Wednesday, April 10, 2013

මාග්‍රට් තැචර් ගේ හම්බන්තොට අවතාරය



සටහන - එංගලන්තයේ හිටපු අගමැතිනියක වූ මාග්‍රට් තැචර් මිය ගොස් තිබේ. පහත පලවන්නේ 2012 අගෝස්තු මාසයේ දී මෙම ලියුම්කරු විසින් ජනරල පුවත්පතට සපයන ලද ලිපියකි .මෙය ලියන ලද්දේ රට තුල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් දියත් වෙමින් තිබුනු වකවානුවකය. තැචර්ගේ මරනයත් සමග තැචර්වාදයේ උරුමය ගැන මතු වී තිබෙන සංවාදයට වැදගත් විය හැකි යැයි සිතන නිසා එම ලිපිය නැවත පල කෙරේ.


***

2012 අගෝස්තු 4 වනදා ඉරිදා අයිලන්ඩ් ඉංග්‍රීසි පුවත්පතට සපයන සිය දේශපාලන ලිපිය සී.ඒ.චන්ද්‍ර ප්‍රේම අවසාන කරන්නේ පහත වචන වලිනි.

" මහින්ද රාජපක්ෂට අද ලංකාවේ තිබිය යුත්තේ බ්‍රිතාන්‍යය තුල මාග්‍රට් තැචර් සතුව පැවැති ප්‍රතිරූපයයි.තැචර් යකඩ කාන්තාව ලෙස විරුදාවලි ලද්දේ ඇය බ්‍රිතාන්‍යය වෙනුවෙන් යුද්ධ දිනූ නිසා නොව වෘත්තීය සමිති කුඩුපට්ටම් කොට බ්‍රිතාන්‍යය විනාශයකින් ගලවාගත් නිසාය"

සී.ඒ.චන්ද්‍රප්‍රේම මෙම ලිපියේ සංස්කරනය කල සිංහල පරිවර්තනයක් ඊට පසු දින සිංහල දිවයින පුවත්පතේද පලකොට තිබුනි.උත්ප්‍රාසාත්මක ලෙස ඔහුගේ දිවයින කොලමේ නම  "වම් ඉවුර" යි.

මෙරට සිවිල් යුද්ධය අලලා  "ගෝඨාගේ යුද්ධය" නමින් කෘතියක් මෑතකදී පලකල චන්ද්‍රප්‍රේම රාජපක්ෂ රෙජිමයේ ක්‍රියාවන් සදහා විදග්ධ ස්වභාවයේ ආවරනයන් සපයන පුවත්පත් න්‍යායධරයන් කිහිපදෙනා අතර ප්‍රමුඛයෙකි. ඔහුගේ විශේෂත්වය නම් කිව යුත්ත නොවලහා ප්‍රකාශ කිරීමයි. මේ අනුව රාජපක්ෂ රෙජිමය තැචර් පන්නයේ පාලනයක් විය යුතු බවට ඔහු කරන  ප්‍රකාශය ආන්ඩුවේ දෘෂ්ටිකෝනයෙන් සැලකූ කල්හි මේ මොහොතේ මග හැර යා නොහැකි යෝජනාවකි.

මාග්‍රට් තැචර් යනු '80 දශකයේදී බ්‍රිතාන්‍යය තුල නව ලිබරල්  ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට නැංවීම සදහා මූලිකත්වය ගත් අගමැතිවරියයි. ඇය අනුදත් පාලන ක්‍රමවේදය තැචර්වාදය නමින් ප්‍රචලිත වූ අතර බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයෙක් වන ඇන්ඩෘ ගැම්බ්ල් තැචර්වාදයේ හරය මෙලෙස සාරාංශගත කරයි. :-  "විවෘත ආර්ථිකයක් සහ බලසම්පන්න ආන්ඩුවක්"

තැචර් පාලන සමය තුල රාජ්‍ය සුබසාධන වියදම් කපා දැමීම හා පෞද්ගලිකකරනය බදු නව ලිබරල්වාදී ක්‍රියාමාර්ග මහා පරිමානයෙන් ක්‍රියාවට නැංවුනි. රාජ්‍යයට පලදා තිබූ සුබසාධනවාදී වස්ත්‍ර ඇය එකින් එක කීතු කීතු කලාය. බ්‍රිතාන්‍යය තුල තදින් මුල්බැසගෙන තිබුනු වෘත්තීය සමිති ව්‍යපාරයේ කශේරුව ඇය විසින් නිර්දය ලෙස බිදහෙලන ලදී.1984 එරට පතල්කරුවන් විසින් දියත් කල අවුරුද්දක් පමන දිග්ගැස්සුනු වැඩවර්ජනය ඇය වෘත්තීය සමිති ව්‍යාපාරය සමග නිර්දය ලෙස මර්දනකාරීව අභිමුඛ වූ තීරනාත්මක අවස්ථාවයි. එහිදී තැචර්ගේ ප්‍රහාරයෙන් බිදී විසිරී ගිය එරට වෘත්තිය සමිති ව්‍යාපාරය අද වනතුරුම එය සතුව 60 හා 70 දශකවල තිබුනු ශක්තිය අත්පත් කරගැන්මට සමත් වී නැත.

ආර්ථික ලිබරල්වාදයට හා දේශපාලන අධිකාරිවාදයට අමතරව තැචර්වාදයේ අනෙත් මුහුන වූයේ සංස්කෘතික ගතානුගතිකත්වයයි. වික්ටෝරියානු සංස්කෘතික හා සදාචාර සම්මතයන් කෙරෙහි අනුග්‍රහශීලී ආකල්පයක් දැක්වූ තැචර් පාලනය සදාචාර ප්‍රමිතීන් මත එංගලන්තයේ වීඩියෝ කැසට් වෙලදපොල නියාමනය කිරීමට ඉදිරිපත් වූ පලමු ආන්ඩුව ද විය. මාක්ස්වාදී විචාරක ස්ටුවර්ට් හෝල් මෙම තත්වය එකල හැදින්වූයේ අධිකාරිවාදී ජනප්‍රියවාදයක් ( authoritative populism ) වශයෙනි.

තැචර්වාදයේ ඉහත සියලු ලක්ෂන මහින්ද රාජපක්ෂ රෙජිමය තුලින්ද අඩු වැඩි වශයෙන් පරාවර්තනය වන්නේය. රාජපක්ෂ ආන්ඩුව යනු ආර්ථික ලිබරල්වාදය දේශපාලන අධිකාරිවාදය හා සංස්කෘතික ගතානුගතිකවාදය යන ත්‍රිවිධ උපනතීන්ගේ සංයුක්තයකි. සිංහල ජාතිකවාදය හා බෞද්ධ සදාචාරවාදය සිය පාලක දෘෂ්ටිවාදය බවට පත්කරගෙන තිබෙන එය ජනප්‍රියවාදී ආකාරයකින් විවිධ සමාජ පංති හා කන්ඩායම් සිය බලපෑම යටතේ රදවා ගනිමින් සිටී. ‍ආන්ඩුවේ තනි පක්ෂ ඒකාධිපති හැසිරීම හේතුවෙන් මෙම ජනප්‍රියවාදය අධිකාරිවාදී එකකි.

රාජපක්ෂ රජය පසුගිය සතිය තුල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගනනාවකට මුහුන පෑවේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි ස්ථාවරයක් දැරූ වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකුගේ නිවෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම මත වෛද්‍යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලැඹුනහ. අනධ්‍යන හා ආචාර්ය සේවක මන්ඩලවල වෘත්තිය ක්‍රියාමාර්ග නිසා මෙරට ජාතික  විශ්ව විද්‍යාල පද්ධතිය මාස හතරකට ආසන්න කාලයක් මේ වනවිට අක්‍රීයව පවතී. වෘත්තිය සංගම්වල මෙම ප්‍රතික්‍රියාවන් සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය පුද්ගලිකකරනය සම්බන්ධ ආන්ඩුවේ නවලිබරල්වාදී ප්‍රවේශයට ප්‍රතිචාරීව මතුවූ ඒවා වේ. ඊට අමතරව විදුලි සේවකයන්ගේද බරපතල වැඩවර්ජනයක් පසුගිය සතියේ උද්ගත විය.

මෙවැනි ප්‍රතිවිරෝධතා හොදින් හෝ නරකින් බිද හෙලීමෙන් තොරව රාජපක්ෂට සිය ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වාගෙන යා නොහැක. දිවයිනට  "වම් ඉවුර"  ලියන උග්‍ර දක්ෂිනාංශිකයා පවසන ආකාරයට තැචර් පන්නයේ යකඩ මිනිසෙකු වීමට මේ අනුව ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තත්වයන් විසින් බලකරනවා ඇත. තැචර් හා වෘත්තිය සමිති පිලිබද සංවාදයන්හිදී ඉංග්‍රීසි පුවත්පත් නිතර උත්ප්‍රාසයෙන් උපුටා දක්වන ඇය විසින් බලයට ඒමට පෙර 1975දී කල ප්‍රසිද්ධ ප්‍රකාශයක් තිබේ. එම ප්‍රකාශයේදී ඇය කියන්නේ වෘත්තිය සමිති වලට අවසර දීම පමනක් නොව ඒවාට උදවු කිරීමත් නීතියේ යුතුකම බවයි. පසුකාලීනව එංගලන්තයේ වෘත්තීය සමිති නාශකයා බවට පත්වූයේ මුල්කාලයේ වෘත්තිය සංගම් හිතවාදයක් ප්‍රකට කල මෙම තැචර්මය. මහින්ද රාජපක්ෂ යනු හිටපු  "කම්කරු නායකයෙකි". ඔහුගේ න්‍යායාචාර්යවරුන්ට වෘත්තිය සමිති කුඩුපට්ටම් කරන ලෙස එම  කම්කරු නායකයාගෙන් මැ යදිමින් පුවත්පත් ලිපි ලිවීමට සිදුව තිබීම ඉතිහාසයේ සරදමකි.

( 2012 අගෝස්තු - ජනරල )

11 comments:

  1. අරලිය ගහ මන්දිරේට කතා කරපු ගමන් වෘත්තිය සමිති නායකයෝ බල්ලෝ වෙනවා. කියන් ඕන දෙයක් කරනවා. නැට්ට පුකේ ගහගත්ත ගමන්මයි. මේ රටේ වමේ කියාගන්නා සෑම පුද්ගලයාම දැකලා තියෙන්නේ වෙන හීනයක්. ඒ හීනෙම තමයි ප්‍රබුද්ධ කියන කළාකාරයොත් දැකලා තියෙන්නේ. ඒ සිහිනය සැබෑවූ නිසා, අද වමත් නෑ, වෘත්තීය සමිතිත් නෑ. එදා මානව හිමිකම් ගැන කතා කරපු උන්, අද මානව හිමිකම් වලට කින්ඩිය දානවා. බලන්න බලයේ රහ හා වෙනස.

    ReplyDelete
  2. මහින්දට බලෙන් කුඩුපට්ටම් කිරීමට තරම් බලවත් වෘත්තීය සමිති ලංකාවේ නැත. එමෙන්ම මා සිතන්නේ රාමචන්ද්‍ර ට මෙන්ම චන්ද්‍රප්‍රේම ද වරද්දගන්නේ තැචර් වැනි චරිත හම්බන්තොටින් බිහිවේයයි සිතන නිසාය. මාග්‍රට් තැචර් හැදින්වුයේ යකඩ ගැහැණිය ලෙසය. හම්බන්තොටින් බිහිවන තැචර්ලා කරන්න දන්නා එකම වැඩය යකඩ ගල් කිරිමයි.හම්බන්තොට තැචර් ලා දන්නා හෝ කරන නව ලිබරල්වාදී මලවිකාරයක් නොමැත.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++

      Delete
    2. ඇයි තැචර් හෙණ චරිතෙ ද? අන්න මිනිස්සු එංගලන්තයේ පාටි දානව තැචර් මැරුනා කියල. තැචර් හෙණ චරිතෙ කරන්නෙ මාධ්‍ය වලින්.1990 දී ඔය ගෑනිට යන්ඩ උනේ ඒ ගෑනිගේ පක්ෂෙන්ම ඒ ගෑනිව එලවපු හින්ද.එච්චර ජන අප්‍රසාදයට පත්වෙලයි හිටියෙ.

      Delete
    3. ගෑනි 3x වරක් බලයට පත් කරෙත් ඔය අප්‍රසාදයට පත් වුන ජනතාවම නේද.අනික අද කාලේ තරම් මෝඩයන් සැනකෙලි පවත්වන උඩින් යන කාලයක් තව කොයින්ද? ඉතින් පාටි දාන එක අහන්න දෙයක්ද? ඔව් ශ්‍ර්වුඩ් වනාන්තරේ රොබින් හුඩ් ට වඩා ලන්ඩනයේ තැචර් මට නම් හෙන චරිතයක් තමයි. ඒ වගේම කොළඹ ජේ ආර් හම්බන්තොට මහින්දට වඩා හෙන චරිතයක්. ම්,මේ තියෙන්නේ පාටි දාන අය ගැන අසොසියේට් ප්‍රෙස් පුවත මේකේ තියන පින්තුරය මේ පාටි දාන අය ගැන බොහෝ දේ කියනවා.
      http://news.yahoo.com/anti-thatcher-party-londons-trafalgar-square-195601564.html

      Delete
    4. ඇයි බං තුන්වෙනි පාර බලයට පත් උනාට පස්සෙ නෙ අයින් කළේ.එපා වෙලා.ඒකවත් දන්නෙ නැද්ද? කොළඹ ජේආර් ට කොරන්න බැරි උන දේවල් ගොඩක් මහින්ද කරනව නෙ බං. මහින්දනෙ චරිතෙ.ඇයි ඒක කෙලින් කියන්න බැරි?

      Delete
  3. Anonymous April 11,2013 @ 1.53 am and Rama,

    That was real truth, Even one of my British-Canadian buddies David Compton invited me to "share the joy" of the death of former premier MT with a case of beer!!!.I tried to convinced him that it is NOT my (sri) Lankan Christian tradition that is to be happy with somebody's death,who ever the person was. But he refused it and argued with me about more than long 30 minutes on how politically evil she was.Ironically enough my British-Canadian buddies are not Socialists as their fore-fathers for sure.

    He talked about the death of former Ireland MPs Bobby Sands, her unconditional support to the world "renowned" dictators, war ion Forkland islands with Argentina and so on...and so on.

    Most of all he compared the modern world labour struggles with the 1970-82 labour struggles then.

    I am wondering why other (sri)Lankan bloggers did not focus their attention on this matter -except 3MANA .

    Of course it is my first and foremost belief and experience how JRJ demolished the 1980 workers' strike in Lanka (when I was in grade 5)taking the prime example of late Thatcher.She was actually a lady with iron heart.She fought with the poor and "weaks". Her theory was anti-Robin Hood. What else otherwise?!

    Any how let her understand and repent on her deeds at the Purgatory.While we fight on the Earth to get the changes back

    Thanks for giving me space to forward my comment.

    Clement Peris
    Calgary
    MT time 9.32pm

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Sir,
      Under former premier MT ,unemployment rate went down from 13% to 5.4%.
      what makes you think her policy bad ?

      Delete
    3. @ Clement Peiris,

      Thanx for your comment Clement.In the Sinhalese blog sphere it's rare to observe posts on such issues.There exist a few who usually address political issues, but even they are not interested in doing some reading or research regarding the subject they speak. A typical post modern phenomenon I guess.

      Delete
  4. To.
    Rama (man who dare to say that he is a Marxist)
    Uditha (as Ajith Perakum says another Fakeer of rotten capitalism)
    I try to make this comment as short as possible; unless I would make another blog inside your blog site which is not appropriate in any sense. But I appreciate and wish if you could make a reply quoting the essential summary of this comment in Singhalese to ignite more readers to contribute your main article.
    Simply saying, if I were a carpenter you may agree with my statement that I have umpteen ways, strategies and calculated ways to make chairs, if I want to make chairs. For instance, I may cut off a 100 year tree and take the lumber and make chairs. I shall rip off the granary and make chairs. Pretend that I am a (sri) Lankan carpenter; therefore I am impoverished then I would tend to break the only door of my house and make chairs. Likewise I can stretch the list long and long
    But Marxists suggests that there will be only very few-I emphasise that there are only very few- ways to make chairs ethically. Strategically, diplomatically, economically and political-economically there can be lots of ways to put down the unemployment rate of a given society; but what about if one denied deliberately the most important component of politics. The ethics.
    By attacking on social welfare and destruction of labour victories Thatcher exhibited how she was lack in ethics and she considered the society as a limited liability company like what UNPs thinking. She addressed the greedy expectations of the British middle class. Then after it became a ‘world order’ Since capitalism is sans of ethics of any kind; the Western happen to deteriorate both intellectually and culturally. She wanted the London to be free of trade unions exactly what JRJ did in (sri) Lanka in 1980.The most remarkable departments of the universities were threat to be closed simply because of cutting government grants. The non-violence stance taken forward by the IRA was crushed and she considered that number of guns and ammunitions fired against her political enemies may give the answer for the burning questions of the society, forever. The politics of encounter or engagement was no longer permitted. Either the enemy should be destroyed or to be neglected, she thought and acted. As Rama is emphasising what MR is doing today in( sri) Lanka.
    Thus ,what my conclusion is that what Chandraprema wants is MR to be a another spectre to be haunt at Temple Trees ,Colombo 03 just like the lady who haunted at No.10, Downing street , London from 1979-90!
    There are umpteen ways to originate and just to pop-up such’ puppet spectre leaders’ in any society where the capitalism prevails.
    Professional politics is not a child play as what she did. It is a serious work of intellectuals –the future working class. It is a work of peasants who do politics with the mud on their body. It is a serious work to be performed by the industry labours, mine workers –like us-who with the grease, black powder and lubricant on their dirty hands, at least. A serious work to be done by the university type intellectuals like Nirmal Ranjith Dewasiri with teaching and marching. As serious as other working class people like Ajith Perakums, Ramachandras (not by Premachandras), Deepthi Kumaras ...and so on.
    Ultimately politics is a work being performed only by organic intellectuals, as what Gramsci told.
    Thanks for reading this.

    Clement Peris
    Calgary
    MT time 10.30 am on 14.04.2013

    PS
    It is certain that Uditha is not rotten for sure; only the philosophy what he embraces is rotten. I earnestly hope that Uditha may distil the main idea what I have threw at him.

    ReplyDelete