Friday, July 27, 2012

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්ට මහාචාර්ය නලින් ද සිල්වා අභිමුඛ වීම


විශ්ව විද්‍යාලයිය ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ අති බහුතරයක් විශ්ව විද්‍යාල වල කටයුතු නතර වී තිබේ.මෙය මෙරට විශ්ව විද්‍යාල  "මුදා නොගත් කලාප" බවට පත්ව ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිතර පුනරුච්චාරනය කරන ප්‍රකාශය සනාථ කරන නිදර්ශනයක් ලෙස දැක්විය හැක.මෙරට විශ්ව විද්‍යාල එක්තරා ආකාරයකින් ආන්ඩුවේ අන්තනෝමතිකභාවයට එරෙහි විරෝධය පෑමේ කලාපයක් ( zone of resistance) බවට මේ වනවිට පත්ව තිබේ.මිලිටරි පන්න‍යේ නායකත්ව පුහුනු,බිය වැද්දීම්,සිසුන් අත්අඩංගුට ගැනීම් යනාදී ක්‍රමෝපායන් සියල්ල අවසානයේත් ආන්ඩුවට මෙරට  සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය හීලෑ කරගත‍ නොහැකි වී තිබේ.
එබදුම තවත් කුලකයක් ලෙස සරසවි ආචාර්යවරුන්ගේ ක්‍රියාකාරීත්වය මේ වනවිට වර්ධනය වෙමින් තිබේ යැයි යෝජනා කල හැක.

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයේදී මතු කෙරී තිබෙන ඉල්ලීම් වල ස්වභාවය විසින් එය  සාමාන්‍ය වෘත්තිය සමිති සටනකට එහා ගිය වඩා බැරෑරුම් සටනක් බවට පත් කෙරී තිබේ.පොදු අධ්‍යාපනය සදහා කෙරෙන රාජ්‍ය ආයෝජනය ඉදිරි වසර කිහිපය තුල නැංවිය යුතුය යන්න ඔවුන්ගේ මූලික සටන්පාඨයකි.

පොදු අධ්‍යාපනය පිලිබද සටන්පාඨය පවතින අධිපති නව ලිබරල් ආර්ථික සැකැස්මේ සුජාතභාවය ප්‍රශ්න කිරීමේ විභවය සහිත ඉල්ලිමකි.මෙවැනි ඉල්ලීමක් අනුව කටයුතු කිරීමට නම් රජයට සිය ආර්ථික උපාය මාර්ගය සම්පූර්නයෙන්ම කන පිට හැරවීමට සිදුවනු ඇත. පසුගිය දිනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් තවත් නය වාරිකයක් අනුමත කල අතර රජයේ ආර්ථික වැඩපිලිවෙල ගෝලීය ධනවාදය සමග පවත්වා ගන්නා මෙම සන්ධානය මත රැදී පවතී.අධ්‍යාපනය සදහා කරන වැය ඇතුලු රාජ්‍ය සුබසාධන වියදම් අනවශ්‍ය බරක් ලෙස දකින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ආයතන ඒවා කප්පාදු කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරනය කරයි.ඔවුන් නය අනුමත කරන්නේ එම නිර්දේශ බලාත්මක කරන රාජ්‍යයන්ටය.රජය අනුගමනය කරන ආර්ථික චින්තනයේ තාර්කික ආනුශංගයන් වනුයේ පොදු අධ්‍යාපනයට කෙරෙන වැය කපා දමමින් අධ්‍යාපන පෞද්ගලිකකරනය සදහා වැඩි බරක් තැබීමයි.

අධ්‍යාපන පුද්ගලිකකරනය පිලිබද විවාදයේ දී පුද්ගලිකකරනයට එරෙහි පාර්ශවය නියෝජනය කිරීමට වසර කිහිපයකට පෙර සිටියේ ස්වල්ප බලවේග ප්‍රමානයකි.උදාහරනයක් ලෙස මේ දිනවල නිතර උපුටා දැක්වෙන අධ්‍යාපනය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කල යුතු බවට වූ සටන්පාඨය වසර කිහිපයකට පෙර දක්නට ලැබුනේ ශිෂ්‍ය සංවිධාන විසින් කෙරෙන ප්‍රකාශනයන් තුල පමනි.එහෙත් දැන් ක්‍රමයෙන් එම සටන්පාඨය සදහා වන පිලිගැනීම වර්ධනය වෙමින් තිබේ.මෙය ඉදිරියටත් වර්ධනය වුවහොත් එබදු සටන්පාඨයක් හුදෙක් කැම්පස් කොල්ලන්ගේ සිතලුවක් ලෙස සමාජය ඉදිරියේ අර්ථනිරූපනය කොට ලිස්සා යාමට රජයට තිබෙන හැකියාව බරපතල ලෙස සීමා වනු ඇත.

පොදු අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන ඕනෑම උද්‍ඝෝෂනයක්,අරගලයක් සමාජ ආර්ථික පදනමක් මත සිදුකෙරෙන අරගලයකි.යුද්ධය පැවති යුගයේ දීත් පසුගිය දිනෙක දඹුල්ලේදීත් අප දුටු ලෙස මහජන පරිකල්පනයන් සහ පෙලගැසීම් මූලික වශයෙන් භ්‍රමනය වනු දක්නට ලැබුනේ වාර්ගික අක්ෂයක් වටාය.සමාජ ආර්ථික පසමිතුරුතා වෙනුවට වාර්ගික පසමිතුරුතා අධිනිශ්චය වීම පාලක ප්‍රභූවේ පැත්තෙන් ගත් කල වාසිදායක තත්වයකි.වාර්ගික අක්ෂය වෙනුවට දේශපාලන කතිකාවත සමාජ ආර්ථික අක්ෂයක් මත වූ බෙදීමකට ලක්කිරීමේ හැකියාව ආචාර්යවරුන්ගේ අරගලය විසින් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධ සිත්ගන්නා සුලු නිදසුනක් පසුගිය දිනෙක රූපවාහිනි විවාදයක දී දැකගන්නට ලැබුනි.එම විවාදයට සහභාගී වූ මහාචාර්ය නලින් ද සිල්වා සෘජුව ප්‍රකාශ කරනු ලැබූයේ මෙවැනි වැඩවර්ජන මගින් පවතින ආන්ඩුව අපහසුතාවයට පත්වන බවත් මේ මොහොතේ ජාතියේ ප්‍රමුඛතාවය ලැබිය යුත්තා රනවිරුවා මිස ‍අධ්‍යාපනය නොවන බවත්ය.නලින් ද සිල්වාට විපක්ෂව එදින හෙල උරුමයේ සාමාජිකයෙක් වන අනුරුද්ධ ප්‍රදීප් වාඩි වී සිටි අතර එහිදී ජාතිකවාදී ප්‍රදීප් ජාතිකවාදී සිල්වාගේ කටුක වාග් ප්‍රහාරයකට ගොදුරු වූයේය.

ඇත්තෙන්ම නලින් ද සිල්වා එහිදී නිවැරදිය.මෙබදු සමාජ ආර්ථික සටනක් පාලක ප්‍රභූවේ පැවැත්ම ආරක්ෂා කර දෙන රනවිරු දෘෂ්ටිවාදය සමග පැහැදිලිවම විසංවාදී වේ.වාර්ගික ජාතිකවාදය නඩත්තු කිරීම සදහා මිලියන ගනනින් යුද වියදම් සම්මත කිරීමට සිදුව තිබෙන සන්දර්භයක් තුල අධ්‍යාපනය සදහා වියදම් වැඩි කරන්නේ කෙසේද?මෙහිදී අනුරුද්ධ ප්‍රදීප්ලාට එක්කෝ රනවිරුවා ( අධිපති සිංහල ජාතිකවාදය)  නැතිනම් අධ්‍යාපනය යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවනු ඇත.මලී ටෙලිනාට්‍යයේ නිර්මාල් මහතාට මෙන් ගැමි මලීටත් නාගරික මධුරංගීටත් දෙදෙනාටම පෙම් කිරීම ප්‍රදීප්ලාට දිගටම සිදුකල නොහැක.

දැන් අවශ්‍යව තිබෙනුයේ අධ්‍යාපන අයිතිය පිලිබද අරගලය ආචාර්යවරුන්ගේ සටන නැමැති සීමාවෙන් ඔබ්බට ගිය සමාජ සටනක් බවට පරිවර්තනය කර ගැනීමය.මෙබදු අරගල වටා මහජන පරිකල්පනය පෙලගැසෙන තරමට අවුල් වන්නේ ආන්ඩුව අනුදත් නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයයි.එහිදී ආන්ඩුව අර්බුදයට යන්නේ මෙය කිසිවෙකුගේ දුෂ්ට කුමන්ත්‍රනයක් නිසා නොව ආන්ඩුව යනු එම නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයේ පරම ආරක්ෂකයා වන නිසාය.





42 comments:

  1. නලින්ද සිල්වා මහතා ආවා අපේ පාසලට දේශනයකට.

    එදා තමයි එතුමව සෑමා මුලින්ම දැක්කේ. !

    ReplyDelete
    Replies
    1. බලපන් උඹ මේ වගේ ලිපියකට දාලා තියෙන කොමෙන්ටුව.දැන් උඹ නලින් ද සිල්වා මුලින් දැක්ක එකයි මේ පෝස්ට් එකට කොහොමද අදාල වෙන්නෙ?උඹලා හින්ද මේ බ්ලොග් අවකාශේ ලාමක ටින් ටින් ටින්කිරි ලෝකයක් වෙලා

      Delete
    2. අනේ එහෙම කියන්න එපා.. මේ අභිමුඛ වීම, සන්දර්භය වගේ බර වචන දාල තියෙන කොට ඒ හුජ්ජ කොල්ල වෙන මොනව ලියන්නද?

      Delete
    3. මේක පෝස්ට් එකට අදාළ නැහැ. නමුත් මේ කමෙන්ට් වලට අදාළයි.

      මම සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ බ්ලොග් එකක් ලිවීම කමෙන්ට් කිරීම වගේ දෙයක් කරන්න සාමාන්‍ය මට්ටමේ බුද්ධියක් හොඳටම ඇතියි කියලා. ඒත් දැන් ඒ මතය වෙනස් කරන්න වෙලා ලියැවෙන කමෙන්ට් වලට වැටෙන දේවල් දිහා බැලුවාම. විශේෂයෙන්ම මෑතකදී බ්ලොග් ලියන්න පටන් ගෙන ඇති "තරුණ පරපුර" නම් ලියන ඒවා කියවන්නත් දුකයි. මෙච්චර මැට්ටෝද දැන් බ්ලොග් ලියන්නේ, කමෙන්ට් කරන්නේ කියලා හිතෙනවා. මේ පෝස්ට් එක හා ඊට දා ඇති කමෙන්ට් දිහා බැලුවාම තත්ත්වය පැහැදිළි වේවි.

      http://nonimiahasa.blogspot.com/2012/07/blog-post_27.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+theUnlimitedSky+%28%E0%B6%B1%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%83+%28The+Unlimited+Sky%29%29

      රංගත් මේ සෙට් එක ගැනම "අපි ආයෙමත් යන්නෙ පිටිපස්ස්ටද?" කියල ලියලා තිබුණා.

      http://r4ng4.blogspot.com/2012/07/blog-post_15.html

      මේක අපේ අධ්‍යාපනයේ අවුලක්ද?

      Delete
    4. දැන් මේක මෙතැන ලියලා ගිහින් කතන්දරගේ බ්ලොග් එක බැලුවා විතරයි, එකෙක් එතැන මෙහෙම කමෙන්ට් එකක් දාලා.

      "රාවය පත්තරේ නේද වික්ටර් අයිවන් හිටියේ ??"

      තව ටික දවසකින් මුන් මෙහෙමත් අහයි. "රාජපක්ෂ කියන්නෙ කවුද, ආ අර ලංකාවෙ ජනාධිපති නේද?"

      රාමචන්ද්‍ර මහත්තයෝ, දෙනවද මට බනිස් ගෙඩියක්, කාලා බේරෙට පනින්න? ඒක හොඳයි මුන් ලියන මැටිකතා කියවනව ට වඩා.

      Delete
    5. අනික මේ කොලුවට බනින්නත් බෑ. සූස්තිගුණේ කිවා වගේ මුළු පෝස්ට් එකේම තේරුණු එකම දේ නලින් ද සිල්වාගෙ නම වෙන්න ඇති. මොනවා හෝ ලිවිය යුතුයි කියල හිතුණු නිසා ලිව්වා.

      මීටත් අන්ත පිරිසක් ඉන්නෙ "මං එක" මං දෙක" කියලා සිඟිති ආතල් ගන්න.

      Delete
    6. අපි යන්නේ කොහෙද කියල කියල අහන්න ඉස්සෙල්ල ඔය කොයි කවුරුත් තමන් බීපු ලිකර් ජාති, කාපු කෑම ජාති, ගිය රටවල්, කෂඩ ජෝක් ගැන පෝස්ට් දාල නයි ඇරල ගත්ත ගොං ආතල් ගැන පොඩ්ඩක් හිතුවනං තවත් ශෝයි මෙයා!

      Delete
    7. @AnonymousJuly 28, 2012 5:46 AM

      උබ රංගට/රමේෂාට කඩේ යන නිසාත්, උදාහරනයක් විදිහට බ්ලොග් ලින්ක් එකක් දාපු නිසාත් කියන්නේ. උබ කියන්නේ ඒ බ්ලොගේ කොලු සීන් එකක් ලියපු එක වැරදී කියලනේද?

      පස්ස පැත්තෙ ඇගිල්ල ගහලා ලෙවකාල බලපං උබ කඩේ ගිය රමේෂා ලියන්නෙත් අසහනයෙන්.. මේ තියෙන්නේ සුද්දෙක් කොල්ලෙක්ට ඇරපු හැටි..

      http://magejointeka.blogspot.com/2012/07/blog-post_27.html

      Delete
    8. //රංගත් මේ සෙට් එක ගැනම "අපි ආයෙමත් යන්නෙ පිටිපස්ස්ටද?" කියල ලියලා තිබුණා.//

      බ්ලොග් එක පරන නිසා, මේල් විදිහට එන විහිළු කතා බ්ලොග් පොස්ටි විදිහට දාන එකෙක් ලස්සනට ලියන බ්ලොග් කරුවෙක් වෙන්නෙ නැහැ. උන්ට තියෙන්නේ කුහක කම.. මොකද අලුත් එවුන් උන්ට වඩා හොදට ලියලා තැනකට එන නිසා. උන්ට ලියන්න බැරි නිසා..

      පව් කොල්ලෝ.. තනියම බල්ටි ගගහා ඉදලා දැන් බ්ලොග් වැඩි වෙද්දි බෙට්ට හිර වෙලා කෙදිරි ගානවා..

      Delete
  2. jathewadaya keyanne wenashaya.

    ReplyDelete
  3. මේ ලංකාවේ අද පවතින දේශප්‍රේමය යනු හැවකි.තම බඩගෝස්තරය සහ පැවැත්ම වෙනුවෙන් දා ගත් මේ හැව බඩගෝස්තරය වෙනුවෙන්ම ගලවන්නට සිදුවීම නම් අපුරු සරදමකි.

    ReplyDelete
  4. ඒ කියන්නෙ මේක පඩි වැඩි කරගන්න සටනක් හරි, වෙනත් සුභසාදන ගැටලුවක් නෙමෙයි වගේම පටු දේශපාලන කඹ ඇදිල්ලක් නෙමෙයි. ඒ අර්තයෙන් ගත්තම මේක තමයි අදට අවශ්ය දේශපාලන මතවාදී අරගලය....

    හැබැයි රජෝ ඕක ඔය ආචාර්ය වරුන්ට තෙරුන දාට ඔය අරගලේ ඉවරයි. එයාල තවම ඉන්නෙ පඩි වැඩි කරගන්න අරගලේ.

    ReplyDelete
  5. "නිර්මාල් මහතාට මෙන් ගැමි මලීටත් නාගරික මධුරංගීටත් දෙදෙනාටම පෙම් කිරීම ප්‍රදීප්ලාට දිගටම සිදුකල නොහැක." - නියම උදාහරණය.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධලා (හා ජාතික හෙළ උරුමය) තමන්ගේ බඩට මිස වෙන කිසිවකට පෙම් කරන මිනිසුන් නෙවෙයි. අඩු ගාණේ අවංක ජාතිවාදයක් වත් මුන්ට නෑ. නලින් ද සිල්වාගේ ජාතිවාදය ඊට සාපේක්ෂව අවංකයි. නලින් ද සිල්වලා දන්නවා අධ්‍යාපනයට 6% දෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂක වියදම් කැපීමක් කියලා. (වෙන කොහෙන් අඩු කරන්නද?) ඉතින් නලින් ද සිලා ඔහු ඉන්න තැන අනුව ඒක රැක ගන්න සටන් කරන එක හරි. අනුරුද්ධ ප්‍රදීප්ලාට ඒ අවංක භාවය නෑ.

      Delete
    2. අනුරුද්දය හිතන්නේ බඩ ගැන නෙවෙයි, ඊට ටිකාක් පහලින් තියෙන එකක් ගැන. එව ගැන හොඳ කතා තියෙනව.

      Delete
    3. වෙන්න පුළුවන්. හෙළ උරුමයේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේම වැඩි දෙනෙකුට සියල්ලටම වඩා වැදගත් වෙලා තියෙන්නේ ඔය බඩට පහළින් තියෙන ඉන්ද්‍රිය තමයි. සමහරවිට ඔය ඉන්ද්‍රියෙ මොකක් හරි සම්බන්ධයක් ඇති ධර්ම රාජ්‍යය එක්ක.

      Delete
  6. //දැන් අවශ්‍යව තිබෙනුයේ අධ්‍යාපන අයිතිය පිලිබද අරගලය ආචාර්යවරුන්ගේ සටන නැමැති සීමාවෙන් ඔබ්බට ගිය සමාජ සටනක් බවට පරිවර්තනය කර ගැනීමය//
    එක් එක් අවස්තාවන් වලදී සටනින් ඉවත්වන අනුරුද්ධ ප්‍රදීප්ල ඔය හෑම තැනකම ඉන්නව.

    ReplyDelete
  7. රාමචන්ද්‍ර මහත්තයෝ, ඔබ වගේ කෙනෙකුත් ඇයි මේ ෆැන්ටසි සිහින දකින්නේ? ඔබ හිතන්නෙ විශ්ව විද්‍යාල ඇදුරනුත් කම්කරු පන්ති විඥානය ලබාගෙන ඔබේ විප්ලවයට එකතු වෙලා කියලද? බලාන ඉන්න. ඔය 6% කතා, පෞද්ගලික විශ්වවිද්‍යාල කතා ඔබට මිස උන්ට වැදගත් නෑ. (නිර්මාල්ට පෞද්ගලිකව වැදගත් ඇති. සමස්ත ඇදුරු ප්‍රජාවට නෙවෙයි.) නමුත් රෙදි ඇඳෙගෙන ලක්ෂ දෙකක මාසික වැටුප් ඉල්ලන්න බෑනෙ කම්කරුවො ගොවියො අපා දුක් විඳිද්දි. ඉතින් හදා ගන්නවා හෙළුව වහ ගන්න අමුඩයක්. දැන් මොකද්ද ආණ්ඩුව කරන්නෙ? 6% දෙනවට වඩා සීනි බෝලයක් දීම පහසුයිනෙ. ඉතින් දෙනවා. දුන්නායින් පසුව මුන්ට 6%කුත් ඕනැ නෑ. වෙන මොකවත් ඕනැත් නෑ.

    ඒ අතින් අවස්ථාවාදී අනුරුද්ධ ප්‍රදීප්ට වඩා නලින් ද සිල්වා අවංකයි. එයා තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් අවංකව සටන් වදිනවා. අනුරුද්ධ ප්‍රදීපලා සටන් කරන්නේ තමන්ගේ පඩිය වැඩි කර ගැනීම පිණිස පමණයි.

    ReplyDelete
  8. වාද පිටියේ සාකච්චාවේදී නිර්මාල් වරෙක කියනවා "අපි, අපේ සියලුම ඉල්ලීම් දිය යුතුයැයි කියන්නේ නැහැ" කියලා.දැන් ආණ්ඩුව යෝජනාවක් ගෙනාවොත් එක්කෝ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම අතාරින්න. නැත්නම් පොදු අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන් කිරීමේ ඉල්ලීම අතාරින්න කියලා....මේ ගොල්ලෝ මොකක් අතාරින්න කැමති වේවිද? :-)

    ReplyDelete
    Replies
    1. ආන්න තෙරුනා...
      දැන් දීපල්ලකො උත්තර

      Delete
    2. නිර්මාල් නම් පැහැදිලිව කිව්වා "අපි කිව්වා පඩි අයින් කරල මේ ප්‍රස්නේ විසදන්න කියල අපි කිව්ව කීප පාරක්ම" කියල.
      නිර්මාල් කිව්වේ මේක පඩි ප්‍රස්නෙට වඩා දුර යන අධ්‍යාපනයේ කඩා වැටීම නවත්ත ගන්න වෑයමක් විදියටයි. ඔයාට ඒකම ඇහුනේ නැත්තේ ඇයි දන්නේ නෑ??

      Delete
    3. අවංකවම සමාවෙන්න. මට සම්පූර්ණයෙන් බලන්න බැරිවුනා. නමුත් පෞද්ගලිකව මගේ මතය නම් මේ රටේ වි.වි.අචාර්යවරු බහුතරයකට මේ රටේ අධ්‍යාපනයේ දියුණුව ගැන අවංක හැඟීමක් නෑ කියන එක. එතනදී මොනවා කිව්වත් මටනම් හිතෙන්නේ මේ 6% කතන්දරේ එකතු වෙන්නේ වැඩි වැටුප් ඉල්ලීමේ සටනට සුජාත භාවයක් ගේන්න. ඒ වගේම වි.වි.අචාර්යවරු දීමනාත් එක්ක හොඳ වැටුපක් ලබනවා.මේ රටේ වැටුප් වැඩි කරන්න ඕනේ මිනිස්සු මීට වඩා ගොඩක් ඉන්නවා.

      Delete
    4. හරි බොස්, සමාව ඉල්ලන්න දෙයක් නැහැ, හැබයි ඔයාගේ හිතලු සාධාරණීකරනය කරන්න මේක අදාල කරගන්න එපා. විශ්ව විද්‍යාල ආචාර්යවරු බහුතරයකට රටේ අධ්‍යාපනයේ දියුනුව ගැන මොන හැඟීමක් තිබ්බත් වැඩක් නැහැනේ.

      ඒ ගොල්ලොද රටේ අධ්‍යාපනය ගැන තීන්දු තීරණ ගන්නේ?

      නැහැ! රට කරවන එකාලයි උන්ගෙ ඇමතියොයි policy decisions ගන්නේ!

      Delete
    5. @සූස්තිගුණේ,

      මේ බ්ලොග් අවකාශයෙ ඉන්නවා "ඊ-මේල් කවිකාරි" කියා චරිතයක්. ඇය ලංකාවේ විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයකුගේ භාර්යාව. ඇය දින කිහිපයකට පෙර කතන්දරගේ බ්ලොග් අඩවියේ තැබූ කමෙන්ට් කිහිපයක කොටස් උපුටා දක්වන්නේ මේ ඇදුරන් සිටින මට්ටම ගැන ඔබට අවබෝධයක් දෙන්න.

      මෙන්න අහගන්න.

      "ඇනෝ මම කීවෙ නැහැ අපට පඩි මදි කියා... මොකද ආයතන තුනකින්ම අපේ ගෙදරට පඩි ලැබෙනවා. විශ්ව විද්‍යාලයෙන්, ඇදුරු සම්භන්ද කොමිසමෙන් හා අපිටම අයිති ආයතනයෙන්. ආ තව අමතක උනා කියන්ට ඉන්ධන වලටත් දීමනා....තව මගෙ ඇදුරට විශ්ව විද්‍යාලයෙං කිරිකිරි කාර් එකක් රියැදුරෙක් එක්ක දීල තියෙනවා. ඒ නිසා ගෙදර තියෙන වාහන දෙක පුතාටයි මටයි පාවිච්චියට .ඔක්කොම එකතු උනාම නරකම නැහැ. තව NRFC ඩොලර් වලින් ලැබෙන පොලී... මම මුලිනුත් කිව්වානේ මම කතාකලේ අතිරේක වැඩ කරන්ට අවස්තාවක් නැති අනෙක් ඇදුරන් ගැන මිසක් ඉංජිනේරු විද්‍යාව උගන්නන අය ගැන නොවෙයි..."

      "මේක ඔයාලවගේ අයට නයෙක් උනාට අපේ සමාජෙ ජීවත්වෙන, මගෙ පුතාගෙ වයසෙ දරුවන්ගෙ ජීවිත වල යතාර්තය. සැප සම්පත් ලබන්ට වාසනාවත් පෙර පින් බලයත් තියෙන්ට ඕනැ මම විස්වාස කරන හැටියට. ඒවගෙම හොඳ දෙමාපියන් ලබන්ටත් පින් බලය ඕනෑ."

      http://kathandara.blogspot.com/2012/07/has-world-really-changed-for-good.html?showComment=1343271156841#c5998229209149333805

      Delete
    6. //ඔයාගේ හිතලු// -: අපි හැමෝම ප්‍රකාශ කරන්නේ අපේ හිතලු/මත තමයි.

      //විශ්ව විද්‍යාල ආචාර්යවරු බහුතරයකට රටේ අධ්‍යාපනයේ දියුනුව ගැන මොන හැඟීමක් තිබ්බත් වැඩක් නැහැනේ.//-:
      වැඩක් තියෙනවා.බහුතරයකට එවන් හැඟීමක් නැති බවට වන දැනගැනීම නිසා තමයි මෙය සැරසිල්ලකින් සැරසූ තවත් එක් වැඩි වැටුප් ඉල්ලීමේ සටනක් පමණක් බව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.

      //රට කරවන එකාලයි උන්ගෙ ඇමතියොයි policy decisions ගන්නේ //-:
      policy decisions ගන්න අයට බලපෑම් කරන්නනේ මේ අරගලය කරන්නේ.මේ අරගලයට ලොකු ජනතා සහයක් හිමිනම් ආණ්ඩුවට ඒ ගැන හිතන්න වෙනවා. (ආණ්ඩුවේ පැවැත්ම, ජනප්‍රියත්වය ගැන සළකා). නමුත් ජනතා සහයක් මේ අරගලයට තියෙනවාද?

      Delete
    7. මේ වගේ එළදෙන්නුත් ඉන්න එපෑය. එතකොටනේ ඩයිවසිටි එක වැඩි වෙන්නෙ.

      පෙර පින් බලයෙන් වෙනව නම් නිර්මාල්ටත් තිබ්බෙ බෝදිපුජාවක් තියෙන්න. හිහ් හිහ්!

      Delete
    8. @තපස්,

      ජනතා සහයක් නැති වුනත් තිබුනත් වරජනේ යයි. ලන්කාවේ ජනතාව කියන කට්ටිය ගැන කතා නොකර ඉන්න තරමට හොඳයිනේ. මැරවින් සිල්වා පාර්ලිමේන්තු යවන ජනතාවක් නේ ලොක්කා අද අපිට ඉන්නේ. එහෙව් ජනතාවට වි.වි ආචාර්යවරයෙක් කියන්නේ මොකෙක්ද, වි.වි තියෙන්නේ මොකටද වගේ දැනුමක්වත් තියෙයිද?

      නීමාල්ලා වගේ ඉන්න ටිකත් UN එකේ මොකක් හරි සෙට් කරන් ගියොත්, Physics, chemistry එවුන් ටිකත් පිට පැන්නොත්, වෙන්නේ මේ රටේ අධ්‍යාපනයත් රාජපස්සලාට, බල්ලට යන එක තමයි. ඒක කරගන්නද ඕනේ?

      Delete
    9. ඕකනම් නිතරම මතුවෙන,හොඳට අහලා පුරුදු කතන්දරයක්. වි.වි.ආචාර්යවරයෙකුගේ වරදකට එරෙහිව කථා කළොත්, මුලින්ම මතුවෙන අදහස තමයි "අපොයි, ඒ ගොල්ලන්ට මොකුත් කියන්න එපා.ඒ ගොල්ලෝ රට දාලා යයි යන්න" කියන එක. ඉතින් ඕනේ බලු වැඩක්/ කැත වැඩක් ඉවසන්න ඕනේ. (අමනාප ළමයින්ට exam අන්නන එක, ලස්සන girls ලාට class දෙන එක...) හෙහෙ....!!!

      Delete
    10. වි.වි. ආචාර්යවරයින්ගෙ වැරදි තියෙනව නම් ඒක වෙනම පෝස්ට් එක්ක සාකච්චා කරන්න. ඒවයි මෙවයි පටලගන්න එපා. එහෙම වැරදිත් ඇති. ඒත් මේ කතාකරන්නෙ අවුරුදු 20 කට පස්සෙ වර්ජනය කරපු කට්ටියක් ගැන. රටේ ජාතික අද්යාපනය ගැන ඉල්ලීමක් කරන කට්ටියක් ගැන. එහෙම මේක දාලා පිටරට යන්ඩ බැරි කෙනෙක් නම් මම දැකලා නැහැ. 15% ආචාර්යවරු ගියොත් ලමයින්ට උගන්නන්නේ නාමල්ගේ නිල්බලකායේ "අයියලාද"?

      Delete
    11. සූස්තිගුණේ, උඹයි මායි රාමචන්ද්‍රයි දන්නවනෙ අපේ විශ්වවිද්‍යාල වලින් පිටරටක ජොබක් සෙට් කරගෙන යන්න පුළුවන් පිරිස කොයිතරම් සුළු ප්‍රතිශතයක්ද කියලා. ඇත්තටම එහෙම පුළුවන් එවුන් දැනටමත් ගිහින්. රොඩ්ඩ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඔය අනුරුද්ද ප්‍රදීප් වගේ එකෙකුව ගන්නෙ මොන යුනිවසිටි එකද? ඌට හරියට ඉංග්‍රීසි වත් කතා කරගන්න පුළුවන්ද, විෂය දැනුම ගැන සම්පූර්ණයෙන්ම අමතක කළත්? ඌ වගේ එකෙකුට යන්න පුළුවන් ඉහළම තැන තමයි ඔය. නිර්මාල්ලා නම් ඔන්න මොනවහරි කර ගනියි. නමුත් ඒ සුළු ප්‍රතිශතයක්. ඉතින් මේ මෝඩ තර්කෙ පැත්තකින් තියලා කතා කරමු.

      Delete
    12. මචං මම දන්න තරමින් සයන්ස් ෆැක් වල උගන්නන අයට එක්කෝ විදේශිය සමාගමක, එහෙම නැත්තම් වි.වි ක ජොබක් ගන්ඩ පුලුවන් ගේමක් නැතුව. තුන්වැනි ඔප්ශන් එක පුද්ගලික අංශයේ කන්සල්ටන්සි රැකියාවක්. මෙඩිකල් සහ ඇග්‍රී ගත්තත් කතාව එකයි. ලෝ/මැනේජ්මන්ට්/කොමර්ස් උගන්නන අය කොහොමත් ගොඩ. ආර්ට්ස් සබ්ජෙක්ට් උගන්න අයගෙන් බහුතරයකට ඉකොන් ඇතුලුව විදේශීය වි.වි ක හෝ අන්තර්ජාතික සංවිදානයක ජොබක් ගන්න පුලුවන්.

      ඒත් මේ ප්‍රවේශය වැරදියි! උන්ට යන්ඩ බැරි-පුලුවන් කම් උඩ නම් අපි මේක තීරණය කරන්නේ අපි ඉන්න තැන ගැන හිතල බලන්න.

      Delete
    13. මේ තර්කය ගෙනාවේ ඔබ...

      // නීමාල්ලා වගේ ඉන්න ටිකත් UN එකේ මොකක් හරි සෙට් කරන් ගියොත්, Physics, chemistry එවුන් ටිකත් පිට පැන්නොත්, වෙන්නේ මේ රටේ අධ්‍යාපනයත් රාජපස්සලාට, බල්ලට යන එක තමයි. ඒක කරගන්නද ඕනේ?//

      //මේක දාලා පිටරට යන්ඩ බැරි කෙනෙක් නම් මම දැකලා නැහැ. 15% ආචාර්යවරු ගියොත් ලමයින්ට උගන්නන්නේ නාමල්ගේ නිල්බලකායේ "අයියලාද"?//

      දැන් කියනවා..

      // උන්ට යන්ඩ බැරි-පුලුවන් කම් උඩ නම් අපි මේක තීරණය කරන්නේ අපි ඉන්න තැන ගැන හිතල බලන්න...// හෙහෙ...!!


      මමත් අහන්නේ "අනේ මුන් තරහවෙලා යයි යන්න" කියන බයටද මේ තීරණ ගන්න ඕනේ? :-)

      Delete
    14. @තපස්

      "මුන් ගියොත්" කියන එක සිදුවිය හැකි එක ආන්තික සිදුවීමක් විනා තර්කයක් නොවේ. ආණ්ඩුවේ සහ රට කරවන රාජපස්සලාගේ අවශ්‍යතාවය තෝරාගත් ආචාර්වරුන් කීප දෙනෙක් හට "පල නොකියා පලා බෙදීමද" යන සැකය පලමුව මතුකලේ W3 ලංකා බ්ලොග් අඩවියේ පැරකුම්ය. මෙවැනි යටිකූට්ටු වැඩපිලිවෙලක් ක්‍රියාත්මකවීමේ සම්භාවිතාවය විශාලය. මේ ආන්ඩුව විසින් මෙතෙක් කර ඇති තකතීරුකම් දෙස බලන විට "එකක් කඩතොලු මකා ගන්නට ගොස්" රොත්තපිටින් රටපැටවුනොත් වන අභාග්‍යය ගැන සඳහන් කෙරුනේ එවැන්නක් සිදුවුවහොත් අපට කට උත්තරත් නැති බව මතක් කිරීමට විනා තර්කයක් ලෙස නොවේ.
      හෙහ්.. හෙහ්.. එවැන්නක් සිදු වුවහොත් අපට සිදුවනු ඇත්තේ අතීසාරයට අමුඩ ගහපු එකා අනුගමනය කිරීමටය.

      දැනටමත් අවුල්ජාලාවක් වී ඇති අද්‍යාපන ක්ශේත්‍රය ගොඩ ගැනීමට අපට විසදුමක් ඉදිරිපත් කලේ මේ පිරිසය. ඒ ඇමතියන් කියන ජෝකර්ලා සිසුන්ට හමුදා පුහුනුව දීම වැනි අමන ගොංපාට් දාන අවස්තාවකය. අද ලංකාවේ විශ්ව විද්‍යාලවල පලමු පෙල සමර්ත ලැබූවන් වි.වි. පද්ධතියට අවෂෝෂණය කිරීම්ට තරම් වත්කමක් නැත. උන් දැනටමත් පිට රටවල සහ පෞද්ගලික අංශයේ රැකියාවලට යති. ඉන්න එවුන් ටික කතාකරන්නේ අනාගතය ගැනය.

      "උන් ගියොත්" යන්න තර්කයක් නොවේ. රටක වි.වි ප්‍රජාව ගැන තීරණ ගත යුත්තේ "උන්ට යන්ඩ තැන් නැද්ද තියෙනවද" යන්න උඩ නොව, උන්ගේ සේවය දිගු කාලීනව රටට සැලකිය යුතු සාධනීය යමක් එකතු කරන්නේද යන්න උඩය, වි.වි වල කාර්යභාරය උඩය, වි.වි වලින් බිහිකරන නිදහස් මතධාරීන් රටේ ප්‍රජතන්ත්‍රවාදයට සුරැකුමට දායක වන අන්දම ගැන විමසා බලාය.

      හුහ්!

      Delete
    15. තර්කයක් ලෙස ගත හොත් විශ්ව විද්‍යාල ඇදුරන්ට විතරක් නොව අපේ රටේ වඩු බාස්ලාටද, ලොරි ඩ්‍රැයිවර්ලාටද, ගෘහ සේවිකාවන්ටද වෙනත් රටවල වැඩි පඩි සහිත රැකියා අවස්ථා තිබේ. ලංකාවේ ලොරි ඩ්‍රැයිවර් කෙනෙක් හම්බ කරනවාක් මෙන් දහ ගුණයක පමණ වැටුපක් මැද පෙරදිගදී උපයා ගත හැකිය. නමුත් අනේ ලොරි ඩ්‍රැයිවර්ලා ඔක්කොම රට ගියොත් අපේ රටේ ලොරි එළවන්නෙ කවුදැයි කියා අසා අපි ඔවුන්ගේ පඩි වැඩි නොකරමු. ඒ 1. කොයිතරම් වැටුප් වෙනසක් තිබුණද අපේ රටේ ලොරි ඩ්‍රැයිවර්ලා සියළු දෙනා රට නොයන බැව් අප හොඳින්ම දන්නා නිසාය. 2. වැටුප් සැලකිය යුත්තේ සංඛ්‍යාත්මකව නොව ඒ ඒ රටවල ජීවන වියදම සමඟ නිසාය. (උදාහරණයක් හැටියට අප ඇමෙරිකාවට රැකියාවල් සඳහා යා යුත්තේ අඩු වශයෙන් 1:3 වැටුප් වෙනසක් වත් තිබේ නම පමණෙකි. නැති නම් අතින් පාඩුය.) මේ නිසා අනේ මේ ගොල්ල යයිනේද මෙයා කීම අතිශය බොළඳ තර්කයකි.

      Delete
  9. නලින් ද සිල්වා ෆූටා එකේ සභාපති ඉන්න කාලේ කතා කල කටින්ම ද ඔය අද කතා කරන්නේ?

    පුකෙන් හිනා!

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා කියන්නේ හැම විටම හැම අවස්ථාවකදිම තමන් සිටින ගෝත්‍රය වෙනුවෙන් සටන් කළ කෙනෙක්. එදා ඔහු හිටියේ විශ්වවිද්‍යාල ඇදුරෙක් විදියට. ඔහු ඒ ගෝත්‍රය වෙනුවෙන් සටන් කළා. අද ඔහු ඉන්නෙ වෙන ගෝත්‍රයක. අද ඔහු තමන් අද ඉන්න තැන වෙනුවෙන් සටන් කරනවා. එදා හිටපු තැන වෙනුවෙන් සටන් කරල අද ඔහුට මූල්‍යමය වාසියක් නැහැනෙ. ඒක තමයි චතුස්කෝටිකය. අපට මේක පරස්පරයක් විදියට පෙනෙන්නේ අපි දිවිකෝටික රාමුවක හිර වෙලා ඉන්න හන්ද. නලින් ද සිල්වාට එහි පරස්පරයක් පෙනෙන්නේ නැහැ.

      අනෙක් අතට ඇයි නලින් ද සිල්වාට විතරක් ඇඟිල්ල දිගු කරන්නෙ? මේ දියුණු වන්නන්ගේ සාමාන්‍ය ලක්ෂණය. 1988-9 ගණන් වල හිටපු මහින්ද රාජපක්ෂ කියන මානව අයිතීන් ගැන කතා කළ නීතිඥවරයාගේ වෙනසත් මීට සමානයි නේද? නැතුව මේ අයටත් වික්‍රමබාහු වගේ හැමදාම එකම ධර්මයක් දේසනා කරන්නද කියන්නෙ?

      Delete
  10. නලින් ද සිල්වා එදා දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන්වන කොටස පැහැදිලි කරන්න ගිහින් නාගත්තා... අන්තිමට වැඩේ චා කියලා තේරුනාම කියනවා මට ඒක පිලිගන්න බෑ කියලා. අන්තිමට තද වෙලා නිර්මාල්ටයි අනුරුද්ධටයි බැන්නා, ඔයාලා කව්ද මට ගනන් උගන්වන්න කියලා. මිනිහ හිතන් ඉන්නෙ එයාට වඩා ඩයල් එකක් නෑ කියලා.... මේවා ගැන post/comment කරන්න කලින් වැඩසටහන් සම්පූර්ණයෙන් බලල ආව නම් තමයි හොඳ..

    ReplyDelete
    Replies
    1. මෙතැන තර්කය නලින් ද සිල්වා හරි කියලා නෙවෙයි, නලින් ද සිල්වා තමන්ගේ ගෝත්‍රය නිවැරදි ලෙස හඳුනාගෙන ඒ වෙනුවෙන් පෙනී හිටිනවා කියන එකයි. ආණ්ඩුව වෙනුවෙන් නලින් කතා කරන්නේ නිකම් නෙවෙයි. ඒ වෙනුවෙන් ඔහුට මූල්‍යමය හෝ නොවන ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් ඒ ඔක්කොම පැත්තක දාල මේ පැත්තක ඉන්න ආචාර්යවරුන්ට පඩි වැඩි කරන්න ඔහු තර්ක කළ යුත්තේ ඇයි? අනික බනින්න බැරිනම් ගහල මරලා හරි ඔහු වාදයෙන් දිනනවා. ඒ නලින් ද සිල්වාගෙ හැටි.

      Delete
    2. ඔක්කොම තමතමන්ගෙ කල්ලිය, ගෝත්‍රය බේර ගනිල්ලා. එතකොට හම්බවෙයි ලොකු බිබික්කමක්.

      Delete
  11. සූරියා උදාවන තුරු පිණි බෑවිල්ල...... කවිය දන්නවා ඇතිනේ මේ සහොදරවරු .මේ වි.වි. ආචාර්ය්වරු දැන් නිනිදේන් නැගිටලා. මොකද නිදහස් අධයාපනයට කණ කොකා හඩනවා කියලා අපේ කොල්ලෝ කෙල්ලෝ පාරට බහින කොට පස්ස දොරෙන් එළියට ගිය අය තමයි මේ.වි.වි ළමයි කරන හැමදේම හොදයි කියන එක නෙමේ මම කියන්නේ, උන්ගෙත් සාදාරන ඉල්ලීම් තිබුනා .එතකොට මේ අය මග ඇරියා.තමන්ගේ බඩට වදිනකොට පාරට බැහැලා.[ඇත්තටම මේගොල්ල්න්ගේ බඩට වදින්න තරම් අමාරුනම් රටේ අනික් මිනිස්සු ගැන කියන්න දෙයක් නෑ].මේ රටේ ගෝත්රික,පවුල්වාදී මිලිටරි නායකයා හොදයි කියලා මතකනේ බහුතරයක් වි.වි. ආචාර්ය්වරු පත්තර පිටු පිරෙන්න අත්සන් කරලා දැන්වීම් දැම්මේ.දැන් මේ 6% කතාවක් අරගෙන තියෙන්නේ මේක මාර්කට් කරන්න වෙන විදියක් නැතිනිසා කියලා තම්යි අපිට හිතෙන්නේ.බලමු තව ටිකක්....

    ReplyDelete
  12. මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

    විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

    ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

    ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

    නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

    මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. http://sieruwensitin.blogspot.in/2012/10/blog-post_14.html

      Delete