Sunday, December 9, 2012

සමාජ ඇපාතයිඩය

ප්‍රාසාද සහ මුඩුක්කු - බ්‍රසීල නගරයක දර්ශනයක් 
කුනු අප්‍රිකානු සුදු පාලකයන් විසින් වර්නභේදවාදී පදනම මත සමාජය පාලනය කල යුගය ඇපාතයිඩ් යුගය ලෙස හැදින්වින.අෆ්‍රිකන්ස් භාෂාව තුල ඇපාතයිඩ් යන්නෙහි අර්ථය වෙන්කිරීම යන්නයි.වර්නභේදවාදී යුගයේ දකුනු අප්‍රිකානු සමාජය ගැඹුරු බෙදීමකට ලක්කොට තිබුනු අතර සියලු ‍"හොද" දේ සුදු ජාතිකයන්ගේ වරප්‍රසාදයක් විය.ස්වභාවික සම්පතින් අනූන එරට ආර්ථිකමය අතින් සමෘද්ධිමත් ආර්ථිකයකට හිමිකම් කීවේය.එම සමෘද්ධියේ සැබෑ ප්‍රතිලාභ භුක්ති වින්දේ සුදු ජාතිකයින්ය.සුදු ජාතිකයින්ගේ දරුවෝ හොදම පාසල්වලට ගියහ.ඔවුහු නගරවල සුන්දර පෙදෙස්වල දිවිගෙවූහ.හොදම සමාජශාලා/රංගශාලා ඔවුන් වෙනුවෙන් පැවතුනි.

අනෙත් අතට ජනගහනයේ බහුතරය වන කලු ජාතිකයෝ දරිද්‍ර අපිරිසිදු විශාල වශයෙන් දුගද හමන ජනාවාස වල ජීවත් වූහ.ඔවුන්ගේ දරුවන් ගියේ පහසුකමින් අඩු දුගී පාසල්/සරසවි වලටය.අපරාධ හා විවිධ අපචාර ඔවුන් අතර බහුලව විය.නගරවල ඇතැම් කලාප "සුද්දන්ට පමනයි " ලෙස නම් කොට කලු ජාතිකයන් ඊට ඇතුලු වීම වලක්වාලීම දක්වා ඇපාතයිඩ් යුගයේ ප්‍රතිපත්තිය දීර්ඝ වූයේය.

ඇපාතයිඩය වාර්ගික භේදයේ ඉතාම අමානුශික ආකාරයක් ලෙස වර්තමානයේ හෙලා දකිනු ලැබෙන අතර ලිබරල්වාදීන් ද එම විරෝධය බෙදා හදා ගනිති.එහෙත් ධනවාදය ලෝක ක්‍රමයක් ලෙස ව්‍යවහාරයට පැමිනි තැන් සිට වෙනත් ආකාරයක ඇපාතයිඩයක් ලෝකය තුල හා ඒ ඒ  සමාජ තුල නිර්මානය වී ඇත. මෙය සමාජ ඇපාතයිඩය ( Social apartheid) නම් වේ.වාර්ගික ඇපාතයිඩය තුල බහුතර කල්ලන් හා සුලුතර සුද්දන් අතර බෙදීම නිර්මානය කොට තිබුනේ වාර්ගිකත්වය මතය.එහෙත් ධනවාදයේ සීඝ්‍ර ව්‍යාප්තිය විසින් ඇති අය හා නැති අය අතර ගැඹුරු බෙදීමක් නිර්මානය කොට ඇති අතර සමාජ ආර්ථික ධූරාවලියේ යමෙක් ස්ථානගත වන ආකාරය මත මෙම බෙදීම පදනම් වී තිබේ.

බ්‍රසීලය වැනි රටවල නගරයන්හි මෙම භේදය ඉතාම කාලකන්නි ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ.නගරයේ  දුගීන් ජීවත් වන ප්‍රදේශ හා ධනවතුන් ජීවත් වන ප්‍රදේශ අතර කම්බි වැටවල් ගසා වෙන් කරන තත්වය දක්වා සාඕ පාවුලෝ බදු නගරවල ධනවත්-දුගී බෙදීම පවතී.කම්බි වැටවල් බදු භෞතික දෘශ්‍යමාන බෙදුම් රේඛා නොපැවතියත් යථාර්ථය තුල ධනවාදී සමාජවල පවතින්නේ සමාජමය ඇපාතයිඩමය තත්වයකි.

එවැනි සමාජ ඉතාම සමෘද්ධිමත්ය.ආර්ථික වර්ධන වේගය දැවැන්තය.හොද පාසල් හොද රෝහල් විනෝද විම සදහා හොද තැන් යනාදිය අපමනය.එහෙත් මේවා සදහා ප්‍රවේශය පුද්ගලයාගේ ක්‍රය ශක්තිය හා ඔහුගේ සමාජ පංතිය අනුව තීන්දු වනු ඇත. ආර්ථිකමය වශයෙන් සවිමත් වරප්‍රසාද ලත් පංතීන්වල ජනයා (මොවුන් ජනගහනයෙන් අති සුලුතරයකි ) ඉහත සියලු පහසුකම් භුක්ති විදීමෙහිලා පොහොසත්ය.අවවරප්‍රසාදිත‍යන් සදහා මෙකී පහසුකම් වෙත ප්‍රවේශය අහිමිය. ධනවාදයේ සුබසාධන යුගය අවසන් වී නව ලිබරල් යුගය මතුපිටට පැමිනීමත් සමග අවවරප්‍රසාදිතයන් හා වරප්‍රසාදිතයන් අතර මෙම පැල්ම තව තවත් උග්‍ර වෙමින් පවතී.

අගනගරය ආශ්‍රිතව පසුගිය කාලය තුල හටගත් වෙනස්කම් විසින් පෙන්නුම කරන්නේ කවරක්ද?කොලඹ නගරයේ දැන් දැන් නව ඉදිකිරීම් ලෙස තට්ටු පනහ හැට සහිත සුපිරි වෙලද සංකීර්න/හෝටල් ආදිය පහල වෙමින් තිබේ.ඊට සමාන්තරව පැල්පත්වාසීන් අනවසර පදිංචිකරුවන් ලෙස ලේබල් කොට නගරයෙන් බැහැරට එලවා දැමෙමින් පවතී.නගරයේ සමෘද්ධිමත් සුන්දර කලාපය දුගීන් හා පැල්පත්වාසීන් ගෙන් තොර වරප්‍රසාද ලත් පංතිවලට අයත් ජනයා සැරිසරන ඔවුන්ට වෙන් වූ කලාපයක් බවට මේ අනුව පත්කෙරෙන අතර දුගීන් ජීවත් විය යුත්තේ එම සමෘද්ධිමත් කලාපයන්ගෙන් බැහැරවය.ධනවතුන්ගේ දරුවන්ට ජාත්‍යන්තර පාසල් හා ලන්ඩන් විභාග පවතී.සාමාන්‍ය පංතික දරුවා පහසුකම් අඩු රජයේ පාසල් වල උගෙන ප්‍රමිතියෙන් බාල විභාගවලට මුහුන දිය යුතුය.වරප්‍රසාදිතයන්ට ඇපලෝ බදු සුඛෝපභෝගී රෝහල් හා ඒවායින් සැපයෙන ඉස්තරම් සෞඛ්‍ය සේවා පවතී.අවවරප්‍රසාදිතයින් රෝහල් ඇදන් හිග පහසුකම් ඌන සේවකයින්ගේ රැවුම් ගෙරවුම් සහිත රජයේ රෝහල් වල සරන යා යුතුය.බ්‍රසීලයේ මෙන් භෞතික වැටවල් නොපැවතිය ද සමාජ ස්ථර අතර බෙදීම බරපතල ලෙස උග්‍රවෙමින් තිබෙන අතර ඔවුන්ගේ ලෝකවල් වෙන් කරමින් දැවැන්ත ප්‍රාකාරයක් පැන නැගී ඇත.

වාර්ගික ඇපාතයිඩය පිලිකුල් කරන ලිබරල්වාදීන් ධනවාදය විසින් නිර්මිත මෙම සමාජමය ඇපාතයිඩය පිලිබද නිහඩය.ඒ පිලිබද කතිකාවත මග හැර යා නොහෙන ලෙස මතුපිටට ගැනීම අද දවසේ සමාජ ව්‍යාපාරයන්ගේ කර්තව්‍යය වන්නේය.


28 comments:

  1. මෙම ලිපිය සම්පුර්ණයෙන් පාඨකයා නොමග යවන ලෙස ලියා ඇති ලිපියකි. දකුණු අප්‍රිකාව තුල තිබුනේ වාර්ගික ඇපාතයිඩයක් (කල්ලන් සහ සුද්දන් අතර ) බවත් බ්‍රසීලය තුල ඇත්තේ සමාජ ඇපාතයිඩයක්( ධනවත්-දුගී ) බව නිවැරිදි නොවේ. බ්‍රසීලය තුල මෙම ඉන්නා පැල්පත්වාසී දුගීන් බහුතර කල්ලන් සහ අර්ධ කල්ලන්ය ( Afro-Brazilians) බ්‍රසීලය තුල ඇත්තේ ජාතිකවාදී රාජ්‍යයක්. මෙය ලේඛකයා විසින් අපූරු අකාරයකට සඟවා ධනවාදයේ නවතම තත්වයක් ලෙස හුවා දක්වයි. මෙය වාර්ගික භේදයේම දිගුවක් මිස ධනවාදයේ ප්‍රතිපලයක් යයි කීම විහිලු සහගතය.

    ReplyDelete
    Replies
    1. බ්‍රසීලයේ ඇත්තේ මතුපිටින් සමාජවාදය තවරාගත් ධනවාදී රජයකි.ඔවුන් රතු පැහැය යොදාගන්නේ බොරු සොබනයටය.හරියට කුරහන් සාටකය මඟින් අපේ මිනිසුන් ගොනාට අන්දන්නාක් මෙනි.

      Delete
    2. @උදිත
      "මෙම ලිපිය සම්පුර්ණයෙන් පාඨකයා නොමග යවන ලෙස ලියා ඇති ලිපියකි"- මේ පොස්ට් එක කියවනකොට, එකත් එක්ක ඇති චායා රූපය බලන කොට ඔහේ හදන හිටපු ධනවාදී ෆැන්ටසිය ඔලුව උඩ කඩන වැටිලා සිහි විකල් වුණාම යමක් කියවල තේරුම් ගන්න බැරි වෙනවා තමා. එතකොට කරන්න තියෙන්නේ වැඩිවෙලා ඉන්න තැනින් නැගිටිලා වාඩි වෙන එක, ඔහේගේ මොලේට හොදයිනේ එකයි. දැන් ඔයාට අපි පුංචි දත්ත කීපයක් දෙන්නම් ඒවා බලලා පස්සේ කොමෙන්ට් කොටන්න, තේරෙන්නේ නැත්නම් අපිට කියන්න පහදලා දෙන්නම්,

      දත්තය 1- Brazil ranks 49.3 in the Gini coefficient index, with the richest 10% of Brazilians receiving 42.7% of the nation's income, while the poorest 10% receive less than 1.2% ( Reference- Social issues in Brazil,wikipedia.org)

      දත්තය 2-Brancos (white) (48.43% of the population); Pardos (brown) (43.80%); Pretos (black) (6.84%); Amarelos (yellow) (0.58%); Indigenous (0.28%); Undeclared (0.07%) (Reference- Race and ethnicity in Brazil, wikipedia.org)

      දැන් අපිට අපේ කොමෙන්ටුව අවසන් කරන්න පුළුවන් " December 9, 2012 7:17 AM කොනේටුව ලියු උදිත නමැති තකතිරුවා තමන්ගේ දැනුමේ දරිද්රnතාවය වසාගැනීමට දස අතේ අනුනට අවලාද නගයි".

      Delete
    3. //මෙය වාර්ගික භේදයේම දිගුවක් මිස ධනවාදයේ ප්‍රතිපලයක් යයි කීම විහිලු සහගතය// ඇමරිකන් ධනවාදයේ අතපල්ලෙන් වැක්කෙරෙන ඉදුල් බුදිමින් ධනවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කොමෙන්ට් කොටන (මවුබිම කෙරෙහි උපන් අසීමිත ආදරයෙන් ඇමරිකාවේ සිට කොටන කොමෙන්ට් !!) එළකිරි ධනවාදියා ඇමරිකන් වර්ගවාදයේ අතවරයට ලක්ව ඇති හැඩයි. සුදා ඇමරිකන් සුද්දෝ ඔයාව නොසලකා හරින්නේ, කොන් කරන්නේ, ඩොලර් එකක් බිම දාල නැවිලා ගන්න කියන්නේ ඔහේ කළු හඩ්ඩේක් කියන එකට වඩා ඔයාට ප්‍රග්දනයට මෙලෝ සම්බන්දයක් නැති මාස් පඩි කාරයෙක් හින්ද.එහෙම චාටර් වන ඔයා බ්‍රසීල නිර්ධනයන්ගේ පීඩාවන් වාර්ගික භේදයකට ලගු කරන්න යනකොට ඔහේගේ කොමෙන්ට් කියවන අපිට හිතෙන්නේ ඔහේ මොනතරම් නරුම තක්කඩියෙක්ද යන්න කියන එක තමයි.ඔහේගේ පහන් සංවේගයට මෙන්න පුංචි ලංකාවෙන් සිද්දියක්. ඔයාට පුළුවන් මේකත් රාජපක්ෂ රෙජීමයේ වැඩකට ලගු කරන්න, එක ඔහේගේ නිදහස,

      W3Lanka වෙතින් උපුටා ගැනුනා,
      “සුදු රටකජු - රතු රටකජු හෙවත් දිළිඳුකම නැතිකරන පද පෙරළි
      ධනවාදී ගෝඨාභය රාජපක්ෂගේ නගර අලංකරණය තුළ මිනිස් කසල ලෙස බැහැරවීමේ උරුමය ලැබී තිබෙන ලංකාවේ දිළින්දන්ගේ ඉරණම මෙම ඡායාරූපයෙන් කියැවේ.
      මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ගාලු බස්නැවතුමේ රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගිය දිළිඳු කාන්තාවක් එම රටකජු ලෑල්ල ඉවත්කර සිය ජීවනෝපාය අහිමිකිරීම පිළිබඳ ගාලු මහනගර සභාවට විරෝධය පළ කළ අන්දමයි.
      ලංකාවේ බහුතරයක් වන දිළින්දන්ට ජීවනෝපාය අහිමිකරන සංවර්ධනයකින් ඇති ඵලය කුමක්ද? එසේම තමන්ට දැනෙන තැනින් පමණක් මෙසේ සටන්කිරීමෙන් ඇති ඵලය කුමක්ද?
      රටකජුකාරයා, සිඟන්නා පවා අපේ සම්ප්රාදායික දරිද්රි ජනජීවිතයේ කොටස්ය. දිළිඳුකම නැති නොකර, බටහිර රටවල් අනුකරණය කරමින් බොරු සෝබනය පිණිස කරන මේ සංවර්ධනයෙන් ඇති ඵලය කිම?”
      චායරුපයට හා මුල් පොස්ටුවට ලින්කුව http://www.w3lanka.com/2012/12/blog-post_5.html

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඉහත පිළිතුරේ මට කරන සුපුරුදු වාමාංශික පුද්ගලික අපහාස කිරීම තග දැමීම අයින් කල විට ගත හැකි කිසි දෙයක් තිබේද? දී ඇති දත්ත දෙක කිසිම තේරුමක් නැත නිකම් මාක්ස් ලෙනින් කියූ දේවල් කියනවා මෙන් තැනකින් අරන් කට් පේස්ට් කර ඇත.. 2010 ජන සංගණන දත්ත අනුව බ්‍රසීල මුළු ජනගහණයෙන් 6% පමණ මෙම ලිපියට අදාළ ගෙටෝ ප්‍රදේශ වල ජීවත් වෙයි එම පිරිසෙන් 70% ක් පමණ සුළු ජාතික,කළු හෝ හළු මිශ්‍ර, සුදු නොවන (non-white)බ්‍රසීලියානුවන්ය. පහත ලින්ක් දෙකෙන් සම්පුඋරන දත්ත බලන්න.
      http://www.ibge.gov.br/english/presidencia/noticias/noticia_visualiza.php?id_noticia=2057&id_pagina=1

      http://en.wikipedia.org/wiki/Favela

      මොකද ඔයි තරම් හිත රිද්දගෙන කෑ ගහන්නේ දුප්පත් මිනිස්සුන්ගෙ කඳුළු බින්දුවේ අයිතිය, ලෙනින් මාක්ස් සමාජවාදය හරියට ඔයාලගේ පුද්ගලික දේපලක් වගේනේ ගොරවන්නේ.

      දැන් බ්‍රසිලේ ජනාධිපතිනිත් මාක්ස් ලෙනින් අදහගෙන මිනී මරණ කල්ලියක හිටපු තද වාමාංශික සාමාජිකාවක් නේද ඒ දවස්වල.

      Delete
    6. @උදිත,
      සිතු ලෙසම පින්වත් වෘෂඹ රාජයාට ( කේන්ති ගන්න හොද නෑ නොවැ!) ඇගිල්ලෙන් ඇන පුංචි මොලේට වැටහෙන ලෙස සියල්ල කියාදීමට සිදුව ඇත. IQ වියාප්තියේ මොලේනැති කොටසේ ඉන්නා අපේ එළකිරි ධනවාදියා තම ප්‍රථම විලපයේදී (සොරි, කොමෙන්ටුවේදී ) මෙලෙස කියනවා // බ්‍රසීලය තුල ඇත්තේ සමාජ ඇපාතයිඩයක්( ධනවත්-දුගී ) බව නිවැරිදි නොවේ//.ඇපාතයිඩ් යන්නෙහි අර්ථය වෙන්කිරීම යන්නනම් එසේ වෙන්කිරීමකට හේතුවූ සාදක තිබෙනබවට දත්ත අපි අපේ පිළිතුරින් ඉදිරිපත් කරලා තියෙනවා; ඒ කියන්නේ ජාතික අදායමෙන් 42.7% ක ප්‍රමානයක් 10% වුනු ධනපතීන් අතරේ බෙදියනකොට දුප්පත්ම 10% ලැබෙන්නේජාතික අදායමෙන් 1.2% ටත් අඩු ප්‍රමාණයක් බව (49.3 in the Gini coefficient index). මෙමෙ අදායම් බෙදීමේ විෂමතාවය සමාජ ඇපාතයිඩ තත්වයක් නිර්මාණය කරන බව අපි අනෙක් අතට තර්ක කරනවා. දෙවනුව, අපේ පින්වත් වෘෂඹයා ඔහුගේ මුල්ම කොමෙන්ටුවේදී මෙහෙම කියනවා //මෙය වාර්ගික භේදයේම දිගුවක්// දෙවන දත්තයෙන් අපි ඉලක්ක කරන්නේ මෙමෙ අදහස.එනම් වාර්ගික සංයුතිය අනුව අප්‍රිකානු පන්නයේ වාර්ගික බෙදීමක් බ්‍රසීලය තුල පවතිනේයැයි කීම අතාර්කික බව. මෙය අන්තිම සරල කොට අපේ පින්වත් වෘෂඹයාට කියාදීමට වුවමනා නිසා තව දත්ත කීපයක් වුදව් කර ගත හැකියි, බ්‍රසීලය තුල දිළින්දන්ගේ ප්‍රතිශතය 30%කි, (Instituto de Pesquisa Econômica Aplicada), නමුත් කළු ජාතිකයන්ගේ ප්‍රතිශතය 7.61% (Brazilian Institute of Geography and Statistics). එසේනම් කළු ජාතිකයකු වීමට වඩා දිලිදු කමට තවත් සාදක බලපා තිබිය යුතුය, පින්වත් වෘෂඹය, ඒ බ්‍රසීලය තුල ඇත්තේ සමාජ ඇපාතයිඩ තත්වයන්ම වෙයි.


      මීටත් අමතරව අපේ පුර්ණ ධනවාදියා Favelas සහ Ghettos යන්න සංවේග ජනක ලෙස වරද්දන් ඉන්නවා. මොහු ඉන්න ඇමරිකාවේ Ghettos තිබෙනබවත් එහි ඇපාතයිඩය වාර්ගික භේදය හා බ්‍රසීලය තුල පවතින Favelas වල තත්වය එකිනෙකට වෙනස්බව දුකහිතෙන ලෙස වරද්දගන්නවා (Black into White: Race and Nationality in Brazilian Thought. New York: Oxford University Press). දැන් අපි හිතනවා අපේ පින්වත් වෘෂඹයාට දී ඇති දත්ත තේරුම් ගත හැකිබව. එත් බැරිනම් සොරි තමා!!

      Delete
    7. A smirk ,smirk and smirk

      අදායම් බෙදීමේ විෂමතාවය සමාජ ඇපාතයිඩ තත්වයක් නිර්මාණය කරන බව වාමාංශික තර්කයකි එය ලොව හැමෝම පිලි නොගනී. එය පිලි නොගන්නා අය වෘෂඹයන් ලෙස ඇමතීම ඔබගේ පවුල පන්තිය සහ පැමිණෙන ප්‍රදේශය පිලිබඳ ගැටලුවකි.

      එමෙන්ම අදායම නිපදවන්නේ සමානව නොවේ එය සමානව බෙදී යා යුතුයැයි මම විශ්වාස නොකරමි.

      Delete
    8. //වාමාංශික තර්කයකි එය ලොව හැමෝම පිලි නොගනී//....A smirk ,smirk and smirk

      Delete
    9. මේ දවස් වල ලංකාවේ විතරක් නෙමෙයි ඇමෙරිකාවේ පවා අපට අසන්නට දකින්ට ලැබෙන්නේ අපරාධ පිළිබදවයි. මිනිසුන් දිගට හරහට වෙඩි තියන් දේ වාර්ථා වෙනවා. පාසල් වලට පුස්තකාල වලට යන අවි ගත් පුද්ලගයන් වෙඩි තබා අහිංසකයින් මරා දමනවා. මෙය තේරුම් ගන්න බැරිව පසුගිය දවස් වල ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අඬනවා අපි දැක්කා. මේ වගේ දෙවල් දැකලා ඔබාමා අඬකොට අපේ රටේ වෙන දෙවල් දැකලා අපේ ජනාධිපතිතුමා හැසිරෙන්නේ කොහොමද? අඬනවා නම් අඩන්නට මොන තරම් දේවල් අපේ රටේ සිද්ධ වෙනවද? සාමාන්‍යයෙන් ච්ත්‍රපටි බලලා නාට්‍ය බලලා අපි මොනතරම් නම් සංදෙිී වෙනවද? අපි කොයි තරම් නම් අඬනවද? ඒත් ඇත්තටම රටේ තොටේ වෙන දේවල් නිසා අපිට අඬනවා නම් හැමදාම අඬ අඬා තමයි අපිට ඉන්න වෙන්නේ.
      ලෝක ක්‍රියාවලිය මේ ආකාරයෙන් සැදී තිබෙන්නේ කොහොමද? අපිට මෙය ප්‍රාග්ධනය ගෝලීයකරණය වීම වශයෙන් නම් කරන්න පුලුවන්. මේ කාලයේ මිනිසුන්ට විශ්වාසයන් නැති වෙලා තියෙනවා. අනෙක් මිනිසාගේ නිරුවත මිනිසුන්ට මේ යුගයේ දී දකින්නට පුලුවන් වෙලා තියෙනවා. ඒ ගැන ‛කාල් මාක්ස්’ කොමියුනිස්ට් ප්‍රකාශයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසාම වර්ථමාන ලෝකයේ ආයෙත් මාක්ස් ගේ අවතාරය හොල්මන් කරන්න පටන් ගෙන තියෙනවා. මෙය අපට තවත් උදාහරණයකින් තේරුම් ගන්න පුලුවන්.
      වරක් ෆ්‍රොයිඩ් ලගට එමා නම් තරුණියක් එනවා. ඇය ෆ්‍රොයිඩි ට කියන්නේ තමන්ට කිසිම කඩේකට යන්නට බැරි බවයි. කඩ දැක්කම තමන්ට භීතියක් ඇතිවන බව ඇය පවසනවා. මෙයට හේතුව සොයා බලන විට ඇය ෆ්‍රොයිඩිට පවසන්නේ ඇය කුඩා කාලයේ දී රසකැවිලි අර ගන්න කඩේකට ගියහම ඇයව කඩ හිමියා අපහරණයට ලක් කරණවා. දෙවනි දවසෙත් ඇයට එම සිදු වීමට මුහුණ දෙන්න සිදු වෙනවා එදා පටන් ඇයට කඩ දැක්කම භීතියක් දැනෙනවා. ඒ ක්ෂිතිමය අත් දැකීමෙන් ගැලවෙන්න ඇය තෝරා ගන්න විකල්පය තමයි කඩ වලට නොයා සිටිම.

      http://3mana.com/%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%A7%E0%B7%92-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8/

      Delete
  2. රාමචන්ද්‍ර උඹල මේවා කියන්නේ බොක්කෙන්ම දුප්පතුන් පීඩිතයන් ගැන අවංකවම යහපත් චේතනාවෙන් කියල තේරෙනවා එත් බොරුවට ආගමික විදියට දෘෂ්ටිවාද වල නොඑල්ලිලා ඉන්න තරම් මොලයක් තියේනම් කනගාටුවෙන් හරි ඇත්ත පිළිගන්න වෙනවා,මේවට විසඳුම සමාජවාදය තුල නැහැ කියන එක.ඉතිහාසයේ සමාජවාදය වැළඳගත් හැම රටක්ම කෙටි කාලයකින් ඇද වැටුනා. විශාල ජනකායක් මත සමාජවාදය අසමත් වෙනවා සහ ඉහිහාසය පුරාවට අසමත් වුනා.ඉතා සරල කාරණයක් හින්දා group-think කියල එකක් නෑ මිනිස්සු හිතන්නේ පුද්ගලිකව. "human nature" කියල දෙයක් නැහැ කියල හිතුවට වැඩක් නැහැ තියනවා. සරලව උඹල දුගියන්ට පීඩිතයන්ට විමුක්තිය දෙන්න සමාජවාදය ගෙනාවම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.කක්කා කතාවකින් කියනවනම් ධනවාදයේ ධනපතිය කොමඩ් එකේ රෙනවා,මැද එකා පෝච්චි ලැට් එකට යනවා,දුගී පැල්පත් වැසියා වැල්ලේ රෙනවා. සමාජවාදය ආවම ටික දවසකින් ලැට් වොෂ් රූම් කාටවත් නෑ ටොයිලට් කුඩේ කුඩු තුන් ගොල්ලොම පෝලිමේ වැල්ලේ රෙනවා. උඹ ඉහත දාපු පින්තුරේ නම් මුළු පින්තුරේම පැල්පත් පක්ෂ නායකයාගේ ගේ මැද්දේ තියේවි.

    ReplyDelete
    Replies
    1. If you repeat a lie often enough, it becomes the truth, කියල Joseph Goebbels කියල තියන නිසාදෝ ඇමරිකාවේ සිට කොමෙන්ට් කොටමින් ලංකාවේ හුදිජනයා ගැන ගැන අම්බානක දුක් වෙන එළකිරි ධනවාදියා බොහෝ කලක සිට රාමගේ බ්ලොගේ විලාප දෙනවා, තප්පුලනව, අදෝනා දෙනවා එකම බොරුව හැමදාම කියනවා. ලෝකයේ දුප්පතුන්, පීඩිතයන් ඉන්නා බව මිනිහ පිලිගන්නවා, නමුත් පවතින ධනවාදී ක්‍රමය දුප්පතුන්, පීඩිතයන් නිර්මාණය කරන බව නොකිය ඉන්නවා. ධනවාදයට ලෝකයේ කිසිම ගැටලුවකට පිළිතුරු නැත්තාසේම ධනවාදය හරිතාගාර වායු විමොචනයෙ සිට ඇතිවීමට හැකි නියෂ්ටික අර්බුධයක් දක්වා සියලු ගැටළු උත්ප්‍රරණයකරනවා . මේ මුකුත් ප්‍රශ්න නොකරන අපේ ධනවාදියා සමාජවාදය ප්‍රයෝගිකදැයි අපෙන්අහනවා. මිනිස් ජිවිතයක් ලැබිමේ සවුන්දර්යයන්, වින්දනයන් අහිමි කොට ඩොලර් නෝට්ටු ගොඩගැසීමේ කාලකන්නි තරගයකට ශිෂ්ටාචාරය උනනයකළ විකාරරූපි ක්‍රමයක් සැමටම යෝජනා කරනවා.

      උදිත වගේ නරුමයන්ගේ මොළ කුහර කොච්චර දුරට අසුචි වලින් පිරුණු පසුගාමී තක්කඩි විහුවයක්දයි මොනවට කියාපාමින් මිනිහ ශිෂ්ටාචාරය, සංස්කෘතිය වගේ වචන අහලවත් නැති බව තමන්ගේ විලපයේදී අපිට කියල දෙනවා. ඇමරිකන් ධනවාදය මේ යකාව කොච්චර නීච තත්වයට පත්කරලා තියනවද කියල කියනවනම් මිනිහ කිසි හිරිකිතක් නැතුව කියනවා "group-think කියල එකක් නෑ මිනිස්සු හිතන්නේ පුද්ගලිකව" කියල. අපිනම් හිතන්නේ තමන්ගේ පුද්ගලික දේපලේ තනි වුනු මේ පුංචි හුදකලා රෝගියාට තමන්ගේ ආතතිය "කොමෙන්ට්" මගින් මුදාහැරීමට දීල රාමා කරන්නේ ලොකු සායනික සේවාවක් කියල.

      කක්කා කතාවකින්ම මේකත් ඉවරකරනවනම් ධනවාදය යටතේ 1% විතර මිනිස්සු කොමඩ් පිරෙන්න රෙනකොට ඉතුරු 99% යම කරන්නේ රෙන්න පුකේ ගූ නැතුව කවදා හෝ (පුර්ණ ධානවාදය ආ දිනක!!) හිතේ හැටියට රෙමියි යැයි සිතමින් මියෙනතුරා ඉහත 1% කැබිරිමයි.

      Delete
    2. ඉහත වැලපිල්ලට දිය හැක්කේ කෙටි පිළිතුරකි ධනවාදී රටවල දත්ත බලන්න ඔබ කියන්නේ අමුලික බොරු.
      දුප්පත් කම යනු කුමක්ද මෙතනින් බලන්න
      http://mises.org/daily/4652
      හැකිනම් නලින්ද සිල්වා වැනි අයගේ නොඑල්ලී මේවා ධනවාදය නිසා නොව ලංකාව සුරාකෑම නිසා ලැබූ දියුනුවක් යැයි නොකියා තාර්කිකව පිළිතුරු දෙන්න.
      ධනවාදී ඇමරිකාව ගැන කියන්නේ නම්
      76 percent have air conditioning.
      66 percent have more than two rooms of living space per person.
      97 percent own at least one color television.
      62 percent have either cable or satellite television.
      Almost 75 percent of households own a car (30 percent own two or more).
      73 percent own microwave ovens.
      More than 50 percent have stereos.
      33 percent have automatic dishwashers.
      99 percent have refrigerators.
      Virtually none lack running water or flushing toilets.
      46 percent own their own home, the average of which is a three bedroom house with 1.5 baths, that has a carport and porch or patio, and the average value of which is 70 percent of the median American home.

      ධනවාදය ප්‍රයෝගික බව ඇමරිකානු අත්හදා බැලීම ඔප්පු කරයි මේ දත්ත සමාජවාදී රුසියාව සමග සංසන්දනය කර බලන්න.

      Delete
    3. @උදිත
      ඔහේ ඉන්න ඇමරිකාවේ අයත් යන්නේ කොහෙද ඇහුවහම මල්ලේ පොල් කියනවද? නැත්නම් කොහෙහරි අතිදෙයක් කොපි පේස්ට් කරනවද??

      Delete
  3. ඔය ඔබතුමාල කියන සර්ව සාධාරණ සමාජය ලොකේ කොහෙද තියෙන්නේ ,ඇයි වාමාංශික රටවල් වලටත් ඔය සමාජය හදන්න බැරි වුනේ ,කියුබාවට උතුරු කොරියාවට බැරි වුන ඒ සමාජේ යම් තාක් දුරට ස්විස්ටර්ලන්තේ , ස්විඩනේ දකින්න තියෙන්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. @බුවා,
      //කියුබාවට උතුරු කොරියාවට බැරි වුන ඒ සමාජේ යම් තාක් දුරට ස්විස්ටර්ලන්තේ , ස්විඩනේ දකින්න තියෙන්නේ ඇයි// , උදිත නම් කියන්නේ යුරෝපයේ රටවල් හොම්බෙන් යනවා කියල සහ ඒ සමාජවාදී අදහස් නීසා කියල. අනේ මන්ද, බොරුනම් මේ ,

      //උත්තරය හරි සරලයි ඈමරිකාව යුරෝපය වගේ දනවාදී රටවල් හොම්බෙo යන්නේ තවමත් හරියට ධනවාදී නිදහස් වෙළදපොල ක්‍රියාත්මක නොකර සමාජවාදී අදහස් වලට මුල් තැනක් දීම නිසයි. යුරෝපයේ ඇමරිකාවටත් වඩා රාජ්‍ය ඇඟිලි ගැහීම් වැඩියි. හැම රටකම පූර්ණ ධනවාදය ක්‍රියාත්මක නොවේ රටක් කෙතරම් ධනවාදී අදහස් ක්‍රියාත්මක කරනවාද එහෙම නැත්නම් මහන්සිවන අයගෙන් උදුරාගෙන කම්මැලියන්ට නිකම් බෙදාදෙන සමාජවාදී ක්‍රමය ක්‍රියාත්මක කරනවාද යන්න මත හොම්බෙන් යාම සහ දෙපයින් යාම තීරණය වේ.//

      උදිතOctober 19, 2012 11:00 PM

      http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2012/12/blog-post_9.html?showComment=1355246634374#c8565864355914910788

      Delete
    2. උදිත කියන ධනවාදයවත් රාමචන්ද්‍රලා කථාකරන සමාජවාදයවත් ලෝකේ කොහෙවත් නෑ . දැනට ප්‍රායෝගිකව පවතින ආර්ථික සමාජ ක්‍රමයන් ධනවාදයට හා සමාජවාදයට දක්වන නැඹුරු තාව අනුව වර්ග කරන එක යථාර්තවාදියි . පර්ෆෙක්ට් සංකල්ප තියෙන්න පුලුවන් ක්‍රියාවේ යොදන්න බැරි

      Delete
    3. @බුවා
      මම කියන සමාජ ආර්ථික ක්‍රමය ඔබ මා කියනවා යැයි සිතන "ධනවාදය" හෝ ඉහත වම්මු නම කියන විටත් කේන්තියෙන් පිපිරෙන "නරුම ධනවාදය" වත් නොවන බව මට පැහැදිලිවම කිව හැක. එය මිනිස් පරිනාමයේ මීළඟ අවස්ථාවයි. සියලු මිනිසුන් නිදහස් මිනිසුන් කරන නිදහසේ ලෝකයයි.

      @AnonymousDecember 11, 2012 9:48 AM
      ඔබ සිතන්නේ ඉහත ඔබ යොමුවක් දමා ඇති පිළිතුරෙන් අසූචි වලින් පිරුණු ඔලුවක් ඇති තක්කඩි නරුම උදිත නම් ධනවාදී ප්‍රාග්ධනයට කිසි සම්බන්ධයක් නැති අධමයෙක් ට දුවන්නට පිළිතුරු දී ඇතැයි කියානම් ඒ සිහිනය ඔබ දකින්න මම ඉඩ හරිමි.

      @Ramachandra
      මෙය ඔබේ බ්ලොග් සටහනයි බලහත්කාරයෙන් ඔබේ නිවසට වැදීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත. මාගේ අදහස් ඔබේ දේශපාලනයේ සම්පුර්ණ විරුධභාෂයයි ඔබ සිතනවානම් ප්‍රතිවිරුද්ධ අදහස් මෙහි නොකිවයුතුයි කියා කෙලින්ම කියයන්න කිසි අමනාපයක් නැත. මෙහි මට පිළිතුරු දෙන වාම භක්තික ඇනෝ ලාගේ පිළිතුරු දෙන ස්වරය දිහා බැලූ විට ඔවුන් බලයට අවොත් විරුද්ධ මත දරන අය එලොව යවා දනෙන් පහල පෙට්ටිය ගෙනියන්න කියන බව නම් දැන්මම කිව හැක. මට දී ඇති පිළිතුරු නැවත කියවා බලන්න ඇයි මේ තරම් කේන්තියෙන්. සාධාරණ සමාජ හදන්නේ මේ පිරිස සමගද?

      Delete
    4. @උදිත,
      ඔයා රෙද්ද උස්සගෙන ගේම කෝල් කරලා රිටන් එක එනකොට ජෙන්ටල්මන් වෙන්න කියල තියෙන්නේ ඔයා කියවන පුර්ණ ධනවාදී පොතේ මොන පරිච්චේදේද ?

      Delete
    5. මා කාටවත් ගේම දීමක්වත් ගේම ඉල්ලුවෙවත් රිටර්න් දීමක්වත් කලේ නැත අදහස් දැක්වුවා පමණි..රෙදි උස්සන්න මා නොව අපේ තාත්තවත් කලිසම් ඇන්දා මිසරෙද්ද ඇන්දේ නැත. මං වගේ කෙනෙක්ට රිටර්න් එක දෙනවා කියල හිතල චන්ඩි පාට් එකක් දාන එක ඇර වෙන මොන විප්ලවද පුලුවන්නම් මහින්දගේ බැසිල්ගේ රනිල්ගේ මයිලක් හොල්ලල පෙන්නන්න. ලෙනින් වගේ පොරක් කරන්න හදලත් අසාර්ථක වූ සමාජවාදය ඔයාලට කරන්න පුලුවන්ද? ජෙන්ට්ල්මන් වෙන්න ඉගැන්නුවේ ගාල්ලේ රිච්මන්ඩ් එකේ. විදුහල්පති ඒ කාලේ බී. සුරියාරච්චි. කමක් නෑ බං පුර්ණ ධනවාදී කියල කින්ඩියක් හරි දාල සැනසියන්. මාර කින්ඩියක් නේ උබල දාන්නේ. මට පොලොව පලාගෙන යන්න හිතෙනවා අනේ එහෙම නෝන්ඩි කරන්න එපා. ලෙනින් ගේ මොන පොතේද ධනවාදීන් එක්ක තර්කයෙන් දිනන්න බැරි තරමට මාක්ස්වාදය අභාවයට ගියාම අනුන්ට කින්ඩි දාල වත් සිත සනසාගෙන ආතල් ගැනීමටද සමාජවාදී විප්ලවය කියල තියෙන්නේ මචං.

      Delete
    6. @ උදිත - //මෙය ඔබේ බ්ලොග් සටහනයි බලහත්කාරයෙන් ඔබේ නිවසට වැදීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත. මාගේ අදහස් ඔබේ දේශපාලනයේ සම්පුර්ණ විරුධභාෂයයි ඔබ සිතනවානම් ප්‍රතිවිරුද්ධ අදහස් මෙහි නොකිවයුතුයි කියා කෙලින්ම කියයන්න කිසි අමනාපයක් නැත.//

      ප්‍රතිපත්තියක් ලෙස මෙහි ප්‍රතිචාර වාරනය කිරීමක් සිදු නොකෙරේ.මේ ප්‍රතිචාර තීරය කියවන විට මෙම ලියුම්කරුටම බැන වැදී ඇති කමෙන්ට්ස් අපමන ඇති බව ඔබ දකින්නට ඇති.ඒ නිසා අසභ්‍ය වචන යොදා නොගන්නා තාක් දුරට ප්‍රතිචාර මැකීමේ අදහසක් නොමැත.ඔබේ මතය පල කරන්නට ඔබට සම්පූර්න නිදහස මෙතුල ඇත.වෙනත් කෙනෙක් ලියන ප්‍රතිචාරයක් ( ඔහු ශිෂ්ට සම්පන්න සීමාව තුල එය සිදුකර ඇති තාක් දුර‍ට ) සදහා තහනම් පැනැවීමේ හැකියාවක් මට නැති බව ඔබ තේරුම් ගනු ඇතැයි සිතමි.

      Delete
  4. Ramachandra, you didn't tell me what you smoke... It should be something really great to have hallucinations like this.

    ReplyDelete
  5. මාක්ස්වාදීන්ට ඇත්තේද කන්න නොව 'මාර හැඟීම' විඳින්න මැක්ඩොනල්ඩ්ස් එකට යන එවුන්ගේ මානසිකත්වයමය. ඇත්තමට ගත්තොත් මුන්ට සුරුට්ටු කඩයක් වත් රන් කර ගන්න බැරිය. ඒත් තම බ්‍රසීලයේ හා දකුණු අප්‍රිකාවේ ප්‍රශ්න කටින් විසඳන්නටත් සමත් බව ලියන විට මාර හැඟීමක් එයි. මෙය අපේ අනුකම්පාවට බඳුන් විය යුතු අහිංසක මානසික ව්‍යාධියකි.

    ReplyDelete
    Replies
    1. නව ලිබරල්වාදී ධනවාදීන්ට නොපෙනෙන තවත් ඇපාතයිඩයක් නම් 'සත්ව ඇපාතයිඩය'යි. අලියා දවසක කිලෝ ගාණක් කෑම ගනියි. කූඹියා කන්නේ ඉතාම ටිකකි. එක අලියකු කන කෑම ප්‍රමාණයෙන් කූඹි මිලියන් ගානකට කන්න දිය හැකිය. බලන්න සහෝදරවරුනි, කොයි තරම් අසාධාරණයක්ද? මේ සියළු ගැටළු වලට විසඳුම් අපේ මාක්ස් පප්පා අපට කියා දී තිබේ. අපිත් මාක්ස් පප්පාටම ගැළපෙන මැට්ටන් නිසා එසේ කළ හැකිය විශ්වාස කරමු. ධනපති අලියා භංග වේවා! සමාජවාදී කූඹියා දිනේවා!

      Delete
    2. උතුමාණෙනි,මා නිර්නාමිකව සිටින්නේ මන්දැයි ඔබ කවදාවත් කල්පනා නොකළේ මන්ද?අශ්වයාගේ කුර සමහර තැන්වලදී දෙකට බෙදී තිබෙනු ඔබ දැක නැද්ද?උතුමාණෙනි,සිංඥෝර් රිවාරේස් වෙමි.මානසික ආබාධයකින් පෙළෙමි.මා නිර්නාමිකව සිටින්නේ මන්දැයි ඔබ කවදාවත් කල්පනා නොකළේ මන්ද?

      එකෙණෙහි මොන්සිංඥෝර් මොන්ටිනෙල්ලිගේ පැන්සල දෙකට කැඩුණි.

      Delete
  6. අතීත ලංකාවෙ කුල ක්‍රමයත් ඇපාතයිඩයක්. මෙවන් වූ ඇපාතයිඩ නැතිකල හැක්කේ දේශපාලනයෙන් හෝ දැනුමෙන් නොවේ. මිනිසත්කම ගැන පොසිටිව් ආකල්ප ලමයින් තුලට කාවැද්දීමෙන්!

    ReplyDelete
    Replies
    1. //අතීත ලංකාවෙ කුල ක්‍රමයත් ඇපාතයිඩයක්// අතීත ලංකාවෙ කුල.....?????? වික්ටර් අයිවන් ගෙන් අහන්නොකෝ දැන් මොකද වෙන්නේ කියල, එහෙම නැත්නම් මංගල දැන්වීම් තීරුව බලන්න!

      Delete