Saturday, June 22, 2013

බටහිර රනිල්ගේ සිංහල බෞද්ධ ව්‍යවස්ථාව

ක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය පසුගිය දිනෙක තමා බලයට පත්වූ විට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන සහිත ලියැවිල්ලක් ප්‍රසිද්ධියට පත් කලේය. මේ දිනවල ආන්ඩු ක්‍රමයට ප්‍රතිසංස්කරන යෝජනා කරන මහත්වරු පොලොවෙන් මෙරු මතුවන්නා සේ මතුවෙමින් සිටිති. මාදුලුවාවේ සෝභිත හිමි විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම ඇතුලු යෝජනා සමූහයක් ඉදිරිපත් කොට තිබේ. දැන් එම යෝජනාවම පෙරට දමමින් රනිල් වික්‍රමසිංහ සෝභිත හිමි සමග කරට කර තරගයකට පිවිස සිටී.
එජාපයේ රනිල් - සජිත් ගැටුමේ දී රනිල් නූතන/ලිබරල් පාර්ශවය නියෝජනය කරන බවටත් සජිත් සිංහල බෞද්ධ/ වැඩවසම් පාර්ශවය නියෝජනය කරන බවටත් ප්‍රසිද්ධ අදහසක් තිබේ. ඇතැම් වාමාංශිකයින් තුල පවා මේ නිසා රනිල් පිලිබද රහසිගත ප්‍රේමයක් වැඩ කරයි. ( සිය වාමාංශික හම ගැලවී යා හැකි නිසා මේ ප්‍රේමය ප්‍රසිද්ධ නොකිරීම අතුරු කරුනකි)  1978 ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අපේක්ෂා කල පරිවර්තන රැසක් මෙරට සාක්ෂාත් වූ බවත් එහෙත් විධායක ජනාධිපති ධූරයයේ ගෞරවනීයභාවය මහින්ද රාජපක්ෂ පාලනය විසින් කෙලෙසා දමමින් සිටින බවත් ඒ නිසා මෙම යෝජනා ඉදිරිපත් කෙරෙන බවත් ලියැවිල්ලේ පූර්විකාවේ සදහන්ය.

ඊට අමතරව මෙම යෝජනාවලියේ තවත් සිත්ගන්නා සුලු යෝජනා දෙකක් ඇත. ඒවා නම් -

1.ලංකාව දිගටම ඒකීය රාජ්‍යයක් ලෙස පවතිනු ඇත. පලාත් ඒකක වලට බලතල බෙදෙනු ඇත ( යෝජනා අංක 4)
2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙනු ඇත. සෙසු ආගම්වල අයිතීන් සුරකිනු ඇත ( යෝජනා අංක 1.2)

ඒකීය රාජ්‍යය සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන කරුනු අතින් රනිල්ගේ යෝජනාත් දැනට තිබෙන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනත් අතර තිබෙන වෙනස කුමක්ද? ලිබරල් සංවාද අවකාශයන් තුල සිටින බොහෝ අය ලංකාවේ දැනට තිබෙන රාජ්‍යයට අදාලව ගෙනෙන විවේචනයක් වන්නේ එය සිංහල-බෞද්ධ රාජ්‍යයකි යන විවේචනයයි. මේ නිසා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයක් ලෙස ඔවුන් මේ සිංහල-බෞද්ධ ස්වභාවය වෙනස් කිරීම සදහා විවිධ යෝජනා ඉදිරිපත් කරයි. එක්සත් ජනපදය, ප්‍රංශය වැනි දියුනු ධනේශ්වර රාජ්‍යයන් ආගම සහ රාජ්‍යය අතර තිබෙන සම්බන්ධය සාර්ථකව වෙන් කර තිබේ. මෙම වෙන්කිරීම ඔවුන් අත්කරගත්තේ ඒවා ධනේශ්වර රාජ්‍යයන් ලෙස තහවුරු වූ මුල් අවධියේදීමය. අමෙරිකාවේ පලමු ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ආගමක් තහවුරු කිරීමට රජය මැදිහත් නොවිය යුතු බවත් පුද්ගලයින්ගේ ආගමික නිදහසට ඇගිලි නොගැසිය යුතු බවත් දක්වයි.

ජාතීන්ගේ ප්‍රශ්නයට බොහෝ ලිබරල් බුද්ධිමතුන් කාලයක් තිස්සේ යෝජනා කරමින් සිටියේ බලය බෙදාහැරීමේ විසදුමකි. ඒකීය ආන්ඩු ක්‍රමයක් තුල සියලු දේශපාලන බලතල සිංහල බහුතරයේ ප්‍රභූ පංතිය අත ඒකරාශී වී පවතී. මේ බලය දෙමල ප්‍රභූ පංතිය ( ලිබරල්වාදින්ගේ වචනයෙන් කියනවා නම් - දෙමල ජනතාව) සමග බෙදාගැනීම සදහා ඒකීය ක්‍රමය වෙනස් කොට වඩා සන්ධීය ක්‍රමයක් ඇතිවිය යුතු බව ඔවුහු යෝජනා කලෝය. ජාතිකවාදී කතිකාව සහ තමුන් අතර බෙදුම් ඉර බොහෝ ලිබරල් බුද්ධිමතුන් ගොඩනගාගත්තේ ඒකීය රාජ්‍යය පිලිබද මෙම විවේචනය මතය.

දැන් රනිල් මහතා එම ලිබරල් කතිකාවටම සිය පශ්චාත්භාගය හරවා තිබේ. රාජ්‍යය සහ ආගම අතර සම්බන්ධය ගැනත්, රාජ්‍ය ප්‍රතිසංස්කරන ගැනත් පවතින ව්‍යවස්ථාවේ තිබෙන දෙයට වඩා කිසිදු අලුත් දෙයක් රනිල්ගේ “අලුත්” යෝජනා වල නැත. ඔහු විධායක ජනාධිපති ක්‍රමයට ද විරුද්ධ එය ලිබරල් පරමාදර්ශයන් සමග ගැටෙන නිසා නොව මහින්ද එය නරක ලෙස පාවිච්චි කරන නිසාය! මහින්දට පෙර සිටි අයවලුන් ඒ අනුව “හොදින්” ඒ බලතල පාවිච්චි කොට තිබේ.

හිටපු වාමාංශික ක්‍රියාකාරිනියක වන නිමල්කා ප්‍රනාන්දු වරක් රනිල්ගෙන් තමා සමාජවාදී ප්‍රතිසංස්කරන අපේක්ෂා නොකරන බවත්,  එහෙත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවාදියෙක් නිසා ඔහුට සහය දෙන බව පවසා තිබූ බව මෙම ලියුම්කරුට මතකය. දැන් ‍මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කාරකයා උපන් ඇදුමින් අපට අභිමුඛ වී සිටී. ඔහුගේ ව්‍යවස්ථා ලියැවිල්ල සෝභිත හිමි වැන්නවුන්ගේ ආගමනය ඉදිරියේ අභියෝගයට ලක්ව තිබෙන සිය මැද පංතික සිංහල ඡන්ද තීරුව රැකගැන්ම සදහා අටවාගත් තක්කඩි උපමාරුවකි. නූතනත්වය තිබෙන්නේ ටයි පටයේ හෝ සාටකයේ නොව දේශපාලන ව්‍යවහාරය තුලය. ලංකාවේ පසුගාමී ධනේශ්වර නායකයින් අඩු තරමින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකිය හැකි කාර්යයන් පවා සාක්ෂාත් කරගැනීමෙහිලා දක්වන අසමත්කම සම්බන්ධ නිදසුනකි රනිල්ගේ ව්‍යවස්ථා ලියැවිල්ල.  

10 comments:

  1. මම නම් මේ සෙප්පඩ විජ්ජාව ගැන, එළියට දාපු දවසෙම ලිව්වා. වෙන්න ඕන මක්කද කියලත් ලිව්වා. ඔහේ ඉතින් අපි ලියන කියන ඒවා බලන්නේ නෑ නොවැ. මේක මේ සැටලයි නෝනගෙ බහුබූත ව්‍යවස්ථාවයි.. මහින්ද කතරගමට පයින් ගිහින් පූජා තියලා ගෙනාපු, මහින්ද චින්තනේ වගේම පට්ට පල් බොරුවක්. (ඇයි ඒ වාහෙත් කිව්වනේ, මේ විධායකේ සුන්නද්දූලී කොරනවයි කියාලා) ඕවට මිනිස්සු ඇන්දෙන්නේ නෑ. අපේ හරක්, ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඊළඟ ඡන්දෙත් ලොක්කා උඩින්ම දිනනවා..

    අයියෝ අපේ පරම පැතුම.... ලැජ්ජාවේ බෑ...

    ReplyDelete
  2. මාතලන්ගේ සැබෑ අවශ්‍යතාවය පවතින දුෂිත ක්‍රමය දිගටම පැවතීමය.පවතින ජඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් නිර්දය ලෙස ගර්හා කොට විවේචනය කරන්නේ එහෙයිනි.

    ReplyDelete
    Replies
    1. මට පෙන්වනවද, කොතනද වෙනසක් ගැන කතා කරලා තියෙන තැන කියලා.

      Delete
    2. මාතලන්,
      මෙතන තිබෙන ප්‍රධානම අවශ්‍යය තාවය තමා මේ පවතින ජඩ දූෂීත පාලකයා පන්නලා දැමීඹ. ඒ වෙනුවෙන් සාමූයිකව කටයුතු කරනවා වෙනුවට ඒකට අකුල් හෙලීම අනුමත කල නොහැකියි. ඔබ කියන දේ හරි වෙන්න පුළුවන්. නමුත් ඔබේ විවේචන වලින් පෙනෙන්නේ ඔබ මූලින අවශ්‍යයතාවය ගැන තැකීමක් නොකොට සුළු සුළු අඩුපාඩු විශාල කොට පෙන්වන බවයි.
      Ramachandra
      ඒ ලියවිල්ල කෙටුම්පතක් නොව යෝජනාවලියක් පමණක් බව රනිල් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒනිසා ඔබ දෙදෙනාගේම අදහස් සහ යෝජනා රනිල්ට ඉදිරිපත් කරන්න.

      Delete
    3. ඔබ මාව දිගටම කියවන කෙනෙක් නම් ඔබ දන්නවා මම කව්ද කියලා. ලියන්නේ මොනවද කියලා...

      Delete
    4. එතකොට රනිල් හොදයිද මෙයා, එයයි එයාගේ වටේ ඉන්න බිස්නස් කාරයෝ සෙට් එකයි ජඩ දුෂිත නැද්ද? එළවනකොටත් යන්නේ නැතුව නායක පුටුව බැදන් ඉන්නේ ජඩ දුෂිත නැති හින්දද? පෙරේත කම හින්දද ? අනේ ඔයාගේ බයිලයි
      සිපදයි අහල එපා වෙලා බන්.
      එක නෙමෙයි මචන් මටත් බැරිද සිරිකොතේ කොමෙන්ට් කොටන ජොබක් සෙට් කරන්න. ෆුල් ටයිම් කරන්නම් මචන්.

      Delete
    5. @keerthi raterala,
      ඔවු යකෝ මාතලන් ගොයියා රනිලටත් වඩා යුඑන්පි කාරයා උබ දෙන්නැතුව හිටහන්. දිගටම ඌව කියවපන්. මෙලගදී රුසියාවේ දේශපාලනය ගැන අතිශය බැරෑරුම් ශාස්ත්‍රීය ලිපියක් පොස්ට් කරලා තිබුන.
      (මෙවෙලාවට තමයි කතාන්දරය ඕනේ ලින්ක් එකක් දාගන්න කෝ මේකා?)

      Delete
    6. අපෝ නෑ මම මේ සෝමවංශ ජනාධිපති කරලා, ටිල්වින් අගමැති කරන්න පෙරුම් පුරන්නේ... රනිල් දූෂිත. අනිත් අය සත් ගුණවත් උපාසක. ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට... ලොහ් ලොහ් ලොහ්..

      Delete
    7. //ඒ ලියවිල්ල කෙටුම්පතක් නොව යෝජනාවලියක් පමණක් බව රනිල් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒනිසා ඔබ දෙදෙනාගේම අදහස් සහ යෝජනා රනිල්ට ඉදිරිපත් කරන්න.//

      රනිල්ට හෝ මහින්දට යෝජනා ඉදිරිපත් කිරිම මගේ කාර්යයක් නොවේ.මට ඒ ගැන උනන්දුවක් ද නැත. ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට සමාජ ක්‍රමයේ තිබෙන අර්බුදයකට විසදුම් දිය නෙහැක.රනිල්/මහින්ද මේ පෙන්වන්නේ අඩුම තරමින් දියුනු රටවල ධනේශ්වර පාලකයින් අත්පත් කරගැනීමට සමත් වූ දෙයවත් අත්කරගැනීමට ඔවුන්ට තිබෙන නොහැකියාවයි. ප්‍රශ්නය මහින්ද නොවේ. මහින්ද යනු රෝග ලක්ෂනයක් පමනි. රනිල් ද රෝග ලක්ෂනයකි. එක් රෝග ලක්ෂනයක් වෙනුවට වෙනත් රෝග ලක්ෂනයක් රජ පුටුවේ ඉන්දුවා කියා කිසිදු ඵලයක් අත් වේ යැයි මම නොසිතමි.

      Delete
  3. මාතලන්,
    ඔබ කවදත් ලියන්නේ වැරැදුදට සහ අසාධාරනයට විරුද්ධවයි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් අපට මේ දූෂිත පාලන ක්‍රමය පිලුබදව තීරනයක් ගන්න වෙනව. ඒහිදී අප සියයට සියයක්ම නිවැරදි විකල්පයක් සොයන්න ගිය හොත් අපට සිදුවන්නේ සියයට සියයක්ම වැරැද්දත් සමග ජීවත් වෙන්නයි. ඒනිසා අපට වඩාත්ම නිවැරදි විකල්පය තෝරා ගන්න වෙනව. ඒකෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්, අපි ඒවා ගැන ප්‍රමානයට වඩා අවධානය යොමු කරන්න යනවිට අපව නොදැනීම ප්‍රධාන අරමුනෙන් අෑතට යනව.


    Ano at 2:44
    රනිල් හොදයිද කියල දැන ගන්න නම් ඔහු 2002 දී සිට රට පාලනය කල වසර දෙක හමාරක කාලය තුල සිදු කල දේ ගැන නිවැරදි අධ්‍යයනයක යෙදිය යුතුයි. අදටත් ඔහුගේ පක්ෂයේම අැතමුන් ඔහුට අකමැති වන්න හේතුව නම් ඔහු සමග දූෂනය වංචාව කල නොහැකි නිසයි. විපක්ෂයේ ඉදගෙන රනිල්ට ලෙඩක් අැදලා මහින්දගෙන් ගානක් කොටා ගන්න ඒක අාන්ඩුවක් පිහිටුවනවාට වඩා උන්ට ලාභයි.

    රනිල් ඒලවද්දිත් යන්නෙ නැතිව ඉන්නවා කියන්නෙ කොහොමද? කිලී මහාරාජාටවත් සජිත් ප්‍රේම දාසටවත් වුවමනා විධිහට පක්ෂ නායකත්වය වෙනස්්කරන්නපුළුවන්ද?

    සිරිකොතේ නොවෙයි, U N P ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වවත් මම පුද්ගලිකව හදුනන්නේ නැහැ. අතින් වියදම් කරන් කමෙන්ට් දමන්නේ පුද්ගලික වාසි බලාගෙන නොවෙයි.

    ReplyDelete