනීය ලිබරල්වාදීන් ඒකාධිපතිවාදයට විරුද්ධ වුවද ධනවාදයට පක්ෂය. සරසවි සිසුන්ගේ ප්‍රතිවිරෝධය වනාහි මේ මොහොතේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක නව ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරනයන්ට එරෙහි සෘජු හෝ වක්‍ර විරෝධය දැක්වීම්ය.විශ්ව විද්‍යාලවලට කෙරෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම් වේවා, පහසුකම් ඌනතාවය වේවා, පාඨමාලා මුදලට අලෙවි කිරීම හෝ වේවා - මේ සියල්ල අධ්‍යාපනය වෙලදපොලකරනයට ලක්කිරීම නමැති නව ලිබරල්වාදී පියවර සමග සම්බන්ධ වූ ක්‍රියාමාර්ගයෝ වෙති. මේවාට එරෙහිව එන විරෝධය හොදින් හෝ නරකින් මැඩලීමෙන් තොරව නව ලිබරල් ප්‍රතිසංස්කරන ඉදිරියට ගෙන යා නොහැක. රාජපක්ෂ රෙජිමයට සිසුන්ගේ විරෝධය ආඥාදායක ලෙස බුල්ඩෝසර් කරන්නට සිදුවන්නේ එම තතු යටතේය.එනම් සිසුන්ගේ “ලිබරල්” අයිතීන් බුල්ඩෝසර් කෙරෙන්නේ  ධනවාදය වෙනුවෙනි.

වෙබ් අඩවිවවලට ලිපි සපයන වැදගත් /ජාතිවාදයට විරුද්ධ/  ප්‍රජාතන්ත්‍රවාදය අගයන/ ඉටිපන්දම් පත්තුකිරීමේ අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින මැද පංතික ලේඛක මහත්වරුන්ට දැන් තෝරාගැනීමක් තිබේ. ශිෂ්‍ය ප්‍රජාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද? නව ලිබරල් ධනවාදයද?

මිතුර, පිලිතුර සුලගේ පාවෙමින් ති‍බේ. 

14 comments:

  1. Like the concluding phrase "The answer my friend is blowing in the wind"

    ReplyDelete
  2. රාමා රාමාගේ සබරගමුව ටෙලිග්‍රාෆ් ඇජෙන්ඩා එකට ලියනවා.. කැන්ඩල් ලයිට් කට්ටිය කොලොමබු ටෙලිග්‍රාෆ් ඇජෙන්ඩා එකට ලියනවා.. අවුලක් නෑනේ.. කොහොමත් ප්‍රමිතියක් ඇතිව පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කල යුතුමයි කියන මතයේ මමත් ඉන්නවා.. මේ රටට හෙනේ වෙලා තියෙන්නේ නිකන් දෙන එකයි. ආන්ඩුවේ පැන්ෂන් එකයි... ජනාධිපතීගේ ඉඳලා ඉන්න පින් පඩි කාරයෝ හැත්ත බුරුත්තයි..

    ReplyDelete
    Replies
    1. තම යමක් කියවල තේරුම් ගන්න බෑ නේද? නිදහස් අධ්‍යාපනය තියෙන්න ඕන කියන්නේ ඒක තමයි. ඔයා වගේ කට්ටියට යමක් කියවල වටහා ගන්න විදිය උගන්නන. කවුද ඔයාට කිවුවේ ආණ්ඩුව නිකන් උගන්නනවා කියල රනිලද ?

      Delete
    2. නෑ.. සෝමවංශ අමරසිංහ...

      Delete
  3. මුන්ට පිනට ඉගෙන ගන්ඩත් දීලා තව ඒක නොකර පිස්සු කෙළින කොට ඒවා සාධාරණීකරණය කරන්ඩද කියන්නෙ? අනේ පලයන් බං යන්න මෝඩ කතා නොකියා.

    ReplyDelete
    Replies
    1. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගෙන් අහන්න. රජයේ පාසලකටද ජාත්‍යන්තර පාසලකටද ගියේ. නැත්නම් පාසැල් ගියේම නැද්ද?
      @ මා(නො)තලන්
      //මේ රටට හෙනේ වෙලා තියෙන්නේ නිකන් දෙන එකයි. ආන්ඩුවේ පැන්ෂන් එකයි... ජනාධිපතීගේ ඉඳලා ඉන්න පින් පඩි කාරයෝ හැත්ත බුරුත්තයි..//
      මම හිතන්නේ ඔයා ඔය බනිනවා ඇත්තේ මැරවින් සිල්වා හැර අනිත් අයට වෙන්ටෑ. මොකද එයා ඔයාගෙ සදාකාලික වීරයානෙ. තමනුත් ඒ ජාතියෙම පොරක් කියලා කියන ගොන් කතාවලින්ම තේරෙනවා.

      Delete
    2. @AnonymousJune 24, 2013 at 8:22 AM
      විශ්වවිද්‍යාලයක පයගහන්න තරම් හැකියාවක් නැති නරුමයින් විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි ඇතිකරගන්නා හීනමානය සුවනොවන ලෙඩකි. මෙවැනි රෝගීන්ට බෙහෙත් නොමැති අතර ජඩකම් වැඩි වැඩියෙන් කරන්නට ගොස් හොද හෝටලයකින් කෑදාට සනීප වේ. එතකන් ඉතින් කොමෙන්ට් එකක් කොටල අතල් එකක් ගන්න.

      Delete
    3. @ ...AnonymousJune 24, 2013 at 9:14 AM

      අනිත් අයත් මර්වින් සිල්වලම තමයි. මර්වින් සිල්වා ප්‍රසිද්ධියේ කරනවා..
      අනික් උන් සද්ද නැතුව කරණවා..
      ඌ මට වීරයෙක් වෙන්නේ උගේ ගොන් වැඩ නිසා නෙමෙයි
      ප්‍රදේශයට කල සංවර්ධනයට..

      Delete
    4. හම්බෙන සල්ලි වලින් 90% මාටියා ගහල ඉතිරි 10% යෙන් පාරවල් හරි වැසිකිලි හරි හැදුවාම කියන්නේ සංවර්ධනය කියලද බන්.

      Delete
    5. මර්වින්ගේ සාක්කුවේ සලිවලින් වෙන්ටෑ සංවර්ධනේ කොරන්න ඇත්තේ. අනේ මාතලන් උබනම් .......###¤¤¤#"#""# ක් ද මන්ද.

      Delete
  4. මේ රටේ රජයේ විශ්වවිද්‍යාල සිසුන්ට ඇති සුව නොවන රෝගය නම් ඉරිසියාවය. :-)

    ReplyDelete
  5. / අදහස් ප්‍රකාශ කිරීමේ  හා විරෝධය දැක්විමේ අයිතිය ලිබරල් රාමුව තුල ද “අයිතියකි”.  සාමකාමී විරෝධතා පැවැත්වීම යනු එම අයිතිය අභ්‍යාස කෙරෙන එක් ආකාරයකි /

    හරි ඒත් මේ උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරලා. එහෙම පොදු මහජනයට බාධා වෙන විදිහෙ දෙයක් කරන්ට සිසුන්ට මොකක්ද තියෙන අයිතිය?...ඔවුන්ට උද්ඝෝෂණ කිරීමේ අයිතිය වගේම අනෙකුත් මිනිසුන්ට නිදහසේ තමන්ගෙ ගමන් බිමන් යාමේ අයිතියද තියෙන්න ඕන නැද්ද?

    / විදෙස් සිසුන් වෙනුවෙන් වූ බදවාගැනීමේ කෝටාවක් මුවාවෙන් මුදල් ගෙවා උගන්වන පදනම මත යම් දේශීය සිසුන් ප්‍රමානයක් හොර පාරෙන් වෛද්‍ය පීඨ වලට ඇතුලත් කරගැනීම සමග මතුවූ ගැටලුවක් මේ විරෝධතාවයට පසුබිම සකසා තිබුනි. /

    මේ වෛද්‍ය සිසුන්ගෙ සටන නම් තනිකරම වෙනත් අරමුණක් උදෙසායි කෙරෙන්නෙ. වෛද්‍යවරුන්ට අද රටේ තියෙන ධනය ඉපයීමේ මාර්ගය තමනුත් වෛද්‍යවරුන් වෙලා එනකල් ආරක්ෂා කරගන්ටයි ඔවුන්ට ඕන වෙලා තියෙන්නෙ. අනික මොකක්ද මේ හොර පාර කියන්නෙ? අට පාස් කවුරුවත් මේවට ගන්නෙ නැහැනෙ. හැමෝම අපොස උසස් පෙළ සමත් වෙච්ච අය. ඒ සිසුන් විදේශ වලට ගිහිල්ල රටේ විදේශ විනිමය වියදම් කරල වෛද්‍යවරු වෙනවට වඩා නරකද මෙහෙදිම එහෙම වියදම් කරල වෛද්‍යවරු වෙන එක.?

    ReplyDelete
    Replies
    1. 'සිසුන් විදේශ වලට ගිහිල්ල රටේ විදේශ විනිමය වියදම් කරල වෛද්‍යවරු වෙනවට වඩා නරකද මෙහෙදිම එහෙම වියදම් කරල වෛද්‍යවරු වෙන එක'

      ඔයා මොන තුත්තුකුඩියක ඉන්න ගොබ්බයෙක්ද මන්ද, පිටරටවල ඉගන ගන්න අයගෙන් ලංකාවෙන් සල්ලි එවල ඉගන ගන්නේ කොච්චර පුංචි ප්‍රතිශතකක් කියන එකවත් ඔයා දන්නෑ නේද? පිටරටවල ඉගන ගන්න ගොඩක් අය ඉගෙන ගන්නේ ශිෂ්‍යත්ව මත හෝ රැකියාවක් කර එයින් ලැබෙන මුදලෙන් කියන එකවත් ඔයා දාන්නැ නේද. ඇත්තටම මෙම සිසුන් හරහා ලංකාවට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලැබෙනබවවත් ඔයා දන්නෑ
      නේද. අනේ බන් නොදන්නා මගුල් කථා නොකර ඉන්න එක හොද නැද්ද වරිගේ නහගන්නේ නැතුව. අනික මෙහෙ විශ්ව විද්‍යාල අරින විදෙස් ආයෝජකයෝ ලාබය මෙහෙ තියල යනව කියල කිවුවේ පි.බි ජයසුන්දරද

      Delete
    2. / පිටරටවල ඉගන ගන්න අයගෙන් ලංකාවෙන් සල්ලි එවල ඉගන ගන්නේ කොච්චර පුංචි ප්‍රතිශතකක් කියන එකවත් ඔයා දන්නෑ නේද? /

      හරි මම දන්නෙ නෑ ඒ ප්‍රතිශතය කියමුකො...දැන් ඔබ තුමා කියල දෙන්නකො ඒ ප්‍රතිශතය කීයද කොහොමද ඒක හොයාගත්තෙ කියල

      / පිටරටවල ඉගන ගන්න ගොඩක් අය ඉගෙන ගන්නේ ශිෂ්‍යත්ව මත හෝ රැකියාවක් කර එයින් ලැබෙන මුදලෙන් කියන එකවත් ඔයා දාන්නැ නේද. ඇත්තටම මෙම සිසුන් හරහා ලංකාවට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලැබෙනබවවත් ඔයා දන්නෑ නේද. /

      ඔබ සම්පූර්ණයෙන්ම කතාව පටලවාගෙන මට පේන්නෙ. ඔබ මේ කතා කරන්නෙ මට හිතෙන්නෙ ප්‍රථම උපාධිය ලංකාවෙ කරල පශ්චාත් නැත්නම් ආචාර්ය උපාධියකට විදේශගතවන සිසුන් ගැන කියලයි මට හිතෙන්නෙ. ඔය ඔබ කියන ශිෂ්‍යත්ව ලැබෙන්නෙ එතකොට. අර්ධකාලීන රැකියා කරල මුදල් උපායාගැන්මේ හැකියාව තියෙන්නෙ අන්න එහෙම අයට.එහෙම අය බහුතරයක් යන්නෙ බටහිර රටවලට.

      හරි, මම මෙතන කතාකලේ වෙනම කට්ටියක් ගැන.උසස් පෙල ඉහලින් සමත්වෙලා ඒත් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න ලකුණු මදිවුනු ශිෂ්‍ය ශිෂ්‍යාවො ගැන. ඔවුන් යන්නෙ බටහිර රටවලට නෙවෙයි. ඉන්දියාවට, බංග්ලාදේශයට නැත්නම් ඕස්ට්‍රේලියාවට.ඔවුන්ට එහෙ රැකියාවල් කරන්න තියෙන අවස්ථා බොහොම අඩුයි විශේෂයෙන්ම ඉන්දියාවෙ වගෙ. ඔවුන්ට කවුරුවත් ශිෂ්යත්ව දෙන්නෙ නෑ. ඔවුන්ට වියදම් කරන්නෙ ඔවුන්ගෙ දෙමව්පියො. මගෙ හොඳම යාළුවෙක් ඉන්නව පුතා ඉන්දියාවෙ බෙංගලූරු වල උපාධියක් කරනව.තමන් ඉන්න ඉඩම සහ ගෙදර උකස් කරලයි ඒ ළමයට උගන්වන්නෙ.අන්න එහෙම අය ගැනයි මම කිව්වෙ...

      Delete