![]() |
| උපතින් කතෝලිකයෙකු වූ උන්වහන්සේගේ පියා අත්විදි ප්‍රාතිහාර්යයක් සියල්ල වෙනස් කිරිමට හේතු වූයේය |
"අපෙන් ගිලිහුනු ඒ සුන්දර රජදහනේ කිරීටය අපි නැවතත් පැලදිය යුතුයි.ඒ සෙනෙහසේ රජදහනේ පවුරු පදනම් අපි ශක්තිමත් කල යුතුයි.හෙල දේශයේ ඒ සොදුරු මනුශ්‍යත්වය යලි රජයා යුතුයි.ඒක අපට කරන්න හැකි දෙයක්.අපේ ගුන දහම් පෝෂනය කරගන්න අපි කැපවෙන්න ඕන.ගල්වන් සිත් වෙනුවට මල් වන් සිත් ලබන්න අපි කැමති වෙන්න ඕන.එතකොටයි මනුශ්‍යත්වයේ සොදුරු මාවතේ අසිරිමත් අත්දැකීම් අපටත් විදින්න හැකි වෙන්නෙ"
- මහාමේඝ පුවත්පත 2010 සැප්තැම්බර් කලාපය.26 පිට
***
ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය සාම්ප්‍රදායික කතෝලික සංවිධාන ව්‍යුහයට එරෙහිව ගසන ලද කැරැල්ලකි.ප්‍රොතෙස්තන්ත්‍රවාදය මතු වන යුගය වන විට කතෝලික පල්ලිය යුරෝපා වැඩවම් ක්‍රමය සමග ඓන්ද්‍රීයව බැදුනු සංස්ථාවක් වූ අතර එහි සමස්ථ ධූරාවලිය වැඩවසම් ස්වභාවයක් පෙන්නුම් කලේය.ප්‍රොතෙස්තන්ත්‍රවාදය යනු එක්තරා ආකාරයකින් ධනේශ්වර යුගයට ගැලපෙන ලෙස සාම්ප්‍රදායික කතෝලික ආගම ප්‍රතිඅර්ථකතනය කිරීමක් ලෙස සැලකිය හැක.දෙවියන් වහන්සේ සහ මිනිසා අතරට අතරමැදියෙක් අනවශ්‍ය බව කී ප්‍රොතෙස්තන්ත්‍රවාදය සාම්ප්‍රදායික කතෝලික සංස්ථාව තුල පූජකවරයා සතුව තිබූ භූමිකාව රැඩිකල් වෙනස් කිරීමකට ලක්කලේය.කතෝලික පල්ලි තුල අපට මුන ගැසෙන වැඩවසම් යුගයේ ආයිත්තම් වලින් සැරසි පූජකවරු වෙනුවට මේ නිසා බොහෝ ක්‍රිස්තියානි සභා වලදි මුනගැසෙන්නේ එදිනෙදා සරල ඇදුමක් ඇද සිටින සාමාන්‍ය මිනිසුන් හා සම පෙනුමක් සහිත පාස්‍ටර්වරයෙකි.පූජකවරයාගේ භූමිකාව පිලිබද මෙම වෙනස එක් අතෙකින් එකල යුරෝපයේ නැගෙමින් තිබූ මානවවාදී අදහස් වලට නෑකමක් දක්වන අතරේම අනිත් අතට ආගමේ මුල් සාරය සොයායාමේ අවශ්‍යතාවය සන් කරන සංඥාවක් ලෙසද සැලකිය හැක.ක්‍රිස්තියානි නිකායක් වන පෙන්තකොස්ත සභාවේ දෙවියන් වහන්සේ සහ මිනිසා අතර නිර්බාධිත සබදතාවයක් ගොඩනැගීම නම් මෙම සංකල්පය ප්‍රබලව දක්නට ලැබේ.දේව ස්පර්ශය පිලිබද දැඩි විශ්වාසයෙන් ඔවුහු වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධ කරුනකි.කතෝලිකයන් විසින් ගොඩනගාගෙන තිබෙන පිලිම වන්දනාවද ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කරන අතර පිලිම වන්දනාව ක්‍රස්තියානීන් දකින්නේ පසුකාලීනව කතෝලිකයන් විසින් මුල් කිතුදහමට සිදුකරනු ලැබූ විකෘතියක් ලෙසිනි.මෙබදු බොහෝ කරුනු මගින් හෙලි වන දෙය නම් ක්‍රිස්තියානි ව්‍යාපෘතිය එක් අතෙකින් වැඩවසම් යුගයේ පැවති කතෝලික සංස්ථාවේ පෙනුම ධනේශ්වර යුගයට අනුරූපීව වෙනස් කරන ප්‍රතිසංස්කරනවාදී බලවේගයක් වූවා සේම දාර්ශනිකව ආගමේ මුල් සාරය සොයා යන එක්තරා ආකාරයක සිද්ධාන්තවාදී ස්වභාවයක් ගනු ලබන ව්‍යාපෘතියක් බවයි.21 වන සියවසේ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය යනු තවදුරටත් කැල්වින්ගේ හෝ මාටින් ලූතර්ගේ ක්‍රිස්තියානිය නොවේ.එය බොහෝ සංකීර්න බෙදීම් වලට අද හසුව තිබේ.ක්‍රිස්තියානි සභා අතුරිනුත් පෙනුම අතින් වඩ වඩාත් නූතන ස්වභාවයක් උසුලන සභා විශේෂ බිහිවෙමින් තිබෙන අතර දර්ශනය අතින් පැරනි සභා අබිබවා පිරිසිදු ක්‍රිස්තියානිය වෙත ලගාවීමේ වැදගත්කම මේවා විසින් අවධාරනය කරනු ලබයි.යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යනු එබදු "නූතන" සභාවකි.
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සභාව එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ලෝක ව්‍යාප්ත ජාලයකි.එය විසින් ප්‍රකාශයට පත්කෙරෙන "පිබිදෙවු" සගරාව අතට හසුවන ඕනෑම දෙයක් කියවීමෙහි උමතු පුරුද්දකින් මෙම ලියුම්කරු පෙලුනු බාල වියේදී මෙම ලියුම්කරු ප්‍රිය කල සගරාවක් විය.මතුපිටින් ආකර්ශනීය ස්වභාවයක් උසුලන එකී ප්‍රකාශන මුල් බැල්මට ආගමික ප්‍රකාශනයක් යැයි නොසිතෙන තරම්ය.මෙම සගරා ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරයි.බිරින්දෑවරුන්ට යහපත් පවුල් ජීවිත ගත කරන ආකාරය ගැන,ලමුන්ට යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන ආකාරය ගැන ඉන් උපදෙස් සැපයේ.නිදසුනක් ලෙස ප්‍රේමය පිලිබද කතා කරන්නේ නම් නූතන යුගයේ යෞවනයන්ට උචිත වන ලෙස කතා කරන මාතෘකාව තෝරා ගනු ලැබෙන අතර ආගමික "තෙල" වදිනුයේ අවසානයේය.බොහෝ විට මෙම සගරා සමාන වනුයේ ධනාත්මක චින්තනය අලෙවි කරන ඉතා ඉහල ජනප්‍රියත්වයක් සහිත ග්‍රන්ථවලටය.එම ධනාත්මක චින්තන ග්‍රන්ථ මගිනුත් වැදිය යුතු තැනට ඊතලය විදිනු ලැබෙන අතර තරුනයන්,ගෘහනියන්,පෙම්වතුන් වැනි ඉලක්ක කන්ඩායම් වැඩියෙන්ම පෙලන ප්‍රශ්න වලට සාර්ථකව අමතා ඔවුන්ගේ අවධානය දිනා ගනු ලබයි.කතෝලික ආගමට සාපේක්ෂව සම්භාව්‍ය ක්‍රිස්තියානිය 18 වන සියවසේදී "නූතන" පෙනුමක් සහිත ආගමක් වී යැයි පවසන්නේ නම් සම්භාව්‍ය ක්‍රිස්තියානියට සාපේක්ෂව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වැනි නව ක්‍රිස්තියානි නිකායන් 21 වන සියවසේදී වඩා නූතන පෙනුමක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.
![]() |
| යෙහෝවාගේ සාක්ෂිකරුවෝ : ආකර්ශනීය ප්‍රකාශනයක් |
කාර්මික ධනේශ්වර යුගයේදී පැරනි බෞද්ධ සංස්ථාව ඕල්කට්-ධර්මපාල ව්‍යාපාරය මගින් ප්‍රතිසංස්කරනයට ලක්කලේ යම් සේද අද - සයිබර් යුගය වනවිට ලාංකීය බුදුදහමේ හැඩය යලිත් ප්‍රතිනිර්වචනය කරන ප්‍රවනතාවයක් මේ වනවිට තීරනාත්මක ලෙස පැන නැගෙමින් තිබේ.මෙම ලිපිය ආරම්භයේ දැක්වූ උපුටනය සහිත මහාමේඝ නම් පුවත්පත මහමෙව්නා ආයතනයේ ප්‍රකාශනයකි.කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් අධිපතිත්වය දරන මහමෙව්නාව අසපුව ලංකාවේ විශාල ජනප්‍රියත්වයක් ලබමින් තිබෙන ආයතනයක් වන අතර එය මෙසේ පැනනැගෙමින් ඇති නව බෞද්ධ ප්‍රවනතාවයේ ස්වභාවය මනාව නියෝජනය කරන්නකි.
අහම්බෙන් ඇස ගැටි එම මහාමේඝ පුවත්පත කියැවූ සැනින් උත්ප්‍රාසාත්මකව මෙම ලියුම්කරුගේ මතකයට එක්වනම පිවිසියේ බාලවියේ දී කියැවූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ "පිබිදෙවු" සගරා පිලිබද ස්මරනයන්ය."අපෙන් ගිලිහුනු සුන්දර රජදහනෙහි කිරුලු පැලදීමක්" පිලිබද මහාමේඝය පවසන විට එම වචන හා "අනාගතයේ පහල වෙන්නා වූ සුන්දර වූද පවින් මිදුනා වූද ස්වර්ගරාජ්‍යයේ ප්‍රීතියෙන් ජීවත් වීම" පිලිබද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වචන අතර තිබෙනුයේ අපූර්ව සාම්‍යත්වයකි.මහාමේඝ පුවත්පත අතිශය නූතන උත්සාහයකි.එහි ජපානය හා හිරෝෂිමාව පිලිබද විස්තර කෙරෙන විශේෂාංග ලිපි ඇත.රූපවාහිනිය බැලීමට ඇබ්බැහි වීමෙන් වැලකීම පිලිබද යෞවනයන්ට ලියැවුනු උපදේශ ලිපි ඇත.රසායනික නොවූ අපේ ගොවිතැන පිලිබද සිත්ගන්නා - බැලූ බැල්මට කිසිදු ආගමික ස්වරූපයක් රහිත - ලිපි මෙන්ම පොලොස් සීනි සම්බෝල සාදාගන්නා අන්දම ගැනද විස්තර එහි ඇත.ගතානුගතික ආගමික ස්වරූපී බුදුසරන වැනි පුවත්පතක් හා සැසදූ විට මහාමේඝ මුලුමනින්ම වෙනස් වූද පෙනුමින් නවීන වූද ප්‍රකාශනයකි.
සාම්ප්‍රදායික පන්සල වෙනුවට අසපුව නමින් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන සංකල්පය මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂනයකි.ගතානුගතික පන්සල් සංස්කෘතිය කෙරෙහි උකටලීව ආගම කෙරෙහි එතරම් උනන්දුවක් රහිතව සිටි නාගරික මධ්‍යම පංතික තරුන මහලු බොහෝ දෙනා තමන් වෙත ඇද ගැනීමට මෙකි අසපු සංචිත සමත්ව තිබෙන බව නොරහසකි.ක්‍රිස්තියානිය කෙරෙහි උකටලීව ආගමික කතිකාවතෙන් ඈත්ව සිටි නූතන බටහිර යෞවන ගනයා අතර නව ක්‍රිස්තියානි නිකායන් ලබන සාර්ථකත්වය සමග මෙය සැසදිය හැක.සාම්ප්‍රදායිකව භික්ෂුව යනු පන්සලක වැඩ වාසය කරන්නෙක් යනුවෙන් පැවති අදහස ප්‍රශ්න කිරීමට ලක්කරමින් පන්සල් වලින් බැහැරව ජීවත්වන භික්ෂූන් සමූහයක් මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනා ගත හැක.ඔවුන් බොහෝ විට "ආශ්චර්යමත් ලක්ෂන" සහිත භික්ෂූන් ලෙස ගිහියන් විසින් වර්නනා කරනු ලබන අය වෙත්.පන්සල් වර්ජනය කොට ඇති මෙබදු භික්ෂූන් ගිහි නිවාස වල වැඩවාසය කරනු දැකිය හැකිය.අනෙත් අතට අසපු වල ජීවත් වන භික්ෂූහු පිඩු සිගා යාම හෝ ගිහි ගෙවල්වල දාන මානවලට යාම යනාදී සාම්ප්‍රදායික කටයුතු ප්‍රතික්ෂේප කරන අතර ගිහියන් අසපු වෙතට දානය ගෙන එනු ඇතැයි අපේක්ෂා කරති.
වරින් වර සිය දායකයන්ගේ නිවාස වල ටර්න්ස් ගනිමින් වැඩ වාසය කරන මහනුවර ප්‍රදේශයේ එක්තරා භික්ෂුවක් පිලිබද මෙම ලියුම්කරු සතුව පෞද්ගලික දැනුමක් ඇත.එම භික්ෂුව වටා පවුල් සමූහයක් - මේවා බොහෝවිට නාගරික මධ්‍යම පංතික පවුල් වෙති - ඒකරාශිව සිටී.රෝග සුවකිරීමේ හාස්කම් බලයක් එම භික්ෂුව වෙත පවතින බව එම දායකයින් විශ්වාස කරයි.මෙම දායක නිවාස වල ධර්ම වැඩසටහන් සංවිධානය වන අතර මේවා සමග ගමේ පන්සල්වලට කිසිම සම්බන්ධයක් නැත.අදාල භික්ෂුව සහ එම පවුල් වල අය අතර තිබෙන්නේ අමුතු ආකාරයක බැදිමකි.භික්ෂුව ඔවුන් බොහෝ දෙනා - දරුවන් පවා - නමින් හදුනයි.එම භික්ෂුව පවුල් සමූහයක් යා කරන වරප්‍රසාද ලත් වැඩිහිටියෙකු වැන්න.ෆේස්බුක් ප්‍රොෆයිලයක් හරහා සයිබර් අවකාශයේද වැඩවාසය කරන එම භික්ෂුව වනාහි වචනයේ නියම තේරුමින්ම සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාවෙන් වෙනස් වූ මොඩර්න් ප්‍රපංචයකි.
| අසපු සංකල්පය සාම්ප්‍රදායික පන්සල් අබිබවා යෞවන ජනයාගේ සිත්ගෙන ඇති සෙයකි |
මේ වනවිට කුන්ඩසාල මහමෙවුනා පරිශ්‍රයේ විශාල චෛත්‍යයක් ඉදිවෙමින් තිබේ. ඥානානන්ද හිමිගේ වචන වලින් කියතොත් එය "රජුන් විසින් නොව පොදු ජනයා විසින්" තනනු ලැබෙන සෑයකි.සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව තුල මෙවැනි කටයුත්තක් සමග බොහෝ විට දේශපාලඥයෙකු සම්බන්ධ වීම දක්නට ලැබෙන නමුදු මහමෙවුනා සෑයෙහි මුල්ගල තැබීම අත්තිවාරම කැපීම වැනි කිසිදු වැදගත් අවස්ථාවකට එවැනි දේශපාලකයෙකු ආරාධිතයා ලෙස ගෙන්වා ගනු ලැබුනේ නැත.යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙන් කිසිදු ජාතික ගීයකට හෝ ජාතික ධජයකට ආචාර නොකිරීමේ නිර් රාජ්‍යමය ස්ථාවරයක මෙම නව බෞද්ධ ප්‍රවනතාවය පසුනොවන බව පැහැදිලි නමුත් ඉහත නිරික්ෂනය නොසලකා හැරිය හැක්කක් නොවේ.පසුගිය දිනෙක මෙම ලියුම්කරු විසින් දුටු බස්රියෙක "බුදුන් වහන්සේ ජීවමානයි" යනුවෙන් ස්ටිකරයක් අලවා තිබුනි.මහමෙවුනා පරිශ්‍රයේ පසුගියදා පැවති ශීල ව්‍යාපාරයකට සම්බන්ධ වූ මෙම ලියුම්කරුගේ සමීපතමයෙකු - ඔහු ඊට සහභාගිව තිබුනේ පලමු වතාවටය - මෙම ලියුම්කරු හා ප්‍රකාශ කර සිටියේ එහි සිදුවන සෑම දෙයක්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත්,බුදු ගුන පවා ගායනා කරන්නේ වෙනස් ආකාරයකට බවත්,එය බොහෝ දුරට ජේසුස් වහන්සේගේ ගුන වයන ක්‍රිස්තියානි අභිචාර විධි සිහිගන්වන බවත්ය.අවශ්‍ය නම් මෙම සමානතාවන් නිසා මෙම නව ප්‍රවනතාවය යෙහෝවාවාදී බුදුදහම ලෙසද නම් කල හැක.කෙසේ වෙතත් මෙම "වෙනස්" අභිචාර විධි බෞද්ධ සමාජයේ විශාල පිරිසක් ආකර්ශනය කරගනු ලැබෙමින් තිබෙන අතර අද (17) වෙසක් පොහොය නිමිත්තෙන් කුන්ඩසාලේ මහමෙවුනා පරිශ්‍රයේ පැවැත්වෙන ශීල ව්‍යාපාරයට ලක්ෂ 2 ට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා පල කෙරේ.
![]() |
| සුනාමි මරන වූ කලී පෙර කර්මයයි.එබැවින් නොතැවෙනු! |
"... එදා මියයාමට කර්මයක් නොතිබූ ගග ඇතුලේ නිදා සිටි පිරිස අසල කඩියන් මතු වී ඔවුන්ට දෂ්ට කලා.එම නිසා ගගෙන් ගොඩට විත් ගොඩබිම් ප්‍රදේශයේ නිදාගැනීමට ඔවුන්ට සිදුවුනා.එසේම එදා මිය යෑමට කර්ම සකස් වී තිබූ ගොඩබිම් ප්‍රදේශයේ නිදාගෙන සිටි අය අතරද කඩියන් මතුවී ද්ෂ්ට කලා.එවිට ඔවුන් සිදු කලේ ගංවැල්ලට ගොස් එහි නිදා ගැනීමයි.මේ අයුරින් පින් කල අය තේරී ගොඩට ආ විටත් පවුකල පිරිස තේරී ගං වැල්ලට ගිය විටත් ගගෙහි ඉස්මත්තට විශාල වැස්සක් ඇද වැටී මහා වතුරක් පැමිනියා.ගංවැල්ලෙහි නිදා සිටි විඩූඩභ රජු ඇතුලු පාපී පිරිස් සියලු දෙනාටම එම ගංවතුරෙන් මරනය අත්වුනා"
-මහාමේඝය සැප්තැම්බර් කලාපය 2011 පි.15
සුනාමිය වැනි ස්වභාවික විපතක් නිසා මිය ගිය වුන් පෙර පවු කල අය බව ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක කාලකන්නි ප්‍රකාශයක් යැයි පැවසිය හැක.මෙබදු ප්‍රකාශ සිදුවනුයේ ආගමෙහි මූලධර්ම වෙත කෙරෙන අසීමිත නැඹුරුව මගිනි.ආගමෙහි පිරිසිදු සිද්ධාන්ත පාදාගෙන ඒ අනුව තමන් කරනුයේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් යැයි සද්භාවයෙන්ම විශ්වාස කරන්නා එබදු ප්‍රකාශයක පවතින කාලකන්නි ස්වභාවය හෝ නොහගී.පැරනි තෙස්තමේන්තුවේ එන දෙවියන්ට අකීකරු වීම නිසා යෙහෝවා විසින් ගම්මාන පිටින් විනාශ කිරීමේ ප්‍රාථමික කතන්දර සහ මෙම "බෞද්ධ" විග්‍රහයන් අතර වෙනසක් නොතිබීම උත්ප්‍රාසයකි.එසේම බුදු රජානන් වහන්සේ යමා මහ පෙලහර පෑවා සේ,විශාලා නුවර තුන් බිය දුරු කලා සේ පවතින්නේ යැයි විශ්වාස කරන ධර්ම බලයෙන් හාස්කම් පෑමට දැරෙන උත්සාහද මෙම සන්දර්භය තුල සිට වටහා ගත යුතුය.ඥානානන්ද හිමිගේ මූලිකත්වයෙන් පසුගිය වසරෙහි සිදුවූ ආන්දෝලනාත්මක සෝමාවතී සිදුවීම මෙම හාස්කම් ප්‍රවාදයෙහි ස්වභාවය මනාව විදහා පාන්නකි.නව ක්‍රිස්තියානි නිකායවාදීන් දෙවියන් වෙත ලගාවීම හා එමගින් කෙරෙන මහාපරිමාන හාස්කම් ගැන අදහන්නේ යම් සේද බුදු රැස් විහිදීම හා වසින වැසි නවතාලීම වැනි ධර්ම බලයේ හාස්කම් පිලිබද විශ්වාසය තබමින් කෙරෙන අභිචාරයන්ද ආගමේ "පිරිසිදුභාවය" වෙත ලංවීම සදහා අසීමාන්තිකව ගනු ලබන උත්සාහයන්ගේ ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත් ඉහත සියලු කරුනු සලකා බැලිමේදී ලාංකීය බුදුදහමේ දෙවන ප්‍රොතෙස්තන්ත්‍ර යුගය එලඹෙමින් තිබේද යන ප්‍රශ්නය මෙම අවස්ථාවේදී සාධාරන ලෙස නැගිය හැක.සයිබර් ධනවාදී යුගයට අනුරූපීව සාම්ප්‍රදායික සම්භාව්‍ය බෞද්ධ සංස්ථාවට පිටස්තරව නව පන්නයේ බුදු දහමක් බිහි වෙමින් තිබේ යන්න පැහැදිලි නිරීක්ෂනයකි.යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැනි නව ක්‍රිස්තු භක්තික නිකායන්ගේ බෞද්ධ අර්ධ සොහොයුරා ලෙස මෙම නව ප්‍රවනතාවය සැලකිය හැකි බව මෙම ලියුම්කරුගේ යෝජනාවයි.මෙම ප්‍රවනතාවය "ශාසනයට" කොතරම් හොදද නැද්ද යන්න පිලිබද වෙහෙසිම මෙම ලියුම්කරුගේ විෂය පථයට අදාල නොවන්නකි.එය සමාජයට කරන යම් බලපෑමක් වේ නම් ඒ පිලිබද පමනක් ලියුම්කරු උනන්දු වනු ඇත.කෙසේ වූවද ලංකාව වූ කලී සතරවරම් දෙවිවරුන්ගෙන් සමන්විත "අපේ විද්‍යාවක්" ගොඩනැගීම පිලිබද මනස්ගාත කියවමින් සිටින නලින් ද සිල්වා පන්නයේ විහිලුකාරයන් ජාතියේ න්‍යායාචාර්යවරුන්/චින්තකයන් ලෙස නම් කරගෙන ඉන්නා වර්ගයේ රටකි.ඇතැම්විට ඥානානන්ද හිමියන්ගේ යෙහෝවාවාදී නවීන බෞද්ධ ප්‍රවනතාවය එම සාමූහික මුග්ධභාවය සමග වඩාත් හොදින් පෑහෙන්නක් වීමටද ඉඩ තිබේ.



excellent post
ReplyDeleteමොන මොන ප්‍රවනතාවන් උනත් කමකි නෑ, බුදුදහමේ මූලික හරයන්ට, හේතුඵලවාදයට, චතුරාර්ය සත්‍යයට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට, එකගයිනම් ප්‍රශ්නයක් නෑ.ඒකයි සොයා බැලිය යුත්තේ.මොකද කැලේ ගහක් නසන්න යොදාගන්නේ කැලේ ගහක්මනේ.නිර්මල බුදුදහමේ කොහොමටත් ආශ්චර්යයන්ට ඉඩක් නෑ.මොකද ආශ්චර්යන්ට වශීකරල මිනිසුන් මුලා කිරීම තාවකාලිකයි.බුදුදහම ගොඩනැගිල තියෙන්නේ ස්ථාවර සවිමත් දර්ශනයක් මත මිසක් ජනප්‍රිය හාස්කම්/ආශ්චර්යයන් මත නෙවෙයි.
ReplyDeleteපන්සල් වලට අසපු ආදේශ කිරීමට යත්න දැරීමත්ටත් එකගවෙන්න බෑ.පවතින දේ වෙනස් කරළ සමහරු ජනප්‍රියවෙන්න උත්සහ කරනවා.මෙම උත්සහයන් සමහරවිට හානිදායකයි.
www.watchtower.org/sn/index.html
ReplyDeleteයෙහොවා යන නාමය නිකරුනේ භාවිත නොකරන්න.
ReplyDelete@ Susith
ReplyDeleteනිකරුනේ හෝ වේවා කරුනක් ඇතිව හෝ වේවා මට අවශ්‍ය යැයි හැගෙන විට මම එම වචනය භාවිතා කරමි.එය මගේ තීරනයක් බව කරුනාවෙන් සලකන්න.
@ ජයශ්‍රී,
ReplyDeleteකියවන හැම මගුලකටම කොමෙන්ටුවක් දාන්ඩ ඕනෙ කියලා නීතියක් නෑනෙ බං... උඹට තේරෙන්නැති ඒව මඩ කරන්නෙ නැතිව එහෙම්ම තියෙන්න දීපං.
http://www.col3negoriginal.info/watch.php?id=7812
ReplyDeleteRamachandra mahathata theruwan saranai!!!
යොහොවා යනු අසාර්ථකත්වයේ සංකේතයයි..
ReplyDeleteAnonymous(1):
ReplyDeleteනීතියක් තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා මට අවශ්‍ය යැයි හැගෙන විට මම කොමෙන්ටුවක් දමමි.එය මගේ තීරණයක් බව කරුණාවෙන් සලකන්න.
සමහරවිට ඔයාත් එහෙම කොමෙන්ටු දානව ඇති.නමක් නැති නිසා අපට හොයාගන්න බෑනේ.
මට තේරෙන්නෑ කියල ඔයා කොහොමද තීරණය කරන්නේ? අනික කිසිම පාඨකයෙක් ලේඛකයා ගේ සිතිවිලි 100% ක්ම නිවැරදිව ග්‍රහණය කරගන්නේ නෑ.ඒක ලෝකයේ සදාකාලික ධර්මතාවක්.
වටිනා සංවාදායක මුලක් .
ReplyDeleteආගම අබි0 කියලා මාක්ස් කිව්වයි කියලා ඉස්කෝලේ යනකාලේ දේශපාලන විද්යා පාඩමේදි සර් උගන්නපුවාහාම් අපි මාක්ස්ට හිනාඋනා.
ReplyDeleteසමහර උන් නම් කුනුහරුප දෙකතුනකුත් ස0ග්‍රහකලා මාක්ස්ට.
හෑබෑයි වසර කීපයක ඈවෑමෙන් ජීවිත් අත්දෑකීමෙන් දෑන් අපිට තේරෙනවා මාක්ස් ඔබ 1000%හරි.
ආගම මේ සිස්ටම්ඵක රකින්න කොච්චර කෑත විදියට,සියුම් ව්දියට පාවිච්චිකරනවද.
Hora Hatta Cheewara Porawagena wadikal wiansa karanna labena ekak naha...!!! Okunta Henama gahapiya
ReplyDeleteයෙහෝවාගේ සාක්‍ෂිකරුවන්ගේ සඳරාවන් වල ආකර්ෂණීය බව නිසාම මාත් කිහිපයක් ගෙන්වාගත්තා මතකයි. නමුත් ඒවායේ තිබූ පැහැදිළිවම අඥාණ ප්‍රකාශ වන රුධිර පාරවිලනයෙන් ආත්මය අපිරිසිදු වනවාය යන්න වැනි දේවල් මගින් එය කියවීමෙන් "අනේ පවු!" යන හැඟීමට එහා දෙයක් සිතුනේ නැහැ.
ReplyDeleteඉතින් බුද්දාගමේ (මා "බුද්දාගම" හා "බුදු දහම" යන්නෙන් අරුත් දෙකක් අදහස් කරමි.) මේ ප්‍රවනතාවයත් මා හට පෙනෙන විදියට බුදු දහම නම් ටොපිය වෙත නොව බුද්දාගම නම් කොලය මිනිසුන්ට ප්‍රධාන කොට පෙන්වන්නක් ලෙසය ඉවතින් සිට බලන කල හැඟෙන්නේ.
නමුත් දහම පාලියෙන් මුදා සිංහලට හැරවීම අගය කළ යුත්තකි.
අවසන් වශයෙන්, අනෙකාට කරදරයක් නැතිව තමාගේ සීමාවන් හැඳින දිවි ගෙවනවා නම් අවසානයේ හැරී බලන විට දකින්නට පුළුවන් වනු ඇත්තේ බොහොමයක් ආගම් "හොඳ" යැයි කියන ක්‍රියාකාරකම් කුලකයට තමන්ද අයිති වී ඇති බවයි. එතැනදී ආඩම්බර විය හැකි වනු හැක්කේ කිසිදු ආගමක විශ්වාස කළ නොහැකි කොටස් පිළිබඳ කරදර වීමකින්ද තොරව තමා යන මග නිවැරදි බව දැනගැනීමෙනි.
"අවසන් වශයෙන්, අනෙකාට කරදරයක් නැතිව තමාගේ සීමාවන් හැඳින දිවි ගෙවනවා නම් අවසානයේ හැරී බලන විට දකින්නට පුළුවන් වනු ඇත්තේ බොහොමයක් ආගම් "හොඳ" යැයි කියන ක්‍රියාකාරකම් කුලකයට තමන්ද අයිති වී ඇති බවයි. එතැනදී ආඩම්බර විය හැකි වනු හැක්කේ කිසිදු ආගමක විශ්වාස කළ නොහැකි කොටස් පිළිබඳ කරදර වීමකින්ද තොරව තමා යන මග නිවැරදි බව දැනගැනීමෙනි"
ReplyDeleteඉහලින් අදහස් දැක්වූ අයගේ මේ අදහස සමග 100% ක් එකග වෙමි.බොහෝමයක් ආගම් වල නිර්මාතෘවරුන් පවා ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටිනේයැයි කියද්දී මිනිසුන් මිනිසුන් ඒ මත්තේම නැහෙන්නේ ඒ තුල තිබේනාවූ යම්කිසි ජොලියක් නිසාද නැතිනම් අවබෝධයක් නැතිකම නිසාදැයි නොතේරේ.අපි මූලික කොටගත යුත්තේ යම් ආගමක් තුල පවතින මිනිසෙකු ලෙස අන්කිසිවකට කරදරයක් නොවී ජීවත් වීමට තිබේ කරුණු වලට මිස ඒ ආගමෙහි නිර්මාතෘවරයාට හෝ ඒ ආගම පවත්වගෙන යෑම උදෙසා මිනිසුන් විසින්ම ඇතිකරගත් එක් එක් ස්ථාන පුද්ගලයන් හෝ පූජා විධි නොවන බව මගේ හැගීමයි.
ආගම මිනිසුන් උදෙසා මිස මිනිසුන් ආගම උදෙසා නොවේ යැයි සිතමි.
අලිඔළුවෙන් පෙළෙන, බහු ජන හිතාය බහු ජන සුඛාය ගැන නොදන්නා සම්ප්‍රදායානුකූල පන්සල්වලට මේ වගේ කම්පෙටිෂන් එකක් ඒම යුගයේ අවශ්‍යතාවයක්.
ReplyDeleteනමුත් කි.ඥාණානන්ද ගේ මා ඇසූ එකම බණ කෑල්ලේ මිත්‍යාදෘෂ්ඨිය සෑහෙන්න තිබුණා.
මේක හරියට ගඩාෆී පන්නලා අල්කයිඩා ගන්නවා වගේ වැඩක්!
ඉතා හොඳ ලිපියක්...නමුත් එක් අඩු පාඩුවක් දකිනවා.... ලියුම්කරු දකින්නේ කතෝලිකය සහ නව ප්‍රවණතාවයන් සාම්ප්‍රදායික බුද්ධාගම සහ කිරිබත්ගොඩ [සහ තවත්] ප්‍රවණතාවයන් සමපාත කළ වපසරියක් පමණයි... නමුත් එයින් බැහැර බුදු සමය හා බැඳී යන, ප්‍රමාණාත්මකව ඉතා කුඩා නමුත් වැදගත් බුද්ධිමය කතිකාවතක් [ආගමක් නොවූ] ඇති බව ඔහු අමතක කරනවා.......
ReplyDelete@ ජය ශ්‍රී
ReplyDelete//මට තේරෙන්නෑ කියල ඔයා කොහොමද තීරණය කරන්නේ? අනික කිසිම පාඨකයෙක් ලේඛකයා ගේ සිතිවිලි 100% ක්ම නිවැරදිව ග්‍රහණය කරගන්නේ නෑ.ඒක ලෝකයේ සදාකාලික ධර්මතාවක්. //
ලේඛකයා කියන දේ 100% ග්‍රහනය කරගන්න ලේඛකයා කියන්නෙ ගුරුවරයෙක්වත් පාඨකයා කියන්නේ ශිෂ්‍යයෙක්වත් නෙමෙයිනෙ :) ඔබ සමග එකග වුනත් නැතත් සෑමවිටම ඔබේ අදහස් දැක්වීම් අගය කරනවා.
@ කතන්දර
මේක එක්තරා විදිහක විරුද්ධාභාසයක් (ඔක්සිමොරෝන්).ක්‍රියාකාරීත්වය අතින් නූතන හා ඉදිරිගාමී ගති පෙන්නුවත් චින්තනය අතින් පසුගාමීයි.
@ සිතුමිනි රත්නමලල
//නමුත් එයින් බැහැර බුදු සමය හා බැඳී යන, ප්‍රමාණාත්මකව ඉතා කුඩා නමුත් වැදගත් බුද්ධිමය කතිකාවතක් [ආගමක් නොවූ] ඇති බව ඔහු අමතක කරනවා//
මා හිතන්නේ ඔබ අදහස් කරන්නේ දාර්ශනිකව බුදු දහම ගැන උනන්දු වන කුඩා කන්ඩායම් ගැන විය යුතුයි.මම දන්නා තරමින් සාම්ප්‍රදායික පන්සල් වලත් මෙවැනි භික්ෂූන් රැදී සිටියා.ජයදේව උයන්ගොඩ තමන්ගේ කෘතියක වනවාසී හා ග්‍රාමවාසී කියන පැරනි බෙදීම ගැන සදහන් කරමින් වනවාසී යනු බුදුදහම දාර්ශනිකව ග්‍රහනය කරගත් කුලකය බවත් ග්‍රාමවාසී යනු රාජ්‍යයේ අනුග්‍රහය මත පවත්වාගෙන ගිය ලෞකික සංස්ථාවක් ලෙසිනුත් දක්වලා තිබුනා මට මතකයි.බුදුදුහම දර්ශනයක් ලෙස ගත් මෙම පිරිස සෑමවිටම චූල සම්ප්‍රදාය ලෙස පවතින බවයි පෙනෙන්නට තිබෙන්නේ.
තෙරුවන් සරණයි!
ReplyDeleteඅපට උපතින් එන ආගම ගැන විමසා නොබලා අදහනවනම් අප අන්ධ බාල පුද්ගලයින් නොවෙද?
ඔබ මොන ආගමකද මම නොදනිම්.නමුත් කාලයේ වැලි වලින් වැසීගිය ඒ ශ්‍රී සද්ධර්මය නැවත ඉස්මතු කලේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසිනි.අප උන්වහන්සේට ඒ සදහා පින් අනුමෝදන් කල යුතුයි.මිට අවුරුදු 12 පමන කලින් ඔබ කියන සාම්ප්‍රධායික පන්සල් වලින් පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇසුනාද?දැනටත් ඇසෙනවාද?ඔබම සොයා බලන්න.උන්වහන්සේ පහල වෙලා මේ ධර්මය නිවරදිව දේශනා කරද්දී ඇයි මේ තරම් අකමැති?
ඔබ කියූ "මහනුවර ප්‍රදේශයේ එක්තරා භික්ෂුව" මහමෙවුනා අසපු වාසී භික්ෂුවද?නැතිනම් වෙන අසපුවකද?ඔබ විමසා බැලුවේද මහමෙවුනා අසපු ස්වාමින් වහන්සේලා පින්ඩ පාතේ වඩිනවාද,නැද්ද කියා?(අන් ආශ්‍රමන ගැන නොදනිමි)
සාම්ප්‍රධායක පන්සල් වල භික්ෂුන් පින්ඩපාතේ වඩිනවාද?ඔබ දන්නවාද භික්ෂුන් වහන්සේලා ඉර අවරට ගිය පසු ආහාර නොගන්න බව?එය බුදුන් වහන්සේත් කලබව.නමුත් ඔබ කියන සාම්ප්‍රධායික පන්සල් භික්ෂුන් එසේද?7දවසේ දානෙකට වැඩම කොට වලදන්නේ එසේද?විමසුවාද ඔබ?
-ප.ලි-
-නැ.ලි-
ReplyDeleteමේ ශ්‍රී සද්ධර්මය "පන්සල්","අසපු","සාම්ප්‍රදායික" ලෙස ලේබල් කිරීමට අපට ඇති අයිතිය කුමක්ද?මේ ශ්‍රී සද්ධර්මය දේශනා කලේ බුදු පියානන්.උන්වහන්සේ එය නිවරදි ලෙසම දේශනා කලා.ඒ දේශනාවන් නිවරදි ලෙස යම් තැනක ඇසෙන විට,'ඔය කියන්නේ අසපු බුද්ධාහමක්,පිලිපදින්න එපා' කියයි නම් ඒ කෙනා බුදුන් සරණ ගිය කෙනෙක්ද?විමසා බලන්න ඔබම.
ඔබ පාලි දන්නවාද?මමත් නිවරදිවම දන්නේ නැත.එසේනම් අප කෙලෙසද ඒ ශ්‍රී සද්ධර්මය දැනගන්නේ?එක්කෝ අපි නිවරදිවම පාලි ඉගෙන ගෙන ඒ පාලි දේශනා කියවිය යුතුයි.නැතිනම් පාලි නිවරදිවම දන්නා කෙනෙක් එය තේරෙන ලෙස කියන විට අවබෝද කලහැක.අපි නිවරදිවම පාලි ඉගෙන ගන්නා අතර තුර අපි මිය ගියොත්?ඒ ධර්මය දැනගත හැකිද?එසේනම් මේ සුලු කාලේ තෙරෙන බසින් දැනගෙන අවබෝධයට උත්සහ කල හැකිනේද?සිතුවද ඔබ?
ඔබට උන්වහන්සේගේ පාලි දැනුම පිලිබද සැක ඇත්නම් උන්වහන්සේ කල පරිවර්ථනයක් ගෙන ඊට අදාල පාලි දේශනාවද රැගෙන නිවරදිවම පාලි දන්නා කෙනෙකුගෙන් විමසන්න වෙනසක් තිබේද යන්න?සම්ප්‍රදායෙන් අපට ධර්මය උගන්වන්නේ නෑ.ඒවා බුදුන් වහන්සේගේ ධර්මයෙන්මයි ලැබෙන්නේ.
බුද්ධ සාසනය භික්ෂුන්ට පමනක් නොව සිව්වනක් පිරිසටම යන්න ඔබ නොදන්නේද? -ප.ලි-
මුදල් යහමින් තිබුනත්, සහතික කොතරම් තිබුනත්, බුද්ධිමත් ජනතාවක් නොමැති මේ වගේ ළිං මැඩියන් වෙසෙන රටක කාලේන් කාලේට නොයෙක් විජ්ජා තුලින් ජනතාව ගසාකන මෙවැනි ජාවාරම් කරුවන් බිහිවීම පුදුමයක් නොවේ. නමුත් මේ දේ වල් තාවකාලිකයි, අප ජීවිත් කාළය තුලදීම මෙවැනි විජ්ජා කාරයෝ මතුවෙල නැති වෙල ගියාද?
ReplyDeleteආගම මගේ මතයනම් මාක්ස්ගේ මතයයි. අතිතයේදි පසුවෙන් ජීවත් වීම සඳහා බිහිවූ පළමු රැකියාව ගනිකා වෘත්තියයි. මගේ අදහසේ හැටියට දෙක තමයි පූජකත්වය.
-නැ.ලි-
ReplyDeleteඔබ දන්නේද බුදු සමිදුන් දෙසූ ධර්මය අවබොධ කිරීමට වෙර දරන භික්ෂූන් ගැන?ඒ උතුමන් කෙතරම් චාම් සරල දිවියක්ද ගත කලේ?නමුත් ඔබ කියන සාම්ප්‍රධායක පන්සල් වල භික්ෂුන් ගත කරන දිවි පෙවතත් එසේමද?විමසා බලන්න.
ඔබ කියූ කුන්ඩසාලේ චෛතිය නිසා මොන තරම් පිරිස් පින් රැස්කර ගත්තාද.අනේ සාදු සාදු එවන් පින්කමි තව තවත් කරත්වා.බුදු සසුන වෙනුවෙන් කල ඒ දේටවත් සතුටුවී සතුටින් ඒ පින අනුමෝදන් වෙත්වා..
ඔබ දන්නේ නැතිව ඇති බුදු සමිදුගේ ඒ අසීමිත ආශ්චර්්‍යයන් තවමත් පවතිනවා කියා.සුනාමිය වෙලාවේ විශාල ගොඩනැගිලි විනාශ වෙද්දී අප සමිදානන්ගේ පිලිරූ ඉතිරිව පැවතුනා නොදැක්කේද?සෝමාවතියෙන් බුදු රැස් විහිදෙනවා.නොදැනීම නිසා පව් කරගන්න එපා.
ඔබ සම්ප්‍රධාය ගැන කීවත් අඩුම තරමින් වත් ඔබ පංච ශිලෙවත් අර්ථ දැන නිවරදිව ආරක්ෂා කරනවාද?අවබෝධයෙන් බුදු සමිදානන් සරණ ගියාද?සිතන්න
ඔබට සිතෙන දේ කීමට ඔබට අයිතියක් ඇත.තමුත් යම් කෙනෙකුට අභූතයෙන් චෝදනා නොකරන්න.එය ඔබට මෙන්න බොහෝ දෙනාට විපතක්.
අප බුදු සමිදුන් දෙසු ඒ සිරි සදහම් අවබෝධයට මහන්සි ගැනීමයි කලයුත්තේ.නැතිව එය නූතන ද සම්ප්‍රධායිකද යන්න විග්‍රහ කිරීම නොව.ඒ ධර්මය අකාලික ගුණයෙන් යුක්ත බවවත් අප මතක තබා ගත යුතුයි.
ඔබටත් වහවහා මේ ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා.
තෙරුවන් සරණයි!
අනේ මේවගේ අන්ද බක්තිකයො.
ReplyDeleteආගම කුනු කොල්ලෙට දේශපාලන මලු ලෑලි වල තියලා විකුනන හෑටි.
අර කොසොල් රජු දුටු සිහිනවල මිලකල නොහෑකි ශ්‍රී සත්දර්මය කුනු මොරට විකුනනවා කියලා පෙන්නුම්කලේ මේවට තමයි.
තෙරුවන් සරනයි කියලා ගහගෙන හොර හරක් විකුන්නේ කව්ද කියලා විචාර බුද්දිය තියන මිනිස්සුන්ට තේරෙනවා.
@ Anonymous
ReplyDeleteතෙරුවන් සරනයි
ඔබද විචාර බුද්ධියෙන් බලන සේක්වා.මා ලියා තිබ්බේ පූජ්‍යය කිරිබත්ගොඩ ස්වාමින් වහන්සේ හා මහමෙව්නා අසපු ගැන පමනි.වෙනත් කිසිදු ආශ්‍රමයක් ගැන මම නොදන්නෙමි.ඔබ හෝ පිරිසක් චොදනා කල යුත්තේ කරුණු විමසා බැලිමෙන් නොවෙද?
ඔබටත් තෙරුවන් සරනයි.
ReplyDeleteඅපේ බුදුරජානන් වහන්සේගෙන් විහිදුන අස්චර්යමත් ශඩ්වර්න රශ්මිකදම්බය අහවල් අසපුව් අර ස්වාමීන්වහන්සේට ඔන වෙලවට විහිදුවන්න පුලුවන් කිවෙව කව්ද කියා විචාර බුද්දියක් ඈති මිනිසුන් දනී.දේශපලුවන් සමගත් දෑන්දෑන් ලගී.
යලුවා තේරුම්ගන්න ඔයාලගේ බුදුබෑතිය සහ වටිනා ජාතික අදහන් ආගමීක මුදලාලිලාට දේසපාලන කොන්තරාත්කාරයන්ට ගසාකන්න දෙන්න ඵපා.
@Anonymous
ReplyDeleteතෙරුවන් සරනයි.
මා එලස කීවේ නම් නැත.නැවත කියවා බලන සේක්වා.අපගේ බුදු සම්දානන්ගේ රශ්මිකදම්බය විහිදෙන්නේ උන්වහන්සේගේ ආනුභාවය නිසාය.
සෝමාවති මහා සෑයේ පින්කම සිදුකලේ ඉන් විහිදුවන බුදු රැස් පෙන්වීමට යැයි ඔබ සිතයි නම් එය නිවදදි නොවේ.උන්වහන්සේ එවැනි පින්කම් කරනුයේ මිනිසුන් බොහොදෙනෙකුට පින් රැස් කරගැනීමටය.එලෙසම බොහෝ පිරිස් පින් රැස් කරගත්තේය.
යලුවා තේරැම් ගන්න යම් තැනක පිරිසිදු බුදු බණ නිවරදිනව පවසද්ද අප එතනට ගරු කරන්නෙමු.ආරක්ෂා කරන්නෙමු.එය පන්සලක්ද,ආශ්‍රමයක්ද,අසපුවක් ද යන වග නොවේ නේද සිතිය යුත්තේ.කොතැන හෝ වේවා නිර්මල දර්මය පවසයිනම් එය බොහෝමිනිසුන්ට උපකාරි වන බැවිනි.මන්ද අප සරණ ගියේ බුදු පියාන් හැර පන්සල්,ආශ්‍රමන.අසපුවක් නොවන බැවිනි.එසේ නොවෙ ද මිතුර?
[මන්ද අප සරණ ගියේ බුදු පියාන් හැර පන්සල්,ආශ්‍රමන.අසපුවක් නොවන බැවිනි.එසේ නොවෙ ද මිතුර? ]
ReplyDeleteඵකමනේ යාලුවා ප්‍රශ්නේ.
දෑන් යන්නේ අසපු සරන පතාගෙනනේ.ගමේ ප0සල අමතක කරවලා මෙගා රෑල්ලක් වගේ අසපු රෑල්ලක් ඈති කලේ නෑද්ද?ලස්සන හාමුදුරුවරු,ලස්සන ගොඩනෑගිලි,ඵ පන්සලට ලොකු ලොකු කාර් වලින් බහින හෑඩකාර නෝනාමහත්වරු වගේ අමුතුම පොප් සිස්ටම් ඵකක නෙවෙයිද මේ හරහා බොඩනෑගුනේ.ඵතකොට ඈත දුශ්කර පලාත්වල තියන ,දුප්පත් මිනිස්සු ඉන්න ගම්වල වෑඩවසන ස්වාමීන්වහන්සේලා නිකම්ම කෑපෙන්නෑද්ද?මේකෙන් උනේ රට පුරාම තිබ්බ ගමයි ප0සල අතර සම්භන්දය කෑඩිලා තෑන්තෑන්වල මහා දියුනු අසපුත් අනිත් තෑන්වල ගරාවෑටුනු ප0සලුත් ඈති උන ඵක.ඵකෙන් උනේ අවුරුදු 2500ක ගමයි ප0සලයි විදියට තිබුනු අපේ ස0ස්කෘතිය දෙදරපු ඵක නේද?
අහවල් ප0සලේ කියන්නේ බොරු.අහවල් අසපුවේ හමුදුරුවො අසසරේ කරන්නේ මිත්යාදුශ්ටිකයො,අහවල් පන්සලේ හමුදුරුවො බුදි...අපේ බන නම් පිකප්, ආදීවශයෙන් අසපු බුදු දහම ක්‍රෝදය නේද වපුරන්නේ?
අනික ජරජීරන වෙලා ඉන්න දේශපාලුවො ලගට ජනතාව යන්නෑති නිසා මිනිස්සුන්ව අසපු ගෙන්නගෙන කුනු දේශපාලුවන්වන් ලගට අසපුව හරහා මිනිස්සුන්ව දක්කන ඵ්ක හරිද?
අනික සෝමවතියේ සිද්දිය මාකට් කලේ දර්මයට වඩා දේශපාලන පෑත්තෙන් නෙවෙයිද?
@Anonymous
ReplyDeleteතෙරුවන් සරණයි
ඔබ නැවතත් පසුවන්නේ පන්සල්,ආශ්‍රමන.අසපු පිලිබද ගැටළුවකින් නොවෙද?
මා අසන්නම් යම් දෙයක් ඔබෙන් අවංකවම පිලිතුරු දෙන්න.
ඔබ දන්නේද බුදු සමිදුන් දෙසූ ශ්‍රී සද්ධර්මයට අනුව භික්ෂූවක් කෙලෙසද දිවි ගෙවිය යුතු කියා?
එවැනි ලෙස පිරිසිදු භික්ෂූන් හට දෙන දානයත් මොනතරම් ආනිසංස ද කියා.?
බුදු සමිදුන්ම දෙසා තිබේ යම් කෙනෙක් කියු නිසා,ඇකපු නිසා,ඇසු නිසා,පරම් පරාවෙන් ආ නිසා වත් පිලි නොගන්න.බුද්ධ දේශනා වලට ගලපා නිවරදි නම් පිළිගන්න යැයි කියා ඔබ දන්නේද?
යම් තැනක බුදු සමිදුන් දෙසු දහම් නොකියනවානම්,එලෙස හැසිරෙන්නේද නැත්තම් එතන බුදු දහම ආරක්ෂා කරනතැනක්ද?නමුත් අතීතයේ සිට ආවයි කියා අප කිසිත් නොකර සිටියොත් අප හරිද?
බුදු ධර්මය නිවරදිව දන්නා කෙනාට එය පන්සලේ හෝ වේවා වෙනයම් තැනක වේවා දේශනා කරයි නම් එතැනට බුද්ධිමත් පිරිස පැමිනෙනවා.
-ප.ලි-
-නැ.ලි-
ReplyDeleteඅතීතයේ පන්සල්වල පමනක් නොව ගල් ලෙන්වලද භික්ෂූන් වහන්සේලා වාසය කලා.අනුරාධපුර යුගයේ වී පැදුරක් වනා ගැනීමටවත් අමාරු වන තරමට රහතුන් අහසින් වැඩම කල බව ඔබ දන්නේද?එකල මිනිසුන්ගේ කියමනකි ගමයි පන්සලයි කියන එක.මන්ද එකල පන්සල් වලද භික්ෂූන් බුදු සමිදුගේ දහමේ හැසිරුනු බැවිනි.එසේ නොවේද?
මෙහෙම හිතන්න යම් කලෙක පන්සල්වල හෝ යම් තැනක අධර්මය දෙසයිනම්,වෙනත් ආගමක් දෙසයි නම්,අප අර ගමයි පන්සලයි කියන කියමනක් තියෙනවා එය රැකිය යුතුයි කියා කටයුතු කලොත් වෙන්නේ කුමක්ද?විමසා බලන්න.
මා පන්සලත් සමගවත් එහි වැඩ සිටින භික්ෂූන් කෙරෙහිවත් කිසිදු වෛරයක් නැත."ආදීවශයෙන් අසපු බුදු දහම ක්‍රෝදය නේද වපුරන්නේ?" ලෙස ඔබ කියූවත් එවැන්නක් මා දකින්නේද නැත.අනෙක මම නැවතත් කියන්නේ බුදු දහම ලේබල් කරන්නේ ඇයි?එය අසපු දහම,පන්සලේ දහම.....ආදී ලෙස?බුදු දහම බුදු දහමමයි.නිවරදි ඒ දහම් මග පන්සල් වලින් හෝ යම් තැනක ඇසේද බුද්ධිමත් සිතිය හැකි පිරිස් පැමිනෙනවා නොවෙද?
මා මේතරම් කලක් මුලුල්ලේ හිටියත් ඔබ ඔය කියු දේශ පාලන පිලිබද දෙයක්නම් වී නැත.
මිතුර යම් පිරිසක් පටු අරමුනු සදහා පැමිනෙනවා වියහැක.එන පිරිස් ගැනවත් කවුරුත් කියන නිසාවත් නොව ඔබම විමසා සොයා බැලුවොත් නේද හොද?
අතිශය විමතියෙන් යුතුව කියවූයෙමි.
ReplyDeleteකාර්මික විප්ලවයේ මුල් යුගය එනම් ධනවාදය නැගෙ ඒමේ මුල් යුගය ධනවාදයට සමාජගත වීමට අවශ්යව වටපිටාව සැකසීම (හරි වචනය එන්නේ නැත) කැල්වින් සහ ලූතර් අතින් සිදුවිය. මෙහි රිවර්ස් එක දකින වේබර්ට අනුව ධනවාදය බිහිවීමට හේතු වන්නේ මෙම ප්රලතිසංස්කරණයි. එනයින් ලෝක ඉතිහාසය වෙනස් කරන වැඩවසම් සමාජ ක්රීමය පරයා ධනවාදය ඇති කිරීමේ පදනම සැකසූ මෙම ප්රාතිසංස්කරණ සමාජ ප්ර ගමණයේ නොමැකෙන සටහන්ය.
පවතින සාපේක්ෂ අයිතීන් එකිනෙක වලදමන වැඩවසම් රජෙක් වෙනුවෙන් දිවා රෑ දරදිය අදින අසපු වාසී තක්කඩි චීවරධාරීන් කැල්වින් සහ ලූතර් සමග එකට තියන්නේ කෙසේද. අප දන්නා තරමට අසපුවල කල ගෙවන්නේ උඩුවේ, රතන, කිරිබත්ගොඩ වැනි අංක එකේ තක්කඩින්ය. මුන් මිත්යාව වපුරා තම බඩ වඩා ගන්නා අතර මහජන අයිතීන් එකිනෙක කප්පාදු කරන වැඩවසම් රජෙක් වෙනුවෙන් ආවඩන්නන්ය. මුන්ට ඇති දර්ශණයක් නැත. පන්සල් වෙනුවට අසපු තෝරා ගන්නේ වෙන වැඩ වලටය. පියවි සිහියෙන් සිටින කිසිම කෙනෙකු මෙවැනි නන් දෙඩවිම් සිදු කරන්නේ නැත.
KHAP Dayaratne
@ KHAP Dayaratne
ReplyDeleteලිපියේ ලියා ඇති දේ පැහැදිලි නැද්ද නැතිනම් එය ඔබ නිවැරදිව වටහා ගෙන ඇද්දැයි අපැහැදිලි නිසා නැවත සාරාංශ කරමි.
1.පුනරුද යුගයේ ඇතිවූ ක්‍රිස්තියානි ප්‍රතිශෝධන ව්‍යාපාරය සංස්ථාවක් ලෙස එවකට තිබූ වැඩවසම් කතෝලික ආගම වෙනස් කලේය.එම වෙනස එවකට නැගෙනමින් තිබූ කාර්මික ධනවාදයට අනුකූලව ආගම ප්‍රති අර්ථකතතනය කිරීමක්.ලංකාවේ අනගාරික ධර්මපාල ඕල්කට් හරහා සිදුවන ක්‍රියාදාමය එක්තරා දුරකට මේ හා සමානය ( ගනනාථ ඔබේසේකර ප්‍රොතෙස්තන්ත්‍ර බුද්ධාගම යනුවෙන් හදුන්වන්නේ මෙම ඕලකට් ක්‍රියාදාමයයි)
2.ධනවාදයේ වර්තමාන යුගය මුල් කාර්මික යුගයෙන් බොහේ දුරට වෙනස් වූවක්.මේ යුගය තුල කැල්වින්ලා ගේ සම්භාව්‍ය ක්‍රිස්තියානියද පාරම්පරික ආයතනයකි.මේ යුගය තුල ක්‍රිස්තියානි කතිකාවත තුල "ප්‍රබෝධයක්" ඇති කරන්නට හේතු වී තිබෙන්නේ නව ක්‍රිස්තියානි නිකායන් වල ක්‍රියාකිරීත්වයයි.ඒවායේ ලක්ෂනය නම් පෙනුම අතින් වඩ වඩා නවීන වීමත් දර්ශනය අතින් වඩ වඩාත් මූලධර්මවාදී ලක්ෂන පෙන්නුම් කිරීමත්ය.යෝජනා කර තිබෙන්නේ අසපු බුද්ධාගම බටහිර නව ක්‍රිස්තියානි නිකාය වල බෞද්ධ අර්ධ සොහොයුරා බවයි.මහමෙව්නා ව්‍යාපාරය පෙනුම අතින් නවීන ලක්ෂන පෙන්නුම් කරන අතර හරය අතින් සාම්ප්‍රදායික බුද්ධාගමටත් වඩා "පිරිසිදු බුදුදහම" යනුවෙන් යමක් පාදා ගැනීමෙහි නැඹුරුය.කිරිබත්ගොඩව සමාන කර තිබෙන්නේ කැලිවින්ට හෝ ලූතර්ට නොව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ටය.
@Ramachandra
ReplyDeleteඔබ මෙහි "නවීන ලක්ශන" ලෙස හඳුන්වන්නේ කුමක්ද? රතන හෝ කිරිබත්ගොඩ වැන්නන්ගේ ව්‍යාපාර වල ඇති "නවීන ලක්ශන" මොනවාද? (මොවුන්ගේ හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අනුගාමිකයින් සමග එක විනාඩියක් කතා කලහොත් ඔවුන්ගේ "නවීන ලක්ශන" මැනවින් හඳුනා ගත හැක!) ඔබ "නවීන ලක්ශන" යනුවෙන් යොදා ඇත්තේ ස්ටීරියෝ සවුන්ඩ් භාවිතා කිරීම වැනි දේ සඳහා ද? මේ ප්‍රවනතා වල තරමක "වෙනස් ලක්ශන" ඇති බව නම් ඇත්තකි. උදාහරනයක් ලෙස මීට දශක කීපයකට පෙර ඇතිවුනු අරියධම්මගේ "බ" ප්‍රවනතාවය මතක ඇතැයි සිතමි. එයද නවීන ලක්ශන සහිත ප්‍රවනතාවයක් ලෙස එදා සමහර විට පෙනෙන්නට ඇත. එහෙත් එය එසේ නොවූ බව ඉතා පැහැදිලිය.
එම වචනය යෙදීමට හැර ඔබගේ අදහස් සියල්ලට එකඟයි. ඉතා වැදගත් ලියවිල්ලක්.
- Dimithry
@ Dimithry
ReplyDeleteනවීන කියල අදහස් කරල තියෙන්නෙ හරය නොවෙයි පෙනුම.සාම්ප්‍රදායික පන්සල්/පල්ලි සමග සංසන්දනය කල විට අදහස් ගෙනියන ආකෘතියේ නවීන ස්වභාවයක් ඔවුන්ගේ ප්‍රකාශන වල සහ අදහස් ඉදිරිපත් කරන ආකාර වල තිබෙනවා.නිදසුනක් විදිහට පාලි පිරිත් සිංහලෙන් ඉදිරිපත් කිරීම ආකෘතිය මොඩර්නයිස් කිරීමක්.බොහෝ විට තරුන පිරිස් ආකර්ශනය වෙලා තියෙන්නේ මෙම පෙනුමට.හරය අතින් මොවුන් අතිශය ගතානුගතික බවත් තමන්ගේ සාම්ප්‍රදායික මවු සංස්ථාවන්ටත් වඩා මූලධර්මවාදී බවත් ඇත්තක්.
නිර්මල බුදු දහම යනු බඩ තඩි බුදුන්ගේ නිරතුරු හිනාව පමණි! ඔහුගේ සිනහවේ අර්ථය තේරුම් ගන්නෙකු සමස්ත ධර්මයම වටහාගනී!
ReplyDeleteGood one Rama!
හරිම වැදගත් ලිපියක් රාමා. ටිකක් පහුවෙලයි දැක්කෙ. ඔබ දක්වා අති නව ප්‍රවනතාවයේ දේශපාලන වැදගත්කම ගැනයි මම වඩාත් උනන්දු.
ReplyDeleteමේ අලුත් සම්ප්‍රදාය දැඩි කර්ම වාදීයි. අතීත කර්ම නිසා අද අපි දුක් විදිනවා ය කියන අදහස ඔවුන් දැඩිව අවධාරනය කරනවා. අනෙක් අතට මේ ව්‍යාපාරය තම අනුගාමිකයන් අතර දැඩිලෙස පරලොව ගැන බිය ඇතිකරවනවා. අපායවල් සංඛ්‍යාවල්, ඒවායේ විඳින්නට වන දුක්වේදනා ප්‍රධාන මාතෘකාවල්. මට දවසක් චෙන්නායි ගුවන් තොටුපළේදී හමුවුනු මෙකී භික්ෂූන් වහන්සේගේ අනුගාමික මදක් වයස්ගත දෙපලක් කියා හිටියේ 'අපට මරන භය, අපාය භය ඇති කළේ කිරිබත්ගොඩ ඥානන්ද හිමියන්' බවයි. මම වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දිල්ලියට යමින් සිටින බව දැනගත් පසු මගේ වැඩිදුර ඉගෙනීම එතරම් වැදගැම්මකට නැති දෙයක් ලෙසින් කතා කළ වැඩිහිටියා කියාහිටියේ 'හොඳයි, ඒ ඉගෙනීමත් කරගන්න. හැබැයි අපාය භය ගැනත් ටිකක් හිතන්න කියායි.
අනෙක් වැදගත් කරුණ මෙකී 'ව්‍යපාරය' ආශ්චර්ය විශ්වාස කිරීමට තම අනුගාමිකයන්ට අනුබල දීම.
මෙවන් ලක්ෂණවලින් යුත් මෙකී ව්‍යාපාරය සීඝ්‍රයෙන් ජනප්‍රියවන බවත් ලක්ෂ ගණනින් අනුගාමිකයන් ඒ වෙත ඇදී යන බවත් ඔබ පෙන්වා දී තිබෙනව. ඊලඟ වැදගත් කාරනය තරුණයන් අතර ද බරපතල ලෙස මේ 'ආගමික සම්ප්‍රදායය ' ජනප්‍රියවීමයි.
මේ ව්‍යාපාරයේ මට පෙනෙන දේශපාලන වැදගත්කම මේකයි. මේ ව්‍යාපාරය වටා එකතුවන ජනයා මෙලොවට වඩා පරලොව ගැන හෝ මේ භවයේම නිවන් දැකීමට උත්සුක වන්නන්.ඔවුන්ට මෙලොව කාරනා එතරම් වැදගත් නෑ. ඒ අර්ථයෙන් මෙකී අනුගාමිකයන් දැඩි 'අදේශපාලනික' නිෂ්ක්‍රීය ජනපිරිසක්. ඔවුන්ගෙන් පාලකයන්ට කිසි තර්ජනයක් නෑ. අනෙක් අතට කර්මය දැඩිව විශ්වාසකරන ඔවුන්ට තමන්ගේ දුක් පීඩා මෙන්ම පාලකයන් විඳින සැපසම්පත් ද අතීත කර්මවල ම ප්‍රතිඵලයි. මෙසේ හිතන මිලියන ගණනක් මිනිසුන් බිහිවීම තරම් දෙයක් පාලකයන්ට තවත් ඇතැයි මම හිතන්නේ නෑ. ඒ නිසා දාගැබට මුල්ගල් තියන්න දේශපාලකයන් ගෙන්වාගන්නා භික්ෂුවට කිසිදා ලංවෙන්නවත් බැරි සේවයක් මෙකී ව්‍යාපාරයෙ භික්ෂූන් පාලකයන් වෙනුවෙන් ඉටුකරනවා.
අනෙක් අතට මුල්ගල් තියන්න පාලකයින් සම්බන්ධකරගන්නා පංසල්වලම තරුණ හාමුදුරුවරු ඒ පාලකයන්ට එරෙහිව පෙළපාලියනවා. කැරලිගහන්න සම්බන්ධ වෙනවා. 71, 87-90 කාලවල කැරලිවල දී තරුණ භික්ෂූන්ගේ මැදිහත්වීම් උදාහරණ ලෙස දැක්විය හැකියි. ඒත් අසපු හාමුදුරුවරු කිසිදා එවැනි දේට හවුල් වෙන්නේ නෑ. ඒ අර්ථයෙනුත් මේ අළුත් ව්‍යාපාරය පාලකයන්ට වැදගත්.
මෙයින් මම අදහස් කරන්නේ නෑ කිසිවිදියකටවත් පංසල්වල හාමුදුරුවරුන් මගින් අද දවසේ ප්‍රශ්නවලට පිලිතුරු ලබාගත හැකියි කියා. කුඩාකලදීම පැවිදි වී ළමා ජීවිතය ද තරුණ ජීවිතය ද අහිමි වූ පිරිවෙන්වල පවත්නා එතරම් උසස් නොවන තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දේශපාලන කාරණා වලට විවිධ ආකාරයන්ගෙන් සම්බන්ධවන්නා වූ 'පංසල්' භික්ෂූන් මම සලකන්නේ අර්බුදයේ කොටසක් ලෙස මිස එය විසඳන පිළිතුරේ කොටසක් ලෙස නොවේ. මම එහෙම කියන්නේ එකී පිරිස කෙරෙහි ඇති කිසියම් අකමැත්තක් නිසා නෙවෙයි. කරුණු මත පිහිටායි.
@ පිටස්තරයා 2
ReplyDeleteඔබ පෙන්වලා දෙන කාරනයේ ලොකු ඇත්තක් තියෙනව.මිනිස්සුන්ව අදේශපාලනික කරන්න මේ නව නිකායේ විශාල නැඹුරුවක් තියෙනව.මේක ජාතික ධජ හෝ ගීත පිලිගන්නෙ නැති (දෙවියන්ගේ රාජ්‍යය මිස වෙනත් රාජ්‍යයන් තිබිය නොහැක) අලුත් ක්‍රිස්තියානි නිකායවල් එක්ක අපූර්ව විදිහට සමපාත වෙන අවස්ථාවක් නේද?කොහොමත් මේ යුගයේ මිනිස්සුන්ව සමාජමය මනෝභාවයකින් මුදවලා පෞද්ගලික සත්තු බවට පත්කරන්න විශාල වැඩකොටසක් කරන්නෙ ජනමාධ්‍ය.ඒ ජනමාධ්‍යයත් එක්ක ආගම ඉතා සක්‍රීයව සම්බන්ධ වෙන උපනතියක් තමයි මේකෙදි දකින්න තියෙන්නෙ.ස්තුතියි ප්‍රතිචාරයට.කලින් අවස්ථාවක මා සදහන් කල විදිහට මේව ප්‍රතිචාර විදිහට නෙමෙයි බ්ලොග් සටහන් විදිහට එනව නම් තමයි වඩාත්ම සතුටු වෙන්න පුලුවන්
ඉපදීමට හේතුව ඉපදීම නැතිකිරීමට ඇති මාර්ගය ලෝකයට උගන්වන්නය් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට වැඩම කරන්නේ
ReplyDeleteඑහෙම නැතිව ඉපදුන සත්වයා සැපෙන් සැපයට පත්කරමින් මරණය දක්වා ගමන් කරවන්නවත් මරණින් මතු සැප ලබාදෙන මාර්ගයක් කියල දෙන්නවත් නෙවේ.ඔය දෙක දෙකක් මිස එකක් නම් නොවෙයි.
Cool article machang.
ReplyDeleteMcdonald eka duwana principle paawichchi karla lankawe kadayak dammath duwanawa wage.
Ape hamuduruth batahira aagam pathuruwana system ekatama wadata bahala.
Patta competition ekane hariyata gemata bahinne nathuwa bane pansala hadagena diyunu wenna.
Mama danna apith ekka ekata hitiya gullible manussayek dan maara sadahawathek wela. kiribathgoda hamuduruwonge.
sunaami kathawa gana kiyala thibichcha eka gana totally agreed. maha katha kathawak. Wathura paarakata ahuwela maruna madiwata paukaarayoth wenana wela e minissunta.
Oya kathawa iwara wenne paukaarayo malata kamak na wage deyakin kiyalai mata hithenne
"ලංකාව වූ කලී සතරවරම් දෙවිවරුන්ගෙන් සමන්විත "අපේ විද්‍යාවක්" ගොඩනැගීම පිලිබද මනස්ගාත කියවමින් සිටින නලින් ද සිල්වා පන්නයේ විහිලුකාරයන් ජාතියේ න්‍යායාචාර්යවරුන්/චින්තකයන් ලෙස නම් කරගෙන ඉන්නා වර්ගයේ රටකි"
ReplyDeleteපැහැදිලිවම ඒකපාර්ශවීය සහ ද්වේශමූලීය ප්‍රකාශනයකි....
කාලින ලිපියක් ආගම කියන්නේමේ මිනුසුන් මුලාවට පත්කිරීම සදහා පාලකයන් යොදාගන්නා තවත් උපක්ක්රමයක් විතරයි ආගමට මිනුසුන්ගේ ප්‍රශ්න වලට උත්තර නැහැ ආගමේ නාමයෙන් තම තමන් ජනප්‍රිය වීම හා මුදල් සොයාගැනීම හැර කිසිවක් නැහැ ආගමේ බොරුව සමාජගත කිරීමේ සන්විදනයක් කඩිනමින් අවශ්‍ය වමේ විපාපාරයක් ඇත්ත වමක්
ReplyDeleteනලින් ද සිල්වාව වටහා ගන්ඩ බැරි උබ තමයි මුග්දයා. නලින්ද සිල්වා මුග්දයෙක් නම් උබ නරුමයෙක් කියල තමයි කියන්ඩ තියෙන්නේ. වෙබ් සයිට් වල බයිලා ගගහ් ඉන්නැතිව පාරට බැහැලා වැඩ කරපන්කෝ මහ ලොකු වැඩ කාරයෙක් නම්.
ReplyDelete