![]() |
| ගරිල්ලා ප්‍රධානී කරුනා |
කරුනා අම්මාන් මහතා බැලූ බැල්මට ගත කරනුයේ සුඛිත මුදිත ජීවිතයකි.හෙතෙම නියෝජ්‍ය අමාත්‍යධූරයක් හොබවයි.ආන්ඩු පක්ෂයේ උසස් නිලයක් ඔහුට හිමිය.උත්සව අවස්ථාවකදී ගනු ලැබූ රූමත් කාන්තාවක් ආලිංගන ලීලාවෙන් වැලදගත් සිනහමුසු කරුනාගේ ඡායාරූප පෙලක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරනය විය.කරුනාගේ නීත්‍යනුකූල භාර්යාව මේ වනවිට ලන්ඩනයේ ජීවත් වන අතර ඔහු සමග උත්සව අවස්ථාවන්ට සහභාගී වන ස්ත්‍රිය ඔහුගේ පුද්ගලික ලේකම්වරිය යැයි කියැවේ.නැගෙනහිර ඝන කැලෑ තුල ගතකල රලු ජීවිතය හා සසදන විට කරුනාගේ වර්තමාන පැවැත්ම ප්‍රමෝදය උතුරා ගලන එකකි.
එහෙත් එම ආස්වාදයේ හිඩැසක් ඇත.ලංකාදීපයේ පලවන කරුනාගේ ප්‍රකාශය
එම හිඩැස මූර්තිමත් කරයි.කොටි සංවිධානය පරාජය කිරීමේදී කරුනා ඉටු කල මෙහෙය අති
විශාලය.තමාම කලෙක නායකයෙකුව සිට ගොඩනැගූ සංවිධානයක් චප්ප කිරීමට රාජ්‍යයට සහය
වීමෙන් කරුනා අපේක්ෂා කලේ අන් කවරක් හෝ නොව සිංහල දේශපාලන ලෝකයේ "පිලිගැනීමයි".ලංකාවේ
අධිපති දේශපාලන කතිකාවත සිංහල කේන්ද්‍රීය එකකි.කොටි සංවිධානයෙන් කැඩී හමුදාව සමග
සන්ධානගත වීම සමග කරුනා සිදුකරන්නේ දෙමල ජාතිකවාදී කතිකාවතෙන් කැඩී සිංහල කේන්ද්‍රීය
කතිකාවත තුලට ඇතුලු වීමයි.
ඉන්පසු ඔහු සිදුකල සෑම දෙයක්ම අප වටහා ගත යුත්තේ තමා අවතීර්නය
වූ මෙම නව කතිකාවත තුල තහවුරු වීම සදහා ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ලෙසය.එක්තරා
ෂර්ලොක් හෝම්ස් කතාවක (The
valley of fear) එක්සත් ජනපදයේ මාෆියා කල්ලියකට ඇතුලු වන රහස් පරීක්ෂකවරයෙකු එම
කල්ලියේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා දරනු ලැබූ උත්සාහය පිලිබද රසවත් විස්තරයක්
එයි.ඒ සදහා හෙතෙම එම කල්ලියේ අනෙක් අය අනුයයි.තමා එම කල්ලිය වෙනුවෙන් හදවතින්ම
කැපවූවෙකු බව හැකි සෑම විටම පෙන්වීමට වෑයම් කරයි."පිටස්තරයාගේ" තත්වයේ
සිට "කල්ලියේ එකා"ගේ තත්වයට උසස්වීම පහසු නොවේ.එම පිලිගැනීම දිනාගත හැක්කේ
තමා "කල්ලියේ අයටත් වඩා කල්ලියේ එකෙකි" යන්න ඔප්පු කිරීමට මහන්සි වන
තරමටය.
![]() |
| සිංහල දේශපාලන ලෝකය තුල අනන්‍යතාවය සොයන විනයාගමූර්ති මුරලිදරන් |
මේ අනුව සිංහල දේශපාලන රාමුවේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා
කරුනා කල දේ බොහෝය.අතීතයේ තමන් සමග එක කදවුරේ සිටි සගයන් සමූලඝාතනය කරදැමීම සදහා
හෙතෙම රාජ්‍යයට කොන්දේසි විරහිතව සහය දැක්වීය.ඉනුදු නොනැවතී තමා නායකත්වය දැරූ
ටී.එම්.වී.පී නම් දෙමල පක්ෂයෙන් ඉවත්ව හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය
ලබාගත්තේය.මහනායක හිමිවරු බැහැ දුටුවේය.මල් වට්ටි ගෙන පන්සල් ගානේ ඇවිද්දේය.ජාතික
ප්රශ්නය විෂයෙහි ජාතිවාදී වීම පිලිබද චෝදනාවක් රජයට එල්ල වන්නේ යම් අවස්ථාවකදීද
රජයේ දැහැමිබව කියාපෑම වෙනුවෙන් හෙතෙම නොපැකිල ඉදිරිපත් වූයේය.
මේ සියල්ල වෙනුවෙන් කරුනාට හිමිවූයේ භෞතික වරප්‍රසාදයන්ය.දෙමල
සමාජයේ විශ්වාසය දිනාගත නොහැකිව අර්බුදයට පත් රාජ්‍යයට තමා වෙනුවෙන් තමාගේ අයටත්
වඩා උවමනාවකින් පෙනී සිටින හිටපු දමිල කැරලි නායකයෙකු යනු මිල කල නොහැකි සම්පතකි.කෙසේවුවද
කෙතරම් භෞතික වරප්‍රසාද පිරිනැමූවද කරුනා සිය "කල්ලියේ එකෙකු" ලෙස
පිලිගැනීමට සිංහල අධිපති කතිකාවත සූදානම් නැති බවට උක්ත පුවත්පත් සාකච්ඡාව
හෙලිකරයි. "තමාගේ
අතීතයට ගරහන්න එපා" යැයි කරුනාට නැවත නැවත යාප්පු වීමට සිදුවී තිබෙනුයේ
එබැවිනි.
සිංහලවාදී දේශපාලන කතිකාවත කරුනා වැන්නවුන් කෙරෙහි දක්වන්නේ උපයෝගිතාවාදී
උනන්දුවකි.මෑතකදී ඇමතිවරුන් පිරිසක් උතුරේ කල සංචාරයකදී ගුනරත්න වීරකෝන් අමාත්‍යවරයා
කරුනා අම්මාන්ට ඔහුගේ "ත්‍රස්තවාදී" ඉතිහාසය පිලිබදව ඇනුම්පදමය ස්වරූපී
විහිලු කල බව පසුගිය සතියේ සිංහල පුවත්පත්වල ඕපාදූප තීරුවල සදහන්ව තිබුනි.කරුනා
සැබැවින්ම සිංහල දේශපාලන ලෝකය තුල (දේශපාලකයන්ට සහ පොදු සමාජයට) "අපේ
එකෙකු" නොව "පිටස්තරයෙකි".අපගේ ආධිපත්‍යය රැකගැනීම සදහා නුඹ අපට
උදව් කලෙහිය.ඒ සදහා නුඹට අප යම් යම් වරප්‍රසාද ලබාදෙමු.ගනුදෙනුව එපමනකි.අප හා සම
වීමට නුඹට නොහැක.කෙතරම් වෑයම් කලද කරුනාට සිංහල දේශපාලන ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාරය
එයයි.
මේ අනුව දැන් කරුනා කරන්නේ කුමක්ද?සිය දෙමල අනන්‍යතාවය ඉවත දමා
සිංහල බෞද්ධයෙකු වීමෙන් හෝ තමාට අහිමි පිලිගැනීම ලබාගැනීමට හෙතෙම වෑයම් කරයි.බන පොත් කියවන දැහැමි
සැදැහැවතෙකු ලෙස සිංහල සමාජය අභියස ඔහුට රගපාන්නට වී තිබෙනුයේ මේ නිසාය. කරුනා
විසින් පලාත් සභාවන්ට ඉඩම් හා පොලිස් බලතල පැවැරීම ප්‍රසිද්ධ ප්‍රකාශයකින් පසුගිය
දිනෙක හෙලා දැක තිබුනි.පලාත් සභා සහ ජාතික ප්රශ්නය අතර සම්බන්ධය වෙනම සාකච්ඡා කල
යුත්තකි.කෙසේවෙතත් සිංහල කේන්ද්‍රීය රාජ්‍යයට එරෙහිව වෙනම රටක් වෙනුවෙන් යුද්ධ කල
තැනැත්තෙකු පලාත් සභාවලට ඉඩම් බලයවත් දිය යුතු නැතැයි කීම උත්ප්රාසාත්මකය.කරුනා
මෙසේ කියනුයේ නැගෙනහිර පලාත් සභාවේ ඉඩම් ඇමති විමලවීර දිසානායක වැන්නවුන් පවා ඉඩම්
බලතල ඉල්ලා සිටින සන්දර්භයකය.සිංහල ලෝකයේ පිලිගැනීම ලබාගැනීමට "සිංහලයන්ටත්
වඩා සිංහල වීමට" කරුනාට සිදුව තිබෙනුයේ එලෙසිනි.
කරුනා අම්මාන්ගේ මෙම ඉරනම එකවිට පිලිකුල සහ අනුකම්පාව උපදවන්නකි.හෙතෙම භෞතික
වරප්‍රසාද අභියස සිය පෞරුෂය අහිමි කරගත් අධමයෙකු වීම මත මෙම කතාව පිලිකුල්
සහගතය.එසේම අධිපති සිංහල කතිකාවත තුල දමිලයෙකුට කිසිදිනෙක නොලැබෙන පිලිගැනීම
ලබාගැනීමට හෙතෙම දරන කනගාටුදායක වෙහෙස අනුකම්පා කටයුතුය.


අහෝ කරුනා නොදුටි මොක්ප්රර.
ReplyDeleteඇයි ඒ ප්‍රබාකරන් තුමාට ගල් පෙරලපු නිසා වත් ද ?
Deleteඅරන්තලාවේ ඝාතන, යටත්වූ පොලිස් නිළධාරීන් ඝාතනය ..... වැනි බොහෝ පව් වලින් කරුණාට ගැලවීමට බැරිය.ඔහු හදාරන බුද්ධ දර්ශනයෙන් එය ඔහුටම පැහැදිලි වනු ඇත.
ReplyDelete1+
ReplyDeleteMama Karuna Dakinne Thrasthayek vidiyata nova... modayek hetiyatayi!
ReplyDeleteStupid Idiot!!!
ෆොන්සේකා වාදීන් කියන්නේ යුද විරුවන් හිර ගෙයි දමා කරුණා සප ගන්න බවය. උන් ඉල්ලන්නේ කරුණාගෙ ලේ ය. කරුණා මරා දැම්මොත් "අන්න බලපියව් සිංහලයන් එක්ක හිටි දෙමළටත් කල දේ! නොහිටපු උන්ට කොහොම වෙන අතිද?" කියා රාමචන්ද්‍ර තප්පු ලනු ඇත.
ReplyDeleteකරුණාට සම්පූර්ණ සහයෝගය දුන්නොත්, "බිහිසුණු නිම්නයේ" බර්ඩි එඩ්වර්ඩ්ස් මෙන්ම කරුණා සංවිධානය (සිංහල ආණ්ඩුව ) විනාශ කරන්නට හදන බව රාමචන්ද්‍ර උදම් අනනු ඇත.
කොටින්ම රාමචන්ද්‍ර කරුණා අම්මාන්ව එදා වේල පෙඩරල් කතිකාවට යොදා ගන්න හදයි.
ඉල්ලන්නේ කරුණාගේ ලේ නොවේ.ඉල්ලන්නේ කරුණාට දක්වන කරුණාවම ෆොන්සේකාටද දක්වන්න කියා පමණි.
Delete@ඉන්දික උපශාන්ත, මේ දෙක සමාන නැත, කරුණා සතුරාගේ සතුරෙකි , අපේ මිතුරෙකි ... ෆොන්සේකා අපේ මිතුරෙකුව සිට වික්‍රමබාහු ,මනෝ ගනේෂන් ,මංගල
Deletedr.ජයලත් නඩයට කඩේ ගිය අයෙකි
@Anonymous : ඔබගේ ඉන්දික උපශාන්තට දුන් පිළිතුර අගයමි.
Deleteඑතකොට ෆොන්සේක හිරේ ඉන්නෙ වැරැද්දක් කරපු නිසා නෙමෙයි, මහින්දට විරුද්ධව චන්දෙ ඉල්ලපු නිසා කියන එක පිලිගන්නව. බොහොම ස්තූතියි.
Deleteකරුණා අම්මාන් ප්රභාකරන්ට ද්‍රෝහී වුනා නේද?
ReplyDeleteමනමේ කුමරිට වැද්දා විසින් කරපු දේ තමයි කරන්න තියෙන්නේ.
සිරාවටම කියපන් ... උබ පුකෙන් නේද හිතන්නේ ?
Deleteකරුනාට ඇත්තටම අවශ්‍ය මොනවදැයි රාමචන්ද්‍ර දනී දැයි මට සැක සහිතය. සමහර විට කරුනාට අවශ්‍ය මල මගුල් පිලිගැනිමක් නොව සැප විදිමින් සිටිමද විය හැක.
ReplyDeleteමට සිතෙන ආකරයටනම් කරුනා මේ දමන්නෙ එක්තරා රගපෑමක් මිස වෙන මගුලක් නොවේ.
ෂර්ලොක් හෝම්ස් කතාවෙ රහස් පරික්ශකයා මෙන් කරුනාද මේ කරන්නේ තම අරමුන (මෙහිදි නම් තම උන්නතිය-survival) ඉටු කර ගැනිම සදහා කරන රග පෑමකි.
කරුනගෙ බිරිද කරුනා දෙමල ජනතාවට ද්‍රොහියෙක් යයි කියා ඇතැයි මම දැක්කෙමි.ඒ නිසා තව දුරටත් කරුනා විවහකදැයි යන්න වෙනමම කාරනයකි.
දකුණේ සිංහල සමාජය එදා කදිරගාමර් පාවිච්චි කලේත් අද කරුණා පාවිච්චි කරන විදියටමයි. ජවිපෙ පවා ඔහුව අගමැති කමට නම් කලේ දෙමල ජාතිකයෙක් වශයෙන් ඔහුව කොටි සංවිධානයට එරෙහිව පාවිච්චි කිරීම සඳහා නොවේද?
ReplyDeleteඔන්න ඇත්ත. නියමයි.
Deleteකදිරගාමර් යනු ශ්‍රී ලාංකීය දේශපාලනයේ කලාතුරකින් බිහිවන ආකරයේ චරිතයෙකි. ඔහුගේ ජාතිය එයට අදාල නොවේ. කරුණා බාවිතා කිරීම රජයට කල හැකි දෙයකි. මන්දයත් කරුණාගේ පැවැත්ම රජය හා බැදී ඇති නිසාය. කදිරගාමර් ගේ පැවැත්ම එසේ රජය හා බැදී නැත. කදිරගාමර් දේශපාලන ඇත හැරියා නම් හෝ එසේ කර විදේශ ගත වුව නම් ඔහුට සැපවත් ජිවිතයක් ගත කිරීමට තිබුණි.
ReplyDeleteකරුනා බුදු දහම ගැන සිතුවොත් ඔහු කල පාප කර්මයෙන් බුදු දහමෙන් ගැලවිමක් නැහැ. මේ රටේ හැම දේශපාලන බල්ලෝ කරන්නේ බුදු දහම ඉස්සරහට දමාගෙන වැරදි වහගන්න එකයි. මර්වියා හැම සාකච්ඡාවේදී බුදු දහමේ වචනයක් අරගෙන කතා කරනවා. මේ මිනි මරපු කරුණාතාත් බුදු හාමුදුරාවෝ මතක් කරන එක තමයි වාව ගන්න බැරි.
ReplyDeleteබුදු හාමුදුරුවෝ අද හිටියානම්.......................
මේ විකාර ගැන අහල තමන්ගේ වැඩ පුරුදු පරිදිම කර ගෙන යයි.
Deleteඅපේ මෝඩ හැතිකරය මූටත් රැවටෙයිද කියන එක නම් ප්‍රශ්නයක්, ඒත් ඉතින් කියන්නත් බෑ. කොහොම වුනත් බුදුදහම ඉස්සරහට දාලා තමන්ගේ නිරුවත වහගන්න එක දැන් පුරුද්දක් වෙලා...
ReplyDeleteජීවිතය රස විඳින්න පටන් ගත්ත කරුණාට ඒක පවත්වාගන්න නම් සිංහල ජනතාව අතර මාකට් වෙන ආකාරයට පෙනී සිටිය යුතු වෙනවා
ReplyDeleteත්‍රස්තවාදියෙක් විදිහට අහිංසක මිනිස්සු මරනවට වඩා ජීවිතය රස විඳින්න පටන් ගත්ත එක කොච්චර දෙයක් ද ?
Deleteඔව් ...ජවිපේ සමාජික විමල් ගොය්යට පුලුවන් නම් කොටි සමාජික කරුණට බැරි මොකෝ .
Deleteසිරාවට මචන් මටත් ඔය මිනි මාරු ච්ගුවේරා කාරයෝ පෙනෙන්න බෑ
Deleteඑක්තරා ෂර්ලොක් හෝම්ස් කතාවක (The valley of fear) එක්සත් ජනපදයේ මාෆියා කල්ලියකට ඇතුලු වන රහස් පරීක්ෂකවරයෙකු එම කල්ලියේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා දරනු ලැබූ උත්සාහය පිලිබද රසවත් විස්තරයක් එයි.ඒ සදහා හෙතෙම එම කල්ලියේ අනෙක් අය අනුයයි.තමා එම කල්ලිය වෙනුවෙන් හදවතින්ම කැපවූවෙකු බව හැකි සෑම විටම පෙන්වීමට වෑයම් කරයි."පිටස්තරයාගේ" තත්වයේ සිට "කල්ලියේ එකා"ගේ තත්වයට උසස්වීම පහසු නොවේ.එම පිලිගැනීම දිනාගත හැක්කේ තමා "කල්ලියේ අයටත් වඩා කල්ලියේ එකෙකි" යන්න ඔප්පු කිරීමට මහන්සි වන තරමටය.
ReplyDelete----
අනිවාර්යෙන්ම ... බලන්නකෝ අපේ රාමචන්ද්‍රගේ බුද්දිය ... දෙගොඩ තලා යනවා ... අනිවාර්යෙන්ම මේක ප්රබකරන්ගෙය් පොට්ටු අම්මන්ගෙය් ප්ලෑන් එකක් ...උන් බොරුවට මැරිලා වගේ ඉදගෙන අපායේ ඉදන් කරුණාව මෙහෙයවනවා ....
Same is true for Wimal Weerawansa. But both can gain membership of capitalist internal circle by serving long term to respective.
ReplyDeleteHello there, simply become alert to your weblog thru Google, and fosbobetund that it’s really informative. I’m gonna watch out for brussels
ReplyDeleteසන්විදානයේ පරමාර්ත හො ප්‍රතිපත්ති කෙසේ වෙතත් තම වාසිය තකා තම සගයන් පවා දුන් එකා මීට වඩා වාසියක් අත් වෙනවනම් රට වෙනත් රටකට වුවත් පවා දීමට පසුබට නොවෙනු ඈත මේ ගෑන සිතා පක්ශ විපක්ශ නයකයින් හා මහජනතාව අවදියෙන් සිටිය යුතුය.
ReplyDeletesahathika aththa!
Delete"කරුනා මෙසේ කියනුයේ නැගෙනහිර පලාත් සභාවේ ඉඩම් ඇමති විමලවීර දිසානායක වැන්නවුන් පවා ඉඩම් බලතල ඉල්ලා සිටින සන්දර්භයකය"
ReplyDeleteමෙහෙමත් කියන්න පුළුවන්.
"විමලවීර දිසානායක ද්‍රවිඩ ජාතිවාදී මතයේ ඉන්නේ කරුණා පවා සාමකාමී සමාජයක ජීවත්වන සන්දර්භයකය"... හික් හික්.. ඔයාට හිතෙන හැටි
nice topic thank you and thumb up !
ReplyDeletesbo
My partner and i still cannot quite believe that I could become one of those studying the important points found on your site. My family and I are really thankful on your generosity and for providing me opportunity pursue the chosen career path. Thanks บาคาร่าออนไลน์ for the important information I managed to get from your website.
ReplyDelete