Thursday, April 8, 2010

ලංකාවේ ජාතික ධජය - අර්බුදයක සංකේතයක් වශයෙන්


අවවාදය- මෙය ජාතික ධජය පිලිබද ඊනියා "අපහාසයක් නොවේ".ඒ පිලිබද කෙරෙන දේශපාලන විශ්ලේෂනයකි.දේශපාලන විශ්ලේෂන බුද්ධිමය ලෙස භාරගත නොහැකි ජාත්‍යන්ධයන් මෙය නොකියවත්වා!

ලාංකිකයන්ට ආරම්භයේ සිටම ලංකාවේ ජාතික ධජය පිලිබද පොදු සම්මුතියක් නොපැවතින.ඇත්ත වශයෙන්ම ලංකාවේ ජාතික ධජයේ ඉතිහාසය පිලිබද කතාව අපූර්ව අන්දමට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වාර්ගික ධ්‍රැවීකරනය පිලිබද කතාවට සමාන වේ.
ලංකාව ඩොමිනියන් පන්නයේ නිදහසක් ලැබීමට යන බවට වූ පුවත සත්‍යයක් යැයි හැගෙන්නට වන් කාලයේ සිටම "අභිනව" රාජ්‍යයේ ජාතික ධජය කවරක් විය යුතුද යන්න ගැන දේශපාන කවයන් තුල සාකච්ඡාවන් මතු විය.40 දශකයේ අග භාගයේ මෙම සාකච්ඡාවන් වාද විවාද වලට පෙරලින.ජාතික ධජය කුමක්ද යන්න තීරනය කිරීමට ඩී ඇස් සේනානායක කමිටුවක් පත් කල අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජධානියේ සංකේතය වූ සිංහ ධජය ජාතික ධජය විය යුතු බවට එහිදී යෝජනා විය.
කෙසේ වෙතත් සුලු වාර්ගික දේශපාලකයන් මෙම යෝජනාව සම්බන්ධයෙන් එකගතාවයක් නොදැක්වීය.සිංහ සලකුන ධජයට යොදනවා නම් හින්දු ආගමේ පූජනීය සංකේතයක් වූ ගවයා ද ඒ සමගම ධජයට භාවිතා කල යුතු බවට ඇතැම් ද්‍රවිඩ පාර්ශවයන්ගෙන් යෝජනා ඉදිරිපත් වූ බව මෙම ලේඛකයා අසා තිබෙන කරුනකි.
කෙසේ වෙතත් නිදහස ලැබුවා යැයි කියන 1948 පෙබරවාරි 04 වන දා වනවිටද ජාතික ධජය පිලිබද අවසන් සම්මුතියක් නොපැවතින.1948 පෙබරවාරි 11 දින ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කරන දිනයේ බ්‍රිතාන්‍යයේ ධජය සමග සිංහ ධජය ඔසවන ලදී,අද තිබෙන ජාතික ධජයේ මූලික ස්වභාවය පිලිබද එකගතාවයක් ඇතිවන්නේ 1951 දීය.1951 මාර්තු 02 දා පත්කරන ලද විශේෂ කමිටුවක් විසින් දෙමල හා මුස්ලිම් ජාතින් නියෝජනය කිරීමට යැයි පවසමින් තැඹිලි පාට හා කොල පැහැති තීරු දෙකක්ද සහිතව සිංහ කොඩිය සංශෝධනය කෙරින.1972 මෙය තවදුරටත් වෙනස් වූ අතර "බෞද්ධාගම නියෝජනය කරන්නට" බෝ කොල හතරක්ද ධජයේ කොන් සතරට එකතු වී තිබුනි.
මේ සම්බන්ධයෙන් උපහාසාත්මක සදහනක් කල ( දැනට මැදිවියේ පසුවන ) ලේඛකයාගේ ද්‍රවිඩ ජාතික ඥාතියෙක් පැවසුවේ "අපි දන්නෙත් නැහැ.ඊළග දවසෙ උදේ ඇහැරිල බලන කොට ජාතික කොඩියට කොහෙන්දෝ බෝ කොල හතරකුත් එකතු වෙලා" යනුවෙනි.

ලංකාවේ ජාතික ධජය අතිශය සංකීර්න එකකි යන්න ගැන විවාදයක් තිබිය නොහැක.සිංහ රූපයේ කේශර වලින් ඥානය,ධ්‍යානය වැනි ගුනාංග පෙන්නුම් කෙරේ,සිංහයාගේ වලිගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්නුම් කෙරේ,නාසයෙන් බුද්ධිය (intelligence)නිරූපනය වේ ආදි වශයෙන් සංකේතමය ලෙස සංකීර්න අර්ථාවලියක් ජාතික ධජයට ලබා දී ඇත.සදකඩපහන වැනි නිර්මාන වල තිබෙන සංකීර්න අර්ථාවලිය සමග මෙය ඇතැම් විට සමාන කල හැක.කෙසේ වුවද මේවා සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් පැන නොනගී.
ගැටලුව පැන නගින්නේ ජාතික ධජය තුල ගැබ් වී තිබෙන වාර්ගික අසමානතාවය හා වාර්ගික ධ්‍රැවීකරනය පිලිබද සංඥාව මතයි.

ඉංග්‍රීසින් ඒමට පෙර ලංකාව යනුවෙන් "රාජ්‍යයක්" නොපැවතින.තිබුනේ එකිනෙකට හුදෙකලාව පාලනය වූ වැඩවසම් රාජධානි කිහිපයකි."අපි ලාංකිකයො" යන සවිඥානිකත්වය එවකට නොතිබුන අතර "අපි කන්දෙ රාජ්ජයෙ යටත් වැස්සො","අපි යාපන රාජධානියේ අය" ආදි වශයෙන් රාජධානිමය මානසිකත්වයකි එවකට පැවතුනේ.ලංකාව අවුරුදු 2500ක් පුරා "ඒකිය" රාජ්‍යයක් ලෙස පැවතින යන්න අමුම අමු ප්‍රලාපයකි."ඒකීය" රාජ්‍යය වූ කලී උත්පත්තියෙන්ම යුරෝපා ධනේශ්වර සංකල්පයකි.ධනවාදය කියන සමාජ ක්‍රමය ඒමට පෙර ලංකාවේ නොව ලෝකයෙ කොතැනකවත් "ඒකීය" රාජ්‍යය යනුවෙන් දෙයක් තිබුනේ නැහැ.තිබුනේ ප්‍රදේශ පදනම උඩ විසිරිලා සකස් වුන වැඩවසම් රාජධානි පමනි.
නිදසුනක් ලෙස මධ්‍යකාලීන ජර්මනියේ කුඩා කුඩා රාජධානි සිය ගනනක් තිබුනි.ඉන්දියාව යනුවෙන් රටක් නොතිබුන අතර අද ඉන්දියාව යනුවෙන් හදුන්වන භූමියේ රාජධානි සිය ගනනින් විහිදී තිබුනි.ලංකාව සම්බන්ධයෙන් ගත්තද එය එසේමය.ඉතිහාසය පුරා අද ලංකාව කියල හදුන්වන භූමියේ පැවතුනේ ප්‍රාදේශීය අනන්‍යතා මත හැදුන රාජධානි ගනනාවකි.

වැඩවසම් යුගයේ මේ හුදෙකලා භාවය වෙනස් කරන්නේ ධනවාදය කියන සමාජ ක්‍රමය විසින්.ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් වෙලද සම්බන්ධතා ඉල්ලා සිටිනවා.ප්‍රාග්ධනය ව්‍යාප්ත වෙන තරමටයි ධනවාදය පවතින්නේ.මේ හින්ද හුදෙකලා රාජධානි වෙනුවට විශාල භූමි කලාපයක් එකට එකතු කරන,එකට බදින විශාල මධ්‍යගත රාජ්‍යය ධනවාදයේ වර්ධනය එක්ක නිර්මානය වෙන්න පටන්ගන්නවා.කුඩා කුඩා රාජධානි තිබීම ධනවාදයට බාධාවක්.මේ නිසා ජර්මනිය වැනි රටවල කුඩා වැඩවසම් රාජ්‍යයන්ට එක් තනි රාජ්‍යයක් විදිහට එක්සත් වෙන්න ධනවාදය විසින් බලකරනවා.අමෙරිකානු භූමියේ තිබුන ජනපද රාජ්‍යයන් එක රාජ්‍යයක් විදිහට මධ්‍යගත කරන්නේ විශාල තනි වෙලදපොලක් පිලිබද ධනවාදයේ උවමනාව විසින්.
ලංකාව නැමැති වැඩවසම් දූපතට ධනවාදය පැමිනෙන්නේ අධිරාජ්‍යවාදීන් හරහා.ලංකාව එකිනෙකට හුදෙකලා රාජධානි ගනනාවකින් සමන්විත වීම ධනවාදයේ වර්ධනයට බාධාවක් වන බැවින් ධනවාදය විසින් මෙම රාජධානි යා කොට ලංකාව යන තනි මධ්‍යගත රාජ්‍යය නිර්මානය කරනවා.
මේ අනුව නලින් ද සිල්වා ඒකීය රාජ්‍යයේ නිර්මාතෘ ලෙස වන්දනාමාන කල යුත්තේ පරාක්‍රමබාහුව නෙමෙයි.රොබට් බ්‍රවුන්රිග්වයි!

ලංකාව නැමැති දූපතේ ලංකාව කියන ජාතික රාජ්‍යය නිර්මානය කලාට ධනවාදය මෙහිදී අසමත් වන එක තැනක් තිබෙනවා.ජාතිකත්ව විදිහට බෙදිල තිබුන මෙහි වැසියන්ගේ මානසිකත්වයන් "ජාතික" පදනමකින් එක්සත් කිරීමට අධිරාජ්‍යවාදීන් වගේම,අධිරාජ්‍යවාදීන්ගෙන් පසු මෙරට බලය ගන්න දේශීය ප්‍රභූ පංතියත් අසමත් වෙනවා.ඒ කියන්නෙ ලංකාව කියල ජාතික රාජ්‍යයක් හැදුනට ලාංකීය කියල "ජාතියක්" නිර්මානය කරගන්න ඉතිහාසය තුල නොහැකි වෙනවා.
මේ තත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වගේ දියුනු ධනවාදි රටක් සමග සැසදිය හැකියි.එම රටවල ස්පාඥ්ඥ භාෂාව,ඉංග්‍රීසි භාෂාව වහරන නා නා විද ආගම් අදහන විවිධ ජාතිකත්ව කොටස් ජීවත් වෙනවා.නමුත් මේ අනන්‍යතා තියෙන අතරේම අපි අමෙරිකානු ( we are american) කියන පොදු මනෝභාවය සාර්ථක ලෙස වර්ධනය වෙලා තියෙනවා.අඩුපාඩු මධ්‍යයේ වුනත් ඉන්දියාවේ මේ තත්වය සාපෙක්ෂව දකින්න පුලුවන්.
නමුත් ජාතිකත්ව හා ආගමික මනෝභාවයන් පිලිබද අගයන් ද්විතික කරමින් "ජාතික" මනෝභාවයක් ලංකාව තුල ගොඩනැගෙන්නෙ නැහැ.ඉංග්‍රීසින් ගෙන ගිය බෙදා පාලනය කිරිමේ ව්‍යාපෘතිය,මෙරට සිංහල හා දෙමල ප්‍රභූ පංතිකයන් තුල තිබුන නොදියුනු හා පසුගාමී මානසිතක්වය උඩ ජාතික ව්‍යාපාරයක් යනුවෙන් දෙයක් ගොඩනොනැගීම මේ තත්වයට හේතු වූ සාධක ලෙස නිරීක්ෂනය කල හැකියි.

ජාතික කොඩියේ අර්බුදයේ මූලය තේරුම් ගන්න අවශ්‍ය වෙන්නෙත් මේ පසුබිම තුල.
"ජාතික" ධජයක් නිර්මානය කල යුතුයි කියල යෝජනා වෙද්දි සංකේතයක් විදිහට නිර්දේශ වෙන්නෙ පැරනි "රාජධානියක" සංකේතය වුන සිංහ කොඩිය.ලංකාව කියන අභිනව රාජ්‍යයේ සංකේතය විදිහට එක්තරා වාර්ගිකත්වයක සංකේතය යෝජනා වීම කෙතරම් උචිතද යන්න කල්පනා කර බැලිය යුතුයි.අවසානයේදී සිංහයාට ධජයේ හතරෙන් තුනක පමන විශාල ඉඩක් වෙන්කොට සුලු ජාතීන් නියෝජනය කරන්න යැයි පවසමින් කුඩා තීරු දෙකක් ඒ වෙනුවෙන් ඉතිරි කර තිබෙනවා.මේ සංකේතයම වාර්ගික අසමානතාවය පිලිබද කදිම සංඥාවක් නොවන්නේද?
නේෂන් පුවත්පතට ලිපියක් සපයන විහංග පෙරේරා නැමැති ලේඛකයා වරෙක සිංහයා සුලු ජාතින්ගේ තීරු දෙක දෙස අසිපත මානාගෙන සිටීම මහ ජාතික අධිපතිවාදයේ සංකේතයක් බදු යැයි ඔහුගේ මිතුරෙක් උපහාසාත්මකව පවසා ඇති බව සදහන් කරනවා.තරමක අතිශයෝක්තියක් විය හැකි වුවත් ඉන් පැවසෙන කාරනයෙහිත් අර්ථයක් නැතිවා නොවේ!

ධජයට අනවශ්‍ය ආගමික අර්ථයක් දීම වැඩවසම් අගතීන් ඉක්මවීමට ලාංකීය දේශපාලනය අසමත් වුන ආකාරය පිලිබද තවත් කදිම නිදසුනක්.සිංහයාගේ වලිගයේ පවා තිබෙන්නේ බුදුදහම නැමැති එක් ආගමක අර්ථයක්.72 අලුතෙන් එකතු කල බෝ කොල සතර මෙතනදී කැපී පෙනෙනවා.එය අවශ්‍යතාවයක් මත එක්කල දෙයකට වඩා බහුතරයක් දෙනාගේ ආගමික හැගීම් කුල්මත් කර ජනප්‍රිය වාසියක් ගැනීමේ අදහසින් කල ක්‍රියාවක් යැයි සිතීමට තිබෙන කරුනු කාරනා වැඩියි.බුදු දහම යනු 70 %ක් දෙනා අදහන ආගම පමනයි.එම ආගම නොඅදහන තවත් 30 % ක් ( ඒ කියන්නෙ ලක්ෂ ගනනක් ) රටේ ජිවත් වෙනවා.එවැනි සන්දර්භයක එක් ආගමක් පමනක් අතිශය විශේෂ කිරිම අසමානතාවයක් නොවේ නම් අන් කවරක්ද?

විශේෂයෙන් දෙමල හා මුස්ලිම් ජනයා සමග කතාකරන විට ඔවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමානයක් ජාතික ධජය "ජාතික' අර්ථයකින් නොසලකන ආකාරය නිරික්ෂනය කරන්න පුලුවන්.තමන්ට අඩු තැනක් ලබාදෙන සංකේතාවලියක් තමන්ගේ සංකේතාවලියක් ලෙස පිලිගැනීමට ඔවුන් මැලිවීම ස්වභාවිකයි.සියලු දෙනාව එකග කරවා ගත හැකි සංකේතයක්වත් නිර්මානය කරගැනීමට නොහැකි වීම ලංකාවේ පසුගාමි ධනවාදය කෙතරම් දුර්වලද කෙතරම් අබ්බගාතද යන්න පෙන්වන විශිෂ්ට නිදර්ශනයකි.
ස්වකීය ඓතිහාසික කාර්යයක් වන ජාතික රාජ්‍යය නිර්මානය කිරීම හෝ සාර්ථක ලෙස කරගැනීමට අසමර්ථ වූ සමාජ ක්‍රමයක් වන ලංකාවේ ධනේශ්වර ක්‍රමය, අතිශය දුබල ක්‍රමයක් වශයෙන් ඉතිහාසගත කල යුතුය!

26 comments:

  1. 1. ටැබූ මෙන් නොව ජාතික කොඩිය විකෘති නොකර, එමගින් එයට අපහාස නොකර, බුද්ධිමය සංවාදයකට මුල පිරීම ගැන රාමචන්ද්‍රට ස්තූතිය පුද කරමි.

    2. ඉංග්‍රීසීන් පැමිණීමට පෙර ලංකාවේ රාජ්‍යයක් නොපැවතුනා යන්න බොරුවකි. දූපතක් වීම කරණකොටගෙන පහසුවෙන්ම සීමා නිර්ණය කළ හැකිව තිබිණ. ලංකා රාජ්‍යය දුර්වල වූ විට පැවතියේ රාමචන්දර් කියන පරිදි රාජ්‍ය කිහිපයකි. නමුත් ලංකාව එහි ස්වර්ණමය යුග පසු කරන විට තනි රාජ්‍යයක්ම විය. එය "ඒකීය" යන පදයෙන් හැඳින්වූවා නොවෙන්නට පුළුවන. නමුත් එය මුළුමුනින්ම මධ්‍යගත ආඥාවන් පිළිපදින පාලන ක්‍රමයක් නිසා ඉඳුරාම "ඒකීය" වන බව පෙනේ. ඉන්දියාව පව ස්වර්ණමය යුගයන්ගේ අති විශාල රාජ්‍යයක් ලෙස පැවතිණි. ජර්මනිය දියුණු වන්නට පටන් ගත්තේද ප්‍රෂියානු රාජ්‍යය ඇති වීමෙන් පසුය. එනිසා රාජ්‍ය වල උච්චතම අවස්ථාවල ඒවා පැවතියේ "ඒකීය" ලෙස බව පැහැදිලිය.

    ReplyDelete
  2. 3. ඔබ උදාහරණයට ගන්න රට ලංකාව සමග කොහෙත්ම නොගැලපෙන එකකයි. එක්සත් ජනපද යනු කවරදාවත් තනි රාජ්‍යයක් ලෙස පැවති බිම් නොවේ. ඔවුන්ට දීර්ඝ ඉතිහාසයක් ද නැත. එනිසා ගත යුතු උදාහරණ වන්නේ ජපානය වැනි රටකි.

    ඔබ මෙහිදී නහයෙන් අඬන්නේ සුළුජාතීන්ට ඉඩ දී ඇත්තේ 1/3 පමණක බවයි. නමුත් සුළු ජාතීන් මෙසේ කොඩියේ නියෝජනය කරන වෙනත් එකදු රටක් හෝ නැත. ෆින්ලන්තය, අයිස්ලන්තය, ස්වීඩනය ආදී රටවල වසන ජනය 100%ක් කතෝලික / ක්‍රිස්තියානි නොවෙති. නමුත් ඔවුන් මේ වනතුරු තම කොඩියෙන් කුරුසය ඉවත් කොට නොමැති අතර සුළු ජාතීන් සඳහා තීරුද වෙන් කර නොමැත. වේල්සයේ කොඩියේ ඇත්තේද මකරා පමණි. එහි සුළුජාතින්ගේ සළකුණු නැත. ඔවුන් එම වරම ඉල්ලන්නේත්, ඉල්ලුවාට දෙන්නේත් නැත. එබැවින් තේරුම් ගත යුතු වන්නේ රටක් සතු අතීත සළකුණු කොඩියට යොදන බව හා ඒවා යම් යම් අයට උවමනා විදියට වෙනස් කිරීම නොකළ යුත්තක් බවත්ය.

    4. ඔබේ මිතුරාගේ කතාව දුටුවිට මට සිනාව නවතවා ගත නොහැකිවිය. ඔහු වැනි ගොබිලන්ගේ ගතිය එවැනියි. හදිසියේ වත් සිංහයා අනෙක් පස හැරි සිටියේ නම් මේ ගොබිලා කියනු ඇත්තේ "සිංහයා සුලු ජාතීන්ට පුක පෙන්නනවා" ලෙසය.

    ReplyDelete
  3. @මිගාර
    සම්පූර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
  4. සිංහල බ්ලොග් අවකාශයෙහි කලාතුරෙකින් දැකිය හැකි ආකාරයේ විශිෂ්ඨ ලිපියකි. නොවැදගත් කාරණා කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස ලිපිය හා එකඟ වෙමි.

    වර්ගවාදී මුග්ධයින්ට උත්තර බැඳීමට කාලය වැය නොකරමි.

    මෙයද කියවන්න.http://karava.org/the_lion_myth

    උද්ධෘත කිහිපයක්.

    The third myth is that the legendary King Dutugemunu carried with him a banner with a sword bearing lion when he embarked on his campaign to defeat King Elara.

    However although Dutugemunu is the hero of the Mahavamsa , that great chronicle says nothing about a lion flag or a lion race. Those who believe this myth refer to a mural at the ancient Dambulla cave temple but they fail to realise that although the Dambulla temple is ancient, the particular mural is only about 200 years old and from the British period.
    _____________________________

    The three Kandyan flags "discovered" by Perera at the hospital were hopelessly faded and could be identified only by the name plates on the wall. Perera admits that the flags were too faded even to get a sketch from them. He says that he sketched the lion flag not by looking at the flag but from the identifying plaque on the wall. However the official colour copies of these flags procured by the crown agents for the Colombo Museum had been rejected by Perera saying they were inaccurate and useless. (Perera 3). In their place Perere chose the commercially designed and drawn spurious lion flag.

    __________________________________

    We can conclude from the above that the lion on the National flag of Sri Lanka is a spurious design. The lion on it is not traditional, not Singhalese and not authentic. It is a European heraldic Lion. The Lion flag was neither the "Great Standard" of the king nor the "Banner" of the king of Kandy. The "Great Standard" of the king of Kandy was the Sun & Moon flag of all Sri Lankan royalty. The only royal connections of the Lion flag is not as a Sinhala race flag, but as one of the many battle flags of the Karava royal race and as the flag of the Karava Singhe dynasty of Jaffna.

    ReplyDelete
  5. අදහසක්.

    මේ කොයිතරම් වැරදි, කොයිතරම් ගෝත්‍රික කොඩියක් වුවද එය වෙනස් කිරීමට මම යෝජනා නොකරමි. එහි ප්‍රතිඵල ඊට භයානක විය හැකිය. ජාතික කොඩිය මෙසේ වෙනස් කරමින් ගියොත් අවසානයේ රාජපක්ෂගේ මූණත් තහඩුව ඇති කොඩියක් 'ජාතික කොඩිය' වීමටත් බැරි නැත.

    එනිසා කළ යුත්තේ මේ කොඩිය ඔය තියෙන විදියට තියා ප්‍රාදේශීය මට්ටමේ කටයුතු සඳහා ප්‍රාදේශීය කොඩි භාවිතය දිරි ගැන්වීමය. මඟුල් ගෙදරකට හෝ පාසල් ක්‍රීඩා උත්සවයටක ජාතික කොඩිය ඕනෑ නැත. ප්‍රාදේශීය කොඩි භාවිතය තුළින් දෙමළුන්ට අවශ්‍ය නම් නන්දි කොඩිය භාවිතා කිරීමට ඉඩ සැලසේ. නමුත් රාජපක්ෂ වැනි සිංහල වර්ගවාදී 'ඒකීය' උන්මත්තකයකු හමුවේ මේවා පොතට සීමාවූ විසඳුම් පමණකි.

    ReplyDelete
  6. @ මිගාර

    //ලංකා රාජ්‍යය දුර්වල වූ විට පැවතියේ රාමචන්දර් කියන පරිදි රාජ්‍ය කිහිපයකි. නමුත් ලංකාව එහි ස්වර්ණමය යුග පසු කරන විට තනි රාජ්‍යයක්ම විය.//

    ඉතාම දුරලභ අවස්ථා එකකදී දෙකකදී ලංකාවේ බහුතර ප්‍රදේශ එක් පාලනයක් යටතට පත්වූ බව කිව හැක.එතනදීත් අද අප දකින ආකාරයේ මධ්‍යගත රාජ්‍යයක් නොවීය.තිබුනේ ප්‍රධාන රාජධානියකට අනෙත් රාජධානි කප්පම් ගෙවන ස්වරූපයකි.උදාහරනයක් විදිහට එක්තරා කාලයකදී කෝට්ටේ රාජධානියට උඩරට රාජධානිය කප්පම් ගෙවන ලදී,උඩරට පාලනය වුනේ වෙනම.කප්පම් ගෙවීමක් විතරක් වුනා.ඒක අද අපි දකින ආකාරයේ මධ්‍යගතවීමක් නෙමෙයි.හැරත් එහෙම අවස්ථා තිබුනේ අවුරුදු 2500ටම ඉතා සුලු ගනනක්.ඒවා ව්‍යතිරේඛ අවස්ථා.පොදු තත්වය වුනේ රාජධානි වෙන්ව පාලනය වීමයි.ඒක අපේ රටේ විතරක් වුන අමුත්තක් නෙමෙයි.වැඩවසම් යුගයේ ලෝකයේ හැමරටක්ම එහෙමයි.

    2.අයිස්ලන්තයේ හේ වේලසයේ තත්වයට වඩා ලංකාවේ තත්වය සම්පූර්නයෙන් වෙනස් බව වටහා ගනු වටී.ලංකාව නැමැති ජාතික රාජ්‍යය ගොඩනැගීමේදී එකිනෙකට මුලුමනින් වෙනස් අනන්‍යතා සහිත ජනවර්ග දෙකක් ඒකාබද්ධ කෙරෙනවා.මේ කාරනය මීට පෙර අපි විවාද කරල තියනවා.අයිස්ලන්තයේ ක්‍රිස්තියානි නොවන ජනවර්ගයකට තිබෙන අනන්‍යතාවයට වඩා අතිශය බලසම්පන්න පදනමක් දෙමල ජනයාට ලංකාවේ පවතිනවා.එවැනි තත්වයක් තුල එක් රාජ්‍යයක් ගොඩනගද්දි අනෙත් ජනවර්ගයේ සලකුනක් බලෙන් පැටවීම ස්වභාවිකවම ගැටුමකට මගක්.මෙතන කෙතරම් වාද කලත් වැදගත් වෙන්නෙ භූමියේ යථාර්තය.ජාතික ධජයට සුලු ජනවර්ග අතර තිබෙන පිලිගැනීමේ ගැටලුවක් තිබෙනවා කියන එක ඇත්තක්.ඒ අපි අසමත් වූ අවස්ථාවක්.

    ReplyDelete
  7. @ taboo subjects

    an interesting article.මට අහන්න ලැබිල තියෙන තව විග්‍රහයකට අනුව සිංහයා යනු නායක්කර් වංශික ගෝත්‍රික ධජයක සලකුනකි.කෙසේ වුවද මෙහි ඇත්ත නැත්ත මම නොදනිමි.වර්තමානයේ පරමත්වයට නංවා තිබෙන බොහෝ සංකේත වල ඉතිහාසය හාරවුස්සන විට නොගැලපෙන තැන් අපමන හමුවෙනවා.පොලොන්නරුවේ "පරාක්‍රමබාහු රජුගේ පිලිමය" යැයි වරදවා හදුන්ව පිලිමය හොදම උදාහරනයක්.

    තමන් ටෙලිප්‍රොම්ටරයෙන් දෙමල කතා කරන නිසා දෙමල ජනතාවට ප්‍රශ්නයක් නැතැයි හිතාගෙන ඉන්න පාලකයෙක් ජාතික ධජය ඵලදායී ලෙසකට වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කිරීම විහිලුවක් බව ඇත්ත.නමුත් ඉලක්කයක් ලෙස වඩා ශක්තිමත් ජාතික රාජ්‍යයක් ගොඩනැගීම පවතිනවා නම් මේ ධජය වෙනුවට වඩා දියුනු එකක් නිර්මානය කරගැනීම අනිවාර්යයක්.විශේෂයෙන් තිබෙන ධජය දෙමල මුස්ලිම් ජනයාගේ විශ්වාසය දිනාගැනීමට අසමත් වූ සන්දර්භයක එය වඩාත් අවශයයි.ධජය ගැන වගේම ගීතය ගැනත් යම් විවේචනයක් මට තියෙනව.90 දශකයෙන් පසු දකුනු අප්‍රිකාව වෙනස් වූ ආකාරයේ වෙනසක් මෙහිලා ආදර්ශයට ගත හැකියි.

    ReplyDelete
  8. කොතෙක් සාකච්ඡා කළ ද කොතෙක් දේශපාලන පරිවර්තනයන් සිදුවුවද රාජ්‍යය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගට ගැනීමට රාජ්‍යයේ සුක්කානම දරන පන්තිය උත්සාහ ගන්නේ නැත. ඒ නිසා රාජ්‍යය ගමන් ගන්නේ අගාධයටය. එහෙත් ලංකාවේ ධනේශ්වරයට රාජ්‍ය ‍රැක ගැනීමට තරම් ශක්තියක් නොමැත.

    ලාංකික පීඩිත පන්තිය ද ධනේශවරය මෙන්ම අවවර්ධිතයක් නිසා රාජ්‍යයේ අර්බූදය ඉක්මන් කර නිවැ‍රැදි සමාජ ක්‍රමයක් බිහිකර ගැනීමට තරම් හැකියාවක් ඊට නොමැත.

    ඒ නිසා සිංහල ස්වෝත්තමවාදී උද්දච්ඡ් රාජ්‍යයේ අර්බූදය පැන නගින්නේ මේ අභ්‍යන්තර නොගැලපීම තුළින් බව මම විශ්වාස කරමි.

    shan - Bumuthurunu

    ReplyDelete
  9. අර්ථයක් නැතත් හුදෙක් සම්මතය තුළින් යම් යම් දේ සංකේත බවට පත්වේ. මා අන්තැනක කීවාක් සේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා වන්දනය පසුව ස්කන්ධ/මුරුගන් දේව වන්දනාවට හැරේ. (කතරගම යන 'බැතිමතුන්' කී දෙනකු තමන් වඳින්නේ යුරෝපීය රටක අධිරාජයකුගේ නිරූපනයකට බව දන්නේද සැක සහිතය.) මෙසේම සිංහයාද, සිංහ කොඩියද, රචකයා යූ එන් පී කාරයකු වීම නිසා පමණක්ම 'ශ්‍රී ලංකා මාතා-පාලා යස මහිමා' ඉක්මවා ජාතික ගීය වූ 'නමෝ නමෝ මාතා'ද දැනටමත් අපේ සංකේත වී හමාරය. මේවා වෙනස් කරන්නේ නම් කළ යුත්තේ ඉතා පරිස්සමිනි. එසේම දැනට පවතින රාජ්‍ය තන්ත්‍රය තුළ එවැනි වෙනසක් ගැන කතා කිරීමට වත් මා අකැමැති, මීටත් අන්ත වර්ගවාදී සංකේත හඳුන්වා දීමට 'ඒකීය' මාන්දම්කාරයින්ට ඉන් ඉඩ ලැබෙන හෙයිනි. දැන් රටේ ඇත්තේ 'එකම ජාතියක්' නිසා තව දුරටත් කොඩියේ පච්ච හා රන්වන් තීරු පවත්වා ගත යුත්තේ මන්දැයි නලින් ද සිල්වා වැනි ජඩ වර්ගවාදියකු තර්ක නොකරතැයි අපට ඇති සහතිකය කුමක්ද?

    ReplyDelete
  10. "ඉතාම දුරලභ අවස්ථා එකකදී දෙකකදී ලංකාවේ බහුතර ප්‍රදේශ එක් පාලනයක් යටතට පත්වූ බව කිව හැක.එතනදීත් අද අප දකින ආකාරයේ මධ්‍යගත රාජ්‍යයක් නොවීය.තිබුනේ ප්‍රධාන රාජධානියකට අනෙත් රාජධානි කප්පම් ගෙවන ස්වරූපයකි"

    ඔබ පවසන්නේ අසත්‍යයකි. ශ්‍රී ලංකාව පසුගිය වසර 2000 තුළ අඩු ගනනෙ වසර 200 - 500ක් වත් එක්සේසත් රාජ්‍යයක් ලෙස පැවතිණ.

    නමුත් වැදගත් කරුණ එය නොවේ. එක්සේසත් රාජ්‍යය පැවතියේ වසර 100ක් ද 1000ක් ද යන්නට වඩා වැදගත් වන්නේ ලංකා රාජ්‍යය දියුණුතම වූයේ කොයි අවධියේද යන්න සොයා බැලීමයි. එවන් දියුණුතම අවධීන් එක් බලවත් පාලකයෙක් යටතේ එක්සේසත් රටක් තුල සිදු වූ බව පැහැදිලිය. අනෙක් අතට රාජ්‍යයේ අන්තම පිරිහීම සිදු වූයේ එය කැබලි වලට බෙදී ගිය විටය. එනිසා එක්සේසත් රාජ්‍යය වඩාත් වැදගත්වන්නේ මන්දැයි පැහැදිලි වනු ඇත.

    ReplyDelete
  11. අයිස්ලන්තය හෝ වේල්සය මා භාවිත කලේ උදාහරණ ලෙස පමණකි. වේල්සයේ ජීවත් වන වෙල්ෂ් නොවන ජාතිකයන් ගණන, ලංකාවේ දෙමළ ජනගහනයෙන් වෙනස් නොවේ. ඔවුන්ට ලංකාවේ දෙමළ ජනයා තරම්ම දිගු ඉතිහාසයක්ද ඇත. එසේ වුවත් වේල්සයේ ඉන්ග්‍රීසි ජාතිකයන් බහුලව ඇතයි කියමින්, වේල්ස කොඩියට සිංහයන් දෙදෙනා එක් කළ යුතු බවට එහි වසන ඉංග්‍රීසි ජාතිකයන් හඬ නගන්නේ නැත. මන්ද වේල්සය ගොඩ නැගූවේ වෙල්ෂ් ජනයා නිසා වෙල්ෂ් අනන්‍යතාවය එය බව, හා කොඩිය එය සළකුණු කල යුතු බව ඔවුහු පිළි ගනිති. ලංකාවේ තත්වයද මෙයමය. ලංකාවේ අනන්‍යතාව සිංහල බෞද්ධ එකක්ම වෙයි. එය දෙමළ හින්දු එකක් නොවේ. එනිසා කොඩියෙහි සිංහල ලකුනක් භාවිතය, රටේ අනන්‍යතාව දැක්වීමක් බව සුළු ජනයා තේරුම් ගත යුතුය.

    ReplyDelete
  12. // ලංකාවේ අනන්‍යතාව සිංහල බෞද්ධ එකක්ම වෙයි. එය දෙමළ හින්දු එකක් නොවේ. //

    සිංහල බෞද්ධ අනන්‍යතාවය "ලංකාවේම" අනන්‍යතාවය වෙනව කියන එක කෙතරම් බුද්ධිගෝචර ප්‍රකාශයක්ද යන්න සලකා බලන්න.සිංහල බෞද්ධ අනන්‍යථාවය අඩුම තරමින් සිංහල කතෝලිකයන්ගේ අනන්‍යතාවයවත් නෙමෙයි.සිංහල නොවහරන වෙනත් ආගමක් හා සංස්කෘතියක් තුල ජීවත් වෙන ලක්ෂ ගනන් ජනයාගේ අනන්‍යතාවය සිංහල බෞද්ධ යැයි පවසන්නේ කෙසේද?අනන්‍යතා බලෙන් ආරෝපනය කල නොහැක. ගැටුම් මතුවන්නේද අනෙකාගේ අනන්‍යතාවය පිලිනොගෙන තමාගේ අනන්‍යාතාවය අනෙකා මත බලෙන් පටවන්නට යාම හරහාය.

    කල යුතු වනුනේ රටේ සංස්කෘතික බහුවිධිත්වය පිලිගෙන ඊට අනුකූල ලෙස රාජ්‍යය හා රාජ්‍ය සංකේත නිර්මානය කරගැනීමයි.වඩා ප්‍රජාතන්තුවාදී ව්නනේද වඩා සාධාරන වන්නේද වඩා මානුශික වන්නේද ඇත්තම කියනවා නම් වඩා "බෞද්ධ" වන්නේද අනෙකාව ඉවසන,අනෙකාට ගරු කරන එවැනි ප්‍රවේශයකි.

    //ඔබ පවසන්නේ අසත්‍යයකි. ශ්‍රී ලංකාව පසුගිය වසර 2000 තුළ අඩු ගනනෙ වසර 200 - 500ක් වත් එක්සේසත් රාජ්‍යයක් ලෙස පැවතිණ. //

    වාර්තා කර තිබෙන ඉතිහාසයෙන් වැඩි කාලයක් ලංකාවේ මධ්‍යගත පාලනයක් නොතිබුන බව ඔබම පිලිගන්නවා.මම කියන්නේ ඒ කාලය තුල තිබුන "එක්සත්කම" කියන්නේ නූතන අර්ථයෙන් අපි කතාකරන මධ්‍යගතභාවය නෙමෙයි.පරාක්‍රමබැහු යාපනය රාජධානිය යටත් කරගත්තා කියන එකේ අදහස යාපන රාජධානිය තම්නට කප්පම් ගෙවන තත්වෙකට පත්කරගත්තා කියන එක.එහෙම නැතිව යාපන වැසියො අපි ලංකා රාජ්‍යයේ අය කියල කවදාවත් කීවෙ නැහැ.ඒ කාලේ උඩරට වැසියෝ අපි කන්දෙ රජ්ජුරුවන්ගේ රට වැසියො කිව්ව මිස අපි "ලාකික වැසියො" කියල කීවෙ නැහැ.ඒක ස්වභාවිකයි.එක කේන්ද්‍රයකින් තිරන ගන්න තනි මධ්‍යගත රාජ්‍ය සංකල්පය ධනේශ්වර යුගයේ ආරම්භය එක්ක ආපු එකක්.දිවයිනටම බලපාන එක ව්‍යළුස්ථාදායකයක් එක නීතියක් එක විධායකයක් සහිත මධ්‍යගත ඒකීය ලංකා රාජ්‍යයක් ගොඩනැගුවෙ බ්‍රිතාන්‍යයන්.අපි කොච්චර නැහැ කියන්න දැගලුවත් සත්‍යය වූ කලී එයයි.

    ReplyDelete
  13. /එක්සේසත් රාජ්‍යය පැවතියේ වසර 100ක් ද 1000ක් ද යන්නට වඩා වැදගත් වන්නේ ලංකා රාජ්‍යය දියුණුතම වූයේ කොයි අවධියේද යන්න සොයා බැලීමයි. එවන් දියුණුතම අවධීන් එක් බලවත් පාලකයෙක් යටතේ එක්සේසත් රටක් තුල සිදු වූ බව පැහැදිලිය./

    උපන් රටේ නිවැරදි ඉතිහාසය නොදැන්ම හා විචාර බුද්ධියක් නොමැතිවීම හැම වර්ගවාදියකුටම පොදු ලක්ෂණ දෙකකි. ඇත්තටම මොවුන් වර්ගවාදීන් වන්නේ එනිසාය. මහාවංශ මානසිකත්වයේ සිරවී ස්වයං වින්දනය ලබන අතරම අනෙකුක් සියළු ජාතීන් පාගාගෙන සිංහලයා දිග් විජය කළ යුතු බවට මොවුන් සිතන්නේ එහෙයිනි.

    ලංකා ඉතිහාසයේ දියුණුතම යුගය අවිවාදිතව 1831 සිට 1948 දක්වා කාලයයි. මේ වර්ගවාදියාගේ නිගමනය අනුව අප නැවත 'ඒකීය' වෙනවා මදිවාට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ද විය යුතුය, දියුණු වන්නට නම්.

    ReplyDelete
  14. "උපන් රටේ නිවැරදි ඉතිහාසය නොදැන්ම හා විචාර බුද්ධියක් නොමැතිවීම හැම වර්ගවාදියකුටම පොදු ලක්ෂණ දෙකක"

    "ලංකා ඉතිහාසයේ දියුණුතම යුගය අවිවාදිතව 1831 සිට 1948 දක්වා කාලයයි."

    ජාතිවාදී, ජාතික වාදීන් හා අවජාතකවාදීන් ලෙස තුන් කොටසක් වෙසෙති. මෙය අවජාතකවාදියකුගේ ලකුණු ඉඳුරාම පවසන සටහනකි. "දියුණුව" යනු කුමක්ද කියා බැලීමට පෙර, ඉතිහාසය විකෘති කරන මෙබඳු අවජාතකවාදීන්ගේ නිරුවත පෙන්වා දිය යුතුය.

    යටත් විජිත චින්තනයට ආවඩන අවජාතකවාදීන් ගෙන එන පුස් තර්කයක් වන්නේ ඉංග්‍රීසීන් අප රට දියුණු කළ බවයි. අප රටේ හැම දෙයක්ම ඔවුන් තැනුවේ සූරා කෑමටය. සූරා කෑ ධනය අප සතු වීනම් අද අප දකුණු කොරියාව මෙන් දියුණු ජාතියක් වනු ඇත. ඉතිහාසය නොදැන මෙරට අතීතයේ නොදි‍යුණු රටක් වී යයි ගෙඩි පිටින් බොරු අතහරින ටබූ මෙරට ධනය සොයා අරාබීන් හා යුරෝපීයන් ආවේ මොන උලවුවටදයි සඳහන් නොකරයි. මෙරට අතීතයේ ලොව දියුණුතම රාජ්‍යයන් අතර එකක් විය. එය නැත කියන්නේ අවජාතකවාදීන් පමණි

    ReplyDelete
  15. හොඳ ඇස විවර කරවන විචාරමත් ලිපියක්. එහෙත් ඔබ විසින් දැක් වූ "වැඩවසම් රාජ්‍යයන්" සමූහයක් පිළිබඳ අදහසට මගේ එකඟතාවක් නැත. ඉතිහාසය දෙස බලන විට විවිධ වූ දෘෂ්ටිකෝණයන්ගෙන් ඒ පිළිබඳ බැලිය හැකි ය. එහෙයින් ඔබ දැක් වූ අදහස ඉතිහාසයේ එක් පැති කඩක් පමණක් ප්‍රකාශ වේ. කෙසේ වෙතත්, හොඳ ලිපියක්! මා ද ලංකා කොඩියේ තීරූ පිළිබඳ වැඩි ප්‍රසන්නතාවක් නැත. එය ඔබ කී ලෙස වර්ගවාදී, ජාතිවාදී ඩ්‍රෑවීකරණයකි.

    මේ පිළිබඳ කල්පනා කරන විට, මෑතක දී, ඉරාන් වික්‍රමරත්න විසින් දැක් වූ අදහසක් නොකියා ම බැරි ය. ඔහු ජාතීන් සමෝදායනය සඳහා ආකෘති දෙකක් දැක් වූ වා. පළමු වැන්න ඔබ කී ලෙස ඇමරිකන් ආකෘතිය හෙවත් "දියවන හැලිය" (මෙල්ටින් පොට්) ආකෘති ය. මෙහිදී විවිධ ජාතින් වාර්ගයෝ එක හැලියකට වැටී ඔවුන්ගේ අනන්‍යතාවන් හා වෙනස් ගති ලක්ෂණ දියාරූ වී, දිය වී ඒ හැලියෙන් එක් පොදු අනන්‍යතාවක් ඇති ව මතු වේ. ඒ ඇමරිකානුවන් ය. දෙවන ආකෘතිය අප්‍රිකානු දෙදුනු ආකෘතිය හෙවත් විවිධත්වය තුළ එකත්වය යන සංකල්පය යි. මෙහිදී වාර්ගික හා ජාතික වෙනස්කම්, අනන්‍යතා සංස්කෘතික ලක්ෂණ පිළිගන්නා අතර ම, එකී වෙනස්කම් රාශි එක් වී දේදුන්නක් සේ අලංකාර ඒකත්වයක් විදහා දක්වයි. මේය ලංකාවට වඩා උචිත ආකෘතියක් ලෙස මගේ දෙමළ මිතුරන් දක්වා සිටියා.

    කාලයකට පසුව අද මා ඡන්දය, ප්‍රජාතන්ත්‍රවාදය හා දෙමළ ප්‍රශ්නය පිළිබඳ ලිපියක් ලීවා. රාමචන්ද්‍ර මිතුර, ඒ ගැන ඔබගේ අදහස් දැන ගන්නට කැමතියි:

    http://sathdina.blogspot.com/2010/04/blog-post.html

    ඔබ‍ගේ වටිනා අවධානාත්මක ලිපියට ස්තූති යි!

    ReplyDelete
  16. පශ්චාත් යටත්විජිත ලංකාවේ රාජ්යය ගොඩනංවා ගැනීමේ දී එරට වසන සැම ජනකොටසකටම මේ මාගේ රාජ්යයි යන හැඟීම ඇතිවන පරිදි එය කරගැනීමට අප අසමත් වී ඇති බව ගැන වාදයක් නෑ. ජාතික කොඩිය සකසාගැනීම තුළ මෙය සිදු වූ ආකාරය ගැන ඔබ ඉදිරිපත් කරන අදහස් ඉතාම වැදගත්.

    මිගාර සහොදරයා සිංහයා කොඩියට ඇතුලු කිරීම නිවැරදි සේ දැකීම ගැන පුදුම වන්නේ නෑ. ඒත් බෝ කොළ 4කුත් පසුව එයට ඇතුලු කළයුතු වූයේ ඇයි? එය කාගේ ඉල්ලීමක් ද?

    //ලංකාව එහි ස්වර්ණමය යුග පසු කරන විට තනි රාජ්‍යයක්ම විය//.

    මෙහි ස්වර්ණමය යුග යනු කාට ස්වර්ණමය යුග ද? උදාහරණයකට මහාවංසයට අනුව (ම.ව. 21 පරි.) ලංකා ඉතිහාසයේ නීතිය යුක්තිය සැමට සමානව ඉ‍ටු වූ උසස්ම පාලන සමය එළාර ගේ පාලන සමයයි. නමුත් එය අපට ස්වර්ණමය යුගයක් නොවන්නේ ඇයි. එවක ලංකාව තනි රාජ්යයක් නොවූ නිසා ද? එළාර දෙමළ වූ නිසා ද? අනෙක් අතට දු‍ටුගැමුණු සම්බන්ධයෙන් එන විස්තරයේ ඔහුගේ විශිස්ටත්වය ලෙස හුවා දක්වන්නෙ රට තනිපාලනයකට නතු කිරීම හා බුදු දහමට? (භික්ෂූන්ට) අනුග්‍රහ දැක්වීමයි. (මේ අනුග්‍රහ දැක්වීම කොතරම් බරපතල වුනා ද කියනවනම් සද්ධාතිස්ස මියගිය පසු ඊළඟට පාලකය වෙන්න ඕන කවුද කියල තීරණය කරන්න තරම් භික්ෂූන් බලවත් වෙනව). නමුත් මහාවංසයෙ කොතැනක වත් දු‍ටු ගැමුණු එළාර මෙන් නීතිය යුක්තිය පසිඳ ලූ රජෙක් ලෙස අගය කෙරෙන්නේ නෑ.

    මහපැරකුම්බා කාලෙත් ඔහොමයි. මහාවංස වාර්තාවට අනුව රට හරිම සව්භාග්යමත් මහපැරකුම්බා යටතේ. මිනිස්සු හරිම සතුටින් ජීවත් වුනා. අවාසනාවට මහපැරකුම්බා මියගියාට පස්සේ ඊළඟට බලයට පත්වෙන පාලකයා ගැන වාර්තාව මහාවංසේ ලියන්නේ වෙන කතුවරයෙක් (හාමුදුරුකෙනෙක්). එයා ලියනවා නව පාලකයට සිදුවුනා කියල විශාල ලෙස ධනය වැයකරලා මිනිසුන්ට තෑගිබෝග දෙන්න පෙර රජු (මහ පැරකුම්බා) කාලේ දුගී භාවයට පත් ජනයා නගා හි‍ටුවන්න.
    මහපැරකුම්බා දකුනු ඉන්දියාව ආක්‍රමණය කළ එක මහා ඉහලින් වාර්තා කළාට ඒ හමුදාවලට මොකක් ද වුනේ කියල කොතැනක වත් සඳහන් වෙන්නේ නෑ. නමුත් දකුණු ඉන්දියන් සෙල්ලිපිවල ඔවුන්ට සිදුවුනු දෙ කියැවෙනව.
    මේ තොරතුරු බැලුවම පේනව නේ ද ඔය කියන ස්වර්ණමය යුග හරිම ගැටලු සහගත බව.

    ReplyDelete
  17. අනෙක් කරුණ රාමචන්ද්‍ර සහොදරයා කතාකරන්නෙ ලංකාවේ නූතන රාජ්ජ්ය සම්බන්ද ප්‍රස්නයක්. මිගාර සහෝදරය එයට පිළිතුරු දෙන්න උදාහරණ ගෙන එන්නේ පැරණි රාජ්ජ්යයෙන්. මට එය ගැටලු සහිතයි. පැරණි රාජ්ජ්යය අනිවාර්යයෙනම රාජාණ්ඩු පාලනයක්. රජෙක් පත් වුනාම ඔහු මියයන තුරුම රජු. හොඳ වුනත් නැතත්. ඒ නිසා 'රජු දැහමි වේවා' (රාජා භවතු ධම්මිකො) කියල ප්‍රර්ථනා කරනව ඇර වෙන කරන්න දෙයක් ජනයාට තිබුනෙ නෑ. නමුත් අපි අද ඉන්නෙ එබඳු රාජාණ්ඩු කාලයක නෙවෙයි. නූතන රාජ්ජ්යයෙයි.
    පැරණි රාජ්ජ්යයේ විශිස්ටත්වය මනින්නේ කොතරම්නම් පාලනය මධයගත ද, කොතරම් විශාල භූමි ප්‍රදෙශයක් තෙක් ඒම පාලනය විහිදී තිබුනා ද, කොතරම් දැඩිව මද්යයේ පාලනය ඒ සමස්ත භූමිය තුළ පැතිර තිබුනා ද වැනි කරුණු මතයි. නමුත් නූතන රාජ්ජ්යයේත් විශිස්ටත්වය මනිනේ එම මිනිම් දඬුවලින් ද? හැකිතරම් මානව නිදහස, එකිනෙකාගේ ගවුරවය සහ අභිමානය උපරිමයෙන් ආරක්ෂාවීම, නීතිය හා යුක්තිය වැනිසාධක නේද අද වැදගත්. ඔය කියන අතීත රාජ්ජ්යයෙන් මෙකී කාරණාවලට ආදර්ශ ලැබෙනවා ද? මම දකින ලොකුම ප්‍රශ්නය තියෙන්නේ අපිට මෙකී අතීත රාජ්ජ්යය හා නූතන රාජ්ජ්යය ඒකක් නොව දෙකක් කියල වෙන් කරගැනීමට අපොහොසත් වීම. අපිට ඒක කරගන්න පුලුවන්නම් ප්‍රශ්නයෙන් භාගයක් විතරම ඉවරයි කියන එකයි මගේ අදහස.

    ReplyDelete
  18. හොද ලිපියක් රාමා,
    සම්ප්‍රදායික ගතිසිරිත් වල අන්ධානුසාරයෙන් ගැලී ඉන්නේ නැතිව ඒවා සමාජ තත්ත්වයන්ට සමාන්තරව වෙනසකට ලක්කිරීමට යොමුවීමම වැඩවසම් බවෙන් පිටතට ඒමේ ලක්ණයක්. ඒත් අවසනාවකට විකෘති ධනවාදයක් කරපිට පටවාගෙන යාම ගැන මේ ලිපියම උදාහරණයක් ලෙස ගන්න පුළුවන්.
    එංගලන්තය, වෙල්සය හෝ අයර්ලන්තය ජාතික රාජ්‍යයන් බිහිකරලීම පිළිබඳවත් ඉහත සඳහන් වුනා. සැබැවින්ම එතැනදි සිදුවූයේ සුළුජාතීන් මහජාතීයට අවශෝෂනය ‍කොට හෝ විනාශ කිරීම මඟින් මහජාතියට ගැලපෙන රාජ්‍යයක් ගොඩනැගීමයි. එතැනදි එක ජාතියක් එක් ජාතික රාජ්‍යයක් යන සංකල්පයයි තිබුනේ. නමුත් ධනේෂ්වර ප්‍රතිසංස්කරණ ගොඩනැගීමේදී අනන්‍යතා පිළිගෙන සාමුහික ජාතික රාජ්‍යයන් බිහිවුනා. එතැනදි තමයි විවිධ අනන්‍යතා යටතේ ජාතික රාජ්‍යයක් නිර්මාණය වුනේ. අයර්ලන්තය හෝ එංගලන්තය වගේ අපිත් එහෙම කරනව නම් කරන්න තියෙන්නේ සුළු ජාතීන් මහජාතීයට අවශෝෂනය කරන සමජාතීකරණ ක්‍රියාමාර්ගයකට යන එකයි. නලින් සිල්වාවාදී අදහසත් මම හිතන්නේ මෙ ආකාරයේ සමජාතිකකරණ ක්‍රියාමර්ගයකට යාමයි. මහජාතියට සියළු සුළුජාතීන් අවනතකොට ගෙන හෝ විනාශකොට තනි සංස්කෘතික අනන්‍යතාවක් ගොඩනඟා එමගින් ජාතික රාජ්‍ය ගොඩනැංවීමයි.

    ReplyDelete
  19. තමගේ මෝඩ තර්ක ඇස් පනා පිට බිඳවැටී කට උත්තර නැතිවූ වර්ගවාදියා නැවත පරණ සෙල්ලම් පටන් ගෙන ඇත. ඒ මඩ ගැසීම හා ලේබල් ඇලවීමය. උමතු වර්ගවාදීන්ගෙන් අන් කුමක් බලාපොරොත්තු වෙමුද?

    - Taboo

    ReplyDelete
  20. @පිටස්තරයා-2,

    වංශකතා යනු මෙරට රාජානුග්‍රහය ලද පූජක කණ්ඩායමක් විසින් කරන ලද, ප්‍රබන්ධය හා සත්‍යය අතර සීමාව සමහරවිට සිතාමතාම බිඳිනු ලැබූ පක්ෂග්‍රාහී ලියැවිලිය. සැබෑ ඉතිහාසය හැදෑරීමේදී මේවායේ එන කරුණු වල සත්‍යාසත්‍යතාවය වෙනත් තක්කාලීන මූලාශ්‍ර සමඟ සසඳා ගැලපේ නම් පමණක් පිළිගත යුතුය.

    - Taboo

    ReplyDelete
  21. මේ මාතෘකාව ගැන මගේ අදහස ඊයේ රෑ මා ලියූ බ්ලොග් සටහනේ සාකච්ඡාකරා. ඒක බලන්න.
    http://pitastharayablog.blogspot.com/

    සහෝදරවරු දෙන්නම (ටැබූ සහ මිගාර) සත්ය ඉතිහාසයක් ගැන විශ්වාස කරන හැඩයි. මටනම් එහෙම එකක් පේන්නේ නෑ. කණගා‍ටුයි. සත්ය ඉතිහාසය කියා යමක් තිබේ නම් ඔය දෙන්නාට එය දෙවිදියකට පේන්නේ කොහොමද? ඔය දෙන්නගෙන් කවුරු කියන එකද සත්ය ඉතිහාසය?.

    ReplyDelete
  22. @ පිටස්තරයා 2

    ඔබ මතුකරන ප්‍රශ්නය වැදගත් එකක්.ප්‍රශ්නය මට ඉලක්ක නොකලත් ඒ ගැන මගේ අදහස දක්වන්නම්.
    උදාහරනයක් විදිහට 2005 දී මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වෙනවා.2009 දී ඔහුගේ පාලනය යටතේ කොටි සංවිධානය සමුලඝාතනය වෙනවා.තව අවුරුදු 20 ක් ගියාම මේක ඉතිහාසය.මේ ඉතිහාසමය කරුනු (historical facts) "සත්‍යයයි". එහෙම නේද?

    "සත්‍ය ඉතිහාසයක් නොමැති වීඹ " යනුවෙන් ප්‍රශ්නය ගැනීම තරමක් අන්තයකට යාමක්.යථාර්ථමය වශයෙන් සිදු වූ කරුනු සහිත ඉතිහාසයක් තියෙනවා.

    ප්‍රශ්නය එන්නේ එම ඉතිහාසයික කරුනු වලට දෙන ලද "අර්ථකතන" මත ඉතිහාසය අගය කරන්නට යාම තුල.ඉතිහාසය "කියවන්න" වෙන්නෙ ඒ විදිහට දෙන ලද අර්ථකතන මත වීම නිසා මේ ප්‍රශ්නය අනිවාර්යයෙන් පැන නගින්නක්.
    ඉහත නිදසුනටම ගියාම 2009 කොටි සංවිධානය පරදින එක නූතන මහාවංශයක් ලියන කෙනෙක් වීර ක්‍රියාවක් විදිහට හදුන්වලා රාජපක්ෂ රෙජිමය "ශ්‍රේෂ්ඨ" රෙජිමයක් විදිහට නම් කරද්දි දෙමල ඉතිහාස කතා කාරයෙක් එම රෙජිමයම ජන ඝාතක දුෂ්ට එකක් විදිහට අර්ථකතනය කරන්න පුලුවන්.කොටි සංවිධානය පැරදවීම කියන "සැබෑ" කරුන දෙදෙනෙක් අර්ථනිරූඵනය කරන දෙආකාරය මත වාදභරිත තත්වයක් ඇති විය හැකියි.
    ඉතිහාසය ගැන අපිට කියවන්න වෙන්නේ මේ විදිහෙ විවිධ ආස්ථාන වල ඉදල කරපු අර්ථකතන හරහා.නමුත් "හදාරන්නෙක්ට" මෙම පරස්පර විරෝධී අර්ථ නිරුපන හරහා අවශ්‍ය නම් ඓතිහාසයික "කරුනු" වලට ප්‍රවේශ වෙන්න බැරි කමක් නැති බවයි මගේ හැගීඹ.

    ReplyDelete
  23. ඉතිහාසමය කරුනු (historical facts) තිබෙන බව මා පිළිගන්නවා. නමුත් ඒවා සීමා සහිතබවයි මගේ හැඟීම. යම් කාලයකට අදාල ඉතිහාසමය කරුණු අතරින් යම් සීමිත ප්‍රමාණයක් පමණයි අපි ඉදිරියේ ඇත්තේ. මෙය ඈත ඉතිහාසය සම්බන්ධයෙන් ගත්විට වඩාත් අදාලයි. එබඳු සීමිත 'සත්‍ය ඉතිහාසමය' කරුණු මත පිහිටා ගොඩනංවන ඉතිහාසයට "සත්‍ය ඉතිහාසය" කියා අවසන් නමක් දෙනවාටයි මම විරුද්ධ. එය සත්‍යය කියනවාට වඩා සත්‍යයේ අංශුවක් හැටියටයි මා දකින්නෙ.

    උදා: සීගිරි ගී සියල්ල සිංහලයි. එය සත්‍ය කරුණක්. ඒ මත පිහිටා එළඹිය හැකි නිගමණය විය හැක්කේ සීගිරිය නරඹන්න පැමිණි අය අතරින් ගී ලියූ අය 'සිංහල' බස කතා කළ අය වූ බවයි. එහෙත් සීගිරි ගී සිංහලෙන් ලියා ඇති බැවින් එවක සිංහල බස කතා කරන්නන් හැර අන් කිසි භාෂාවක් කතාකළ ජනයා මෙහි විසුවේ නැත කියා නිගමනයකට යාමත් එසේ නිගමනය කළ දේ සත්‍ය ඉතිහාසය කියා හුවා දැක්වීමත් මට ප්‍රශ්නකාරීයි. නූතන ඉන්දියාවේ නාගලන්තය මනිපූරය ආදී ප්‍රදේශවල වසන ජනයා ගැන කිසිම ලිඛිත ඓතිහාසික තොරතුරක් ලබෙන්නේ නෑ බ්‍රිතාන්‍යයන් පැමිනි කාලය වන තුරු. නමුත් ඒයින් අදහස් වන්නේ නෑ ඒ වනතුරු ඒම ජනයා ඒහි වාසය නොකල බව.

    මට වැටහෙන විදිහට මෙසේ සත්‍ය ඉතිහාසයක් ගැන කතාකරන බොහෝ දෙනා එසේ කරන්නේ තමන් මුලින් ගත් ආස්තානයක සිටයි. ඒ නිසාම ඔවුන්ට 'සත්‍ය ඉතිහාසය' වන්නේ හැම විටම තමන්ගත් ආස්තානයම නිවැරදි බව සනාත කරන ඉතිහාසයක්.

    මා දැඩිව අවධාරනය කරන්නේ අප ඉදිරියේ ඇති 'සත්‍ය ඉතිහාසමය කරුණු' වල ඇති සීමිත බවයි. එය අපි දැඩිව සිත්හි තබාගන්නවා නම් එයම වඩාත් 'සත්‍ය වූ ඉතිහාසයක්' දෙසට අපට ගමන් කරන්නට උපකාර වේවි යන්න මගේ පිලිගැනීමයි. එහෙත් එසේ ගොඩනගන ඉතිහාසයත් 'අවසාන සත්‍ය ඉතිහාසය' කියා නම් කරනවාට මම එකඟ නෑ.

    ReplyDelete
  24. 'සත්‍ය ඉතිහාසය' කියා අවසාන යමක් ගොඩනැංවීම අසීරු නිසා අතිහාසය යනු වැඩකට නැති දෙයක්ය කියා මා අදහස් කරන්නේ නෑ. එය ඉතාම වැදගත් සහ අදාලයි. එය තව තවත් හදාල යුතුයි. මා ප්‍රශ්න කරන්නේ එයට එළැඹෙන ආකාරයයි.

    ReplyDelete
  25. ජාතික ප්‍රශ්නෙ ඉතිහාස ප්‍රශ්නෙකට හැරිල වගේ. :-(

    කොහොම උනත් මට හරිම සතුටුයි මේ වගේ හිතන තරුණ පරම්පරාවක් blog කරණයට පිවිසීම ගැන. මොකද මම හිතං හිටියෙ මම විතරක් තනිවෙලා කියල. (බ්ලොග් නම් ලිව්වෙ නෑ මම)

    නරකද අපි මේ කතිකාව මීට වඩා පුළුල් විදියකට ගෙනිච්චොත්?

    මොකද මේ වගේ බ්ලොග් කියවන්නෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයගෙනුත් කුඩා කොටසක් වන බ්ලොග් කිවන්නන්ගෙත් ඉතාම කුඩා කොටසක්. (වැඩකට නැති වැල් වටාරම් සහ විහිළු කතා තියෙන බ්ලොග් පෝස්ට් 1කට වඩා සැහෙන්න අඩු කමෙන්ට් ගානක්නෙ මේකට තියෙන්නෙ. ඒකත් එකම කීපදෙනෙක්ගෙ...!) ඒ කියන්නෙ සමස්ත ජනගහනයෙන් නොගිණිය හැකි පිරිසකට පමණයි මේ කතිකාව විවෘත වෙන්නෙ.
    මොකද මමත් විශ්වාස කරනවා පිටස්තරයා2 වගේ, පාලකයා අහන්නෙ නැත්නම් කලයුත්තේ ජනතාව පෙළ ගැස්වීම බව. මොකද කට්ටිය කියන්නේ? any comments?

    ReplyDelete
  26. රාමචන්දුන් ගේ අදහස වනුයේ වාර්ගික වශයෙන් ජාතික කොඩියට ලැබී ඇති පුමාණය මදි වීමය. මේ පුමාණයෙන්වත් ලැබුනේ ලංකාවේ දේශපානයේ තිබු ඡන්ද වලට පෙරේත කමෙන්ය. ඔබේ අදහසට අනුව ඇමරිකාවේ කොඩියේ වර්ගවාදය අනූව කොඩිය හැදුවානම් කොහොම තියෙයිද. මෝඩ කතා කියන්න එපා. නියම සිංහල කොඩියේ වර්ගවාදය නෑ.

    ReplyDelete