Friday, March 8, 2013

ලසිත් මාලිංග දියවන්නා උද්‍යානයේ සැරිසරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසල දී පසුගිය දිනෙක ලසිත් මාලිංග මාධ්‍යකරුවන් සමූහයක් වෙත බුරා පැන්නේය.එලෙස බුරා පනින ආකාරයේ දර්ශන මාධ්‍ය තුලින් නැවත නැවතත් ප්‍රචාරය කර හරින ලදී.එම අවස්ථාවේදී මාධ්‍යකරුවෝ උත්සාහ කලේ මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩා ගිවිසුම පිලිබද පැන නැගී තිබූ ගැටලුව ගැන අදහස් විමසීමටය. මාලිංග රූපවාහිනී කැමරා අභියස ඒ මොහොතේ පෙන්වූ හැසිරීම නිර්ලජ්ජිත වූත් අශීලාචාර වූත් හැසිරීමක් බවට විවාදයක් නැත.

ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක වන ඊනියා නාගරික සංවර්ධන ක්‍රියාවලියේ ස්වභාවය හදුනාගැනීම සදහා මාලිංග කදිම සාදෘශ්‍යයක් සපයන බව මෙම ලියුම්කරුගේ අදහසයි. කොලඹ නගරය කේන්ද්‍ර කරගත් නගර අලංකරන ව්‍යාපෘතියක් පසුගිය අවුරුදු කිහිපය මුලුල්ලේ ක්‍රියාවට නැංවෙමින් තිබේ. ජොගින් ට්‍රැක්ස්, දැවැන්ත ප්‍රාසාද යනාදිය නගර සංවර්ධනයේ නාමයෙන් කොලඹ තුල පහල වෙමින් තිබේ. මෑතක දී විවෘත කරන ලද බත්තරමුල්ල දියවන්නා උද්‍යානය සහ නාවල තෙත්බිම් උද්‍යානය මෙම අලංකරන ක්‍රියාදාමයේ අලුත්ම ප්‍රතිඵලයෝ වෙති.

දින කීපයකට උඩ දී දියවන්නා උද්‍යානයේ සංචාරය කිරීමේ අවස්ථාව මෙම ලියුම්කරු ලද්දේය. උද්‍යානය පිහිටුවීමේ ප්‍රකාශිත අරමුන පුරවැසියන්ට විවේකීව කාලය ගත කිරීම සදහා නිදහස් අවකාශයක් ඇති කිරීමයි. මෙම උයන ඉදිකොට තිබෙන්නේත් නඩත්තු කරනු ලබන්නේත් හමුදාව විසිනි. උද්‍යානය පුරා තැනින් තැන හමුදා භටයෝ වූහ. පෙම්වතුන් බංකු වල හිද විවේක ගනිති. හමුදා භටයෝ මදක් ඔබ්බේ සිට මිනිසුන් විවේක ගන්නා අයුරු නිරීක්ෂනය කරති. 1984 නවකථාවේ මෙනි. බිග් බ්‍රදර් ඔබ දෙස බලා සිටී! නාවල තෙත්බිම් උද්‍යානයේ යුද ටැංකියක් ප්‍රදර්ශනයට තබා ඇත. පාරිසරික සෞන්දර්යය සහ යුද ටැංකි. ආදර කථාවෙහි යෙදී සිටින පෙම්වතුන් හා ඔවුන් නිරීක්ෂනය කරන හමුදා භටයින්. කෙතරම් නොගැලපෙන සුලු සමීකරනයක් ද?

මෙවැනි ඉදිකිරීම් වල ඇත්තේ උඩින් ගෙනැවිත් කෘතිමව බිමට බැස්සූ ස්වභාවයකි. නෙලුම් පොකුන වැනි ගොඩනැගිල්ලකත් එම ස්වභාවය දක්නට ඇත. ක්‍රමානුකූල සංවර්ධන හා නාගරිකකරන ක්‍රියාවලියක් තුලින් ඓන්ද්‍රීයව පැනනැගුනු ඉදිකිරීම් වලට වඩා මේවා තුල දක්නට ඇත්තේ බලෙන් උත්තරාරෝපනය කරන ලද ස්වභාවයකි. කොලඹ පැරිස් හෝ ලන්ඩන් වැනි නගරයක් සේ සංචාරකයින්ට දිස්වනු දැකීම පාලකයින්ගේ අපේක්ෂාව විය හැක. එහෙත් ‍භෞතිකව කෙතරම් ගොඩනැගිලි ඉදිකලත් එවැනි නගරවල දැකිය හැකි ධනේශ්වර ශිෂ්ටත්වය කොලඹ දී මුන ගැසෙන්නේ නැත. කොලඹ දී අපට හමුවන්නේ අවර ගනයේ නොන්ඩි ගසන ධනේශ්වර ශිෂ්ටත්වයකි. එහිදී ඔබ විනෝද විය යුත්තේ රාජ්‍යයේ කුලී හේවායන්ගේ තියුනු නිරීක්ෂනය යටතේය. ඊනියා මහා නෘත්‍යශාලා තුල පෙන්වන්නේ මහසමයම වර්ගයේ ලෝකල් දහම් පාසල් නාඩගම්ය.

දැන් මේ කථාවට ලසිත් මාලිංග සම්බන්ධ වන්නේ කෙසේද? මාලිංග ගාල්ල රත්ගම හැදී වැඩුනු වෙරලබඩ තරුනයෙකි. වැල්ලේ ක්‍රිකට් ගසමින් සිටි ඔහු එක්වරම ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට රූපාන්තරනය වූයේය. දැන් අපට හමු වන්නේ වැල්ලේ ක්‍රිකට් ගැසූ මාලිංග වෙනුවට සන් ග්ලාසස් දමන, කොන්ඩය ටින්ට් කරගත් මොඩ් මාලිංග කෙනෙකි. ඔහු ගමන් බිමන් යන්නේ සුඛෝපභෝගී නවීන මෝටර් රථයකය.

කෙසේවුවද සන්ග්ලාසස් දැමුවාට, කොන්ඩය පාට කලාට ඔහු තුල සිටින අසංස්කෘතික මනුශ්‍යයා බිදකිනුදු වෙනස් වී නැත. රූපවාහිනී කැමරා ඉදිරියේ පසුගියදා එලියට පැන්නේ "මොඩ් මිනිසා" තුල ලැගුම් ගෙන සිටින නූගත් අසංස්කෘතිකයාය. මීට වසරකට පමන ඉහත "මං ක්‍රිකට් ගහන්නේ රට වෙනුවෙන් නෙමෙයි සල්ලිවලට" යැයි මාලිංග පැවැසූ විට සමහරු එය මහත් රැඩිකල් ප්‍රකාශයක් ලෙස වර්නනා කලද සැබැවින්ම එමගින් ද පෙන්නුම් කෙරුනේ ලොතරැයියක් පහල වී එක්වරම පොහොසත් වූ මෙම අප්‍රබුද්ධයා තුල පන ගැහෙන අසංස්කෘතිකත්වයයි. පෙප්සි බීවාට, සන්ග්ලාසස් දැම්මාට, බීඑම්ඩබ්ලියු කාර් පැද්දාට මිනිසෙක් ශිෂ්ට සම්පන්න වන්නේ නැත. ඒ සදහා ඔහු තුල අභ්‍යන්තර පරිවර්තනයක් සිදුවිය යුතුය.

කොලඹ නගරය සම්බන්ධයෙන් ද එය එසේය. අලංකාර ජොගින් ට්‍රැක්වල ඩෙක් ෂූස් දමාගෙන දුවන්නේ යුද ටැංකි දෙස බලා ලිගු ප්‍රානවත් කරගන්නා අසංස්කෘතික බයියන් නම්?මෙම මැදපංතික බයියන්ගේ දේශපාලන වීරයා මහින්ද නම්? අධ්‍යාත්මික වීරයා ගලබොඩඅත්තේ ඥානසාර නම්? හමුදාව තමාව නිරන්තරයෙන් නිරීක්ෂනය කිරීම මොවුන්ට ප්‍රශ්නයක් නොව විනෝදයක් නම්?

සමාජයක දියුනුව තීන්දු වන්නේ ගොඩබස්සන ගොඩනැගිලි සංඛ්‍යාව මත නොවේ. මනුශ්‍ය ජීවිත වල සිදුවන අභ්‍යන්තර සංස්කෘතික දියුනුව මතය. ඒ අර්ථයෙන් ගත්කල කොලඹ කෙතරම් බිල්ඩිං ඉදිකලද අපගේ සමාජය අතිශයින් පසුගාමීය. ග්‍රාම්‍යයය. සංවර්ධනය යනු බිල්ඩිං ඉදිකිරීම නොව එම පසුගාමීත්වය අතික්‍රමනය කිරීමයි. 

45 comments:

  1. I quite agree with you! A thought provoking article.

    ReplyDelete
  2. නගර නිර්මානය ගැන ඔබේ විශ්ලේෂණය කදිමයි. සාදෘෂ්‍යයත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් එළු නාම්බ යන්න.....දී කිරට බල්ලොත් සාක්කිලු

      Delete
    2. I agree with this article.realy true

      Delete
    3. Pala kuhaka gobbaya yanda.

      Delete
  3. //සමාජයක දියුනුව තීන්දු වන්නේ ගොඩබස්සන ගොඩනැගිලි සංඛ්‍යාව මත නොවේ. මනුශ්‍ය ජීවිත වල සිදුවන අභ්‍යන්තර සංස්කෘතික දියුනුව මතය. ඒ අර්ථයෙන් ගත්කල කොලඹ කෙතරම් බිල්ඩිං ඉදිකලද අපගේ සමාජය අතිශයින් පසුගාමීය. ග්‍රාම්‍යයය. සංවර්ධනය යනු බිල්ඩිං ඉදිකිරීම නොව එම පසුගාමීත්වය අතික්‍රමනය කිරීමයි. //

    මේ කතාව හා සම්පූරනයෙන් එකඟයි. ඒත් ලසිත් මාලිංග ගැන ඔබේ අදහස් පරස්පරයි. ඔහු ස්වීප් එකක් ඇදී, සිවිල් පොරක් උන කෙනෙක් නොවේ. ඒය ඔහුගේ උත්සාහය, කැපවීම, ධෛර්යයමත් භාවයෙන් තනියෙන් ගමන් කල ඉතා දුෂ්කර ගමනකි. එය අප අගය කළ යුතු දෙයක් මිස, ඉරිසියා කල යුතු දෙයක් නොවේ. අපේ ජඩ මාධ්‍යවේදින්, මාධ්‍ය සදාචාරය දන්නෙ නැත. ක්‍රිකට් ක්‍රීඩකයින්ට, ක්‍රිකට් ගැන අදහස් ප්‍රකාශ කිරීම නැවත් වූයේ අද ඊයේ නොවේ. එතනදි, වැරැද්ද ඇත්තේ ජඩ මාද්දිය වේදින් අතේය. (මේ රට විනාශ කලේ දේශපාලකයන්ට වඩා ජඩ මාද්දිය වේදීන් බව මගේ මතයයි.)

    නගර අලංකරණයත් විය යුතු දෙයක්මය, හමුදාව යොදා සිටීම අනුමත කල නොහැකි මුත්, සිවිල් ඇඳුමින් හෝ එම ස්ථාන ආරක්ෂා කිරීමට නම් පිරිස් යෙදිය යුතුමය. බස් එකේ සීට් කපන, කෝච්චියේ ෆෑන් ගලවන, පාර පුරා බුලත් කෙල ගහන, බීලා ඉවර වෙලා බෝතලේ කුඩු කරන කාලකන්නින් පිරිසක් සිටිනා රටක ආරක්ෂාව යෙදීමේ කිසිඳු වරදක් මා නම් දකින්නේ නැත. මේ රට ගොඩනැගීමට නම්, දරුණු නීතී රීතී හා විනයක් අත්‍යාවශ්‍යමය. සමාජවාදයේත් සිඳුවන්නේ එයම නොවේද..? අදත් චිනයේ යුධ හමුදා පවර්ස් ඇති පොලිස් භටයන් හංදියක්, හංදියක් ගානේ ඉන්නවා නේද..?

    ReplyDelete
    Replies
    1. //මේ කතාව හා සම්පූරනයෙන් එකඟයි. ඒත් ලසිත් මාලිංග ගැන ඔබේ අදහස් පරස්පරයි. ඔහු ස්වීප් එකක් ඇදී, සිවිල් පොරක් උන කෙනෙක් නොවේ. ඒය ඔහුගේ උත්සාහය, කැපවීම, ධෛර්යයමත් භාවයෙන් තනියෙන් ගමන් කල ඉතා දුෂ්කර ගමනකි. එය අප අගය කළ යුතු දෙයක් මිස, ඉරිසියා කල යුතු දෙයක් නොවේ//

      තේරුම් ගත්තා වැරදියි නේද මාතලන්?

      ඔය උත්සාහයෙන් කැපවීමෙන් යන ගමන ගිය සහ යන එකම කෙනා මාලින්ග නෙමෙයි නෙ. අර්ජුනලා අරවින්දලා මුරලිලත් ගියානෙ. සන්ගක්කාර මහේල දෙන්නත් ගියානෙ. වෙන ක්ශේත්‍රයකින් උදාහරනයක් ගමුකො...විශේශඳ වෛද්යවරයෙක් වගේ (ප්‍රසිද්ධ නමක් දාගන්න ). එයාලත් එයාලගෙ හැකියාවෙන් කැපවීමෙන් දවසට විශාල මුදලක් හොයනවනෙ. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නෙ. තමුන්ගෙ හැකියාවෙන්, කැපවීමෙන් මොනතරම් දේවල් හරිහම්බ කළත් විනය, හැදියාව නැත්නම් ඒ හම්බ කරපු දේවල් වල පරිපූර්නත්වයක් නෑ. තමන්ගෙ අසන්ස්කෘතික බව, නැහැදිච්ච කම තමන්ගෙ ඉරියව් වලින්, හැසිරීමෙන් එලියට එනවා. ඒක පෙන්වලාදෙන එක ඉරිසියාව නෙමෙයි. මම හිතන්නෙ නගර සැලසුමේ උදාහරනෙ මෙතෙන්ට නියමෙටම ගැලපෙනවා. ලොතරැය්යක් ඇදුනා කියන කතාව සමහරවිට නොගැලපෙනවා වෙන්න පුලුවන්. ඒත් අනිත් අතට වැල්ලේ රස්තියාදු වෙවී බෝලගගහා හිටපු කොල්ලෙක්ව ජාත්යන්තර තලයට ගිය ප්‍රවීන ක්‍රීඩකයෙකුගෙ ඇහැගැටෙන එකත් ලොතරැය්යක් වගේ තමයි නේද? අවස්ථා කියන ඒවා හැමෝටම එකවගේ ලැබෙන්නෙ නෑනෙ.

      අනිත් එක හැම මාද්යවේදියෙක්ම ජඩමාදයවේදියෙක් කියන පූර්ව නිගමනයට එන එකත් සාධරන නැහැ. විශේෂයෙන්ම මෙතන ඉන්නෙ ක්‍රීඩා මාද්යවේදීන්.

      Delete
    2. මම කතා කලේ ලොතරැයියක් ඇදුනා යන අදහස ගැන පමණයි. එය ඔහුගේ දක්ෂතාවන්ට කරනා අගෞරවයකි. මලිංග හැසිරීම අනුමත කර නැත. එහෙත් අද මේ රට පත්වී ඇති මජර තත්වයට වගකිවයුත්තේ, සිංහල ජාතික පුවත් පත් කතුවරුන් හා පෞද්ගලික රූපවාහිනි නාලිකා (විශේෂයෙන් ස්වර්ණවාහිනී) බව මම ඉඳුරාම කියමි. ඔවුන් පුවත් පත් කතෘවරුන් හා මාධ්‍යවේදීන් නොව, ජඩ මාද්දිය වේදීන්මය. ඉංග්‍රිසි පුවත් පත් කතුවරුනට මල් තබා නමැදිය යුතුය. ක්‍රීඩා මාද්දිය වේදියාත් එසේමය. ක්‍රිකට් ක්‍රීඩකයින්ට, ක්‍රිකට් ගැන ප්‍රසිද්දියේ අදහස් දැක්වීම නැවැත්තුවේ අද ඊයේ නොවේ. එසේ දැන දැනත් ඔවුනට කරදර කිරීම ජනමාධ්‍යවේදියකුගේ ගුණාංගයක් නොව. පැපරාසියකුගේ බූමිකාව නිරූපනය කිරීමකි.

      Delete
  4. පෙලිසිය පිඩලි අල්ලනවා, හමුදාව වැලි කොට්ට දානවා, එලවලු විකුනනවා.

    එතකොට ගලබඩ පොලිසියේ ඩියුටිය යමරෙට කරනවා.

    මාර ආතල් අයියෝ !

    ReplyDelete
    Replies
    1. pala pala buuuuuruwa.....

      Delete
    2. Well said. Galabadaya must be furious.

      Delete
    3. අනේ පල බොල සැමෝ යන්න, තෝ පාරේ යන්නේ ඔය මහින්දය හදවපු පාරවල් මග ඇරලා වෙන්න ඇති, කුහකයා..

      Delete
  5. උඹලටත් ආණ්ඩුව හොද වැඩක් කරන කොට හොදයි කියන්න බෑ..අඩු ගණනේ ඇණුම්පදයක් හරි කීයන්නේ නැතුව ඉන්න බෑ.....උඹලගේ ආණ්ඩුවල් ඇවිල්ල මොන පජාති වැඩක් කෙරුවත් උඹල මේ වගේ මොකක හරි ගොන් තියරියක් ගෙනල්ල එකේ හොදක් කියයි....උඹලා මාලිංගගේ ඇගේ ඉන්න සතා හොයන්න කලින් උඹලගේ ඇගේ ඉන්න සතා අදුනා ගනිල්ලා...බාගෙට ඉගෙන ගත්ත,යන්තන් වචන ටිකක් පාඩම් කර ගත්ත උඹලා තමයි මේ රටේ ඉන්න කුඩුකරායෝ,හොර දේස[ආලුවෝ ඇරුනම ඉන්න ලොකුම ලෙඩ්ඩු ටික....

    ReplyDelete
  6. පෝස්ට් එකට අදාළ නැත. කාලීන වැදගත්කම සලකා පළ කරන මෙන් ඉල්ලමි.

    මේ වන විට බ්ලොග් අවකාශයේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ දෙන බ්ලොග් සංඛ්‍යාව අත් දෙකේ ඇඟිලි සංඛ්‍යාවට සමාන වී තිබේ. මත වාරණයක් නැතැයි පොර ටෝක් දුන් මාතලන් පවා මත වාරණයක් ආරම්භ කර තිබේ. ඉතාම අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් පවා මත වාරණයක් නැතිව ඇනෝ කමෙන්ට් පළ කිරීමේ අවසරය ලබා දී තිබෙන්නේ පහත බ්ලොග්කරුවන් පිරිස පමණකි. ඔවුන්ට අපේ උපහාරය පුද කරමු.

    1. කතන්දරකාරයා
    2. උදිත ‍ගේ අන්තර්ජාල සටහන
    3. Reargate
    4. බුවාගෙ සිතිවිලි
    5. W3Lanka
    6. ඇනෝනිමස් ආතල්
    7. රාමචන්ද්‍රගෙ අඩවිය
    8. දයල් බතී
    9. රාජ්ගෙ නවාතැන
    10. ලංකා ජ්‍යොතිෂ අරණ

    එසේම නිදහස් මත ගලනය අවහිර වන ආකාරයට ඉදිරියේදීද කමෙන්ට් වාරණය නොකරන්නැයි මේ බ්ලොග්කරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබද මත වාරණය කරන්නේ නම් අපේ හඬට කිසිම ඉඩක් නොලැබෙනු ඇත.

    අදහස් පළ කිරීමට බාධා කරන කිසිම බ්ලොග්කරුවකුට නිදහස් මත පළ කිරීම වෙනුවෙන් පෙනී සිටිය නොහැකි බව අවධානය කරමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම කනගාටුයි ඇනෝ.. වෙන කල හැකි දෙයක් නැත. දැන් එම කොමෙන්ට් දැමුවේ ලංකෝනිස් නම් මහත්මයකු බව හඳුනාගෙන ඇත. ඔබත් සත පහක් හෝ වියදම් නොවනා ප්‍රෝෆයිලයක් සාදාගෙන අදහස් දක්වන්න. කොටින්ම මාතලන් යන මාද ඇනෝවෙකි.. එම තීරණය ගැනීමට සිඳුවූයේ මාගේ රසිකයින් විශාල පිරිසකගේ ඉල්ලීමට කන් දීමට සිඳුවූ බැවිනි. ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාෂ කර සිටිමි. ගේට්ටුව ඇරලා තිබුනම. මොන ජාතියේ සත්තු ආවත්, පිස්සු බල්ලො එන එක එතන ඉන්න මිනිස්සුන්ට හොඳ නෑනේ. ඒ නිසා ගේට්ටුව වැහුවා.

      Delete
    2. @මාතලන්,

      මා එසේ නොකරන කාරණය කියන්නම්. එසේ කළොත් ගැටුම් ඇතිවන්නේ පුද්ගලයින් අතර මිස අදහස් අතර නෙවෙයි. උදාහරණයක් හැටියට රාමචන්ද්‍ර ගන්න. සමහරවිට ඔහු දරණ අදහස් වලින් එහී මෙහා වෙන්න ඔහුට ඕනැ ඇති. නමුත් ඔහුට එසේ කරන්න බැහැ ඔහු තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් stereotype වෙලා ඉවර නිසා. ඔක්කෝම ඇනෝනිමස් වුණා නම් ගැටෙන්නේ අදහස් පමණයි, පුද්ගලයින් නෙවෙයි. ඒක අව්‍යාජයි. මා කැමැති ඒ අව්‍යාජත්වයට. නැතුව "එල එල" කියන ව්‍යාජ කමෙන්ට් වලට නෙවෙයි.

      Delete
    3. @ AnonymousMarch 9, 2013 at 6:24 AM
      ඔබ 100% අමු තිත්ත කුණුහර්පයෙන් ලියු කොමෙන්ටුත් පබ්ලිෂ් කිරීම හොඳයයි අනුමටහ් කරනවාද..? මානසික ලෙඩුන්ට මේවා තුල බල්ටි ගහන්න දෙනවනම්, ඔහුටත් යම්කිසි අවුලක් තියෙනවා. මම කොමෙන්ට්ස් මොඩරේට් නොකරන්නේ, එය මා අකමැති දෙයක් නිසයි. මම කැමතියි මගේ කොමෙන්ටුව එවලේම පබ්ලිෂ් වනවාට හා ස්තූතියි යනුවෙන් වත් කොමෙන්ට් එකට රිප්ලයි කරනවාට. නැත්නම් නිකන් පත්තරයක් කියෙව්වා වගේනේ. කෙසේ වෙතත් වැදගත් මිතුරන් පිරිසක්ද මේ නිසා හඳුනාගත් බව කිව යුතුමයි. ඇනෝ කොමෙන්ට්ස් වාරණය පිළිබඳව අවංකවම කනගාටු වෙමි. රෝගීන් සුවපත් වූ කළේක් යලිත් අවස්ථාව තිබේ.

      Delete
    4. කුණුහරුප හෝ මාතෘකාවට කිසිම සම්බන්ධයක් නැති මල්ලෙ පොල් කමෙන්ට් කවුරු පළ කළත් වැරදියි නේද? ඒවා පළ කරන්නේ ප්‍රොෆයිල් වලින් පෙනී නොසිටින පිරිසම වෙන්නේ කොහොමද? ඕනෑම කෙනෙකුට ඇනෝ කමෙන්ට් එකක පළ කර හැකියි. නමුත් එහෙම කළාය කියලා නිර්නාමික කමන්ට් වාරණය කළාම එතැන සංවාදයක් නැති වෙනවා. දැන් මේ සංවාදය මට ඔබේ බ්ලොග් එකේ කරන්න බැහැ. මන්ද ඔබ මට එන්න තියෙන දොර වහලා. ඒකයි කණගාටුව.

      Delete
    5. අනෙක ඔය "ඇනෝලා කුණුහරුප කමෙන්ට් ලියනවා" කියන කතාව තමන්ගේ බ්ලොග් එකේ මත වාරණය කර ගන්න බොහෝ දෙනකු යොදන උපායක්. උදාහරණයක් හැටියට මහ වෙදනා මත වාරණය කළේ කවුරුත් කුණුහරුප ලියූ නිසා නෙවෙයි. ඇනෝලා එහි ඔහුගේ දැනුම ප්‍රශ්න කළ නිසා හා ඔහු වෛද්‍ය විද්‍යාව ගැන මූලිකම දේවල් වත් නොදන්නා කෙනෙකු බව එයින් ඔප්පු වූ නිසා.

      Delete
    6. ඔබලා දෙදෙනාම අවංක ඇනෝවරුන් නොවනා බව මගේ මතයයි. ගූගල් නම් දෙනවා සත පහක් යන්නෙ නෑ. මමත් ඇනෝ කෙන්ක්නේ. එතකොට අඳුනගන්න ලේසියි. නැත්නම් හොඳ ඇනෝලත් බැනුම් අහනවා. දැන් තේරෙනවා ලෙඩ්ඩු කව්ද කියලා. ලංකෝනිස් කියන්නෙ එහෙම ලෙඩෙක්. ඒත් එයාටත් උත්තර දෙනවා.

      මගේ එකේ ලියලා තිබුන එවා, මේවා වලත් ලිවූ දවසට මොවුන්ටත් ඇනෝ කොමෙන්ට්ස් වාරණය කරන්න සිඳුවෙයි.

      Delete
  7. මේකට කොමෙන්ට් එකක් දාන්න සෑහෙන කල්පනා කරන්න උනා මොකද මාලිංග ගේ සිදුවීම ගැන මම ලියපු ලිපියේම කෙනෙක් මට කියල තිවුනා මම කියන දේවල් වල consistency එකක් නැහැ කියල.
    දැන් මම මේ අදහස මෙතන කිව්වම ඒ කියපු කෙනාට හිතෙන්න පුළුවන් එතන මාලිංගගේ පැත්ත අරගෙන මාලිංගට නෙලන මාධ්‍ය වලට විරෝධය පල කරලා දැන් මෙතන පරස්පර කතාවක් කියනවා වගේ.ඔව් පටු විදියට බැලුවම පරස්පරයි තමයි එත් කියන්න වෙනවා.
    මෙතන රාමචන්ද්‍ර ගේ බොහෝ අදහස් වලට එකගයි ඔහු මෙතන මතු කරන දේවල් මට තේරෙන විදියට මෙහෙම සංක්ෂිප්ත කරන්න පුළුවන්.
    1.ලංකාවට 77 න් පස්සේ ධනවාදය ආවා මේ නිසා දැන් වෙනකොට ගමේ බීඩියක් ගහල බෝක්කුවක් උඩ වාඩිවෙලා ඉන්න පොරකට උනත් හිටපුගමන් opportunity එකක් ඇවිල්ල තමන් ආර්ථිකව ඉන්න පන්තිය ඉඳන් සල්ලි කාර පන්තිය වෙත පිමි පනින්න පුළුවන් වෙලා තියනවා.ඊට පස්සේ මේ අය ශාරීරික ව යන්නේ BMW කාර් වල නමුත් මානසිකව තාම ඉන්නේ බෝක්කුව උඩ සංකෘතිය තුල. ලංකාව දැන් මේ අයගෙන් පිරිලා.මේ අය උපතින් ශිෂ්ඨ ධනපති පවුලක හැදුන රෝයල් ගිය ජයවර්ධන පවුලේ හරි වික්‍රමසිංහ පවුලේ හදුනා වැඩුන කෙනෙක් වගේ මැනර්ස් දන්නේ නෑ.
    2. ලංකාවේ නූතන නගර, හයිවේ ,ගොඩනැගිලි නිර්මාණය කෙරෙමින් පවතිනවා. මේ සිවිල් සමාජ අවකාශය තුල මිලිටරිය ඉන්නවා.ඉහත අංක එක මිනිසුන්ට මේක ගානක් නෑ ස්වාභාවිකයි.

    ඉහත කරුණු දෙකම ඇත්ත. රාමචන්ද්‍ර කියන කතාව ඇත්ත 2001 දී මම පුද්ගලිකව අත්දැකපු දෙයක් තමයි නිව් යෝර්ක් නගරයට දරුණුතම ත්‍රස්‌තවාදී ප්‍රහාරය එල්ල වුනාට පස්සේ පවා නගරයේ ආරක්ෂාවට පොලිසිය මැදිහත්වීම හැර මිලිටරි පෙනී සිටීමක් නැහැ. රටේ අභ්‍යන්තර සිවිල් කටයුත්තකට හමුදාව එන්නේ නැහැ ආවත් එන්නේ තුවක්කු නැතිව හදිසි අවස්ථාවකදී උනත් නැෂනල් ගාර්ඩ් ල විතරයි දාන්නේ.(ඩේන්සිල් වොෂින්ටන් රඟපාන The Siege චිත්‍රපටිය බලන්න හමුදාව සිවිල් ජිවිතයට එන එක වලක්වන්න මිනිස්සු ගන්න උත්සාහය)
    රාමචන්ද්‍ර නැවත ලියන්න පුළුවන් මෙහෙම,
    1.අපිට ධනපතියන් ඉන්නවා නමුත් ධනවාදී සාරය (ධනවාදී ශිෂ්ට,සංස්කෘතික මැනර්ස්)ඔවුන් ළඟ නැහැ.
    2.අපිට නුතන නගර තියනවා නමුත් ධනවාදී සාරය ඒවායේ නෑ (මනසින් නුතන මිනිස්සු,සිවිල් නිතිය සහ පර්යාය,මැනර්ස්,...ආදී ලෙස,)
    //සංවර්ධනය යනු බිල්ඩිං ඉදිකිරීම නොව එම පසුගාමීත්වය අතික්‍රමනය කිරීමයි.//
    කොහොමද මේක කරන්නේ ?
    ඒ වගේම පසුගාමී ජනමාධ්‍ය වලට කියල මනසින් මොඩ් නැති මාලිංග සුසන්තිකාල වගේ අලුතින් සල්ලි හොයා ගත්තු අයට කුඩු සංසාර වෙන්න ගහල දාලද?
    නැත්නම් ධනවාදී opportunity නැති කරල අශිෂ්ඨ පහල පන්තියේ බෝක්කු උඩ ඉන්න අයට ආර්ථිකව ඉහලට එන්න අවස්තාව නැතිකරලා දාල නැවත 77 න් ඉස්සෙල්ල තිබුන සංවෘත ආර්ථිකයට යන එකද?




    ReplyDelete
    Replies
    1. දැන් මෙතනත් ඔයා කරලා තියෙන්නෙ රාමචන්ද්‍ර මෙච්චර පැහැදිලිව කියලා තියන එක ආපහු අනලා ඔයාගෙනුත් ලුනු ටිකක් දාලා අප්සෙට් සම්බෝලයක් හදන එකනෙ. මිනිස්සුන්ට සල්ලි හම්බවෙන opportunities නැතිකරන්න කියලාවත් අලුතෙන් සල්ලි හම්බකරගත්ත අයට කුඩු වෙන්න ගහන්න කියලවත් මේකෙ කියලා නෑනෙ. ඔයා ඇමරිකාවෙනම් ඉන්නෙ දියුනු සමාජ දැකලා ඇතිනෙ. මේ උදේ හවස රජතුමාට ප්‍රශස්ති ගයන, ඒවා අහලා වින්දනයක් ලබන, හාමුදුරු පොලිසියකට චියර් කරන ලෝකෙන් උතුම් රටේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පසුගාමී සමාජයෙ අභ්යන්තර පරිවර්තනයක් නැතුව මොන දේවල් උඩින් පාත්කලත් වැඩක් නෑ කියලනෙ කියලා තියෙන්නෙ. ඒකට micro level උදාහරනයක් විතරයි මාලින්ගගෙ කේස් එක. මේ අභ්යන්තර පරිවර්තනය, සමාජ විනය, ආකල්ප කොහොමද ගොඩනඟන්න ඕනෙ කියන එකටනෙ contribute කරන්න ඕනෙ.

      Delete
    2. // මේ අභ්යන්තර පරිවර්තනය, සමාජ විනය, ආකල්ප කොහොමද ගොඩනඟන්න ඕනෙ කියන එකටනෙ contribute කරන්න ඕනෙ//
      කෝ ඉතින් ඔයා එකට contribute කරන්න මුකුත්ම කියල නෑ නේ ඇනෝ අබිලින් වගේ අනුන්ගේ රෙද්දක් අස්සේ ඇඟිලි ගහන්නේ නැතිව ඔයා contribute කරන්න කෝ.
      මෙතන රාමචන්ද්‍ර මෙච්චර පැහැදිලිව කියලා තියන අදහස අලුත් අදහසක් නොවෙයි පැරණි x-කණ්ඩායම 90 දශකයේ අග ගෙනාපු මතවාද මේවා රොහාන් පෙරේරා දීප්ති නිර්මාල් වගේ අය ඒකාලේ කරපු හැදෑරීම වලින් මතු කරපු අදහස්.
      //පසුගාමී සමාජයෙ අභ්යන්තර පරිවර්තනය, සමාජ විනය, ආකල්ප කොහොමද ගොඩනඟන්න ඕනෙ කියන එක//
      ඔයා හිතන්නේ මේකට හරකා මේ පැත්තෙන් දාල සොසේජ් හදනවා වගේ ක්‍සැලසුම්කරණය කරලා මිනිස්සු වෙනස් කරන ක්‍රමයක් තියනවා කියලද?

      Delete
    3. "බිග් බ්‍රදර් ඔබ දෙස බලා සිටී"

      එලෙස මිලිටරිකරන වූ සමාජයක් දෙසට අප ශීඝ්‍රයෙන් ගමන් කරමින් සිටිමු. එහෙත් කිසිවකුට ඒ ගැන වගක්වත් නැතිවා පමණක් නොව එය අනුමත කරමින්ද සිටී.

      Delete
    4. රාමචන්ද්‍රව අමතක කරලා උදිතට එමු. මෙතැන කියන්න තියෙන්නෙත් උදිත කියන දේවල් වල consistency එකක් නැහැ කියන දේම තමයි. ඒත් ඒ මාලිංගට සපෝට් කරනවා/නැහැ කියන සරල කාරණාව සම්බන්ධයෙන් නෙවෙයි.

      දැන් ඔබ ඔය කියන "ධනපති විනය" ගන්න. කොහොමද ලංකාවෙ නැති ධනපති විනයක් යුරෝපයේ හෝ ඇමෙරිකාවේ ඇති වන්නේ? මේවා ලංකාවට වඩා බිහිසුණු සමාජව තිබුණා. Gangs of New York මතකයිනේ. තව උදාහරණ දිය හැකියි, අවශ්‍ය නම්.

      මේ සමාජ ඒ තත්ත්වයේ ඉඳලා අද ඇති විනයගරුක සමාජ වන්නේ ඉබේ නෙවෙයි. මේවා හීලෑ කෙරුණේ ඉතාම ප්‍රබල රාජ්‍ය සංස්ථා ගොඩ නැඟීම තුළින්. වඩාත්ම පැහැදිළි උදාහරණය එංගලන්තයේ වික්ටෝරියානු යුගය. ඒ තරම් පැහැදිළිව නුවූවත් ඇමෙරිකාවේත් ඒක වුණා.

      දැන් රාමචන්ද්‍ර කියන කොට ඒ වගේ statist විසඳුමකින් සමාජයේ විනය ගොඩ නැඟිය යුතුයි කියලා මට එතැන ගැටළුවක් නැහැ. ඒ ඔහුගේ දර්ශනය. (මා ඊට එකඟ වීම/නොවීම අදාළ නැහැ.) නමුත් ධනවාදියකු හැටියට ඔබත් මේ රාජ්‍ය මැදිහත්වීම අනුමත කරනවා නම් මට පෙනෙන්නේ ඔබේ consistency එක බිඳුණු බව. ඔබේ consistency එක තියාගෙන ඔබට එතැනදී රාමචන්ද්‍ර සමඟ පෙළට හිට ගන්න බැහැ.

      Delete
    5. ඔය රාමචන්ද්‍ර කියන 'අසංස්කෘතික මනුෂ්‍යයා' 1977දී බිහි වෙච්චි කෙනෙක් නෙවෙයි කියලයි මගේ මතය. ඕකා ඊට ඉස්සරත් හිටියා. නමුත් මා ඒ ගැන යමක් ලියූ ගමන් රාමචන්ද්‍ර ගේන (දැන් සිය සැරයක් විතර පට්ට ගහල තියෙන) තර්ක මොනවාද මා දන්නවා. නැවත එතැනට යා යුතු නැහැ.

      Delete

    6. <<"මෙතන රාමචන්ද්‍ර මෙච්චර පැහැදිලිව කියලා තියන අදහස අලුත් අදහසක් නොවෙයි පැරණි x-කණ්ඩායම 90 දශකයේ අග ගෙනාපු මතවාද මේවා රොහාන් පෙරේරා දීප්ති නිර්මාල් වගේ අය ඒකාලේ කරපු හැදෑරීම වලින් මතු කරපු අදහස්.">>

      ඉතින් එහෙනම් අහවල් මගුලකටද ඒක තවත් සංකීර්න කරලා ආපහු ලිව්වෙ? පඬිකම පෙන්නන්නනෙ. එක්ස් එකේ පොරවල් දිහා කට බලියන් බලන් හිටපු 90 ගනන් වල ලූස් පොරක්ද කොහෙද. අන්තිමට උන් ගහමරා ගන්නකොට නන්නත්තාර වෙච්ච පාර තාම එහෙමමයි. ඔයාට මතවාදයක්, consistency එකක් නෑ කියලා ඔයාගෙම පෝස්ට් එකෙන් ඔප්පු වෙලා ඉවරයි. තාමත් පණ්ඩිතකම පෙන්න පෙන්න බෙටි දදා යනවා.

      Delete
    7. @AnonymousMarch 9, 2013 at 6:34 AM
      දැන් මෙතන බෙට්ට දාල තියෙන්නේ කවුද කියල හොඳට පේනවා.මට උඹල වගේ හිඟන්නොන්නට පණ්ඩිතකම පෙන්නලා වැඩක් නෑ බං කියක්වත් ලැබෙනවද? මම ලංකාව හදන්න නොවෙයි මගේ විනෝදයට ලියන්නේ කියවන්නේ සහ කමෙන්ට් දාන්නේ හරිද. උඹල උත්තර දීල මට නොමිලේ ආතල් දෙනවා.

      Delete
    8. @AnonymousMarch 9, 2013 at 6:04 AM
      හැටියට මා නිතිය හා පර්යාය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම අනිවාර්යෙන් අවශ්‍යතාවයක් ලෙස දකින්නේ මිනිසුන්ගේ පුද්ගලික කටයුතු වලට පුද්ගල නිදහසට සහ ආර්ථික කටයුතු වලට මැදිහත් නොවෙන තාක් කල් පාර ක්ලින්ව තියාගන්න මොන තරම් තදින් රාජ්‍ය මැදිහත්වීම තිබුනත් මට කමක් නෑ. හමුදාව වෙනුවට අඩු තරමේ පොලිසියේ STF එකවත් යොදාගන්න පුළුවන් නම් එතන සංකේතාත්මක ශිෂ්ඨ බවක් තියනවා. මේ ආණ්ඩුවේ ගැටලුව මිනිස්සුන්ගේ ව්‍යාපාර වලට රජ පවුල ඇඟිලි ගහන්න එන එකයි. රනිල් ඕනෑ වෙන්නේ මේක නැති කරන්නයි.

      Delete
    9. @උදිත,

      පළමු කොටස සමඟ එකඟයි. එතැනදි ඔබ හරියට හරි. නීතිය හා සාමය පවත්වාගෙන යන්න රාජ්‍ය මැදිහත්වීම අනිවාර්යයි. නමුත් අරුණි ශපීරෝ ඉන්නේ එතැන නෙවෙයි. එයාගේ මතය ඒකත් පෞද්ගලික අංශය ලවා කර ගත යුතු බව.

      ඔබට රනිල් ගැන ඇත්තේ වැරදි අදහසක්. රනිල්ගේ එවැනි කිසිම අදහසක් නැහැ. රනිල් බලයට ආවත් කරන්නේ අද ලොක්කා කරන දේමයි. පවුල් ගස් ගොඩ නැඟීම අපේ දේශපාලකයන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායයක්. රනිල් විතරක් වෙනස් වෙන්නේ කොහොමද? හැබැයි මේ තරමටම ලොකු පවුල් ගහක් නම් ඔඩ නඟන එකක් නැතැයි මාත් හිතනවා.

      Delete
  8. වෙනස තියෙන්නේ ඇමරිකාවේදී හමුදාව බලාගෙන ඉන්නේ හොරෙන් ලංකාවේ එළිපිට

    ReplyDelete
  9. ලංකාවේ දැන් වෙන දේවල් ගැන අහන දකිනකොට අම්මප ප්‍රබාකරන් තවමත් යුද්ද කර කර හිටියනම් හොදේයි කියල හිතෙනව අය්යෝ..

    ReplyDelete
  10. මෙතනදි රාමචන්ද්‍ර මහතා විසින් පාවිච්චි කරන්නෙ සරල ටිපිකල් සිරි ලංකන් මතවාද ශෛලිය....

    මෙතනදි ලිපිය තුල ගම්‍ය වෙන්නෙ බටහිර විසින් කපා මසා ඇති ඇදුම් වලට හරියන්න අපේ ඇගවල් හදාගන්නවා විනා අපි විසින් ඇදුම් කැපීම් මැසිම් නොකල යුතුයි කියන සිරි ලංකන් පරගැති චින්තන ධාරාව...

    අමරිකාව ආදී දියුනු රටවල දියුනු ලෙසම ජනයා ගේ සිතුම් පැතුම් සහ නිදහසේ සීමාවන් වලට ඉරි ඇදලා තියෙනවා...අපිට ඒ මට්ටමට යන්න බැහැ..

    දියවන්නාවෙ හමුදාව නොහිටියා නම් වෙන්නෙ කොල්ලො ගංජා ගහන්න අරක්කු බොන්න සහ බඩු ගහන්න සිය නිදහස දියවන්නාව තුල භුක්ති විදින එක...ඒකනවත්වලා සියලු පොදු මහජනයා වෙනුවෙන් දියවන්නාව විවෘත වෙන්නනම් අනිවාර්යෙන්ම මේ වගේ දැඩි පාලනයක් තියෙන්න ඕනි...

    ලංකාවෙ පෙම්වතුන්, ලංකාවෙ පොලිසිය, ලංකාවෙ රජය, ලංකාවෙ මිනිසුන් කිසිවෙක් ලාංකිය මිස අමරිකානු වෙන්න බැහැ යුරෝපිය වෙන්න බැහැ...අපිට සහ ක්‍රමයට සිදු වෙනවා මිනිසුන්ගේ විදියට සිස්ටම් හදන්න..පෙම්වතුන්ට විසින් ගහලා එලවන්නෙ නැත්නම් ඔතන පෙම්වතුන් එලිමහනේ බඩු ගහන්න පටන් ගන්නවා..

    මම ඒක වැරදියි කියන්නෙ නැහැ..නමුත් මේ වගේ එලිමහන් බූමියක් බඩුගහන්න වෙන්කරන්න රජයට හැකියාවක් නැහැ...

    රජය විසින් යම් යම් දේවල් ඇතිකලාට පස්සෙ ඒ අනුව මිනිසුන් සිය ජිවිත රටාව හදාගන්න ඕනි..ඒ වගේම මිනිසුන්ට අවශ්‍ය දේවලුත් රජය විසින් හොදින් නිරීක්ෂණය කරලා සංවේදි වෙන්න ඕනි..

    කොළඹ නගරය තුල ගොඩනැගිලි මිස උධ්‍යාන තැනීමට පාලකයින් මෙතෙක් උත්සාහ කලේ නැහැ..ආරක්ෂඛ ලේඛම ්තුමා ඒ පිලිබද උනන්දු වෙලා ඒ ක්‍රියාව බොහොම එඩිතරව කරගෙන යනවා.. අනික ඔය හමුදාව කරන වැඩ කොන්තරක් දුන්න නම් මේ කොලටියෙන් වත් වැඩක් කෙරෛන්නෙ නැහැ...

    හමුදාවෙන් ඉදිකිරී්ම කරනකොට ඒකට විරුද්දව කෑගහන්නෙ කොන්තරක් එකක් අරගෙන ලොකු ගානක් ගසාකාලා සම්තින් එකක් සාක්කුවෙ දාගන්න අවස්ථාව නැතිවෙන අවස්ථාවිදින් පිරිසක්..

    මාලිංග ලොකු සේවයක් රට වෙනුවෙන් කරලා තියෙනවා..හැම ජාතික වීරයෙක්ම හැම පොරක්ම අර බටහිර සබ්‍යත්ව සීලයසමාදන් විය යුතුයි කියලා එකක් නැහැ..මාලිංග රත්ගම කොල්ලෙක්...ඌ එතනදි රත්ගම මාක් එක තිව්වා.මට ඒ ගැන ආඩම්බරයි..

    මීඩියා කාරයො කියන්නෙ ඒ අය නිසා මාලිංග උඩ ගියා කියලා...ඒත් කිලෝමීටර ගනන් දුවලා ඇවිත් බෝලෙ දාන පිංතූර පත්තරවල දාගෙන ඒ අය මාකට් වුන වග අමතක වෙලා..

    කිසිම මිඩියාලිපියක් මාලිංග ගැන ගියෙ නැතත් අපි මැච් බලනතාක්..මාලිංග බෝල් කරනතාක් අපි දන්නවා මාලිංග කවුද කියලා..

    හැමෝම අහම විය යුතුයි නැත්තං අරහෙම විය යුතුයි කියන සාම්ප්‍රදායික තැන ඉන්නෙ නැතුව මිනිසුන්ගේ පවතින දුර්වලතා සහ හැකියාවන්ට තැනදෙන ඉරිසියා නොකරන සමාජයක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනි...

    පඩි නොගෙවා සෙල්ලම් කරලා ජයග්‍රහන අරන් දෙන ක්‍රිකටර්ස්ලා ගැන කතා නොකර අද හැමෝම මාලිංගට බනිනවා.... පඩි නොගෙවන එකට බනින්න වෙන්නෙ රජයට..රජය වගේ ලොකු තැනකට බනිනවා ට වඩා මාලිංගට බනින එක ලේසියි..

    වැඩේ කියන්නෙ කිසිම ප්‍රාග්ධනයක් නියෝජනය නොකරනවා කියන ස්වාධීන බ්ලොග් කාරයොත් අර පත්තර කඩමාලු ලියන දෙකයි පනහේ ඉල්ලුමට සැපයුම දෙන ලේඛකයින් මට්ටමට වැටිලා තියෙන එක..

    ReplyDelete
    Replies
    1. මචං උබට තම දෙයක් හරියට කියවල තේරුම් ගන්න බැවගේ. අපහු පාරක් ලිපිය බලපන්.පස්සේ කොමෙන්ට් කොටපන්. අපරාදෙනේ කාලය බන්.

      නිකමට අහන්නේ උබත් රත්ගමද?

      Delete
    2. Amila chaturanga, why are you acting so stupid? Can't you understand what Ramachandra is trying to convey? Lick more of rajapaksa arse.

      Delete
  11. රටක් සංවර්ධනය වෙනවා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති සමාජයකට මේ මොන විදිහෙන් පැහැදිලි කිරීම් කරන්න හැදුවත් වැඩක් නෑ කියලයි මම නම් කියන්නේ.

    කාර් එකක් තියා ෆුට් බයික් එකක් වත් නැති මිනිස්සු, හයිවේ හදනවා, ගුවන් පාලම් හදනවා මාර දියුනුයි කියලා හුරේ දානවා.

    ලඟම තියෙන ඉන්දියාවට වන්දනාවේ යන්න වත් වත්කමක් නැති මිනිස්සු, එයාපෝර්ට් හදන එකට හුරේ දානවා අඩේ අපිට දැන් එයාපෝර්ට් දෙකක් තියෙනවා කියල.

    බඩේ බත් ඇටේ නැතත් කටේ නරිවාදම් පුරෝ ගත්තු හිස් දීන මිනිස්සු ඉන්න රටේ, තව අවුරුදු සිය ගානක් ඉස්සරහට උපදින්න දරුවන්වත් ණය කාරයෝ කරලා ලෝකෙටම නය වෙලා නටන නාඩගම් දිහා මේ වගේ වගේ වගක් නැතුව බලන් ඉන්නවා කියන්නේ කොයි තරම් ඛේදවාචයක්ද කියන එක එකෙක් දෙන්නෙක්ට තේරිල වැඩක් නෑ.

    පුලුවන් නම් වෙන කොහේට හරි පැන ගන්නවා බැරි නම් උන් එක්කම මේ නරකාදියේ වැළලෙනවා . .

    වෙන මොනවා කරන්නද . ..

    ReplyDelete
  12. ඕස්ට්‍රේලියාවේ ජිවත්වන මගේ යාළුවෙක් ලංකාවේ තියන පසුගාමී තත්වය ගැන දරන්නේ මේ වගේ අදහසක් , ඔහු කියන හැටියට ශ්‍රී ලංකාවේ බහුතරය නුගත් ගෝත්‍රික අදහස් තියන මිනිසුන්ගෙන් සමන්විත රටක්.මේ රටේ සංස්කෘතියක් නැහැ. සංවර්ධිත රටවල ඉන්න මිනිස්සු ලාංකිකයා (සිංහල/ දෙමල / මුස්‌ලිම් ) දකින්නේ වැද්දෝ වගේ කාලකන්නි මනුෂ්‍ය පරාන ඉන්න අන්ඩර් ඩිවලොප්ඩ් රටක් හැටියට. අපි කිසිම නුතන ශිස්ටාචාරයක් බිහි කරලා නැහැ. ලෝකයට කිසිම දෙයක් දීලා නැහැ. රට පාලනය කරන්න දේශපාලකයෝ ලෙස ලෙස අපි තෝරාගන්නේ ගන්නේ මර්වින්, මුතුහෙට්ටිගම ,සරුවා, පබා , ගීතා වගේ ලොස් චරිත. සංවර්ධිත රටවල මිනිස්සු රට පාලනය කරන්න දේශපාලකයෝ ලෙස ලෙස තෝර ගන්නේ උගත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, නමුත් අපිට කිසිම සංස්කෘතියක් ශිස්ටාචාරයක් නැති නිසා නුගත් මැරයන්ට රට පාලනය කරන්න භාර දෙනවා , ඒ වගේ රටවල හියුමන් ෆැක්ටර් එකට කිසිම වටිනාකමක් නැහැ ඒ නිසා ඔහු කියන්නේ ලංකාවේ දැන් ජිවත්වන ජනයා කාලකන්නි ලෙස දේශපාලන ගැටුම් , ආගමික ගැටුම්, හලාල් ගෝත්‍රික සටන්, මන්දපෝෂණයෙන් , ඇක්සිඩන්ට් වලින් , අපදා වලින් විනාශවෙලා යන එක හොඳයි කියලා. ඒ වගේම ජේවීපී එක අන්තරය ලංකාවේ උසස් අධ්‍යාපනය ඩිවලොප් කිරීමට ඉඩ නොදී සදාකාලික සිසු ගැටුම් විශ්ව විද්‍යාල වල ඇතිකරලා උසස් අධ්‍යාපනය විනාශ කරන එකත් හොඳයි කියලා ඔහු කියනවා. ලංකාවේ විශ්ව විද්‍යාලවලට දැන් අන්තර්ජාතිකව කිසිම රෙකග්නිෂන් එකක් නැහැ ලෝක ranking අනුව ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය වලටත් පසුපස ඉන්නේ එකත් හොඳ බව ඔහුගේ අදහස. ඔහු කියන්නේ දැන් ලංකාවේ එඩියුකෙටඩ් සමාජමය වශයෙන් ශිෂ්ඨ ක්‍රීම් එක ඉන්නේ බටහිර සංවර්ධන රටවල. ඒ අයගේ ළමයි ඉගනගන්නේ ලෝකයේ ඉහලම විශ්ව විද්‍යාල වල. තව වසර 20 – 25 යනකොට මේ පරම්පරාව ලංකාවට එනකොට ලංකාවේ සමාජය ගරා වැටිලා , මිනිස්සු නුගත් , අන්තරය විශ්ව විද්‍යාල , උසස් අධ්‍යාපන ආයතන විනාස කරලා, රට මෙහෙයවන්න උගත් මිනිස්සු නැහැ, හිටපු මිනිසුන්ගෙන් බාගයක් ගෝත්‍ර ආගම් ගැටුම් නිසා මැරිලා ,හැන්දෙන් ගෑරැප්පුවෙන් වත් කන හැටි දන්නා මිනිහෙක්වත් බේතකටවත් හොයාගන්න බැරි වෙන ගානට සමාජමය වශයෙන් ලංකාව බංකොලොත් වෙනවා. ඒ කාලය වෙනකොට මේ බටහිර උසස් අධ්‍යාපනය සහිත සල්ලි තියන , සමාජමය වශයෙන් ශිෂ්ඨ (civilized) පරම්පරාව ලංකාවට එනකොට මේ අයගේ සමාජ වටිනාකම අන්තිම ඉහලයි. ඒ කියන්නේ 1920- 30 ගණන් වල බණ්ඩාරනායක , එස් ඒ වික්‍රමසිංහලා ඔක්ස්ෆර්ඩ් වල ඉගනගෙන ලංකාවට එනකොට ලංකාවේ ගම් වල නූගත් මිනිසුන්ට ඔවුන් දැක්කේ දෙවියෝ වගේ , ඒ වගේ තත්වයක් යලිත් එනවා, එතකොට ඒ පරම්පරාව තමයි ලංකාවේ පාලනය මෙහෙයවන්නේ , ඊට පස්සේ ඔවුන් බිහි කරන පරම්පරාව අන්තර්ජාතික මට්ටමේ එකක් , මේ නිසා ලංකාවේ වර්තමාන සමාජය ජිව විද්‍යාත්මකව අතින් , ආර්ථිකමය අතින්, සමාජයමය අතින් නැති භංගස්ථාන වෙලා යන එක හොඳයි. මේක ජනගන වර්ධනය පාලනයට යුද්ද සාගත හොඳයි කිව්වා වගේ . එක මතුපිටින් බලනකොට හරි අමානුශිකයි නමුත් එක තමයි විය යුත්තේ. නැතුව වෙන විසඳුමක් නැහැ Pramil

    ReplyDelete
  13. i am not good at typing in sinhala so i will type in English. A bit old post but I feel like commenting on the topic.

    1. I agree with the idea the author tries to convey here that a country's real development can be achieved through developing 'people' and not by building infrastructure and beautifying the cities. The thing is this is a continuous process. A country need infrastructure development along with people development. Kotte is our capital, it should be beatiful.

    Another thing this author misses is the other obejective in changing landscapes in Kotte which is preventing flooding. As far as i remember the Japan-Sri Lanka friendship road and other roads connecting maharagama and kotte often flooded whenever it was raining heavily. I am a person who used these roads before and after these development, so my personal experience is things have changed for the better. Not only the city was beautified but by broadening canals the areas have been given as space for flood water management.

    ReplyDelete
  14. 2. The author's mention abt military close to jogging tracks and parks is rather stupid and lacks knowledge. One thing I dont remember seeing army tanks as the author mentions. these parks and tracks are very much close to Parliament.

    Remember this is a HIGH SECURITY zone. We had a war last 30 years and security was very much an issue in this area. So machan military, army men WERE there before jogging tracks came in. Actually it is the high confidence in the defence that they created jogging tracks close to high security zones.
    It is nothing abt army supervising ppl in the tracks and checking what they do,it us a natural occurence where young soldiers would certianly have a look at young couples like other people do in a beach or in a bus stand. Your idea on this is STUPID.

    ReplyDelete
  15. About infra structure development in colombo

    the ones that u are mentioning, jogging tracks and parks are NOT in colombo but in Kotte. Kotte is close to the highest prices real esteate area and the ppl living there are well off.so these developments are used by ppl living there.

    The development that u see in Colombo city are in Galle road and Marine Drive (which i find very good).The recent devolopment schemes in Slave Island is also good and something that should have been done before.
    I wonder how the author says gov is trying to make Colombo like London or Paris..does it look like that to u? :D
    Colombo is not any of these cities and I dont think gov is trying that. Colombo neednt be London as much as colombo neednt be Adisi Ababa. Colombo needs to be Colombo.

    I find how this author relate London/paris to be the starndard of culture hilarious.

    If you were relating parks, tracks in nawala , kotte as trying to be like London and Paris may i ask u do u have marshy lands in these cities.
    Kotte was a marsh land and these new infrastructure development has taken this into consideration. Actually this is a good job done.

    ReplyDelete
  16. About Malinga I dont comment on that and i am against almost all ur views on malinga.

    "කෙසේවුවද සන්ග්ලාසස් දැමුවාට, කොන්ඩය පාට කලාට ඔහු තුල සිටින අසංස්කෘතික මනුශ්‍යයා බිදකිනුදු වෙනස් වී නැත. රූපවාහිනී කැමරා ඉදිරියේ පසුගියදා එලියට පැන්නේ "මොඩ් මිනිසා" තුල ලැගුම් ගෙන සිටින නූගත් අසංස්කෘතිකයාය"

    actually this sentence says a lot abt u than malinga.....thumbs down!

    ReplyDelete
  17. it is better to light a single candle than being in dark. It is true that 1sr attitudes should be changed prior to external appearance. But in this case, I appreciate what they have done with the colombo city. There are minority which are not what you describe in your article, also I think this helps every person to achieve positive attitude about environment. It true that if you change attitudes these changes will spontaneously occur, but there is a chance for vice versa.

    ReplyDelete