Saturday, February 11, 2012

අපි නොදන්න ලයිව් නොහොත් සංස්කෘතික රැඩිකල්වාදයේ හතර මායිම




ලෙකට ඉහත සිරස රූපවාහිනියේ විකාශය වූ "අපි නොදන්න ලයිව්" වැඩසටහන සමාජගත වූයේ අතිශය ආන්දෝලනාත්මක වැඩසටහනක් ලෙසය.එදිනෙදා වහරට අනුව එය "රැඩිකල් වැඩක්" වූ අතර එම වැඩසටහන මෙහෙයවූ සුදු මල්ලී සහ චූටි මල්ලී "රැඩිකල් පොරවල්" වූහ.රූපවාහිනී කර්මාන්තයේ පෙනෙන මුහුනට යටින් තිබෙන නොපෙනෙන මුහුන අනාවරනය කිරීම මෙම වැඩසටහන මගින් අරමුනු විය.එහි අපූර්වත්වය වූයේ රූපවාහිනි කර්මාන්තයේ ව්‍යාජය හෙලිදරවු කිරීම සදහා ඔවුන් යොදාගනු ලැබූ මාධ්‍යය වූයේද රූපවාහිනීයම වීමයි.
එවැනි වැඩසටහනකට ඉඩ දීමෙන් එය විකාශනය කල සිරස රූපවාහිනියටත් පහර වදිනවා නේදැයි එකල ඇතැම්හු ප්‍රශ්න කලහ.රූපවාහිනී කර්මාන්තය නිරුවත් කෙරෙන වැඩසටහනක් රූපවාහිනි ආයතනයක් වන සිරසටත් හානිකර වේ යන්න බැලූ බැල්මට පෙනුනු දෙයයි.එහෙත් සිරස අදාල වැඩසටහන දිගටම විකාශය කිරීමෙන් නොනැවතී පසුකාලීනව එහි දෙවන අදියරකට පවා අත ගැසීය.තමාට අවාසිදායක විය හැකි වැඩසටහනක් මෙලෙස නොබියව ප්‍රචාරය කර හැරීමට තරම් සිරස නිර්භය වූයේ ඇයි?

මෙම වැඩසටහනේදී රූපවාහිනී කර්මාන්තය හෙලිදරවු කිරීම සම්බන්ධයෙන් සුදු මල්ලී සහ චූටි මල්ලී තුල තිබුනු චේතනාව අතිශය සද්භාවී එකක් වූවා විය හැක.එම සද්භාවී රැඩිකල් ප්‍රවේශය රූපවාහිනී කර්මාන්තය තුල පැවැති පිලිවෙල/සම්මතයට එරෙහි කැරලිකාරී තැනකින් මතුවූවක් ද විය හැක.එහෙත් අවසානයේ වඩාත් පලල්ව සැලකූ විට සිදුව තිබුනේ කුමක්ද?සුදු මල්ලීගේ හා චූ‍ටි මල්ලීගේ විරෝධයට ලක්වූ අධිපති රූපවාහිනී ප්‍රවාහය විසින්ම අවසානයේ ඔවුන් දෙපල ප්‍රයෝජනයට ගෙන තිබීමයි.ලාභ උපයනු වස් රූපවාහිනී කර්මාන්තය නම් ප්‍රෝඩාව මත ආයෝජනය කොට තිබූ මහරාජා ප්‍රාග්ධනයට එම ප්‍රෝඩාව විවේචනයට ලක්කල තරුනයක් දෙදෙනෙකු මුනගැසුනි.එම ප්‍රාග්ධනය විසින් ඔවුන්ගේ එම විවේචනය තවත් වැඩසටහනක් බවට පත්කරන ලදී.එලෙස ප්‍රෝඩාවට එරෙහි විවේචනය මහරාජා ප්‍රාග්ධනය වෙත තව තවත් ලාභ අද්දා දෙන ප්‍රෝග්‍රෑම් එකක් බවට පත්වුනු අතර සැබැවින්ම සිදුව තිබුනේ සුදු මල්ලී හා චූටි මල්ලීගේ විරෝධාකල්පික ප්‍රවේශය ප්‍රාග්ධනය විසින් අවශෝෂනය කරගැනීමයි.සිරස ආයතනය කිසිදු ගැටලුවක් නැතිව අපි නොදන්න ලයිව් නැවත නැවතත් විකාශය කර හැරීමේ රහස එයයි.

ඕනෑම සමාජයක "රැඩිකල් වීම" යෞවන පරම්පරාව අතර සැලකිය යුතු ප්‍රමානයකින් දක්නට ලැබෙන්නකි.සමාජයේ පවතින අධිපති වටිනාකම් නොතකා ක්‍රියාකිරීම හරහා ඊට විරෝධය පෑම මෙම රැඩිකල් වීම යන්නෙන් අදහස් වේ.සමාජ සම්මතය හිසකෙස් තෙල් ගා පැත්තකට පීරීම නම් තරුනයෝ ජෙල් ආලේප කොට විවිධ විලාසිතා සිදුකරති.සම්මතය අමරදේවගේ සිංදු ඇසීම හොදයි යන්න නම් ඔවුහු හාඩ් රොක් ගීත ශ්‍රවනය කරති.සිය වැඩිහිටියන් විසින් පනවන අගයන් එලෙසම පිලිනොගෙන වෙනස් ආකාරයකින් ජීවත්වීම සදහා ඔවුන් තුල නැඹුරුවක් තිබේ.අධිපති ව්‍යුහ හා වටිනාකම්වලට විරෝධය පෑමේ මෙම මනෝභාවය විමුක්තිකාමී විභවයක් සහිත මනෝභාවයක් ලෙස සැලකිය හැක.

"වෙනස් වීම" සදහා තරුනයන් තුල තිබෙන මෙම මනෝභාවය බටහිර ලෝකයේ දැවැන්ත ලෙස පුපුරා ගිය අවස්ථාවක් ලෙස 1960 ගනන්වල මතුවූ ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරය සැලකිය හැක.මෙය ලිංගික විප්ලවය (sex revolution) යනුවෙන්ද හදුන්වනු ලැබේ.උපත් පාලන පෙති මුල්වරට ලොවට හදුන්වා දුන් මේ යුගයේ ලිංගිකත්වය හා බැදුනු සාම්ප්‍රදායික ආකල්ප හා වටිනාකම් විවෘතව අභියෝගයට ලක්කිරීමට යුරෝපයේ හා එක්සත් ජනපදයේ තරුනයෝ ඉදිරිපත් වූහ.විශේෂයෙන්ම විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම,නිරුවත,නිල් චිත්‍රපට යනාදිය සම්බන්ධ වික්ටෝරියානු සදාචාර පිලිවෙත් මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්කෙරිනි.නිදහස් ලිංගිකත්වයේ වටිනාකම විවෘතව අවධාරනය කල හිපි ව්‍යාපාරය වැනි ප්‍රතිසංස්කෘතික උද්ගතයන් එකල දස දහස් සංඛ්‍යාත තරුන තරුනියන්ගේ මහත් පිලිගැනීමට ලක්විය.

මේ අනුව බටහිර ලෝකයේ "ලිංගික විප්ලවය" යනු සමාජයේ අධිපති වටිනාකම් වලට එරෙහිව තරුනයන් තුල පැවැති විමුක්තිකාමී අභිලාෂයන් තුලින් මතුවූවකි.සංස්කෘතික ආකාරයකින් ප්‍රකාශයට පත් මෙම රැඩිකල්භාවය අවසානයේ ලබාගන්නා හැඩය පැහැදිලි කිරීමට හර්බට් මාකුසෙ නම් චින්තකයා Repressive Desublimation නම් සංකල්පය හදුන්වා දුන්නේය.Sublimation යන්නෙන් ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂනයේදී හදුන්වන්නේ ලිංගික ආශාව නම් ප්‍රාථමික මනුශ්‍ය ප්‍රේරනය වඩාත් සමාජමය වශයෙන් පිලිගත හැකි දෙයක් (උදා - කලාව,ආගම) බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියයි.මාකුසෙට අනුව ලිංගික විප්ලවයේදී සිදුවූයේ මෙහි ප්‍රතිලෝමයයි (Desublimation).එනම් ලිංගිකත්වය යන්න ඉතාම සුලබ දෙයක් බවට පත්වීම හරහා කලාවෙහි යෙදෙනවාට හෝ ආගම අදහනවාට වඩා හුදෙක් සිය මූලික ප්‍රේරනයන්ට අවනතව ලිංගිකාස්වාදයේ යෙදීමට මිනිසා යොමුවේ.නමුත් මෙම ක්‍රියාවලිය අවරෝධක/පීඩාකාරී (Repressive) එකකි.මන්ද මෙලෙස සිදුවූ පරිවර්තනය අවසානයේ ස්ථානගත වන්නේ ධනේශ්වර සමාජය තුලය.මේ අනුව ඉහත පරිවර්තනය මගින් අවසානයේ ඔබට ලබාදෙන්නේ නිදහසක් නොව නැවත වටයකින් ඔබව පීඩාකාරී ව්‍යුහයක් තුලට ඇදගැනීමයි.ඔබේ ලිංගික ප්‍රේරනයන් තෘප්ත කරගැනීමට නම් නිල් චිත්‍රපට/උපත් පාලන උපාංග වැනි පාරිභෝගික භාන්ඩ ධනවාදය විසින් ඔබ වෙනුවෙන් නිමවා ඇති අතර  ඒවා මිලට ගැනීමත් සමග ඔබ ප්‍රාග්ධනයේ තර්කනය තුලට ඇතුලු වේ.සතුට ලැබීමට නම් ඔබ ඒවා "මිලට ගත යුතුය".

මාකුසෙ "ලිංගික විප්ලවය" ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ තරුන පරපුර තුල හටගත් විමුක්තිකාමී/රැඩිකල් මනෝභාවය පෙරලා තමාගේ යැපීමේ ආකාරයක් බවට ධනවාදය විසින් පත්කරගත් ආකාරයයි.එනම් සංස්කෘතිකමය ලෙස ප්‍රකාශයට පත්වන විරෝධාකල්ප ක්‍රමය තුලට උරා ගැනීමට ධනවාදය තුල පවත්නා ශක්‍යතාවයයි.සමාජයේ දේශපාලන/ආර්ථික පදනම් ‍කෙරෙහි විවේචනාත්මක නොවන හුදෙක් සංස්කෘතිකමය ලෙස මතුවන සියලු රැඩිකල්භාවයන් අවසන් විග්‍රහයේදි ක්‍රමය විසින් අවශෝෂනය කරගනු ලැබේ.මොබිටෙල් ඩබල් බොනැන්සා වෙලද දැන්වීමේ විකට නලුවන් බවට පත්වෙමින් සුදු මල්ලී සහ චූටි මල්ලී පසුකලෙක ඔප්පු කලේ මෙම සත්‍යයයි.

[[රාමචන්ද්‍රගේ සටහන - ජනරළ ඉරිදා සංග්‍රහය 2012.02.12]]

18 comments:

  1. අපේ පැරැන්නන් සමාජවාදයට කඩේ ගිය නිසා අපි ධනවාදයට කඩේ යන තරමට රැඩිකල් වී ඇත්තෙමු ...........

    ReplyDelete
  2. @ 1Anonymous
    පල පිස්සො යන්ඩ උබයි මමයි දන්න රෑඩිකල්!!!!!
    උබේ රෑඩිකල්කම කියන්නේ කුඩු ඈමතියෙකුට පු_ දෙනඵක වෙන්න ඈති.

    ReplyDelete
  3. රාමා කියන්නේ ජයමංඟල ගාථා නම් සමාජ වටිනාකමට එරෙහිව ගයාන් නම් රැඩිකල් තරුණයා ගැයූ ගීය ද තව ටික කලෙකින් (සාම්ප්‍රදායික) සමාජය විසින් අවශෝෂනය කරගනු ඇතියි කියාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මේක සමාජය හරියට අල්ලගත්තොත් කිසිම වැරැද්දක් නෑ මෙතන.ගයාන් ජයමංගල ගාථා රැප් කරාම අපේ සංස්කෘතික මනෝවිකාර චරිත වලට ඌරු ජුවල්.එත් ඔය විදිහට ජය මංගල කියල යන පවුල් ඇතුලේ ඇත්තටම වාසනාවන්ත විදිහට මේ මනෝවිකාර කාරයෝ ජීවත් වෙනවද? කියන එක ප්‍රශ්නයක්.

      Delete
  4. AnonymousFeb 11, 2012 06:43 PM

    @ 1Anonymous
    පල පිස්සො යන්ඩ උබයි මමයි දන්න රෑඩිකල්!!!!!
    උබේ රෑඩිකල්කම කියන්නේ කුඩු ඈමතියෙකුට පු_ දෙනඵක වෙන්න ඈති.
    --
    මාක්ස් ට ලෙනින්ට චේගුවේරා ට පුක දුන්නට වඩා වෙනසක් නෑ ආයුබෝවන්.......

    ReplyDelete
  5. චූටි මල්ලිලාගේ උපහාසාත්මක "ප්‍රවෘත්ති කියැවූමේ කලාව" අද නෝනාගේවාහිනිය විසින් අමු අමුවේ යොදාගනිමින් ඔප්පු කරන්නේද මෙම //"සංස්කෘතිකමය ලෙස ප්‍රකාශයට පත්වන විරෝධාකල්ප ක්‍රමය තුලට උරා ගැනීමට ධනවාදය තුල පවත්නා ශක්‍යතාව"//යේ සත්‍යයි.

    ReplyDelete
    Replies
    1. Good website! I really love บาคาร่า how it is easy on my eyes and the data are well written. I’m wondering how I could be notified when a new post has been made. I have subscribed to your RSS which must do the trick! Have a great day!

      Delete
  6. පල ගොනෝ යන්ඩ.
    මාක්ස් ලෙනින් චේ කවුරුත් මේලෝකේ නෑ.
    උන්ට දුන්නයි කියලා ලෑබෙන කෙන්ගෙඩියකුත් නෑ.
    නමුත් තොපි වගේ මන්දයෝ ඈරෙන්න, මොලේ තියන මිනිස්සු දාස්ගානක් අදටත් මාක්ස්ලා කිව්වදේ පිලිගන්නේ අනුගමනය කරන්නේ ඵ මිනිස්සුන්ගේ මානවහිතාවාදී ගුනය නිසා.තමුන්ට වඩා අනුන්ගෑන හිතලා මුලු ජීවිතේම අනුන් වෙනුවෙන් කෑපකරපු නිසා!!!!!
    නෑතුව අපේ රටේ අයියලා වගේ හදෙන් හාල්,ඈට අට,2500පඩි දුන්න නිසා නෙවෙයි.

    තොපි ඵ්හෙමද????බත් පෑකට්ඵකටයි කසිප්පු බෝතලේටයි ඈමතිලා පස්සෙන් යාන,ඈමතිලා දාන දාන හෑම බෙට්ටටම කරගහන හිගන මතවාදයක්නේ බන් තියෙන්නේ.

    ReplyDelete
  7. Good post Rama. I remember that Xgroup has written whole article when AL was at its peak, criticizing their approach. they have foreseen this.

    ReplyDelete
  8. අගය කළ හැකි ලිපියකි. (ලිපිය හරියට නොකියවා ඇනෝ ලා මොන කමෙන්ට් දැම්මත්.)
    ඔබේ ඇනැලිසිස් එක හරි වගේ.

    ReplyDelete
  9. //සැබැවින්ම සිදුව තිබුනේ සුදු මල්ලී හා චූටි මල්ලීගේ විරෝධාකල්පික ප්‍රවේශය ප්‍රාග්ධනය විසින් අවශෝෂනය කරගැනීමයි//+10

    ReplyDelete
  10. ඔබගේ විග්‍රහය කෙසේ වුවත් අදාල වැඩසටහනේ පලමු කොටසේ සැබැ වින්දනයක් ගැබ්ව තිබිනි,එහි ඇති ධනවාදයේ ලක්ෂණ සෙවීමට වඩා සමාන්‍ය ප්‍රේක්ෂකයාට වැදගත් වන්නේ එහි රසයයි , විශේෂයෙන්ම එවන් රසයක් මැවීමට අසමත් රූපවාහිනි වැඩසටහන් රාශියක් වටකොට ගෙන සිටින ප්‍රේක්ෂකයාට .

    ReplyDelete
  11. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    read
    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ගොතාපු කතා - පට්ට බේගල්

      Delete
  12. හරියට කියනවා නම් රාමචන්ද්‍රගේ බ්ලොග් එක ලෝකයේ ලොකුම companiy එකකට ලාබ ලබන්න උදව් කරමින් BLOGSPOT එකේ පලකරනවා වගේ..

    ReplyDelete
  13. 3 mana.com on This article -

    http://3mana.com/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-live-%E0%B7%83%E0%B7%84-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-live/

    ReplyDelete
  14. ඇත්තටම මම කෑමතී.. පෑහෑදිලි කරනව නම්, එයා මොකද මෙ BLOG එක BLOGGER එකෙ පලකරන්නෙ කියල.. මෙක අයිති Google එකට.. ලොකු ලාභ ලබන (මහරජා එකටත් වඩා) අයතනයක්. Google සම්බන්ද දෙශපාලනයක් තියෙනව (http://www.bbc.co.uk/news/world-middle-east-17959145)..පොඩි පෑහෑදිලි කිරීමක් කරමුද? පෑහදිලි නොකර ඉන්නත් ඔයාට පුලුවන්. ඔයා මෙතනදී විකිනෙන්නෙ නෑති හෑටි විතරක් දෑනගන්න කමතී.

    ReplyDelete
    Replies
    1. මේකට උත්තරයක් දෙන්න තරම් කොන්දක් නැද්ද රමචන්ද්‍ර මහත්තයො ?

      Delete