Monday, December 21, 2009

කතිරය ගැසීමට පෙර - ( මේ රාජ්‍යයේ සොරු නැත)


1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ සැත්කම් කරගැනීමට ඇවැසි ප්‍රතිපාදන නොමැතිව රටේ රෝහල් පද්ධතිය වේලෙමින් පවතී.

2.කෝප් වාර්තාවෙන් හෙලිදරවු වූ රටට අහිමි කල මුදල
මිලියන 33 000 කි.මහජන ධනය අපතේ යැවු වැරදිකරුවන් යහතින් වැජඹෙන අතර කිසිවෙකුට දඩුවම් නැත.හෙලිදරවු වූ සොරුන්ට දඩුවම් නොදෙන රටක නීතිය කුමකටද?

3.ගමනාගමන මන්ඩලයේ බස් මැතිවරන කටයුතු වලට යොදාගැනීම නිසා ආයතනයට සිදුව ඇතැයි සැලකෙන පාඩුව
මිලියන 100 කි.

4. අකාර්යක්ෂම කලමනාකරනය නිසා

විදුලි බල මන්ඩලය වාර්ෂිකව බිලියන 3.9 ක්
එයාර් ලංකා ආයතනය
බිලියන 9.98 ක්
වරාය අධිකාරිය
බිලියන 3.5 ක්
මාර්ග සංවර්ධන අධිකාරිය
බිලියන 9.9 ක්
ගමනාගමන මන්ඩලය
බිලියන 4.5 ක්
තෙල් සංස්ථාව
බිලියන 7.1 ක් පාඩු ලබයි.
මෙසේ අපතේ යන්නේ ලදරුවාගේ කිරිපිටි පැකට් එකේ සිට මියයන මහල්ලාගේ මිනී පෙට්ටියට ගහන ඇනය දක්වා සකල විධ බඩු භාන්ඩ මත බදු පනවා සමාජය පෙලමින් සූරාකනු ලබන ධනයයි.

5.කොලඹ නගරයේ නිවාස හිමි ඇමතිවරුන් 50 දෙනෙක් ඇතුලුව සියලු ඇමතිවරුන් ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් ලක්ෂයක් ලබාගත් අතර මාසික විදුලි ගාස්තු,ජල බිල්පත් දීමනා ලෙස අතිරේක 35 000 ක්ද ලබාගනිති.යුද්ධ කරන තුරු පඩි වැඩි නොකරන බවත් එය ඉවසා සිටින ලෙසත් ජනතාවට මොවුන් පැවසුවේ එසේ වරප්‍රසාද යහමින් භුක්ති විදින අතරතුරය.

6.විදේශ අමාත්‍යාංශයේ සංචාර සදහා පමනක් වැය වන වියදම
මිලියන 100 කට ආසන්න වන අතර ජනාධිපතිද තඹ සතේකට වැඩක් නැතැයි පැවසූ විදේශ ඇමතිගේ දියනියගේ කුප්‍රකට නිව්යෝක් උපන්දින සාදයේ වියදම ලක්ෂ 300 කි.ජීවන වියදමෙන් පෙලෙමින් මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙද්දී සමාජයට සහන සැලසීමට තිබෙන මුදලින් ඇමැත්තෝ උපන්දින සාද පවත්වමින් සිටිති.

7.තොන්ඩමන් ඇමතිගේ කාර්යාලය කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත ඉවත්කරගැනීම සදහා ගෙවන ලද මුදල
මිලියන 90 කි.වතු ජනයාගේ අවම වැටුප එසේ වුවද රුපියල් 500 කටද අඩුය.එම කම්කරුවන් දෛනික වැටුප ලෙස රුපියල් 500ක් ඉල්ලන විට එය මස් රාත්තල ඉල්ලීමක් ලෙස දකින මිගාර වැනි බ්ලොග්කරුවන් ඇමැති ගනයා මස් රාත්තල් දුසිම් ගනන් ගිලදමන විට එම යථාර්තයට අන්ධය

8.විදේශ රැකියා අමාත්‍යාංශයේ වංචාවේ මුලු වටිනාකම
මිලියන 100 කට ආසන්න වේ.

9.මගනැගුම ව්‍යාපෘතියේ ගිනුම්ගත නොවුවා යැයි සැලකෙන මුලු මුදල
මිලියන 1000 කි.

10.ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් වංචාවක ප්‍රතිඵල ලෙස
මිලියන 324 ක් අහිමි වී ඇත.

11.රටේ ඇමති මන්ඩලය 100 ඉක්මවන අතර ( බිලියන 1ක ජනගහනයක් සිටින ඉන්දියාවේ මුලු ඇමති මන්ඩලය 22 කි ) මේ අයගේ වාහන/නිවාස/ආරක්ෂාව/කාර්ය මන්ඩලය (කාර්ය මන්ඩලයේ සැලකිය යුතු පිරිසක් වන්නේ පවුලේ සාමාජිකයන්ය) සදහා විශාල වියදමක් දැරිය යුතු අතර මේ සදහා යන හැම සතයම ගෙවිය යුත්තේ දාඩිය හෙලමින් එදිනෙදා ජීවිතය ගැටගැසීමට වෙහෙසෙන සාමාන්‍ය ජනයාය.

මේවා නිකම්ම නිකම් සංඛ්‍යාලේඛන නොවේ.මේ සංඛ්‍යාලේඛන තුල විශාල සත්‍යයක් ගැබ්ව තිබේ.මේ සංඛ්‍යාවන් තුල විශාල ඛේදවාචකයක් ගැබ්ව තිබේ.
ඩෙංගු වසංගතයක් වන තුරු එය නවත්වාගැනීමට මෙරට බලධරයන්ට හැකි වූයේ නැත.සූකර උන රක්තපාත අඩියට පැමිනෙන තුරු මෙරට ඇමති ගනයා බාල් නැටූහ.රුබෙල්ලා විෂ වී තිදෙනෙක් මිය ගොස් තිබේ.වගකීම ගැනීමට කිසිවෙක් නැත.මෙම අකාර්යක්ෂම රාජ්‍ය නිලධර තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයේ හා තක්කඩිකමේ වන්දිය ගෙවන්නට වී තිබෙන්නේ රටේ පොදු ජනයාටය.එනම් මෙය කියවන ඔබ හා මා වැනි සාමාන්‍ය මිනිසුන්ටය.

අපේ බදු මුදල් නාස්ති කරන මෙම වංචාකරුවන් තමන් දේශප්‍රේමීන් යැයි පවසද්දී අප එය විශ්වාස කල යුතුද?
මහජන මුදල් රිසිලෙස ගසා කෑමට ඉඩදී ඉච්ඡාවට සිනා මූනු පාන නායකයන් තමන් සංවේදී නායකයන් යැයි පවසාගනිද්දී අප එය පිලිගත යුතු වෙමුද?
ජාතික කොඩිය හතර අතේ වැනුවාට මේ අපරාධ වල පව් සෝදා ගැනීමට කිසිවෙක්ට හැකිද?
එසේ සෝදාගැනීමට අප ඉඩ තැබිය යුතුද?
මේවා ගැන නොසිතා අන්ධ ලෙස භාවිතා වන චන්ද වූ කලී සර්ව ජන චන්ද බලයට කරන නිගාවක් මිස වෙනකක් නොවේ.

(
මූලාශ්‍රය - anticorruptsl.com )

25 comments:

  1. ඔය සියල්ලට වඩා මම රනිල්ට බයයි

    ReplyDelete
  2. මේක නිකන් පිදුරු තර්කයක්. හැමෝම රනිල්ට බයයි. ( හැබැයි ඇයි කියල කියන්නෙ නැහෑ).
    එතකොට රජ්ජුරුවන්ගෙ වැරදි පෙනෙන්නෙ නැතුව යනවා. හරියට අසූචි වලක ඉන්න පනුවො වගේ.

    ReplyDelete
  3. රට පාවලා දුන්න හින්දා තමයි රනිල් ට බය, නැතුව මහින්දගෙ ජාරා වැඩ ෙනාදැක නෙමෙයි. සරත් ෙහාදයි මහින්දට වඩා කියලා මමත් හිතනාව. දුෂනය, නාසත්තිය නැතිකරනන් පුලුවන් සරත්ට ඒවගෙම JVP අවුලක් නැහැ, රනිල් නායකත්වය තුල නැතිනමි UNP ඒල

    ඒෙහම උනනමි අනිව සරත්ට තමයි කරතිරය

    ReplyDelete
  4. Sarath is only there for 6 months (if he won - but he wont)
    After that රනිල් will give our country to USA,UN and other western country.

    ReplyDelete
  5. these are only figures man. Where is the proof????????????????????????
    Anyone one can say any thing like these.
    why don't u go to courts??????
    SF goes to supreme court for each and every thing. Then why not for these?????????????????

    ReplyDelete
  6. When you go to courts and file a case, then proof will definitely come to your home, brother.

    ReplyDelete
  7. ethakota hora ravi sathosa kapuwa ubata amathaka unada? ewath dapanko.

    ReplyDelete
  8. 1. What is the amount that is saved annually by finishing the war?

    2. What is the amount of money that is lost due to strikes and work to rule activities


    Ram, need answers. The numbers will easily overwhelm above.

    ReplyDelete
  9. රාමා නියම කතාවක් කියලා කියෙනවා. ඔබේ කතාව සමග මම මුළුමනින්ම එකඟයි. මේ දේවල් සිද්ධ වෙද්දිත් මේ රටේ මිනිස්සු කට ඇරගෙන ඉන්න එක ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා. උඩින් දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම හිනත් යනවා. අංජනට උත්තරයක් දෙන්න හිත කකිවනවා. කමක් නෑ නේද?

    අංජන, ඔබ ඔය විදිහට හිනාවෙලා ඉන්නේ ලෝක ඉතිහාසයේ රජවරු කරපු බලූ වැඩ වලට ඔලූව වන වන ඔබ මෙන් කඬේ ගිය මිනිසුන් නිසා නොව. තමන්ට හැකි අයුරින් බැල්මෙන්, කතාවෙන් සහ ජීවිතෙන් පවා කැපකිරීම් කරමින් ප‍්‍රායෝගිකත්වට අභියෝග කළ සැබෑ මිනිසුන් නිසාය. අංජනගේ කියනවා වගේ අපිට උසාවි යන්න බැරිකමකුත් නෑ. ඒත් ආපහු අපිට හොරාගෙ අම්මගෙන් පේන අහන්න යන්න තමයි වෙන්නේ. ඒ නිසා ජෙනරාල්ට දුන්න තීන්දුවත් අපි සතුටින් භාර ගන්නවා. මන්ද කියනවා නං මේ වගේ රජෙක් ඉන්න රටක මේ විදිහට අගවිනිසුරුවරයෙක් පත්වනතාක් කල් මෙන්ම ඔබ වැනි ජනතාවක් සිටින තාක්කල් මේක තමයි අපට ලැබෙන දේ. ඒ නිසා අපි මේ දේවල් ඇරගෙන උසාවි ගිහිං මේ ඉලක්කම් නිකම්ම නිකං ඉලක්කං කරගන්න ඕනේ නෑ. ඒ දේවල් ඇරගෙන අපිවගේ මිනිසුන්ට ගොඩක් දුර යන්න පුළුවං කියලත් අපි දන්නවා. හැකි නම් අංජනගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  10. සන්සන්දනය සම්පූර්න වෙන්න මෙන්න මේ ටිකත් දෙන්න කො:

    1. ජවිපෙ විසින් මෙහෙයවන වැඩ වර්ජන වලින් රටට අහිමි වන මිනිස් පැය ගණන.
    2. ජවිපෙ පෙලපාලි වලට හිරවෙන වාහන වලට පිච්චෙන පැට්‍රල් වියදම සහ අහිමි වන මිනිස් පැය ගණන
    3. විශ්ව විද්‍යාල වල ජවිපෙ විසින් මෙහයවන වර්ජන, කෝලාහල ආදිය නිසා අහිමි වන අද්‍යයන දින ගණන, අපතේ යන සේවක පැය ගණන
    4. අසූ ගණන් වලත්, හැත්තෑ ගණන් වලත් ජවිපෙ ත්‍රස්තවාදයෙන් රටට අහිමි වූ මුලු මුදල
    5. ජවිපෙ විසින් විනාශ කරන ලද විදුලි ට්‍රාන්ස්ෆොර්මර් වල මුලු වටිනාකම
    6. ජවිපෙ විසින් පුළුස්සන ලද බස් වල මුළු වටිනා කම සහ ඒ නිසා රස්තියාදු වූ මිනිසුන්ට නැතිවූ මිනිස් පැය ගණන සහ ඒවායේ වටිනා කම
    7. ජවිපෙ විසින් ගිනි තියන ලද ඇඹිලිපිටිය කඩදාසි කම්හල ආදී ජාතික දේපල වල මුලු වටිනා කම සහ ඒ නිසා රටට අහිමි වූ දල ජාතික නිශ්පාදනය

    ReplyDelete
  11. මට ඉහළින් සිටින Anonymous සංසන්දනය කිරීම සඳහා යම් වෑයමක් දරා තිබෙනවා. නමුත් තවමත් සමීකරණය පරිපූර්ණ නැහැ. මෙන්න මගේ උත්සාහය.

    MR1 = මහින්ද රාජපක්ෂ විසින් රටට කරන ලද සේවය
    MR2 = මහින්ද රාජපක්ෂ විසින් කරන ලද විනාශය

    RW1 = රනිල් වික්‍රමසිංහ විසින් රටට කරන ලද සේවය
    RW2 = රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද විනාශය

    JVP1 = ජෙප්පන් විසින් රටට කරන ලද සේවය
    JVP2 = ජෙප්පන් විසින් කරන ලද විනාශය

    G1 = ජනරාල් විසින් රටට කරන ලද සේවය
    G2 = ජනරාල් විසින් කරන ලද විනාශය

    x = (MR1 - MR2)+(RW2 - RW1)+(JVP2 - JVP1)+(G2 - G1)

    දැන් x හි අගය ගණනය කරන්න.

    x>1 නම් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්න.
    x<1 නම් සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න.

    එවිට එහි යම් සාධාරණත්වයක් තිබෙනවා. නැතිනම් මේකත් අර මාලිනි ෆොන්සේකලා, ජැක්සන් ඇන්තනිලා සංවේදී නායකයාට ඡන්දය දෙන්න කියනවා වගේම මෝඩ කතාවක්.

    ReplyDelete
  12. ane bola ramachandrayakoo

    tho wage nayata kahina balloo hinda thama me rartata hena gahala thiyenne
    mechhra kala ranil saha balloo ekathu wela karapu winasa hinda thamaii me ratata win ketuwwe...

    since the time of inception of UNP ,., they had eaten this country alive...
    fucing DS senanayaka and "kalu suddoo" suudadata puka dunna... ita passe.. 77 JR kiyana balla rata wikunuwa.. ita pass ranill kotiyanta rata wikunuwa... unge awathara thamma mahindage anduwe awathara karanne...

    mahindata me gamana yanna eee horu tika nathiwa thama ba,.,,..
    umballaa mehe colombo walata wella indang.. sapa aragenna uddee wadak na kiyanawa... dimapu eke wadak na kiyannwa... thope ekke bombeking nathiwunanam thereii mahinda karapu de wadagathamkana

    boala ramachandra harako ... hashan kiyanna sukiri balloo thopita therenne naha kohama amru deyakda kiyalla lankwa wage corrupt politiontio n inna thanka... mahinda is having such a great difluclt duty ....

    hes done half of his duty.. and will do .. the rest.... thats 100%.... he will take out the corruption when the time is right,...

    umbala wage ewunta shapa wewa...
    mansuaayooo ranil managala.. sf ekathu weala me rata winsaha karanna yanne... poaddak hithala ballann....

    ReplyDelete
  13. oi taboo subjects

    tak gala TNL jana handa.. balawna...

    ekke wijitha herath kiyanna eke charter wenawa

    ane menne JVP politaikkoo
    are announcerkiyanwaw... winadi 10n iwara karanna kiyalla

    ara wijitha herath minimaruwa... ee announcerta thaga danawa

    ReplyDelete
  14. ඔබේ මෙම ලිපිය උපුටා ගත්තෙමි-රට ගැන සිතිය යුතු මොහොතක මෙය පලකිරීම ගැන මගේ ස්තුතිය!

    ReplyDelete
  15. මේකනේ සහෝදරයා ඕනෙ කෙනෙකුට පුළුවන් හැමදමෙ උනත් උසාවි යන්නේ නැතුව ඔහොම චෝදනා කර කර ඉන්න. හැබැයි ඉතින් මීට පස්සේ රජය සම්බන්ධ දේකට වැරදිලාවත් උසාවි පොලීසි යන්න එපා මොකද ඒවා දූෂිතයිනේ.
    අනිත් එක මේ ලෝකෙ තියෙන ලේසිම වැඩක් තමා ඔප්පු නොකර චෝදනා කර කර ඉන්න එක. නමුත් වැඩ කරන කොට වැරදි වෙනවා. අර චිත්‍රපට විචාරකයෝ වගේ වැරදි හොයන්න මිසක් වැඩ කරන්න කීයෙන් කී දෙනාටද පුළුවන්?
    අධිකරණයේ පත්වීම් ගැන කතා කරන ගමන් අමතක උනාද දන්නෙ නෑ හමුදාපති පත් වන්නෙත් ඒ ක්‍රමයටම තමයි කියලා.

    ReplyDelete
  16. රාජපක්ෂ සපෝටර්ලාට ලිපියෙන් මතුකර තිබෙන කරුනු වලින් තරමක් රිදී ඇති බව පෙනේ.කෙසේ වුවද ලුම්පන් වර්ගයේ ප්‍රතිචාර හැර අනෙත් ප්‍රතිචාර වලට පිලිතුරු දක්වන්නම්.

    @ අංජන
    දීරඝව කතා කල යුතු දෙයක් ඔබ මතු කර තිබෙන නිසා බොහෝවිට ඊලග බ්ලොග් පෝස්ට් එක ඔබේ ප්‍රශ්නය සම්බන්ධව ලියවෙන්න ඉඩ තියෙනවා.කෙටියෙන් උත්තරයක් දෙනවා නම් මේවා නිකම් බොරු නෙමේ.එහෙම කියල හිතහදාගන්න එකට වඩා ඇත්තට මුහුන දෙන එකයි හොද නේද?.
    කෝප් වාර්තාව බොරුවක් වෙන්නේ කොහොමද?හෙජින් ගිවිසුම කියල එකක් තිබුනෙ නැද්ද?රජයේ ආයතන ලබපු පාඩු බොරු කියල කියන්නෙ කෙසේද?එහෙනම් ඇත්ත මොකක්ද?ඔය ආයතන ලාබ ලබන බවද?ඇමති මන්ඩලයේ 100 ට වඩා නැද්ද?
    අධිකරනයට යාම ගැන- හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් අධිකරනයට ගියා මතකද?ඒ සම්බන්ධ අධිකරන අතුරු තහනම් නියෝගයට විධායකය ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?විධායක බලය හරහා ඒක නොසලකා හල නිසා අන්තිමට අධිකරනයට නඩුව ඉවත දාන්න වුනා.අධිකරනයට යන්න කියන්න ඉස්සෙල්ලා එහෙම ගිය අවස්ථාවල මොකද උනේ කියල මතක් කරගන්න.විධායක ක්‍රමයේ ලක්ෂනය නම් අධිකරන ස්වාධිනත්වයක් නැති වීමයි.ජනාධිපතිවරනය නිකම් පුද්ගල සංකේත අතර ගැටුමකට වඩා විධායක ක්‍රමය කියන ක්‍රමයට එරෙහි සටනක් කරගන්න ඕනෙ ඒ හින්ද.

    @ ජවිපෙ කලා කියන විනාශය ගැන කියන ඇනෝනිමස්
    2009 ලංකාවේ පැහැදිලිව වුන මහජන දේපොල ගසාකෑම් පිලිබද කරුනු ඉදිරිපත් කලාම ඔයා 80 දශකයට පහුබහිනවා නම් ඔයා 80 දශකයේම ඉන්න.අපි ඉස්සරහට යන්නම්.ජවිපෙ වැරදි කලා කියල පිලිගත්ත වුනත් රජයේ මේ අන්තිම දූෂිත පැවැත්ම ඉන් සාධාරනීකරනය වෙනවද?හද පෙන්නද්දි ඇගිල්ල දිහා බලල පේන කියමින් ආතල් ගන්න එක අප අනුදත් පිලිවෙත නොවන නිසා ඒ ගැන එපමනයි.

    @ ටැබූ
    ඔය සමීකරනයට මෙහෙම කොටසකුත් එකතු කරමු.
    1-පවතින ආන්ඩුව දින්නොත් රටට වෙන සේවය
    2-විපක්ෂ අපේක්ෂකයා දින්නොත් රටට වෙන සේවය
    පවතින ආන්ඩුව දින්නොත් 2013ද කොහෙද වෙන දේ ගැන විස්තරාත්මක ලිපියක් ඔබම ලියල තිබුන මට මතකයි :)

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. @ නෝ ෆ්රේම්ස්

    යුද්ධය නිසා මුදල් ඉතිරි වුනත් ( යුද්ධයක් ඇති කිරීමේ පලමු වගඋත්තරකරුවන් වන්නේ මේ රටේ තිබූ ශ්‍රිලනිප හා එජාප ආන්ඩු බව මොහොතකට අමතක කලත්) ඉන් ආන්ඩුව අනෙත් ක්ෂේත්‍ර වලදී බරපතල ලෙස අසමත්ය සහ චේතාන්විතව මහජන දේපල කොල්ලකා ඇත යන කාරනය ප්‍රතික්ෂේප වෙන්නෙ නැහැ.
    ඊලගට වැඩ වර්ජන නිකම් ඇති නොවන අතර ඒවා ජොලියට වෙන ඒවා නොවන බව වැඩවර්ජන වලට අදාල භූමි යථාර්තය දන්නවුන් දනී.ඒ භූමි යතාර්තයට සමීප නැති මධ්‍යම පංතික මනස්වලට සමහරවිට මේවා රලු පරලු දේවල් විදිහට පේන්න පුලුවන් වුනත් මම ඒක දකින්නෙ වෙන විදිහකට.වැඩ කරන ජනතාව වැඩ වර්ජන වලදී නිෂ්පාදනය "නොකල" වටිනාකම ගැන කතාකරන්න ඉස්සෙල්ලා වැඩ වර්ජන නොකරන වෙහෙස වී වැඩකරන සාතිශය බහුතර දිනවල අමාරු කොන්දේසි යටතේ "නිෂ්පාදනය කල' ධන සම්භාරය ගැන කතා කරල ඉමු කියල යෝජනා කරන්න කැමතියි.

    ReplyDelete
  19. A good comprehensive analysis of this regime's corruption. Some people think most of these are mere allegations, not proven. But, COPE is a well-established parliamentary report regarding the fraud of several ministers and SC delivered a judgment on the hedging case.
    Some blind MR supporters are of the opinion that we should tolerate whatever ills done by this govt simply because the war was won. Why should we remain blind when the rulers are robbing our own money in broad daylight? It is our responsibility as citizens to guide our government in the right direction, regardless of the party in power. A citizen would be failing in his/her duty if he or she merely approves all governmental actions disregarding whether those measures were taken for the benefit of the broader society or not.

    ReplyDelete
  20. [quote]යුද්ධය නිසා මුදල් ඉතිරි වුනත් ඉන් ආන්ඩුව අනෙත් ක්ෂේත්‍ර වලදී බරපතල ලෙස අසමත්ය සහ චේතාන්විතව මහජන දේපල කොල්ලකා ඇත යන කාරනය ප්‍රතික්ෂේප වෙන්නෙ නැහැ[/quote]

    True. But what you are trying to paint is that this government only engaged in fraud and done nothing useful, which is far from the truth. The things can be considered relatively, because every government was corrupt, and the main criteria of electing them is not how less evil they have done, but how much good they have done. Considering this MR government is leaps and bounds ahead in developing infrastructure. Above all, the sense of security this government have brought makes people to forget all their bad, at least temporarily.

    On the other hand the Marxist groups are as responsible as LTTE for creating havoc in SL's history and to drag back the development for 30 years. These are the groups that allowed governing politicians to act ruthlessly, and because ordinary people were dependent on these politicians decisions regarding the security it allowed the same people to engage in corrupt transactions, which public tend not to take interest of. Because public were more interested in their security. Allow this peacefulness to continue for 20 years, then you'll see huge uprisings against corruption. Still public are not out of the shock of a civil war.

    It's a well known fact that minor employees of Government sector never work for what they earn. They are extremely lazy. I would agree with you for the private sector workers, but not for Governmnet sector. A driver in petroleum corporation takes about Rs. 40,000 home. But a normal driver in government sector the amount is Rs. 20,000. But who are the ones having trade union actions?So, I invite you to add the earnings that have been lost due to laziness of the minor employees as well. That will amount to billions. That is the hard truth. Lazy Government servants in SL don't deserve more, unlike Japanese ones who work out of there skin.

    ReplyDelete
  21. 1. මේ සටහන (උපුටා ගැනීම්ද සහිතව) වැඩිම උනොත් දහසක් කියවනු ඇත. මේ සියළු දෙනාම මේ සටහන නිසා තම මතය වෙනස් කරගෙන ඡන්දය ප්‍රකාශ කළද එයින් ප්‍රතිඵලයේ වෙනසක් නොවනු ඇත. එනිසා මෙය ප්‍රායෝගිකව වැදගත්කමක් ඇති දෙයක් නොව රාමචන්ද්‍ර හුදෙක් තම දේශපාලන පක්ෂපාතීභාවය ප්‍රදර්ශනය කරනු වස් හෝ ස්වයං වින්දනයක් ලබා ගැනීම සඳහා ලියූ එකකි. (ඔහුට ඊට අයිතියක් නැතැයි මෙයින් නොකියැවේ.) එනිසා අරූට ඡන්දෙ දෙනවාද මූට ඡන්දෙ දෙනවාද මෙතැන කතා කිරීම බොහෝ දුරට අර්ථවිරහිතය.

    2. එක පක්ෂයක දූෂණ ගැන කතා නොකර පොදුවේ දූෂණ ගැනත් පුරවැසියන් හැටියට අපට කළ හැක්කේ කුමක්ද යන්න ගැනත් කතා කළේ නම් වඩා අර්ථාන්විතය. ජවිපෙ පැත්තකින් තියමු. ජනරාල්ගේ පෙරමුණේ එක් ප්‍රබල පාර්ශවයක් වන යූ. එන්. පියේ දූෂණ හා මගෝඩි ගැන රාමචන්ද්‍ර වචනයක් වත් නොලියන්නේ ඇයි?

    3. ඕනෑම ආණ්ඩුවක දූෂණ එළිවීම වැදගත්ය. එහෙත් ඒ මැතිවරණ සමයට පමණක්, මැතිවරණ අරමුණු වලට පමණක් සීමා විය යුතු නොවේ.

    4. රාමචන්ද්‍රට හෝ මිගාරට හෝ මෙතැන උඩින් ඉන්නා රාජපක්ෂ සපෝටර්ලාට මෙන් නොව මට පක්ෂ බැඳීම් නැත. රාජපක්ෂද, ෆොන්සේකාද අයියයි මල්ලියි බඳු තක්කඩියන් දෙදෙනකි. එනිසා මූට නොදී ඌට ඡන්දය දීමේවත්, ඌට නොදී මූට දීමේවත් ලොකු වෙනසක් මට පෙනෙන්නේ නැත.

    5. එසේ වුවත් (අප විසින් අනිවාර්යයෙන් තීරණයක් ගත යුතු නිසා) පුරවැසියන් හැටියට අපට ගත හැකි හොඳම පියවර දැන් ෆොන්සේකා ජනාධිපති කරගෙන ඉන්පසු එළඹෙන මහ මැතිවරණයේදී රාජ-පක්ෂයට බහුතර බලයක් ලබාදීම යැයි මම සිතමි. මෙය 100%ක් සාර්ථක පියවරක් නොවේ. නමුත් ඉන් ඇතිවන බල තුලනය රට ඒකාධිපතිත්වයකට ගමන් කිරීම වළකනු ඇත. මේ ගැන මම ඉදිරියේදී බ්ලොග් සටහනක් කරමි.

    ReplyDelete
  22. @ taboo

    යූඑන්පිය හොරකම් කර ඇත.යූඑන්පී ආන්ඩු කාලේ අපි බ්ලොග් නොලීවාට ඒවාට ඒ කාලයේ ද එකග නොවු අතර ඉදිරියේද එය එසේමය.කෝප් වාර්තාවේ දූෂන යනු යූඇන්පී යුගයේ වූ වංචා බව මතක තබාගන්න.
    මේවා ගැන ලියන්නේ ස්වයංවින්දනයට හෝ ඇග කහනවට නොවේ.පවතින පාලනය ගැන ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් හෙලිදරවු නොකරන දේවල් ගැන සමාජය දැනුවත් කල යුතුයි කියා සිතන නිසාය.මේ කාරනා සමාජගත වෙන්න තියෙන ඉඩ අහුරලා තියෙන නිසා සමාජයේ සැලකිය යුතු පිරිසක් මේ ආන්ඩුව බෝධිසත්ව වර්ගයේ ආන්ඩුවක් යැයි සිතා සිටී.එසේ සිතන අය අතර අවංක මිනිසුන් අපමන ඉන්නා බව අපි දනිමු.මේවා ලියන්නේ ( මේ ලියූ එකක්වත් හිතින් හදපු බොරු නොවේ) ඒ අය වෙත යම් තොරතුරක් ලබාදීම උදෙසාය.යූඑන්පියේ නොව සමගි පෙරමුනේ,56 මහජන එක්සත් පෙරමුනේ වංචා ගැනද අවශ්‍ය නම් කතාකල හැක.කවර පක්ෂයක් කලත් සොරකමට අප විරුද්ධය.අප ජවිපෙ "පාක්ෂිකයන්" බවට වැරදි පූර්ව නිගමනයක ඔබ (සහ කමෙන්ට් කල බොහෝ දෙනා)සිටින බැවින් පැහැදිලිව මෙසේ කියමු.
    හෙට ජවිපෙ ආන්ඩුවක් ආවත් හොරකම හෙලාදකින්න සහ ඒවාට පහර දෙන්න අපි මැලි වන්නේ නැහැ.අප අනුයන්නේ ප්‍රතිපත්තියක් හා පිලිවෙතක් මිස පක්ෂයක් නොවේ.

    ReplyDelete
  23. පවතින පාලනය ගැන ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් හෙලිදරවු (sic) නොකරන දේවල් ගැන සමාජය දැනුවත් (sic) කිරීම හොඳය. ඒ ගැන විවාදයක් නැත.

    එහෙත් ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් හෙළිදරව් නොකරන්නේ පවතින පාලනයේ ජඩකම් පමණක් නොවේ. එජාපයේ හා ජවිපෙ ජඩකම්ද ප්‍රධාන දහරාවේ මාධ්‍ය විසින් හෙළිදරව් කරන්නේ නැත.

    දූෂණ වංචා රාජපක්ෂයට සේම එජාපයටද ජවිපෙටද පොදුය. තැනෙමින් පවත්නා කෝටි හයේ ගෙය ගැන ප්‍රකාශ කළ විට විමල් වීරවංශ උජාරුවෙන් කීවේ ඊට මුදල් සොයා ගත්තේ ජවිපෙ තුළ සිටි කාලය තුළ බවය. මෙය ඇත්තක් වන්නට පිළිවන. ජවිපෙ නායකත්වයද රාජපක්ෂය හා එජාපය සේම පහළ මට්ටමේ සාමාජිකයන්ගෙන් එකතුවන මුදල් තම සුඛ විහරණයට යොදා ගනිති. විමල් වීරවංශට පක්ෂයෙන් මුදල් ගෙවා ජවිපෙ විසින් කුලියට ගෙන තිබූ නිවසේ මාසික කුළිය රුපියල් 75,000 කි. (සාමාන්‍ය මන්ත්‍රීවරයකුට රුපියල් 32,000ක පඩියක් ආණ්ඩුවෙන් ගෙවන්නේ ඊට අඩු ගණනකට ඔහුගේ නිවාස ප්‍රශ්නය විසඳා ගැනීමටය.) මේවා ප්‍රධාන දහරාවේ මධ්‍ය මඟින් එළියට එන්නේ නැත.

    පවතින පාලනයේ සේම එජාපයේ හා ජවිපෙ දූෂණ ගැනද ප්‍රධාන දහරාවේ මාධ්‍ය වලින් හෙළි නොවන කරුණු හෙළිකිරීම වැදගත් බව රාමචන්ද්‍ර පිළිගන්නා නිසා අඩුතරමින් එජාපයේ හා ජවිපෙ දූෂණ පිළිබඳවද *ජනපතිවරණයට පෙර* මෙවන් එක සටහනක් හෝ ඔහු කරනු ඇතැයි සිතමි. (ඇයි ජනපතිවරණයට පෙර? එවිට එම දත්ත තීරණයක් ගැනීමට කාට හෝ උපයෝගීකර ගත හැකි නිසා)

    එවිට පාඨකයන්ට ඒ සටහන් දෙක සංසන්දනය කර මේ දූෂණ හෙළි කිරීමේ අවංක උත්සාහයක්ද නැතිනම් කාට හෝ කඩේ යාමක්දැයි තේරුම් ගැනීමට පුළුවන් වනු ඇත.

    ReplyDelete
  24. //තැනෙමින් පවත්නා කෝටි හයේ ගෙය ගැන ප්‍රකාශ කළ විට විමල් වීරවංශ උජාරුවෙන් කීවේ ඊට මුදල් සොයා ගත්තේ ජවිපෙ තුළ සිටි කාලය තුළ බවය. මෙය ඇත්තක් වන්නට පිළිවන//
    "ඇත්තක් වීමට පුලුවන"
    ඔබ ජවිපෙ තුලින් සොයාගත්තා කියල කියන දූෂනය ප්‍රත්‍යක්ෂයක් නොව හුදු අනුමානයක් බව ඔබේ ප්‍රකාශයෙන්ම ගම්‍ය වේ.
    ඇත්තම කියනවා නම් දැනට විපක්ෂයේ ඉන්න පක්ෂ වලට මහජන දේපොල ගසාකෑමට ඉඩක් නැහැ.ඒ ඉඩ තියෙන්නෙ බලය තියෙන අයට.අපිට ගැටලුව තියෙන්නෙ බලය සමග වන නිසා නිකම් නිර්පාක්ෂිකත්වයක් පෙන්නන්න හෝ ඔබව සතුටු කිරීමට සටහන් තැබීමක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
    එජාප කාලේ කරපු වැරදි ගැන පැය ගනන් කතාකරන්න අප නැතුවාට ස්වාධින රූපවාහිනිය ජාතික රූපවාහිනිය සිටී.ජවිපෙ භීෂන වැඩ ගැනද ඕනෙ තරම් ඒවායේ කතාකෙරේ.ඔබට ඒවා ඇසීමට කැමති නම් ඒවා රසවිදින්න.ප්‍රධාන දහරාවෙන් නොකෙරෙන දෙය කිරීම අපේ අරමුන බව යලිත් කියමු.
    1.මේ සටහන් කරල තියෙන්නෙ "වෙන්න පුලුවන්" වර්ගයේ අනුමාන නොව කෝප් වාර්තාව ඇතුලු වාර්තා වලින් නිල වශයෙන් එලිදරවු වී ඇති දේවල්ය
    ( පක්ෂ ඇතුලේ වෙනවා කියන දූෂන ගැන විශ්වාසකටයුතු සංඛ්‍යා ලබාගැනීමට මට නම් හැකියාවක් නැති බව අවංකව කියමි.ඔබට හැකිනම් නිකම් අනුමාන කරමින් ඉන්නේ නැතිව නිශ්චිත කරුනු වශයෙන් ඒවා එලියට දාන්න.සුබ පැතුම්!)
    2.මේ සියල්ල මහජන දේපොල ගසාකෑම්ය/නාස්තිකිරීම්ය.විපක්ෂයේ අද සිටින පක්ෂ හෙට ආන්ඩු බලයට පැමින ඔවුන්ද මහජන දේපල අයථා ලෙස පරිහරනය කරනවා නම් ඒ ගැන ලියන එකද හඩ නගන එකද අනිවාර්යෙන් මෙම අඩවිය තුල සිදුකෙරෙනු ඇත.
    ඒ සදහා ටියුෂන් කාගෙන්වත් අවශ්‍යද නැත :)

    ReplyDelete