Thursday, February 21, 2013

බාලචන්ද්‍රන්ගේ ඝාතකයා කවුද?


ල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍ර දොලොස් හැවිරිදි බාලචන්ද්‍රන් ගේ ඝාතනය හා සම්බන්ධ නව ඡායාරූපමය සාක්ෂි මේ වනවිට කරලියට පැමින තිබේ. චැනල් 4 නාලිකාව විසින් ලබන මාර්තුවේ දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ලංකාවේ සිවිල් යුද්ධය පිලිබද තවත් වාර්තා වැඩසටහනක් තිරගත කිරිමට නියමිතය. එහිදී බාලචන්ද්‍රන්ගේ ඝාතනය හා සම්බන්ධ මෙම ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇතැයි වාර්තා වේ. හමුදා භාරයට පත්වූ බාලචන්ද්‍රන් වෙඩි තබා ඝාතනය කල බවට පසුගිය වර නිකුත් වූ චැනල් 4 වාර්තා වැඩසටහන මගින් ද චෝදනා එල්ල කරන ලද්දේය. එහිදී රජයේ පිලිතුර වූයේ එවැන්නක් සිදු නොවූ බවත් බාලචන්ද්‍රන් මියගොස් ඇත්තේ දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවකදී බවත්ය.

දැන් අලුතින් ඉදිරිපත්ව ඇති සාක්ෂි සමග රජය නිර්මානය කල ඉහත ප්‍රබන්ධය සුනු විසුනු වී යන්නේය. හමුදා බංකරයක් තුල අදාල දරුවා රදවා සිටින දර්ශනය, එහිදී ඔහුට ආහාර ලබාදී ඇති දර්ශනය මෙන්ම පපුවට නිකුත් වූ වෙඩි පහර මගින් ඔහු මරා දමා ඇති දර්ශනය ද ඡායාරූප පෙලෙහි අඩංගුය. මෙම දරුවා හමුදා භාරයට පත්වූ පසු වෙඩි තබා මරා දමා ඇති බවට නිගමනය කිරීමට යමෙක්ට දැන් සාමාන්‍ය බුද්ධියට වඩා වැඩි යමක් අවශ්‍ය නොවේ.

මෙම ප්‍රවෘත්තිය අන්තර්ජාලයේ "ගොසිප් වෙබ් අඩවි" හෙවත් ඕපාදූප අඩවි වල පලවී තිබූ අතර ඊට යටින් විවිධ පාඨකයෝ ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්වා තිබුනාහ. ගොසිප් වෙබ් අඩවිවලට වැටෙන ප්‍රතිචාර වූ කලී වර්තමාන සිංහල මැද පංතිකයින්ගේ මනෝභාවය වටහා ගත හැකි කදිම කැඩපතකි. එම ප්‍රතිචාර වලින් බහුතරයක අදහස වූයේ මෙම ඡායාරූප "ව්‍යාජ" ඒවා බවයි. තවත් සැලකිය යුතු පිරිසක් සිංහල මායිම් ගම්මාන වල ලමුන් කැති ගෑ කොටින්ගේ නායකයාගේ දරුවාව මෙලෙස මරා දැමීම වරදක් නැතැයි කියා තිබුනි.

බාලචන්ද්‍රන්ගේ මල සිරුරේ ඡායාරූපය ඕනෑම සාධාරන මනසක් තුල කම්පනයක් ඇතිකරවීමෙහිලා සමර්ථය. 2009 නන්දිකඩාල් "විජයග්‍රහනයෙන්" පසු දැන් දකුනේ සිංහල සමාජය අභියස උදා වෙමින් තිබෙන්නේ සංකීර්න කාල පරිච්ඡේදයකි. සිංහල සමාජය උත්කර්ෂවත් ලෙස සැමරූ යුද්ධය යනු බිහිසුනු ඝාතන සමුදායක් පමනි යන සත්‍යය ඔවුන්ටම ඒත්තු ගන්වන සිදුවීම් දිනෙන් දින මතුවෙමින් පවතී. 88- 89 මිහිදන් කල දකුනේ තරුනයන්ගේ සිරුරු වැලලූ ස්ථාන මාතලේදී ගොඩගැනෙන්නේ  දැන්ය. එලෙසම උතුරේ සමූහ මිනීවලවල් හාරන්නට වුවහොත්? එහිදී කවර නම් දේවල් මතුවනු ඇද්ද? නන්දිකඩාල් කලපුවේ නිවාඩු නිකේතනයක් ඉදිකල පමනින් පොලොව යට වැලලුනු දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ඉරනම සැගවිය නොහැක.

 2009 යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදය තුල උතුරුකරයේ දැවැන්ත වූත් බිහිසුනු වූත් ජන සංහාරයක් සිදුවූයේය. මෙය සැගවිය නොහැකි ඇත්තකි. තමා මහත් ආස්වාදයෙන් චියර් කලේ මෙබදු බිහිසුනු ජන සංහාරයකට බව පිලිගැනීමට සිංහල මැද පංතික මනස සූදානම් නැත. එය සැබැවින්ම ක්ෂිතිමය අත්දැකීමකි. මේ ක්ෂිතියෙන් ගැලවීම සදහා සිංහල මැදපංතිකයා තර්ක දෙකක් ගොඩනගා ගනී. එක්කෝ මේ පින්තූර සේරම බොරු. එසේත් නැතිනම් - උන් අපේ අය මැරුව නිසා උන්ට ඔහොම උනාට කමක් නෑ. මේ තර්ක දෙකම ව්‍යාජ තර්ක බව මෙම මැද පංතිකයෝ මනාව දනිති. එක්කෝ තමන් චියර් කරමින් දායක වූයේ බිහිසුනු ජන සංහාරයකටයි යන කටුක යථාර්තය පිලිගත යුතුය. තැනහොත් එම යථාර්තයෙන් මිදීමට නම් සිය චියර් කිරීම සාධාරනීකරනය කරගන්නා කවර හෝ තර්කයක් සාදා ගත යුතුය.පෙනෙන්නට ඇති පරිදි සිංහල මැද පංතික සමාජය කටුක යථාර්තයට මුහුන දෙනු වෙනුවට ස්වයං මෝහනීය තර්ක සමූහයක් හරහා ෆැන්ටසිගත වීම තෝරාගනිමින් සිටී.

මේ ෆැන්ටසි ලෝකය කුඩු කිරීමට මැදිහත් වීම මේ මොහොතේ සිංහල ප්‍රගතිශීලී කොටස් ඉදිරියේ ඇති වගකීමකි. මෙරට දෙමල ජනයා මුහුන පෑ මහා සංහාරය අවංකව පිලි නොගන්නා තාක් දුරට දෙමල සමාජය සමග කෙරෙන කිසිදු ප්‍රතිසන්ධාන කථා බහක් පිචිචියක් නොවටී. සහෝදරත්වය හෝ ජාතික සමගිය රැදී තිබෙන්නේ පුරසාරම් වචන වල නොව සැබෑ මිනිස් ක්‍රියාවන් තුලය. උතුරේ සමාජය මුහුන පෑ සංහාරය ( මෙතරම් පැහැදිලි සාක්ෂි මතුවෙමින් තිබියදීත්)  පිලි ගැනීමට සිංහල සමාජය සූදානම් නැතිනම් මේ දූපතේ අනාගතය වාර්ගික ධ්‍රැවීකරනය විසින් තවදුරටත් අවලස්සන කරදැමීමට නියමිතය.


27 comments:

  1. කොහොමත් වෙන්නේ ඒක තමයි රාමචන්ද්‍ර. ඔබ කියපු දේ හරියට හරි. ගොසිප් සයිට් පමණක් නොවෙයි. මහා ළොකු මනුස්සකම් කතාකරන සංවේදි මිනිසුන් බව පෙන්වන්න දඟලන බ්ලොග් කරුවන්ගේ පවා තත්වය ඒකයි. හරි අපි කියමුකෝ. මේ පින්තූර බොරු කියලා. නමුත් මෙතන කතාවක් තියෙනවා. දැන් ඔය ටෙලි වල ෆිල්ම් වලත් ඇත්තටම් මැරෙන්නේ නෑනේ. ඒත් අපි අඬනවා. ඒ කඳුල මේ පින්තූරය දැක්කම නොවැටෙන්නේ. අමනුස්ස කමද, කුහක කමද, මොකක්ද...?

    ReplyDelete
    Replies
    1. //අමනුස්ස කමද, කුහක කමද, මොකක්ද...?//

      ජාතිවාදය.

      මේ මොහොතේ මිනිස් සමාජයක් විදිහට ලංකාවේ ප්‍රගතිය අහුරාගෙන සිටින එක් ප්‍රධාන විලංගුවක් ජාතිවාදය.මාරයාගේ හෝරාව බ්ලොග් එකේදී ඔබ මේ ගෝත්‍රවාදයට විරුද්ධව සෘජුව පෙනී සිටි අයුරු මම දුටුවෙමි. මගේ ආචාරය පිලිගන්න!

      Delete
    2. මාතලන් අහපු ප්‍රශ්නයට ජාතිවාදය කියන තනි වචනේ උත්තරේ දෙන්න බෑ නේද රාමා?
      මේක මිට වඩා සංකීර්ණයි. ලංකාව වගේ රටක ජිවත් වෙන මිනිස්සුන්ට අනාගතය පිළිබඳ පුදුම අස්ථාවර භාවයක් තියනවා රට අවුල් ජාලයක් සිස්ටම් එකක් නැහැ දේශපාලනය විකාරයක් ඉතින් අනාගතය හැම මොහොතේම තියෙන්නේ uncertainty එකක, කැලේ ඉන්න සතෙක් ගැන හිතන්න මුවෙක් ඉන්නේ කොයි වෙලේ කොටිය පනියිද දන්නේ නෑ කියල නේ. අපෙත් රියල්ටි එක තාම real ඕක තමයි එළියේ සමාජය කැලේ වගේම තවම ස්වභාවිකත්වය real තුල තියෙන්නේ සතෙක් ගේ ජීවිතයේ අරමුණ මොකක්ද survival is the struggle to remain living ඉතින් ලාංකිකයාට මෙහෙම ඉතා අස්ථාවරව ඉන්න කොට හිතෙන්නේ දෙමළා නැත්නම් ප්‍රභාකරන් උගේ පුතා නැත්නම් මුස්ලිම් අය නැත්නම් බටහිර සතුරා නිසා තමයි මේ අවුල තමන්ට වෙලා තියෙන්නේ කියල.
      ඇත්තටම වෙලා තියෙන්නේ සමාජය සංවිධානය වෙලා නැහැ අනාගතය අස්ථාවරයි. මිනිස්සුන්ගෙ survival එක පිණිස තියන සත්ත්ව අර්ධය ප්‍රමුඛ වෙනවා ශිෂ්ඨ සස්කෘතික අර්ධයට වඩා ඉතින් මිනිස්සුන්ට මෙහෙම හිතෙනවා.
      මම දන්නවා උඹල මේක ධනවාදය නැත්නම් ජාතිවාදය කියල තනි වචන වලට ලඝු කරන්න කැමතියි.
      එත් මේක ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්.

      Delete
    3. උදිත හා එකඟයි. දැන් උතුරට යන්න දකුණේ අයට ඉඩ දීලා තියෙනවා. ඒත් එහේ යන්නේ මේ තරම් වෛරයක් හිතේ තියෙන මිනිසුන්නම්. උතුරේ ඉන්න එකාත් බලන්නේ මේ එන්නේ අපේ මිනිමරුවෝ නේද කියන මානසිකත්වයෙන්. ඒකයි ඇත්ත. ඉතින් ඒක නැති කරන්න ඕන. රාමා කියන කතාවත් ඇත්ත. ඒකට කියන සරළ පදය තමයි ජාතිවාදය. රිසානාගේ බෙල්ල කැපුවාම දුක් වෙන මිනිස්සු. මේ ෆොටෝ කතන්දරේට (ඇත්ත හෝ නැත්තා දුක් වන්නෙ නෑ. ඒ මොකද අන්තිම දෙමළත් මරලා සපත්තු හදන්න ඕන කියලා තමයි ගෙවල් වල කියලා දෙන්නේ. මුස්ලිම් මිනිහා ගැන තවම එහෙම මානසිකත්වයක් නෑ. නමුත් ඒකත් නැති කරන්න තමයි ජමියතුල්ලා උලමාවරු තලෙයිබාන්කරණය තුලින් බලාපොරොත්තු වෙන්නේ. කොළඹ දෙමළ මිනිස්සු ඉන්නේ සිංහල මිනිහා හොඳ හින්දා නෙමෙයි. ආන්ඩුවෙන් ඒ මිනිස්සු ආරක්ෂා කරන නිසා. හොඳම උදාහරණය 83. මෙන්න මේ මානසිකත්වයයි හදන්න ඕන. ඒක කරන්න තමයි ජාතික ඒකාබද්ධතා ඇමති කෙනෙකුත් දාලා තියෙන්නේ. එයා කරන්නෙ ජතිය එක්කාසු කිරීම පැත්තක තියලා මහින්ද මල්ලිට කඩේ යන එක. එයා ජාතිය එක්කසු කරන්න කරපු එක දෙයක් කවුරු හරි මට කියන්න පුළුවන්ද....? අපි බලමු එකෙක්වත් හදන්න.

      Delete
  2. අයියො මාතලන් රාමචන්ද්‍රට උදව් කරන්න ගිහින් ඔන්න ඔයාට ## ඇරල... මට නං සංතෝසේ දුකේ බෑ‍. පහුගිය දේවල් ඔලුවෙ තියාගෙ ලාංකිකයන්ට ‍ජාතිවාදියෝ කියල කියන්න කට ඇරං බලන් ඉන්න එකෙක්ට පුක දුන්නාට බොට ඔහොම වෙලා මදි.. හිගන්නා.

    ReplyDelete
    Replies
    1. උඹේ ඔය තප්පුලන එකට ජාතිවාදය යැයි කීම අසාදාරණ යෙදුමක් තමා . මේ එලියට එන්නේ උබේ ගොන් කම, අමන තකතීරුකම, මිලේච්චත්වය. රෙද්ද උස්සා නපුන්සකකම බ්ලොග් වල ප්‍රදර්ශනය කිරීම ගැන ලජ්ජවියන්. එහෙම එකක් තියනවනම්.

      Delete
  3. සිංහල සමාජය උත්කර්ෂවත් ලෙස සැමරූ යුද්ධය යනු බිහිසුනු ඝාතන සමුදායක් පමනි යන සත්‍යය ඔවුන්ටම ඒත්තු ගන්වන සිදුවීම් දිනෙන් දින මතුවෙමින් පවතී.

    -----
    ඝාතන වලින් තොර යුද්දයක් පවතී නම් වීඩියෝ ගේම් වල පමණක් විය යුතුය..
    මෙහිදී සිංහල සමාජය ප්‍රීතියට පත් වුනේ දෙමළා මැරූ නිසා නොව ත්‍රස්තවාදයේ නිමාවක් සනිටුහන් කල නිසා ය ... මෙවැනිම ප්‍රීතියක් ( සැගවී උවත් ) ජනතාව ප්‍රේමදාසගේ මරණය අසා විදි අයුරු මෙම කොමෙන්ට් කරුට මත තිබේ... රාමචන්ද්රට අනුව එය ජාති වාදය නොවිය හැකි නිසා මොන වාදයද නොදනිමි (කුල වාදය යැය් කෙනෙකුට තර්ක කල හැක).
    පොඩි එකා මැරුණු එක ගැන අප හැමෝටම දුක ය. මේ ලෝකේ සාපේක්ෂ වටිනාකම් පවතින බව දන්නා කිසිවෙකුත් වැඩුනු ප්‍රභාකරන් ගේ සහ පොඩි එකාගේ වෙනසක් නොදකිති , රජ පැටියත් නයි පැටියාත් නොසලකා නොහල යුතු බව කියමනක් තිබේ.

    ReplyDelete
    Replies
    1. අනේ මිනිහෝ!! රෝහණ විජේවීරගේ දරුවෝ 5 දෙනාත් බලුපැටව් වගේ එදා පාරේ මරලා දැමුවා නම් එකත් ඔහෙට අනුව හොඳද? මේ කොල්ලා උගේ අප්පාගේ පාරේම යයි කියන්න තියෙන සාදක මොනවාද?දුටුගැමුණුගේ පුතා සාලිය අඩු කුලයේ කෙල්ලක් එක්ක තමන්ගේ පාඩුවේ ජීවත්වීම ගැන අහලා ඇති.ජෝසප් ස්ටාලින් ගේ දියණිය,ෆිදෙල් කස්ත්‍රෝ ගේ දියණිය පියවරු මෙන් වුවාද?චේ ගුවේරා ගේ පුතුන් තම පියා මෙන් විප්ලව කිරීම සඳහා කැලෑ වැදුනාද? ජේ ආර් ජයවර්ධනගේ පුතා පියාගේ ගමන් මඟේ ගියාද?කවදා හරි වගකීමක් නැති ගිනි අවි ඔහේගේ පපුවට එල්ල වුන දවසක මේ නින්දෙන් නිමේශයකට අවදි වෙන්න ලැබේවි.

      Delete
  4. වැරදි වලින් වැරදි යටපත් කිරීමට තැත්කිරීම තමයි අපේ ජාතික ප්‍රතිපත්තිය. පහුගිය කාලයේ බැලුවොත් ආණ්ඩුව හැම දේයකටම ප්‍රතිචාර දක්වලා තියෙන්නේ මේ විදිහට. නිදන් හාරන්න ගිය අය අත් අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන්ට දඬුවම් කිරීමේ ඉඳලා තමන්ම පත්කරගත්ත සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම දක්වා හැම තැනදිම වැරැද්ද නිවැරදි කරනවා වෙනුවට වැරැද්ද වහ ගැනීම හෝ වැරැද්ද පෙන්වා දුන් පාර්ශවය වැරදිකරුවන් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් තමයි සිදු වුනේ. මේ ක්‍රියාවලියේ අවසානයක් නෑ... එක බොරුවක් කිව්වොත් බොරු දාහක් කියන්න වෙනවා කියලා කියන්නෙ මේකට තමයි. අන්තිමේ ඉතිරි වෙන්නේ පල් බොරු කාරයෙක්. ඒ වගේ තමයි අපි වැරදි වහගෙන වහගෙන ගිහින් යන්නේ අශිෂ්ටත්වය කරා. වැරැද්දක් නිවැරදි කරන්න උත්සාහ නොකරන තාක් අපි අශිෂ්ට මිනිස්සු. කවදා හරි වැරැද්ද පිළි ගත්ත දවසට තමයි ශිෂ්ටත්වය ආරම්භවෙන්නේ... ඒ දවස ලඟ පාතක නම් නැති බව පැහැදිලියි.

    ReplyDelete
  5. අනේ අනේ රාමචන්ද්‍ර & මාතලන්. උඹල හරිම බෝධිසත්වයෝ තමයි.

    ReplyDelete
    Replies
    1. රාමචන්ද්‍ර & මාතලන් බෝධිසත්වයෝ කෙසේ වෙතත් ඇස්වලට කදුලක් නැගුනු මනු සත්වයෝ බව කියාපෑම ගැන සතුටුයි. කොමෙන්ට් කොටන අමුනුස්සයින්ට වඩා.

      Delete
  6. සිංහලයන්ට පඩයක් ගියත් මේ මෝඩයා රාමා දානවා අන්න ජාතිවාදය කියලා... මූ හිතන් ඉන්නෙ තමා අර ත්‍රස්තවාදීයා ඉන්නවා මුන්ට ලොකුවට රටක් හම්බවෙයි කියලා. අනේ පලයන් බන් යන්න.

    ඔය මානසික රෝගයට ප්‍රතිකාර ගනින්.

    ඔච්චර මෙහේ ඉන්න අමාරුනම් පලයන්කො අර ජයලලිතාගේ නිජබිමට... හැබැයි ටොයිලට් නෑ... උම්බේ ජාතියේම සෙට් එකක් ඉන්නෙ. පාරෙ රෙන්නෙ.

    මෙහේ ඉන්න ද්‍රවිඩයන් එක්ක අපි සහෝදරකමේ ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයාට වැරදිලා වගේ, සි නිවුස් වලට හදපු කොමෙන්ට් එකක් මෙතනදාල. අනිකාගේ අයිතිවාසිකම් පොළවටම පාගල, නිරවුද මිනිස්සු දහස් ගණන් මරල සෝදරකමේ ඉන්න අපුරුවනම් හිතාගන්න පුළුවන්. ඔයා ගෙදර අයත් එක්ක සහෝදර කමේ ඉන්නෙත් ඔය විදියටද?

      Delete
  7. කොහෙත්ම අනුමත නොකරමි අහිංසක ජිවිත නැති කිරිම.
    ඔබ කථා කරන්නෙ ප්‍රභාකරන් වෙනුවෙන් වගේ අදහසක් මට එනවා.මිනිසත්කම මේ රටේ තියෙනවද කියන එකත් ප්‍රශ්ණයක්. හැමොටම වගේ ඕන දේශපාලනය විතරයි.තමන් නියෝජනය කරන කණ්නාඩියෙන් විතරයි රට දෙස බලන්නේ.රටට හොඳක් කරත් කෑ ගහන පිරිසක් ඉන්නවා.මමත්වය , කුහකකම,ඊරිසියාව ,පණ්ඩිතකම, විතරයි අද බෝ වන්නේ.එකෙකු නැති කොට එකෙකු රජ විමට.රටට ආදරයක් නැති සමාජයක්.ජාතිවාදය අවුස්සාන්නේ නැ කිය කියා එකම තමයි වැඩි දෙනෙකු කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හමුදා මානසිකත්වය හැමදේටම යොදන්න ගියාම හැමදේම ඇදේට පෙනෙන්න පටන් ගන්නවා.පහළින්ම ලියලා තියෙන වැල්වටාරම් වල තේරුම මොකක්ද?

      Delete
    2. //ඔබ කථා කරන්නෙ ප්‍රභාකරන් වෙනුවෙන් වගේ අදහසක් මට එනවා//

      මා පෙනී සිටින්නේ සත්‍යය වෙනුවෙනි.දෙමල කොටි කෲරයි සිංහල හමුදාව හරි මානුශිකයි යන ප්‍රබන්ධයට මම විරුද්ධයි.ප්‍රභාකරන්ගේ හෝ රාජපක්ෂගේ එතරම් වෙනසක් මම නොදකිමි.සත්‍යය හෙලිදරවු වෙද්දී සිංහල ජාත්‍යෝන්මාදවාදීන්ගේ ආතල් කුඩු වෙන එක ගැන කනගාටු වෙනු හැර කරන්නට යමක් මට නැත.

      Delete
    3. හමුදා මනිෂිකත්වයක් මට කේසේ වෙතත් ඇනෝ ප්‍රතිචාර දක්වන ඔබේ මානෂිකත්වය ගැන මොන කථාද?

      Delete
    4. රාමචන්චන්ද්‍ර ඔබ සත්‍ය වෙනුවෙන් පෙනි සිටිනවා කියලා මට නම් කිසි විටෙකත් නොසිතේ.මම සිංහලයෙක්.එක කියන්න මම බය නැ
      .කොටි කෲරයි සිංහල හමුදාව හරි මානුශිකයි යන ප්‍රබන්ධයට මම විරුද්ධයි.ප්‍රභාකරන්ගේ හෝ රාජපක්ෂගේ එතරම් වෙනසක් මම නොදකිමි.ඔබගේ මේ ප්‍රකාශය තුලම ඔබ යම් කිසි පැත්තක් නියොජනය කරනවා කියලා මට හැඟෙනවා.ඔබටත් මටත් මේ නිදහස අද තියේවිද?ප්‍රභාකරන් හිටිය නම්.ඔබට පුළුවන් වෙයි.ඔබ ඔවුන්ට ඇඟිල්ලක් දිගු නොකරන නිසා.?අනෙක් කරුණ නම් මම සිංහල.එහෙම උනා කියලා ආතල් එකක් නම් නැ.ඇයි ඔය තරම් ද්වේශයෙන් කථා කරන්නේ.මගේ අත් දෙකින් මම දෙමළ පුංචි දරුවන් පුල්මුඬෙ ඉද්දි වඩාගෙන ආවේ.ප්‍රභාකරන් දුවන දමිළ මිනිස්සු මැරුවා.දරුවෝ ලැබෙන්න හිටපු කාන්තාවන් ළඟ රැ නිදි වර්ජිතව හිටියා.සිංහල උනා කියලා ඒ වේලාවේ අපි ආතල් ගත්තෙ නැ ඒ දෙස බලා.යුද්ධය ඉක්මනින් නිමා වෙන්න කියලා පැතුවේ.

      Delete
    5. ගයානි ඔබ වරද්දාගෙන,අනෝ කොමෙන්ටුව මගේ වැඩක් රාමචන්ද්‍ර ගාව ගන්න එපා.මතක තබාගන්න ප්‍රභාකරන්ගේ ක්‍රමය අපේ ක්‍රමය වියයුතු නැති බව.අනිත් අතට එය මෙසේ වුනානම් එය කිරි කලයට දැමු ගොම බිඳුවක් බඳු වෙන බව.ඔබ විසින් කල බොහෝ මානුෂික මෙහෙවරේ වටිනාකම අඩු වෙනබව මතක තබාගන්න.

      Delete
    6. //ඇයි ඔය තරම් ද්වේශයෙන් කථා කරන්නේ//

      මා තුල කිසිම ද්වේශයක් නැහැ.මම බොහොම ඉවසිලිවන්තව මා දකින දෙය ප්‍රකාශ කරනවා පමනයි.

      //ඔබටත් මටත් මේ නිදහස අද තියේවිද?//

      ඔබ කථා කරන "නිදහස" මොකක්ද කියා මට වැටහෙන්නෙ නැහැ.ප්‍රභාකරන්ගේ දරුවාගේ මියගිය සිරුරේ පින්තූර පලකල වරදට දැනට ගොසිප් 9 අඩවිය වාරනයට ලක්වෙලා තිබෙනවා.රට දවසින් දවස මිලිටරිකරනය වෙනවා.පුරවැසියන් අදහස් දක්වන්න බියෙන් ඉන්නේ.විකල්ප අදහස් හොදින් හෝ නරකින් මැඩ පැවැත්වෙනවා රාජ්‍ය බලය පාවිචිචි කරලා.ඔබ කථා කරන "නිදහස" මොකක්ද කියා මට වැටහෙන්නේ නැහැ.

      //ඔබගේ මේ ප්‍රකාශය තුලම ඔබ යම් කිසි පැත්තක් නියොජනය කරනවා කියලා මට හැඟෙනවා//

      මම උඩිනුත් කීවා.ඔවු මම පැත්තක් නියෝජනය කරනවා.මා නියෝජනය කරන්නේ සත්‍යයේ පැත්ත. එල්ටීටීඊ ය වගේම ආන්ඩුවත් ජාතිවාදී යුද්ධයක් කලා.ඒ යුද්‍ධයේදී දෙපාර්ශවයම සාමාන්‍ය පීඩිත මිනිස්සුන්ට එරෙහි බිහිසුනු සාහසික ක්‍රියාවන්හි යෙදුනා.රජය මේ මොහොතේදීත් උතුරේ දෙමල ජනයාට එරෙහි බලහත්කාරී මිලිටරි පාලනයක් පවත්වාගෙන යමින් සිටිනවා.මේක තමයි ඇත්ත.එකම දේ සිංහල බොහෝ දෙනා හමුදාව හරි මානුශිකයි කියා ෆැන්ටසියක් හදාගෙන සිටිනවා.දෙමල බොහෝ දෙනා එල්ටීටීඊය මාරයි කියා ෆැන්ටසියක් හදාගෙන සිටිනවා.ඔබ හමුදා සාමාජිකාවක් නිසා ඔබගේ හෘද සාක්ෂිය සියල්ලට වඩා මේ සත්‍යය දන්නවා යැයි මා සිතනවා.

      හමුදාව මානුශික ආයතනයකි යන කරුන ගැන-

      88/89 වකවානුවේ සිංහල සමාජයට එරෙහිව රජය සහ එහි හමුදාව මුදා හල භීෂනය අපට අමතක නැහැ.ඉතා මෑතකදී හලාවතදී,කටුනායකදී කම්කරුවන් ධීවරයින් නිරායුදව උද්ඝෝෂනය කල විට සොල්දාදුවන් පාවිච්චි ‍කොට ඒ අයව බල්ලන් බලලුන් වගේ මරා දාපු හැටි අපට අමතක නැහැ.යාපන සරසවියේ සිසුන් සාමකාමීව උද‍්ඝෝෂනය කරනවිට ඒ අයට පන්න පන්න පහර දුන්න හැටි අප දුටුවා.යාපනයේ දේශපාලනය කල වරදට අතුරුදහන් කිරීමට ලක්කල ලලිත් හා කුගන් පැහැරගනිද්දී මොකක්ද තිබුනු මානුශිකත්වය? ඒ අය අද කෝ? පුංචි දෙමල දරුවන් ගැන අඩන දොඩන අය කුගන් මුරුගානන්දන්ගේ පස් හැවිරිදි පුංචි දැරිය ගැන කියන්නේ මොනවාද? අතුරුදහන් විමට ඇගේ පියා කල වරද කුමක්ද? හමුදාව කියන්නේ පාලකයින් ස්වකීය පැවැත්ම හා ආරක්ශාව සදහා පවත්වාගෙන යන මර්ධක යන්ත්‍රනයක්.හමුදාවෙ ඉන්නෙ මේ රටේ ගොවීන්ගේ කම්කරුවන්ගෙ සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ.ඒ බව අපි දන්නවා.සාමාන්‍ය පවුල්වලින් හමුදාවට බදවා ගන්න මේ අයව ඒ සාමාන්‍ය ජනයාටම එරෙහිව පාලකයින්ගේ ආරක්ශාව වෙනුවෙන් පාවිච්චි කෙරෙනවා.ඒක එහෙම නොවේද කියා සිතා බලන්න.

      Delete
    7. ප/ලි ඇනෝ ප්‍රතිචාර යනු පිස්සන්ගේ වැඩක් නොවේ.එයද අදහස් දැක්වීමේ ක්‍රමයකි.බ්ලොග් අවකාශය ද්වන්ද සටන් පිටියක් හෝ බොක්ෂින් වලල්ලක් ලෙස සිතන අයට එසේ සිතෙන්නට පුළුවන.මට නම් කොමෙන්ටු දැමීම අදහස් දැක්වීමේ ක්‍රමයක් පමණයි.ලංකාවේ පුවත් පත් ඉතිහාසයේ මුල සිටම නිර්නාමික හෙවත් අන්වර්ථ නම් වලින් ලිවීම සිදුවූ බව කියමි. දයාසේන ගුණසිංහ වැනි පුවත්පත් කලාවේදීන් පිස්සන් ලෙස ගත හැකිද?මට අනුව සීගිරි කැටපත් පවුරේ ඇති බොහෝ කුරුටු ගී පවා නිර්නාමිකයන්ගේ නිමාන විය යුතුය.අනිත් අතට යුද්දයේ ඍජු අත්දැකීම් ඇත්තේ ඔබට පමණක් නොවන බව වටහා ගන්න.

      Delete
  8. යුද්ධයකට මානුෂීය කියවීමක් වගේම දේශපාලනික කියවීමකුත් තියනවා .මානුශීයව බැලුවොත් ඕනිම යුද්ධයක් වැරදියි . හොඳම ක්‍රමය යුද්ධයකින් තොරව ප්‍රශ්න විසඳා ගැනීම , හැබැයි කරුණු සකස් වෙලා තිබුනු විදිහට මහින්ද රාජපක්ෂට යුද්ධයකට යාම හැර විකල්පයක් තිබුනාය කියල මම දකින්නේ නෑ . ඔහු ගත්තේ අවස්ථානුකුලව ඔහුට තිබුනු හොඳම විසඳුම

    බාලචන්ද්‍රන් ගැන අනික් තැන් වල කීව අදහසම තමයි නැවතත් කියන්න තියෙන්නේ . අතඩංගුවට අරගෙන ඝාතනය කලා නම් එය බරපතල යුධ අපරාධයක් , සිදු නොවිය යුතුව තිබු දෙයක් !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බුවා,එහෙම වුනානම් මේ වෙද්දී රටට එල්ල වෙන බොහොමයක් චෝදනා වල සැර බාලවෙන්න තිබුනා.අනිත් අතට ප්‍රභාකරන්ගේ මල සිරුරේ චායාරූප සහ වීඩියෝ දර්ශන මනා පාලනයකින් යුතුව ලොවට ඉදිරිපත් කලානම් තත්වය මීටත් වඩා යහපත් වෙන්නට තිබුණි.බින්ලාඩන් ඝාතනයේ කිසිදු සේයා රුවක් ලොවට ඉදිරිපත් නොකිරීම නිසා මුස්ලිම් සමාජයෙන් දැඩි විරොදයක් එල්ල නොවීම සැලකිල්ලට ගැනීම වටී.

      Delete
    2. බින්ලාඩන් යුද්ධ කලේ කුමක් සඳහාද? ඔහු විමුක්තිකාමියෙක් ද?.

      Delete
    3. ලෝක සම්මතය අනුව බින් ලාඩන් ත්‍රස්තවාදියෙකි.මාද සිතන්නේ එසේය.නමුත් ඔහු විමුක්තිකාමිකයෙක් යයි සිතන්නෝද ඉස්ලාම් සමාජය තුල අපමනව සිටිති.ඔහු සටන්කලේ ඔහු විශ්වාස කරන දැඩි මතදාරී ඉස්ලාම් අන්තවාදය ලොවපුරා හැකිතාක් පැතිරවීම සඳහාය.

      Delete
  9. ත්‍රස්තවාදයක් අවසන් කල රටට රාමචන්ද්‍රයා නැවත ජාතිවාදයක් ගෙනෙයි. හෙන ගහපන් ත්‍රස්තවාදියා තොට...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක බලපුවම හිතාගන්න පුළුවන් ත්‍රස්තවාදියා කවුද කියල. එක නෙවෙයි ඔයත් අර "බොක බර සේනාවේ" අම්බානක සිංහලක්ද?

      Delete