Friday, November 9, 2012

කොල පාට රනිල්ගේ ‍රෝස පාට තොප්පිය

රනිල් සමග තැන්පත් කොලින් පවෙල්
ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මන්ඩලය ඔක්තෝබර් 30 වන දින  "රැඩිකල් වැඩපිලිවෙල" නමින් යෝජනාවලියක්සම්මත කරගෙන තිබේ.එම වැඩසටහන නව ලිබරල්වාදයත් කොටස් වෙලදපොල ධනවාදය නමින් ඔවුන් හදුන්වන දෙයත් මහජන සුබසාධන වියදම් කප්පාදු කිරීමත් හෙලා දකින්නකි.

මේ අනුව දුර්දශාවට පත්වූ  දිලින්දන් වෙත ප්‍රීතියේ පනිවුඩය ගෙන එන නත්තල් පප්පෙක් මෙන් රෝස පැහැති තොප්පියක් පැලැද රනිල් වික්‍රමසිංහ අලුත් සිනහවකින් සැරසී කරලියට පිවිස සිටී.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  පතුරු ගසමින් ඔහු විසින් කල කථාවක් ද පසුගිය සතියේ පුවත්පතක පලව තිබුනේය.

නව ලිබරල්වාදයේ ලාංකීය කර්තෘවරයා වන එජාපයම ඊට එරෙහිව ඇදුම් හැදීමට පටන් ගෙන තිබෙන්නේ ඇයි?මෙය  හුදු අවස්ථාවාදයකට හෝ විහිලුවකට වඩා වැඩි යමක් ලෙසය වටහා ගත යුත්තේ.සිවිල් යුද්ධය අවසාන වීමෙන් පසු රාජපක්ෂ ආන්ඩුව මහා පරිමාන ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරන දාමයකට දොරටු හැර ඇත.එහි ප්‍රතිඵල දැන් දැන් සමාජය තුල හිස එසවෙමින් තිබේ.අතෙකින් කොලඹ නගරය පුරා සංචාරකයන් හා ධනවතුන්ගේ පරිභොජනය වෙනුවෙන් අති දැවැන්ත හෝටල් ප්‍රාසාද,විනෝද උයන් විදෙස් ප්‍රාග්ධනය යොදවා ඉදිවෙමින් පවතිද්දී අනිත් අතින් ශිෂ්‍යයන්,ධීවරයන්,අධ්‍යාපන වෘත්තිකයින්,නාගරික දිලින්දන් වැනි එකී ප්‍රතිසංස්කරනයන්ගෙන් පීඩාවට ලක්වන බලවේග අසහනයට පත්වෙමින් සිටිති. භූගත ජලය සදහා මිලක් නියම කරමින් පැනවීමට නියමිත නීති ගොවි ජනයා හා පරිසර හිතවාදීන් අලුත් වටයකින් අරගල භූමියට කැදවීමට නියමිතය.

රනිල් සහ බුෂ් - උරහිසෙහි අතලූ සබැදියාව
නව ලිබරල් ධනවාදයේ තාර්කික ප්‍රතිඵල ලෙස මතුවන මෙවැනි අසහනකාරී උද්ගතයන් කලමනාකරනය කරගන්නේ කෙසේද?මෙය අවබෝධ කරගැනීම සදහා අප චන්ද්‍රිකා බන්ඩාරනායකගේ ආන්ඩු සමය නැවත සිහියට කැදවා ගනිමු.නව ලිබරල්වාදයේ පලමු ඉනිම ක්‍රියාවෙහි යෙදවූ දාහත් වසරක එජාප පාලනය අවසන් කරමින් චන්ද්‍රිකා බන්ඩාරනායක බලයට පැමිනියේ "විවෘත ආර්ථිකයට මානුශික මුහුනුවරක් සපයමු" යන සටන් පාඨය ඉදිරියට දමමිනි.එජාපයේ ගජ මිතුරු ධනවාදයට එරෙහිව මානුශික විවෘත ආර්ථිකය.එජාප යුගය තුල පීඩාවට ලක්ව සිටි සමාජ කොටස් පොදු පෙරමුන වෙත බැදවූ ආදර්ශ පාඨය එය විය.

කෙසේ වුවද පොදු පෙරමුන සිය භූමිකාව අවසානයේ කෙලවර කල ආකාරය අපි දනිමු.එජාපය ද පරදා පුද්ගලිකකරන ක්‍රියාදාමය මහා පරිමානයෙන් පෙරමුනට ගත් චන්ද්‍රිකා පාලනය ජල සම්පත,එප්පාවල ෆොස්පේට් නිධිය යනාදී ස්වභාවික සම්පත් වානිජකකරනයට ලක්කිරීම සම්බන්ධ යෝජනා පලමුවරට ගෙන ආ පාලනය ද වූයේය.වාසුදේව වැනි ප්‍රතිසංස්කරනවාදී වම්මු පසුකාලීනව කෙදිරි ගාන්නට වූයේ "චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුන‍ට හැරවූවා" යනාදී වශයෙනි.

ලෝක ධනවාදයේ පරිධියේ පිහිටි ලංකාව වැනි රටවල ධනපති පංතිය ගෝලීය ධනවාදය මත යැපීම උරුම කරගත් පංතියකි.ශක්තිමත් කාර්මික පදනමක් සිය රටවල් තුල නොවීම මත මෙම පංතියෙහි ඉරනම වනුයේ ගෝලීය ධනවාදය සමග සන්ධානගතව ලද හැකි දෙයක් උපයා ගැනීම පමනි.ලෝක ධනවාදය ආර්ථික ලිබරල්කරනය/රෙගුලාසිහරනය පිලිබද තුන්වෙනි ලෝකයට නිර්දේශ නිකුත් කරනුයේ ගෝලීය ප්‍රාග්ධනය සදහා නිදහස් සංචරනයක් ඇවැසි නිසාය.සෝවියට් කදවුර බිදවැටීමෙන් පසු තුන්වන ලෝකයේ රටවල් එකක් නෑර නව ලිබරල්වාදය වෙත ගමන් කිරීම සම්පූර්න වූයේ එම රටවලට පැවැතීමට නම් ගෝලීය ධනවාදයේ කොන්දේසි සමග සම්මුතිගත වීම හැර අන් විකල්පයක් නොමැති හෙයිනි.චන්ද්‍රිකා බන්ඩාරනායක වමට සිග්නල් දමා දකුනට හැරවීමත් ජාතික ආර්ථිකයක් පිලිබද මහින්ද රාජපක්ෂ කල පම්පොරි කථා හිරු දුටු පිනි සේ වියැකී යාමත් සිදුවනුයේ පරිධියේ රටවල ධනපති පංතිය ගෝලීය ධනවාදයට යටත් වීමේ අනිවාර්යය ධර්මතාව ප්‍රකාරව මිස චන්ද්‍රිකාගේ පුද්ගලික චපලකමක් නිසා හෝ රාජපක්ෂගේ මැදමුලන සම්භවයේ වරදක් නිසා නොවේ.

එහෙත් මෙකී නවලිබරල් ප්‍රවාහයන්ට එරෙහිව සමාජය තුලින් පැනනැගෙන විරෝධතා හා දුක්ගැනිවිලි යම් අවකාශයක් තුලට උරා ගත යුතුව පවතී.ක්‍රමය විසින්ම ඒවා උරා ගැනීම සදහා යම් අවකාශයක් සපයන්නේ නැතිනම් ඒවා ක්‍රමයට එරෙහි තත්වයන් දක්වා මෝරා යා හැක.රනිල් වික්‍රමසිංහලා සිටින්නේත් රෝස පාට තොප්පි සහ ඊනියා රැඩිකල් වැඩපිලිවෙලවල් අවශ්‍ය වන්නේත් ඒ වෙනුවෙනි."ගජමිතුරු එජාප ධනවාදයට එරෙහිව මානුශික විවෘත ආර්ථිකය" නමැති සටන්පාඨය වෙනුවට දැන් "කොටස් වෙලදපොල ධනවාදයට එරෙහිව සමාජ වෙලදපොල ආර්ථිකය" නමින් අලුත් මන්තරයක් මැතිරෙමින් තිබේ.පරන තැටියමය.වෙනස් දවටනයකි.

කෙසේවුවද එජාපයට කිව යුත්තේ මේ 2012 මිස 1994 නොවන බවයි.නව ලිබරල් ධනවාදය සාපේක්ෂව ලෝකයට අලුත් එකක් වූ 1994 ට වඩා ලෝකයත් සමාජයත් බොහෝ දුර මේ වනවිට පැමින තිබේ.ලෝකයේ ඇති උග්‍ර දක්ෂිනාංශික පක්ෂ එක්ව අටවා ගත් ලෝක ප්‍රජාතන්ත්‍රිකයින්ගේ සංගමය නැමැති සංවිධානය ලංකාව වෙනුවෙන් නියෝජනය කරන එජාපය රෝස පාට තොප්පියක් පැලද ගැනීම අදිටන් විරහිත ඇතැම් වම්මුන්ට මාර මැජික් එකක් විය හැකි වුවත් එය අප තුල හාස්‍යයකට වඩා වැඩියමක් දල්වන්නේ නැත.



30 comments:

  1. අපිටනම් හිතෙන්නේ රනිල් දිගින් දිගටම ලබන පරාජයන් හා රජා ඇරලා ගියත් "මහජනතාව" තවදුරටත් රජු සමග යහන් ගතවීමට ඇති කැමැත්ත විග්‍රහ කරගැනුමට බැරුව රනිල් පොඩි නියයාත්මක අවුලකට මැදිවෙලා කියල. ඒකියන්නේ රනිල් ඇස්තමේන්තු කරලා තියනවා තමුන්ට චන්දය නොලැබෙන්නේ විශේෂයෙන් ග්‍රාමීයව, UNP යේ දෘෂ්ටි වාදය ධනවාදය සමග සම්පත වනබව අර්ධ නාගරික හා ග්‍රාමීය ජනතාව හිතන නිසා බව සහ ඔවුන් ධනවාදය පිලිකෙවූ කරනබව . අනිත් අතට ලංකාවේ ඉන්න සියලුම ධනපතීන් කම්බා හොරුන් වන නිසා පැවැත්මට ඔවුන් මහිදටත් වඩා දැන් සන්ධාන කරයි වන බැවින් චන්ද පදනමේ සීග්‍ර වර්දනයකට ඉන්න ධනපතින්ගේන්වත් ධනවදින්ගේන්වත් වැඩක් නැතිබව රනිල් හිතනවා. ඊටත් අමතරව මහිදගේ කලේ සල්ලිකාරයින් උන හොරුන් සම්රදායික ධනපතීන්ගේ වියාපාර ක්‍රමයෙන් ගොදුරු කරගන්න නිසා පවතින්න ඕනනම් මහින්ද සරණ යනඑක අනිවාර්ය වෙලා. කොටින්ම රනිල් ලංකාවේ ධනවාදීන් අතර අවලංගු කාසියක් වෙලා. මේක නිසා රනිල් හිතනවා වෙන විලක මළු බාන්න. ඊට අමතරව රනිල්ගේ කරට අත දන්නා බලන් ඉන්න වාමාංශික වගේ පෙන කල්ලි වලට චාන්ස් එක්කක් දෙන්නන බගදා හිතුව වෙනත් පුළුවන්. කොහොම වෙතත් මෙවරත් හුදු අවස්ථාවාදයකට හෝ විහිලුවකට වඩා වැඩි යමක් නැ.

    ReplyDelete
  2. ඒකේ තියෙන ඒවා චන්දෙකට කියන්න ගියොත් චම්පිකලා, විමල්ලා, අමරසේකර සීයලා නලීන් මහත්තයලා ඇල්ලේ සාධු රනිල්ගේ කොටි කේස් එකට එහා ගේමක් දීලා කුඩු කරලා දානවා ලොක්කට ඡන්දෙ දෙන බුඩ්ධිමත් ජනතාව බයකරලා. මේක කොටි කේස් එකට වඩා කේස් එකක්. රනිල් කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. බලේට ආපූ කාළෙකට ඕවා ක්‍රියාත්මක කලත් මේ රටේ හාල්පාරුවෝ ඉස්සරහා වමාරන්න නරකයි. අනෙක් රිගේනින් ශ්‍රී ලංකා ඊටත් වඩා හොඳට කරන මහින්ද මහත්තයව, යූ ඇන් පී කාරයන්ටයි, බටහිර කුමන්ත්‍රණ කාරයන්ටයි අප්පිරිය වෙන්න තව සෑහෙන කාළයක් යයි. මහින්ද කරපුවා රනිල් කරානම්. මහින්ද සාධුලත් එක්ක එක්කාසු වෙලා රට ගිනි තියලා වෙලහකට.

    ReplyDelete
    Replies
    1. @මාතලන්
      මතලන්ගේ ආණ්ඩු (පවතින ආණ්ඩු) විරෝධය අපි හැම බ්ලොග් එකකම වගේ දැකල තියනවා. මාතලන් යෝජනා කරන විකල්පය තමා පෙන්න නැත්තේ. මතලන්ගේ විකල්පය කුමක්ද?

      Delete
    2. ඔබ මගේ ළිපි දිගටම කියවන්නෙක් නම් මගේ විකල්පය ව්‍යවස්ථාවක් ලෙසම ළියා පලකලා. ඒ තමයි මගේ විකල්පය.

      Delete
    3. @මාතලන්
      ලින්ක් එකක් දාන්නකෝ සුදා

      Delete
    4. ඒක ඕන නෑ අම්මා. අළුත්ම පෝස්ට් එක කියවන්නකෝ.

      Delete
    5. @මාතලන්
      කොල්ලෝ උබේ විවස්ථාව හොයන්න ගිහිල්ල කොට කලිසනුයි, ජන්ගියි, පැන්ටියි, බ්‍රේසියරුය් අන්තිමට සුරන්තයයි, ඊටත් අන්තිමට කුඩෙල්ලෙකුයි තමා හම්බුනේ. විවස්ථාව හොයන්න නැ මයේ අම්ම. ලින්ක් එකක් දාපන්කෝ පැටියෝ

      Delete
    6. http://maathalan.blogspot.com/2011/07/new-constitution.html

      Delete
    7. @මාතලන්
      ස්තුතියි මාතලන්!

      Delete
  3. “Without general elections, without unrestricted freedom of press and assembly, without a free struggle of opinion, life dies out in every public institution, becomes a mere semblance of life, in which only the bureaucracy remains as the active element.-Rosa Luxemburg quotes

    Appreciate freedom for anonymity
    Best regards
    Anonymous

    ReplyDelete
  4. //ලෝක ධනවාදයේ පරිධියේ පිහිටි ලංකාව වැනි රටවල//
    රාමා මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද? මේක හරියට භූගෝලීය පිහිටීමක් වගේ දෙයක්ද ස්ථිරවම පිහිටීමක් ලෙස පරිධියේ තියෙන්නේ වෙනස් වෙන්නේ නැත්ද?
    එසේ නොමැති නම් කේන්ද්‍රයේ සිට පරිධියට හෝ පරිධියේ සිට කේන්ද්‍රයට රටකට මාරුවිය හැකිද? නොහැකිද? හැකිනම් එය වැරදි දෙයක්ද?
    නොහැකි නම් ඒ නොහැකියාවට හේතු මොනවාද?
    //ගෝලීය ප්‍රාග්ධනය සදහා නිදහස් සංචරනයක් ඇවැසි නිසාය//
    ගෝලීය ප්‍රාග්ධනය සංචරනය වන්නේ කෙසේද?
    ප්‍රාග්ධනය නිදහස් ලෙස සංචරණය වීම වෑලක්වීමෙන් සිදුවන වාසි මොනවාද?
    ප්‍රාග්ධනය නිදහස් ලෙස සංචරණය වීම වැරදි යයි ඔබ සිතන්නේ ඇයි?

    ලංකාවේ ඉන්නව කියල හිතමු පරිගණක වැඩසටන් ලියන්න දක්ෂ කෙනෙක් ඔහුට ලෝක වෙළඳපොලේ කරට කර තරග කල හැකි මෘදුකාංගයක් ලියන්න(Means of production ) ලෙස අවශ්‍ය වෙන්නේ පරිගනකයක් සහ ටෙක්ස්ට් එඩිටර් එකක් විතරයි. ඔහුගේ කාලය ශ්‍රමය දැනුම යොදවා හදන මෘදුකාංගයක් අන්තර් ජාලය හරහා ලොවපුරා විකිණීමෙන් ඔහු ප්‍රාග්ධනය උපයනවා. මේ මුදල් ඔහුවෙත නිදහසේ ගලා ඒම වැළක්විය යුතුද? ඔබ මේ සිදුවීම මාක්ස්වාදයේ ශ්‍රම සුරාකෑම ඇසුරින් පහදන්නේ කෙසේද? ඔහු උපයන එම ප්‍රාග්ධනය ඔහුට අයිතිද පොදුවේ සමාජයට අයිතිද?

    ReplyDelete
    Replies
    1. උදිතට කොක්කක් දාගන්න හිතිල වගේ.
      රාම ලියල තියෙන්නෙ ‘යූ.එන්.පී යෙ නව ප්‍රවනතාවය’ ගැන.ඔහු ඔහුගේ දෘෂ්ඨිය අනුව මේ ගැන විග්‍රහ කිරන්න උත්සාහ ගන්නව. උදිතට ඒක පිලිගන්න හෝ නොපිලිගන්න පුළුවන්. හැබැයි ඒක නොපිලිගන්නවනම් උදිත කරන්න ඕන ‘යූ.එන්.පී යෙ නව ප්‍රවනතාවය ගැන’ ඔබගේ විග්‍රහය ඉදිරිපත් කරන එක.
      අපි එහෙම කියන්නෙ යමක් තේරැම් ගන්න තර්ක කරන එකයි කොකු දාගන්න තර්ක කරන එකයි දෙකක් නිසා.
      අපි දන්න හැටියට උදිත පිලිගන්න ලිබරල්වාදය ඇතුලෙ උනත් මතයක් දරන්න හෝ පුකාශකරන්න ඉඩකඩ තියෙනව.කොකු දාගන්න එන්නෙ ලිබරල් වාදියො නෙවෙයි ෆසිස්ට් වාදියො.

      //මෘදුකාංගයක් අන්තර් ජාලය හරහා ලොවපුරා විකිණීමෙන් ඔහු ප්‍රාග්ධනය උපයනවා//.
      භාංඩ හෝ සේවා විකිනීමෙන් ලබන්නෙ ආදායම්. ප්‍රග්ධනය කියන වචනයට නිෂ්චිත අර්ථකතනයක් තියෙනව.

      Delete
    2. මම පැහැදිලිවම ලිබරල් නොවෙයි. ලිබරල් වාදය මගේ වාදය නොවෙයි. මම ලිබටේරියන්. ලිබටේරියන් සහ ලිබරල් යනු එකක් නොවේ. මා පිළිගන්නා ආර්ථික ක්‍රමය වන්නේ ඔස්ට්‍රියානු පාසලේ ආර්ථික විද්‍යා මොඩලයයි. රනිල් වික්‍රමසිංහ රාමටත් වඩා වාමාංශික කතා කියන කොට දැන් වෙන්නේ ජේ වී පී එකේ විමල් වීරවංශ ඒ කාලේ චම්පික රණවකගේ අතේ තිබුන සිංහ කොඩිය උදුරාගෙන දිව්වා වගේ වැඩක් නේ."යූ.එන්.පී යෙ නව ප්‍රවනතාවය" යනු රනිල් නොව මංගල සමරවීර සහ ඔහුගේ ගෝලයා වන රුවන් ෆර්ඩිනන්ඩ් ගේ චන්ද ගුන්ඩුවක් මිස වෙන කිසිවක් නොවේ. කරුණාකර "යූ.එන්.පී යෙ නව ප්‍රවනතාවය" විවේචනය කිරීම අවශ්‍ය නම් රාමා කල යුත්තේ රනිල්ට කොක්ක දැමීම නොව මංගල හෝ රුවන් විවේචනයයි.

      Delete
    3. @සයිබර් ලංකා
      //භාංඩ හෝ සේවා විකිනීමෙන් ලබන්නෙ ආදායම්. ප්‍රග්ධනය කියන වචනයට නිෂ්චිත අර්ථකතනයක් තියෙනව//
      භාංඩ හෝ සේවා විකුණන වෙළෙන්දෙක් ගැන නොවෙයි නේ මම මෙතන කියල තියෙන්නේ. භාණ්ඩයක්(මෘදුකාංගයක්) නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙක් අතරමැදියෙක් ගෙන් තොරව නිෂ්පාදිත භාණ්ඩය නිදහස් වෙළඳ පොලේ විකිණීමක් ගැන නේ. බිල් ගේට්ස් ‍‌‍තමන් ගෑරිජ් එකේ ඉඳන් ලියපු මෘදුකාංගය අයි බී එම් එකට විකුණලා ඒ ආදායමේ සල්ලි වලින් මයික්‍රෝසොෆ්ට් කොම්පැනිය හදන්න යොදවනවා ඒක ප්‍රාග්ධනය නොවෙයිද?

      Delete
    4. @ උදිත - 1. කේන්ද්‍රය හා පරිවාරය ගැන මූලික අදහසක් මේ විකිපීඩියා ලින්ක් එකට ගිය විට ඔබට ලබාගත හැක.මෙය කියවූවාට පසු ඒ අදහස පලමුව ප්‍රකාශ කලේ දීප්ති කුමාර ගුනරත්න වැනි දේවල් ඉන් පසු ඔබ කියනු ඇතැයි නොසිතමි.

      http://en.wikipedia.org/wiki/World_Systems_Theory

      2.බිල් ගේට්ස් හා සමාන විශිෂ්ටයෙක් වූ ස්ටීව් ජොබ්ස්ගේ මොලයෙන් උපත ලද ඇපල් සමාගම චීනයේ අඩු මිල ශ්‍රමය හරහා සිය "ප්‍රාග්ධනය" වර්ධනය කරගන්නා අයුරු මේ ලින්ක් එකට ගොස් ඔබට කියැවිය හැක

      http://www.counterpunch.org/2012/02/16/rotten-apple/

      3.ප්‍රාග්ධනයේ නිදහස් සංචරනය යනු දේශසීමා බාධාවක් රහිතව ප්‍රාග්ධනය ඔබ මොබ ගලා යාමයි.වික්ටෝරියා සීක්‍රට්ස් යට ඇදුම් තමිල්නාඩුවේ ගැහැනු ලමුන් විසින් මැසීම සිදුවන්නේ ඒ අනුව.ධනවාදය විසින් සිදුකල ආර්ථික ගෝලීයකරනය ඓහිතිහාසික වශයෙන් හොද දෙයකි.එහෙත් එය සිදුව තිබෙන්නේ ආධිපත්‍යවාදි පදනමක් මතයි.අපට අවශ්‍ය වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ප්‍රතිස්ථාපනය කිරීමටයි.

      - ස්තුතියි



      Delete
    5. උදිතලා පතන ළෝකය මෙන්ම රාමචන්ද්‍රලා පතන ළෝකයද මේ පෘතුවි තලයේ නම් පහල වන්නේ නැත. ක්‍රිස්තිනියන්ට ස්වර්ගයේදීද, බෞද්ධයන්ට නම් තව්තිසා දිවිය ළෝකයේද මරණින් පසු ලබාගත හැක. එහෙත් එවන් තැන්වලද ඔබ දෙදෙනා පතන ළෝකය නැති බව මගේ දැණීමයි. මීට වඩා ලංකාවට ගැලපෙන ආකාරයට ප්‍රායෝගික වූවොත් හොඳයි නේද. සමාවන්න මතයක් පමණි.

      Delete
    6. //රාමචන්ද්‍රලා පතන ළෝකයද// - මාතලන් මා පතන ලෝකය කියල අදහස් කරන්නෙ කොයි වගේ එකක්ද?

      Delete
    7. //ඔහුගේ කාලය ශ්‍රමය දැනුම යොදවා හදන මෘදුකාංගයක් අන්තර් ජාලය හරහා ලොවපුරා විකිණීමෙන් ඔහු ප්‍රාග්ධනය උපයනවා. මේ මුදල් ඔහුවෙත නිදහසේ ගලා ඒම වැළක්විය යුතුද?// ඈ උදිත එතකොට තමන්ගෙ කාලය ශ්‍රමය වැය කරල ගොවියෙක් අල හදල ඒව විකුණලා සල්ලි ගෙදර අරන් ආවම කියන්නේ ගොවියා ප්‍රාග්ධනය ඉපයුවා කියලද?ප්‍රාග්ධනය කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ලා ඉගෙන ගෙන ආව නම් නේද හොද ධනවාදයයි සමාජවාදයයි ගැන මහාප්‍රාණ ලියන්න ඉස්සර වෙලා.

      Delete
    8. //බිල් ගේට්ස් ‍‌‍තමන් ගෑරිජ් එකේ ඉඳන් ලියපු මෘදුකාංගය අයි බී එම් එකට විකුණලා ඒ ආදායමේ සල්ලි වලින් මයික්‍රෝසොෆ්ට් කොම්පැනිය හදන්න යොදවනවා //
      මම කියල තියනවා නේද එතන පැහැදිලිව මුදල් යලි මුදල් ඉපයීම සඳහා යොදවන විට පමණයි මාක්සියානු අර්ථයෙන් ප්‍රාග්ධනය වෙන්නේ. ලංකාවේ පරිගණක වැඩසටහන් නිපදවන්නා තමන් හොයන මුදල් නැවත ආයෝජනය කරොත් එය ප්‍රාග්ධනය වේවි නැත්නම් එයා ඒවා කන්න බොන්න වියදම් කලොත් හුදු මුදල් විතරයි.
      මා ප්‍රාග්ධනය මුල්වරට කියෙව්වේ 80 දශකයේදී හුදු මුදල් සහ ප්‍රාග්ධනය වෙනස පැහැදිලි කරන මාක්ස්ගේ M-C-M සහ C-M-C සූත්‍ර දෙක තාම මතකයි. පසුගිය දශක දෙක තුල නූතන ධනවාදය වෙනස් වෙලා ප්‍රාග්ධනය නිපදවෙන්න මාක්ස් හිතපු විදියට නොවෙයි. සම්භාව්‍ය ශ්‍රම වටිනාකම පිලිබඳ න්‍යාය පදනම් කරගත් මාක්ස් ගේ සුත්‍ර තවදුරටත් මහාප්‍රාණ නොවෙයි.

      Delete
    9. @ රාමචන්ද්‍ර

      අපි දැනට ඉන්න තැනක් තියෙනවනේ. අන්න එතනින් අඩියක් ඉදිරියට. සිරිපාදෙට හෙලිකොප්ටර් එකේ යන්නත් පුළුවන්. ඒත් ඒ සුළු පිරිසකට විතරයි. සමාජවාදෙදි පාළක නිළධාරී පන්තියයි, මේ තියෙන ක්‍රමයෙදි (මේ ධනවාදය නෙමෙයිනෙ, වෙන මොකක්ද කුණුහබ්බයක් නේ) දේශපාලුවොයි නම් එහෙම ගිහින් වැඳලා එයි. ඒත් අපි යන්න ඕන පඩිපෙල නැගගෙන මාර කට්ටක් කාගෙන. ඔය මොන ක්‍රමෙන් හරි කරන්න ඕන. හැමෝටම හෙලිකොප්ටර් දෙන එක නෙමෙයිනේ එහෙම දෙන්නත් බෑ. අඩුගානේ ගෙවලා කේබල් කාර් එකකවත් යන්න. එතකොට වයසක මිනිස්සුන්ට ආබාධ්ජිත අයට ඒක නොමිලේ හෝ සහනදායි ක්‍රමකේට දෙන්න. නගින්න අමාරු තැන්වල නොමිලේ ලිෆ්ට් එකක්. කැමති අයට පඩි පෙලත් තියලා වගේ සිස්ටම් එකක් තමයි මම ඉල්ලන්නේ. ඉන්දියාවේ නම් දෙපයින්ම නැග්ග තැන්වලට දැන් කේබල් කාර් තියෙනවා. තියෙන එකා හරි ඒකේ යනවා. මෙහේ තාම ඇති එකයි නැති එකයි ඔක්කෝම නිස්සංකමල්ලලා ගියපු ක්‍රමේට තවම යනවා. ඔහේලත් කියන්න ඕන මෙන්න මේ කේබල් කාර් දාන ක්‍රමයක් හරි කන්ද නගින පහසු වෙන ක්‍රමයක්. ඒ තියෙද්දි රාමචන්ද්‍රලා උදිතලා දෙගොල්ලම කතා කරන්නේ කෙලින්ම උඩමළුවටම හෙලිකොප්ටර් එකේ යන්න.

      Delete
    10. ඕන්න කිව්වා...... :)

      Delete
  5. ඔය ගොල්ලෝ හිතන්න මම "X" නමැති එළකිරි ධනවාදියෙක් කියල. මට ලංකාවේ ඉන්න කිසිම ප්‍රශ්නයක් නැ මචන්ලා. අනික මට ලෝකේ ඕන තැනක එළකිරි ජොබක් සුටුස් ගලා හොයා ගන්න පුළුවන්. ඉතින් මම ලංකාව දාල ඇමරිකාවට යනවා. දැන් ඔයාලට ටිකටික වැටහෙන්න ඕන පරිදියි කේන්ද්‍රයයි කියන්නේ මොකක්ද කියල. ඇයි මම ලංකාවෙන් ඇමරිකාවට යන්නේ කියල . මේකේ වැඩේ කියන්නේ අනික් හැමෝටම තේරුනත් මට තෙරෙන්නේනැනෙ. එක නිසා මම හිතනවා ධනවාදියෙක් නොවන මොකෙක් හරි ඉන්නවනම් මගේ පුංචි මොලේට පහළවෙන පුංචි පුංචි ප්‍රශ්නවලට පෙලට ඇවිල්ල උත්තර දෙන්න ඕන කියල. ඉතින් මන් ගැන ඔයගොල්ලන්ට හිතේනනේ මොකක්ද? හිතාගන්නවත් බැ නේද ? බයවෙන්න එපා පුර්ණ ධනවාදය අපුවහම ඔක්කොම හරියනවා.

    ReplyDelete
    Replies
    1. Ano බයිලා ඕන නැහැනේ ධනවාදයේ පරිධිය සහ කේන්ද්‍රය කියන අදහස "X" කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න කියපු දෙයක් නේ. ඕක මුලින්ම 90 දශකයේ ලිපිවල ඔහුයි කිව්වේ දැන් 2012 දී ඒක කියන්නේ ලොකු ලොකු මොලෙන් හරියට ඔයාල සොයා ගත්ත ඔරිජිනල් අදහසක් වගේ නේ එකයි මම මගේ පුංචි මොලේට පහළවෙන පුංචි පුංචි ප්‍රශ්න ඇහුවේ කවුරු හරි කියපු දෙයක් ගිරව් වගේ කිව්වට වැඩක් නෑ නේ පුංචි පුංචි ප්‍රශ්නෙකට උත්තර දෙන්න දැන් කාගේ පොත්ද පෙරලන්න වෙන්නේ? චීනේ මේ දවස් වල වෙන දේවල් දන්නවද? එහෙට මාවෝ සේතුං ආයිත් එන්නේ නෑ. ධනවාදය අපුවහම ඔක්කොටම ඔක්කොම හරියන්නේ නැහැ මහන්සිය උනන්දුව තියන කෙනාට හරියනවා නිකමුන්ට කෙලවෙනවා. ඔබ සිනහවෙන්නේ මට නොව ඔබේ ළමයාගේ අනාගතයට බව මතක තියා ගන්න. රජෙක් යටතේ යටත් වැසියන් ලෙස ජීවත් වන ඔබලා මා උපහාසයට ලක් කිරීමට උත්සාහ කිරීම විහිළුවකි. සමාජවාදය සැදීමට පෙර අඩු තරමේ තමන්ගේ රටේවත් යටත් වැසියෙකු නොවී පුරවසියෙක් වෙන්න. ඔබලා අඩුතරමේ යටත් වැසි භාවයෙන් මුදවා ගැනීමට හැක්කේ රනිල්ටද? බාහුටද? ටිල්වින්ටද? කුමාර් ගුනරත්නම්ටද? ..ටද?

      Delete
    2. එකක් අඩුයි. නැත්නම් පුර්ණ ධනවාදයටද?

      Delete
    3. @උදිත,
      //Ano බයිලා ඕන නැහැනේ ධනවාදයේ පරිධිය සහ කේන්ද්‍රය කියන අදහස "X" කණ්ඩායමේ දීප්ති කුමාර ගුණරත්න කියපු දෙයක් නේ. ඕක මුලින්ම 90 දශකයේ ලිපිවල ඔහුයි කිව්වේ දැන් 2012 දී ඒක කියන්නේ ලොකු ලොකු මොලෙන් හරියට ඔයාල සොයා ගත්ත ඔරිජිනල් අදහසක් වගේ // ඔහෙත් අනෙකුත් සියලුම ධනවාදීන් මෙන්ම සංවාදයේදී සහාසික ලෙස තුච්ච උපක්‍රම භාවිතා කරනවා වගේ. ඒකියන්නේ මේදිනවල සමාජවාදී පෙරටුගාමී පක්ෂයත්, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයත් අතර ඇති දේශපාලන ගැටලුව ආයුදයක් කරගෙන ඔයාගේ විලම්බ්ත කොමෙන්ට් ප්‍රශ්නකරන අයට නෙලන්න ඔය ලාමක උත්සාහයක යෙදෙනවා. අපි කිසිම තැනක අපි ලියු දෙයක් ඔරිජිනල් අදහසක් ලෙස කියල නැනේ. අදහස ගත්තු තැන වලට References දන්න මේක Research paper එකක් නෙමෙයිනේ, මේක කොමෙන්ට් එකක්. දෙවනුව අපි වාමාංශික සාහිත්‍යට දීප්ති සහෝදරයාගේ සාදනිය මැදිහත්වීම අතිශයෙන් ඇහෙකොට සලකනවා. ඒවගේම ලංකාවේ වාමාංශික සාහිත්‍ය පෝෂණය කරන්නේ දීප්ති සහෝදරයා විතරක් නොවන වගත් ඔහෙට මතක් කරනවා.
      ධනවදින්ගේ පහන් සංවේගයට දීප්තිගේ ත්‍රිමාණ වෙබ් අඩවියෙන් උපුටා ගත් කොටසක්,
      "ගම විනාශ කරන කෑදර ධනවාදය නම් සැබෑ සතුරා
      ලාංකීය තරුණයා ශිෂ්ටකරණය කිරීමට මෙන් ම ඔහුට වඩා හොඳ ජීවිතයක් ලබා දීමට මෙම ක්‍රමය අසමත් බවට වන තවත් එක් දේශපාලන හැඟවුමකි බඹර වලල්ල. ස්වභාවික මිනිසාගේ සත්ව ආශය ශිෂ්ඨකරණය කරනු වස් ලාංකික සන්දර්භය තුල පමණක් නොව ගෝලීයවද සබුද්ධිකත්ව ව්‍යාපාරයක් තවදුරටත් අත්‍යවශ්‍ය බවට සාධක ලොව පුරාම අද ඕනෑවටත් වඩා දක්නට ඇත. නුතන ලෝකය තවදුරටත් වලංගු වන්නේත් එම ශිෂ්ටකරණ ව්‍යාපෘතිය අවසානය දක්වා රැගෙන ආයුතු වන්නෙත් පොඩි එකාටත් වඩා ප්‍රභල සත්ව ආශයක් ලොව පුරා ක්‍රියාත්මක වන හෙයිනි. පවත්නා අධම ධනපති ක්‍රමය තම අඳුරු පැවැත්ම තුලට මිලියන ගණන් තරුණ තරුණියන් ගෝලීයව අවශෝෂණය කර ගනිමින්, ඔවුන් පුර්ණ වශයෙන් විනාශ කරමින් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටී. පොඩි එකා තමාට විනාශය අත්කර දුන් සමාජයෙන් පෙරළා පෙට්ටියක් අවශ්‍ය දැයි අසයි. මෙම දුර්දාන්ත ක්‍රමයට මිනී පෙට්ටියක් අවශ්‍ය වුයේ මීට දශක ගණනකට ඉහත දී නොවේ ද?"
      සම්පුර්ණ ලිපියට සබැදිය:http://3mana.com/%E0%B6%9C%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1-%E0%B6%9A%E0%B7%91%E0%B6%AF%E0%B6%BB-%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA-%E0%B6%B1/

      Delete
    4. correction; අතිශයෙන් ඇහෙකොට--> අතිශයෙන් අගේකොට

      Delete
  6. ඔක්කොම ඇත්ත.ඒත් රනිල් කිව්වේ එ.ජා.ප ය අංශක 360කින් හැරෙනව කියල. අපි දන්නවිදියට නම් ඒකේ තේරුම ආපහු හිටපු තැනම ඉන්නව කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත නේන්නම්. රනිල් කවදාවත් බොරු පොරොන්දු දෙන නායකයෙක් නෙමෙයි. ඔය ඉඳලා හිටලා චුයිං ගම් කතාවක් කිව්වට. රනිලුත් මේ රාමචන්ද්‍රලා, උදිතලා වගේ තමයි. මාස්ටර් බ්‍රේන්. හැබයි ප්‍රායෝගික නෑ.
      Master brain but impractical... :D :D

      Delete
  7. රනිල්/රෝසපාට/

    වගේ වචන ඇහෙද්දි මට මතක් වුනේ ගෑල්ලමයි අදින රෝස පාට එක.

    ඒ තරමට එපා වෙලා !

    ReplyDelete
    Replies
    1. අන්න අර්ජුනත් ගිහිල්ලා.
      මට බය අනෝමා නෝනත් යයිද කියලා..

      සදා සොත්ති බවන්තුතේ...!!!

      Delete