Saturday, May 8, 2010

ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි


1

ක්‍රිෂාන්ති කුමාරස්වාමි යාපන ප්‍රදේශයේ ජීවත්වූ තරුනියකි.අපොස සාමාන්‍ය පෙල විභාගයෙන් සාමාර්ථ 7ක් සහිතව සමත් ව සිටි ඇය උසස් පෙල සදහා විද්‍යා විෂයන් හදාලාය.
1996 සැප්තැම්බර් 07 වන දින ඇය පාසල වෙත නික්මුනේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම සදහාය.පිලිතුරු ලියූ ඉක්බිති සිය පා පැදියෙන් මිතුරියක බැලීමට ඇය පිටත් වූවාය.අතරමගදී කයිතාඩි හමුදා මුරපොලේදී ඇයව රදවා ගනු ලැබින.පස්වරු 2ට ඇයව හමුදා භාරයට ගනු මග යන එන කිහිප දෙනෙක් විසින් දක්නා ලදී.
එසේ දුටූවෝ ඇය හමුදා භාරයට පත්වූ පුවත ඇගේ මවට දන්වනු ලැබීය.කයිතාඩි මහා විද්‍යාලයේ උප විදුහල්පතිනිය ලෙස සේවය කල 59 හැවිරිදි රාසම්මා කුමාරස්වාමිගේ සැමියා පිලිකා රෝගයට ගොදුරුව කලකට ඉහතදී මිය ගොස් තිබුනි.සිය දහසය හැවිරිදි පුත්‍රයා වූ පරවනන් හා අසල්වාසියෙක් වූ 32 හැවිරිදි සිතම්පරම් සමග සිය දියනිය සෙවීම උදෙසා රාසම්මා කුමාරස්වාමි සිය නිවසින් හමුදා කදවුර වෙත පිටත් වූවාය.
දවස අවසාන වීමට ප්‍රථම මේ සියල්ලෝ අතුරුදහන් වූහ.

අතුරුදහන් වූවෝ යලි මතු වූයේ දින 45ට පසුවය.
හමුදා පරිශ්‍රය අසල නොගැඹුරු මිනී වලකින් සිවුදෙනාගේ සිරුරු ගොඩගන්නා ලදී.පලල් කඹයකින් ගෙල සිරකරනු ලැබ රාසම්මා කුමාරස්වාමි මාතාව මරා දමා තිබුනි.සිතම්පරම්ගේ සිරුර එවැනිම කඹයකින් වෙලනු ලැබ හුස්ම හිර කොට ඝාතනය කොට තිබුනි.ක්‍රිෂාන්තිගේ හා ඇගේ දහසය හැවිරිදි සොයුරාගේ මල සිරුරු කෑලි කෑලි වලට කපා දමා තිබුනි.

පසුව සාක්ෂි වලින් හෙලි වූ පරිදි හමුදා භාරයේදී ක්‍රිෂාන්ති සොල්දාදුවන් සය දෙනෙකු අතින් සාහසික ලෙස දූෂනයට ලක්වී තිබුනි.රංචු ගැසී දූෂනය කිරීමක (gang rape ) ගොදුර බවට විභාගය අවසන් කොට ගෙදර එමින් සිටි මෙම තරුනිය පත්විය.
සය වෙනි සෙබලා සිය අවස්ථාව අර ගැනීමට පෙර - ඒ වනවිටත් පස් වරක් දූෂනයට ලක්ව හෙම්බත්ව සිටි තරුනිය වතුර පොදක් බීමට ඉල්ලා තිබේ.
"කරුනාකර විනාඩි පහක් මට පාඩුවේ ඉන්න අරින්නැයි" ඇය හය වෙනි සෙබලාගෙන් ඉල්ලූ බවද හෙලිදරවු විය.
ඇය මරා දැමුනේ ඉන් පසුවය.


2

තුන්වන ගැමුනු බලකායේ ලුතිනන් ඒ.විජේසූරියගේ අන මත අමරදාස රත්නායක නම් සොල්දාදුවාගේ වෙඩි පහර කාගෙන කතරගම නගර මධ්‍යයේ ප්‍රේමවතී මනම්පේරි බිම ඇද වැටුනේ ක්‍රිෂාන්තිගේ මරනය වීමට වසර 25 ට පෙර 1971 දීය.
මිය යාමට පෙර දින අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රේමවතී රැය පුරා හමුදා නිලධාරින්ගේ අඩත්තේට්ටම් කිරීමට ලක්ව සිටියාය.නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ නිරුවත් කරනු ලැබූ තරුනිය තිරශ්චීන ලෙස වෙඩි තබා මරා දැමීමට ලක්වූවාය.
පසුකාලීන නඩු විභාගයකදී මිනීමැරීමට තැත් කිරීම යටතේ ඒ.විජේසූරිය හා අමරදාස රත්නායක චෝදනා ලැබූ අතර චෝදනාවට වරදකරු කරනු ලැබ සිරදඩුවම් නියම විය.කෙසේ වෙතත් කතරගම ප්‍රදේශයේ "ත්‍රස්තවාදී" ක්‍රියා මැඩපැවැත්වීමට කල "සේවය" සලකා පසුව ඒ.විජේසූරියගේ දඩුවම ලිහිල් කරන ලදී.


3

ක්‍රිෂාන්ති කුමාරස්වාමි හා ප්‍රේමවතී මනම්පේරි යනු සංකේත දෙකකි.ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහසිකත්වයේ හා හිංසනයේ සංකේත දෙකකි.
රාජ්‍යය වූ කලී සංවිධානය වූ හිංසනයයි.සමාජයට "සේවා" සපයන අහිංසක ආයතනයක් ලෙස වෙස් ගන්වා තිබුනද රාජ්‍යයේ අභ්‍යන්තර සාරය බලහත්කාරයයි.හිංසනයයි.එය සෑම විටම එක්තරා සමාජ කන්ඩායමක,ස්ථරයක උවමනාවන් ආරක්ෂා කරයි.මතුපිට සැරසිලි ඉරා දැමූ විට අභ්‍යන්තරයේ පෙනෙන නිරුවත් ඇත්ත එයයි.
රාජ්‍යයේ අභ්‍යන්තර සාහසිකත්වය එලියට පනින්නේ රාජ්‍යයේ පදනම සැබැවින්ම අභියෝගයට ලක්වු කලය.රාජ්‍යය විසින් ආරක්ෂා කරන ප්‍රභූවේ පැවැත්ම සමාජයේ විවිධ කොටස් අතින් ප්‍රශ්න කෙරෙන කල රාජ්‍යය සිය වර්නවත් සලු පිලි ඉවතලා එහි උපන් ඇදුමින් පෙනී සිටී.
ලංකාවේ සිංහල කේන්ද්‍රීය ධනපති රාජ්‍යය අවස්ථා තුනකදී මෙරට බැහැර කරන ලද ජනකොටස් අතින් ප්‍රශ්න කිරීමට ලක්විය.71,88 හා ඊලාම් කැරැල්ල එම අවස්ථා තුනයි.අවස්ථා තුනේදීම සිය ව්‍යාජ "ප්‍රජාතන්ත්‍රවාදී" සලු පිලි උනා දැමූ රාජ්‍යය තමන්ව ප්‍රශ්න කිරීමට තරම් දිරිමත් වූවෝ බුල්ඩෝසර් කර දැමිමට සිය අවයව වලට විධාන දුන්නේය.හමුදාව නම් වූ රාජ්‍යයේ ප්‍රධාන අවයවය එම විධානය සියතට ගත්හ.

සිහලුන් වේවා දෙමලුන් වේවා - සාමාන්‍ය මිනිසා මෙම රාජ්‍ය අවයවයන් හට හුදෙක් ද්‍රව්‍යයයන් පමනි.මනම්පේරි ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කොට මරා දැමුනේ ඈ තුල මිනිස් සාරයක් ඔවුහු නොදුටු නිසාය.කුමාරස්වාමි මෙන්ම ඇගේ කුඩා සොහොයුරාද කෑලි කෑලි වලට කපා ගෝනි තුල වලලනු ලැබූයේ කුමාරස්වාමිලා ගනන් නොගත යුතු මිනිස් "කෑලි" වූ නිසාය.
මනම්පේරි හා කුමාරස්වාමි උතුරේදි මෙන්ම දකුනේදී අසාධාරනයට අතවරයට හා පෑගීමට ලක්වූ නම් දත් නොදත් දස දහස් සංඛ්‍යාත තරුන තරුනියන් අතුරින් සංකේත දෙකකි.ඔවුන් ඝාතනය කල "නියෝජිතයන්" දඩුවම් ලැබුවද නියෝජිතයන් හට විධානය පැවරූ රාජ්‍යය - එය අද උතුරද දකුනද යටකරගෙන ආඩම්බරයෙන් සිනාසෙමින් සිටී.

පශ්චාත් යටත්විජිත ලාංකීය ඉතිහාසය නැවත ලිවිය යුතුය.
එය ලිවිය යුත්තේ මනම්පේරිලා හා කුමාරස්වාමිලාගේ රුධිරයෙනි.ඔවුන් හෙලූ කදුලෙනි.
මෑත ඉතිහාසය යනු ඔවුනගේ ලේ කදුලු වල ඉතිහාසය මිස බන්ඩාරනායකලාගේ රාජපක්ෂලාගේ හෝ ප්‍රේමදාසලාගේ "දැහැමිකම" පිලිබද ඉතිහාසය නොවේ.

25 comments:

  1. Shall we write the history of the humane war lead by "Prabakaran"?

    ReplyDelete
  2. sahatika atta, "ape kammata ahan natuwa api mata patawu kala kannai kramaya hewath Sinhala bawudda rajyaya edath adath hetath apita kelinawooooooo"

    ReplyDelete
  3. පශ්චාත් ලාංකීය ඉතිහාසය යනු කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

    සිංහල ඉතිහාසය, දෙමළ ඉතිහාසය වෙනුවට ලාංකීය ඉතිහාසය ලිවීම වැදගත් ය. එහෙත්, ඒ ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ ව්‍යාපාරයක් තුළයි.

    ලංකාව යනු සිංහල ස්වෝත්තමවාදී දේශයක් වනතුරු ලාංකීය ජාතියක් බිහි නොවනු ඇත.
    -W3Lanka

    ReplyDelete
  4. @ editor

    printing mistake.පශ්චාත් යටත්විජිත ලාංකීය ඉතිහාසය යනුවෙන් නිවැරදි කරන ලදී :)
    පශ්චාත් යටත්විජිත ලාංකීය ඉතිහාසය විදිහට නිල වශයෙන් ස්ථාපිත කරවල තියෙන්නෙ ප්‍රභූ නායකයන්ගෙ කතාව.නමුත් මේ ප්‍රභූ නායකයන්ගේ "පෞරුෂයන්" හැදිල තියෙන්නෙ දකුනේ උතුරේ හැමතැනම දහ දුක් වින්ද පීඩිතයන්ගේ ශරීර මකින්

    ReplyDelete
  5. Lunatic fringe of Sri Lanka like JVP, ViKoSa, Boorubahu etc are doing rounds again. These social cancers still believe that communism will be back in this world one day, similar to the second coming. For these jokers, everything including gravity is caused by the dhanpathi to bring suffering to working class. Having not satisfied with day dreaming, these scumbags try to insult our soldiers who defended our nation with their eyes, limbs, blood, and lives. I hop that we will find permanent cure for this kind of social cancers.

    ReplyDelete
  6. Even after the criminals are punished this guy is still screaming. As per his view the govt who lead the forces is responsible for it. So what shud the govt do? Resign? Then after? Another govt will be formed. So what.

    World is not 100% transparent and 100% fair. Before criticizing the existing system it is important to put forward your solution.

    ReplyDelete
  7. @ sujeewa kokawala

    //even after the criminals are punished//

    අපරාධකරුවන් කී දෙනෙක් දඩුවම් ලැබුවාද?අපරාධ කීයක් සිදුවුනාද?සිදු වූ අපරාධ වලින් කීයක් වාර්තා වුනාද?මනම්පේරි සිදුවීම හා කුමාරස්වාමි සිදුවීම අපි දන්න සිදුවිම් දෙකක් විතරයි.තව කොයිතරම් ඝාතන සිදුවුනාද?ධර්මරත්නම් සිවරාම් ඝාතකයන්ට දුන් දඩුවම මොකක්ද?රිචඩ් ද සොයිසා ඝාතකයන්ට දුන් දඩුවම මොකක්ද?මේ ප්‍රසිද්ද චරිත.නාදුනන කි දාහක් පැහැරගෙන ගොස් වද දිම් සිදුවුනාද?පසුගිය කාලයේ කොළඹ නගරයේ දෙමල ජාතිකයන් අතුරුදහන් වුන ඒවා කීයක් අරභයා "නිතිය" ක්‍රියාත්මක වුනාද?මේ මොහොතේත් චෝදනා නැතිව කි ගනනක් රැදවුම් භාරයේ පසුවෙනවාද?
    හැමෝම කතාකරන්නේ නිකම් "ත්‍රස්තවාදය" ගැන විතරයි.රාජ්‍ය සාහසිකත්වය ගැන කසාය බිවු ගොලුවන් මෙන් නිහඩයි.
    රාජ්‍ය ත්‍රස්වාදයේ සැබැ මුහුනුවර ගැන කවුරු කතා නොකලත් ඒ ගැන අපි කතාකරනවා.‍මේ අපරාධ ගැන මතක් වෙනකොට ඒක හෘද සාක්ෂියට තරමක් අමාරුයි වගේ නේද?

    ReplyDelete
  8. Rama;

    At a time of a war lots of shit happen. To sum it up. The reason is not because of govt. It is because war cripples the society and someone has to win.

    In your theory straight out of biook style, none of the terrorists can be killed. They shud all be caught and either prosecuted or rehabilitated. Military forces are not needed, the police shud be only present. Rama this dream system cannot get going.

    There are four main kinds of killinga from a military in a terror war.

    1. terrorists, including warriors and other supporters. Tharaki falls into this clan. Their support maybe in diff ways.

    2. Mistaken for terrorists and supporters. There can be many such

    3. Inevitable and unintentional deaths.

    4. Taken advantage of war and deliberately killed for personal reasons.

    In my view 1,2,3 are inevitable. 4 is the crime you mentioned here, and they also rarely get punished.

    Rama, it is not an easy task to conduct a full investigation.

    This is common for all knowwn wars. ALthough you take two cases to generalize GOSL as a criminal or say, Sinhala Bauddha Govt in your words, I think ours is a lot fairer situ compared to teh wars else where.

    Such is teh known system of our goivernance. Now prey tell me your solution to this. W/o having a solution to Govt, we're unable to compare it for good or bad reasons.

    What is your alternative to a government? Pls come up with exampls too if you can.

    ReplyDelete
  9. "What is your alternative to a government? Pls come up with exampls too if you can."

    Separate state for NE exclusively for Tamils... at least a federal or quasi-federal state.

    The south should have no preference to Sinhalese or Buddhists. 50:50 representation (although non-democratic it is for making minorities happy.... right then we can make IC happy...)

    The list can go on such as removing the Lion from the flag... removing the Bo leaves from the flag.......
    Minorities can do anything because they belong to a minority and majority cannot say Sinhala or Buddhist in public......

    ReplyDelete
  10. @ sujeewa

    මිලිටරිය විසින් කෙරෙන ඝාතන ගැන ඔබේ වර්ගකිරීම තව සරල කරන්න පුලුවන්.
    1.යුද බිමේදී සංග්‍රාමිකව සිදු වන මරන
    2.යුද බිමෙන් පිටත සංග්‍රාමික නොවන ආකාරයට සිදු වන ඝාතන
    මින් (1) ගැන නෙමෙයි ප්‍රශ්නය මතුවෙන්නේ (2) සම්බන්ධව.
    බටලන්ද,එලියකන්ද වද කදවුර,ප්‍රේමවති මනම්පේරි,රිචඩ් ද‍ සොයිසා,සිවරාම්,යටත් වීමට ආ සිරකරුවන් මරා දැමිම,සුදු වැන් මේ සියල්ල (2) යටතට වැටෙන ඒවා.මේවා inevitable results කියල හිත හදා ගන්න පුලුවන්ද?
    88 රාජ්‍යය දකුනේ අරගලය බුල්ඩෝසර් කල ආකාරය කොයි තරම් භීෂනකාරී වුනාද කියල අපි දන්නවා.නිල නොවන ඝාතක කල්ලි හදාගෙන එවකට රාජ්‍යය ක්‍රියා කල ආකාරය ඉන්එවිටබල්ද?
    තාරකී මරනය සාධාරන නම් රිචඩ් ද සොයිසා ඝාතනයත් සාධාරනයි.මන්ද හේ මතවාදිව දකුනේ "ත්‍රස්තවාදීන්"ට සහය දැක්වූ නිසා.නමුත් යුද බිමෙන් පිටත කෙරෙන මෙවැනි extra judicial killings ශිෂ්ට සම්පන්න හා යුක්ති සහගත නොවන බවත් සාපරාධී බවත් පැහැදිලියි.වියට්නාම් ගම්මාන මත යුද්ධයේ නාමයෙන් නාපාම් බෝම්බ අත් හල එක අපි තවම හෙලා දකිනවා.ගුවන්තනමෝ රැදවුම් කදවුරු වල අමෙරිකානු හමුදා සෙබලුන් ඉරාක සිරකරුවන්ව වධයට පත්කල ආකාරවලට අපි විරෝදය දක්වනවා.ගුවන්තනමෝ ඛේදවාචකය හුදෙක් සොල්දාදුවන්ගේ පුද්ගලික වරදක් විතරද?සිරකරුවන් මිනිස් "කෑලි" "ත්‍රසතයන්" ලෙස හිතන්නට සෙබලු පුරුදු කල අමෙරිකානු රාජ්‍යයේ දෘෂ්ටිවාදය සතුව ඒ සම්බන්ධ වගකීමක් නැද්ද?
    ලිපියේ මූලික තර්කය වුනේ ලංකාවේ රාජ්‍යය පොදුජනයා කෙරෙහි දක්වන "කරුනාව" ව්‍යාජයක් බවත් එහි අභ්‍යන්තරය උද්දච්ච හිංසාකාරී එකක් බවත්ය.ඊයේ පෙරේදා කොම්පඥ්ඥ වීදියේ නිවාස ඉවත් කරද්දී රාජ්‍යය "අවයව" හැසිරුන ආකාරය නැවත සිහියට නගා ගන්න.අත්අඩංගුවට ගැනෙන සාමාන්‍ය පංතියේ සැකකරුවන්ට ( ත්‍රස්තවාදී සැකකරුවන් නෙමේ.මේ එදිනෙදා අය ) පොලිස් සිරකුටි තුලදී සැලකෙන ආකාරය කල්පනාවට ගන්න.මේක හුදෙක් යුද්ධය පිලිබද ප්‍රශ්නයක් නෙමෙයි.මේක රාජ්‍යයේ ස්වභාවය ගැන ප්‍රශ්නයක්.

    යුද්ධයේදි විකල්පයක් ගැන ඔබ අහන ප්‍රශ්නයට දෙන්න තියන සරලම උත්තරය තමයි හිංසනය ආත්ම කරගත් පීඩාකාරී රාජ්‍යයකට "විකල්ප" දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ කියන එක.දකුනේ හා උතුරේ කැරලි ඇතිවෙන්නේ රාජ්‍යය එහි පදනමින් එම සමාජ කොටස් බැහැරකරන ලද නිසා.රාජ්‍යය විසින් බැහැරකල,කොන්කල,සමාජ ජීවිතයෙන් පලවා හරින ලද කොටස් තමයි 71දී 88දී හා උතුරෙදි කැරලි ගහල නැගිටින්නෙ.තල වපුරල මුං ගන්න බැහැනෙ.තමන් සමාජය මත එල්ල කල පිඩනය නිසා සමාජ කොටස් තමන්ට එරෙහිව නැගී සිටින කොට "දැන් අපි මොකද කරන්නේ" කියල අපෙන් අහල හරියන්නෙ නැහැ.හැමෝටම සාධාරන විදිහට සැලකෙන විදිහට රාජ්‍යයේ ස්වරූපය reform කරගන්න.එතකොට කැරලි ඇතිවෙන එක නතර වේවි.

    ReplyDelete
  11. Reply to each case is too long. Let me summarise.

    - I cannot agree for your second classification. It has diff elements. SOme shud be killed. Some it is inevitable and some others shud not be killed.

    - I think Tharaki/Sivaram was a supporter of LTTE and used his media for the movement. Also I believe he did lobbying for them. I have no trouble seeing them eliminated. Every terrorist is not holding a weapon. And one with pen is more powerful.

    - Rama I dunno much about Richard to judge him. If you're right that he supported the armed rebellion of JVP it is right to eliminate him.

    - In a war the greatest thing to do it is to finish it ASAP. Longer it continue the death and destruction is higher. If you can eliminate it ASAP with minimum cost that will save most life and property.

    - I am not sure abut white flag story. Too much confusion. Let me assume the theoretical possibuility of it, and answer. It was very very right. They were misusing white flags obviously. They had enough and more time to surrender. They kept on sacrificing forced children until shit hits the ceiling and suddenly the white flag to save their arse. What about poor kids whom they sacrificed as cannon fodder. It was so unfair if we let them go. And that wud just result in continuation of teh same war. So if this is true, it was very right.

    - No govt is fair Rama. Question is what is teh alternative. Can you give one example? There is none. Attempts of Marxism ended up in worst totalitarian and dictator regimes. It is a good example taht these theories are unrealistic in human society.

    - It is not because the system is messed by existing govts taht you cannot give a solution. There is no realistic one. All are fairy tales that you have.

    - LTTE is not primarily caused by class struggle. Core reasoin is having segregated populations and them causing a racial gap. On top of taht there are political agitations fooling, brain washing, myth and nonsense etc. If we eliminate taht core reason only it can be eliminated. There is no other alternative.

    ReplyDelete
  12. "I think Tharaki/Sivaram was a supporter of LTTE and used his media for the movement. Also I believe he did lobbying for them. I have no trouble seeing them eliminated. Every terrorist is not holding a weapon. And one with pen is more powerful."
    i don't understand why rama is arguing these people about war crimes or any other thing. one day they will learn their own lesson.

    ReplyDelete
  13. gadflyzone;

    Standing for one SL is not racism. Supporting one race, be it whatever, and highlighting it alone is racism.

    Think further and you can find the true racists among us.

    ReplyDelete
  14. yes, we can find them . racists are the ones who wants to eliminate people for their ethnicity .

    ReplyDelete
  15. racists are the ppl who want to treat ppl [treat = good/bad] based on ethnicity. I have never called for such action. But see how some of you explicitly represent Tamil racism here.

    ReplyDelete
  16. i represent humanity, i represent people who suffer in the hands of racists( sinhala, tamil or muslim racists). I simply don't understand how can a person say things like " this man should be kiled because his writings support tmils" etc. it is worse than racism. it is called barberism.

    ReplyDelete
  17. gadflyzone;

    If one's free writing unintentionally supports a terror movement I do not call him a terrorist. Question is deliberate propaganda, and more than that.

    Our judgement of anyone is based on what we gather about teh one. I am believing that none of us belong to secret services to have first hand info.

    On that basis my understanding on Tharaki is that he deliberately wrote to highlight toger terrorists, had some part in tamil terrorist's fake story services [like tamilnet] and worked on lobbying for terrorism.

    On that basis I think he shud be eliminated.

    Representing humanity does not mean that you cannot agree on eliminating a human cancer.

    ReplyDelete
  18. i do not call living people as human cancers.i think you can invent a that type of theory to agree with the eliminating of so called " human junk" in cities.

    ReplyDelete
  19. @ sujeewa kokawala

    well some months back you called thissanayagam a terrorist and a "cancer" but your own patriotic president has released him.So if he is a bloody terrorist suppoter why did he released thissanayagam?
    This is ironic.
    We condemn the LTTE for their killings of surrendered police people ( 90 s) on the basis that it is an unethical act.Though they were police people ( representatives of the GOSL) they in the particular moment were outside the battlefield and in such an occasion such a killing is obvioiusly a criminal act.
    Tharaki's assasination is the same.If he "supported" so called terrorism there are legislative measures which can be taken against him.an extra judicial killing is not an answer at all.It's an barbaric action.
    Expressing an idea is one thing.Bombing is another thing.Thraki didnt hurt one single human soul.So it's only a hard core racist who can justifie suhc an assasination.

    ReplyDelete
  20. Re: Tissa-N

    I think he is a tiger supporter in the basis that it was proven in the legal system. However I was one who suspected his side and how serious they fought the legal case. In other wairds I still SUSPECT that Tissa-N case is something like Chandraprema's interpretation of Prageeth affair.

    If he was a terrorist supporter president' pardon is not acceptable. I do not stand by the policies of president. I see lots of problem s in his policies. His worthless effort to win hearts of separatists is one.


    Re: Terrorists in civil suits.

    Elimination of such is essential. If teh existing legal systems can proceed effectively yes we shud try it. Problem is that some can live in disguise. During war times the actions have to be rapid. Note it is not normal days. War is on. Elements that effectively support war and plot more in that shud be eliminated be it whatever means. It is the baseline of war.

    And that idea may earn me few other names from your socialist old books, which I care for rats. But the call racist [which I care for same rats] does not show any connection. May be you shud look back at the old book.

    Re: Social cancers

    In a serious time of war you have no choice in eliminating these. I did not classify poor ppl who live on roads as such . It maybe your dream for others [in other side of yur imaginary lines] to do so. I called some cancers as they spreaded ideas evil to society. If not eliminated they would continue the brain wash, logistic support, disinformation, lobbying and plotting for such elements.

    Note that the pens of your great man Tharaki only increased more abductions of poor school kids to be sacrificed. They did it by enhancing teh grand machine that continued to do so. It wasn't mere unintentional truth reporting but deliberate terror support.

    Such social cancers whom spread teh fire of war have to be eliminated during war if you wish to end the war.

    Tackling such in normal times is different.

    ReplyDelete
  21. //Such social cancers whom spread teh fire of war have to be eliminated during war if you wish to end the war. //

    එතකොට යුද්දයට ආවඩපු ඒක උඩ දාපු කීර්ති වර්ණකුලසූරියටත් කෙලෙව්ව නං ඒකත් හරි නොවැ බොස්?මොකද යුද්දෙ ප්‍රමෝට් කොරන්නෙ සෝෂල් කැන්සර්ස්නෙ.
    බොස්ගෙ තර්කෙ විදිහට යුද්දෙදි කොරන ඕනෙ දෙයක් සාධාරනයි.කොටි දෙමල කොල්ලො උස්සන‍ කොට ඒක ත්‍රස්තවාදය.එතකොට හමුදාව දෙමල අය උස්සන කොට?කරුණාගේ උදවිය එහෙම කරනකොට?ඒකත් ත්‍රස්තවාදය වෙන්න එපැයි.එතකොට බැලුවම කොටිත් කොරන්නෙත් ත්‍රස්තවාදී වැඩ.හමුදාවත් ත්‍රස්තවාදි වැඩ කොරන්නෙ.කොටි ත්‍රස්තවාදෙට බැකප් දෙන තාරකීගෙන් නඩු අහන්නෙත් නැතිව මරල දාන්න අයිතිය තියෙනව නම් ඕකම අනිත් පැත්තට ආණ්ඩුවෙ ත්‍රස්තවාදෙට උඩ ගෙඩි දෙන කීර්ති වර්ණකුලසූරිය වගේ පොරවල් මරල දාන්නත් කොටින්ට අයිතිය තියනව.මාර ලොජික් එකනෙ හැබෑටම.
    කොටි කරත් වැරැද්ද වැරැද්ද.ආණ්ඩුව කොරත් වැරැද්ද වැරැද්ද.තාරකීව නඩු අහල හිරේ දාන්න පුලුවන් කම තිබ්බනෙව උන්නැහෙ ත්‍රස්තවාදෙට සම්බන්ද නම්?ශිෂ්ට ආණ්ඩුවක් කොරන්න ඒනෙ එහෙමනෙ.වෙනකක් තියා හිට්ලර්ලගෙ පොරවලටත් නියුරම්බර්ග් වලදී දැම්මානෙ උසාවි.එහෙම ශිස්ට සම්පන්න වෙන්නෙ නැතිව ගල් යුගේ වගේ පාරවල් ගානෙ මිනිස්සුන්ට වෙඩි තියනව නම් ඒ වගේ ආණ්ඩුවක් ත්‍රස්තවාදි එකක් කියන එක නේද බොස් පැහැදිලි වෙන්නේ?

    ReplyDelete
  22. Pulasthi;

    When a terror group is waging war military has no choice but to stop it. Military did not do terrorist acts for KW to support terror.

    In a war there are reactive party who has no choice but to engage in it.

    It is not symmetrical.

    ReplyDelete
  23. @pulasthi
    You can’t wake a person who is pretending to be asleep

    ReplyDelete
  24. I just stumbled upon this article which made me very sad and shocked, just reading those stories once again. I would just leave this small poem about Nazi Germany as a response, in appreciation of the authors attempt to speak up.

    First they came for the Communists, and I didn’t speak up,
    because I wasn’t a Communist.
    Then they came for the Jews, and I didn’t speak up,
    because I wasn’t a Jew.
    Then they came for the Catholics, and I didn’t speak up,
    because I was a Protestant.
    Then they came for me, and by that time there was no one left
    to speak up for me!

    ReplyDelete