Friday, September 30, 2011

වන්දනා කිරීම වෙනුවට කැරලි ගැසීම - Let us learn from Raghavan


IRA සංවිධානයේ ප්‍රචාරක සිතුවමක්

ස හැවිරිදි ශේදු රාඝවන් බන්දුල ගුනවර්ධන ඇමැතිගේ දෙපා නැමැදීම ප්‍රතික්ෂේප කලේය.පසුගිය සැප්තැම්බර් 20 වන දා යාපන පුස්තකාල පරිශ්‍රයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුනු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනමනු වස් පැවති උත්සවයකදී  මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුවිය.මනි දර්ශිකා,රමේෂ් සහ ශාර්මිකා ශර්වානන්ද නම් එම අවස්ථාවට සහභාගී වූ අනෙත් සිසුන් තිදෙනා ඇමැතිවරයාගේ දෙපා නමස්කාර කල අතර හුදෙකලා ශේදු රාඝවන් ත්‍යාග ලබාගැනීමේදී ඇමැති ඉදිරියේ දන නොගැසීය.තමා මුලතිවු දිස්ත්‍රික්කයේ ඉතාම අසීරු තත්වයන් යටතේ ඉගෙන ගත් බවත්,සිය ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ සිය දෙමවුපියන්ට හා ගුරුවරුන්ට පමනක් මිස අන් කිසිවකුට නොවන බවත් මෙම ක්‍රියාව පිලිබද පසුව විමසූ කල්හි ශිෂ්‍යයා මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කොට තිබුනි.

මෑතකාලයේ මෙම ලියුම්කරු දුටු හුදෙකලා පුද්ගලයෙකු විසින් සිදුකල වඩාත්ම රැඩිකල් ක්‍රියාව සිදුකිරීමේ ගෞරවය කුඩා ශේදු රාඝවන් වෙත හිමි වේ.රාඝවන් සහ බන්දුල ගුනවර්ධන අතර ඇති සම්බන්ධතාවය අනන්‍යතා කිහිපයක් යටතේ අපට ගොනු කල හැක.පලමුව ගුනවර්ධන ඇමැතිවරයෙකු (ප්‍රභූවරයෙකු) වන අතර රාඝවන් හුදු සාමාන්‍ය සිවිල් වැසියෙකි.දෙවෙනුව ගුනවර්ධන වැඩිහිටියෙකු වන අතර රාඝවන් බාලයෙකි.තෙවනුව ගුනවර්ධන සිංහලයෙකු වන අතර රාඝවන් ‍දමිලයෙකි.

ඉහත අනන්‍යතා අතර සම්බන්ධතාවය පවතින සමාජය තුල ස්ථානගත වී තිබෙන්නේ කෙසේද?එහි සෑම එක් අනන්‍යතාවයක්ම ආධිපත්‍යය පිලිබද හැගවුමක් වන අතර ඊට පසමිතුරු අනෙක් අනන්‍යතාවය යටත්භාවය පිලිබද හැගවුමක් නියෝජනය කරයි.ප්‍රභූ දේශපාලකයා යනු පවතින  සමාජයේ ආධිපත්‍යය සහිත භූමිකාවකි.ආධිපත්‍යය ගොනු වී තිබෙන්නේ දේශපාලකයා නම් ව්‍යුහය තුලය.පුරවැසියා යනු එම ව්‍යුහය වන්දනාමාන කරන යටත් චරිතයකි.සමාන ආකාරයකින් තවමත් ශේෂ වී පවත්නා පූර්ව ධනේශ්වර ආසියාතික මිනිස් සබදතාවන් තුලදී වැඩිහිටියා යනු ආධිපත්‍යය දරන්නාය.ලමයා යනු ඔහු වෙතින් ශික්ෂනය වන,එම නිසා ඔහු වෙත අවනතභාවය පල කල යුතු යැයි අපේක්ෂා කරන්නෙකි.සිංහල - දෙමල අනන්‍යතා අතර ද ඉහත කී ආකාරයේම බල සම්බන්ධතාවයක් පවතී.පශ්චාත් යුද සන්දර්භය තුල සිංහල යනු ජයග්‍රාහී අනන්‍යතාවයක් වන අතර දෙමල - විශේෂයෙන් උතුරේ දෙමල- යනු පරාජිත / යටත් අනන්‍යතාවයකි.ආධිපත්‍යය සංයුක්තව තිබෙනුයේ සිංහල නමැති අනන්‍යතාවය තුලය.උදාහරනයක් ලෙස දකුනේ සිංහල ජනයාට යුද්ධය අවසන් වීම යනු උතු‍රුකරයේ ට්‍රිප් යාමට,නාගදීපය වැදීමට,බිදුනු වතුර බටේ මතට වී ෆොටෝ ගැසීමට උදා වූ රමනීය අවස්ථාවකි.උතුරේ දමිලයාට එය වනාහි අපේක්ෂා භංගත්වයේ සහ පරාජිතභාවයේ මොහොතකි.එල්.ටී.ටී.ඊ ඒකාධිපතිත්වය වෙනුවට ආදේශ වූ හමුදා ඒකාධිපතීත්වයට යටත්ව දකුනින් උතුරට විනෝද චාරිකා එන පිරිස් දෙස බලා සිටීම යනු මේ මොහොතේ උතුරේ දමිලයාට නියම වී ඇති භූමිකාවයි.එනම් යුද්ධය අවසන් වීම නැමැති තනි සිදුවීම සිංහලයාට හා දමිලයාට දනවන්නේ අර්ථ දෙකකි.මෙම වෙනසට හේතුව බහුතරය සහ සුලුතරය අතර තිබෙන පීඩක - පීඩිත සම්බන්ධතාවයයි.

කෙටියෙන් කියන්නේ නම් රාඝවන් හා ගුනවර්ධන අතර ගනුදෙනුවේදී ප්‍රභූ දේශපාලකයා/ආසියාතික වැඩිහිටියා/ජයග්‍රාහී සිංහලයා ලෙස බන්දුල ගුනවර්ධන පීඩකයාගේ භූමිකාවට පන පොවන ප්‍රකාර කිහිපයකි.රාඝවන් නම් පීඩිතයා නිර්ප්‍රභූ වැසියා/ආසියාතික ලමයා/පරාජිත දමිලයා ලෙස අනන්‍යතා තුනකින් යුක්තව පෙනී සිටී.

දැන් බන්දුල ගුනවර්ධනට වන්දනා කිරීම ප්රතික්ෂේප කිරීමෙන් රාඝවන් අභියෝග කරන්නේ කවරකටද?ඉහත කී බල සබදතා ප්‍රකාරයන් ත්‍රිත්වය රාඝවන් මෙහිදී අභියෝගයට ලක් කරයි.ප්‍රභූ දේශපාලකයාට සාමාන්‍ය වැසියන් වැදිය යුත්තේ ඇයි?වැඩිහිටියන් අභිමුව බාල වයස්කරුවන් දන ගැසිය යුත්තේ ඇයි?ඔබ ජයග්‍රාහී සිංහල ධනපති රාජ්‍යයේ කැබිනට් ඇමතිවරයෙකු විය හැක.නමුත් ඔබ ඉදිරියේ මා දන ගැසිය යුත්තේ ඇයි?රාඝවන්ගේ ක්‍රියාව කලාතුරකින් දැකිය හැකි වර්ගයේ රැඩිකල් සංසිද්ධියක් වනුයේ එහි තිබෙන මෙම බහුමානීය ස්වභාවය නිසාය.

පවතින බල ව්‍යුහයන්ට අනුගත වනවාද,ඒවාට එරෙහිව කැරලි ගසනවාද යන විවාදය උනුසුම්ව නැගෙමින් තිබෙන වකවානුවක රාඝවන් සිදුවීම අප වෙත ගෙනෙන සංඥාව අතිශයින් වැදගත්ය.සමාජයේ අධිපතිත්වය දරන බල ව්‍යුහයන්ට අනුගත වීම හා ඒවා ඉදිරියේ දන නැමීම පහසුය.එය ඇග නොරිදෙන භාවිතාවකි.ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද නවකථාවේ එන ලොකු විජේ නම් චරිතය 71 කැරැලිකරුවෙකි.අරගලය පරාජය වී පසුබසිද්දී හෙතෙම රැකවරනය ලබන්නේ චුම්බන කන්ද නම් වන පෙදෙසකය.පසුව පුනරුත්ථාපනය වන ඔහු ප්‍රධාන පක්ෂයකට එක්ව ඇමැතිවරයෙකු බවට පත්වන අතර හේ ඉක්බිති චුම්බන කන්දට එන්නේ එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කිරීමේ යෝජනාව රැගෙනය.වන අඩවිය ගරිල්ලා කලාපයක් බවට පත්කරගැනීම පවත්නා බල ව්‍යුහයන්ට එරෙහි ඇග රිදෙන වැඩකි.එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කරගැනීම පවතින දෘෂ්ටිවාදයට අනුගත වීමකි. එනයින් පහසු ක්‍රියාවකි.එහෙත් මෙහිදී අපගේ ගෞරවය හිමි වන්නේ ලොකු විජේ නම් ගරිල්ලා සටන්කරුට මිස හොලිඩේ රිසෝට් යෝජනා ගෙනෙන ඇමැතිවරයාට නොවේ. එලෙසින්ම ‍‍ජාතිවාදය,ආගම්වාදය වැනි සමාජයේ බලපවත්නා පැරනි අගතීන්ට ආමන්ත්‍රනය කරමින්,පවතින බල ව්‍යුහ සමග ගැටෙනවා වෙනුවට ඒවාට අනුගත වෙමින්,ඒ මත්තෙන් ගොඩ යාමට උත්සාහ කිරීම අව්‍යාජ විකල්ප දේශපාලනයක් වෙනුවෙන් සටන් කරනවාට වඩා භෞතිකව පහසුය.සරලය.නමුත් භෞතිකව දුෂ්කර වූ දෙවැන්න මිස පලමුවැන්න කිසිසේත්ම අපගේ ගෞරවයට හෝ විශ්වාසයට හේතු නොවේ.

සටහන - මෙය 2011 ඔක්තෝබර් 02  ලංකා ඉරිදා සංග්‍රහයේ රාමචන්ද්‍ර‍ සටහන යටතේ පල වීමට නියමිතව තිබූ ලිපියයි.ගැටලුකාරී තත්වයක් නිසා පුවත්පත නිකුත් වීම පමා වන බව මේ වනවිට දැනගන්නට ලැබී තිබේ.


15 comments:

  1. සිසුවා ඇමතිට නොවැදීමට හේතු වන්නට ඇත්තේ ඔය බහුබූත නෙවෙයි.කවුරු හරි වැඩිහිටියෙක් කියන්න ඇති වදින්න එපා කියල.සම්බන්ධන් වගේ කෙනෙක් ළඟට එක්ක යන්න.අපූරුවට වඳියි.

    ලංකා පත්‍රය නම් පමා වෙලාවත් නිකුත් වෙන්නේ නැ වගේ.මංඩලේ කචල්නේ?

    ReplyDelete
  2. ඇටමැස්සා අඩවයේ,රාළ ගේ අටුවාවවේ ද මා කියූ පරිදි මේ සිසුවා ලක්මවගේ දයාබර පුත්‍රෙයකි.නමුත් ඔහුගේ පිවිතුරු ළමා සිතට ජාතිවාදී කුණුකන්දල් ඇතුල් කොට ඇත්තේ වැඩිහිටියන්ය.තමා වැනි ළමයින් ගේ ගෙලට සයිනයිඩ් කරල දමා, අතට 56 දී සටනට යැවූ ඒ අඳුරු යුගය ඔහුගෙන් වසං කොට ඇත.ඔහු ඒ කුරිරු ඉරණමෙන් ගලවාගත් අයව මිතුරන් ලෙස පිළිගැනීමෙන් ඔහුව වලකා ඇත.මේ පෙන්වන්නේ සමස්ථ දෙමළ ජනතාවගේ ම ආකල්ප නොවේ යයි අප බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  3. වැඳීම හා සිංහල දෙමල සම්බන්දයක් මටනම් නොතේරේ. මගේ දෙමව්පියන් ගැමි සිංහල බෞද්ධයන්ය. පියා පේරාදෙනිය සරසවියේ උගත්තෙකු වන අතර මව ගුරුවරියකි. මා උපන්නේ 1970 වන අතර මගේ දෙමව්පියන් උපන්දා සිට කිසිම දිනක මට කියා වන්දවාගෙන නැත.වැන්දේ නැතැයි කියා මා වැදිහිටියන්ට දෙමව්පියන්ට ගරු නොකරන අමනයකු වුයේ නැත.බ්ලොග් කියවන විට මට තේරුම් ගන්නට බැරි දෙය නම් අපේ තාත්තාටත් වඩා මනසින් අතීත‍යට ගොස් ඇති වයසක අදහස් ඇති තරුණ පරම්පරාවක් 2011 වන විට බිහිවී වැඳීමට පක්ෂව බ්ලොග් ලියමින් ඉන්නේ ඇයිදැයි යන්නයි.

    ReplyDelete
  4. @ ජය ශ්‍රී

    ඔබ කෙතරම් කදුලු සැලුවත් සත්‍යයට පිටු පෑ නොහැක.බන්දුල ගුනවර්ධන වර්ගයේ උදවිය දෙමල ජනයා "ගලවාගත්තා" යැයි කියන්නේ ඔබය.එය ගලවාගැනීමක් යැයි අපි පිලිගන්නවා නම් පිලිගත යුත්තේ එය දෙමල ජනයා විසින් ප්‍රකාශයට පත් කරන්නේ නම්ය.නමුත් බොහෝ සිදුවීම් වලින් පෙනෙන්නේ දෙමල ජනයා දකුනේ දේශපාලකයන් විසින් තමන්ව "ගලවාගනු ලැබූ" බවට කල්පනා නොකරන බවයි.ඔබට අමිහිරි විය හැකි උනත් ඇත්ත ඒකය.

    ReplyDelete
  5. ශේදු රාඝවන් ගැන චානුකගේ අඩවියේ මා පලකල අදහස [එකතු කිරීම් සහිතව] මෙතනට කොපි කලොත්.

    මේ කොලුවා ගැන ආඩම්බර වෙන කෙනෙක් මං. ඒ [...] දේශපාලකයාට නො වැන්ද නිසා ම නොවේ. ඔය ලොකු ලොකු තැන් වල කට්ටියට සලකන නොසලකන එක මට නම් පුද්ගලික දෙයක්. ඒ වගේම මේ කොලුවා හිතලා කල දෙයකට වඩා හැදුනු පරිසරයේ තිබී හමු වූ හෝ නැතිනම් වැඩිහිටියෙකුගේ උගන්නුම් බසක් නිසා කල දෙයක් වීමට ඉඩකඩ වැඩිය. ටිකක් මේ වගේ වැඩ වලට බර පැත්තක උපන් හැදුනු වැඩුණු මා උතුරු චින්තන යේ දකුණු සහෝදරයා හොඳින් දනිමි. ප්‍රේමදාසගේ කාලේ මොකද්ද මගුලකට ඉස්කෝලෙට ආ අධ්‍යාපන ලේකම් අලස් [ඔව් අර අලස් තමා] කාරයාටත් හූ කිව්ව ඉස්කෝලයක් අපි. ඒ නිසා මේ වගේ එවුන්ට එක එක විදිහට සලකා අපට විවිධ පුරුදු ඇත. ඒ සමහර ඒවාට කොළඹ සමාජය වනචාරි ගති කියා ද කියති. මා හැදුනේ කැකිරි සුලබ ලෝකයේය.

    කොලුවාට මා ගරු කරන්නේ හරි දේ කල නිසා නොව මහා බහුතරයක් වෙනස් මතයක ඉඳිද්දී බයනැතිව තම මතයේ ඉන්න ඌට පන්නරයක් තිබ්බ නිසායි. මේ වගේ හිතන මිනිසුන් අධ්‍යාපන පෙට්ටියෙන් එලියට එනවා නම් අට අනුවක් රෝග ව්‍යාධි සැනෙකින් සනීප වී මේ රට යහපත් තැනකට එනු ඇත. ඉස්කෝලේ සම්ප්‍රධාය, කැම්පස් සම්ප්‍රධාය ඔෆිස් සම්ප්‍රධාය වගේ දේවලින් ස්ටේරියෝ ටයිප් වීම අපේ මානසික රෝගයකි. කොටින්ම පැහැදිලි මතයක් කිව හැකි රැගින් වගේ දෙයක් ගැන ද ප්‍රේශාලා බොහෝ විට තීන්දු ගන්නේ තමන් ආපු පැත්ත ඒ පැත්තේ අයියලා හිතන හැටි වගේ මොට්ට මෝල් දර්ශක අනුවයි. අවුරුදු හතරකට පසු තම “ගැට්ටට” පිටින් වෙන එවුන ආශ්‍රය කිරීමේ වරදට මගේ මෙහෙ කැම්පස් ගිය සෙට් එකේ එවුන් උන්ගෙන් එකෙකු සමග තවම කතා නොකරති.

    මෙතනින් පටන් ගන්න ගැටී වාද, අන්ධ භක්ති ස්ටේරියෝ ටයිප් හෙවත් “පොදු භාවය” [පොදු ශිෂ්‍යයා කියන්නේ] සියල්ල කෙළවර සිස්ටම් එකෙන් එලියට එන්නේ දැනුම් සමුදායක් හිස පුරවා ගත් පොටෝ කොපියක් වන් මිනිසෙකි. රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වන්නේ මෙයයි.

    තමන් කැමති දේ කරනවාට මේ රටේ මිනිස්සු නොයෙක් අවලාද නගති. ජීවිතේට බීලා නැති [එහෙත් බොන පාටි මිස් නොකරන බයිට් කා සෙට් වෙන - කොල්ලන් කියන ලෙසට වෙනම බොන්න ඕනේ නැති] මට බොන්න කියා බල කලේ විදෙස් රටක හුන් ශ්‍රී ලාංකික සිසු කැළකි. එදා මගේ අනන්‍යතාවය තියා ගන්නට නොසෑහෙන්න කට ගහන්න සිදු විය. ලංකාවේ නම් ගුටි කා මැරෙන්නට වන ඉඩ බොහෝය. ලංකාවේ කැම්පස් ගිය හැම එකාම මහා ලොකු උප සංස්කෘතියක් දේව භාෂිතය මෙන් වදාරති. මේවා කඩන්නට පුළුවන් එවුන් නැත. [ඉන්නේ වල් හරකා එස් බී පමණි].

    ආගමක් නො අදහන බව කියන්නට මා වින්ද දුකක්. මා සිටින තැන අයගේ මතයට වෙනස් අදහසක් කියා කතන්දර දුර දිග ගිය අවස්ථා අසීමිතයි. එමෙන්ම මේ බ්ලොග් අවකාශයේත් ඒක කර ගෙන තියෙන තරම එමටයි.

    ඒ හැරෙන්නට මට ඔය නොවඳීමට මහත් ලොකු එකඟතාවක් නැත. වන්දනීයයන් නිර්ණය වන්නේ සමාජ මතයෙනි. බොහෝ සෙයින් දුශ්ශීල වී හිටයත් පන්සලේ හාමුදුරුවන්ට කට්ටියම වඳිති. එයින් ඔවුන් ගස් මෝඩයින් කියා නොකියවේ.

    ශේදුට තෑග්ග දෙන්නට අනාගත මහා ඇමති තුමා වන ටී එන් ඒ පක්ෂයේ දේශපාලක තුමේක් ආවානම් ශේගු හතරට නැමී වඳිනු ඇති බවට‍ මම සැක කරමි. එහෙම [සිදු වුනොත්] එය කල පලියට මුලතිව් කොටි කටේ හිඳ ස්වෝත්සාහයෙන් උගත් මේ කොලුවා ට එම මහා ඇමති වරයා කර ඇත්තේ අහවල් කෙමනක් ද? මේ ස්වෝත්සාහ කතාව ගැටී වාදය සාධාරණීකරණය කිරීමට උතුරු ගැට්ටේ එවුන යොදා ගත් බොරු වචන ගොඩකි.

    එහෙත් මා මෙයට වරදක් නොකියන්නේ, එසේ කිරීමෙන් කිසිම හානියක් නොවූ බැවිනි. පෙරමුණේ රාල කලාක් මේන් මේ දරුවාගේ අහිංසක විරෝධය තුවක්කුවක් අරන් එන තැන දක්වා එක්ස්ට්‍රා පොලේට් කරන්න මා අකමැතියි. මේ විරෝධයේ අග මුල සෙවිය යුතු වේ. එයට ඇමතිවරයෙකු හැටියට බන්දුලට යුතුකමක් ද ඇත. එහෙත් තුවක්කුව ගෙන පලි ගන්නට එන ප්‍රභා වැනි වනචාරින්ට එදා දුන්නු බෙහෙත් මිස වෙන මොකුත් දෙන්න අවශ්‍ය නැත.

    කෙසේ වෙතත් රටට‍ අවැසි වන්නේ ඇමතිට නොවන්ද ශේදු නොව තනි මතයක ඉන්න තරම් පන්නරයක් තිබු කොන්ද කෙලින් තිබු ශේදු ය. පළමු ශේදුලා ගෙන් දෙවන ශේදුලා බිහිකර ගැනීමේ ජාතික අවශ්‍යතාවයේ අපි එනම් ශ්‍රී ලාංකීය ජාතිය අද හිඳිමු. එහෙත් මෙම පළමු ශේදුගෙන් හෙට තුවක්කුවක් අරන් ඇමති මරන්න එන තෙවෙන ශේදු කෙනෙක් හදා ගැනීමේ නින්දිත ආසාවක් ඇති උන් සිටීම ඉතාම කනගාටුදායක තත්වයකි. රාමා ඔබත් ඒ ගොඩේ ද?

    ප.ලි.: මේ වගේ වැඩවසම් රටක ඉඳලත් ශේදුට අරියාදුවක් නොවීම ගැන බන්දුලට පැසසුමක් දිය යුතු නොවන්නේද? ඔතන එස්බියා උන්නා නම් කොලුවා මුලතිව් හි තවත් දුෂ්කර පාසලකට යවනු ඇත. මොකද හිතන්නේ?

    ReplyDelete
  6. මම නම් ඔය වඳින වැඩේට කොහොමත් විරුද්ධයි. පිටරට මිනිස්සු දැක්කම හිනා වෙනවා.

    ReplyDelete
  7. Sujeewa Kokawala

    තෙරෙන් නේ නෑ මොනවද ඇත්තටම කියන්න ඕනේ. බැරිද පේලි දෙකකින් කියන්න?

    ReplyDelete
  8. ප්‍රියන්ත මෙන්න සාරාංශය:

    කෙසේ වෙතත් රටට‍ අවැසි වන්නේ ඇමතිට නොවන්ද ශේදු නොව තනි මතයක ඉන්න තරම් පන්නරයක් තිබු කොන්ද කෙලින් තිබු ශේදු ය. පළමු ශේදුලා ගෙන් දෙවන ශේදුලා බිහිකර ගැනීමේ ජාතික අවශ්‍යතාවයේ අපි එනම් ශ්‍රී ලාංකීය ජාතිය අද හිඳිමු. එහෙත් මෙම පළමු ශේදුගෙන් හෙට තුවක්කුවක් අරන් ඇමති මරන්න එන තෙවෙන ශේදු කෙනෙක් හදා ගැනීමේ නින්දිත ආසාවක් ඇති උන් සිටීම ඉතාම කනගාටුදායක තත්වයකි. රාමා ඔබත් ඒ ගොඩේ ද?

    ReplyDelete
  9. @ සුජීව

    සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ගෞරවනීයව භුක්ති විදිය හැකි ලෙස සමාජය වෙනස් කල යුතුයි කියල අපි නැවත නැවත කියන්නේ සිංහල වේවා දෙමල වේවා තරුනයෝ තුවක්කු අරන් ඇමැතිවරු මරන්න එන එක නතර කරන්න තියෙන එකම විදිහ ඒක නිසයි සුජීව.

    ReplyDelete
  10. [[සියලු දෙනාට සමාන අයිතිවාසිකම් ගෞරවනීයව භුක්ති විදිය හැකි ලෙස]]

    ඔව් පැහැදිලිවම.

    හැබැයි ඕක බොහොම ජෙනරික්. ඔකේ විස්තර ටික ලිව්වම තමා මතවාද වෙනස් වන්නේ. මොකද කිසිම දෙයක 100% හො පරමාදර්ශි අවස්තාව උදා කරන්න අමාරුයි.

    එහෙත් මෙතන කතාව නම්, තුවක්කු අරන් එන ශේදුවෙක් හදා ගන්නා ෆැන්ටසියකින් සමහරුන් පෙලෙන එක. තව සමහරු එවන් ෆෝබියාවකින් පෙලෙන එක.

    ReplyDelete
  11. https://wwws.whitehouse.gov/petitions/!/petition/%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92-%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C/lChXF8KH

    ReplyDelete
  12. Umbala panditha wadi. Eka nisa simple de penne na.
    Me kolla
    amathita wande naththe ai kiyana ekai.
    Eken uge guruwaraya samajayata denna hadana message ekai.
    Thopita penne na.
    U e awata samajayata dena paniwidayai oya media kaarainta kiyala thiyana baila ekai 2k kiyaan ekawath therenawada
    Media kaarainta kiyala thiyana de wadihitiyek tikak hithala uuta kiyapu deyak kiyala therenne naththe ai

    Umbalata methana penne
    amathige corruptionui
    Balayata erehiwa konda kelin thiyagena inna puluwan kame hondai.
    manussayekta wandina eka wena rataka kenek dakina widihai wage dewal.


    Methana wadagath de me kollata kauru hari guruwarayek kiyala thiyanwa amathita wandinne nathuwa inna baninna yannath epa paththakata wela inna... kauruhari ai wande naththe kiyala ahuwoth mehema kiyanna kiyla.
    Ehema nemeida ??
    Demawpiyo thamange lamaya e panditha wade karana eka nawaththtala na. Ehema nemeida ??
    Podi ekekta amathi kenek ekka ledak daaganeeme barakpathalak therenne na. eke nisa me lamayage konda gana ochchara katha karannna epa. Me paha wasare lamayek.

    me podi ekawa ugema ammala thathtala , guruwaru expendable deyak hatiyata salakana eka thami methana prashne.
    Thamange 5 wasare punchi putha yata karala thamange eelam sihinaye adiyak hari issarahata yanna megollo hadanne


    Api mehema ahamu
    Mama UNP kaarayek, mahindawa pennna ba
    Mama ugannaanawa mage puthata "puthe mahinda umbawa wada gaththtoth kela gahapan okata kiyala."

    Podi eka kela gahanawa.
    Kela gahana putha nirbheetha weerayekda.
    Mage konthara ara kirisappayata ugannpu mama porakda.


    batahira rataka kenek thawa kenekta wandina eka pahath deyak unaata me rate eka handshake ekak wage deyak.
    Wisheshaynma wadihitiyo lamayekta iskole function ekakadi thagi deddi.
    Apith 5 shishaythw pass wela royal giye habai, uddeth thibba bombath thibba(chandrikaage kale) habai ape ammala demala guruwarainta wandinna epa puthe kiwweth na ape kakul namenne nathi gathiyak thibbeth na.

    ReplyDelete
  13. ඉස්සරලා කියන්න ඔය සිංහලද? දෙමළද කියල.
    ලිව්වොත් තර්දවාදී අදහසක් . එහෙම නැත්නම් බුද්ධාගමට බනිනවා.
    අනේ මන්ද මේවට උල්පන්දම් දෙන්නත් කට්ටිය ඉන්නවා.

    ReplyDelete
  14. අඩේ මේ පොඩි එකාට අපි වඳින්න එපැයි!

    ReplyDelete
  15. කොන්දක් නැතියවුන් කොන්දක් තිබුන පොඩි එකාට ගරහනවා. මෙය කෙසේවෙතත් බන්දුලගේ ස්ථානෝචිත හැසිරීම ගරුකටයුතුයි.

    ReplyDelete