Tuesday, July 13, 2010

නීතිය යනු කන්‍යාවක් නොව ලොම් හැලී ගිය මැහැල්ලකි



පසුගියදා තුම්මුල්ල හංදියට මදක් ඔබ්බෙන් පැවැති රජගහේ නාඩගමේ වඩාත්ම නීරස කොටස වීරවංශගේ උපවාසය බවට සැකයක් නැහැ.මනමේ නාට්‍යය නාට්‍යමය බවින් පොහොසත් කියල අපි කියන්නෙ සිදු වෙන දේ හා සිදුවන්නට යන දේ නාට්‍යකරු ප්‍රේක්ෂකයාගෙන් වසන් කරන නිසා.මනමේ කුමරිය මනමේ රජුට කඩුව දෙයිද?නැද්ද?කඩුව නොදුන්නේ ස්වේච්ඡාවෙන්ද නැත්නම් එය හුදු අහම්බයක්ද?මේ ගැන අවිනිශ්චිතතාවයක් නාට්‍යය පුරා රජයන නිසා නාට්‍යය බලන අයෙක් තුල අපූර්වත්වයක් ඇති වෙනවා.ඊලගට මොනවා වෙයිද කියන නිරන්තර කුතුහලය සිතේ පවතිනවා.
වීරවංශගේ රජගහේ නාඩගම ඉවර වෙන්නෙ කොහොමද කියන එක ගැන කවුරු කවුරුත් දැනගෙන සිටි නිසා නාඩගමේ වීරවංශගේ පාට් එක කිසි නාට්‍යයමය රසයක් නැති බොල් පාට් එකක් වී අවසන් උනා.උපවාසය දින දෙක තුනකින් නිමවන බවත්,ජනාධිපති ඇවිත් ඔලුව අත ගා වීරවංශව නැගිට්ටවන බවත් නුවර පාර ලියන දේශපාලන බබා වැනි නොදරුවන් හැර සිහි කලදක් තිබෙන ඕනෑම අයෙක් පූර්වේක්ෂනය කල කරුනක්.

කෙසේ නමුත් මෙම ලේඛකයාට නාඩගමේ වඩාත්ම රසවත් කොටස වූයේ වීරවංශගේ උපවාසය නොව ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාවයි.ගෝඨාභය මුලු කතන්දරයේම රගපෑවේ එක ජවනිකාවක පමනයි.ඒත් ඒ ජවනිකාව නාට්‍යයේ ප්‍රබලම ජවනිකාව බව ලේඛකයාගේ විශ්වාසයයි.

දැනටමත් මුලු රටම දන්නා ගෝඨාභයගේ එම කෙටි භූමිකාව පහත පරිදියි.
එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාල පරිශ්‍රය වට කරමින් කාර්ය මන්ඩලයට එලියට එන්නට නොදී හිර කරගෙන සිටින ඇමති වීරවංශගේ ආධාරකරුවන් පාලනය කරන්න පොලිසිය පැමිනෙනවා.අධි ආරක්ෂිත කලාපයක උද්ඝෝෂන පාලනය කරන "සාමාන්‍ය" විදිහට වඩා වෙනස් වුනත් කලහකාරීන් මැඩපවත්වන්න පොලිස් ලොක්කා දරන අසරන උත්සාහය දෙනෝ දාහක් මැද කිච වන්නේ ආරක්ෂක ලේකම් විසින් ලබාදෙන එක දුරකතන ඇමතුමකින්.දෙස් විදෙස් මාධ්‍ය වේදීන්,ජනී ජනයා දෙනෝ දාහක් මැද හැමෝටම ඇහෙන ලෙස පොලිස් ලොක්කාගේ ඇගට කඩා පනින ආරක්ෂක ලේකම් වහාම උද්ඝෝෂන පාලක පොලිස් හමුදාව Withdraw කරන්න කියල ලොක්කාට කෑ ගහනවා.හිස දෙකට සහ කොන්ද හතරට නවා ගන්න පොලිස් ලොක්කා යර්ස් සර් කියල අවනත වෙනවා.අවනත වෙන ලොක්කාට ගොනා ඇන්නා සේ රැස්ව සිටින දේශහිතෛශින් විසින් පහර දීමක් කරන අතර දේශප්‍රේමී පහරක් වැදී පොලිස් ලොක්කාගේ තොප්පිය අහසට විසි වෙනවා.නීතිය රකින්න ඉන්නවා යැයි කියන පොලිස් නිලධාරියා සමහරවිට තමන්ගේ වෘත්තිය ජීවිතයේ මුහුන දෙන ලද ලජ්ජාසහගතම සහ වඩාත්ම නින්දා සහගත සිදුවීම මෙය විය හැකියි.ආරක්ෂක ලේකම්ගෙන් කිච වුනා මදිවාට නීතිය "කඩන" නිසා නීතිය රකින්න පැමින නීතිය කඩනවා යැයි සැලකුන උද්ඝෝෂකයන්ගෙන් පහර කෑමට සිදුවීම අපි නම් ගගේ පනිනවා පන්නයේ සිදුවීමක් මිස අනෙකක් නෙමෙයි.

කලහකාරී උද්ඝෝෂනයක් පාලනය කරන්න පැමිනි පොලිස් නිලධාරියෙක්ට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් දෙනෝ දාහක් ඉදිරියේ මේ විදිහට කෑ ගැසීම නාඩගමේ වඩාත්ම දේශපාලනික සිදුවීමය කියල කියන්නේ ඇයි?
හේතු කිහිපයක් මේ නිගමනයට පාදක වෙනවා.

පලමුව මේ සිදුවීමෙන් වර්තමාන ලංකාවේ නීතිය යනු මොනතරම් ජෝක් එකක්ද යන්න පැහැදිලි වෙනවා.නීතිය ගැන කෙරෙන සම්භාව්‍ය ඉගැන්වීම් වලදී නීතියේ විධානය (Rule of law) පරම සංකල්පයක් විදිහටයි පිලිගැනෙන්නෙ.ඒ කියන්නෙ පාලකයාද පාලිතයාද ඇතුලු සියල්ලෝ සමාජයක නීතියට අවනත විය යුතුයි කියන එක නවීන ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම සීලාචාර පොදු මනසටත් සාධාරන අදහසක්.අධි ආරක්ෂිත කලාපයක් කියල රජයම නම් කල කලාපයක කලහකාරී ලෙස ආයතනයක සේවකයන්ට එලියට එන්නට ඉඩ නොදී සිරකර තැබීමක් කැබිනට් ඇමතිවරයෙක්ගේ නායකත්වයෙන් සිදු වෙනව.කලහය මැඩපවත්වන්න තමාට නීතියෙන් බලයක් පැවරුන බව සද්භාවයෙන් විශ්වාස කරමින් පොලිස් නිලධාරියෙක් සිදුවීම පාලනය කරන්න මැදිහත් වෙනවා.පොලිස් නිලධාරින්ව අපිට හදුන්වලා දීල තියෙන්නෙ සමාජයේ "නීතිය හා සාමය" රකින්න ඉන්න නිලධාරින් විශේෂයක් ලෙස.මහජනයාගේ බදු වලින් මේ නිලධාරින්ව නඩත්තු කරන්නේ නීතියයි සාමයයි රකින්න කියලයි දෙකේ පන්තියේ ඉදලම අපට උගන්වන පාඩම.නීතිය රකින්න ඉන්නවය කියන පොලිස් නිලධාරියා තම රාජකාරිය සදහා මැදිහත් වන විට ආරක්ෂක ලේකම් ඔහුට පලු යන්න බැන වදිනවා.
ගමක කසිප්පු තිප්පොලවල් වටලන පොලිස් නිලධාරින්ට ප්‍රදේශයේ මන්ත්‍රී හෝ ආසන සංවිධායක මැදිහත්වෙලා තග දැමීම ප්‍රාදේශීයව අප අත් දැක තිබෙන සුලබ සිදුවීමක්.අදාල පොලිස් නිලධාරින් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ තග දැමීමට හෝ ස්ථාන මාරුවට ලක්වෙන්නේ සිය රාජකාරිය හරියට ඉටු කරන්නට උත්සාහ කරන නිසා.කසිප්පු පොලක් වටලන ප්‍රාදේශීය පොලිස් නිලධරයෙක්ගේ ඇගට කඩා පනින චන්ඩි දේශපාලකයෙක් සහ නීතිය ක්‍රියාවේ යෙදවීමට තැත් කරන පොලිස් ලොක්කාට බුරා හැලෙන රාජ්‍ය ආරක්ෂක ලේකම් අතර පවතින වෙනස කවරේද?මෙය සුබ අනාගතයක් හා ආසියාවේ ආශ්චර්යක් පතන කවුරු කවුරුත් ගෙදර වැඩ සදහා ලියාගත යුතු ප්‍රශ්නයකි.

දෙවනුව ආරක්ෂක ලේකම් කියන ධූරයේ විෂය පරාසය ගැන සිතා බැලිය යුතු පෙලඹවීමක් මේ සිදුවීමෙන් ඇතිකරනවා.මහනුවර නගරයට කොළඹ සිට යන අයෙක්ට පැනිදෙනිය ආසන්නයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් අටවා තිබෙන බෝඩ් ලෑල්ලක් දකින්න පුලුවන්.රාජපක්ෂ ට්‍රොයිකාවේ මුහුනු තුන මෙම කටවුටයේ ඇද තිබෙන අතර නුවරට පිවිසෙන ජනී ජනයා දෙස රාජපක්ෂ ට්‍රොයිකාව විමර්ශනශීලිව කටවුටයට වෙලා බලාගෙන ඉන්නවා.
බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ රූප ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කටවුටයක තිබීම ස්වභාවිකයි කියල උපකල්පනය කරන්න පුලුවන්.මේ අය දේශපාලකයන් වන අතර දේශපාලක කටවුට් වන්දනාව බුදු දහම ගාවට වඩාත්ම ප්‍රචලිත ඇදහිල්ල වී තිබෙන රටක එහි ඇති අරුමයක්ද නැහැ.නමුත් ගැටලුව වන්නේ මේ මුහුනු දෙක අතරට හුදු රාජ්‍ය නිලධාරියෙක් වන ගෝඨාභය රාජපක්ෂගේ මුහුන පැමිනියේ කෙසේද යන්නයි.
ආරක්ෂක ලේකම් ධූරය යනු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයයි.එනම් ආරක්ෂක ලේකම් කියන්නෙ අමාත්‍යංශ ලේකම්වරයෙක්.අමාත්‍යංශ ලේකම්වරයෙක් වූ කලී පරිපාලන නීතියෙන් පාලනය වන සීමාසහිත බලයක් සහිත වූවෙක් යන්න ගැන විවාදයක් තිබිය නොහැකියි.
නමුත් අනෙත් අමාත්‍යංශ ලේකම් වරු මෙන් නොව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ රූපය දේශපාලන කටවුට් වල පින්තාරු වෙනවා.දේශපාලන රැස්වීම් ඇමතීම රාජ්‍ය නිලධාරින් සදහා තහනම් දෙයක්.නමුත් ජනාධිපතිවරනයේදි ආරක්ෂක ලේකම්වරයා පමනක් ආන්ඩුවේ අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කැන්වසින් යනවා.සම්මන්ත්‍රන පවත්වනවා.
එපමනකුදු නොව තමාට අදාල නොවන බොහෝ දේවලට මෙම ධූරය හොබවන නිලධාරියා ඇගිලි ගසන ස්වරූපයක් දක්නට තිබෙනවා.සති කිහිපයකට පෙර ජවිපෙ නියෝජිතයන් පිරිසක් උතුරේ කල සංචාරය ගැන ආරක්ෂක ලේකම් අයිලන්ඩ් පුවත්පතට කර තිබූ ප්‍රකාශය මේ පිලිබද කදිම නිදසුනක්.එම පක්ෂය උතුරේ "කලබල ඇතිකරන්න" යන බවට ආරක්ෂක ලේකම් එහිදි පවසා තිබුනා.දේශපාලන පක්ෂයක දේශපාලන ස්වරූපී ක්‍රියාවක් ගැන කෙරෙන දේශපාලන විවේචනයක් වන මෙවැන්නක් කිරීම අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ විෂය පථයට අයත් වන්නක් නොවන බවට තර්කයක් නැහැ.
සරලවම ගතහොත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා යනු නාමිකව ආරක්ෂක ලේකම් වූවාට යථාර්තවත්ව ඉන් එහා ගිය භූමිකාවක් සහිත අයෙක් බව පැහැදිලියි.නාගරික සංවර්ධනය භාර කොට තිබෙන්නේ ඒ සදහා මහජන චන්දයෙන් පත්වූ ඇමැත්තාට නොව මෙම රාජ්‍ය නිලධාරියාටයි.රාජ්‍ය ආරක්ෂාව සේම ඇපලෝ රෝහලේ අධ්‍යක්ෂක මන්ඩල කලමනාකරන වගකීමද ඔහු සතු වනවා.පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට අවහිර කරමින් ඔහු ලබාදෙන තීන්දුව පැහැදිලිවම දේශපාලන තීන්දුවක්.මහජන චන්දයෙන් නොතේරුන හුදු රාජ්‍ය නිලධාරියෙක් පාලන තන්ත්‍රයෙහි අතිශය බලවත් බලධාරියාගේ තත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය කියල අපිට කියල දීල තියන සංකල්පයට හෝ කොයිතරම් දුරට එකගද යන්න ගැන කෙටි සටහනක් පිලියෙල කරගැනීම හෘද සාක්ෂියක් තියන සුබ අනාගත පතන්නන් කල යුතු අනෙත් හෝම් වර්ක් එකයි.

"ප්‍රජාතන්ත්‍රවාදය" කියල අපි ඉගෙන ගෙන තියන සංකල්පයට කිව යුතු ඇත්ත නම වූ කලී ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.යුරෝපයේ රාජාන්ඩු ක්‍රමයට විරුද්ධවයි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉතිහාසයේ බිහිවුනේ.න්‍යායාත්මක මෙතනදී සියලු දෙනාට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රදානය කෙරෙනවා වුනත් සමාජයක් පංතිවලට කැඩිල ගිය සන්දර්භයක එම අයිතීන් පූර්න ලෙස භුක්ති විදින්න පුලුවන් වෙන්නෙ සමාජ ආධිපත්‍යය දරන පංතීන්ට පමනයි.ලෝකයේ ඉතාම දියුනු රටවල් කියල සැලකෙන බ්‍රිතාන්‍යය හෝ එක්සත් ජනපදය වගේ රටවලටත් මෙම කරුන පොදුයි.මේ රටවලදීත් "ප්‍රජාතන්ත්‍රවාදය" යන්න ක්‍රියාත්මක වෙන්නෙ සුපිරි ධනවත් පංතීන් හා සමාජ ස්ථරයන්ට වැඩි වාසි ගෙන දෙන ආකාරයකට.
නමුත් බටහිර යුරෝපය හා අමරිකාව වගේ රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ‍විසින් රකින අවම සීමාවන් තියනවා."නීතියේ බලය" වැනි සංකල්ප මෙම අවම සීමාවන්ට උදාහරන.අධිකරනය ස්වාධීන විය යුතුයි,රජය විසින් සිදුකරන පුරවැසි අයිතීන් උල්ලංඝනයන්ට සාධාරනය ඉටු කිරීමට නීතියේ විධානය ක්‍රියාත්මක කරන ස්වාධීන නෛතික යාන්ත්‍රනයක් තිබිය යුතුයි ආදී අදහස් එම රටවල වර්ධනය වෙන්නෙ එම සීමාවන් විදිහට.

උතුරු අර්ධ ගෝලයේ රටවලට වෙනස්ව ලංකාව වගේ තුන්වන ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙන්නෙ පාදඩ ධනවාදයක්.මේ පාදඩ ධනවාදය විසින් නිපදවාගෙන තිබෙන දේශපාලන ක්‍රමය පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයක්.ඉහත කී රටවල ඇති අවම සීමාවන් පවා ලංකාව වගේ රටවල දකින්න ලැබෙන්නෙ නැත්තෙ මේ නිසා.

නිදසුනක් ලෙස අධිකරනය ස්වාධීන හා ගෞරවනීය එකක්ව පැවතීමේ වැදගත්කමක් ලාංකීය සමාජය දකින්නෙ නැහැ.ඉහල අධිකරන වල සියලු තනතුරු පත්කෙරෙන්නේ ජනාධිපතිවරයා ගේ තනි කැමැත්ත මත.අධිකරනයට අපහාස කිරීමක් ලෙස සලකා ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා බොහෝ අය ප්‍රසිද්ධියේ කතා නොකලත් මෙම ක්‍රමවේදය අතිශය ගැටලු සහගත බවට විවාදයක් තිබිය නොහැකියි.1987 දහතුන්වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ආන්ඩුවේ නිල මතයට ප‍ටහැනි තීන්දුවක් දුන් විනිශ්චයකාරවරයෙකුට එතුමාට හිමිවිය යුතුව තිබූ අග විනිසුරු තනතුර අහිමි වූ බවත් ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අයෙක් ඒ වෙනුවට එවකට අගවිනිසුරු ලෙස පත්වූ බවත් ප්‍රසිද්ධ රහසක්.අමරිකාව වැනි රටක ඉහල අධිකරන පත්වීම් ජනාධිපති විසින් කල යුත්තේ සෙනෙට් සභාවේ අනුමැතිය සහිතවයි.ඒ හරහා ජනාධිපතිට දේශපාලන පත්වීම් කරන්න තිබෙන ඉඩ සදහා අවම සීමාවක් පැනවී තිබෙනවා.
එවැනි සීමාවන් හෝ ගනන් නොගන්නා ක්‍රමයක් පැවතීම ලංකාවේ පාදඩ ධනවාදය තුල තිබෙන පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය පිලිබද පැහැදිලි නිදර්ශනයක්.

දැන් මහින්ද රාජපක්ෂ විරෝධී යූඇන්පී හිතවාදී ලිබරල් ගුරුකුල මෙතනදී මැදිහත් වෙන්න ඉඩ තියනවා.නීතියේ විධානය ජෝක් එකක් වීම මහින්ද රාජපක්ෂ පාලනයේ ආවේනික ගැටලුවක් බවත් රාජපක්ෂගේ පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තමන් සිවිල් හා ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නියෝජනය කරන බව යූඇන්පී ලිබරල්වාදීන් බොහෝවිට පවසනු අප දැක තිබෙනවා.
නව ලිබරල් ප්‍රතිසංස්කරන වල "පියා" ලෙස සැලකෙන්නේ ජූනියස් රිචඩ් ජයවර්ධන මහතායි.ඉංග්‍රීසි අධ්‍යාපනයෙහි කෙල පැමිනි හෙතෙම අති චතුර ලෙස ඉංග්‍රීසි බස වහරන්නෙක්.විශ්ව සාහිත්‍ය පිලිබද ප්‍රාමානික දැනුමක් ආදී ශිෂ්ට සම්පන්න සිවිල් මහත්මයෙකු සතු යැයි සම්මත සියලු ලක්ෂන ජේ ආර් ජයවර්ධන තුල නොඅඩුව පැවතුනා.ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ අතර එකම වෙනස සමහරවිට පලමුවැන්නා තරම් දෙවැන්නා ශූර හා උපායෙහි දක්ෂ නොවීම පමනක් විය හැකියි.ඒ හැරුනාම මේ දෙපලම එකම කවයක් හා එකම සමාජ තලයක් නියෝජනය කරනවා.

ප්‍රාග්ධනයේ දොරටු ලංකාව විවෘත කලා යැයි කියන,නව ලිබරල් ප්‍රතිසංස්කරන වල පියා යැයි කියන ජේ ආර් ජයවර්ධන නීතියේ විධානය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැරූ ආකල්පය කෙබදු ස්වරූපයේ එකක්ද?
අධිකරනය විසින් වරදකරු කරනු ලැබූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දානය කිරීම,ස්වාධීනව අධිකරන තීරන දුන් විනිසුරන්ගේ නිවෙස්වලට ගල් ගැසීම වැනි අතිශය කුප්‍රකට ක්‍රියා මෙම ශිෂ්ට,ලිබරල් ,ඉංග්‍රීසි උගත්,පොෂ් නායකයාගේ කාලය තුල ඉතාම ප්‍රසිද්ධියේ සිදුකරනු ලැබුනා.අධිකරන හා නීතියේ ස්වාධීනත්වය දෙකයි පනහේ විහිලුවක් කරන වත්මන් අර්ධ ඒකාධිපති ව්‍යවස්ථාව කුරුදුවත්ත වාසී "නාගරික" ධනපති නායකයන් වන ජයවර්ධනලා විසින් සම්පාදනය කරන ලද්දක් බව මතක තබා ගැනීම වැදගත්.ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවම හතර මායිම නොසලකා සාදන ලද ආඥාදායක ව්‍යවස්ථාව,හදිසි නීති නියෝග යනාදිය ඉතිහාසයේ බිහිවුනේ මැදමුලනින් නෙමෙයි කුරුදුවත්තෙන්.
පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය මහින්ද රාජපක්ෂගේ මැදමුලන ගැමිකමට ඌනනය කරන්න යන බොහෝ දෙනෙක් කොර වෙන්නෙ ගැමි නොවන පොෂ් යූඇන්පී ලිබරල් මොලකාරයන් විසින් බලය හෙබවූ රෙජිමයන්ගේ දේශපාලන භාවිතය වූයේත් පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයක්මැ වීම නිසයි.

නිදසුනක් ලෙස "ලංකාවේ පුවත්පත් මෙල්ලකිරීම" නැමැති කෘතියේ ගුනදාස ලියනගේ එවකට සිටි ප්‍රබලතම කැබිනට් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් තමාට දේශපාලන විරුද්ධතා තිබෙන උපාලි විජේවර්ධන ගැන ප්‍රසිද්ධ රැස්වීමක පැවසූ යමක් පහත ආකාරයට සටහන් කර තිබෙනවා.

පොල්ගොඩ හන්දියේදී රැස්වීමේදී බලවත් කෝපයෙන් යුතුව වේගවත් කතාවක් කල රොනී ද මැල් මහතා තමාගේ ආසනය තුල කිසිවකු දිවයින ඇතුලු උපාලිගේ පත්තර මිලදී ගැනීම හෝ කියවීම මේ මොහොතේ සිට නතර කල යුතු බවත් කිසිම වෙලෙන්දෙකු උපාලිගේ පුවත්පත් විකුනා අසුවූවහොත් ඔවුනට පාඩමක් උගන්වන බවටත් කියා සිටියේය.එපමනක් නොව උපාලිගේ පත්තර එකතුකර ගිනිබත්කිරීමේ මහා වැඩපිලිවෙලක් ඉදිරි දින කීපය තුල බුලත්සිංහල ආසනයෙන් ආරම්භ කරන බවද මැල් මහතා කීවේ අත්පොලසන් හඩ මැදය.
( ගුනදාස ලියනගේ - ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම 121 පිට )

නීතියේ ආධිපත්‍යය ජෝක් එකක් කරන ලංකාවේ පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය මේ අනුව ග්‍රාමීය විඥානයක් තිබෙනවා යැයි කියන මහින්ද රාජපක්ෂ රෙජිමයට මෙන්ම නාගරික විඥානයක් තිබෙනවා කියන එක්සත් ජාතික පක්ෂ රෙජිමයන්ටද එක ලෙස පොදු ලක්ෂනයක් කියන එක පැහැදිලියි.මේ නිසා වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල රාජපක්ෂගේ ගැමිකමට ලඝු කරන්න වෑයම් කරන අය සදහාද මෙහිදී හෝම්වර්ක් එකක් පැවරෙනවා.ශ්‍රීලනිපය වගේම එජාපයත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සීමාවන් රැකීමට බරපතල ලෙස අසමර්ථ වෙලා තිබෙන්නෙ ඇයි?
මෙම පක්ෂ දෙකම අනුදකින පාදඩ ධනවාදය සමග ගැටලුවට පිලිතුර සම්බන්ධ වන බව හෝම්වර්ක් එක සදහා ඉගියක් ලෙස සටහන් කර තැබිය හැකියි.

නැවත අපි රජගහේ නාඩගමට පිවිසෙමු.එක්සත් ජාතින්ගේ පරිශ්‍රය අසල රගදැක්වූ නාඩගමෙන් පෙනෙනුයේ රජය "සාමකාමී" විරෝධතා වලට ඉඩ දෙන ආකාරය බව මේ පිලිබද නිවේදනයක් නිකුත් කරන රජය ප්‍රකාශ කොට තිබුනා.සාමකාමී ලෙස රැස්වීම පුරවැසියන්ගේ මූලික අයිතියක් කියල වර්තමාන ව්‍යවස්ථාවේ 14 වගන්තියේ දක්වලා තියනවා.ඒ වගන්තියට තරමක් ඉහලින් 12 වගන්තියේ තවත් දෙයක් ගැන සදහන් වෙනවා.ඒ නීතිය ඉදිරියේ සර්ව සාධාරනත්වය ගැන අයිතිය.එනම් සෑම දෙනාට ම නීතිය ක්‍රියාත්මක වීම සමාන විය යුතු බව 12 වගන්තියෙන් දක්වනවා.

දැන් අපිට කියන්න තියෙන්නෙ සරල දෙයක්.
හදිසි නීතිය ක්‍රියාත්මක වන කාලයක එක්සත් ජාතින්ගේ මූලස්ථානය වැනි ආරක්ෂාව අතින් අතිශය සංවේදී ස්ථානයක හා අධි ආරක්ෂිත කලාපයක දුම්මල ගෙන,පිරිස් ඒකරාශී කරමින්,පෙට්‍රල් සහිත බෝතල් හා ගිනිපෙට්ටි රැස්කරගනිමින් "සාමකාමී " විරෝධතා පැවැත්වීමට රජය ඉඩ දෙන එක ගැන අපි බොහොම සන්තෝස වෙනවා.ඒ මගින් ව්‍යවස්ථාවේ 14 වගන්තිය රජය පිලිගෙන තිබීම සතුටට කරුනක්.
‍මේ සතුට පරිපූර්න වීමට රජය කල යුත්තේ තව එක දෙයයි.14 වගන්තිය පිලිගත්තා මෙන්ම 12 වගන්තියද එක ලෙස ක්‍රියාත්මක කරනු මැන!
එජා සංවිධානය ඉදිරියේ ඩෙගා නැටීමට වීරවංශට ප්‍රදානය කෙරුන අයිතිය සෙසු පුරවැසියන්ටත් සමානව ලබා දෙන්න.වැටුප් ඉල්ලීම් ගෙන එන වෘත්තිය සමිතිවලට පාර්ලිමේන්තුව වෙත දුම්මල ගෙන පාගමන් ඒමට අවසර ලබාදෙන්න.විශ්ව විද්‍යාල පෙලපාලිවලට පහර නොදෙන්න.පෙට්‍රල් බෝතල් කැටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ රැස්වීමට සිසුන්ට අවසර දෙන්න.උතුරේ අවතැන් වුවන්ට අධිආරක්ෂිත කලාප වල දොරටු හැර තබන්න.එම ජනයාට පාගමනින් පැමින අධි ආරක්ෂිත කලාපයන්හි පෙලපාලි දැක්වීමට සමාන අවස්ථාවක් ලබාදෙන්න.
ඇත්තටම මෙය කිරීම අමාරු නොවේ.ලෝකයේ දරුනුම ත්‍රස්තවාදය ජයගත් ආන්ඩුවකට,සාමකාමී විරෝධතා දැක්වීම පිලිගනිමින් වීරවංශට එජා මූලස්ථානය වට කිරීමට පවා ඉඩ දෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදී වූ ආන්ඩුවකට,නීතිය ඉදිරියේ සර්ව සාධාරනත්වය පිලිබද වගන්තිය පිලිගැනීම එතරම් කජ්ජක් විය හැකිද?









36 comments:

  1. පළමුව, රාමචන්ද්‍ර තමන් ලියන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් වෙනවා නම් හොඳයි. ටැබූටත් මීට සමාන ලිපියක් ලියන්නට තිබුණා, නමුත් නොලියන්නේ හේතු ඇතිව. ටැබූ තම බ්ලොග් එක පටන් ගත් මුල් කාලයේම ඔහුගේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිතුරකු නම් හතරක් සඳහන් කර, රටේ ජනාධිපති ගැන මොනවා ලිව්වත් කමක් නැහැ, ඒත් මේ සතර වරම් දෙවිවරුන් ගැන නම් වචනයක් වත් ලියන්න එපා කීවා. ටැබූ අද දක්වා ඒ අවවාදය පිළිපදිනවා. බොරු නිර්භීතකම් වලට වඩා වැදගත් දේ ලෝකයේ ඇති නිසා.

    දෙවනුව අද රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි, සෝමවංශ අමරසිංහ බලයට ආවත් සරත් ෆොන්සේකා බලයට ආවත් වෙන්නේ මෙච්චරම තමයි. රාමචන්ද්‍ර නොදන්නවාට ජවිපෙත් ඇතුළුව අපේ රටේ සියළුම ප්‍රධාන පක්ෂ දේශපාලන සංවිධාන වලට වඩා ගෝත්‍රික සංවිධාන. ඔවුන් සියළු දෙනාගේ හැසිරීම සමානයි. මේ කිසිම පක්ෂයක් තමන්ගේ 'ගෝත්‍රය' ගැන මිසක පොදුවේ රට ගැන සිතීමක් නැහැ. (එහිදී රාජපක්ෂ ඉදිරියෙන් ඉන්නේ ඔහුගේ 'ගෝත්‍රය' වඩා විශාල වීම යන කාරණය මත පමණයි.) එයින් මිදිය හැක්කේ එක එකා පස්සේ යෑමෙන් නොව ටිකෙන් ටික හෝ සමාජය දැනුවත් කිරීමෙන්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන් හා නීතියේ ආධිපත්‍යය රැකී ඇතිනම් එසේ වී ඇත්තේ ඔවුන් සමාජයක් ලෙස අපට වඩා බුද්ධිමත්ව හැසිරෙන නිසයි. උදාරණයක් ලෙස වීරවංශගේ උපවාස නාඩගම බටහිර රටක වී නම් ඔහුගේ දේශපාලන ජීවිතයද එයින්ම අවසන් වන්නට තිබුණා.

    තෙවනුව ජේ. ආර්. ජයවර්ධන යුගය හා අද සන්සන්දනයේ තාර්කික බවක් නැහැ. 1977-89 යුගය සමාජය සමස්තයක් සේ අදට වඩා බුද්ධිමය වශයෙන් 'නොදියුණු' යුගයක්. ඒ කාලයේ සිදුවුණු දේවල් එසේම හෝ ඊටත් දරුණුව සිදුවනවානම් එහි තේරුම අපේ සමාජය බුද්ධිමය වශයෙන් ටිකක් හෝ ඉදිරියට යද්දී පාලකයින් ගොස් ඇත්තේ පසුපසට බවයි.

    ReplyDelete
  2. @ ‍ටැබූ සබ්ජෙක්ට්ස්

    පලමු අදහසට ස්තුතියි.සතර වරම් දෙවිවරු වුවත් දෙවිවරුන්ට නොහොබිනා යමක් කරයි නම් අපහාසයක් නොවන සාධාරන විවේචනයක් තියනව නම් එය සදහන් කරන එක පුරවැසියෙක් විදිහට කල යුතු දෙයක් කියල මම හිතනව.බොරු නිර්භීතකම් අනවශ්‍යයයි වගේම ඕනෙවට වඩා බිය වීමට යාමෙන් ප්‍රශ්න කල යුතු දේවල් ප්‍රශ්න නොවෙනවා නම් ඒ ගැන සිතා බැලිය යුතුයි.

    දෙවෙනි අදහස ගැන මූලික විරෝධයක් නැහැ.නමුත් ප්‍රශ්නය දේශපාලන පක්ෂ වල ගෝත්‍රය සම්බන්ධ ප්‍රශ්නයකට වඩා සමාජ ක්‍රමයේ අපරිනතබව පිලිබද ප්‍රශ්නයක් විදිහට තේරුම් ගැනීම වඩා නිවැරදියි.පක්ෂ හරහා නියෝජනය වෙන්නෙ පාද තලයේ තියන අවුල.

    තෙවනි කරුන ජේ ආර් නිදසුනකට ගන්නෙ ඔහු වත්මන් "ලිබරල්" ප්‍රතිසංස්කරන වල පිතෘ නිසා.ඇතැමුන් මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝදී චර්යාවන් ඔහුගේ ගැමිකම තුල බහා විග්‍රහ කරන්න යාම සාවද්‍යයි."පොෂ්" එජාපය ‍මේ ප්‍රශ්න වෙනස් විදිහකට handle කරයි කියන එක ගැන විශ්වාසයක් තියන්න බැහැ.
    මෙතනදි ලොකු ආඛ්‍යාන වලට යන්නෙ නැතිව ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ තමයි පුරවැසි සමාජය බලගන්වන එක.නීතියේ විධානය හෝ මානව හිමිකම් පිලිබද කතිකාවත භෞතිකව පුරවැසි සමාජය තුල කිදාබැස්සොත් ඊට අනුරූපිව දේශපාලන සංවිධාන වලට වෙනස් වෙන්න වෙනවා.පුලු පුලුවන් විදිහට වෑයම් කරන්න ඕනෙ ඒ සදහා.

    ReplyDelete
  3. පොෂ් එජාපයේ හැසිරීම ගැන කතා කරන රාමචන්ද්‍ර පොෂ් නැති ජවිපෙ හැසිරීම ගැන වචනයක් වත් කතා නොකරන්නේ මේ සම්මජාතියෙ ජවිපෙ රටේ තියා පළාත්සභාවකවත් බලයට නො ඒය යන උපකල්පනය නිසා විය හැකියි. නමුත් තමන්ට බලය ඇති සරසවි තුළ ජවිපෙ හැසිරීම දෙස බැලීමෙන් ඔවුන්ගේ හැසිරීමද මීට වඩා වෙනසක් නැති බව පැහැදිළියි. (පේරාදෙණියේදී එස්. බී.ට හූ කීමත්, කාර් එකට ගැසීමත් වීරවංශගේ මගඩි නාටකය සේම විහිළු වැඩ. මේවායින් ලැබෙන කෙංගෙඩියක් නැහැ.) එනයින් මේ 'පාදඩ ධනවාදයේ' (එය කවරක් වුවත්) ගැටළුවක්ය කියන රාමචන්ද්‍රගේ තියරිය බිඳ වැටෙනවා. (එසේ නම් ජවිපෙ අනුගමනය කරන්නේද 'පාදඩ ධනවාදය' විය යුතුයි.) මා කලින් කී පරිදි මේ ධනවාදයේවත් වෙන ඉලව් වාදයකවත් නොව අපේ සමාජය බුද්ධිමය වශයෙන් නොදියුණු වීම නිසා ඇති වී තිබෙන ගැටළු. සරල සිංහලෙන් කිව්වොත් පාලකයින් මේ විදියට පිස්සු නටන්නේ අපේ (ඒ කියන්නේ පුරවැසියන්ගේ) ගොන්කම නිසා. අපේ සමාජයේ බුද්ධිමය වෙනසක් සිදු නොවුනොත් මොන වාදය තිබුණත් මොකා බලයට ආවත් මේ ටික වෙන එක වළක්වන්න බැහැ.

    ReplyDelete
  4. ටැබූගෙ අවසන් අදහස නිවැරැදි බව සිතේ. මේ රටේ ‍පවතින ඛේදවාචකය ධනවාදයේවත් සමාජවාදයේවත් වරදක් නෙවෙයි. මේ රටේ පුරවැසියන්ගේ ගොන්කම නිසා පාලකයෝ පිස්සු නටන බව සත්‍යයකි. එසේම මෙය ගොන්කමක ඉක්මවා ගිය අමන වහල්භාවයකි.

    ReplyDelete
  5. "1977-89 යුගය සමාජය සමස්තයක් සේ අදට වඩා බුද්ධිමය වශයෙන් 'නොදියුණු' යුගයක්." කියන එක බැලූ බැල්මට ඈත්ත උනත් මේ වෙමින් පවතින දේවල් දැක්කාම හිතෙන්නෙ ලංකාවෙ සමාජය තාමත් තියෙන්නෙ ඒ නොදියුණු යුග​යෙමයි කියලයි.

    ReplyDelete
  6. ලොම් හැළුණ මැහැල්ල යන යෙදුම පුරුෂෝත්තමවාදී යෙදුමක්. මෙයින් ස්ත්‍රීත්වය පමණක් නොවෙයි, මහළුකමත් අපහාසයට ලක් කරනවා. වත්මන් පාලකයන්ගේ වැරදි කිසිවකට මේ දෙක වග කිවයුතු නැහැ. ස්ත්‍රීන් හා මහල්ලන් යන දෙකොටස ම වත්මන් ක්‍රමය තුළ පීඩිත ප්‍රජාවන්.

    මේ පුරුෂෝත්තමවාදී දෘෂ්ටි කෝණය ද, සාධනීය සමාජ වෙනසක් වෙනුවෙන් සටන් කරන අය විසින් මග හරවා ගත යුතු දෙයක්.
    -W3Lanka

    ReplyDelete
  7. W3Lanka,

    ඔබ දක්වන අදහස සමඟ එකඟ වෙන්න අමාරුයි. අප ගනුදෙනු කරන්නේ චිරාත් කාලයක් තිස්සේ අනෙකුන් විසින් ගොඩ නඟන ලද වචන හා සංකල්ප සමඟ වන නිසා අපට එක පාරටම වාච්‍යාර්ථයේ මට්ටමටම politically correct වෙන්න අමාරුයි. උදාහරණයක් හැටියට කෙනකු විමල් වීරවංශ සඳහා 'වේසිගෙ පුතා' යන යෙදුම යොදා ගන්නේ ඊට වඩා මෙපිට යෙදුමක් ඔහු විස්තර කිරීමේදී සාධාරණය ඉටු නොකරන නිසා මිස අනිවාර්යයෙන්ම ඔහුගේ මෑණියන් වෛශ්‍යාවක්ය යන අර්ථයෙන් නෙවෙයි.

    ReplyDelete
  8. මේ වන විට තරමක් පරණ ප්රව්ර්තියක වුවද ,වීරවංස ගේ උපවාස ක්රියාදාමය තුල සිදුවූ ප්රජාතන්ත්රවාදය හා නීතියේ බිද වැටීම ඔබ විසින් මැනවින් චිත්රණය කර තිබේ. (Beyond Frame සහ Taboo blog කරුවන් මෙම ක්රියාදාමය ඒ දිනවලම බ්ලොග් පාටකයන්ගේ අවධානයට ලක් කළහ.) ඔබේ සටහනේ විශේෂත්වය මෙය සිදු වීමට හේතු භූත වූ කරුණු පිළිබඳව , මනා අධ්යනයකින් හා දීර්ග පරිශ්රමයකින් කර ඇති විග්රහයයි.
    ඔබගේ විග්රහයේ , දියුණු බටහිර රටවල "ධනේශ්වර" ප්රජාතන්ත්රවාදය , තුන්වන ලෝකයේ රටවල "පාදඩ "ප්රජාතන්ත්රවාදය, "පොෂ්" UNP ලිබරල්වාදය, "මැදමුලන ගැමි" කම ආදී වචන සහ සංකල්ප මතු වී පෙනේ. "ධනේශ්වර" විශේෂණය යොදා කිසියම් හැල්ලු කිරීමකට ලක් කලත් , දියුණු බටහිර රටවලඅවම සීමාවකින් හෝ ප්රජාතන්ත්රවාදය හා නීතිය ක්රියාත්මක වන බව ඔබ පිලි ගනී. පාදඩ යන විශේෂණය යොදා ගැනීමෙන්ම තුන් වැනි ලෝකයේ රටවල , විශේෂයෙන් ශ් ලංකාවේ තත්වය පිළිබඳව ඔබගේ තක්සේරුව පැහැදිලිය. කෙසේ වෙතත් මේ විග්රහයෙන් පැන නගින අතුරු ප්රශ්න කිහිපයක් ( ඉදිරිසාකච්චාවක් සඳහා ) දක්වමි.
    • තුන්වැනි ලෝකයේ රටවල මෙසේ වීමටත් , බටහිර ධනේශ්වර රටවල එසේ වීමටත් බලපාන්නා වූ ප්රධාන සාධක මොනවද ?
    • ධනේශ්වර යන වචනයෙන්ම , එක ප්රධාන සාධකයක් නිරුපනය නොවන්නේද ?
    • කලක් සමාජවාදී ලෙස හැදින්වූ රුසියාවේ සහ චීනයේ තිබු ප්රජාතන්ත්රවාදය හා නීතියේ බලපෑම කෙබඳු වීද ? බටහිර රටවලට වඩා උසස් මට්ටමකපැවතියේද ? එසේ නම් ඒ රටවල් ධනේශ්වර ආර්ථිකයට වෙනස් වු පසු තත්වය කෙසේ ද ?
    • අද ද සමාජවාදී ලෙස හඳුන්වන කියුබාවේ සහ උතුරු කොරියාවේ මේ තත්වය කෙසේද ? සාමාන්යෙන් පිලි ගත හැකි මට්ටමක පවතී ද ?
    • බටහිර ධනේශ්වර රටවල් හැරෙන්නට වෙනත් කිසියම්ම model රටක් නොමැතිද ?
    ශ්රී ලංකාවේ අද පවතින තත්වය පිළිබඳව , රාජපක්ෂ රෙජිමයට දොස් පවරන අතරම, ( නිවැරදිවම ? ) UNP යට ද කිසිදු වාසියක්, අවස්ථාවක් නොදීමටද ඔබ වග බලා ගනී. මේ ගැන සාකච්චාවට පෙර මතක තබා ගත යුතු වැදගත් කරුණුක් ඇත. එනම් ,1947 සිටම 1977 වනතුරුම , අව්රුදු පහකට වරක් පැවති හැමරෙජිමයකම ක්රියා කලාපය, චන්දයකදී ජනතාව ප්රතික්ෂේප කර තිබේය යන්නය හා ඔබ විසින් උදාහරණ සහිතව දක්වා ඇති ජයවර්ධන යුගයේ ක්රියාකලාපයද , තරමක් පමා වී හෝ ප්රතික්ෂේප කර ඇත යන්නය. දැන් පහත අතුරු ප්රශ්න සලකා බලමු.
    • ලංකාවේ පැවති /පවතින රජයන්ගේ ප්රජාතන්ත්/ නීති විරෝධී ක්රියාවන්, ප්රධාන වශයෙන් , එම පක්ෂ වල නායකයන්ගේ( personality ) හැදියාව, ඉගෙනීම , බුද්ධි මට්ටම, පෞද්ගලික රුචි අරුචිකම්, පිලිබඳ ප්රශ්නයක් ද ? ර
    • රටේ පොදු ජනතාවගේ චින්තනය මෙයට බල පාන්නේ කෙසේද?
    • පොදු ජන චින්තනය හැඩ ගැසෙන්නේ කෙසේද? නිෂ්පාදන ක්රියාවලියේ ස්වරුපය මත පදනම්ව ද?
    • අපේ රටේ නිෂ්පාදන ක්රියාවලිය ප්රධාන වශයෙන් ධනවාදී ද ? ජයවර්ධන ප්රතිසන්ග්ස්කරනවලින් ධනවාදය බිහි වුයේද ?තවමත් ප්රධාන වශයෙන්බලපැවැත්වෙන්නේ , රාජාණ්ඩු යුගයේ සිට පැවතේ ආ වැඩවසම් නිෂ්පාදන ක්රමයේම (විකුර්ති වූ ) දිගුවක් ද ?
    • දේශපාලන පක්ෂවල පමණක් නොව , මිනිසුන්ගේ සමාජ ආර්ථික ක්රියාවලියට සම්බන්ද අනෙකුත් ආයතන ( රජයේ පරිපාලන ආයතන, නීති ක්ෂේත්රයආයතන, විශ්ව විද්යාල ,පාසල්, සමුපකාර ආයතන, මරණාධාර සමිති පවා ) තුලත් ක්රියාත්මක වන්නේ, බලය / වගකීම් බෙදා හැරීමක් නොමැති නායකයාගේ පවුල් පදනම , බල සම්බන්දතාවන් හිස් මුදුනින් පිලි ගන්නා , නායකයාගේ අදහස් ප්රශ්න නොකර හිස් මුදුනින් පිලි ගන්නා , වැඩවසම් චින්තනයම නොවේද ?
    • ලංකාවේ ක්රියාත්මක වන බහු ජාතික සමාගම් හා විදේශ වෙළඳපොල හා බැඳී ඇති ලාංකීය සමාගම් කිහිපයක් හැරුණු විට, ලාංකීය ව්යාපාර ආයතනතුලද ක්රියාත්මක වන්නේ වැඩවසම් චින්තනය මත පදනම් වූ බල වුව්හයක් නොවේද ?
    • මෙම පොදු ජන චින්තනය වෙනස් නොවන තාක් ප්රජාතන්ත්රවාදී / නීතියට ගරු කරන සමාජයක් බිහි වේද ?
    • පොදු ජන චින්තනය වෙනස් වන්නේ කෙසේද ?ආගමවල ඉගැන්වීම්වලින්ද? ශාස්තෘවරුන්ගේ, රට පිළිගත් බුධිමතුන්ගේ දේශනාවලින්ද ? රට කෙසේ වෙතත් සුළු පිරිසක් හෝ පිළිගත් , තමන් නිවැරදි යය් සහතික වන වාමාංශික බුධිමතුන්ගේ රචනාවලින්ද ?පශ්චාත් නුතනවාදී කියවීම්වලින්ද ? අධ්යාපනය, පොත්පත් කියවීම, ඉන්ටෙර්නෙට් බැලීම තුලින්ද ?,(බ්ලොග් කරුවන්ටත් කල හැකි දෙයක් තිබේද ? )

    අද ලංකාවේ දේශපාලනය තුල ප්රධාන භුමිඛාවන් රඟන විශේෂයෙන් JVP ( සහ හෙළ උරුමය ) ක්රියා දමයන් හෝ ප්රතිපත්තීන් සම්බන්දයෙන් ඔබේ රචනාවේ කිසිදු සඳහනක් නොමැත. Taboo ම ඉඟි කර ඇති පරිදි එයට ද හේතුන් තිබිය හැක . මේ ගැනද අතුරු ප්රශ්න කිහිපයක් ඇති නමුත්, JVP ප්රතිපත්ති හා අතීත ක්රියාදාමයන් පිළිබඳව ඔබේ අදහස් පල වන තෙක් බලා සිටිමු.

    ReplyDelete
  9. @ the prince

    විස්තරාත්මක ප්‍රතිචාරයට ස්තුතියි.හැකි තාක් කෙටියෙන් මගේ අදහස් දැක්වීම කරන්නම්.මෙතනින් ගෙනෙන්නේ මේ කරුනු සම්බන්ධ මගේ කියැවීම පමනයි.ඒ කියැවීම සර්ව සම්පූරනයි කියල මම හිතන්නෙ නැහැ.මේ නිසා වෙනත් කියැවීම් වලට හැමවිටෙක මම විවෘතයි.

    1.තුන්වල ලෝකයේ රටවල හා බටහිර රටවල ප්‍රජානත්ත්‍රවාදයේ වෙනසට හේතුව ගැන - වෙනසට හේතුව සමාජ ආර්ථික ක්‍රමය සංවර්ධනය වුන ප්‍රමානය,එහි ඓතිහාසික විකාශනය හා වත්මන් ලෝක බල රටාව කියන සාධක සමග සම්බන්ධයි.මේ කතාකරන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ඇතිවෙන්නෙ ධනවාදයේ නැගීම එක්ක කියන එක ගැන කවුරුත් එකගයි.ඓතිහාසිකව ලංකාවේ ධනවාදය උත්තරාරෝපිතයි.ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයත් උඩින් ගෙනල්ලා අතහරිනු ලැබුවා.දෙවනුව ලංකාව වගේ රටවල ඇතැම් ක්ෂේත්‍ර වල ධනවාදී නිෂ්පාදන සම්බන්ධතා බටහිර තරම් මෝරල නැහැ.මේ නිසා ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ලක්ෂන ශේෂ වුන ධනවාදයක්.දේශපාලනයේ පසුගාමිත්වයට මේ කරුන බලපානවා.

    2.අද ලංකාවෙ තියෙන්නෙ ධනවාදයක්ද වැඩවසම්වාදයක්ද කියන එක වෙනත් බොහෝ තැන් වල කතා කෙරුන දෙයක්.මගේ අදහස වර්තමාන ක්‍රමය "මූලික වශයෙන්" ධනවාදී යන්නයි.මේක 1833 ඉදල ආව ක්‍රමානුකූල ගමනක ප්‍රතිපලයක්.තිබුන වැඩවසම් නිෂ්පාදන සබදතා සෑහෙන දුරට බිදිල තියනව.මෙය තවදුරටත් වැඩවසම් ක්‍රමයක් කියල හදුන්වන්න බැහැ.ඇගිල්ල සූප්පු කිරීම,නින්දෙන් ඇද තෙමා ගැනීම වැනි ලමා කාලයේ ලක්ෂන කිහිපයක් ඉතිරි වෙලා තිබුනත් යමෙක් රැවුල ඇවිත් ස්ව වින්දනය වෙනුවට මෛථුනය කරන වයසට ආවම හේ වැඩිහිටියෙක් මිස තවදුරටත් ලමයෙක් නෙමෙයි.නමුත් වැඩිහිටියා තුලද ලමා ලක්ෂන ඉතිරි වෙලා තියෙන්න පුලුවන්.
    මේ නිසා කලින් කිව්ව වගේ ආර්ථිකයේ සමහර පැතිවල වැඩවසම් ලක්ෂන ඉතිරි වෙලා තියනවා.( විශේෂයෙන් කෘෂි ආර්ථිකයෙ)
    මේ නිසා වඩා නිවැරදි හැගවුම වැඩවසම් ලක්ෂන ශේෂ වුන ධනවාදයක් / ඌන සංවර්ධිත ධනවාදයක් යන්නයි.මේක තුන්වන ලෝකයේ බොහෝ රටවලට පොදු කරුනක්.
    සංස්කෘතික තලයේ ඔබ දක්වන වැඩවසම් ස්වභාවයන් සහිත හැසිරීම් වල හේතුව බිහිවෙන්නෙ මෙතනින්.

    3.යූඑන්පියට "අවස්ථාවක්" නොදීම - යූඑන්පියට මෙන්ම ශ්‍රීලනිපයටද එක අවස්ථාවක් නොව අවස්ථා ගනනක් පසුගිය කාලය තුල දී තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න මේ පක්ෂ වලට තිබෙන ශක්‍යතාවය හා එහි දිග පලල තක්සේරු කරන්න මේ ඉතිහාසය හොද අධ්‍යන කලාපයක්.යූඑන්පියේ වත්මන් නායකත්වය පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද දක්වන හැසිරීම් බටහිර යුරෝපයේ‍ ලිබරල් තබා කොන්සවැටිව් පක්ෂයක නායකයෙක් දක්වන හැසිරීම සමගවත් සැසදිය හැකි මට්ටමේවත් නැහැ.

    අධිරාජ්‍යවාදය දක්වා ලෝක ධනවාදය ගිහිල්ල තියන යුගයක අපි වගේ රටවල කාර්ය භාරය වෙන්නෙ කේන්ද්‍රය සදහා අමුද්‍රව්‍ය සැපයීම හා කේන්ද්‍රයේ නිමි ද්‍රව්‍ය වලට වෙලදපොලක් වීම.කේන්ද්‍රයත් පරිධියත් අතර හැදිල තියන මේ සබදතාවය විසින් කේන්ද්‍රයේ වගේ නිෂ්පාදනය පදනම් වුන දියුනු ධනවාදයක් පරිධියේ සංවර්ධනය වීමට තියන ඉඩ වලකනු ලබනවා.මේ නිසා අපේ රටවල් මෙහෙම ධනවාදී පාත් එකේ ගිහින් ගිහින් කවදහරි අමරිකාව ගාවට එයි කියල හිතාගෙන ඉන්න එක හුදු සිහිනයක්.මේ අවවර්ධිත තත්වය කේන්ද්‍රය හා පරිධිය අතර තිබෙන අධිපති සබදතාවය පවතින තුරු වෙනස් වෙන්නෙ නැහැ.ප්‍රධාන පක්ෂ දෙකම පවත්නා සිස්ටම් එක විසින් බිහිකල එය විසින් රකිනු ලබන පක්ෂ නිසා අවවර්ධිත සිස්ටම් එකට ගැලපෙන හැසිරීමක් ඔවුන්ගෙන් අපේක්ෂා කල හැකි වීම ස්වභාවිකයි.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. 4.සෝවියට් රුසියාව හා ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන -
    තනි රටේ සමාජවාදය ගැන අදහස,ට්‍රොට්ස්කි වෙනුවට ස්ටාලින්වාදය නැගී ඒම වැනි කරුනු මත රුසියාව ජාත්‍යන්තරවාදය වෙනුවට එක්තරා විදිහක ජාතිකවාදයක් තුල හිරවෙන අඩු දියුනු රටක වූ විප්ලවය වෙනත් කලාප වලට නොපැතිරෙන්න එක හේතුවක් වුනා.අනිත් අතට එවකට පුරවැසියා හා සමාජවාදී රාජ්‍යය අතර සබදතාවය ප්‍රජාතන්ත්‍රීක කිරීමේ අවශ්‍යතාවය ගැන ප්‍රමානවත් න්‍යායික සංවර්ධනයක් නොතිබීම ( ලෙනින් වුනත් මේ ගැන ගැඹුරින් හිතුවෙ නැහැ කියන එකයි මගේ අදහස )රුසියාවෙ රාජ්‍යය අධිකාරිවාදි එකක් විදිහට අවසන් වෙන්න බලපානවා.සෝවියට් සභා ක්‍රමය කියන සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය උඩ ජනතාව අතරින්ම හැදුන ව්‍යුහය ඕනෑම ආකාරයක ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට වඩා උසස් හා දියුනු එකක්.නමුත් මේව සංවර්ධනාත්මකව යොදාගන්නව වෙනුවට හුදු කොමියුනිස්ට් පක්ෂ ශාඛා වල තත්වයට පත්වුනා.
    ධනවාදයට විකල්පයක් විදිහට අඩු දියුනු රටක සමාජවාදය හැදෙනවනම් ආර්ථික ‍ප්‍රජාතන්ත්‍රවාදය වගේම දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙකම සම්පූර්න වෙන්න ඕනෙ.මේකෙන් දෙවැන්න කරන ආකාරය ගැන වාමාංශික කතිකාවත ඇතුලෙ සෑහෙන සංවාදයක් සදහා අවශ්‍යතාවය තියනවා.

    ලිපියෙහි තර්කය වෙන්නෙ ලෝකල් ධනේශ්වරයට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙහිලා පවත්නා සීමාව දැක්වීම නිසා ජවිපෙ හෝ හෙල උරුමය ගැන විශේෂ අවධානයක් යොමු වුනේ නැහැ.හෙල උරුමය සැලකිය යුතු ස්වාදීන අනන්‍යතාවයක් නැති මධ්‍යම පංතික ගැන්ග් එකක් නිසා ඒ පිලිබද මගේ එතරම් තැකීමක් නැහැ.
    ජවිපෙ බිහිවෙන්නෙ ලංකාවෙ නොදියුනු සමාජ ගර්භය තුලින් නිසා හා ක්‍රමයේ බලපෑමට එය අඩු වැඩි ලෙස හසුවන නිසා ජවිපෙ අතීත හා වත්මන් ක්‍රියාකාරකම් වල අර පසුගාමී ලක්ෂන අඩු වැඩි වශයෙන් පවතිනවා.ධනවාදය වෙනුවට සිස්ටම් එකේ සමාජවාදී වෙනසක් යෝජනා කිරීම මත මට අනුව ජවිපෙ ආර්ථික හා සමාජ ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ධනේශ්වර පක්ෂ වලට වඩා එකග වෙන්න පුලුවන් තැනක ඉන්නවා.නමුත් දේශපාලන ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජවිපෙ තුල ප්‍රමානවත් කතිකාවතක් නැහැ.එය අඩුවක්.

    5.පොදු ජන චින්තනය වෙනස් වන්නේ කෙසේද?
    දේශපාලන හා මතවාදී මැදිහත් වීම් වලින්.පලමුව නොදියුනු සමාජ කොන්දේසි වඩා දියුනු තත්වයන් හරහා පලවා හැරෙන්න ඕනෙ.
    (සමාජ දේශපාලන විප්ලවය)
    දෙවනුව ඊට සමගාමීව මතවාදී තලයේ සටනක් කෙරෙන්න ඕනෙ.භෞතික තත්වයන් වෙනස් වූ පමනින්ම සිතීම වෙනස් වීම එහෙම්පිටින්ම වෙයි කියල හිතන්න අමාරුයි.සංස්කෘතික තලයේ ෆයිට් එකක් මේ නිසා අනිවාර්යයනේම අවශ්‍යයයි.මේ සටන් වර්ග දෙක එකිනෙකට සමගාමීව පුරවැසියන් අතර සමාජ ව්‍යාපර තුල හා සමාජ ව්‍යාපාර අතර කියන හැම තැනම වෙනව නම් වෙනස් විදිහෙ වෙනසකට ඉඩ තියෙයි.

    ReplyDelete
  13. ඔබේ ඉහත පිළිතුර හරහා හරවත් සංවාදයක් සඳහා පදනමක් ගොඩ නැගී තිබෙනවා. කාල වේලා ඇති පරිදි (මගේ sinhala typing ඉතාම දුර්වලයි.) සාකච්චාවට සහභාගී වීමට අදහස් කරනවා. මේ කරුණු ගැන සාකච්චා කිරීමට, අදහස් දැක්වීමට කැමති බොහෝ දෙනෙක් blog අවකාශයෙන් පිටත ද සිටිනවා. ඔව්න්වත් සම්බන්ද කර ගැනීමට හැකි නම් පුළුල් සංවාදයක් ගොඩ නැගිය හැකියි. දැනටමත් මේ සාකච්චාවට සම්බන්ද වී සිටින අයට (comments හරහා ) මේ ගැන යමක් කල හැකියි.

    ReplyDelete
  14. ටිපිකල් වාමාංශිකයන්ගේ ටිපිකල් නන් දෙඩවීමක් මිස රාමචන්ද්‍ර මෙහිදී කතාකරන්නට හරවත් යමක් එකතු කරන්නේ නැහැ.

    රාමචන්ද්‍රලා ඔය 'සමාජවාදය' යන සීනි බෝල නාමයකින් හඳුන්වන කොමියුනිස්ට් අර්ථක්‍රමය පුස්සක් බව මේ වන විට ඇස් පනා පිට ඔප්පු වී හමාරයි, ලෝකයේ රටවල් ගණනක කල්තර ගණනාවක් යටතේ. (කොමියුනිස්ට් ක්‍රමයේ කෲර භාවය මොහොතකට අමතක කරමුකෝ.) එය සාර්ථක වෙතැයි හිතීම එක පරීක්ෂණයක් දහවරක් කර සාර්ථක නොවූ විද්‍යාඥයකු එකොළොස්වැනි වතාවේ එය සාර්ථක වේයැයි ශුභවාදී වීමට සමානයි.

    කොමියුනිස්ට් ක්‍රමය සාර්ථක ක්‍රමයක් කියා උපකල්පනය කළත්, කිසිම නොදියුණු රටකට කොමියුනිස්ට් ක්‍රමය නිසා උඩට එන්නට ලැබෙන්නේ නැහැ. හේතුව බෙදා දෙන්නටවත් ධනයක් මේ රටවල නැති නිසා. උදාහරණයක් හැටියට ලංකාවේ ධන සම්පත සමානව බෙදා සමානාත්මතාව ඇති කළෝතින් වන්නේ හැම දෙනාම දිළිඳුවන එක විතරයි. වැඩවසම් ක්‍රමයේ සිට 'සමාජවාදය' දක්වා ඇති මාවත වැටී ඇත්තේ ධනවාදය හරහා බව මාක්ස් කීවේ එනිසයි. අවාසනාවකට අපේ බොහෝ 'සමාජවාදීන්ට' මාක්ස්ගේ තියරි තේරුම් ගන්නට තරම් හැකියාවක් නැහැ. මොවුන් වැඩි දෙනකු සමාජවාදය ඉගෙන ගෙන තියෙන්නේ සුනිල් මාධවලාගෙන් නිසා.

    රාමචන්ද්‍ර එක්කෝ තමන්ගේ නොදැනුවත්කම නිසා, නැත්නම් සිතා මතා සැබෑ කරුණු ගණනාවක් ඉහත සටහනෙහි විකෘති කරනවා. මේ සියල්ල නිවැරදි කරන්නට මට කාලයක් නැහැ.

    නමුත් ඔය රාමචන්ද්‍රලා කියන ධනවාදයේ පරිධියේ සිට කේන්ද්‍රය කරා ගමන් කළ රටවල් ගණනක් ලොව ඇති බව (හොඳම උදාහරණ 1950දී ලංකාව කිට්ටුවෙන් හිටි සිංගප්පූරුව හා ලංකාවට පිටුපසින් සිටි මැලේසියාව හා කොරියාව ) නම් කිව යුතුයි. අපට එය කරන්නට බැරි ඔය 'බැරිබැරියාව' කියවන වාමාංශිකයින් නිසාත්, රට වෙනුවෙන් අවදානමක් ගන්නට හැකි ලී කුවාන් යූ වැනි නායකයකු අපේ රටේ බිහි නොවූ නිසාත් මිස වෙන හේතුවක් නිසා නොවෙයි.

    - Taboo

    ReplyDelete
  15. @ taboo

    1.//රාමචන්ද්‍රලා ඔය 'සමාජවාදය' යන සීනි බෝල නාමයකින් හඳුන්වන කොමියුනිස්ට් අර්ථක්‍රමය පුස්සක් බව මේ වන විට ඇස් පනා පිට ඔප්පු වී හමාරයි//

    ඔබතුමා උඩ දමන ධනවාදය පුස්සකට වඩා භයානක ඛේදවාචකයක් බව දකුනු අමරිකාවෙ අප්‍රිකාවෙ හා ආසියාවෙ මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවන ඛේදවාචකය විසින් ඔප්පු කරල හමාරයි.මේ රටවල කලින් කලට විවිධ මාදිලි වලින් සියවසකට අධික කාලයක් අත්හදා බැලෙමින් තියෙන්නෙ අධිරාජ්‍යවාදී ධනවාදය.සිංගප්පූරුව වැනි ඉතාම දුර්ලභ exceptions දෙක තුනක එල්ලීමට වඩා පොදු තත්වය ගැන අවධානය යොමු කිරීම යථාර්තවාදීයි.
    "යල්පැනපු" සමාජවාදය ගැන කතාවට සමහර විට 90 දශකයේදී නම් විසිල් පාරක් ලැබෙන්න තිබුන.ඒත් තවදුරටත් ඔය කතාව වලංගු නැහැ.දකුනු අමරිකාවෙ "යල්පැනපු"සමාජවාදය ගැන රැල්ලක් මේ වනවිට බරපතල විදිහට ඇතිවෙලා තියන අතර ඉන්දියානු ධනවාදී "පාරාදිසියේ" ප්‍රාන්ත වල සමාජවාදී පන්නයේ සටන් වේගයෙන් ඇවිලිලා යමින් තියනව.ධනවාදය මාරයි නම් මේව මෙහෙම වෙන්න විදිහක් නැහැ ක්‍රමයට විරුදධ කැරලි මෙහෙම පැන නගින්න බැහැ නේද කියන එක විතරක් හිතල බැලුවොතින් තමන්ගෙ ස්ථාවරය reconsider කරන්න වෙයි.

    2.//වැඩවසම් ක්‍රමයේ සිට 'සමාජවාදය' දක්වා ඇති මාවත වැටී ඇත්තේ ධනවාදය හරහා බව මාක්ස් කීවේ එනිසයි. අවාසනාවකට අපේ බොහෝ 'සමාජවාදීන්ට' මාක්ස්ගේ තියරි තේරුම් ගන්නට තරම් හැකියාවක් නැහැ.//

    //උදාහරණයක් හැටියට ලංකාවේ ධන සම්පත සමානව බෙදා සමානාත්මතාව ඇති කළෝතින් වන්නේ හැම දෙනාම දිළිඳුවන එක විතරයි.//

    මේකනෙ ඔබතුමා තරම් අපි මේව ගැන ගැඹුරින් අධ්‍යනය කරල නැහැ කියන එක අපි නිහතමානීව පිලිගන්නව.හැබැයි ඔබතුමාගෙ "අධ්‍යයනයට" තව එකතු කරගන්න පුලුවන් දෙයක් යොජනා කරන්නම්.
    මාක්ස්ගෙ කාලෙ තිබුනෙ නිදහස් තරග ධනවාදය.ඒත් 20 වෙනි සියවසට එනකොට ඒක මෝරලා ඒකාධිකාරී ( අධිරාජ්‍යවාදී) ධනවාදයක් බවට හැරුනා.අලුත් තත්වෙට හරියන්න මාක්ස්වාදය සංවර්ධනය කරන්න ලෙනින් ඇතුලු බොහෝ දෙනා බොහෝ දේවල් ලියල තියනව.කේන්ද්‍රය හා පරිධිය අතර සම්බන්ධය,විප්ලවයේ භූමිය පරිධියට මාරු වීම වගේ ගොඩක් අදහස් ඒ ඇතුලෙ තියනව.ඔබතුමා බොහෝ දේවල් දන්න එකේ ඒව ගැනත් පොඩ්ඩක් කියවල බලන්න.ලෙනින්ගෙ පොතක් තියනව අධිරාජ්‍යවාදය ධනවාදයේ උසස්ම අවධියයි කියල.ආරම්භයක් විදිහට ඒකවත් කියවන්න.එතකොට මේ කතාකරන ඒවා වල logic එක අහුවෙයි.ෆැෂන් එකට මාක්ස්ගෙ පින්තූරෙ බ්ලොග් එකේ ගහගෙන ඉන්නවට වඩා සංවර්ධනය වෙලා තියන මාක්ස්වාදී න්‍යාය මොනවද කියන්නෙ කියන එක ගැන හදාරන එක හොදයි.

    3.//අපට එය කරන්නට බැරි ඔය 'බැරිබැරියාව' කියවන වාමාංශිකයින් නිසාත්, රට වෙනුවෙන් අවදානමක් ගන්නට හැකි ලී කුවාන් යූ වැනි නායකයකු //

    ඔබතුමාට මේ ඉක්මනට ජේ ආර් ජයවර්ධනව ඇයි අමතක වුනේ?ලී ක්වාන් යූ වගේම බලසම්පන්න විධායකයක් හදාගෙන විපක්ෂය සීල් කරල ලෝක ප්‍රාග්ධනයට දොරටු ඇරල ‍සිංගප්පූරු මාව‍තේ යන්න සෑහෙන උත්සාහයක් දැරුවා නේද?අවදානම් ගන්න පුලුවන් ඒකාධිපති "බලසම්පන්න" නායකයො නම් අප්‍රිකාව වගේ රටවල පදුරකට පයින් ගැහුවොත් දුසිමක් විසි වෙනව.රාජපක්ෂගේ ඒකාධිපතිවාදයේ දැඩි විවේචකයෙක් වන ඔබතුමා ලී ක්වාන් යුගේ දේශපාලනය ආදර්ශයක් විදිහට යෝජනා කරනකොට අපිට දුක හිතෙනවට වඩා හිනා යනවා.

    ReplyDelete
  16. රාමචන්ද්‍රගේ මේ පිළිතුර වාද කළ යුතු නොව අපේ අනුකම්පාව ලැබිය යුතු ගණයේ එකක්. ධනවාදය හා රාමචන්ද්‍රලා මහ ලොකු 'සමාජවාදය' කියා සීනිබෝල බාසවෙන් හඳුන්වන කෲර කොමියුනිස්ට් අර්ථ ක්‍රමය අතර වෙනස තේරුම් ගන්න එකම රටක්ව සිට දෙකඩ වී, කොටස් දෙකේ මේ අර්ථක්‍රම දෙක අනුගමනය කළ උතුරු හා දකුණු කොරියා සන්සන්දනය කිරීම ප්‍රමාණවත්. ඒ තරම් වත් මොළයක් නැති, සුනිල් මාධවලා ජාතියේ මෝඩ වාමාංශිකයකු සමඟ වාද කිරීම කාලය නාස්තිකර ගැනීමක් විතරයි.

    මොනවා උනත් ඉන්දියාවේ ඇතිවෙමින් පවතින ත්‍රස්තවාදී ව්‍යාපාර වලින් නම් රාමචන්ද්‍ර පොඩි ජොලියක් ගන්න හැටි පේනවා.

    අඩුම ගණනේ ලෙනින් කළ නොකළ දේවත් නොදැන, ඔහු කොයිතරම් අසාර්ථක පාලකයකු වූයේදැයි නොදැන ගිරා පෝතකයකු මෙන් කියවන රාමචන්ද්‍රට කීමට ඇත්තේ මෙපමණයි. ටැබූත් එක් වයසක ඔය විදියටම ඔය මෝඩ තර්ක ඉදිරිපත් කරමින් තර්ක කළා. ඒ කාලෙ ටැබූටත් ලෙනින් තරම් ලොකු මිනිහෙක් හිටියෙ නැහැ. ඒත් ටැබූ ඒ අවදිය පසු කරලා ගොඩක් කල්. රාමචන්ද්‍ර නම් තවමත් ඇඳේ චූ කර ගැනීම ගැන කණගාටු වෙනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ.

    ReplyDelete
  17. @ taboo

    //ඒ කාලෙ ටැබූටත් ලෙනින් තරම් ලොකු මිනිහෙක් හිටියෙ නැහැ. //

    ලෙනින් ලොකු මිනිහෙක් කරගෙන හිටියට ලෙනින්ව කියවලා නැති එක තමයි ප්‍රශ්නෙ:)
    පරිධියේ රටවල විප්ලවය ගැන නොදන්න කතා කියන්නෙ ඒකනෙ.අපි නොදන්න මාක්ස්වාදය ගැන කතාකරන එක අත්හරිමු.මේ කතාව ඉදිරියට ගියොත් ඔබතුමා දන්න මාක්ස්වාදයක් නැහැ දන්නෙ එහෙන් මෙහෙන් අල්ලගත්ත වචන දෙක තුනක් විතරයි කියන එක තව හෙලිදරවු වෙනවා.
    ඔබතුමාට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් 3 වෙනි කරුන විදිහට මතුකරල තියනව.රාජපක්ෂ ඒකාධිපතිවාදයේ විවේචකයා ලී ක්වාන් යූගේ දේශපාලනය වර්නනා කරන එකේ logic එක දැනගන්න අපිට හරි කුතුහලයි.පුලුවන් නම් පහදන්න.

    ReplyDelete
  18. මාක්ස් කියපු කාරණා ගැන ඔබේ නොදැනුම පිළි ගැනීම ගැන ස්තූතියි. මේ බුද්ධි හීනතාව ලාංකීය වාමාංශිකයින්ට පොදු ලක්ෂණයක්. ඔහේ ගිරවුන් වගේ කියවනවා විතරයි. ඒ නිසා ඔබ ඔබේ නොදැනුම ගැන කම්පාවිය යුතු නැහැ. සුනිල් මාධවත් ඔබ වගේම තමයි.

    රාජපක්ෂ වැනි වැඩවසම් පාලකයකු හා ලී ක්වාන් යූ වැනි ධනවාදී පාලකයකු අතර වෙනස නොදැකීමත් අර සෝමාලියාවෙ තියෙන්නෙත් ධනවාදය කියන මෝඩ උපකල්පනයට සමානයි. ඔබට මේවා ගොඩයට මැජික් වගේ පෙනුනට අපි මේ අධ්‍යයන කරල හුඟාක් කල්. දැක්කෙ නැතිනම් කියවන්න.

    Will Rajapaksa II be a Lee Kuan Yew, a Stalin or a Parakramabahu VI? | දෙවන රාජපක්ෂාවතාරය ලී ක්වාන් යූ ගේද? ස්ටාලින් ගේද? සවැනි පැරකුම්බාවන්ගේද? http://taboosubjects.wordpress.com/2010/03/22/125

    ReplyDelete
  19. පමා වී හෝ ඔබේ 16 July අදහස් ගැන යම් ප්‍රතිචාරයක් සටහන් කල යුතු යයි සිතනවා. මේ කරුණු සම්බන්දයෙන්මට නම් ඇත්තේ නිගමන නොවෙයි, .....තව තවත් ප්‍රශ්න. ඒ නිසා ප්‍රශ්න අනුසාරයෙන් ම මගේ අදහස් දක්වන්නම්.


    1."..........වෙනසට හේතුව සමාජ ආර්ථික ක්‍රමය සංවර්ධනය වුන ප්‍රමානය,එහි ඓතිහාසික විකාශනය හා වත්මන් ලෝක බල රටාව කියන සාධක සමග සම්බන්ධයි.මේ කතාකරන ප්‍රජාතන්ත්‍රවාදය බටහිර ඇතිවෙන්නෙ ධනවාදයේ නැගීම එක්ක කියන එක ගැන කවුරුත් එකගයි".

    1. එහෙම නම් ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවක් දකින්නට නම් , අපේ රටේත් කල යුත්තේ ධනවාදය සංවර්ධනය නේද ? නමුත් මේ සඳහා ප්‍රාග් ධනය, ආයෝජනයන් අවශයි. චීනය ඉන්දියාව වැනි විශාල රටවල් මෙන් රට තුල ප්‍රාග් ධනය ඒකරාශිවීමක් , අපේ වැනි කුඩා රටක් තුල සිදු වන්නේ නැහැ.එසේම රට තුල වෙළදපල සීමාසහිත භාවය ද ප්‍රශ්නයක්. එහෙමනම් අනිවාර්යෙන්ම විදේශ ආයෝජනයන්( Foriegn Direct Investment ) හා විදේශ වෙළදපොල සමග බැඳිය යුතුය්. ආසියා කලාපයේ Taiwan ,South Korea ,Singapore , HongKong රටවල් මෙන්ම, China , India රටවල් ද ආර්ථික වර්ධනයන් ලබා ගත්තේ මෙම ආකුර්තිය හරහා. Vietnam , Bangla Desh රටවල් ද අද ආර්ථික වර්ධනය අතින් ලංකාව පසු කර ඉදිරියට යනවා. අපිට තවත් thoratical model ගැන කතා කල හැකියි. නමුත් ඉතිහාසයේ / වර්තමානයේ සාර්ථක තවත් model තිබෙනවද ?


    2."...මේ නිසා වඩා නිවැරදි හැගවුම වැඩවසම් ලක්ෂන ශේෂ වුන ධනවාදයක් / ඌන සංවර්ධිත ධනවාදයක් යන්නයි.මේක තුන්වන ලෝකයේ බොහෝ රටවලට පොදු කරුනක්.සංස්කෘතික තලයේ ඔබ දක්වන වැඩවසම් ස්වභාවයන් සහිත හැසිරීම් වල හේතුව බිහිවෙන්නෙ මෙතනින්."
    2. මෙයිනුත් ගම්‍ය වන්නේ , වැඩවසම් ලක්ෂණවලින් අයින් වන්න නම් අනිවාර්යෙන්ම ධනවාදයේ සංවර්ධනය විය යුතුයි - යන්න නේද ?

    ReplyDelete
  20. 3.අධිරාජ්‍යවාදය දක්වා ලෝක ධනවාදය ගිහිල්ල තියන යුගයක අපි වගේ රටවල කාර්ය භාරය වෙන්නෙ කේන්ද්‍රය සදහා අමුද්‍රව්‍ය සැපයීම හා කේන්ද්‍රයේ නිමි ද්‍රව්‍ය වලට වෙලදපොලක් වීම.
    3. මේ "අධිරාජ්‍යවාදය" ලෙස හඳුන්වන්නේ, වත්මන් අවධියේ කුමන ආර්ථික දේශපාලන ක්‍රමයක් ද ? යන්න මට නම් ගැටළුවක්. මේ වචනය යෙදුනේ Portughese , spanish , English වැනි රටවල් ආසියා , අප්‍රිකා, ලතින් ඇමෙරිකා රටවල් යටත් කර පාලනය කල යුගයේ. ඒ යුගයේ
    නම් ඔබ කියන ආකාරයේ නිෂ්පාදන රටාවක් තිබුන බව සැලකිය හැකියි. නමුත් වර්තමාන තත්වන්යන්, විසිවන සියවසේ ප්‍රථම භාගයේ තතත්වයන්ට වඩා fundameatally වෙනස් නේද? වර්තමාන සංකීර්ණ තත්වයන්අර වැනි සරල තත්වයකට ලඝු කර මෙය පැහැදිලි කල හැකිද ?. අනෙක් කරුණ අපිට අවශ්‍ය ඇමෙරිකාව ගාවට යාමද ? එහෙම නම් සිහිනයක් තමයි. ධනවාදය කියපු ගමන් ඇමෙරිකාව මතක් වෙන්නේ ඇයි? model එක ඇමෙරිකාව පමණක්ද ?

    අපි ධනවාදය වත් තේරුම් අරගෙන තිබෙනවද ? යන්න මට නම් ප්‍රශ්නයක්.

    4." සෝවියට් රුසියාව හා ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන -

    4. තනි රටේ සමාජවාදය, ට්‍රොට්ස්කිවාදය , ස්ටලින්වාදය, ජ්‍යතන්ත්රවාදය, අඩු දියුණු රටක විප්ලවය, - මේ වචන සහ සංකල්ප ගැන මට නම් සැහෙන ප්‍රශ්න තිබෙනවා. ඒවායේ අදට අදාලත්වය පැහැදිලි කරන්නේ කොහොමද ? ලෙනින්ගෙන් පසු මේවා ගැන හිතපු , ලියපු කෙනෙක් ඇත්තෙම නැද්ද ? සෝවියට් සභා ක්‍රමය ... උසස් හා දියුණු යය් කියන්නේ මොන පදනමින්ද? උසස් හා දියුණු ලෙස ක්‍රියාත්මක වුයේ කොහෙද ? අපේ තවමත් සිහින දකිනවාද ? පසු ගිය වස තුල ඉතිහාසය ගැන යම් අවබෝධයක් තිබේ නම් , තවමත් මේ සංකල්ප (60 -70 දශකයේ ) අයුරින්ම පාවිච්චි කල හැකිද ?

    ReplyDelete
  21. ".ධනවාදය වෙනුවට සිස්ටම් එකේ සමාජවාදී වෙනසක් යෝජනා කිරීම මත මට අනුව ජවිපෙ ආර්ථික හා සමාජ ජීවිතයේ ප්රජාතන්ත්රවාදය සම්බන්ධව ධනේශ්වර පක්ෂ වලට වඩා එකග වෙන්න පුලුවන් තැනක ඉන්නවා.”
    5. මේ දශකය තල ජවිපෙ සමාජවාදය යන වචනය පාවිචිචි කල අවස්ථාවකවත්( ප්රචාරයට නොව ) මට නම් මතකයේ නැහැ. අනෙක් සියලු කරුණු පසෙක තියමු. දෙමල ජාතීන්ගේ ප්රෂ්නයේ දී JVP හැසිරීම , සමාජවාදය සහ ප්රජාතන්ත්රවාදය ඇසුරෙන් පැහැදිලි කරන්නේ කොහොමද ? ඔබම ඉහත සටහන් කල ට්රොට්ස්කිවාදය , ස්ටලින්වාදය, ජ්යතන්ත්රවාදය, අඩු දියුණු රටක විප්ලවය, ලෙනින්,සෝවියට් සභා ක්රමය ..... JVP අතීත හා වර්තමාන ක්රියා කලාපය සමග ගලපන්නේ කෙසේද? ( Stalin සමග නම් ගැලපිය හැකිය. එත් JVP ය ස්ටාලින් ප්රතික්ෂේප කරනවානේ .)

    ReplyDelete
  22. @ the prince

    //එහෙම නම් ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවක් දකින්නට නම් , අපේ රටේත් කල යුත්තේ ධනවාදය සංවර්ධනය නේද ? //

    පහුගිය දශක කිහිපය පුරා අපි තෝරගත්තෙ ඔය විකල්පය.නමුත් අවසන් outcome එක ගැන සන්තෝස වෙන්න පුලුවන්ද?
    දියුනු ධනවාදයක් ගොඩනගන්න තරම් ශක්තිමත් දේශීය ධනේශ්වරයක් ලංකාවෙ ඉන්නවද?ලංකාවෙ ධනේශ්වරය ඉඩ ලද සැනින් ඔබ වැඩවසම් කියල හදුන්වන ලක්ෂන සමග සහවාසයට යන ධනේශ්වරයක්.ජේආර් ජයවර්ධන තමන්ව හදුන්වගන්නෙ උතුමානන් කියල.ලංකාවෙ හිටපු ධනේශ්වර නායකයන් අතරින් ධනවාදයේ උපරිම ප්‍රකාශනය ජේආර්.ඔබ මහින්ද වෙනුවට යුඑන්පිය තුල යම් ලිබරල් ලක්ෂනයක් යෝජනා කරනව කියල මම හිතනව.නමුත් නැවත රනිල්ගේ හැසිරීම කොයිතරම් "ප්‍රජාතන්ත්‍රවාදීද"?මට එය link වෙන්නෙ අර වලව්ව බදාගෙන ඉන්න වැඩවසම් අධිපතියාගෙ හැසිරීම සමග.
    ලංකාව ඇතුලින් ධනවාදය සංවර්ධනය කරන්න බැරි නම් ඔබේ යෝජනාව විදේශ ආයෝජන ( ගෝලීය ප්‍රාග්ධනය)
    ඇත්තටම අපි වගේ රටවල ධනවාදය යන්නෙ කේන්ද්‍රයේ රටවල යන විදිහට නෙමෙයි.ඉන්දුනිසියාවෙ විශාල ධනේශ්වර ප්‍රතිසංස්කරන කරන ආයෝජන වලට ඉඩ හදන සුහර්තො දරුනු ඒකාධිපතියෙක්.චිලි වල පිනෝෂෙලා ඒ පන්නයේ අය.මේ වගේ අධිපති පන්නයේ පාලකයන් ගැන බහුජාතික සමාගම් වල අකමැත්තක් නැහැ.ප්‍රාග්ධනය අපනයනය කරල ලාභ උපයන එක හැර අපේ රටවල දේශපාලනය ශිෂ්ට කිරීමේ අමුතු රුදාවක් සමාගම් වලට නැහැ."ප්‍රජාතන්ත්‍රවාදය" ගැන තග දාන්නෙ දේශීය පාලකයා තමන්ගෙ ලයින් එකෙන් පිට පනිනවනම් විතරයි.සදාම් හුසේන් ගැන බලවත් රටවලට තිබුන ආකල්පය සලකන්න.වත්මන් සෞදි අරාබිය සහ අමරිකාව අතර සබදතාවය සලකන්න.
    අවුරුදු ගනනක් අපි දිගටම අනුයන මේ මාවතේ දිගටම ගිහින් හොද තැනකට එන්න පුලුවන්ද කියන එක ගැන බරපතල සැක මතුවෙලා තියෙන්නෙ මේ නිසා.දකුනු අමරිකාවෙ රටවල් ගත්තම ඒව අපිටත් වඩා උග්‍ර ලෙස ලෝක ධනවාදයට දොරවල් හැරපු රටවල්.නමුත් අත්දැකීම් විසින් ඔප්පු කරල තියන දේ මොකක්ද?ධනවාදයෙන් කැඩුන විකල්ප ක්‍රමයක් පිලිබද යෝජනා වෙන්නෙ වැඩවසම් ලක්ෂන වද කරන්නවත් වෙන මුකුත් කරන්නවත් මෙතුවක් කල් පැවති ක්‍රමය බරපතල ලෙස අසමර්ථ වී තිබෙන නිසා.

    //අධිරාජ්‍යවාදය" ලෙස හඳුන්වන්නේ, වත්මන් අවධියේ කුමන ආර්ථික දේශපාලන ක්‍රමයක් ද ? යන්න මට නම් ගැටළුවක්. මේ වචනය යෙදුනේ Portughese , spanish , English වැනි රටවල් ආසියා , අප්‍රිකා, ලතින් ඇමෙරිකා රටවල් යටත් කර පාලනය කල යුගයේ. //

    එකග වෙන්න අමාරුයි.මේක ලොකු මාතෘකාවක් නිසා වෙනම ලිපියකින් හැකිනම් අදහස් දක්වන්නම්.අධිරාජ්‍යවාදය කියල අද හදුන්වන්නෙ ප්‍රාග්ධනය අතින් බලසම්පන්න ප්‍රතාපවත් ජාතීන් කිහිපයක් ආර්ථිකව හා දේශපාලනිකව ලෝකය හැසිරවීම.ඒක "පැරනි"අධිරාජ්‍යවාදයෙන් වෙනස් වෙන්නෙ ඒ කාලයේ භාවිතා වුන සෘජු සරල බලය වෙනුවට සංකීර්න හෙජමොනික් ආකෘතියක් හරහා ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන නිසා.21 වන සියවසේ අධිරාජ්‍යවාදය 20 වෙනි සියවසේ එක නෙමෙයි.ඒක ඇත්ත.නමුත් එය ඊට වඩා දියුනුයි.සංකීර්නයි.

    //ලෙනින්ගෙන් පසු මේවා ගැන හිතපු , ලියපු කෙනෙක් ඇත්තෙම නැද්ද ? සෝවියට් සභා ක්‍රමය ... උසස් හා දියුණු යය් කියන්නේ මොන පදනමින්ද?//

    ලෙනින්ගෙන් පස්සෙ ලියපු අය හිටියා.ඉන්නවා.මාක්ස්වාදී කතිකාවත වර්ධනය වෙමින් යන එකක්.ඒක ලෙනින්ගෙන් නැවතිලා නැහැ.

    http://kasamaproject.org/

    ලෙනින්ව බොහෝ තැන්වලදී උපුටන්නේ එම මූලධර්මවල කාලීන අදාලත්වයක් පවතිතන හින්ද.

    සෝවියට් ක්‍රමය වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ එය බොහෝදුරට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා.සල්ලි කදු ගනන් විසි කරල චන්ද අරගෙන පාර්ලිමේන්තුවෙ හරි පලාත් සභාවෙ හරි බයිල ගහමින් කෝලම් නටන,සමාජය සහ පාලන ක්‍රමය අතර විශාල හිඩැසක් ඇතිකරල සමාජය පාලනයට සම්බන්ධ වීමෙන් ඈත් කරල තියන වත්මන් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ප්‍රජාවෙ එදිනෙදා ප්‍රශ්න විසදගන්න ජනතාවට සෘජුව සම්බන්ධ වෙන්න ලැබෙන ක්‍රමයක් වඩා ප්‍රශස්තයි.

    JVP ප්‍රශ්නය ගැන -
    ජවිපෙ හැම ක්‍රියාමාර්ගයක්ම හා උපක්‍රමයක්ම නිවැරදියි එය අනුමත කල යුතුයි කියල අදහසක් නැහැ.යුද්ධයේදී රාජ්‍යය එක්ක සෘජු සම්බන්ධතාවයකට යාම ( මානෙල් මල් ව්‍යාපාර පන්නයේ වැඩ හරහා ) තදබල ලෙස වැරදි තෝරාගැනීම්.
    කෙසේ වෙතත් මේ දශකය තුල ඔවුන් සමාජවාදය ගැන අදහස් පල කරල නැහැ කියන එක කරුනක් විදිහට වැරදියි.විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රකාශන සැලකිල්ලට ගතහොත් (නියමුවා සර්යා සීනුව ශිෂ්‍ය අංශයේ ප්‍රකාශන etc ) ඔ‍බේ අදහස වැරදියි කියල ඔබට වැටහෙයි.ජවිපෙ ගැන මගේ අදහස සිත ගැන මනෝ විද්‍යාවෙ ආප්තයකින් දැක්වුවහොත් එය සාගරයේ ඇති අයිස්බර්ගයකි.මතුපිටට පේන හතරෙන් එක වගේම සැගව තිබෙන හතරෙන් තුනක්ද පවතී.මේ ගැන මට වඩා කතාකරන්න සුදුසු වෙන්නෙ ජවිපෙට වැඩ කරන ක්‍රියාකාරිකයෙක්.පිටට‍ පෙනෙන දේ සහ එහි අභ්‍යන්තර සංවාද තලය වෙනස් බව පමනක් කීම ප්‍රමානවත්.

    ReplyDelete
  23. රාමචන්ද්‍රගේ මේ ගොන් තර්ක ධනවාදයට පමණක් නොව (තවත් බොහෝ දෑ සමඟ) බටහිර වෛද්‍ය විද්‍යාවටද අදාළය. රෝග තුරන් වී, ආයු කාලය වැඩිවී වෛද්‍ය විද්‍යාව යහපත් ප්‍රතිඵල අත්කරගෙන ඇත්තේ බටහිර රටවල විතරය. ඒ බටහිර වෛද්‍ය විද්‍යාවම භාවිතා වන එහෙත් "බටහිර වෛද්‍ය විද්‍යාවේ පරිධියේ ඇති" ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ (මේ වාමාංශිකයින් ගිරවුන් සේ මතුරන වචන සෙට් එකකි.) මිලියන ගාණක් මැලේරියා, ඩෙංගි ආදී වසංගත රෝග වලින් මිය යති. අප්‍රිකාවේ ඒඩ්ස් ප්‍රශ්නය විසඳීමට බටහිර වෛද්‍ය විද්‍යාව අසමත්ය. (ඒකත් 'අධිරාජ්‍යවාදයට' බැර කළේ නම් කිසිම කරදරයක් නැත.) එනිසා රාමචන්ද්‍රට අනුව මේ රටවල් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිකෙව් කොට වෙනත් ක්‍රමයක් හඳුනා ගත යුතුය.

    ප්‍රශ්නය තියෙන්නේ මේ ක්‍රමය මොකක්දැයි තවමත් රාමචන්ද්‍ර සඟවා ගෙන තිබීමය. අඩුගාණේ BTI බැක්ටීරියා වෙනුවට ගස්ලබු කොළ කාපල්ලා කිව්වොත් අපට තේරෙයි. එහෙත් "ධනවාදයේ ගැටළු" ගැන පෝස්ට් පනස් ගාණක් ලියා ඇති රාමචන්ද්‍ර තමන්ගේ මහ ලොකු "සමාජවාදී විසඳුම්" ගැන එක පෝස්ට් එකක් වත් ලියා නැත. සෝමවංශ අමරසිංහ බලයට ආවිට දියසේන කුමාරයා පහළ වූවාක් මෙන් සියළු ප්‍රශ්න එක්ෂ්ණයෙන් අන්තර්ධාන නව බව අදහන තරමටම ඔහු මෝඩද?

    ඔය මහ ලොකු "සමාජවාදී විසඳුම්" ගැන එක පෝස්ට් එකක් වත් නොකරන්නේ ඇයි?

    ReplyDelete
  24. @ Ramachandra - July 23

    "ලංකාවේ ධනවාදය පිලිබදව ........"

    77 ට පෙර තත්වය සලකා බලමු. - දල ජාතික නිෂ්පාදනයෙන් වැඩි කොටස කෘෂි කර්මාන්තයෙන් (70% ක් පමණ ?) - කෘෂිකර්මාන්තය ප්‍රධානව සුළු ඉඩම් හිමියන් ( තේ වතු හැරුණු විට) මගින් - කාර්මික නිෂ්පාදනයක් සිදු වූ මහා පරිමාණ කර්මාන්ත ශාලා ( Kelani Tyre ,KKS /Galle /, Puttlam Cement , Thulhiriya ,/ Pugoda /Veyangoda Textile Mills ,Oruwala Steel , Petroleum ,Electricity ,Plywood . Fisheries ...) සියල්ල රජය සතුව -ශ්‍රම බලකයෙන් වැඩි කොටස රජයේ සේවකයන්- ප්‍රධාන අපනයන භාණ්ඩ තේ, පොල්, රබර්, -ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රජයේ මිල පාලනයට යටත්ව - නිෂ්පාදන / අපනයන කටයුතුවල පුද්ගලික සමාගම් කිහිපයයි.- - කොටස් වෙළදපොලක් නැති තරම් -

    77 JR ගේ ප්‍රතිසන්ස්කරනවලින් පසු - ඉහත තත්වයන් වෙනස් වූ ආකාරයන් හා වර්තමාන තත්වය අපි අත් දැකීමෙන්ම දන්නවා. නමුත් ප්‍රශ්නය - මේ වෙනස් වීම් ධනවාදයේ උපරිම ප්‍රකාශනයද ? (ඔබත් ඇතුළුව , බොහෝ වාමන්ශිකයන් එසේ යය් පවසනවා). නමුත් මම එසේ දකින්නේ නැහැ. ලංකාවේ ධනවාදයේ අද තත්වය ඉතාම ප්‍රාථමික බවයි මගේ අදහස. ඒ සඳහා Statistics දැක්විය හැකියි. තරමක් දීර්ග කාර්යක්. මුලිකවම, ප්‍රාග් ධනය ඒකරාශී වීමට, විදේශීය ප්‍රාග් ධනය (DFI ) ඇද ගැනීමට , අයොජනයන්ට අවස්ථා , තරඟකාරී වාතාවරණය වර්ධනය වී නැහැ. ස්වභාවික සම්පත් හීන , කුඩා වෙළදපලක් ඇති, භූගෝලීය ව කුඩා රටක් වීමේ අවාසියද තිබෙනවා.

    ධනවාදයේ ආර්ථික ස්වරුපයේ වෙනස්කම් දියුණු ධනවාදී රටවල පවා දැකිය හැකියි. ඇමෙරිකාව , බටහිර යුරෝපිය රටවල් ( UK , France ,Germany ,Italy ) , Scandivanian රටවල්, BRIC Countries ,ASian Tigers (Taiwan ,South Korea ,Malaysia ) , ජපානය - මෙවැනි වෙනස්කම් සහිත රටවල් / Blocks . එසේ වුවත් මේවායේ ආර්ථිකය සංවිධානය වී ඇති ක්‍රමයේ යම් පොදු සාධක හඳුනා ගත හැකියි. . එම ධනවාදී ආර්ථික ක්‍රමයේ පොදු සාධක සමග ලංකාවේ ආර්ථිකය සංසන්දනය කිරීමෙන් අපේ රටේ ධනවාදයේ සාපේක්ෂ තත්වය ගැන යම් අදහසක් ඇති කර ගත හැකියි.
    මගේ කලින් comment එකක විස්තර කල පරිදි, බොහෝ ක්ෂේත්‍රවල තවම පවතින්නේ පසුගාමී වැඩවසම් ආර්ථික සබඳතායි. . නීතියේ ආධිපත්‍ය , ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමට නම්, ධනවාදී ආර්ථික සම්බන්දතා මගින් වැඩවසම් ආර්ථික සබඳතා replace විය යුතුයි. සමාජ චින්තනයේ වෙනසක් වන්නේත් එවිටයි.

    "JR ගේ සහ රනිල් ධනේශ්වර / වැඩවසම් ලක්ෂණ.... ...පිළිබඳව "

    ලංකාවේ ධනේශ්වර සංවර්ධනය සම්බන්දයෙන් මේ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය තීරණාත්මක ලෙස මා දකින්නේ නැහැ. 1977 වන විට JR නොව , NM Perera බලයේ සිටියත් ,එම ධනවාදී ප්‍රතිසන්ස්කරන ක්‍රියාත්මක කල යුතුමයි. ලෝක තත්වය විසින් රාජ්‍ය සමාජවාදයේ සිටි සෑම රටකටම එම වෙනස් කිරීම් බල කෙරී තිබුණා. රුසියාවේ හා චීනයේ , සමාජවාදී ක්‍රමයේ කඩ වැටීම ඇරබෙන්නෙත් වන්නේත් ,77 ආසන්නයේ සිදු වූ ලෝක ආර්ථික අවපාතයන් තුලයි.

    ඒ වන විට රාජ්‍ය සමාජවාදයේ අසමත්කම නිසාත්,, ධනපති රටවල සහයෝගය නිසාත් JR ට මෙය පහසුවක් වුණා.ධනේශ්වර ක්‍රමය පිලිබඳ හොඳ අවබෝධයකින්,හා අරමුණකින් JR ක්‍රියා කලා බව පෙනෙන්නේ නැහැ. ඔහුත් ප්‍රකට කලේ වැඩවසම් නායකයෙකුගේ ලක්ෂණ. Ronnie De Mel ,Athulathmudali ,Gamini Dissanayaka ක්‍රමය සහ ලෝක තත්වය පිළිබඳව අවබෝධයකින් ක්‍රියා කල බව පෙනෙනවා.

    UNP ය තුල මේ පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ Ranil ට පමණයි. ඔහු අගමැතිව සිටි යුගයේ ආර්ථික කළමනාකරණය කල අයුරින්සහ ජාතික ප්‍රශ්නය කළමනාකරණය කල අයුරින් එය පෙනුනා. නමුත් දැන් දේශපාලන බලය සඳහා ඔහුත් වැඩවසම් ලක්ෂණ ප්‍රකට කරනවා. (NM , කොල්වින්ලාටත් අන්තිමට පන්සල් යන්න සිද්ධ වුණා නේ. .) දැන් දෙවන පෙළ නායකයන් සේ පෙනන Karu J ,Sajith P , Ravi K , නම් ධනේශ්වර සංවර්දනය ගැන අවබෝධයක් ඇති බව පෙනෙන්නේ නැහැ.

    රාජපක්ෂ රෙජීමයේ දරුණු ආර්ථික අර්බුදයකින්තොරව UNP යට නැවත බලයට ඒමේ අවස්ථාවක් පෙනෙන්නේ නැහැ. විපක්ෂයේ සිටිමින් , ආණ්ඩුව ලවා, ධනේශ්වර ප්‍රතිසන්ස්කරන ක්‍රියාත්මක කිරීමට රනිල් සැහෙන වැඩ කොටසක් කරනවා. ඔහු මේ දිනවල ඉන්දියාවට ගොස් සිටින්නේත් ඒ වෙනුවෙන් නේද ?


    " ලෝක ධනවාදය සහ Iindonesia , Chilie රටවල් ..... පිලිබදව " - ඊ ලඟ සටහනකින්.

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. මගේ අන්තිම comment එක (July 23,2010 1:42PM) ඊට කලින් comment (1:41 PM ) එකේම repeat එකක්. එය delete කරන්න. comments, post කිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ ගැන technical උපදෙසක් ලබාගෙන සකසන්න.

    ReplyDelete
  27. @ The prince

    මේ ගැන කතාබහක් ඇතිවුන එක හොදයි.වර්තමාන ලෝක ධනවාදය හුදු ධනවාදයක් නෙමෙයි අධිරාජ්‍යවාදයක් දක්වා වර්ධනය වුන ධනවාදයක් කියන තිසීසය මෙතනදි මූලික තර්කයක්.මේ තුල ලෝකයේ ධනවාදයේ වර්ධනය uneven එකක් ලෙසයි සිද්ද වෙන්නෙ.දියුනු ධනේශ්වර රටවල සිදුවුන විදිහෙ ධනේශ්වර සංවර්ධනයක් අඩු දියුනු රටවල නොවෙන්නෙ ඒ නිසා.අධිරාජ්‍යවාදය නිසා අපි වගේ රටවල ධනවාදය කේන්ද්‍රයට පරායක්තයි.ශක්තිමත් ධනේශ්වර පංතියක් හැදෙන්නෙ නැහැ.ශක්තිමත් ධනේශ්වර පංතියක් නැතිව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන සාක්ෂත් කරගන්නත් බැහැ.ජේආර්ගේ හෝ රනිල්ගේ ප්‍රශ්නය පුද්ගල ප්‍රශ්නයකට වඩා ධනේශ්වර පංතිය කියල හදුන්වන්න පුලුවන් ස්ථරයේ ආවේනික අවුලක් කියලයි මම හිතන්නෙ.ඉඩ ලැබෙන විදිහට සමාජවාදය vs ධනවාදය මාතෘකාව වෙනම පෝස්ට් එකක් විදිහට ගන්න උත්සාහ කරන්නම්.
    ( technicalඅවුල පිලිබද අවධානය යොමු කොට ඇත.ස්තුතියි )

    @ ටැබූ - ඔබ මතුකරන කරුන අපැහැදිලියි.පරිධිය කේන්ද්‍රයට පරායක්ත වෙලා තියෙන්නෙ අධිරාජ්‍යවාදය නිසා.අප්‍රිකාවෙ රටවල සම්පත් වල වාසිය බහුජාතික සමාගම් හරහා යුරෝපයට පොම්ප වෙනව.අප්‍රිකානුවාසීන් ස්වභාවික සම්පත් පිරුනු තමන්ගෙ රටවල හිගන්නන් වෙලා බලාගෙන ඉන්නව.අමරිකාව ඉරාකයට ඇගිලි ගහන්නෙ තෙල් නිසා නෙමෙයි නම් වෙන මොකටද?වෙනිසියුවෙලාවෙ ආන්ඩු පෙරලන්න හමුදා කුමන්ත්‍රන මෙහෙයවන්නෙ චාවෙස්ගෙ nationalisation ක්‍රියාදාමය නිසා තමන්ගේ තෙල් ආදායම නැති වෙන හින්ද මිස වෙන මොකටද?කේන්ද්‍රයේ සමෘද්ධියයි පරිධියේ කාලකන්නිකමයි අතර කතාව මේ නිසා inter connected.ඇස් පනා පිට පේන ඉහත සාක්ෂි දැක දැකත් අධිරාජ්‍යවාදය කියල එකක් නැහැ ඒක වාමාංශිකයන්ගෙ හීනයක් විතරයි කියන්න පුලුවන් ධනවාදය ගැන අන්ධ භක්තියක් ඇත්තෙක්ට විතරයි.
    ඔබ තේරුම් ගත යුතු දෙය තමයි ඇඩම් ස්මිත් කතාකරපු ධනවාදය ලෝකෙ කොහෙවත් නැහැ.අද තියෙන්නෙ ඊට වඩා ගෝලීයව වර්ධනය වුන අධිරාජ්‍යවාදී ධනවාදයක්.මේක ඒ ලෙවල් පංතියට උගන්නන එකට වඩා ගුනාත්මකව වෙනස්.

    මාතෘකාවට අදාල නැති වුනත් මේ කරුනත් සදහන් කරන්නම් - මේ කිසිවක් ඔබගේ හෝ මගේ "මෝඩකම" හෝ "බුද්ධිමත්කම" ගැන වාදයක් නෙමෙයි.විරුද්ධ අදහස් දරන කෙනෙක් සමග වුනත් සංයමයෙන් කතා කරන එක ඔබ කතාකරන ධනේශ්වර ලිබරල්වාදයේ වැදගත් සාරධර්මයක්.ඔබතුමා ඔය කියන තරම් "ධනවාදී " නම් වැඩවසම් පේමන්ට් ඩප්පි ෂොට් වෙනුවට වැදගත් විදිහෙ භාෂාමය ප්‍රවේශයක් ගන්නව නම් සතුටුයි.

    ReplyDelete
  28. @Ramachandra,

    /අප්‍රිකාවෙ රටවල සම්පත් වල වාසිය බහුජාතික සමාගම් හරහා යුරෝපයට පොම්ප වෙනව.අප්‍රිකානුවාසීන් ස්වභාවික සම්පත් පිරුනු තමන්ගෙ රටවල හිගන්නන් වෙලා බලාගෙන ඉන්නව./

    කරුණාකර එක අප්‍රිකානු රටක් උදාහරණයට ගෙන එම අප්‍රිකානු රටෙන් යුරෝපයට මුදල් අදින බහු ජාතික සමාගමක්ද, පසුගිය වසර කිහිපය තුළ ඕනෑම කාල සීමාවක් සඳහා එම සමාගම මඟින් "යුරෝපයට අදින ලද මුදල් ප්‍රමාණයද" මූලාශ්‍රයක් සමඟ දක්වන්න.

    භාෂාව: මැට්ටන්ට මැට්ටන්ද, ගොනුන්ට ගොනුන්ද කියනවා වෙනුවට උන්ට 'බුද්ධිමත් මහත්මයා' කීම මා නම් දකින්නේ අවමානයක් ලෙසිනි.

    ReplyDelete
  29. @ ටැබූ

    අප්‍රිකාව හොද case study එකක්.පූර්ව විනිශ්චයන් අයින් කරල මේ ලිපි කිහිපය අවධානයට ගන්නේ නම් නව අධිරාජ්‍යවාදය, පරිධියේ රටවල දේශපාලනය සමග ඒක සම්බන්ධ වෙන හැටි ගැන මුලික අවබෝධයක් ගන්න පුලුවන්
    ලිපි වල අඩංගුව ගැන වෙනම ලියන්න කාල වේලාව මදි බුඩ්ඩ්මටාට ගෝලීය ධනවාදයේ පේන සුන්දරභාවය මේව කියවන මැට්ටන්ට නොපෙනෙන එකනෙ ප්‍රශ්නෙ:)

    http://www.globalissues.org/article/86/nigeria-and-oil

    http://www.odiousdebts.org/odiousdebts/index.cfm?DSP=content&ContentID=6202

    http://www.odiousdebts.org/odiousdebts/index.cfm?DSP=content&ContentID=6202

    http://www.odiousdebts.org/odiousdebts/index.cfm?DSP=content&ContentID=4632

    ReplyDelete
  30. @රාමචන්ද්‍ර,

    මට අවශ්‍ය වන්නේ ඔබ වැනිම මෝඩ වාමාංශික ප්‍රචාරාත්මකවාදීන් විසින් ලියන වල්බූත නොව දත්තය. (සමාවන්න, මේ මෝඩ කතා කියවන්නට මට කාලයක් නැත.)

    අප්‍රිකානු රටවල සම්පත්වල වාසිය බහු ජාතික සමාගම් හරහා යුරෝපයට අදින බව කියන්නේ ඔබය. මම අහන්නේ ඊට මූලාශ්‍රයක් සහිතව උදාහරණයකි. එනිසා මගේ ප්‍රශ්නය මම නැවත අසමි.

    කරුණාකර එක අප්‍රිකානු රටක් උදාහරණයට ගෙන එම අප්‍රිකානු රටෙන් යුරෝපයට මුදල් අදින බහු ජාතික සමාගමක්ද, පසුගිය වසර කිහිපය තුළ ඕනෑම කාල සීමාවක් සඳහා එම සමාගම මඟින් "යුරෝපයට අදින ලද මුදල් ප්‍රමාණයද" මූලාශ්‍රයක් සමඟ දක්වන්න.

    මේ ප්‍රශ්නයෙන් පළා නොගොස් පැහැදිළි පිළිතුරක් දී ඔබේ මතය තහවුරු කරනු ඇතැයි සිතමි.

    ReplyDelete
  31. @ ‍ටැබූ

    //සමාවන්න, මේ මෝඩ කතා කියවන්නට මට කාලයක් නැත//

    එහෙනම් ඉතින් අපිට කරන්න දෙයක්ද නැත.ඔය ලිපි කිහිපයේ අප්‍රිකාව,තෙල්,සම්පත්,සමාගම් හා දේශපාලනය ගැන "දත්ත" නම් උදාහරනත් එක්ක ඕනෑ තරම් ඇත.යුරෝපයට "හරියටම" අදින ලද මුදල් ප්‍රමානය ගැන මූලාශ්‍ර අහමින් ඔබතුමා අහන ප්‍රශ්නය මොන තරම් මොන්ටිසෝරි ප්‍රශ්නයක්ද කියන එක සන්සුන් වෙලා කල්පනා කරල බැලුවම ඔබටම වැටහේවි.
    වැඩවසම් කාලයේ අද ගොවියාව ඉඩම් හිමියා විසින් සූරාකෑමකට ලක්කලා කියන එක ඔබ පිලිගන්නවා ඇතැයි සිතමි.අද ගොවියාගෙන් සූරා කෑ "ප්‍රමානය" හරියටම දත්ත එක්ක ගනනය කරල දෙන තුරු "ඉ‍ඩම් හිමියා හා අදගොවියා අතර සම්බන්ධෙ තුල සූරාකෑමක් නැහැ" කියල කෙනෙක් කීමත් ඔබේ ප්‍රකාශයත් අතර වෙනසක් නැත.

    ReplyDelete
  32. @රාමචන්ද්‍ර,

    ඔබේ මෝඩ මතවාදයක් ප්‍රශ්නයට ලක් කෙරෙන එක හෝ උදාහරණයක් ඇසූ විට ලිස්සා යාම ඔබේ සාමාන්‍ය සිරිතයි. මේ ගැන මම පුදුම නොවෙමි. මෙය හරිහැටි කාරණා නොදැන තර්ක කරන වාමාංශිකයන්ගේ නිර්ලජ්ජිත පුරුද්දය. ඔවුන්ගේ 'අයිඩිලොජි එක' බොරු කෙරෙන එක හෝ දත්තයක් ඔවුහු පිළිනොගනිති. කොයිතරම් ඔප්පු කළද අයිඩියොලොජි එකම හරියැයි සිතති. මේ මෝඩකමද තක්කඩිකමද මම නොදනිමි.

    මීට කලින් ඔබ සීපා ගිවිසුම ගැන පට්ටපල් බොරු රාශියක් ප්‍රකාශ කළ අවස්ථාවේ වෘත්තිකයින්ට පමණක් අවස්ථා සපයන ගිවිසුමකින් නුපුහුණු කම්කරුවන් මෙරටට පැමිණෙන්නේ කෙසේදැයි පැහැදිළි කරන සේ මම ඉල්ලුවෙමි. ඔබ ඊටද කිසිම උත්තරයක් නොදී ලිස්සා ගියේ කිසිම කාරණාවක් නොදැන ගොඩනැඟූ ඔබේ මෝඩ තර්කය බිඳ වැටුණු බව දන්න නිසාය.

    දැන් ඔබේ ප්‍රකාශයකට එකම එක උදාහරණයක් ඇසූ විට එය නොදී වල්බූත කියවයි. මට අවශ්‍ය හරියටම සූරා කෑ ප්‍රමාණය නොව (මෙවන් මෝඩ අදහසක් පිවිසිය හැක්කේ ඔබ වැන්නකුගේම මෝඩ මොළයට පමණි.) බහු ජාතික සමාගමක් විසින් අප්‍රිකානු රටක් සූරා කෑම ගැන මූලාශ්‍ර සහිතව එක උදාරණයක් පමණකි. ඔබ ඉදිරිපත්කරන ලිපි ඔබ වැන්නන්ම ලියන ඒවාය. ඒවායේ කාරණා ඉතා සැක සහිතය. මට අවශ්‍ය පිළිගත් එක උදාහරණයකි. මේ උදාහරණය සැපැයූ පසුව ඔබේ ගොන් තර්කය බිඳ දැමීමට බලාපොරොත්තුවෙන් සිටිමි. එනිසා ඔබට හැකිනම් එවැනි උදාරණයක් ඉදිරිපත් කරන්න. නැත්නම් ඔබ එවැනි උදාහරණ නොදන්නා බව පිළිගන්න.

    ReplyDelete
  33. @ taboo

    //එම සමාගම මඟින් "යුරෝපයට අදින ලද මුදල් ප්‍රමාණයද" මූලාශ්‍රයක් සමඟ දක්වන්න.//

    සිංහලෙන්ම අහල තියනව නේද "ප්‍රමානය" දක්වන්න කියල.එතකොට මෝඩ අදහස ඉදිරිපත් කරල තියෙන්නෙ කවුද?
    ප්‍රශ්නය මොන්ට්සෝරි එකක් කියල දැන්වත් තේරුන එක හොදයි.

    //ඔබ ඉදිරිපත්කරන ලිපි ඔබ වැන්නන්ම ලියන ඒවාය. ඒවායේ කාරණා ඉතා සැක සහිතය. මට අවශ්‍ය පිළිගත් එක උදාහරණයකි. //

    "පිලිගත්" එක උදාහරනයක් කියල ඔබ අදහස් කරන්නෙ ‍මොකක්ද?
    උදාහරනයක් විදිහට john perkins ගේ confessions of a economic hitman "පිලිගත්" උදාහරනයක්ද?අරුන්දතී රෝයි පිලිගත් උදාහරනයක්ද?ඉහත දැක්වූ සයිට් එක "වාමංශිකද" නැද්ද මම දන්නෙ නැහැ.නමුත් ඒවායෙ ඇති කරුනු සිත්ගන්නා සුලුයි.ඔබ අදහස් දක්වනනෙ ඒවා කියවන්නේවත් නැතිව ඒවා "මෝඩ" ඒවා බවට පූර්ව නිගමනයක් තියාගෙන.කියවන්නත් කලින් ඒව මෝඩයි කියල ඔබම තීරනය කරල ඉවරයි!

    1998 -2003 කාලයේ කොංගෝවෙ විශාල යුද්ධයක් ඇතිවුනා.යුද්ධය තෙල් සහ සමාගම් අතර එකිනෙක සමබන්ධයි කියල චෝදනා නැගුන.මේ ගැන යූඑන් එකෙන් කරුනු හොයන්න කමිටුවක් පත්කලා.පහත දැක්වෙන්නෙ එම කමිටු වාර්තාව.

    http://www.un.org/News/dh/latest/drcongo.htm

    quote -

    "The role of the private sector in the exploitation of natural resources and the continuation of the war has been vital. A number of companies have been involved and have fuelled the war directly, trading arms for natural resources, which are used to purchase weapons. Others have facilitated access to financial resources, which are used to purchase weapons. Companies trading minerals, which the Panel considered to be ‘the engine of the conflict in the DRC’, have prepared the field for illegal mining activities in the country." - para 215

    යූ එන් එකට සූරාකෑම ගැන තියන කියවීමයි අපිට තියන කියවීමයි දෙකක්.ඒත් අප්‍රිකාවේ illegal exploitation ගැන යූඑන් එකෙත් කතා වෙනව.
    මේකට ලැබෙන පිලිතුර මම දැන්ම ලියන්නම්.
    "යූඑන් එක මෝඩ වාමාංශික ප්‍රචාරකවාදී ආයතනයකි.ඒවා කියවිමට මට කාලයක් නැත".

    ReplyDelete
  34. @ ටැබු

    http://www.youtube.com/watch?v=a7xumdcz_vw

    ඔන්න තව එකක්.නයිජිරියාවෙ ෂෙල් සමාගම සහ ස්වදේශික කොටස්වල අපේක්ෂා අතර තියන ගැටුමයි ඒකෙදි ඒ රටවල ආන්ඩු සමාගම් වල පැත්ත ගන්න හැටියි ගැන අල්ජසිරා documentry එකක්.
    ( අල් ජසිරා එකෙත් ඉන්නෙ වාමාංශික මෝඩයින්ද කියල ඇත්තටම මම දන්නෙ නැහැ )
    දැනුම ගන්න නම් අවශ්‍ය ගූගල් සරච් එකක් කලාම ඕනෙ තරම් මේ වගේ නිදසුන් ඔබතුමාට ලැබෙයි.නමුත් ඔබතුමාට දැනුම ගන්න ඕනෙ කමක් නැහැ තියෙන්නෙ තමුන් මුදුනා කියල ප්‍රසන්ට් මාර්ක් කරගැනීමේ පොඩි ආසාවක් කියල අපි දන්නව.ඔබේ ආසාවට අපේ උපහාරය!

    ReplyDelete
  35. It’s funny to find out just how many different sites the internet has on this subject. :)

    You nicely summed up the issue. I would add that this doesn’t exactly concenplate often. xD Anyway, good post…

    ReplyDelete