![]() |
| වංක සහයෝගයේ පිරිත් නූල |
අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී
බුද්ධරක්ඛිත හිමි මහනුවර නගරයේ රාත්‍රී මෝටර් රථ ධාවන තරග පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය
සතියේ සිය විරෝධය පල කරන ලදී.කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනයේ මාධ්‍ය අනුග්‍රහය
යටතේ සංවිධානය වු රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලිය ( Kandy night races) මාර්තු
17,18
17 සහ 18 දෙදින තුල මහනුවර නගරයේ පැවැත්විනි.රාත්‍රී 7.30 සිට ඊලග දිනයේ පාන්දර වන තුරු මෙම ක්‍රීඩා සැනකෙලිය පැවැත්වුනු අතර එහි ධාවන පථය වැටී තිබුනේ ශ්‍රී දලදා මාලිගාව අබියසිනි.පොලිස්පතිතුමා හමු වූ බුද්ධරක්ඛිත හිමි මේ සම්බන්ධව සිය අප්‍රසාදය පලකොට තිබූ අතර මහනුවර නගරය පූජනීය නගරයක් බවත් ඒ කරුන නොතකා ඇතැම් දේශපාලකයන් පිරිසක් විසින් ක්ෂනිකව මුදල් උපයනු වස් මෙම තරග සංවිධානය කොට තිබෙන බවත් එහිදී උන්වහන්සේ චෝදනා කල බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුනි.මේ පිලිබද උන්වහන්සේ ජනාධිපතිවරයාට පැමිනිලි කල කල්හි තමා එවැනි තරගාවලියක් පවත්වන්නේද යන්න ගැන නොදන්නා බවට හෙතෙම මහනායක හිමිට ප්‍රකාශ කල බව මාර්තු 16 දින ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කලේය.
17 සහ 18 දෙදින තුල මහනුවර නගරයේ පැවැත්විනි.රාත්‍රී 7.30 සිට ඊලග දිනයේ පාන්දර වන තුරු මෙම ක්‍රීඩා සැනකෙලිය පැවැත්වුනු අතර එහි ධාවන පථය වැටී තිබුනේ ශ්‍රී දලදා මාලිගාව අබියසිනි.පොලිස්පතිතුමා හමු වූ බුද්ධරක්ඛිත හිමි මේ සම්බන්ධව සිය අප්‍රසාදය පලකොට තිබූ අතර මහනුවර නගරය පූජනීය නගරයක් බවත් ඒ කරුන නොතකා ඇතැම් දේශපාලකයන් පිරිසක් විසින් ක්ෂනිකව මුදල් උපයනු වස් මෙම තරග සංවිධානය කොට තිබෙන බවත් එහිදී උන්වහන්සේ චෝදනා කල බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුනි.මේ පිලිබද උන්වහන්සේ ජනාධිපතිවරයාට පැමිනිලි කල කල්හි තමා එවැනි තරගාවලියක් පවත්වන්නේද යන්න ගැන නොදන්නා බවට හෙතෙම මහනායක හිමිට ප්‍රකාශ කල බව මාර්තු 16 දින ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කලේය.
මහනුවර නගරයේ රාත්‍රී නිසංසලභාවය දෙබෑ
කරමින් දලදා මාලිගාව ඉදිරියෙන් හඩ නගමින් මෝටර් රථ විදුලි වේගයෙන් ගමන් කිරීම සහ
රැසව සිටින දහස් ගනන් ජනයා ඒ අභියස ඔල්වරසන් හඩ නැගීම මාලිගාවේ පූජනීයත්වයට හානිකර
වූවක් ලෙස අස්ගිරි මහනායක හිමි සැලකුවා විය හැක.වැඩවසම් යුගයේ රාජ්‍යත්වයේ සංකේතය
වූ දලදාව ආරක්ෂා කිරීමේ වගකීම පැවතියේ අස්ගිරි - මල්වතු විහාර ද්වයට වන අතර එකල
කලබලකාරී තත්වයක් උද්ගත වූ කල්හි අස්ගිරි විහාරවාසී භික්ෂූන් දලදාව තමා භාරයේ
තබාගත් බව කියැවේ.අදත් මාලිගාවේ තේවාවන් සහ වෙනත් වතාවත් සිදුකෙරෙනුයේ අස්ගිරි -
මල්වතු විහාරවල අධීක්ෂනය යටතේය.මේ අනුව දලදාවේ ආරක්ෂාව පූර්ව ධනවාදී ආසියාතික
යුගයේ සිට මහනායකවරුන් මත පැවරී තිබෙන වගකීමකි.ඝෝෂාකාරී නයිට් රේස් වල කලබගෑනියෙන්
දලදාවේ පූජනීයත්වය රැකගැනීමේ උවමනාව මහනායක හිමි තුල පහල වනුයේ එම පාරම්පරික රාජකාරිය
උන්වහන්සේගේ සිත්හි පවත්නා බැවින් විය හැකිය.
මහනායක හිමිගේ විරෝධය කවරක් වුවද නයිට්
රේස් තරග යනු පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ධනේශ්වරකරනයේ ස්වභාවය
හකුලුවා දක්වන උත්සවකාරී ප්රකාශනයකි.පසුගිය දෙසැම්බර් මස අග කොලඹ නගරයේ මෙවැනිම
රාත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියක් පැවැත්වුනු අතර ඒ සදහා කොලඹ වීදි කඩා නැවත සකස්
කිරීමට පවා රජය කටයුතු යෙදීය.තරග සදහා අවශ්‍ය වැලි ගෝනි ඇදීම සදහා ආරක්ෂක අමාත්‍යංශය
හමුදා භටයින් අනුයුක්ත කලේය.ශක්තිමත් නිෂ්පාදන පදනමක් රහිත පරිභෝජනය උත්කර්ෂයට
නැංවුනු සමාජයක් තුලට ප්රාග්ධනය ගෙන්වා ගැනීම සදහා මෙවැනි සැනකෙලි අවශ්‍ය කෙරේ.සංචාරකයන්
ඉලක්ක කොටගෙන දියත් කෙරෙන සී ප්ලේන් ව්‍යාපෘති හා සමගාමී ශ්‍රේනියක ලා මෙවැනි ක්‍රීඩා
සැනකෙලි සැලකිය යුතුය.කොලඹ නයිට් රේස් තරග සදහා විදේශීය ධාවකයින්ද සහභාගී
විය.ධනවාදයේ මෙම මොහොත තුල ලංකාව වැනි සමාජයක් තුල මේවා වූ කලී ධනය උපදවන වැදගත්
ආර්ථික ක්‍රියාවෝ වෙති.ආරක්ෂක අමාත්‍යංශය කොලඹ වීදි පවා කඩමින් නැවත හදමින් මේ
සදහා මැදිහත් වන්නේ එම වැදගත්කම නිසාය.
අනිත් අතට දේශපාලන අධිකාරීන්ගේ පැත්තෙන්
බැලූ විට මෙවැනි සැනකෙලි ආර්ථික වාසි ගෙන එන කෙටි හා පහසු මූලාශ්‍රයන්ය.කාල්ටන්
ස්පෝට්ස් නෙට්වර්ක් යනු රූපවාහිනී කර්මාන්තය තුල පාතාල පන්නයේ තරගකරුවෙකි.සියලුම
ක්‍රීඩා තරගවල ආවරන අයිතිය දැන් එම ආයතනයට නතුවෙමින් තිබෙන්නේ දිවයිනේ ක්‍රීඩා
සම්බන්ධ පරම විකාශන අයිතිය අදාල ආයතනය සතු වූවාක් සේය.මෙම ආයතනය ජනාධිපතිවරයාගේ
පවුලේ ව්‍යවසායක් බව මෙහිදී අමුතුවෙන් සදහන් කල යුතු නැත.
දැන් උඩුගම බුද්ධරක්ඛිත හිමිට ධනවාදය
මුන ගැසී තිබේ.වැඩවසම් යුගයේ රජුට අනුශාසනා කිරීම සදහා පිහිටවූ ආයතනයක වර්තමාන
අධිපති වන මෙම හිමි නම නයිට් රේස් පිලිබද වර්තමාන "රජුට' පැමිනිලි කල විට
උන්වහන්සේට ලැබෙන්නේ නියම පිලිතුරකි.ජනාධිපතිතුමා ඒ ගැන කිසිවක් දන්නේ නැත.සිය
පුත්‍රයාගේ රූපවාහිනි නාලිකාව මාධ්‍ය අනුග්‍රහය සපයන මෙම තරගාවලිය ගැන තමුන්
කිසිවක් නොදන්නා බව ජනාධිපතිවරයා කියද්දී එය මුසාවක් බව උඩුගම බුද්ධරක්ඛිත හිමි
නොදන්නවා නොවේ.නමුත් කල හැක්කේ කුමක්ද?අස්ගිරි මහනායක යනු මේ යුගය තුල තවදුරටත්
සීරියස් චරිතයක් නොවන බව උන්වහන්සේම දනී.දේශපාලකයින් තමුන්ව බැහැදකින්නට එන්නේ
බොරුවට බව උන්වහන්සේලා දනිති.තමුන් එහිදී දේශපාලකයන්ට කරන "අනුශාසනා" ද
අමුතු යමක් නොව "කවුරු කවුරුත් සමගි විය යුතුයි " වැනි දෙකේ පංතියේ
ලමයෙකුට වුවද දිය හැකි පොදු සරල "උපදෙස්" බව උන්වහන්සේලා නොදන්නවා නොවේ.ඒ
කියන දේ පාලකයන් සීරියස් ගනන් නොගන්නා බව උන්වහන්සේලා ඊටත් වඩා දනිති.තමුන් කරන්නේ
බොරුවක් බව දැන දැනම උන්වහන්සේලා පාලකයන් සමග මෙම ව්‍යාජ කෙලියෙහි නියුතු
වෙති.පාලකයන් වෙත ප්රශස්ති කියති.පිරිත් නූල් බදිති.වැඩවසම් යුගයේ තමුන් ලද රාජ්‍ය
අනුග්‍රහය දිගටම ලබාගැනීම සදහා වංක සහයෝගයෙන් කටයුතු කරති.
ප්‍රසිද්ධ අවකාශයේදී සිංහල ජනමනස
ආස්වාදයෙන් කිතිකැවීම සදහා මහනායකවරු අභියස වැදවැටෙන පාලකයින් සැබෑ ලෝකයේදී
සැබැවින්ම ආදරය කරන්නේ පැරනි ගතානුගතික
ආසියාතික චාරිත්රයන්ට නොව ධනවාදයටය.දලදාවේ පූජනීයත්වය පිලිබද රොමෑන්ටික සෞන්දර්ය
රූපයට වඩා මහපොලොවේ පවතින ප්රාග්ධනය සැබෑවකි.එය ස්පර්ශ කල හැක.දිව ගෑ හැක.භෞතිකව
ආශ්වාදනය කල හැක.යෝෂිත රාජපක්ෂ මෙන්ම ඔහුව ශාන්ත තෝමස් විද්‍යාලයට යැවූ රාජපක්ෂ
පියානන්ද මෙම භෞතික සත්‍යය ඉතා හොදින් දනී.මේ අනුව භූමිතෙල්ද?මවුබිමද?යනුවෙන් අපගෙන්
අහන පාලකයන්ගෙන් අප පෙරලා ඇසිය යුත්තේ
දලදාවද?නයිට් රේස්ද? යන වඩා යථාර්තවාදී ප්රශ්නයයි.



