Thursday, September 16, 2010

walking with the comrades / සහෝදරවරුන් සමග - Arundathi Roy



කදු ඉවත් කල මෝඩ මහල්ලා නම් වූ පැරනි චීන උපමා කතාවක් තිබේ.එය බොහෝ කලෙකට පෙර උතුරු චීනයෙහි විසූ උතුරු කන්දේ මෝඩ මහල්ලා යයි දන්නා ලද මහලු මිනිසෙකු ගැන කියයි.ඔහුගේ ගෙය දකුනට මුහුනලා පිහිටියෙය.ඔහුගේ දොරකඩින් ඔබ්බෙහි,මග අහුරමින් තායිහාං සහ වාංචූ යන මහා පර්වතකූට දෙක විය.ඔහු තම පුතුන් කැදවීය.අතින් ගත් උදැල්ල ඇතිව ඔවුහු මහත් අධිෂ්ෆාන සම්පන්නව මේ කදු කපා උගුල්ලන්ට පටන්ගත්තෝය.ඥානවන්ත මහල්ලා යයි දන්නා ලද හිස නිකට පැසුනු තවත් මිනිසෙක් ඔවුන් දැක "අනේ නුඹලා කරන්නේ මේ මොන මෝඩ වැඩක්ද!මේ මහ කදු දෙක උගුල්ලන්ට උඹලා කීප දෙනාට නම් කොහෙත්ම බැරිය"යැයි අවඥා මුඛයෙන් කීවේය.මෝඩ මහල්ලා මෙසේ පිලිතුරු දුන්නේය."මා මලාම මගේ පුත්තු එය කරගෙන යාවි.ඔවුන් මලාම මගේ මුනුබුරෝත්,ඊලගට ඔවුන්ගේ පුත්තු සහ මුනුබුරෝත් ඇතිවේවි.අනන්තය දක්වාම මෙසේ වේවි.කොතරම් උස වුවත්,මේ කදුවලට මීට වඩා උසට වැඩෙන්ට බැරිය.වැලිත් අප කපන පිඩක් පාසා,ඒවා එපමනකින් මිටි වෙනවා ඇත.ඒවා ඉවත් කරන්ට ඇයි අපට බැරි?"
ඥානවතන්ත මහල්ලාගේ වැරදි මතය නිෂ්ප්‍රභ කොට ඔහු තම විශ්වසායෙහි නොසැලී සිටිමින්,දිනක් පාසාම කපාගෙන ගියේය.මෙයින් දෙවියන්ගේ හිත උනු විය.ඔහු තමාගේ දේවදූතයන් දෙදෙනෙකුන් එවීය.ඔවුහු ඒ කදු තම කර පිට තබාගෙන ඉවත ගෙන ගියෝය.අද,මහ කදු දෙකක් මහ බරක් ලෙස චීන ජනතාව මත පැටවී තිබේ.එකක් අධිරාජ්‍යවාදයයි.අනික රදලවාදයයි.චීන කොමියුනිස්ට් පක්ෂය මේවා උගුල්ලා දමන්ට බොහෝ කලෙක සිට ඉ‍ටාගෙන සිටී.අපි නොපසුබටව උත්සාහ කල යුතුයි.නොනැවතී වැඩ කල යුතුයි.අපද දෙවියන්ගේ හදවත උනු කරනවා ඇත.අපේ දෙවියෝ චීන බහුජන සමූහයන් විනා අන් කිසිවෙක් නොවෙත්.ඔවුන් නැගී සිට අප සමග එකතු වී කපත් නම්,මේ කදු දෙක ඉවත් කරන්ට බැරි ඇයි?

- මා ඕ සේතුං 1945 ජූනි ( තෝරාගත් කෘති,3 කාන්ඩය,322 පිට )


දක්ෂින ආසියාවේ මහා රාජ්‍යය වන ඉන්දියාවේ දේශපාලන සිතියම එය නිදහස ලැබූ දා සිටම කැලඹිලි සහගත එකකි.එම කුනාටුමය ස්වභාවය මේ වන විට වඩා වියවුල් වෙමින් තිබෙනුයේ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වසාගෙන උග්‍ර ලෙස පැතිරී යමින් තිබෙන මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසාය.මේ පිලිබද මීට ඉහතද මෙම අඩවිය තුල සටහනක් ‍පල කෙරින.මෙම සන්නද්ධ අරගලය ඉන්දීය මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙය වෙන අතර මෙම පක්ෂය 1968 නක්සල්බාරි නැගිටීමට දායක වූ මව් කන්ඩායමෙන් බිදී එන විවිධ ප්‍රවනතා විසින් එක්සත්ව පිහිටුවනු ලැබූවකි.මෙම ව්‍යාපාරය සක්‍රීයත්වය ලබනුයේ දිලිදු ස්වදේශික ගෝත්‍රික ජනතාවන්ගේ සහභාගිත්වයෙනි.මාඕවාදී සංවිධානය ඉන්දීය රජය විසින් ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කොට තිබෙන අතර එක්සත් ජනපද රජයද එය අනුමත කොට තිබේ.මෙම ත්‍රස්තවාදි සංවිධානයේ "මිනීමරු" ක්‍රියා ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය අතර ප්‍රසිද්ධ තේමාවකි.කැරලිකරුවන්ගේ පහරදීමක්,පුපුරුවා හැරීමක් පිලිබද ප්‍රවෘත්තියකින් තොර ඉන්දීය දිනපතා පුවත්පතක් සොයා ගැනීමද අසීරු වන තරමට මෙය මෑත මාස කිහිපය තුල උග්‍ර සිදුවීමක් ලෙස වර්ධනය වී තිබේ.

කෙසේ වුවද ගරිල්ලා ව්‍යාපාරය මගින් පාලනය කරන ප්‍රදේශ වල පසුගිය දිනෙක ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි සංචාරයක නියුතු වූවාය.ඉක්බිති ඇය විසින් ලියනු ලැබ Outlook නම් සගරාවේ පල වූ විස්තරාත්මක ලිපියක් හරහා සැලකිය යුතු විවාදාත්මක තත්වයක් ජනිත විය.රෝයි මාඕවාදී ගරිල්ලාවරුන්ව මෙහිදී හදුන්වනු ලබන්නේ අවි ආයුධ සහිත ගාන්ධිවාදීන් පිරිසක් ලෙසිනි.මාඕවාදීන්ට අසාධාරනයට එරෙහිව සාම්ප්‍රදායික ගාන්ධිවාදී සටන් ක්‍රම වන උපවාස වැනි දේ යොදාගත නොහැක්කේ මන්ද වැනි මධ්‍යම පංතික විවේචන වරෙක සෝපාහාසාත්මක ලෙස ප්‍රශ්න කල රෝයි පෙරලා ප්‍රශ්න කොට සිටියේ උපවාස කිරීම යනු ආහාර අනුභවය අත්හැරීම බවත්,කොහොමත් ආහාර හිගයෙන් හා සාගතයෙන් පෙලෙන දිලින්දන් ගෙන් සමන්විත ස්වදේශික ගෝත්‍රික කොටස් උපවාස කිරීමට අමුතුවෙන් ආහාර අනුභවය අත්හැරීම කෙතරම් විහිලුවක්ද යන වගත්ය.මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත වල දරිද්‍රතාවය සහ පසුගාමීත්වය පිලිබද රෝයි හෙලිකරන ඇතැම් කරුනු තැතිගන්වන සුලුය.ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආවරනය කිරීමට මැලි වෙන රජයේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙන මාඕවාදයට එරෙහි පැරා මිලිටරි කන්ඩායම් වල සාහසික ක්‍රියාකාරකම් යනාදිය මිනිස් අයිතීන් පිලිබද ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රසිද්ධ පෙනී සිටීම කෙතරම් ව්‍යාජයක්ද යන්න පෙන්වා දෙනු ලබයි.

කෙසේ වුවද ඉන්දියාවේ මෙම සිවිල් යුද තත්වය තෙවන ලොව ධනවාදයේ සංවර්ධනයේ ඇති විශේෂතා පිලිබද හැදෑරීම් ගනනාවකට කවුලුව විවර කර තිබේ.ඉන්දියාවේ ධනේශ්වර පංතිය වනාහි කලාපයේ වඩාත්ම ශක්තිමත් ලෙස වර්ධනය වූ සමාජ ස්ථරයකි.එම පංක්තිය ඉන්දීය කොංග්‍රසය සහ භාරතීය ජනතා පක්ෂය යන සංවිධාන හරහා නියෝජනය වේ.මෙම ව්‍යාපාර වැඩවසම්වාදයට එරෙහි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කරනවා වෙනුවට වැඩවසම්වාදය සමග මිශ්‍ර වෙමින්,වැඩවසම් ක්‍රමය සමග සහවාසයට ගොස් තිබෙන අයුරු උක්ත සන්නද්ධ නැගිටීමේ පසුබිම සමීපව නිරීක්ෂනය කිරීමේදී දැක ගත හැක.
චත්තිස්ගාර්,බිහාරය වැනි ප්‍රාන්ත වල විශාල වැඩවසම් පන්නයේ ඉඩම් හිමියන් සමග සහවාසයෙන් යුක්තව,බලය හොබවන මෙම ධනේශ්වර දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වේ.කෘෂිකාර්මික ප්‍රතිසංස්කරන,කුල භේදය බිද දැමීම,කාන්තා අයිතීන් ප්‍රවර්ධනය හා පැරනි අගතිගාමී සංස්කෘතික ලක්ෂන වලට එරෙහිව සටන් කිරීම වැනි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා මේ තුල ධනේශ්වර නොවන විකල්ප ව්‍යාපාරයක් විසින් භාරගෙන තිබෙන ආකාරය මාඕවාදී ව්‍යාපාරයේ උත්පාතය තුල නිරීක්ෂනය කල හැක.

අරුන්දතී රෝයිගේ දීර්ඝ ලිපියේ සිංහල අනුවර්තනයක් පහත බ්ලොග් අඩවිය තුල කොටස් වශයෙන් පල වේ.


මාඕවාදී ව්‍යාපාර නේපාලයේද බරපතල බලයක් හොබවන සන්දර්භයක ඉන්දියාවේ මෙකී වර්ධනය කලාපයේ නව අනාගත පෙලගැස්මක සලකුනු සටහන් කරන බවට සාධාරන ලෙස සැක කල හැකිය.



4 comments:

  1. තවකකුගේ උදව් නැතිව ඇඳෙන් බැස ගන්නට බැරි, නූල් කැඩුණු රූකඩයක් බඳු සිය හැවිරිදි මහල්ලාටත් භද්‍ර යෞවනියක දුටු කළ, කළ හැකි දෙයක් නැති බව දැන දැනම වුව, කාමාසක්ත හැඟීම් පහළ වේ. කොතැනක හෝ කොමියුනිස්ට්වාදීන්ගේ බෝම්බයක් පිපිරෙනු අසන රාමචන්ද්‍රටත් පහළවන හැඟීම ඊට සමානය සිතමි.

    ඉන්දියාවේ දිළින්දන් ධනේශ්වරයේ නිර්මාණයක් නොවේ. බුද්ධ කාලීන භාරතයේද මෙවැනි දිළින්දන් වූහ. අශෝක යුගයේද, මෝගල් අධිරාජ්‍ය සමයේද, බ්‍රිතාන්‍ය පාලනය යටතේද, නිදහස් ඉන්දියාවේද දිළින්දෝ වූහ. අද ඇති වී තිබෙන එකම වෙනස ජගත්කරණයේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අතට වඩා බලසම්පන්න ආයුධ ලැබී තිබීමය. බෝම්බ පමණක් නොව ඉලෙක්ට්‍රොනික මාධ්‍යද ඔවුන්ගේ ආයුධයකි.

    මාඕ සේතුං බයිල ගැසූ චීනයේ දිළින්දන්ගේ තත්ත්වයද මීට සමානය. උතුරු කොරියාවේද, ලාඕසයේද, බුරුමයේද දිළින්දන්ගේ තත්ත්වය මීටත් අන්තය. වෙනස ඔවුන්ට ආයුධ හා මාධ්‍ය හැසිරවීමටවත් හැකියාවක් නැති වීමය.

    රටක් ධනවාදය කරා ගමන් කරන්නේ අප කැමති වුවද නැතද සෙමෙනි. විශේෂයෙන්ම ඉන්දියාව බඳු අති විශාල රටක එය සිදු වීමට යම් කාලයක් ගතවේ. (බිහාරය වැනි පසුගාමී ප්‍රාන්ත දැනට ඉන්දියාවේ දියුණු ප්‍රාන්ත මට්ටමට ඒමට තවත් වසර 25ක් වත් ගනු ඇත. ගොවිතැන හැර අන් කිසි රැකියාවකට පුහුණුව ලබා නැති අති විශාල ජනගහණයකට රැකියා සැපයීම ලෙහෙසි කාරණාවක් නොවේ.)

    එතෙක් ඉන්දියාවට මේ ගැටළු සමඟ ජීවත් වීමට සිදුවනු ඇත. අවි අතට ගැනීම හෝ උපවාස කිරීම අතර වෙනසක් නොවේ. ලෝකයේ සංකීර්ණ සමාජ ආර්ථික ගැටළු වලට රෝමෑන්තික පිළිතුරු නැත.

    - Taboo

    ReplyDelete
  2. තවකකුගේ උදව් නැතිව ඇඳෙන් බැස ගන්නට බැරි, නූල් කැඩුණු රූකඩයක් බඳු සිය හැවිරිදි මහල්ලාටත් භද්‍ර යෞවනියක දුටු කළ, කළ හැකි දෙයක් නැති බව දැන දැනම වුව, කාමාසක්ත හැඟීම් පහළ වේ. කොතැනක හෝ කොමියුනිස්ට්වාදීන්ගේ බෝම්බයක් පිපිරෙනු අසන රාමචන්ද්‍රටත් පහළවන හැඟීම ඊට සමානය සිතමි.

    ඉන්දියාවේ දිළින්දන් ධනේශ්වරයේ නිර්මාණයක් නොවේ. බුද්ධ කාලීන භාරතයේද මෙවැනි දිළින්දන් වූහ. අශෝක යුගයේද, මෝගල් අධිරාජ්‍ය සමයේද, බ්‍රිතාන්‍ය පාලනය යටතේද, නිදහස් ඉන්දියාවේද දිළින්දෝ වූහ. අද ඇති වී තිබෙන එකම වෙනස ජගත්කරණයේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අතට වඩා බලසම්පන්න ආයුධ ලැබී තිබීමය. බෝම්බ පමණක් නොව ඉලෙක්ට්‍රොනික මාධ්‍යද ඔවුන්ගේ ආයුධයකි.

    මාඕ සේතුං බයිල ගැසූ චීනයේ දිළින්දන්ගේ තත්ත්වයද මීට සමානය. උතුරු කොරියාවේද, ලාඕසයේද, බුරුමයේද දිළින්දන්ගේ තත්ත්වය මීටත් අන්තය. වෙනස ඔවුන්ට ආයුධ හා මාධ්‍ය හැසිරවීමටවත් හැකියාවක් නැති වීමය.

    රටක් ධනවාදය කරා ගමන් කරන්නේ අප කැමති වුවද නැතද සෙමෙනි. විශේෂයෙන්ම ඉන්දියාව බඳු අති විශාල රටක එය සිදු වීමට යම් කාලයක් ගතවේ. (බිහාරය වැනි පසුගාමී ප්‍රාන්ත දැනට ඉන්දියාවේ දියුණු ප්‍රාන්ත මට්ටමට ඒමට තවත් වසර 25ක් වත් ගනු ඇත. ගොවිතැන හැර අන් කිසි රැකියාවකට පුහුණුව ලබා නැති අති විශාල ජනගහණයකට රැකියා සැපයීම ලෙහෙසි කාරණාවක් නොවේ.)

    එතෙක් ඉන්දියාවට මේ ගැටළු සමඟ ජීවත් වීමට සිදුවනු ඇත. අවි අතට ගැනීම හෝ උපවාස කිරීම අතර වෙනසක් නොවේ. ලෝකයේ සංකීර්ණ සමාජ ආර්ථික ගැටළු වලට රෝමෑන්තික පිළිතුරු නැත.

    - Taboo

    ReplyDelete
  3. @ taboo subjects

    //තවකකුගේ උදව් නැතිව ඇඳෙන් බැස ගන්නට බැරි, නූල් කැඩුණු රූකඩයක් බඳු සිය හැවිරිදි මහල්ලාටත් භද්‍ර යෞවනියක දුටු කළ, කළ හැකි දෙයක් නැති බව දැන දැනම වුව, කාමාසක්ත හැඟීම් පහළ වේ. කොතැනක හෝ කොමියුනිස්ට්වාදීන්ගේ බෝම්බයක් පිපිරෙනු අසන රාමචන්ද්‍රටත් පහළවන හැඟීම ඊට සමානය සිතමි//.

    අලංකාර උපමාවකි.නමුත් මෙය ඉද හිට තැනෙක පුපුරන කොමියුනිස්ට් බෝම්බයකට වඩා බරපතල දෙයක් බව ඉහත සිතියම බැලූ පමනින් වුවද ඔබට වැටහෙනු ඇත.

    ලංකාවට සාපේක්ෂව වඩා ශක්තිමත් කාර්මික ධනේශ්වරයක් ඉන්දියාවේ පවතින බව ඔබ පිලිගන්නවා ඇතැයි සිතමි.50 දශකයේ සිට එහි බලය හොබවනුයේ එම පංතියයි.නමුත් වසර හැටකට පසුත් ප්‍රාන්ත ගනනාවක වැඩවසම් අගතීන් එලෙසම පවතී.වැදගත්ම කරුන එම අගතීන් පවත්වාගෙන යාමේදී ප්‍රාදෙශීය ඉඩම් හිමියන් හා රදලයන් සමග සන්ධාන ගත වී තිබෙන්නේ කොංග්‍රසය ප්‍රමුඛ ධනපති පංතිය වීමයි.
    අරුන්දතී රෝයි කිසිසේත්ම වාමංශිකයෙක් යැයි මම නොසිතමි.නමුත් ඇය ඉදිරිපත් කරන කරුනු දෙස මධ්‍යස්ථව බැලිය යුතු බව මගේ අදහසයි.නිදසුනක් ලෙස චත්තිස්ගාර්හි කාන්තාවන්ගේ තත්වය පිලිබද ප්‍රශ්නය,එය වෙනස් කිරීමට මාඕවාදී ව්‍යාපාරය දරන උත්සාහය සහ පැරනි තත්වයන් වෙනුවෙන් පෙනී සිටින මහේන්ද්‍ර කර්මා වැනි ප්‍රාදේශිය ඉඩම් හිමියන් කොංග්‍රසය තුල ක්‍රියාත්මක වන ආකාරය යනාදිය පිලිබද සජීවි සාක්ෂි එහි අඩංගුය.අවුරුදු 60 ට සිදු නොවූ හුදු පොරොන්දුවක් පමනක් වූ "දිලිදුකම තුරන් කිරීම" ඇත්තටම සිදු වන තුරු තව වසර 25ක් බලාගෙන ඉවසාගෙන ඉන්න යැයි ඔබ යෝජනා කලද එම ප්‍රාන්ත වල දිලින්දන් එසේ නොකොට දරිද්‍රතාවයට එරෙහිව කැරලි ගැසීමට තීරනය කොට ඇත.ඒ පිලිබද ඔබ හෝ මම දෙන විනිශ්චයට වඩා වැදගත් සැබැවින්ම සිදුවෙමින් පවතින දෙයයි.

    ReplyDelete
  4. Communism was too rational for our irrational society.

    Under capitalism wealth is not evenly distributed and even in the USA, 25% of the people live below the poverty line. Can we really say that we have an ideal or even a well-working economic system when millions of people are struggling just to survive? The current global financial crisis underscores the inequality, fragility and unpredictable future of the capitalist economic system.

    What is the solution? do we need to look into a 3rd option?

    ReplyDelete