Monday, November 15, 2010

උතුර හා දකුන බෙදා වෙන් කොට පාලනය කිරීම

උතුරේ විරුද්ධ දේශපාලනය ඔලු පැලීම සදහා වරෙන්තුවකි
 යාපනයේදී මැර ප්‍රහාරයකට ලක්වූ සුනිල් හදුන්නෙත්ති
කුනු අප්‍රිකාවේ ඇපාතයිඩ් (Apartheid)  පාලන සමය වර්ගභේදවාදයේ ඉතාම කාලකන්නිම ස්වරූපයක් ලෙස ඉතිහාසගත වූවකි.ඇපතයිඩ් යනු දකුනු අප්‍රිකානු කලු ජාතිකයන් ප්‍රධාන ජීවිතයෙන් වෙන් කොට පාලනය කරනු වස් සුදු පාලකයන් ‍විසින් ගෙන ගිය ප්‍රතිපත්තියයි.මේ යටතේ සුදු හම සහිත අෆ්‍රිකානර්වරුන් භුක්ති විදි අයිතිවාසිකම් ගනනාවක් කලු ජාතිකයන්ගෙන් නීත්‍යනුකූලවම උදුරා ගනු ලැබුනි.එම පාලන කාලයේ සුද්දන්ට දේශපාලන අයිතිවාසිකම් තිබුනි.නමුත් කල්ලන් දේශපාලනමය ලෙස සංවිධානය වීම කැරලි ගැසීමක් ලෙස සැලකුනි.සුද්දන්ට මාධ්‍යවේදීන් වීමට,මාධ්‍ය තුල රිසි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට පුලුල් ඉඩක් පැවතුනද කල්ලන් එවැනි දේට යොමුවීම හදිසි අතුරුදහන්වීමක් කැදවන මරන වරෙන්තුවක් බවට පත්වී තිබුනි.කලු ජාතිකයන්ගේ ජීවිත දෙස ඇස ගසාගෙන සිටිම සදහා පොලිසිය හා හමුදාව සීරුවෙන් තබා තිබුනි. සුදු රෙජිමයට එරෙහිව කෙරෙන ඉතාම සියුම් චලනය පවා එම පොලිස් බලය යොදා දරදඩු ලෙස සමතලා කරන ලදී.

කොටි සංවිධානය පරාජය කිරිමෙන් පසු ලංකාව තුල ගොඩනැගෙමින් තිබෙනුයේ දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනයේ දේශීය වර්ෂනයද යන්න සාධාරන ලෙස මතුකල හැකි ප්‍රශ්නයකි.චෝදනා රහිතව සිරගත කොට තිබෙන දෙමල දේශපාලන සැකකරුවන්ගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය විසින් පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවයකට සහභාගී වනු වස් යාපනයට ගිය ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විරෝධතාවයට පෙර දින ( 15) රාත්‍රියේ දරුනු පහර කෑමකට ලක්විය.පහරදීම සිදුවනුයේ හෙතෙම යාපනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටින අතරතුරය.ජාතික ආරක්ෂාව පිලිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශක ලක්ෂමන් හුලුගල්ල අදාල පහරදීමට රජයේ සම්බන්ධයක් නොමැති බවත් එය කෝපයට පත්වූ දෙමල සිවිල් වැසියන් විසින් සිදුකරන ලද්දක් බවත් පැවසීය.කැලනියේදී සරසවි සිසුන්ට පහර දුන්නේ කෝපයට පත්වූ "මවුපියන්ය".යාප‍නයේදි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දෙන්නේ කෝපයට පත්වූ "දෙමල ජනයාය".ඔබට රජය අයුතු යමක් කරන්නේ යැයි සි‍තෙන්නේ නම් ඊට එරෙහිවීමට පෙර හොදින් සිතාබලන්න.කෝපයට පත්වූ කවුරු කොයිවෙලේ ඔබට කුමක් කරනු ඇද්දැයි කිව නොහැක.

කල්ලන්ට හා සුද්දන්ට එකිනෙක වෙනස් පාලන
ප්‍රමිතීන් ඇති කල දකුනු අප්‍රිකානු ඇපාතයිඩ් පාලනය
කැලනිය සරසවිය ඉදිරියේ ඇතිවෙන මවුපිය පෙලපාලි දේශපාලන අනුග්‍රහය යටතේ සිදුකෙරෙන්නේ යම් සේද හදුන්නෙත්තිට යාපනයේදී පහර දීම රාජ්‍ය අනුග්‍රහය සහිත ක්‍රියාවක් බව සිතාගැනීමට අමුතුවෙන් දිවැස් ඇවැසි නැත.2009 මැයි 19 දාට පසු උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන එකම දේශපාලන බලවේගය එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.කොටි සංවිධානය සහමුලින් අතුගා දමා තිබෙන පසුබිමක ආයුධ දරනුයේ රජයේ හමුදා සහ රජය විසින් නඩත්තු කරන දේවානන්දාගේ අතුරු සන්නද්ධ හමුදා පමනි.හදුන්නෙත්තිට පහර දීම කිසිවිටෙක හුදෙකලා සිදුවීමක් ලෙස භාර නොගත යුතුය.යුද්ධය අවසන්ව වසරක් සපිරුනු පසුගිය මැයි 19 දා සිය මියගිය ඥාතින් සිහිපත් කරමින් ආගමික ස්ථාන වල දෙමල ජාතික පිරිස් විසින් සංවිධානය කරන්නට යෙදුනු සැමරීමේ උත්සව ගනනාවක් රජය මැදිහත්ව කඩාකප්පල් කරන ලදී.
යුද්ධය අවසන්ව වසරක් ඉක්මවා තිබුනද උතුරේ හමුදා සංකේන්ද්‍රනය අංශුවකිනුදු වෙනස් වි නැත.ඒ වෙනුවට තවත් හමුදා සංකීර්න ඉදිකරනු වස් අරමුදල් වෙන්වෙමින් තිබේ.
උතුර හමුදා පාලනයෙන් සිවිල් පාලනයට මාරු වෙන සලකුනක් හෝ තවම දකින්නට නැත.රජය හැර වෙනත් දේශපාලන අදහස් දරන්නන්ට උතුරේ දේශපාලනය කිරිමට තිබෙන ඉඩ අහුරා දමන යෝධ ප්‍රාකාරයක් ලෙස මෙම හමුදා සංකේන්ද්‍රිතය ක්‍රියාකරමින් සිටි.සමාජවාදී තරුන සංගමය විසින් යාපනයේ සංවිධානය කරන්නට යෙදුනු චිත්‍රපට උලෙලක් පසුගිය දිනෙක නිල නොලත් මැර පිරිස් වල තර්ජන මැද කඩාකප්පල් විය.යාපන සරසවිය තුල පවතින්නේ අතිශය දරදඩු පාලනයකි.ශිෂ්‍යයින්ට සංවිධානය වීමට තිබෙන අවම ඉඩ පවා ඒ තුල මුලුමනින් අහුරා දමා තිබේ.කොටි සංවිධානය පරාජය වීමෙන් උතුරේ මතුව තිබෙන දේශපාලන රික්තයට ඇතුලු වීමට එක්සත් ජාතික පක්ෂය කිසිදු උනන්දුවක්‍ නොගන්නා සෙයකි.යාපනයේ සිට අධ්‍යාපන කටයුතු සදහා කොලඹ පැමින සිටින මෙම ලියුම්කරුගේ දමිල හිතවතෙකු පසුගිය දිනෙක පැවසුවේ දෙමල ජාතික සන්ධානය රජයේ ආධිපත්‍යය අභිමුව බොහෝ දුරට නිෂ්ක්‍රිය වී තිබෙන බවයි.රාජ්‍ය ආධිපත්‍යය නොසලකා යම් හෝ දේශපාලනයක් උතුරේ කිරීමට වෑයම් කරමින් සිටින්නේ ජවිපෙ පමනි.කොටි සංවිධානය සමග එක්ව දකුනේ එක්තරා දේශපාලන පක්ෂයක් කලබල ඇතිකිරීමට තැත්කරන බවට තමාට ආරංචි වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මන්ඩලයේදී කී බව සති කිහිපයකට පෙර දිවයින පුවත්පතේ ඕපාදූප කොලම වාර්තා කලේය.හදුන්නෙත්තිට සිදු වූ පහරදීම වැඩි වැඩ දාන්න ඇවිත් ඇන නොගනු යනුවෙන් රජය විසින් එම පක්ෂයට  සිදුකල අනතුරු හැගවීමකියි නිගමනය කිරීම සදොස් නොවේ.

මේ කරුනු විසින් අපට ඒත්තු ගන්වන්නේ මොනවාද?දකුනේ එදිනෙදා පාලනය සිවිල් ආයතන සිදුකරද්දි උතුර පාලනය කරන්නේ මිලිටරියයි.දකුනේ අපමන බාධා මැද වුවද තවමත් විරුද්ධ පක්ෂ වලට දේශපාලනය කිරිමේ යම් හෝ අයිතියක් පවතී.කවර බාධා තිබුනත් වැලිකඩ බන්ධනාගාරය වටලා පෙලපාලි දැක්වීමට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට තවමත් නිදහසක් තිබේ.
( එම නිදහස දිනෙන් දින හැකිලෙමින් තිබීම වෙනම සාකච්ඡා කල යුත්තකි )
කෙසේ වෙතත් උතුරේදී එම ඉඩ මුලුමනින් හකුලා දමා තිබේ.දකුනේ ඔබ මොබ යාමට පුරවැසියාට තිබෙන අයිතිය මානුෂික මෙහෙයුමෙන් "නිදහස්" කරගත් උතුර තුල බරපතල ලෙස සීමා කොට තිබේ.දේශපාලන හෝ ජනමාධ්‍යමය අරමුනු වෙනුවෙන් නම් එවැනි ගමන්කිරිමක් කිරීම අතිශය දුෂ්කරය.එක්සේසත් කල අලුත් ලංකාවේ යාපා පටුනේ සිට දෙවුන්දර තුඩුව දක්වා බිය සැක නැතිව යාමේ වරම ලැබි තිබෙන්නේ නාමල් බබාට,බැසිල් බාප්පාට සහ ඔවුන්ගේ අධෝවාතය ආඝ්‍රානය කරමින් යැපෙන හුලුගල්ල වර්ගයේ වැටුප් වහලුන්ට පමනි.දකුනේ ජනයා විශ්ව විද්‍යාල පහසුකම්,වැඩි වැටුප් වැනි ආර්ථික සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරද්දී උතුරේ ජනයාට කතාකරන්නට සිදුව තිබෙන්නේ හිසට වහලක් ලබාගැනීම වැනි ඉතාම මූලික මනුශ්‍ය අවශ්‍යතා ගැනය.අත්අඩංගුවට පත්වූ දමිල තරුනයන් චෝදනා ගොනුකිරීමෙන් තොරව  වසර ගනන් බන්ධනාගාරගත කරනු ලැබ ඇත.තම හිතෛශීන් අඩුම තරමින් ජීවතුන් අතරද නැද්ද යන්නවත් බොහෝ අය දන්නේ නැත.අත්අඩංගුවේ සිටින අයගේ නම් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සංවිධානය වීමටවත්,ප්‍රජාතන්ත්‍රවාදි ලෙස විරෝධය දැක්වීමටවත් උතුරේ ජනයාට අවස්ථාවක් නොමැත.
මේ සියල්ල විසින් පෙන්නුම් කරන්නේ පශ්චාත් එල්ටීටීඊ ලාංකීය රාජ්‍යය ගොඩනැගී තිබෙන ද්විත්ව ආකාරය නොවේද?එය උතුරට එක විදිහකටත් දකුනට තව විදිහකටත් සලකයි.එය රාජපක්ෂ පවුලට පූර්න ප්‍රජතාන්ත්‍රවාදයත්,රාජපක්ෂ නොවන දකුනට කප්පාදු කල ප්‍රජාතන්ත්‍රවාදයකුත් ලබාදෙන අතර උතුර මත සම්පූර්න මිලිටරි ආඥාදායකත්වයක් ආරෝපනය කොට තිබේ.

කාකි පැහැ ඡායාවෝ උකුසු ඇස කරකවයි! : මිලිටරිය -  උතුරේ පරමාධිකාරය
රජය පත්කල ප්‍රතිසන්ධානය හා පාඩම් ඉගෙනගැනීම පිලිබද කොමිසන් සභාවේ හැසිරීම මෙම බෙදා වෙන් කොට කෙරෙන පාලනයේ ස්වරූපය මනාව විදහා දක්වන්නේය.මෙම කොමිසම රජය පත්කලේ සිවිල් යුද්ධය පිලිබද පුරවැසියන්ගේ අදහස් විමසා යලි එවැන්නක් ඇතිනොවනු වස් කල යුතු නි‍ර්දේශ පිලිබද වාර්තා කිරීමට යැයි පවසමිනි.කොමිසම ඉදිරියේ දකුනේදී ගෝමින් දයාසිරි,ගෝඨාභය රාජපක්ෂ වැනි අය සාක්ෂි දුන් අතර මෙම සාක්ෂි වලට ජනමාධ්‍ය විසින් පුලුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.
කෙසේවෙතත් උතුරේදී එම කොමිසමට වැඩකරන්නට වූ පසුබිම හාත්පසින් වෙනස් එකකි.කයිට්ස් දූපතේ පැවති සාක්ෂි දීමේ සැසිවාරවලට සිවිල් වැසියන් සහභාගී වීම වැලැක්වීම සදහා සංවිධානාත්මකව කටයුතු යෙදුනි.විදේශ ජනමාධ්‍යයන්ට එම සැසිවාර වාර්තා කිරීමට බාධා එල්ල කෙරුනි.වැලනොකැඩී කොමිසම ඉදිරියට ආ දෙමල සිවිල් ජනයා යුද්ධයේදී තමනට වූ අතවර,තමන් මේ මොහොතේ විදිමින් සිටින දුක්වේදනා පිලිබද නැවත නැවත සාක්ෂි දෙන්නට වූ අතර වේදනාවෙන් හා කදුලුවලින් බොදවූ එම ලෝකය සම්පූර්නයෙන්ම බාහිර සමාජයෙන් වසන් කිරීමට දකුනේ ජනමාධ්‍ය ක්‍රියාකලේය.
මෙම  හැසිරීම හුදෙක් මාධ්‍යවල කුහකකමක් ලෙස තේරුම් ගැනීම නිවැරදි නැත.මේ වනාහි ලාංකීය ඇපාතයිඩය තුල ජනමාධ්‍ය ස්ථානගත වන ආකාරයයි.දකුනේදී නම් කැඩුනු පාරවල්,අබලන් වූ බොක්කු,ප්‍රසිද්ධ තැන්වල සිගරට් බොන පිරිමි ආදී "ප්‍රශ්න" ගැන කතාකරන විමර්ශන වැඩසටහන් වලින් මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්තී පිරී තිබේ.දකුනේ එවැනි ගැටලු කෙරෙහි යම් අවම මට්ටමකින් හෝ යොමුවෙන රූපවාහිනී කැමරා ඇස් කිසිවිටෙක උතුරේ පවතින මහා මනුශ්‍ය ඛේදවාචකය දෙස යොමු නොවේ.ඒ වෙනුවට එම මාධ්‍ය වල ඇත්තේ උතුරේ මැවෙන වසන්තයක් පිලිබද ව්‍යාජ වර්නනා පමනි.

උතුර එක් විදිහකටත් දකුන තව විදිහකටත් පාලනය කිරිමේ මෙම ඇපාතයිඩ් ක්‍රමවේදය අනාගත ලංකාව තවත් මහා ව්‍යසනයකට ඇද දමනු ඇත.මර්ධනය ලොව කවර තැනකදි වුවද ප්‍රචන්ඩ ප්‍රතික්‍රියාවන් වලට පාර කපයි.මිය ගිය ප්‍රභාකරන්ලා වෙනුවට වෙනත් ප්‍රභාකරන්ලා උතුරින් ඉපදීම මේ යන ආකාරයට හුදෙක් කාලය පිලිබද ප්‍රශ්නයක් පමනි.එවැනි ගැටුමක් යම් හෙයකින් නිර්මානය වූ කලෙක වුවද සිංහල හා දෙමල පීඩිතයන් කෙටවිම සදහා එය අවස්ථාවක් කරගනිමින් යෙහෙන් වැජඹීමට පාලකයන් ක්‍රියාකරනු ඇත.
සැබැවින්ම මේ කැරකෙමින් තිබෙන්නේ එකම විෂම චක්‍රයකි.මෙම චක්‍රය ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අර්බුදය සේම ජාතික ප්‍රශ්නය විසදීමට පාලක පංතිය සතු අශක්නුතාවය ද විදහා දක්වන්නකි.

33 comments:

  1. මේ සිද්ධියේදී ඩග්ලස් දේවානන්දගේ භූමිකාව කුමක්ද? (බලන්න ඡායාරූප.) http://www.dailymirror.lk/index.php/news/7764-four-jvpers-assaulted.html

    කරුණාකර පැහැදිළි කරන්න.

    ReplyDelete
  2. මේ හඳුන්නෙත්තිලා ආයේ ආයේ බෙදාගෙන කන්නේ ඒගොල්ලොම වැපුරුව බීජ. ජේවීපීයම අප් කරල ගත්ත කල්චර් එක. ඉතිං දැන් හඳුන්නෙත්තිට තියෙන්නේ ගුටිත් කාලා පුකත් වහගෙන ඉන්න එක.

    ReplyDelete
  3. @Taboo

    රෙදි සේදීම (ජෙප්පන්ට නෙවෙයි මහජනතාවට. ජෙප්පට ඔය ඔලුව තද කරගෙන ඉන්න ගමන් රහසින් කියනවා ඇති "ආයේ යාපනේ පාට් දාන්න ආවොත් කොට්ට කිලංගු මිටියක් බස්සලා යවන්නේ" කියල)

    ReplyDelete
  4. @Ano,

    ඩග්ලස් දෙවානන්ද සතුරකු නම් ජවිපෙ එය හෙළි නොකරන්නේ ඇයි? උදාහරණයක් හැටියට කැළණියේ සිදුවූ මැර ප්‍රහාරයකින් තුවාල ලැබූ ජවිපෙ සාමාජිකයකු මර්වින් සිල්වාට තමන්ගේ හිස වෙළන්නට ඉඩ දෙයිද?

    - Taboo

    ReplyDelete
  5. @Ano1,

    ජවිපෙ විසින් මේ අස්වනු නෙළා ගන්නේ තමන්ගේ පූර්ණ සහාය ඇතිව වැපිරූ ප්‍රචණ්ඩත්වයේ බීජ වලින් බවට කිසිම තර්කයක් නෑ. එක් අවදියෙක මෙසේ පහර කෑ හඳුන්නෙත්තිද ඩග්ලස් දේවානන්ද සමඟ එකම ඇමැති මණ්ඩලයේ කටයුතු කළ බවත් "ආයුබෝ වේවා මහ රජාණනි" කියා මහරජතුමන් පාමුළ ඇද වැටුණු බවත් අමතක කරන්ට නම් මෙරට ජනතාව මැරී ඉපදිය යුතුයි.

    එහෙත් ඒ සියල්ල පසෙක තිබියදී ජවිපෙ විසින් ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරීමට දරණ උත්සාහයක් මැර ක්‍රියා වලින් වැලැක්වීම හෙළා දැකිය යුතුයි. ජවිපෙ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දීම වෙනම කතාවක්.

    - Taboo

    ReplyDelete
  6. @ taboo subjects

    ඩග්ලස් දේවානන්දාගේ පැමිනීම පිලිබද පැහැදිලි කිරීමට තරම් ඒ ගැන මා සතුව කරුනු නැත.ඔහුගේ පැමිනීම කෙසේ වුවද මෙම ප්‍රහාරය රජයේ පාර්ශවයෙන් සිදු නොවූවකැයි හගවන්නක් බව ඔබ අදහස් කරනවාද?ඔබේ මතුකිරීම අපැහැදිලි නිසා පැහැදිලි කලොත් අගෙයි.

    //ඩග්ලස් දෙවානන්ද සතුරකු නම් ජවිපෙ එය හෙළි නොකරන්නේ ඇයි?//
    එය ජවිපෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.මම ඒ ගැන නොදනිමි.

    ReplyDelete
  7. මුල්ලවයික්කාල්November 15, 2010 at 10:07 AM

    ජවිපෙ නමක් තිබූ සැණින් ටැබූ එතන්ට පැන හතර අතට වනයි. කැම්පස් එකේදි ලිංගික අතවරයකට මුහුණ දුන්නු ටැබූ හිතන්නේ එය ජවිපේ දේශපාලන මණ්ඩල තීරණයක් බවයි.

    ටැබූ..ඔබට අනුව
    1. පසුගිය කාලේ ජවිපෙ ජාතීවාදී හැසිරීම් පිළිබඳ කෝප වූ සාමාන්‍ය දමිළ ජනයා හඳුන්නෙත්තිට පහර දුන්නාද
    2. මේ වන විට තම සිව්ල් අයිතිවාසිකම් භුක්ති විඳිමින් කායික හා මානසික සුවය විඳිමින් සිටින දෙමළ ජනයා විසින් තමන්ගේ ආතල් කඩන්න එපා යැයි කියා හඳුන්නෙත්තිට ගැසුවාද?
    3.ජවිපෙ විසින් සැලසුම් සහගත ලෙස තමන්ට ප්‍රහාරයක් එල්ලකර ගත්තාද ?

    ඔබ මේ කාරණා තුනම ගැන සැක සිතුවද, වඩාත් විශ්වාස කරන්නේ කවර ආකාරයේ ප්‍රහාරයක් දැයි පහදන්න.

    ReplyDelete
  8. //එහෙත් ඒ සියල්ල පසෙක තිබියදී ජවිපෙ විසින් ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරීමට දරණ උත්සාහයක් මැර ක්‍රියා වලින් වැලැක්වීම හෙළා දැකිය යුතුයි.//
    සහතික ඇත්ත!

    ReplyDelete
  9. බබා පාට් දැම්මාට රාමචන්ද්‍රගේ දේශපාලන ඤාතිත්වයන් හා සම්බන්ධතා බ්ලොග් අවකාශයේ කිසිවකුට රහසක් විය නොහැක. උදාහරණයක් විදියට ජවිපෙ මැරයන් විසින් රුහුණු උපකුලපති මහාචාර්ය සුසිරිත් මෙන්ඩිස් ගේ ඔළු පැලීම ගැන තවමත් ඔහු නොදනී. එහෙත් සුනිල් හඳුන්නෙත්තිගේ ඔළු පැලීම ගැන නම් හැරෙන තැපෑලෙන් රිටර්න් එයි. එහෙත් ඔහුගේ පැහැදිළි කිරීම ප්‍රශ්න කළ විට ඒවාට පිළිතුරු නැත.

    @මුල්ලවයික්කාල්,

    ජවිපෙට පහර දුන්නේ 'කුපිත වූ මහ ජනයාය' මම නොසිතමි. කළුපාට පිහාටුවක් දුටු විට එය හංසයකුට වඩා කපුටකුට සම්බන්ධ කිරීම නුවණැත්තකුගේ සිරිතය. එහෙත් මේ සිද්ධියේ නොවිසඳුණු තැන් ඇත. දේවානන්දගේ භූමිකාව හා ජවිපෙ ඒ භූමිකාව ප්‍රශ්න නොකිරීම සැක කටයුතුය. තියරි අටවන්නන් විසින් සියල්ලට පළමු මේ සැක දුරු කළ යුතුය මම සිතමි.

    රාමචන්ද්‍ර වැනි අන්ධ භක්තියෙන් ජවිපෙ වන්දනාමාන කරන්නවුන්ට හැරුණු විට මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට යමක් පිළි ගැනීමට නම් එය සැකයෙන් තොරව ඔප්පු කිරීම අවශ්‍ය වේ.

    - Taboo

    ReplyDelete
  10. @මුල්ලවයික්කාල්,

    ඔබ නොදන්නවාට යාපනයේ දෙමළ ජනතාව ජවිපෙ වැඩවසම් වර්ගවාදයට නිසි පිළිතුරු දුන් අවස්ථා ඕනෑ තරම් ඇත.

    2004 සුනාමියෙන් පසු එවක ජවිපෙ ප්‍රධාන පෙළේ නායකයකු වූ විමල් වීරවංශ යාපනයට ගිය අවස්ථාවේ පොදු දෙමළ ජනතාව කොසු, ඉළපත් අරගෙන විරෝධය පෑම එකකි. (මෙහි රූප පටයක් සෙවීමි. අවාසනාවට හමු නොවීය.)

    අදද ජවිපෙ දෙමළුන් හා එක් වී ඇත්තේද උන්ගේ වර්ගවාදය දුරු කොට නොවේ. අප එය වටහා ගත යුත්තේ එල්ලෙන්න වැල් නැති වූ විට පිදුරු ගහේ වුව එල්ලීමක් ලෙසිනි.

    - Taboo

    ReplyDelete
  11. ලිපිය තුල අන්තර්ගතය සම්බන්ධයෙන් සංවාදයට පාත්‍ර වන්නේද දකුණේ දේශපාලනයයි. ජවිපෙ සාමාජිකයෙකුට පහරදීම ආශ්‍රයෙන් වැටහී යන්නේ උතුරේ සිදුවන ඛේදවාචකයයි. එය සංවාදයට ලක් නොකර ජේවීපිය ඈඳා ගැනීම දකුණේදී ප්‍රශ්ණ අමතක කිරීමට යොදා ගන්නා පුහු දේශපාලන මතවාදී ඇණකොටාගැනීමයි.
    ඊට වඩා උතුරේ මිනිසුන්ගේ දෑසින් ගැටඵව නිරීක්ෂණය කරන්නේනම් යහපත්ය.

    ReplyDelete
  12. @ ‍taboo
    කරුනාකර ඔබ මේ සිද්ධිය දකින අන්දම පැහැදිලි කරන්න.දේවානන්ද සිටිනවා කියන කාරනයෙන් ඔබ අදහස් කරන්නේ මොනවාද?සිරස ආයතනයට පහර දුන් දාට පසුදින ශෝකය පලකිරීමට මිලින්ද මොරගොඩ සහ වෙනත් ඇමතිවරු පැමින සිටියා කියන කරුනෙන් ඊට ආන්ඩුවේ සම්බන්ධයක් නැති බව ඔප්පු නොවේ.

    // එහෙත් සුනිල් හඳුන්නෙත්තිගේ ඔළු පැලීම ගැන නම් හැරෙන තැපෑලෙන් රිටර්න් එයි//

    මේ ලිපිය හුදෙක් හදුන්නෙත්තිගේ ඔලු පැලීමක් ගැන නොවන බව ඔබට නොවැටහිම ගැන කනගාටුය.ජවිපෙ නම දුටු සැනින් උන් හිටි තැන් අමතකව කෑ ගෑම එතරම් හොද ලක්ෂනයක් නොවේ.
    හදුන්නෙත්තිගේ සිද්ධියත්,මැයි 19 ආගමික සැමරුම් කඩාකප්පල් කිරීම,LLRC විමර්ශන වල ගැටලු,යාපනය සිවිල් පාලනයකට නොහැරවීම යනාදී දෙමල ජාතික සන්ධානය වැනි පාර්ශවවලින් මතුකෙරෙන කරුනුද උදාහරන ලෙස ගනිමින් තර්ක කොට තිබෙනුයේ රාජපක්ෂ රාජ්‍යය ද්විත්ව ප්‍රතිපත්තියක රැදී සිටින ආකාරයයි.රාමචන්ද්‍රගේ දේශපාලන "සබදතා" ගැන ඔබ දන්නා කෙහෙල්මලක් නැත.එහෙන් මෙහෙන් කරුනු අටවමින් බ්ලොග්කරුවන්ගේ ජාතකය සොයන්නට යනවාට වඩා අදාල බ්ලොග් පෝස්ටයෙන් මතුකෙරන තේමාව ගැන කතාකිරීම වඩා උචිතයැයි සිතමි.

    ReplyDelete
  13. Dear taboo

    //අදද ජවිපෙ දෙමළුන් හා එක් වී ඇත්තේද උන්ගේ වර්ගවාදය දුරු කොට නොවේ. අප එය වටහා ගත යුත්තේ එල්ලෙන්න වැල් නැති වූ විට පිදුරු ගහේ වුව එල්ලීමක් ලෙසිනි.//

    If they are racist why are they so concerned about sufferings of the tamils?Arrested Udul premarathna through "api sri lankikayo/naam sri lanka" organisation has done a massive job to bring certain issues of tamils ( such as the problem of tamil detainees) in to the spotlight.Such an attempt was unseen even from an organisation such as the TNA.

    http://www.youtube.com/user/ChamilleChannel#p/u/78/PTk_EpBShTc

    When Comparing with what they are doing have you or me
    (who proudly condemn them as racists)done anything regarding the problem?

    Have you seen the JHU travelling to the north in order to raise a voice on behalf of the dissapeared?Have you seen the BJP rallying on behalf of the sufferings of Indian muslims?Have you seen apertheid suppoters speaking on behalf of the problems of buntu africans?please enlighten me.

    ReplyDelete
  14. @Ramachandra,

    මේ අප දෙදෙනාට ඔළු පළා ගැනීමට තරම් වැදගත් මාතෘකාවක් නොවන්නේ අපට එකඟ විය හැකි කාරණා ගණනක් ඇති නිසාය. මේ සිද්ධිය පසුපස ආණ්ඩුව ඇති බව මා පිළිගන්නා අතර එය හෙළා දැකිය යුතු බව සටහන් කොට ඇත. ඒ ගැන තවත් පැහැදිළි කළ යුතු නොවේ.

    ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීමට බාධා කිරීම ගැන ඔබට වඩා මා කලබල වන්නේ එසේ කිරීම තුළ ජවිපෙ යොමුවනු ඇති අන්තවාදය තුළින් පීඩාවට පත් වන්නේ ආණ්ඩුව වත් ජවිපෙවත් නොව මේ රටේ පොදු ජනතාව නිසාය.

    මේ තියරි හදන්ට තරම් මහා සිද්ධියක් නොවේ. මේ තමන්ගේ වැයික්කියේ වැඩ දාන්ට ආ පිටස්තරයකුට කළ තර්ජනයකි. තිරිසන්නුද තමන්ගේ වැයික්කියට එන තම වර්ගයේම වෙනත් තිරිසනුන්ට මෙවන් දේ කරති. මෙතැන ඇති 'ඇපාතයිඩයක්' හෝ වෙන ඉලව්වක් නැත. අඩුම ගණනේ හඳුන්නෙත්ති කියන්නෙ දෙමළකු නොවන බව වත් මේ විකාර තියරි හැදීමේදී ඔබට අමතකව ගොස් ඇත.

    අවසාන වශයෙන් ඔබ හා ජවිපෙ හා අතර ඇති ඤාති සම්බන්ධතා මට ගැටළුවක් නොවන්නා සේම මට වැදගත්ද නැත. නමුත් මේ කාරණා වැදගත් වන පිරිසක් සිටිති. ඔවුන් දැනටමත් මට වඩා හොඳින් මේ කාරණා දන්නවා ඇතැයි සිතමි.

    - Taboo

    ReplyDelete
  15. @Taboo

    ඔබ කසල සොයා යන කපුටෙකු මෙන් ජ.වි.පෙ. අකුරු පෙළ දුටු පමණකින් පහර දීමට පෙළඹෙන්නේ ඇයිදැයි මට පැහැදිලි නැති මුත් ජ.වි.පෙ. මේ මොහෙතේදී රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දෙමින් උතුරු නැගෙනහිර සහෝදර දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී ක්‍රියාත්මක වීම අගය කිරීමක් නොකර ඔවුන් සිදුකළා යැයි ඔබ පවසන වරද නැවත නැවතත් පුනරුච්චාරණය කිරීමෙන් ඔබගේ දේශපාලන කුහකකම මොනවට පැහැදිලි වේ.

    "අදද ජවිපෙ දෙමළුන් හා එක් වී ඇත්තේද උන්ගේ වර්ගවාදය දුරු කොට නොවේ. අප එය වටහා ගත යුත්තේ එල්ලෙන්න වැල් නැති වූ විට පිදුරු ගහේ වුව එල්ලීමක් ලෙසිනි."
    ඔබ පවසන පරිදි ජ.වි.පෙ. ට උතුරු නැගෙනහිර දේශපාලනය කළ නොහැකිද? එසේ නම් ප්‍රභාකරන්ම පැවසූ පරිදි දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලනය කළ හැක්කේ ඔහුට පමණද? ඔබගේ ගණිත මොළයට වැටහෙන පරිදි ඒ අයිතිය කා සතුද?
    -ෂෙහාන්

    ReplyDelete
  16. "එක් අවදියෙක මෙසේ පහර කෑ හඳුන්නෙත්තිද ඩග්ලස් දේවානන්ද සමඟ එකම ඇමැති මණ්ඩලයේ කටයුතු කළ බවත් "ආයුබෝ වේවා මහ රජාණනි" කියා මහරජතුමන් පාමුළ ඇද වැටුණු බවත් අමතක කරන්ට නම් මෙරට ජනතාව මැරී ඉපදිය යුතුයි"

    ඩග්ලසුයි හදුන්නෙත්තියි එක ඇමති මණ්ඩලයේ හිටපු කාලේ හැබැයි මහාරජෙක් හිටියෙ නැහැ.ඒ කාලෙ ජනාධිපති චන්ද්‍රිකා.මහරජගෙ කැබිනට් මණ්ඩලයක ජවිපෙ හිටිය කියල මට නං මතකයක් නැහැ.මැරිල ඉපදිල තියෙන්නෙ කවුද හැබෑටම?

    ReplyDelete
  17. ජවිපෙ නෙලා ගනිමින් සිටින්නේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්න බවට කිසිදු සැකයක් නැත. කෙටි කාලීන වාසි වෙනුවෙන් තමා වැනිම පීඩිත ජන කොටසක් සමූලඝාතනයට ඔවුහු කලෙකදී න්‍යායන් සැකසූහ. එමෙන්ම අද ජවිපෙ දෙමළ ජනතාව වෙත යන්නේ තම වර්ගවාදී ආස්ථානයන් පිටුදැක නොවන බව මගේද විශ්වාසයයි.
    එහෙත් එවන් ක්‍රියාමාර්ග වල එකල නියැලුනේ ජවිපෙ පමණක් නොවේ. එජාපයද යුද්ධයට නිහඬ සහායක් ලබාදුනි. අද දිනයේ සජිත් ප්‍රේමදාස හරහා නියෝජනය වන්නේ එජාපයේ වර්ගවාදී ප්‍රවණතාවයි.
    නමුත් වර්තමාන තත්වය තුල රාජපක්ෂ රෙජීමයට එරෙහිව යම් හඬක් නගන්නේ ජවිපෙ පමණි. එය ඔවුන්ට තෝරා දෙන ලද්දක් විය හැකිය. එහෙත් එය කාලින අවශ්‍යතාවයකි. එය කවුරුන් අතින් හෝ ඉටුවිය යුතුය.
    ජවිපෙ හි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම අප හෙලාදැකිය යුත්තේ, ඔවුන් එයට දැක්විය හැකි ප්‍රතිචාරයේ බිහිසුණුකමට බිය වීම නිසා නොවේ.
    වර්ගවාදී හෝ කිනම් දේශපාලනයක ප්‍රජාතන්ත්‍රවාදිව නියැලීමට ඔවුනට අයිතියක් ඇති බැවිණි. දශක දෙකකට අධික කාලයක් සිංහල දූපතක සිරවී සිටි බිම් මට්ටමේ දේශපාලන ව්‍යාපාරයක් දෙමළ පීඩිතයා හඳුනාගැනීමට තැත්කිරීම කුමන අර්ථයෙන් ගත්තත් සාධනීය වන බැවිනි.

    ReplyDelete
  18. JVP එක දේශපාලන වශයෙන් කොච්චර බංකොලොත් වෙලාද කියනවානම්, දැං උංගේ උද්ඝෝෂනවලටත පිටරවලින් මිනිස්සු ගෙන්නන්න වෙලා.
    කිසිම රටක දේශපාලන කරුනුවලට ඇගිලි ගහන්න විදේශික සංචාරකයන්ට අයිතියක් නැහැ, ඒක ලොකේ සෑම රටකම නීතිවිරෝධීයි.
    මේ ජෝඩුව ලෙබනන් රටෙන්ලු.
    පුලුවන්නම් ලෙබනනේ ගිහිලා හදුන්හෙත්ති ඒ රජයට විරුද්ධව උද්ඝෝෂනය කරලා පෙන්නන්න, ආයේ ලංකාවට එන්න වෙන්නේ නැහැ, ඒල්ලුම් ගහ තමයි.

    ReplyDelete
  19. @ දේශපාලුවා

    ඔය කිව්ව දේයි මේ ලිපියෙයි සම්බන්ධයක් තියෙනවද?

    ReplyDelete
  20. Blogger Ramachandra said...

    @ දේශපාලුවා

    ඔය කිව්ව දේයි මේ ලිපියෙයි සම්බන්ධයක් තියෙනවද?
    -------------------------------

    හදුන්හෙට්ටිට ගහපු එකට උඹ කියනවා මේක ඇපාතයිඩ් ගේ පාලනය වගේ කියලා (ඇපාතයිඩ් ගේ පාලනයේ විපාක විදපු මිනිස්සුන්ට කරන්න පුළුවන් ලොකුම අපහාසය තමයි මේක, එක පැත්තක තියමු )
    නමුත්, මේ "නින්දිත" පාලනේ වැරදියි කියන උද්ඝෝෂනේට ලංකාවෙන් ඇතිවෙන්න සෙනග හොයාගන්න බැරිව ලෙබනනෙනුත් ආනයනය කරන්න වෙලා.
    අන්න ඒකයි මේ දෙකේ සම්බන්ධය.

    උඹේ ලිපිය සත්‍යයෙන් කොතරම් ඈත් වී ඇත්ද, ඒ තරමටම සාමාන්‍ය ජනතාව ජේවීපියෙන ඈත්වී ඇත.

    ජේවීපීය අද සාමාන්‍ය ජනතාවගේ හද ගැස්ම හදුන්නනේ නැති, ජනතාවගෙන් විගලිත වෙච්ච පක්ෂයක් බවට පත්වෙලා.

    ReplyDelete
  21. @ දේශපාලුවා,
    ඉතිං ඇයි ඔච්චර හයියෙං කෑ ගහන්නේ..?
    ජේ.වී.පී එක ඔය කියන තරං චාටර් නං ඉතුරු ටිකත් වැටෙනකං සද්ද නැතුව ඉන්ඩ.
    ‍මේ ලිපියේ පොයින්ට් එකට එන්ඩකෝ.
    ඔයා හිතන්නෙ ඔය තරං විගලිත හඳුන්නෙත්තිගේ ඔලුව පැලුවේ කවුරු කියලද?

    ReplyDelete
  22. @ දේශපාලුවා

    ඇපාතයිඩ් එක සාදෘශ්‍යයක් විදිහට ගත්තෙ හදුන්නෙත්තිට ගහපු එකට නෙමෙයි.උතුරට වෙනම ප්‍රමිතියක පාලනයක් ගෙනයාමෙන් සිදුකෙරිල තියෙන වෙනස්කොට සැලකීම පහදන්න.හදුන්නෙත්තිගේ ඔලුව පැලෙන එක ඒක පෙන්වන උදාහරනයක් විතරයි.දකුනෙ හුදෙක් දේශපාලන වැඩකට යන මන්ත්‍රීවරුන්ගේ ඔලු හමුදාවෙන් පලන තත්වයක් (තවම) ඇතිවෙලා නැහැ.
    උතුරට එක ප්‍රමිතියක පාලනයක් සහ දකුනට වෙනත් ප්‍රමිතියක් පාලකයන් විසින් පවත්වාගනු ලබනවාද නැද්ද?පිටිය එතන.එතන සෙල්ලම් කරමු.

    ReplyDelete
  23. මොනව වුණත් අන්තිමට රාමචන්ද්‍ර බබා කියපු කතාව නම් ඇත්ත. මොකද දකුණෙ මිනිස්සුන්ගෙ ඔළු පලන්නෙ හමුදාව නෙවෙයි ජේ. වී. පී. එකේ මැර කොල්ලො නිසා. (උදා: රුහුණු සරසවියේ උපකුලපති සුසිරිත මෙන්ඩිස් ගේ ඔළුව පැළීම. රාමචන්ද්‍ර බබා නං තාම එහෙම දෙයක් උනාද කියල වත් දන්නෙ නෑ.)

    දැන් රාමචන්ද්‍ර බබා තියරියක් අටවාවි උතුරේ සුනිල් හඳුන්නෙත්තිගේ ඔළුව පැළීම ඇපාතයිඩය නිසා වූ මැර ක්‍රියාවක් වුවත් දකුණේ සුසිරිත මෙන්ඩිස්ගේ ඔළුව පැලීම ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදී සමාජවාදී සහෝදරවරුන් විසින් උත්තරීතර චේ ගුවේරා හා බාගෙට උත්තරීතර සරත් ෆොන්සේකාගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් වලට අනුව සමාජවාදී විප්ලවය කරා යන ගමනේදී සිදුවූ නොවැළක්විය හැකි අවාසනාවන්ත සිදුවීම් කියල. මොකද ජවිපෙ කවදාවත් කුරා කූඹියෙකුටවත් හානියක් කරන්නෙ නෑනෙ රාමචන්ද්‍ර බබාගේ තියරියට අනුව.

    ඒ වුනාට ඔය ඔළු පළපු හමුදාවටත් වීරයන්ය කිව්වේ අපි හෙම නෙවෙයි, ඔය රාමචන්ද්‍ර බබාගේ සදාදරණීය පක්ෂය තමයි. මේවත් බලලම ඉන්නකෝ.

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&layout=blog&id=44&Itemid=41&limitstart=50

    http://www.lankatruth.com/sin/images/photos/Cartoons/2009/february/20090208.jpg

    අනික් අතට ජවිපෙ ඔච්චර කර උඩ තියාන දඟලපු හමුදාව ජවිපෙට ටිකක් නෙළුවම මොකෝ?

    ReplyDelete
  24. ජේ. වී. පියට යන කස්ටිය ගැන ලාල් කාන්ත සහෝදරයම කියන මේ කතාවත් බලමුකෝ.

    http://www.youtube.com/watch?v=-m1ZMKH59xQ

    ReplyDelete
  25. @ taboo subjects

    සමාවෙන්න.පිලිතුරක් දීමට තරම් හරවත් දෙයක් ඔබ කියා නැත.දේශපාලුවාගේ කමෙන්ටුවත් ඔ‍බේ කමෙන්ටුත් අතර වෙනසක් මට නොපෙනේ.කලක් තර්කානුකූලව අදහස් දක්වමින් සිටි ඔබ ආයු පිරිහුනු ජෝකරයෙකුගේ තත්වයට වැටීම ගැන අවංකව කනගාටු වෙමි.

    ReplyDelete
  26. ඔව්, ඔබේ ඇඳුම් ගලවා නිරුවත් කරායින් පසු කියන්ට දෙයක් නැති නිසා එහෙම වත් කියමු නේද?

    - Taboo

    ReplyDelete
  27. @ taboo subjects

    w 3 lanka අඩවියේදී ඔබ නිරුවත් වූ ආකාරය නම් අපිට පෙනුනා :)
    රාජපක්ෂ සරන යනවාට සමගාමීව අයි ටී එන් එකේ ගැලරි වීඩියෝ,අජිත් පැරකුම්ගේ බිරිදගේ කනකර උගස් කිරීම,ශාන් (බුමුතුරුනු) ගේ කලා උපාධිය වගේ ග්‍රාම්‍ය දේවල් එක්ක ඔට්ටු අල්ලන තැනට ඔබ වැටිලයි තියෙන්නෙ.
    මෙම මුලු ලිපියේ තියෙන එක කරුනක් පිලිබදවවත් සංවාද නොකර ජවිපෙ සමග ඔබට තියෙන වියුක්ත ඇරියස් එකක් ඇරගන්න තියෙන කැසිල්ල හැර වෙන කිසිවක් ඔබේ කමෙන්ට් වල තියෙනවාද?
    මාතෘකාවකට අදාලව මිස රටේ නැති කරුනු ලොකු කරගෙන දගලන අදේශපාලනික ජෝකරයන් සමග සංවාද කරන්න මට උනන්දුවක් නැහැ.

    ReplyDelete
  28. ඇයි "ඇපාතයිඩ්" කෑල්ල අත්හැරියද, මුලින්ම කිව්වා උතුරෙ පාලනයයි, ඇපාතයිඩ් පාලනයයි මොන ආකාරයකින් හරි සමාන කිරීම ඇපාතයිඩ් පාලනයේ වධ විදපු මිනිස්සුන්ට කරන ලොකුම නිග්‍රහයයි කියලා. උඹේ ඔය හමුදා සෙබලා ඉන්න පොටෝ එකත් යුද්දෙ කාලේ ගත්ත එකක්, කරුනු විකෘති කිරීමක්.

    උඹේ මුලු ලිපියම ඒ වගේ, කවුද කිව්වේ උතුරේ පාලනයයි, දකුනේ පාලනයයි වෙනස් නැහැ කියලා, උඹ කියනවා ඒක ඇපාතයිඩ් පාලනය වගේ කියලා, උඹ අන්තවාදී පරාජයෙන් වියරු වැටිච්ච දෘෂ්ඨිකෝනයකින් බලන ගමන් අපිට කියනවා, ඒ විදිහටම බලපල්ලා කියලා.

    උතුරේ හමුදා පාලනයක් නැහැ, උඹේ පොටෝ එක බොරුවක්, නමුත් හමුදාව ඉන්න බවත්, දැඩි සෝදිසියකින් ඉන්න බවත් ඇත්ත. මොකක්ද ඒකේ තියෙන වැරැද්ද, ආන්ඩුව එහෙම කරන්නේ ඇග කහනවට නෙමෙයි, තාමත් පරාජිත LTTE සාමාජිකයන් පලිගැනීමේ හැගීමෙන් එතන ඉන්න නිසා. මෙ තත්වය සමනය වෙන්න සෑහෙන කාලයක් යයි.
    උතුරේ මෙහෙම පාලනයක් ගෙනයෑම ආන්ඩුවටත් දේශපාලන වශයෙන් හානිදායකයි, මොකද එතකොට සාමාන්‍ය වැසියන්ට හිරිහැර වෙනවා, ඒක ආන්ඩුවට සහයෝගය දක්වන උතුරේ දේශපාලකයන්ට බලවත් දේශපාලන ප්‍රශනයක්.
    නමුත් ආන්ඩුව සම්පූර්නයෙන්ම හමුදාව බැරැක්ක ගත කලොත, එතන බට්ටෙක් හරි පිපුරුවොත්, ඒකේ දේශපාලන පාඩුවත් ආන්ඩුවටයි, LTTE ඉන්නවා උන් බලාසිටිනවා කියලා පනිවුඩයක් උන්ට උතුරේ ජනතාවට දෙන්න පුළුවන් වුනොත්, උතුරේ ජනතාව භීතියට පත්වෙලා, සියළුම සාමාන්‍ය දේශපාලන පක්ෂවලින් ඈත් වෙන්න පටන් ගනියි.
    ඊලගට උඹලා සරං උස්සගෙන කෑගහයි, ඔන්න මුදාගත්ත උතුරේ න්‍යෂ්ටික බොම්බ පුපුරනවා කියලා. ඒකේ දෙශපාලන වගේම පරිපාලන පාඩුවත් ආන්ඩුවෙයි.
    ඔන්න ඕකයි මෙතන ප්‍රායෝගික තත්වය, ආන්ඩුවට මෙතන "හොද" පිලිවෙතක නැහැ, තියෙන්නේ, "නරක" පිලිවෙත් දෙකක්, ආන්ඩුව "අඩුවෙන් නරක" පිලිවෙත තෝරා ගත්තා කියෙන එකයි ප්‍රායෝගික ඇසකින් බලන්නෙකුට පේන්නේ.

    හදුන්හෙට්ටිගේ කතාවට හැරෙමු, දැන් එක නැගලා යනවා.

    JVP එක මුලින් කිව්වේ පද්මිනී සිදම්බරම් ගේ ගෙදර සාකච්චාවට කඩාපැනලා ගැහුවා කියලයි, දැන් කියනවා , නෑ නෑ ඒ ගෙදරට ගියේ පස්සෙන් ගහන්න ආපු අයගෙන් බේරෙන්න කියලා. කවුද මේ පද්මිනී සිදම්බරම්? LTTE එකේ සංකෘතික අංශය බාරව හිටපු කෙනා.

    JVP එක KP ගැන යටිගිරියෙන් කෑගහනවා , "යුධ වීරලා LTTE එක පෙතිගහපු වීරයා" පොන්සෙකා හිටපු හිටපු වෙලාවට කරට ගන්නවා, ඒ අස්සේ හොරෙන් හොරෙන් LTTE එකේ ගෙවල් වලට රිංගලා සාකච්චා කරනවා. මේ ගේම ජනතාව හෙලිවෙනවා කියලා පෙනිච්ච ගම්න් කතාව වෙනස් කලා, නමුත් දැන් පරක්කු වැඩියි. අපිට කමක් නැහැ JVP එක LTTE එකත් එක්ක සංධානගත් වුනත්, පරාජිත නාසිවාදී පක්ෂ එකතුවීම අරුමයක් නෙමෙයි, නමුත් ඇයි ජනතාවට හංගන්න හදන්නේ?

    දැන් ලෙබනන් ජොඩුවගේ නෙයියාඩගමත් හෙලිවෙලා, මේ ජොඩුව පදන් වෙච්ච හිස්බුල්ලා කාරයො කියලා Tamilnet එක කියලා තියෙනවා, එක හිස්බුල්ලා තස්ත්‍රවාදී සංවිධානයෙන් ආධාරගත්තාද කියලා සැකයකුත් තියෙනවා.
    -----------------------------
    Taboo Subjects said...

    ඔව්, ඔබේ ඇඳුම් ගලවා නිරුවත් කරායින් පසු කියන්ට දෙයක් නැති නිසා එහෙම වත් කියමු නේද?
    -----------------------------

    Kudda උඹටත් උත්තරේ මෙතනම තියෙනවා ජනතාවගෙන් ප්‍රතික්ෂෙපවෙලා, මකබෑවෙලායන්න හදන් එක දැන් බොරු කිය කිය, ලෝකෙ පුරා තස්ත්‍රවාදීන් එක්ක සෙට්වෙලා, යනකොට කොරහත් බිදගෙන යන්නයි හදන්නේ අන්න ඒකයි අපිට සද්ද නැතිව ඉන්න බැරි. විනාශ කාලේ විපරීත බුධ්ධිඃ කිව්වලු.

    TAboo මෙතන කොමෙන්ට් ටිකත් පොඩ්ඩක් කියවලා බලන්න

    ReplyDelete
  29. @ දේශපාලුවා,
    අනේ මචං වද දෙන්නෙ නැතුව කියපංකො උඹ හිතන විදිහට අරූගෙ ඔලුව පැලුවෙ කවුද කියලා?

    ReplyDelete
  30. Anonymous kudda said...

    @ දේශපාලුවා,
    අනේ මචං වද දෙන්නෙ නැතුව කියපංකො උඹ හිතන විදිහට අරූගෙ ඔලුව පැලුවෙ කවුද කියලා?

    -----------------------

    දැන් මෙච්චර දවස් නාහෙන් ඇඩුවා මෙ ලිපිය ගැන කියපං කියලා, එක ගැන කියලා කොමෙන්ට් එකක් දැම්මාම, එක පැත්තක තියලා දැන් එනවා හරස් ප්‍රශ්න අහන්න.

    ඇයි හදුනාම කිව්වේ ඌට ගැහුවේ කවුද කියලා, හමුදා බුද්ධි අංශය, ඇයි උඹට ඌ විශිවාස නැත්ද? උඹ හිතන්නේ කවුද එහෙනං? ආ මං දන්නවා, උඹ හිතන් ඉන්නේ මේ ගැහුවේ බැසිල් කියලා නේද? අ නෑ නෑ වැරදුනා, ගෝඨා.

    ReplyDelete
  31. @ දේශපාලුවා,
    උඹට තද වෙනවනේ මචං.
    මම නං ඔය හඳුනල කියන කතා පයිසෙකට ගණන් ගන්නෙ නෑ. මට හිතෙන්නෙම මූට ගැහුවේ මොසාඩ් එකෙන් කියලා. වෙන්ඩ බැරිත් නෑ නේද මචෝ?

    ReplyDelete
  32. මේ ‍ටෙම්ප්ලේට් එකේ බෑක්ග්‍රවුන්ඩ් ඉමේජ් එක නිසාදෝ පරිඝනකයට තරමක් ස්ලෝ වෙනවා. කාරැණික අවධානයට.

    ReplyDelete
  33. //එවැනි ගැටුමක් යම් හෙයකින් නිර්මානය වූ කලෙක වුවද සිංහල හා දෙමල පීඩිතයන් කෙටවිම සදහා එය අවස්ථාවක් කරගනිමින් යෙහෙන් වැජඹීමට පාලකයන් ක්‍රියාකරනු ඇත//

    සම්පූර්ණ ඇත්ත රාමා.

    ReplyDelete