![]() |
| දේශපාලකයන් භික්ෂූන්ගේ වෘෂන කෝෂ මිරිකීම නිසා භික්ෂූන්ට පාර්ලිමේන්තුව නුසුදුසුය |
දැනට හටගෙන තිබෙන විවාදයේ ස්වභාවය
මෙසේය.භික්ෂූන් පාර්ලිමේන්තුවේ සිටීමට විරෝධය දක්වන අය එමගින් භික්ෂුවගේ ගෞරවය
හෑල්ලු වන බව ප්‍රකාශ කරති.දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙම
පනත ගෙන එන්නට පුරෝගාමි වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ එක්තරා
අවස්ථාවක භික්ෂුවකගේ වෘෂන කෝෂ මිරිකීම දක්වා පාර්ලිමේන්තුව තුල ඇති වූ ගැටුම්
දුරදිග ගිය බවයි.පනතට එරෙහි හෙල උරුමවාදීහු භික්ෂූන් පාර්ලිමේන්තුවේ සිට කල
"මෙහෙය" සිහිපත් කරති.කොටි පරද්දන්න උදවු කල හැටි,මතට තිත සදහා මුල පිරූ
හැටි ආදී වශයෙනි.අතුරලියේ රතන හිමිට අනුව මෙය භික්ෂූන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමකි.සුලුතර
ප්රජාවන්ගේ හා ස්ත්රීන්ගේ අයිතිවාසිකම් "බටහිර" සංකල්ප වී
පාර්ලිමේන්තු යාමට භික්ෂූන්ට තිබෙන අයිතිය පෙරදිග එකක් වනුයේ චතුස්කෝටිකයේ කවර කෝටියකට
අනුවද යන්නට දාර්ශනික පිලිතුරක් අමාත්‍ය චම්පික රනවක අපට සපයනු ඇද්ද?
ප්රශ්නය පාර්ලිමේන්තු යාමෙන්
භික්ෂූන්ගේ පූජනීයත්වය හෑල්ලු වීම නම් අපට එම ප්රශ්නය තරමක් විවෘත තලයකට රැගෙන යා
හැක.පූජනීයත්වය යනු කුමක්ද?භික්ෂුව පූජනීය වනුයේ කවර අර්ථයකින්ද?
ප්‍රධාන සමාජ ජීවිතයෙන් බැහැරව
"සත්‍යය සෙවීම" සදහා සිය ජීවිතය තවුස් වත් පිරීම උදෙසා කැපකිරීම පැරනි ඉන්දියාවේ පැවැති පරිචයකි.අතිශය පරමාර්ථ
සහිත ජීවිතයක් ගතකරන මෙබදු ශ්‍රමන පිරිස් පොදු සමාජයේ ගෞරවය දිනාගත්හ.බෞද්ධ
භික්ෂූන් යනු එලෙස පරිනාමය වූ ශ්‍රමන සංස්ථාවකි. .
![]() |
| පිදිය යුත්තන් පිදිය යුත්තේමය |
මේ නිසා වර්තමාන භික්ෂු සංස්ථාව අතීත
ඉන්දියාවේ මෙන් සමාජයෙන් බැහැරට ගොස් විමුක්තිය සොයන්නවුන්ගේ නිදහස් එකතුවකට වඩා
සමාජය සමග බද්ධ වී තිබෙන ලෞකික සමාජයේම තවත් අංගයක් ලෙස සැලකීම වඩා නිවැරදිය.නිවන්
දැකීමත් මහනකමත් අතර අති බහුතරයක් භික්ෂූන්ට ඇත්තේ අල්ප සම්බන්ධයක් බව
අතිශයෝක්තියක් නොවේ.ලමා මහනකිරීම් රට තුල බහුලව සිදුවන අතර එලෙස මහන කෙරෙන කුඩා
දරුවෙකු බොහෝවිට භික්ෂුවක ලෙස උස්මහත් වනුයේ එසේ ජීවත් වන්නට ඔහුට නියම වූ
නිසාය.බීබීසී සිංහල සේවය වාර්තා කරන පරිදි පසුගිය දශකය තුල භික්ෂූන් 110 නමකට
එරෙහිව ලමා අපචාර චෝදනා ගොනු වී තිබේ.බොහෝ නාගරික පන්සල් මහා පරිමාන වානිජ මධ්‍යස්ථාන
බවට පත්ව ඇත.පිටිදූවේ සිරිධම්ම හිමි වැනි අය බන කීම උදෙසා විවිධ වටිනාකම් සහිත
මුදල් පැකේජ සම්පාදනය කර තිබේ.ටියුශන් දීම,ශාස්ත්‍ර කීම,බිස්නස් කිරීම සදහා භික්ෂූන් විශාල වශයෙන් පෙලඹි ඇති අතර ශ්රද්ධාවන්තයන්ට
මේවා හෘදයාබාධ ඇතිකරීමට තරම් බරපතල සිදුවීම් වුවද මෙහි ඇති අමුත්තක් නැත.සංඝ
සංස්ථාව පෙර කි පරිදිම සමාජයේ තවත් එක් ආයතනයක් වන හෙයින් සමාජය වෙලදපොලකරනය
වනවිට,කුනුවන විට හා එකතැන පල්වනවිට සංඝ සංස්ථාවත් වෙලදපොලකරනය වීම,පල්වීම හා කුනු
වීම පුදුම විය යුත්තක් නොවේ.
ජාතිවාදී හා ආගම්වාදී වහසි බස් දොඩන
මන්ත්‍රී භික්ෂූන් වනාහි කුනු වී ගිය පොදු සමාජයේම පැතිකඩකි. වෙනෙකක් තබා
පාර්ලිමේන්තුවද මිනීමරුවන්ගේ,මත්කුඩු වෙලෙන්දන්ගේ හා අවස්ථාවාදීන්ගේ පල් වලකි.එම
ගොහොරුවේ ලගින අරටුව දක්වා කුනු වූ දේශපාලකයින් දැන් දේශපාලනය කරන භික්ෂූන්ගේ
පූජනීයභාවය ගැන හදිසියේ කලබලයට පත්ව සිටිති.සමාජය නැමැති ගොහොරුවෙන් පැනනගින
නෙලුමක් මෙන් පූජනීය සංඝ සංස්ථාවක් මෙම දේශපාලකයන්ගේ යෝජනා මගින් බිහිවනු ඇතැයි
සිතා පොදුජනයාද මඩවල කලත්තන මන්ත්‍රීවරුන් හා මාධ්‍ය ආයතන වෙනුවෙන් විසිල් ගසමින්
සිටිති.පාර්ලිමේන්තු යාම මගින් භික්ෂුවගේ "පූජනීයභාවය " කෙලෙසේ යැයි
කියන්නවුන්ට දීමට ඇත්තේ එක පිලිතුරකි.අමුතුවෙන් කෙලෙසන්නට තරම් පූජනීය කිසිවක් මෙම සමාජ ක්‍රමය විසින් තවදුරටත් ඉතුරු කර නැත.


aththa
ReplyDeleteදැන් කාලේ භික්ෂූන් වහන්සේලා වෙසින් සිටින චීවරධාරීන් නොකරන්නේ බුදුන් වහස්නේ වදාළ දේ පමණි
ReplyDeleteසහතික ඇත්ත. විජේදාසලට රටේ දැන් තියෙන ලොකුම ප්රශ්නය මේක උනාට ඡන්දය දුන්නු මිනිස්සුන්ට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනව පාර්ලිමේන්තුව ඇතුලේ කතා බහට ලක් විය යුතු.මොනව කරන්නද මිනිස්සු මුන්ව පාර්ලිමේන්තු යවල තියෙන්නේ මේවගේ ආතල් ගන්නනේ.
ReplyDeleteoba hari
Deleteසංඝ සමාජයට ගිහියෝ නීති දාන එක හරිද?
ReplyDeleteමෙතන "සංඝ සමාජය" කියන සංවෘත කොට්ඨාසය ඇතුලෙ නීති දැම්ල්ලක් වෙලා නෑනෙ.
Deleteසංඝ සමාජය දේශපාලන කුණුගොඩට තල්ලු කලේ සිංහල බෞද්ධ සමාජයමයි. ඒකත් ආනන්තරීය පාපකර්මයක් වගේ... ගැලවීමක් නෑ.
ReplyDeleteකලක් තමන්ම මහණ වෙලා හිටියාය කියන මාරයා කියන බ්ලොග් රචකයා ලියන දේවල් අනුව අද සංඝ සංස්ථාව කොයි තරම් පිරිහිලාද කියා හිතා ගන්න පුළුවන්. මාරයා කියන විදියට ඔහුට හම්බෙ වෙලා තියෙන්නේ ශසනයේ පැවැත්ම ගැන කිසිම උනන්දුවක් නැති සිගරැට් බීම, ගංජා ගැහීම, කුණුහරුප කීම වැනි දේවල් ජාවිතය කරගත් භික්ෂු පරපුරක්. ඔහු ලියන එක පෝස්ට් එකකට අනුව භික්ෂූන් වහන්සේ නමක් කෑම හොයාගෙන එන අසරණ ගෑණු දෙන්නකුට පල _ත්තියේ යන්න, මේක දන්සැලක් කියලා හිතුවාද කියලා බනිනවා. ගිහියකුගෙන් වත් බලාපොරොත්තු වෙන්න බැරි මෙබඳු පහත් හැසිරීමක් තම්න් මහණ වෙලා හිටියාය කියන මේ පුද්ගලයාටත් සිනාවට කාරණාවක්. මේ අපේ රටේ මධ්‍යම පාංතිකයන් ඇතැයි සිතා සිටින පිරිසිදු සංඝ සංස්ථාව නෙවෙයි. සංඝ සමානයේ මේ වනචර පැවැත්ම හෙළි කිරීම ගැන අප මාරයාට ස්තූතිවන්ත විය යුතුයි.
ReplyDeleteThis is a good posting
ReplyDeleteමහනායක හිමිවරුන් වෙත ගෞරවයෙන් කෙරෙන දැනුවත් කිරීමයි
| අමිල ගුණරත්න
ගරුතර මහනායක හිමිවරුනි , වයස 16 පමණ වන උපැවිදි වූ තරුණයෙක් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුළුස්සා තිබේ. මෙවැනි දෙයක් කළ හැක්කේ විකෘති කාමාතුරයෙකුට පමණි. අද පන්සල්වල සාමනේරවරු බොහෝවිට වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අතවර වලට ගොදුරුවෙති. එවැනි පීඩාකාරී උවදුරු වලට මුහුණදෙන තරුණ භික්ෂුව එක්කෝ උපැවිදි වී සමාජ විරෝධියෙකු වේ. නැතහොත් සිවුර දරාගෙන අන්තවාදියෙකු වී නොයෙකුත් දේශපාලන පක්ෂ වල කුණු වැඩ කරමින් මරාගෙන මැරෙන කතා කියමින් සහ මැරෙනතුරු උපවාස කරන බවට වහසි බස් දොඩවමින් , විනයක් නැතිව හැසිරී සාසන විනාශ කරති. මෙම උපැවිදි වූ තරුණයා අනිවාර්යෙන්ම තමා ජිවත් වූ පන්සලේ යම් අතවරයන්ට මුහුණ දෙන්නට ඇති. වර්තමානයේ දී මෙවැනි චීවරධාරින් ගෙන් අපගේ සමාජය පිරී යයි. කුඩා සාමනේරවරු පන්සල්වල ලිංගික ගොදුරු නොවීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය මගින් හෝ යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු අතර මේ ගැන ඔබ වහන්සේලාද යම් පියවරක් ගැනීම මැනවි. අපගේ විශ්ව විද්‍යාල මැරයන් සාදන ෆැක්ටරි වන විට පන්සල් විකෘති කාමාතුරයන් සාදන මධ්‍යස්ථාන නොවීමට අප සම දෙනා වග බලාගත යුතුය.
---------------------------------------
ReplyDeleteඅපට බොහෝ දේ ගැන නැවැත සිතා බලන්නට කාලයක් පැමිණ තිබේ.
---------------------------------------
අද වන විට බහුතරයක් වැඩ සිටින්නේ මීට සියවස් ගණනාවකට පෙර වැඩ හුන් අතිශය සාම්ප්‍රදායික ශික්ෂාකාමී හිමිවරුන් නොවේ. ගෝලීයකරණය යැයි කියාගන්නා 21 වැනි සියවසේ ආතල් එකෙන් විපරීත වුණු චීවරධාරීන් ය. එය කාලයේ වරදක් යැයි සිතා අප නිහඬව සිටියහොත් මතු දිනෙක අපට ඉතිරි වන්නේ උත්තරීතර නිර්මල බුද්ධ ශාසනයක් නොව නීලපට දර්ශනය පෙරටු කරගත් බේබදු, අශ්ලීල, සල්ලාල, වනචාරී ශාසනයක් ය.
පැවිදි උතුමන් පාර්ලිමේන්තු යවනවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙරාතුව බලධාරීන්, නිලධාරීන් කල යුතුව ඇත්තේ වහ වහ සංඝ සම්මේලනයක් කැඳවා ශාසන ශෝධනයක් සිදු කිරීම ය.