Thursday, July 29, 2010

නූතන අධිරාජ්‍යවාදය ගැන දල සටහනක්


Hugo Chavez සහ political chaos අතර කිට්ටු සබදතාවයක් තිබේ යන අදහස වෙනිසියුවේලියානු ඉහල පාංතිකයන්,අමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අමරිකන් කේන්ද්‍රීය ජනමාධ්‍ය පොදුවේ බෙදාගනු ලබන අදහසක්.චාවේස් වූ කලී ත්‍රස්තවාදියෙකි.චාවේස් වූ කලී වහා බලයෙන් පහ කල යුතු ආඥාදායකයෙකි.මෙය එක්සත් ජනපදයේ ස්වාධීන ලිබරල් ජනමාධ්‍ය විසින් නිතර වයනු ලබන ජනප්‍රිය තාලයයි.
ප්‍රසිද්ධ ජනාධිපතිවරනයකින් හියුගෝ රෆායෙල් චාවෙස් වෙනිසියුවේලාවේ බලයට පත්වන්නේ 1998 දීය.ඉක්බිති 2000 හා 2006 වසර වල පිලිවෙලින් පැවැත්වූ චන්ද වලදි හෙතෙම යලි යලිත් ජනාධිපතිධූරයට තේරි පත් වන අතර Times සගරාවට අනුව හෙතෙම 2005 වසරේ ලොව වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් සිය දෙනා අතුරින් කෙනෙකි.
මහජන චන්දයෙන් බලයට ආ චාවේස්ට එරෙහි හමුදා කුමන්ත්‍රනයක් 2002 දී දියත් කෙරින.පැය 48 ට ආසන්න කාලයක් කුමන්ත්‍රනය පැවතින.චාවෙස් බලයෙන් අස්වාමික කෙරිනි.චාවේස් විරෝධී ව්‍යාපාරිකයෙක් වූ පෙද්රෝ කාර්මෝනා ජනාධිපති ලෙස නම් කෙරුනු අතර මෙම හමුදා කුමන්ත්‍රනය අමරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත විග්‍රහ කලේ "ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක්" ලෙසය.වෙනිසියුවේලානු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් "ඉපදිමට නියමිත" ඒකාධිපතියෙකුගේ තර්ජනයෙන් පීඩා නොවිදිනු ඇතැයි 2002 අප්‍රේල් 13 එහි කතුවැකිය පැවසීය.2000 වසරේදී චාවෙස් බලයට පත්ව තිබුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 59.76% ක් ලබාගනිමිනි.ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් "හමුදා කුමන්ත්‍රනයකට" බටහිර ලිබරල් පුවත්පත් ආ වැඩීම සිත්ගන්නා සුලු විහිලුවක් නොවේද?
හාස්‍ය රසය බල දේශපාලනයේ ජාති ලක්ෂනයකි.

දකුනු අමරිකාව හමුදා කුමන්ත්‍රන සදහා නම් දැරූ කලාපයක්.වෙනිසියුවේලාවේ 2002 කුමන්ත්‍රනය එවැනි කුමන්ත්‍රන දාමයක හුදු තව එකක් විතරයි.හමුදා කුමන්ත්‍රන සහ එක්සත් ජනපද රජය අතර ඇති ගුප්ත සබදතාවය තවදුරටත් වහන් කරන්න බැරි ප්‍රසිද්ධ රහසක්.1970 දී බලයට ආ සැල්වදෝර් අයියන්දේ ඔගස්තෝ ෆිනොෂේ නම් ආඥාදායකයා හරහා විස්ථාපනය කෙරෙමින් චිලි වල සිදු වූ හමුදා කුමන්ත්‍රනය සහ සීඅයිඒ සංවිධානය අතර තිබුන සබදතාවය පිලිබද පසුකලෙක වාර්තා පවා එලියට ආවා.
එක්සත් ජනපද රජය සහ හමුදා කුමන්ත්‍රන අතර ගුප්ත ආලය වර්තමාන ලෝක දේශපාලන භාෂාවේ වැදගත්ම ව්‍යාකරන රීතිය වන අධිරාජ්‍යවාදයේ රිතිය තනි කලු පැහැ ඉරක් ගසා underline කරනු ලබනවා.

අධිරාජ්‍යවාදය යනු කුමක්ද?එවැනි දෙයක් ඇත්තටම පවතීද?
බොහෝ දෙනාට අධිරාජ්‍යවාදය යනු 20 වන සියවසේ මාතෘකාවක්.බයිබලය සහ අසිපත සහිතව සුද්දන් කලු මිනිසුන්ගේ විජිතයන්ට පය තැබීමත් රැජිනගේ ආන්ඩුව සහ රැජිනගේ බලය පිහිටුවීමත් ස්වදේශීකයන් කැති ගෑමත් බොහෝ අයෙක්ට අනුව අධිරාජ්‍යවාදයයි.එය 20 වන සියවස මැද භාගයේදී නිමියේය.තවදුරටත් එවැන්නක් නැත.‍
මේ අපට උගන්වා තිබෙන,බොහෝ දෙනා විශ්වාස කරගෙන සිටින ජනප්‍රිය ඇත්තයි.
ඒත් අධිරාජ්‍යවාදය පිලිබද මෙම සරල කතාව සුන්දර වුනත් අවාසනාවකට මෙන් එතරම් ඇත්තක් නෙමෙයි.අධිරාජ්‍යවාදය යනු කවරක්ද?එය බිහි වුනේ කවර තත්වයන් යටතේද යන්න තේරුම් නොගෙන අධිරාජ්‍යවාදය පිලිබද නිගමන වලට පැමිනීම බුද්ධිගෝචර නැහැ.

යුරෝපයේ වැඩවසම් ක්‍රමය පරද්දලා ධනවාදය තහවුරු වෙමින් තිබුන 19 වන සියවසේ කාල් මාක්ස් සහ එංගල්ස් මේ විදිහට ලියනවා.

සිය නිෂ්පාදන භාන්ඩ වලට නියත ලෙසම විශාල වෙමින් පවතින වෙලදපොලක් සොයාගැනීමේ අවශ්‍යතාවය විසින් මුලු මහත් ලෝක ගෝලය වටා ධනපති පංතියට දුවන්නට සිදුවෙයි.එයට සෑම තැනටම රිංගන්නටද හැම තැනකම පදිංචි වීමටද හැමතැනකම සම්බන්ධකම් ඇතිකරගැනීමටද සිදුවෙයි.
- කාල් මාක්ස් / ෆෙ.එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය - 1848

අද අප කතාකරන අධිරාජ්‍යවාදය යනු අන් කිසිවක් නොව ධනවාදය නැමැති සමාජ ක්‍රමය පරිනාමය වීමේ තාර්කික අවසානයයි.අධිරාජ්‍යවාදයේ ඉතිහාසය අපට දල ලෙස පහත ආකාරයට සටහන් කරගන්න පුලුවන්.

1.යුරෝපයේ ධනේශ්වර ක්‍රමය විසින් හස්ත කර්මාන්ත සහිත යුරෝපයේ වැඩවසම් සුලු නිෂ්පාදනය වෙනුවට මහා පරිමාන නිෂ්පාදනය ආදේශ කලා.ධනවාදී නිෂ්පාදනය වැඩෙන තරමට නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍ය සහ වෙලදපොලවල් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්න ගත්තා.එක්තරා අවදියකට පස්සෙ තවදුරටත් ජාතික දේශ සීමා මීට ප්‍රමානවත් වුනේ නැති නිසා ලෝකය පුරා දුවන්නටත් ලෝකයේ හැම මුල්ලකම "පදිංචි" වෙන්නත් දියුනු යුරෝපා ජාතීන්ට සිදුවුනා.අපි පරන යටත්විජිතවාදය කියල හදුන්වන්නේ මෙම ක්‍රියාවලිය.

නිදසුනක් ලෙස අප්‍රිකාව බලවත් යුරෝපා රටවල් අතර බෙදුන විදිහ විමසන විට මේ කරුන ඉතාම පැහැදිලිව පෙනෙනවා.රත්තරං,දියමන්ති,තඹ වැනි පැරනි සියවස් වල වටිනා සම්පත් වගේම ඛනිජ තෙල් වැනි නව යුගයේ වටිනා සම්පත් වලින් අනූන සරුසාර මහද්විපයක් වන අප්‍රිකාව පැතලි විදිහට ඉරි ගසලා බලවත් රටවල් විසින් තමා අතරේ බෙදාගත්තා.මේ බෙදා ගැනීම් සදහා රන්ඩු ඇතිවුනා.දියුනු ජාතින් එකිනෙකා කොටාගත්තා.මුල සිටම මේ නිසා යටත්විජිතවාදය හිංසාකාරී ක්‍රියාවලියක් ලෙසයි දිගහැරුනේ.
අධිරාජ්‍යවාදය කියන්නෙ සුදු අයගේ නපුරුකම නිසාවත්,ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇති කෙහෙල්මලක් නිසාවත් ඇතිවුන ප්‍රශ්නයක් නෙමෙයි එහි මූලය සෑම අතින්ම ආර්ථිකයි කියන එක තේරුම් ගැනීම මෙතනදී ඉතාම වැදගත්.

2.20 වන සියවස මුල වෙනකොට මෙම ක්‍රියාවලිය උපරිම ලක්ෂ්‍යයකට සේන්දු වෙන්න ගන්නවා.ලෙනින් මේ ක්‍රියාවලිය සාරාංශගත කරමින් පහත නිරික්ෂන කිහිපය අධිරාජ්‍යවාදය - ධනවාදයේ ඉහලම අවධිය නැමැති කෘතියෙන් ඉදරිපත් කරනවා.

අ)ප්‍රාග්ධන සංකේන්ද්‍රනය වීම හා දියුනු රටවල ප්‍රාග්ධනයේ අසීමිත වර්ධනය විසින් ප්‍රාග්ධනය ඒකරාශී වී විශාල ඒකාධිකාරි හා කතිපයාධිකාරී ආයතන බිහිවීම.
ධනවාදයේ මුල් කාලයේ වගේ ආයතන ගොඩක් තරගකාරිව ඉන්න නිදහස් තරග තත්වයට වඩා වෙනස් තත්වයක් මෙතනින් හැදෙනවා.කුඩා ආයතන අභාවයට යවමින් ඒකාධිකාර හා කතිපයාධිකාර පන්නයේ ආයතන ආර්ථික ජීවිතයේ වැදගත්ම අංගය බවට පත්වෙනවා.

ආ)බැංකු ප්‍රාග්ධනය සහ කාර්මික ප්‍රාග්ධනය එකතු වී මූල්‍ය ප්‍රාග්ධනයේ පදනම මත අලුත්ම ස්වරූපයේ ප්‍රාග්ධනයක් බිහිවීම.
ලෙනින් මෙය හදුන්වන්නෙ මූල්‍ය කතිපයාධිකාරය (financial oligarchy) ලෙසින්.

ඇ)ප්‍රාග්ධනය අපනයනය - මෙය වු කලි ධනවාදයට ආවේනික ඉතාම වැදගත් ලක්ෂනයක්.19 වන සියවසේ මුල්භාගයේ පැවතුනේ භාන්ඩ අපනයනය පමනයි.නමුත් 20 වන සියවසේ භාන්ඩ වලට අමතරව ප්‍රාග්ධනය අපනයනය වෙන්න ගන්නවා.ඒ කියන්නෙ දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් ( අද තුන්වන ලෝකයේ රටවල්කියල හදුන්වන - එවකට යටත් විජිත හා අර්ධ යටත්විජිත ලෙස පැවතුන ) නොදියුනු රටවලට ප්‍රවේශ වෙලා ඒවයේ කර්මාන්ත ආරම්භ කරනවා.මේවාට ඒ නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදාගැනෙනවා.අද විදේශ ආයෝජන කියල හදුන්වන ක්‍රියාවලියේ ආරම්භය මෙයයි.අඩු පිරිවැයට නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදා ඒ රටවලම නිෂ්පාදනය කොට වැඩි මිලට විකිනීමෙන් දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් දැවැන්ත ලාභ ඉපයීම ආරම්භ වෙනවා.

ඈ)ඒකාධිකාරයන් විසින් ලෝකය බෙදාගැනීම හා නැවත බෙදාගැනීම සදහා සටන් වැදීම.
ප්‍රාග්ධන අපනයනය හරහා තමන් උපයන අධි ලාභ පවත්වාගෙන යන්න නම් නොදියුනු රටවල් තමන්ගේ බලපෑම යටතේ පවත්වා ගැනීම අනිවාර්යයි.මේ නිසා යටත් විජිත හා අර්ධ යටත් විජිත කෙරෙහි වැඩි වැඩියෙන් දේශපාලන බලය යොදවා ඒවා තමන්ගේ ආඥා චක්‍රය යටතට ගැනීමට මෙම බලවත් රටවල රාජ්‍යයන් වෑයම් කරනවා.ඒ සදහා පොර බැදීමේ ප්‍රතිඵලයක් විදිහටයි ‍පලවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ පුපුරා යන්නෙ.
නිදසුනක් විදිහට 20 වන සියවස මුලදී බලවත් වෙන්න ගන්න ජර්මානු ප්‍රාග්ධනයට තමා සතු සූරාකෑමේ අයිතිය "පවරා දෙන්න" බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශ ප්‍රාග්ධනය කැමති වෙන්නෙ නැහැ.සාමකාමී බෙදාගැනීම්වලට අකමැති වීමේ තාර්කික ප්‍රතිඵලය වුනේ සංග්‍රාමයයි.

3.දෙවනි ලෝක යුද්ධය ඉවර වෙන්නෙ ලෝක දේශපාලනය ඇතුලෙ අධිරාජ්‍යවාදයේ පැරනි ස්වරූපය බරපතල අභියෝගයකට ලක්කරමින්.1945 වෙනකොට එක අතෙකින් සෝවියට් කදවුර බිහිවෙලා තිබුනා.එතෙක් කල් යටත් වී සිටි රටවල යටත් විජිත විරෝධී ව්‍යාපාර වර්ධනය වෙන්න පටන් ගෙන තිබුනා.තවදුරටත් තම අධිලාභ පවත්වා ගෙන යාම සදහා "පැරනි" සෘජු උපක්‍රම වල පිහිට පතන්න බැරි බව තේරුම් ගන්නා බලවත් ජාතිහු අලුත් තත්වයන්ට ගැ‍ලපෙන අලුත් ක්‍රම සහ විධි සොයන්න පටන් ගන්නවා.
රැජිනගේ නියෝජිතයන් විසින් පාලනය කරන පැරනි යටත්විජිතවාදය අවසාන වෙන්නෙත් අධිරාජ්‍යවාදය වක්‍ර ලෙස සිය ආධිපත්‍යය පවත්වා ගැනීම සදහා නව ආකාතියකට මාරු වෙන්නේත් මෙහි ප්‍රතිඵල විදිහට.

4."නව" අධිරාජ්‍යවාදයේ පලමු පියවර විදිහට යටත් කොටගෙන තිබූ සියලු රටවලට දේශපාලන නිදහස ලැබෙනවා.‍සෝවියට් සමූහාන්ඩුවේ තර්ජනය නිසා තමන් අතර තිබෙන පසමිතුරුතා තාවකාලිකව පසෙකට කරන සියලු බලවත් බටහිර ජාතීන් එක්සත් වෙන්න ගන්නවා.
නව යුගයේ අධිරාජ්‍යවාදය නියෝජනය වෙන්නෙ මහා පරිමාන සමාගම්,එම සමාගම් සදහා යටිතලය සපයන ලෝක බැංකුව වැනි ආයතන සහ මේ සියල්ල සදහා දේශපාලන ඉන්ධන සපයන බලවත් රටවල රාජ්‍ය තන්ත්‍රයන් විසින්.1991 දී සෝවියට් කදවුර බිදවැටීමත් සමග මෙම නව අධිරාජ්‍යවාදය සිය ඉතිහාසයේ අලුත් පිටුවකට ප්‍රවේශ වෙනවා.

දිග කතන්දරයක් කෙටියෙන් ලියනවා නම් අධිරාජ්‍යවාදය යනු පනහ දශකයෙන් අවසන් වුන එකක් නෙමෙයි.
ඇත්තටම බලවත් රටවල ආර්ථික සමෘද්ධිය සෑහෙන දුරකට නොදියුනු දිලිදු රටවල් ස්වකීය ආධිපත්‍යය ය‍ටතේ පවත්වා ගැනීම මත රැදී තිබෙනවා.උදාහරනයක් විදිහට නයිජිරියාව සහ ෂෙල් සමාගම අතර ජනප්‍රිය කතාව සලකා බලමු.නයිජිරියාවෙ තෙල් වල සෑහෙන අයිතියක් පවතිනුයේ නෙදර්ලන්තය මූලික වුන ෂෙල් සමාගම සතුව.මෙය "විදේශ ආයෝජනයක්".ඛනිජ තෙල් වෙලදාම ඉතාම ලාභදායක වෙලදාමක් වෙන වර්තමාන සන්දර්භය තුල ෂෙල් සමාගමට සහ එනයින් නෙදර්ලන්තයට නයිජිරියාවේ තෙල් නිධි යනු අත්හල‍ නොහෙන සම්පතක්.එක්සත් ජනපදය මැදපෙරදිග කෙරෙහි දක්වන අධික ගිජුත්වය හා අවදානය තේරුම් ගත යුතු සන්දර්භයත් මෙයයි.ඉරාකයේ තෙල් වෙනුවට අර්තාපල් තිබුනා නම් සදාම් හුසේන් "ඒකාධිපතියෙක්" බව එක්සත් ජනපදයට කිසිවිටෙක මතක් නොවනු ඇතැයි යන්න ජනප්‍රිය විහිලුවක්.
ලිපිය ආරම්භයේදී සදහන් කල වෙනිසියුවේලාව වූ කලී ලෝකයේ ප්‍රමුඛතම තෙල් නිපැයුම්කරුවන් අතර ඉදිරියෙන් සිටින රටක්.1998 දී එහි බලයට පත්වන චාවේස් බොලිවේරියානු විප්ලවය යනුවෙන් හැදින්වෙන වාමාංශික ප්‍රතිසංස්කරන රැල්ලක් ක්‍රියාවට නගනවා.ප්‍රතිසංස්කරන වල එක් අංගයක් වුනේ විදේශ සමාගම් සතුව තිබූ තෙල් නිධි වල අයිතිය ජාතිය සතු කිරීමයි.එක්සත් ජනපදය කලබල වෙන්න පටන් ගන්නෙ චාවේස්ගේ මෙම විවාදාත්මක පියවරත් සමග.
අමෙරිකානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන්ට තෙල් නිධි ජනසතු කරන චාවේස් වහා බලයෙන් පහ කල යුතු "ත්‍රස්තවාදියෙක්" වීමේත් තෙල් නිධිවල ස්වකීය භුක්තියට නිදහසේ ඉඩ හැර තිබෙන සෞදි අරාබියේ රජ පවුල ඉතාම "සාමකාමී" තන්ත්‍රයක් වීමේත් කතාවේ තර්කය මේ ආකාරයි.

දෘෂ්ටිවාදය කියන්නෙ අතිශය බලසම්පන්න මෙවලමක්.අධිරාජ්‍යවාදය කියල එකක් නැහැ,විදේශ ආයෝජකයන් හරි අහිංසකයි,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ව්‍යුහමය ගැලපුම් සදහා නය දෙන්නෙ දුප්පත් රටවල් දියුනු කරන්න,අමෙරිකාව ඉන්නෙ තුන්වෙනි ලෝකය ශිෂ්ට කරන්න,ගෝලීය ධනවාදයට විකල්ප නැහැ,සමාජවාදය මැරිල,ලෝක ධනවාදයට විකල්ප සෙවීමට යාම නිෂ්ඵලයි,මෙය ඉතිහාසයේ අවසානයයි ඒ නිසා ගෝලීය ධනවාදයට මල් පහන් පුදමින් තම තමන්ගේ වැඩක් බලාගනු!යනුවෙන් නූතන ලෝකයේ දෘෂ්ටිවාදය දැලක් ලෙස වියනු ලැබ තියෙනවා.මේ මන්තරය නිතර දෙවේලේ මතුරනු ලැබෙනවා.මන්තර වලින් වසග කරනු ලැබූ ලිබරල් බුඩ්ඩිමතුන් ගෝලීය ධනවාදයේ ආශ්චර්යය ගැන සහ විකල්ප සෙවීමේ නිෂ්පලත්වය ගැන නැවත නැවතත් පුනරුච්ඡාරනය කරමින් සිටිනවා.

නමුත් අප බොහෝ විට "පරම සත්‍යය" කියල භාර ගන්නා බොහෝ දේ එක්තරා අධිපති මතවාදයක නිමැවුම්මැ මිස වෙන මොනවත් නෙමෙයි.අධිරාජ්‍යවාදය යනු ධනවාදයේ නූතන ආකාරයයි.එය ඇස්පනා පිට පවතින යථාර්තයයි.
ඇදහීමට අකමැත්තක් යථාර්තයක් වූ කල අප කුමක් නම් කරමුද?
ගුරුවරුන් අදහමුද?ඇදහිල්ලට පහර දෙමුද?














16 comments:

  1. 1. දැන් මේකෙන් කියන්නෙ දියුණු වෙමින් පවතින රටවල් දියුණු රටවල් සමඟ වෙළඳාම් නොකළ යුතුය යන්නද?

    2. නැත්නම් මේ අන්තර්ජාතික වෙළඳාම "සමාජවාදී" ක්‍රමයට "සාධරණව" "සූරාකෑමකින් තොරව" සිදුවන්නෙ කොහොමද? උදාහරණයක් දෙන්න.

    3. "සමාජවාදී සෝවියට් දේශය" ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම අධිරාජ්‍යවාදයද, නැද්ද?

    4. "සමාජවාදී චීනය" ටිබෙට් රට ආක්‍රමණය කර දලයි ලාමා පිටුවහල් කිරීම අධිරාජ්‍යවාදයද, සමාජවාදයද?

    5. රුසියාව 'සෝවියට් දේශය' කියලා ලේබල් ගහගෙන යුක්‍රේනය, ලිතුවේනියාව, කිර්ගිස්තානය ආදී රාජ්‍ය ගණනාවක සම්පත් තමන්ගේ ප්‍රයෝජනය තකා වසර අසූවකට ආසන්න කාලයක් තිස්සේ ආයුධ බලයෙන් සූරා කෑම අධිරාජ්‍යවාදයද, නැද්ද?

    6. ලෙනින් යුක්‍රේනය සූරාකෑවේ "අධිරාජ්‍යවාදී" ක්‍රමයටද, "සමාජවාදී" ක්‍රමයටද?

    7. "ඡන්දයෙන් බලයට පත් ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් "හමුදා කුමන්ත්‍රනයකට" බටහිර ලිබරල් පුවත්පත් ආ වැඩීම සිත්ගන්නා සුලු විහිලුවක් නොවේද?"

    එතකොට ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් ඔබේ ආදරණීය පක්ෂය වන ජවිපෙ උද්ඝෝෂණ කිරීමත් සිත්ගන්නා සුළු විහිළුවක්ද?

    ReplyDelete
  2. @ taboo

    ඉස්සෙල්ලාම ඔබතුමා එක්ක ගිය පෝස්ට් එකේදි ගිය කතාබහෙදි ඔබතුමා අප්‍රිකාව ගැන අහල තියන ප්‍රශ්නෙට උත්තර දීල තියනව.

    http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2010/07/blog-post_13.html
    see - 34 35 comments

    ඒ "ගොං තර්ක" කිහිපය බිදල දානව කිව්වට ඒක තාම වුනේ නැහැ.ඒකත් බිදිනව නම් හොදයි.

    1- //දැන් මේකෙන් කියන්නෙ දියුණු වෙමින් පවතින රටවල් දියුණු රටවල් සමඟ වෙළඳාම් නොකළ යුතුය යන්නද//

    මෙතන කතා කරන්නෙ වෙලදාමකින් ලාබ උපයනව වගේ සිම්පල් සිද්ධියක් ගැන නෙමෙයි කියල නොතේරීම ගැන කනගාටුයි.ප්‍රාග්ධන අපනයනය කියල සිංහලෙන් ලියල තියනව නේද?ප්‍රාග්ධන අපනයනයයි හුදු භාන්ඩ වෙලදාමයි මහත්මයා ක්‍රියාවලි දෙකක්.

    2.//නැත්නම් මේ අන්තර්ජාතික වෙළඳාම "සමාජවාදී" ක්‍රමයට "සාධරණව" "සූරාකෑමකින් තොරව" සිදුවන්නෙ කොහොමද? උදාහරණයක් දෙන්න//

    නැවතත් - ප්‍රශ්නය හුදු වෙලදාම ගැන නෙමෙයි.ඒත් වෙලදාම නම් ඔබේ ගැටලුව සීතල යුද සමයේ සෝවියට් කියුබානු වානිජ සබදතා අද වෙනිසියුවේලානු කියුබානු ආර්ථික සබදතා ගැන අවධානය යොමු කලොත් පරමාදර්ශී නොවුනට රිරි මාංස සූරාකැම වෙනුවට වඩා සාධාරන පදනමක් තියනව.

    සෝවියට් දේශය හා චීනය අනෙත් රටවල් "සූරාකෑම" ගැන -
    සෝවියට් දේශය හා චීනය අනිත් රටවල් සූරා කෑ "ප්‍රමානය" කොපමනද?ඒවායින් ඇදපු මුදල් "ප්‍රමානය" කීයද කියල හරියට "පිලිගත හැකි" මූලාශ්‍රයක් එක්ක උදාහරනයක් දීල ඉන්නකො.ඊට පස්සෙ අපි කතා කරමු :)

    //ලෙනින් යුක්‍රේනය සූරාකෑවේ "අධිරාජ්‍යවාදී" ක්‍රමයටද, "සමාජවාදී" ක්‍රමයටද?//
    ලෙනින් ඒක කලේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදුවනම්?
    මම නම් දන්න තරමින් ලෙනින් තමයි පැරනි රුසියානු අධිරාජ්‍යයේ කොටස්වල ස්වයං තීරන අයිතිය පිලිගත්ත පලමුවෙනි නායකයා.පසුකාලීනව මේ රාජ්‍යයන්ගේ හැසිරීම් තුල අධිපතිවාදි පිරිහීම් තිබුන කියන එක ගැන විවාදයක් නැහැ.ඒත් එයයි ලිපියේ කතා කෙරෙන ධනේශ්වර අධිරාජ්‍යවාදී සූරාකැමයි පැහැදිලිවම වෙනස් සංසිද්ධි දෙකක්.

    //එතකොට ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් ඔබේ ආදරණීය පක්ෂය වන ජවිපෙ උද්ඝෝෂණ කිරීමත් සිත්ගන්නා සුළු විහිළුවක්ද//

    මෙතන ඔබතුමා වැරදි දෙකක් කරනවා.
    පලමුව ජවිපෙ සහ මගේ "ආදරනීය" සබදතාව ගැන ලොකු දෙයක් ඔබතුමා හිතාගෙන ඉන්න බව පේනව.මෙම අඩවිය සහ ජවිපෙ අතර කිසිදු සබදතාවයක් නැති බව අමුතුවෙන් මම ලියන්න යන්නෙ නැහැ.එහෙම දෙයක් උපකල්පනය කරල ඔබතුමා වින්දනයක් ලබනව නම් ඒකට බාධා කිරිමේ උවමනාවකුත් නැහැ.
    දෙවෙනුව "උද්ඝෝෂනයක්" සහ "හමුදා කුමන්ත්‍රනයක්" අතර වෙනස ඔබතුමාට තේරිල නැහැ.සමහර විට මැට්ටන්ට පෙනෙන සුලු කරුනු විශාල මස්තිෂ්ක වලට ගෝචර නොවීම මීට හේතුව විය හැකියි :)

    දැන් මගේ ප්‍රශ්නය යොමු කරන්න අවසර.
    බිද වැටී තිබෙන සෝවියට් දේශය අධිරාජ්‍යයක්ද නැද්ද කියන එක ගැන මොලේ වෙහෙසන්න ඉස්සෙල්ලා අමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදයක් වර්තමානයේ පවතිනවාද නැද්ද?එය විසින් ගෝලීය පන්නයේ සූරාකෑමක් කරනවාද නැද්ද?එතනින් පටන්ගෙන සෝවියට් දේශයට ගියා නම් තමයි තර්කයේ පිලිවෙලක් තියෙන්නෙ.

    ReplyDelete
  3. ඔබේ 'නිදර්ශන' අදාළ නැති ඒවා මිසක් මා ඉල්ලූ එකක් නෙවෙයි. එනිසා ඒ ගැන තවදුරටත් කතා කිරීම මගේ කාලය නිකරුණේ නාස්ති කර ගැනීමකැයි සිතුණු නිසයි ඒ වාදය එතෙකින් නතර කළේ.

    යුරෝපයේ අධිරාජ්‍යවාදය ඇතිවීම්ට සමාන්තරව ලෙනින් නම් කෲර මිනීමරු ඒකාධිපති පාලකයා යුක්‍රේනය හා ඉතිරි 'සමූහාණ්ඩු' 14 සූරා කෑ හැටි ගැන ඇති තරම් තොරතුරු තියෙනවා. මන්ද මා ලෙනින්ලා ගැන ඉගෙනගත්තේ ඔබ මෙන් සුනිල් මාධව ලාගේ පොර ටෝක් වලින් හා ප්‍රගති ප්‍රකාශක ආයතනය පළ කළ ප්‍රචාරාත්මක පොත් වලින් නොවන නිසා.

    නමුත් ඔබේ මෙන් මගේ අරමුණ අයිඩියොලොජි එකක් ප්‍රචාරය කිරීම නොවන නිසා ඒවා ලියන්නට මගේ බ්ලොග් එකේ ඉඩ වෙන් කරන්නේ නැහැ.

    මොනව උනත් මෙවරත් ප්‍රශ්න වලින් ලිස්සා ගොස් ඇති ආකාරය අපූරුයි.

    - Taboo

    ReplyDelete
  4. අමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදයක් වර්තමානයේ පවතිනවාද නැද්ද?

    මීට උත්තරය කෙනකු 'අධිරාජ්‍යවාදය' අර්ථ දක්වන ආකාරය අනුව වෙනස් වේ. මගේ කෙටි උත්තරය 'නැත' යන්නය. ('අධිරාජ්‍යවාදය' යන්නම තමන් ජාතිකවාදී කියූ පිරිසක් මුලින් යොදාගත්, පසුව නව-වාමාංශිකයින් විසින් හයිජැක් කළ දුර්වල, අවිද්‍යාත්මක, ප්‍රචාරාත්මක සංකල්පයකි. එවැනි දුර්වල අර්ථය පැහැදිළි නැති සංකල්පයක් උඩ වැඩකට ඇති සංවාදයක් කළ නොහැකිය.)

    එය විසින් ගෝලීය පන්නයේ සූරාකෑමක් කරනවාද නැද්ද?

    ගෝලීය පන්නයේ සූරාකෑම කියා දෙයක් නැත. නැති දෙයක් කළ හැක්කේ යමකුගේ මනස තුළ පමණකි.

    ReplyDelete
  5. හොඳයි මගේ පළවැනි ප්‍රශ්නෙ මෙහෙම වෙනස් කරන්නම්කො.

    1. දැන් මේකෙන් කියන්නෙ දියුණු වෙමින් පවතින රටවල් දියුණු රටවල් සමඟ "ප්‍රාග්ධන අපනයනය" (ඒක මොක උනත්) නොකළ යුතුය යන්නද?

    ReplyDelete
  6. How the Russin dictators (Lenin and Stalin) runied Ukraine. Some informtion from Wikipedia.

    The Holodomor (Ukrainian: Голодомор; translation: death by hunger) was a famine in the Ukrainian SSR from 1932–1933, during which millions of inhabitants died of starvation in a peacetime catastrophe unprecedented in the history of Ukraine.[1][2][3][4] Estimates on the total number of casualties within Soviet Ukraine range mostly from 2.6 million[5][6] to 10 million.[7] Primarily as a result of the economic and trade policies instituted by Joseph Stalin, millions of Ukrainians starved to death over the course of a single year. The causes of the famine are a controversial issue and scholars disagree on the relative importance of natural factors,[1][8][9][10] bad economic policies or engineered measures towards Ukrainian peasants. The famine was part of a wider Soviet famine of 1932–1933.

    The root cause of the Holodomor is a subject of scholarly debate.[11] Some scholars have argued that the Soviet policies that caused the famine may have been designed as an attack on the rise of Ukrainian nationalism, and therefore fall under the legal definition of genocide.[12][13][14][15][16] The Holodomor is also known as the "terror-famine in Ukraine"[17][18] and "famine-genocide in Ukraine".[19] Others, however, conclude that the Holodomor was a consequence of the economic problems associated with radical economic changes implemented during the period of Soviet industrialization.[13][14][20][21]

    As of March 2008, several governments[22] have recognized the actions of the Soviet government as an act of genocide. The joint statement at the United Nations in 2003 has defined the famine as the result of cruel actions and policies of the totalitarian regime that caused the deaths of millions of Ukrainians, Russians, Kazakhs and other nationalities in the USSR.[23] On 23 October 2008 the European Parliament adopted a resolution[24] that recognized the Holodomor as a crime against humanity.[25]

    On January 12, 2010, the court of appeals in Kiev opened hearings into the "fact of genocide-famine Holodomor in Ukraine in 1932-33". In May 2009 the Security Service of Ukraine had started a criminal case "in relation to the genocide in Ukraine in 1932-33".[26] In a ruling on January 13, 2010 the court found Joseph Stalin and other Bolshevik leaders guilty of genocide against the Ukrainians; however, the court dropped criminal proceedings against the leaders, Joseph Stalin, Vyacheslav Molotov, Lazar Kaganovich, Stanislav Kosior, Pavel Postyshev and others, due to their deaths.[27] This decision became effective on January 21, 2010, after not having been contested in the Supreme Court of Ukraine for seven days.[28]

    On April 26, 2010, newly elected Ukrainian President Viktor Yanukovych, told Parliamentary Assembly of the Council of Europe members that Holodomor was a common tragedy that struck Ukrainians and other Soviet peoples, and that it would be wrong to recognize the Holodomor as an act of genocide against one nation. He stated that "The Holodomor was in Ukraine, Russia, Belarus and Kazakhstan. It was the result of Stalin's totalitarian regime. But it would be wrong and unfair to recognize the Holodomor as an act of genocide against one nation."[29] On April 28 2010, the Council of Europe stated that Stalin's regime was guilty of the Holodomor famine that killed millions in the Soviet Union in the 1930s, but that it cannot be classified as an act of genocide that targeted the Ukrainian people.[30]

    More information: http://en.wikipedia.org/wiki/Holodomor

    ReplyDelete
  7. @ taboo

    1.අප්‍රිකාව ගැන වාදය ඔබතුමා නිමා කලේ පිලිතුරු කතාව නොකරනෙ.අප්‍රිකාවේ සම්පත් සූරාකෑම ( exploitation)ගැන "පිලිගත්" මූලාශ්‍රයක් සහිත විස්තර ඔබතුමා ඉල්ලුවා ඉදිරිපත් කලාට පසු ඒ ගොං තර්ක බිදිනව කියල.මම එක්සත් ජාතින්ගේ වාර්තාවක තොරතුරු ඉදිරිපත් කලා Illegal exploitation කියන වචනය ඒ විදිහටම සදහන් වන.එය ප්‍රශ්නයට "අනදාල" වන හැටි පැහැදිලි නැහැ.දැන් අපි බලාගෙන ඉන්නෙ ඒ ගොං තර්කෙ බිදින තුරු.ප්‍රශ්නෙන් ලිස්සලා යන්නෙ කවුද?

    2.යුක්‍රේනය ගැන ලොකු විස්තරයක් ඉදිරිපත් කලාට ස්තුතියි.ඒත් උත්තරේට ලකුනු හම්බෙන්නෙ නැත්තෙ උත්තර දිල තියෙන්නෙ අහල තියන ප්‍රශ්නෙට නොවන නිසා."ලෙනින්" නමැති මිනීමරුවා යුක්‍රේනය සූරගෙන කෑ අන්දම ගැන ඇහුවම ලෙනින් මැරිල අවුරුදු ගානකට පස්සෙ ස්ටාලින්ගෙ කාලෙ (1932-1933) සාගතයක් ගැන කියන එක එච්චර ගැලපෙන උත්තරයක් නෙමෙයි නේද?හොද උත්සාහයක්.නැවත වෑයම් කරන්න.

    3.ඔබේ පිලිතුරු වල හරයාත්මක දෙයක් තිබෙන්නෙ අධිරාජ්‍යවාදය ගැන ඔබේ සදහන තුල පමනයි.ඇත්ත.අධිරාජ්‍යවාදය කියන එක අර්ථ දැක්වෙන ආකාරයට වෙනස් වෙන්න පුලුවන්.මේ ලිපියට පාදක වෙන්නෙ අධිරාජ්‍යවාදය ගැන මාක්ස්වාදි කතිකාවතෙහි අර්ථ දැක්වීම.නමුත් ඒ අර්ථ දැක්වීම ගොඩනැගිල තියෙන්නෙ විෂය මූලික දත්ත මත.
    - අමෙරිකාව ඉරාකයට පහර දෙන්නෙ තෙල් පිලිබද අරමුනකින්ද?නැද්ද?
    - වෙනිසියුවේලාවෙ ආන්ඩුව පෙරලන්න වෑයම් කරන්නෙ ලාබ පිලිබද සවිඥානිකත්වයක් මතද?නැද්ද?
    - ජොන් පර්කින්ස් confessions of an economic hitman හරහා තමන්ගෙ අත්දැකීම් වලින් පැහැදිලි කරන විදිහෙ ක්‍රියාදාමයක් ලෝකයේ සිදුවෙනවද?නැද්ද?
    මේව මහත්මයා කාගෙවත් හිතේ මැවෙන වල්භූත නෙමෙයි ඇත්තටම වෙන දේවල්.මැදිහත් වීමට ස්තුතියි.අප්‍රිකාව ගැන පිලිතුරක් දෙන්න පුලුවන් නම් හොදයි.

    ReplyDelete
  8. 1. මගේ ප්‍රශ්නය තේරුම් ගෙන අහන උදාහරණය දෙන්න. එවිට අපට කතා කළ හැකියි. නැතිව ව්‍යාපෘතියක් නිසා සිදුවන සරල පරිසර ප්‍රශ්න කිහිපයක් කීවාට එයින් අප්‍රිකාවෙන් මහා ධන්ස්කන්ධයක් යුරෝපයට ඇදී යාමක් කියැවෙන්නෙ නැති බව ඔබට තේරුම් නොයාම අවාසනාවක්.

    2. අනේ. ලෙනින් හරීම අහිංසක මනුස්සය. ස්ටාලින් තමයි නරක නේද? මහත්තයෝ ස්ටාලින්ගෙ යුගයෙදි ප්‍රතිඵල ඇති වුනේ ලෙනින් කරපු "ආර්ථික ප්‍රතිසංස්කරණ" වල තමයි. යුක්‍රේනයේ මිලියනයක් පමණ මිය ගිය දැවැන්ත සිවිල් යුද්ධයක් ඇතිවුනේ ලෙනින්ගෙ කාලෙ මිසක් ස්ටාලින්ගෙ කාලෙ නෙවෙයි. (මේවා සෝවියට් රුසියාවෙන් පළකළ ප්‍රචාරාත්මක පොත් වල නැහැ.) මාඕ ගෙ චීනයෙත්, පොල්-පොට්ගෙ කාම්බෝජයේත් ඇතිවූ ප්‍රතිඵල මීටත් දරුණුයි.

    3. නිර්වචනය පැත්තක තියා කතා කළත් ඔය "අධිරාජ්‍යවාදය" කියන ප්‍රශ්නය ගැන ඔබ නඟන කතිකාව වලංගු වන්නේ ඊට සාර්ථක විකල්පයක් යෝජනා කිරීමට ඔබට ඇති හැකියාව මත පමණයි. (මා හැමදාමත් අහන පරිදි ) ඇයි ඔබ ධනවාදයේ ප්‍රශ්න ගැන කියව කියවා ඉන්නෙ? නරකද මේ "ධනවාදයේ" ප්‍රශ්න විසඳිය හැකි ඔබේ මහ ලොකු සමාජවාදී විසඳුම් ගැන එක පෝස්ට් එකක් කරන එක?

    ReplyDelete
  9. @ taboo

    1.ඔබේ ප්‍රශ්නය බහුජාතික සමාගම් විසින් අප්‍රිකාවේ සම්පත් සූරාකෑමක් කරයිද?එසේ නම් ඒ පිලිබද පිලිගත් මූලාශ්‍රයක් දෙන්න.
    මගේ පිලිතුර එසේ කරයි.ඒ සදහා Illegal exploitation සදහා සමාගම් වලට සෘජුව චෝදනා කෙරෙන එක්සත් ජාතින්ගේ කමිටු වාර්තාවක් ලබා දී ඇත.මෙතනින් එහා පිලිතුරු සැපයීම ඔබගේ සාධන භාරයයි.

    2.ඔබ ප්‍රකාශ කලේ "ලෙනින්" "යුක්‍රේනය" "සූරාකෑ" බවයි.මා ඉල්ලා සිටියේ එය ඔප්පු කරන ලෙසයි.ඔබට එවැන්නක් සනාථ කල නොහැක.ඒ වෙනුවට ස්ටාලින්ගේ කාලයේ සිදුවුන සාගතයක් ගැන දොඩවයි.ඔබ නිතර පෙනී සිටිනුයේ දත්තයක් නැතිව වැරදිලාවත් කිසිම දෙයක් නොකියන සම්පූර්න නිරවද්‍ය මිනිසා සේය.නැවතත් මම අසමි.ලෙනින් යුක්‍රේනය සූරාකෑවේ කොහොමද?ඒවා "ප්‍රමාන" සහිතව පෙන්වන්න.
    'මිලියනයක් මිය ගිය' සිවිල්යුද්ධයක් ගැන පැවසීම "සූරාකෑම" ගැන සාක්ෂියක් නොවන wide ball එකකි.සිවිල් යුද්ධය ඇතිවුනේ යුක්‍රේනයේ බොල්ෂෙවික් කන්ඩායම් හා බොල්ෂෙවික් විරෝධී කන්ඩායම් අතරය.බොල්ෂෙවික් විරෝධී කන්ඩායම් සමන්විතව තිබුනේ විප්ලවය පැතිරීම නිසා වරප්‍රසාද අහිමි වුන ඉඩම් හිමියන් හා පැරනි රදලයනුත් ඔවුන්ගේ අනුගාමික‍යන්ගෙනුත්ය.ඒ වනවිට බ්‍රිතාන්‍ය ප්‍රංශය වැනි ධනපති රටවල භට සේනා 14ක් රුසියාව වටලා සිටියහ.ඒ රටවල ආධාරය සෝවියට් බලයට විරුද්ධ ප්‍රභූ කන්ඩායම් වලට ලැබුනි.මේ කිසිවක් නොදැන යුද්ධයකින් මිලියනයක් මැරුන කීවට ලෙනින් යුක්‍රේනය සූරා කෑ බවක් ඉන් සනාථ නොවේ.සමාවෙන්න.මේ භාවිත වෙන්නෙ ඔබගේම තර්කන ක්‍රමයයි.

    3.//නරකද මේ "ධනවාදයේ" ප්‍රශ්න විසඳිය හැකි ඔබේ මහ ලොකු සමාජවාදී විසඳුම් ගැන එක පෝස්ට් එකක් කරන එක//

    අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේදි කෙරෙනු ඇත.පවතින ක්‍රමයෙහි ප්‍රෝඩාව හෙලිදරවු කිරීම පලමු පියවරයි.

    ReplyDelete
  10. ඔබේ ප්‍රධාන රචනාවේ සහ Taboo සමග සංවාදයේ , (Chavez ගැන හැරෙන්නට) උදාහරණ සමගින් ඉදිරිපත් කරන අදහස් , 70 දශකයේ මුල් භාගයේ සිටම අපට අසන්නට, කියවන්නට ලැබුණු දේවල්ය. පෙනෙන විදියට ඔබ ඉන්නේ තවමත් එතනය. වෙනස් අයුරකින් වුවත් Taboo පවසන්නේත් මේ අදහසම විය භැකීය. .
    මිනිස් සමාජයේ ප්‍රාථමික අවධියේ ( Hunters and Gatherers ) ,පටන් වහල් සමාජය, වැඩවසම් සමාජ ක්‍රමය, කාර්මික විප්ලවය, ධනවාදයේ( එක රටක ) මුලික අවධිය,අධිරාජ්‍යවාදය දක්වා සමාජ ආර්ථික පරිණාමනය තේරුම් ගන්න Marx ගේ කෘතීන් වැදගත්. නමුත් පසුගිය 20 වැනි ශත වර්ෂය තුල , ලෝක පරිමාණයෙන් එක් එක් රටවල්වල සමාජ ආර්ථික ක්‍රමයන්ගේ සිදු වූ වෙනස්කම් , තේරුම් ගැනීමට තවම උත්සහ කරන්නේත් Marx / Lenin හරහා පමණක් ම නම් , එය ශෝචනියයි ( unfortunate ). ඇමරිකන් අධිරාජ්‍යවාදය, ධනවාදය, සූරාකෑම ගැන ගිරවුන් මෙන් කට පාඩමින් , පැරණි දේම පුනරුච්චාරණ කරන( වාසුදේව සහ වික්‍රමබාහු ඇතළු කිහිප දෙනෙක්) තවම ඉද හිට දකින්න පුළුවන්. නමුත් අද සමාජයට , මේ මතවාදීන්ට කල හැකි දේශපාලන බලපෑමක් නම් නැහැ. මන්ද ? දැන් සිටින තරුණ පරම්පරාවට නම් රට ඇතුලත කෙසේ වෙතත්, , ලෝකයේ අනෙක් රටවල්වල, ව්‍යාපාර , තාක්ෂණික අංශයේ සිදුවන දියුණු දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.

    ReplyDelete
  11. @ Ramachandra
    ඔබේ එක මුලික අදහසක් ....
    //... 20 වන සියවසේ භාන්ඩ වලට අමතරව ප්‍රාග්ධනය අපනයනය වෙන්න ගන්නවා.ඒ කියන්නෙ දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් ( අද තුන්වන ලෝකයේ රටවල්කියල හදුන්වන - එවකට යටත් විජිත හා අර්ධ යටත්විජිත ලෙස පැවතුන ) නොදියුනු රටවලට ප්‍රවේශ වෙලා ඒවයේ කර්මාන්ත ආරම්භ කරනවා.මේවාට ඒ නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදාගැනෙනවා.අද විදේශ ආයෝජන කියල හදුන්වන ක්‍රියාවලියේ ආරම්භය මෙයයි.අඩු පිරිවැයට නොදියුනු රටවල ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදා ඒ රටවලම නිෂ්පාදනය කොට වැඩි මිලට විකිනීමෙන් දියුනු රටවල ප්‍රාග්ධන හිමියන් දැවැන්ත ලාභ ඉපයීම ආරම්භ වෙනවා.....//

    මේ ආශ්‍රයෙන් පහත කරුණු පැහැදිලි කරන්නේ කොහොමද ?

    1. JR ,රනිල් විදේශ විදේශ ප්‍රාග් ධනය ගෙන්න ගැනීමට වැඩ කිරීම තේරුම් ගත හැකිය, නමුත්දේශප්‍රේමී, විජාතික බලවේගවලට හිස නොනමන රාජපක්ෂ රජයත් ,විදේශ ප්‍රාග් ධනය හිඟමනේ යනවා නේද?
    2.රුසියාව , ඉන්දියාව චීනය ත් විදේශ ප්‍රාග් ධනය ගෙන්වා ගැනීමට උපරිම try එක දෙනවා නේද ?
    3.විදේශීය ප්‍රාග් ධන හිමියන් සතු කර්මාන්ත ( Tobacco , Unilver ,Nestle ,CIC.../) සහ Joint Ventures (Brandix , MAS Holdings ....) ලේසියෙන්ම ජනසතු කරන්න පුළුවන් නේද ? දැන් කෙසේ වෙතත්, පරිවාස කාලයේ JVP වත් එහෙම යෝජනාවක් කලා ද ?
    4.ජනසතු කරපු ආයතන ගැන අපේ අත් දැකීම කොහොමද ? එහෙනම් විසදුම මොකද්ද ?
    5.සුරා කන්නේ කවුද ? කාවද ? විදේශ ප්‍රාග් ධනය පමණද ? දේශීය ප්‍රාග් ධනය හිමියන් ( DSI , Jinasena , Damro ..Cargills ...)නැද්ද ?
    6. අද චීනය හැඳින්වෙන්නේ ලෝකයේ කර්මාන්තශාලාව ලෙස යි. චීනයට අමු ද්‍රව්‍ය ලැබෙන්නේ කොහෙන්ද ? එතන සූරාකෑම සිදු වන්නේ නැතිද ? චීනය ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල සූරාකෑම සිදු වේද ?
    7. මේ විදියට විදේශ යෝජනා හරහා සූරාකෑම සිදු වීමට ඉඩ නොදෙන නායකයන් සිටින එක රටක් වත් ඇත්තෙම නැද්ද ? Chavez Castro ? Kim IL Jong මේ ගණයට වැටෙන්නේ නැද්ද ? Model රටක් ඇත්තෙම නැත්ද ?

    ReplyDelete
  12. @ රාමචන්ද්‍ර
    කරුණාකර අද Taboosubjects post එක බලන්න.
    Taboo ට පැන නැගී ඇති ප්‍රශ්නය Technical Issue එකක් යයි සිතමි. ඔබ මෙය නිවැරදි කරනු ඇතියි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  13. මේ දිගු සංවාදය තවත් ඉදිරි දැක්මක් කරා පොළඹවන්නක්. සමස්තයක් ලෙස ධනවාදය හා සමාජවාදය අතර අන්තයන් දෙකක සිට තර්ක ඉදිරිපත් කිරීම අසාර්ථක බවයි මගේ අදහස. මාක්ස් විසින් ඉදිරිපත් කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පෙළඹවූ දර්ශනය සාර්ථක කරගැනීමට ධනවාදයට ප්‍රතිපක්ෂ පිරිස් විසින් පෙළඹවනු ලැබුවේ ධනවාදයේ තිබෙන තුච්ඡ බව නිසාමයි. එහිදී සමාජවාදය ප්‍රායෝගික භාවිතයට ගැනීමේදී නැවත වරක් පරමාදර්ශයක් තුලින් අපේක්ෂා කළ නොහැකි දේවල් රුසියාව, චීනය, පමණක් නොවෙයි ලෝකයේ පවතින මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර තුලිනුත් දක්නට ලැබුණා. නමුත් මාක්ස්වාදී නාමය යටතේ සිදුවූ එකී අගතිගාමී කාරණා නිසා ධනවාදයේ තිබෙන කුරිරු බව නැතිවෙන්නේ නැහැ. ධනවාදයට විකල්පයක් අවශ්‍යයි කියන එක තේරුම් ගන්න වෙන්නේ එහි වන මූලික සංකල්පයන් තුලින් සිදුව ඇති අහිතකර තත්ත්වයන් නිසයි. ධනවාදයට විකල්පය මාක්ස්වාදය නෙවෙයි නම් වෙනස් දේශපාලනය ක්‍රමවේදයක් පිළිබඳව වත් සලකා බැලිය යුතුයි.(නමුත් මාක්ස්වාදයේ දිගුවක් නොවන අන්යමක් මෙතෙක් ඉදිරිපත්ව නැහැ)
    අනෙක් කාරණය සිංගපූරුව, මැලේසියාව හෝ තායිලන්තය කියන්නේ ධනවාදයේ සාධනීය නිර්මාණයක්ද යන්න සලකා බැලිය යුතුයි. එහිදී මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය, යහපැවැත්ම,මානව හිමිකම් කෙතෙක් දුරට ආරක්ෂා වෙනවද කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
  14. අධිරාජ්‍යවාදය සම්බන්දව දේශපාලන සාහිත්යයේ පට්ට ගසා ඇති මතිමතාන්තර වලින් ඔබ ඈතට නොයයි. නූතන ධනවාදයේ බහුවිධ ස්වභාවය හදුනා ගැනීමට මෙම පැරණි න්‍යායන්ගෙන් පුළුවන් කමක් නැත. මැලේසියාව ලබා ගත් ආර්ථික වර්ධනය, ධනවාදයේ ස්කැනේඩියානු ආකෘතිය, චීනයේ රාජ්ය පාලිත ව්‍යාපාර මෙන්ම මැදපෙරදිග ආර්ථිකයන් ද පැරණි කෝවෙන් විග්‍රහ කල නොහැකිය. මේ යුගයේ ප්‍රාග්ධනය විසින් ඉටු කරනු ලබන්නේ ලාභ තීරු ගොඩ ගසා ගැනීම නොව ආයෝජන සහ ප්‍රති ආයෝජන මගින් සමාජයේ පැවැත්ම තහවුරු කිරීමයි. සරල ලෙස කිවහොත් ඔබ ජීවත් වීමට රැකියාවක් කල යුතුය. මෙම රැකියාවන් ජනිත වන්නේ ප්‍රාග්ධනය / ආයෝජනයන් මගිනි. සමාජයේ අනෙකුත් සුභ සාධනයන් ඉටු කිරීමට අවශ්‍ය ධනයද බදු ලෙස උපයා දෙන්නේද ආයෝජකයන්ය. ආයෝජනයන් සම්බන්දව තීන්දු තීරණ ගන්නේද සමාජයේම කොටසක් වන කළමනාකරුවන් විසිනි. ප්‍රාග්ධනය නෛසර්ගිකවම දේශ සීමා මායිම් නොසලකයි. එය ගලායෑම අවහිර කිරීම හෝ එයට උත්සාහ දැරීම සමාජයේ පැවැත්ම අභියෝගයට ලක් කරයි. අධිරාජ්‍යවාදය රකුසකු ලෙස සැලකීමම මෙම සරල යථාර්තය තේරුම් නොගැනීමයි.
    විකල්පයක් ලෙස සමාජවාදී ක්‍රමයේ සියළු ආකෘතීන් (රුසියා, චීන, කියුබා, කාම්බෝජ) අසාර්ථක වී ඇත. සමාජවාදය සම්බන්දයෙන් නැවත කල හැකි අත්හදා බැලීමක් තිබේද යන්න සැක සහිතය.
    ධනවාදය එය විසින්ම වඩා මානව වාදී ලෙස පරිනාමයට පත් වෙමින් තිබේ. එම තත්වයන් කලමණාකරණය කර ගැනීම මිස වෙනත් විකල්පයක් දැනට තිබේද ?.
    Taboo ට මතක් කල යුත්තේ රුසියානු විප්ලවය පමනක් නොව ප්‍රංශ විප්ලවයද විශාල ව්‍යසනයන් සිදුකල සමාජ සංසිද්ධීන් බවය. උටෝපියාවක් ගොඩ නැගීම සම්බන්දයෙන් මානව වර්ගයා තුල තිබූ අභිලාශය යථාර්තයක් බවට පත්කර ගැනීමට සිදුකල අත්හදා බැලීම මගින් ලෙනින්ට ඉතිහාසයේ නිශ්චිත ස්ථානයක් ඇත.

    ReplyDelete
  15. @ සියල්ලන්ට
    පිලිතුරු දැක්වීමට කාලය ප්‍රමාද වීම ගැන සමාවන්න.නොවැලැක්විය හැකි හේතුවක් මත ඉවත යාමට සිදුව තිබුනි.

    @ The prince

    මහින්ද රාජපක්ෂ චීනය ඉන්දියාව රුසියාව ප්‍රාග්ධනය "හිගමනේ" යන්නෙ මේව ධනේශ්වර ක්‍රමය පිලිගත් ආන්ඩු/රටවල් නිසා.ධනවාදය ගැන අපිට ‍ව්වෙචනය තියෙන්නෙ කොතනින්ද?ටැබූ ඔහු විසින් කරන ලද අලුත්‍ පෝස්ට් එකෙන් පිලිගන්නා පරිදි ධනවාදය පරිසරය කාබාසිනියා කරන සහ විශාල සම්පත් බෙදී යාමේ පරතරයක් ඇති කරන ක්‍රමයක්.මේක අද ගෝලීය වශයෙන් සිදුවෙමින් තිබෙනවා.
    නිදසුනක් විදිහට ප්‍රධාන ලිපියේ ලින්ක් එකකින් දක්වා තිබෙන නයිජිරියාව හා ෂෙල් සමාගම පිලිබද කතාව ගතහොත් මේ ඛේදවාචකය පැහැදිලිව පෙනෙනවා.සම්පත් බහුල රටවල සම්පත්වල අයිතිය බහුජාතික සමාගම් වලට තිබීමත් එනයින් ඒවායේ අදායම් සමාගම් සතු වීමත්,එම රටවල මිනිසුන් කාලකන්නි ජීවිත ගත කිරීමත් එකිනෙක සම්බන්ධිතයි.
    මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න ලෙනින් හා මාක්ස් ප්‍රමානවත්ද?පැහැදිලිවම නැහැ.විශ්ලේෂනය ලෙනින්ගෙන් නතර වෙන්න ඕනෙ නැහැ.නමුත් ලෙනින් පල කල අදහස් වල මේ තත්වය විග්‍රහ කරන මුලික ව්‍යාඛ්‍යානයන් පැවතීම තුල ලෙනින්ව උපුටා දැක්වීමේ වරදක් නැහැ.ගෝලීය ධනවාදය ගැන වඩා "නූතන"භාෂාවෙන් කල පැහැදිලි කිරීම් නික් බීම්ස් වගේ අයගෙ පැත්තෙන් වෙලා තියනව.

    http://mehring.com/sig-and-imp-of-globalization.html

    model එකක් පිලිබද පරමාදර්ශී උදාහරනයක් නැහැ.නමුත් ධනවාදී මොඩල් එකේ අවුරුදු ගනන් හිටපු වෙනිසියුවේලාවට එතනින් කැඩෙන්න වෙලා තියෙන්නෙ ඇයි?දකුනු අමරිකාවෙ 21 වෙනි සියවසේ සමාජවාදය කියල වෙනම ප්‍රවනතාවයක් මතුවෙලා තියෙන්නෙ ඇයි?අයිඑම්එෆ් එකට විකල්පයක් විදිහට දකුනු අමරිකානු රටවල් කිහිපයක් කලාපීය මූල්‍ය ආයතනයක් දෙස අවධානය යොමුකරල තියෙන්නෙ ඇයි? විකල්පයක් ගැන අත්හදා බැලිම් වෙමින් පවතිනව.විකල්පයේ නියම ස්වරූපයය මොකක්ද කියන එක විවෘත ප්‍රශ්නයක්.නමුත් තියන ක්‍රමය අසාධාරනයි සහ එය වෙනස් කල යුතු යි කියන එක ගැන තිබෙන අවධාරනය ඉන් වෙනස් වෙන්නෙ නැනහැ.

    @ දයාරත්න

    // මැලේසියාව ලබා ගත් ආර්ථික වර්ධනය, ධනවාදයේ ස්කැනේඩියානු ආකෘතිය, චීනයේ රාජ්ය පාලිත ව්‍යාපාර මෙන්ම මැදපෙරදිග ආර්ථිකයන් ද පැරණි කෝවෙන් විග්‍රහ කල නොහැකිය//

    අලුත් ‍"කෝවක්" සදාගැනීම ගැන මගෙත් විරුද්ධත්වයක් නැහැ.ඒත් අලුත් කෝව සම්බන්ධ විග්‍රහය සදහා "පැරනි‍" කෝවේ ගත යුතු දේවල් තියෙනව නම් ඒව යොදාගන්න එක නොකල යුත්තක් නෙමෙයි.උදාහරනයක් විදිහට ප්‍රාග්ධනයේ ස්වරූපය ගැන මාක්ස්ගේ විග්‍රහයේ වලංගුතාවය කාලය අනුව "පැරනි" විය හැකි වුනත් එහි අදාලත්වයක් පවතී නම් එය භාවිතා කිරීමේ වරදක් නැහැ.අධිරාජ්‍යවාදය නැමැති ක්‍රියාවලියේ ස්වරූපය ගැන ලෙනින්ගේ විග්‍රහයේ අදහස් "මුලුමනින්" යල්පිනූ බවක් මට පෙනෙන්නේ නැහැ.modifications විය යුතු බව ඇත්තක්.

    //ධනවාදය එය විසින්ම වඩා මානව වාදී ලෙස පරිනාමයට පත් වෙමින් තිබේ. එම තත්වයන් කලමණාකරණය කර ගැනීම මිස වෙනත් විකල්පයක් දැනට තිබේද ?//

    ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරා කෑම සහ සූරාකනු ලැබූ ශ්‍රමයෙන් ප්‍රාග්ධනය නැවත නැවතත් ප්‍රසාරනය විම ධනවාදයේ ජාති ලක්ෂනයකි.ඉන් ඉවත් වූ තැන එතන ධනවාදයක් නොමැත.මෙම මූලික ප්‍රතිවිරෝධය සහිතව ධනවාදය "මානවවාදී" වන්නේ කෙසේද යන්න මට පැහැදිලි නැත.

    ReplyDelete
  16. ඒක ඇත්ත.අධිරාජ්‍යවාදය කෙසේ වෙතත් අද ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් විසින් රටවල් මංකොල්ල කමන් සිටී.ඉරාකය,ලිබියාව,ඊජ්ප්තුව වැනි රටවල් වලට කරපු අපරාද අපි දනී.යම් මතු අනාගත දිනක අරාබි රටවල් විනාෂ කොට ලොකයේ අනිත් රටවල්ද ඔවුන්ගේ සියතට ගනු ඇත.සමහර බුද්ධිමතුන්ට එය නොතේරෙන්නේ දේෂපාලන හා බටහිරයන්ගේ පාට ලොකයට රැවටුනු නිසාය.

    ReplyDelete