Wednesday, August 4, 2010

රාමචන්ද්‍රගේ අඩවියේ අදහස් වාරනය පිලිබද කරුනු පැහැදිලි කිරීම

මෙම විශේෂ සටහන යෙදෙනුයේ රාමචන්ද්‍රගේ අඩවිය සම්බන්ධව පල වී ඇති යම් අදහසක් නිවැරදි කරනු පිනිසය.පසුගිය ජුලි 31 දින බ්ලොග් සටහනක් පල කරමින් Taboo subjects අඩවියේ ලේඛකයා මෙම බ්ලොග් අඩවිය තුල ඔහුගේ අදහස් වාරනය වීමක් සිදුව ඇති බවට සැක මතු කොට තිබූ අතර The prince නම් ප්‍රතිචාර සමග සම්බන්ධ වූ සහෘදයාද ඒ පිලිබද සැක මතුකොට තිබුනි.

මෙම බ්ලොග් අඩවිය ආරම්භයේ සිටම ප්‍රතිචාර සම්බන්ධ ප්‍රතිපත්තිය වූයේ අවම වාරනය යන්නයි.ශිෂ්ට නොවන යම් ප්‍රතිචාරයක් පැවතීම යන ව්‍යතිරේඛයට යටත්ව කිසිදු ප්‍රතිචාරයක් සම්බන්ධ සංස්කාරක මැදිහත්වීමක් නොකෙරේ යන්න මුල සිටම අනුදක්නා ලද අතර බ්ලොග් අඩවිය පවත්වාගෙන ආ වසරකට අධික කාලය තුල එකදු ප්‍රතිචාරයක් හෝ මෙම පදනම මත කපා දැමීමට ලක්ව නොමැත.

ප්‍රතිචාර දැක්වීමේදී තාක්ෂනික ගැටලුවක් පවතින බවට ලේඛකයාට මුල්ම දැනුම්දීම ලැබුනේ The prince විසින් ජූලි 23 දින දැක්වූ ප්‍රතිචාරයක් හරහාය.ඒ පිලිබද අවධානය යොමු වූ අතර එම ප්‍රතිචාරයට පසු ප්‍රතිචාර කිහිපයක් මෙම ලේඛකයාද ‍වෙනත් අයද විසින් බාධාවකින් තොරව සිදු කොට තිබූ බැවින් එම මතුකිරීම කෙරෙහි බරපතල ලෙස අවධානය යොමු කිරීමක් සිදු නොවින.නැවත මෙම ප්‍රශ්නය මතුවනුයේ ජූලි 31 දාතම දරන Taboo subjects අඩවියේ උක්ත ලිපිය හරහාය.නොවැලැක්විය හැකි හේතුවක් මත අගෝස්තු 03 දින දක්වා දුරස්ථ ප්‍රදේශයකට යාමට සිදුව පැවතීම නිසා ඒ පිලිබද අවධානය යොමු වූයේ ප්‍රමාද වීය.අගෝස්තු 03 දින නිවැරදි කිරීමේ සටහනක් Taboo subjects අඩවියේ පල කරනු ලැබින.මේ වනවිට ප්‍රතිචාර දැක්වීමේ ඇති ගැටලුව කුමක්ද යන්න සෙවීම සදහා ඒ පිලිබද අවබෝධයක් ඇති අයෙකු වෙත යොමු කර තිබේ.පුද්ගලිකව තාක්ෂනික කරුනු අරභයා ඇති අතිශය සීමිත අවබෝධය මත ක්ෂනිකව එම වරද නිවැරදි කිරීමට නොහැකි වීම පිලිබද මෙම ලේඛකයා සිය කනගාටුව පල කර සිටී.ගැටලුව නිරාකරනය වන තුරු නැවත ලිපි පල කිරීමක් මෙහිලා සිදු නොවනු ඇත.

අදාල ගැටලුව මත යම් අපහසුතාවයක් යම් පාර්ශවයකට වී නම් ඒ පිලිබද මින් කනගාටුව පල කරන අතර කෙසේ වුවද මෙම අඩවිය වාරන ප්‍රතිපත්තියක් පවත්වා ගනී යන සාවද්‍ය මතය සමාජගත වීම නිවැරදි කිරීම මෙම කරුනු පැහැදිලි කිරිමේ සටහනෙහි අරමුනයි.

3 comments:

  1. ඔබගේ ස්ථාවරය පැහැදිලිය.
    වාරණය පිළිබද Taboo ගේ සටහන දුටු විට මට පළමුවෙන් ඇති වුයේ කුතුහලයකි.( Taboo ගේ comments වල tone එක ගැන ඔබ තරමක් අසතුටින් සිටි බව ද මතකය.) දින 4 ක් පමණඒ ගැන ඔබෙන් ප්‍රතිචාරයක් නොමැති වීම ගැන යම් විචිකිච්චාවක් ද ඇති විය. එවැනි සිතිවිල්ලක් ඇති කර ගැනීම ගැන දැන් කණගාටු වෙමි.
    මේ දක්වා ඔබේ බ්ලොග් අඩවියේ ඇති වූ සංවාදය, වෙනත් කිසිදු සිංහල බ්ලොග් අඩවියක නොතිබෙන ආකාරයේ එකකි. දැනුමක් හා අවබෝධයක් ඇති තවත් සභෘදයන් එයට comments හරහා එක් වෙමින් සිටිති. බාධාවකින් තොරව, පුළුල් මට්ටමකින් මෙය පවත්වා ගෙන යා හැකි නම් සුදුසු යි සිතමි. (පුද්ගලිකව යම් කර්කශ විවේචන වලට භාජනය වෙමින් පවා) ඔබ දක්වා ඇති ස්ථාවරය හා නම්යශීලිත්වය අගයමි.

    ReplyDelete
  2. ඕවා සුළු දේනෙ. හිතේ කහට තියා ගන්නෙ මොකටද?

    ReplyDelete
  3. මතවාදයේ පවතින දුරස්ථ බවට තාක්ෂණ දොෂයක් එක් වුණාම පොඩි පොඩි වියවුල් ඇති වෙනවා...ඒත් ඉතින් රාමචන්ද්‍ර ගිරා පෝතකයි කියලා ටැබූ කියන්නෙ කොහොමද කියලා මට ගැටළුවක් තියෙනවා..

    ReplyDelete