Thursday, February 3, 2011

අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය


වෙලදපොලේ විකිනීමට තිබෙන විවිධ භාන්ඩ අතරින් වඩාත්ම උචිත භාන්ඩය තමන්ට හමුවූ බව සිත්වුනු කල්හි,එම භාන්ඩයේ හුවමාරු වටිනාකමෙහි සීමාව කෙරෙහි සවිඥානික වෙමින්,මිනිසුන් එකිනෙකා සමග ආදරයෙන් වෙලෙති
- ‍එරික් ෆ්‍රොම්

හලෙකු සමග ආලයක පැටලීම පැරනි රෝම සමාජවල ප්‍රභූ ස්ත්‍රියක් අරභයා තහනම් කටයුත්තක්ව පැවතුනි.යම් හෙයකින් වහල් හිමියාගේ විරෝධතාවය මධ්‍යයේ තෙවරක් වහලෙකු සමග සංසර්ගයේ යෙදී යම් නිදහස් කාන්තාවක හසුවුවහොත් අදාල ස්ත්‍රිය වහා වහල්භාවයට පැමිනවීමේ බලය එම වහල් හිමියා සතු වූයේය.පුරාන රෝම සමාජය සතුන් සමග කෙරෙන සටන්වල සටන් ශිල්පීන්(Gladiators) ලෙස බොහෝ විට වහලුන් යෙදවීමට පුරුදුව සිටියේය.හැඩි දැඩි පුරුෂයන් වූ මෙම ග්ලැඩියේටර්වරු සුකුමාල වහල් හිමි පංතියේ රෝම කාන්තාවන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකරගත්හ.කෙතරම් ආකර්ශනීය වුවද ඔවුහු වහලුන් වූ බැවින් එම ප්‍රභූ ස්ත්‍රීන් හා ඔවුන් අතර ගොඩනැගුනේ අනාචාරී සබදතාය.spartucus-Blood and sand නම් රූපවාහිනී වෘතාන්තය නරඹා තිබෙන අයෙකුහට ප්‍රභූ ස්ත්‍රීන් හා වහල් පුරුෂයන් අතර ඇතිවන මෙබදු අනාචාරී සබදතා නිතැතින්ම සිහියට නැංවෙනු ඇත.

ලිංගික ආදරය වනාහි ජීව විද්‍යාත්මක ප්‍රපංචයකි.පුරුෂයෙකු ස්ත්‍රියක් වෙත ආකර්ශනය වීමෙහි පදනම ජෛව විද්‍යාවේ විෂය පථයට අයත්ය.නමුත් එම ස්වභාවික වූ ජීව විද්‍යාත්මක ප්‍රපංචය සමාජ සම්බන්ධතාවයන්ගේ ප්‍රිස්මය තුලට පැමිනි කල්හි අනේක විධ රූපාකාරයන් අනුව හැඩගැසේ.ප්‍රභූ කාන්තාව හා වහල් පුරුෂයා යන කේවල පුද්ගලයන් (Individuals)ඉදිරියේ තිබෙන "ප්‍රභූ" හා "වහල්" යන විශේෂන පද ඉවත්කල විට ඒ වනාහි මූලික වශයෙන් ස්වභාවික ගැහැනියක හා පුරුෂයෙකි. ගැහැනියක සහ පුරුෂයෙකු අතර හටගන්නා ස්වභාවික වූද පිරිසිදු වූද ආකර්ශනය පංති වලට බෙදුනු පැරනි රෝම සමාජය තුල විකෘති හා  අනාචාරී සබදතාවයක් බවට පත්වූ ආකාරය ජීව විද්‍යාව තුල පිරිසිදු,පැහැදිලි විෂය වස්තුවක් වන ලිංගික ආදරය සමාජමය සන්දර්භයක් තුලට එන විට සංකීර්න හා වෙනස් හැඩයක් ගන්නා ආකාරයට නිදසුනක් වන්නේය.

2011 ජනවාරි 07 වනදා අජන්ත මෙන්ඩිස් නම් අදුරු සමැති ශ්‍රී ලාංකික තරුනයා යෝශිනි ද සිල්වා නම් විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාව හා විවාපත් වූයේය.මොරටුවෙහි සාමාන්‍ය පවුලක උපත ලද අජන්ත මෙන්ඩිස් ඔහුගේ සමකාලීන පාසල් සගයන්ට වඩා බෙහෙවින් වාසනාවන්ත වූයේ සමාජ පිරමීඩයේ ඉහල තට්ටු වෙත ගමන් කිරීමේ දුලබ අවස්ථාව ලද හෙයිනි.ක්‍රිකට් පන්දුව අසාමාන්‍ය ශෛලියකින් මුදාහැරීමේ හැකියාව මෙන්ඩිස් වෙත වාසනාව කැදවූ කාන්දම වූයේය.තරග කිහිපයකදී කැපී පෙනෙන දස්කම් දැක්වීමත් සමග  මෙම තරුනයා එක් වරෙම සුපිරි තාරකාවක් බවට රූපාන්තරනය වූයේය.බහුජාතික සමාගම් වල වෙලද දැන්වීම් වල සිනහ වීමටත්,එවැනි සමාගම් වල සන්නාම ප්‍රවර්ධකයෙකු ලෙස ක්‍රියාකිරීමටත් හේ අවස්ථාව ලද්දේය.ක්‍රිකට් ක්‍රීඩාව සමග එකට තැබූ විට,මේවා වූ කලී ධනය උනන උල්පත් වෙති.

ආතර් සී ක්ලාක් විසින් රචිත 2001 නම් විද්‍යා ප්‍රබන්ධයේ මුල් කොටසේ පිටසක්වලින් පෘථිවියට සිලින්ඩරාකාර වස්තුවක් පැමිනීමක් පිලිබද පරිච්ඡේදයක් තිබේ.මෙම සිලින්ඩරාකාර පිටසක්වල වස්තුව ආදිකල්පික මිනිස් වානරයන් සමුහයක් පරීක්ෂනයකට භාජනය කරන අවස්ථාවක් පිලිබද විස්තරයක් එහිඑයි.එහිදී මිනිස් වානරයන් සමූහයක් අතුරින් හදයා නම් නිශ්චිත වානරයාව තෝරා ගන්නා සිලින්ඩරය හදයාට යම් යම් අභ්‍යාසයන් හා චලනයන් පුරුදු කරවයි.සෙසු වානරයෝ හදයා දෙස බලමින් හදයා අනුකරනය කිරීමට,එනම් හදයා ආදර්ශයට ගැනීමට වෙහෙස වෙති.
අජන්ත මෙන්ඩිස් යනු ධනේශ්වර සමාජය තුල තෝරාගැනීමේ දුර්ලභ වරප්‍රසාදය ලත් හදයෙකි.අපේක්ෂා විරහිතව නන්නත්තාර ජීවත ගත කරන දහස් ගනන් වෙරලබඩ වාසී තරුනයන්ට යහපත් ජීවිතයක් පිලිබද සහතිකයක් දීමට අසමත් සමාජ ක්‍රමය ඒ වෙනුවට එම දහස් ගනන අතුරින් එක් වරප්‍රසාද ලද්දෙකු තෝරාගෙන ඔහුව සුපිරි තරුවක තත්වයට ඔසවා තබයි.එවැනි විටෙක නන්නත්තාර ජීවිත ගත කරන සෙසු පීඩිතයන් කල්පනා කරන්නේ ක්‍රමය තුල තමන්ට අහිමිව තිබෙන ජීවිතය ගැන නොව අර තෝරාගනු ලැබූ වාසනාවන්තයා වෙත ක්‍රමය විසින් හිමිකරන ලද සුපිරි ජීවිතය ගැනය.ඉක්බිති ඔවුහු ස්වකීය පීඩනය (යථාර්තය) ගැන නොසිතා තෝරාගනු ලැබූ වාසනාවන්තයා "වගේ කෙනෙක් වීම" (සිහිනය) වෙනුවෙන් ජීවත් වීමට අසාර්ථක ලෙස උත්සාහ ගනිති.හදයා වගේ වීමට හදයා අනුකරනය කල ආදිකල්පික මිනිස් වානරයන් මෙන්,වාසනාවන්තයා "වගේ වීම" සදහා ඔවුහු සුපර් ස්ටාර් තරග වලට යති.රූ රැජින වීමට වලිකති.පරිභෝජනය කිරීම සදහා මේ ආකාරයට සුපිරි තරු පිලිබද සිහින නොනවත්වා නිෂ්පාදනය කර දීම මගින් ස්වකීය අකාර්යක්ෂමතාවය කෙරෙහි එල්ල විය හැකි විරෝධය ක්‍රමය විසින් ඉතා දක්ෂ ලෙස කලමනාකරනය කරගනු ලැබේ.

අජන්ත මෙන්ඩිස් යනු එසේ නිර්මානය කරන ලද තාරකාවකි.ධනයෙන් ආඩ්‍යව අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම අදුරුවන් තරුනයා පවතින ධනේශ්වර යථාර්තය තුල උත්සාහය තිබේ නම් ඕනෑම කෙනෙකුට පොරක් විය හැකි යන මිථ්‍යාව සමාජගත කරන අයිකනයක් ලෙස භාවිත වෙමින් තිබේ.

කොලඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන යෝශිනී ද සිල්වා සුපිරි ගනයේ පොලිස් ප්‍රධානියෙකුගේ දියනියකි.යම් හෙයකින් අජන්ත මෙන්ඩිස් අජන්ත මෙන්ඩිස් නම් ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා නොවී,ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය බොහෝ සමකාලීන සගයන් මෙන්,තවත් එක් වැල්ලේ කොල්ලෙකු පමනක් ලෙස කෙලවර වී නම් යෝශිනි ද සිල්වා ආදරය කරනු තබා අවම වශයෙන් අජන්ත මෙන්ඩිස් දෙස උනන්දුවෙන් බැලීමට තරම්වත් කරදර වනු ඇද්ද?අජන්ත මෙන්ඩිස්ගේ "සතුටුදායක" විවාහය අප ජීවත්වන සමාජය පිලිබද කනගාටුදායක හරස්කඩක් වන්නේ මේ අර්ථයෙනි.සැබෑව නම් මෙවැනි විවාහයකදී අධිනිශ්චයව තිබෙනුයේ අජන්ත මෙන්ඩිස් නම් පුද්ගලයා නොව අජන්ත මෙන්ඩිස් නම් ක්‍රිකට් ක්‍රීඩකයා වීමයි.වඩාත් ගැඹුරට ගියහොත් මෙවැනි සබදතාවයක තීරනාත්මක සාධකය වනුයේ ක්‍රිකට් ක්‍රීඩකයා නම් භූමිකාව සමග වෙලී තිබෙන සමාජ තත්වය,ධනය හා සංකේතීය බලයයි.මේ අනුව අපට ජේසුස් ක්‍රිස්තුස්ගේ කන්ද උඩ දේශනාව පහත පරිදි සංශෝධනය කල හැක.

වත්කමින් දිලිදු නොවන්නෝ භාග්‍යවන්තයෝය.මන්ද යත් ඔවුහු රූමත් ගැහැනුන් ලැබීමට සුදුස්සන් වන හෙයිනි.

සැබැවින්ම අප ජීවත්වන සමාජය තුල ලිංගික ආදරයේ හැඩය තීරනය කෙරෙනුයේ හුදෙක් ස්වභාවික ලිංගික ආකර්ශනය විසින් නොවේ.ධනේශ්වර යථාර්තයක් තුල සමාජයේ පාංතික ස්ථාවරත්වය,වත්කම හා ආර්ථික හැකියාව යන කරුනු විසින් ආදරය යනු කුමක්දැයි අර්ථනිරූපනය කරනු ලබන්නේය.ලිංගික ආලය නම් ස්වභාවික ප්‍රපංචය රෝම වහල් සමාජ තුල විකෘතියක් හා විභ්‍රමයක් බවට පත්වූයේ යම් සේද,එය නූතන ධනවාදී සමාජ වල ,වෙනත් ආකාරයකින් වුවද, නැවතත් විකෘතියක් ලෙස විරූපී ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ.  ‍

39 comments:

  1. an absolutely brilliant article..very very true...

    ReplyDelete
  2. Excellent post, this story is true for Sanath and most of the Cricketers in subcontinent who played cricket after 90's

    ReplyDelete
  3. But the funny thing is, if you ask "Why did you marry him, is that because of he is a cricketer" from those ladies, they would say, "No he is very humble, and I didn't even know he's playing cricket" :D

    Other side of the story is, most of the teledrama actresses in Sri Lanka, getting married to wealthy businessmen, and the story is same, gender is different, reason they may point out is same, they got mrried because they are the best lovely, caring human beings of this planet, nothing else. not because of money, never never... :D

    ReplyDelete
  4. ඉහත ලිපිය සහ දැනට වැටී ඇති කොමෙන්ට්ස් තුන සමග එකඟ නොවී සිටිය නොහැක.එහෙම වුනත් ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් ලෙස අජන්ත මෙන්ඩිස්ට හොඳ විවාහ ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  5. ලොකු වචන හෝ තර්ක ඉදිරිපත් කරන්න බැරි වුණාට ප්‍රායෝගික තලයේ සිදුවීම්වල අත්දැකීම් අනුව මේ කාරණය සමග එකඟ වෙන්න පුඵවන්. ඒක හරි සමාජ තත්වය හෝ ධනය එක්තැන් නොවුණම ආදරය යනුවෙන් කිසිවක් නොලැබෙන බව ‍ගොඩක් අවස්ථාවන් වලදි ඇත්තකි. කලාතුරකින් තැනක එ හෙම නොවෙන්නත් පුඵවන්.

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙර සංචාර වලිදී කම්මැලිකමට වගේ රාත්‍රී සමාජශාලා වලට ගිහිල්ලා නටලා ගයලා වයලා ඒකේම නිදියාගෙන උදේට තරගයට එන එක පුරුද්දක්.

    (වෙරිමතේ) එහෙම එන ක්‍රීඩකයෝ හරියට තරඟ ක්‍රීඩාකරන්නේ නෑ කියලාත් චෝදනා තියෙනවා.

    තීරණාත්මක වෙලාවක කඩුලු 6ක් අරන් ක්‍රිකට් ලෝකෙම හොල්ලලා තෑග්ග වශයෙන් ඩුබායි වලින් කෝටි 10ක සුපිරි නිවාසයක හිමිකම්ත් ලබා හමුදා තනතුරෙන් පවා ඉහල ගිය අජන්ත මාස කිහිපයකට පසු අසාර්ථක තත්වයේ හිනිපෙත්තටම පැමිණෙනවා.

    යෝශිනීට මේ කාලයේ අජන්තගේ අසාර්තක්වයට පතුවනු ඒ හේතුව තේරුම් ගන්න පුලුවන් වුනානම් එයාලගේ දිවිය සාර්ථක වේවි.

    ReplyDelete
  7. You try to marry the person you desire. There could be many factors influencing that decision.

    Wealth, potention for more riches, fame are some of those.

    Think about Ajantha. If you are in his shoes what would you do?

    I cannot agree with the content of this article. I could really get the connection between this story and that of slaves and Roman women.

    ReplyDelete
  8. රාමචන්ද්‍ර ඉරිසියයි ද?

    මහා ලොකු තියරි දැම්මට අනික එවුන් බොහොමයකුත් ජීවිතය ගෙවන්නේ මෙහෙම තමයි.

    එතකොට බර කුට්ටියක් එක්ක ලොකු තැනකින් කසාද කර ගන්න උපාධිය පෙන්නන එවුන ගැන මොකද කියන්නේ. අඩු ගානේ ක්‍රිකට් ගහන එවුන් මේ බැඳ ගන්නේ තම පෙම්වතියන්. ඒත් අර සමහරු බැඳ ගන්නේ කුට්ටිය මිසක් කෙල්ල නොවේ.

    මේ ඔක්කොම ඔහොම වෙද්දී රාමා ඒක ක්‍රීඩකයෙකුට මෙහෙම ලියන්නේ පොත්ත සුදු කෙල්ල දැකලා ආපු ඉරිසියාවට නම් ඒක මහා වරදක් නොවේ. මේ දවස්වල තහනම් කෝටියක්‌ මැද්දේ ඔව්වා දැක්කම තද වෙනවා තමයි.

    ඔය සමාජවාදේ පාරම බාන කඩදාසි [හා වෙබ් පිටු] විප්ලවකාරයින්ට ඕනේ දුප්පත් පන්තිය එහෙම්ම තිබිලා ධනවත් පන්තිය ඒක හැමදා හුරා කන්න. පන්ති හරහට කෙරෙන ගනුදෙනු විප්ලවයට අහිතකර බැවින් උන්ට මාර වේදනාකාරියි. කොටින්ම දුප්පත් පන්තිය කියන එක දුක විඳින තරමට තමයි ඕකුන්ට කිරි එරෙන්නේ.

    ඔන්න ඔය හේතුව උඩ සම සමාජ කොමියුනිස්ට් බුවාලා මහා කුහක සමාජ විරෝධින් හැටියටයි අපි දැක්කේ පුංචි කාලේ. අද ඔවුන් වඳ වී ගීය කාලෙක මතු වන නව පරපුරේ සමාජවාදිනුත් වෙනසක් නැහැ. එකම පොතනේ කියවලා ඇත්තේ.

    හැබැයි රාමා ඔච්චර නාන්න ඕනේ නෑ. අජන්තට අහිමි වූ වැල්ලටම බැහැල බලන්න පුංචි කාලේ පාදඩ කියන ජිවිත ගෙව්ව වැල්ලේ කොල්ලෝ අද ජර්මනියේ හරි නෙදර්ලන්තේ හරි ඉඳගෙන ලංකාවෙත් බිස්නස් දුවන අපුරුව. වෙච්ච දේ හරියි කියනව නොවේ. ඒත් that's life. උඹලගේ හමස්කඩ පොත් වල කියන විදිහට නොවෙයි මිනිස් ජිවිත ගෙවෙන්නේ. පොත හරි යන් නැත්නම් පොත අලුතෙන් ලියපන් මිනිස්සුන්ට වද නොදී.

    ReplyDelete
  9. @ sujeewa kokawala

    //මේ ඔක්කොම ඔහොම වෙද්දී රාමා ඒක ක්‍රීඩකයෙකුට මෙහෙම ලියන්නේ පොත්ත සුදු කෙල්ල දැකලා ආපු ඉරිසියාවට නම් ඒක මහා වරදක් නොවේ//

    අජන්ත මෙන්ඩිස් මාතෘකාව විදිහට ගත්තට මේ අජන්ත ගැන විතරක් ලියල තියෙන පෞද්ගලික දෙයක් නෙමෙයි.අජන්ත සාම්පල් එකක් පමනයි.සරලවම කියනව නම් ආදරය කියන එක නූතන යුගයෙදි නිර්වචනය වෙන්නෙ සරල ආර්ථිකමය මිනුම් දන්ඩක් උඩ.විවේචනය ගොනුවෙලා තියෙන්නෙ එතනට.අපට අනුව ඒක මානුශිය නැහැ.කොකාවල ඒක That's life කියල හිත හදාගත්තට ආදරය වෙලද භාන්ඩයක් වෙන එක අපට අපුලයි.
    "ඔයා මේව ලියන්නෙ ඒ වගේ කෙල්ලෙක් නැති එක ගැන ඊරිසියාවටද" වගේ පටු ප්‍රශ්න අහන තැනක නම් කොකාවල ඉන්නෙ එවැනි තත්වයක් උඩ ඵලදායී සංවාදයක් ඇතිවෙයි කියල හිතන්න අමාරුයි.

    @ කතන්දර

    "ඔයා අජන්ත වුනා නම් ඔයා කරන්නෙත් ඕකම නේද" වගේ සරල ප්‍රශ්න එක්ක සන්තෝස වෙනවට වැඩිය ලිංගික ආදරය වගේ මානුශික දෙයක් හුදු මූල්‍යමය සම්බන්ධතාවයක් දක්වා පිරිහි තිබෙන ආකාරය ගැන මතුකරල තියෙන අදහස පිලිබද කතාකරන එක වඩා වැදගත් වේවි නේද?

    ReplyDelete
  10. ඇත්තෙන්ම හොඳ විග්‍රහයක්.මේක් තමයි මේ ක්‍රමය තුල යථාර්ත්ය.

    ReplyDelete
  11. Two mistakes corrected:
    =======================

    You try to marry the person you desire. There could be many factors influencing that decision.

    Wealth, potential for more riches, fame are some of those.

    Think about Ajantha. If you are in his shoes what would you do?

    I cannot agree with the content of this article. I could NOT really get the connection between this story and that of slaves and Roman women.

    ReplyDelete
  12. ලසන්ත පතිරණFebruary 5, 2011 at 11:16 AM

    @ sujeewa kokawala,
    /සැබැවින්ම අප ජීවත්වන සමාජය තුල ලිංගික ආදරයේ හැඩය තීරනය කෙරෙනුයේ හුදෙක් ස්වභාවික ලිංගික ආකර්ශනය විසින් නොවේ.ධනේශ්වර යථාර්තයක් තුල සමාජයේ පාංතික ස්ථාවරත්වය,වත්කම හා ආර්ථික හැකියාව යන කරුනු විසින් ආදරය යනු කුමක්දැයි අර්ථනිරූපනය කරනු ලබන්නේය.ලිංගික ආලය නම් ස්වභාවික ප්‍රපංචය රෝම වහල් සමාජ තුල විකෘතියක් හා විභ්‍රමයක් බවට පත්වූයේ යම් සේද,එය නූතන ධනවාදී සමාජ වල ,වෙනත් ආකාරයකින් වුවද, නැවතත් විකෘතියක් ලෙස විරූපී ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ./

    උඔට මේක තේරෙන්නැත්තං සද්ද නැතුව ඉඳපං වද නොදී.

    ReplyDelete
  13. @ලසන්ත;

    [[උඔට මේක තේරෙන්නැත්තං සද්ද නැතුව ඉඳපං වද නොදී.]]

    අගේට තේරෙනවා. ඒත් ඔය තියරියේ අඩුපාඩු බොහොමයි. ඔය සමාජවාදීන්ගේ කෙරුවාව ගැන මා කලින් ලිව්වෙත් ඒක තමයි.

    ඔය "අපේ තියරිය පට්ට සිරාය. ඒක තේරෙන්නේ ටික දෙනෙකුට විතරය. අනික එවුන් මෝඩයෝය. උන්ගේ කට වසා තැබිය යුතුය" කියන සංකල්පයත් එයින් එකක්.

    @රාමා;

    ඉරිසියාව පේන්නේ මෙන්න මේ තැන් වල.

    [[අජන්ත මෙන්ඩිස් නම් අදුරු සමැති ශ්‍රී ලාංකික තරුනයා යෝශිනි ද සිල්වා නම් විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාව හා විවාපත් වූයේය.]]

    [[ධනයෙන් ආඩ්‍යව අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම අදුරුවන් තරුනයා පවතින ධනේශ්වර යථාර්තය තුල උත්සාහය තිබේ නම් ඕනෑම කෙනෙකුට පොරක් විය හැකි යන මිථ්‍යාව සමාජගත කරන අයිකනයක් ලෙස භාවිත වෙමින් තිබේ.]]

    අර්ධ උපහාසයක්‌ එක්ක මා ඉරිසියා කතාව කිව්වේ. ඒත් පන්ති අතර අතුරු ගනුදෙනු දුටුවම ඔය විප්ලවකාරයින්ට තද වෙනවා කියා මා කියූ දෙය ඔබ දුටුවේ නැද්ද? කොටින්ම ඕක නොවේද ඇත්ත? මිනිසුන් සක්‍රිය ජීවින් කොටසක්. ඔවුන් හැමදාම එකම වලක වැටිලා ඉන්නේ නැහැ.

    විශේෂ දක්ෂතාවක් ඇති මිනිහෙක් සමාජයේ ඉහල යයි සම්මත දිශාවට යාම හොඳ දෙයක් නොවේද? ඔබට අනුව එය නරකයි. ඔක්කොම එකම තැනට ගන්න හදපු අය මේ දක්වා එහෙම කලේ පහල ඉන්න උන්ට ඉහලට එන්න උදව කරලා නොවේ. එහෙම කරන්න තරම් අපරිමිත සම්පත් අපට නැති බව හැමෝම දන්නවා. ඒ නිසා ඔය කට්ටිය කලේ ඉහල ඉන්න උන්ට නීති දාලා උනුත් පහලට ඇද දාපු ඒක. ඊට පස්සේ ඒ "සම-සමාජය" උඩ පක්ෂය හා පාලනාධිකාරයේ වැඩවසම් ක්‍රමයක් ගොඩ නගපු ඒක.

    සැමට සම සමාජයක් දෙන්න වෙබ් පිටුවකින් ටෝක් දාන තරම් එය ලෙහෙසි නැහැ. කොටින්ම එය කල හැකි ක්‍රමවේදයක් නැහැ. හිතළු ගොඩක් විතරයි. කරන්න හදපු හැම තැන ම අසාර්තකත්වයේ අන්තයටම ගියා.

    කෘතිමව කලොත් ඉන් විශාල නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. මිනිසුන් අලස වීම, ජිවිත පසුගාමී වීම, හැමෝම දුක විඳීම [මොකද මා කලින් කිව්වා වගේ ඔක්කොම පහලට නෙ ඇද දමන්නේ].

    යමක් වෙනුවෙන් කැපවී උනන්දුවෙන් කරන මිනිහෙකුට ඉන් ඉහල ප්‍රතිලාභයක් ලැබෙන එකේ වරදක් මා දකින්නේ නැහැ. මෙහිදී ප්‍රතිලාභය කියා මා කිව්වේ ආර්ථික සමාජ ජිවන තත්වය පමණයි. ඒත් මෙහෙම "ජය ලබන" අය ඒ කාරනා මත පදනම ව තම සහකාරිය සොයා ගන්නවා. කතන්දර කිව වගේ ඒක ඉතින් පුද්ගලිකයි. අජන්ත උපන්න සමාජ පරිසරයෙන්ම බිරිඳත් හොයා ගන්න ඕනේ කියා ඔබ සිතන්නේ ඔය පන්තිවාදයෙන් ඔබ අන්ධ වී ඉන්න නිසා. ඔය මතය කුලවාදය හා වැඩ වසම් ක්‍රමයෙන් වෙනස් වන්නේ නැහැ.

    ඊළඟ කතාව තමයි මෙය සත්‍ය ප්‍රේමය ද වගේ ඒවා. ඉතින් ඔය සත්‍ය ප්‍රේමය ගැන ගොඩක් අය ලියලා කියලා තියෙනවනේ. ඒ නිසා මට ඒ ගැන කියන්න ඕනේ නැහැ.

    හැබැයි මා දන්නා විදිහට ප්‍රේමය ආදරය වගේ දේවල් මිනිසුන් අතර ඇතිවන්නේ සිමා බැමි ඇතුව නොවේ. අද ඔබ දකින විදිහට අජන්ත කියන්න කළු දුප්පත් කොල්ලා පන්දු කිහිපයක් ඉගෙන ගෙන "අල්ල ගත්තු" ගොදුර [ඔබ කියූ පරිදි] හෙට ඔහු හා ප්‍රේමයෙන් වෙලි ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම වුණු එකම යුවල ඔවුන් නොවේ. කොටින්ම එහෙම නොවුණු ගණන වුනු ගන්නට වඩා අඩුයි.

    කෙටියෙන් කියනවානම් මේ ලිපියත් මානව ස්වභාවය හා සමාජවාදී මතවාදය එකකට එකක් ප්‍රති විරෝධිය [ඒ නිසා සමාජවාදීන් සමාජ විරෝධීන් බවට පත් වේය] යන තර්කයට උදාහරණයක්.

    නැවත ලසන්තට කියන්න තියෙන්නේ මේ ටික එයාට තේරෙන්නේ නැත්නම් කාගෙන් හරි අහ ගන්න කියලා. කට ඇරියට අපිට නම් අවුලක් නැහැ. කාගේවත් කටවල් වහලා ඕව හංගගෙන හිටියට වෙබ් පිටුවක් ලියනවට එහා දෙයක් කරන්න බැහැනේ.

    ReplyDelete
  14. "ලිංගික ආදරය වනාහි ජීව විද්‍යාත්මක ප්‍රපංචයකි.පුරුෂයෙකු ස්ත්‍රියක් වෙත ආකර්ශනය වීමෙහි පදනම ජෛව විද්‍යාවේ විෂය පථයට අයත්ය."

    මාක්ස්වාදය අනුව ආදරය කියල එකක් තියනවද? ආදරය කියන්නෙ,ස්වාභාවික ජීව භෞතික ප්‍රපංචයක් පංති ගැටුම වැනි වෙනත් සාධකයක් අධිනිශ්චය වීමෙන් සිදුවූ විකෘතියක්ද? වරදවා වටහාගැනීමක් ද? මොළයේ භෞතික ක්‍රියාකාරීත්වය මගින් මනස කියල එකක් තියෙන බව හිතන්න පෙළඹෙනවා වාගේ ආදරයත් ලිංගිකත්වය ව්‍යාජ විඥානයක් විසින් විකෘති කිරීමෙන් පෙන්වන මායාවක් ද?

    ReplyDelete
  15. @ sujeewa

    //ඒත් පන්ති අතර අතුරු ගනුදෙනු දුටුවම ඔය විප්ලවකාරයින්ට තද වෙනවා//
    මෙහි පංති "අතර" ඇති ගනුදෙනුව කුමක්ද?මෙම තරුනිය ධනවත් ක්‍රිකට් ක්‍රීඩක අජන්ත හා විවාහ නොවී මීට අවුරුදු කිහිපයකට පෙර සිටි මොරටුවේ අජන්ත හා විවාහ වුනා නම් එය පංති අතර ගනුදෙනුවක් විදිහට විග්‍රහ කරන්න පුලුවන්.ඔබේ සදහන ඒ නිසා දෝශ සහිතයි.

    //විශේෂ දක්ෂතාවක් ඇති මිනිහෙක් සමාජයේ ඉහල යයි සම්මත දිශාවට යාම හොඳ දෙයක් නොවේද?//

    //අජන්ත උපන්න සමාජ පරිසරයෙන්ම බිරිඳත් හොයා ගන්න ඕනේ කියා ඔබ සිතන්නේ//

    මෙතන ප්‍රශ්නය තියෙන්නෙ අජන්ත සල්ලි හම්බුකල එක ගැනවත්,එයා පොලිස් ප්‍රධානියෙකුගේ දියනිය සමග විවාහ වුන එක ගැනවත්,ඒකෙන් එයාට ලැබෙන සන්තෝසය ගැනවත්,මම අජන්ත වුනා නම් කරන්නේ ‍ඒකම නේද කියන එක ගැනවත් නෙමෙයි.එකිනෙකාගේ මනුශ්‍යභාවයට ආදරය කරන මිනිස්සු වෙනුවට මේ සමාජයේ ඉන්නේ පංතිමය තත්වය,ධනය වැනි ආර්ථික කරුනු උඩ ආදරය තෝරගන්න මිනිස්සු.එනම් මනුශ්‍යභාවය වෙනුවට ධනය අධිනිශ්චය වෙලා තියෙනවා.මෙතනදි අජන්ත හරි ද වැරදිද වගේ ප්‍රශ්න අදාලම නැහැ.ලිපියෙ කිසි තැනක අජන්තට වැරැද්දක් කියලත් නැහැ.එහෙම එකිනෙකාගේ පෞද්ගලික හරි වැරදි කීමේ උවමනාවකුත් නැහැ.මොකද මේක සමාජ රටාවේ අවුලක් ගැන ප්‍රශ්නයක්.මේක සමාජ විවේචනයක් මිස පෞද්ගලික විවේචනයක් නෙමෙයි.

    @ පොඩිගමයා

    ප්‍රශ්නය හරියට වැටහෙන්නේ නැහැ.මට අනුව නම් ආදරය කියල දෙයක් තියෙනව.මාක්ස්වාදය ආලය යනුවෙන් දෙයක් නැති බව පවසා තිබෙන බවක් මම දන්න තරමින් නැහැ.පෞද්ගලික ලිංගික ආලයේ සහ ඒකභාර්යා ව්‍රතයේ සම්බන්ධතාවය ගැන එංගල්ස් පවුල පෞද්ගලික දේපල හා රජය පොතේ දීරඝව කතාකරනවා.වැරදි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
  16. [[එකිනෙකාගේ මනුශ්‍යභාවයට ආදරය කරන මිනිස්සු වෙනුවට මේ සමාජයේ ඉන්නේ පංතිමය තත්වය,ධනය වැනි ආර්ථික කරුනු උඩ ආදරය තෝරගන්න මිනිස්සු.එනම් මනුශ්‍යභාවය වෙනුවට ධනය අධිනිශ්චය වෙලා තියෙනවා]]

    මනුශ්‍යභාවයට ආදරය කරන ගමන ම මේ වගේ දේවලුත් අඩු වැඩියෙන් සැලකීමක් නේද වෙන්නේ? ඔබේ මතය 1/0 වර්ගයේ. මා හිතන්නේ මිනිසුන් ගොඩක් ඉන්නේ අතරමැද.

    එක අයෙකුට වඩා පෙම් කිරීම, රැවටීම, බොරුවට ආදරය කිරීම වගේ ඒවාත් ඔබේ "මනුශ්‍යභාවය" තුල අන්තර්ගත ද? පරිනාමික ව නම් මනුශ්‍යභාවය එහෙම නේද? කොටින් ම ඔබ බලාපොරොත්තු වන්නේ පරමාදර්ශී මිනිස්බවක්, එහෙම නැත්නම් දෙවියන් කියා මවා ගත් සංකල්පයකට සමාන බවක් නේද? මේක ප්‍රායෝගික මනුශ්‍යබවක් නොවේ.

    අනික අතට දෙන්නෙක් ආකර්ෂණය වන්නට මොනවා හරි බලපානවා. සල්ලි, සමාජ තත්වය වෙගේම, ලස්සන පෙනුම කතා විලාසය වගේ දේවල්. ඉන් එක කොටසක් හරි අනික් කොටස වැරදි කියලා කියන්න පුළුවන් ද?

    අන්තිමට රාමා අපි එන්නේ කතන්දර කියපු තැනට. තේරීම පුද්ගලිකයි. තේරීම මොන පදනමක් යටතේ කලත් තෝරන කොට ම අපි අන් අයට අසාධාරණයක් [bias] සිදු කරනවා.

    අනික වඩා වැදගත් තෝරන කොට දරන මතය නොවේ දිගු කාලයක් එකට ඉන්න කොට දරන මතය. ඔය තෝරන ක්‍රමය ගේට්ටු ටිකක් විතරයි.

    අන්තිමට ආවොත් මැක්ක ලඟට. ඔබ මේ සහකාරියන් තෝරන ක්‍රමය ධනවාදයේ දුර්වලතාවයක් ලෙස දකිනවා. මා හිතන්නේ මෙය සමාජවාදී රටක වුනත් ඔය දෙයම තමයි වෙන්නේ. තෝරන නිර්ණායක වෙනස් වෙයි. ඕක මිනිස් ස්වභාවය මිස ක්‍රමයක වරදක් නොවේ.

    අවසාන වශයෙන් තමන් කැමති කෙනෙක් එක්ක ඉන්න යුවලකට තියෙන අයිතියත් එහිදී කැමති නිර්ණායක තෝරන්න තියෙන අයිතියත් වඩා ප්‍රබලයි නේද? මේවා තමයි හරි විදිහ කියා කියන්න මධ්‍යගත අයිතියක් කාටවත් නැහැ නේද? [පොල්පොට් පේලියට තියා බන්දා දුන්නා වගේ]

    ReplyDelete
  17. "..පෞද්ගලික ලිංගික ආලයේ සහ ඒකභාර්යා ව්‍රතයේ සම්බන්ධතාවය ගැන එංගල්ස් පවුල පෞද්ගලික දේපල හා රජය පොතේ දීරඝව කතාකරනවා..."

    ඉහත කාරණය ප්‍රශ්නයට අදාලයි කියල හිතනවා. මට දැනගන්න උවමනා ඒක සහකාර සම්බන්ධය(ව්‍රතය) මාක්ස්වාදයට අනුව ව්‍යාජයක් ලෙසද (එංගල්ස්ගේ අදහස්වලට අනුව) නැතිනම් ආදරය හෝ පවුල් සම්බන්ධතාව මගින් ලිංගික ආශාවන් සීමා වීම/කරගැනීම මාක්ස්වාදය දකින්නෙ ස්වාභාවික සංසිද්ධියක් ලෙසද? මොකද ඔබේ ඉහත සටහනෙන් පේන විදිහට පංති පරතරය මගින් ලිංගිකත්වයට හෝ පෙම් කිරීමට සීමා පැනවීම ව්‍යාජයක් විදිහට පෙන්වන බවයි මගේ වැටහීම. පවුල් සබඳතාව මගින් මිනිස් ආශාවන්ට වැට බැඳීම ගැන ස්ථාවරය මීට සමානද වෙනස්ද කියන එකයි ප්‍රශ්නය?

    ReplyDelete
  18. ඇත්තටම අපි නොහිතන පැති වලින් ඔබ අපට කියනදේ ගැන සිතන්න අපට අවස්ථව ලබා දී ගැන බොහොම ස්තූතියි

    http://gon-haraka.blogspot.com/

    ReplyDelete
  19. @ podigamaya

    //නැතිනම් ආදරය හෝ පවුල් සම්බන්ධතාව මගින් ලිංගික ආශාවන් සීමා වීම/කරගැනීම මාක්ස්වාදය දකින්නෙ ස්වාභාවික සංසිද්ධියක් ලෙසද?//

    පවුල ස්වභාවික ගොඩනැංවීමක් නෙමෙයි සමාජයීය ගොඩනැංවීක් කියන එක පැහැදිලියි.ඒක භාර්යා පවුල දේපල වල පෞද්ගලික අයිතිය කරලියට ඒමත් එක්ක එම සමාජයීය වෙනසට අනුරූපිව නිර්මානය වුන ආකාරය එංගල්ස්ගේ ඉහත කෘතියේ විස්තර කෙරෙනවා.පවුල මිනිසාගේ නිසග ස්වභාවයට පටහැනියි කියන එක ගැන මාත් එකගයි.

    ReplyDelete
  20. බහු-ලිංගිකසේවනයට ඉඩසලසාදීම කොමියුනිස්ට් ලෝකයක මිනිස් සම්බන්ධතාවල පරිණාමීය ඵලය වියයුතුද?

    එසේ නැතිනම් සැමට සම අවස්ථා ඇතිකරදීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් ඇතිකළයුතුද? (සහකරුවන් සොයාගැනීමේදී ඇතැම් මිනිසුන්/ගැහැණුන් වැඩි දක්ෂතාවක් දක්වනවා)

    නැත්නම් වෙනත් ක්‍රමවේදයක් යෝජනාවී ඇත්ද?

    ReplyDelete
  21. This is a Relative thing.Without knowing the inside of their lives any one can't say anything regarding this case!!! What I have to tell is, BE WHO YOU ARE, BECAUSE WORLD IS WORSHIPING TO THE ORIGINALITY !!!!

    ReplyDelete
  22. ඉරිසියාව...ඉරිසියාව...ඉරිසියාව...

    Rama this is the universal truth.
    womem are attracted to either the power, or the strength or the wealth or the brain power of a male species. This is true even for animal kingdom...pls dont condemn Ajantha, if u were in that situation , I bet u also marry her.

    ReplyDelete
  23. චූටි කොල්ලාFebruary 15, 2011 at 6:13 PM

    හරි...
    දැන් වෙන්න ඕනි කියන්නෙ මොකක්ද ?

    ReplyDelete
  24. aththatama hoda artical ekak hithanna godak dewal ithurukarala thiyenawa.me mage palaweni comment eka methana kotanna tharan watina bara adahas mage podi moleta thama ennena.ekagana samawenna.ethmata therumganna puluwan mesamaja krame thiyena vishamathawaya.mama meke anith lipith kiyawagena yanawa.danatanam mata hithenne meka hoda blog ekak kiyala.mama prarthana karanawa issarahatath mewage hoda lipi methanin kiyawanna labei kiyala.bohoma isthuthi me adahas apith ekka bedagaththata.

    ReplyDelete
  25. හැඩි දැඩි, උස් සිරුරක් හිමි පිරිමින්ටත් ලස්සන ගැහැණුන් සොයාගත හැක. රාමචන්ද්‍රට පුළුවන්ද ධනවාදයෙන් ඒක පැහැදිලි කරන්න?

    ReplyDelete
  26. @ peter

    හැඩි දැඩි ඇග තියෙන වැලි ගොඩදාන ගොවිතැන් කරන පොරවල් වලට කොලඹ හතේ පොෂ් කෙල්ලො වැටෙනව පීටර් දැකල තියෙනවද?ඇග පත වගේ කාරනා යටපත් කරගෙන සමාජ ආර්ථික කාරනා උඩට එන හැටි ඒකෙන් පේනව නේද?මල් හතයි ලොක්කා!

    ReplyDelete
  27. awesome, just pure awesome

    ReplyDelete
  28. මේ ලිපිය ගැන 'රාවයේ' වැටුනු කමෙන්ට්ස් ටික දැකලා දුක හිතුනා. අපිත් ජීවිතයේ වැඩි කාලයක් උන්නේ ඔය පත්තර ළිං වල නේද කියලා.
    බ්ලොග් වගේ මාධ්‍යයක් එක්ක පත්තර වලට හැරෙන්නවත් බැහැ කියන එක ඒකෙන් හොඳින් සනාථ වෙනවා.

    ReplyDelete
  29. boru samaja waade....!!! noherena wachana set ekak ekka... loku lipiyak demmahama... wede goda neda? he he he....

    Ajantha Mendis kauru kasaada bendath kaatawath moko...
    Anith minissunge jeewitha gena liyanne... Ramachandran tath beriye.. thamun Samajawaaadee widihata gaththa theerana 25 k ekata liyala blog ekak daanna.... Ottui be... :P

    ReplyDelete
  30. ඔබතුමා කියූ දේවල් වලට එකඟය්. ඕක obvious දෙයක්. නමුත් ගොඩක් අය ඒක පිලිඟන්න අකමැතියි. හේතුව අපිව හිතන්න හුරු කරල තියෙන්නෙ ආදරය කියන්නෙ වෙනත් කිසිම දෙයකින් නොයැපෙන පරම පිවිතුරු දෙයක් ලෙස දකින්න. නමුත් ඔබතුමා කිව්ව වගේ යතාර්ථ්ය ඕක නෙමෙය් කියල මට හිතෙන්නෙ. නමුත් ඔය කියන ඉහල සමාජයෙ කෙල්ලො දුප්පත් කොල්ලො එක්ක හාද නොවෙන අවස්ථා නමුත් ඕන තරම් තියෙනව.

    ReplyDelete
  31. Sujeewa Kokawala කියපු දේත් එක්ක මාත් එකගයි.....
    "
    එකිනෙකාගේ මනුශ්‍යභාවයට ආදරය කරන මිනිස්සු වෙනුවට මේ සමාජයේ ඉන්නේ පංතිමය තත්වය,ධනය වැනි ආර්ථික කරුනු උඩ ආදරය තෝරගන්න මිනිස්සු....."

    මොකක්ද මේ මනුශ්‍යභාවයට ...
    භාහිර පරිසරයට චංචල නොවන මනුශ්‍යභාවයටක්...
    ඒක හරිම අතාත්විකයි...
    ආදරයේදී ඔය කියන මනුශ්‍යභාවය නිසා කිහිප දෙනෙක් වුවත් එක විට ‍තෝරා ගත හැකි..
    මා දන්නා මනුශ්‍යභාවයට ජාති ජරා,කුල මළ,පිරිමි ගැණු භේද නෑ...

    ReplyDelete
  32. රාමා විවහකනම් ..ඔබේ බිරිඳ ඔබට කැමති උනේ මොකද? ඔබේ අදහස් වලට හෝ උගත් කමට වෙන්න පුළුවන් .. Which is actually some sense of protection at end of the day.
    ඔබ හිගන්නේක්ගේ පුතෙක් උනානම් වැඩේ හරියන්නේ නැති වෙය් .. මොකද market වෙන්න දෙයක් නැති නිසා.. පොරක් වෙන්න ඔබ පාවිච්චි කරපු දෙය ටිකක් වෙනස්.. එත් ඔබත් මෙන්ඩිස් වගේම වාසනාවන්ත කෙනෙක්.. ඔය දෙන්නටම වැඩිය අවසාන වන්ත ගොඩක් ඉන්නවා ..ඒගොල්ලොන්ට blog බලන්න විදිහක්‌ නැ.

    ReplyDelete
  33. ayi me ajantha wa allagena lokaye hunga kata meya adala sarva sadarana smeekaranayak ne

    ReplyDelete
  34. stupid article.the author tries to sound like some form of a pandithaya but he fails in it. His jealosy is for everyone to see.

    අජන්ත මෙන්ඩිස්ගේ "සතුටුදායක" විවාහය අප ජීවත්වන සමාජය පිලිබද කනගාටුදායක හරස්කඩක් වන්නේ මේ අර්ථයෙනි

    seriously? kochchara katha kathawakda kenek ge vivahayakata kianna

    ReplyDelete
  35. මම නම් හිතුවේ කෙල්ලගේ පැත්තෙන්. හිතන්න මේ රටේ ධනවත්, පියකරු, ක්‍රීඩාශීලී (උදාහරණයකට දුමින්ද සිල්වා) වගේ කෙනෙක් බඳින්නේ නැතිව, කොච්චර සල්ලි තිබුනත් අජන්ත වගේ පහල ස්ථරයේ කොල්ලෙක් බඳින්න තරම් පරිත්‍යාගශීලී වෙන්න පුලුවන්ද ?

    හැබැයි මේ ලිපිය ලියවෙන්නේ මේ ආකෘතිය ඉලක්ක කරගෙන නිසා මේ දෙන්නා මේකට ආරූඩ කරපු චරිත දෙකක් විතරක් නිසා ඒ නම් වලින් කතා කරන එක වැරදියි.

    අජන්ත ගිය මග නොගිය මම දන්න එක ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි නුවන් කුලසේකර. ඔහු තම පළමු පෙම්වතිය සමගින්ම විවාහ වුණා. සමහරවිට අජන්තට එහෙම කෙනෙක් ඉන්නෙත් නැතුව ඇති. හැබැයි මේ වගේ දේවල් වලදී මේ පවුල් පෑහෙන්නේ නැති වුණාම ධනවත් තරුණයාට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි තමන්ගේ පවුලට පිටු පාන්න.

    ReplyDelete
  36. ඉරිසියාව...ඉරිසියාව...පැහැදිලි ඉරිසියාව.
    දැන් ඔයාට මොකද්ද මේකෙ වෙන්න ඕනෙ.......????????

    ReplyDelete


  37. Rama Aiya ge photo ekakui, Rama Aiyage wife ge photo ekakui, Aiya ge family statues saha Wife ge family statues post karanna. Then we can see aiya Gladiator da nadda kiyala.

    ReplyDelete