Thursday, October 28, 2010

ශිෂ්‍ය ත්‍රස්තවාදය සමතලා කිරීමේ මෙහෙයුම


"ශිෂ්‍ය ත්‍රස්තවාදය" : රජයේ නවතම දේශපාලන දඩයම

ජය සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය අතර සිවිල් යුද්ධය මේ වන විට රටේම මාතෘකාව බවට පත්ව ඇත.මෙම මොහොත වන විට රට පුරා සරසවි වල සිසුන් 28 ක් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර 203 දෙනෙකුගේ පංති තහනම් කරනු ලැබ ඇත.අජිත් පැරකුම් ජයසිංහට අනුව මෙය අන්තරය කොටි ලෙසද උදුල් ප්‍රේමරත්න ප්‍රභාකරන් ලෙසද නම් ‍කොට සිදුවන දැවැන්ත හමුදා මෙහෙයුමකි.සෑම දිනෙකම කුමන හෝ සිදුවීමක් වාර්තා වේ.අතෙකින් ශිෂ්‍ය වර්ජනය.පෙලපාලි යාම්ය.හූ කීම්ය.අනෙත් අතින් විශ්ව විද්‍යාල ප්‍රචන්ඩත්වය පිලිබද විද්වතුන්ගේ අදහස් දැක්වීම්ය.පොලිස් බැටන් පොලු පහරවල්ය.විනය අකුරට ක්‍රියාත්මක කරන ලෙස පැවසෙන ජනපතිදුන්ගේ පිතෘ ස්නේහයෙන් පිරි ආඥාය.සිසුන් දෙතුන් දාහක් වුවද සරසවි වලින් දොට්ට දමන්නට තමන් මැලි නොවන බවට පාරම් බාන එස්.බී.දිසානායක ඇමැතිගේ සාඩම්බර ප්‍රකාශයන්ය.

රජය පැහැදිලිවම ශුද්ධ කිරීමේ මෙහෙයුමකට එලඹ ඇති බව පෙනේ.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සරසවි පද්ධතියෙන් තීරනාත්මකව අතු ගා දැමීමේ ව්‍යාපෘතියකට රජය අත ගසා තිබේ.ශුද්ධ කිරීමේ මෙහෙයුම යනු මාඕවාදී ගරිල්ලන්ට එරෙහිව ඉන්දීය හමුදා කරන සංග්‍රාමයේදී යොදා ගැනෙන යෙදුමකි.ප්‍රචන්ඩ මාඕවාදීන් සුලුතරයක් විසින් අහිංසක බහුතර ජනතාව ප්‍රාන ඇපයට ගෙන තිබෙන නිසා එම සුලුතරය ශුද්ධ කොට දැමීම යුක්ති සහගත බව ඉන්දීය රජය මෙහිදී ගොඩනගන තර්කයයි.මේ අනුව එම ශුද්ධ කිරීම වෙනුවෙන් කෙරෙන ඕනෑම කටයුත්තක් සාධාරනය.ප්‍රචන්ඩ මාඕවාදීන් ශුද්ධ කරනු වස් කැරලි පවතින ප්‍රදේශ වලින් තෝරා ගත් සිවිල් වැසියන්ට ආයුධ පුහුනුව ලබා දී පැරා මිලිටරි කන්ඩායම් ආන්ඩුව විසින් සංවිධානය කරනු ලැබේ.මාඕවාදීන්ට ඉක්බිති පහර දෙනුයේ මෙම පැරා මිලිටරි කන්ඩායම්ය.මේවා ඉන්දීය රජය අර්ථකථනය කරන්නේ කෝපයට පත් ජනතාව විසින් ත්‍රස්තවාදීන්ට කල පහර දීම් ලෙසය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයට එරෙහිව ඉදිරියේදී පුලුල්ව සිදුවෙතැයි උපකල්පනය කල හැකි පැරා මිලිටරි පන්නයේ ප්‍රහාරයන්ගේ පලමුවැන්න ඊයේ ( 27) දින කැලනියේදී සිදු විය.ස්වාධීන රූපවාහිනී සේවය වාර්තා කල ආකාරයට අන්තරය නිසා පීඩාවට පත් සිය දූ දරුවන් වෙනුවෙන් "සරසවි සිසුන්ගේ මාපියන් සමූහයක්" කැලනියේදී පෙලපාලි දක්වා තිබේ.ආන්ඩුවේ ජනමාධ්‍ය විසින් "සරසවි මවුපියන්" ලෙස හැදින්වූ පිරිස පාරේ යමින් සිටි සරසවි සිසුවෙකු අල්ලාගෙන ඔහුට ප්‍රසිද්ධියේ පහර දෙනු ආන්ඩුවේ මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් නොවූවද වෙනත් මාධ්‍යයන් ඇසුරින් එම සිදුවීම රටටම දැකබලා ගැනීමට අවස්ථාව ලැබුනි.පොලිසිය සහ මාධ්‍යවේදීන් බලා සිටියදී සිසුවෙකු අල්ලා ගත් උද්ඝෝෂකයෝ එම සිසුවාට ඇති වන තුරු තඩි බෑහ.තම දරුවන්ව අන්තරයෙන් බේරා දෙන ලෙසට උද්ඝෝෂනය කරන මවුපියන් සරසවියේම අහිංසකයෙකු (දරුවෙකු ) ඇදලා ගෙන මහමග තඩි බාන්නට වීම තරමක් උත්ප්‍රාසවත්ය.නමුත් මෙම උත්ප්‍රාසය විසින් කැලනි සරසවියේ සිසුන් වෙත සිනහ වීමට ඉඩක් නොතබා ඒ වෙනුවට භයානක අනතුරු හැගවීමේ සංඥාවක් නිකුත් කර තිබේ.මවුපියන් ලෙස වර්න ගැන්වූ මර්වින් සිල්වා ප්‍රාදේශීය අධිපතිතුමාගේ ගෝල බාලයන් එම උද්ඝෝෂනයේදී මොර දුන්නේ "කැලනියේදී අන්තරේ සෙල්ලම් බැහැ" යනුවෙනි.හුදෙක් කැම්පස් සිසුවෙකු වීම ඕනෑම අයෙකුගෙන් ප්‍රදේශය තුලදී පහර කෑමට ලක්විම සදහා වන විවෘත වරෙන්තුවක් බවට පත්වීමේ අවදානමක් මේ තුලින් මතුව තිබේ.සරසවි සිසුන් යනු කඩාකප්පල්කාරින් සහ ත්‍රස්තවාදීන්ය යන පොදුජන මනෝභාවය රජය විසින් ගොඩනගා තිබෙන පසුබිමක මෙවැනි පහර කෑමක් වහා සාධාරනීකරනය කෙරෙනු ඇත.

අන්තරයෙන් විශ්ව විද්‍යාල බේරාගනු!
-කැලනි සරසවියේ සිසුවෙකුට පහර දෙන සරසවි "දෙමවුපියන්"
විශ්ව විද්‍යාල ආශ්‍රිතව මේ වන විට පැන නැගී තිබෙන මහා ආන්දෝලනය තේරුම් කෙරෙන ප්‍රවේශයන් දෙකක් මූලික වශයෙන් පවතී.පලමුව රජය විසින් මෙය ශිෂ්‍ය ව්‍යාපාරයේ,අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ සහ උදුල් ප්‍රේමරත්නගේ දඩබ්බරකමක් ලෙස විස්තර කෙරෙනු දැකිය හැක.රජයට අනුව මේ සියලු ප්‍රශ්න පසුපස සිටිනුයේ කචල්කාරයන් කිහිප දෙනෙකි.මෙම කචල්කාරයන් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වැඩකරයි.ඒ හැර පොදු සිසුන්ට ඇති ගැටලුවක් නැත.රජය සිතිජයටත් ඉහලින් දැකිය හැකි විශ්ව දරුවෙකු නිර්මානය කිරීමේ ව්‍යාපෘතියකට අත ගසා ඇති අතර පටු අදහස් ඇති මෙම කචල්කාරයන් කිහිප දෙනා දේශපාලන අරමුනු වෙනුවෙන් එම මහා ව්‍යාපෘතිය ක‍ඩාකප්පල් කරනු වස් නැති ප්‍රශ්න මවමින් සිසුන් මෙහෙයවයි.
දෙවනුව ශිෂ්‍ය ව්‍යාපාරය පාර්ශවයෙන් මේ සම්බන්ධව සිදු කෙරෙන පැහැදිලි කිරීමක් තිබේ.පේරාදෙනිය සරසවියේදී ඇමති එස්.බී ට විරෝධය දැක්වීම මත පුද්ගලික පලිගැනීමක් නිසා සිසුන් සිවුදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට ඇති බවත්,රජරටදී නාට්‍යයක් පෙන්වීමට උපකුලපති අවසර නොදුන් නිසා විරෝධතා පෑ සිසුන්ගේ පංති තහනම් කල බවත්,කැලනියේදී පිරිමි නේවාසිකාගාර වල සිසුන්ට ඉවත් වීමට නියෝග කර ඇති බවත් යනාදී වශයෙන් සිසුනට මුහුන දෙන්නට වී තිබෙන ප්‍රශ්න හා මර්ධනයන් ගනනාවක් පිලිබද ඔවුන් කරුනු දක්වයි.මෙම මර්ධනීය ක්‍රියා නිසා වත්මන් අරගල රැල්ල නිර්මානය වී ඇති බව මේ අනුව අන්තරය විසින් ප්‍රකාශ කෙරේ.

මෙහිදී ඉහත ප්‍රවේශයන් දෙක තුල සිර වී පොර බදිනු වෙනුවට මතුව තිබෙන ප්‍රශ්නයේ ස්වරූපය වඩා පුලුල් සන්දර්භයක් තුල විමසා බැලීම වඩා යෝග්‍ය වේ.ලංකාව තව දුරටත් සුභසාධක රාජ්‍යයක් නොවේ.සමාජ විෂමතා අවම කරනු වස් සුභසාධක සේවා සැපයීමේ මූලිකත්වය රජය විසින් ගැනීම පිලිබද සිද්ධාන්තය 80 දශකයෙන් මෙහා තවදුරටත් වලංගු නොවේ.මේ අනුව ආර්ථිකයේ සහ සමාජයේ සෑම සුභසාධක සේවාවකින්ම හැකි උපරිම දුරට ඉවත්වීම මෙම දශක කිහිපය තුල රජය විසින් සිදුකොට තිබේ.අධ්‍යාපන ක්ෂේත්‍රය පෞද්ගලීකරනය කිරීම සහ අධ්‍යාපනයේ වගකීමෙන් හැකිතාක් ඉවත් වීම මේ අනුව රාජ්‍යයේ දෘෂ්ටි ‍කෝනයෙන් බැලූ කල්හි අත්‍යවශ්‍ය තර්කානුකූල පියවරකි.පාසල් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පාසැල් පිහිටවූවා සේ තෘතික අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පෞද්ගලික විශ්ව විද්‍යාල සදහා අවසර දීම රජයේ පැත්තෙන් ගත් කල අත් හල නොහෙන,එසේම රජයේ ඇමතිවරුන්ගේ පැත්තෙන් ගත් කල කොමිස් කැන්දන ව්‍යාපාරයකි.

සුසන්තිකා මට්ටු කල මුවා මැරූ සලමන්
 ශුද්ධ කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන ඒජන්ත
කෙසේ වුවද ලංකාවේ ආර්ථිකය ලිබරල්කරනය කිරීමෙන් දශක තුනක් පමන ගතව තිබුනද තවමත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඉලක්කය වෙත සාර්ථකව පිවිසීමට රජය අසමත්ව තිබේ.මේ සදහා උත්සාහයන් ගනනාවක් ඉතිහාසයේ ගනු ලැබින.ඉන් කැපී පෙනෙන එක් උත්සාහයක් වූයේ 80 දශකයේ විශාල උද්ඝෝෂන රැල්ලකට හේතුව සැපයූ උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයයි.සිය විධායක බලය සහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් ශක්තිය ලද ජේ.ආර්.ජයවර්ධන ආන්ඩුව එහිදී සාර්ථකව පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ස්ථාපනය කලත් පසුව මතු වූ දැවැන්ත විරෝධතා විසින් ගත් පියවර පසුපසට ගැනීමට ආන්ඩුවට බල කෙරිනි.අද කැලනිය සරසවියට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨය යන නමින් සාමාන්‍ය පංතියේ දරුවන් බොහෝ පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙමින් තිබෙනුයේ සරසවි ප්‍රවේශය අහිමි වන ඉසුරුමතුන්ගේ දරුවන් ස්වල්පයක් වෙත පිරිනැමෙන බෝනස් අවස්ථාවක් ලෙස ආරම්භ කරන්නට යෙදුන එම උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයයි.

සෙසු සියලු ක්ෂේත්‍ර සාර්ථක ලෙස පෞද්ගලිකකරනය කිරීම සිදුවූවද උසස් අධ්‍යාපනය සම්බන්ධව එම කටයුත්ත අසාර්ථක වීම කෙරෙහි බලපෑ හේතුව කවරක්ද යන්න මෙහිලා සලකනු වටී.විවාදයකින් තොරව එවැනි පියවරකින් රජය වලකනු ලැබූ හේතුව වූ කලී පෞද්ගලීකකරනයට අන් කිසිදු තැනෙකින් පැන නොනැගි සංවිධානාත්මක විරෝධයක් විශ්ව විද්‍යාල තුලින් පැන නැගීමයි.සමූහ වශයෙන් එකට,වසර ගනනාවක් එකම අත්දැකීම් බෙදාහදා ගනිමින් ජීවත් වීම මත සරසවි ශිෂ්‍යයන් සංවිධානය කිරීම සාපේක්ෂව පහසු ක්‍රියාවකි.මේ තුල ශිෂ්‍ය ව්‍යාපාරය පසුගිය දශක කිහිපය තුලම ප්‍රබල වූද සංවිධානාත්මක වූද බලපෑම් කන්ඩායමක් වශයෙන් ක්‍රියාකරමින් සිටී යන්න කවරෙකු කැමති වුනත් අකමැති වුනත් පිලිගත යුතු සත්‍යයයි.
මෙම ව්‍යාපාරයට නායකත්වය දෙමින් සිටිනුයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයයි.මෙහිදී අන්තරය සරසවි තුල කරමින් සිටින දේශපාලනයේ සාධනීය පැති මෙන්ම එහි නිශේධනීය පැති ද සාකච්ඡාවට හසු විය යුතුය.නවකවදයේ ප්‍රචන්ඩභාවය,උද්ඝෝෂනය කිරීමට නොවටනා දේවලට පවා නිරන්තරයෙන් උද්ඝෝෂන සංවිධානය කිරීමෙන් විරෝධය දැක්වීම නැමැති ක්‍රියාවලියේ ඇති බර සමාජය ඉදිරියේ සැහැල්ලු කරගැනීම වැනි සීමාවන් හා දුර්වලතා අපමන අන්තරයේ ක්‍රියාකාරිත්වය තුල පවතී.කෙසේ වුවද මෙම ලියුම්කරුට අනුව එවැනි දහසකුත් සීමාවන් මධ්‍යයේ පවා උසස් අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරිමේ රජයේ වෑයම දුර්වල කරන බරපතලම බාධකය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයයි.

මෙහිදී වර්තමාන දේශපාලන මොහොත ද බැරෑරුම්ව සලකා බැලිය යුතුය.මේ මොහොත වනාහි මහින්ද රාජපක්ෂ රෙජිමය මෙරට අසහාය බල කේන්ද්‍රය බවට පත්ව ඇති මොහොතයි.විපක්ෂය සීල් තබා තිබේ.ජනමාධ්‍ය වල කොදු කඩා තිබේ.වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වලව ඇත.විකල්ප බලවේග යනුවෙන් දෙයක් ඇත්තටම නැති තරම්ය.
මේ අනුව එවැනි බලසම්පන්න  ඒකාධිපති රෙජිමයක බලවත් ඇමැතිවරයෙකුට සිය පරිශ්‍රය තුල හූ කියා විරෝධය පල කිරීමට තරම් ධෛර්යයක් සරසවි සිසුන් වෙත සැපයෙන්නේ කොතැනින්නද යන්න සැහැල්ලුවෙන් ගත යුතු කරුනක් නොවේ.ධම්ම දිසානායක,වාසුදේව වැනි විශ්‍රාම ගිය රැඩිකලුන්/සිවිල් සමාජය හෙල්ලූ "විප්ලවවාදී" චරිත සිය පැවැත්ම වෙනුවෙන් ඒකාධිපතිවාදය වන්දනා මාන කරද්දී ,එය ඉදිරියේ නගුට හකුලාගනිද්දී එවැනි රෙජිමයකට හූ කියා විරෝධය පෑම - මෙය විස්මය උපදන සුලු ව්‍යතිරේඛයක් නොවන්නේද?
තම හිසට ඉහලින් මැස්සෙකුවත් පියාඹනු දැකීමට බලයෙන් මත්ව සිටින වත්මන් රෙජිමය කැමති නැත.එවැනි පසුබිමක තමන්ට අභියෝග කිරීමට,හූ කීමට තරම් නිර්භය වන ශිෂ්‍ය ව්‍යාපාරය චප්ප කර දැමීමේ වියරු අවශ්‍යතාවය රජයේ පාර්ශවයෙන් මතු වීම ස්වභාවිකය.

මේ අනුව කරුනු කාරනා පෙලගැසෙන දිශාව එයයි.අවනත වෙනු!නැතිනම් විනාශ වීමට සූදානම් වෙනු! නම් ස්ලෝගනය යටතේ රජය සීඝ්‍රගාමීව ක්‍රියාමාර්ග තෝරමින් සිටී.කොලඹ විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය අවනත වී ඇත.ඒවාවල විරෝධතා නැත.ශිෂ්‍ය ක්‍රියාමාර්ග නැත.අධ්‍යාපනය පෞද්ගලිකරනය කරනවා තබා ලංකාව හෙට මුහුදේ ගිලුනත් ඒවායේ සිසුනට ඒ පිලිබද වගේ වගක් නැත.මහපොල ලැබෙනවා නම් ගනී.නොලැබෙනවා නම් ඒත් කමක් නැත.පුලුවන් විදිහකට ලුනුයි බතුයි කා හෝ ජීවත් විය හැක.ඕවට කතාකරන්න ගොස් සස්පෙන්ඩ් විය නොහැක.කොලඹ සරසවිය වැනි තැනක ශිෂ්‍ය සටන්වලට තබා කාලීන මාතෘකාවක් පිලිබද සංවාදයක් පැවැත්වීමටවත් ශිෂ්‍යයන්ට නිදහසක් නැත.

පවතින රජයට සරසවි සිසුන් ලෙස අවශ්‍ය කරනුයේ එවැනි අදේශපාලනික,අසංවේදී පංචස්කන්ධ සමූහයකි.සරසවි තුල දේශපාලනය එපා යනුවෙන් රජයේ දේශපාලන හෙංචයියන් සරසවි ඉදිරියේ උද්ඝෝෂනය කරන්නේ ශිෂ්‍ය සංවිධාන බලසම්පන්න වීම ආඥාදායක රජයට දේශපාලනික අභියෝගයක් වන හෙයිනි.සිය දුක් වේදනා ගැන කතාකල දෙමල ජාතිකයන්  රජයට අනුව දෙමල ත්‍රස්තවාදින් විය.අද ශිෂ්‍ය ත්‍රස්තවාදයක් ගැන කතා කෙරේ.හෙට සිය වැටුප වෙනුවෙන්,අර්ථ සාධකය වෙනුවෙන් කතාකරන කම්කරුවා/රජයේ සේවකයා වෘත්තිය සමිති ත්‍රස්තවාදියෙකු වනු ඇත.සැබැවින්ම අවිවිශිබමය සහ රජය අතර සිවිල් යුද්ධය ගල උඩ සටනකි.එය හුදෙක් සරසවි සිසුන්ට සීමා වූ ගැටලුවක් නොවේ.එය ලංකාවේ දේශපාලන හෙට දවස කුමන හැඩයක් ගනු ඇද්ද යන්න තීන්දු කරන තරමේ තීරනාත්මක සටනකි.

22 comments:

  1. අනේ බුදු අය්යේ පුද්ගලික විශ්ව විද්යාල පටන්ගැනීමේ ඇති වරද මොකක්ද කියල පැහැදිලිව කියන්නකො.

    ReplyDelete
  2. අපේ රට තුළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලය යනු කුමක් ද යන්න පිළිබදව පුලුල් අධ්‍යයනයක් සිදු කොට එහි කාර්යභාරය පිළිබදව සාමාන්‍ය මහජනතාව දැනුවත් කිරිම සිදු කිරිම කාළින අවශ්‍යතාවයක් වී ඇත.එය නිදහස් අධ්‍යාපනයට සිදු කර ඇති මෙහෙය කුමක්ද, එහි අන්තර්ගතය හා ක්‍රියාකාරිත්ව විනිවිද බාවය පොදු ජනයට අවබෝධ කර දීම තුලින් වඩා හොද ජන සහයෝගයක් විශ්ව විද්‍යාල සිසුනට ලබා දිය හැකි බව මාගේ විශ්වාසයයි.අවිවිශිබමය සැමදා කරලියට ඒන්නේ කිසියම් රජයක් විසින් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු කිරිමට සැරසෙන අවස්තාවලදි පමණි. නමුත් එසේ නොමැති අවස්ථාව කිසිම අවස්ථාවක අපේ රටේ අධ්‍යාපන ක්‍රමය රටට සමාජයට ගැපෙන ආකාරයේ වෙනසකට මුල පිරිමේ කතිකාවකට සාමාජයේ අවධානය ලබා ගැනිමට පෙළපාලි යන්නේ වත් අරගල කරනනේවත් නැත.මා මෙසේ ලිවිමට අදහස් කලේ වර්තමානයේ සරසවි සිසුනට අත්වී ඇති ඉතාමත් නින්දිත ඉරණමට වග කිව යුතු වන්නේ අවිවිශිබම වන නිසාවෙනි.

    ReplyDelete
  3. මා මෙම comment එක දමන්නෙ tharu22 මල්ලිට යමක් කියන්නත් මෙ සිද්දි ගෙන මගේ අදහස ප්‍රකාශ කිරිමටත්ය.(මා මෙ කියන දේවල් තේරුම් ගන්න නුබෙ පු0චි මොලේට පුලුවන්ද මන්දා. මොකො මට හිතෙන හෑටියට නුබ exam fail වෙලා ගෙදරට වෙල ඉදලා අති උනහම private campus එක කට හරි ගිහින් Doctor කෙනෙක් හරි Engineer හරි වෙලා පොර වෙන්න බලන් ඉන්න මන්දමානසික චරිතයක් නිසා).

    ශ්‍රි ලOකාවෙ ඉන්නා සියලුම මිනිසුන්ට අනිවර්යයෙන්ම හොද අ‍ධ්‍යාපනයක් අවශයයි.එකේ තර්කයක් නෑ. එහෙම උනොත් ගොඩක් අයගෙ ගොන් පාර්ට් වලට සමාජයෙ පිලිගනිමක් නෑතිවෙයි. ශ්‍රි ලOකවෙ අ‍ධ්‍යාපනය ලොකේ හොද පිලිගනිමක් තියෙන එකක්. ලOකවෙ degree එකටත් ලොකෙ හොන්ද පිලිගනිමක් තියෙනවා. එක එහෙම වෙන්න හෙතුව මෙහේ ඉගෙන ගෙන වෙනත් රටවලට ගිහින් එ රටවලදි හොන්දට වෑඩ පෙන්නපු නිසා නෙද?. නතුවා campus යන්න බෑරි වෙච්ච අය නිස නෙමේනේද?.

    පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙන මාගෙ අදහස නම්,
    අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශය වන්නේ Doctors හො Engineers ලාව බිහිකරන්න නොවෙ. හෙතුව අපිට ඔනෙතරම් එවෙනුවෙන් විශ්වවිද්‍යාල තියෙන නිසා. නමුත් ලොකයේ තියෙන නමුත් ලOකාවේ නෑති විශයන් (subjects) ඔනේ තරම් තියෙනවා. මෙවා උගන්වන්න ආන්ඩුවට කිසිම අවශ‍‍යතාවක් නෑ. අලුතෙන් course එකක් පටන් ගන්න සෑහෙන කාලයක් යනවා (තියෙන syllabus ඒක වත් වෙනස් කරන්නෙ නෙ කලෙට ගෑලපෙන්න). එක නිසා මෙවෑනි courses පටන් ගන්න අඩුම ගානේ private sector එකට ඉඩ දිමෙන් ළමයින්ගෙ දෑනුම පිපාසයවත් ස0සිදුව ගන්න පුලුවන්. ඔවුන් ලOකාවෙ jobs නේත්නම් වෙනත් රටකට හරි යය්.

    අන්තරේ ගෙන යමක් කියනවනම්.මිට කලින් දාපු comment එක සාදාරනයි. නමුත් අන්ඩුව කියන පරිදි සුචරිතවදි චරිත ඔනෙ තරම් university වල තියෙනවා. උන් කරන්නේ ගිරවා දාලයි, ගුරුවරුන්ගෙ පස්සෙන් ගිහින් උන්ට මුට්ටි අල්ලා first class එක සාක්කුවෙ දා ගන්න අය. එහෙම අයගෙන් වඩක් නැ.

    ReplyDelete
  4. සුපුන් අය්යා වෙත,
    ආදරනීය අය්යේ, ඔබ tharu22 මල්ලිට පිලිතුරු ලෙස ලියා අති වචන වලින් ලoකාවෙ පවතින සoවුර්ත අ‍ධ්‍යාපන ක්රමය තුලින් බිහිවන කුහකත්වය මනාව පිලිබිබු වේයි.
    නුබ වෑනි පොරවල් කීපදෙනෙක් ඈරුන විට අපවෑනි "පුoචි මොල" සහිත, ඔබට හිතෙන හෑටියට "මන්දමානසික" බහුතරයට (98% of other students that did not get selected to government universities in Sri Lanka) ඈයි ඔබ ඔච්චර බය ?

    ReplyDelete
  5. එය හුදෙක් සරසවි සිසුන්ට සීමා වූ ගැටලුවක් නොවේ.එය ලංකාවේ දේශපාලන හෙට දවස කුමන හැඩයක් ගනු ඇද්ද යන්න තීන්දු කරන තරමේ තීරනාත්මක සටනකි.

    තමන්ගෙ දේශපාලන ප්‍රතිවාදිය හිරේ දැම්ම. දැන් ශිෂ්‍යයො පස්සෙ පන්නනව. ඒත් ජනතාව බලාගෙන ඉන්නව.
    අද මේ කරන්නෙ සදාකාලික එකාධිපතිත්වයකට අඩිතාලම දාන එක. පුද්ගලයො විදියට තනි තනිව මර්දනයට ලක්වෙද්දි කවුරුවත් තමන් වෙනුවෙන් නෑ කියල මිනිස්සු තේරුම් ගනිද්දි පරක්කු වැඩි වෙයි

    ReplyDelete
  6. රටේ තියෙන government universities වලට ඉල්ලන අවම පහසුකම් දෙන්නෙත් නැතුව private ඒව පටන් ගන්නෙ ඇයි? පටන් ගත්තට කමක් නෑ.. හැබැයි government universities th super තත්වෙට ගෙනාවට පස්සෙ.. අපිට ත් හරියකට lecturers ලා නෑ.. එත් private uni වලට foriegn lecturers ලා.ඇයි එහෙම කරන්නෙ... මහන්සි වෙලා campus යන ලමයින්ට නැතුව තවත් කොටසකට විතරක් පහසුකම් දෙන්නෙ ඇයි? එතකොට ඒ ලමයි මහන්සි වෙලා results ගන්නෙ ඇයි?එක්කො දෙනව නම් දෙගොල්ලන්ටම සම සමව දෙන්න ඔනෙ.. ඒව ඉල්ලුවාම ගහන්නෙ ඇයි? campus ගිය ලමයි සුලුතරය ගැන අනුකම්පා හිතල ජොබ් දෙන්න බැරි අයට ඉතුරු බහුතරය ගැන අනුකම්පාවක් ආවෙ කොහෙන්ද?

    ReplyDelete
  7. 1)'private' ඒවට පහසුකම් දෙන්නෙ government එකෙන් නෙමේයි.

    2)"මහන්සි වෙලා campus යන ලමයින්ට.." :
    campus යන්න ගොඩක් ලමයි මහන්සි වෙනව, ඉඩ තියෙන්නේ එයින් 2% කට විතරයි.

    3)"campus ගිය ලමයි සුලුතරය ගැන අනුකම්පා හිතල ජොබ් දෙන්න.." :
    job දෙන්නෙ "අනුකම්පාවට" නොව, ජොබ් එක කිරීමට ඈති 'හෑකියාවට' ය.

    ReplyDelete
  8. රටේ තියෙන ගොවෙර්න්මෙන්ට් උනිවෙර්සිටීස් වලට ඉල්ලන අවම පහසුකම් දෙන්නෙත් නැතුව ප්‍රිවටෙ ඒව පටන් ගන්නෙ ඇයි?

    හැමදේම ආණ්ඩුවෙන් පිනට දෙන්න ඕනේ කියල හිතන මල්ලියො ප්‍රශ්නේ එක පැත්තක් නෙවෙයි දෙපැත්තම හිතල බලන්න. ඔයා නැති දෙවල් ගැන කිව්වනේ..මම මතක් කරල දෙන්නම් ඇති දේවල් ගැන.
    අපිට (අපි කිව්වේ මමත් හිටපු ලාංකික විශ්ව විද්‍යල ශිෂ්‍යයෙක් නිසා) නොමිලේ උගන්වනවා, නොමිලේ විද්‍යාගර, පුස්තකාල පහසුකම් ලැබෙනවා, නොමිලේ නවාතැන් පහසුකම් ලැබෙනවා (අවම තරමින් පලමු වසරට හරි ), මේ සියල්ල නොමිලේ දීලා මහ පොලත් දෙනවා.
    දැන් ඔබ කියන විදිහට campus super තත්වෙට ගේන්න ඕනේ. මේ නිකම් ලැබෙන කිසිම දෙයක් ගැන අපිට අගයක් තියෙනවද ?. අවංකව කියන්න කී දෙනෙක් තමන්ගේ සිලබස් එකෙන් පිට තියෙන දැනුම හොයනවද කියල, කීදෙනෙක් පුස්තකාලය පාවිච්චි කරනවද කියල. අද බටනලා නැති එක ගැන කියනව. බටනලාව ආණ්ඩුවෙන් දෙනකම් බලගෙන ඉන්න තරම් පහත් තත්වෙට වටිල තියෙන්නේ. විශ්ව විද‍යල කියන්නේ දැනුම, තාක්ෂනය නිෂ්පදනය කරන තැනෙ නේද? ක්‍රීඩා පහසුකම් ගැන කියනව. හවසට පේරදෙනිය විශ්ව විද්‍යාලේ gym එකට හරි ක්‍රීඩා පිටියට හරි ගිහිල්ලා බලන්න කීදෙනයිද ඒවයෙන් ප්‍රයේජන ගන්නේ කියල කියල. ඉතින් super දේවල් නිකම් දුන්නත් ඔච්චර තමයි.

    ReplyDelete
  9. මේ වෙබ් අඩවියත් වර්තමාන තරුණ පරම්පරාව brian wash කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ තවත් ව්‍යාපෘතියක්ම නිසා මේක ලියන කාලකණ්ණියා මේවා පළ කරයිද දන්නෙ නෑ. නමුත් අර Anonymous මෝඩයා නොදන්නා කමින් අහන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුයි.

    1. රටේ තියෙන government universities වලට ඉල්ලන අවම පහසුකම් දෙන්නෙත් නැතුව private ඒව පටන් ගන්නෙ ඇයි?

    private universities වලට සතයක් වත් ආණ්ඩුවෙන් දෙන්නෙ නෑ. කවුද දෙනව කිව්වෙ?
    අන්තරේ අයියලාද?

    2. හරියකට lecturers ලා නෑ.. එත් private uni වලට foriegn lecturers ලා.ඇයි එහෙම කරන්නෙ

    පිනට ලැබෙන දෙයයි සල්ලි ගෙවල ගන්න දෙයයි අතර වෙනසක් තියෙන නිසා. උඹ කියන විදියට මේ රටේ හිඟන්නො අහන්න ඕනැ ඇයි අපට ෆ්‍රයිඩ් රයිස් නොදෙන්නෙ කියල.

    3. මහන්සි වෙලා campus යන ලමයින්ට නැතුව තවත් කොටසකට විතරක් පහසුකම් දෙන්නෙ ඇයි?

    කැම්පස් යන හැම එකාම මහන්සි වෙලා ඉගෙන ගෙන යන එවුන් නෙවෙයි. මොණරාගලින්, පොළොන්නරුවෙන් මැට්ටො ටිකකුත් යනව අඩු ලකුණු අරන් දිස්ත්‍රික් පදනම යටතෙ ඊට වැඩිය ලකුණු ගත්ත බුද්ධිමත් ළමයින්ට දොරවහල. උඹල කියන්නෙ ඒ වගේ කැම්පස් දොර වැහුණු බුද්ධිමත් ළමයින්ට ඉගෙන ගන්න කිසිම අවස්ථාවක් නොදී රට මොණරාගල, පොළොන්නරුවෙ මැට්ටන්ට චාන්ස් එක දෙන්න කියල. බලාගෙන හිටපං.

    4. campus ගිය ලමයි සුලුතරය ගැන අනුකම්පා හිතල ජොබ් දෙන්න බැරි අයට ඉතුරු බහුතරය ගැන අනුකම්පාවක් ආවෙ කොහෙන්ද?

    ජොබ් දෙන්න ඕනැ අනුකම්පාවට නෙවෙයි. උඹලට වැඩක් කරන්න පුළුවන් නම්. උඹලට කිසිම වැඩක් බැරිනම් ප්‍රයිවට් සෙක්ටර් එක අනේ වරෙන් කියල පිනට ජොබ් දෙන්නෙ නෑ. පිනට ජොබ් ඉල්ලගන්න කලිං ඉගෙනගනින් රටට අවශ්‍ය හැකියාවක් ටිකක් ගොන්නු වගේ නොඉඳ.

    දැන් වත් කල්පනා කරල හැදියං අන්තරේ පරයන්ට උඹලව brian wash කරන්න නොදී.

    ReplyDelete
  10. අති උගත් සුපුන් අය්යා වෙත ආදරයෙන්,
    ඔබේ කොමෙන්ට් එකට පිලිතුරක් ලියන්නට සිතුනා. ඔබ වගේ දැන උගත් ප්රබුද්ධයකුගෙන් මා වැනි අයෙකුගේ පලමුවෙනි කොමෙන්ට් එකට පිලිතුරක් ලැබීමද වාසනාවකි.

    @සුපුන් //මා මෙ කියන දේවල් තේරුම් ගන්න නුබෙ පු0චි මොලේට පුලුවන්ද මන්දා. මොකො මට හිතෙන හෑටියට නුබ එxඅම් ෆඉල් වෙලා ගෙදරට වෙල ඉදලා අති උනහම ප්රිවටෙ cඅම්පුස් එක කට හරි ගිහින් ඪොcටොර් කෙනෙක් හරි Eන්ගිනීර් හරි වෙලා පොර වෙන්න බලන් ඉන්න මන්දමානසික චරිතයක් නිසා//
    මා පිලිබද ඔබට ඇති දැනුම අනුත්තරය්. මගේ මොලේ තරමත්, මා විභාග සමත්ද අසමත්ද යන්නත් දැන් කරන්නේ කුමක්ද යන්නත් මගේ මානසික ස්වභාවයත් මේ ත්රම් හොදින් දැනගත හෑකි වීම අන්තරය ලන්කාවේ සමස්ත සිසු පරපුරේ (උපන් සහ ඉපදීමට සිටින] සියලු අවශ්යතා දැනගෙන සිටිමට පමනක් දෙවෙනි වේ.

    @සුපුන් //ශ්රි ලOකාවෙ ඉන්නා සියලුම මිනිසුන්ට අනිවර්යයෙන්ම හොද අධ්යාපනයක් අවශයයි.එකේ තර්කයක් නෑ. එහෙම උනොත් ගොඩක් අයගෙ ගොන් පාර්ට් වලට සමාජයෙ පිලිගනිමක් නෑතිවෙයි.//
    100%ක් එකගය්. මට හිතෙන්නෙ අන්තරේට සහ ජවිපෙට තියෙන බයත් ඔය "ගොන් පාර්ට්" වලට පිලිගනිමක් නෑතිවෙයි කියන එකය්.

    @සුපුන් //ශ්රි ලOකවෙ අධ්යාපනය ලොකේ හොද පිලිගනිමක් තියෙන එකක්. ලOකවෙ ඩෙග්රී එකටත් ලොකෙ හොන්ද පිලිගනිමක් තියෙනවා. එක එහෙම වෙන්න හෙතුව මෙහේ ඉගෙන ගෙන වෙනත් රටවලට ගිහින් එ රටවලදි හොන්දට වෑඩ පෙන්නපු නිසා නෙද?. නතුවා cඅම්පුස් යන්න බෑරි වෙච්ච අය නිස නෙමේනේද?.//
    ලන්කාවෙ විශ්ව විද්යාල වලට යන්නෙ ඒ සදහා සුදුසු කම් ඇති අයගෙන් අතලොස්සක් නිසා ඔබ දකින තත්වයේ එතරම් පුදුමයක් නෑ නේද? විශ්ව විද්යාල වලට යාමට සුදුසුකම් තිබියදී ඒ අවස්ථාව නොලබන දරුවන් පිලිබද ඔබ සිතන්නේ කුමක්ද? ඒ වගේම පුද්ගලික විශ්ව විද්යාල තිබෙන රට වල ඒවායේ ඉගෙන ගත් දරුවනුත් ඔබ ඔය කියන පරිදි "වෑඩ පෙන්නන්නේ" නෑත්ද? ඔවුනුත් එසේ "වෑඩ පෙන්නනවානම්" ගුනාත්මක අධ්යාපනයක් දීමට පුලුවන් රජයට පමනි කියන තර්කය බිද වෑටෙනවා නේද?

    සමස්ථයක් විදියට ගත් කල ඔබේ අදහස් වලින් පෙනී යන්නේ ලන්කාවේ විශ්ව විද්යාල අධ්යාපනය පුලුල් වීමට විරුද්ධව පෙරට එන්නේ පටු දේශපාලන වාසි තකන ජවිපෙත් "සියල්ල දන්නේ ලන්කාවේ රජයේ විශ්ව විද්යාල වල සිටින අපි පමනි. අන් සියල්ලො මොඩයොය" කියා සිතන ඔබ වගේ බමුනු කුල වාදීනුත් කියා නොවේද?

    ReplyDelete
  11. @tharu22,

    අන්තරයේත්, ඔබ වැන්නන් brian wash කිරීමට බලාගෙන ඉන්නා මේ බ්ලොග් එක ලියන පුද්ගලයාගේත් ගොන් පාට්වලට යට නොවී නිදහසේ සිතන්නට ඔබට ඇති හැකියාවට ගරු කරමි.

    ReplyDelete
  12. ආණ්ඩුවට කඩේ යන පුද්ගලික විශ්ව විද්‍යාලවලට කැමති අයට. ලංකාවේ නිදහස් අධ්‍යාපනය යැයි හදුන්වන අධ්‍යාපනය මේරටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ලබාදෙන්නක් මිසක් මහ රජාගේ හෝ වෙන එකෙක්ගෙ පුද්ගලික මුදල් නොව බව කිවයුතුයි. අය වැයෙන් කෙතරම් ප්‍රමාණයක් වර්ෂයකට අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ යුතුද දැනට කොතරමී ප්‍රමාණයන් වෙන්කරනවද කියල සොයා බලන්නග පුද්ගලික විශ්ව විද්‍යාලවලින් විකුණන උපාධියක් සදහා වියදම්කරන්න පුලුවන් කීදෙනාටද. ප්‍රතිපාදන කප්පාදුනොකර තිබෙන විශවවිද්‍යාලවල පහසුකම් වැඩිකර වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් ඇතුළත් කර නොගැනීම ගැන ප්‍රශ්න නොකර පුද්ගලික විශ්වවිද්‍යාල වලට ආ වඩන්නෙ ඇයි. ඒ කාගේ උවමනාවද? මේ රටේ බහුතර ජනයාගේ කැමැත්තද?

    ReplyDelete
  13. @Anonymous

    මාගේ දැනුමේ හෑටියට ලන්කාව නිදහස් අද්යාපනය සදහා කරන වියදම දල දේශීය නිශ්පාදනයේ ප්රතිශතයක් ලෙස ගත් කල ලොව අන් රටවල් වලට වඩා විශාල ලෙස අඩු හො වැඩි නොවේ. [මා වැරදිනම් නිවැරදි කරන්න]
    පුද්ගලික විශ්ව විද්යාල වලට එරෙහි ඔබේ තර්කය අන් සියලු පුද්ගලික අන්ශ්යන් සදහාද පොදුය්. එහි යම් ස්ත්යක්ද තිබේ. නමුත් පුද්ගලික ඉස්පිරිතාල පිලිබදව සිතන්න. මේවා නොවන්නට රජයේ ඉස්පිරිතාල වලට තිබෙන තදබදය තවත් වැඩි වනවා නේද? ඉන් පීඩාවට පත් වන්නේ සමාජයේ දිලින්දන් සහ මද්යම පාන්තිකයන් නේද? [අති ධනවතුන් ප්රතිකාර සදහා විදේශ ගත වේවි]
    "රජය සෞඛ්ය සදහා වන වියදමද වැඩි කර මෙම අඩුව පියවිය යුතුය්" යනුවෙන් ඔබ තර්ක කරාවි. නමුත් එය ප්රායොගිකද? ජනතාව තව තවත් බදු වැඩි වැඩියෙන් ගෙවීමට ඔබ එකගද? එයට ජනතාව සූදානම්ද?

    ReplyDelete
  14. ආණ්ඩුව රජයේ විශ්වවිද්‍යාල වලට වියදම් කරනවා මදි නම් ඒක ආණ්ඩුවත් එක්ක බේර ගන්න.

    පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටෙව්වා කියල ආණ්ඩුව කරන වියදම් අඩු වෙන්නෙ වත් වැඩි වෙන්නෙ වත් නෑනෙ. ඒක ආණ්ඩුවෙ වියදම් වලට කිසිම සම්බන්ධයක් නැති කාරණාවක්නෙ. ඔන්න අළුතින් පොලීසි හදන්න එපා කිව්ව නම් හරි. එතකොට ආරක්ෂක අමාත්‍යාංශෙ බජට් එකෙන් අඩු වෙන මුදල් විශ්ව විද්‍යාල වලට දාන පුළුවන්නෙ.

    මේ අන්තරේ මැට්ටන්ට අමු කැවිලද? ඉරිසියාව වැඩි වුනාම කියන දේවල් ගැනවත් සිහියක් නෑ මුන්ට.

    ReplyDelete
  15. රටේ අධ්‍යාපනය ගැනයි, උදුල් ල ඊගෙනගෙන නෑ කියන්න යි එන්නෙ මෙන්න මේ වගේ අය. මුන් මේ කොමෙන්ට් උන්ගෙ සයිට් වල දාන්න දෙන්නෙ නෑ

    *** ටැබූ උඹත් හරි උගතා නෙ? උඹ කෝච්චියක් අදින්න මිනිස්සු 8000ක් ඕන ය, කෝච්චි යනු රෝද නැති පෙට්ටි සියල්ල එකිනෙක හා වූ ඝනකයක් කියල උඹේ භොතික විද්‍යා දැනුමෙන් මේ බ්ලොග් එකේ ම ඔප්පු කළා නෙ? http://taboosubjects.wordpress.com/2009/10/02/02-18/

    ඇයි මේ කොමෙන්ට් දාන්නෙ නැත්තෙ? අයියෝ *විශ්ව විද්‍යාල කථිකාචාර්ය* නපුංසකයෝ, රට හදන්න කලින්, අනුන්ගෙ වැරදි හොයන්න කලින්, වීරයා වගේ රටේ ඉන්න හැම එකාට ම කුණුහරුප කියන්න කලින් තමන් ගැන බලාගනිං


    *සරල නිව්ටන් යාන්ත්‍රික විද්‍යාව වත් දන්නෙ නැති, කෝච්චිය ට රෝද තියනවා කියල නොදන්න උඹ කොහොමද භොතීය විද්‍යා ආචාර්ය කෙනෙක් උණේ? කාට පු* දීල ද? උඹ එනවනේ තව අනුන්ගෙ දැනුම ගැනයි, අධ්‍යාපනේ ගැනයි කථා කරන්න.

    වීර බ්ලොග් ටැබූ, තොට අම්මා පෙව්වෙ මව් කිරි නම්, තොට එරෙහිව තියෙන මේකත් දාපන් ***

    ---ටැබූ නිතරම මහාචාර්ය නලීන් ද සිල්ව ට පහර ගහන්නෙ ඇයි කියලත් දැන් හිතාගන්න පුළුවන්නෙ? දේශපාලන හේතු නෙවෙයි, පැහැදිලි ඉරිසියාව!

    ReplyDelete
  16. වෘත්තිකයාNovember 16, 2010 at 4:36 AM

    මම හිතන්නෙ නම් Private campus අැති කරන ඒක අත්‍යාවශ්‍ය කාරණයක්.

    ඒක ගැන කියන්න කලින් කියන්න ඔන
    මේ වගේ තැනක බුද්ධිමය සංවාදයක් මිසක්

    "//රටේ අධ්‍යාපනය ගැනයි, උදුල් ල ඊගෙනගෙන නෑ කියන්න යි එන්නෙ මෙන්න මේ වගේ අය. මුන් මේ කොමෙන්ට් උන්ගෙ සයිට් වල දාන්න දෙන්නෙ නෑ

    ...

    ---ටැබූ නිතරම මහාචාර්ය නලීන් ද සිල්ව ට පහර ගහන්නෙ ඇයි කියලත් දැන් හිතාගන්න පුළුවන්නෙ? දේශපාලන හේතු නෙවෙයි, පැහැදිලි ඉරිසියාව!//"

    වගෙ අමන අනවශ්‍ය කතා කීම වැදගත් නෑ අනිත් ඒක ඔයා මෙන්න මේක පොඩ්ඩක් බලනව නම් හොදයි

    http://en.wikipedia.org/wiki/Wikipedia:Articles_for_deletion/Mahinda_Pathegama

    මේ ටැබූ බ්ෙලාග් ඒෙක් පහර දුන්නයි කියන අයෙගන් කෙනෙක් ගැන නියම විස්තරය.

    ඉතින් ෙම් වගෙ අය ඉන්න තැන් ගැන මොනවා කියන්නද?

    ටැබූගෙ හැම අදහසකටම මමත් ඒකග නෑ නමුත් ඒයා තමන්ට හිතට ඒකගව ලියන බව ෙප්නවා.

    දැන් මම මාතෘකාවට ඒන්නම්.

    පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ නම් අැයි ICBT, City campus වගෙ තියන ඒංගලන්ත උපාධි මෙහෙ කරන අායතන වලට විරැද්ධ ෙනාවෙන්නෙ?

    ෙගාඩක් ප්‍රසිද්ධ කාරනයක් තමයි.
    බාහිර උපාධි වලට උගන්නන IBA වගෙ අායතන විශ්ව විද්‍යාල වල ඒ ඒ විෂය Papers හදන අයට සල්ලි දීලා Papers පන්නලා ලමයින්ට විභාලගෙට කලින් දෙනවා කියන ඒක.

    ඉතින් මෙහෙම ලැබෙන බාහිර උපාධියකට වඩා ජාත්‍යන්තර මට්ටෙම් පුද්ගලික විශ්ව විද්‍යාලයන් මගින් ගත හැකි ප්‍රයොජන ගොඩක් වැඩියි. අඩුම ගනනෙ ලමයි අලුත් ෙදයක් හොයලා ඉෙගන ගන්න හරි උනන්දු වෙයි.

    ඒ මගින් අැතිෙවන තරගයත් ඒක්ක විශ්ව විද්‍යාල ලමයිත් ඔය JVP බයිලා අතෑරලා ඉගෙන ගනී.

    අනිත් ඒක මම කියන්න හිතපු ෙගාඩක් tharu22 ගෙ කමෙන්ට් වලයි,

    ෙම් කෙමන්ට් ඒෙක් තිෙයනවා--
    "//මේ වෙබ් අඩවියත් වර්තමාන තරුණ පරම්පරාව brian wash කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ තවත් ව්‍යාපෘතියක්ම නිසා මේක ලියන කාලකණ්ණියා මේවා පළ කරයිද දන්නෙ නෑ. නමුත් අර Anonymous මෝඩයා නොදන්නා කමින් අහන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුයි. ...//"

    ReplyDelete
  17. වෘත්තිකයාNovember 16, 2010 at 4:39 AM

    මම හිතන්නෙ නම් Private campus අැති කරන ඒක අත්‍යාවශ්‍ය කාරණයක්.

    ඒක ගැන කියන්න කලින් කියන්න ඔන
    මේ වගේ තැනක බුද්ධිමය සංවාදයක් මිසක්

    "//රටේ අධ්‍යාපනය ගැනයි, උදුල් ල ඉගෙනගෙන නෑ කියන්න යි එන්නෙ
    ...
    ටැබූ නිතරම මහාචාර්ය නලීන් ද සිල්ව ට පහර ගහන්නෙ ඇයි කියලත් දැන් හිතාගන්න පුළුවන්නෙ? දේශපාලන හේතු නෙවෙයි, පැහැදිලි ඉරිසියාව!//"

    වගෙ අමන අනවශ්‍ය කතා කීම වැදගත් නෑ අනිත් ඒක ඔයා මෙන්න මේක පොඩ්ඩක් බලනව නම් හොදයි

    http://en.wikipedia.org/wiki/Wikipedia:Articles_for_deletion/Mahinda_Pathegama

    මේ ටැබූ බ්ෙලාග් ඒෙක් පහර දුන්නයි කියන අයෙගන් කෙනෙක් ගැන නියම විස්තරය.

    ඉතින් ෙම් වගෙ අය ඉන්න තැන් ගැන මොනවා කියන්නද?

    ටැබූගෙ හැම අදහසකටම මමත් ඒකග නෑ නමුත් ඒයා තමන්ට හිතට ඒකගව ලියන බව ෙප්නවා.

    දැන් මම මාතෘකාවට ඒන්නම්.

    පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ නම් අැයි ICBT, City campus වගෙ තියන ඒංගලන්ත උපාධි මෙහෙ කරන අායතන වලට විරැද්ධ ෙනාවෙන්නෙ?

    ෙගාඩක් ප්‍රසිද්ධ කාරනයක් තමයි.
    බාහිර උපාධි වලට උගන්නන IBA වගෙ අායතන විශ්ව විද්‍යාල වල ඒ ඒ විෂය Papers හදන අයට සල්ලි දීලා Papers පන්නලා ලමයින්ට විභාලගෙට කලින් දෙනවා කියන ඒක.

    ඉතින් මෙහෙම ලැබෙන බාහිර උපාධියකට වඩා ජාත්‍යන්තර මට්ටෙම් පුද්ගලික විශ්ව විද්‍යාල මගින් ගත හැකි ප්‍රයොජන ගොඩක් වැඩියි. අඩුම ගනනෙ ලමයි අලුත් දෙයක් හොයලා ඉගන ගන්න හරි උනන්දු වෙයි.

    ඒ මගින් අැතිවෙන තරගයත් ඒක්ක විශ්ව විද්‍යාල ලමයිත් ඔය JVP බයිලා අතෑරලා ඉගෙන ගනී.

    අනිත් ඒක මම කියන්න හිතපු ෙගාඩක් tharu22 ගෙ කමෙන්ට් වලයි,

    ෙම් කෙමන්ට් ඒකෙයි තියනවා--
    "//මේ වෙබ් අඩවියත් වර්තමාන තරුණ පරම්පරාව brian wash කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ තවත් ව්‍යාපෘතියක්ම නිසා ...//"

    ReplyDelete
  18. මම හිතන්නෙ නම් Private campus අැති කරන ඒක අත්‍යාවශ්‍ය කාරණයක්.

    ඒක ගැන කියන්න කලින් කියන්න ඔන
    මේ වගේ තැනක බුද්ධිමය සංවාදයක් මිසක්

    "//රටේ අධ්‍යාපනය ගැනයි, උදුල් ල ඉගෙනගෙන නෑ කියන්න යි එන්නෙ ...
    //"

    වගෙ අමන අනවශ්‍ය කතා කීම වැදගත් නෑ අනිත් ඒක ඔයා මෙන්න මේක පොඩ්ඩක් බලනව නම් හොදයි

    http://en.wikipedia.org/wiki/Wikipedia:Articles_for_deletion/Mahinda_Pathegama

    මේ ටැබූ බ්ෙලාග් ඒෙක් පහර දුන්නයි කියන අයෙගන් කෙනෙක් ගැන නියම විස්තරය.

    ඉතින් ෙම් වගෙ අය ඉන්න තැන් ගැන මොනවා කියන්නද?

    ටැබූගෙ හැම අදහසකටම මමත් ඒකග නෑ නමුත් ඒයා තමන්ට හිතට ඒකගව ලියන බව ෙප්නවා.

    දැන් මම මාතෘකාවට ඒන්නම්.

    පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ නම් අැයි ICBT, City campus වගෙ තියන ඒංගලන්ත උපාධි මෙහෙ කරන අායතන වලට විරැද්ධ ෙනාවෙන්නෙ?

    ෙගාඩක් ප්‍රසිද්ධ කාරනයක් තමයි.
    බාහිර උපාධි වලට උගන්නන IBA වගෙ අායතන විශ්ව විද්‍යාල වල ඒ ඒ විෂය Papers හදන අයට සල්ලි දීලා Papers පන්නලා ලමයින්ට විභාලගෙට කලින් දෙනවා කියන ඒක.

    ඉතින් මෙහෙම ලැබෙන බාහිර උපාධියකට වඩා ජාත්‍යන්තර මට්ටෙම් පුද්ගලික විශ්ව විද්‍යාල මගින් ගත හැකි ප්‍රයොජන ගොඩක් වැඩියි. අඩුම ගනනෙ ලමයි අලුත් දෙයක් හොයලා ඉගන ගන්න හරි උනන්දු වෙයි.

    ඒ මගින් අැතිවෙන තරගයත් ඒක්ක විශ්ව විද්‍යාල ලමයිත් ඔය JVP බයිලා අතෑරලා ඉගෙන ගනී.

    අනිත් ඒක මම කියන්න හිතපු ෙගාඩක් tharu22 ගෙ කමෙන්ට් වලයි,

    ෙම් කෙමන්ට් ඒකෙයි තියනවා--
    "//මේ වෙබ් අඩවියත් වර්තමාන තරුණ පරම්පරාව brian wash කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ තවත් ව්‍යාපෘතියක්ම නිසා ...//"

    ReplyDelete
  19. අන්තරේ සහ සිසු අරගල

    සිසු අයිතීන් ලබා ගැනීම පිණිස වඩා පුළුල් ශිෂ්‍ය ව්‍යාපාරයක් හිමි ජවිපෙට විශාල කාර්යභාරයක් කල හැකිය. නමුත් ඒ වෙනුවට සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්‍රමවේදය ජවිපෙ විසින් දිගින් දිගට කරගෙන යනු ලැබේ. මෙය දැන් යල් පැන ගිය ක්‍රමයක් පමණක් නොව මෙම විනාශකාරී ක්‍රමය ගැන මධ්‍යස්ත මතධාරී සිසුන් ද සිටින්නේ අවබෝධයෙනි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්‍රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත් අධ්‍යාපනික වශයෙන් කුජිත වුවන්ය. එබැවින් මොවුන් නායකත්වය දෙන සිසු අරගල ගැන අවශේෂ සිසහු සිටින්නේ හොඳ සිහි කල්පනාවෙනි. එම නිසා බොහෝ විශ්ව විද්‍යාලවල අන්තරය සහ එහි සාමාජිකයන් සැලකෙන්නේ තම අධ්‍යාපනය විනාශ කරගෙන අන්‍ය සිසුන්ගේ අධ්‍යාපනයට වින කැටීමට එන මාරයන් පිරිසක් ලෙසටය. එම නිසා සිසු අරගල එල රහිත මැර සංදර්ශන බවට පත් වේ. එසේම අන්තරයේ අමන වැඩ නිසා එම නිසා එස්. බී. වැන්නවුන්ට රිසි සේ විශ්ව විද්‍යාලවල තම න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමද සිසු මර්දනයට පිඹුරුපත් සකස් කිරීමටද මාර්ගය සැකසී ඇත. පාලකයන් සිසු මර්ධනයට අවශ්‍ය සියලුම පනත් සම්මත කර ගන්නේ අන්තරය විසින් කරන මරිකම් වලට පින්සිද්ද වන්නටය. අන්තරයේ අශික්ෂිත මෝඩ වැඩ අතර නවක වධය ද විශේෂයෙන් සඳහන් කල යුතුය. එය සිසුන් නම්මවා ගැනීම සඳහා භාවිතා කල යල් පැනගිය කෙමනකි. දැන් මෙම කෙමනට විශාල ප්‍රචාරය දෙමින් පාලකයන් සියලු විශ්ව විද්‍යාල වල බුද්ධි අංශ පවා ස්ථාපිත කොට තිබේ. සාමාන්‍ය ජනයා දැන් විශ්ව විද්‍යාල අරගල දෙස බලන්නේ වපර ඇසෙනි. මෙම තත්වය ලඟා කර දුන්නේ අන්තරයි. මේ අනුව අන්තරය යනු පාලකයන්ට වෙස් වෙලාගත් ආශීර්වාදයකි.

    ReplyDelete
  20. අන්ධ අනුගාමිකයන් බිහි කිරීම

    විචාරශිලිභාවයෙන් තොර අන්ධ අනුගාමිකයන් බිහි කිරීම ජවිපෙ තුල දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. පක්ෂයේ සැබෑ ඉතිහාසය සැඟවීම , සංස්කරණය කල ඉතිහාසයක් අනුගාමිකයන්ට ඉගැන්වීම, ප්‍රශ්න ඇසීම වෙනත් හැදෑරීම කිරීම අධෛර්ය කිරීම මගින් අනුගාමිකයන් අඳුරේ තබා ගැනීම සිදු කෙරේ. ජවිපෙ අනුගාමිකයන් අතර මුග්ධභාවය නඩත්තු කිරීම ගැන ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියයි.

    සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි. පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් බිහි කර ගැනීම සඳහා මෙම මුග්ධත්වය නඩත්තු කිරීම හැර අලුත් ක්‍රමයක් ගැන අදහසක් ඔවුන්ට නැත. එහෙයින්, දැන දැන ම මේ ආගමික අන්තවාදීනට ශාස්තෲ භූමිකාව රඟපාති. මේවායින් බිහි වන්නේ හිට්ලර්ගේ නාසි පක්ෂයට ව්‍යූහාත්මක වශයෙන් වෙනස් නැති පක්ෂ ය.

    -(ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් - අජිත් පැරකුම් ජයසිංහ )

    ජවිපෙ ක්‍රියාකාරිකයා නම් අප දන්නා මිනිසා වෙනුවට සුන්දර නව මිනිසකු පරමාදර්ශගත කිරීම වම හමුවේ ඇති අභියෝගයකි. අප මෙසේ කියූ විට, ජවිපෙ බැතිමතුන් කුපිත වනු ඇත. තාත්තලාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වන, සහෝදරියන් හෙවත් බිරියන් රෙදි මසා හම්බ කරන මුදලින් පවුල් නඩත්තු කරන, අනුන්ගෙන් ඉල්ලාගෙන කමිස අඳින, පුළුවන් නම් බස් එකේ ඉබ්බාට යන, ‍හැම දේම නිකම් බලාපොරොත්තු වෙන, කට්ටියක් එක්ක ගොස් තේ බිවූ විට කිසිදාක බිල ගෙවීමට ඉදිරිපත් නො වන, ඉල්ලා ගත් පොතක් කිසිදා ආපසු නො දෙන, සමහර විට වැඩිය නො නාන, ව්‍යායාම නො කරන, ක්‍රීඩා අරහං, මත් පැන් නො බීම දැවැන්ත පෞරුෂ ලක්ෂණයක් ලෙස හුවා දක්වන, මානසික ගැටලුවලට මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට පක්ෂ දේශපාලනය ආදේශ කරන, තමන් මාර පොරකි ය යන භින්නොන්මාද ලක්ෂණයෙන් පෙළෙන, පක්ෂ සාමාජිකයන් නො වන සෙසු මිනිසුන්ට ගේම් ගහන, පක්ෂ‍ නායකයන් කියනවා නම් ඕනෑම බලු වැඩක් කරන ආදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් ඇති අප දන්නා ජවිපෙ ක්‍රියාකාරිකයා ඔබ සිතන තරම් සුන්දර, ආකර්ශනීය මිනිසකු නො වන බව වටහා ගැනීම අලුත් වීමේ දොරටුව වෙත ඔබ ගෙන යයි. ජවිපෙන් ගැලවුණු විගසින් ඔවුන් නින්දිත අන්දමින් නිරුවත් වන්නේ ඒ නිසා ය.

    -(ලංකාවේ දෙමළ ජනයාගේ අරගලය හා දකුණේ සහෝදර වාමාංශිකයන්ගේ අරගල හෘදය සාක්ෂියකින් තොරව ධනපති ආණ්ඩුවලට පාවා දුන් ජවිපෙ මහත්වරුනි, චේ ගුවේ‍රාගෙන් ඉගෙන ගන්න! - අජිත් පැරකුම් ජයසිංහ )

    ReplyDelete
  21. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය
    | ඩී. සුගත් රාජපක්ෂ

    ( 27. 01. 2012 | lankagurdian.com ) ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය. ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ?


    University of Peradeniya - File Photo
    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි. බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත. එම නිසා මේ පිළිබඳව විමර්ශනය කොට කරුණු ජනතාවට හෙළි කිරීමට අප උත්සහ ගත්තෙමු.එහෙත් මෙම වෑයම සමලිංගිකයන්ට එරෙහිව කරුණු දැක්වීමක් හෝ හෝ පුරුෂ අධිපත්‍යට යටවී කාන්තාවන් ගැන පමණක් කෙරෙන හෙළිදරව්වක් නොවේ. ජනතාවගේ මුදලින් නඩත්තු වන රජයේ විශ්ව විද්‍යාලයක සිදුවන සදාචාර විරෝධී ක්‍රියා පිලිබඳ දැනුවත් කිරීමකි. සැබවින්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැබවින්ම බරපතළ ගැටලුවක් ඇත. ඒ සඳහා වහාම පිළියමක් යෙදීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය අදාල බලධාරීන්ගේ ඇස් අරවන්නක් වේවා යැයි පතමු.

    see more

    ReplyDelete
  22. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    read
    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete