Thursday, July 5, 2012

සිරකරුවෝ ද මනුශ්‍යයෝය ( එල්.ටී.ටී.ඊ රැදවියන් හැර )



වුනියාව බන්ධනාගාරය වටලා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය දිනෙක සිදුකල පහරදීමෙහි ප්‍රතිඵලයක් ලෙස නිමලරූබන් නැමැති දෙමල ජාතික සිරකරු මිය ගොස් තිබේ.වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ මෙය බහුතරයක් ජනයා තුල කිසිදු කම්පනයක් ඇති නොකරන සාමාන්‍ය පුවතක් පමනක් වීමටය.සිය සගයන් කිහිප දෙනෙකු අපරාධ විමර්ශන අංශයට රැගෙන යාමට එරෙහිව වවුනියාව සිරකරුවන් විසින් එහි ජේලර්වරුන් කීප දෙනෙකු රදවා ගනිමින් විරෝධතාවයක් දියත් කල අතර පසුව හමුදාව මැදිහත්ව එය මර්ධනය කරනු ලැබීය.විශේෂ කාර්ය බලකායේ මෙම මෙහෙයුම දිනපතා දිවයින පුවත්පත විසින් වාර්තා කර තිබුනේ "වවුනියාව බන්ධනාගාරයේ කොටි සෙල්ලම් මැඩලයි" යන හිසිනි.විමල් වීරවංශ ඇමතිවරයාට සම්බන්ධ වෙබ් අඩවියක් එය වාර්තා කරන්නට යොදාගත්තේ " ප්‍රාන ඇපකරුවන් මුදාගෙන කොටි චන්ඩිත් කුදලාගෙන එයි" යන ශීර්ෂයයි.

මෙහෙයුමට පසු දින විශේෂ කාර්ය බලකාය එහි විඩියෝ දර්ශන රූපවාහිනී ආයතනවලට මුදා හැරියේය.සියලුම මාධ්‍ය ආයතන තමන්ගේ ප්‍රවෘත්ති හරහා සාඩම්බර ලීලාවෙන් විකාශය කල මෙම දර්ශන වලින් බැරූරුම් සංග්‍රාමයකට මෙන් විශේෂ කාර්ය බලකා සෙබලු තුවක්කු මානාගෙන බිමට නැවී බන්ධනාගාරය වට කරන ආකාරය, අන නිකුත් වූ සැනින් ඔවුහු එක්වර බන්ධනාගාරයට තුලට කඩා වදින ආකාරය නිරූපනය කෙරුනි.මෙහෙයුමින් පසු කිලුටු ඇදුමින් සැරසුනු බන්ධනාගාර රැදවියන් ඔවුන්ගේ කමිස කොලර වලින් ඇදගෙන විත් බන්ධනාගාර බස් රථයකට පටවනු ප්‍රදර්ශනය වූ අතර පසුව මෙහෙයුමට සම්බන්ධ වූ සෙබලුන්ට ඉහල හමුදා නිලධාරියෙක් අතට අත දී ආචාර කරන ආකාරයද පෙන්වන ලදී.සමස්තයක් ලෙස මෙම පුවත් විකාශයන් මගින් මතුකරන්නට උත්සාහ කල අදහස වූයේ මෙන්න අපේ හමුදාවේ වැඩ වර්ගයේ පනිවුඩයකි.යුද්ධය නිමා වීමෙන් පසු "අපේ හමුදාවේ වැඩ" විකාශය කල වන්නි සටන පන්නයේ වැඩසටහන් නොමැති කමේ සාංකාවෙන් පෙලුනු දකුනේ මධ්‍යම පංතික ප්‍රේක්ෂකාගාරයට බරපතල යුද මෙහෙයුමක් ලෙස හුවා දැක්වුනු උක්ත මෙහෙයුම ඇතැම්විට රසවත් අත්දැකීමක්  වූවා විය හැක.

සැබැවින්ම මෙම මෙහෙයුමේ ඇති වීරෝදාරභාවය කුමක්ද?බන්ධනාගාර රැදවියෝ වැඩිම වුවහොත් අතට හසුවූ දෙයකින් සන්නද්ධව සිටින්නට ඇත.මෙය දුබලයන් සමූහයකට එරෙහිව මනා ලෙස නවීන යුදමය උපාංගයන්ගෙන් හෙබි ප්‍රබලයන් පිරිසක් විසින් කල බලය යෙදවීමකි. 1971 හා 1988 දකුනේ දේශපාලන රැදවියන් ආරක්ෂක අංශ සමග ඇතිකරගත් මෙවැනි ගැටුම් අපමන පැවැතිනි.එවැන්නකදී සිදුවුනු හමුදා පහරදීමක් වීරෝදාර මෙහෙයුමක් ලෙස විස්තර කෙරෙනු ඇද්ද?

අධිපති සිංහල සිතීම් රටාව තුල දෙමල කැරලිකරුවන් /දෙමල සමාජය ගැන වන චිත්‍රය පදනම් වී තිබෙන්නේ යථාර්තයේ පවතින කරුනු මත නොව එම සමාජය පිලිබද කරන ලද පරිකල්පනයක් මතය.මෙම පරිකල්පනය තුල "උන්" සහ "අප" යනුවෙන් විභේදනයක් පවතී.එහිදී "අප" පිරිසිදුය.වීරෝදාරය."උන්" දුෂ්ටය.අමනුශ්‍යයය.එල්ටීටීඊය වෙනුවෙන් සටන් කල රැදවියන් හැදින්වීමට අධිපති ජනමාධ්‍යයන්  බොහෝ විට භාවිතා කරනුයේ කොටි සැකකරුවන්/ත්‍රස්තවාදී සැකකරුවන් යන යෙදුම්ය.දිවයින පුවත්පතට ආරක්ෂක කොලම සපයන කීර්ති වර්නකුලසූරිය ගර්හා සහගතව යොදාගනුයේ කොටි ත්‍රස්තයන් යන වචනයයි.බන්ධනාගාර විරෝධතාවය වනාහි ඒ අනුව කොටි සෙල්ලමකි.

මෙම යෙදුම් හුදු අහඹු ලෙස උපත ලද ඒවා නොවේ.එමගින් සංකීර්න දෘෂ්ටිවාදී සත්‍යයක් පෙන්නුම් කෙරේ.දේශපාලන සිරකරුවන් යන වචනය කෙසේ වෙතත් සිරකරුවන් යන වචනය හෝ භාවිතා නොකොට කෙටි සැකකරුවන්/කොටි ත්‍රස්තයන් වැනි යෙදුම් අධිපති මාධ්‍යයන් විසින් යොදාගන්නේ මෙම රැදවුම්කරුවන් සෙසු මිනිසුන්ගෙන් වෙනස් කුරිරු දුෂ්ට විශේෂයකි යන අදහස ගම්‍ය කරනු වස්ය.
.එබදු "නොමිනිසුන්ට" කවරාකාරයකින් සැලකූවත් ගැටලුවක් නැත යන මනෝභාවය පැනනැගීමට මෙම භාෂාමය භාවිතය විශාල වශයෙන් උපකාරී වේ.

මේ නිසා සාමාන්‍ය තත්වයක් යටතේ නිර්භීත ක්‍රියාවක් යැයි කිසිසේත් විස්තර කල නොහැකි දුබලයා මැඩීම සදහා බලවතා කරන බලය යෙදවීමක් වීරෝදාක උතුම් ක්‍රියාවක් බවට පත්වනුයේ දෙමල අනෙකා - විශේෂයෙන් සිංහල බහුතරවාදය ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන විසමුම්මිතක දමිලයා  - නොමිනිසෙකි/කෲර අඩ මිනිසෙකි  යනුවෙන් පවතින අධිපති අදහස හේතුවෙනි.

යටත් විජිත යුගවල අධිරාජ්‍යමය රටවල පුරවැසියන් සිය යටත් විජිතවාසීන් කෙරෙහි යොමුකරන ලද්දේ යටත් ජාතීන් වනාහි අර්ධ මනුශ්‍යයන් පිරිසක් වෙති වර්ගයේ දාෂ්ටියකි.විශේෂයෙන් යටත් විජිත සාහිත්‍යය තුල ඉන්දියානුවා/අප්‍රිකානුවා/චින ජාතිකයා යනාදීන් පිලිබද ස්ථාපිත වට්ටෝරු ආකෘතියක් විය.එඩ්වඩ් සයිඩ් සිය orientalism නම් කෘතියෙන් තර්ක කල පරිදි පෙරදිග පිලිබද බටහිර සාහිත්‍යය තුල පවතින මෙම රුපය යථාව ඇසුරින් උපදින්නක් නොව හුදෙක් පෙරදිග පිලිබද බටහිර තුල වූ පරිකල්පනයක් මතින් බිහිවන්නකි.

අධිපති සිංහල කතිකාවත තුල විසම්මුතික දෙමල ජාතිකයා සම්බන්ධයෙන් තිබෙන්නේ අධිරාජ්‍යවාදී බටහිරට යටත් විජිත පෙරදිග වාසිකයා  සම්බන්ධයෙන් වූවා හා සමාන පරිකල්පිත අදහසකි.එම පරිකල්පනය විසින් පීඩක යන්ත්‍රනයක මිනීමරු ක්‍රියාවක් වුව විරෝදාර ක්‍රියාවක් ලෙස දැකීම සදහා මාවත විවෘත කරයි.




18 comments:

  1. ඔබකියනපරිදි,වව්නියාවෙ සිද්දියතුළින් දෙමලසිරකරුවන්ට අසාධාරණයක්වෙලා.නමුත්ඔවුන්කරපුදේ(සිරකරුවන්)ඔබදකිනවිදියට සාධාරණයි.කොහොමදඑහෙමකියන්නෙ?රටකසාමයට,ආරක්ෂාවට,නීතියටපිටුපා සැකකරුවන්,(මොවුන්දේශපාලනසැකකරුවන්නොව,තස්තවාදීසැකකරුවන්)හටමෙලෙසහැසිරීමට ඉඩදීඇත්තේකුමනරටවලද?ඊනියාබටහිරවාදීන්ගේ/සමාජවාදීන්ගේ/ජාතිවාදීන්ගේ රෙදිඑසැවෙන්නේ මෙවන්සිරකරුවන්ගේ අතීතපැටිකිරියන්විමසාබලාද?

    ReplyDelete
    Replies
    1. 1 - //මොවුන්දේශපාලනසැකකරුවන්නොව,තස්තවාදීසැකකරුවන් // මොවුන් සිරගතව තිබෙන්නේ රජය සමග දේශපාලන යුද්ධයකට පැටලුනු නිසාය.මේ වගේ අයව හදුන්වන්නේ දේශපාලන සිරකරුවන් ලෙසය.දේශපාලන සිරකරුවන්ට සලකන ආකාරය ගැන අන්තර්ජාතිකව පිලිගත් සම්මුතීන් තිබෙන අතර රජය ඒවාට අස්සන් තබා තිබේ.ඒ සම්මතයන් මෙහිදී අමු අමුවේ කඩ කර තිබේ.

      2 - //නමුත්ඔවුන්කරපුදේ(සිරකරුවන්)ඔබදකිනවිදියට සාධාරණයි.// එහි සාධාරන/අසාධාරනභාවය ගැන මේ ලිපියේ කොතැනක හෝ තිබේ නම් පෙන්වනු මැනවි.

      3 - //මෙවන්සිරකරුවන්ගේ අතීතපැටිකිරියන්විමසාබලාද?// නැත.ලංකාවේ බන්ධනාගාර තුල තිබෙන අජූව තත්වය / සිරකරුවන්ට සැලකෙන ආකාරය ගැන අපි ඉතා හොදින් දනිමු.මෙයත් ඒ ගනයට අයත් සිදුවීමකි.අසාධාරනයට ලක්වූවන්ගේ ජාතිය වර්ගය සොයා බලා ඒ අය සිංහල ජාතියේ පමනක් නම් විතරක් විවේචනය කිරීමටත් දෙමල නම් නොදැක්කා සිටීමටත් බහුතරයක් දෙනා අතර තිබෙන පුරුද්ද නැති නිසා අසාධාරනය අසාධාරනය ලෙස හෙලාදකිනු වස් මෙය ලියන ලදී.

      Delete
  2. මුන් කැති මන්න අර‍ගෙන අහිංසකයින් කැතිගාපු හැටි අමතක වෙච්චි ඉක්මන....

    ReplyDelete
  3. වව්නියා හෝ වැලිකඩ හෝ බෝගම්බර හෝ, සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ, ත්‍රස්තවාදී සැකකරුවන් හෝ මත්ද්‍රව්‍ය සැකකරුවන් හෝ මිනිමැරුම් සැකකරුවන් හෝ, දඩුවම් විදින බන්ධනාගාර රැඳිවියන් විසින්, ජේලර්වරු ප්‍රාණ ඇපයට ගැනීම කිසිසේත් සාධාරණීකරනය කල නොහැක.

    ReplyDelete
  4. බන්ධනාගාරයක හෝ වෙනයම් තැනක සිදුවන කැරැල්ලක් මැඩ පැවැත්වීමේ අයිතිය රජය සතුවේ.නමුත් මේ සිදුවීමේදී අදාල සිරකරුවන්ට පහරදී යටත් කරගැනීම සාධාරණ දැයි කල්පනා කල යුතුය. මා එසේ කියන්නේ ආරක්ෂක අංශ අදාල පරිශ්‍රයට ඇතුළු වීමට පෙර බන්ධනාගාර ගොඩනැගිල්ල තුලට කැරලි මර්ධනය සඳහා යොදාගන්නා ගෑස් යෙදූ බව වාර්තාවන නිසාය.මෙම ගෑස් වර්ග කඳුළු ගෑස් යනුවෙන් හැදින්වුවද මෙම වායුව විශේෂයෙන් ආවෘත තැනකදී ශරීර ගත වුවිට මිනිසෙකු අඩුම වශයෙන් පැය භාගයකටවත් අඩපන තත්වයට පත්වේ.මෙහිදී හුස්ම ගැනීම ඉතා අපහසුවන අතර මුළු සිරුරම දැවෙන ගතියක් ඇතිවේ.මෙවැනි තත්ත්වක සිටින මිනිසෙකු යටත් කරගැනීම සඳහා පහරදීම අවැසි වන්නේ නැත.ලංකාව පිලිබදව විදේශයන්ගේ අපහැදීමක් සිදුව ඇති යුගයක අදාල බලදරින් මීට වඩා බුද්ධිමත්ව ක්‍රියා කළයුතුව තිබුණි.

    ReplyDelete
  5. මීට පස්සේ කොටින්ට කොටි කියන්න එපා අප්පා.... මෙයාට දුක හිතෙය් .... :(

    ReplyDelete
  6. [මේ වගේ අයව හදුන්වන්නේ දේශපාලන සිරකරුවන් ලෙසය]

    ඒ ඔයාගේ කුජීත අර්ථ දැක්වීම. මේ අය ත්‍රස්තවාදී සැක කරුවෝ. උන් බබ්බු කියල පෙන්නලා සුදු හුණු ගාන්න එදන් එපා.

    ReplyDelete
    Replies
    1. මචං එතකොට අර 88/89 කාලෙ ජේවීපී කරල හිර ගෙවල්වල හිටියෙ?ඒ අයට ඒ කාලෙ කිව්වෙ දේශපාලන සිරකාරයෝ කියලනෙ?ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද?

      Delete
    2. [ඒ අයට ඒ කාලෙ කිව්වෙ දේශපාලන සිරකාරයෝ කියලනෙ?]

      එහෙම කිව්වෙත් මේ අමන හැත්තමනෙ

      Delete
    3. //එහෙම කිව්වෙත් මේ අමන හැත්තමනෙ// ඒ කාලෙ මහින්ද මහත්තයා දේශපාලන සිරකාරයෝ නිදහස් කරගන්න වැඩේ ඉස්සරහම හිටිය.එතුමත් අමන හැත්තට අයිතිද මචං?

      Delete
    4. [ඒ කාලෙ මහින්ද මහත්තයා දේශපාලන සිරකාරයෝ නිදහස් කරගන්න වැඩේ ඉස්සරහම හිටිය]

      ඇත්තද? එහෙනං ඌත් එහෙමයි. දැන් වත් කොටින්ට පුක දෙන එක නවත්තපං

      Delete
    5. කුණුහරුප කියල තර්කයට උත්තරයක් නොදී ලිස්සල යන එක සිංහලකමට හරි මදි නේද මචං?

      Delete
    6. උත්තරේ දීල තියෙන්නේ. ඕනෙ නම් මහින්දත් ඒ ගොඩට දාගන්ඩ. අපේ මොකෝ? අපි අහන්නේ මිනිස්සු ප්‍රාණ ඇපේට ගන්න ත්‍රස්තවාදීන්ට මොකද කරන්නේ කියල.

      Delete
    7. ප්‍රාණ ඇපේට ගත්ත කියල කියන එක පට්ටපල් බොරුවක්. මේ සැකකරුවන් කලේ නිරාහාර සටනක්.මෙයාල කොහොමද ජේලර්ල ප්‍රාණ ඇපයට ගන්නෙ? එහෙම පුලුවන්නම් ලංකා බන්ධනාගාරවල ඉන්නෙ මහ සෙවල ඔතෑනි ජේලර්ල වෙන්න ඕන.මේ කාරණය ගැන සටහන්වෙන කිසිදු නිල ලේඛණයක ජේලර්ල ප්‍රාණ ඇපයට ගත්ත කියල ලිඛිතසටහනක් නෑ.මේ සිද්ධිය ගැන තොරතුරු තියෙන පලාතෙ පොලිසියෙවත්,අධිකරණවාර්තාවලවත්,රෝහල් පොලිසියකවත් මේ ප්‍රාණ ඇපකරු කතාවක් නෑ.මරණාසන්න රැදවියන් හා සුලු සිරුම් තුවාල ජේලර්ල තුන් දෙනෙක් හිටිය කියල විතරයි තියෙන්නෙ.මේක මේ රැදවියන් මර්ධනයට ගොතපු පට්ටපල් බොරුවක්.

      Delete
    8. //උත්තරේ දීල තියෙන්නේ. ඕනෙ නම් මහින්දත් ඒ ගොඩට දාගන්ඩ. අපේ මොකෝ? අපි අහන්නේ මිනිස්සු ප්‍රාණ ඇපේට ගන්න ත්‍රස්තවාදීන්ට මොකද කරන්නේ කියල.// ඔවු ‍මොකක්ද කරන්න ඕනෙ කියන්නකො බලන්න.ගහල මරන එකද?ඔයා අහල තිබුණු ප්‍රශ්නය ඒක නෙමෙයිනෙ.ඔයා අහල ති‍බ්බෙ මේ අය දේශපාලන සිරකරුවොද නැද්ද කියල.අඩුමතරමින් දේශපාලන සිරකාරයෝ කියල හදුන්වන්නේ කවුද කියල ඉන්ටර්නෙට් එකේ ගහල සර්ච් එකක් ගහල එන්නකො.මේ කාලෙ ජාත්‍යන්තර නීතිය ගැන එහෙම ඉගෙන ගන්න නීතිය කරන්න ඕනෙ නැහැ.වැල බලන්න විතරක් නෙට් එක පාව්චිචි කරන්නේ නැතිව ඒ වගේ වැදගත් වැඩකටවත් ඒක පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. no more pPrabakaran. But the Problem is not solved. The majority is in dark

    ReplyDelete
  9. මෙවැනි ජාතිවාදී බ්ලොගයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක :(

    ReplyDelete