Thursday, October 8, 2009

නවකවදය



නවක වද කාල සීමාවන් බො‍හෝ විශ්ව විද්‍යාල වල දැන් අවසන් අදියර‍ට පිවිසෙමින් තිබේ.ඇත්ත වශයෙන්ම නවකවදය අතිශය සංකීර්න වූද එසේම කුහුල දනවන සුලු වූද ක්‍රියාවලියකි."වදයක්"යනු කොහොමත් නොහොද දෙයකි.මේ ක්‍රියාවලිය තුල අශෝභන එමෙන්ම ජුගුප්සාජනක පැතිද බොහෝය.නමුත් උත්ප්‍රාසාත්මක ලෙස මේ අශෝභනත්වයම සමහර විට වදයට ලක්වන්නාවද ආකර්ෂනය කරන ආකර්ෂන ලක්ෂ්‍යයක් ලෙස ක්‍රියා කරයි.

විශ්ව විද්‍යාලයට එන නවකයන් එහි පරිසරයට හැඩගැස්වීම උදෙසා නවකවදය ක්‍රියාත්මක වේ යැයි පවසනු ලැබේ.මෙහි ඇත්තක් නැත්තේම නැත.පිට සමාජයේ දහසක් වෙනස්කම් සහිත ස්ථර වල ජිවත්වන අය අලුත විශ්ව විද්‍යාලය තුලට එන්නේ ඒ වෙනස්කම් සමගිනි.
සමාජ ස්ථරයන්ගේ වෙනස්කම් එක් පසෙකය.ගැහැනු පිරිමි අතර අස්වාභාවික දුරස්ථභාවය තව පසෙකය.ගමේ නගරයේ භේදය තව පසෙකය.
මේ සමාජ කොටස් ස්වයංක්‍රීයව මුහු වීම ඇත්තටම සිදු නොවන නිසා blend වීම සදහා යම් ක්‍රියාවලියක් අවශ්‍ය වේ.
නැතිනම් සරසවියක් හා ටියුෂන් පංතියක් අතර වෙනසක් නැතිවනු ඇත.කොලඹ අය වෙනම,ගමේ අය වෙනම,කෙල්ලො වෙනම,කොල්ලො වෙනම - බාහිර බලපෑමක් නැති තැන ස්වයංක්‍රීයව ඇති වනු ඇත්තේ එම තත්වයයි.
batch fit එක සහ නවකවදය අතර සමීකරනයේ ඇත්තක් නැත්තේ නැති බව පැවසූයේ ඒ නිසාය.යම් මුහු කිරීමක් නොවුනහොත් හැමෝම එකතු කරගෙන පිරිත් පිංකමක් තියාගැනීමට තරම් වත් එකමුතුවක් බැච් එකක් තුල නිර්මානය නොවනු ඇත.

නමුත් මේ සමීකරනය අවුල් වෙන්නේ ඉහත පරමාර්ථය වෙනුවට වෙන වෙන ඉලක්කම් හා අරමුනු මිශ්‍ර වීම නිසාය.
පලමුව නවකවදය හීනමානයෙන් පෙලෙන්නන්ට මාර අවස්ථාවකි.නවකයන් කිසිම ප්‍රතිරෝධයක් දැක්විය නොහැකි නිරායුධ අසරන මිනිස් කොටසක් බවට පිරිහෙලන නිසා ඉහල වසරේ උදවියට නවකයන් හොද "බයිට්" එකකි.
සාමාන්‍යයෙන් සමාජයේ මිනිසෙකුට එරෙහිව මිනිසෙක් බලය යොදවන විට පෙරලා ඊට විරෝධය පලකිරීමේ හැකියාවක් තිබේ.මෙය ශිෂ්ට සමාජයක අවම ලක්ෂනයක්ය.
නවකවදය තුල ඒ අවම අයිතිය පවා නවකයන්ට අහිමිය.ඒ තුල ඔවුන් මිනිසුන් නොව ජ්‍යෙෂ්ඨයන්ගේ අතෙහි නැටවෙන කෙලි බඩු උපකරන තත්වයට පිරිහෙලනු ලැබේ.
පේරාදෙනියේ නේවාසිකාගාර තුල නවකයන් නිරුවත් කරන අතර අනෙකාට අතේ ගැස්සවීමට නවකයන්ට බල කෙරේ.සාමාන්‍ය වාතාවරනයක් තුල මෙය ලිංගික බලහත්කාරකමකි.
මෙවැනි බලහත්කාරකමක් සහ බැච් ෆිට් එක අතර සම්බන්ධය කුමක්ද?
එවැනි තාර්කික සම්බන්ධයක් නිර්මානය කල හැක්කේ කාටද?
අනෙකාට ‍අතේ ගැස්සවීම ප්‍රතික්ෂේප කරන්නා ( විරෝධය පෑමේ අවම අයිතිය යොදා ගන්නා කෙනා) තොල් පුපුරා යන්න පහර කෑමට සූදානම්ව සිටිය යුතුය.
මේවා ජ්‍යෙෂ්ඨයන්ගේ සැගවුනු තිරිසන්මය ගති එලියට ඒමට දෙන ලයිසන් මිස වෙන කුමක්වත් නොවේ.නවකවදයේ "ප්‍රකාශිත" පරමාර්ථ සහ මේ පිලිකුල් සහගත අපචාරයන් අතර සබදතාවයක් නොමැත.
මෙවැනි කායික හිංසනයන් කුමන තත්වයක් යටතේවත් සාධාරනීකරනය කල නොහැක.ප්‍රශ්නය වන්නේ මෙවැනි කතන්දර සමාජය ඉදිරියට නොඒමයි.වදයට ලක්වන්නන් මේවා ගැන කතා නොකරන අතර සරසවි වල අදුරු සෙවනැලි යටතේ මේ නිසා වසර ගනන් මෙම අශෝභන සිදුවීම් දිගින් දිගටම ඇදෙමින් පවතී.
අතීතයේ විශ්ව විද්‍යාල වල පැවැති පොහොසත් සංස්කෘතික දේශපාලන පරිසරයෙන් වර්තමානයට උරුම වී තිබෙන්නේ නවකවදය පමනි.එයද තිබුනු නවකවදය මෙන් සිය ගුනයක අවමානුෂික හා ජඩ එකක් බවට දිනෙන් දින රූපාන්තරනය වෙමින් පවතී.

විශ්ව විද්‍යාල එකාට එකා නැති අලයන් සිටින අල නිෂ්පාදනාගාර බවට පත්වීම නොහොද වෙනවා වගේම සීලාචාර සමාජයට අනුමත කල නොහැකි පාදඩකම් නවකවදයේ නාමයෙන් සිදු වෙන තත්වයන්ද එක සේම නරකය.
නවකවද ක්‍රියාකාරකම් පාලනය කිරීම මේ නිසා අද වන විට අවශ්‍ය නොව අත්‍යවශ්‍ය කාරනයකි.
නවකවද කතා එලියට ඒම සාධනීය වන්නේ මේ නිසාය.මේ තොරතුරු එලියට එන තරමට සමාජය මේවා ගැන සංවේදී වෙන්න,ප්‍රතික්‍රියා දක්වන්න යොමුවේ.සමාජයේ මේ අවධානය නවකවදය පාලනය කිරීම සදහා වැදගත් වනු ඇත.
සමාජයේ බොහෝ අය නවකවදයේ "ඇත්ත" දන්නේ නැත.රැග් එකට පක්ෂ අදහස් පිට සමාජයෙන් පල වෙන්නේ මේ තොරතුරු හිගකම නිසාය.
මේ නිසා අවසාන වශයෙන් සිදු වන්නේ රැග් එකට යම් සාධාරන පසුබිමක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ගනිකා වෘත්තියේ යොදවා ගෙන හීනමානකාරයන් පිස්සු කෙලීමය.

අනෙත් අතට රැග් එක හරහා යම් දේශපාලන අරමුනක් අපේක්ෂා කරන දේශපාලන කොටස් වලටද යා යුතු පනිවිඩයක් තිබේ.
"අපිත් මේක පාලනය කරගන්න බලනවා.ඒත් මේක පාලනයෙන් පිට පැනලා"වැනි ඇග ෂේප් වෙන උත්තර නොදී මේ ක්‍රියාවලිය හා තමන්ගේ අරමුනු ගැඹුරින් සංසන්දනය කල යුතුව පවතී.
දේශපාලන විඥානයක් නිර්මානය කිරීම හා පෞරුෂ දුබලතාවලින් පෙලෙන රෝගීන්ට ආතල් ගැනීමට අවස්ථා සැපයීම එකක් නොව දෙකකි.
මේ දෙක මුසු වීම පලමු අරමුනද භයානක ලෙස බොද කර දමනු ලබයි.
සියයට සියයක් "අල" වීම එක අන්තයක් වන අතර සියයට සියයක් "වැල"වීම අනෙත් අන්තයයි.
මේ අන්ත දෙක අතර සමබර ලක්ෂ්‍යයක් සොයා ගන්නා තැනට නවක වද සාකච්ඡාව යොමු විය යුතු බව අපගේ යෝජනාවයි.
මේ යන විදිහට පෞරුෂ රෝගීන් ආතල් ගැනීම,කිසිම වරදක් නොකල අහිංසකයන් මානසික රෝගීන් වීම වැනි සහ ගහන අපරාධ සිදු වෙන එක හැර වෙන යමක් වන්නේ නැත.

පසුවදන-
කවුරුත් කතා කරන්නේ විශ්ව විද්‍යාල වල නවකවදය ගැන පමනි.සරසවි වල පමනක් නොව වෙනත් ආයතන තුලද නවකවද ක්‍රියාකාරකම් අඩු වැඩි වශයෙන් පවතී.
රනවිරුවන් සිටින හමුදාව තුලද මේවා සිදුවේ.හමුදා පුහුනුවට ගිය අපගේ මිතුරෙක් නවකවදයට ගොදුරු වූ අතර අවසානයේ ඔහු දරුනු මානසික කම්පනයකට ලක්ව ඔහුගේ "සිහිය" ඔහුට අහිමි විය.
දැන් ඔහුට බොහෝ දේ මතක නැත.තමන්ගේ මිතුරන්,තමන් කල කී දේ - මේ බොහෝ දේ කම්පනය නිසා ඔහුගේ සිහියෙන් බැහැර වී තිබේ.
මේවා ගැන කතා කිරීමට බොහෝ විට බොහෝ අය බයය.
ඒත් මේවා වැඩි වැඩියෙන් කතා බහට ලක්විය යුතු තේමාවන්ය.



13 comments:

  1. First, my comment is assuming what you mean by අලයන් are the Antiraggers. If it is not the case, please pardon my comment.

    Now, I was (rather, I still am) and antiragger at Pera. We opposed, we spoke against ragging at all costs while at university, and we walked the talk for four years as well. Why? Simple - a person should not be made to do anything by others just because those others happened to be born a year earlier than you. Think it over - seniors can rag you only because they came to the uni one year earlier. Even simpler, you should not be made to do anything at an age wehn you can decide things for yourself.

    Secondly,එකාට එකා නැති අලයන් is a foolish comment. While at uni, we spent four years together with a great friendship and I can tell you many raggers had bigger fights among them than we had among ourselves. So, after all the "blending", it hasn't worked for the raggers, has it?

    ReplyDelete
  2. good post!

    කාලෙකට පස්සේ 'රැග' ගැන හොඳ විශ්ලේෂණයක් දැක්කා. මෙච්චර කල් බ්ලොග් අවකාශය තුල රැග සම්බන්ධයෙන් සිදුවුනු හැම සංවාදයක්ම කෙලවර උනේ රැග විරෝධී ස්ථාවරයක් තුල විතරයි.

    භාහිර සමාජය තුල රැග ට පක්ෂ හා විපක්ෂ සියළු මතවාදයන් පදනම් වෙලා තියෙන්නේ බොහෝ විට පාර්ශ්වික විදියට හිතලා ගොඩනංවපු තර්ක මත. රැග තුල තියෙන බහුවිධ මානයන් පිළිබඳ නිවැරදි කතිකාවත් ගොඩනැගීම වෙනුවට ආන්තික විදියට පක්ෂ හා විපක්ෂ තර්කයන් පල කරන එක හැරෙන්න ඇත්තටම ඒ පිළිබඳව ප්‍රභල සංවාදයක් ඇති වී නැහැ.
    අනික රැග සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇති සම්බන්ධතාව පිළිබඳ යම් තරමක අතිශො‍්ක්තිගත කාරණා ගැනත් මේ සමඟ සංවාදයට ලක්වෙනවා නම් එක හොඳ ප්‍රවේශයක් වේවි.

    ReplyDelete
  3. Ppl like this writer are the prime culprits of ragging - not the actual raggers. Ragging is conducted by raggers, who may do it for political, social, sadistic, or any other need. But ragging is continued and supported by the common uni attitude of this type.

    How can you control ragging? When you accept it categorically, the bad acts happen. What is wrong in natural blending of ppl? With life they will mix? What is wrong if students do not blend? Ppl do not go to universities to organize "Pirith pinkam".

    Ragging is a crime. Apply criminal law for it. And give them work, preferably in semester system, such that they have no time to kill like that. You don't need to ban ragging specifically. Apply criminal law.

    ReplyDelete
  4. //Ppl do not go to universities to organize "Pirith pinkam".

    give them work, preferably in semester system, such that they have no time to kill//

    නියම කතා ටිකක්. තව දුරටත් තහවුරු කරනවා ඇයි කිසියම් හෝ ආකාරයක ක්‍රියාකාරකමක් නවකයින් සඳහා තිබිය යුත්තේ කියන එක. සතිය පුරා පොතටම ඇලිලා කිසිම වැඩක් කර ගන්න බැරි පිරිසක් බලාපොරොත්තු වෙන කෙනෙක් පිරිත් පිංකම් කන්න ද කියලා අහන එක පුදුමයක් යැ.

    ලිපිය, මැදහත් වෙන්න දරපු හොඳ උත්සහයක්. "අනේ මෙයාලා නරක වැඩ කරනවා" කියනවට වැඩිය සාධනීය දෙයක් මෙයින් දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා.

    ReplyDelete
  5. pothata alenna kiwwe ne. University eke context eka educational neda primarily. Second things thiyenawa, sports extra-acts etc, even politics. But ppl who like them can do. Others can freely live. Why do they want to stereo type all.

    Oken wenne siraa poraval hadena eka bneveyi. Eka raamuvakata hira wechcha aya hadena eka. stereotypes. eka thamayi e aya jaathika sanvardhanayata honda daayakathvayak denna bari.

    Ada inna aya banina samaajaye durvalathaa edaa hadunu stereotypes wala aptu chinthanaya nisayi. Heta davase ape lamayi ape parapurata ehemma baniyi.

    Ada thiyena unni sub culture eka me aptu chinthtanayata vaga kiyanna one.

    Man me de gana katha karana ekata against ne. Eth ragging control ekak athuwa thiyenna one kiyana eka kisi padanamak nathi kathaawak. E vage katha valata muva wela thamayi amanushika ragging sidda wenne.

    Ayi aththatama ragging thahanam karanna bari. As a crime.

    ReplyDelete
  6. රැග හොද යයි පෙන්වන්නට යාම විහිලුවක්. හදුනා ගැනීම අවශ්‍ය නම් ඒකට ක්‍රම තියෙනවා. රැග ඒකට අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි.

    රැග පවත්වා ගන්නේ ජෙප්පන්. රාමචන්දු කොච්චර කොලේ වැහුවත් ඇත්ත ඒකයි. අද කොළඹ වෛද්‍ය. නීති හා විද්‍යා පීඨ වල රැග නැහැ. මොරටුව ඉංජිනේරු පීඨයේත් රැග නැහැ. මේ හැම එකකම ශිෂ්‍ය සංගම් අන්තරේට නැති ඒවා (ඒ කියන්නේ JVP නෙවෙයි කියන හක). පුඵවන්නම් අන්තරේට ඉන්න ඒත් රැග නැති ඒක පීඨයක් පෙන්වන්න බලන්න.

    ReplyDelete
  7. when you indirectly support ragging the end result is the following.

    http://www.divaina.com/2009/10/16/news01.html

    ReplyDelete
  8. දැන් ඔය කියන විදිහට නවක වදය නැති විශ්ව විද්යාලයක් තියෙනවානම්, ඒකෙ එකාට එකා නෑ, Tution Class එකක් වගෙ නේද?

    හරි හරි, ඔය ගොල්ලො පිරිත් එහෙම කිය කිය ඉන්ට හොඳට එකතු වෙලා. කොච්චර හොඳ ළමයින්ටද මේ බනින්නෙ. බනින්ට එපා පව් සිද්ධ වෙයි. පව් සිද්ද වෙයිද නෙත්නම් යකා ගහයිද? නෑ නෑ ඒ වගේ හොඳ තැන් වල යක්කු නෑ.

    ඔය මොරටු වගේ විශ්ව විද්යාල වල ඉන්ජිනේරු පීඨ වල ඉන්න අය හරි නරකයි. කිසිම බනක් දහමක් කරන්නෙ නෑ. ඉගන ගන්නවා විතරයි. ඒක හින්දා ඒ ගොල්ලන්ට ගහන්ට ඕනෙ.

    මීට අන්තර් අශ්ව විද්යාල ශිශ්න බල මන්දලය
    (මට හරි බලයක් දැනෙනවා )

    ReplyDelete
  9. මිගාරට අමතක වෙලා දැන් ජෙප්පොන්ගෙ බහින කලාව කියන එක, රැග නවත්තනවනම් ඒකෙන්වෙන, බහුතරයක් ඒක නිවැරදියි කියලා පෙන්නන්න ඉදිරිපත් කරන කාරණා ඉටු කරන වෙන මොකක් හරි ක්‍රමවේදයක් පෙන්නන්න වෙනවා. (මම රැගට විරුද්ධයි ඒ වගේම රැගෙන් වෙන හොඳත් දකිනවා නැත්නම් මටත් ජෙප්පෙක් කියයි ) වෛද්‍ය විද්‍යාලෙ ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. තනිකර පොත් ගුල්ලො ටිකක්.. සමාජ දැනීම බහුතරයකගේ අන්තිම සවුත්තුයි. ඕවට අදාල ශිෂ්‍ය සංගම් වලින් මොනවත් වෙනවද කියන එකත් ගැටලුවක්.. මාත් එක්කම කලකිරීමෙන් කතා කරපු සැහන්න දෙනෙක් ඉන්නවා...

    ReplyDelete
  10. ගෝමස් මල්ලි,
    ඔය හරක් රැල පච ගහ යටට දක්කන් යන්ට රැග නැතුව බෑ කියන එකනෙ කියන්නෙ?
    ඔය හරක් පැටව් දහයකින් ඇහුවොත් ඇයි ගහ යට පිකටින් කියල, පහක් කියයි දන්නෙ නෑ කියල. අන්න ඒ ගොල්ලන්ගෙ සමාජ දැනීම.
    ඔය ගොල්ලො රැග් කරලා, පිකටින් කරලා ඒව කරලා, මේව කරල විශ්ව විද්යයාල දියුනු කරපු තරම බලාගන්ට පුලුවන් ලෝක විශ්ව විද්යයාල ශ්‍රේනිගත කිරීමක් බලපුවාම. රැග් එක තියෙන හා නැති එව හොඳට බලන්න, කාලයත් තෙක්ක ශ්‍රේනිගත කිරීම් වෙනස් වෙලා තියන හැටි බලන්න.

    ෂිශ්න සන්ගම් වලින් මොකුත් නොවෙන එක හොඳයි තියන දේත් විනාස වෙනවාට වඩා.

    මල්ලි, ඔයාගෙ සමාජ දැනීම ඒකෙන්ම තේරෙනව. සමාජය කියන්නෙ, ඔයාත් එක්ක කල කිරීමෙන් කතා කරන ටික දෙනා නෙවෙයි. මුලු රටම කල කිරීමෙන් කතා කරනවා විශ්ව විද්යාල ගැන, රැග් එක ගැන. සමාජ දැනීම ගන්නෙ රැග් කරපු අයියාගෙන් නෙවෙයි.

    ReplyDelete
  11. ස්තුතියි ලිපියට.නවක වදය ගැන මොනවට තව කියනවද?
    මම රුහුණෙ.දැන් නම් අවුට්.ඒත් මේ නවක වදය නැතිකිරීම වෙනුවෙන් අපි ඒ දවස්වල කටයුතු කරපු හැටි ඔබගේ ලිපිය කියවීමෙන් නැවත මතක් වුනා.
    ඇත්තෙන්ම නවක වදය තුලින් කිසිම බැච් ෆිට් එකක් ඇතිවෙන්නේ නෑ.බැච් ෆිට් එකක් ඇතිවෙන්න නවක වදයක් ඕනෙත් නෑ.
    නවක වදය තුරන් කිරීමට අපි උතසාහ කල හැටි මගේ බ්ලොග් එකේ දාල තිබෙනවා.

    ReplyDelete
  12. රාමචන්ද්‍ර මහතා "අලයා" කියලා යොදලා තියෙන්නේ antiragger කියන අර්ථයෙන් නෙවේ කියලයි මට හිතෙන්නෙ. අනිවාර්යෙන්ම නවක ශිෂ්‍යයන්ට මුහුවෙන්න පුළුවන් වැඩසටහනක් තියෙන්න ඕන. හැබැයි ඒක කැමැත්තෙන් යොමු වෙන ක්‍රියාවක් මිස අකමැත්තෙන් යොමුවෙන ක්‍රියාවක්(නවක වදයක්) නොවිය යුතුයි.

    ReplyDelete
  13. ත්‍රිවිධ හමුදාවන්ගේත් මෙම රැග් කිරීම තදින්ම පවතිනවා. මේවාට ඇතැම් ඉහල නිලධාරීන්ගේත් අවසරය ලැබෙනවා. නැත්නම්, ඔවුන් එය නොදන්නා ලෙස සිටිනවා. මේවා නැවැත්වීමට නම්, නීති තදින්ම ක්‍රියාවේ යෙදිය යුතුයි. එහෙත්, රජයට මේවා ගැන ඕනෑ කමක් තිබෙන බව පෙනෙන්නට නැහැ.

    1985 වාගේ කාලයක ගුවන් හමුදාවේ කැඩට් වරුන් හා නිලධාරීන් ගණනාවක්, රැග් කිරීම නිසා ඉවත් කළා. එහෙත්, මේ රෝගය නැවතත් බෝ වී ඇත.

    මෙය අපේ සමාජයේ බහුලව පවතින පරපීඩක කාමුකත්වය නිසා ඇති වන්නක් බව මගේ අදහසයි. බලය ඇති තැනැත්තා දුබලයාට වද දීමෙන් වින්දනයක් ලබන බව සැම විටෙකම පාහේ දකින්නට ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, අප රජයේ කාර්යාලයකට ගියොත්, අපට කිසියම් සම්බන්ධයක් ඇති කෙනෙක් උදව් නොකලොත් එහිදී ලැබෙන පහත් සැලකිල්ලත් මෙහිම එක් අංගයක්.

    මේ ගැන දිගින් දිගටම ලිවිය හැකියි. තව දුරටත් සිතා බලනවිට අපේ සමාජයේ මානසික රෝගීන් බහුලව සිටින බවක් පෙනී යනවා. සමාජ විද්‍යාඥයන් ගේ අවධානය මෙයට යොමු විය යුතුයි.

    ReplyDelete