Monday, April 16, 2012

මකර අධිරාජ්‍යයේ නැගීම / Rise of the Dragon Empire



2002 පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ දහසය වන සම්මේලනයේදී එම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනයකට භාජනය විය.එතෙක් එම පක්ෂය නිල වශයෙන් හැදින්වූයේ නිර්ධන පංතියේ අභිලාෂයන් නියෝජනය කරන්නා වූ කම්කරු පංතියේ පෙරටු බල ඇනිය වශයෙනි.නමුත් සම්මේලනයේදී සිදුකල සංශෝධනයෙන් පසු එය "පුලුල්තම මහජනයාගේ" සහ "වඩාත් ඉදිරිගාමී නිෂ්පාදන බලවේගයන්ගේ" අභිලාෂයන් නියෝජනය කරන්නා වූ පක්ෂය ලෙස සිය නිල හැදින්වීම වෙනස්කරගත්තාය.

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තමාව හදුන්වාගන්නා ආකාරයේ සිදුකල මෙම නිල වෙනස පසුගිය දශක කිහිපය පුරා චීනය තුල සිදුවෙමින් තිබෙන සමාජ පරිවර්තනයේ ස්වභාවය හකුලුවා දක්වන්නකි.එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගී තිබෙන වත්මන් අධිරාජ්‍යවාදී ලෝක පර්යාය විවේචනයට හසුකරන ලංකාවේ බොහෝ දෙනා චීනය කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙමින් ඇති බල කදවුර "වඩා හොද" එකක් ලෙස නිර්වචනය කරන ප්‍රවනතාවයක් පවතී.සිංහල ජාතිකවාදීන් චීනය /රුසියාව ලංකාව වැනි රටවලට දයාද්‍රව අතහිත දෙන "මිත්‍රයන්" ලෙස හදුනාගන්නා අතර බොහෝ වාමාංශිකයෝ චීනය සමාජවාදී රාජ්‍යයක් ලෙස හැදින්වීමට තවමත් ප්‍රිය කරති.චීනය "සමාජවාදී" "හොද" රාජ්‍යයකි යනුවෙන් සමාජයේ තිබෙන මෙම අදහස චීනය සමග වඩා සමීපව ගනුදෙනු කරන වර්තමාන ආන්ඩුවට එක්තරා ආකාරයක ප්‍රගතිශීලී මුහුනුවරක් පවා පැලැදීමට සමත්ව තිබේ.

කෙසේවුවද වත්මන් ‍ලෝක රටාවේ යථාර්තය ග්‍රහනය කරගැනීමට නම් ජාතිකවාදින්ගේ රොමෑන්ටික් සිහින සහ ඇතැම් වාමාංශිකයන්ගේ අතීතකාමී ආදරය නොතකා ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ.සැබැවින්ම චීනය යනු කුමක්ද?

1949 චීන විප්ලවය යනු එරට රදලවාදයට හා ධනවාදයට  එරෙහිව සිදුවූ මහා පරිමානයේ විමුක්තිකාමී ඒකරාශීවීමක ප්‍රතිඵලයක් ලෙස පැනනැගෙන්නකි.ඉක්බිති එලැඹුනු දශක කිහිපය තුල චීනය සමාජවාදී පරමාදර්ශ මත ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ වූ අතර  සීඝ්‍ර කර්මාන්තකරනයක් සදහා රාජ්‍යය මැදිහත්විය.රාජ්‍යය අත සංකේන්ද්‍රනය වූ ආර්ථික අතිරික්තය පෙරලා කාර්මික ආයෝජනය සදහා යොදාගන්නා ලදී.මින්කි ලී (Minqi li) යනු වර්තමානයේ අමෙරිකාවේ පිටුවහලේ ජීවත්වන චීන රජයේ වත්මන් ප්‍රතිපත්ති සම්බන්ධ විවේචනාත්මක වාමවාදී විචාරකයෙකි.ඔහු දක්වන පරිදි රාජ්‍යය චීන ආර්ථිකය තුල අත්කරගත් මෙම දැවැන්ත භූමිකාවට අනුරූපීව රාජ්‍ය නිලධාරීන් හා තාක්ෂන විශේෂඥයන්ගෙන් සමන්විත නව ආකාරයක ප්‍රභූ ස්ථරයක බිහිවීම සිදුවිය.මෙම ප්‍රභූ ස්ථරය වටා විශාල දේශපාලන බලයක් සහ භෞතික වරප්‍රසාද රාශියක් ඒකරාශී වී තිබුනි.එම බලය හා වරප්‍රසාද තවදුරටත් ව්‍යාප්ත කරගැනීමට ඔවුන් තුල වූ අභිලාෂය සමග පැවති සමාජවාදී පරමාදර්ශයන් ගැටීම ප්‍රති වෙලදපොලකරනයක් සදහා පාර කැපීය.

චීනයේ වෙලදපොල ප්‍රතිසංස්කරන 1970 දශකය අගභාගයේදී ආරම්භ විය.ආරම්භයක් ලෙස ගම්බදව පැවති සාමූහික ගොවිපල විසුරුවා දමන ලදී.එහිදී විරක්ෂාවට පත් දහස් සංඛ්‍යාත ගොවීන් නගරවලට සංක්‍රමනය වන්නට වූ අතර ඊට අනුරූපීව දැවැන්ත පෞද්ගලිකකරන රැල්ලක් නාගරික කර්මාන්ත ආශ්‍රිතව ක්‍රියාවෙහි යෙදවින.1990 දශකයේ මැදභාගය වනවිට සියලුම කුඩා හා මධ්‍යම පරිමානයේ රාජ්‍ය කාර්මික ව්‍යවසායන් ඉතා අඩු මුදලකට විකුනා දමා තිබූ අතර රාජ්‍ය නිලධාරීන්,ආන්ඩුව සමග සම්බන්ධකම් තිබූ පුද්ගලික ධනපතීන් සහ පාරජාතික සමාගම් මෙම ව්‍යවසායන් මිලදී ගත්හ.ගම්වලින් නික්මුනු දහස් සංඛ්‍යාත විරැකියා ජනගහනය කම්කරුවන් ලෙස මෙම කර්මාන්තයන්ට අන්තර්ග්‍රහනය කරගන්නා ලදී.1980 දී 31% ක් වූ කර්මාන්ත අංශයේ රැකියා කරන ජනගහනය 2008 වනවිට 61% දක්වා වැඩුනි.

මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල ලෙස නව ධනේශ්වරයක් චීනයේ මේ වනවිට බිහිව තිබෙන අතර චීන රෙජිමයේ බල මූලාශ්‍රයක් බවට මෙම පංතිය පත්ව තිබේ.මින්කි ලීට අනුව ( කලින් නිර්ධන පංතියේ පක්ෂය වූ)  චීන කොමියුනිස්ට්  පක්ෂය තමා "වඩාත් ඉදිරිගාමී නිෂ්පාදන බලවේගයන්ගේ" අභිලාෂයන් ද නියෝජනය කරන පක්ෂය බවට 2002 දී  සිය නිල හැදින්වීම ප්‍රතිසංස්කරනය කිරීමෙන් සිදුකරන්නේ මෙම නව ධනේශ්වරයට අදාල සුජාතභාවය පිලිගැනීමයි.

චීන ධනවාදයේ මෙම නැගීම බටහිර යුරෝපා රටවල ධනවාදය සමග සංසන්දනය කලවිට කැපීපෙනෙන වෙනසක් උසුලයි.බටහිර රටවල ධනපති පංතිය නැගි ආවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨ සමගය.මේ නිසා ධනවාදය නැමැති ආර්ථික ආකෘතියේ දේශපාලන මුහුනුවර ලෙස සාම්ප්‍රදායිකව සැලකුනේ ලිබරල්වාදයයි.

එහෙත් චීන ධනවාදය මුලුමනින්ම අධිකාරිවාදී ප්‍රපංචයකි.චීන ධනවාදය මෙහෙයවන්නා වූ රෙජිමයේ නිලධාරී තන්ත්‍රය හෝ නව ධනේශ්වරය මූනිච්චාවටවත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් පිලිබද වදනුකුදු නොදොඩයි.කම්කරු අයිතීන් හා අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සමතලා කරදැමීම අතින් චීනය ‍ලෝකයේ වඩාත්ම ධනේශ්වර රටටත් වඩා ඉදිරියෙන් සිටී."කොමියුනිස්ට්" පක්ෂයේ කොමියුනිස්ට්භාවය කොමියුනිස්ට් පදනමක් මත හිද ප්‍රශ්න කරන මින්කි ලී වැන්නවුන්ට අද පිටුවහලේ සිටීමට සිදුව තිබීම මෙම අධිකාරිවාදය පිලිබද සංකේතයකි. මෑතකදී ස්ලැවෝජ් ජිජැක් චීන ධනවාදයේ මෙම නග්න ස්වභාවය පිලිබද සදහන් කරමින් "ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය අතර ඇති විවාහය වර්තමානයේදී අ‍හෝසි වී ඇතැයි" උත්ප්‍රාසාත්මකව ප්‍රකාශ කලේය.බටහිර ධනවාදය අර්බුදයට ගොස් තිබෙන සන්දර්භයක අධිකාරීවාදී චීන ධනවාදය වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් ලෙස සැලකීමේ ප්‍රවනතාවක් මේ වනවිට මතුව ඇත.

ධනවාදය අධිරාජ්‍යවාදයක් දක්වා වැඩීයාම පිලිබද ලෙනින්ගේ ප්‍රවාදය තහවරු කරමින් අද චීන සමාගම් අප්‍රිකානු රටවල ඛනිජ සම්පත් සොයා වේගයෙන් ඇදෙමින් සිටී,මෑතකදී සුඩාන අර්බුදයේදී එය සිය ආර්ථික අභිලාෂයන් උදෙසා ඉතා විවෘතව වර්ග සංහාරයේ යෙදුනු උතුරු සුඩාන රජය වෙනුවෙන් පෙනී සිටියේය.ලංකාව බදු උපක්‍රමිකව වැදගත් ස්ථානයන්හි කදවුරු බදිමින් චීනය අවතීර්න වී තිබෙන්නේ මේ අනුව අනාගත අධිරාජ්‍යයක භූමිකාවටය.

අනුරාගිකව චීනය වැලද ගන්නා කවුරු කවුරුත් මේ නිසා චිනය යනු කුමක්දැයි නැවතත් තමාගෙන්ම විමසා ගැනීම තීරනාත්මක ලෙස වැදගත්ය.බටහිර ධනවාදයට එරෙහිව යැයි කියා චීන ධනවාදය වෙනුවෙන් විසිල් ගැසීම  කල්පනාකාරීව සැලකිල්ලට ගත යුතු කාරනයක් වන්නේය.







19 comments:

  1. චීනය අනුරාගිකව වැලඳගෙන සිටිනා පාලක පංතිය සමග මගේ අනුගාමිත්වයක් නැත. එහෙත් ඇමරිකන්/යුරෝපියන් මිරිස් වලට වඩා අඩුසැර චීන ඉඟුරු ගැනීම ගැන රජයට දොසක් කිව නොහැක. අඩුම ගණනේ උන් අධිරාජ්‍යය ගොඩනගන්නට යන්නේ ලෙයින් යකඩින් හෝ කුඩු වෙළඳාමෙන් නොව පාරවල් බෝක්කු පාලම් වරායවල් හදාදීමෙනි හදාදීමෙනි...

    ReplyDelete
  2. කාට හරි මිස් වෙචිචි කෙනෙක්ට දැන ගන්න මම මේක මෙතන දාන්නේ.... මෙන්න්න බලාගන්න මානව හිමිකම් .... නිර්දන පන්තිය ..... මානව දයාව වෙනුවෙන් පෙනීසිටිනවා කියන අයගේ සැබෑ ස්වරුපය….
    මේ ප්ර්තිචාර මොහු delete කිරීමට ඉඩ ඇති නිසා කිහිප තැනක දමමි…..

    කණ්ඩුල said...හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....
    (නිර්දන පන්තිය ..... ????) හිගන්නෙක් වීම මට ලජ්ජාවට කරුණක් නොවේ ..... ඔබ වැනි නිර්දන පන්තිය ගැන කතාකරනවා යය් කියාගන්නා ය සමග වාද කිරීමට සිදුවීම ලැජ්ජාවකි ...........
    බ්ලොග් කාට හදන්න බැරිද .... අපිදන්නවද ඕස්ට්රේිලියාවේ ඉදල කුමරයම මේක ලියනවද කියල .... එහෙව් එකේ උ උටම කඩේයන එකක් වෙන්න බැරිද මෙන්න මමත් හදාගත්ත email එකක් දැන් මාත් ඇනෝ නෙවි නේ
    h510966@rppkn.com
    -----------------------------
    කණ්ඩුල said...තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?ඉබාගාතේ යන ගමන් දකින දකින තැන පහර පහරා ගඳගස්සලා යනවා......
    .....................................
    මානව හිමිකම් ....? මොහුගේ බෂා විලාසය බලන්න .... සැබෑ මානව දයාවක් ඇත්තෙකුට මෙවැන්නක් කිව හැකි ද ? ..... නැත්තන් මොහු මානව දයාව තමාට අවශ්ය් වෙලාවට පමණක් "පාවිච්චි කරන ' කෙනෙක් ද ?
    ඔහේ කියන්නේ හැමෝම බ්ලොග් ලියන්න ඕනි කියලද ..... ලිවීමේ හැකියාවක් නැති යට අදහස් ප්රවකාශ කිරීමේ අයිතියක් නැද්ද ?
    ----------------------------------
    කණ්ඩුල said...NID එක?....සරම උස්සලා අතගාලා බලපන් ඊයේ රෑ ලැගපු අම්බලමේදී ඇරපු එකා උගේ NID එකත් ඇතුලට දාලා අරින්න ඇති...තටමපන් එයි එලියට...
    ---------
    මෙයට උත්තර දීමට තරම් පහත් තත්වයට නොවැටෙමි

    ReplyDelete
  3. මාක්ස්ටයි ලෙනින්ටයි කෙලවෙච්ච දේ තමයි ධනවාදයෙ අර අර්බුදය මේ අර්බුදය කිය කියා හිටිය මිසක් ප්‍රායෝගිකව සාර්ථක වෙන විකල්පයක් හොයා ගන්න බැරි වුන එක. සමාජවාදයෙ, මාක්ස්වාදයෙ අර්බුද ධනවාදයෙ අර්බුද වලට වඩා සිය දහස් වාරයක් විනාශකාරීයි. හොද වෙලාවට චීන්නුන්ට ඒක විප්ලවය ඉවර වෙලා අවුරුදු විසි පහක් යන කොටම වැටහුනා. නැත්තම් තාමත් හාමතේ තමයි.

    ReplyDelete
  4. Reply
    @tharu22
    [මාක්ස්ටයි ලෙනින්ටයි කෙලවෙච්ච දේ තමයි ධනවාදයෙ අර අර්බුදය මේ අර්බුදය කිය කියා හිටිය මිසක් ප්‍රායෝගිකව සාර්ථක වෙන විකල්පයක් හොයා ගන්න බැරි වුන එක. සමාජවාදයෙ, මාක්ස්වාදයෙ අර්බුද ධනවාදයෙ අර්බුද වලට වඩා සිය දහස් වාරයක් විනාශකාරීයි. හොද වෙලාවට චීන්නුන්ට ඒක විප්ලවය ඉවර වෙලා අවුරුදු විසි පහක් යන කොටම වැටහුනා. නැත්තම් තාමත් හාමතේ තමයි.]

    uba keyana wedeyata samaajawaadaya hoda naethnam danawaadaya hodanam awrudu 66k danawaadaya anugamanaya karapu ape sri lankaawa deunuwunee naththe ai ban????
    ethakota ara USA wala artheka arbudayak aethewelaa theyenne ae ratawala menessu wall street wala kaeralegahanne USA samaajawaadee ratak ness wenna athi.....!!!!!!!
    nekan kata theyana paleyata keyawannna epaa pesso!!!!!!
    menessu ubawa pessankotuwata allan yai!!!!!!!

    ReplyDelete
  5. අපි සුද්දා ගේ යකඩ සපත්තුව එපා කියා, චීනා ගේ සපත්තුවට කැමැත්තෙන්ම යට වෙමින් සිටිමු

    ReplyDelete
  6. දඩි බිඩි කියල කොමෙන්ට් දාන්න කලින් ලියල තියෙන දේ තේරුම් ගන්න බලපන්. ධනවාදය නිරපේක්ශක ලෙස අනර්ඝයි කියල මම කිව්වද බන්? මම කිව්වෙ "මාක්ස්වාදයෙ අර්බුද ධනවාදයෙ අර්බුද වලට වඩා සිය දහස් වාරයක් විනාශකාරීයි" කියල විතරයි. පුලුවන්නම් ඔය අති සාර්ථක සමාජවාදය වැඩ කරපු එක රටක් පෙන්නපන්කො? රුසියන්කාරයන්ගෙ කරුමෙට උන් දා ගත්ත මරාලෙ රග තේරෙන්න අවුරුදු හැත්තෑවක් විතර ගියා, හොද වෙලාවට චීනට අවුරුදු විස්ස විසි පහ යන කොට තේරුනා.
    මාව පිස්සන්කොටු යවන්න කලින් සින්හලෙන් ටයිප් කරන්න ඉගෙන ගනින්.

    ReplyDelete
    Replies
    1. සමාජවාදයේ අර්බුද කියල ඔබ කියන්නෙ 20 වන සියවසේ හදපු රාජ්‍ය පද්ධතිය කඩාගෙන වැටිච්ච එක වෙන්න ඇති.සමාජවාදය කියන්නේ 20 වන සියවසේ හදපු රාජ්‍ය පද්ධතියට සමාන පදයක් නොවන බව පලවෙනියට තේරුම් ගන්න.ධනවාදයට විකල්පයක් අවශ්‍යයයි කියන අදහසට අද වෙනකොට ලොකු පිලිගැනීමක් හම්බෙලා තියෙනව.ධනවාදය ඇතුලෙ ලෝකයේ පරිසරය විනාශ වෙලා.සමාගම් බඩජාරී විදිහට හූරගෙන කන හින්ද පාරිසරික සමතුලනය බිදවැටීගෙන යනව.ලෝකයේ ඇති නැති පරතරය අමනුස්ස විදිහට වැඩි වී ගෙන එනව.යුරෝපයේම ධනවාදය අර්බුදයෙන් අර්බුදයට ගිහිල්ල.ධනවාදී රටවල් ලෝකය බෙදාගන්න එකිනෙකා මරාගන්නවා.ලෝක යුද්ධයක් වෙත ලෝකය තල්ලු වෙමින් තියෙනව.මේ සේරම බලාගෙන ධනවාදයට විකල්පයක් නැහැ කිය කිය ඉන්න එක නිෂ්ක්‍රීය පොන්නකමක්.දැන් අභියෝගය මීට වඩා මානුශික මීට වඩා පරිසරහිතවාදී මීට වඩා ජනහිතකාමී ක්‍රමවේදයක් බිහිකරගන්න එක.ඒ බිහිකරගන්න එක 20 වන සියව්සේ කොරපු දේම විය යුතු නැහැ.සමාජවාදය ගැන අදහස මිත්‍රයා ඊට වඩා ගොඩක් පුලුල්.ධනවාදයට වෙනුවට එහෙම විකල්පයක් වෙත ගෝලිය මට්ටමින් අපි ගමන් නොකලොත් මේ ලෝක ‍ගෝලයේ පැවැත්ම වැඩි කාලයක් යන්න ඉස්සර බරපතල අර්බුදයකට ගමන් කරනවා.

      Delete
    2. ඇඩම් ස්මිත්ගෙ ධනවාදයට විකල්පයක් අව්ශ්‍යයි කියන එකට මමත් එකගයි. ඒ විදියෙ විකල්පයක් සොයා ගත යුතුයි කියන එකේ විවාදයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ විකල්පෙ හැටියට මාක්ස් ලෙනින් පස්සෙ ගියොත් උණට බෙහෙත් හැටියට වසූරිය බෝ කර ගත්ත වගේ වැඩක් තමයි වෙන්නෙ.

      Delete
    3. මිත්‍රයා මේ තියෙන්නෙ ඇඩම් ස්මිත්ගේ ධනවාදය නෙමෙයි.ධනවාදය ඊට වඩා අද ගොඩක් සංකීර්ණයි.ඒක අද ගෝලීය අධිරාජ්‍යයක්.මේ අධිරාජ්‍යය ඇතුලෙ චීනය/අමෙරිකාව කදවුරු බෙදිලා සම්පත් බෙදාගන්න අධිවේගී තරගයක නියුතු වෙලා සිටිනවා.මාක්ස්වවත් ලෙනින්වවත් වන්දනා කරන්න ඕනැත් නැහැ ඒ අය කිව්ව දේවල්වලට සීමා වෙන්න ඕනෙත් නැහැ.නමුත් ඒ අය වැදගත් දෙයක් කියල තියනව නම් ඒවා ගන්න එකේ වරදකුත් නැහැ.ධනවාදය අධිරාජ්‍යවාදයක් දක්වා වැඩෙන හැටි ඉස්සෙල්ලාම පැහැදිලි කලේ ලෙනින්.ධනවාදයේ න්‍යෂ්ටිය තමයි හුවමාරු භාණ්ඩය.හුවමාරු භාණ්ඩය ප්‍රාග්ධනය ලාභය අතිරික්ත වටිනාකම උපදින ආකාරය ගැන අවබෝධයක් ගන්න නම් කාගෙ අදහස් දෙසට ද හැරිය යුත්තේ?මාක්ස්ව මග හැරල ඒව ගැන කතාකරන එක බොරු.ඒ අයව අත්හැරල ධනවාදයට එරෙහි විවේචනාත්මක ස්ථාවරකයකට එන්න බැරි මේව ගැන ඒ අයගෙ ගොඩනැංවීම් අතිශය වැදගත් නිසා.මිත්‍රයා හැබැයි ඒ අය කීව දේවල්වලට සීමා විය යුතු නැහැ.විසි එක් වන සියවසේ අවශ්‍යතාවන්ට අනුකූලව ඒ සංකල්ප වර්ධනය කරගන්න එකයි ‍කරගන්නට අවශ්‍යය.

      Delete
    4. මගේ ප්‍රශ්නය තිබෙන්නේ ධනවාදයේ අර්බුදය මාක්ස් ලෙනින් විග්‍රහ කල ආකාරය පිලිබද නොව ඊට නිසි පිලියමක් ඔවුන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම මතයි. (Not that they were poor in analysing the problem but that they failed to come up with a better alternative that is workable)
      "විසි එක් වන සියවසේ අවශ්‍යතාවන්ට අනුකූලව ඒ සංකල්ප වර්ධනය කරගන්න එකයි ‍කරගන්නට අවශ්‍යය." යනුවෙන් හගවන්නේ පිළිතුර ඇත්තේ "ඒ සංකල්ප" මත බව අන්ධ විශ්වාශයක් වාමවාදීන් තුල ඇති බව නොවේද?

      Delete
    5. මිත්‍රයා ධනවාදය සහ එහි අර්බුදය මාක්ස් ලෙනින් විසින් විග්‍රහ කොට ඇති බව ඔබ පිලිගන්නව.මොනව හරි දේකට විකල්පයක් හදන්න යනවා නම් අපිට ඒ දේ ගැන ඉස්සෙල්ලා හරි අවබෝධයක් තියෙන්න ඕනෙ.එතනින්ම මාක්ස් ලෙනින්ව බැහැර කරන්න බැහැ කියල මම කියන්නේ ඇයි කියන එක තේරෙනව නේද?මේක අන්ධවීමක් නෙමෙයි.ඒ අය දෙවිවරු නෙමෙයි.නෝමල් පොරවල්.හැබැයි ඒ අය ගොඩනගපු කන්සෙප්ට්ස් අපිට යථාර්තය තේරුම් ගන්න උදවුවක් වෙනව නම් ඒවා යොදාගන්න අවශ්‍යයයි.අන්ධ වෙනවා කියන්න පුලුවන් සියලු දේට උත්තර මාක්ස්ගෙයි ලෙනින්ගෙයි පොත්වල තියෙනවා කියල මා කිව්වොත්.මම එහෙම කියන්නෙ නැහැනෙ.ඇත්තටම මෙතනදී අන්ධ විදිහට මාක්ස්/ලෙනින් ප්‍රතික්ෂේප කරන්නේ ඔබ නෙමෙයිද?

      Delete
    6. මාක්ස් විසින් ඉදිරිපත් කල ධනවාදය පිලිබද ප්‍රශ්න බොහෝ ආර්ථීක විද්‍යාවේදීන් තේරුම් ගෙන සිටින සහ පිලියම් යෙදූ හා යොදමින් පවතින ප්‍රශ්න.ඒක කේන්ස්ගේ පටන් ස්ටිග්ලිට්ස්, කෘග්මන් දක්වා පොදුයි. නමුත් මේ කිසිවෙක් මාක්ස්වාදීන් නොවෙයි (මා මින් අදහස් කරන්නේ මොවුන් මාක්ස් විසින් ඉදිරිපත් කල ප්‍රශ්න පිලි නොගන්නා බව නොව මාක්ස්ගේ විසදුම් බැහැර කරන බවයි. ඇරත් මාක්ස් විසින් ඉදිරිපත් කල ධනවාදය තුල හට ගන්නා ආර්ථික චක්‍ර ආදී දේ මාක්ස්ට පෙර සිටම පොදුවේ තේරුම් ගත් සන්කල්පයි.)
      මගේ අරෝව පවතින්නේ පලමු වාක්‍යෙන් ධනවාදයේ ප්‍රශ්න කතා කොට දෙවෙනි වාක්‍ය ලෙස "මීට සමාජවාදයෙන් එහා විසදුමක් නැත" කියන අය සමගයි. උණට බෙහෙත් ලෙස වසූරිය නිර්දේශ කරන්නේ මාක්ස් ලෙනින්වාදය අන්ධ ලෙස කරපින්නා ගත් මේ අයයි.

      Delete
  7. චීනය තුල ඇති නැති පරතරය අන් කවරදාටත් වඩා පැතිරෙමින් තිබේ. එක් පසෙකින් දැවැන්ත කෝටිපතියන් බිහි වෙද්දි සිඟන්නන්ද ,ගණිකාවන්ද වැඩි වැඩියෙන් බිහිවෙමින් තිබේ.

    ලෝකයේ වැඩිම පතල් අනතුරු සංඛ්‍යාවක් සිදු වන්නේ මේ ඊනියා කොමියුනිස්ට් රාජ්‍යයේ වීම කෙතරම් උත්ප්‍රාසයක්ද?

    ReplyDelete
    Replies
    1. ස්කැන්ඩිනේවියානු රටවල් හැරෙනකොට ඇති නැති පරතරය වැඩි වෙමින් නොවතින රටවල් ගැන දැන ගන්න සතුටුයි.

      Delete
    2. කියුබාවෙ කැස්ත්‍රෝලා හා හෙන්චයියලා අතලොස්සක් හැරෙන්නට වෙන ඇති මිනිස්සු නැත. ඉන්නේ නැති මිනිස්සු පමණකි. ඇති මිනිස්සු නොමැතිව නැති මිනිස්සු පමණක් ඇතිවිට ඇති නැති පරතරයක් කොයින්ද?

      Delete
    3. What your reply shows is your lack of understanding and knowledge about cuba,castro and his "henchmen".Cuba is not a paradise and paradises won't exist.It is undebatable.But no one can deny the progress and social achievements cuba won through the revolutionery process.This country is a tiny island which lacks natural resources.But Socialism improved the living stabdards of masses in a significant manner.It is cuba which spends the highest amount of it's GDP for education and education in all levels are free of charge,this has made education accessible for a broad section of masses irrelevant of their income capability.This is something that cannot be seen in any developing naton,only scandinavian welfare states provide a similar kind of comprehensive free education.Cuba produces finest doctors and the universal health care system of Cuba is one of the best in the globe.The doctor patient ratio is better even than US.It even provide free medical advice and services for neighboring countries.

      It is true due to the unreasonable embargo laid down by the US for past 60 years cuba faces economic hardships.( Our fine anti socialist fellows condemn "socialism" but do not dare to speak a word against the barbarian Imperialist action of the "capitalist" US) . In such a context the achievements Cuba acheived in educational health care and welfare spheres is interesting and far much commendable than the situation in other developing counties such as Sri lanka.And when one compares this progress with the pre revolutionary capitalist era,significantly with the capitalist regime under Batista no one can deny the difference and the advancement brought by the revolution.Just read some more on Castro and Cuba before you comment.And as a person who has followed Castro's speeches and writings for a long time,I can without any hesitation state that He is one of the finest intellects I have seen among politicians,no SL politician can even imagine to come even close to that degree of intelligence!

      Delete
  8. ඒකාධිපති චීන ධනවාදයට වඩා ලිබරල් ධනවාදය මානව වර්ගයාට හිතකරය

    @කණ්ඩුල - පාලකයින් චීන ආධිපත්‍යයේ පස්ස ලෙව කන්නේ ඉඟුරු මිරිස් ප්‍රශ්නයක් නිසා නොව තම බක පණ්ඩිත කම් නිසා වෙන කරන්නට දෙයක් නොමැති නිසාය

    ReplyDelete
    Replies
    1. //@කණ්ඩුල - පාලකයින් චීන ආධිපත්‍යයේ පස්ස ලෙව කන්නේ ඉඟුරු මිරිස් ප්‍රශ්නයක් නිසා නොව තම බක පණ්ඩිත කම් නිසා වෙන කරන්නට දෙයක් නොමැති නිසාය//

      අපේ පාණ්ඩුව ගැන සිතනාවිට එය සැබෑමය..

      .එහෙත් චීනාගේ ආර්ථික උපායමාර්ගය වන්නේ කොන්දේසි අවමව සම්පත්වලින් අනූන, බටහිරයන්ට අන්තරාදායක (නැතහොත් බටහිර විරෝධී ) රටවල් වල සිත දිනාගෙන එම රටවල්වල ස්වාභාවික සම්පත් වල ආයෝජනය කරමින් අයිතිය ලබාගැනීමත්, එම ස්වභාවික සම්පත් නැවත චීනය වෙත ගෙනයාම සඳහා එම රටවල්වල යටිතල පහසුකම් සංවර්ධනයට ආධාර කිරීමත් මගිනි. චීනයේ ලාබ/බාල බඩුවලට එමරටවල වෙළඳපොලවල් විවර කරගැනීම අනෙක් අරමුණයි.

      Delete