Friday, March 15, 2013

බොදු බල සේනාවාදයේ සීයලා බාප්පලා සහ මුනුපුරෝ


බොදු බල සේනා සංවිධානයේ පුහුනු මධ්‍යස්ථානයක් විවෘත කිරීම සදහා පසුගිය සතියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගී විමත් සමග දැන් තිරය විවර වී තිබේ. බොදු බල සේනා නමැති තග් සංස්ථාවේ හැසිරීමත් ආන්ඩුවත් අතර සම්බන්ධයක් තිබෙන බවට යමෙක්ට යම් පමනක හෝ සැකයක් වී නම් ඒ සැකය ද ඉවත් කර ගත හැක. බොදු බල සේනා වූ කලී රාජපක්ෂ රෙජිමය විසින් කිරි පොවා ඇති දැඩි කරන පොලගෙකි යන්න ගැන දැන් කිසිදු දෙගිඩියාවක් නැත.

මේ දිනවල බොදු බල සේනා භික්ෂූන් සමග චම්පික රනවක සහ උදය ගම්මන්පිල යන දේශපාලන කුම්භාන්ඩයෝ මැරතන් තරගයකට අවතීර්නය වී සිටිති. තරගයට මෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔවුහු මුස්ලිම් උලමාවරුන් පතුරු ගසති. පසුගිය දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ගලබොඩඅත්තේ ඥානසාර භික්ෂුව මුස්ලිම් ප‍්‍රජාවේ ආගමික නායකයින් වන උලමාවරුන්ව හැදින්වූයේ උලමලා යන ගර්හිත පදයෙනි. ජමියතුල් උලමා සංවිධානය ප‍්‍රභාකරන්ටත් වඩා දරුනු සතුරෙක් බව පවසමින් උදය ගම්මන්පිල පුවත්පතකට ලිපියක් සපයා තිබුනි. මේ වියරු ප‍්‍රහාර අභියස තවමත් මුස්ලිම් ප‍්‍රජාව පසුපස පාදයේ ක‍්‍රීඩා කරමින් සිටින බවය පෙනෙන්නට තිබෙන්නේ. හලාල් සහතිකය ගැන ඉදිරිපත් කල චෝදනාව හමුවේ එය හකුලා ගැන්මට ජමියතුල් උලමා සංවිධානය තීන්දු කල අතර ඒ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් සමූහයක් ගෙන්වීමට ද ඔවුහු ක‍්‍රියා කර තිබුනාහ. ඥානසාර භික්ෂුව "උලමලා" යනුවෙන් ගර්හිතව ආමන්ත‍්‍රනය කල ද මුස්ලිම් නායකයින් පිලිතුරු සපයන්නේ සංයමයෙන් හා ශික්ෂනයකිනි. සුලුතර ජාතික ප‍්‍රජාවකට අයත් වීම නිසා මුහුන දීමට සිදුවිය හැකි පීඩනය සම්බන්ධයෙන් මෙය කදිම නිදර්ශනයකි. මහ ජාතියේ වර්ගවාදීන් ඔබට එලව එලවා පහර දෙන විට ඔබට සිදුවන්නේ පසුපස පාදයට ගොස් හිස නමා ගැනීමටය.

බොදු බල සේනා ප‍්‍රවනතාව වැඩි සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන්නේ කවර ජනයා අතරද? මෙය වැදගත් දේශපාලන ප‍්‍රශ්නයකි. මෙම ව්‍යාපෘතිය වෙත වඩාත් ආකර්ශනය වී සිටින්නේ නාගරික හා අර්ධ නාගරික සිංහල සුලු ධනේශ්වර සමාජ කොටස් වෙති. 1920 ගනන් වල ඉතාලියේ හා ජර්මනියේ ෆැසිස්ට් ව්‍යාපාර වල නැගීම ගැන ලියමින් ලියොන් ට්‍රොට්ස්කි ෆැසිස්ට්වාදයේ මූලය වශයෙන් විස්තර කලේ ගැඹුරු වන සමාජ අර්බුදය තුළ අපේක්ෂා භංගත්වයට ගොදුරු වූ සුලු ධනේශ්වර සමාජ කොටස් සිය විමුක්තිය පතා දක්ෂිනාංශය වෙත නැඹුරු වීමයි. මෙවැනි ව්‍යාපාර උද්ගත වූ කල්හි නිර්ධන පංතියේ සැලකිය යුතු කොටසක් ද තමා පසුපස පෙලගස්වා ගැනීමට ඒවා සමත් වන ආකාරය ට්‍රොට්ස්කි එහිදී විග‍්‍රහ කරයි.

ලංකාවේ ආර්ථික හා සමාජ අර්බුදය දවසින් දවස උග‍්‍ර වෙමින් තිබේ. මේ ලියන මොහොත වනවිට බස් ගාස්තු සහ විදුලි ගාස්තු සැලකිය යුතු ප‍්‍රතිශතයකින් ඉහල යාමට නියමිතය. මෙලෙස ඉහල යන ජීවන වියදම පාලනය කරගැනීමට රාජපක්ෂගේ ධනේශ්වර රෙජිමයට කිසිදු හැකියාවක් නොමැත්තේය. මේ අර්බුදය යටතේ සමාජයේ මැද පංතික සහ සුලු ධනේශ්වර තීරු වඩ වඩාත් අසහනයට පත් වෙමින් සිටිති. උද්ධමනය වැඩි වැඩියෙන් වැඩ කිරීමට ජනයාට බල කරයි. එහි ප‍්‍රතිඵලය තව තවත් ජීවිතයේ විවේකය හා සතුට අහිමි වීමයි. ජීවිතය අතෘප්තිමත් මඩ වගුරක් තුල ගිලී යාමයි. පරිභෝජනවාදී සංස්කෘතියක් තුල විශාල අවශ්‍යතා ප‍්‍රමානයක් සමග ජීවත්වන සුලු ධනේශ්වර සමාජ කන්ඩායම් මේ ජීවන අරගලය හමුවේ වඩ වඩා අසහනයට පත්වීම අනිවාර්යය වන්නේය.

ගලබොඩඅත්තේ ඥානසාර විසින් සිදුකරන්නේ සමාජ අර්බුදය තුලින් මතුවන එම අසහනය පාලක රෙජිමයේ පැවැත්මට තර්ජනයක් නොවන ආකාරයට කලමනාකරනය කිරීමය. බොදු බල සේනා සංවිධානය යනු ෆැසිස්ට්වාදී තග් කල්ලියකි. උග‍්‍ර වර්ගවාදය එහි දේශපාලන දෘෂ්ටියයි. සිය සතුට අහිමි වී තිබෙන්නේ ගරා වැටෙන සමාජ තත්වයන් නිසා නොව අසල්වාසී මුසල්මානුවා නිසාවෙනි යන ව්‍යාජ සංඥාව සිංහල සමාජය වෙත නිකුත් කරමින් මොවුහු ඒ සංඥාව වටා සිංහල සමාජය - විශේෂයෙන් සිංහල සුලු ධනේශ්වරය - සංවිධානය කරති. රාජපක්ෂ රෙජිමයේ තක්කඩි පාලකයින් සිය අර්බුදය සහ අසමත්භාවය කලමනාකරනය කරගැනීම සදහා කිරි පොවමින් සිටින්නේ මෙම ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයටය.

මේ භයානක බල ක‍්‍රීඩාවේ අවසන් වන්දිය ගෙවන්නේ කවුද? එම වන්දිය ගෙවීමට නියමිතව සිටින්නේ ප්‍රභූ දරුවන් වන නාමල් හෝ රෝහිත බබාලා නොව මේ සමාජයේ ජීවත්වන සිංහල දෙමල මුස්ලිම් නිර්ප්‍රභූ ජනයාය. මෙහි ඇති ඛේදවාචකය වූ කලී එයයි.

58 comments:

  1. මේ සත්‍යය මහජනතාව විසින් තේරුම් නොගැනීම තරම් අභාග්‍යයක් තවත් නම් තිබිය හැකිද?

    ReplyDelete
  2. ප්‍රභාකරන් මිනීමරුවට මහත්තයා කියපු‍, උලමාලට ඒ නමින්ම කතා කරාම පිලිකුල් කරන ත්‍රස්තවාදී රාමචන්ද්‍රයා බල්ලා විසින් ///ගලබොඩඅත්තේ ඥානසාර විසින් සිදුකරන්නේ සමාජ අර්බුදය තුලින් මතුවන එම අසහනය පාලක රෙජිමයේ පැවැත්මට තර්ජනයක් නොවන ආකාරයට කලමනාකරනය කිරීමය. /// කියලානේ.. ඒකියන්නෙ ඌත් උගේ වචන වලින්ම අමනයෙක් වෙලා...

    ReplyDelete
    Replies
    1. මිතුර, කරුනාකර කමෙන්ට් කිරීම සදහා වෙනත් නමක් පාවිච්චි කරන්න.අනන්‍යතා සොරකම් කිරීම ඔබ වැනි ජාතිහිතෛශීන්ට තරම් වෙතැයි ‍නොසිතමි.දෙවනුව මා කිසිතැනක ප්‍රභාකරන්ට මහත්තයා යැයි කියා නැත.එවැනි බොරු ඇද බෑම ද ඔබ වැනි ජාතිහිතෛශීන්ට තරම් වෙතැයි නොසිතමි.

      ස්තුතියි!

      Delete
    2. ///මේ සමාජයේ ජීවත්වන සිංහල දෙමල මුස්ලිම් නිර්ප්‍රභූ ජනයාය. ///

      රාමා දැන් සිංහල, මුස්ලිම්, දෙමල... පිලිවෙලට ගත්තොත් එහෙමයි. හා හා හා...  ඔන්න හරි විදිහ.

      Delete
  3. මෙ රටේ හැමොටම තියෙන ලොකුම ගැටලුව බුදු දහම තියෙන එක වෙන්ඩ ඇති හැබැයි එක තියෙන නිසා තමයි මෙච්චරවත් මේ රට තියෙන්නේ මේක සිංහලයන්ගේ රට බලපියව් මැලෙසියාව මහජාතිය මුස්ලිම් චීන මිනිස්සුන්ට බලයක් නැහැ. අපේ රටෙ කාලකන්නි දේශපාලකයන්ට තේරෙන්නැ. හාමුදුරැවෝ ටිකක් හරි මෙහෙම ඉන්න හක හොද නැතිව ඇ. බලපියෙව් මේ රටේ පොඩි කෙල්ලෝ කී දෙනෙක් දූෂණය වෙනවාද ඒවා අපේ රටේ අම්මලා තාත්තලා දන්නැ.

    ReplyDelete
  4. kawuda meka liyana mole nathi kena, mewannan ape ratata barak, pituwahal kala yuthui......
    -Wickramanayaka

    ReplyDelete
  5. බොදු බල සේනාව විසින් සත්‍ය වශයෙන්ම සිඳු කරනු ලබන්නේ ශ්‍රි ලංකාවේ කීර්තිනාමයට හා විනයානුකූල, නිහඬ ආගමක් ලෙස ළොව පුරා ප්‍රකට ශ්‍රි ලංකාවේ බුද්ධාගමට කළු පැල්ලමක් එකතු කිරීමකි. එමෙන්ම මේ රටේ තිබුනේ ත්‍රස්තවාදයක් නොව සිවිල් යුද්ධයක්ය කියා හඬ නගන දෙමළ ඩයස්පෝරාවට උඩ ගෙඩි දීමකි. නමුත් බොදු බල සේනාවට මෙසේ හැසිරීමට හේතුද අප සාධාර්ණව සොය බැලිය යුතුය. අද මහානායක හිමිවරුන් ඔවුනගේ යුතුකම ඉටුකරන්නේද, ඇත්තටම ඔවුනට කිසියම් හෝ බලපෑමක් කළ හැකි තත්වයක සිටීද? එසේනම් බහුතරයක් වන සුළු ධනේස්වර හෝ නිර්ධන හෝ ධනපති වේවා බෞද්ධයා වෙනුවෙන් පෙනි සිටින්නේ කවුද? හඬක් නගන්නේ කවුද? ආන්ඩුවට ඒ දේ කළ හැකිද? එවිට ආන්ඩුවට අත්වන්නේ කවර තත්වයක්ද? මෙන්න මේ කරුණු ගැනත් සිතා බැලිය යුතු නොවන්නේද? කෙසේ හෝ අපේ මනුස්සකම ප්‍රයෝජනයට ගෙන වසර ගනනක් තිස්සේ හෙට්ටු කරමින් සිට අවසානයේදි තුවක්කුවෙන් තම ඉල්ලීම් දිනා ගැනීමට දෙමළ ජනතාව ඉදිරියට ආවේ. ඒ දෙස සානුකම්පිතව බැලු, ඔබ, පැරා හා වාමංශික අදහස් දරන්නන්ගේ මතවාද දඩමීමා කරගෙනය. අදත් ඔබ පෙනි සිටින්නේ ඔවුන් වෙනුවෙන්ය. ඔවුන්ගේ පමණක් නොව, සියළුම ජාතින්ගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනි සිටින්නෙමු. ඔවුන් හලාල් කෑවාට කමක් නැත. රටම හලාල් කළ යුතු වන්නේ නැත. මේ ගැන සංවේදිව ලියනවාක් මෙන්ම. පාට කන්නාඩි පැත්තකින් තබා සිඳුවන්නේ කුමක්දැයි පියවි දෑසින් බලනා මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. මන්ද බෞද්ධ හින්දු හෝ ඉස්ලාම් වේවා සුළු ධනේස්වරයේ ආශීර්වාදය ඇතිව ආරම්බ කරනු ලබන පැසිස්ට්වාදි ක්‍රියාදාමයන් හේතුවෙන් බැට කන්නේ නිර්ධන පන්තිය නිසාය. නිර්ධන පංතියෙ වෙනුවෙන් පෙනි සිටිනා ඔබගෙන හා පැරාගෙන් මා ඉල්ලා සිටින්නේ ඉස්ලාම් පැසිස්ට්වාදයේ උඡ්ඡමය වන තලෙයිබාන්කරණයට දැනටත් ලක්ව ඇති ශ්‍රී ලංකීය මුස්ලිම් ජනතාව එයින් මුදවා ගැනීම ගැනත්, ලියන්නේ නැතිනම්. අවම වශෙයන් ඒ ගැන සොයා බැලීමක්වත් කරනා ලෙසයි.

    ReplyDelete
    Replies
    1. සිංහල මිනිහා ගැන කතා කරන්නත් මිනිස්සු ඉන්න එපාය. සිංහල මිනිහා තමන්ගේ ජාතිය ගැන කතා කිරීම, ජාතිවාදය. දෙමළ මනුස්සයා දෙමළ මනුස්සයා වෙනුවෙන් කතා කිරීම, අයිතිවාසිකම, විමුක්තිවාදය. මුස්ලිම් මිනිහා බලෙන් හලාල් දෙන එක. මුස්ලිම් මිනිසාගේ ආගමික අයිතිවාසිකම. ඊට විරුද්ධව අදහස් දක්වන සිංහලයා ෆැසිස්ට්වාදියා. මාරම නිර්වචණ නේ....

      Delete
    2. @මාතලන්,

      මාතලන් "නිර්වචනය" කියන එක ඔයාගේ "මාහාචාර්ය" මොළ ගෙඩියට කොහොමද තේරුම් යන්නේ. මොකද කියනවනම් ඔයාගේ නිර්වචන ඔයාගෙම මොළ කුහරේ අතිවිච්ච විලම්බ්භිථ අදහස් මිස පොදු සම්මතය නොවන නිසා.

      Delete
    3. මාතලන්, අපි කථා කල යුත්තේ සිංහල,දෙමල,මුස්ලිම් සියලු දෙනාගේ අයිතිවාසිකම් ගැනයි.එතැනදී සිංහල ජනයාගේ අයිතිවාසිකම් ගැනත් කථා කල යුතුය.මේ සියලු දෙනාට ලාංකිකයින් ලෙස රට තුල තිබිය යුත්තේ සමාන අයිතිවාසිකම්ය.බොදු බල සේනා/හෙල උරුමය වැනි කන්ඩායම් කරන්නේ සිංහල මිනිහාගේ කිසිවක් වෙනුවෙන් අව්‍යාජව පෙනී සිටීමක් නොවේ.මේ අයට සිංහල පොදු මිනිහාගේ ප්‍රශ්න ගැන මෙලෝ හැගීමක් නැත.සිංහල පොදු මිනිහාට අද දහසකුත් එකක් ප්‍රශ්න තිබේ.මේ ප්‍රශ්න ගැන මොවුන් වචනයක් කථා කරන්නේ නැත.පානම පාරම්පරිකව සිංහල ගොවීන් වගා කල ඉඩම් ආන්ඩුව විසින් පසුගිය දිනෙක හෝටල් ඉදිකිරීම සදහා පවරා ගත්තේය.මේ සිංහල ගොවියා වෙනුවෙන් මොවුන්‍ පෙනී හිටියේ කවදාද? පාසල් වල ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව පොල් හොරකම් කරන සිංහල දැරිවියන් වෙනුවෙන් මොවුන් කථා කලේ කවදාද? බස්ගාස්තු ඉන්ධන ගාස්තු වැඩිවිම නිසා අසහනයට පත්වන සිංහල පොදු මිනිහා වෙනුවෙන් ආන්ඩුවේ ලැග සිටින මොවුන් පෙනී සිටියේ කවදාද? මොවුන්ගේ අරමුන සිංහල පොදු මිනිහාගේ යහපත නොව රටේ ඇති සැබෑ ප්‍රශ්න යට ගසා වෙනත් ජාතිවාදී ගින්නක් ඇවිලවීමය.ගෝඨාභය රාජපක්ෂලා මොවුන්ව කවා පොවා ඇති දැඩි කරන්නේ මොවුන් පිහිට කොට ගෙන තම අසාර්ථකත්වය වසන් කරගත හැකි නිසාය.මේ සමස්ත පින්තූරය තේරුම් ගන්නා ලෙසයි මෙතැනදී අපි කියන්නේ. මුස්ලිම් අන්තවාදය ගැනත් අපට තිබෙන්නේ සිංහල අන්තවාදය ගැන තිබෙන අදහස මැයි.මේ දෙකම එක ලෙසින් පසුගාමීයි.හලාල් ප්‍රශ්නය මතු වූ විට අජිත් පැරකුම් ජයසිංහ තමා ලියූ ලිපිය හරහා මුස්ලිම් ප්‍රභූන්ගේ හැසිරිමද විවේචනයට ලක්කල අන්දම ඔබට මතක ඇතැයි සිතමි.බොදු බල සේනා උදවිය මුස්ලිම් ජාතිවාදයට මුහුන දෙන්නේ සිංහල මහ ජාතිවාදය පෙට්‍රල් වත්කොට ඇවිලවීමෙනි.එයින් සමාජයට වන්නේ මහ විපතකි.අප කියන්නේ මුස්ලිම් ජාතිවාදය සමග සම්මුඛ විය යුත්තේ බොදු බල සේනා පාට් එකට නොව ඊට වඩා ප්‍රඥාගෝචර ආකාරයකට බවයි.මුස්ලිම් ජාතිවාදය සමග සම්මුඛ වීමට පුලුවන් වන්නේ සියලු ජාතික කන්ඩායම් වල සමානත්මතාව පිලිගන්නා අයවලුන්ට පමනි.සිංහල වර්ගයේ උත්තරීතර බව ගැන දෙසන කිසිවෙක්ට වෙනත් ජාතික කන්ඩායමක ජාතිවාදය ගැන කථා කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.

      Delete
    4. @ රාමා

      මුල් කොටස් හා 100% එකඟයි. මා කිසිවිටකත් සිංහල ජාතිය උත්තරීතරයයි කීවේ නැත. අනෙක මා කතා කලේ අන් ජන කොටසක ජාතිවාදය ගැන නොවේ, ත්‍රස්තවාදය ගැනයි. එනම් ඊළාම් ත්‍රස්තවාදය හා, තලෙයිබාන් ත්‍රස්තවාදය ගැනයි. ඒ ගැන ඔබේ අදහස් දක්වන්නේ නම් මැනැවි.

      @ ඇනෝ

      ඔව් මම ලිව්වේ මගේ මතය. ඔයා ඒක මහජන මතය කරන්න දඟලන්න එපා. මහජනයාගේ මතය මොකක්ද කියලා. පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සු දන්නවා. මෙතන අපි කතා කරන්නෙ ඊට එහා ගිය දෙයක්.

      Delete
    5. @ මාතලන්
      "මහජනයා" කියන්නේ කවුද මාතලන්? ඔයත් එක්ක බොන්න සෙට් වෙන අයද?,ගෙදර වටේ ඉන්න අයද, ඔයාට ෂොපින් ගියාම හම්බුවෙන අයද? එහෙමත් නැත්නම් ඔයා Blog වලයි facebook එකෙයි හුරතල් කරන ගනු ළමයි සෙට් එකද? එහෙමත් නැත්නම් ඒ ඔක්කොමද? එතකොට ඔයා පොලවේ පයගහල ලබාගන්න තොරතුරු කියන්නේ අර උඩ කට්ටියගෙන් ගන්න ඒවා නේද? සත්‍ය කරුණු නොමැතිව ඕපාදුප මත, ඔබ වැනිම කුලකයක් ගෙන් ලබාගන්නා දත්ත මත පදනම්ව තව ජනකොටසක් තලේබාන් ත්‍රස්ත වාදින්යයි කීම අමනත්වය පිරි නරුමකමක්. ඔයා කතාකරන්නේ "ඊට එහා ගිය දෙයක්" ගැන නෙවෙයි බොහොම පසුගාමී ගෝත්‍රික ලක්ෂණයක් වෙච්ච ජාති වාදය ගැන.අපිට කියන්න තියෙන්නේ ඔයාගේ මොළ කුහරේ ඇතිවෙන විලම්භීත අදහස් නිසා තව ජන කොටසක පැවැත්ම තර්ජනයට ලක්වෙන අයුරෙන් මිනිසුන් කුලප්පු කරන්න එපා කියන එක තමයි.

      Delete
    6. "මන්ද බෞද්ධ හින්දු හෝ ඉස්ලාම් වේවා සුළු ධනේස්වරයේ ආශීර්වාදය ඇතිව ආරම්බ කරනු ලබන පැසිස්ට්වාදි ක්‍රියාදාමයන් හේතුවෙන් බැට කන්නේ නිර්ධන පන්තිය නිසාය".

      මාර කෙලිය කියන්නනේ මාතලන් ගොයියෝ මාක්ස් ව වහ කදුරු වෙච්ච් හැම එකාම පන්ති විවුහය විස්තර කරන්න ඕන උනාම ගන්නෙම මාර්කස් ගේ දනුමනේ. නිර්දන පන්තියක් තියන බව පිලිගන්නවා එත් සමාජ වාදය එපා කියනවා.

      Delete
    7. 70-77 දක්වා දැකලා එපා වුනා මෙයා... පුදුම ආතල් එකක් තියෙන්නේ..

      Delete
    8. ජන කොටස් හා ත්‍රස්තවාදීන් පටලව ගන්න එපා...

      Delete
    9. හප්පද බෝල මාතලන් සියේ, ඔහේ 70-77 තිබුන මොකක්ද එකට ඒදවස්වල කිවුවේ සමාජවාදය කියලද? 71 දී මිනිස්සු කැරලි ගහන දවස්වල ඔයා අද-ගොළු-බිහිරි පාසලක බෝඩින් වෙලාද හිටියේ? දැන්වත් පොතක් පතක් කියවන්න කලෙහරි වගේ.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. අපොයි දැක්කා සත්තරන් පුතේ...හොඳටෝම දැක්කා. ඊට වඩා හොඳා තල කැරළි එතුවනම්. ඇයි 71. ඊට පස්සේ ආයෙත් ආවේ ධනවාදයට එරෙයිව ජේ ආර් මරමු කියාගෙන 88/89. (එ ගැන ළිපියක් ලියලා තියෙන්නේ) ජේ ආර් මැරිල්ල කෙසේ වෙතත්, හංදියේ කඩේ "ජයේ" නම් මැරුවා, කඩේ ඇරගෙන උන්නා කියලා. කොහොමින් හරි අප්ත් අපේ රටේ අනාගත පරපුරේ වාසනාවට. සියල්ලෝම ස්වර්ගස්ථ උනා.. පුතා සීයගෙන අහලා දැනගන්නකෝ, මාර විප්ලවයක් කලේ. ඔය ඉතුරු අය තමයි, වැනිසියුලාවේ යන්නේ, රූප පෙට්ටියේ විප්ලව කරන්නේ. හොඳ නළුවෝ.. ඒත් ඩයල් අප්ෂට්...

      Delete
    12. කිරි අප්පට බල්ලෝ පැනපි ආතෙ උඹ ඉරිදට බොනවද? බොනවනම් සිනි කරින්ඥන් නොගහ ගල් බාගයවත් ගහපන්. උඹ බිලා කොටන කොමෙන්ට්ස් මල්ලේ පොල් කිවුවට වඩා එහා. එතනෝල් නිසා සෛල මරුන උබේ මොළ ගෙඩියට තේරුම් නොගියට අපිට කියන්න ඕනවුනේ 70-77 කාලේ මෙලෝ සමාජවාදයක් තුබුණේනැ, එක නිසාම මිනිස්සු කැරලි ගැහුවා කියන එක මිසක් 71 කැරැල්ල කියන්නනේ "අම්මට සිරි අන්න විප්ලවේ" කියන එක නෙවෙයි.

      එක කොහොම වෙතත් 88-89 දී හන්දියේ කඩේ ජයේ මැරිච්ච එක විතරක් ඔයාට මත්ක තිබිල ඔයාගේ රනිල් චුටියා බටලන්දෙදි කොල්ලන්ගේ ඇට තලලා කනේ පැන් ගහල පණපිටින් පුච්චපු ඔයාගේ ඒ "සුන්දර" අතීත කතාව ඔයාගේ කොමෙන්ට් එකෙන් හැලුනේ මොලේ බාගයක් විතරක් වැඩ කරන නිසාද? රනිලගේ ලේ ගද ගහන අතීතේ හිමිට අමතක කරන්න තටමන නිසාද ?

      Delete
    13. ඔව් ඉතින් කැරළි ගහනකොට, එහෙම කන්න වෙනවා තමයි. නැතුව ආ එන්න පුතේ මෙන්න රට කියලා දීලා යන්නෙයො කියන්නෙ හිච්චි පුතේ...

      Delete
    14. එතකොට මයේ ආතේ සුද්දන්ට විරුධව කැරලි ගහපු, ඔයා මහා ඉහලින් අගේකරන සිංහල වීරයෝ මරල දාපු එකත් ආතට අනුව ගණන්ගත යුතු දෙයක් නෙවෙයි කල යුතුව තිබුන දෙයක්ද? කබරමසුත් තලගොයි මස් වගේමද ආතේ.

      Delete
    15. අවි අතට ගත්තම මරනවා වගේම මැරෙනවා කියනා එකත් බලාපොරොත්තු වෙන්න ඕන හිච්චි පුතේ. එහෙම මැරුණු නිසානේ වීරයෝ වෙන්නේ. දැන් ඔය ත්‍රස්තවාදියෝත් වීරයෝ විදියට සලකන කස්ටියක් ඉන්නවනේ. අපිට වීරයා, සුද්දන්ට ද්‍රෝහියා....

      Delete
    16. ඩෙග ඩෙග පරි රබුට කැකිරි ආතේ උඹ විරයෝයි, ද්‍රෝහියෝයි වෙන්කරන ගන්දස්සාර තියරියනම් අදෝමැයි. උබේ ක්‍රමයට අනුව මහාවංස රජවරු නහුතයක් ද්‍රෝහියෝ වෙනවනේ. උඹ නොදන්නා දේශපාලනේ දෙසාබාන්න ගිහින් වරිගේ නහගන්නද හදන්නේ ? රනිලගේ ගද ගහන අතීතේ උබේ ඔය තියරි වලින්නම් ගොඩ දාන්න බෑ වගේ ලොක්කෝ? හිතේ දුක යන්නත් එක්ක රනිල්ව ඉඹල තව පොස්ට් එකක් දෙකක් දාහන්කො. අඩුම ගානේ බලල පහන් සංවේගයටවත් පත්වෙන්න බැරියයි.

      Delete
    17. මම 71 කැරැල්ලත් 88/89 කැරැල්ලත් මගේ ඇස් දෙකින්ම දුටු කෙනෙක්. 71දී දී විජේවීර පැය ගණන් කල කතා ඇසු කෙනෙක්, මහින්ද විජේසේකර,මහින්ද රාජපක්ෂ (එකල ජානාධිපති නොවේ) වික්ටර් අයිවන් (එකල රාවය කලේ නැත) (තව ලිස්ට් එකේ ඉන්නව ..... ) දැකපු සහ එකල ඒ අය සමග ආශ්‍රය කල කෙනෙක්. ඒ නිසා ගහ දන්නා අපිට කොළ කඩා පාන්න හදන්න එපා. j.v.p එක එළියෙන් පෙන්වන මුනට වඩා වෙනස් මුණක් ඇතුලේ තියෙනවා. j.v.p එක සමාජවාදයක් ගැන කතා කලාට ඇතුලේ තියෙන්න කුලවාදයක්. ඒක තේරුම් නොගෙන ඉදිරියට ගොස් අවංකවම සටනේ පෙරමුණ ගෙන මැරුණ අහිංසක යාලුවෝ මට තවමත් මතක් වෙනවා.

      Delete
    18. @wmk
      "j.v.p එක සමාජවාදයක් ගැන කතා කලාට ඇතුලේ තියෙන්න කුලවාදයක්"

      අම්මටසිරි එලකිරිනේ, ඔය තියෙන්නේ සියවසේ මාරම දේශපාලන සොයාගැනීම කරලා. දේශපාලන විද්‍යාවටත් නොබෙල් තෑග්ග දෙනවනම් ඔයාට එක අනිවා ඩෙපා ලැබෙනවා. කොහෝම උනත් හිටපු සහෝදර මහත්තයෝ ඔයාගේ ප්‍රකාශේ තහවුරු කරන්න උදාහරණ කීපයක් දෙන්න පුලුවන්ද?

      Delete
    19. ඔක්කොටම ඉස්සරවෙලා තමන්ගේ නමින් පෙනී හිටින්න පිට කොන්ද හදා ගෙන ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.

      Delete
    20. දැන් "සහෝදර මහත්තය" තමුන්ගේ නමින්ද ඔය පෙනී ඉන්නේ, අපි කොකොමද දන්නේ ඕක ඔයාගේ නම කියල. අන්තර්ජාලේ අනන්‍යතා හොයන ඔයා වගේ අමනයින් කරන්න ඕනේ අනුන්ගේ පිට කොන්ද ගැන බලන්න කලින් තමුන්ගේ මොලේ පරික්ෂාකර ගන්න එක, එක නියමිත තැන තියනවද කියල. ඔගේ නාකි උනේ අකලටද? ගොන් කතා කියන්නැතිව තමන්ගේ මතය තහවුරු කරන්න කරුණු කිවුවනම් හොදයි නේද?

      Delete
    21. මියෙක් රා බිලා. ........... උත්සාහ කලොත් ඔබට (මොලයක් තියේ නම්) මා කවුද යන්න හොයා ගන්න අමාරු නැහැ.මම මගේ නමින්ම පෙනී සිටින්නේ මට මම රැක ගත් අනන්‍යතාවයක් තියෙන නිසා.

      Delete
    22. @wmk

      අපි මොකටද ඔයා කවුද කියල හොයන්නේ මොකද ගෙදරට ගිහිල්ල සියවසේ හොදම පට්ටි ගොනාට හිමි වෘෂභ රාජ සම්මානය ඔයාට දෙන්නද?

      ඔයාගේ නමින් පෙනී ඉදල මොකද්ද ඔයා රැකගන්න යන අනන්‍යතාවය? තමුන්ගේ බංකොලොත් භාවය වහගන්න ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ "නේම් ඩ්‍රෝපින්" කරන එකද?
      ඔයාගේ පළමු කොමෙන්ටුව ගත්තොත් අන්තිම වාක්‍යට පළමුවෙනි වාක්‍ය සම්බන්ද නැති මොන තරම් බංකොලොත් අදෝනාවක්ද? මේකද ඔයාගේ අනන්‍යතාවය.

      ගූ හතයි වැලි දෙකයි "හිටපු සහෝදර මහත්තයෝ"

      Delete
    23. @wmk
      තව පොඩි දෙයක් "අවංකවම සටනේ පෙරමුණ ගෙන මැරුණ අහිංසක යාලුවෝ මට තවමත් මතක් වෙනවා" යාලුවෝ මැරෙද්දි ඔයා ඉතුරුවුණේ කොහොමද? ගෝනි බිල්ලට ඇන්දද නැත්නම් අර කොළ කොටි, කළු කොටි, ප්‍රා වගේ එක්ක වැඩකලාද.

      Delete
  6. OYA BAUDDA ANTHAWADIYA BUDDAGAMA RAKA GANI . KAALA KANNIYEK .

    ReplyDelete
  7. /* ගැඹුරු වන සමාජ අර්බුදය තුළ අපේක්ෂා භංගත්වයට ගොදුරු වූ සුලු ධනේශ්වර සමාජ කොටස් සිය විමුක්තිය පතා දක්ෂිනාංශය වෙත නැඹුරු වීමයි. මෙවැනි ව්‍යාපාර උද්ගත වූ කල්හි නිර්ධන පංතියේ සැලකිය යුතු කොටසක් ද තමා පසුපස පෙලගස්වා ගැනීමට ඒවා සමත් වන ආකාරය */

    මේ තර්කයෙන් 1974 පමණ පසු යූඇම්පීයේ නැගීම පැහැදිලි කරන්න පුළුවනි. අද ඒ කොටස් ඉන්නේ පොපෙ සමගයි.

    ReplyDelete
  8. Replies
    1. අනේ උබය් මායි දන්න දේසපාලනේ .. ඔහේගේ බුද්දි මට්ටමේ විදිහට චු කතාවක් ගු කතාවක් ලියාගෙන හිටපන් කෝ අපිට පවු නොදී

      Delete
  9. බෞද්ධ සමාජයක තරම් එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ලෝකේ නැහැයි කියල මම විශ්වාස කරනවා. මුස්ලිම්වරුන්ට, බහුතර අනිත් කට්ටියත් එක්ක එකතුව. එක තමයි මගේ ආනන්දයෙන් මම ලබපු අත්දැකීම. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විහිළුවට "අඩෝ තම්බියා" කියල මට කියපු කට්ටිය. එක සීයට පහක්වත් නැහැ. නමුත් ආනන්ද විද්‍යාලයයේ ශිෂ්‍ය නිවාසයේ කනිෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට, එකම මුස්ලිම් ශිෂ්‍යයා මම හිටියේ; මහා සභාපති ධුරයට බෞද්ධ බහුතරය තෝරගත්ත. බෞද්ධ ළමයි. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය සංගමේ සභාපති ධුරයට මාව තෝරගත්ත. ආනන්දේ ශිෂ්‍ය නිවාසේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හැටියට ගුරුවරු මාව තෝරගත්ත.

    මට අමුත්තක් දැනුණේ නැහැ බෞද්ධ ආනන්දය තුළ, මම පිටස්තර මනුස්සයෙක් කියල. මට පිළිගැන්මක් තිබුණ. මම විද්‍යාලයේ සිංහල විවාද කණ්ඩායමේ නායකත්වය දරුවා. මම ටේබල් ටෙනිස් කණ්ඩායමේ නායකත්වය දැරුව. හොකී ටීම් එකේ නායකත්වය දරුවා. තව මොනවද ඕනේ?

    ~~ඉම්ටියාස් බාකීර් මාකර්

    ReplyDelete
    Replies
    1. ඔබ ඇත්තම ඉම්ටියාස් බාකීර් මාකර් නම් ඔබගේ අදහස් දැක්වීම ගැන අතිශය සතුටුවෙමි. ඔබේ ඉවසීමට හා සහජීවනයට ගරු කරමි. ඔබ වැන්නෙක් බිහිකිරීම ගැන අනද මාතාව බොහෝ ආඩම්බරයට පත්වනු නොඅනුමානයි. සිංහල අපෙන් ඔබට යම් හිත් රිදීමක් සිදුවීනම් කණගාටුව ප්‍රකාශ කරමි.

      Delete
    2. ඉම්තියාz ගෙ තාත්තා හිටපු කථානායක කෙනෙක්, ප්‍රභූ පවුලක කෙනෙක්. රාමා කියන ප්‍රභූ කතාව මේකට ගැලපෙනවා නේද?

      Delete
  10. ගලබොඩඅත්තේ ඥානසාර විසින් සිදුකරන්නේ සමාජ අර්බුදය තුලින් මතුවන එම අසහනය පාලක රෙජිමයේ පැවැත්මට තර්ජනයක් නොවන ආකාරයට කලමනාකරනය කිරීමය.

    Is this the way you should speak to a monk? This means you dont even know what are you talking about, bankrupted eelamists

    ReplyDelete
    Replies
    1. භික්ෂුවක් වේවා භික්ෂුවක් නොවේවා, ෆැසිස්ට්වාදියා යනු ෆැසිස්ට්වාදියෙකි.එවැන්නන්ට ගරුසරු ඇතිව කථා කිරීමේ අදහසක් මා තුල නැත.

      Delete
    2. ඥානසාර භික්ෂුව "උලමලා" යනුවෙන් ගර්හිතව ආමන්ත‍්‍රනය කල ද ...... so what is the problem ?

      Delete
    3. ඉතින් අපි ඔබට ගරු සරු ඇතිව අමතන්න ඕනෑද? මැට්ටා

      Delete
  11. මම සිංහලයාගේ ,බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒ කාලේ දෙමළ මිනිස්සු අපිත් එක්ක එකට කොළඹ වැඩ කරනවා එත් අපිට යාපනේ යන්න බැහැ.එහෙම නොවෙයිද තිබුනේ?එහෙම බැහැ කියල දෙමල ජාතිවාදීන් තේරුම් ගත්තේ අවුරුදු 30ක් සහ ජිවිත දාස් ගණනක් බිලි දීලා මේකට සිංහලයට බැනල වැඩක් නැහැ සිංහලය අවුරුදු 30ක් ඉවසුවා.ලංකාවේ අයිතිවාසිකම් අහිමි දෙමළට විතරක් නොවෙයි අපිටත් අහිමියි,, මේවා එකතුවෙලා දිනා ගන්නේ නැතිව දෙමළට විතරයි අහිමි කියල බොරු කියන කොට සිංහලයාගෙන් එන ප්‍රතිචාරය ඔහොම තමයි.මුස්ලිම් අය උන්ගේ හලාල් අපිට කවන්න එනවා,ගෝනි බිල්ලෝ ඇඳගෙන ගෝල්ෆේස් එනවා මේවා හරිද? දෙමළ ජාතිකයෙක් මුස්ලිම් ජාතිකයෙක්ට වෙන අසාධාරණයකදී මම ඒ වෙනුවෙන් ජාති බේදයකින් තොරව පෙනී සිටිනවා, ඒ නිසා මම අසාධාරණයේදී සිංහලයා වෙනුවෙන් පෙනී සිටින්න බය නෑ.හැබැයි බොදුබල සේනා උනත් අන්තවාදී වෙලා මෝඩ වැඩ කලොත් එකටත් විරුද්ධ වෙන්න බය නෑ.
    සිංහල බහුතරය අන්තවාදී ජාතිවාදීන් නොවෙයි හැමෝම තමන්ගේ ජාතියට ආදරෙයි කිහිප දෙනෙක් අන්තගාමී වෙනවා තමයි මේ අන්තවාදී කිහිප දෙනා අනිත් ජාතිවාදී නොවන සිංහල බහුතරයට වඩා කැපිල පෙන්න සැලසෙන පසුබිම හදන්නේ ජාතිවාදී සුළුජාතින් මේක මේ අය තමන් VICTIM කියල ලෝකයාට පෙන්නලා අනුකම්පාව දිනාගන්න කරන දෙයක්. සුළු ජාතින් ඒ අයට සුවිශේෂ ප්‍රශ්න විදියට පෙන්නන ඒවා සිංහලයන්ටත් තියන ප්‍රශ්න.
    දෙමලද සිංහලද මුස්ලිම්ද කියල බලන්නේ නැතිව විචාරයේදී කවුරු හරිද කවුරු වැරදිද කියන එකයි අපි බැලිය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. අඩෙ අප්පා සිංහලයාගේ බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීඉන්න අයයි, දෙමලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීඉන්න අයයි ඔක්කොම ඉන්නේ ඇමරිකාවෙනේ. ඔයා කොහොමද සුදා ඔහේඉදන් මෙහෙ ඉන්න අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ. නිකමට පොඩි උදාහරණයක් දෙන්නකෝ බලන්න.
      ඇමරිකාවේදී ප්‍රතිරුප, පවුර්ශ අහිමි වෙලා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න වල බොරුවට එල්ලිලා මොනවාද බන් මේ හදන "සයිබර් ප්‍රතිරුප" වල තේරුම? අතල් එකට මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ගසා කනකොට උබට ලජ්ජා හිතෙන්නැද්ද බන්!

      Delete
    2. මාක්ස් උන්නේ සියඹලාන්ඩුවෙද...?

      Delete
    3. ඇයි හම්බෙන්න ගිහින් ගෙදර හිටියේ නැතුව හැරිලා ආවද?

      Delete
  12. බොදු බල සේනාත්, චම්පික රණවකලාත් අතර ඇති බල තරගයේ අලුත් මුහුණුවරක් ඇතිවෙලා. බොදු බල සේනා අද මහනුවර පවත්වන රැළියට ස්ථානය වෙන් කරගැනීමේ ප්‍රශ්නයේදී එය විසඳා දී තිබෙන්නේ ජාතික හෙළ උරුමයයි.

    ජාතිවාදීන් අතර බල අරගලයක් තිබුණත්, මුස්ලිම් විරෝධී පදනමින් උන් එකතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕනම රටක සුළුතරය උනාම එහෙමයි පැරා. වටු රැල වගේ තමයි..

      Delete
    2. ඔය කියන විදිහට බොදු බල සේනා ආරක්සක ලේකම් කරනවා නම් , ඒ වගේ දෙයක් කරගන්න හෙළ උරුමය පස්සේ යන්නේ මොකටද ? , ආරක්සක ලේකම් යටතේ නේද නාගරික සංවර්දන අදිකාරිය තියෙන්නෙත් ? ඇයි මේ පරස්පරතා ??

      Delete
    3. නාගරික සංවර්ධන අධිකාරිය පිට්ටනි වෙන් කරනවා කියල ඔයාට කිව්වේ සේනාවේ එක්කෙනෙක්ද ?

      Delete
  13. පොල් වතු වල ගොටුකොල වැවේ, තණකොළ ද වැවේ. නමුත් ඒ වතු කිසිදිනෙක ගොටුකොල වත්ත හෝ තණකොළ වත්ත ලෙස හැදින්වෙන්නේ නැත. එය හැඳින්වෙන්නේ පොල්වත්ත ලෙසමය.

    ReplyDelete
    Replies
    1. ජය ශ්‍රී, ඔබගේ තර්කය එසේ නම් දිවයිනේ උතුරු නැගෙනහිර පලාත් වලට යෙදීමට අවසර.ඒ පලාත් වල බහුලව තිබෙන්නේ සිංහල පොල් නොව දෙමල ගොටුකොලය.එය පොල්වත්තක් නොව ගොටුකොල වත්තක් ලෙස භාරගැනීමට ඔබ සූදානම්ද? ඔබ එසේ සූදානම් නම් ඔබගේ තර්කය ගැන සලකා බැලීමට මාත් කැමතියි.

      Delete
    2. මම පොල්වත්ත යයි කීවේ සමස්ත ශ්‍රී ලංකාවටමය. පොල්වත්තේ කොටසක කතිකර ම ගොටුකොළ පමණක් ම තිබ්බාය කියා පොල්වත්ත දෙකට බෙදා ඒ එක්කොටසක් “පොල්වත්ත“ ද අනෙක් කොටස “ගොටුකොළ වත්ත“ ද කියා නම් කොට බෙදාලිය යුතු නැත. අනෙක පොල් වත්ත කොටසේ පොල් ගස් අතර ඇති ගොටුකොල ද උගුල්ලා කොටු කොල පමණක් මඇති කොටසට දැමීම ප්‍රායෝගික නොවන නිසාය.
      පොල්වත්තෙන් පිටත ඈත ඇති ගොටුකොල ගාලක් “ගොටුකොල වත්ත“ ලෙස නම් කළාට කමක් නැත. ඒ වත්ත විශාල රබර් වත්තක් නම්, රබර් වත්ත ගොටුකොල ගාලට “ගොටුකොල“ වත්ත ලෙස වෙන්වීමට කිසිසේත් ම ඉඩ නොදේ නම් අපට කල හැක්ක් නැත.

      Delete
    3. ජය ශ්‍රී - ඉඩමක තුනෙන් පංගුවක් හා සමාන පදාසයක ගොටුකොල වැවී තිබේ.පොල් ගස් තිබෙන්නේ අතරින් පතරය.දැන් මා අහන්නේ එය ගොටුකොල වත්තක් ලෙස නම් කල යුතු යැයි යමෙක් කිවහොත් ඔබ ඊට විරුද්ධ වන්නේ කෙසේද කියායි.මෙතැනදී සිංහල යන්න හැගවීමට පොල් යොදාගෙන සෙසු ජාතීන් හැදින්වීමට ගොටුකොල යොදාගන්නේ ඇයිද යන්න තවත් ප්‍රශ්නයකි.ඒ උදාහරනයෙන්ම පහත් කොට සැලකීමක් ගම්‍ය වන්නේය.අපි වඩාත් හොද උදාහරනයකට යමුද? ඉඩමක පොල් වැවී තිබෙන කොටසක් හා කොස් වැවී තිබෙන කොටසක් තිබේ.පොල් වැඩියෙන් තිබූ පමනින් එය පොල් වත්ත වන්නේ නම් කොස් වැඩිපුර තිබෙන කොටස කොස්වත්ත වුනාම ඇති වරද කුමක්ද?මා පෙන්වා දෙන්නේ ලංකාව සිංහලයින්ට අයිතියි කියන ගමන් උතුරු නැගෙනහිර දෙමල නිජභූමියයි කියන ඊලාම්වාදී තර්කයට විරුද්ධ වීමේ තර්කානුකූල හැකියාවක් ඔබට නැත යන කාරනයයි.

      Delete
  14. මේකත් කියවන්න,
    http://www.paparasinewslanka.com/2013/03/sigiriya-rock.html#more

    ReplyDelete
  15. pala pala wesige putha yanda. athe parak gahala puke anaganin. Kari Ramachandra

    ReplyDelete
    Replies
    1. අම්බානක ජාතිමාමක, දේශහිතෛශී, මුළු ඇගේම සිංහලේ දුවන සිංහලයෙක් විසින් තම මිලේචත්වය හා අමනත්වය ඉහත කොමෙන්ටුවෙන් ප්‍රදර්ශනය කර ඇත.මහින්දගේ ආණ්ඩුවේ ප්‍රදේශීය සභා සභාපති කමකට නිර්දේශ කරමි. ( බො. බ. සේනාවේ ඔක්කොටම ඔයාට වගේ පිස්ස්සුද )

      Delete
  16. Ramayage puka demalek visin hil kara atha..

    ReplyDelete
  17. සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!

    ———————————————————————
    තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
    ———————————————————————-

    http://srisadaham.wordpress.com/
    http://goo.gl/Q1u1Q

    ReplyDelete