![]() |
| උඩුකය නොවැසීමේ සදාචාරය |
සිංහල බෞද්ධ සදාචාරය
ඉහත උදාහරනය වර්තමානයේ බලවත්ව තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අධිපති කතිකාවත තේරුම් ගැනිම සදහා පසුබිමක් සකස් කරන්නේය.අවුරුදු දෙදහස් ගනනක් තිස්සේ පැවත එන නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් පිලිබද අදහසට විශාල ඉතිහාසයක් ඇත.එය අඩුම තරමින් අනගාරික ධර්මපාලතුමාගේ කාලය දක්වා දිව යයි."අපේ සිංහල සංස්කෘතිය" පිලිබද මෙම කතිකාවතෙහි ලක්ෂන කිහිපයකි.
මෙම කතිකාවතට අනුව මත විනාශකාරී දෙයකි.ගැහැනු නිරුවත හෙලා දැකිය යුත්තකි.ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.හේතුව ලෙස බලධාරින් දැක්වූයේ එය "සදාචාරයට" නොගැලපෙන බවයි.සදාචාරය රකිනු වස් පොලිසිය තානායම් වටලයි.අනාචාරයේ හැසිරෙන අයවලුන් කුදලාගෙන යයි.ඒකභාර්යා/ඒකපුරුෂ විවාහය පරම දෙයක් ලෙස මෙම කතිකාව තුල පිලිගැනේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මෙන්ම විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතාද මේ තුල තහනම් මාතෘකාවෝ වෙත්.ලිංගිකත්වය ගැන විවෘතව කතාබහ කිරීම "අපේ සංස්කෘතියේ අංගයක්" නොවන බව කියනු ලැබේ.එවැන්නක් සිනමාවට නැගිම අදාල සිනමාපටය තහනම්වීමට පවා මග පාදන හේතුවකි.
නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අදහස මේ වන විට හෙජමොනික් වී තිබේ.එනම් කිසිවෙකුත් අතීතයේ සිට පැවතෙන අපේ සංස්කෘතිය වනාහි මෙයයි යන්න ප්‍රශ්න කරන්නේ නැත.ඒකභාර්යා ව්‍රතය,විවාහයේ පරමත්වය,ලිංගිකත්වය ටැබුකරනය කිරීම යනාදිය සිංහල සංස්කෘතියේ පරම සංකල්පයන් බව සද්භාවයෙන් සියල්ලෝ විශ්වාස කරති.මෙම අදහස මේ වන විට දේශපාලන බලය හා ගැටගැසෙන තරමට බලගතු වී ඇත.අනගාරික ධර්මපාල,මෙත්තානන්ද,නලින් ද සිල්වා,ගුනදාස අමරසේකර වැනි මධ්‍යම පංතික බුද්ධිමතුන් විසින් වර්ධනය කල හුදු ප්‍රවාදයක් වූ මෙය බලයට පත්ව සිටින ධනපති පංතියේ ග්‍රාමීය ප්‍රභූ කුලකය අත පත්වූ කල්හි - එය නිල රාජ්‍ය මතවාදය වන තරමේ ප්‍රබලත්වයක් අත්පත් කරගෙන ඇත.
![]() |
| අනගාරික ධර්මපාල නූතන සිංහල බෞද්ධත්ව කතිකාවතේ ඇරඹුම් ලක්ෂ්‍යය |
මෙය දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන්දිනය යැයි අවංකව අදහාගෙන සිටින කතෝලිකයන්ගේ තත්වය සිහිගන්වයි.අතීතයේ පැවති පැරනි සිංහල බෞද්ධ සමාජය හා එහි සංස්කෘතිය වර්තමානයේ සිංහල සංස්කෘතිය යනුවෙන් අප පරිකල්පනය කෙරෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූද,පරස්පර වූද එකකි.
(අතීත සමාජය සිංහල බෞද්ධ සමාජයක් ලෙස නාමකරනය කරන්නේද වර්තමානයේ ජීවත්වන අපය.නොක්ස්ගේ පොත වැනි ඓතිහාසික සාක්ෂි විමසූ විට පෙනී යන්නේ අප සිංහලුන්ය.මේ දේශය බොදුනුවන්ගේ රටය වැනි සවිඥානිකත්වයක් බරපතල අර්ථයෙන් පොදුජනයා අතර නොපැවති බවයි)
ඇත්ත වශයෙන්ම අපගේ සදාචාරයේ අංගයන් ලෙස අද වන විට වර නැගෙන්නේ අතීත සිංහල සමාජයේ සදාචාරමය වටිනාකම් නොව බටහිර ක්‍රිස්තියානි සමාජවල පැවති වටිනාකම්ය.එනම් අප "අපේ දෙයක්" යනුවෙන් වැලදගෙන සිටින්නේ අතීතයේ අපේ සමාජවල පැවති දෙයක් නොව විදේශිකයන් විසින් අපගේ සමාජ මත ආරෝපනය කරන ලද වටිනාකම් සමූහයකි.
අවිවාහජ දරුවන් හා දික්කසාදය
මෙම තත්වය තේරුම් ගැනීම සදහා ඇති විචිත්‍ර අධ්‍යයන කලාපයකි ලංකාවේ නීතික්‍රම වල සංයුතිය.වර්තමාන ලංකාවේ නීති පද්ධතිය ප්‍රධාන වශයෙන් රෝම ලන්දේසි නීතියෙන් හා ඉංග්‍රීසි නීතියෙන් ආභාෂය ලබා තිබේ.මේවා යටත්විජිතවාදීන්ගේ නීතිය.ඕනෑම සමාජයක නීතියක් එම සමාජයේ ඇති සදාචාරමය වටිනාකම් වල හරය ප්‍රතිබිම්භනය කරයි.මධ්‍යකාලීන යුරෝපා සමාජ දැඩි ලෙස ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායෙන් ශික්ෂනය වූවකි.ක්‍රිස්තියානිය විවාහය පරම දෙයක් ලෙස පිලිගනී.දෙවියන් වහන්සේ විසින් යුවලක් එකතු කරන්නේ යලි වෙන්කිරීමට නොවේ යන පදනම මත දික්කසාදය කෙරෙහි කිතුසමය දක්වන්නේ අනුකම්පා විරහිත ආකල්පයකි.විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් එම සම්ප්‍රදාය තුල දැඩි ලෙස හෙලා දැකේ.මෙම ක්‍රිස්තියානි ආකල්පය මධ්‍යකාලීන ඉංග්‍රීසි නීතිය හා රෝම ලන්දේසි නීතිය සංවිධානය වීමේදී විශාල බලපෑමක් එල්ල කලේය.
ලංකාවේ සාමාන්‍ය නීතිය රෝම ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියේ බලපෑම මත සකස් වී තිබේ. මේ අනුව විවාහයෙන් පිට දරුවන් කෙරෙහි ( අවිවාහජ දරුවන් ) ලංකාවේ නීතිය දක්වන්නේ එක්තරා ආකාරයක නොසැලකිල්ලකි.විවාහයෙන් පිට දරුවෙක්ට පියාගේ දේපල වලට උරුමකම් කිව නොහැක.නඩත්තු ඉල්ලා සිටිය නොහැක.සාමාන්‍ය දරුවෙක්ට හිමිවන ඉහත කී අන්දමේ අයිතිවාසිකම් ගනනාවකින් අවිවාහජ දරුවන් ඉවත් කර තිබේ.මෙම ප්‍රතිපාදනය විවාහය පරම ලෙස සලකන,විවාහයෙන් පිට සබදතා අසංස්කෘතික ලෙස සලකන ක්‍රිස්තියානි තර්කනය තුලින් රෝම ලන්දේසි නීතිය තුලට පිවිසුන එකකි.
දික්කසාදය සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි නීතිය දරන්නේ දැඩි ආකල්පයකි.ඒ අනුව දික්කසාදයක් ගත හැකි වනුයේ අධිකරනමය විභාගයකින් පසුව පමනි.විවාහයක් කඩාකප්පල් වීම නිසා දෙපාර්ශවය ස්වේච්ඡාවෙන් වෙන්වීම ගැන අදහස රෝම ලන්දේසි නිතියද පිලි නොගනී.අනාචාරය හෝ ද්වේශ සහගත හැර යාම යන කරුනු දෙක උඩ පමනක් එම නීතිය තුල දික්කසාද වීමට ඉඩ ලබා දුන් අතර දික්කසාදයට පෙර යම් පාර්ශවයක වැරැද්ද උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීම අත්‍යවශය කරුනක් ලෙස ඒ තුල සැලකේ.මෙම නීති දෙකින් ආභාසය ලත් ලංකාවේ නීතියට අනුව අනාචාරය,ද්වේශ සහගත හැරයාම හා විවාහ වන අවස්ථාවේ තිබෙන සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවය නමැති සීමිත අවස්ථා තුන මත පමනක් දික්කසාද වීමට යුවලකට ඉඩ දෙනු ලැබේ.
![]() |
| ඒකභාර්යා/පුරුෂ ව්‍රතය සිංහල බෞද්ධ ද? |
මේ පිලිබද අවබෝධයක් වර්තමානයේ සීමිත මට්ටමකින් ඉතිරි වී තිබෙන උඩරට නීතිය හැදෑරීමේදී ලබා ගත හැක.උඩරට නීතිය ( තේසවලාමෛ නීතිය මෙන් ) ලංකාව තුල උප නීතියක් ලෙස පිලිගැනේ.එනම් උඩරට සිංහල ජනයාට යම් යම් විශේෂිත කරුනු වලදී පමනක් අදාල වෙන උප නීති ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ.උඩරට නීතිය යනු ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමට පෙර උඩරට පලාත් වල පැවති පාරම්පරික නිතියයි.සිංහල නිතියක් ලෙස පිරිසිදු අර්ථයෙන් සැලකිය හැක්කේ උඩරට නීතිය පමනකි යන්න එල්.ජේ.එම්.කුරේ වැනි ශාස්ත්‍රඥයන් දක්වා තිබෙන අදහසකි.
සිංහල සදාචාරය තුල උඩරට නීතිය
දික්කසාදය කෙරෙහි උඩරට නීතිය දක්වන ආකල්පය කවරක්ද?රෝම ලන්දේසි හා ඉංග්‍රීසි නීතියට වෙනස්ව උඩරට නීතිය යම් යුවලකට හුදෙක් එකිනෙකාගේ කැමැත්ත මත (mutual consent) දික්කසාද වීමට තිබෙන ඉඩ පිලිගනී.එනම් එකට විසීමට දෙදෙනා අකමැති නම්,නඩු පවරමින් විවිධ පූර්ව අවශ්‍යතා ඔප්පු කිරීමට වෙහෙසීම අවශ්‍ය නොවේ.සරලවම වෙන්වී යා හැක.මෙය පැහැදිලිවම විවාහය කෙරෙහි දක්වන ලිහිල් නිදහස්කාමී ආකල්පයකි.එවැනි දික්කසාදයකට අධිකරනමය ක්‍රියාවලියක් අනවශ්‍ය අතර රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ දික්කසාදය ප්‍රකාශ කිරීම පමනක් ප්‍රමානවත්ය.
අනෙත් අතට යුරෝපා නීතින්ට වෙනස්ව උඩරට නිතිය අවිවාහජ දරුවෙක්ට (විවාහයෙන් පිට සබදතාවක් නිසා උපදින දරුවෙක්ට ) පියාගේ දේපල උරුමය පිලිබද යම් යම් අයිතිවාසිකම් පිරිනමා තිබේ.විවාහයෙන් පිට උපදින දරුවෙක්ටත් විවාහය තුල සිටින දරුවන්ට වාගේම ඇතැම් අයිතීන් තිබේ යන්න පිලිගැනීම හරහා උඩරට නීතිය විවාහය නම් සංස්ථාව එතරම් පරම දෙයක් ලෙස සලකා නොමැත යන නිගමනයට ඒම අසීරු නොවේ.
මේ අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ආභාෂය ඇති විදේශ නීති ක්‍රම විවාහය පරමත්වයට නංවද්දී පිරිසිදු සිංහල නීතිය වන උඩරට නීතිය විවාහය වැනි නිල සබදතා එතරම් බැරෑරුම්ව සලකා නොමැති බවයි.නමුත් අද අප අපේ සිංහල සංස්කෘතිය යනුවෙන් පිලිගන්නේ විවාහය කෙරෙහි කොන්සර්වැටිව් ආකල්පයක් දරන ක්‍රිස්තියානි ආකල්පයද,නැත්නම් ඒ කෙරෙහි ඉතාම නිදහස්කාමී ආකල්පයක් දැරූ පැරනි සිංහල සමාජයේ ආකල්පයද යන්න සැලකීම මෙහිදී විනෝදජනක අභ්‍යාසයකි.අප "අපේ දෙය" ලෙස වැලදගෙන තිබෙන්නේ ඇත්තටම "අපේ දෙය" නොව විදේශික අනෙකකි!
ඒක භාර්යා ඒක පුරුෂ ව්‍රතය පිරිසිදු සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.එය ක්‍රිස්තියානි දායාදයකි.ලිංගික සබදතා කෙරෙහි දැඩි නිල ආකල්පයක් දැරීම පැරනි සිංහල සමාජවල ලක්ෂනයක් නොවේ.එය යටත්විජිතවාදය විසින් ආරෝපනය කල වටිනාකමකි.ගැහැනුන් ඇග වසා ඇදුම් හැදීම පැරනි සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.ඊට වෙනස්ව නිරුවත කෙරෙහි එම සමාජ දැක්වූ ආකල්පය අතිශය විවෘතය.නිරුවත වාරනය කිරීමද වික්ටෝරියානු දායාදයකි.
ගංගොඩවිල සෝම හිමි වරෙක කාලයකට ඉහත පලවූ පාරාදීසිය නම් සගරාව දරුනු ලෙස විවේචනය කලේ ගැහැනු නිරුවත අන්තර්ගත එවැනි ප්‍රකාශන සිංහල සභ්‍යත්වයට දැඩිලෙස හානිකර බව පවසමිනි.එම හිමියන් එවැනි දැඩි සදාචාරවාදී පෙනී සිටීමක් කරද්දී තමන් සිංහල සභ්‍යත්වය යනුවෙන් පරිකල්පනය කරගෙන සිටිනුයේ ඇත්ත වශයෙන්ම සිංහල සභ්‍යත්වය නොව බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයයි යන්න දැන නොසිටීම අතිශය උත්ප්‍රාසවත්ය.
බලය විසින් ඉතිහාසය අර්ථකතනය කිරිමේදී සිදුව තිබෙන මෙවැනි විකෘතිවීම් හැදෑරීම ඉතාම රසවත් අත්දැකීමක් වන්නේය.ස්වකීය දේශපාලන බලය රැකගනු වස් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දෙසැම්බර් 25 ජේසුගේ උපන් දිනයයි යනුවෙන් කල විකෘතිය අද වන විට ලක්ෂ ගනන් ක්‍රිස්තියානි ජනයා පරම සද්භාවයෙන් අදහන උත්කෘෂ්ට ඇදහීමක් බවට පත් ඇත්තේ යම් සේද,අනන්‍යතා අර්බුදයකින් පෙලුන මධ්‍යම පංතික චින්තකයන් සමූහයක් පාරම්පරික සිංහල බෞද්ධ සංස්කෘතිය වනාහි මෙයයි යනුවෙන් විකෘති ලෙස අර්ථනිරූපනය කල වටිනාකම් සමුදායක් සැබැවින්ම සිංහල සංස්කෘතිය යැයි අදහමින් ලක්ෂ ගනන් සිංහලයෝ අද වන විට සංස්කෘතිය සුරැකීමේ රාජ්‍ය මතවාදය වන්දනාමාන කරමින් සිටිති.



well said, 100% agree
ReplyDeleteඑකල සමාජය තුල දැඩි සිංහල හෝ බෞද්ධ මතවාදයක් නොතිබුන බව හැබෑ විය හැක,නමුත් එයට හේතුව වනුයේ එවැනි මතවාදයක් තිබීමට තරම් අවශ්‍යතාවයක් එකල නොතිබීමයි.අප ආගමට ජාතියට අගතියක් විය හැකි බලපෑමක් එකල නොතිබූ බැවින් දැඩි ජාතිවාදී ස්වරූපයකින් කටයුතු කිරීමක් නොතිබීම සිදු වී ඇත.බටහිර ජාතින් මෙහි පැමිණ අපව ඔවුන්ගේ ග්‍රහනයට නතු කර ගැනීමට විවිධ උපා යෙදුවද නොහැකි විණි.(උඩරට ආක්‍රමනයකින් යටත් කරගැනීමට නොහැකි විය)
ReplyDeleteඑකල අපට සමාජ සභ්‍යත්වය ආරක්ෂා කිරීමට විශේෂ නීති දැමීමක් අවශ්‍ය නොවුනා විය හැක.(සුරූපි කතකට දකුනේ සිට උතුරට වටිනා මැණිකක් අතින් ගෙන කිසිදු කරදරයකින් තොරව යා හැකිව තිබුනේ යැයි අප අසා තිබේ)
බටහිරයන් අපට ඔවුන්ගේ තකතීරු සමාජ විරෝධි සංකල්ප හා ජීවන ක්‍රමය අපමත බලෙන් පටවා අපව සංස්කෘතිකව යටත් කරගැනීම මනා කොටම සිදු කලේය,,ඔවුන්ගේ සමාජයේ තිබූ බිඳවැටීම වලකා ගැනීමට නීතිරීති දැමීමට ඔවුන්ටම සිදුවිණි,අපගේ සමාජයේද සමාජවිරෝධි ක්‍රියා ඔවුන්ගේ සංස්කෘතික ආධිපත්‍යයට පිං සිදුවන්නට සිදුවන කල බටහිරයන් අපට ඇඟිල්ල දිගුකර නොබියව පැවසූයේ අප සභ්‍යත්වයක් නැති අසංවර ජාතියක් බවත් ඔවුන් සභ්‍යත්වයක් ඇති නීතිගරුක සමාජයක් බවයි.
ඒ නිසා අපටත් දැන් බටහිරයන්ටත් වඩා නීති දමා සමාජය ආරක්ශාකරගත යුතුව ඇත.නීතිවලින් නොව ස්වයං හික්මීමෙන්ම රැකගත් උතුම් සමාජයක් තිබූ අපව විනාශමුඛයට ඇද දමා නැවත නීති මගින්ම සුවපත් සමාජයක් ගොඩ නැගීම පහසු නැත,මක්නිසාද යත් අප උඩුකය නිරුවත්ව ගැහැණුන් සිටි සමාජයක අසීලාචාරකම්වලින් තොරව විසීමට තරම් හික්මීමක් ඇති ජාතියක් නිසාවෙන් හා අප නීතිවලට වඩා හික්මීමෙන් අවනත වූ ජාතියක් නිසාවෙනි
ඔබගේ මතයට 100% එකඟවිය නො හැක්කේ ඒ නිසාවෙනි.
දැන් අපිට වෙලා තියෙන්නේ මේකයි අපි අමුඩෙට උඩින් කලිසම ඇදලා.රාමා කියන කතාව සම්පුර්ණ ඇත්ත.සංස්කෘතිය කියල අපි අල්ලගෙන ඉන්නේ සුද්දන් ගෙන් ඇහිදගත්ත කුණු මාලු කෑල්ලක්.
ReplyDeleteමේක කථාවට හොද ඌණ පුර්ණයක් මගේ බ්ලොග් එකේ තියෙනවා sex,magic සහ අපි කියලා.
ගිහින් බලන්න www.piyambanna.blogspot.com
Good and a timely article. But sadly general public is carried away by the culture defined by the power.
ReplyDeleteCant write in Sinhala, too busy.
ReplyDelete-------------------------
It is true that there was nothing called a "Pristine Sinhala Buddhist culture" Dr. Silva and Amarasekara has said this at various times.
No one has claimed that Sinhala Buddhist culture is the most immaculate, pristine pure culture in the world, if so why dont you provide us with the link?
මෙම කතිකාවතට අනුව මත විනාශකාරී දෙයකි.ගැහැනු නිරුවත හෙලා දැකිය යුත්තකි.ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.හේතුව ලෙස බලධාරින් දැක්වූයේ එය "සදාචාරයට".................
None of these are unique to Sri Lanka, many countries around the world has much similar policies and social acceptance on these matters.
Nudity is restricted in many countries around the world, even in western christian countries.
We all know how lovers behave in Gallface green and in Viharamadevi park (may be you were not born at that time), this is called public lewdness, and is prohibited by law in many counties (even in USA).
No one has claimed that sanctity of marriage is a Sinhala Buddhits feature, why dont you provide us with a link.
These features are seen in many cultures and all of them claim those as unique to them.
The western liberal movement might be different, but according to many scholars like Dr. Sam Huntington it is a dying movement.
You claim that Nationalist like Dr. Silva and Amarasekra has perceived a none existing "pristine Sinhala Buddhist culture" out of western decency, but you have perceived the Nationalistic movement as a narrow restrictive, conservative movemnt that depend on western conservative idologies.
Your description of the Nationalist movement cannot be any further from the truth.
What you have done is created a dummy , named it "Sinhala Buddhist nationalistic movement" and beaten it, till it fall.
Why? are you afraid to tackle the real ideological challenges prompted by the Nationalistic Movement?
@ පුරවැසියා
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි.ඔබ ලිපියේ අදහස හරියට තේරුම් ගෙන නැති බවයි හැගෙන්නේ.ප්‍රශ්නය "සමාජ සභ්‍යත්වය" ආරක්ෂා කිරීමට නීති පැනවීම අවශ්‍යද නැද්ද යන්න නොවේ."සමාජ සභ්‍යත්වය" - සිංහල බෞද්ධ සභ්‍යත්වය - යනුවෙන් අදහස් කරල තිබෙන දේ කුමක්ද යන්නයි.මෙය සැබැවින්ම සිංහල බෞද්ධ සභ්‍යත්වයක්ද?නැතිනම් සිංහල සමාජය මත ආරෝපනය කරන ලද යුරෝපීය වටිනාකම් සමූශයක්ද?මතු කරන්න උත්සාහ කරල තියෙන කරුන ඒකයි.
@ දේශපාලුවා
//What you have done is created a dummy , named it "Sinhala Buddhist nationalistic movement" and beaten it, till it fall//
අනගාරික ධර්මපාල,නලින් ද සිල්වා සහ ගුනදාස අමරසේකර වර්ගයේ අය ගේ මතවාදය ගොඩනැගිලා තියෙන්නේ අතීතයේ සිංහලයාට තිබුනු නමුත් යටත්විජිතවාදය නිසා මග හැරුනු සාරයක්/උරුමයක් තිබෙනවා,අපගේ සතුට සහ ගැලවීම තියෙන්නේ ඒ අහිමි වූ සාරය සොයාගැනීම මතයි කියන පදනම උඩ.නිර්මල - දූෂනය නොවූ සිංහලත්වය පාදා ගැනීම කියන අදහස එන්නෙ එතැනින්.
"එහිදී බටහිර මතවාද වලින් ස්වාධීනව අපේම මතවාද හා දර්ශන සකස් කරගැනීම ප්‍රධාන කටයුත්තක් වේ.පූර්න නිදහස දිනා ගැනීම සදහා අනිවාර්ය අවශ්‍යතාවයක් වනුයේ "නැවත" ( අවධාරනය මගේ ) සිංහල බෞද්ධ රාජ්‍යය මෙරට පිහිටුවිමයි"
නලින් ද සිල්වා - නිදහසේ පහන් ටැඹ - 4 පිට
ප්‍රශ්නය ඒ අහිමි වූ සංස්කෘතික වටිනාකම් විදිහට මේ අය යෝජනා කරන්නේ සැබැවින්ම පූර්ව ධනවාදී ලංකාවේ තිබුන වටිනාකම්ද කියන එක.ඒක එහෙම නම් මොවුන් නිදහස් ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.ඒකභාර්යා පුරුෂ ව්‍රතය වෙනුවට වෙනත් ලිංගික බැදීමේ ආකාර තිබිය හැකියි කියන එක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.නිරුවත කෙරෙහි ලිහිල් ආකල්පයක් වෙනුවෙන් කතාකල යුතුයි.මන්ද පූර්ව යටත්විජිතවාදී ලංකාවේ පැවති සංස්කෘතික සාරය එවැනි එකක්.
නමුත් ඒ වෙනුවට අද ප්‍රවර්ධනය වෙමින් තියෙන්නේ මොනවාද?නිරුවත කෙරෙහි තිබෙන බරපතල විරෝධය පවතින සිංහල බෞද්ධ සංස්කෘතික කතිකාවේ ලක්ෂනයක්.එවැනි දෙයක් කියා තිබෙන්නේ නලින් ද සිල්වාගේ කුමන පොතේද කියල අහන එක විහිලු ප්‍රශ්නයක්.නලින් ද සිල්වලා කරන්නේ එවැනි දෘෂ්ටිවාදයකට අවශ්‍ය කරන මතවාදී පසුබිම හදන එක විතරයි.ඒ පසුබිම තුලින් පැන නැගෙන ක්‍රියාවලිය තියෙන්නෙ මහ පොලොවේ.එම නිසා සැබෑ සිංහල බෞද්ධත්ව කතිකාවතේ ස්වරූපය සෙවිය යුත්තේ මහපොලොවේ සිදුවන දෙයින් මිස පොත්වල අකුරු තුලින් නෙමෙයි.
නිදසුනක් විදිහට දලදා මාලිගාවට ත්‍රී ක්වාටර් කලිසමක් ඇදගත්ත තරුනියකට යන්න දෙන්නෙ නැහැ.මේක තමයි පවතින කතිකාවතේ ස්වභාවය.මේක සසදන්න අවශ්‍ය අමෙරිකාව හෝ යුරෝපය සමග නෙමෙයි.අතීත සිංහල සමාජය තුල එවැනි දේට තිබුනු අවස්ථාව සමග.වර්තමානයේ සංස්කාතික උරුමය යනුවෙන් උඩ දාන්නේ පිරිසිදු සිංහල සංස්කෘතික ලක්ෂන නෙමෙයි වික්ටෝරියානු කොන්සර්වැටිව් අගයන් සමූහයක් කියන එක පැහැදිලි වෙන්නේ එතනදී.
අප බෞද්ධ රාජ්‍යයකැයි කෙතරම් පුරසාරම් දෙඩුවද මෙකල ජීවත්වනුයේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල බව වටහාගත යුතුය.සැබෑ බෞද්ධ සංස්කෘතියක් තුල බෞද්ධ ආකල්ප හා හරයන් සමාජගතව පැවති එකල සමාජය තුල තිබු සිංහල සමාජ ලක්ෂණ සකස් වී තිබුනේ මෙකල සභ්‍යයැයි කියන සමාජ ලක්ෂණවලින් නොවන්නට පුලුවන ,ඒ එකල මෙකල මෙන් කාම හා බල ලෝබී ජීවන ක්‍රමයක් නොතිබූ බැව්නි.විවාහය ආදී කටයුතුවලදීත් සිංහලයන් ලිහිල් ක්‍රමවේද සකස් කරගෙන සිටින්නට ඇත්තේද ඒ නිසාවෙනි,
ReplyDeleteනමුත් මෙකල බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල කාම හා බල ලෝබී වූත් අතිශය තරඟකාරීවූත් ආකල්ප සහිතව ජීවත් වන අපට එකල පැවති ලිහිල් ක්‍රමවේදවිතා කරන්නට ගියහොත් බටහිර සමාජය කඩාවැටෙන වේගයටත් වඩා වේගයෙන් අපගේ බෞද්ධ සමාජය කඩාවැටීම ස්ථිරය.
අනෙක් අතට එකල සමාජය තුල පැවති ලක්ශන මෙකල සාමාජය තුලත් ක්‍රියාත්මක කල යුතුයැයි නියමයක්ද නැත.නමින් බෞද්ධව ක්‍රියාවෙන් බටහිර ක්‍රිස්තියානුවන් ලෙස ජීවත්වන බහුතරයක් සිටින සමාජයකට බටහිර වික්ටෝරියානු උපක්‍රම මගින්ම පහර දී යම් පමනකට හෝ සංවර පිරිසක් ඇති කල හැකි වේ,
දීර්ඝ කාලීන වැඩපිලිවලක් මගින් හැකිනම් සමාජයේ ආකල්ප වෙනසක් මගින් නැවත සැබෑ බෞද්ධ සමාජයක් ගොඩනැගුවහොත් නැවත පැරනි බෞද්ධ "අපේ දෙය` සමාජය තුල ක්‍රියාත්මක කල හැක.
Blogger Ramachandra said...
ReplyDelete........................
"එහිදී බටහිර මතවාද වලින් ස්වාධීනව අපේම මතවාද හා දර්ශන සකස් කරගැනීම ප්‍රධාන කටයුත්තක් වේ.පූර්න නිදහස දිනා ගැනීම සදහා අනිවාර්ය අවශ්‍යතාවයක් වනුයේ "නැවත" ( අවධාරනය මගේ ) සිංහල බෞද්ධ රාජ්‍යය මෙරට පිහිටුවිමයි"
නලින් ද සිල්වා - නිදහසේ පහන් ටැඹ - 4 පිට....................
මෙකෙන් මම කිව්ව දේ ඔප්පුවෙනවා.
නලින් ද සිල්වාවේ ලිපියක මූලික සන්ධර්භයෙන් පිටතට ගත් මෙම සටහනෙනුත් පේනවා , ජාතික ව්යාපාරයේ අරමුනු සoස්කෘතියේ මතුපිට තියේන, ලිගිකත්වය, ත්රික්වාටර් කලිසම්ද කොට කලිසම්ද? එහෙමත් නැත්තම් පොදු ස්ථාන වල පෙම් කිරිමේ නිදහසද කියන ඒවා නොව සිoහල බෞද්ධ ම්තවාද නිර්මානය කරන චින්තනය පාදා ගැනීම බව. මේ චින්තනය පැවතිය හැක්කේ සිoහල බෞද්ධ සමාජයක පමනක් නිසා එම චින්තනය ඇතිකරගට්ත හැක්කේ සිoහල බෞද්ධ සමාජයක් බිහිකිරීමෙන් බවයි නලින් මෙතන කියන්නේ.
මේසමාජයේ ගැහැනු උඩුකය වහනවාද?, තිරීක්වාටර් කලිසම් අදිනවාද? කියන ඒවා ජාතික ව්යාපාරයට ප්රශ්න නෙමෙයි, අපිට තියෙන ප්රශ්න, ඒ සමාජයෙන් වත්මන් ලෝක අර්බුද වන, ගෝලීය උනුසුම්වීම, බලශක්ති අර්බුදය, ආහාර ප්රශ්නය වැනි ප්රශ්න වලට විසදුම් ලැබෙනවාද? සිoහල බෞද්ධ චින්තනය පාදා ගත හැක්කේ කෙසේද? බටහිර විද්යාවෙන් අපට උකහාග්ත හැක්කේ මොනවාද? එය කරන්නේ කෙසේද? (නලින් ගේ විද්යා කතන්දර බලන්න)
මෙන්න මෙවයි අපිට තියේන ප්රශ්න, මෙවා මගහැරලා ගෑනුන්ගේ නිරුවත් උඩුකය ගැන, ත්රීක්වාටර් කලිසම් ගැන කතා කිරීමෙන් පේනවා, උඹ වoචනික ලෙස ඒ සාකච්චාව ම්ගහරින බව නැත්තම් ඒසදහා අවශ්ය විද්වත් විනය සහ අවoක කම (interlectual discipline and honesty) උඹට නැතිබව.
උඹලට පුළුවන් ජාතික ව්යාපාරය කියලා පඹයෙක් හදලා ඌට වැටෙන්න ගහන්නයි, මෙවාට ගැලරියෙන් එන විසිල් වලට චූන් වෙන්නයි විතරයි.
ඒ විතරක් නෙමෙයි, මම ම්ගේ මුල් කොමෙන්ට් එකෙන් ඉල්ලපු සාක්ෂි, (Link) ඉදිරිපත් කිරීමත් උඹ ලැජ්ජා නැති විදිහට මග හැරලා.
Rama uba genne aluth tharka nemeine.. you just put some observations but no consistent conclusion.
ReplyDeleteEverybody just look at the following link.
this article was written by Nalin de silva on Sinhala Buddhist marriage.
http://www.kalaya.org/files/v226.pdf
අද තිබෙන "සිංහල බෞධ " සංකල්පයක් එදා තිබුනා කියා කීමට නුපුලුවන . එදා තිබුනේ අදික කුලවාදී වැඩ වසම් සමයක්. මා දන්නා තරමින් ඔය ජායාරෑපයේ ඉන්නේ පහත් යැයි සම්මතව තිබු රොඩී කුල කාන්තාවන්ය. ඔව්න්ට උඩුකය ආවරනය කිරීම එකල තහනම්ය. අනික රොඩීගම්මාන වලට අනිකුත් වැසියන් යාම යීම නොකල අතර ඔවුන් ගම්මාන වල ඇවිදිමින් සිගමන් යැදීමෙන් ජීවත් වුහ. එසේ යන විට ගම්මාන වල වැසියන් තම දරුවන් ඔවුන් ඇස නොගැසීමට වග බලාගත්හ.
ReplyDeleteඑදා තරුණිය සහ තරුණයා වැඩිවය පැමිනි සැනින් දීග දීම සිරිතක්ව පැවතිනිසා අද මෙන් තම හැගීම්පාලනය කරමින් ඉගෙන ගැනීම වගේ දේවල් කරන්න වුවමනාවක් නොතිබුන නිසා අද පවතින සංකීර්න තත්වය එදා සමග සන්සන්දනය කිරීම යුක්තිසහගතද ?
සිoහල බෞද්ධ සමාජය සුපිරිසිදු නිර්මල, පරමාදර්ශී සමාජයක් කියලා ජාතික ව්‍යාපාරයේ කිසිකෙනෙක් කියලා නැහැ, එහෙම කියලා තියෙනවානම් පෙන්නලා දෙන්න කියන අභියෝගය තාමත් විවෘතයි.
ReplyDeleteමේ ලිපිය කියවපු ගමන් මුලින්ම මගේ හිතට ආපු හැගීම සාම්ප්රදායික වාමාoශිකයන්ගේ ජාතික ව්යාපාරය ගැන ලියන සාම්ප්රදායික විවේචනයක් කියෙව්වාම ඇතිවන හැගීමයි. ඒ මොකද ඒ ලිපිවල තියෙන මූලික ලක්ෂන හැම එකක්ම මේ ලිපියෙත් දකින්නට ලැබීමයි.
ඒවා නම්
1. ජාතික ව්යාපාරයේ කවුරුත් ප්රකාශ නොකල දෙයක් ජාතික ව්යාපාරයේ මතය ලෙස අර්ථදක්වා එයට පහර ගැසීම.
2.ජාතික ව්යාපාරයේ මතවාද මගහැර, සිoහල සoස්කෘතියේ මතුපිට ලක්ෂන වන, විලාසිතා, සිරිත් විරිත් ආදිය විවේචනය කිරීම.
3.සිoහල සoස්කෘතියේ පරිධියේ පවතින සoස්කෘතිකාග සාහසික ලෙස මුළුමහත් සoස්කෘතියටම සාමාන්යකරනය කිරීම.
4.තමන්ගේ මතය සාධනය කරන සුලුතර සාධක පමනක් හුවාදක්වා, ඊට විසවාදීවන සාධක බහුතරයක් වුවද සාහසික ලෙස පාඨකයන්ගෙන් වසන්කිරීම.
දැන් sickOfMorons ගේ කොමෙන්ට් එකයි, ඒ ලින්ක් එකෙ ලිපියය කියෙව්වාම පේනවා, මේක සාම්ප්රදායික වමට එහා ගිහින්, නලින් ගේ ලිපියක අදහස් හොරකම් කරගෙන විලිලැජ්ජා නැතිව තමන්ගේ අදහස් වගේ ප්රකාශකිරීමක් බව. නලින් ගේ ලිපියේ අදහස් පමනක් නොව්යි එකේ එන වචන පවා ගෙඩි පිටින් මේ ලිපියේ දක්නට ඇත.
අපේ රටේ වාමාoශිකයන්ගේ බුද්ධිමය බකොලොත්බව හා වචනික බව මේ ලිපිදෙකෙන් මැනවින ප්රදර්ශනයවෙනවා.
විලිලැජ්ජා නැතිකම රාමචන්ද්රකමටත් වඩා ලොකුයි.
//"සියවස් ගනනාවක් ගතවී අද වන විට දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන් දිනය බව ලොව පුරා ලක්ෂ ගනන් ක්‍රිස්තියානිහු සද්භාවයෙන් විශ්වාස කරති"//
ReplyDeleteකිසිදු ක්‍රිස්තියානි පුද්ගලයෙක් ජේසු තුමා උපන්නේ දෙසැම්බර් 25 දිනදීමයැයි විශ්වාස නොකරයි. ජේසු තුමා උපන් දිනය ගැන කිසිදු තොරතුරක් නැත. එම දිනය හරියටම කුමක්දැයි සෙවීමේ උවමනාවක්ද නැත. නත්තල ලෙස ක්‍රිස්තියානීන් සමරන්නේ ජේසුතුමාගේ උපන්දිනය නොව ජේසුතුමා මෙලොවට උපත ලැබූබව අනුස්මරනය කිරීමේ (දෙවියන් මනුසත් බව ලබා මෙලොවට පැමිනීමේ) උත්සවයයි.
අනෙක් කරුනනම් රෝමවරු දෙසැම්බර් 25 ක්‍රිස්තුන්වහන්සේගේ උපත අනුස්මරනයට තෝරාගැනීමට හේතුව මෙහි දක්වා ඇත්තේ නොමග යැවෙන සුලු ලෙසය. පුරාන රෝමය දෙසැම්බර් 25 වන දින "නව හිරු" ගේ උත්සවය සැමරීය. ඔවුන් ක්‍රිස්තියානිය වැලදගත් පසු පෙර පැවති විශ්වාසයන් අත්හල අතර, ජේසු තුමා ලෝකයේ ආලෝකය බවට වන බයිබල් ඉගැන්වීම පදනම් කරගෙන ලොවට ආලෝකය උදාවීමේ ප්‍රීතිය අනුස්මරනය සදහා ඔවුන් අතීතයේ සැමරූ නව හිරු උදාවීමේ උත්සව දිනයට ක්‍රිස්තියානි අර්තකථනයක් දෙමින් එය සැමරීමට පටන් ගති. නත්තල් උත්සයයේ ආරම්භය මෙයින් සිදු වූ අතර, එය රහසක් හෝ රැවටීමක් නොව සියලුම ක්‍රිස්තියානීන් පිලිගන්නා කරුනකි.
රාමචන්ද්‍ර, මගේ ලිපියත් කියවලා කොමෙන්ට් එකක් දාන්න
ReplyDeleteVery timely and well-written article. This is very thought-provoking reading for young Sri Lankans, & I sincerely hope more and more people will read this....
ReplyDeleteAbout the comments opposing Ramachandra's ideas, some commentors certainly come up with food for thought, but none of these ideas are strong enough to refute Ramachandra's elucidation...the colonizers f***ed up our sociocultural structure, and until this very day, we have not understood this salient reality as a society, and therefore haven't taken any concrete measures to overcome this curse....
To Ramachandra: please continue your excellent writing on these issues!
මම බෝම්බයක් ගහන්නයි යන්නේ.....
ReplyDeleteමුස්ලිම් අය මේක වැරදියට අල්ල ගන්න එපා..
අනගාරික ධර්මපාලගේ මුණුබුරාලා ටික රොත්ත පිටින් ගිහින් මුස්ලිම් උනේ ඇයි...?
I did not read all the comments here as yet, but I noted that there has been a blame (quite correctly) that Ramachandra is not taking Nalin De Silva and his ideology headon, but beating a straw man. Here is a link to my attempt to taking one aspect of Nalin De Silva's ideology headon. However, note that I am addressing only one aspect which is "Sinhala Buddhist knowledge system" or "Sinhala Buddhist science" as purported by Silva and Co.
ReplyDeletehttp://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypse
link Understanding Nalin
ReplyDeleteනියම පෝස්ට් එකක් රාමා. 100% ක් එකඟයි. බටහිරට බැන බැන මේ කට්ටිය සුරකින්නේ වික්ටෝරියානු ආභාෂය.
ReplyDeleteරටක ඉතිහාසය දිග වෙනකොට, අන ජාතින් සමග මිශ්‍ර වෙනකොට එ රටේ සමාජ ජිවිත වඩාත් ප්‍රායෝගික වෙනවා. ලංකාවේ සුද්දන් එන්න පෙර යුගය එවැන්නක්. නමුත් කාර්මික විප්ලවෙන් අසාමාන්‍ය දියුණුවක් ලැබූ සුද්දන් එවකට බොහෝ පසුගාමියි. හැබැයි මේ සමාජ මිශ්‍රවීම අපෙන් ලබා ගත් උන් අද වඩාත් ප්‍රායෝගික වූ ජිවිත ගෙවද්දී, උගෙන් එදා ලද සංස්කෘතිය අන්ධ භක්තියෙන් අදහමින්, උන්ගේ අද සංස්කෘතිය පිළිකෙව් කරනවා අපි.
හරියට කොල්ලුපිටියට කොල්පෙටි කියන්නා වගේ.
මේ කතාවේ අමතක කල නොහැකි පිරිසක් තමා පරම විඥානාර්තයින්. මේ ගොල්ලන් ක්‍රිස්තියානි විදිහට බුද්ධාගම මෙහෙයවූ පිරිසක්. එක අතකින් අද ලංකාවේ බුද්ධාගම තියෙන්නේ මේ අය නිසා. අනික අතින් ඒක හරියට නැත්තෙත් මේ අය නිසා :)
එදා කොන්ස්ටන්ටින් කල දේමයි අද ඉන්න පාලකයින් කරන්නේ. තමන් නොඅදහන බොරු සිංහල සංස්කෘතියක් වැඩේන්න පොර දාන එක. රෝම රාජ්‍ය තුල ක්‍රිස්තියානිය එකම ආගම කල කොන්ස්ටන්ටින් මියයන තුරු බෞතුස්ම නොලබා සිටි [ක්‍රිස්තියානි නොවූ] කෙනෙක්.
රජා උගුරට හොරා බෙහෙත් බොනකොට බඩ විරේක යන්නෙ ජනතාවටයි.
අනේ මම නම් ඔය කටවත් ග්‍රරහන් නැ .
ReplyDeleteඅපිට තියෙන නිර්මල බෞද්ධ දර්ශනයෙන් කියන්නේ
මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියලා.එක තමයි නියම
දර්ශනය.වැඩි දුර විස්තර බලන්න මගේ වෙබ් එකට එන්න.
www.prasanna.com
googl වලින් යන්න.
සමාජ සභ්‍යත්වය හා සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබඳ නිවැරදි ඉතිහාස කාතාව වෑසී ඇති බව හා වැරදියට තේරුම් ගෙන ඇතිබව පිළිගත් යුතු සත්‍යක්. නමුත්, අද නිරුවත හා ලිංගිකත්වයේ නිදහස් හැසිරීම ගැන කතා කරන පිරිස රට ඇදගෙන යන්නේ අපේ අනන්‍යතාවක් තියෙන රේල් පීල්ල දිගේද, නැත්තන් බටහිරට හැරුනු පීල්ල දිගේද? (මේ මාතෘකාවක් සැපයුවා පමණයි )
ReplyDeleteඔබ දක්වන අදහස් වලින් ජාතිකවාදී ප්‍රවාදයන් හෝ එහි ප්‍රත්‍යක්ශයන්ට පහරක් එල්ල වී නැත. අසාර්ථක උත්සහායක්.
සි0හල බවුද්දයාට පහර ගසා සයිබ අවකාශයේ අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට ගත් තවත් එක් අසාර්තක උත්සාහයක අවසන් ප්‍රතිපලය කැටිවූ ලිපියකි. නලින් ද සිල්වා අනෙකා කරගෙන ජීවිත කාලයම පොරබදින බවක් ලිපිය පුරාම දිස්වෙයි. සි0හල බවුද්දයාට මෙවැනි අය ගැන තේරුම් ගැනීමට ඉව ඇත. පවු දුක හිතනෙවා.
ReplyDeleteමට තේරෙන්නේ නැහැ ඔය තමන්ගෙයි කියාගන්න සංස්කෘතිය මොකක්ද කියල.ලෝකයේ හැම සංස්කෘතියක්ම එකිනෙකාකගේ ආබාසයන් සම්මිශ්‍රනයන්. අපි අපිටම ආවේනිකවූ මොනවද අද තිබෙන්නේ. අවම වසයෙන් අද ජාතික දජයේ ඉන්න සිංහයව අපි කොහෙන් කවදද කොපිකර තියෙන්නේ.සිංහල බාසාව හැදිලා තියෙන්නේ කොහොමද. නිර්මල බුද්ද දර්සනයටත් නිගරුවෙන විදිහට එය ආගමක් ලෙස විකුර්තිකොට එයට සිංහල කොටසකුත් පටලවාගෙන කරන විකාරය මොකක්ද. දර්සනිකයන්ට වෙලා තියෙන්නේ සමාජය සත්‍ය තේරුම්ගත්තොත් කියා තියන බියයි.
ReplyDelete