Thursday, February 28, 2013

දූෂකයෝ වේදිකාවේ කථා පවත්වති


Hey Geneva! අපි දැන් මරන්නේ නෑ  
ලංකාවේ රජයේ හමුදා විසින් හමුදා භාර‍යේ සිටිය දී ලිංගික වධහිංසාවට හා දූෂනයට ලක්කල දෙමල ජාතික පුද්ගලයින් පිලිබද තොරතුරුසහිත වාර්තාවක් Human Rights Watch සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම වාර්තාවේ එලෙස දූෂනයට ලක්කල පුද්ගලයින් 75 දෙනෙක් පිලිබද විස්තර ඇත. ඉන් 31 ක් පිරිමි අයවලුන්ය.41 ක් කාන්තාවන් වන අතර තිදෙනෙක් ලමුන්ය. දැනට දේශපාලන රැකවරන පතා විදේශගතව සිටින හිටපු රැදවියන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා ඇසුරිනි මෙම වාර්තාව සකස් කොට තිබෙන්නේ.

දූෂනයට ලක්වූ පිරිමි රැදවියෙක් උක්ත වාර්තාවට දෙන ලද ප්‍රකාශයකින් උපුටා ගත් කොටසක් මෙසේය.-

" පලමු ප්‍රශ්න කිරීමේ දී හමුදා නිලධාරීන් මට නිර්වස්ත්‍ර වීමට බල කලා. ඉන්පසු එක් අයෙක් ඔහුට මුඛ සංසර්ගයක් ලබාදෙන ලෙස බලකලා. පසුව මා මතට පැමින ඔහු මා දූෂනය කලා. ප්‍රශ්න අසන අතරවාරයේ නිලධාරීන් මාගේ වෘෂන කෝෂ මිරිකීම සිදුකලා. ඔවුන් ඉදිරියේ ස්වයංවින්දනයේ යෙදෙන ලෙස ඔවුන් බල කල අතර එක් අයෙක්  බලෙන් මා ස්වයංවින්දනයේ යෙදවූවා" 

දූෂනයට ලක් වූ කාන්තා රැදවියෙක් විසින් ලබාදුන් විස්තරයේ කොටසක් මෙසේය -

"නිලධාරීන් යකඩ බට වලින් හා වැලි පිරවූ ප්ලාස්ටික් බට වලින් මට පහර දුන්නා. ඔවුන් දිගටම එල්ටීටීඊය හා මා අතර තිබූ සම්බන්ධතා ගැනත් පිටරටදී මා කල කී දෑ ගැනත් ප්‍රශ්න කලා. ඔවුන් මාව පඩිපෙලක් දිගේ රැගෙන ගොස් වෙනත් කාමරයකට දැම්මා. එහිදී පස් වතාවක් මා නිලධාරීන් පිරිසක් අතින් දූෂනයට ලක්වුනා. මේ අය සිංහල කථා කල අතර සිවිල් ඇදුමින් සැරසී සිටියේ. ඔවුන් කී බො‍හෝ දේ මට තේරුනේ නැහැ. ඔවුන් වාරයෙන් වාරයටයි මා දූෂනය කලේ. පලමු වතාවේදී මා කලාන්ත වූ බව මට මතකයි. නැවත සිහිය එද්දී මගේ ජනනේද්‍රීයෙන් රුධිරය වහනය වෙමින් තිබුනු අතර මට දැඩි වේදනාවක් දැනුනා"

තමා මුහුන දුන් අත්දැකීම් පිලිබද ඒ ඒ වින්දිතයින් සිදුකරන මෙවැනි ප්‍රකාශ ගනනාවක් මෙම වාර්තාවේ අන්තර්ගත වන්නේය.

මෙම වාර්තාවට සාක්ෂි සපයා ඇති බොහෝ දෙනා යුද්ධය අවසන් වූවාට පසු එල්ටීටීඊ සැකකරුවන් වශයෙන් සලකා පැහැර ගැනීමට ලක්වූවන්ය. තමන් එල්ටීටීඊයට සම්බන්ධ ව සිටි බවට සහතික කරන ලියවිල්ලකට අත්සන් කරන ලෙස බලකරමින් මොවුන්ට වධ පමුනුවා ඇති අතර ඔවුන් එසේ අත්සන් කල විට සාමාන්‍යයෙන් ලිංගික වධදීම් නතර කරන ලද බව කියැවේ. රදවාගැනීමට ලක්වූ බොහෝ පිරිමි රැදවියන්ව ගුද සංසර්ගය සදහා බලහත්කාරයෙන් යොදවාගෙන තිබේ.මේ සමහර සිදුවීම් සිදුවී තිබෙන්නේ කොලඹ ත්‍රස්ත විමර්ශන අංශයේ ( TID) හා අපරාධ විමර්ශන කොට්ටාශයේ (CID) ගොඩනැගිලි තුලදීය.HRW සංවිධානය වාර්තා කරන පරිදි සාකච්ඡාවට භාජනය කල වින්දිතයින් ‍බහුතරය දැනට පශ්චාත් ව්‍යාධිමය පීඩන මානසිකත්වයකින් පීඩා විදිමින් සිටිති.

මෙම වාර්තාව විසින් ලංකා රජයට එල්ල කොට තිබෙන චෝදනාව අතිශය බරපතලය. දැන් සිංහල ජාතිහිතෛශීන් මෙසේ ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. අමෙරිකානු සොල්දාදුවන් ගුවන්තනමෝ බේ සිරකදවුරේදී ඇෆ්ගනිස්ථාන රැදවියන්ට එරෙහිව ලිංගික වධදිම් සිදුකලා.ඉතින් අපි කලාම විතරද වැරදි? ජාතිහිතෛශී හෙරොයින් දුම ආඝ්‍රානය කල විට පලමුව සිදුවන දෙය වූ කලී මනුෂ්‍යත්වය පිලිබද සවිඥානිකත්වය ගිලිහී යාමයි. අමෙරිකානු "රනවිරුවෝ " මුස්ලිම් "ත්‍රස්තවාදීන්ට" එරෙහිව ලිංගික අපරාධ සිදුකලේ ත්‍රස්තවාදීන් යනු මිනිස් අයිතිවාසිකම් රහිත අර්ධ මිනිස් විශේෂයකි යන ‍ජෝර්ජ් බුෂ් සූත්‍රය අනුගමනය කරමිනි. සිංහල රනවිරුවෝත් ජාතිහිතෛශී චින්තනය ප්‍රකාරව සිදුකොට තිබෙන්නේ එම අපරාධයම නොවේද?

වධ හිංසා කිරීමේ දී පීඩනයට ලක්වන්නාගේ මානව ගෞරවය බිදහෙලී ඔහුගේ මනුශ්‍යභාවය අවප්‍රමානය වනවා පමනක් නොවේ.වධ පමුනුවන්නා වින්දිතයාට තිරිසන් වධ පැමිනවීම මගින් තෙමේම තමාගේම  මනුශ්‍ය සාරය අහිමි කරගනී.HRW වාර්තාව වැනි සාක්ෂි මගින් පෙනී යන්නේ මෙම අවමානුශිකත්වය හමුදාව වැනි රාජ්‍යයේ මර්ධක අවයව තුල ආයතනගතවී ඇති ආකාරයයි.

දෙමල තරුන තරුනියන්ට එරෙහිව පමනක් නොව 71 හා 88/89 යුගවලදී සිංහල ‍යෞවන යෞවනියන්ට එරෙහිවද මිලිටරි නිලධාරීහු ලිංගික වධහිංසා භාවිතා කලහ. එල්ටීටීඊය හා පැවැති යුද්ධයේදී සාමාන්‍ය ගැහැනුන්ට එරෙහිව හමුදා සෙබලු ලිංගික හිංසනය යොදාගත් අවස්ථා පිලිබද අපකීර්තිමත් ඉතිහාසයක් පවතී. 1997 දී දූෂනය කරනු ලැබ යෝනි මාර්ගයේ ග්‍රෙනේඩයක් අටවා පුපුරවා මරා දමන ලද මුරුගේසුපිල්ලේ කෝනේශ්වරීගේ කථාව, 2000 දී මීගමුව‍ පොලිස් ස්ථා‍නයේදී මිරිස් තැවරූ කෙහෙල්මුව කැබැල්ලක් යෝනිය තුලට ඇතුලුකොට පොලිස් භටයින් විසින් දූෂනය කල යෝගලිංගම් විජිතාගේ කථාව මෙවැනි වාර්තා වූ හා නොවූ දහස් ගනන් කථාවලට උදාහරනයෝය.

මෙබදු අපරාධ සිදුවූ බව අපගේ සමාජය පිලිගන්නේ කවදාද? හමුදාව යනු තේජාන්විත ගෞරවනීය සංස්ථාවක් නොව අවමානුශිකත්වය ආයතනගත වූ ගර්හිත ආයතනයක් බව අපගේ සමාජය වටහා ගන්නේ කවදාද? ඉන්දියාවේ කල්ලියක් අතින් සමූහ දූෂනයට ලක්වූ තරුනිය වෙනුවෙන් තෙත් වූ දෑස් හමුදාව විසින් දූෂනය කල සහෝදර දමිල ජාතිකයින් වෙනුවෙන් තෙත් වන්නේ කවදාද?  

ඊයේ මරාදැමූ බාලචන්ද්‍රන්ගේ මලසිරුරය. අත්අඩංගුවට ගනු ලැබූවන් වෙඩි තබා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනය. අද දූෂනය කරනු ලැබූ රැදවියන් පිලිබද සාක්ෂි වාර්තාය.හෙට තව කවර නම් සාක්ෂියක් මතු වනු ඇද්ද?

නන්දිකඩාල් ඛේදවාචකය යනු කොසෝවෝ ඛේදවාචකය තරම්ම සාහසික වූවකි. මානුශික මෙහෙයුම් හා රට බේරා ගැනීම් පිලිබද දෘෂ්ටිවාදී කථාන්දර වලින් මෙම සත්‍යය වසා දැමිය නොහැක. එම සත්‍යය ඉතිහාසයේ සටහන් වනු නතර කිරීමට මිහිපිට ඇති කිසිදු බලවේගයක් සමත් නොවනු ඇත.





16 comments:

  1. ලියන්නට බොහෝදේ තිබුණද එක අකුරක් හෝ ලිවීමට නොහැකි තරමට කම්පාවී සිටිමු.

    ReplyDelete
  2. උනානම් වැරදියි. තව දුරටත් වෙනවනම් වහාම නැවැත්විය යුතුයි. ඒත් සරානාගතයන් ලෙස විදෙස් ගත වූ හිටපු LTTE සාමාජිකයන් කොපමන පමනට විස්වාසනීයද?

    මාක්ස් වාදීන් යනු ලොව දනවාදී දියුනුව නිසා අනාගතය ගැන කිසි බලාපොරොත්තු නැති වද වී යන සත්ව කොටසකි. අප එසේ නැත අපට රටේ අනාගතය ගැන බලාපොරොත්තු ඇත. එම නිසා ඔව් අප නන්දිකුඩාල් ගැන ආඩම්බර වෙමු, ඒ අප රටේ ඉදිරි ගමනට තිබු ලොකුම බාදාවව පැවති යුද්දය නිමා ඌ නිසයි.

    ReplyDelete
    Replies
    1. "උනානම් වැරදියි. තව දුරටත් වෙනවනම් වහාම නැවැත්විය යුතුයි. ඒත් සරානාගතයන් ලෙස විදෙස් ගත වූ හිටපු LTTE සාමාජිකයන් කොපමන පමනට විස්වාසනීයද?"

      ෂුවර් නැත්තං අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා බලමු මුං කියන්නෙ ඇත්තද නැද්ද කියල.ඒකට එකගද? මේව සේරම බොරු කියල හිතාගෙන ඉදපල්ලා.එතකොට ආතල්නෙ.

      Delete
  3. ත්‍රස්තවාදය නිමා වීමේ සතුට මෙන්ම. මෙවන් ක්‍රියාවන් පිළිබඳ ඇති අමිහිරි සිතුවිල්ලද (Horrible Feeling) කිසිදා මැකී නොයනු ඇත. යුධ ජයග්‍රහණය අගය කරනවාක් මෙන්ම, මෙවන් පිළිකුල් දෑ හෙලාදැකීමද එක ලෙසම කළ යුතුය. එසේ නොවේනම් මානුෂිකත්වය හා ත්‍රස්තවාදය අතර ඇති වෙනස කිම..

    ReplyDelete
  4. යුද්ධය කියන්නේ ඔය ඔක්කෝටම තමයි. ලෙනින් සාර් රජ පවුල මරණ කොට අර හිමෝෆිලියාවෙන් පෙළුන දොළොස් හැවිරිදි දරුවා බේරලා මැරුවෙ නැහැනෙ. චේ ගුවේරට එරෙහිව මේ වගේ දේවල් කෙරුණා නම් රිපෝට් සීයක් විතර ලියන්න තිබුණනේ. කොටින්ම විජේවීර කරපු දේවල් අපි දන්නවනේ. මේ තමයි සමාජවාදය ළමයෝ.

    ReplyDelete
  5. Replies
    1. How ironic!
      ලාංකිකයින් ලාංකිකයින්ටම වද හිංසා දුන්නා කියන එක නේද මේ කියන්නේ!

      Delete
  6. Rama,

    1st
    how old are you? feel you are with younger blood.

    2nd
    have you watch films about radicals, when they blow bombs we are happy, and when they were attacked we are sad...
    very simple mathematics here!
    So you are having feels only related to the camp you are belong.
    your post shows which camp you are morally belongs to. No problem in this world you have freedom to be in any camp.

    3rd
    being a military person who you are think very BAD, i have a explanation about rapes. SL soldiers were given 10 days leave for every 20 -30 days specially in operation times (you clarify persons who were really in the war). And you know in Sri Lanka people can travel to any end of the country within 12 hours. So soldiers went to their homes and loved once. this definitely help to reduce the sexual pressure. you know most of the Sri Lankan sinhala ladies and prostitutes are beautiful than ladies who were in the war torn areas. Especially ladies lived under the war situations. But when they found LTTE girls and boys who were killed, they remove all the clothes of them due to need of security clearance. The photos you are seen today (the naked girls) are belong to those.

    4th
    In final two operations (Since 2006) military discipline was treated strictly. i'm not going to explain it but understand, the down level soldiers, junior officers will be benefited from that and have stress free time.

    so it is very rear chance to raping whilst the operation period.

    ReplyDelete
    Replies
    1. @ Rayantha

      1 - අනදාල කරුනකි

      3 සහ 4 - HRW වාර්තාව මගින් ආවරනය කර තිබෙන්නේ හමුදා භාරයට ගත් අයට එරෙහි වධහිංසක උපක්‍රමයක් ලෙස ලිංගික වධහිංසා යොදාගැනීම සම්බන්ධ සාක්ශිය.එලෙස සිරභාරයට ගත් අයට එරෙහිව ලිංගික හිංසනය පාවිච්චි කලාද නැද්ද යන්න ගැන ඔබේ දීර්ඝ විස්තරයේ සදහනක් නොමැත.රැදවියන්ට ලිංගික වධහිංසා පමුනුවන්නේ ලිංගිත පීඩනයක් නිසා නොව ඔවුන්ට වධදීමේ ආකාරයක් වශයෙනි.

      රැදවියන් නොවන සාමාන්‍ය ගැහැනුන්ට එරෙහිව ලිංගික හිංසනය යොදාගත්තාද නැද්ද යන්න සම්බන්ධයෙන් ද නිශ්චිත සාක්ෂි ඇත.උදාහරනයක් ලෙස මවිසින් උපුටා ඇති යෝගලිංගම් විජිතා සිදුවීම නඩු විභාගයකින් පවා තහවුරු වූවකි.කෝනේශ්වරී සිදුවීම,ක්‍රිශාන්ති කුමාරස්වාමි සිදුවීම වෙනත් එවැනි ඒවා‍ට උදාහරනය.ඒ නිසා ලිංගික හිංසනය යොදා නොගත්තේ යැයි කීම සත්‍යයට අන්ධ වීමකි. යුද කලාපයේ සිටින දෙමල ස්ත්‍රීන්ට වඩා සිංහල ගැහැනුන් හා ගනිකාවන් ලස්සන යැයි කී පමනින් ඉදිරිපත් වූ නිශ්චිත සාක්ෂි නිෂ්ප්‍රභ වන්නේ නැත.

      Delete
    2. @ Rayantha

      First of all, you are not different from people who raped Tamil/Sinhala girls. Simply your tone is justifying the fact. Rayantha, theu raped girls not because they are stressed, not because they haven't had an intercourse for a long time. They thought that they are punishing those women by raping them.
      There was a time that even police interrogations also amalgamated with sexual harassment and worse, raping.
      I never say that all Army officers are monsters, No. But open your eyes and accept facts. There were war-crimes happened. We don't have to talk about what LTTE did or what American soldiers did in Afghanistan. We are Sinhalese people and let's talk about our mistakes.
      Don't hide behind fairy tales to avoid the light of truth. knock your heart and ask yourself, whether we should justify those crimes, ignore it or just accept it and move on.
      All wars are bad wars. there is no doubt about it. Before become a patriot, become a humanitarian.

      Delete
    3. Well said Rama. This bastard shavendra silva a.k.a rayantha is narcissistic sicko. He is trying to justify killings be it Sinhalese or Tamils, just because he thinks he and his bed fellows in the ruling clan have the right to do so. Stop wasting our money sitting pretty in diplomatic corps, you better go and clean rajapaksa toilets and lick his balls idiot.

      Delete
    4. Thanx Both Annos,
      Please read the below explanation of mine.
      I never refused any thing, but try to help you to calculate probabilities of raping. I never talk about Police cases. Its about two different mentalities.
      Folks, the behaving of the people is depend on the situation and the background of the raising-up.
      However i standed to answer the allegation of raping in the last humentarian operations only.

      Delete
  7. Rama,
    It is a well known and clear fact that military personals who are paid by the governments (including a better pension) are just another set of government servants. Unlike the other working class personals –especially factory workers without boundaries –these military personals utterly and without prejudice serve the state and the contemporary governments, irrespective of their legitimacy.
    From the definitions of Marxism I compel to identify all the military personals in the category of mercenaries; Pure mercenaries. There are no evidence that militia of LTTE was paid their “soldiers” a pay in the course of war with the SL government. It is just a particularity (the opposite of generality) that a person acquires an analytical mind set in the military. The better example I can produce is former general Fonseka. If Fonseka truly wanted to come to politics (to be a leader)he could effectively done it not after the massacre of people in both sides in 2009 ;but just after he was discharged from the hospital due to LTTE suicide attack in 2007.
    When exercising the hegemonic power through the state organizations the state itself falsifies the truth and justifies the crimes. The replies of Rayantha and other anonymous’ (excluding Ano. 10.47 am) clarifies that. The mentality of the military personals of SL forces and LTTE never comprehended that war is the highest crime against the human kind.
    We as (sri) Lankans witness the calamity of erasing off the socialist ideals from the common people.
    Salute for your effort in restoring the ideas of humanity.

    Clement Peris
    Calgary
    08.31 pm eastern time

    ReplyDelete
    Replies
    1. Thanx, both has agreed to my idea in some extend. How ever i never need to justify any murder.

      1. You know that oldest occupations in the world are soldiering and prostitution. Why is that. soldier always secure the king or leader unconditionally and im not going to explain about prostitute. Today even the same happening, people like or not they safeguard the king / leader or any other words the controlling power of people. All over the entire history of any country did the same by army. Either they protect a leader or help a person become to leadership.
      Who are the radicals? i think they think differently and fight against the current system. So boys, it is time related. if those radicals could able to establish their thoughts the after some time another set of people start to think that system is not fare and etc.. So time to time radical thoughts are changing.
      So kindly justify who is doing the correct thing?

      2. Raama in these type of discussions, age is important. When you under 20, you are protected by parents or loved once. until 30 you protect your self. But after 30 you have to protect your family and loved once. You see responsibility change with time. I don't know other countries, but in Sri Lanka most of the general public people bear most of the unjustifiable things every where in his life. Why ? because of the responsibility they have!

      3. Im not going to taking about police. But when in a person is interrogating in a military environment in the means of national interest are you expect them to be nice?. Think if you the person who is being interrogated, are you going to tell all the truth at once ?. In my case i'm not! I have a value to my concepts and believes. For some once truth come only for a slap, and for some once it is DEATH. You know, all we, you and me are heroes, we think our value for those thing is DEATH. Got my point?

      4. You think when some one is asking about the reasons for seeking asylum (sorry my English is very poor, i mean දේශපාලන රැකවරන), what the people say? 100% true ? no i argue that that only <50%. But unfortunately what the most of the Tamils do? i do not have to explain know?. So HRW interview those people and make reports. We believe it and shout against the government and etc.. Boy we all in glass houses !

      Delete
  8. Ramachandran Demalekta kiyala Puke araganin. ethakota toge mole amaruwa hariyai. Wesige putha.............

    ReplyDelete