Friday, January 29, 2010

රජුට පක්ෂපාතී වන්නනි - සුබ අනාගතයක්!


"සෝමවංශට මරන තර්ජන"
ලංකා ගිනි තබන බවත් කියලා

ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජංගම දුරකථනයෙන් ජනතා විමුක්ති පෙරමුනු නායක සෝමවංශ අමරසිංහ මහතාට කතා කර මරනීය තර්ජන කරන ලදැයි ජවිපෙ මන්ත්‍රීවරයෙක් රාවයට පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ බ්‍රහස්පතින්දා ( 28 ) පෙරවරු 9.21 ට පමන ජවිපෙ නායකයාට මෙම දුරකතන පනිවුඩය ලැබුනු බවත්,එහිදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාට මරනීය තර්ජන එල්ල කොට ලංකා පුවත්පත් ආයතනය ගිනි තබන බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කර ඇති බවත්ය.

( 2010 ජනවාරි 31 රාවය )

චන්ද අක්‍රමිකතා ගැන ප්‍රශ්න ඇසූ විදෙස් මාධ්‍යවේදිනිය පිටුවහල්
(w 3 ලංකා )

CID ය ලංකා කාර්යාලය වටලයි
( ලංකාටෲත් වෙබ් අඩවිය )

Lanka news paper editor arrested
( daily mirror online )

ඊ නිවුස් සීල් තියයි
( ලංකාටෲත් වෙබ් අඩවිය )

හිතන්න නිදහස ලියන්න කියන්න නිදහස
බනින්න නිදහස ඇති රට මේ උත්තම රට
බයිලා කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැල


- සුනිල් ආරියරත්න

6 comments:

  1. මේ යන විදිහට ගියෝතින් අපිත් චීනෙ වගේ වෙලා නවතින්නේ.

    ReplyDelete
  2. 'සුභ අනාගතයක' පෙරනිමිති,

    ReplyDelete
  3. www.sarathfonseka.com එකටත් පොඩ්ඩක් යන්න පුලුවන්ද කියල බලන්නකෝ.. කතා කරල වැඩක් නෑ..

    ReplyDelete
  4. මේ රටේ මිනිස්සුන්ට ඕනි ඉතින් මෙහෙම වෙනව දකින්නනෙ. ඒකනෙ පෙනි පෙනිත් නොපෙනුනා වගේ වන්දිභට්‍ටයෝ වහල්ලු බවට පත්වෙලා ඉන්නෙ.

    ReplyDelete
  5. නැහැ මේ වෙන දේ හරි. මතකද ටැමිල්නෙට්, ලන්කානිව්ස්වෙබ් වලට උනු දේ. උනුත් ලිව්වෙ උන්ගෙ පැත්තෙන් ඇත්ත.එතකොට ඒව තහනම් කලේ ත්‍රස්තවාදයට සහය දක්වනව කියල.
    දැනුත් එහෙමයි, තමන්ගෙ මතයට එකග නැත්නම්..... තහනම් කරපන්...... එච්චරයි.
    සමහරවිට අපෙ මිනිස්සුත් මේ දේට කැමති ඇති. මොකද රජ කාලෙත් එහෙමනෙ.

    ReplyDelete
  6. තමුන්ගෙ තියන නිවට කම පෙන්නනවා දිනපු මිනිස්සු. සුද්දා චන්දෙ හදලා දුන්නෙ, සදාචාරයක් තියන මිනිස්සුන්ට. එක මෙ රටෙ ඉන්න වැද්දො ටිකකට හම්බ වෙලා මෙ කරන දෙවල් වලින් රටම විනාසයි. ඔබට,හා ඔබෙ පවුලට සුභ අනාගතයක් වෙවා රජතුමනි.
    අනෙ මන්දා දේශපාලනය බල්ලට ගිහිල්ලද...? බල්ලො දේශපාලනයට ඇවිල්ලද කියලා....?

    ReplyDelete