Sunday, December 6, 2009

ජනාධිපතිවරනය සහ දේශප්‍රේමී බොරුව


පෙරවදන -
සිය ගුරුවරයා වන නලින් ද සිල්වාගේ මග යමින් සතියට වතාවක් බ්ලොග් අවකාශයට "අපේ ප්‍රවාදය" බැගින් මුදා හරින ජාතික චින්තකයන් දෙපලක් වන දර්ශන කස්තුරිආරච්ච් හා කැලුම් නිරංජන යන මහත්වරුන්ට මෙම ලිපිය උපහාරයක් වේවා!

එලඹෙන ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිව දිනවිය යුත්තේ ඇයි ද යන්න පිලිබද ටියුෂන් දීමට ‍"ජාතික චින්තකයන්" මේ දවස්වල විශාල මහන්සියක් ගනිමින් සිටින බව පෙනෙනවා.ඔවුන්ගේ තර්කය සරල කලාම එන්නේ මේ ව‍ගේ සමීකරනයක්.
මහින්ද ගේ පිල = දේශප්‍රේමී පිල
සරත් ‍‍ෆොන්සේකාගේ පිල = දේශද්‍රෝහී පිල
සරත් ෆොන්සේකාගේ පිල දේශද්‍රෝහී ලෙස නම් කිරීමට මේ අය යොදා ගන්නා තර්කය මොකක්ද?පුද්ගලයෙක‍් ලෙස ෆොන්සේකාට එල්ල කරන්න කිසිදු ‍චෝදනාවක් මොවුන්ට නැහැ.මාස කිහිපයකට පෙර ඇමෙරිකන් හමුදාවට ත්‍රස්ත මර්ධනය ගැන ඉගැන්වීමට පවා සුදුසු දේශහිතෛශියෙකු ලෙස තමන් විසින්ම නම් කල ජනරාල් ඉතාම කෙටි කාලයක් තුල දේශද්‍රෝහියෙක් බවට රූපාන්තරනය කරන එක ( අවශ්‍යතාවය තිබුනද)එතරම් සරල දෙයක් නෙමෙයි.

ඒ නිසා ජනරාල්ගේ පිල දේශද්‍රෝහී ලෙස නම් කිරීමට මොවුන් උපයෝගී කරගන්නා තර්කය නම් ජනරාල් ට සහය දක්වන අයව හුවා දැක්වීමයි.ඒ අනුව කතන්දරය පෙලගැසෙන්නේ මෙහෙමයි.
මංගල = දේශද්‍රෝහියා
රනිල් = දේශද්‍රෝහියා
එමනිසා ඔවුන් සමග හිටගත් ෆොන්සේකා = දේශද්‍රෝහියා
දර්ශන හා කැලුම් දෙබෑයන්ගේ මෙම අතිශය "සංගත" හා "ගැඹුරු" චතුස්කෝටික තර්කය දැන් අපි අනිත් පැත්තට භාවිත කර බලමු.

ෆොන්සේකා වටා ඉන්නා අයගේ චරිත සහතික පමනක් සැලකීමෙන් නොනැවතී අපි ජනාධිපති අවට ඉන්නා අයගේ චරිත සහතික සසදා බලමු.
1.ජාතික චින්තකයන් රටේ සිදු වූ ඉතාම දේශද්‍රෝහී ක්‍රියාව යැයි හදුන්වන 2002 සටන්විරාම ගිවිසුම හා සාම සංදර්ශන ක්‍රියාවලියේ මහ මොලකරවෝ කවරහුද?ඔවුන් අද සිටින්නේ කොතනද?
කොටි සමග ගිවිසුම් ගැසූ රනිල් විපක්ෂයේ සිටිනවා වාගේම එම සාකච්ඡා සදහා ලොව වටා ඉත සිතින් කරක් ගැසූ මිලින්ද මොරගොඩ,ජී.එල්.පීරිස් වැන්නන් අද රජයේ ප්‍රබල චරිතය.අතීත පාප කර්මය මත රනිල් දේශද්‍රෝහී වන්නේ යැයි කියන්නට ඇරෙන ජාතික චින්තකයන්ගේ කටවල් මොරගොඩ දේශද්‍රෝහියෙක් කියන්නට නොඇරෙන්නේ ඇය?රනිල් ඉන්නා පිල දේශද්‍රෝහී යැයි කියන්නට විසිවෙන කෙල එම ක්‍රියාවම කල මොරගොඩලා ඉන්නා පිල දේශද්‍රෝහී යැයි කියන්නට විසි නොවන්නේ ඇයි?

2.රවි කරුනානායක ගේ අලිමංකඩ පාමංකඩ කතාව මොවුන් දිගටම වාදනය කරයි.තවත් හොදින් හොයා බැලුවහොත් රාජිත සේනාරත්න,හේමකුමාර නානායක්කාර ආදීන් කොටි සංවිධානය ගැන කල අලිමංකඩ කතාවටත් වඩා ආතල් කතා සොයාගත හැකිවනු ඇත.කොටි යනු ත්‍රස්තවාදීන් නොව පූස් පැටවුන් පිරිසක් බව හේමකුමාර ඇමති තුමා 2004 කාලයේ පැවසුවා අපට මතකය.කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය ගැන රාජිත චරිත සහතික දුන් හැටි,යුද විරෝධී පෙලපාලි ගිය හැටි චින්තකයන්ට අමතක වුනාට අපට අමතක නැත.දැන් ප්‍රශ්නය වෙන්නේ එහෙම කරපු රාජිතලා දේශද්‍රෝහී ‍නොවන්නටත් රවි කරුනානායක පමනක් දේශද්‍රෝහී වන්නටත් හේතුව කුමක්ද යන්නයි.

3.කොටි සංවිධානයට හිතවත් ස්ථාවරයක සිටි මනෝ ගනේෂන් ෆොන්සේකාට සහය දැක්වීම මොවුන්ට විශාල ප්‍රශ්නයකි.
නමුත් එවැනිම ස්ථාවරයක් ඉතාම තදින් දරන ලද තොන්ඩමන් හා චන්ද්‍රසේකරන් රාජපක්ෂට සහය දීම දේශප්‍රේමී කදවුරේ ජයග්‍රහනයකි!
කොටි සංවිධානය සමග දේශපාලනිකව එක ස්ථාවරයක සිටි,කොටි සංවිධානය දෙමල ජනයාගේ එකම නියෝජිතයා යැයි පැවසූ දෙමල ජාතික සන්ධානය සමග ජනාධිපති සාකච්ඡාකිරීම ,ඔවුනගේ චන්ද වලට කෙල හැලීම ජාතික චින්තකයන්ට ගැටලුවක් ලෙස නොපෙනේ.එය දේශද්‍රෝහී වැඩක් වනුයේ විපක්ෂය සිදු කල විට පමනි.මේ අවුල පැහැදිලි කරදෙන්නේ චතුස්කෝටිකයේ කුමන කෝටියෙන්ද?

4.ජනාධිපතිගේ පාර්ශවයේ ඉන්නා දේශප්‍රේමීන් කවර වර්ගයේ දේශප්‍රේමීන්ද?
විදේශ ඇමති ධූරය දරන එක් දේශප්‍රේමියෙක් සිය දියනිය‍ගේ උපන් දිනය වෙනුවෙන් ලක්ෂ 300ක උත්සවයක් නිව්යෝර්ක් හි මහ හෝටලයක පවත්වන ලද්දෙකි.මිලදී ගන්නා සෑම සියලු භාන්ඩයක් මත අධික බදු පටවා සමාජය සූරාකා උපයා ගන්නා බදු මුදල් මොවුන් වැය කරන්නේ ඒ විදිහටය.තවත් දේශප්‍රේමියෙක් මාවිල්ආරු සිද්ධියෙන් අසරන වූ ගොවීන්ට ගෙවන්න තිබූ වන්දි මුදලටත් කෙලවූ දේශප්‍රෙමියෙකි.මේ දේශප්‍රේමීන්ගේ වත්කම් බලා සිටිද්දී ඉහල යයි.වීරවංශ නැමැති දේශප්‍රේමයට අධිගෘහිත දේවතාවා කෝටි ගනනක මාලිගාවක් ඉදිකරයි.ආරක්ෂක ලේකම් ඇපලෝහි අධ්‍යක්ෂක මන්ඩල ප්‍රධානියා බවට පත්වේ.රටේ සමස්ත සාරය තමන් වෙත ඇදගන්නා පවුල් පාලනයක් නිර්මානය වි තිබෙන අතර ජාතික චින්තකයන්ට "දේශප්‍රේමී" වී ඇත්තේ එවැනි දූෂිතයන්,ජනතා ද්‍රෝහීන් හා පාදඩයන් බඩපිනුම් ගසන ගර්හිත තන්ත්‍රයකි.

ඇත්ත කාරනය නම් දේශප්‍රේමය පිලිබද කතාව ඉතාම විකෘති විදිහකට භාවිතා කරමින් ඉන්නවා යන්නයි.දේශප්‍රේමය යනු නිකම් වාචාල ලෙස සුද්දන්ට බැන අඩ ගැසීම නොවේ.දේශප්‍රේමය යනු රටට සමාජයට ආදරය කිරීමයි.ඇත්තටම රටට ආදරය කරන්නෙක්ට අධිරාජ්‍යවාදයට පක්ෂ වන්නට බැරිවා සේම රටේ සාරය උරා බොන දූෂිත කිනිතුතල්ලන්ටද පක්ෂ වන්නට නොහැකිය.සැබෑ දේශප්‍රේමියෙක්ට අධිරාජ්‍යවාදයට එකග වන්නට බැරිවා සේම සමාජයේ මූලික අයිතීන් පවා පාගා දමන ව්‍යවස්ථානුකූල ආඥාදායකත්වයකටද එකග වන්නට නොහැකිය.
ලක්ෂ 300 ක උපන්දින සාද පවත්වමින් සදලුතලාවන්හි සරන දූෂිතයන් දේශප්‍රේමය ගැන දොඩන්නේ බොරුවටය.පාලකයන්ට මෙය මිනිසුන් මුලා කරන ලස්සන වචනයක් පමනි.ජාතික චින්කයන්ට මෙය තේරෙන්නේ නැද්ද?තේරුනත් නොතේරුනා සේ සිටිනවාද යන්න අපි නොදනිමු.සිය "සංගත" ප්‍රවාද ලියන බ්ලොග් වල ප්‍රතිචාරයක් පල කල විට පිලිතුරක් වත් දීගැනීමට මෙම චින්තකයන් ඉදිරිපත් වන්නේ නැත.ඒ දෙන්න පිලිතුරු නැති නිසාද,දේශප්‍රේමීන්ගේ ඉහත වර්ගයේ හැසිරීම් පැහැදිලි කරන "අපේ ප්‍රවාදයක්"තවම හදාගන්න බැරි වු නිසාද යන්න අපි නොදනිමු.
කෙසේ වුවද සමාජය දැනට පාලකයන්ගේ ව්‍යාජ රංගනය හා දෙබිඩි පැවැත්ම අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ.
නමුත් කිසිම බලයක් සදාකාලික නැත.
සමාජය එය තේරුම් ගන්නා දිනයක් එනු ඇත.එදිනට දූෂිත ආඥාදායකයන්ට මෙන්ම ඔවුන්ට මතවාදී පන්දම් අල්ලන්නන්ටද සමාජයට වග උත්තර බැදීමට සිදුවනවා ඇත.

You can fool some people for sometime
But you can't fool all the people all the time
So now you see the light
Come stand up for your right!

-Bob marley

40 comments:

  1. රාමචන්ද්‍ර නොදන්නා චතුස්කෝටිකයක්ද මොකද්ද එකක් කතා කොරන්නට ගොස් අනා ගෙන ඇත. වැදගත්

    කෙස් පලන තර්ක භූතයෙක් වීම නොවේ. කරුණු එකින් එක ගෙන සසඳා බැලීමයි.

    1. මිලින්ද මොරගොඩ හා සාම ගිවිසුමේ මහ මොළකරුවන් ඒකීය රාජ්‍ය සංකල්පය ගැන දක්වන මතය ඔවුන් එ.ජා.ප. යේ සිටි කාලයේ දැරූ මතයමද? පැහැදිලිව නැත. එනොසා ඔවුන්ගේ අතීතය දේශ ද්‍රෝහී වූවත් වර්තමානය එසේ නොවේ. අනික් අතට මංගල ආදින් රටේ ඒකීයත්වය පිළිගන්නේ නැත. ඔවුන් තවමත් අර ගොඩේ ඉන්නේ ඒ නිසා මිස වෙනත් හේතු නිසා නොවේ.

    2. රාජිතලා එහෙම කලේ ඒ කාලයේය. මේ පැත්තට මාරු වන විට ඔවුන් එය අතහැර ඇත. එය කලේ ඇත්තටමද, වෙනත් හේතු නිසාදැයි බැලිය හැක්කේ බලයේ ඉන්නා පක්ෂය වෙනස් වුවහොත්ය. 100%ක් දේශප්‍රේමීන් හෝ 100%ක් දේශද්‍රෝහීන් නැත.කෙනෙකු වර්තමානයේ අයත් වන කොටස තෝරා ගැනීමට වැදගත් වන්නේ වර්තමානයේ ඔහු දරන මතයයි.

    3. මනෝ ගනේෂන් උත්සාහ කරන්නේ සරත් ෆොන්සේකා තම මතයට අනුගත කර ගැනීමටයි. ඒ අනුව ඔහු තවමත් ඔහුගේ ඉල්ලීම් එකක් වත් අඩු කොට හෝ නොමැත. තොණ්ඩමන් හා චන්ද්‍රසේකරන් අනුගතව ඇත්තේ මහින්ද චින්තනයටයි. අතීතයේ එ.ජා.ප. ආණ්ඩු යටතේ මෙන් චන්ද්‍රසේකරන් චින්තනය හෝ තොණ්ඩමන් චින්තනය ක්‍රියාවේ යෙදවීමට ඉඩ ලැබී නැත. මනෝ ගනේෂන් සම්බන්ධයෙන්, වලිගය විසින් බල්ලා වනයි. තොණ්ඩා සම්බන්ධව බල්ලා විසින් වලිගය වනයි.

    4. වර්තමාන පාලකයන් දූෂිත බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. නමුත් ඔවුන් වෙනුවට පත් කරන්නට ඉන්නේත් නැව් ගිලින ලද හොරු ටිකකි. තුන් වන බලවේගයත් එසේමය. එහි ඇත්තේද කප් ගැසූ හොරුය. එනිසා මේ කරුණ සම්බන්ධව ඔබ හා එකඟ වෙමි.

    ජාතික චින්තනය යන්න නලීන් සිල්වා මොඩල් එකට දමා විකෘති කර පෙන්වන්නට රාමචන්ද්‍රට අවශ්‍ය ව ඇත්තේ ඔහු කඩේ යන සමාජවාදය යනු අමූලික මනෝරාජික තත්වයක් බව ඇස් පනාපිට ඔප්පුවී තිබියදීය.

    ReplyDelete
  2. දැන් අපි රාමචන්ද්‍ර කඩේ යන සමාජවාදී බලවේග වලින් මේ ප්‍රශ්න කීපය අසමු.

    අ. විධායකය කෙබඳු විය යුතු දැයි ඔබ අදහස් කරන්නේද? (පාර්ලිමේන්තුවට වග කියන ජනපති / විධායක අගමැති / වෙස්ට්මිනිස්ටර් ක්‍රමය / වෙනත් - සඳහන් කරන්න )

    ආ. සරත් ෆොන්සේකා මහතා විධායක ජනපති ධූරය අහෝසි කරනු ඇතැයි ඔබ සිතන්නේද? (ඔව් / නෑ)

    ඇ. ඉහත ආ සඳහා උත්තරය ඔව් නම්, සරත් ෆොන්සේකා මහතා සහ ඔහුගෙ නියෝජිත පක්ෂ එය කරන්නේ කෙසේද?

    ඈ. ඉහත ආ සඳහා උත්තරය නෑ නම්, සරත් ෆොන්සේකා මහතා අතීත ජනපති වරුන් මෙන්ම ඔබව නැවතත් රවටා ඇති බව ඔබ පිළිගන්නවාද? (ඔව් / නෑ)

    ඉ. ෆොන්සේකා මහතා අනුගමනය කරතැයි කියන ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට ඔබ එකඟද? (ඔව් / නෑ)

    ඊ. ඉහත ඉ සඳහා උත්තරය ඔව් නම්, ඔබ පක්ෂය තවදුරටත් වාමංශික පක්ෂයක් නොවන බව පිළිගන්නවාද?

    උ. ඉහත ඉ සඳහා උත්තරය නෑ නම්, එසේ නම් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන්නේ කෙලෙසද?

    කව ප්‍රශ්න බොහෝ තිබෙතත් ඔය ටික දැවට ඇති වේ.

    ReplyDelete
  3. අනේ හොර ජෙප්පට අඩෙන්නම දීලා,,,,,,අනේ මේ ජේ වී පී වෙසගන ගෑන කියන්න එපා අපිට,උම්බෑ,,,,ගෙවල් පුච්චන කොට,බස් ගිනි තියන කොට,මිනී මරනකොට,කොහෙද දන්නේ නෑ ඕක තිබුනෙ

    ReplyDelete
  4. Good analysis about this 'boru deshapremiyo.' Also, Mangala was the campaign manager and maha mola karu of Mahinda's victory in 2005. Ethakota, ohu deshapremiyeki, ada ohu deshadrohiyeki. Ape rate politconta deshapremi/deshadroyi yana yedum sarala vadi bawa mage mathayayi.

    ReplyDelete
  5. ලංකීක දේශපාලන ක්‍රේෂතුය අද බිඳ වැටී යමින් වැඩ වසම්වාදය නැවත හිස ඔසවන අතරම දැන් ඒ සදහා පැහැදිලිව දේශප්‍රේමී-දේශද්‍රෝහී හා රජ-ජනාධිපති භේද යොදා ගනීනු ලැබෙයි.

    එදාට නැක අද අද හොඳ වීමත් නිර්ලැජ්ජිත ගතිය රනිල්ටත් කණගාටුවෙන් වුවද අද සෝමේටත් මෙන්ම මිගාරගේ සදාරණිය මහින්දටත් අඩු වැඩියෙන් තිබෙයි. මිගාරගේ ක්මෙන්ට්ටු හා අද ජවිපෙ හා යුඑන්පී කියන දේ දැක මට හිනා වෙන්නද නැත්තං අඩන්නද මන්දා!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. @ ~බිன்ku~

    අඬන්න හිතෙනවා නම් ඇඬුවාට කමක් නැත. හැබැයි ඉතින් බින්කුලාට ඇඬෙන්නේ සිංහලයන්ට හා ජාතික මතවාදයට කෙළ වෙන අවස්ථා වලදි නොවන බව ඉතිහාසය විසින් හොඳාකාරවම ඔප්පු කොට ඇත.

    ReplyDelete
  8. හොඳ post එකක්.2005 රනිල් දිනවන්නට කියූ රාජිත,ලොකුගේ,ලක්ෂ්මන්යාපා,හේම කුමාර අද වන තුරු තම රජය(2002 එ.ජා.පෙ.) අත්සන් කළ සටන් විරාම ගිවිසුම වැරදි යැයි පවසා නැත.එය වැරදි නම් ඔවුන්ට එය හදා ගන්න තිබුණේ 2005 ජනාධිපතිවරණය නිමවෙන්නට පෙරය.මහින්ද දින්නාට පස්සේ නොවේය.අනෙක මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ඇමතිකම් ඕනෑ නැත.ඔය ආණ්ඩුවට ගිය හැමෝටම විපක්ෂයේ වාඩිවී ගෙන ඉඳිමින් මහින්දගේ පැත්තට අත උස්සන්න තිබුණි.තවද අද වැඩිපුරම කෑ ගහන රාජිත,ඩිලාන් යුධ විරෝධී පෙරමුණේ පාගමන් ගිය අය වෙති.එබැවින් මහින්ද සිටින්නේද බොරු දේශප්‍රේමීන්ගේ ගොඩේය.
    අනෙක කරුණා අම්මාන්ලා,පිල්ලෙයාන්ලා තමුන්ගේ අතින්ම මිනී මැරුවෝ වෙති.මනෝගනේෂන් එවැනි ආයුධ දැරූවෙක් නොවන අතර,ඔහු ෆොන්සේකා මහතාට ඉදිරිපත් කර ඇති කිසිදු කොන්දේසියක් අප රටට වින කරන්නක් නොවේ.
    හැබැයි අද ආණ්ඩුව නම් එදා කොටි කියා හංවඩු ගැසූ දෙමළ සන්ධානය පස්සේ ඡන්ද හිඟා ගෙන යන බව ආරංචිය.ඔවුන් ඉල්ලන ඕනෑම දෙයකට එකඟ වී මහින්ද දෙමළ ඡන්ද ගන්නා බව නොඅනුමානය.

    ReplyDelete
  9. අප රටේ හැමදාම පැවතුනේ පුද්ගල වන්දනාවකි. අන්ධ භක්තියෙන් වන්දනා කරන විට අදාල පුද්ගලයා කරන සියලු අයහපත් ක්‍රියාවන්ද සාධාරණියකරණය වේ. නාස්තිය, දූෂණය, ඥාති සංග්‍රහය ආදිය දේශප්‍රේමී සහ ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ කෙසේදැයි විමසීම වටී.

    ReplyDelete
  10. රාජිත, හෙමා, 2002 දී රූපවාහිනි සංවාදයකට සහභාගී වෙමින් පැවසු වදන් මිගාරලා සහ දුශිත ආණ්ඩුවට කඩේ යන්නන් සහමුලින්ම අමතක කර දමා ඇත.
    පැය විසි හතරකට කලින් දේශද්‍රොහි කඳවුරෙ සිටි එස් බී යුගයේ දෙශපෙර්මියා වී ඇත.
    අයි ටි එන් එකේ "මහජනතාව" ප්‍රීති ප්‍රමොදයෙන් මත්වී අදහස් දක්වති.
    සැබැවටම ලංකාවට අවශ්ය ජනාධිපති කෙනෙක් නොව "ගොපොල්ලෙකි"

    ReplyDelete
  11. මිගාර අපි නම් අහල තියෙන්නෙ රාජිතල පැත්ත මාරු කලේ විජේදාස රාජපක්ෂගෙ කොප් වාර්තාවට බයේ කියල.

    එ. ජා. ප. මන්ත්‍රීන් 17 දෙනකුගේ දූෂණ ලිපිගොනූ ආණ්ඩූව සතු නම් පරීකෂණ පවත්වා ඔප්පූ කරන්න
    රාජිත සේනාරත්න
    http://www.divaina.com/2005/04/20/news13.html

    ඔය රාජිතල නිකං බබ්බු වගේ රටම කියද්දි සටන් විරාමෙන් රට පාවා දුන්න කියල මෙයාලට ඒවා තේරෙන්නෙ නෑ ඔහේ ඉන්නවා හෙන දේශප්‍රේමී නම් එජාප ආණ්ඩුව පෙරලල මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න තිබ්බා

    මනෝ ගනේෂන්,මංගල මේ වගේම (රාජිතලා එහෙම කලේ ඒ කාලයේය. මේ පැත්තට මාරු වන විට ඔවුන් එය අතහැර ඇත.)කරල ඇති

    ReplyDelete
  12. @ FMA

    ඔබට කියවා තේරුම් ගැනීමේ අපහසුවක් ඇත් දැයි සිතේ.

    "එය කලේ ඇත්තටමද, වෙනත් හේතු නිසාදැයි බැලිය හැක්කේ බලයේ ඉන්නා පක්ෂය වෙනස් වුවහොත්ය"

    ReplyDelete
  13. "2005 රනිල් දිනවන්නට කියූ රාජිත, ලොකුගේ, ලක්ෂ්මන්යාපා, හේම කුමාර අද වන තුරු තම රජය(2002 එ.ජා.පෙ.) අත්සන් කළ සටන් විරාම ගිවිසුම වැරදි යැයි පවසා නැත"

    මේ ප්‍රකාශය වැරදිය. රාජිත සේනාරත්න බොහෝ අවස්ථා වල සාම ගිවිසුම විවේචනය කොට තිබේ

    "එය වැරදි නම් ඔවුන්ට එය හදා ගන්න තිබුණේ 2005 ජනාධිපතිවරණය නිමවෙන්නට පෙරය.මහින්ද දින්නාට පස්සේ නොවේය"

    ඔවුන් මේ ආණ්ඩුව සමග එක් වූයේ යහපත් චේතනාවෙන්දැයි නොදනිමු. නමුත් ඔවුන් එසේ එක් වූයේ තම ස්ථාවරයන් වෙනස් කර ගැනීමෙන් පසුවය

    ReplyDelete
  14. "අනෙක මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ඇමතිකම් ඕනෑ නැත. ඔය ආණ්ඩුවට ගිය හැමෝටම විපක්ෂයේ වාඩිවී ගෙන ඉඳිමින් මහින්දගේ පැත්තට අත උස්සන්න තිබුණි"

    GL, SB, විජේදාස රාජපක්ෂ, ශ්‍රී.ල.නි.ප. යේ ඉඳ එ.ජා.ප.යට පන්නා ගන්නේ නැතුවද ඔය කටයුත්තම කළ හැකිව තිබිනි. මේ ගැන EMS ගේ කටේ පිට්ටු හිර වී ඇත

    "තවද අද වැඩිපුරම කෑ ගහන රාජිත,ඩිලාන් යුධ විරෝධී පෙරමුණේ පාගමන් ගිය අය වෙති"

    දැන් ඔවුන් පා ගමන් යන්නේ නැත. වැදගත් වන්නේ වර්තමාන ප්‍රතිපත්ති මිස අතීත ඒවා නොවේ


    "එබැවින් මහින්ද සිටින්නේද බොරු දේශප්‍රේමීන්ගේ ගොඩේය"

    මනොගනේෂන් දේශප්‍රේමියෙක් ලෙස සලකන මෙ ලියන්නා කැමති එලෙස දැකීමටය. නමුත් රටවැසියා මේ බ්ලොග්කරු (ems) තරම් ඔලමොට්ටල හෝ මරිමෝඩ නැත

    "අනෙක කරුණා අම්මාන්ලා,පිල්ලෙයාන්ලා තමුන්ගේ අතින්ම මිනී මැරුවෝ වෙති. මනෝගනේෂන් එවැනි ආයුධ දැරූවෙක් නොවන අතර,ඔහු ෆොන්සේකා මහතාට ඉදිරිපත් කර ඇති කිසිදු කොන්දේසියක් අප රටට වින කරන්නක් නොවේ"

    කරුණා අම්මාන් ලා, පිල්ලෙයාන් ලා, අප රටේ ස්වාධීනත්වය පිළිගනිති, එහි ඒකීය බව පිළිගනිති. එ මගින් ඔවුන් තවත් දෙමළ කැරැල්ලකට ඉඩ නොදෙයි. මනෝ ගනේෂන් තවමත් කඩේ යන්නේ දෙමළ ජාතිවාදයටය. කරුණා හා පිල්ලෙයාන් ලා නටන්නේ රාජපක්ෂ ගේ පදයටය. ඒත් රනිල් නටවන්නේ මනෝගනේෂන්ලාය. මනෝගනේෂන් හදන්නේ තම ප්‍රතිපත්ති වලට සරත් ෆොන්සේකා මහතා එකඟ කර ගැනීමට මිස ඔහුගේ ප්‍රතිපත්ති වලට එකඟ වීමට නොවේ. මෙය වලිගය විසින් බල්ලා වැනීමකි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කලේ සුළු පක්ෂ වලට වැඩිපුර නටන්නට නොදිමයි. මෙහිදි බල්ලා විසින් වලිගය වනනු ලබයි

    "හැබැයි අද ආණ්ඩුව නම් එදා කොටි කියා හංවඩු ගැසූ දෙමළ සන්ධානය පස්සේ ඡන්ද හිඟා ගෙන යන බව ආරංචිය.ඔවුන් ඉල්ලන ඕනෑම දෙයකට එකඟ වී මහින්ද දෙමළ ඡන්ද ගන්නා බව නොඅනුමානය"

    ඒ EMS සිතීමට කැමති ජඩ ආකාරයයි. එ. ජා. ප. ය මෙන් නොව වර්තමාන ආණ්ඩුව සුළු ජාතික පක්ෂ පොදු වැඩ පිළිවෙලකට එකඟ කරවා ගෙන ඇත. එදා මෙන් තොන්ඩලා, හකීම් ලා අද රජුන් තනන්නන් නොවේ

    ReplyDelete
  15. කෙස් නොපැලෙන තර්ක ඉදිරිපත් කරන භූතයෙකු වන මිගාරයන් ‍ගේ කරුණු දැක්වීමට අදාලව >

    1. [migara says:"මිලින්ද මොරගොඩ හා සාම ගිවිසුමේ මහ මොලකරුවන් ඒකීය රාජ්‍ය සංකල්පය ගැන දක්වන මතය ඔවුන් එ.ජා.ප යේ සිටි කාලයේ දැරූ මතයමද? පැහැදිලිව නැත. එනිසා ඔවුන්ගේ අතීතය දේශ ද්‍රෝහී වුවත් වර්තමානය එසේ නොවේ."]

    මොරගොඩ සහ ඔය කියන අය එදා දැරූ මතය අද දරන්නේ නැහැ කියල ඔබ තුමා කියන්නේ කොහොමද? දිවැසින්ද? එහෙම කියන්නේ අද ඔවුන් මහින්ද තුමා එක්ක ඉන්න හින්ද හා ඔවුන් කියන දේවල් හින්දා ද? එතකොට ඔය කට්ටිය ඔය කියන දේවල් කිය්නනේ අවංකවමද නැතිනම් අපිව රවට්ටන්න වෙන්න බැරිද? නැත්නම් මහින්ද තුමා එක්ක ඉන්න හැමෝම මොකා උනත් දේශප්‍රේමී වෙනවද? මංගල එදා දේශප්‍රේමීද? මංගල එදා කිව්ව දේවලුයි අද කියන දේවලුයි වල දේශදෝහී ඒවායි දේශප්‍රේමී ඒවා මොනවාද කියල ඔබතුමාට කියන්න පුලුවන්ද? ඔක්කොටම වඩා මොරගොඩ සහ පිරිස මහින්දාවන්දනයට ආවේ එයාලා‍ගේ වැරදි තේරූම් අතගත්තු හින්දද? ඔයා කියන දේවල් වලින් තේරෙන්නේ එහෙමය. ඔයාට හොදටම සුවර් ද?

    [migara says:"100%ක් දේශප්‍රෙමීන් හෝ 100%ක් දේශද්‍රෝහීන් නැත. කෙනෙකු වර්තමානයට අයත් වන කොටස තෝරා ගැනීමට වැදගත් වන්නේ වර්තමානයේ ඔහු දරන මතයයි."]

    ඔය විදියට දේශදෝහියා දේශප්‍රේමියා බෙදන්නේ කොහොමද? මට හරියට තේරෙන්නේ නැත. සංගත, සම්පූර්ණ පිළිතුරක් අපේක්ෂා කරමි.

    පුංචි විහිළු ප්‍රශ්නයක්. මිගාරයන්ගේ දේශප්‍රේමය සියයට කීයේද?


    [migara says:"තොන්ඩමන් හා චන්දුසේකරන් අනුගතව ඇත්තේ මහින්ද චින්තනයටයි."]

    ඔයාට හොදටම සුවර්ද? එහෙම වෙලා තියෙන්නේ කොයි විදියටද? මනෝ ගනේෂන් දේශදෝහියෙකු නම් කපටිකමට පැත්ත මාරු කරන මේ ඩබල වාගේ උන් මොක්කුද? මහින්දාවන්දනය නිසා උන්ගේ දේශදෝහී කුණු සේදී දේශප්‍රේමීන් බවට රූපාන්තරණය වෙලා වත්ද?

    [migara says:"වර්තමාන පාලකයන් දූෂිත බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. නමුත් ඔවුන් වෙනුවට පත් කරන්නට ඉන්නේත් නැව් ගිලින ලද හොරු ටිකකි. තුන් වන බලවේගයත් එසේමය. එහි ඇත්තේද කප් ගැසූ හොරුය."]

    තුන්වන බලවේගය කියන්නේ කවුදැයි නොතේරේ. පැහැදිලි කරන්නේ නම් තුති.
    එන්න ඉන්න හොරුන්ට වඩා ඉන්න හොරු හොඳවිය හැකි නිසා අපි එහෙනම් ඉන්න හොරුන්ට හොරු කියනවා ඇරෙන්න වෙන මොකුත් නොකිය ඉමු නේද?


    [migara says:"ජාතික චින්තනය යන්න නලීන් සිල්වා මොඩල් එකට දමා ---
    ---කඩේ යන සමාජවාදය යනු අමූලික මනෝරාජික තත්වයක් බව ඇස් පනාපිට ඔප්පුවී තිබියදීය."
    ]

    ඔය ජාතික චින්තනය කියන එක ලංකාවට ගැලැපුවෙත් නලීන් ගොයියයි අර අමරෙ දොස්තර මහත්තයයි නේද? එතකොට නලීන් ද සිල්වා මොඩල් එක කියල ජාතික චින්තනයේ විකෘති මොඩල් එකකුත් තියෙනවද?

    සමාජවාදය අමූලික මනෝරාජික විත්තිය ඇස් පනාපිට ඔප්පුවී තිබුනේ කොහේද? අනේ අපටත් දැනගන්න කියන්න.

    ReplyDelete
  16. මිගාරගේ MCQ වලට මගෙනුත් උත්තර >

    අ.පාර්ලිමේන්තුවට වග කියන ජනපති.

    ආ. නැනේ.

    ඇ. - (මේ ප්‍රශ්නෙ මට අදාල නෑ හොදේ.)

    ඈ. -
    (නැනේ. තාම ඒකා දිනලත් නෑ. රවටලත් නෑ. බලාපොරොත්තු වෙන දේම නම් කරන්නේ රැවැට්ටුවා කියන්නේ කොහොමද? ඒ හින්දා ප්‍රහ්නෙ වැරදියි නේද? pls check this question and ask again.)

    ඉ. එහෙම කරනවැයි කියනවද? ඔන්න මම නම් එකඟ "නෑ" හො‍‍ඳේ.

    ඊ. ආයෙත් පාරක් මේ ප්‍රශ්නේ මට නම් අදාල නෑ. මම ඒකට ඔවු කීවත් මට අදාල නෑ. මොකෝ මම වාමාංශික දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් නෙමෙයිනේ. වැරදි ප්‍රශ්නයක්. වාමාංශික දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ගෙන් විමසන්න.

    උ. ඒකට නම් උත්තරේ දිගයි. දැන් වේලාවක් නෑ. පස්සේ බලමු.


    තව උත්තර නම් බොහෝ තිබෙතත් ඔය ටික දැනට ඇති වේ.

    ReplyDelete
  17. දේශප්‍රේමය හා දේශද්‍රෝහීත්වය යනු ලාංකීය දේශපාලනය තුල බහුලව යොදා ගැනුනේත්, දැනුදු යොදා ගැනෙන්නේත් අතිශය සරල සහා ප්‍රචාරකවාදී ආකාරයකිනි. දශක 30කට අධික ගැටුම් සහිත කාලවකවානුවක සිට පශ්චාත් යුද වකවානුවක් වන අද පවා ලාංකීය (අ)දේශපාලනයේ උත්කර්ෂවත් ම වචනය 'දේශප්‍රේමය' වෙයි. ජවිපෙ දේශපාලනය තුල දැඩි හැඟීමකින් යුතුව උච්චාරණය කෙරුණු 'දේශප්‍රේමය' ඉන් ඉක්බිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අච්චාරු පෙරමුණු සිය ප්‍රතිගාමී සෙළුව ආවරණය ‍කරගනු පිණිසද, ඉන් නොනැවතී එක්සත් ජාතික පක්ෂය විසින් වරින් වර විසුළු සහගත පරිදි ද'දේශප්‍රේමය' යන්න වර නැගීය. 'දේශප්‍රේමය' වෛශ්‍යයා වෘත්තියේ යෙදවීය.මේ කිසිදු පිරිසක් සැබැවින්ම 'දේශප්‍රේමය' යන්නෙහි මතුපිට අරුත මිස එය හරයාත්මක ලෙස වටහා ගත්තාදැයි සැක සහිතය.

    පසුගිය යුදමය සමය තුලදී මෙන්ම අදද 'දේශප්‍රේමය' යොදැ ගැනේන්නේ ඉහත පරිදිම උපයෝගීතාවාදී සහ පටු අර්ථයකින් පමණි. නලීන් (සහ එහෙයි ගෝලයන්) ගේ චතුස්කෝටික දැක්ම පවා ද්වීකෝටිකය තුල හිරකර ඇති මෙම දේශප්‍රේමී සහ දේශද්‍රෝහී තර්කනය පශ්චාත් යුදකාලීන ලංකාවේ මේ මොහොත තුල ක්‍රමයෙන් 'ජොක්' වී යාම යනු මෙම ජනාධිපතිවරණ සමය තුල රටට ලැබෙන වැදගත්ම ප්‍රතිලාභ වලින් එකක් විය හැකිය.

    ReplyDelete
  18. මිගාර අතහරිමි. මිගාරට මහින්දටත් වඩා මහින්දගේ අනුගාමිකයින් ගැන ඇත්තේ හසල දැනුමකි.කොටින්ම මිගාර හා කතා කර පලක් නැත..
    රාමා, හැබැයි සරත් ගැන නම් මගේ විශ්වාසය සෘණ ගානට බැස ඇත. මහින්ද ජනපතිවරණයට ඉල්ලන කොට මිනිස්සු හිතාගෙන හිටපු දේවල් දැන් සරත්ගෙ පැත්තට එල්ලවෙලා. හුදෙක් මෙතන තියෙන්න ඕනි රජතුමා පරාදකරන අරමුණ විතරනේ ඒකනිසා සරත් ආපු එකත් විකාරයි...

    ReplyDelete
  19. "රාජිත සේනාරත්න බොහෝ අවස්ථා වල සාම ගිවිසුම විවේචනය කොට තිබේ"

    "නමුත් ඔවුන් එසේ එක් වූයේ තම ස්ථාවරයන් වෙනස් කර ගැනීමෙන් පසුවය"

    "එය කලේ ඇත්තටමද, වෙනත් හේතු නිසාදැයි බැලිය හැක්කේ බලයේ ඉන්නා පක්ෂය වෙනස් වුවහොත්ය"

    මිගාර UNP පක්ෂ අය ආරක්ෂා කරන්න ඔච්චර කැත විදියට කඩේ යන්නෙ ඇයි ?

    ReplyDelete
  20. රාමචන්ද්‍ර සහතික ඇත්ත කියල තියෙන්නෙ

    ReplyDelete
  21. "මිගාර UNP පක්ෂ අය ආරක්ෂා කරන්න ඔච්චර කැත විදියට කඩේ යන්නෙ ඇයි ?"

    මෙතන සමහරු කියන්නේ මම මහින්දට කඩේ යන බවකි. සමහරු තියන්නේ සිංහල ජාතිවාදයට කඩේ යන බවකි. දැන් ඔබ කියන්නේ UNP එකට කඩේ යන බවකි. මින් නිවැරදි කවුදැයි සොයි ගැනීම මහත් ප්‍රශ්නයකි.

    ReplyDelete
  22. අනිත් අය ගැන කියන්න දන්නෙ නෑ පැහැදිලිවම පේනවා හොරකම් කරපු UNP අය ආරක්ෂා කිරීමට මිගාර විකාර දොඩවන බව

    ReplyDelete
  23. VReader said: "මොරගොඩ සහ ඔය කියන අය එදා දැරූ මතය අද දරන්නේ නැහැ කියල ඔබ තුමා කියන්නේ කොහොමද? දිවැසින්ද? එහෙම කියන්නේ අද ඔවුන් මහින්ද තුමා එක්ක ඉන්න හින්ද හා ඔවුන් කියන දේවල් හින්දා ද?"

    දිවැසින් දැකීමට තවම් හැකියාවක් ලැබී නැත. ඇති එකම ක්‍රමය නම් ඔවුන් කරන කිඅයන් දේ අනුව බැලීමය. එහෙම නැතිව වෙනත් ක්‍රමයක් ඇත්නම් යෝජනා කරන මෙන් ඉල්ලා සිටිමි.

    VReader said: "එතකොට ඔය කට්ටිය ඔය කියන දේවල් කිය්නනේ අවංකවමද නැතිනම් අපිව රවට්ටන්න වෙන්න බැරිද?"

    වෙන්න පුළුවන්, එහෙම නැහැ කියල කොහොමවත් කියන්නෙ නැහැ. "අනේ සුදෝ ඔයා තමා මගේ ජීවිතේ" කියලා කෙල්ල මත්තේ හැපි හැපි ලව් කරන කොල්ලො, දැන් ඉන්න එකට වඩා සිරා බඩුවක් දැක්ක ගමන් වචන වෙනස් කරන රටේ ඔවා කොහොමද විශ්වාස කරන්නේ? හැබැයි, මේකට වෙනත් හොඳ ක්‍රමයක් තියෙනවා නම් යෝජනා කරන්න

    vReader said: "නැත්නම් මහින්ද තුමා එක්ක ඉන්න හැමෝම මොකා උනත් දේශප්‍රේමී වෙනවද? මංගල එදා දේශප්‍රේමීද? මංගල එදා කිව්ව දේවලුයි අද කියන දේවලුයි වල දේශදෝහී ඒවායි දේශප්‍රේමී ඒවා මොනවාද කියල ඔබතුමාට කියන්න පුලුවන්ද?"

    මංගල අයිති වෙලා ඉන්නේ සිටිය යුතු පැත්තේ. ඔය මතවාදී ගැටීම හින්දා තමයි එයාට "ම" පිළක් හදාගෙන එලියට බහින්න වුනේ.

    vReader said: "ඔක්කොටම වඩා මොරගොඩ සහ පිරිස මහින්දාවන්දනයට ආවේ එයාලා‍ගේ වැරදි තේරූම් අතගත්තු හින්දද? ඔයා කියන දේවල් වලින් තේරෙන්නේ එහෙමය. ඔයාට හොදටම සුවර් ද?"

    මෙයාටත් කියවන්නට බැරි ලෙඩේ හැදී ඇති හැටියකි.

    "ඔවුන් මේ ආණ්ඩුව සමග එක් වූයේ යහපත් චේතනාවෙන්දැයි නොදනිමු. නමුත් ඔවුන් එසේ එක් වූයේ තම ස්ථාවරයන් වෙනස් කර ගැනීමෙන් පසුවය"


    ඔවුන් එසේ කළ චේතනාව අපට දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් විපක්ෂයට ගිය විටය. එවිට නැවත ආන්ඩු පක්ෂයට පැන, කලින් අනුගමනය කල ප්‍රතිපත්ති වල සිටියොත් ඔවුන්ගෙ අරමුණැ ගැන හොඳ අදහසක් ගත හැකිය

    ReplyDelete
  24. vReader said: "ඔය විදියට දේශදෝහියා දේශප්‍රේමියා බෙදන්නේ කොහොමද? මට හරියට තේරෙන්නේ නැත. සංගත, සම්පූර්ණ පිළිතුරක් අපේක්ෂා කරමි"

    පිළිතුර පැහැදිලිව දී ඇත. "කෙනෙකු වර්තමානයට අයත් වන කොටස තෝරා ගැනීමට වැදගත් වන්නේ වර්තමානයේ ඔහු දරන මතයයි."

    VReader said: "මිගාරයන්ගේ දේශප්‍රේමය සියයට කීයේද?"

    මම මටම සහතික දී ගැනීම සදාචාරවත් නැහැ නේද? ඒක කරන අයට කරන්න දෙමු.

    vReader said: "ඔයාට හොදටම සුවර්ද? එහෙම වෙලා තියෙන්නේ කොයි විදියටද? මනෝ ගනේෂන් දේශදෝහියෙකු නම් කපටිකමට පැත්ත මාරු කරන මේ ඩබල වාගේ උන් මොක්කුද? මහින්දාවන්දනය නිසා උන්ගේ දේශදෝහී කුණු සේදී දේශප්‍රේමීන් බවට රූපාන්තරණය වෙලා වත්ද?"
    කියන්න බලන්න එහෙනම් තොන්ඩමන් ඒකීය රටකට විරුද්ධ වෙලා තියෙනවද? (ආණ්ඩුව ඇතුලේ ඉඳන්). චන්ද්‍රසේකරන් සැරයක් එහෙම කතාවක් කියලා කාඩ් කුඩු කරන් එලියට විසිවෙලා මධ්‍යම පළාතට තනියෙන් තරඟ කලේ. ඒවුනාට මනෝ ගනේෂන් කියන්නේ මොකද්ද?

    සරත් ෆොන්සේකා මහතා ඒකීය රටක් යෝජනා කරනවා නම් හා මනෝගනේෂන් ඒකට එකඟ වෙනවා නම් එවිට ඔවුන් ගැන මට කිසිදු ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය ඇත්තේ ක්‍රියාතමක වන ප්‍රතිපත්ති සම්බන්ධව මිස පුද්ගලයා සම්බන්ධව නොවේ.


    vReader said: "තුන්වන බලවේගය කියන්නේ කවුදැයි නොතේරේ. පැහැදිලි කරන්නේ නම් තුති.
    එන්න ඉන්න හොරුන්ට වඩා ඉන්න හොරු හොඳවිය හැකි නිසා අපි එහෙනම් ඉන්න හොරුන්ට හොරු කියනවා ඇරෙන්න වෙන මොකුත් නොකිය ඉමු නේද?"

    කවුද ඉතින් සහෝදරවරු මිස!

    ඔයා අහල තියෙනවද කාණුවක වැටිල හිටපු නරියා ගැන? ඌ ව දැකපු මිනිහෙක් අහුවලු "ඔය අඟේ ඉන්න කිණිතුඉල්ලො රෑන අයින් කර්න්නද" කියල. එතකොට නරිය කිවුවලු "අනේ එපා, දැන් උන් ලේ බීල බඩ පිරිලා ඉන්නේ. උන් අහක් කළොත්, තව බඩගිනි උන් රංචුවක් ඇවිත් මීටත් වැඩියෙන් ලේ බොයි" හොරකම ගැනත් ඔහොමමයි.

    අනික හොරු රෑනක් අවිත්, ඉන්න හොරු රෑනක් එලවල තමන්ව පත් කරන්න කියල කියන්නේ "අරුන් හොරුන් නිසා" විතරක් නම් පරණ හොරු වෙනුවට අලුත් හොරු පත් කර ගැනීමේ තේරුමක් නැත.

    ReplyDelete
  25. "ඔවුන් එසේ කළ චේතනාව අපට දැන ගැනීමට ලැබෙන්නේ ඔවුන් විපක්ෂයට ගිය විටය. එවිට නැවත ආන්ඩු පක්ෂයට පැන, කලින් අනුගමනය කල ප්‍රතිපත්ති වල සිටියොත් ඔවුන්ගෙ අරමුණැ ගැන හොඳ අදහසක් ගත හැකිය"

    මිගාර විපක්ෂයෙ ඉදන් ආණ්ඩුවට ගිය අය තමා මිලින්දල

    බීරි අලින්ට වීණා ගායනය පලක් නැත

    ReplyDelete
  26. @ සියල්ලන්ම
    පිලිතුර පමා වීම ගැන සමාව

    @ මිගාර
    - රාජිත මොරගොඩ තොන්ඩමන් හා ඒ වර්ගයේ නහුතයක් උදවිය පැති මාරු කලේ/කරන්නේ බලය හා වරප්‍රසාද උදෙසාය.රට වෙනුවෙන් පැති මාරු කරනවා යන්න තමන්ගේ මජරකම වහගන්න කරන බොරුවක් යැයි ඔබට නොතේරෙනවා නම් ඒ ගැන අනුකම්පා කරනවා හැර කරන්න වෙන දෙයක් මට නොතේරේ.රනිල් නැගලා යන කාලෙ මේ අය රනිල් එක්ක ලගි.මහින්දට සරු කාලේ මහින්ද එක්ක ලගී.බැරිවෙලාවත් ප්‍රභාකරන් නොමැරී ජනාධිපති වුනා නම් මේ ලැජ්ජා නැති දේශපාලකයන් ප්‍රභාකරන්ගේද දෑත් "රට වෙනුවෙන්" ශක්තිමත් කරනු ඇත.මුන්ගේ ඒකීය සන්ධිය කතා ඒ වෙලාවට කරන බොරු බව තේරුම් ගන්න අමුතු දැනුමක් අවශ්‍ය නොවේ.හැරත් මේ අය රාජ්‍යයේ ඒකීයභාවය පිලිගන්නවා යැයි කියා තිබෙන්නේ කොහෙද?පෙන්වා දෙන්නේ නම් අගී
    -ඔබ දේශප්‍රේමය මනින්නේ ඒකීයභාවය පිලිගන්නවා කියල ටීවි එකක් ඉදිරියේ කියන එකෙන් නම් දේශප්‍රේමය ගැන ඔබට තියෙන කියවීම ඉතාම පටු එකක් බව අකමැත්තෙන් වුවද කිව යුතුය.ටීවි එක ඉදිරියේ ඒකීයභාවය,රට ජාතිය ගැන වාචාල කතා කීඹ ඕනෑම අලුගුත්තේරුවෙක්ට කල හැකි පහසු වැඩකි.යමෙක් දේශප්‍රේමීද නැද්ද යන්න මැනිය යුතු නිර්නායකය කතාව නොව භාවිතයයි.රටේ මිනිසුන් මූලික අවශ්‍යතා ඉටු කරගත නොහැකිව දුක් විදින විට එම ජනයාගේ බදු මුදල් ගසා කන,මසකට ලක්ෂය බැගින් ගෙවල් කුලී ගිලින,මාලිගා නිමවන පාදඩයන් රූපවාහිනිය ඉදිරියේ ජාතික ටෝක් දුන්න පමනින් දේශප්‍රේමීන් වන්නේද?සැබෑ දේශද්‍රෝහීන් නම් ජනතාවට වංචා කරන මේ ජනතා ද්‍රෝහීන්ය.මොවුන්ට වඩා ( දේශපාලනකිව මා විරුද්ද වුනත්) වරප්‍රසාද වෙනුවෙන් තම ස්ථාවරය පාවා දෙන්නේ නැතිව තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් දේශපාලනය කරන මනෝ ගනේෂන්ලාද ගරු කටයුතු උදවියය.
    ඊලගට ඔබේ ප්‍රශ්න වලට මට ඇති පිලිතුරු ඉහත වී රීඩර් දුන් පිලිතුරු හා එතරම් වෙනස් නොවේ.
    සරත් ෆොන්සේකා මේ මොහොතේදි දිනවිය යුතු යැයි දේශපාලනකිව මම සිතන්නේ සරත් දෙවියෙක් නිසා වත් සරත්ගේ සකල අදහස් සමග එකග වෙන නිසාවත් නොවේ.දේශප්‍රේමය ඉතාම පටුලෙස කඩතුරාවක් කරගනිමින් මහජන ධනය ගිලින,ප්‍රජාතන්ත්‍රවාදය සිය යකඩ අඩියෙන් පාගා දමන,(රජය වෙනකක් තබා මේ මැතිවරනය කරගෙන යන ඒකපාර්ශවික ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වභාවය පවා අන්තිම පිලිකුල් කටයුතුය)පවුල් පාලනයක මජරකම වෙනුවෙන් රට යට කරන දූෂිත පාලනය ඉවත් කල යුතුය.ෆොන්සේකා දිනවිය යුත්තේ එකී ආඥාදායකත්වය පරදා මූලික ප්‍රජාතාන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ඉටු කරගැනීමටය.ඒ නිසා ආර්ථිකේ ගැන අහන එක තේරුමක් නැහැ.මොකද අපි එයාගෙන් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා නොකරන හින්ද.ඊලග මහ චන්දෙ ආවම ආර්ථිකේ ගැන ප්‍රශ්නෙ අපි ඉදිරියට ගමු.

    @ ගෝමස්
    මෙහෙමයි.රජතුමා පරද්දන අරමුන තමයි තියෙන්නෙ.ඒ අරමුනත් එක්ක විධායක ක්‍රමය අහෝසි කරල,ස්වාධින කොමිෂන් ටික ස්ථාපනය කරල,සාධාරන චන්දයක් තිබීම කියන යහපත් අතුරු ප්‍රතිඵල ටික ලැබෙනවා නම් රජතුමා දිගටම ඉදිමෙන් මේ කිසිම දෙයක් වෙන්නෙත් නැත්නම් මුල් තෝරාගැනීම වඩා තාර්කික බවයි මගේ අදහස.ෆොන්සේකා ගැන ධන ලකුනු ගොඩක් මටත් නැහැ.පුද්ගලයන්ට වඩා කෙරෙන දේ ගැන ධන රින ලකුනු තබාගැනීම හොදයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. @ රාමචන්ද්‍ර
    "රාජිත මොරගොඩ තොන්ඩමන් හා ඒ වර්ගයේ නහුතයක් උදවිය . . . . . . .ප්‍රභාකරන්ගේද දෑත් "රට

    වෙනුවෙන්" ශක්තිමත් කරනු ඇත"

    මේ වාගාලාපය ඔබගේ කියවීමයි. වුවමනාවෙන්ම එම ඡේදයෙන් බලය සිටින කාලයේ චන්ද්‍රිකා හා

    මහින්ද සමග ලැග්ග සෝමවංශ, ලාල් කාන්ත ආදී නම් හැලී ගොස් ඇත්තේ අහම්බයෙන් විය යුතුය

    මේ දේශපාලකයන් පැති මාරු කරන්නේ වාසි වලට විය හැකිය. එම මතය මා බැහැර කර නැත. නමුත්

    වැදගත් වන්නේ ප්‍රධාන් දේශපාලන ප්‍රවාහයට ඔවුන් සුමටව එක්වනවාද යන්නයි. එයට කලින් පැවති

    ප්‍රතිපත්ති වෙනස් විය යුතුය


    "මුන්ගේ ඒකීය සන්ධිය කතා ඒ වෙලාවට කරන බොරු බව තේරුම් ගන්න අමුතු දැනුමක් අවශ්‍ය නොවේ"

    මුන්ගේ විතරක් නොවන බව අපි හොඳටම දන්නව. උනුත් එකයි, මුනුත් ඒයි, එහෙම කිව්ව අපිත්

    එකයි!


    "හැරත් මේ අය රාජ්‍යයේ ඒකීයභාවය පිලිගන්නවා යැයි කියා තිබෙන්නේ කොහෙද?පෙන්වා දෙන්නේ නම්

    අගී"

    ඔවුන් රජයේ ප්‍රතිපත්ති, මහින්ද චින්තනය පිළිගන්නා බව කියා ඇත.

    "-ඔබ දේශප්‍රේමය මනින්නේ ඒකීයභාවය පිලිගන්නවා කියල ටීවි එකක් ඉදිරියේ කියන එකෙන් නම්

    දේශප්‍රේමය ගැන ඔබට තියෙන කියවීම ඉතාම පටු එකක් බව අකමැත්තෙන් වුවද කිව යුතුය"

    හරියට යමක් කියවා උත්තර දෙන්නට බැරි පුද්ගලයකු හා සංවාදයේ යෙදීමට සිදු වීම ඇත්තටම

    කණගාවුවට කාර්ණයක්

    ReplyDelete
  29. "යමෙක් දේශප්‍රේමීද . . . . නම් ජනතාවට වංචා කරන මේ ජනතා ද්‍රෝහීන්ය"

    බස් පුච්චපු, කලාකරුවො මරපු, රජයේ දේපළ විනාශ කරපු විමුක්තිකාමීන් එතකොට මොක්කුද?

    'ඉල් මහ විරු සමරුව', 'බක් මහ විරුවන්' වෙනුවට 'ඉල් මහ මරුවන්' සහ 'බක් මහ ද්‍රෝහීන්' සමරන්න

    වෙයි. ඉස්සෙල්ලා තමන් කඩේ යන්නේ කාටද කියලා මතක තියා ගන්න. ඉන් පස්සේ පුළුවන් ඔය වගේ කතා කියන්න.

    එහෙනම් කියන්න බලන්න ඔබේ නිර්නායක අනුව ලංකාවේ දැන් ඉන්න දේශප්‍රේමීන් කිහිප දෙනෙක්?


    "මොවුන්ට වඩා ( දේශපාලනකිව මා විරුද්ද වුනත්) වරප්‍රසාද වෙනුවෙන් තම ස්ථාවරය පාවා දෙන්නේ නැතිව තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් දේශපාලනය කරන මනෝ ගනේෂන්ලාද ගරු කටයුතු උදවියය"

    රාමචන්ද්‍ර තර්ක භූතයකු පමණක් බව මේ කියමණින්ම පෙනේ. මනෝ ගනේශන් ට සල්ලි දෙන එන්.ජී.ඕ. ගැනැ රාමචන්ද්‍ර දන්නේ නැත. දෙමළ දයස්පෝරාවෙන් එන ඩොලර් වලින් කොටසක් මනෝටත් ලැබෙන බව තේරුම් ගැනීමට බැරිතරම් රාමචන්ද්‍ර බබෙක් වී ඇත

    ReplyDelete
  30. "පවුල් පාලනයක මජරකම වෙනුවෙන් රට යට කරන දූෂිත පාලනය ඉවත් කල යුතුය.ෆොන්සේකා දිනවිය යුත්තේ එකී ආඥාදායකත්වය පරදා මූලික ප්‍රජාතාන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ඉටු කරගැනීමටය"

    මෙසේ කියා බලයට ගෙන එන්නේ ලාංකික තරුණයන් ගෙයි එලියට ඇද පෙට්‍රල් වත් කර මරා දැමූ ආණ්ඩුවක නිලයන් දැරු රොත්තකි. රාමචන්ද්‍ර දිවිහිමියෙන් පෙනී සිටින නිදහස් අධ්‍යාපනය හා රාජ්‍ය දේපළ විකුණා ගෙන කෑ කොටසකි. රාමචන්ද්‍ර විරුද්ධ වන අන්ත ලිබරල් වාදී පාලනයකි. මේ වැනි පුද්ගලයන් රැසකගේ බලයට ඒමට මග පෙන්වන පිළිවෙලකට රාමචන්ද්‍ර එකඟ වන්නේ එක්කෝ ඇඳිවත උනා දමා විය යුතුය. නැතිනම් බලයට ඒමට ඕනෑම තුප්පහි වැඩක් කිරීමට සැදී පැහැදි සිටින ඔහුගේ ස්වාමී සහෝදරවරුන්ගේ බහට විය යුතුය.

    ReplyDelete
  31. ඉතින් බින්කුලාට ඇඬෙන්නේ සිංහලයන්ට හා ජාතික මතවාදයට කෙළ වෙන අවස්ථා වලදි නොවන බව

    ඔය කිව්වට දැන් ඇඩුණේ නැත්තේ ඒකට වෙන්නටැ.

    ReplyDelete
  32. මෙන්න මහින්දට දැන් දේශප්‍රේමි කියන අය ඒ කාලේ කියපු කතා


    http://www.youtube.com/watch?v=ke9_uuCmzHQ


    පිස්සු හැදෙනවා ඔයි

    එකෙක් දැන් ජනාධිපති උපදේශක
    තව එකෙක් ජනමාධ්‍ය ඇමති
    තව එකෙක් ඉඩම් ඇමති

    ReplyDelete
  33. (ටික දොහක ප්‍රමාදය ගැන sorry වෙන්ට ඕන.)

    මම නැති ටිකේ මිගාර ගොඩක් දේවල් කියා ඇත. හැබැයි අහපු දේවල් වලට නම් උත්තර නැත. පරණ තැටියම ආයේ ආයෙත් වාදනය කිරීම මිගාර තර්ක කරන විදියද? (අර කෙස් නොපැලෙන විදියට :P)

    [migara says: "දිවැසින් දැකීමට තවම් හැකියාවක් ලැබී නැත. ඇති එකම ක්‍රමය නම් ඔවුන් කරන කිඅයන් දේ අනුව බැලීමය. එහෙම නැතිව වෙනත් ක්‍රමයක් ඇත්නම් යෝජනා කරන මෙන් ඉල්ලා සිටිමි."]

    කස්ටිය කියන දේවල් වලින් හොද-නරක මනින්න ගියොත් නම් නරක එකෙක් /දේශදෝහියෙක් හොයා ගන්න එක මිගාරට ලේසි වෙන්නේ නැත. ඒත් සමහර විට මිගාරගේ දේශප්‍රේමය මනින මිනුම් දණ්ඩ ඕක වෙන්නැති නේද?.

    'කරන කියන දේවල් ගැන' කියනකොට, UNPයෙන් පැනලා ආපු උන් දේශප්‍රේමීන් ය කියන්නේ
    උන් මහින්ද රජතුමා ගේ හැම පදේකටම නටන එකයි, දිගටම ගොට්ට අල්ල‍ගෙන ඉන්න එකයි, පිස්සුවෙන් වගේ රෙදි ඇපිල්ලීමත්, ‍තව ඉතිං දේශප්‍රේමය ගැනයි ත්‍රස්තවාදය ගැන වාද බයිලා කිව්ව එකයි ඇරෙන්න කරපු කියපු වෙන දේශප්‍රේමී වැඩක් මිගාරට කියන්න පුලුවන්ද? මිගාර දේශප්‍රේමය කියන්නේ ඕකටද? එහෙනම් මිගාරත් හොඳ දේශප්‍රේමියෙක් විත්තිය (මිගාරගේ විදියට) පිලිගන්න වෙනවාමය.
    මේ කස්ටිය එදා ද අදද හෙටද හැමදාම ද වාසි පැත්තට හුරේ දාන පාදඩ දේශපාලුවන් මිස රට-ප්‍රතිපත්ති ගැන හිතල දේශපාලනය නොකරන බව මිගාරට අමුතුවෙන් කියල දෙන්න ඕනද? මිගාර ඒ තරමට බබාද?
    ඔය කස්ටිය කරපු කියපු දේවල් වලින් ගන්න පුලුවන් නිගමනය ඕක මිසක් මිගාර කියන්න හදන විදියට 'ස්ථාවරය වෙනස් කරල' හින්ද නෙමෙයි කියන එක මිගාර වගේ විකාර වෙච්ච දේශප්‍රේමයක් ඔලුවෙ තියන් ඉන්න මනුස්සයෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට එච්චර අමාරු වෙන්න විදියක් නැත.

    (ඒ ගැන කතා ඔච්චරයි.)


    [migara says: "මංගල අයිති වෙලා ඉන්නේ සිටිය යුතු පැත්තේ. ඔය මතවාදී ගැටීම හින්දා තමයි එයාට "ම" පිළක් හදාගෙන එලියට බහින්න වුනේ."]

    ඔබතුමාට හොඳටම සුවර් ද?
    හැමදේම තමන්ගේ කණ්නාඩියට පේන විදියට බලන්න ගියහම එහොම විකාර වෙලා පේනව තමයි. පව් මිගාර.
    මංගල ඉස්සර කිව්වේ මොනවද කියල පොඩ්ඩක් හොයන් කියවනවද? එතකොට මංගල ඉස්සර දේශප්‍රේමී ද? මේ යන විදියට මිගාරත් කවදා හරි දේශදෝහියෙක් වෙන්නත් බැරිද?

    අර මතවාදි ගැටීම කියන එක පොඩ්ඩක් විස්තර කරල කියල දෙන්න බැරිද?


    [migara says:"කෙනෙකු වර්තමානයට අයත් වන කොටස තෝරා ගැනීමට වැදගත් වන්නේ වර්තමානයේ ඔහු දරන මතයයි."]

    මම අහන්නේ ඔය මඟුලක් ගැන නෙමෙයි. ඕයි!!.
    ඔලුවේ තියෙන මල විකාර අයින් කරල ආපහු පාරක් හරියකට අහපු දේ කියවනවා.
    "ඔය විදියට දේශදෝහියා දේශප්‍රේමියා බෙදන්නේ කොහොමද? මට හරියට තේරෙන්නේ නැත. සංගත, සම්පූර්ණ පිළිතුරක් අපේක්ෂා කරමි."

    ReplyDelete
  34. [migara says:"කියන්න බලන්න එහෙනම් තොන්ඩමන් ඒකීය රටකට විරුද්ධ වෙලා තියෙනවද? (ආණ්ඩුව ඇතුලේ ඉඳන්)."]

    එතකොට කියන්න බලන්න තොන්ඩමන් හරි චන්ද්‍රසේකරන් හරි අඩු ගානේ දේවානන්ද හරි කවද හරි ඔය ඒකීය කියන රටට පක්ෂයි කියල තියෙනවද කියල. කතා නොකරන්නේ පක්ෂ නිසාය කියල මොඩ කතාවක් නම් කියන්න එපා හො‍ඳේ.

    ඔයා දේශප්‍රේමියයි දේශදෝහියයි මනින්නේ එකීය රටටකට තියෙන කැමැත්ත බලලද? එතකොට රටට, ඒකේ ඉන්න මිනිස්සුන්ට හෙණගැහිලා ගියත් රට ඒකිය නම් කිසි ප්‍රශ්නයක් නෑ නේද? අනේ ඔයාගෙ දේශප්‍රේමය.

    ඔන්න දැන් මම රට බෙදන්න පක්ෂය. මූ පෙඩරල් දෙන්න කියනව. තව අරහෙම කියනවය. මෙහෙම කියනවය. කියල බෙරිහන් දෙන්න නම් හදන්න එපා.
    අපි ඕවට නෑ. හො‍ඳේ.


    [migara says:"කවුද ඉතින් සහෝදරවරු මිස!"]

    කියන්න බලන්න සහොදරවරු කරපු හොරකම් මැරකම් ටිකක් (89 ගාවා ගන්න ඕන නෑ ඕකට. ඒවා හැමෝම දන්නවනේ) මහින්ද ලොක්කට ගැන එහෙම හිතල කිව්වහම ඇති. මොකද UNP ය ගැනැත් අපි හොදට දන්නවානේ. නේද? (මහින්ද ලොක්කයි ඒකගේ පක්ෂෙ ගැනැයිත් දන්නවා තමයි. ඒත් මිගාරගේ ‍කෙස් නොපැලෙන තර්ක වලින් කරන විස්තර කියවන්න මට හරිම ආසාවක් තියෙන්නේ. මම හිනාවෙන්න හරි ආසයි. ඒකයි.


    [migara says:"ඔයා අහල තියෙනවද කාණුවක වැටිල හිටපු නරියා ගැන? ඌ ව දැකපු මිනිහෙක් අහුවලු "ඔය අඟේ ඉන්න කිණිතුඉල්ලො රෑන අයින් කර්න්නද" කියල. එතකොට නරිය කිවුවලු "අනේ එපා, දැන් උන් ලේ බීල බඩ පිරිලා ඉන්නේ. උන් අහක් කළොත්, තව බඩගිනි උන් රංචුවක් ඇවිත් මීටත් වැඩියෙන් ලේ බොයි" හොරකම ගැනත් ඔහොමමයි.

    අනික හොරු රෑනක් අවිත්, ඉන්න හොරු රෑනක් එලවල තමන්ව පත් කරන්න කියල කියන්නේ "අරුන් හොරුන් නිසා" විතරක් නම් පරණ හොරු වෙනුවට අලුත් හොරු පත් කර ගැනීමේ තේරුමක් නැත.
    "
    ]

    මිගාරගේ දර්ශනය නම් අලි ශෝයි!!. අර පාර්ලිමේන්තුව කියන මී හරක් මඩුවටම දක්කන්නමයි හිතෙන්නේ. ඒකට නම් යස අගේටම ගැලපෙනවා.

    දැන් ඉතිං ඇති.
    වෙන මුකුත් ඕනේ නෑ. මිගාර ඔයාට පුලුවන් නම් හිත හදා ගෙන මහ රජුගේ දූෂණ වංචා ගැනැයි, හොරකම් මැරකම් ගැනැයි එක බ්ලොග් පොස්ටයක් ලියනවද? ඕට්ටුයි බෑ. ('එක එකා කියනවට මම ලියන්නේ මොකද ' වගේ මෝඩ කතා අහන්නේ නැතුව.)

    ආ තව අර මගේ මුල් comment වල ඔබ තුමාට මඟ ඇරුණු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවටත් උත්තරයක් දෙකක් දෙනවා නම් Thank You!.

    ReplyDelete
  35. vReader මහත්තයා කරන්නේ උඩ පැන පැන කෙස් පැලෙන තර්ක දෙන එක විතරයි. කරන කියන දෙයින් නැතුව දේශපාලකයෙක්ගේ හොඳ නරක මනින විදිය ඇහුවම සද්ද නැතුව ඒ ප්‍රශ්නෙන් ලිස්සලා යනවා. මොකද ඒ ගැන දැන ගන්න වෙන ක්‍රමයක් නැති නිසා. මහින්දගේ හැම පදයටම ගොට්ට ඇල්ලූ විට දේශප්‍රේමී වෙනවා යන්න පඩංගුකාර බ්ලොග් කිණිතුල්ලන් කිහිපදෙනෙකු විසින් වපුරන ලද මතයකි. මුන් මාධ්‍ය නිදහසේ එල්ලී ලේ බොමින් දෙන චූන් කතා අසා ගත් vReader මෙතන දිග අරින්නේ ඒ බහුබූත කතාමය. දේශපාලුවන් සියල්ලම කරන්න උන්ගේ යැපීම උදෙසාය යන්න කීම අජිත් පෙරේරාගේ පරම පිවිතුරු එ.ජා.ප. නායකත්වය මෙන්ම අතේ රෝලකි. බොහෝ විට තත්වය මේ අතර මැද එකකි. නමුත් සියල්ලම විවේචනය කරන, නමුත් විකල්ප ඇසූ විට දෙකොනම තදින් වසාගෙන් "ෂේප්" වන ව්‍ර ලා "බාගයක් වහලා යන්න බාගයක් ඇරල") යන්නට සමාන කරන ගොන් තර්ක ගෙන ඒම කරයි.

    මතකය ඉක්මනට අමතක වන ලෙඩක් vReader හට ඇත. මංගල හැමදාම සිටියේ ෆෙඩරල් පැත්තේය. අවලම් තවලම් ගියේත්, වල් නෙළුමේ යෙදුනේත් ෆෙඩරල් සළුව දමාගෙනය. එතකොට මංගල හිටියේ කොයි පාට පක්ෂයේද යන්න වැඩක් නැත. මංගල හැමදාම සිටියේ ෆෙඩරල් පක්ෂයේය. vReader මේ ගැන අමතක කර දමමින් පෙන්වන්නේ තමන්ගේ හද්දා ගොන් කම විතරමය.

    ReplyDelete
  36. මතවාදී ගැටීම මොකද්ද කියල බලන්න පත්තර ටිකක් අරන් කියවන්න.

    දේශප්‍රේමියා කියන්නේ මොකද්ද කියල කියල තියෙනවා. මොලේ හෝදලා ඔය කුණු කන්දල් අයින් කරන් ඇවිත් කියවලා බලනවා. නැත්නම් කුමාරොදය කියවලා අවබෝධය දියුණු කර ගන්නවා!

    ඒකීය රටක් නැති උනොත් කොහොමටත් රටේ බහුතරයකට හෙණ ගැහිලා යනවා. ඔයාගෙ මළකඩ කාපු, කුණු කන්දල් ගොඩවෙච්ච පුංචි මොළේට ඒක තේරෙන්නෙ නෑ නේද? එහෙම නැත්නම් නොතේරුණා වගෙ ඉඳන් අපිට මොත්තෙ දානවා නේද?

    ඇයි 89 සිද්ධි උනේ අඟහරු ලෝකෙද? එදා කොල්ල කාපු රත්තරන් වලින් තමයි ලොකු සහෝදරවරු රට පැනලා ළමයින්ට එහෙම ඉගැන්නුවෙ. අර ස්වර්ගස්ථ වෙච්ච ලොකුම සහෝදරයා අත්තනායක මොඩල් ටොයෝටා එකක් තියන් හිටියෙත් ඔය විදියටම තමයි. මේවා මතක් කලර දෙනකොට බඩ කරකවලා වැසිකිළි යන්න වගේ එනවා නම් ගිහින් ආවට කමක් නෑ!

    ReplyDelete
  37. ඇයි ඔය මහත්තය අහන්නෙ නැත්තෙ රනිල් ගෙ බටලන්ද සනීපාගාරය ගැන මම මොකුත් ලියල නැත්තෙ කියල? අහන්න බයයි නේද? මොකද දෙන උත්තරේට ඔයාට දුවන්න වෙනවා. මහින්ද රාජපක්ෂගේ හොර මැරකම් ගැන කියන්න තියෙන්නේ බටලන්ද සනීපාගාරය ගැන කියපු දේම තමයි. කට කතා තියෙනවා. ඒව ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් සාධක සහිතව ඔප්පු කර නැති නිසා ඒ ගැන ලියන්නේ නැත. මම ලියන හැම ලිපියක්ම හැකිතරම් සාධක සහිතවයි මම ලියන්නෙ. රනිල් ගේ බටලන්ද කෙළිය ගැන, රවී ගේ සතොස සෙල්ලම, සජිත් ගේ පන්සල් වල නිධන් වස්තු සොයන ව්‍යාපාරය ගැනත් එක බ්ලොග් පෝස්ටයක් හෝ ලියන්න යයි vReader නොකියන්නේ අසූචිත් හරිත පැහැ වීමේ හේතුව නිසාද?

    ReplyDelete
  38. මිගාර මහත්තයෝ,
    මම උඩ පැන පැන කෙස් පැලෙන තර්ක ගේන්න ගියේ නැත. (ඔයා එහෙම හිතනවා නම් එහෙමම හිතාගත්තාටත් මටත් ඉතිං ප්‍රශ්නයක් නැතිය) මම පුංචි ප්‍රශ්න කිහිපයක් ටිකක් විස්තරාත්මකව ඇහුවා විතරය.ඒවාට පිළිතුරු දෙන එක කොහොම වෙතත් දැන් මෙතැන මිගාර නැට්ට පාගා ගෙන කෑ ගසන්නට පටන් ගෙන ඇත.

    දේශපාලකයන්ගේ හොද නරක මනින්න මීටරයක් හදා ගන්නට හෝ ඒ ගැන උත්තර නොදි ලිස්සා යන්න මට උවමනාවක් නැත. මට දේශපාලකයන්ගේ හොඳ නරක ගැන හිතා මිගාරට තරම් ලේ නරක් කර ගන්න උවමනාවක්ද නැතිය.

    [migara says:"මහින්දගේ හැම පදයටම ගොට්ට ඇල්ලූ විට දේශප්‍රේමී වෙනවා යන්න පඩංගුකාර බ්ලොග් කිණිතුල්ලන් කිහිපදෙනෙකු විසින් වපුරන ලද මතයකි. මුන් මාධ්‍ය නිදහසේ එල්ලී ලේ බොමින් දෙන චූන් කතා අසා ගත් vReader මෙතන දිග අරින්නේ ඒ බහුබූත කතාමය.
    "
    ]

    මහින්දගේ හැම පදයකට ගොට්ට ඇල්ලූ විට දේශප්‍රේමි වෙනවාය කියා මම කොතැනකවත් කියා නැත. ඇස් පනාපිට පෙනෙන්න තියෙන පාහර ක්‍රමයක් සමග කැමැත්තෙන්ම නිදිවදින, ඒක ගෞරවයක් දේශප්‍රේමයක් යැයි හිතන මානසික ලෙඩ්ඩුන්ට වඩා මිගාරගේ ද්වේශයට ලක්වෙන 'බ්ලොග් කිණිතුල්ලන්' යැයි මිගාරම කියන උන් නම්බුකාරය. ඒක මිගාරට නොතේරෙන්නේ අසූචි සුවඳ බව සිතාගෙන ඒකෙම ලැඟගෙන ඉන්නා එකෙකුට ඕක තේ‍රුම් ගන්න කොහොමත් අමාරු නිසාය.

    [migara says:"දේශපාලුවන් සියල්ලම කරන්න උන්ගේ යැපීම උදෙසාය යන්න කීම අජිත් පෙරේරාගේ පරම පිවිතුරු එ.ජා.ප. නායකත්වය මෙන්ම අතේ රෝලකි. බොහෝ විට තත්වය මේ අතර මැද එකකි. නමුත් සියල්ලම විවේචනය කරන, නමුත් විකල්ප ඇසූ විට දෙකොනම තදින් වසාගෙන් "ෂේප්" වන ව්‍ර ලා "බාගයක් වහලා යන්න බාගයක් ඇරල") යන්නට සමාන කරන ගොන් තර්ක ගෙන ඒම කරයි."]


    දේශපාලුවන් ගන්නා ඔක්කොම දේශපාලූ තීන්දු තීරණ උන්ගේම පැවැත්ම ගැනැත් වාසිය ගැනැත් ගන්නා තීන්දුය කියන එක මම ආපහු පාරක් කියන්නේය.
    ඔය ගැන තියෙන මිගාරගේ අතරමැද උත්තරයත් අර මිගාරගේම උදාහරණ‍ය වගේම බාගයක් වහල බාගයක් ඇරලා උත්තරයක් උනු එකත් හරි පුදුමය.
    මිගාරත් ඒ වගේම ගොන් තර්ක ගේන වාහේ කෙනෙක් වීම හරිම දුක්බර කාරණාවක්ය.

    මංගල හිටිය තැනත් මංගල කියපු දේවලුත් ඒ වගේම කරපු දේවලුත් vReader වන මට නම් අමතක නැත. මංගල පෙඩරල් ද නැත්ද කියන එකත් මට වැඩක් නැත. මිගාරට වගේ පෙඩරල් භීතියක් මට නැත. (vReader මේ තියෙන තත්වය හැටියට ලංකාව පෙඩරල් රාජ්‍යයක් වෙනවාට අකමැතිය. හැබැයි ඒ මිගාරගේ වගේ ඒකිය රාජ්‍යයක් දකින්නට තියෙන දළරු කුලප්පුවත් වගේ දෙයක් නිසා නම් නොවේය.)

    [migara says:"මතවාදී ගැටීම මොකද්ද කියල බලන්න පත්තර ටිකක් අරන් කියවන්න."]

    පත්තර කියවලා ඕනෑ තරම් මතවාදි ගැටීම් ගැනැත්, මතවාදි විකාර ගැනැත්, මිගාරගේ වගේ මතවාදි උද්දච්චකම් ගැනැත් හොද අදහසක් ගන්න නම් බැරිකමක් නැත. හැබැයි මම මිගාර මහත්තයාගෙන් ඇහුවේ මංගල ආණ්ඩුවෙන් එලියට බහින්නට හේතුවුනු මතවාදි ගැටීම මොකද්ද කියල මිස ‍'මතවාදි ගැටීම' කියන්නේ මොකක් වගේ එකක්දැයි ඉගෙන ගන්න තැනැක් කියන්නය කියලා නම් නොවේය.
    මංගල ආන්ඩුවෙන් එලියට දැම්මේ හෝ ගියේ හෝ ඔය මිගාර කියන විහිළු හේතුව නිසාදැයි මිගාර හොදටම පැහැදිලි කරනවා නම් මාත් හරි කැමතියි.

    [migara says:"දේශප්‍රේමියා කියන්නේ මොකද්ද කියල කියල තියෙනවා. මොලේ හෝදලා ඔය කුණු කන්දල් අයින් කරන් ඇවිත් කියවලා බලනවා. නැත්නම් කුමාරොදය කියවලා අවබෝධය දියුණු කර ගන්නවා!"]

    මිගාර දේශප්‍රේමය ඉගෙන ගත්තේ කුමාරෝදය කියවලා නම් ඒ කුමාරෝදය හරිම භයානක එකක් වෙන්න ඕනය. ඔය ඔයා කියවපු කුමාරෝදය හරිම එක කියල ඕයාට හොදටම සුවර්ද?
    කුණු කන්දල් කතාව නම් මට වඩා ඔබ තුමාම කර ගන්නවා නම් ගොඩක් ප්‍රයෝජනවත්ය. එහෙම උනොත් මේ විදියට ඔබතුමාත් එක්ක ආතල් ගන්න වැය වෙන කාලයත් ඉතුරු කරගන්න අපිට හැකිය.

    ReplyDelete
  39. [migara says:"ඒකීය රටක් නැති උනොත් කොහොමටත් රටේ බහුතරයකට හෙණ ගැහිලා යනවා. ඔයාගෙ මළකඩ කාපු, කුණු කන්දල් ගොඩවෙච්ච පුංචි මොළේට ඒක තේරෙන්නෙ නෑ නේද? එහෙම නැත්නම් නොතේරුණා වගෙ ඉඳන් අපිට මොත්තෙ දානවා නේද?"]

    මගේ මොලේ මලකඩ හා කුණු හොයන්න වෙන මහන්සිය සහ කාලය තමන් වෙනුවෙන්ම වැය කලොත් වැඩිය හොදය.
    මට නම් ඔයා‍ගේ ඔය ඒකිය සිහිනයේ එල්ලිලා ඉන්න උවමනාවක් නැත. රටේ බහුතරයකට හෙන ගැහෙන්නේ ඔය බම්බු ඒකීය හරි පෙඩරල් නිසා නොව ඔය රටේම බහුතරයක් මෝඩ හාල්පාරු-ආත්මාර්ථකාමී හැත්තක් වෙන එකත් (දැන් වගේම), රටට ඒ රටේ මිනිස්සුන්ට හෙන ගැහිලා ගියත් තමන් ගේ මොඩ අදහස් වලින් එහාට හිතන්නැති එකත්, (ජාතියක් කුලයක් ආගමක් කරේ තියන් මනුස්ස කම් දෙවෙනි කොට සලකන නිසාත්),
    එක එක දේශපාලුවොයි, බක පණ්ඩිතයොයි උදේ හිටන් රෑ වෙනකන් පත්තර, ටිවි ඔය හැමදේකින්ම කියන බයිලා දිහා බූරුවො වගේ අහගෙන ඉදලා ගිරව් වගේ ඒවම අනිත් පැත්තට කියව කියව ඉන්නව ඇරෙන්න ඩිංගිත්තක් වත් ඒවා ගැන හිතල මතල වැඩ නොකරන නිසාත්, කතා නොරන නිසාත්ය.

    [migara says:"ඇයි 89 සිද්ධි උනේ අඟහරු ලෝකෙ"]

    නැත. මේ ලංකාවේමය.
    89 ජවිපෙ කරපු දේවල් ගැන තලු මර මරා කෑ ගහන මිගාර ට අද මහින්ද කරන දේවල් එච්චර වැදගත් නැත. හෙට මහින්ද මිගාරගේ සිහිනය බිද වෙන ගමනක් යන්න ගියොත් නම් ඔය අත් දෙකෙන්ම මහින්දගේ මේ කාලේ මේ වගේ බලුකම් කලා යැයි මිගාර කියනු ඇත. ඒත් අද මහින්ද කරන දේවල් ගැන මිගාර මුකත් නොලියන්නේ මේ වෙලාවේ මහින්දගේ අත් බැරි නම් දෙපා හරි ශක්තිමත් කරන්න මිගාරටත් පුලුවන් හැටියකට සහය වෙන්න හිතිලද?. මිගාර මහින්දට කඩේ යනවා යැයි මම කියන්නේ නැතිය. මිගාර කඩේ යන්නේ මිගාරටමය හැබැයි ඒ එක්කම මහින්ද රජතුමාගේ කිලිටි රෙදි ටිකත් ටිකක් හරි හොදන්න සිද්ද වී තිබීමත් හරිම නරකය. (මිගාර පව්)

    වැඩිය කතා ඕනෑ නැත. ජවිපෙ 'ඉන්නා' කප් ගැසූ හොරුන්ගේන ්එකෙකුගේ හෝ නමකුත් ඒවගේ කප් ගැසූ හොරකමකුත් කියන්න මිගාරට පුලුවන්ද?
    අර සතොස සෙල්ලම් දාමු රවි ලොක්කත් ඒ දවස් වල ජවිපෙ ගැන මේ වගේ කතා කියනවා අපිට මතකය. ඒවා අද මිගාරගේ කටිනුත් ඇහෙන කොට මිගාරත් ළඟදීම 'දේශදෝහි' පැත්තටවත් එකතුවෙන්න සුදුසුකම් හදාගන්න හදනවදැයි බයත් සිතෙනවාය.

    ඔයාට ඕන නම් රනිල් ගේ බටලන්ද හරි ප්‍රභාකරන්ගේ වදකාගාර ගැන බැරිනම් හිට්ලර්ගේ ගැස්ටාපො එක ගැන බ්ලොග් පොස්ට් ලිව්වත් මට බය හිතෙන්නේ නැතිය. රවී ගැනැත් සජිත් ගැනැත් බැරි නම් මිගාරගේ අල්ලපු ගෙදර එකා කරන දේවල් ගැන ලිව්වත් මට නම් කිසි ගානක් නැත.
    මම කිව්වේ-
    "වෙන මුකුත් ඕනේ නෑ. මිගාර ඔයාට පුලුවන් නම් හිත හදා ගෙන මහ රජුගේ දූෂණ වංචා ගැනැයි, හොරකම් මැරකම් ගැනැයි එක බ්ලොග් පොස්ටයක් ලියනවද?" කියලා විතරය. මිගාර විතරක් නෙමෙයි අපිත් අකමැති නිසා කටකතා ගැන නම් ලියන්න ඕනෑ නැතිය.

    අනිත් එක ඔයා මගේ අසූචි වල පැහැය හොයන්න යන්නේ නැතිව තමන්ගේ ඒවා ගැන බලා ගන්න එක වඩා හොදය.

    ඒ කතා අහවරය. දැන් ආයෙත් කියන්න තියෙන්නේ මම මුලින් දාපු comment වල ඔබ තුමාට මග හැරුණු ඒවාට උත්තර දීලා එන එක හොදයි කියලාය.
    මිගාර වැනි දැවැන්ත දේශප්‍රේමීයෙකුට ඔය වගේ තෝරාගත් ප්‍රශ්න වලට විතරක් කණ පැලෙන්න උත්තර ලියන එක ගැලපෙන්නේ නැතිය. කවුරු හරි හාල්පාරුවෙක් කවදා හරි ඕක ගැන කියල මිගාරට මඩ ගැහැව්වොත් මිගාරට දුක හිතෙන්නත් පුලුවන්ය.
    Thank You!.

    ReplyDelete